අඹ යාලුවෝ

Showing posts with label රෝහණදීර. Show all posts
Showing posts with label රෝහණදීර. Show all posts

Saturday, December 8, 2012

හයවෙනි ඉන්ද්‍රිය


ඔයාලා දන්නවද හයවන ඉන්ද්‍රිය ගැන? අපේ පූසො සෙට් එකටනම් එහෙම එකක් තියෙනවා. මොකක් හරි අසමජ්ජාති වැඩක් වෙන්න යනකොට ඒක පූසන්ගෙ හයවෙනි ඉන්ද්‍රියට දැනෙනවලු.

ඔන්න ඉතිං අද අපි කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්චි සිද්දියක් ගැන. 2008 අවුරුද්දෙ තමයි මේක වුණේ. මේ වෙද්දි උපාසක කොළඹ පැත්තෙ නැවතිලා තොරතුරු තාක්ෂණය ගැන පාඨමාලාවක් හදාරමිනුයි හිටියෙ. ඉතිං මාසෙකට දෙවතාවක් විතර සති අන්තයෙ තමයි මෑන්ස් ගෙදර ආවෙ.

මෙහෙම සෙනසුරාදා දවස් කීපයකදිම ගෙදර එද්දි ගම්පහ ස්ටේසමේදි උපාසකගෙ රේඩාර් එකට අහුවුනු ගෑනු ළමිස්සියෙක් හිටියා. සුදු පොඩි බෝලයක් වගේ ගෑනු ළමයෙක්ලු ඉතිං. ගම්පහ ස්ටේසමේ ඇතුලෙ තියෙනවලු එක ප්ලැට්ෆෝර්ම් එකක ඉඳලා අනිකට මාරු වෙන්න හදපු පඩිපෙලක්. ඔය පඩිපෙලේ කොළඹට කෝච්චි යන පැත්තෙ පාමුල තියෙනවලු ටැප් එකක්. ඉතිං ඔන්න ඔතනම තියෙන බංකුවෙ තමා මේ ගෑනු ළමයා හැමදාමත් වාඩිවෙලා හිටියේ. අපේ උපාසකත් ඉතිං කරන්නෙ කොළඹ ඉඳන් එන ට්‍රේන් එකේ ඇවිත් අදාල ප්ලැට්ෆෝර්ම් එකෙන් බහින්නෙ නැතුව අනිත් පැත්තෙන් කෝච්චි පාරට පැනලා අර ගෑනු ළමයා ඉන්න හරියෙන් ගොඩවෙන එකයි.

මෙහෙම ඉතිං සති කීපයක් ගෙවිලා ගියාලු. කෝස් වර්ක් එක්ක අම්බානට බිසී හින්දා ඉස්සර චංචලාට ට්‍රයි කරන කාලෙ වගේ ගෑනු ළමයාගෙ විස්තර හොය හොයා කාලයක් තිබුනෙත් නැහැලු අපේ උපාසකට. ඒ නිසා උපාසක තීරනය කළාලු ඉක්මණින්ම වැඩේට එන්ටර් වෙන්න.

ඔන්න ඉතිං ඊළඟ සෙනසුරාදා දවසත්  උදා වුණාලු. උපාසකත් දැන් කොළඹ ඉඳන් කෝච්චියෙ ආවලු. ඇවිත් ගම්පහ නැවැත්තුවට පස්සෙ වෙනදා වගේ රේල පාරට පනින්නෙත් නැතුව, පූසා හෙමීට අහිංසක විදියට පඩිපෙල දිගේ නැගලා එහා පැත්තට සැපත් වුනාලු. සැපත් වෙලා බැලින්නම් මෙන්න වෙනදා වගේම ඉන්නවලු අර ගැනු ළමයත්. මියෙම්වා ‍රැකෙම්වා කියලා හිතට පූස් ධෛර්යය අරගත්තු අපේ පූසා කෙලින්ම ගිහින් වාඩි වුණාලු අර ගෑනු ළමයා ගාවින්. අනේ මේ කෙල්ලත් ඉතිං ඔලුව උස්සල බලලා උපාසකට ලාවට හිනාවකුත් දැම්මලු. උපාසකත් ඉතිං පොඩි හිනාවක් එහෙම දාලා කතාවට එන්ටර් වුනාලු.

මේ ගෑනු ළමයා උපාසකට කලින් දැකලා පුරුදු ගතියකුත් තිබුන හින්දම,

උපාසක :- හායි, ඔයා 2006ද ඒලෙවල් කලේ? මට ටිකක් දැකලා පුරුදුයි වගේ ඒකයි ඇහුවෙ.

ගැනු ළමයා :- ඔව්! මම සයන්ස් කළේ, මට මතකයි ඔයා බ්ලැක් ඔෆිසර් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් ආවා.

උපාසක :- (හුටා මාව දන්නවත් වගේ!!! තව මොනව දන්නවද දන්නෙ නෑ.)
 
"ආ...ඔව් ඔව්!! ආවා නේන්නං! එහෙනං ඒක තමා මටත් ඔයාව මීටර් වෙලා තිබුනෙ. මම මැත්ස් කළේ.

ගෑනු ළමයා :- ආ... ඒක තමයි ඔයාව අනිත් ක්ලාස් වලදි දැකලා නැත්තෙ.

(දකින්න ඉතිං මේ ළමයා දන්නෙ නෑ නොවැ අපේ උපාසක ක්ලාස් ගිය හැටි :) )

උපාසක :- ඉතිං මොකක්ද ඔයාගෙ නම? මමනං උපාසක.

ගෑනු ළමයා- මම නිසූපා.

උපාසක- නිසූපා? හ්ම්ම්... නිසූපා ඔයා හැමදාම මේ වෙලාවට මෙතන ඉන්නවා නේද? මොනාහරි ක්ලාස් එකකටවත් යනවද?

නිසූපා - මම යක්කල ආයූර්වේදෙ ඉගෙන ගන්නව අනේ. සෙනසුරාදාට ඉක්මනට ගෙදර එනවා.

උපාසක- ආ... වෙද නෝනා කෙනෙක්නෙ, ඒක හොඳයි හදිස්සියකට ලෙඩකටවත් බේත් ගන්න බැරියැ!!

(අපේ පූසාට තියෙන පික්සුවට තාම බේත් ලොවෙත් නෑලු)

ඔහොම ඉතිං  උපාසක ටෝක් එක ඉතාම සාර්ථක විදිහට ඉස්සරහට අරගෙන ගියාලු. වාසනාවට වගේ ස්ටේශන් එකේ අංකලුත් කෑගහලා කිව්වලු කොළඹ පැත්තට යන කෝච්චිය ලේට් කියලත්. දැන් ඉතිං අපේ මෑන්ස්ට මල් හතයි. දෙන්න ඔහොම පැයක් විතර අනං මනං ඕප දූප කියෝ කියෝ හිටියලු. ඔහොම කතාවෙන් කතාවෙන් උපාසක ඩේටා බේස් එකට දාගත්තු විස්තර තමා මෙව්වා.

නම - නිසූපා.
ඉන්නෙ - ගම්පහයි කොළඹයි අතරේ.
වයස - උපාසකලගෙ වයසේමයි.
අධ්‍යාපනය - යක්කල ආයුර්වේද ආයතනයේ ඉගෙන ගන්නවා.
පවුලේ තොරතුරු - මල්ලියෙක් ඉන්නවා
මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් - දෙන්නම අඳුරන යාලුවොත් ගොඩක් ඉන්නවා.

ඉතිං මෙහෙම කතා කර කර ඉද්දි තමයි තවත් දන්න අඳුරන ඩයල් එකක් ඒ පැත්තට ඇවිදගෙන එනවා උපාසක දැක්කේ. බැලින්නං මෙන්න බොලේ රෝහණදීර කට කනේ හිනාවක් දාගෙන පූසා ඉන්න පැත්තට එනවලු. ඔයාලා දිගටම බ්ලොග් ගඩොල් බැලුවනං රෝහණදීරව අමතක වෙන්න කොහෙත්ම පුලුවන්කමක් නෑ නොවැ! මතකනෙ අර පූස්ගම හොල්ලගෙන හිටපු චණ්ඩියා?

ඔය විදිහට උපාසකව දැක්ක රෝහණදීරත් ඉතිං එතනට ආවලු හිනාවත් දාගෙනම. උපාසකත් ඉතිං රෝහණදීරත් එක්ක කතා කළාලු. හැබැයි මෙහෙම ටික වෙලාවක් කතා කරගෙන යද්දි උපාසකගෙ හයවන ඉන්ද්‍රියට නිකන් අවුල් අවුල් වගේලු.

රෝහණදීර :- ආ මලයා කොහොමද ඉතිං? මොකද මේ පැත්තෙ?

උපාසක :- ඔහෙ ඉන්නවා රෝහණදීර අයියා, මේ බෝඩිමේ ඉඳලා ගෙදර යන ගමන් යාලුවෙක්ව හම්බ වුණා.

රෝහණදීර :- ඉතිං ඉතිං තාම ස්ටඩීස් එහෙම ඉවර නැද්ද? කෝ පූසො සෙට් එක එහෙම? කස්ටිය දැක්කෙවත් නෑ කාලෙකින්.

රෝහණදීර මෙන්න මෙහෙම උපාසකගෙන් ප්‍රශ්න පත්තරයක්ම අහන්න ගත්තලු. උපාසකත් ඉතිං ඒවාට උත්තර දුන්නට පස්සෙ රෝහණදීර එකපාරටම නිසූපා පැත්තට හැරිලා මෙහෙම ඇහුවලු.

