අඹ යාලුවෝ

Wednesday, May 5, 2010

ස්කූල් වෑන් එක


අද අපි කියන්න යන්නෙ ඤාව්වයි පුරුපුරුයි කොහොමද මුලින්ම හම්බවුණේ කියල.

ඔන්න එකෝමත් එක කාලෙක, බොහොම ඉස්සර පුරුපුරුල පදිංචි වෙලා හිටියෙ පූගොඩ පැත්තෙ. එහෙ ඉදලා ඉස්කෝලෙ ගියෙ කොළඹට ගිය පාසැල් වෑන් රථයක. කවුරුත් දන්න බාසාවෙන් කියනවනම් ස්කූල් වෑන් එකක. ඔය දවස්වල පුරුපුරුගෙ තාත්ත වැඩ කරපු තැන සේවක පිරිස ස්ට්‍රයික් කරල මාර ට්‍රයි එකක් දීල සේවා ස්ථානය වහගත්තලු. ඉතින් තවත් පූගොඩ ඉදලා වැඩක් නැති නිසා පුරුපුරුල තීරණය කළාලු පදිංචිය වෙනස් කරල පූස්ගමට පදිංචියට යන්න.

ඔය තීරණයට පුරුපුරුනම් කැමති වුණේම නෑ. මොකද එයාගෙ මුළු ළමා කාලයම අවුරුදු 11ක් ගතකළේ පූගොඩ. ඒත් ඉතිං මොනව කරන්නද? කොහොමහරි ඉතිං තීරණය ක්‍රියාත්මක කළා කියමුකො.

ඔන්න ඉතිං ඒ එක්කම නව සහශ්‍රයත් ලැබුවලු. අලුත් සහශ්‍රයක්, අලුත් ගමක්, අලුත් ගෙදරක් සහ අලුත් ස්කූල් වෑන් එකක්! කොහොමද වැඩේ??

දැන් පුරුපුරුට තියන ලොකුම ගැටලුව අලුත් යාළුවො හොයාගන්න එකලු. උදේ පහමාරට ඉස්කෝලෙට ගෙදරින් ගිහින් ආපහු හවස ගෙදර එන පුරුපුරුට ගමේ කොල්ලො එක්ක සෙට් වෙන එක ටිකක් අමාරු වැඩක් වුණා. ඉතින් ඉස්කෝලෙ යාළුවන්ට අමතරව අලුත් යාළුවො හොයාගන්න ස්කූල් වෑන් එක මරු ස්ථානයක් වෙයි කියල පුරුපුරු හිතුවලු. ඔය හිතුවිල්ලත් එක්කම ඔන්න පළවෙනි දවසෙ වෑන් එකට ගියාලු.

බලන් ගියහම මොන මරුද? මේක නිකං නිදිකුම්බරයන්ගෙ දේවාලයක් වගේනෙ!!

ලොකු කුඩා, ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව හැමෝම නිකං මැරිල වගේ නිදිලු. මෙලෝ රහක් නෑ. වෑන් එක ටිකක් ප්‍රාණවත් වෙලා ආවෙ හවස් වරුවෙ තමයි.

වෑන් එකේ පුරුපුරුගෙ වයසෙ, ඒ කියන්නෙ 8 වසරෙ කවුරුත් හිටියෙ නෑ. කොල්ලො තමයි ගොඩක් හිටියෙ. මරියකඩේ, තුම්මුල්ලෙ, හැම ඉස්කෝලෙකම කට්ටිය හිටියලු. ගෑනු ළමයි නං ටිකයි හිටියෙ. ඒ අතරින් බහුතරයක් ටෙස්ටියුබ් බාලිකාවෙ. (තරහ වෙන්න එපා එහෙම කිව්වට හොදේ! ඊට වඩා හොද නමක් තියනවනම් කියන්න) ලස්සන ගෑනු ළමයි ගොඩාරියයි. පුරුපුරුට එයාලව දැකල ඉහේ මලක් පිපුන වගේලු!! තරුණ කාලෙ නොවැ...

