අඹ යාලුවෝ
Saturday, January 22, 2011
ඒ ලෙවල් කරන්න ගිය පූසෝ 2 - රොබට් ලියනගම
ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ පූසො සෙට් එක මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකට ඇතුල් වෙච්ච විදිහ. ඔන්න අද අපි කියන්න යන්නෙ පූසො ෆිසික්ස් ක්ලාස් එකට ගිය හැටි.
කලිනුත් කිව්වා වගේ අපේ යාලුවො කට්ටිය ෆිසික්ස් වලට යන්න තීරණය කළේ රොබට් ලියනගම සර්ගෙ පන්තියට. ඒ පන්තියටත් පටන් ගන්න කලින් දවසෙ ගිහින් රෙජිස්ටර් වෙමු කියලා කලින් හිතාගෙන හිටියත්, මානෙල් මැඩම්ගෙ පන්තියෙදි සිද්ද වෙච්ච අකරතැබ්බෙ නිසා පූසො තීරණය කළාලු කලින්ම ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න. ඉතිං කලින් බැච් එකේ කට්ටියගෙන් විස්තර අහලා බැලින්නං රොබට් සර් කියන්නෙ ගොඩක් සැර, වැරැද්ද පෙන්නන්න බැරි චරිතයක් කියලා තමයි අපේ යාලුවන්ට ආරංචි වුණේ. ඒ වගේම ක්ලාස් එකේ දිගටම ඉන්නත් පුලුවන් හොඳට බැනුම් අහන්න ටැලන්ට් එකක් තියෙන ළමයින්ට විතරයිලු.
කොහොමහරි ඉතිං අපේ පූසො කට්ටියත් මේ විස්තර අහගෙන, පන්ති පටන් ගන්න සතියකට විතර කලින් ගියාලු රොබට් සර්ගෙ ක්ලාස් එකට ඇතුල් වෙන්න. මේ පන්තිය තිබුනෙ ගම්පහ-කොළඹ පාර අයිනෙමයි. බලාගෙන යද්දි ජීවිතේට පේන්ට් පාරක් දීලා නැති, මහ පාලු පාටක් තියෙන බිල්ඩිමක තමයි ක්ලාස් එක තියෙන්නෙ. ඉතිං අපේ යාලුවො යද්දි, මානෙල් මැඩම්ගෙ ක්ලාස් එකට තරම්ම නැතිවුණත්, රොබට් සර්ගෙ ක්ලාස් එක ගාවත් සැලකිය යුතු මට්ටමේ ළමයි සෙට් එකක් රෙජිස්ටර් වෙන්න ඇවිල්ලා හිටියලු. අපේ පූසන්ටත් වුණේ ඉතිං තමන්ගෙ වාරෙ එනකං පෝලිමට වෙලා බලාගෙන ඉන්න.
මේ ෆිසික්ස් ක්ලාස් එකට සමහර ළමයි, විශේෂයෙන් ගෑණු ළමයි, ඇවිල්ලා හිටියෙ අම්මලා තාත්තලත් එක්ක. ගොඩක් කොල්ලොනං ඇවිල්ලා හිටියෙ පූසො වගේම තනියම. මේ ඇවිත් හිටපු කට්ටිය අතරෙ අඳුරන ළමයිනුත් කීපදෙනෙක් හිටියා. අපේ කතාවල ඉස්සරහට හම්බවෙන ඉස්සා, විශ්වග්‍රාත් මැක්නාත් වගේ කට්ටිය හිටියෙ පූසන්ට වඩා පෝලිමේ පිටිපස්සට වෙන්න.
රොබට් ලියනගම සර් හිටියෙ ක්ලාස් එක ඇතුලෙ හින්දා එලියෙ හිටපු කට්ටියට සර්ව පෙනුනෙ නෑ. හැබැයි සර්ගෙ වොයිස් එකනං ඒ අවට හිටපු හැමෝටම හොඳට ඇහුනා. ටික වෙලාවක් යද්දි අපේ යාලුවන්ට තේරුනාලු මෙතන මොකක්හරි ලොකු අප්සට් කේස් එකක් තියනවා කියලා. මොකද ආපු වෙලාවෙ ඉඳලාම කට්ටියට ඇහෙන්නෙ රොබට් සර් එක එක්කෙනාට බනින සද්දෙ. පෝලිමේ ඉස්සරහා ඉන්න කට්ටියත් බයවෙලා වගේ ඉන්නෙ. ඒ මදිවට රෙජිස්ටර් වෙලා එළියට එන කට්ටිය මූණු ඇඹුල් කරගෙන තමයි එළියට එන්නෙ. දැන් පූසන්ට හිතාගන්න බෑ මොකද්ද මේ තමන්ට කලින් පෝලිමේ ඉන්න කට්ටිය කරන වැරැද්ද කියලා.
කොහොමහරි ඉතිං ටික වෙලාවකින් අපේ යාලුවන්ට පුලුවන් වුණා රොබට් සර්ව පේන මට්ටමට ඉස්සරහට එන්න. ඒ කියන්නෙ දැන් කට්ටිය ඉන්නෙ පන්තිය ඇතුලෙ. ඉතිං පන්තිය ඇතුලට ගියාම තමයි පූසො සෙට් එක දැක්කෙ ක්ලාස් එකේ නියම ස්වභාවය. මුලු පන්තිය පුරාම දූවිලියි, හුණු කුඩුයි වලින් පිරිලා. ඒ මදිවාට වහලෙයි, හැම මුල්ලක්මයි මකුලු දැල් බැඳලා. මකුලු දැල් වල දූවිලි බැඳිලා ඒවා ඈතට පේන්නෙ දම්වැල් වගේ. හරියට නිකං හොල්මන් මන්දිරේක ලුක් එකක් තමයි ක්ලාස් එකේ තියෙන්නෙ.
ක්ලාස් එකේ ඈත කොනක රොබට් සර් ඉන්නවා ළමයින්ටයි, අම්මලාටයි බැන බැන. සර්ගෙ මූණෙ බාගයක්ම හුණු වලින් වැහිලා. හරියට වෙස් මූණක් දාලා වගේ. ඉතිං මේක දැකපු අපේ ඤාව්වාට "බකස්" ගාලා හිනා ගියාලු. හොඳ වෙලාවට රොබට් සර්ට මෑන්ස්ගෙ හිනාව ඇහුනෙ නෑ. ඇහුනනං ඉතිං ගහලා ක්ලාස් එකෙන් එලවනවා ෂුවර්. පස්සෙ තමයි සර්ගෙ මූණෙ හුණු ගෑවෙන හේතුව කට්ටිය හොයාගත්තෙ. රොබට් සර්ගෙ පුරුද්දක් තමයි හැමතිස්සෙම දකුණු අත කම්මුලට තියාගෙන ඉන්න එක. ඉතිං සර් බෝඩ් එකේ හුණු වලින් ලියන්නෙත් දකුණු අතින් හින්දා සර්ගෙ නිකටෙයි, දකුණු කම්මුලෙයි හැම තිස්සෙම හුණු ගෑවිලා තමයි තියෙන්නෙ.
මේ අස්සෙ සර්ගෙ බැනුම් සද්දෙ අහලා උපාසකයි, මාලුකට්ටායි බයවෙලා. මේ දෙන්නා දැන් පුරුපුරුටයි, ඤාව්වාටයි බර බරේ දානවලු ආපහු හැරිලා යමු කියලා. ඒ වුණාට පුරුපුරුගෙ අයිඩියා එන වුණේනං මෙච්චර වෙලා හිටපු එකේ බැනුනුත් අහලා, රෙජිස්ටරුත් වෙලාම ගියානං හොඳයි කියන එක.දැන් ඉතිං මේ වෙද්දි පූසො සෙට් එක ඉස්සරහින් ළමයි දෙන්නයි ඉන්නේ.
මුලින්ම හිටියෙ අම්මා එක්ක ආපු ගෑනු ළමයෙක්
රොබට් සර් :- දැන් බලන්න ඔය ළමයා ඇවිත් ඉන්නෙ අම්මත් එක්ක. මොකද තනියම එන්න බැරි? තමන්ගෙ පෞරුෂත්වෙ ලොකු අඩුවක්, අන්න ඒකයි. මේවට ගොඩක්ම වග කියන්න ඕනෙ අම්මලයි, ඕ ලෙවල් ගුරුවරුයි. ඇත්තටම මට ඔය ඕ ලෙවල් ගුරුවරු අහුවුණොත් මේ පන්තියට ගෙනල්ලා බාල්කෙ එල්ලනවා. හිතාගෙන ඉන්නෙ භෞතික විද්‍යාව හැමෝටම කරන්න පුලුවන් විශයක් කියලද? මේක දක්ෂයාගේ විද්‍යාව. කම්මැලි ගෑනු ළමයින්ට මොන ෆිසික්ස්ද? කුස්සියට වෙලා අම්මට උදව් දීගෙන හිටියනං මීට වඩා හොදයි.
දැන් ඉතිං සර්ගෙ ටෝක්ස් අහලා අර අම්මගෙයි දුවගෙයි මූණු බෙරි වෙලා ගිහිල්ලා. කොහොමහරි තව ටික වෙලාවක් බැනලා, විස්තර එහෙම අහලා, ඒ ගෑනු ළමයාව සර් ක්ලාස් එකට ගත්තා. දැන් ඉතිං පූසන්ගෙ හිතට ටිකක් ෆිට්. මොකද පූසො අම්මලත් එක්ක නෙවෙයිනෙ ආවෙ. ඒ කියන්නෙ අපේ යාලුවන්ගෙ පෞරුෂය ගොඩක් හොඳයි. ඉතිං ඊට පස්සෙ හිටියෙ තනියම ආපු කොල්ලෙක්. රොබට් සර් ඊටපස්සෙ කළේ මෑන්ස්ගෙ විස්තර අහලා පොරටත් බනින්න පටන් ගත්ත එක.
රොබට් සර් :- දැන් බලන්න ළමයෝ, ඔය ළමයා ඇවිත් ඉන්නෙ තනියමනෙ. මොකද ගෙදරින් හොයන්නෙ බලන්නෙ නැද්ද? දෙමව්පියන්ගෙයි, ඕ ලෙවල් ගුරුවරුන්ගෙයි කිසිම වගකීමක් නෑ ළමයි ගැන. ඔහොම කොහොමද උසස්පෙළ කරන්නෙ. මේක නිකං විද්‍යාව නෙවෙයි, අයින්ස්ටයින් මහත්තයගෙ භෞතික විද්‍යාව. දක්ෂයා කඩාගෙන ඉදිරියට යනවා. කම්මැලියා හෝදගෙන යනවා. සිංහලයා කවදත් කම්මැලියා. සිංහලයාට මොන භෞතික විද්‍යාවද?
දැන් ඉතිං අර මෑන්ස්ට ඇඬෙන්න වගේ. කොහොමහරි ඉතිං දීර්ඝ බණ දේසනාවකට පස්සෙ පොරවත් ක්ලාස් එකට ඇතුල් කරගත්තා. දැන් ඉතිං අපේ පූසො කට්ටියගෙ කකුල් ටික මැන්ඩලින් ගහනවා වගේලු. මොකද ඊළගට ඉන්නෙ අපේ යාලුවො කට්ටිය. එක ළමයෙක්ට අම්මත් එක්ක ආවයි කියලා බැන්නා. අනිත් ළමයාට අම්මලා නැතුව ආවයි කියලා බැන්නා. දැන් ඉතිං පූසන්ට ෆුල් නස්තාර් වෙලා ඉන්නෙ මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.
රොබට් සර් :- තමුන්ගෙ ඉස්කෝලෙ කොහෙද?
පුරුපුරු :- කුරුඳුවත්ත විද්‍යාලය
උපාසක :- කුරුඳුවත්ත විද්‍යාලය
ඤාව්වා :- ලොකුනම විද්‍යාලය
මාලුකට්ටා :- කුරුඳුවත්ත විද්‍යාලය
අපේ යාලුවො කට්ටිය බයේ ගැහි ගැහි උත්තර දුන්නලු.
රොබට් සර් :- ආ...කුරුඳුවත්ත. බලනවා තමුන් කරපු කැත වැඩේ. තමුන් මගෙ ඉස්කෝලෙ කෑවා. නොසන්ඩාල වැඩ කළා මදිවට සීඩී ගහලා ලංකාව පුරා බෙදුවා නේද? අපි ඉස්කෝලෙ ගියෙ එක්දහස් නමසිය පනස් ගනන් වල. ඒ දවස්වල ඉස්කෝලෙ ටයි එක දාලා ජොබ් ඉන්ටවීව් එකකට ගියොත් කවුරුත් නොගෙන ඉන්නෙ නෑ.
දැන් ඉතිං පූසන්ට ෆුල් අබ්ලික් මොනවද මේ මනුස්සයා කියන්නෙ කියලා. මොන සීඩීද? ටික වෙලාවකින් තමයි කට්ටියට වැඩේ මීටර් වුණේ. ඔය කාලෙ වෙද්දි ඉස්කෝලෙට බ්ලැක් මාර්ක් එකක් වෙච්ච සිද්දියක් රට පුරා ආන්දෝලනේට පත්වෙලයි තිබුනේ. රොබට් සර් මේ කතා කරන්නෙ ඒක ගැන. කොහොමහරි පූසන්ටනං කලින් දෙන්නට තරම් බැනුම් අහන්න වුණේ නෑ. ටික වෙලාවක් බණ දේසනා කරලා සර් අපේ යාලුවො කට්ටියවත් ක්ලාස් එකට ගත්තා. එදා ගෙදර යද්දි පිස්සු ඩයල් එකක් කියලා බැන බැන ගියත් පස්සෙ තමයි තේරුනේ සර් කොච්චර හොද මනුස්සයෙක්ද කියලා.
රොබට් සර්ගෙ මෙතඩ් එක වුණේ මුලින්ම පන්තියට එන ළමයි පුලුවන් තරම් බය කරලා ඒ අයව පන්තියෙන් හලන එක. එතකොට ක්ලාස් එකේ ඉතුරු වෙන්නෙ කාගෙන ඉන්න පුලුවන් ළමයි විතරයි. ඒක තමයි ක්ලාස් එකට ගනිද්දියි, මුල් දවස් ටිකෙයි සර් ළමයින්ට බනින්නෙ. කොහොමහරි ඉතිං අන්තිම වෙනකං ක්ලාස් එකේ ඉතුරු වෙන කට්ටිය හොඳට පාස් වෙනවා.
අපේ පූසො මුල් දවස්වල ක්ලාස් එකට ගියෙම ඉගෙනගන්න නෙවෙයි, සර් අපේ සමාජෙ ඉන්න එක එක්කෙනාට බනින හැටි අහගෙන ඉන්න. ඒවා මතක් කර කර පැය ගානක් වුණත් හිනා වෙන්න පුලුවන්. හැබැයි පස්සෙ පස්සෙ සර් බනින පුරුද්ද ටිකක් අඩු කළා. අපේ පූසන්ට එතකොට තමයි පන්තිය එපා වුණේ. ඊට පස්සෙ මාලුකට්ටා හිස්සැල්ල සර්ගෙ පන්තියට ගියා. අනිත් පූසො බ්ලැක්ඔෆිසර්ගෙ පන්තියට ගියා. රොබට් සර්ගෙ කතා ගැනනං ගොඩක් දේවල් ලියන්න තියනවා. ඒත් ඒවා කියවන, සර් ගැන නොදන්න යාලුවො වැරදි අවබෝධයක් ගන්න පුලුවන් හින්දා අපි මෙතනින් නවත්තන්නංකෝ...
ප.ලි - ඔන්න අපි බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. දැන් කලින්ට වඩා ඉක්මනට පේජ් එක ලෝඩ් වෙනවා වගේ තමයි පේන්නෙ. ඇඳුම ගැන ඔයාලගෙ අදහස් දැනගන්නත් පූසො ආසයි.
Labels:
උපාසක,
ඤාව්වා,
පුරු පුරු,
මාළු කට්ටා,
මැක්නාත්
Wednesday, January 19, 2011
ඒ ලෙවල් කරන්න ගිය පූසෝ
අපේ චංචලා සීරීස් එක යාලුවො හොදට රස විඳින්න ඇති කියලා හිතනවා. ඉතිං අද අපි කියන්න යන්නේ අපේ පූසන්ගෙ ඒ ලෙවල් ලයිෆ් එකේ පටන් ගැනීම ගැන. මුලින්ම කියන්න ඕනෙ, පූසො සෙට් එකේ හැමෝම කලින්ම තීරණය කරලයි තිබුනේ ඒ ලෙවල් වලට සයන්ස් සබ්ජෙක්ට්ස් කරන්න ඕනෙයි කියලා. ඉතිං ඕ ලෙවල් ඉවරවෙලා වැඩි දවසක් යන්න කලින් සයන්ස් ටියුෂන් ක්ලාස් පටන් ගන්නවයි කියලා ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද? ඒ හින්දා අපේ පූසන්ටත් ආෆ්ටර් ඕ ලෙවල් ගොඩක් දිග නිවාඩුවක් හම්බවුණේ නෑලු.
සාමාන්‍යයෙන් සයන්ස් කරන ළමයි දන්නවා, තමන්ට ආර්ට් හරි කොමර්ස් හරි කරන ළමයෙක්ට තරම් නිදහසක් ඒ ලෙවල් කාලෙදි ලැබෙන්නෙ නැහැයි කියලා. ඒ වගේම සාපේක්ෂව වැඩියෙන් මහන්සි වෙන්න, පාඩම් කරන්න එහෙමත් ඕනෙ. ඉතිං අපේ පූසොත් ඔය බව දැනගෙන තමයිලු වැඩේ පටන් ගත්තෙ. ඒ හින්දා ඕ ලෙවල් ඉවර වුණාම කට්ටියම එකතුවෙලා සාකච්ඡා කළාලු මොන මොන පන්ති වලටද යන්න ඕනෙ කියලා.
පුරුපුරුයි, මාලුකට්ටායි කළේ බයෝ සයන්ස්. ඤාව්වායි, උපාසකයි කළේ මැත්ස්. මොනවා වුණත් ඉතිං කට්ටියම කෙමිස්ට්‍රියි, ෆිසික්සුයි කරන්න ඕනෙ නොවැ! ඉතිං මුලින්ම අපේ යාලුවන්ගෙ සාකච්චාවට භාජනය වුණේ යන්න ඕනෙ කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් ක්ලාස් ගැනලු. කොහොමහරි දිග ඩිස්කෂන් එකකින් පස්සෙ කට්ටිය තීරණය කළේ කෙමිස්ට්‍රි වලට මානෙල් මැඩම්ගෙ පන්තියට යන්නයි, ෆිසික්ස් වලට රොබට් ලියනගම සර්ගෙ පන්තියට යන්නයි. මේකට හේතු කීපයක් බලපෑවා.
මුලින්ම, මේ පන්ති දෙකම තිබුනෙ ගම්පහ නගරෙ. ඉතිං පූස්ගම හිටපු පූසන්ට කොළඹ හරි නුගේගොඩ හරි යන එකට වඩා ගොඩක් පහසුයි ගම්පහ ක්ලාස් යන එක. ඊළග කාරනේ තමයි පන්ති දෙකේම ස්ටෑන්ඩර්ඩ් එක සාපේක්ෂව හොද වීම. මොකද හැම අවුරුද්දෙම මේ පන්ති දෙකෙන් තමයිලු ගම්පහ හොදම ප්‍රතිඵල පෙන්නන්නෙ. ඇරත් පන්තියට ආවාට ගියාට ළමයින්ව ඇතුලත් කරගන්නෙත් නෑලු. හොදට හොයලා බලලා තමයිලු ළමයි ඇතුලත් කරගන්නෙ. අන්තිම කාරනේ තමයි ක්ලාස් ෆීස් ගොඩක් ලාබදායක වෙච්ච එක. මොකද ලියනගම සර්රුයි, මානෙල් මැඩමුයි දෙන්නාම රස්සාවකටත් වඩා විනෝදාංශයක් විදිහටලු ක්ලාස් කළේ.
ඉතිං ඔය කලින් කියපු විස්තර ටික හොයාගත්තෙ කලින් අවුරුදුවල මේ පන්ති වලට ගිය අයියලා අක්කලාගෙන්. ඒ වගේම ඒ ගොල්ලන්ගෙන් පූසන්ට උපදෙස් ලැබුනා පුලුවන්තරම් ඉක්මනට ගිහින් ක්ලාස් වලට රෙජිස්ටර් වෙන්න කියලා. හැබැයි ඒ උපදෙසනං අපේ යාලුවො සෙට් එක එච්චරම ගනන් ගත්තෙ නෑ. කොහොමහරි මුලින්ම පටන්ගන්න නියමිත වෙලා තිබුනෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක. ඉතිං පුරුපුරුයි, ඤාව්වායි, උපාසකයි ක්ලාස් පටන්ගන්න දවසකට කලින් ගියාලු රෙජිස්ටර් වෙන්න කියලා. එදා මොකක්හරි වැඩක් සෙට් වෙලා මාලුකට්ටාට එන්න විදිහක් තිබුනෙ නෑ.
ක්ලාස් එකට ගියාට පස්සෙ තමයි කට්ටියට තේරුණේ ඒ ලෙවල් කියන්නෙ ඕ ලෙවල් වලට වඩා ගොඩක් තරගකාරී විභාගයක් නේද කියලා. ඔය පන්තිය තිබුනෙ මැඩම්ගෙ ගෙදරමයි. ඉතිං අපේ පූසො රෙජිස්ටර් වෙන්න යද්දි, මැඩම්ගෙ ගෙදර ගේට්ටුව ගාව ඉදලා ක්ලාස් එක තියන තැනට යනකංම දිග පෝලිමක්ලු. බැලින්නං පෝලිමේ ඉන්නෙ පන්තියට ඇතුලත් වෙන්න ආපු ළමයිනුයි, ඒ අයව එක්කගෙන ආපු අම්මලා තාත්තලායි. ඉතිං මේක දැක්ක පූසන්ට තරු විසිවුණාලු. මොකද සෙට් එකේ කවුරුවත් ගෙදරින් අම්මලාව එක්කගෙන ඇවිත් තිබුනෙ නෑ. දැන් කට්ටියම පෝලිමේ අගට වෙලා ඉන්නවලු බයේ ගැහි ගැහී.