රෝහණදීර :- අද කෝච්චි පරක්කුයි වගේ නේද නංගි?

නිසූපා :- ඔව් අයියේ! අද ගොඩක් පරක්කුයි වගේ.

ඔන්න එතකොටයි උපාසකට තේරුනේ මේ දෙන්නත් අදුරන දෙන්නෙක් බව. ඒත් ඉතිං අවුලක් නෑනෙ කියලා හිත හදාගත්තු උපාසක දිගටම රෝහණදීර එක්ක කතාව කරගෙන ගියාලු.

දැන් උපාසකයි, නිසූපයි එක ළඟ වාඩි වෙලා ඉන්නවා, රෝහණදීර ඉස්සරහින් හිටගෙන කතා කරනවා. උපාසකගෙ හයවන ඉන්ද්‍රියත් දිගට හරහට මෑන්ස්ට මැසේජ් එවනවා මොකක්හරි අවුලක් කියලා. මේ වෙද්දිනං අපේ උපාසකට උපරිම ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ. ඇයි දෙයියනේ නිදහසේ වැඩක් කිරරගන්න හදද්දිම කොහෙවත් හිටපු රෝහණදීරයෙක් ආවා නොවැ උදැල්ල දාන්න. ඉතිං අන්තිමේදි පූසා තීරණය කළාලු රෝහණදීරව වහාම එතනින් පිටමං කළේ නැත්තං තමන්ගෙ මිෂන් එක ගොඩදාගන්න තියෙන සම්භාවිතාව එකට පනස්දාහට බහිනවයි කියලා. අන්තිමේදි උපාසක නැගිටලා රෝහණදීරට පැත්තකට අඬගැහුවලු.

උපාසක :- මේ රෝහණදීර අයියේ, පොඩ්ඩක් මෙහාට එන්නකෝ

රෝහණදීරත් ඉතිං උපාසකත් එක්ක ටිකක් එහාට ගියාලු. මේ වෙද්දි ඉතිං නිසූපාටත් ටිකක් මීටර් වෙලයි තිබුනේ මොකක්හරි අබ්ලික් කේස් එකක් එතන ක්‍රියාත්මක වෙමින් තිබුන බව.

උපාසක :- මේ රෝහණදීර අයියේ උඹට වෙන වැඩක් නැද්ද බං? මම මේ පොඩි සීන් එකක උච්ඡතම අවස්තාවෙ ඉන්නේ, ඒක කරගන්න දීලා මෙතනින් කැපියන්කො තරහ නැතුව.

රෝහණදීර :- කැපෙන්නෙ? කැපෙන්න නෙවේ #%!#$!# මගෙන් අහගන්නෙ නැතුව පලයන් මෙතනිං. මේ මගෙ කෑල්ල යකෝ. සතියකට සැරයයි ඒකිව මට හම්බවෙන්නෙ. ඒකටත් ‍හැමදාම ‍තෝ වගේ ගෝතයෙක් පාත් වෙනවනෙ!!!

ඔන්න එතකොට තමයි අපේ උපාසකට තරු පේන්න ගත්තේ. මොනවා කරන්නද ඉතිං, අර ගිය මොකක්ද එක ආයෙ ඇත්තු ලවාවත් අද්දවන්න බැහැ කියලා කතාවක් තියෙනවා නොවැ! ඉතිං උපාසක රෝහණදීරට පොඩි බටර් පාරක් ගාලා ෂේප් කරගෙන, වැඩිය චාටර් නෑ කියලා හිත හදාගෙන ඒ වෙලාවෙම ගෙදර ආවලු. රෝහණදීර පූසො සෙට් එකත් එක්ක ‍ෆිට් බුවා නිසා හොඳයි ඉතිං. නැත්නං එදා උපාසකට ගෙදර එන්න වෙන්නෙ කොටස් වශයෙන්ලු.

ප:ලි:- එදා ඉඳලා ඉතිං උපාසක එක්ක රෝහණදීර වගේම නිසූපාත් සෑහෙන්න ‍ෆිට් වුණාලු. හැබැයි ඉතිං උපාසකනං නිසූපා එක්ක කතා කළේ මූණටම හම්බවුණොත් විතරයි. නැත්තං මෑන්ස් කළේ නිසූපාව දැක්කාම හිමීට එතනින් ඌර්ධවපාතනය වෙලා යන එක. ඇයි ඉතිං වෙච්ච දේ හැටියට හිත හදාගෙන එයාට ෆේස් කරන්නේ කොහොමද? ඒ වගේම දැන්නං හැබයි රෝහණදීරගෙයි නිසූපාගෙයි මෙව්වා එක නැහැ කියලා තමයි ආරංචි.

Wednesday, February 2, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 12 (අවසාන කොටස)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11

ඉතිං යාලුවනේ ඔයාලා කොටස් 11ක් තිස්සේ කියවපු "විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය" සීරීස් එකේ අන්තිම කොටස තමයි මේ. ඇත්තටම කතාවක් කියාගෙන යද්දි කොටස් කඩ කඩා දාන්න අපි කැමති නෑ. මොකද එතකොට ඒ කතාවෙ තියෙන ගැම්ම නැතිවෙලා යනවා. ඒත් ඉතිං මේ වගේ දිග කතාවක් එක කොටසෙන් දාන්නත් බෑ නොවැ!

ඉතිං දැන් මේ කතාවෙ අවසන් කටයුතු ටික කරන්න තමයි ඉතුරුවෙලා තියෙන්නෙ.

කොහොමහරි රෝහණදීර, පුරුපුරු ඇතුලු සෙට් එකෙන් මල්බණ්ඩලා ගුටිකෑවාට පස්සෙ, ඒ කට්ටියට ටික දවසක් යනකං පූස්ගම තහනම් කලාපයක් වෙලා තිබුනා.

රෝහණදීරගෙ ට්‍රයි එක වුණේ කොහොමහරි විදූශාටත් ගේමක් දෙන එක. ඉතිං මෑන්ස් කළේ දවස් කීපයක්ම බිත්තර ටිකක් තියාගෙන විදූශා එනකන් පූස්ගම ටවුන් එකට වෙලා බලාගෙන හිටපු එක. ඒ වෙන මොකටවත් නෙවෙයි, විදූශා ඇතුලු තුන් යෙහෙළියන්ට බිත්තර ඇටෑක් එකක් දෙන්න. ඒත් ඒ කට්ටිය වැටුනු තත්ත්වෙට වැටෙන්න අපේ පූසො සූදානම් වුණේ නෑ. ඉතිං පූසන්ගෙ දැඩි විරෝධය හේතුවෙන් බිත්තර ඇටෑක් එක දෙන අයිඩියා එක හිතෙන් අයින් කරගන්න රෝහණදීරට සිද්දවුණා.

තිලංකා මින්දද එක්ක තිබුන සම්බන්දෙ ටික දවසකට පස්සෙ නැවැත්තුවා. හැබැයි ඒ වෙද්දි සිද්දවෙන්න පුලුවන් දේවල් ඔක්කොම සිද්දවෙලා ඉවරයි කියලා තමයි පූසන්ටනං ආරංචිය ආවෙ. ඒත් තමන්ගෙ අවුරුදු ගානක එෆෙයාර් එක නැතිවීම ගැන ගොඩක් අප්සෙට් එකේ හිටපු ඉස්සා, ආපහු තිලංකාව බාරගත්තා. ඒ දෙන්නා ටික දවසක් ආපහු සතුටින් හිටියා. හැබැයි ඒ තිලංකා ආපහු බෑන්ක් මැනේජර් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගන්නකං විතරයි.

මේක දැනගත්තු ඉස්සා, වහාම තිලංකා එක්ක තිබුනු සම්බන්දෙ දෙවෙනි පාරටත් නවත්තලා දැම්මා. ටික දවසකින් බෑන්ක් මැනේජරුත් කලින් මින්දද කළා වගේම තිලංකාව අතඇරලා දැම්මා. ඊටපස්සෙ තිලංකා කළේ ආපහු ඉස්සා එක්ක යාලුවෙන්න ට්‍රයි කරපු එක. ඒත් ඉතිං දෙපාරක් වැටුණු වලේ තුන්වෙනි පාරටත් වැටෙන්න ඉස්සා කැමතිවුණේ නෑ. අන්තිමට තිලංකා තනි වුණා. (හැබැයි කොච්චර කාලෙකටද දන්නෙ නෑ)

කොහොමහරි අඩු ඉසෙඩ් ස්කෝර් එකෙන් මෙඩිසින් යන්න බලාගෙන අගමැති බාලිකාවෙන් අස්වෙලා රත්තිවල්ලි ඉස්කෝලෙට ආපු තිලංකා, පළවෙනි පාර ඒ ලෙවල් විභාගෙ ෆේල් වුණා. මොකද මුලු ඒ ලෙවල් කාලෙම එක එක්කෙනාට ලව් කර කර හිටියා මිසක් එයාට පාඩම් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. හැබැයි මොනවා වුණත් විදූශා වගේම තිලංකාත් ඉගෙනගන්න ගොඩක් දක්ෂ ළමයෙක්. ඒ හින්දා එයාට පුලුවන් වුණා තුන්වෙනි පාර විභාගෙ කරලා කැම්පස් එකට යන මට්ටමට පාස් වෙන්න. මේ පලවෙනි පාරත්, තුන්වෙනි පාරත් අතර අපේ පූසන්ට තිලංකා ගැන කිසිම නිව්ස් එකක් හම්බවුණේ නෑ.