අනේ! බැලින්නං ඔක්කොම ගෑනු ළමයි අක්කලලු. පුරුපුරුගෙ වයසෙ හරි, ඊට වඩා බාල හරි ගෑනු ළමයි කවුරුත් හිටියෙ නෑලු. ඉතිං පුරුපුරුගෙ සියලුම අහස් මාලිගා පට පට ගාල බිද වැටෙන්න පටන් ගත්තා.

ස්කූල් වෑන් එකේ ගොඩක් හිටියෙ පිරිමි ළමයි නිසා එක පිරිමි ළමයෙක්ට ගෑනු ළමයි එක්ක සීට් එකේ වාඩි වෙන්න වෙනවලු. ඉතින් පුරුපුරු අලුත් නිසා කොල්ලො ටික එකතු වෙලා රැග් එකක් විදිහට එයාව ගෑනු ළමයි එක්ක වාඩි කෙරෙව්වලු. පුරුපුරුත් කියයි එපා කියල!!

පස්සෙ තමයිලු දැනගත්තෙ ඔය සීට් එකේ යන එක පුරුද්දක් කරගත්තු කොල්ලෙක් හිටිය වග. එදා මෑන්ස් ඉස්කෝලෙ ගිහින් නෑ. නම ඤාව්වලු. දැන් හෙට ඤාව්වා ආවම පුරුපුරු කොහෙද වාඩි වෙන්නෙ?? ඤාව්ව කියන්නෙ මොනවගේ ඩයල් එකක්ද?? මොකද උනේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද!

16 comments:

  1. ආසාවෙන් කියෙව්ව. ඊ ළගට මොකද වෙන්නෙ.

    ReplyDelete
  2. :D :D ඉක්මනින් දාමු නේ......

    ReplyDelete
  3. "පිස්‍සු පූසෝ සැට් වුණු හැටි"

    ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න හරී.. එල..

    ReplyDelete
  4. මරු කතා ට්ක. බ්ලොග් ගඩොල් කතා ටික නැගල යනව. තව දාන්න :D

    ReplyDelete
  5. බොහොම ස්තුතියි යාලුවනේ! හෙටම දෙන්නම් ඊළග කොටස

    ReplyDelete
  6. මොනවද ඉතින් අම්බානට කන්න ඇති.

    ReplyDelete
  7. බ්ලොග් ගඩොල් එකත් අර ලාස්ට් රෝ වගේ ෆුන් කතා ටිකක් වගේ... දාන්න දාන්න... තව

    ReplyDelete
  8. කැගැස්සෙනා බන් මල්ලියෙ... නියමයි...

    ReplyDelete
  9. මුල ඉඳන් කියවගෙන යන්න හිතුවා ඔන්න...දුර ඉඳන් යනකොට ඔහොම තමා කැන්ඩිගේ ස්කූල් වෑන් එකෙත් කෂ්ටිය භාගයක් දුරට යනකන් මරනින්දෙ තමයි ගියේ නැගිටිබ්න්නේ ඇත්තටම එළිය වැටුනම තමා......
    :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  10. මේ බ්ලොග් ගඩොල් ලා වැරදි කතාවක් කියල මගෙ ආදරණීය විශාකාවට..හ්ම්ම් ගඩොල් ඔක්කොම කුඩු කරල දාන්නයි හිතෙන්නෙ... :(

    ReplyDelete
  11. ගඩොල් ඔක්කොම හොඳය්..... විශාකාවන්ට පාවිච්චි කරපු නම තමය් හරියන්නේ නැත්තේ.............
    එක ගඩොල් එකක් නරක් උනාම එකේ තියෙන quality එක බහිනවා!

    ReplyDelete
  12. All around nice stories..Brings back great memories..:D

    But I don't lyk the name u have used for the girls school u are referring to.. :(
    Why don't u change the name to Bambalapitiya girls school?

    (Sorry for commenting in English, I don't have sinhala fonts yet)

    Anishka

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???