පස්සෙ දැනගත්ත විදිහට මැඩම් එක බැච් එකකින් පන්ති තුනක් කරනවලු. ඒ සෙනසුරාදා උදේ, හවස සහ අඟහරුවාදා හවස. ඉතිං එක පන්තියට ළමයි 75-80 ක් විතර තමයි ගන්නෙ. එහෙම බැලුවාම පන්ති තුනේම ඉන්නෙ ළමයි 230 ක් විතර. ඉතිං මැඩම්ට තිබුන ප්‍රසිද්දිය හින්දා ඒ පැතිවල ගොඩක් ළමයි මේ ක්ලාස් වලට එන්න ට්‍රයි කරනවලු. අන්තිමට වෙන්නේ ඉල්ලුමට අනුව සැපයුම නැති හින්දා ගොඩක් ළමයින්ට ක්ලාස් එකට එන්න ඉඩ මදි වෙන එක. ඉතිං මැඩමුත් මේ ගැන දන්න හින්දා කරන්නෙ පුලුවන් තරම් දක්ෂම ළමයින්ව ක්ලාස් එකට ගන්න උත්සාහ කරන එක.
ඒත් ඉතිං ළමයින්ගෙ දක්ෂකම මනින්නෙ කොහොමද? මේ වෙද්දි ඕ ලෙවල් රිසාල්ට්ස් ඇවිල්ලා නැති හින්දා එහෙම බලන්නත් බෑ. ඉතිං මැඩම් කරන්නෙ කලින් රෙජිස්ටර් වෙන්න ආවොත් ඒ උනන්දුව තියෙන දක්ෂ ළමයෙක් කියලා සලකලා, ඕනෙම ළමයෙක්ව ක්ලාස් එකට ඇතුල් කරගන්න එකලු. ඒක තමයි අයියලා අක්කලා පූසන්ට කියලා තියෙන්නෙ පුලුවන් තරම් ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙන්න කියලා. කොහොමහරි පූසො කට්ටිය ගොඩක් වෙලා පෝලිමේ ඉදලා රෙජිස්ටර් වෙන තැනට යනකොටත් ක්ලාස් තුනේම ඉතුරුවෙලා තිබුනෙ වේකන්සි කීපයක් විතරයි.
මානෙල් මැඩම් :- පුතාලා කොහෙද පදිංචිය?
පුරුපුරු :- පූස්ගම
උපාසක :- පූස්ගම මැඩම්
ඤාව්වා :- අපි පූස්ගම මැඩම්
මානෙල් මැඩම් :- එතකොට කොහෙද ඉස්කෝලෙ යන්නෙ?
පුරුපුරු :- කුරුඳුවත්ත විද්‍යාලය
උපාසක :- කුරුඳුවත්ත විද්‍යාලය
ඤාව්වා :- ලොකුනම විද්‍යාලය
මානෙල් මැඩම් :- ආ එහෙනං ප්‍රශ්නයක් නෑ. තව ටිකයි අපිට ඉඩ ඉතුරුවෙලා තියෙන්නෙ. එහෙනං පුතාලා සෙනසුරාදා උදේ ක්ලාස් එකට එන්නකෝ
මැඩම් එහෙම කිව්වාට පස්සෙ අපේ පූසො කට්ටිය ඇඩ්මිෂන් ෆීස් එහෙමත් ගෙවලා එතනින් එන්න ආවා. හොද වෙලාවට ගෙදරින් එක්කගෙන ආපු නැති එක ප්‍රශ්නයක් වුණේ නෑ. වැඩේ ඔක්කොම හොදින් ප්‍රශ්නයක් නැතුව කෙරුනා. දැන් කට්ටියට තියෙන එකම ප්‍රශ්නෙ තමයි මාලුකට්ටාට ක්ලාස් එකේ ඉඩ තියෙයිද නැද්ද කියන එක. මොකද ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න අදාල ළමයාම එතනට එන්න ඕනෙ. ඇරත් මාලුකට්ටා වෙනුවෙන් ගෙවන්න සල්ලි අනිත් පූසො ළග තිබුනෙත් නෑ. ඉතිං පහුවදා උදේ ක්ලාස් පටන් ගනිද්දි මෑන්ස් ආවාට, ක්ලාස් එකේ ඉඩ තියෙයිද නැද්ද කියලා කිසිම ෂුවර් එකක් නෑ.
ඉතිං පුරුපුරු ගෙදර ගිය ගමන්ම කළේ මාලුකට්ටාට කෝල් එකක් දීපු එක. එදා දවසෙ සිද්දවෙච්ච දේවල් ඔක්කොම මාලුකට්ටාට කියපු පුරුපුරු කළේ, පහුවදා පුලුවන්තරම් උදේ ගිහින් ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න කියලා මෑන්ස්ට උපදෙස් දුන්න එක. මාලුකට්ටාත් ඉතිං විස්තරේ අහලා බයවෙලා, පහුවදා උදෙන්ම ක්ලාස් එකට එන්න හිතාගත්තලු. කොහොමහරි මෑන්ස් පහුවදා ගෙදරින් පිටත්වුණේ කුකුල්ලු හඬලන්නත් කලින්. හැබැයි උදේ එළිය වැටීගෙන එද්දිම වගේ ක්ලාස් එකට ගියත්, ඒ වෙනකොටත් සෑහෙන දිග පෝලිමක් මැඩම්ගෙ ගෙදර ඉස්සරහා හැදිලා ඉවරයි.
ටික වෙලාවකින් මැඩම් එතනට ආවාට පස්සෙ තමයි කට්ටිය දැනගත්තෙ, ක්ලාස් තුනේම සම්පූර්ණ ඉඩ කලින් දවසෙ හවසම පිරිලා ඉවරවුණයි කියලා. දැන්ඉතිං මොනවා කරන්නද? සිද්දවෙච්ච අපහසුතාවය ගැන කණගාටුව පලකරපු මානෙල් මැඩම් කට්ටියට කිව්වලු එක්කෙනෙක්වත් ක්ලාස් එකට ගන්න බෑ කියලා. ඉතිං පෝලිමේ හිටපු ළමයිනුයි, අම්මලා තාත්තලායි කළේ ආපහු හැරිලා ගිය එක. හැබැයි අපේ මාලුකට්ටානං ඉතිං යන්න කලින් අනිත් පූසන්වත් හම්බවෙලාම යනවයි කියලා හිතාගෙන ටික වෙලාවක් එතනට වෙලා හිටියලු. මොකද මේ වෙද්දි ගොඩක් උදේ පාන්දර හින්දා අනිත් පූසො ක්ලාස් එකට ඇවිත් හිටියෙ නෑ.
ඉතිං මාලුකට්ටා මෙහෙම ඉන්නකොට පාර පැත්තෙ ඉදලා කවුද අංකල් කෙනෙක් පාන් ගෙඩියකුත් උස්සගෙන මැඩම්ගෙ ගේ පැත්තට ආවලු. අපේ පූසා ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා දැකපු අංකල් ඊටපස්සෙ කළේ මෑන්ස් එක්ක ටෝකක් දාන එක. බැලින්නං මේ ඈවිල්ලා ඉන්නේ මානෙල් මැඩම්ගෙ හස්බන්ඩා අංකල්.
අංකල් :- ආ පුතා, උදෙන්ම ක්ලාස් ඈවිල්ලා වගේ. හොදයි හොදයි. අද පළවෙනි දවසනෙ නේද?
මාලුකට්ටා :- ආ...නෑ අංකල්, මම මේ යාලුවො කට්ටියක් එනකල් ඉන්නෙ. මැඩම් මාව ක්ලාස් එකට ගත්තෙ නෑ. ක්ලාස් එකේ ඉඩ මදිලුනෙ
අංකල් :- ආ ඈත්තද පුතා. අපරාදෙනෙ. පුතා කලින් ආවනං වැඩේ හරි. ඒක නෙවෙයි, පුතාගෙ ගෙවල් කොහෙද?
මාලුකට්ටා :- මම දේවගම ඉන්නෙ අංකල්
අංකල් :- අම්මෝ! සෑහෙන දුර ඉදලානෙ පුතා ඈවිත් තියෙන්නෙ. පුතාව ආපහු හරවලා යවන එක හරි නෑ. මම එනකං පොඩ්ඩක් මෙතෙන්ට වෙලා ඉන්නකෝ.
මෙහෙම කියපු අංකල් ගේ ඈතුලට ගිහින් ක්ලාස් එකට ළමයි ඈතුලත් කරන රෙජිස්ටර් එක ගෙනාවලු. ඔටපස්සෙ අංකල් කළේ මාලුකට්ටාගෙ විස්තර අහලා මෑන්ස්ව ක්ලාස් එකේ රෙජිස්ටර් කරපු එක. හැබැයි දැන් ක්ලාස් එකේ ළමයි 76 දෙනෙක් ඉන්නවා. ඒත් වාඩිවෙන්න ඉඩ තියෙන්නෙ ළමයි 75 දෙනෙක්ට විතරයි.
අංකල් :- පුතා මැඩම්ට කියන්න ඕනෙ නෑ පුතාව ක්ලාස් එකට ගත්තෙ මම කියලා. ඈහුවොත් කියන්න මැඩම්ම තමයි ඔයාව රෙජිස්ටර් කළේ කියලා. දැන් ඉතිං අපි වයසක මිනිස්සුනෙ. ඉස්සර වගේ මතකයත් එච්චර හොද නෑ.
මෙහෙම කියලා හිනාවෙච්ච අංකල් ගේ ඈතුලට ගියාලු. කොහොමහරි අන්තිමට ඔය සිද්දිය එච්චරම ඉෂූ එකක් වුණේ නෑ. මොකද මාලුකට්ටාගෙ තියෙන කෙට්ටුකමට මෑන්ස් වාඩිවුණාට පස්සෙත් ක්ලාස් එකේ තිබුන ඉඩේ කිසිම වෙනසක් වුණේ නෑ. පස්දෙනෙක් වාඩිවෙන්න පුලුවන් ඩෙස්ක් එකේ මාලුකට්ටාත් එක්ක හය දෙනෙක් වාඩි වුණත් යන්නෙ අර කලින් ගිය ඉඩ ප්‍රමාණයමයි. ඉතිං මැඩම්ටත් සිද්දිය මීටර් වුණේ නෑ. අන්තිමට ඉතිං පූසො හතරදෙනාටම පුලුවන් වුණා තමන් හිතපු විදිහටම මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකට ඈතුල් වෙන්න.
එදා ඉඳලා මැඩම්ගෙ හස්බන්ඩා අංකල් පුසන්ගෙ සිරා ෆිට් එකක් වුණා. පූසොත් ක්ලාස් ඇවිල්ලා මැඩම්ගෙ වත්තෙ තියෙන පළතුරු ගස් ටික පවා සුද්ද කරලා යන්න පුරුදු වුණා. ඉතිං අපි ඊළග ලිපියෙන් බලමුකෝ ෆිසික්ස් ක්ලාස් එකේදි අපේ යාලුවන්ට මොකද වුණේ කියලා.
Friday, January 14, 2011
චංචලා - 8 (සමාවෙන්න උපාසක)
අපි කලින් ලිපිය ඉවර කළේ උපාසක චංචලාගෙන් නාමල්ට කෝල් කරපු සිද්දිය අහන්න තීරණය කරපු වෙලාවෙ නොවැ! ඉතිං එතන ඉඳලා අපි කතාව කියන්නං යාලුවනේ
දැන් ඉතිං උපාසකයි චංචලායි පූස්ගම - ගම්පහ බස් එකේ එනවා. මේ වෙද්දි චංචලා බහින තැනත් ළගයි. ඉතිං අපේ උපාසකගෙ සූදානම චංචලාගෙන් නාමල් ගැන අහන්න. උපාසකට හිත හදාගෙන චංචලාගෙන් මේ ගැන අහන්නත් බෑ. ඒ වුණාට මේ ගැන අහන්නෙ නැතුව ඉන්නත් බෑ. අන්තිමට හිත හයිය කරගත්තු උපාසක තමන්ගෙ කටහඬ අවදි කළාලු.
උපාසක :- චංචලා...
චංචලා :- ඇයි උපාසක?
උපාසක :-ඔයා ඊයෙ රෑ නාමල් එක්ක ෆෝන් එකෙන් කතා කළා නේද?
දිගටම මිනිහත් එක්ක මැසේජ් කළා නේද?
ඇයි ඔයා මට ඒ ගැන කිව්වෙවත් නැත්තෙ?
දැන් උපාසක මේ විදිහට ප්‍රශ්න පෝලිමක්ම අහගෙන අහගෙන යනවලු. චංචලා ඇස් දෙකත් ලොකු කරගෙන උපාසක දිහා පුදුමෙන් බලාගෙන ඉන්නවලු. චංචලාට හිතාගන්න බෑ උපාසක මේ දේවල් දැනගත්තෙ කොහොමද කියලා. ටිකක් වෙලා මෙහෙම බයවෙලා වගේ හිටපු චංචලා එකපාරටම බස් එක මැද්දෙ අඬන්න පටන් ගත්තලු. ඊටපස්සෙ තමන් බස් එකෙන් බහින තැනට එනකල්ම චංචලා කළේ දිගටම අඬපු එක. බස් එකෙන් බහිද්දි තමයි එයා ඊට පස්සෙ උපාසක එක්ක කතා කළේ. ඒත් වචන දෙකයි
" සමාවෙන්න උපාසක "
මෙහෙම කියපු චංචලා ඉක්මනින් බැහැලා ගියාලු. ඒ කියපු දේට දෙන්න උත්තරයක් උපාසක ළග තිබුනෙ නෑ. මෑන්ස් නිකම්ම චංචලා දිහා බලාගෙන හිටියා විතරයි.
එදා ගෙදර ගියාමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලයි කියලා. ඉතිං අපේ පූසා කළේ ආපහු බස් එකක නැගලා තාත්තා බලන්න හොස්පිට්ල් එකට ගිය එක. මේ අතරේ චංචලා කීප සැරයක් උපාසකට කෝල් කරන්න හැදුවත් උපාසක ඒ කෝල් ආන්සර් කළේ නෑ. ඇත්තටම මෑන්ස්ට චංචලා එක්ක කතා කරන්න තරම් මානසික මට්ටමක් ඒ වෙනකොට තිබුනෙ නෑ.
හොද වෙලාවට උපාසකගෙ තාත්තාට බරපතල අසනීපයක් හැදිලා තිබුනෙ නෑ. ඉතිං පහුවදා උදේම ටිකට් කපලා තාත්තාව ගෙදර එක්කගෙන එන්න පුලුවන් වුණා. ඊටත් පස්සෙ තමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වුණේ මොකද කියලා. ඉතිං තාත්තා තමන් හින්දා අසනීප වුණා කියලා දැනගත්තාට පස්සෙ මෑන්ස්ගෙ හිතේ තිබුන අප්සට් එක දෙගුණ තෙගුණ වුණාලු. ඊටපස්සෙ උපාසක කළේ ඕන දෙයක් වෙච්චාවෙ කියලා චංචලාට කෝල් කරපු එක.
ඉතිං උපාසක කෝල් කරපු වෙලාවෙ චංචලා එයාට වෙච්ච හැමදේම කියන්න පටන් ගත්තලු. මාස කීපෙකට ඉස්සෙල්ලා ගම්පහ බස්ටෑන්ඩ් එකේදි නාමල්ව මුණගැහිච්ච හැටි, නාමල් චංචලාගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන එදා ඉඳලා චංචලා එක්ක කතා කරපු හැටි, කලින් දවසෙ රෑ පැයකටත් වඩා නාමල් කෝල් කරපු හැටි, ඔය වගේ ගොඩක් දේවල් චංචලා උපාසකට කිව්වලු. මේ ඔක්කොම කතා අහගෙන හිටපු උපාසක චංචලාගෙන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි
" දැන් ඔයාට ඕනෙ මාවද, නැත්තං නාමල්වද? "
උපාසක අහපු මේ ප්‍රශ්නෙට චංචලා කිසිම උත්තරයක් දුන්නෙ නෑ. ඉතිං ඒ නිශ්ශබ්දතාවය ඇතුලෙ හරිම පැහැදිලිව චංචලාගෙ උත්තරේ තියෙනවා කියලා තේරුම් ගත්තු අපේ පූසා කළේ කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකට දාපු එක.
එදා ඉඳලා දවස් දෙක තුනක්ම දිගටම කල්පනා කරපු උපාසක අන්තිමේදි තීරණයක් ගත්තලු. තාත්තා අසනීප වුණෙත් තමන් හින්දා. ඉතිං මෙහෙම ගියොත් අන්තිමට තමන්ට චංචලායි, දෙමව්පියොයි කට්ටියවම නැති වෙනවයි කියලා තේරුම් ගත්තු පූසා තීරණය කළාලු චංචලාව හිතින් අමතක කරලා දාන්න.
ඒත් ඊටපස්සෙ සිද්දවුණේ තවත් උපාසක නොහිතපු දෙයක්. මේ තීරණය අරගෙන දවසකට පස්සෙ චංචලා හදිසියෙම උපාසකට කෝල් එකක් දුන්නලු. කෙටියෙන් කියනවානං
සිද්දවුණ දේවල් ගැන තමන් ගොඩක් දුරට හිතපු බවත්,
තමන් ලොකු වැරැද්දක් කරපු වග තේරුම් ගත්තු බවත්,
ආයි තමන් එක්ක කතා කරන්න එපා කියලා නාමල්ට කිව්වා කියලාත්,
උපාසක සමාව දෙනවානං ආපහු හැම දෙයක්ම මුල ඉඳලා පටන් ගන්න කැමති බවත්
තමයි චංචලා තමන්ගෙ කෝල් එකෙන් කිව්වෙ. උපාසක මුලින් හිතාගෙන හිටියෙ චංචලාට කවදාවත් සමාව දෙන්නෙ නෑ කියලා. ඒත් චංචලා කියපු දේවල් අහලා උපාසකටත් ගොඩක් දුක හිතුනා. මොනවා වුණත් අවුරුදු ගානක් තමන් එක්ක ආදරය කරපු ගෑනු ළමයා නොවැ! ඉතිං අන්තිමට උපාසක තීරණය කළාලු චංචලාට සමාව දෙන්න.
" හරි චංචලා, මම ඔයාට සමාව දෙන්නං. මම ඔයත් එක්ක පොඩ්ඩක්වත් තරහා නෑ. ඒත් අපි දෙන්නා අතරෙ මීට පස්සෙ ආදර සම්බන්ධයක් නෑ. අපි මීටපස්සෙ යාලුවො විතරයි "
කොච්චර දුක හිතුනත් උපාසකට හිතුනෙ නෑ තමන් ගත්තු තීරණය වෙනස් කරන්න. ඒ හින්දා අවුරුදු හතරක් චංචලා එක්ක තිබුන සම්බන්දෙ නවත්තලා දාපු අපේ පූසා, ආපහු පරණ පුරුදු පිස්සු ලයිෆ් එකට එන්ටර් වුණාලු. හැබැයි ඒ ආපහු කවදාවත් කෙල්ලෙක්ව විශ්වාස කරන්නෙනං නෑ කියන තීරණයත් එක්ක................... .
හිතක් තියෙනවදත් කියල
මුකුත්ම නොදැන හිටි කාලෙක
කොහේදෝ තිබු මගෙ හිත හොයාගෙන
අයිති කරගත්ත මදිවට
යන ගමන් ඇය
ගිහින් සිත මග හලාගෙන..
මේක මේ අපේ උපාසක ඒ දවස් වල කුරුටු ගාපු එකක්ලු. ගොඩක් කල් ලග තියාගෙන ඉදල මේ ළගදි අපේ හසී නගාගෙ පොස්ට් එකක් දැකල තමයි පූසට කවිය එලියට දාන්න හිතිල තියෙන්නෙ.
නිමි.
චංචලා - 7 (නාමල් අයියා සහ නවීන තාක්ෂණය)
චංචලා 1
චංචලා 2
චංචලා 3
චංචලා 4
චංචලා 5
චංචලා 6
අපි කලින් ලිපියෙ කිව්වා වගේ 2008 අවුරුද්දෙ, අපේ උපාසක උසස් අධ්‍යාපන කටයුතුවල පහසුවට බෝඩිමක නතරවෙලයි හිටියේ. හැබැයි ඉතිං ඒක බෝඩිමක් කිව්වට බෝඩිමක්මත් නෙවෙයි, අදුරන කෙනෙක්ගෙ ගෙදරක්ලු. ඒ හින්දා උපාසකට කලින් වගේ චංචලා එක්ක කතා කරන්න චාන්ස් එකක් ලැබුනෙ නෑ. ඉතිං ඒ නිසා මේ දෙන්නා පණිවිඩ හුවමාරුවට ගොඩක් යොදාගත්තෙ කෙටි පණිවිඩ සේවය. ඇත්තටම මෙතනින් පටන් ගත්ත එස් එම් එස් වැඩේ හින්දා උපාසක අද වෙනකොට ගොඩක් වේගවත් කෙටි පණිවිඩකාරයෙක්.
කොහොමහරි මේ දවස්වල උපාසකයි චංචලායි පොඩි පොඩි අවුල් දෙක තුනකුත් දාගෙනයි හිටියේ. මොකද ඉගෙනගන්න තැන ගෑනු ළමයි එක්ක උපාසක කතා බහ කරනවාට චංචලා කැමති වුණේම නෑ. ඒත් ඉතිං තමන්ට තියෙන ආදරේටනෙ චංචලා මෙහෙම අකමැති වෙන්නෙ කියලා හිතපු උපාසක, චංචලාත් එක්ක තරහා ගන්නෙ නැතුව හිටියලු. ඔය විදිහට දෙන්නා ප්‍රශ්න පිට හිටපු දවසක තමයි උපාසකට චංචලාගෙන් හරි අපූරු මැසේජ් එකක් ආවෙ.
/ දැන් බෑනෙ අයියේ, දැන් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ /
ඉතිං මේ මැසේජ් එක දැකපු අපේ පූසාට උතුර දකුණ මාරු වුණාලු. මෑන්ස්ට හිතාගන්න බෑ මේ මොන මරාලයක්ද කඩා පාත්වෙලා තියෙන්නෙ කියලා. ඔහොම ෂොක් එකේ ඉන්නකොට තමයි චංචලා උපාසකට තවත් මැසේජ් එකක් එව්වෙ.
/ අනේ සොරි උපාසක, අයියා කෙනෙක් මගෙන් යාලුවෙන්න අහනවා. එයාට යැව්ව රිප්ලයි එක තමයි බැරිවෙලා ඔයාට ආවෙ. අනේ සොරි, මාත් එක්ක තරහා වෙන්න එපා /
හැබැයි එතකොටත් සිද්දවෙන්න ඇත්තෙ මොකද්ද කියලා උපාසකට තේරුම් යමිනුයි තිබුනේ. ඉතිං තමන් හිතපු දේ හරි කියලා කොන්ෆර්ම් කරගත්තු පූසා චංචලාට මැසේජ් එකක් යැව්වලු, මෑන්ස් එයා එක්ක තරහා නැහැයි කියලා. ඊට පස්සෙ ඉතිං දෙන්නා සුපුරුදු විදිහට කතා බහ කරන්නත් පටන් ගත්තලු. හැබැයි මෙහෙම කතා බහ කළාට මොකද, උපාසකගෙ හයවෙනි ඉන්ද්‍රිය පුරාම බ්‍රේක් ඩාන්ස් දාන්නෙ අර චංචලා එව්ව මැසේජ් එක. බැරිම තැන මෑන්ස් තීරණය කළාලු පොඩි ඩිටෙක්ටිව් මිෂන් එකක් දෙන්න ඕනෙයි කියලා.