ආපහු පුරුපුරුට තිලංකාව හම්බවෙන්නෙ කොළොම්පුර සක්වල තක්සලාවෙදි. මේ වෙද්දි පුරුපුරු තුන වසරෙ. තිලංකා අලුතින් 1 වසරට ආවා විතරයි. රැග් සීසන් එකේදි එක දවසක් පුරුපුරුට තිලංකාව මූණටම හම්බවුණා

තිලංකා :- ආ...පුරුපුරු! අදුරන්නත් බෑ, ඔයා ඉස්සරට වඩා සෑහෙන්න මහත් වෙලා

පුරුපුරු :- ඇත්තද? ඉතිං කොහොමද?

තිලංකා :- වරදක් නෑ. මම ඔයාට අයියා කියලද කියන්න ඕනෙ?

පුරුපුරු :- නෑ නෑ!! දැන් එහෙම කියන්න ඕනෙ නෑ. අපේ කට්ටිය ඉන්න තැනදි විතරක් එහෙම කිව්වාම ඇති. රැග් සීසන් එකෙන් පස්සෙ එහෙමවත් කියන්න ඕනෙ නෑ. මම යන්නං.

පුරුපුරු එතනින් ශේප් වෙලා ආවලු. දැන් තිලංකා ඉන්නේ දෙක වසරේ. ඒ බැච් එකේම අහිංසක මල්ලි කෙනෙක් එක්ක තමයි දැන් එයා ඉන්නේ.

රොෂානි ගැනනං අවුරුදු ගානකින් කිසිම ආරංචියක් අපේ කිසිම පූසෙක්ට ලැබුනෙ නෑ.

ඒ ලෙවල් ක්ලාස් යද්දි සමහර වෙලාවට පුරුපුරුට විදූශාව මුණගැහුණත් දෙන්නම කළේ අහක බලාගෙන නොදැක්ක ගානට ගිය එක. මල්බණ්ඩාත් තමන්ගෙ අනිත් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලාට වඩා වැඩි කාලයක් විදූශාව ආස්සරේ කළා. ඉතිං තිලංකා වගේම විදූශාත් පළවෙනි පාර ඒ ලෙවල් විභාගෙ ෆේල් වුණා. ඊටපස්සෙ මෑතක් වෙනකම්ම පුරුපුරුට විදූශා ගැන කිසිම නිව්ස් එකක් ලැබුනෙ නෑ.

එක දවසක් පුරුපුරු කොළොම්පුර නගරෙ ඇතුලෙ බස් එකක යමින් හිටියා. ටික වෙලාවකින් පොෂ් ඩයල් එකක් ඇවිල්ලා අපේ පූසා එහාපැත්තෙන් වාඩිවුණා. මෙන්න බොලේ තවත් ටික වෙලාවකින් ‍මෑන්ස් පුරුපුරු එක්ක කතා කරනවා.

මෑන්ස් :- එක්ස්කියුස් මී මචං! උඹ පුරුපුරු නේද?

පුරුපුරු :- ( පුදුම වී ) ඔව් මචං!

පුරුපුරු බැලුවලු මේ කවුද කියලා. බ්ලොග් ගඩොල් පාඨකයෙක්ද දන්නෙත් නෑ. නෑ නෑ!! වෙන්න බෑ. හොදට දැකලා පුරුදු ලුක් එකක් තමයි මෑන්ස්ට තියෙන්නෙ.

මෑන්ස් :- හික් හික්!! අඳුරන්න බැරිද? මම විදත් බං

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. ‍යකෝ මේ අර විදූශා එක්ක යාලුවෙලා හිටියයි කියපු විදත් නේද?

පුරුපුරු :- අඩෝ සොරි බං! මට එකපාරටම උඹව අඳුනගන්න බැරිවුණානෙ. දැන් මොකද කරන්නෙ?

විදත් :- මම දැන් හොටෙල් කෝස් එකක් කරනවා බං. තව මාස කීපෙකින් රට යන්න ඉන්නෙ. මට ආරංචි වුණා විදූශා උඹට කරපු වැඩේ.

පුරුපුරු :- හික් හික්!! අයියෝ ඒ ආදි කාලෙනෙ බං. දැන් ඒ කේස් එක ඉවර වෙලා කොච්චර කල්ද?

විදත් :- උඹ කොහොමහරි මම කියපු එක විශ්වාස කළේ නෑනෙ. ඒ වුණත් මම සතුටින් හිටියෙ ඒකිට හොද කොල්ලෙක් හම්බවුණානෙ කියලා. ඒත් ඒකි උඹව අතෑරලා මල්බණ්ඩාත් එක්ක යාලුවුණාට පස්සෙ මට ඒකිවයි, බණ්ඩාවයි දෙන්නවම මරාගෙන කන්න හිතුනා.

පුරුපුරු :- දැන් ඕවා කල්පනා කරලා තේරුමක් නෑ බං

විදත් :- ඒකනං ඇත්ත. මල්බණ්ඩාත් ඔය ළගදි බැන්දෙ.

පුරුපුරු :- විදූශාවද?

විදත් :- උඹට පිස්සුද බං? ඌ ඒකිගෙන් ගන්න පුලුවන් හැමදේම ගත්තා. ඒ දවස්වල දෙන්නා රූම් ගානෙමයි හිටියෙ. ඊටපස්සෙ ඒකි විභාගෙත් ෆේල් වුණා. අන්තිමට මල්බණ්ඩා මේකිව අතඇරලා දැම්මා.

පුරුපුරු :- ආ...එහෙමද? මමනං දැනගෙන හිටියා පොර ඕක දිගටම කරන්නෙ නෑ කියලා.

විදත් :- හ්ම්...විදූශා තර්ඩ් ෂයි කැම්පස් ගියා. අපරාදෙ පළවෙනි පාරම යන්න තිබ්බ එක. කරන ඩිග්‍රි එකනං මොකද්ද කියලා දන්නෙ නෑ.

පුරුපුරු :- ඇත්තද? ඒකනං හොදයි. කොහෙද කැම්පස් එක?

විදත් :- අර දුන්හිඳ සක්වල තක්සලාවෙ කියලා තමයි ආරංචි.

පුරුපුරු :- මම එහෙනං ඉස්සරහින් බහිනවා මචං. ෆේස්බුක් ඉන්නවා නේද?

විදත් :- ඔව් ඔව්!! රික්වෙස්ට් එකක් දාපං මචං.

පුරුපුරු :- එළ!!!

පුරුපුරු බස් එකෙන් බැස්සා.

රෝහණදීරත් ටික කාලෙකින් සියලුම මැර වැඩ අතඇරලා යහපත් පුරවැසියෙක් වුණා. අපේ ක්‍රිකට් ටීම් එකේ කට්ටිය වගේ නෙවෙයි, රෝහණදීර මැර ජීවිතෙන් සමුගත්තෙ මිනිස්සු " ඇයි මෙච්චර ඉක්මනට යන්නෙ?" කියලා අහනකොට. අනික මෑන්ස් යනකොට ඒ තැන ගන්න ශක්තිමත් දෙවනපෙළකුත් රෝහණදීර හදලයි තිබුනෙ. හැබැයි රෝහණදීර වගේ දැවැන්ත ක්‍රීඩකයෙක් නැති අඩුව පූස්ගම මැර ක්ෂේත්‍රයට හැමදාමත් දැනේවි.

කාලෙකට පස්සෙ ‍පුරුපුරුට රෝහණදීරව ආපහු මුණගැහෙන්නෙත් සක්වල තක්සලාව ඇතුලෙදිමයි. එක දවසක් අපේ පූසා ජිම් එකට ‍යද්දි මෙන්න බොලේ රෝහණදීර ඉන්නවා ජිම් එකේ බර උස්ස උස්සා. සාමාන්‍යයෙන් ඔය ජිම් එකට එන්නේ සක්වල තක්සලාවෙ කට්ටිය විතරයි. ඒත් පුරුපුරු දන්නවා රෝහණදීරනං කීයටවත් මේක ඇතුලෙ කෙනෙක් නෙවෙයි කියලා.

පුරුපුරු :- ආ...රෝහණදීර අයියා, මොකද මේ පැත්තෙ? දැන් මොකද කරන්නෙ?

රෝහණදීර :- පුරුපුරු මල්ලි දැක්ක කල්...! හා හා කට කට!! මම මේක ඇතුලෙ නෙවෙයි කියලා මුන්ට දැනගන්න අරින්න එපා. ඇහුවොත් කියපං මමත් කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. මම දැන් දවල්ට කන්නෙයි, ජිම් යන්න එන්නෙයි කැම්පස් එකට.

පුරුපුරු :- ???

රෝහණදීර :- මම දැන් අර අහවල් ටෙලිෆෝන් කම්පැනි එකේනෙ වැඩ කරන්නෙ බං. ඉතිං ඉතිං?? උඹේ සැප සනීප කොහොමද?

පුරුපුරු :- අවුලක් නෑ අයියේ. ළගදි වලිවලට එහෙම ගියෙ නැද්ද?

රෝහණදීර :- හික් හික්!! මොන වලිද බං? දැන් ටවුන් එකේ අලුතින් බැහැලා ඉන්න සමහර කොල්ලො මාව අදුරන්නෙත් නෑ.