උපාසක මුලින්ම කළේ චංචලාව හම්බවෙලා වෙනදා වගේම සාමාන්‍ය විදිහට කතා කරපු එක. මේ කතාබහේදි ෂේප් එකේ වැදගත් ඉන්ෆො ටිකක් දැනගන්න මෑන්ස්ට පුලුවන් වුණා.
චංචලාට උපාසකව හම්බවෙන්න කලින් ලව් එෆෙයාර් එකක් තිබිලා තියනවා
ඒක හැබැයි මාස හයකට වඩා තිබිලා නෑ
යාලුවෙලා හිටපු කොල්ලාගෙ නම තමයි "නාමල්"
මෑන්ස් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල්
දැන් චංචලාගෙන් යාලුවෙන්න අහන්නෙත් පොරමයි
ඒ වගේම උපාසකට තේරුණාලු චංචලාට ටික දවසක ඉදලා නාමල් අයියා එක්ක මොනවාහරි කන්ටෑක්ට්ස් තියනවා කියලා. ඉතිං අපේ උපාසක කළේ චංචලාට හොරෙන්, චංචලාගෙ ෆෝන් එකේ තිබුන ඉන්කමින් සහ අවුට්ගොයින් කෝල් නම්බර්ස් ටික අරගත්තු එක. ඊටත් පස්සෙ තමයි මෑන්ස් ෆුල්ටයිම් මිෂන් එකට එන්ටර් වුණේ.
ඉතිං මේ වැඩේට අපේ මාලුකට්ටායි, ගම්පහ පිරිමි ඉස්කෝලෙ හිටපු උමේෂ් කියලා ළමයෙකුයිත් උපාසකට ලොකු සපෝට් එකක් දුන්නා. උමේෂ් තමයි චංචලාගෙ ෆෝන් එකේ තිබුන සමහර නොම්මර වලට අදාල නම් සහ ඇඩ්‍රස් ටික හොයලා දුන්නෙ. බැලින්නං මෙන්න බොලේ නාමල්ගෙ මොබයිල් නොම්මරේ විතරක් නෙවෙයි, ලෑන්ඩ් ෆෝන් එකේ නොම්මරේ පවා චංචලාගෙ ෆෝන් එකේ තියෙනවලු.
මේ විස්තර ටික දැනගත්තාට පස්සෙ උපාසක කළේ ඉන්ටර්නෙට් එක හරහා චංචලාගෙ සිම් එකේ පාලනය තමන් අතට ගත්තු එක. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක හරහා තමන්ගෙ සිම් එක හදිසි වෙලාවකදි පාලනේ කරන්න තමයි මේ මෙතඩ් එක හදලා තියෙන්නෙ. ඒත් ක්‍රම සහ විදි දන්නවානං, මේ මෙතඩ් එකම අනුන්ගෙ සිම් එකක් පාලනයටත් යොදාගන්න බැරිකමක් නෑ. ඉතිං ඔය විදිහට උපාසකට පුලුවන් වුණා චංචලාගෙ නම්බර් එකට එන මැසේජ් තමන් කැමති වෙලාවට, තමන්ගෙ නම්බර් එකට හරවාගන්න.
දැන් ඉතිං අපේ පූසා දවසට දෙතුන් පාරක් මේ වැඩේ කරලා බලනවලු. හැබැයි ඉතිං දවස් කීපයක් ගතවුණත් කිසිම සැක කටයුතු මැසේජ් එකක් උපාසකගෙ ෆෝන් එකට ආවෙ නෑ. දැන් මෑන්ස්ට මාර අප්සෙට් තමන් චංචලා ගැන නිකං බොරුවට සැක කළා නේද කියලා. ඉතිං එක දවසක් රෑ, අන්තිම පාරටත් ඔහොම මැසේජ් කොන්වර්ට් වෙන එක දැම්මාම තමයි, උපාසක බලාපොරොත්තු නොවුණු විදිහට නාමල්ගෙ නොම්මරෙන් මැසේජ් එකක් ආවෙ.
/ මම පාටි එකක ඉන්නෙ නංගියො, කතා කළාට ඇහෙන්නෙ නෑ, තව ටිකකින් ගන්නම් /
ඉතිං මේ මැසේජ් එක උපාසකට ආවා කියන්නෙ චංචලාට හම්බවුණේ නෑ කියන එකනේ. ඉතිං කලින් එවපු මැසේජ් එකට චංචලා රිප්ලයි නොකරපු හින්දා නාමල් ටික වෙලාවකින් තව මැසේජ් එකක් එව්වා.
/ නංගි බබා මාත් එක්ක තරහා වුණාද? මම ඉක්මනින්ම මෙතනින් එන්නම් බබෝ /
මෙන්න බොලේ තව ටික වෙලාවකින් තවත් මැසේජ් එකක් එනවා. බලන් ගියාම නාමල් කියන්නෙ මැසේජ් උල්පතක් නොවැ!
/ මම දැන් එනවා බබෝ. 10ට කෝල් කරන්නම්. නංගි මම එනකං නැගිටලා ඉන්නවා නේද? /
මේ මැසේජ් ටික දැක්කාට පස්සෙ උපාසකට මොනවා හිතෙන්න ඇද්ද කියලා ආයි ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද යාලුවනේ? ඒත් කෝකටත් කියලා දහයයි කාලට විතර මෑන්ස් චංචලාට රින්ග් කළාලු. හැබැයි එතකොට චංචලාගෙ නම්බර් එක බිසී. උපාසක ඊටපස්සෙ රෑ එකොලහට කතා කරනකොට, ඒ වෙනකොටත් චංචලාගෙ නම්බර් එක බිසීලු.
මේ සිද්දිය වුණේ සිකුරාදා රෑ. ඒ කියන්නෙ පහුවෙනිදට උපාසකට චංචලාව මීට් වෙනවා. ඉතිං මේ සිද්දිය ගැන චංචලා එක්ක පහුවෙනිදාම කතාකරනවා කියලා හිතාගත්ත උපාසක එදා නිදාගන්න ගියෙ, පහුවෙනිදා මේ සිද්දිය තමන් අහන්නත් කලින් චංචලා කියයි කියලා හිත හදාගෙන.
පහුවෙනිදා ඉතිං සුපුරුදු විදිහට මීට් වෙච්ච අපේ යාලුවො දෙන්නා කතා කරන්න ගියෙ වෙනදා වගේම ගොහොල් පේශිය පැත්තට. හැබැයි මේ දෙන්නා කතා කර කර හිටියට, හවස ගෙදර යන්න පිටත් වෙනකංම චංචලා මේ සිද්දිය ගැන මොනවත්ම කියලා නෑ. අපේ උපාසකත් ඉතිං මේක දැන් කියයි, දැන් කියයි කියලා හිත හිතා හිටියත් චංචලා සිද්දිය ගැන කියන පාටක් ඇත්තෙම නෑ. මේ වෙද්දි දෙන්නා ගම්පහින් පූස්ගමට යන බස් එකටත් නැගලා ටික දුරක් ගිහින්. ඉතිං තවත් ඉවසන්න බැරිවුණ උපාසක තීරණය කළාලු මේ නාමල්ගෙ කේස් එක මොකද්ද කියලා චංචලාගෙන් අහලාම දැනගන්න.
ප.ලි - දැඩි සීතල මැද අවසන් කොටස ටයිප් වෙමින් පවතී
Saturday, January 8, 2011
චංචලා - 6 (කොහු කොහු වීම)
අපේ උපාසක ගෙදරට මාට්ටු වුන හැටි කට්ටිය ඉතිං කියවන්න ඇතිනෙ. ගොඩ දෙනෙක් හිතලා තිබුනා කතාව එතනින් ඉවරයි කියලා. ඒත් පූසො කියන්නෙ එහෙම ලේසියෙන් වැඩේ අතාරින කට්ටියක් නෙවෙයිලුනෙ. ඉතින් උපාසක ගෙදරට මාට්ටු වුණාට පස්සෙ එතනින් එහාට සිද්ද වුණ දේවල් තමයි අද අපි ඔයාලට කියන්න යන්නෙ. ඊට කලින් චංචලා සීරීස් එක කියවපු නැති යාලුවො කැමතිනං ගිහින් අපේ පරණ කතා ටික කියවලා එන්නකෝ!
චංචලා - 1
චංචලා - 2
චංචලා - 3
චංචලා - 4
චංචලා - 5
කොහොමහරි ඉතිං ගෙදරින් බර බරේ දැම්මත් උපාසක චංචලාව අතෑරියෙ නෑ. මාට්ටු වුණ දවසෙ බස් එකේ එද්දි එතනින් එහාට ගත යුතු ආරක්ෂක ක්‍රියාමර්ග ගැන උපාසක චංචලාත් එක්ක කතා කරගෙනයි තිබුනෙ. ඒ වගේම ගෙදරින් ලොකු අවුලක් දැම්මෙත් නැති නිසා උපාසක ඊළග සතියෙ ඉදලා සුපුරුදු විදිහට පංති ඇරුනාට පස්සෙ චංචලාව මීට් වුණාලු. හැබැයි ගෙදරින් හොයනවා ඇති, ඒ නැතත් ආයෙ කාට හරි දකින්න ඉඩ තියෙන බව හිතුන නිසා මේ දෙන්න තීරණය කළාලු ගම්පහ ටවුන් එකේ ඇවිදිද්දි එකට කතා කර කර නොයන්න. ඒ වගේම හමුවීම් හැම එකක්ම ගම්පහින් පිටදි කරන්නත් අපේ යාලුවො දෙන්නා කතා වුණාලු.
ආ.. තව දෙයක්! මේ මාට්ටු වීම සිද්දවුණේ පූසො සෙට් එක 13 වසරෙ ඉගෙන ගනිද්දි. හරියටම කියනවානම් 2006 අවුරුද්දෙදි. ඒ මොනවා වුණත් මේ දෙන්නාගෙ ලව් එකවත්, නිතර මීට් වෙන එකවත් කලින් කිව්වා වගේ නැවතුනේනං නෑ. ඉතිං 2007 අවුරුද්ද ඉවර වෙද්දි මාස ගානක් ඇතුලත උපාසක චංචලා එක්ක සෑහෙන්න තැන් වල ඇවිදලා තිබුනා. මෑන්ස් කොහොමත් ඔය ෆොටෝ ගහන වැඩේට කැමති නිසා එක එක ලස්සන තැන් වල ඇවිදින්න පුදුම කැමැත්තක් තිබුනෙ. උපාසකට කවදත් ගහක්, ගලක්, මලක්, සතෙක් පේන්න බෑ කැමරාව අටෝගන්නවා. මේ තියෙන්නෙ ඔය කියපු කාලය ඇතුලත මේ දෙන්නා ඇවිදින්න ගිය තැන් ටික.
කලුතර පන්සල - දෙපාරක්
නුවර දළදා මාළිගාව - දෙපාරක්
හන්තාන - එක පාරක්
පාර්ක්/ඉලක්ක මූණ - වාර ගණන මතක නැත
කැළණි පන්සල - දෙතුන් පාරක්
වෝටර් වර්ල්ඩ් (දියාරු ලෝකය) - දෙපාරක්
දෙහිවල සූ - තුන් හෝ හතර පාරක්
හැබැයි මේ කොහේ ගියත් අපේ උපාසක දැඩි ආරක්ෂක ක්‍රම පාවිච්චි කරපු නිසා ආයෙ සෑහෙන කාලයක් යනකල් මේ දෙන්නාව ගෙදරටනං මාට්ටු වුණේ නෑ. ඒ වුණත් එතනින් එහාට වැඩ සිද්දවුණේ කවුරුත් නොහිතපු විදිහටලු.
2007 අවුරුද්ද අගදි අපේ උපාසක ගියා නොවැ ඔය කොළඹ පැත්තෙ තොරතුරු තාක්ෂණ උපාධි දෙන තැනක පාඨමාලාවක් හදාරන්න. ඉතින් ඒ හින්දා ඒ පැත්තෙ බෝඩිමක නතර වෙන්නත් උපාසකට සිද්ද වුණා. ඒත් එක්කම තමයි අපේ උපාසකගෙයි චංචලාගෙයි ආදරේට එක එක ප්‍රශ්න, බාධා එහෙම එන්න පටන් ගත්තෙ. මුලින්ම සිද්දවුණේ දෙවනි වතාවටත් මේ එෆෙයාර් එක උපාසකගෙ ගෙදරට මාට්ටු වෙච්ච එක. ඒ ප්‍රශ්නෙත් එක්කම මේ දෙන්නාගෙ ආදරේ මැද්දට තුන් වෙනි කෙනෙකුත් කඩන් පාත්වුණේ හරියට අර "රුක් ෆෝලින් මෑන්ස්ට බුල් පෝකින්" කළා වගේ තමයි.
ඉස්සෙල්ලම කියමුකො දෙවනි පාරටත් ගෙදරට මාට්ටු වුනේ කොහොමද කියලා. අපි කලින් කිව්වනෙ උපාසක කොළඹ බෝඩ් වුණ බව. ඊටත් කලින් මෑන්ස්ගෙ උපන් දිනේට එහෙම චංචලා අරන් දීපු බර්ත්ඩේ කාඩ් වගයක් උපාසක ගාව තිබිලා තියෙනවා. ඉතිං බෝඩිමට පදිංචි වෙන්න යද්දි මේවයෙ ආරක්ෂාව ගැන අපේ පූසාට සෑහෙන්න හිතන්න වුණාලු. කොහොමහරි අන්තිමේදි මෑන්ස් තීරණය කළේ එයාගෙ කාමරේ සිවිලිම උඩ මේ කාඩ් ටික හංගන්න. සිවිලිමේ එක එක කෑලි වෙන වෙනම උස්සන්න පුලුවන් වුණ නිසා උපාසකට ඒ වැඩේ කරගන්න එච්චර අමාරුවක් වුණෙත් නෑ.
එහෙම හැංගුවත් බෝඩිමේ ඉදලා නිවාඩුවට ගෙදර ආපු දවසක උපාසකට ඇහිලා තියෙනවා සිවිලිම උඩ මොක්කුද සත්තු වගයක් බෝ වෙලා කියලා කතාවක්. ඔයාලත් දන්නවා ඇතිනෙ අර වහලවල් වලට එන (කෙලෙහිගුණ නොදන්න) කලවැද්දො කියන ජාතිය. අන්න උන් තමයි උපාසකලගෙ ගෙදරටත් ඇවිත් තියෙන්න. ඉතින් ගෙදර කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉදලා මෑන්ස් ටක් ගාලා බැලුවලු හංගපු ඒවා එතනම තියෙනවද කියලා. වාසනාවට ඒවාට කිසිම අවුලක් වෙලා තිබිලා නෑ. ඒත් මේ වගේ වටිනා වස්තු ටිකක් තවත් එතන තියන්න නුසුදුසුයි කියලා තීරණය කරපු උපාසක කළේ, ඒ ටික අරගෙන කාමරේ තිබුන කබඩ් එකක හංගපු එක. ඉතිං එහෙම හංගලා තියලා උපාසක ආයෙ කොළඹ බෝඩිමට ගියාලු.
මේ වෙද්දි උපාසකගෙ ගෙදරටත් ටික ටික ආරංචි වෙලා තියෙනවා මේ ලව් කේස් එක ගැන. ඉතින් උපාසකගෙ ගෙදරින් මේ ගැන දිගටම හොයලා ගොඩක් දේවල් දැනගෙන. මේ දැනගත්තු තොරතුරු නිසා අම්ම්යි තාත්තයි සෑහෙන්න විරුද්ධ වෙලා තියෙනවා මේ සම්බන්දෙට. ඒකට ප්‍රධානම හේතුව විදිහට එයාලා සලකලා තියෙන්නෙ අපේ සමාජෙට කිඳා බැහැලා තියෙන හනමිටි අයිඩියා එකක් . මොනවා කරන්නද? පූසො ඕවා ගණන් නොගත්තත් අම්මලා තාත්තලා ඉතිං ඔය වගේ ඒවත් බලනවාලුනෙ. ඉතිං මේ හේතුව නිසා උපාසකගෙ ගෙදරින් මේ සම්බන්දෙට පොඩ්ඩක්වත් කැමති වෙලා නෑ.
මේවගෙ ආරංචි ලැබුණත් තාමත් උපාසකගෙ එෆෙයාර් එක තියෙනවාද නැද්ද කියලා දෙමව්පියො හරියටම දැනගෙන ඉදලා නෑ. ඉතිං දවසක් මෑන්ස්ගෙ තාත්තා උපාසකගෙ කාමරේ චෙක් කරලා. කබඩ් එක ඇතුලෙ තිබුණු කාඩ්, ෆොටෝස් ඔක්කොම ගෙදරට මාට්ටු වෙලා තියෙන්නෙ එතකොටයි. මේවා දැකපු තාත්තාට හොදටම තරහා වගේම අප්සට් ගිහින්. අන්තිමට වෙලා තියෙන්නෙ ඒ අප්සට් එක නිසාම උපාසකගෙ තාත්තා බරපතල විදිහට අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරපු එක.
මේ වෙනකොට උපාසක කොළඹට වෙලා ඉදලා තියෙන්නෙත් ගොඩක් ප්‍රශ්න මැද්දෙලු. මොකද කලින් කිව්වා වගේ තුන්වෙනියෙක් නිසා උපාසක සහ චංචලා අතර ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තිබුනෙ. ඒ ප්‍රශ්නත් හිතේ තියාගෙන වීකෙන්ඩ් එකේ ගෙදර ආවාම තමයි මෑන්ස් දැනගෙන තියෙන්නෙ තාත්තාව හොස්පිට්ල් ඇඩ්මිට් කරපු බව.
ඉතිං ඊට පස්සෙ මොකද වුණේ? ගෙදරින් කැමති වුනාද? උපාසකගෙයි චංචලාගෙයි සම්බන්දෙට ප්‍රශ්නයක් වුණ කෙනා කවුද? උපාසක ඒ ප්‍රශ්න විසදගත්තෙ කොහොමද? කියන දේවල් අපි ඔයාලාට ඊළග ලිපියෙන් කියන්නං. අදට කතාව මැදින් නවත්තනවාට සමාවෙන්න යාලුවනේ. ඒත් දිග වැඩි කම නිසා එක ලිපියක් විදිහට පබ්ලිෂ් කරන්න අමාරුයි. ඉක්මනින්ම ඊළග ටිකත් දාන්නම්.
ප.ලි :- අර උපාසකයි චංචලායි ඇවිදපු තැන් ගැන අපි ඔයාලාට කිව්වනෙ. මේ ටික උපාසකට මතක හැටියටලු කිව්වෙ. ඒ හින්දා වාර ගණන් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවනිලු හොදේ...
Thursday, January 6, 2011
චංචලා - 5 ( උපාසක මාට්ටු වෙයි )
උපාසකගෙයි චංචලාගෙයි ආදර කතාව ගැන දැන් හැමෝම දන්නවනෙ නේද? මේ ලව් කේස් එක නිසා උපාසකයි, චංචලායි සමහර ප්‍රශ්න වලට වගේම ගොඩාක් රසවත් අත්දැකීම් වලටත් ෆේස් කළා. අයිස් ක්‍රීම්, දවසේ වීරයා වගේ සිද්දි ඔයාල කියවන්න ඇතිනෙ. තව රසවත් කතා ගොඩක් තිබුණත් කියවන ඔයාලගෙ පහසුව වෙනුවෙන් අපි මේ සීරීස් එක ගොඩාක් දිගට ඇදගෙන යන්නෙ නැතුව ඉක්මණට නවත්තන්න හිතුවා. ඒත් තව කතා කිහිපයක් ඉස්සරහට පල වේවි. ඔන්න අද අපි කියන්න යන්නෙ උපාසක මුලින්ම ගෙදරට මාට්ටු උන හැටි ගැන.
ඔය ගම්පහ පැත්ත ගැන දන්න අයනම් 'පුංචි පැල' සහ 'හංස ගම' කියන ආපන ශාලා දෙක ගැනත් දන්නව ඇති. එකම පාර දෙපැත්තෙ එකට ෆේස් කරලා තමයි මේ දෙක පිහිටලා තියෙන්නෙ. ඒ වගේම අති සුන්දර ඇලකුත් මේ දෙක ලගින්ම ගලාගෙන යනවලු. ඉතිං AL පටන් ගත්තු දවස් වල ඉදලම උපාසක, පුරුපුරු, ඤාව්වා, මාලු කට්ටා ඇතුලු යාලුවො සෙට් එකක්, හැම සෙනසුරාදාම දවල්ට මේ දෙකෙන් එකකට ගොඩ වැදිලා බඩවල් පුරෝගන්න පුරුදු වෙලා හිටියලු. පස්සෙ කාලෙක චංචලා එක්ක යාලු වුණාට පස්සෙ උපාසක චංචලා එක්කත් ඉතිං මේ ස්පොට් දෙකට නිතරම ආවලු.
ඉතිං මේ දෙකෙන් උපාසකගෙයි, චංචලාගෙයි ප්‍රියතම ප්ලේස් එක වෙලා තියෙන්නෙ 'පුංචි පැල' කියන තැන. සමහර සෙනසුරාදා දවස් වලටත්, හැම ඉරිදාවකම වාගෙත් මේ දෙන්නා මේකට කෑම කන්න යන්න අමතක කළේ නෑ. දැන් අපි කියන්න යන මේ සිද්දිය වෙලා තියෙන්නෙත් මේ වගෙ එක ඉරිදා දවසක.
ඔන්න ඉතිං මේ කියන ඉරිදා දවසෙත් සුපුරුදු විදිහට උපාසකයි, චංචලායි පුංචි පැලට ගියාලු ලන්ච් එකට වග කියන්න. උපාසකගෙ කෑමෙ හැටි ගැනනං මීට කලිනුත් අපි කියල තියෙන නිසා අද අපි ඒ ගැන කතා නොකර ඉමුකො නේද? කොහොම හරි අන්තිමට මේ දෙන්නා වෙනදා වගේම කෑම එකටත් වග කියලා එතනින් එළියට ආවලු. ගම්පහදි දෙන්නම අදුරන අය දකින්න ඉඩ තියෙන නිසා, පාරෙ යද්දි අතින්වත් අල්ලන්නෙ නැතුව යාලුවො වගේ කතා කර කර යන්න තමයි දෙන්නා පුරුදු වෙලා ඉදලා තියෙන්නෙ. ඒත් එදා..........