ඉතිං ඔන්න ඔහොමයි තුන් යෙහෙළි වික්‍රමය ඉවර වුණේ. ඇත්තටම ඒ දවස්වල මේ තුන් යෙහෙළියොත් එක්ක අපේ පූසො හිටියෙ මාර තරහින්. හැබැයි ඉතිං වයසින් වැඩෙද්දි, මේ ලෝකෙ හැම මනුස්සයාම අඩු වැඩි වශයෙන් අලු පාට බව තේරුම් ගනිද්දි, ඒ තරහා ටික ටික නැතිවෙලා ගියාලු. දැන්නං විදූශා තමන්ට කරපු වැඩේ ගැන අපේ පුරුපුරු ඉන්නේ සතුටින්. ඒ සතුටට හේතුව දැන්ම කියන්න බෑ. වෙනම සීරීස් එකකින් තව ටික කාලෙකින් කියන්නංකෝ.

නිමි.

ප.ලි :- මේ සීරීස් එක ගැන සමස්තයක් වශයෙන් ඔයාලාට හිතෙන අදහස්, විශ්ලේෂණාත්මක විදිහට මෙතන කොටලා යන්න පුලුවන්නං අපි ගොඩක් සතුටු වෙනවා යාලුවනේ. විශේෂයෙන්ම දැක්ක අඩුපාඩු එහෙම කියන්න. එතකොට තව සීරීස් එකක් ලියද්දි මීටත් වඩා හොඳට ඒක ලියන්න පූසන්ට පුලුවන් වෙයි.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11 ( පූසාගේ වාරය)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10

ඉතිං අපි කලින් ලිපිය ඉවර කළේ පුරුපුරු විදූශා එක්ක කතා කර කර ඉන්දැද්දි මල්බණ්ඩා ඒ පැත්තට ආවයි කියලනේ. උදේම විදූශා එක්ක ගම්පහ යන්න කියලා හිතාගෙන බස්ටෑන්ඩ් එකට ආපු මල්බණ්ඩා, දැක්කෙ පුරුපුරු විදූශා එක්ක කතා කර කර ඉන්නවා. සමහරවිට මෙහෙම සිද්දියක් වෙයි කියලම වෙන්න ඇති මෑන්ස් එදා විදූශා එක්ක බස් එකේ යන්න තීරණය කළේ. ඉතිං තමන්ගෙ තාවකාලික පෙම්වතිය එක්ක අපේ පූසා කතා කර කර ඉන්නවා දැකපු මල්බණ්ඩාට ෆ්ලවර් ජම්ප් වුණාලු.

ඇත්තටම අපේ පුරුපුරුටත් ඕනෙ වුණේ මෑන්ස් එක්ක වලියක් දාගන්න. සමහරවිට මල්බණ්ඩාට ඕනෙවෙන්න ඇත්තෙත් ඒකමයි. කොහොමහරි විදූශා ඇතුලු සෙට් එක බස් එකට නැග්ගාට පස්සෙ මල්බණ්ඩා කෙලින්ම ආවෙ පුරුපුරු හිටපු තැනට.

මල්බණ්ඩා :- මේ පුරුපුරු, උඹ හොඳ වැදගත් කොල්ලෙක් කියලා මම දන්නවා. ඒකයි මම උඹ එක්ක මෙහෙම කෙලින්ම කතා කරන්නෙ.

පුරුපුරු :- ඔව් ඔව්!! මොන චාටර් වැඩේ කළත් මම උඹට වඩානං වැදගත් වැඩ තමයි කරන්නෙ

පුරුපුරු මෙහෙම කිව්වාම මල්බණ්ඩාගෙ කලු මූණ දම්පාටවෙලා ගියාලු.

මල්බණ්ඩා :- මට ඒවා වැඩක් නෑ ඕයි, තමුසෙ පොඩි එකෙක් හින්දා හොඳින් කියලා බැලුවෙ. විදූශා ඉස්සර උඹේ කෑල්ල වෙන්න ඇති. ඒත් දැන් ඒකි මගෙ කෑල්ල. උඹට ඕනෙනං මම ඒකිට ගේම දුන්නට පස්සෙ ආපහු දාගනින්

පුරුපුරු :- ඇයි උඹ හෙන අයියෙක්ද මට පොඩි එකා කියන්න? විදූශාව මට ඕනෙ නෑ ඕයි. මට ඊටවඩා හොඳ කෑල්ලක් දාගන්න පුලුවන්. ඇයි උඹ මට මොනවා කරන්නද? මට ගහන්නද? පුලුවන්නං ගහපන්

මෙහෙම කියලා පුරුපුරු අඩියක් ඉස්සරහට තිබ්බා. ඇත්තටම ඒ වෙලාවෙ පුරුපුරු හිටියෙ වෙඩි කාපු කොටියෙක් වගේ තරහින් පුපුර පුපුරා. ඉතිං පූසාගෙ මූණෙ තිබුන කෝපාවිෂ්ට බැල්ම අනුව, දැන් ගහගත්තොත් තමන්ට ලේසිවෙන්නෙ නැති බව මල්බණ්ඩා තේරුම් ගත්තලු. මෑන්ස් කළේ පොඩ්ඩක් ශේප් වෙන්න බලපු එක.

මල්බණ්ඩා :- ඇයි උඹ මට ගහන්නද ඉස්සරහට ආවෙ? මට උඹට ගහන එක ලොකු වැඩක් නෙවෙයි, එහා පැත්තෙ පොලිස්කාරයෙක් ඉන්න හින්දා මම ඉවසනවා.

බැලින්නං මෑන්ස්ගෙ කතාවත් ඇත්ත තමයි. පුරුපුරුයි, මල්බණ්ඩායි හිටපු තැනට ටිකක් එහායින් පොලිස් අංකල් කෙනෙක් ඉන්නවා. මේ වෙලාවෙ පුරුපුරුට මල්බණ්ඩා එක්ක ගහගන්න ලොකු ඕනෙකමක් තිබුනත්, පොලිසියෙන් ඇරෙස්ට් කරලා මේ සිද්දි ගෙදරට ආරංචි වුණොත් වෙන ලැජ්ජාව හින්දා මෑන්ස් තමන්ව ටිකක් පාලනය කරගත්තලු.

පුරුපුරු :- අඩෝ මල්බණ්ඩා, මම ළගදිම උඹට ගැහුවෙ නැත්තං මම පුරුපුරු නෙවෙයි.

පුරුපුරු මෙහෙම කියද්දි විදූශලා වාඩිවෙලා හිටපු බස්එක අද්දන්න ගත්තා. මල්බණ්ඩා දුවලා ගිහින් ඒ බස් එකේ එල්ලුනා. ඉතිං පුරුපුරු කළේ ඊට පස්සෙ බස් එකේ ගම්පහ ගිහින් රොබට් සර්ගෙ පන්තියට යන එක. දැන්නං අපේ පූසාට ලොකු හේතුවක් තියෙනවා මල්බණ්ඩාට ගහන්න. මොකද මෑන්ස් විදූශා එක්ක යාලුවෙච්ච කේස් එකේදි වැරැද්ද විදූශා පිටින් යවන්න පුලුවන් වුණත්, පුරුපුරුට සද්දයක් දැමීම ගැන සියලුම වගකීම බාරගන්න වෙන්නෙ මල්බණ්ඩාටම තමයි.

හැබැයි මෑන්ස්ට ගහනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. මල්බණ්ඩා හැමතිස්සෙම ඉන්නේ දහයක විතර කොල්ලො සෙට් එකක් පිරිවරාගෙන. ඉතිං මේ සිද්දියෙදි රෝහණදීරගෙ සහයෝගය ගන්නම වෙනවා. අන්තිමට පුරුපුරු තීරණය කළේ එදා හවසම ගිහින් රෝහණදීරව මුණගැහෙන්න.

කොහොමහරි, නරක ආරංචිවලට තටු තියනවා කියලා අපේ පුරුපුරු හරියටම දැනගත්තෙ එදා තමයි. මොකද මෑන්ස් ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්න කියලා ගම්පහ බස්ටෑන්ඩ් එකට එද්දි, දන්න කියන ඔක්කොම කට්ටිය මෑන්ස්ගෙන් අහන්න ගත්තෙ කලින් දවසෙ වෙච්ච සිද්දිය ගැන. ඇත්තටම හොඳ යාලුවො විදිහට, උදව් කරන්න බලාගෙන මේ ගැන අහපු අයත් හිටියා. ඒ වගේම පස්සෙ හිනාවෙන්න බලාගෙන මූණිච්චාවට මේ ගැන අහපු කට්ටියත් හිටියා. අන්තිමට ඉතිං බස් එකට නගිද්දි පුරුපුරු හිටියෙ මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තරදීලා හෙම්බත් වෙලා.

ඇත්තටම හැමෝටම තිබුන ප්‍රධාන ප්‍රශ්නෙ වුණේ පුරුපුරුට වෙච්ච කරදරේ මොකද්ද කියන එක නෙවෙයි, ඇයි විදූශා පුරුපුරුව මල්බණ්ඩාගෙ ගානට දැම්මෙ කියලා. කොහොමහරි ඉතිං කට්ටියගෙ කරදරෙන් මිදිලා පූස්ගමට ආවයි කියමුකෝ. බස් එකෙන් බැස්ස ගමන් පුරුපුරු වටපිට නොබලා කෙලින්ම ගියෙ රෝහණදීර නිතරම ඉන්න කඩේට. පුරුපුරු එනවා දැක්ක රෝහණදීරට ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටම.