ගම්පහ ස්ටේෂන් එකේ පරණ මගී පාලම ළගදි උපාසක වාහනේකට හැප්පෙන්න ගිහින්. ඉතිං ඒ වෙලාවෙ චංචලා උපාසකගෙ අතින් ඇදල අයිනට ගත්තලු. ඒ අතින් අල්ල ගත්තු පාර සරසවි බුක් ෂොප් එක ගාව තියෙන කහ පාට මගී පාලමත් නැගලා, බස් ස්ටෑන්ඩ් එකට යනකල්ම දෙන්නා අත් අල්ලගෙනයි ගිහින් තියෙන්නෙ. ඒ ටිකට ඉතිං කවුරු දකින්නද නේද?
ඒත් හැබැයි බස් ස්ටෑන්ඩ් එකට ගොඩ වෙද්දිම උපාසකට කෝල් එකක් ආවලු. බැලින්නම් උපාසකගෙ තාත්ත තමයි කෝල් කරලා තියෙන්නෙ. මාට්ටු වීමක භයානක හැගීමක් උපාසකගෙ හයවන ඉන්ද්‍රියට දැණුනත් කෝල් එක ආන්ස්වර් නොකර බැරි නිසා උපාසක ඔන්න ඔහේ කෝල් එක ආන්ස්වර් කලාලු.
උපාසක - හෙලෝ තාත්තෙ.
තාත්තා - කොහෙද ඉන්නෙ?
උපාසක - ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ.
තාත්තා - බස් ස්ටෑන්ඩ් එකේ මොකද කරන්නෙ?
උපාසක - දැන් මේ බස් එකට නගින්න හදන්නෙ, ඇයි ඒ??
තාත්තා - රස්තියාදු ගහන්නෙ නැතුව ගෙදර යනවා...
මෙහෙම කියපු තාත්තා ෆෝන් එක කට් කළාලු. එතකොටනං ඉතින් වැඩේ මාට්ටු බව උපාසකගෙ හයවන ඉන්ද්‍රියට විතරක් නෙවෙයි, අනිත් ඉන්ද්‍රියන්ටත් දැනිලා. ඒත් ඉතින් මොනවා කරන්නද, ගෙදර යන්නම වෙනවා නොවැ! ඉතිං බස් එකේ යනගමන් චංචලාටත් විස්තරේ කියලා, ගෙදර ගියාට පස්සෙ ඇති වෙන සිටුවේෂන් එක ගැනත්, එතනින් එහාට ගන්න ඕනෙ ආරක්ෂක උපක්‍රම ගැනත් කතා කරගත්තු උපාසක හිතින් ගැහි ගැහී, ඒත් බය පෙන්නන්නෙ නැතුව ගෙදර ගියාලු.
ගෙදරට යද්දි මෙන්න මෑන්ස්ගෙ අම්මා ඉන්නවා දොර ගාවට වෙලා බලාගෙන. වැඩේ හරි තමයි, තාත්ත අම්මටත් නිව්ස් එක දීල වගේ. උපාසක ගෙට ගොඩ වෙද්දිම........
අම්මා - තාත්ත කතා කළාද?
උපාසක - ඔව්!
අම්මා - තාත්ත මොකද කිව්වෙ?
උපාසක - මුකුත් නෑ, රස්තියාදු ගහන්නෙ නැතුව ගෙදර එන්න කිව්වෙ.
අම්මා - හ්ම්ම්!!
එතනින් එහාට අම්මත් මුකුත් කියල නෑ. ගෙදර තිබුන නිශ්ශබ්දතාවයෙ හැටියට රෑට බඩ කට පිරෙන්න අහගන්න වෙන බව තේරුණු අපේ පූසා පුංචි මී පැටියෙක් වගේ කාමරේටම වෙලා හිටියලු.
ඉතිං රෑ වෙද්දි තාත්තත් ආවලු. කට්ටියම කෑමත් කෑවලු. දෙයියනේ මොන ප්‍රශ්න තිබුනත් නොකා ඉන්න පුලුවන්ද නේද? අපේ උපාසක ඉතිං දුක යන්නත් එක්ක හොදට කෑවලු. කෑමෙන් පස්සෙ තමයි අම්මයි, තාත්තයි නඩුව විභාගෙට අරන් තියෙන්නෙ. ඒත් හැබැයි උපාසක හිතුව තරම් අවුලක් වෙලා නෑ. නඩු තීන්දුව ගොඩක්ම ෂේප්ලු.
"ඉගෙනගන්න කාලෙ ඕවා කරන්න එපා"
"ඉගෙනීමත් කඩාකප්පල් වේවි"
"ඔක්කෝටම කලින් විභාගෙ හොදට කරගෙන ඉන්න....."
මේවගේ පොඩි අවවාද කිරීමකින් පස්සෙ අම්මයි තාත්තයි උපාසකව මුදා හැරලා. ඉතිං කොහොමද තාත්තා උපාසකව දැක්කෙ කියන එකත් පොඩි බටර් ගෑමකින් පස්සෙ දැනගන්න උපාසකට පුලුවන් වුණාලු.
උපාසකගෙ තාත්තා ඒ දවස් වල වැඩ කරල තියෙන්නෙ කොටුගොඩ පැත්තෙ කොම්පැණියක. තාත්තා ගාව වැඩ කරන කොල්ලොත් ඉතිං අපේ උපාසකව හොදට දන්නවලු. ඒ වගේම සමහරු උපාසක එක්ක හොදට ෆිට්ලු. ඉතිං චංචලාගෙ සීන් එක කීප දෙනෙක්ම දැනගෙන හිටියත් ඒ කවුරුත්ම තාත්තට මේ ගැන කියල නෑ.
කොහොමහරි එදා උපාසකයි චංචලායි කෑම කන්න යද්දි තාත්තගෙ වැඩපලේ එක කොල්ලෙකුත් ඒකට ඇවිත් ඉදලා. ඒ මෑන්ස් උපාසකව අදුරගෙන, ඒත් උපාසක මෑන්ස්ව දැකලා නෑ. කොහොමහරි එවලෙම පොර තාත්තට කෝල් කරලා කියලා උපාසක කෙල්ලෙක් එක්ක කෑම කන්න ඇවිත් ඉන්න බව.
උපාසකයි, චංචලායි කෑම කාලා එළියට එද්දි තාත්තා වැඩපලේ ඉදලා වෑන් එකක ඇවිත් පුංචි පැල ගාව නවත්තගෙන බලන් ඉදලලු. පේ කපල් එක ගම්පහ ටවුන් එක පැත්තට ඇවිදගෙන යද්දි තාත්තත් වෑන් එකෙන්ම හොරෙන් ෆලෝ පාරක් දීලා. උපාසක හැප්පෙන්න ගිය හැටි, චංචලා අතින් අල්ලපු හැටි... මේ හැම දෙයක්ම තාත්තා දැකලලු. ඒ මදිවට අර මැසේජ් එක දුන්නු කොල්ලම හොරෙන් උපාසකලගෙ පිටිපස්සෙන් ඇවිත් ෆෝන් එකෙන් ෆොටෝ එකකුත් ගහලලු.
ඔන්න ඔහොමයි අපේ උපාසක ගෙදරට මාට්ටු වෙලා තියෙන්නෙ. ලොකු කෙනෙක් මෙහෙම කළානං දුක නෑ, ඒත් කොල්ලෙක්ම උපාසකව මාට්ටු කරල දීපු එකට උපාසක සෑහෙන තරහකින් තමා ඒ දවස් වල හිටියෙ. ඒ කොල්ලා වැඩ ඇරිලා එද්දි අල්ලගන්න බලාගෙන අපේ පූසො සෙට් එක දවස් කීපයක්ම බලාගෙනත් හිටියලු. හැබැයි මෑන්ස්ගෙ වෙලාවට පොරව අහුවුණේනං නෑ.....
Tuesday, December 28, 2010
චංචලා - 4 (දවසේ වීරයා)
අපේ පූසො දැන් හරි තැන්පත් විදිහට හිටියාට මොකද, ඉස්සරනං පොඩ්ඩක්වත් එහෙම නෙවෙයි. දන්නවනෙ ඉතිං ඔය ඕ ලෙවල්, ඒ ලෙවල් කාලවලදි කොල්ලන්ගෙ හැටි ? කට්ටිය බලන්නෙ කොහෙහරි එල්ලෙන්න, වලියක් දාගන්නම නොවැ! ඉතිං අපේ උපාසකත් ඒ කාලෙ "ටිකක් විතර" එහෙමයි.
ඔය ගම්පහ පැත්තෙ ඉන්න යාලුවොනං දන්නවත් ඇති, මොන්ටානා ක්ලාස් එකට හැරෙන තැන වම් අත පැත්තට වෙන්න පාර අයිනෙම තියෙනවා තෝසෙ කඩයක්. ඉස්සර ඕකට කිව්වෙ "කරු අයියගෙ කඩේ" කියලා. ඉතිං ගම්පහ පන්ති ආපු කොල්ලො සෙට් එකක් ඔය කඩේ උඩ තට්ටුව තමන්ගෙ වාස භවනය කරගෙන හිටියලු. ඔය සෙට් එකේ වැඩිපුරම හිටියෙ ගම්පහ පිරිමි ඉස්කෝලෙ ළමයිනුයි, කුරුදුවත්තෙ ඉස්කෝලෙ ළමයිනුයි තමයි.
මේ කට්ටියගෙ වැඩේම වලි හොය හොයා ඒවාට සහභාගි වෙන එක. ඉතිං අපේ උපාසකත් ඒ දවස්වල මේ සෙට් එකේ යාවජීව සාමාජිකයෙක්ලු. ඔය කඩේදි සිද්දවුණ රසවත් සිදුවීම් ගැනත් ඉස්සරහට අපි කියනවා. අද ඔය ටික කිව්වෙ අපේ උපාසකගෙ ඒ කාලෙ තිබුන වලිබර මානසිකත්වය ගැන, අපේ කියවන යාලුවන්ට පැහැදිලි අවබෝධයක් ලබාගන්න.
ඉතිං දැන් අපි කියන්න යන සිද්දිය, 13 වසරෙ මුලදි උපාසකටයි, චංචලාටයි ෆේස් කරන්න වෙච්ච සිදුවීමක්. ඒ දවස් වල ඉතිං මොන පිස්සු නැටුවත් අපේ උපාසක චංචලා ගාවදිනම් බොහොම අහිංසක, තැන්පත් ළමයෙක්ලු. අනිත් පූසොනං කිව්වෙ ඒ උපාසක චංචලාට බය හින්දයි කියලා. කොහොමහරි ඉතිං චංචලාත් හිතන් ඉදලා තියෙන්නෙ උපාසක හරිම අහිංසක පූසෙක් කියලා.
ඔන්න දවසක් චංචලාගෙ යාලුවො කට්ටියක් ඉලක්ක මූණ පැත්තෙ පොඩි ටුවර් එකක් යන්න කතා වෙලා. කට්ටිය ඉතිං ඒකට චංචලාටයි, උපාසකටයිත් ඉන්වයිට් කළාලු. ඉලක්ක මූණ පැත්තෙ නොගිය කෙනෙක් ඉතිං මෙතන නැතුව ඇතිනෙ නේද? කොහොමහරි මේ දෙන්නත් වැඩේට උඩින්ම කැමති වුණාලු. මොකද ඉතිං ඒ දවස්වල ටුවර් එකක් යන්න තිබුනොත් කපල් එකකට ඊටත් වඩා දෙයක් නෑ නොවැ!
ඉතිං කතා කරගත්තු ඉරිදා දවසෙ අපේ යාලුවො කට්ටිය ගමන යන්න පිටත් වුණාලු. සුපුරුදු විදිහට කට්ටිය ගිහින් තියෙන්නෙ ගම්පහ ක්ලාස් යනවයි කියලා ගෙවල් වලට කියලා. උපාසක, චංචලා, හරණි, චානි, නිමේශා ඇතුලු තවත් කීපදෙනෙක් තමයි මේ ගමනට සහභාගි වෙලා තියෙන්නෙ. ඒ වගේම තවත් කපල් එකක් මේ ගමන එන්න හිටියත් හදිසියෙ එයාලාට එන්න බැරිවෙලා. ඒ හින්දා එතන කෙල්ලො ගොඩක් එක්ක අපේ උපාසකට තනියම ලොකු කට්ටක් කන්නයි වෙලා තියෙන්නෙ. ඔක්කොටම වඩා හපන් හිටපු කෙල්ලො කට්ටියගෙ කරච්චලේ.
කොහොමහරි දවසම බීච් එකේ පිස්සු නටලා, කට්ටිය ආපහු ඇවිත් තියෙන්නෙ බාගෙට තෙමුණු කුකුල්ලු රංචුවක් වගේලු. ඒ මදිවට හොදටම හවසුත් වෙලා. අන්තිමට ඉතිං කට්ටිය එක එක පැතිවල නිසා ආපහු ගම්පහ එන්න ඉතුරු වෙලා තියෙන්නෙ උපාසකයි, චංචලායි, තව කෙල්ලො දෙන්නෙකුයි විතරයි. ඉක්මනට ගෙදර යන්න ඕනෙ නිසා අපේ කට්ටිය කරලා තියෙන්නෙ කොළඹ-ගම්පහ(200) ඒසී බස් එකකට නැගපු එක.
ඉතිං බස් එකට නැග්ගාට පස්සෙ උපාසකයි චංචලායි වාඩි වුණේ පිටිපස්සෙම සීට් එකේ. කලින් බහින නිසා අනිත් යාලුවො දෙන්නා බස් එකේ ඉස්සරහින්ම වාඩි වුණාලු. අපි ඉතිං කලිනුත් කිව්වනෙ මේ කට්ටිය ෆුල් තෙමිලා හිටියෙ කියලා. ඒ මදිවට කට්ටියගෙ ඇගවල් පුරා මුහුදු වැලිලු. ඉතිං වාඩි වුණ වෙලේ ඉදලා උපාසකයි චංචලායි දෙන්නා වැලි ඉවත් කිරීමේ මිෂන් එකක් පටන් ගත්තලු. මොකද ගම්පහ මුහුදක් නෑ කියලා දෙන්නගෙම ගෙවල් වලින් දන්න හින්දා, ඇඟේ වැලි තියෙනවා ගෙදරින් දැක්කොත් වැඩේ ඔක්කොම ජෝන් බාස්ට යනවා.
ඔය අතරෙ තව එක මනුස්සයෙක් ඇවිත් මේ දෙන්නාට සීට් දෙකකට ඉස්සරහින් වාඩි වුණාලු. සීට් දෙකක් වුණාට බේබි රෝසා බස් එකක් නිසා සීට් දෙක අතරෙ ලොකු ගැප් එකක් තිබුනෙ නෑ. ටික වෙලාවකට පස්සෙ උපාසක අහම්බෙන් දැක්කලු අර මනුස්සයා එක අතක් උඩට උස්සගෙන ඉන්නවා.
ඒසී බස් වල ඉතිං සීතල හුළං එන්න හදපු කවුලු හැම සීට් එකකටම උඩින් තියෙනවා නොවැ! බැලින්නං මේ මෑන්ස් ඒ කවුලුවක හුළං එන පැත්ත එජස්ට් කරනවාලු. ඒක ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් නෙවෙයිනෙ නේද? කොහොම වුණත් මෙතනදි මේ වැඩේ ගැන අපේ උපාසකට පොඩි අමුත්තක් දැනුනලු. මොකද මෑන්ස් මේ වැඩේ කරන්නෙ ඒ අතේම ෆෝන් එකකුත් තියාගෙන. කෝකටත් කියලා අපේ උපාසක ටිකක් වෙලා ඒ දිහා සෝදිසියෙන් බලන් හිටියලු. ඉතිං මෑන්ස් ෆෝන් එකේ කැමරාව ඕනෙකමින්ම බස් එකේ පිටිපස්සට හරවන් ඉන්න බව අපේ පූසාට මීටර් වෙන්න වැඩි වෙලා ගියෙ නෑ.
කලින් කියන්න බැරි වුණානෙ, ඒ දවස් වල කාලයක් තිබුනා කපල් අතර මේ ඒසී බස් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණු. මොකද බස් එකේ පිටිපස්සෙ සීට් එකේ මුල්ලක වාඩි වෙලා, නිදහසේ පැයක් එකහමාරක් ගත කරන්න ගොඩක් කපල් ඒ දවස්වල පුරුදු වෙලා හිටියා. ඔය අතර ඉතිං ලැබෙන නිදහස නිසා තමන් ඉන්නෙ බස් එකක් ඇතුලෙ බව අමතක වෙලා හැසිරුණු කට්ටියත් ඕනතරම් හිටියා. ඒ නිසාම මෙහෙම ඒ කපල් දිහා හොරෙන් බලන්නත් තව කට්ටියක් පුරුදු වෙලා ඉන්න ඇති. ඉතිං මේ වෙලාවෙ සිද්ද වෙන්නෙත් එහෙම දෙයක් බව තෙරුම් ගන්න උපාසකට වැඩිය හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.
ඉතිං උපාසක කළේ කලබල නොකර මේ සිද්දිය චංචලාටත් කිව්ව එක. ගෑණු ළමයෙක්ට ඉතින් කලබල වෙන්න එපා කිව්වොත් අනිවාර්යයෙන් කලබල වෙනවාමනෙ. ඉතිං මේ විස්තරේ අහපු චංචලාත් හොදටම බයවෙලා. කොච්චර බයවෙලාද කියනවනං, මේ මනුස්සයා මේ වීඩියෝ එක අරගෙන ගිහින් තව අයට පෙන්නලා, කොහොමහරි මේ ගැන ගෙදරිනුත් දැනගෙන, ඊටපස්සෙ ගෙදරින් එළියට බහින්න නොදී තමන්ව හිරකරගෙන ඉදී කියලත් චංචලා මේ වෙද්දි හිතලා ඉවරයිලු.
ඒත් අපේ පූසා කොහොම හරි චංචලාවත් ෂේප් කරගෙන මොකද වෙන්නෙ කියලා බලාගෙන හිටියලු. මේ හැමදේම වෙන්න වැඩි වෙලාවක් ගිහින් නෑ. විනාඩි පහක් වගේ අත උස්සන් හිටපු මෑන්ස් අත පහළට ගන්නවාත් එක්කම උපාසකත් ශේප් එකේ නැගිටලා බැලුවලු මෑන්ස් මොකද කරන්නෙ කියලා.
බැලින්නං වැඩේ හරි, මෑන්ස් වීඩියෝ එක ප්ලේ කරනවා. ටිකක් වෙලා මේක ප්ලේ වෙද්දි උපාසක කැමරාව දිහා බලනවාත්, අත දික් කරලා චංචලාට පෙන්නනවාත් දැකපු ඒ මනුස්සයා ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවලු.
උපාසක :- අයියෙ වීඩියෝ එකනං ලස්සනයි. ඒ වුනාට කමක් නෑ ඕක දැන්ම ඩිලීට් කරනවද?
ටක් ගාලා ෆෝන් එක සාක්කුවට දාගත්තු මෑන්ස් ඒ පාර බස් එක මැද්දෙ උපාසකට බනින්න පටන් ගත්තලු.
මෑන්ස් :- මොන..මොන වීඩියෝ එකද? තමුසෙට පිස්සුද?
උපාසක :- අයියෙ මට තව පාරක් කියන්න තියන්න එපා, කරුණාකරලා වීඩියෝ එක ඩිලීට් කරලා දානවද?
මිනිහා :- මගෙ ළග ඇති වීඩියෝ එකකුත් නෑ, තිබුනත් ඩිලීට් කරන්නෙත් නෑ.. ඇයි තමුසෙ මට මොනවා කරන්නද?
ඇත්තටම උපාසකටත් හිතාගන්න බැරි වෙලා මොනවා කරන්නද කියලා. ඇත්තටම ඒ මෑන්ස් වලහෙක් වගේ කළු තඩි සයිස් එකෙක්ලු. ඉතිං උපාසකව උගෙ එක අතකටත් මදි බව තේරුණත් අපේ උපාසකත් සරෙන්ඩර් වෙන්න කැමති වෙලා නෑ. දැන් දෙන්නා බස් එක මැද්දෙ හොදට බැන ගන්නවලු. චංචලාත් හොදටම බයවෙලා උපාසකගෙ අතේ එල්ලිලාලු. ඒ මදිවට චංචලාගෙ යාලුවන්ටයි, බස් එකට ඒ වෙද්දි නැගලා හිටපු දෙතුන් දෙනෙක්ටයිත් මේ සද්දෙ ඇහිලා මේ දිහා බලන් ඉන්නවලු.
තවත් ඉතිං මේ ලැජ්ජාව ඉවසන් ඉන්න බෑ කියලා තීරණය කරපු අපේ උපාසක කළේ චංචලාගේ අත ගසලා දාලා, පූස් ධෛර්යය අරගෙන, අර මෑන්ස්ට ගහන්න ඉස්සරහට ගිය එක. ඒ වුණාට මොකද, චන්ඩියා වගේ ගියාට උපාසකට හිතාගන්න බෑ අර මෑන්ස්ට ගහන්නෙ කොහොමද කියලා. කොහොමහරි ඉතිං උපාසක තමන්ට ගහන්න එනවා දැක්ක දුෂ්ටයා, උපාසකගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ලලා මෑන්ස්ව පැත්තකට තල්ලු කරලා දැම්මලු.
දන්නවනෙ ඉතිං, පූසො කියන්නේ හොදට දුවන්න පනින්න පුලුවන් ජාතියක් නොවැ! ඉතිං අපේ උපාසකත් කරලා තියෙන්නෙ ටක් ගාලා ඉස්සරහට පැනලා, අර මනුස්පයාගෙ කොලර් එකේ එල්ලිලා, හොදට අත මිට මොළවලා මෑන්ස්ගෙ මූණට එකක් ඇනපු එක. හැබැයි ඉතිං අවාසනාවට අපේ පූසාටත් හැරෙන තැපෑලෙන්ම හොද බැස්ටියක් මූණටම හම්බවුණාලු. අර වලහාගෙන් ගුටිකාපු උපාසක, ඊටපස්සෙ පත්වෙච්ච තත්ත්වෙ ගැන ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද යාලුවනේ.
කොහොමහරි මේ සිද්දිය දුරදිග යනවා දැකපු බස් එකේ හිටපු අනිත් මිනිස්සු මේ දෙන්නාව දෙපැත්තට කරලා අල්ලා ගත්තලු. දෙන්නව කිව්වට ඉතිං අර වලස් තඩියාව තමයි ඇත්තටම අල්ලගත්තෙ. එතකොටම තමයි මේ කලබලේ ආරංචි වෙච්ච කොන්දොස්තර අයියත් විගහට බස්එකට දුවගෙන ආවෙ. මෑන්ස් ආපු ගමන්ම කළේ උපාසකවයි, වලස් අයියාවයි දෙන්නාවම බස් එකෙන් එළියට දාපු එක. දැන්නං අපේ පූසාට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියෙ
උපාසක :- අයියෙ, මම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කර කර ඉදිද්දි මේ මිනිහා අපිව වීඩියෝ කළා
මෑන්ස් :- මුන් බස්වල යන්න දන්නෑ මල්ලි, මම ඒක දැක්කයි කියලා මූ දැන් බොරුවට කෑ ගහනවා
මේ වෙද්දි බස් එකේ හිටපු අනිත් වැඩිහිටියො කට්ටියත් අර වලස් මෑන්ස් එක්ක එකතුවෙලා උපාසකටයි, චංචලාටයි බනිනවලු. තමන්ටයි, තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි සිද්ද වෙන මේ අපහාසෙ හින්දා දැන්නං අපේ උපාසකට අසූහාරදාහකුයි තව ටිකකුයිත් ෆ්ලවර් ජම්ප් වෙලා.
උපාසක :- අපි බස්වල යන්න දන්නවා ඕයි, එහෙනම් කට්ටියටම බලන්න පෙන්නනවකො ඔය වීඩියෝ එක. එතකොට හැමෝටම බලාගන්න පුලුවන් අපි හිටියෙ කොහොමද කියලා.
කොන්දොස්තර :- (වලස් අයියා දෙසට හැරී) කෝ දෙනවා බලන්න වීඩියෝ එක. නැත්තං දෙන්නාවම අල්ලලා පොලිසියට බාරදෙනවා. තමුසෙලාගෙ වැඩ හින්දා අපිට යන්නත් පරක්කු වෙනවා.
කොන්දා අයියා මෙහෙම කිව්වත් තමන්ගෙ ෆෝන් එකේ තියෙන වීඩියෝ එක අනිත් කට්ටියට පෙන්නන්න වලස් අයියා කොහොමවත් කැමතිවුණේ නෑ. ඒත් අන්තිමට රණ්ඩුව දුරදිග යද්දි, අනිත් වැඩිහිටියන්ගෙ බලකිරීම මත මේ වීඩියෝ එක පෙන්නන්න වලස් අයියාට සිද්ද වුණාලු. කට්ටිය ඉතිං රසවත් සීන් එකක් බලන්න ෆෝන් එක වටේට රැස්වුණත්, අන්තිමට අදාල වීඩියෝ එකේ තිබිලා තියෙන්නෙ අපේ කපල් එක කතාකරන ඒවයි, වැලි පිහදාන දර්ශනයි විතරයි. මේක දැකලා ෆ්ලවර් ජම්ප් වෙච්ච කොන්දයියා වලස් මෑන්ස්ට කට්ටියම ඉස්සරහා මහ හයියෙන් බනින්න පටන් ගත්තලු. ඒ වගේම එච්චර වෙලා අපේ කපල් එකට බැන බැන හිටපු අනිත් වැඩිහිටියොත් දැන් බනින්නෙ වලස් මෑන්ස්ටලු.
"බලන්නකො තරුණ ජෝඩුවකට නිදහසේ ඉන්න දෙන්නෙ නැති හැටි, කාලකන්නි!"
"ඒක තමයි, මේ අහිංසක ළමයින්ට මේ යකා කියපු කතා ටික දැක්කනෙ"
"මූට ගහලා පොලිසියට බාර දෙන්නයි වටින්නෙ"
ඒත් ඉතිං පොලිසිය එතනට ගෙන්නගෙන තවත් රස්තියාදු වෙන්න උපාසකවත්, කොන්දොස්තරවත් කැමති වුණේ නෑ. අනික ඒ වෙද්දි උපාසකටයි, චංචලාටයි ඕනෙ වුණේ පුලුවන් තරම් ඉක්මනට ගෙවල් වලට යන්න. අන්තිමට ඉතිං හැමෝම අර මනුස්පයාට බැනලා, වීඩියෝ එකත් ඩිලීට් කරලා, මෑන්ස්ව බස් එකෙනුත් එළියට දැම්මලු.
එදා යහතින් ගෙදර ආවට මොකද, චංචලානං දවස් කීපයක්ම යනකං හොදටම බය වෙලයි හිටියේ. හැබැයි අපේ උපාසකගේ කාඩ් එකනං උපරිමයිලු. මොකද චංචලාගෙ යාලුවො දෙන්නා මේ සිද්දිය සෙට් එකේ අනිත් කෙල්ලන්ටත් කියලා, ඊටපස්සෙ කෙල්ලො අතරේ සෑහෙන ප්ලේස් එකක් උපාසකට හම්බවෙලයි තිබුනේ. පොඩි අප්සට් එකකට තිබුනේ උපාසක වලිබර පූසෙක් කියලා චංචලාට මාට්ටු වෙච්ච එක. ඒකත් ඉතිං එච්චරම අවුලක් වුණේ නෑ. ඔය වගේ සිද්දියකදි වලියට ගියෙ නැත්තං ඒ කොල්ලගෙන් ඇති වැඩේ මොකද්ද නේද?
අපි ඇස් දෙකකින් ලෝකෙ දිහා බැලුවට, ලෝකෙ අපි දිහා ඇස් දාහකින් විතර බලනවා කියලා කතාවක් තියනවා නොවැ! කොහොම වුණත් මේ සිද්දියෙන් අපේ උපාසක ඉගෙනගත්තෙ ඒ ඇස්වලින් බාගයක්ම අයිති වෙන්නේ මිනිස්සුන්ට නෙවෙයි, සත්තුන්ට කියලා.
Friday, December 24, 2010
චංචලා - 3 (අයිස්ක්‍රීම් කෑම)
ඉතිං යාලුවනේ ඔයාලට මතක ඇතිනෙ අපේ උපාසකයි චංචලායි ගොඩ ගියෙ කොහොමද කියලා. තවම ඒ ගැන කියෙව්වෙ නැති යාලුවො ඉන්නවානං ගිහින් ඒ කතා දෙක මුලින්ම කියවලා එන්නකෝ
චංචලා - 1
චංචලා - 2
ඉතිං 12 වසරෙදි පටන් ගත්ත මේ ආදර සම්බන්දෙ නිසා අපේ උපාසකට ගොඩක් රසවත් සිද්දි වලට, අප්සට් සීන් වලට ෆේස් කරන්න වුණා. අද අපි කියන්න යන්නෙ උපාසකට වෙච්ච ඒ වගේ රසවත් සිද්දියක් ගැන.
දැන් ඉතිං මේ වෙද්දි අපේ උපාසකගෙ ලව් එක හොදට නැගලා යනවා. මෑන්ස් අර තමන්ගෙ තිබුන සියලු ආඩම්බරකම් අතඇරලා දාලා මේ වෙද්දි චංචලාට බොක්කෙන්ම ලව් කරනවලු. කොටින්ම මේ වෙද්දි දෙන්නට දෙන්නා දකින්නෙ නැතුව දවසක්වත් ඉන්න බැරි තත්ත්වයක් තමයිලු තිබුනෙ. අපි කලිනුත් කිව්වා වගේ චංචලා ඒ ලෙවල් වලට කළේ කොමර්ස්. උපාසක කළේ මැත්ස්. ඉතිං මේ දෙන්නාට එකම සබ්ජෙක්ට්ස් කරන කපල් වලට වගේ ක්ලාස් වලදි මීට් වෙන්න චාන්ස් එකක් තිබුනෙ නෑ.
ඉතිං මේ ප්‍රශ්නෙට විසදුමක් විදිහට ජෝඩුව කළේ වෙනම අමතර පන්තියක් දාගත්ත එක. සතියෙ කතා කරගත්තු දවසක චංචලා එකවුන්ටින් ක්ලාස් එකකට යනවා කියලා ගෙදරින් එනවා. උපාසක ෆිසික්ස් ක්ලාස් එකකට යනවා කියලා ගෙදරින් එනවා. අන්තිමට ඉතිං දෙන්නා කරන්නේ ඉස්කෝලෙන් පස්සෙ සෙට් වෙලා ක්ලාස් එක පවත්වන එක. ඒ වගේම ගොඩක් වෙලාවට මේ ක්ලාස් එක පවත්වන්නෙ ගෝල්ෆේස් එක පැත්තෙලු.
ඉතිං මේ අමතර පන්තිය ඉවරවෙලා ගෙදර යන ගමන් පිටකොටුවෙ කඩේකින් කෑම කාලා යන්නත් මේ දෙන්නා අමතක කරන්නෙ නෑ. මොකද අපේ උපාසක මොන වැඩේ තිබුනත් කන බොන වැඩේට ඒවායින් කිසිම පාඩුවක් කරගන්නේ නැහැ නොවැ!
ඉතිං මේ වැඩේ වෙලා තියෙන්නෙත් ඔය අමතර පන්තියක් තිබුන දවසක. එදා අපේ යාලුවො දෙන්නට හිතුනලු ගෙදර යන ගමන් චිකන් ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනෙයි කියලා. ඉතිං මේ දෙන්නා කරලා තියෙන්නෙ වෙනදා කෑම කන කඩෙන්ම චිකන් ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරන එක. හැබැයි ඕඩර් කළාට මොකද, වේටර් කාරයා පිගන් දෙක උස්සගෙන එද්දි තමයි දෙන්නට තේරිලා තියෙන්නෙ බරපතල මානුෂික මෙහෙයුමක් කරන්න වෙන බව. මොකද ඒ කඩේ ෆ්‍රයිඩ් රයිස් එක්ක දෙන චිකන් කෑල්ල ගඩොල් බාගයක් වගේ මහ විසාල එකක්ලු.
අපේ උපාසකනං ඉතිං කුකුලෙක්වම දුන්නත් බෑ නොකියා කන පූසා. හැබැයි මේ චිකන් කෑල්ලෙ සයිස් එක දැකලා චංචලාගෙනං ඇස් දෙකත් උඩ ගියාලු. මේක දැකපු උපාසකට තේරුණාලු චංචලා ෆේස් කරලා ඉන්න බරපතල සිටුවේෂන් එක. ඉතිං අපේ උපාසකත් "පවුනෙ පොඩි එකී" කියලා තීරණය කළාලු චංචලාට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනෙයි කියලා. මෑන්ස් ඊටපස්සෙ කළේ චංචලාගෙ ප්ලේට් එකේ තිබුන චිකන් කෑල්ල පොඩි පොඩි කොටස් වලට කඩලා දුන්න එක. මේ අතරෙ ඉතිං පොඩි කෑලි එකක් දෙකක් උපාසකගෙ බඩටත් ගියයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේද යාලුවනේ?
ආ...කලින් කියන්න බැරිවුණානෙ. එදා මේ දෙන්නා කඩේට එද්දි කඩේ තිබුන හැම ටේබල් එකකම මිනිස්සු හිටියලු. ඉතිං අපේ කපල් එකට වාඩිවෙන්න වෙලා තියෙන්නෙ තව මනුස්සයෙක් හිටපු ටේබල් එකක. අපේ උපාසක අර චිකන් කෑල්ල කොටස් කීරීමේ මෙහෙයුම දිහා මේ මෑන්සුත් ඉතිං බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියලු. පස්සෙ මෑන්ස් කළේ උපාසකත් එක්ක හොද ෆ්‍රෙන්ඩ්ලි හිනාවක් දාපු එක. අපේ උපාසකත් ඉතිං මෑන්ස් එක්ක හොද හිනාවක් දාලා චංචලා එක්ක කෑම එක කන්න පටන් ගත්තලු.
ටේබල් එකේ හිටපු මනුස්සයා කාලා ඉවරවෙලා එතනින් නැගිටලා ගියෙ ඊටත් ටික වෙලාවකට පස්සෙ. තවත් ටික වෙලාවකින් කඩේ හිටපු වේටර් කෙනෙක් තඩි අයිස්ක්‍රීම් කප් දෙකක් උස්සගෙන උපාසකලා හිටපු ටේබල් එක පැත්තට එනවලු. මේක දැකපු අපේ පූසාට දවල් තරු පෙනුනලු. ඇයි දෙයියනේ බස් එකේ යන්න විතරයි සල්ලි ඉතුරු. මේ යකාට හැබෑටම පිස්සුද ඕඩර් නොකරපු අයිස්ක්‍රීම් ගේන්න???
උපාසක :- අයියා, අපි අයිස්ක්‍රීම් ඕඩර් කළේ නෑනෙ...
වේටර් :- මේ ටේබල් එකට කියලා තමයි මටනං කිව්වෙ මහත්තයා
උපාසක :- කවුද කිව්වෙ? අපිනං ඕඩර් කළේ නෑ. මට හොදටම ෂුවර්. අනික අපි බත් කාලා ඉවරත් නෑනෙ.
උපාසක මෙහෙම කියනකොටම එතනට තවත් මෑන්ස් කෙනෙක් ආවලු. බැලින්නං ඒ තමයි අර ටේබල් එකේ ඉදලා, පූසත් එක්ක හිනාවක් එහෙම දාලා, නැගිටලා ගිය මෑන්ස්.
මෑන්ස් :- මල්ලි මමයි ඔයාලා දෙන්නාට අයිස්ක්‍රීම් ඕඩර් කළේ. බිල මගේ ගානෙ දැම්මා. ඔය දෙන්නා හැමදාම ඔයවගේ සතුටින් ඉන්න. මගේ සුභපැතුම් ඔය දෙන්නාට
මෙහෙම කියපු මෑන්ස් ඉක්මනටම ආපහු හැරිලා ගියෙ උපාසකටයි චංචලාටයි එයාට ස්තුති කරන්නවත් වෙලාවක් ඉතුරු නොකර. මේ සිද්ද වෙච්ච සිද්දිය ගැන අපේ යාලුවො දෙන්නාට හරිම පුදුමයි. හැබැයි ඒ වෙද්දි හොදටම හවස්වෙලා තිබුන හින්දා, පුදුම වෙවී නාස්ති කරන්න තරම් වෙලාවක් චංචලාලට ඉතුරු වෙලා තිබුනෙ නෑ. කොහොමහරි ඉතිං ඒ මෑන්ස්ට හිතින් පින් දිදී දෙන්නා අයිස්ක්‍රීම් දෙකත් ඉවර කරලා ඉක්මනට ගෙදර ගියාලු. හැබැයි එදායින් පස්සෙ කවදාවත් අපේ කපල් එකට මේ මනුස්සයාව ආපහු මුණගැහුනෙ නෑ.
ප.ලි - අදටත් උපාසක දන්නෙ නෑ ඒ මෑන්ස් කවුද? ඇයි එහෙම කළේ? කියලා. ඒත් කොහෙහරි ඉදලා එයා බ්ලොග් ගඩොල් කියවනවානං, එදා පිටකොටුවේ නීලගිරියෙදි සිද්දවුණ මේ සිද්දිය ගැන උපාසක ගොඩක් සතුටු වෙන බවත්, එයාට ගොඩක් ස්තුති කළා කියලත් කියන්න කැමතියි. සමහරවිට සාමාන්‍ය දෙයක් වගේ පෙනුනත්, ආදරය කරන දෙන්නෙකුට ඒක විශේෂ අත්දැකීමක්............
Wednesday, December 22, 2010
චංචලා - 2
ඉතිං යාලුවනේ අද දවල් දාපු චංචලා 1 කොටසට ලැබුනු ප්‍රතිචාර දැකපු අපි තීරණය කළා චංචලා 2 කොටසත් අදම දාන්න ඕනෙයි කියලා. ඉතිං 1 කොටස කියවපු යාලුවො දැනටමත් දන්නවා ඇතිනෙ අපේ උපාසක චංචලාගෙන් යාලුවෙන්න අහන්න පාවිච්චි කොරපු උප්පරවැට්ටිය ගැන. දැන් මේ වෙද්දි මෑන්ස් උපාය ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. ඒත් මේ වැඩේ ප්‍රතිඵලේ මොකක් වෙයිද කියලා මෑන්ස්ට ලොකු ෂුවර් එකක් තිබුනෙනං නෑ.
දැන් ඉතිං ඉරිදා දවසත් උදා වෙලා. උපාසක දැන් සෑහෙන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ සදුදා දවස උදා වෙනකං. වෙනදා ඉක්මනට කැරකෙන ඔරලෝසුවෙ කටුව එදා හිමින් කැරකෙනවා වගේ තමයි අපේ පූසාට තේරුනේ.කොහොමහරි ඉතිං හවස් වෙද්දි මෑන්ස් අලුතින් ගත්ත ෆෝන් එකෙන් චංචලාට කෝල් එකක් එහෙමත් දුන්නලු ඊළග දවසෙ අනිවාර්යයෙන්ම අර ගෑනු ළමයව බලන්න එන්නයි කියලා. සදුදා දවසෙත් ඉස්කෝලෙ ගිය උපාසක එදා දවසෙ වැඩිපුරම කර කර හිටියෙ මෑන්ස්ගෙ ඔරලෝසුව දිහා බල බලා හිටපු එකලු.
උපාසකලගෙ ඉස්කෝලෙ ඉදලා ගම්පහ පැත්තට ට්‍රේන් එකේ යන ළමයි සාමාන්‍යයෙන් කරන්නෙ මරදානෙ ගාමිණී හෝල් එක ළගට 120 බස් එකක ගිහිල්ලා, පිටිපස්සෙ ගේට්ටුවකින් ස්ටේෂන් එකට ඇතුල් වෙන එක. එහෙම එන්නෙ 2.20 ට මරදානෙන් ගම්පහ පැත්තට යන කෝච්චිය අල්ලගන්න. ඔය ගම්පහ, වේයන්ගොඩ පැත්තට යන ගොඩක් ඉස්කෝලෙ ළමයි ගියෙ මේ කෝච්චියෙ තමයි. ඉතිං කලින් කිව්ව විදිහට අපේ උපාසක මරදාන ස්ටේෂන් එකට එදා ආවෙ වෙනදාටත් වඩා ගොඩක් කලින්.
මෑන්ස් විනාඩි ගානක් 3 වෙනි වේදිකාව පුරාම රේඩාර් එකෙන් බැලුවම අන්තිමට පුලුවන් වුණාලු චංචලාව හොයාගන්න. හැබැයි පොඩි කොස්සකට තිබුනෙ චංචලා ස්ටේෂන් එකේ හිටියෙ තව කෙල්ලො සෙට් එකක් එක්ක වෙච්ච එක. ඉතිං කෙල්ලො විස්සක් විතර ඉන්න තැනට ගිහිල්ලා චාටර් වෙන්න බැරි හින්දා අපේ උපාසක තීරණය කළාලු ගම්පහදි කෝච්චියෙන් බැස්සාට පස්සෙ චංචලා එක්ක කතා කරන්න. මෙහෙම හිතාගෙන අපේ පූසා කළේ චංචලා එක්ක පොඩි පැණි හිනාවක් එහෙම දාලා කෝච්චියෙ වෙන පෙට්ටියකට නැග්ග එක.
කොහොමහරි ගම්පහදි කට්ටිය ට්‍රේන් එකෙන් බහිද්දි, මරදානෙදි චංචලාව පිරිවරාගෙන හිටපු මාර දූතිකාවො ටික පේන්න හිටියෙ නෑ. චංචලා හිටියෙ තනියම. ඉතිං අපේ උපාසකට මේක දැකලා සතුට ඉතිරෙන්න ගත්තලු. මෑන්ස් කළේ වහාම චංචලා ළගට ගිය එක. උපාසකව දැක්ක ගමන්ම චංචලා ඇහුවේ අර ගර්ල් කොහෙද කියලා. ඒ වුණාට තමන්ගෙ හිතේ තියෙන දේ ගම්පහ බස්ටෑන්ඩ් එක මැද්දෙදි චංචලාට කියන්න උපාසක කැමති වුණේ නෑ. මෑන්ස් කළේ චංචලාවත් කතා කරගෙන ගිහිං ගම්පහ - පූස්ගම බස් එකක පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙච්ච එක.
චංචලා :- කෝ අර ඔයා කියපු ගර්ල්? අද ඉස්කෝලෙ ඇවිත් නැද්ද??
උපාසක :- මොකද නැත්තෙ? එයා අද ආවා. මම එයාගෙන් අහන්න තමයි අද බලාගෙන ඉන්නෙ.
චංචලා :- මොනවා? කෝ දැන් එයා?
උපාසක :- මේ...මේ... චංචලා,.....මම...එදා කිව්වෙ වෙන කවුරුත් ගැන නෙවෙයි........ඔයා ගැන....ඔයා තමයි ඒ ගර්ල්
මේ කතාව අහපු හැටියෙ ඇස් දෙක ලොකු කරගෙන උපාසක දිහා බලපු චංචලා, ඊට පස්සෙ කළේ උපාසක දිහා බලන්නෙ නැතුව බස් එකේ වීදුරුවෙන් එළියෙ අහක බලාගෙන හිටපු එක. දැන් මොනවා කරන්නද? යාලුවෙන්න ඇහුවට උත්තරයක් ලැබුනෙත් නෑ. ඒ මදිවට වෙන අහන්න දෙයක් උපාසකගෙ ඔලුවට එන්නෙත් නෑ. ඉතිං උපාසකත් කළේ කරගන්න දෙයක් නැතුව ඔහේ බලාගත්තු අතේ බලාගෙන හිටපු එක.
දැන් මේ වෙද්දි බස් එකත් යන්න පටන් අරගෙන. ඉතිං බලාගෙන ඉදලා බැරිම තැන අපේ උපාසක තමන්ගෙ කටහඩ ආයෙත් අවදි කළාලු.
උපාසක :- චංචලා, මම අහපු දේට ඔයාගෙ උත්තරේ මොකද්ද?
චංචලා :- ...............................................................................
උපාසක :- මට කැමතිද අකමැතිද කියලා විතරක් කියන්න. ඔයා මොනවා කිව්වත් මම ඔයත් එක්ක තරහා වෙන්නෙ නෑ
චංචලා :- ...............................................................................
මේ විදිහට තමන් දන්න හැම ශිල්පෙම දාලා ඇහුවත් චංචලාගෙ කටින් නෙවෙයි වචනයක්වත් පිටවුණේ. අපි කලින් ලිපියෙදිත් කිව්වා වගේ, අපේ උපාසක කියන්නෙ ඉතිං කොහොමත් කෙල්ලන්ගෙ ගනං බලන්න අකමැති පූසෙක් නොවැ! ඉතිං මේ වෙද්දි මෑන්ස්ටත් අසුහාරදාහට ෆ්ලවර් ජම්ප් වෙලා. තවත් සෙකන්ඩ් වෙන්න බෑ කියලා තීරණය කරපු උපාසක චංචලාට මෙහෙම කිව්වලු.