රෝහණදීර :- ආ...පුරුපුරු මල්ලි, මම බලාගෙන උන්නෙ උඹ එනකං. කොහොමත් උඹ ආවෙ නැත්තං මම හවස ගෙවල් පැත්තෙ එන්න හිටියෙ.

බලාගෙන ගියාම පුරුපුරු ඇවිත් තියෙන්නෙ හොඳ වෙලාවට. රෝහණදීර ගෙදර ආවනං පුරුපුරුට ගෙදර මිනිස්සුන්ට දෙන්න උත්තරයක් නැතිවෙනවා.

රෝහණදීර :- මට ඔක්කොම ආරංචි වුණා බං! මම උඹට කලින්ම කිව්වනෙ සීන් එක.

පුරුපුරු :- ඒවා දැන් පරණ කතා අයියෙ. මට මල්බණ්ඩාට ගහන්න ඕනෙ.

රෝහණදීර :- මේකනෙ මල්ලි කේස් එක. කෙල්ලෙක්ගෙ කේස් එකකට අපි තව කොල්ලෙක් එක්ක වලි දාගන්න එක හරි නෑනෙ.

පුරුපුරු :- කෙල්ලෙක්ගෙ කේස් එකකට නෙවෙයි, අද උදේ මල්බණ්ඩා මට බස්ටෑන්ඩ් එකේදි සද්දයක් දැම්මා.

රෝහණදීර :- මොනවා!!!... මූ මෙච්චර දේකුත් කරලා තව උඹට සද්දත් දාන්න???

ඉතිං මේ සිද්දිය ඇහුවා විතරයි රෝහණදීරට යක්ෂයා ආරූඪ වුණාලු.

රෝහණදීර :- මම හිතන්නෙ අද ඌ ටවුන් එකේ නෑ. පොර හෙට තමයි එන්නේ. හෙට මම ඌට දෙන්නං ආයි මේ පැත්තෙ එන්නෙ නැති වෙන සයිස් එකේ ගේමක්. උඹ දුක්වෙන්නෙ නැතුව හිටපං

පුරුපුරු :- නෑ අයියේ! මම තමයි මල්බණ්ඩාට ගහන්න ඕනෙ. උගෙ දත්ටික බඩට යවනකං මට කිසිම සැනසිල්ලක් නෑ.

රෝහණදීර :- හරි, උඹේ කැමැත්තක්. හෙට හවසට අපේ කඩේට වරෙන්

අන්තිමට වලියට දිනයක්, වෙලාවක් එහෙමත් සෙට් වුණා. පුරුපුරුට දැන් ඉවසිල්ලක් නෑ මල්බණ්ඩාට ගහනකං. මෑන්ස් කළේ ගෙදර ගිහින් තමන්ගෙ පන්චිං බෑග් එකට හිතේ දුක නැතිවෙනකං තඩිබාපු එක. (මේ දවස්වල අපේ පූසා පොඩි මාෂල් ආට් පන්තියකටත් ගියාලු)

පහුවදා හවස ඉතිං පුරුපුරු රෝහණදීරගෙ කඩේට ගියෙ මල්බණ්ඩාට අම්බානට නෙලන්න බලාගෙන. යනකොට රොහණදීර තව කොල්ලො දෙන්නෙක් එක්ක කඩේ ඇතුලෙ හිටියා. ටික වෙලාවකින් වලිය ගැන පුරුපුරුගෙන් ආරංචි වෙලා හිටපු උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායිත් ඔතෙන්ට ආවා.

‍රෝහණදීර :- අන්න මල්බණ්ඩා පොළ ළග ග්‍රව්න්ඩ් එක අයිනෙ මල් ගහනවලු. අපි එහෙනං වැඩේට යමු නේද?

පුරුපුරු :- අපි කට්ටිය විතරක්?

රෝහණදීර :- හික් හික්!! ඇයි උඹ කලින් දැකලා තියෙනවද මම හෙන සෙට් බස්සලා වලියට යනවා?

ඇත්තටම රෝහණදීර වලියකට යන්නෙ දෙතුන් දෙනෙක් එක්ක. මෑන්ස්ට ඉතුරු සගයො ටික හම්බවෙන්නෙ අතරමගදි. ඉතිං මෙතෙන්දි වුණෙත් ඒකමයි.

කඩෙන් එළියට බැස්සෙ හත් දෙනයි. ඒත් කට්ටිය පොළ ගාවට යද්දි විස්සක් විසිපහක් විතර කට්ටිය රෝහණදීර එක්ක හිටියා. එතන හැමෝම වගේ හිටියෙ නොම්මර එකේ මැර ඩයල්. බස් කොන්දොස්තරලා, රටකජු වෙළෙන්දො, මාලු ලෑල්ලෙ කට්ටිය, නිකම්ම බස්ටෑන්ඩ් එකට වෙලා ඉන්න කොල්ලො එහෙම තමයි රෝහණදීරගෙ සෙට් එකේ ඉන්නෙ. කට්ටිය යන ගමන් ඒ වගේ සාමාජිකයෙක් දැක්කොත්

" මචං අපේ කොල්ලෙක්ට පොඩි කේස් එකක්. යමු නේද? "

කියලා රෝහණදීර අහනවා. එතකොට ඉතිං අදාල පුද්ගලයා කිසි කතාවක් බහක් නැතුව කෙලින්ම ඇවිත් ටීම් එකට සෙට් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි වලියට කට්ටිය එකතු වුණේ.

කොහොමහරි රෝහණදීර ඇතුලු කට්ටිය එන හැටි ඈත තියාම මල්බණ්ඩා ඇතුලු මල් සෙට් එක දැක්කා. දැන් ඉතිං තමන්ට බඩු පැකට් බවට තේරුම් ගන්න මල්බණ්ඩාට ආයි දෙපාරක් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ. තමන් එක්ක ඉන්න දහදෙනා - විශේෂයෙන් මල් ගැහුවාටත් පස්සෙ - රෝහණදීරලා එක්ක වලියට කොහොමවත්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ කියලා මල්බණ්ඩාට තේරුනා. ඉතිං මෑන්ස්ට තිබ්බ එකම විකල්පය තමයි ශේප් වෙන්න කතා කරන එක.

මල්බණ්ඩා :- මචං රෝහණදීර, උඹ කෙල්ලෙක්ගෙ කේස් එකකට නේද මේ මට ගහන්න එන්නෙ. මොකද්ද බං?

රෝහණදීර :- නෑ නෑ! උඹ ඊයෙ පුරුපුරුට සද්දයක් දාලා තියෙනවා.

මල්බණ්ඩා :- ඉතිං ඌ මගෙ කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට මට සද්ද දාන්න වෙනවනෙ බං.

ඇත්තටම සෙට් එකක් එක්ක ඇවිත් කාටහරි ගහනවයි කියන්නෙ මහලොකු වීර ක්‍රියාවක් නෙවෙයි. ඒත් මල්බණ්ඩා වගේ වැඩිමල්, පිරිස් බලය අතින් පූසන්ට වඩා ශක්තිමත් ඩයල් එකකට ගහද්දි, පුරුපුරුට ඒ ක්‍රමය අනුගමනය කරන්න වුණා. කොහොමහරි මල්බණ්ඩා අන්තිමට කියපු කතාවෙන් සිද්දවුණේ පුරුපුරුගෙ ෆ්ලවර් එක නස්තාර් වෙන්න ජම්ප් වෙච්ච එක

පුරුපුරු :- උඹ කො‍හොමද යකෝ එහෙම කියන්නෙ? ඒකි පෙරේදා වෙනකං මගෙත් කෑල්ල.

මල්බණ්ඩා :- ඒ වුණාට ඒකි දැන් මගේ කෑල්ල

මල්බණ්ඩා මෙහෙම කිව්වට පස්සෙ තවත් ඉවසන් ඉන්න පුරුපුරුට පුලුවන්කමක් තිබුනෙ නෑ.

" මොකද්ද යකෝ කියන්නෙ? "

පුරුපුරු මල්බණ්ඩාගෙ ඇගට කඩාගෙන පැන්නා. වලිය සුභ මොහොතින් පටන් ගත්තා. මල් ගහලා හිටපු මල්බණ්ඩාගෙ යාලුවන්ට අම්බානට නෙලන්න රෝහණදීර ඇතුලු කට්ටියට කිසිම මහන්සියක් වෙන්න ඕනෙ වුණේ නෑ. ඒ වුණත් පුරුපුරුගෙ ඇටෑක් එක බලාපොරොත්තුවෙන් හිටපු මල්බණ්ඩා, පුරුපුරු තමන්ගෙ ඇගට පනිද්දිම අත මිට මොළවලා පුරුපුරුගෙ මූණට එකක් ගැහුවා. එකපාරටම අපේ පූසාගෙ කටට දැනුනෙ ලේ රහක්. මේ වැඩෙන් පුරුපුරුගෙ පියවි සිහිය නැත්තටම නැතිවුණා. මෑන්ස් කළේ පිස්සුවෙන් වගේ මල්බණ්ඩාට නෙලාගෙන නෙලාගෙන යන එක.