උපාසක :- හරි, මම මෙතන ඉන්න එක ඔයාට කරදරයක්නෙ. මම එහෙනං නැගිටලා යන්නං. මම ඊළග හෝල්ට් එකෙන් බහිනවා.
චංචලා :- පොඩ්ඩක් ඉන්න උපාසක, මට ඔයා මෙතන ඉන්න එක කරදරයක් නෙවෙයි.
මෙහෙම කියපු චංචලා ආපහු බිම බලාගත්තලු. පොඩි හිනාවක් ගියත් ඒක පිටට පෙන්නන්නෙ නැතුව, අපේ උපාසක ඊළගට කිව්වෙ මෙන්න මෙහෙම
උපාසක :- හරි, එහෙනං මට දැන් වචනයක් දෙන්න පුලුවන්ද?
චංචලා :- මට ඒ ගැන තව හිතන්න ඕනෙ. මම ඔයාට ලබන සතියෙ උත්තරයක් දෙන්නං
යකෝ තව සතියක් තිස්සෙ තැම්බි තැම්බි ඉන්න පුලුවන්ද? අපේ උපාසක මේ වැඩේටනං කොහොමවත් කැමති වුණේ නෑ.
උපාසක :- ඔයා අකමැතිනං මට ඒක කෙලින්ම කියන්න. මම වෙන අය වගේ ඔයාට කරදර කර කර පස්සෙන් එන්නෙ නෑ.
චංචලා :- එහෙම දෙයක් නෙවෙයි, මට තව දුරටත් මේ ගැන හිතන්න ඕනෙ. මම එහෙනං හෙට ඔයාට මගෙ තීරණේ කියන්නං.
චංචලා මෙහෙම කිව්වම ඉතිං උපාසකටත් ඒකට එකග වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනෙ නෑ. මොනවා වුණත් කෙල්ල අකමැති නෑනෙ කියලා හිත හදාගත්තු උපාසක එදා ගෙදර ගියෙ දහසකුත් බලාපොරොත්තු හිතේ හිර කරගෙන. ඊළග දවසෙ උදේ ස්කූල් වෑන් එකට නැග්ග උපාසක, මාලුකට්ටාටත් කලින් දවසෙ වෙච්ච සිද්දිය ගැන ෆුල් රිපෝට් එකක් දුන්නලු. මාලුකට්ටාගෙ අදහස වුණෙත් චංචලා උපාසකට කැමති වෙයි කියලා.
ඉතිං එදා හවසත් කලින් දවසෙ වගේම උපාසක ගෙදර ගියෙ කෝච්චියෙ. චංචලායි උපාසකයි එකිනෙකාව දැක්කත්, චංචලාගෙ පරිවාර සේනාව හින්දා එයා එක්ක කතාකරන්න විදිහක් උපාසකට තිබුනෙ නෑ. ඒ හින්දා කලින් දවසෙ වගේම දෙන්නා කතා කරන්න සෙට් වුණේ පූස්ගම - ගම්පහ බස් එක ඇතුලෙදි. ඉතිං චංචලා එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු උපාසක, කලින් දවසෙ අහපු ප්‍රශ්නෙ එදත් චංචලාගෙන් ඇහුවලු.
උපාසක :- ඉතිං චංචලා, ඔයා මොකද කියන්නෙ මම ඊයෙ අහපු දේට?
චංචලා :- .........................................................................................
උපාසක :- ඔය ඉතිං!!! ඔයා අදත් මාත් එක්ක කතා කරන්නෙ නෑනෙ
චංචලා :- උපාසක ඔයා මගෙ හොදම යාලුවෙක්. මම බෑ කිව්වොත් ඔයා මාත් එක්ක තරහා වෙනවද?
උපාසක :- නෑ නෑ!! තරහා වෙන්න ඕනෙනං මම ඔයාගෙන් යාලුවෙන්න අහන්නෙ නෑනෙ. ඉට්ස් ඕකේ. ඔයා අකමැතිනං මට ඒක කියන්න. මම ඔයත් එක්ක තරහා වෙන්නෙ නෑ.
මෙහෙම පොරටෝක්ස් දුන්නට මොකද, අපේ පූසා අනිත් පැත්තට හරවලා පපුව උඩට බිත්තරයක් කඩලා දැම්මනං ගේමක් නැතුව හොද ඔම්ලට් එකක් හදාගන්න තිබුනා. දැන් චංචලා ආපහු කතා කරන්නෙ නැතුව ඉන්නවා. හරියට නිකං රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම් එකක ජයග්‍රාහකයා එනවුන්ස් කරනවා වගේ. ටික වෙලාවක් මෙහෙම හිටපු චංචලා අන්තිමේදි තමන්ගෙ තීරණේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාලු.
චංචලා :- .........................(අහක බලාගෙන) මම ඔයාට.........කැමතියි
මේක ඇහුවාමනං අපේ උපාසකට ඇතිවුණේ වචනෙන් විස්තර කරන්න බැරි මට්ටමේ සතුටක්. ඒ වුණාට ඉතිං මේ කියපු දේ කොන්ෆර්ම් කරගන්න එපායැ! නැත්තං බැරිවෙලාවත් කනේ වංගු හින්දා වැරදි උත්තරයක් ඇහුනාද දන්නෙ නෑ නොවැ!
උපාසක :- ඔයා මොකද්ද කිව්වෙ? මට හරියට ඇහුනෙ නෑ
චංචලා :- මම කැමතියි
උපාසක :- කාටද?
චංචලා :- වෙන කාටද? ඔයාට තමයි. මම ඔයාට කැමතියි.
මේක ඇහුවට පස්සෙනං උපාසක පැයක් දෙකක් යනකං ජීවත් වුණේ වෙනම ලෝකෙක. මෑන්ස්ගෙ හිතට මාරම ෆිට් එකක් තමයි ආවෙ. වචනෙන් කියන්න බැරි සතුටක් අපේ පූසගෙ හිත ඇතුලෙ ඇතිවෙලා. ඉතිං සතුට වැඩිකමට අපේ පුරුපුරුටයි, ඤාව්වාටයි, මාලුකට්ටාටයි පූස්ගම හන්දියෙ කඩේකින් එදා හවස උපාසක ගානෙ කොත්තු කන්නත් හම්බවුණාලු. හැබැයි එදා හවස වැස්ස වැස්සට පූසො ටික අහුවෙලා උපාසකට හෙම්බිරිස්සාව හැදුන එක තමයි අප්සට් සීන් එකකට වුණේ. ඒකෙන් මේකෙන් වුණේ මෑන්ස්ට තව සතියක් විතර යනකං චංචලාව මීට් වෙන්න බැරිවෙච්ච එක.
චංචලා
ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නෙ අපේ උපාසකගෙ පළවෙනි ආදර කතාව ගැන. මේක හැබැයි එක ලිපියකින් කියන්න පුලුවන් කතාවක්නං නෙවෙයි. අපි දැනට හිතාගෙන ඉන්නෙ මේ කතාව කොටස් 6 -7 කට ඔයාලාට කියන්න. ඒ වගේම මේ කතාව මෙගා නාට්‍ය ස්ටයිල් එකෙන් තොරව ඉදිරිපත් කරන්නත් අපි ෆුල් ගේමක් දෙන්නංකෝ(පළවෙනි කොටස් දෙක ඇරෙන්න).
මේ සිද්දිය පටන් ගන්නෙ අපේ පූසො 12 වසරට ආපු අවුරුද්දෙ. ඒ කියන්නෙ 2004 අවුරුද්දෙ. ඔය කාලෙ අපේ උපාසකයි, මාලුකට්ටායි ඉස්කෝලෙ ගියෙ පූස්ගම ඉදලා කොළඹට දාපු අලුත් ස්කූල් වෑන් එකක. පුරුපුරු තමන්ගෙ ඕ ලෙවල් හොස්ටල් ලයිෆ් එක ඉවර කරලා ඤාව්වාත් ගිය සුපුරුදු ස්කූල් වෑන් එකටම ජොයින් වුණා. ඉතිං උපාසක උදේට ස්කූල් වෑන් එකේ ගියාට මොකද, හවසට ගොඩක් වෙලාවට එන්නේ ගම්පහ කෝච්චියෙලු. මොකද මෑන්ස් ගිය සමහර ක්ලාස් තිබුනෙ සතියෙ දවස්වල ගම්පහ ටවුන් එකේ.
ඔය වගේ ක්ලාස් ආපු දවසක, ගම්පහ බස්ටෑන්ඩ් එක ගාව තියෙන "නිමාකා" කොෆී හට් එකේදි තමයි අපේ පූසා මුලින්ම මේ කියන ලස්සන ගෑනු ළමයාව දැකලා තියෙන්නෙ. ඉතිං මේ ළමයාව මීටරේට වැටුන දවසෙ ඉදලා උපාසක මෙයා ගැන හොයන්න මහා මෙහෙයුමක් දියත් කළාලු. 12 වසරට එනකල්ම පිස්සු නට නටා හිටපු අපේ උපාසකගෙ මංගල ට්‍රයි එක නිසා අනිත් පූසොත් මේ මෙහෙයුමට බැස්සෙ ෆුල් බොක්කෙන්. කොහොමහරි ඊටපස්සෙ තමයි දැනගත්තෙ මේ ගෑනු ළමයාගෙ නම චංචලා කියලා.
පස්සෙ තවත් හොයලා බලද්දි තමයි දැනගත්තෙ චංචලා ඉන්නෙ උපාසකගෙ වාසබවනෙ ඉදලා පොඩි දුරකින් බව. හරියටම කියනවානං ඔය අපේ මාරයා ඉන්න හරියෙ. චංචලා ඉස්කෝලෙ ගියෙ කොළඹ තිබුන ලිප්ටන් කියන බාලිකාවට. හැබැයි ඒ ස්කූල් වෑන් එකකනං නෙවෙයි, ගම්පහට ගිහින් කෝච්චියෙ. හැබැයි මේ වෙද්දි උපාසක කවදාවත් චංචලාව කෝච්චියෙදි දැකලා තිබුනෙ නෑ. ඒ වගේම චංචලා ඒ ලෙවල් වලට කළේ කොමර්ස්.
අනිත් කාරනේ, මේ දවස්වල අපේ පූසොත් එක්ක වලියක් දාගෙන හිටපු රත්ති කියලා කොල්ලෙකුත් චංචලාට බැල්මට් එක දාගෙන හිටියලු. කොටින්ම ඒ වෙද්දි රත්ති චංචලාගෙ යාලුවෙක් බවට පත්වෙලත් ඉවරයි. ඉතිං මේ බුද්ධි තොරතුරු එක්රැස් කරගත්තු අපේ පූසො තීරණය කළාලු උපාසක වහාම චංචලාට ට්‍රයි කොරන්න ඕනැයි කියලා.
ඉතිං අපේ උපාසක කළේ සතියෙ දවස් දෙක තුනක් විතරක් ඉස්කෝලෙ ඉවරවෙලා කෝච්චියෙ එමින් හිටපු එක, දවස් පහක් දක්වා වැඩි කිරීමලු. ඒ වගේම හැම සෙනසුරාදාම උදේ ගම්පහ බස්ටෑන්ඩ් එකට වෙලා චංචලා එනකං බලාගෙන ඉන්න එකත් මෑන්ස් තමන්ගෙ පුරුද්දක් බවට පත් කර ගත්තලු. ඉතිං මෙහෙම ටික දවසක් යද්දි චංචලා එක්ක ෆිට් වෙන්න අපේ පූසාට අමාරු වුණේ නෑ. කොටින්ම මාස දෙක තුනක් යද්දි උපාසකයි චංචලායි හොදම යාලුවො වෙලයි තිබුනේ.
මේ වෙද්දි එන පොට හොද නැති බව තේරුම් ගත්තු රත්ති, චංචලාගෙන් යාලුවෙන්න අහලා තිබුනා. ඒත් චංචලා රත්තිට කැමතිවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ උපාසකට තේරුම් ගියා මෑන්ස්ට මේ වැඩේ කරගන්න බැරිවෙන එකක් නෑ කියලා.
කොහොමහරි කොච්චර චංචලා එක්ක ෆිට් එකේ හිටියත් උපාසකට ලොකු ප්‍රශ්නයක් තිබුනා. අපේ උපාසක කියන්නෙ පිස්සුම පිස්සු පූසෙක් කියලත්, මෑන්ස් කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ කියලත් ඔයාලා ශානිගෙ කතාවෙදි කියවලා ඇතිනේ. ඉතිං මෑන්ස්ට තිබුන ප්‍රශ්නෙ තමයි කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න අකමැති එක.කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහීම, ඒ කෙල්ලට සෙකන්ඩ් වීමක් විදිහට තමයි ආඩම්බර උපාසක දැක්කෙ.
දැන් ඉතිං මෑන්ස්ට හිතාගන්න බැහැ තමන් අමාරුවෙන් රැකගත්ත අවුරුදු 17ක ප්‍රතිරූපෙට හානියක් නොවී මේ වැඩේ කරගන්න හැටි ගැන. මේ ගැන ඇහුවාම පුරුපුරු ඇතුලු අනිත් පූසො උපාසකට කිව්වෙ ආඩම්බරකම පැත්තකට දාලා චංචලාගෙන් යාලුවෙන්න අහන්නයි කියලා. ඉතිං කල්පනා කරලා කරලා බැරිම තැන උපාසකත් තීරනය කළාලු ඕන මගුලක් වෙන්නයි කියලා චංචලාගෙන් යාලුවෙන්න අහන්න. මොකද මෑන්ස්ට මේ වෙද්දි තමන්ගෙ ආඩම්බරකමට වඩා චංචලාව ගොඩක් වැදගත් වෙලයි තිබුනෙ.
ඉතිං අපේ උපාසක ඊළග සෙනසුරාදා හවස ක්ලාස් ඉවරවෙලා බස් එකේ යන ගමන්, සුපුරුදු විදිහට චංචලා එක්ක කතාවට එන්ටර් වුණාලු.
උපාසක :- චංචලා, රත්ති ආපහු ඔයාගෙන් යාලුවෙන්න ඇහුවෙ එහෙම නැද්ද?
චංචලා :- ඔව් උපා, දැන් දවස් දෙකතුනක්ම එයා මගෙන් ඇහුවා. ඒත් මම කෙලින්ම එයාට බෑ කිව්වා
උපාසක :- එයාට බෑ කිව්වෙ ඔයාට වෙන බෝයි කෙනෙක්වත් ඉන්නවාද?
චංචලාට වෙන කොල්ලෙක් නෑ කියලා දැන දැනත් උපාසක චංචලාගෙන් ඇහුවලු.
චංචලා :- අයියෝ නෑ, මම රත්තිට කැමති නෑ. ඒකයි බැ කිව්වෙ.
උපාසක :- එතකොට ඔයාට ඇත්තටම බෝයි කෙනෙක් නැද්ද?
චංචලා :- ඔයත් මොනවා කියනවාද මන්දා? මම ඇත්තමයි කිව්වෙ. මට පේන්නෙ ඔයාටනං කවුරුහරි ගර්ල් කෙනෙක් ඉන්නවද කොහෙද? ඔයාගෙ හැටියටනං ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතිවෙන්න විදිහක් නෑ.
උපාසකට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද නැද්ද කියලා චංචලා ඒ වෙනකොටත් හරියටම දැනගෙන හිටියෙ නෑ. මොකද කොච්චර ෆිට් එකේ හිටියත් දෙන්නා මේ වෙනකංම ඔය ආදරය වගේ මාතෘකා ගැන එච්චරම කතා කරලා තිබුනෙ නෑලු. ඉතිං මේ අහපු පුරස්නෙට අපේ උපාසක උත්තර දුන්නෙ මෙහෙමයි.
උපාසක :- දැනටනං මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. හැබැයි මම කැමති ගර්ල් කෙනෙක්නං ඉන්නවා. එයා තවම මම එයාට කැමතියි කියලා දන්නෙ නෑ.
චංචලා :- අයියෝ, ඇයි ඔයා තවම එයාගෙන් ඇහුවෙ නැත්තෙ. ඕන ගෑනු ළමයෙක් ඔයාට උඩින්ම කැමති වෙයි. ඒක නෙවෙයි, කවුද ඒ ලකී ගෑනු ළමයා? මෙහෙ ක්ලාස් එන එක්කෙනෙක්ද?
උපාසක :- ඔව්, එයත් අපේ වයසෙමයි.
චංචලා :- එහෙනං සමහරවිට මමත් එයාව දන්නවා ඇති. මම ඔයාට පුලුවන් උදව්වක් කරන්නම්
උපාසක :- ඔව් ඔව්!! ඔයා එයාව දන්නවා. උදව් කරන එකට තැන්ක්යූ වෙරි මච්. හැබැයි මේ වැඩ හින්දා මගෙයි එයාගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් නැතිවෙයිද දන්නෑ?
චංචලා :- පිස්සුද අනේ? ගෑනු ළමයි එහෙම තරහා වෙන්නෙ නෑ
දැන් ඉතිං අපේ උපාසකට ෆුල් හැපීලු. මොකද තමන් ට්‍රයි කරන කෙල්ලම කියනවා අහන්නයි කියලා. ඒ මදිවාට උදව් කරන්නං කියලත් කියනවා. ඉතිං උපාසක චංචලාට කිව්වලු ඊළග සදුදා මේ ගර්ල්ව චංචලාට අනිවාර්යයෙන් පෙන්නනවයි කියලා.
Monday, December 20, 2010
මහා මාට්ටු වීම (Getting Caught Red Handed)
ඉතිං යාලුවනේ අද අපි හදන්නේ අපේ පුසන්ගේ 11 වසරෙ අන්තිම කතාවත් ඔයාලට කියන්න. මේ සිද්දිය සිද්දවුණේ අපේ පූසො සෙට් එක 11 වසරෙ මුල හරියෙ ඉන්නකොට. අපේ යාලුවො දන්නවනෙ, හැම අවුරුද්දෙම මුල් මාස කීපය ඉස්කෝලෙ ළමයින්ට ටිකක් විනෝදෙන් ඉන්න පුලුවන් කාලයක් බව. විශේෂයෙන් පිරිමි ඉස්කෝලවල මේ කාලෙට තියෙන්නෙ ගොඩක් නිදහස් වටාපිටාවක්. ඉතිං මේ වෙද්දි පුරුපුරුලා හිටපු කුරුදුවත්ත ඉස්කෝලෙ කොල්ලන්ටත් බිග් මැච් උණ හැදිලයි තිබුනෙ.
බිග් මැච් සීසන් එකට ඉතිං කොල්ලො හැමෝම පන්තියෙ ඉන්න වෙලාවක් හොයාගන්න එක, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ලේසි වැඩක්. ඉස්කෝලෙන් පැනලා ට්‍රකින් යන එක, ගර්ල්ස් ස්කූල් වලට පනින එක, බීච් එකට ගිහින් අනුමත වෙන එක වගේ දේවල් තමයි මේ කාලෙට කොල්ලන්ගෙ ටයිම් ටේබල් එකේ තියෙන්නෙ.ඉතිං මේ කියන අවුරුද්දෙ බිග් මැච් දවස්වලත් අපේ පුරුපුරු, උපාසක, මාලුකට්ටා වගේම පන්තියෙ අනිත් කොල්ලන්ගෙන් බහුතරයකුත් හිටියෙ ඉස්කෝලෙන් එළියෙලු.
මේ සිද්දිය වුණ දවසෙත් අපේ ගොඩක් යාලුවො හිටියෙ ඉස්කෝලෙන් එලියෙ. එක එක කට්ටිය කණ්ඩායම් විදිහට, එක එක තැන් වලට විසිරිලා ගිහින්ලු. අපේ පූසො සෙට් එක තවත් යාලුවො කට්ටියක් එක්ක එදා ගියෙ, මහා උපාසිකාවගෙ ගෙදර තාප්පෙ සායම් පිරියම් කරලා දීලා මහා පිනක් කරගන්න. පන්තියෙ හිටපු තව සෙට් එකක් කළේ සිප්පි කටු අහුලන්න බීච් එක පැත්තෙ යන එක. ඒත් මේ හැමෝටම හොරෙන් තවත් කීප දෙනෙක් සෙට් වුණේ වෙනමම වැඩකට යන්නලු.
හැමෝටම හොරෙන් කිව්වට ඉතිං, අපේ උපාසකටයි පුරුපුරුටයිනං ආරාධනාවක් ලැබුනා වැඩේට සහභාගි වෙන්න කියලා. ඒ වුණාට ඉතිං අපේ පූසන්ගෙ තියෙන සදාචාරසම්පන්නභාවය හින්දයි, තාප්පෙ පේන්ට් කරන වැඩේට යන්න තිබුන හින්දයි, පූසො තීරණය කළා මේ ගමන නොගිහින් ඉන්න. ඒ වුණාට ඉතිං යාලුවන්ට කරන උදව්වක් විදිහට පුරුපුරු කැමති වුණාලු මේ කට්ටියට බෑග් ටික තියලා යන්නයි, ඇදුම් මාරු කර ගන්නයි හොස්ටල් පහසුකම් ලබාදෙන්න.මොකද ඉතිං පන්තිය ඇතුලෙ බෑග් තියලා ගියොත් කට්ටියව අහුවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි නොවැ!
දැන් අපේ යාලුවො බලනවා ඇති මොකද්ද මේ කට්ටිය කරන්න ලෑස්ති වෙන වැඩේ කියලා. කලබල වෙන්න දෙයක් නෑ, කට්ටිය ලෑස්ති වෙන්නෙ මේ පොඩි චිත්‍රපටියක් බලන්න යන්න. එක අතකට බලද්දි ඒක ඉතිං නරක වැඩකුත් නෙවෙයිනෙ නේද?
කොහොමහරි ඉතිං මේ කට්ටිය පුරුපුරුට ස්තුති කරලා චිත්‍රපටිය බලන්නත් ගියා. හැබැයි අපේ යාලුවො ටික ෆිල්ම් හෝල් එකට ඇතුලුවෙන තැනදි ගහලා තිබුන "ඇඩල්ට්ස් ඔන්ලි" කියන වාක්‍යයනං දැක්කෙම නෑලු. ඇතුලට ගියාට පස්සෙනං වියදම් කරපු සල්ලි අපරාදෙනෙ කියලා ෆිල්ම් එක බලන්න හිත හදාගන්න ඇති. එහෙම නැත්තං අහක බලාගෙන හිටියාද කියලා කියන්නත් බෑ.කොහොමහරි කට්ටියට පුලුවන් වුණා ෆිල්ම් එකත් බලලා හවස ඉස්කොලෙ ඇරෙන්න කලින් ආපහු ඉස්කෝලෙට එන්න.
ඒත් පන්තියට එන්නත් කලින්ම අපේ යාලුවො සෙට් එකට අහන්න ලැබුනෙ මහ දරුණූ මට්ටමේ බ්‍රේකින් නිව්ස් එකක්.මෙන්න බොලේ ඉස්කෝලෙ ගේට්ටුව ළගදිම පන්තියෙ යාලුවෙක් දුවගෙන ඇවිත් අපේ ෆිල්ම් බලන්න ගිය සාමාජිකයෙක් වෙච්ච බූජිට මෙන්න මෙහෙම කියපි
යාලුවා :- මචං බූජි, අන්න උඹලගෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙට ඇවිත් අපේ මිස් එක්ක කතා කර කර ඉන්නවා. කට්ටිය ඉස්කෝලෙ හැම තැනම උඹලාව හොයනවා
බූජි :- මොනවා, මළ කෙලියයි, ඒ මොකද බං? මම උදේ අම්මලාට කෝල් කරලා කිව්වනෙ මම අද ගෙදර එද්දි ටිකක් පරක්කු වෙයි කියලත්
යාලුවා :- ඒක මම දන්නෙ නෑ. ගිහිං බලපං. මොකක් හරි ලොකු අවුලක් වගේ තමයි පේන්නෙ
මේක අහපු අපේ යාලුවො කට්ටියත් ඉතිං පපුව ගැහි ගැහී පන්තිය පැත්තට දිව්වලු. බැලින්නං ඇත්තටම බූජිගෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙට ඇවිල්ලා. මෑන්ස්ව දැක්ක ගමං පොරගෙ අම්මා බූජිට බැන බැන අඩන්න පටන් ගත්තලු. තාත්තා මෑන්ස් දිහා රවාගෙන බලන් ඉන්නවාලු. බැලින්නං අපේ යාලුවො සෙට් එක ඉස්කෝලෙන් හොරෙන් පැනපු බව, ෆිල්ම් බලපු බව විතරක් නෙවෙයි, ඒකෙ රගපාපු නිළිය ගැනත් ඔක්කොම විස්තර බූජිගෙ ගෙදර කට්ටිය දන්නවලු.
දැන් ඉතිං අපේ යාලුවො කට්ටියට ෆුල් හොල්මන්ලු මොකද්ද මේ සිද්ද වෙලා තියෙන්නෙ කියලා. මොකද මගදි දන්න අදුරන කවුරුවත් හම්බවුණේවත් නෑ. ඒ මදිවට ෆිල්ම් එකේ හිටපු නිළියගෙ විස්තර දන්නෙ කොහොමද? කොහොමහරි ඉතිං පන්ති බාර ජීනු මිස් කළේ කට්ටියටම අනිත් දවසෙ ඉස්කෝලෙ එද්දි ගෙදරින් එක්කගෙන එන්න කියලා නියෝග දුන්න එක. ඊටපස්සෙ අපේ ෆිල්ම් සෙට් එකේ බුවාලා කළේ පහුවදා උදේ පාන්දරම තමන්ගෙ දෙමව්පියොත් එක්ක ඉස්කෝලෙට ආපු එක. ඒත් තාමත් කට්ටිය දන්නෙ නෑ සිද්දිය බූජිගෙ ගෙදරට ලීක් වුණේ කොහොමද කියලා.ඇයි ඉතිං කටක් ඇරලා අහන්න පුලුවන්ද "තාත්තෙ ඔයාලා කොහොමද සිද්දිය දැනගත්තෙ" කියලා?
දැන් ඉතිං අපේ යාලුවො කට්ටිය ගැහි ගැහී ජීනු මිස් ඉස්සරහා පෝලිමට ඉන්නවලු. මොකද මේ සිද්දිය ප්‍රින්සිපල් ගාවට ගියොත් ඉතිං අනිවා සතියක් දෙකක් ඉස්කෝලෙන් නිවාඩු ගන්නයි වෙන්නෙ. ඒ මදිවාට ගෙවල් වලිනුත් සිද්දිය දැනගත්ත හින්දා, ලැජ්ජාවට කට්ටියගෙ ලස්සන මූණු ටික ගොරකා මද වගේ රතු වෙලා. ඊටපස්සෙ තමයි ජීනු මිස් දෙමව්පියොත් ඉස්සරහා කට්ටියට පැහැදිලි කළේ මොකද්ද සිද්දවෙලා තියෙන්නෙ කියලා.
අපේ බූජි උදේ ගෙදරට කතාකරලා මෑන්ස් හවස ගෙදර එන්න පරක්කු වෙනවා කියලා කිව්වනේ. කොහොමහරි මෑන්ස්ගෙ ෆෝන් එකේ කී පෑඩ් එක ලොක් කරලා තිබිලා නැහැ. ඉතිං බූජි කෝල් එක ඉවරවෙලා ෆෝන් එක ආපහු සාක්කුවට දාගත්තට පස්සෙ ටික වෙලාවකින්, බැරිවීමකින් ෆෝන් එකේ කෝල් බට්න් එක එබිලා. ඒ වෙද්දි කට්ටිය ෆිල්ම් එක බලලා ඉවරවෙලා රේල් පාරක් අයිනෙ ඇවිදගෙන එන ගමන් තමයි ඉදලා තියෙන්නෙ. ඉතිං අන්තිම කෝල් එක අරගත්තේ මෑන්ස්ගෙ ගෙදරට හින්දා බැරිවීමෙන් යැවුන කෝල් එක කනෙක්ට් වුනෙත් මෑන්ස්ගෙ ගෙදරටමයි.
කොහොමහරි ඉතිං ගෙදරට ආපු කෝල් එක ආන්සර් කරපු බූජිගෙ අම්මාට ඇහිලා තියෙන්නෙ යාලුවොත් එක්ක හිනා වෙවී කෑ ගහන තමන්ගෙ පුතාගෙ වොයිස් එක. මේක අහපු අම්මත් කරලා තියෙන්නෙ කෝල් එක කට් කරන්නෙ නැතුව තමන්ගෙ පුතා කියන්නෙ මොනවද කියලා දිගටම අහගෙන ඉදපු එක. අපේ කට්ටියත් ඉතිං මගදිගට එන ගමන් ෆිල්ම් එක ගැන, ඒකෙ රගපාපු නිළියගෙ අගපසග ගැන එහෙම හොද සාහිත්‍ය විචාරයක යෙදිලා තියනවා. ඒවා අහගෙන හිටපු බූජිගෙ මෑණියන්ට ෆ්ලවර් ජම්ප් වෙච්ච එක ඉතිං අහන්නත් දෙයක්ද?
ඒ මදිවාට ඔය වෙලාවෙ කට්ටිය හිටපු තැනින් කෝච්චියකුත් ගිහිල්ලා. ඉතිං ඒකෙ සද්දෙන් අම්මා දැනගන්න ඇති තමන්ගෙ පුතා ඉන්නෙ කොහේහරි රේල් පාරක් අයිනෙ කියලා. කුරුදුවත්ත ඉස්කෝලෙ අහලකින්වත් කෝච්චි යන්නෙ නෑ කියලා දන්න බූජිගෙ අම්මා ඊළගට කළේ, මෑන්ස්ගෙ තාත්තාවත් ඇදගෙන වහාම ඉස්කෝලෙට ආපු එක. කොහොමහරි ඉතිං බූජිලාගෙ ෆිල්ම් බලපු වැඩේ අතේ මාට්ටු. පන්තිබාර ජීනු මිස්ගෙ මනුස්සකමට මේ සිද්දිය එතනින් එහාට ගියෙ නෑ. මිස්ගෙන් කට්ටිය ලුණුඇඹුල් ඇතුව අහගත්තාට පස්සෙ වැඩේ හිමීට ෂේප් වුණා.
බූජිලාටත් ඉතිං පිස්සු. අපේ පූසො වගේ ගනයක් කාරිය බලාගෙන හිටියනං ඔය ප්‍රශ්න මොනවත් එන්නෙ නෑ නොවැ! කොහොමහරි ඉතිං ඔය සිද්දියෙන් පාඩම් ඉගෙන ගත්තු බූජි ඇතුලු පිරිස හොද ළමයි බවට පත්වුණා. ඊටපස්සෙ ඒ කවුරුවත් කවදාවත්, තමන්ගෙ ෆෝන් වල කිපෑඩ් අන්ලොක් එකේ තියාගැනීම වගේ නරක වැඩ කළේ නෑ.
ඒ වගේම වරදට සහාය දීම කියන චෝදනාව යටතේ අපේ පුරුපුරුටත් මිස් ඉස්සරහා නඩු පැවරුණාලු. මොකද කට්ටියට ඉස්කෝලෙන් පනින්න උදව් කළේ අපේ පුරුපුරු නොවැ! ඉතිං අපේ පූසො තාප්පෙ පේන්ට් කරන්න ගිය සිද්දියත් එතනින්ම මිස්ට මාට්ටු. කොහොමවුණත් උපාසිකාවගෙ ඉස්කෝලෙ දීප්තිමත් ආදිශිෂ්‍යාවක් වෙන ජීනු මිස්, තමන්ගෙ ඉස්කෝලෙ තාප්පෙ පේන්ට් කිරීම ගැන පූසන්ට මොනවත් කිව්වෙ නෑ. මොකද මේ කාලෙ පේන්ට් බාස්ලා අයකරන ගනන් ඇහුවාම මිස්ට හිතෙන්න ඇති පූසො තමන්ගෙ ඉස්කෝලෙට කරලා තියෙන්නෙ කොයිතරම්නං සේවයක්ද කියලා.
දැන්නං ඉතිං බූජි කොළොම්පුර පැත්තෙ සක්වල තක්සලාවක තමයි කාලෙ ගෙවන්නෙ. මේ වගේ කතාවක් කියෙව්වට පස්සෙ අපේ යාලුවො හැමෝමත් ඉතිං බූජිලා ඉගෙන ගත්ත පාඩමම ඉගෙනගන්න ඕනෙ හොදේ..........!!!
Sunday, December 19, 2010
ඔන්න පූසොත් ගියාලු!
අද සිංහල බ්ලොග් අවකාශෙට ගොඩක් වැදගත් දවසක්! මොකද අද තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ දෙවෙනි වාර්ෂික සුහද හමුව තිබුනෙ. මීටින් එක තිබුනෙ බේරෙ වැව අයිනෙ වුණාට ඉතිං වැඩේ එලකිරිස් වගේ ඕගනයිස් කරලා තිබුනා. ඒ වෙනුවෙන් ඔන්න සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට අපෙන් උණුසුම් සුභපැතුම් සහ ස්තුතිය පිරිනමනවා.
දවල්ට කන්න හම්බවුන වෙජිටේරියන් මීල් එකත් එලකිරි වගේ තිබුනා. අපේ මුචලින්දනං සෙකන්ඩ් ෂයි බැට් කරන්න හදලා සහයට ඩැනී කෙනෙක් නැති හින්දා වැඩේ අල්ලලා දැම්මලු. මේ ගැන වැඩි විස්තර ඉතිං අපේ මාරයා අයියත් ගෙදර ගිය ගමන්ම දාලා තිබුනා.කට්ටිය වැඩි විස්තර ඉතිං එතනින් බලාගන්නකෝ
ඒ වගේම බ්ලොග්අවකාශෙ කලින් දැකලා තිබුනෙ නැති යාලුවො ගොඩදෙනෙක් අදුනගන්න ලැබීම ගැන අපේ පූසන්ටත් හරිම සතුටුයිලු. හසියා, හසී, ප්‍රියන්ත, තිස්ස දොඩන්ගොඩ, මාරයා අයියා, මුචලින්ද, ලිශ්, ගයන්ත, ගෝල්ඩ් ෆිෂ්, ජීව්, මාධව, සුපුන් සුදාරක ඇතුලු සාහිත්‍ය සංගමේ කස්ටිය, වත් අක්කි, කුෂාන් සහ ෆා ද බ්ලොගී ඇතුලු යාලුවො හැමෝම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා. ( මෙතන කාගෙ හරි නමක් කියවුණේ නැත්තං තරහා වෙන්න එපාලු හොදේ, නම් ටික පැටලිලා අපේ පූසො ටිකත් අඤ්ඤකොරොස් වෙලා නොවැ ඉන්නෙ)
ඒ වගේම අපේ ජීව්ගේ ඉමිහිරි කටහඩින් ගැයුන බුටාන්විත සිංදුව අහලා පූසන්ටත් තරුණ කාලෙ සිද්දි දෙක තුනක් මිටරේට ආවලු.ඒ වගේම ජීව්ගේ මගුල් ඇනිවසරියටත් පූසන්ගෙන් සුභපැතුම්!!!
කවුරු අහිංසකයි කිව්වත් අපේ මාරයා අයියගෙ මාර පෙනුම අපේ උපාසකගෙ කැමරා ඇහැට හොදට අහුවෙලා තිබුනලු. එහෙනං කට්ටිය ගිහින් මූණුපොතෙන් ඒකත් බලාගන්නකෝ........
මේ දේවලුත් එක්ක, අද මීටින් එකට ආපු නැති අපේ යාලුවො කට්ටියත් හිටියනං ඉතිං මල් හතයි. අපේ සිකා, හා පැටික්කි, කතන්දරකාරයා, ළමයා, හසිත, රන්දිල් අක්කි, අභීත, පැන්ඩා, කැන්ඩි එහෙම ඒවි කියලා අපි හිතුවත් ඉතිං මුං ටික ආවෙ නෑ නොවැ!
අපේ දුමී, දුකා, පිස්සයියා, පුතා, වැම්පි, මකරාට එහෙමනං පොඩි එක්ස්කියුස් එකක් දෙන්න ඇහැකි රට ඉන්න හින්දා
ආ...තව දෙයක් කියන්න තියනවා. ගිය අප්‍රේල් මාසෙ අග හරියෙදි හදන්න පටන් ගත්ත අපේ බ්ලොග් තාප්පෙ හදන්න මේ වෙනකොට ඔන්න 10000 දෙනෙක්ටත් වඩා අත් උදව් දිලා තියනවලු. ඒ වගේම අපේ යාලුවො කට්ටිය දැන් 50000 සැරෙකටත් වඩා මේ තාප්පෙට නැගලත් තියනවලු.
ඉතිං මේ උදව් කරපු යාලුවො හැම දෙනාටම අපේ පූසො සෙට් එක මේ වෙලාවෙ ඤාව් ඤාව් ගාලා ස්තුති කරනවා........!!!
Saturday, December 11, 2010
හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day) - 2
ඉතිං ඊටපස්සෙ ඉතුරු බීම ටික ඔක්කොම බොන්න වුණේ පුරුපුරු, පොන්ටින් සහ සලා ඇතුලු කීප දෙනෙක්ටලු.දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක එකතු වෙලා ඇති පදමට අනුමත වෙනවා.හැබැයි ඉතිං කට්ටිය තවම පොඩි කොල්ලො නිසා අනුමත වෙලා එච්චර පලපුරුද්දක් නෑ.ඉතිං ඉතුරු බෝතල් දෙකහමාරෙන්, එකහමාරක් විතර ඉවර වෙද්දි එතන හිටපු එක කොල්ලෙක්වත් කෙලින්, හොද සිහියෙන් යන්න පුලුවන් මට්ටමක හිටියෙ නෑලු.
දැන් මාර කේස් එක.බෝතලයක්ම ඉතුරුයි.හැබැයි එතන ඉන්න කොල්ලන්ට බොන්න කෝප්පෙ අල්ලගන්නත් බැරි තරමට වෙරි.ඒ මදිවට බයිට් පැකට් එකත් බිම හැලිලා.ඉතිං අමාරුවෙන් තව උගුරක් දෙකක් බිව්ව අපේ යාලුවො සෙට් එක බොන එක නැවැත්තුවෙ, ඉතුරු මීවිත ටික කුස්සියෙ උයන කට්ටියටවත් දෙන්න ඕනෙයි කියලා.
හැබැයි ඉතිං බීම නැවැත්තුවට මොකද, එක්කෙනෙක්ටවත් ආපහු ඩෝම් එකට යාගන්න බැහැ.හැමෝම යන්න නැගිටිනවා, ආපහු ඉන්න තැනම ඇදගෙන වැටෙනවා.ඉතිං අපේ කට්ටිය වෙරි ටිකක් හිදෙනකං පැයක් විතර හදපානෙ ක්‍රිකට් නෙට්ස් ඇතුලෙ ඇලවෙලා හිටියලු.ඒ තමන් හොස්ටල් ඉන්න දවස්වල කරපු එක එක වීරක්‍රියා ගැන කතා කර කර.ඒ වැඩ ඉතිං ආයි කවදා කරන්නද?
ඔහොම ටිකක් වෙලා යනකොට ඉතිං යන්තං නැගිටගන්න පුලුවන් වෙන තරමට කට්ටියගෙ වෙරි හිදුනලු.දැන් ඉතිං අපේ පොන්ටින්ට ඕනෙ මොකක් හරි පිස්සුවක් නටන්න.මෑන්ස් කළේ මුලු ග්‍රවුන්ඩ් එක පුරාම දුව දුවා පිනුම් ගහන්න පටන් ගත්තු එක.දැන් අනිත් කොල්ලන්ට වෙරි නිසා මෑන්ස් පස්සෙ දුවන්නත් බෑ.හැබැයි පොන්ටින්ව කොහොමහරි නවත්තගන්නත් ඕනෙ.මොකද නැත්තං මෑන්ස් කරන පිස්සු වැඩ වල හැටියට මේ දිවිල්ල කොහෙන් නතර වෙයිද දන්නෑ.
හොද වෙලාවට පොන්ටින් දිව්වේ කොටියා සර්ගෙ ගේ දිහාවට නෙවෙයි, රීඩ් මහත්තයාගෙ පාරට යාබදව තිබුන තාප්පෙ පැත්තට.ඒත් අපේ යාලුවන්ගෙ ඇස් උඩගියේ පොන්ටින් තාප්පෙ දිගේ උඩට බඩගානවා දැක්කාමලු.බැලින්නං මෑන්ස් බැරි බැරි ගාතෙ ට්‍රයි කරන්නෙ තාප්පෙන් එහා පැත්තට පනින්නලු.මේක දැක්ක අපේ යාලුවො සෙට් එක විගහට දුවගෙන ගියාලු පොන්ටින් පනින එක නවත්තන්න.ඒත් කට්ටිය තාප්පෙ ළගට යනකොටත් මෑන්ස් එහා පැත්තට පැනලා ඉවරයි.
මට වෙරි නැතෝ!...මට වෙරි නැතෝ!!..............
පොන්ටින් කෑ ගහනවා.අනිත් කොල්ලො කොච්චර කතා කළත් මෑන්ස් ආපහු ඇතුල් පැත්තට එන්නෙත් නෑලු.ඒ මදිවට මෑන්ස් ඇතුලට ගන්න අනිත් අයට එළියට යන්නත් බෑ, මොකද කට්ටියටම අම්බානට අනුමත වෙලා.ඉතිං අපේ සලා කරපු වැඩේ විදේශ ආධාර ගේන්න ඩෝම් එක පැත්තට දුවගෙන ගිය එක.
මේ අතරෙ පුරුපුරුට තරු පෙනුනෙ පොන්ටින්, රීඩ් මහත්තයගෙ පාර පැනලා සක්වල තක්සලාව පැත්තට දුවනවා දැක්කම.මෑන්ස් අම්බානට අනුමත වෙලා.පොර කළේ සක්වල තක්සලාවෙ කලුපාට යකඩ වැටේ එල්ලිච්ච එක.
මට කැම්පස් යන්න ඕනේ!...මට කැම්පස් යන්න ඕනේ!!.................
පොන්ටින් මරහඩ තලනවා.දැන් මෙහෙම ගියොත්නං සක්වල තක්සලාවෙ සික්කො ටික ඇවිල්ලා පොන්ටින්ව අල්ලගන්නවා ෂුවර්.වෙලාවට පොලෝසියෙන් පේන්නත් නෑ.නැත්තං ඉතිං කට්ටිය ඉස්කෝලෙ ඉදලත් ඉවරයි.පුරුපුරු මෙහෙම බයවෙලා ඉන්නකොට තමයි, සලාගෙ පණිවිඩේ ලැබිච්ච "නිර්වෙරි" කොල්ලො ටික එතනට දුවගෙන ආවෙ.වෙලාව හොද නිසා තවත් විනාඩි දෙක තුනක් ඇතුලත මෑන්ස්ව අල්ලගෙන තාප්පෙන් මෙහා පැත්තට දාගන්න කට්ටියට පුලුවන් වුණාලු.
කොහොමහරි ඉතිං වැඩේ ගොඩින් බේරිච්ච නිසා හැමෝටම සතුටුයි.ඉතිං අපේ යාලුවො කට්ටිය ඩෝම් එක පැත්තට ගියෙ පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතාගෙන.කොහෙද? යනකොට කට්ටිය ටීවී එක දාගෙන ගන බලනවා.බැලින්නං යාලුවො ටික බලන්නේ ඒ දවස්වල තියාගෙන පට්ටගහපු "ටාර්සන් එක්ස්" කියන පරණ ගනේ.ඒ වුණාට ඉතිං "සම්තින් ඉස් බෙටර් දෑන් නතින්" කියලා හිතපු පුරුපුරුත් තීරණය කළා අවසන් ගන බැලිමට සහභාගි වෙන්න.
තීරණය කළාට මොකෝ, පුරුපුරුට වාඩිවෙන්න පුටුව හොයාගන්න බෑ.මේ වෙද්දි මෑන්ස්ට හැමදේම දෙක වෙලාලු පේන්නෙ.ඉතිං තනි පුටුව පුටු දෙකක් වගේ තමයි පුරුපුරුට පේන්නෙ.මැන්ස් කළේ හිතේ හෝදිසියට එක පුටුවක වාඩිවෙච්ච එක.
තීරණය කළාට මොකෝ, පුරුපුරුට වාඩිවෙන්න පුටුව හොයාගන්න බෑ.මේ වෙද්දි මෑන්ස්ට හැමදේම දෙක වෙලාලු පේන්නෙ.ඉතිං තනි පුටුව පුටු දෙකක් වගේ තමයි පුරුපුරුට පේන්නෙ.මැන්ස් කළේ හිතේ හෝදිසියට එක පුටුවක වාඩිවෙච්ච එක.
දඩාස්..........
මහා සද්දයක් එකක් මෑන්ස් ඇදගෙන බිම වැටුනලු.බැලින්නං පුරුපුරු වාඩි වෙලා තියෙන්නෙ මනඃකල්පිත පුටුවෙ.ඇත්ත පුටුව තිබිලා තියෙන්නෙ එහා පැත්තෙන්.දැන් මොනවා කරන්නද? නැගිටගන්නත් බෑ.ඉතිං අනිත් යාලුවො ටික එකතු වෙලා මෑන්ස්ව උස්සලා ඇදක් උඩට දැම්මලු.විනාඩියක් යන්න කලින් අපේ යාලුවා ගොරව ගොරවා නිදි.