මල් ගහලා හිටපු මල්බණ්ඩා ආපහු ඇටෑක් කරන්න කලින්, පුරුපුරුගෙ මිට මොළවපු දකුණු අත මෑන්ස්ගෙ මූණ හරහා දෙපාරක් ඇදිලා ගියා. පාරෙ සැරටත් වඩා මල්වල සැරටද කොහෙද මල්බණ්ඩාට බැලන්ස් නැතිවෙලා බිම ඇදගෙන වැටුනා. පුරුපුරු කළේ බිම වැටුනු තමන්ගෙ දුෂ්ටයාට හිතේ හැටියට ගහපු එක. ඒ අස්සෙ උපාසක, මාලුකට්ටා සහ ඤාව්වාත් නිර්භීතව සටන් කළා. කොහොමහරි වලිය ගොඩක් වෙලා තිබුනෙ නෑ. ඕනෙනං විනාඩි දෙක තුනක් තියෙන්න ඇති. හැබැයි ඒ වෙනකොට පුරුපුරු මල්බණ්ඩාට අම්බානට නෙලලා ඉවරයි.

" ඇති ඇති යකෝ! උඹ මූව මරන්නද හදන්නෙ? "

වලිය ඉවරවුණේ රෝහණදීර ඇතුලු කොල්ලො දෙතුන් දෙනෙක් පුරුපුරුව ඇදලා පැත්තකට කළාට පස්සෙ. මේ වෙද්දි මල්බණ්ඩාට උතුර දකුණ මාරුවෙන ගානට වැදිලයි තිබුනේ. පුරුපුරුගෙත් අර මල්බණ්ඩා ගහපු පාරට තොල පැලිලා ලේ එනවා. කොහොමහරි මල්බණ්ඩාගෙ කට්ටියට නෙළලා රෝහණදීරගෙ සෙට් එකයි, අපේ පූසො සෙට් එකයි ගෙවල් බලා පිටත් වුණාලු. වලිය තිබුනෙ ටිකක් පාලු ඒරියා එකක හින්දා වැඩේට පොලිසියෙන්වත්, මිනිස්සුන්ගෙන්වත් බාධා ඇතිවුණෙත් නෑ.

ඔහොම තමයි අපේ පුරුපුරු තමන්ගෙ හිතට පොඩි හරි සහනයක් උදාකරගත්තෙ.

Tuesday, February 1, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8 ( විභාග ප්‍රතිඵල )


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7

කලින් ලිපියෙන් අපි කිව්වේ රෝහණදීර විදූශා ගැන නරක ආරංචියක් පුරුපුරු එක්ක කියපු හැටිනෙ. ඉතිං මේ ආරංචිය අහලා චකබ්ලාස් වෙච්ච අපේ පූසා තීරණය කළේ විදූශාගෙන්කෙලින්ම මේ ගැන අහන්න. ආපහු පුරුපුරුට විදූශාව මුණගැහෙන්නෙ ආරංචිය ලැබිලා දවස් දෙකකට පස්සෙ. ඉතිං ඒ දවස් දෙකත් අපේ පූසා බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියලු.

නියමිත දවසෙ උදේ, බයෝ ක්ලාස් එකට යන්න බලාගෙන, පුරුපුරු බස්ටෑන්ඩ් එකට ආවෙ වෙනදාටත් වඩා කලින්. කොහොමහරි ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට යෙහෙළියො තුන්දෙනාත් බස්ටෑන්ඩ් එකට ආවලු. පුරුපුරු ඒ අයව දැක්ක ගමන් වහාම කළේ ගිහින් විදූශා එක්ක කතා කරන එක.

පුරුපුරු :- විදූශා, අද මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.

විදූශා :- ( සිනාසී) ඒ මොකද්ද? ඉතිං අපි යන ගමන් කතා කරමු.

( බස් එකේ යන ගමන්)

පුරුපුරු :- ඔයා දන්නවද මල්බණ්ඩා කියලා කෙනෙක්?

විදූශා :- මල්බණ්ඩා? නෑ මම දන්නෙ නෑ. ඇයි?

පුරුපුරු :- ඔයා එතකොට බණ්ඩාරතිලක කියලා එක්කෙනෙක්ව දන්නෙ නෑ?

විදූශා :- ඔයාට මොකද වෙලා තියෙන්නෙ පුරුපුරු? මම දන්න බණ්ඩාරතිලකයෙක් නෑ. කවුද ඔයාට ඔය බොරු කියන්නෙ?

පුරුපුරු :- රෝහණදීර අයියා මට කවදාවත් බොරු කියන්නෙ නෑ.

පුරුපුරුටත් නොදැනීම සිද්දිය කටින් එළියට පැන්නා. දැන් ඉතිං මොනවා කරන්නද? කියපු දේ ආපහු ගිලින්න කියලයැ!

විදූශා :- ආ...රෝහණදීරද? ඔයත් දන්නවා, මමත් දන්නවා, රෝහණදීර තමයි මේ පූස්ගම ඉන්න ලොකුම රස්තියාදුකාරයා. ලොකුම මැරයා. ඔයාට විශ්වාස මම කියන දේද? නැත්තං කොහෙවත් යන මැරයෙක් කියන දේද? ඔය මිනිස්සු ඊරිසියයි අපි දෙන්නා යාලුවෙලා සතුටින් ඉන්නවාට. ඒක තමයි ඔය වගේ එක එක කේලම් කියන්නෙ.

විදූශා කරුණු ඉදිරිපත් කරපු විදිහට, ආයි පුරුපුරුට වචනයක්වත් කියන්න අවස්ථාවක් තිබුනෙ නෑ. බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි. පිට මිනිස්සු කියන දේ අහලා තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව සැක කරන එක මොනතරම් කැත වැඩක්ද? පුරුපුරු පත්වුණේ කිසිම දෙයක් හිතාගන්න බැරි තත්ත්වෙකට

විදූශා :- ඔයා ඔය විකාර කල්පනා කරන්න එපා පුරු, මට ඔයාට කියන්න තියෙන්නෙ එක දෙයයි. අපේ ගෙදර කට්ටිය නෙවෙයි, මේ ලෝකෙ ඉන්න ඕනෙම කෙනෙක් අපේ එෆෙයාර් එකට විරුද්ද වුණත්, මම කවදාවත් ඔයාව අතඅරින්නෙ නෑ. මට වෙන කෙනෙක් ගැන හිතන්නත් බෑ. මම කසාද බඳිනවානං බඳින්නෙ ඔයාව විතරයි

ඉතිං විදූශා මෙහෙම කිව්වට පස්සෙ තමයි අපේ පූසාගේ හිතට පොඩි හරි සහනයක් දැනුනේ.

විදූශා :- ඒක නෙවෙයි, ලබන සතියෙ ඕ ලෙවල් රිසාල්ට්ස් ආවම අපිට පාටි එකක් ඕනෙ හොදේ!

මළා...එතකොටයි පුරුපුරුටත් මීටර් වුණේ තව සතියකින් ඕ ලෙවල් රිසාල්ට්ස් එන බව.

පුරුපුරු :- හික්! පාටි එකක් නෙවෙයි, දහයක් වුණත් දෙන්න පුලුවන් "ටෙන් ඒස්" ආවොත් එහෙම. මට ගොඩක් වෙලාවට ලිට්රිචර් වලට බී එකක් ඇත්තෙ.

විදූශා :- නෑ නෑ, ඔයාට ඒ දහයක්ම එයි. බයවෙන්න එපා

කොහොමහරි පුරුපුරු එදා හවස ක්ලාස් එක ඉවරවෙලා රෝහණදීර කියපු දේ ඉස්සාටත් කිව්වා.

" බොරු කතානෙ බං! ඔය කෙල්ලො තුන්දෙනා එකටමයි ඉන්නෙ. ඉතිං විදූශාට ඔය කියන විදිහෙ කොල්ලෙක් ඉන්නවනං ඒක අනිවාර්යයෙන්ම තිලංකා දැනගෙන ඉන්න ඕනෙ. එහෙම දන්නවානං ඒකි අනිවාර්යයෙන්ම ඒක මට කියනවා. ඔය රෝහණදීරයා අපේ ඉස්කෝලෙ ඉඳලා අස්කරපු එකෙක්නෙ. උඹ ඕවා ගණන් ගන්න එපා "

ඉස්සා මේ ගැන කිව්වෙ එහෙමයි. ඉතිං පුරුපුරුගෙ හිත මේ කතාව අහලා තවත් හැදුනා. බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත. විදූශා කරන දේවල් ඔක්කොම අනිත් යාලුවො දෙන්නා දැනගෙන ඉන්න එපායැ! ඒත් පුරුපුරුගෙ හිතේ තිබුන කහට සම්පූර්ණයෙන්ම නැතිවුණේ නෑ. මොකද මෑන්ස් දන්නවා රෝහණදීර මැරයෙක් වුණත්, රස්තියාදුකාරයෙක් වුණත්, සිගරට් බිව්වත්, කවදාවත් බොරු කියන්නෙ නෑ කියලා.

කොහොමහරි ඔය විදිහට සතියක් ගෙවිලා ගියෙ නොදැනීම වගේ. ඉතිං ඒ තීරණාත්මක දවස, ඒ කියන්නෙ ඕ ලෙවල් ප්‍රතිඵල එන දවසත් ඔය විදිහට උදාවුණා. ඒ දවස්වල පූස්ගම ඉන්ටර්නෙට් කැෆේ තිබුනෙ නෑ. පූසො සෙට් එක කළේ ප්‍රතිඵල බලන්න පැයක් ගමනක් ගෙවලා ගම්පහට ගිය එක. ඒ වෙද්දි ගම්පහ තිබුන ඉන්ටර්නෙට් කැෆේ වලත් අඩිය තියන්න පුලුවන් තත්ත්වයක් තිබුනෙ නෑ. කොහොමහරි පැය දෙකක් විතර පෝළිම්වල ඉඳලා ඉඳලා පුතිඵල බලන්න කිට්ටු වෙද්දිම වෙබ් සයිට් එකේ මොකද්ද අවුලක් ගියාලු. ඉතිං ගෙදරින් ආපු එකේ ප්‍රතිඵල නැතුව ආපහු ගෙදර යන්නත් නිකං මොකද්ද වගේ. පූසො කට්ටිය තීරණය කළේ බස් එකේ කොළඹ ගිහින් ඉස්කෝලෙන්ම රිසාල්ට්ස් ටික බලාගන්න.