පහුවදා පුරුපුරු නැගිටිද්දි ගොඩක් උදේ වෙලා.මෑන්ස් නැගිටින්න කලින් මාලුකට්ටා ගහපු ෆෝටෝ එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නෙ.කොහොමහරි ඉතිං බොගට ගිහින් කබරයා පාරක් එහෙම දැම්මට පස්සෙ පුරුපුරුගෙ තිබුන වෙරි ගතිය නැතිවෙලා ගියාලු.ඊට පස්සෙ කට්ටිය කළේ ලෑස්ති වෙලා ගිහින් කොටියා සර්ට වැදලා ගෙවල් බලා පිටත් වෙච්ච එක.
ඇත්තටම ඒ මොහොත පුරුපුරුගෙ ජීවිතේ ගොඩාක්ම දුක හිතෙන මොහොතක්.අවුරුදු ගානක් එකට හිටපු, පිස්සු කෙලපු සහෝදරයන්ගේ විසිර යාම කියන්නෙ විශේෂ අත්දැකීමක්.බ්ලොග් පෝස්ට් සීයක් ලියලත් පැහැදිලි කරන්න බැරි අමුතුම අත්දැකීමක්.ඒක හින්දා අපි ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ.කොහොමහරි හොස්ටල් එක තමන්ගෙ ජීවිතේ එක්ක කොච්චර බැදිලාද කියලා කට්ටියම තේරුම් ගත්තෙ එදා තමයි.කොල්ලන්ගෙ ඇස් වල කදුලු පිරිලා.කොටියා සර්ගෙ ඇස්වලත් කදුලු පිරිලා.
මේ විදිහට අපේ මාලුකට්ටාගෙ හොස්ටල් ජීවිතේ එදා අවසාන වුණා.එතකොට පුරුපුරුගෙ? හොදයි යාලුවනේ, පුරුපුරුගෙ හොස්ටල් ලයිෆ් එකට මොකද වෙන්නෙ කියලා අපිට අනාගතේදි වෙනම සීරීස් එකකින් කියවන්න පුලුවන්.
කොහොමහරි එදා බස්එකේ ගෙදර යද්දි පුරුපුරුටයි, මාලුකට්ටාටයි දැනුනෙ වස පාලුවක්.හැබැයි ඉතිං එහෙම ඉදලා හරියන්නෙ නෑ නොවැ! නිවාඩු කාලෙ කරන්න හොද පිස්සු වැඩ ටිකක් ප්ලෑන් කරන්නත් එපායැ...එහෙනං ආෆ්ටර් ඕ ලෙවල් පූස් ලයිෆ් එක ගැන ඔයාලට මීට පස්සෙ අපි කියන්නංකෝ...
Labels:
අමන්දානන්ද,
පුරු පුරු,
පොන්ටින්,
මාළු කට්ටා,
සංජු,
සලා,
සෙන්සි,
සෝමෙ අයියා
හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day)
මේ වෙද්දි කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියලා ඉවර වෙලයි තිබුනෙ.ඒ කියන්නෙ දෙසැම්බර් අන්තිම දවස් ටික තමයි දැන් ගතවෙන්නෙ.පුරුපුරුටනං විභාගෙ එච්චරම ප්‍රශ්නයක් වුණේ නෑ.ඉංග්‍රීසි සාහිත්‍ය ඇරෙන්න අනිත් ඔක්කොම සබ්ජෙක්ට්ස් හිතේ හැටියට ලියලා ආවා.මාලුකට්ටාටනං ගණං වලත් මොකද්ද අවුලක් ගිහින් තිබුනා.කොහොමහරි ඉතිං හැමදෙනාම මේ දවස්වල බොහොම සැහැල්ලුවෙන් තමයි කාලෙ ගතකළේ.
හොස්ටල් එකේ සාමාන්‍ය ට්‍රැඩිෂන් එක තමයි ඕ ලෙවල් ඉවරවෙලා සතියක් විතර යනකං ගෙවල් වලට නොගිහිං හොස්ටල් එකේම නැවතිලා ඉන්න එක.මේ වැඩේට කොටියා සර්රුත් කිසිම අවුලක් දැම්මෙ නෑ.දැන් ඉතිං කට්ටිය නිල වශයෙන් හොස්ටල් එකෙන් අස්වෙලා නිසා සර්රුත් ඉස්සර වගේ සැරෙන් නැතුව, හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් තමයි අපේ යාලුවොත් එක්ක කතාබහ කළේ.
ඉතිං තමන් හොස්ටල් එකේ ගතකරන අන්තිම සතිය මැක්සා ෆන් එකේ ගතකරන්න කිසිම කොල්ලෙක් අමතක කළේ නෑ.කට්ටියගෙ වැඩේ වුණේම දවස තිස්සෙම සෙල්ලං කරන එකයි, හවස් වෙද්දි රහීමා එක හරි, බම්බා පැත්තෙ හරි යන එකලු.ඒ වගේම රෑට ෆිල්ම් බැලීම, ගන බැලීම, සින්දු කීම, ඒ වගේම ඩෝම් එක ඇතුලෙ සෙල්ලං කිරීම වගේ දේවලුත් සැරට නැගලා ගියාලු.කොහොමහරි අපේ යාලුවො සෙට් එක ඒ දවස් ටිකේ ගත කළේ තමන්ගෙ ජීවිතේ ෆන්ම සතිය කිව්වොත් ඒක වැරදි නෑ.
ඉතිං ඔහොම දවස් ගෙවිලා ගිහින් හොස්ටල් එකේ ඉන්න පුලුවන් අන්තිම දවසත් උදාවුණාලු.සතිය පුරාම කොච්චර ෆන් එකේ හිටියත් අන්තිම දවස උදා වෙද්දිනං කට්ටියම ෆුල් අප්සට් එකේ හිටියෙ.මොකද අවුරුදු ගානක් හිටපු, තමන්ගෙ ජීවිතවල හොදම මතක සටහන් තියෙන, තමන් හැමදාම ආදරය කරපු හොස්ටල් එක දාලා යන්න වෙනකොට කාටද දුක හිතෙන්නෙ නැති වෙන්නෙ?
ඉතිං අන්තිම දවසෙ කට්ටිය උදේම කළේ අන්තිම ක්‍රිකට් මැච් එක ගහලා හොස්ටල් ක්‍රීඩා ජීවිතේට සමු දුන්න එක.ඊට පස්සෙ හොස්ටල් එකේ අන්තිම ලන්ච් එක අපේ යාලුවන්ට ලැබුනලු.වෙනදා ලන්ච් එකට නෑවිත් කැන්ටිමෙන් කන කට්ටිය පවා එදා ලන්ච් එකට ගිහින් කෑම කෑවේ බොහොම ආසාවෙන්.ඊට පස්සෙ අපේ යාලුවො කට්ටියම එකතු වෙලා සින්දු කිව්වලු.වෙනදා හිතේ තරහ මරහ තියාගෙන හිටපු මෑන්ස්ලා පවා එදා කරට අතදාගෙන තමයි සින්දු කිව්වේ.
අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් තමන්ගෙ අන්තිම ප්‍රහාරය විදිහට ලෝඩ් කොක්ට මහා වෝටර් ඇටෑක් එකක් දුන්නලු.ඇටෑක් එකට ලක්වෙච්ච ලෝඩ් කොක්, බලකායෙන් බේරෙන්න දුවන හැටි තමයි ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ.
දැන් ඉතිං හවස් වෙලා.කට්ටියටම ගොඩක් දුකයි.ඉතිං මේ දුක තුනී කරගන්න පොඩ්ඩක් අනුමත වුණොත් නරකද කියලා සකයාගෙන් යෝජනාවක් ආවා.හික්ස්...හොස්ටල් ට්‍රිප් එකෙන් පස්සෙවත් මෑන්ස් හැදිලා හිටියෙ නෑ.ඉතිං මේ යෝජනාව ඒකමතිකව සම්මත වුණේ, වෙනදට බොන්නෙ නැති සෙන්සි වගේ චරිත පවා අනුමත වෙන්න සෙට් වෙලා.ඉතිං කට්ටියගෙන් සල්ලි එකතු කරපු සකයායි, සංජුයි මීවිත අරගෙන එන්න කියලා පිටත් වුණාලු.
හැබැයි නුවරඑළියෙදි වගේ නෙවෙයි, එදානං සකයා මීවිත හොයාගෙන ඉක්මනටම ආපහු ඇවිත් තිබුනා.ප්‍රතිපාදන එහෙමත් යහමින් තිබුන නිසා මේ පාර කාල නාමපත්‍ර දෙකකුයි, රජත නාමපත්‍රයකුයි තමයි අපේ යාලුවො දෙන්නා ගෙනත් තිබුනෙ.ඒ විතරක් නෙවෙයි, බයිට් එකට ලොකු රටකජු පැකට් එකකුයි, ෂැන්ඩි වලට කෝක් මෙගා බෝතලයකුයිත් ගේන්නත් මෑන්ස්ලා අමතක කරලා තිබුනෙ නෑලු.මේ වෙද්දි ඉතිං රෑ වෙලා.දැන් නියමිත වෙලා තිබුනෙ කට්ටියගෙ අවසන් හොස්ටල් අනුමත වීම.
හැබැයි ඉතිං ගොඩක් කට්ටිය මීවිත ගේන්න ප්‍රතිපාදන සැපයුවාට මේ වෙද්දි වැඩේට ටිකක් පස්ස ගහ ගහා තමයි හිටියෙ.ඒ හින්දා අන්තිමට අනුමත වෙන්න ඉතුරු වුණේ කොල්ලො නව දෙනයි.ඒ තමයි පුරුපුරු, මාලුකට්ටා, ජුවාන්, සකයා, සංජු, සලා, පොල්පොට්, පොන්ටින් සහ හොං කොං.අනුමත වෙන තැන විදිහට තෝරගත්තෙ 11 වසර ඩෝම් එක පිටිපස්සෙ තියෙන ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙට්ස් ටිකලු.මොකද මෙච්චර කල් ඉදලා අන්තිම දවසෙ කොටියා සර්ට චාටර් වෙන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ යාලුවො කට්ටියත් සුභ මොහොතින් වැඩේ පටන් ගත්තලු.එදා තමයි අපේ මාලුකට්ටාගෙ මංගල අනුමත වීම.
ටිකක් වෙලා යද්දි මෙන්න බොලේ මාලුකට්ටා අම්බානට බොනවා.මෑන්ස් නිකං වතුර බොනවා වගේ තමයි අනුමත වුණේ.ඉතිං අනිත් කොල්ලො කට්ටිය ෆුල් හොල්මන් මාලුකට්ටා කොහොමද මෙච්චර හොද බෙබා ඩයල් එකක් වුණේ කියලා.කියන්න බෑනෙ, මෑන්ස් වැඩේට බෝර්න් ටැලෙන්ටඩ් පොරක්ද දන්නෙ නෑනෙ.ඔහොම ඉන්නකොට තමයි කට්ටියට තේරුණේ පළවෙනියට ගත්තු රජත නාමපත්‍රෙ බාගයක් ඉවර වෙන්නත් කලින් කෝක් බෝතලේ ඉවර වීගෙන එන බව.
මේක දැකපු අපේ යාලුවන්ට තරු පෙනුනලු.පස්සෙ ෆුල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බැලින්නං මාලුකට්ටා තමයි කෝක් බෝතලේට ගේම දීලා තියෙන්නෙ.පොර කරලා තියෙන්නෙ කෝකුයි, අරක්කුයි 20:1 අනුපාතෙට විතර දාගෙන අනුමත වෙන එක.ඉතිං එතන කෝක් රස මිසක් අරක්කු රසක් එන්නෙම නෑ නොවැ.ඒ හින්දා තමයි මාලුකට්ටාට පුලුවන් වුණේ වතුර බොනවා වගේ අනුමත වෙන්න.
මේක දැනගත්තු අනිත් කොල්ලන්ට ෆ්ලවර් ජම්ප් වුණත් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.කට්ටියට වැඩේ මීටර් වෙනකොට වෙන්න ඕනෙ ඩැමේජ් එක වෙලා ඉවරයි.ඉතිං අන්තිමට එතන හිටපු කට්ටියගෙන් තුන් හතර දෙනෙක් (මාලුකට්ටාත් ඇතුලුව) ෂැන්ඩි නැතුව බොන්න බැහැයි කියලා නැගිටලා ගියාලු.ඒත් ඉතිං ෂැන්ඩි නැහැයි කියලා මේවා විසිකරන්නයැ! අන්තිමට පුරුපුරු, පොන්ටින් ඇතුලු කීප දෙනෙක්ට තමයි ඉතුරු වෙච්ච මීවිත වලට වග කියන්න සිද්ද වුණේ.මොකද දැන් අමද්‍යප වුණාට ඒ දවස්වල අපේ පුරුපුරුත් හොද ඇල්කොහොලික් ඩයල් එකක්.
ඉතිං බීලා වැඩිවෙච්ච කොල්ලන්ට මොකද වුණේ, ඒ වගේම අනිත් කොල්ලන්ට මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු.(ඊළග කොටසින් කතාවයි සීරීස් එකයි දෙකම ඉවරයි)
Tuesday, December 7, 2010
හොස්ටල් ලයිෆ් - වැහි වතුරේ රගර් කෙළිය
ඔන්න ඉතිං ගොඩ දවසකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න පූසන්ට අවස්ථාව ලැබුනා.හොස්ටල් ලයිෆ් සීරීස් එක ඉවර වෙන්නත් ගොඩක් ළගයි.ඉතිං අද අපි කියන්න යන්නෙ වැහි වතුරෙ රගර් සෙල්ලං කරන්න ගිහින් අපේ යාලුවන්ට වුණ ඇබැද්දියක් ගැන.
ඔය කොළොම්තොට පැත්ත, පොඩි වැස්සකට පවා වතුරෙන් යටවෙන හැටි ගැන අපේ යාලුවන්ට ඉතිං අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනෙ නැහැ නොවැ!හැබැයි ඉතිං දැන් වගේ නෙවෙයි ඉස්සර, වැහි වතුරෙන් යට වුණාට පස්සෙ ඒ වතුර ටික ලේසියෙන් බැහැලා යන්නෙත් නෑ.අනිවා දවස් දෙකක් විතර වතුර පිරිලා තියනවාමයි.කොහොමහරි දැන්නං උදේ යට වුණත් හවස් වෙනකොට වතුර ටික බැහැලා යනවා.ඉතිං පුරුපුරුලා ගිය කුරුදුවත්ත ඉස්කෝලෙත් මේ ගංවතුර තර්ජනයට නිතරම ලක්වෙන තැනක්ලු.
වැස්ස දවස්වලට හොස්ටල් එකේ තිබුන තත්ත්වය ගැන අපි කලින් ලිපියකිනුත් කිව්වා නොවැ!ඒ මොනවා උනත් ඉතිං හොස්ටල් එකේ කොල්ලො සෙට් එක බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නෙ වැහැලා ඉස්කෝලෙ යට වෙනකං.මොකද එතකොට වතුරෙන් යටවෙච්ච පිට්ටනියට පැනලා රගර් ගහන්න කට්ටියට පුලුවන්නෙ.
සාමාන්‍යයෙන් වැස්සෙ හරි වැහි වතුරෙ හරි සෙල්ලං කරන එක හොස්ටල් ළමයින්ට තහනම් කරලයි තිබුනෙ.මොකද ඊටපස්සෙ කට්ටිය ලෙඩ හදාගත්තම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙන්නෙත් කොටියා සර්ටම නොවැ!එහෙම සෙල්ලං කරලා අහුවුණොත් ඉතිං අහුවුණ එකාට දෙයියන්ගෙවත් පිහිටක් හම්බවෙන්නෙ නෑ.ඒත් ඉතිං ඔය මොන තහනම තිබුනත් පුරුපුරුලා වැස්සෙ සෙල්ලං කරන එක නවත්තන්න කාටවත් බැරිවුණාලු.සාමාන්‍යයෙන් ඔය වැහිකෙළියෙ අනිවාර්ය සාමාජිකයො වුණේ පොන්ටින්, පුරුපුරු, ජුවාන්, වන්නියා, අමන්දානන්ද සහ හොංකොං ඇතුලු කොල්ලො කට්ටියක්.
ඉතිං මේ සිද්දිය සිද්ද වුණෙත් කොළඹට බොහොම තදින් වැස්ස වැටුන දවසක.ඒ වගේම දැන් අපේ යාලුවො කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියන්න දවස් කීපයයි ඉතුරුවෙලා තිබුනෙ.වැටෙන වැස්සෙ තරමට මුලු ග්‍රවුන්ඩ් එකම වතුරෙන් යටවෙලාලු.ඒ මදිවට ගොරව ගොරවා අකුණු ගහනවා.මේ වෙලාවෙ තමයි පොන්ටින්ගෙ ඔලුවට මරු අයිඩියා එකක් ආවෙ.මෑන්ස් කළේ ඩෝම් එකේ පැත්තක දාලා තිබුන රගර් බෝලෙ අරගෙන පුරුපුරු ළගට ආපු එක.
පොන්ටින් :- මචං පුරුපුරු, රගර් පාරක් ගහන්න කියාපු දවස.යමුද ග්‍රවුන්ඩ් එක පැත්තෙ?ජුවාන්...හොංකොං...උඹලත් වරෙල්ලා..............
පුරුපුරු :- උඹට පිස්සුද බං? හොදටම අකුණු ගහනවා.විභාගෙටත් දවස් දෙක තුනයි තියෙන්නෙ.ආපහු ඉතිං එග්සෑම් ඉවර වෙලාම සෙල්ලං කරමු.
පොන්ටින් :- අඩෝ, දැන් අකුණක් ගහලා මැරුණොත් මිනිස්සු කියන්නෙ කවදාහරි දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න හිටපු ළමයෙක්නෙ, අනේ අපොයි! කියලා.ඒත් ඉතිං අපි පාඩම් කරන හැටියට පස්සෙ කාලෙක මැරුණොත් මැරෙන්න වෙන්නෙ නිකම්ම නිකං නිකමෙක් වගේ.ඒක හින්දා පස්සෙ මැරෙනවාට වඩා දැන් මැරෙන එක මටනං ලොකු දෙයක්.
මෙහෙම කියපු පොන්ටින් බෝලෙත් අරගෙන තෙමි තෙමී පිට්ටනිය පැත්තට ගියාලු.බලාගෙන ගියාම මෑන්ස් කියන කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.අනික් අතට පුරුපුරුටත් ඔය ෆුට්බෝලයක්, රගර් බෝලයක්, ක්‍රිකට් බෝලයක් දැක්කහම සෙල්ලං නොකර ඉන්න බැරි අමාරුවක් ඇතිවෙනවා.ඉතිං අපේ පූසාත් පොන්ටින් පස්සෙන් පිට්ටනියට ඇදුනලු.ටික වෙලාවකින් මෙන්න ජුවාන්, හොං කොං ඇතුලු සෙට් එකක්ම රගර් සෙල්ලං කරන්න ඇවිත්.
කොහොමහරි 11 වසරෙ ළමයි ටික වැස්සෙ සෙල්ලං කරනවා දැකපු 10 වසරෙ කොල්ලො සෙට් එකකුත් ෆෝම් වෙලා රගර් බෝලයක් අරගෙන එළියට බැහැලා තිබුනා.දැන් පිට්ටනියෙ රගර් මැච් දෙකයි.පුරුපුරුලා සෙල්ලං කළේ පිට්ටනියේ කෙළවර හරියක.ඒක හින්දා නිල නිවාසෙ ඉදන් වටපිටාව බලන කොටියා සර්ගෙ රේඩාර් එකට ඒ අයව අහුවෙන්නෙ නෑ.ඒත් අත්දැකීම් අඩුකම හින්දා 10 වසරෙ ළමයි කට්ටිය සෙල්ලං කරන්න තෝරගත්තෙ පිට්ටනිය මැද හරිය.ඉතිං ඒ අයව කොටියා සර්ගෙ රේඩාර් එකට නිකම්ම අහුවුණයි කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?
ඉතිං හොස්ටල් එකේ කොල්ලො අකුණු ගහන මහ වැස්සෙ සෙල්ලං කරනවා දැක්ක කොටියා සර් කොටියෙක් වගේ මාරාවේශ වුණාලු.සර් කළේ වහාම දිග වේවැලක් අරගෙන, කුඩේකුත් එක්ක පිට්ටනියට බැස්ස එක.සර් එනවත් එක්කම පිට්ටනිය මැද හිටපු 10 වසරෙ කොල්ලො සෙට් එක සර්ට අතේ මාට්ටු.දැන් තව ටික වෙලාවකින් 11 වසරෙ අයියලා කට්ටියත් කොටියා සර්ට මාට්ටු වෙනවා.බේරෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර හිටපු ජුවාන්‍ට මරු අයිඩියා එකක් ආවෙ මේ වෙලාවෙ තමයි.
ජුවාන් :- හොද හුස්මක් අරගෙන වතුරෙ දිගාවෙයල්ලා!!!...........ඉක්මනට........
ජුවාන් කෑ ගැහුවා.අනිත් ළමයිනුත් දිග හුස්මක් අරගෙන වතුරෙ දිගාවුණා.දැන් ඈත ඉදලා පිට්ටනියෙ කෙළවර දිහා බලන කොටියා සර්ට පේන්නෙ මහා වතුර කදක් විතරයිලු.ඇයි ඉතිං කොල්ලො ටික ඉන්නෙ වතුර යට නොවැ!ඉතිං මෙහෙම තත්පරයක් දෙකක් චෙකප් එකක් දාපු කොටියා සර් ආපහු නිල නිවාසෙට යන්න ගියාලු.අපේ යාලුවො කට්ටිය ඔලුව උස්සනකොට සර් පේන්න හිටියෙ නෑ.ඒ වගේම එදා හවස, වැස්සෙ සෙල්ලං කර කර උන්නු 10 වසරෙ ළමයින්ට හොදවයින් ගුටි පූජාවක් දෙන්නත් එතුමා අමතක කළේ නෑ.
එදායින් පස්සෙනං හොස්ටල් එකේ කිසිම කොල්ලෙක් වැස්ස වෙලාවට ග්‍රවුන්ඩ් එක මැද්දෙ සෙල්ලං කළේ නෑලු.
කොහොම හරි ඉතිං දවසින් දවස ගෙවිලා ගිහින් ඕ ලෙවල් විභාගෙත් හොදටම කිට්ටු වුණා.පූසොත් විභාගෙ වෙනුවෙන් බැහැලා වැඩ කරන්න පටන් ගත්තා.
Subscribe to:
Posts (Atom)