ඉස්‍කෝලෙට ගිහින් රිසාල්ට් ෂීට් එක බලද්දි පුරුපුරුට ඇස් අදහාගන්න බැරිවුණා. මෙන්න බොලේ ඉන්ග්ලිෂ් ලිට් වලටත් ඒ එකක් ඇවිල්ලා. ඉතිං අපේ පූසාට හරිම සතුටුයි. පොර ගෙදර ගිය ගමන්ම කළේ මේ නිව්ස් එක අම්මටයි, තාත්තාටයි දැනුම් දීපු එක. ටික වෙලාවක් යද්දි ටෙලිෆෝන් එකට ඉවරයක් නෑ. නෑදෑයො, දෙමව්පියන්ගෙ යාලුවො එහෙම කතා කරලා රිසාල්ට්ස් අහනවා. එතකොට ඉතිං පුරුපුරුගෙ අම්මත් බොහොම ආඩම්බරෙන් ඒ කට්ටියට උත්තර දෙනවා. එකම විකාරයයි.

දැන් ඉතිං අපේ පූසාට තියෙන්නෙ මේ ආරංචිය විදූශාට කියන්න. ඇත්තටම විදූශා කොච්චර සතුටු වෙයිද මේක අහලා? මේ වෙද්දි ඉස්සා පුරුපුරුට කතා කරලා රිසාල්ට්ස් ටික අහගෙනයි තිබුනේ. මෑන්ස් ඉතිං මොකක්හරි ජිල්මාට් එකක් දාලා එදා කොහොමහරි තිලංකාට කෝල් කරනවාමයි. එතකොට තිලංකා හරහා නිව්ස් එක විදූශාගෙ කන් වලටත් යනවා. ඊටපස්සෙ පුරුපුරුට තියෙන්නෙ ඊළග සතියෙ කට්ටියට පාටි එකක් දෙන්න විතරයි. මේ වගේ ක්ලපනා සාගරයක තමයි අපේ පූසා කිමිදෙමින් හිටියේ.

Monday, January 31, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 7 ( මල්බණ්ඩා)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 6

පුරුපුරුට වැලන්ටයින් දිනේදි වෙච්ච වැඩේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ යාලුවනේ. ඊටපස්සෙ ඉතිං ඔය විදිහට ටික දවසක් ගෙවිලා ගියාලු. ඒත් අන්තිමේදි සිද්දවුණේ පුරුපුරු කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැති සිද්දියක්.

අපිට ජීවිතේදි එන කරදර අපිට කියලා එන එකක්යැ නේද? ඉතිං හදිස්සියෙම පුරුපුරුටයි විදූශාටයි ෆේස් කරන්න වුණෙත් එහෙම සිදුවීමකට.

එදාත් සුපුරුදු විදිහට අපේ පූසා බයෝ ක්ලාස් යන්න කියලා උදේම බස්ටෑන්ඩ් එකට ආවලු. මෑන්ස් එනකොට කොහොමහරි විදූශා ඇවිත් හිටියෙත් නෑ. ඉතිං පුරුපුරු බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන හිටියලු තමන්ගෙ පෙම්වතිය එනකන්. ඔහොම විනාඩි දහයක් විතර බලාගෙන ඉන්නකොට මෑන්ස් කලුවරේම දැක්කලු විදූශායි, තිලංකායි, රොෂානියි බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් මතුවෙන හැටි. ඉතිං පුරුපුරු ඉස්සරහට ගියෙ කට්ටියත් එක්ක කතා කරන්න බලාගෙන. ඒත් මේ ගෑනු ළමයි සෙට් එක කළේ පුරුපුරුව දැක්කෙ නෑ වගේ ගිහින් බස් එකට නැග්ග එක.

එකපාරටම වෙච්ච මේ සිද්දිය ගැන අපේ පූසාට හිතාගන්න බැරිවුණා. ඇත්තටම මෑන්ස් කවදාවත් විදූශාගෙන් මෙහෙම හැසිරීමක් බලාපොරොත්තු වුණේ නෑ. ඉතිං පුරුපුරුට මේ වෙච්ච වැඩේ ගැන ඇතිවුණේ දුකක්, තරහක්, වේදනාවක් මිශ්‍ර වෙච්ච හැඟීමක්. මෑන්ස් කළේ වහාම ගිහින් ඒ බස් එකටම නැග්ග එක. පුරුපුරු නැගලා බලද්දි කෙල්ලො කට්ටිය පිටිපස්සෙම සීට් එකේ වාඩි වෙලා. ඉතිං අපේ පූසාත් කෙලින්ම බස් එකේ පිටිපස්සටම ගියාලු. එතකොට හැබැයි තිලංකායි, රොෂානියි එහාට වෙලා පුරුපුරුට විදූශා ළගින් වාඩිවෙන්න ඉඩ හදලා දුන්නා.

පුරුපුරු තමන් ළගින් වාඩි වුණාම විදූශා පුරුපුරු දිහා බැලුවෙ ගොඩක් අසරණ වෙච්ච බැල්මකින්

පුරුපුරු :- විදූශා, ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නෙ නැතුව බස් එකට නැග්ගෙ? ඔයාට මොකක්හරි ප්‍රශ්නයක්ද?

විදූශා :- අනේ සොරි පුරුපුරු, මට බස්ටෑන්ඩ් එක මැද්දෙ ඔයා එක්ක කතා කරන්න බැරි වුණා.

පුරුපුරු :- ඒ මොකද?

විදූශා :- අපි දෙන්නගෙ සම්බන්දෙ ගැන කවුරුහරි අපේ ගෙදරට කියලා. මට ඊයෙ ගෙදරින් හොඳටම බැන්නා.

විදූශා බිම බලාගෙන කිව්වා. මෙහෙම කතා කරද්දි විදූශාගෙ ඇස් වලින් කඳුලු බිංදු වැටෙන්න පටන් ගත්තෙ එයාටත් නොදැනීමයි.

පුරුපුරු :- මොනවා, ඒත් අපිදෙන්නා පුලුවන් තරම් කට්ටියට නොපෙනෙන්නනෙ හිටියෙ?

විදූශා :- මම දන්නෙ නෑ, සමහරවිට අපිදෙන්නා බස් එකේ යද්දි කවුරුහරි දකින්න ඇති.

පුරුපුරු :- මට ඔය කියපු එකා අහුවුණොත්නං.........මම දන්නවා ඌට කරන්න ඕනෙ වැඩේ. එකත් එකටම ඕක කරන්න ඇත්තෙ අර විදත් තමයි.

විදූශා :- අනේ පුරුපුරු, කාත් එක්කවත් පැටලෙන්නනං යන්න එපා. ඊටපස්සෙ ඒවත් ගෙදරට ආරංචි වුණොත් මට විසුමක් හම්බවෙන්නෙ නෑ.

පුරුපුරු :- හොඳයි, ඔයා කියන හින්දාම මම මේ පාර ඉවසනවා.

විදූශා :- මීටපස්සෙ අපි හැමදාම බස් එකේ එකට යන්නෙ නැතුව ඉම්මු නේද?

පුරුපුරු :- මොනවා? ඉතිං අපි දැනටමත් බස් එකේ යන්නෙ සතියකට සැරයයිනෙ.

විදූශා :- ඔව්. අපි මීටපස්සෙ සතියක් ඇර සතියක් බස් එකේ යමු

ඉතිං ඔන්න ඔය විදිහට තමයි අන්තිමට සිද්දිය ඉවරවුණේ. ඒකෙන් මේකෙන් වුණේ සතියට එක පාරක් හරි විදූශාව මීට් වෙන්න අපේ පුරුපුරුට තිබුන චාන්ස් එකත් ජෝන් බාස්ට ගිය එක. ඒ වුණත් විදූශා ෆේස් කරලා හිටපු තත්ත්වෙ දිහා බලනකොට පුරුපුරුට කොහෙත්ම පුලුවන්කමක් තිබුනෙ නෑ විදූශාගේ තීරණයට විරුද්ද වෙන්න. ඉතිං අපේ පූසත් බොහොම අමාරුවෙන් හිත හදාගත්තලු සතියක් ඇර සතියක් මීට් වෙන වැඩේට.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො දෙන්නගෙ තීරණය ක්‍රියාත්මක වුණා කියමුකෝ. දැන් දෙන්නා හම්බවෙන්නෙ කලින් කතා කරගත්ත විදිහට සතියක් ඇර සතියක්. ඉතිං විදූශාව හම්බවෙන්නෙ නැති සතියෙ පුරුපුරු ගෙදර යන්නෙ මාලුකට්ටාත් එක්ක. ඒත් ඒ දවස්වල මාලුකට්ටාත් චාටර්මාලිට ට්‍රයි කර කර හිටපු හින්දා සමහර වෙලාවට පුරුපුරුට ගෙදර යන්න වෙන්නෙ තනියම. ඉතිං අපේ පූසා බොහොම දුකසේ තමයි ඒ වගේ දවස්වලට ඉන්නේ. හැබැයි මෑන්ස්ට පෙනුනෙ නෑ විදූශා ඒ වගේ දුකකින් ඉන්න බවක්.

විදූශා පුරුපුරුව මීට් වෙන්නෙ නැති දවස්වලට කරන්නේ යාලුවො දෙන්නාත් එක්ක එක එක බඩු ගන්න යන එක. කට්ටිය එක්කෝ ඇදුම් ගන්න ෂොපින් යයි, නැත්තං මොනවා හරි පොතක් බලන්න යයි, එහෙමත් නැත්තං වෙන මොකක් හරි ගන්න යයි. ඉතිං හැමදාම කෙරෙන මේ වැඩේ පුරුපුරුට එච්චර හිතට ඇල්ලුවෙ නෑ. මොකක්හරි තැනක වැරැද්දක් තියනවයි කියලා අපේ පූසාගෙ හයවෙනි ඉන්ද්‍රියට තේරුණාලු.

පුරුපුරු :- මොකද්ද විදූශා ඔයා කරන මේ වැඩේ තේරුම? ඔයා හැමදාම මාව මීට් වෙන්නෙ නැති දවස්වලට ගෙදර යන්නෙ පරක්කු වෙලානෙ. ඔන්න මමවත් ඉන්නවනං කමක් නෑ.

විදූශා :- අයියෝ පුරු, ඔයාට මාව සැකයිද? මම යන්නෙ තිලංකායි, ‍රොෂානියි එක්කනෙ. ඔයාට බයවෙන්න දෙයක් නෑ. දැන්ම ඔහොමනං බැන්දට පස්සෙ කොහොම ඉඳියිද?

බලාගෙන ගියාම විදූශා කසාද බදින වැඩෙත් දැන්මම ප්ලෑන් කරලා. ඉතිං පුරුපුරුගෙ හිතේ ඇතිවෙච්ච අනියත බය නිකම්ම නැතිවෙලා ගියා. මේ සිද්දිය ඉස්සාට කිව්වාම මෑන්ස් කිව්වෙත් විදූශා කියපු ටිකමයි.

" අයියෝ බං! උඹටත් පිස්සුනෙ, විදූශා ෂොපින් යන්නෙ මගෙ එක්කෙනයි, රොෂානියි එක්කනෙ. ඇරත් සමහර දවස්වලට කට්ටිය හවස්වෙලා ගෙදර යන්න කලින් මාත් එක්කත් කතා කරලයි යන්නෙ "

ඉතිං ඉස්සාත් මෙහෙම කිව්වාට පස්සෙ පුරුපුරුට තවදුරටත් හිතේ කිසිම කරදරයක් තියාගන්න ඕනෙ වුණේ නෑ. ඒත් අපේ පූසාගෙ නැතිවෙච්ච හිතේ කරදරේ ආපහු ඇතිවුණේ ඊළග සතියෙ පූස්ගම ටවුන් එකේදි රෝහණදීරව හම්බවුණාට පස්සෙ.

රෝහණදීර :- ආ පුරුපුරු මල්ලි, මම උඹව මුණගැහෙන්නමයි හිටියෙ. හොඳ වෙලාවට දැන් හම්බවුණේ.

පුරුපුරු :- ඇයි මොකද අයියේ, වලියක්නං කියන්න. පුරුපුරු ඉන්නවා ඕනෙ වෙලාවක අයියාව බේරගන්න.

රෝහණදීර :- විහිලු නෙවෙයි කොල්ලො, මම මේ සිරා ටෝකක් දෙන්නෙ. උඹලාට ඉතිං කොයි වෙලාවෙත් විහිලුනෙ.

පුරුපුරු :- හරි හරි අයියෙ, දැන් මොකද්ද කේස් එක?

රෝහණදීර :- මේකයි කේස් එක. අර මල්බණ්ඩා ඉන්නවනෙ.

පුරුපුරු :- මල්බණ්ඩා? මම එහෙම එකෙක්ව දන්නෑනෙ

රෝහණදීර :- උඹලා ඉතිං ටවුන් එකේ බැහැලා ඉන්න එකක්යැ! ඌ අර අහවල් ගමේ එකෙක්.

කොහොමහරි රෝහණදීර කියපු විදිහට මල්බණ්ඩා කියන්නෙ නොම්මර එකේ රස්තියාදුකාරයෙක්. පූස්ගම ඉන්න ලොකුම රස්තියාදුකාරයෙක් වෙන රෝහණදීරත් මෑන්ස්ට රස්තියාදුකාරයා කිව්වට පස්සෙ, පුරුපුරුට තවදුරටත් මල්බණ්ඩා ගැන චරිත සහතික ඕනෙ වුණේ නෑ. මෑන්ස්ගෙ ඇත්ත නම බණ්ඩාරතිලක. පුරුපුරුලාට වඩා අවුරුදු හයක් වැඩිමල්. ඒ කියන්නෙ ඒ දවස්වල මෑන්ස්ට අවුරුදු 23ක් විතර.

ඉතිං බණ්ඩාරතිලකට " මල් " බණ්ඩා කියන්නෙ පොර නිතරම මල් ගහන හින්දා. මල් ගහනවාට අමතරව මෑන්ස්ගෙ තිබුන විනෝදාංශය තමයි කෙල්ලොත් එක්ක යාලුවෙලා තමන්ගෙ ප්‍රජනක අවශ්‍යතා ඉෂ්ට කරගන්න එක. තව, මල්බණ්ඩා කියන්නෙ 11 වසරට යනකන්වත් ඉස්කෝලෙ ගියෙ නැති පොරක්. පූස්ගම බස්ටෑන්ඩ් එකේදි ඉස්කෝලෙ කොල්ලන්ගෙන් කලෙක්ෂන් දාන ඩයල් එකක්.ඉතිං රෝහණදීරගෙ කඩේදි මල්බණ්ඩායි රෝහණදීරයි අතර ඇතිවෙලා තියෙන්නෙ මේ වගේ සංවාදයක්

රෝහණදීර :- බණ්ඩා මොකද බර කල්පනාවක?

මල්බණ්ඩා :- බලපං බං, අතට ගත්තු ටොපිය කටට දාගන්න විදිහක් නෑ නොවැ!

රෝහණදීර :- ඒ කිව්වෙ?

මල්බණ්ඩා :- උඹ දන්නවනෙ අර රත්තවල්ලි ඉස්කෝලෙට යන විදූශා කියන කෑල්ල?

රෝහණදීර :- ම්ම්ම්...

මල්බණ්ඩා :- ඇයි බං අර අහවල් ගමේ ඉන්න සුදු කෑල්ල? මේ පාර උසස්පෙළ කරන්න පටන්ගත්තෙ?

රෝහණදීර :- ආ...ඔව් ඔව්. ඉතිං?

මල්බණ්ඩා :- මම ඒකිව දාගත්තා බං, ඒ වුණාට තවම ඒකිව කොහෙටවත් ඇදගන්න බැරිවුණා.

රෝහණදීර :- මොකද්ද යකෝ කියන්නෙ? බොරු කියන්න එපා. උඹ දන්නෙ නැද්ද ඒ අපේ පුරුපුරු මල්ලිගෙ කෑල්ල කියලා?

මල්බණ්ඩා :- ඒ කාලකන්නියා තමයි බං ප්‍රශ්නෙ. ඌ නිතරම ඒකි ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. මට නිදහසේ මේ වැඩේ කරගන්න බෑ

රෝහණදීර :- ඉතිං ***, ඌ උගෙ කෑල්ල ගැන ඇහැ ගහගෙන ඉන්නෙ නැතුව උඹලගෙ ***ගෙ *** දිහා ඇහැ ගහගෙන ඉන්නද? උඹ වහාම ඔය වැඩේ නවත්තපං. නැත්තං උඹ දන්නවනෙ මගෙ හැටි?

මල්බණ්ඩා :- හරි හරි බං, උඹ මේකට අත දාන්න එපා බන්, උඹ කෙල්ලෙක් හින්දා මට ගහනවද?

ඉතිං දෙන්නගෙ කොන්වසේෂන් එක ඔය විදිහට ඉවර වෙලා. ඊටපස්සෙ තමයි රෝහණදීර පුරුපුරුව හොයලා තියෙන්නෙ මේ නිව්ස් එක දෙන්න. ඉතිං මේ වගේ නිව්ස් එකක් අහපු පුරුපුරු පත්වෙච්ච මානසික තත්ත්වය ගැන ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද? අපේ පූසා ඒ වෙලාවෙම තීරණය කළේ අනිත් දවසේ විදූශාව හම්බවෙලා කෙලින්ම මේ ගැන අහන්න.

Tuesday, January 25, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2


ඔන්න අපි අද විදූශාගෙ සීරීස් එකේ දෙවෙනි කොටසත් කියන්නයි යන්නෙ යාලුවනේ. අපි කලින් කොටස නැවැත්තුවෙ පුරුපුරු ක්ලාස් එක ඉවරවෙලා විදූශා එක්ක කතා කරන්න ගිය තැනින්නෙ. එහෙනං මුලින්ම ඒ කොටස බලපු නැති කට්ටිය ගිහින් බලලා එන්නකෝ.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය

දැන් ඔන්න ඉතිං ක්ලාස් ඉවරවෙලා විදූශායි තිලංකායි ගෙදර යන්න ලෑස්තිය. දෙන්නා එතනින් පිටත් වෙන්න කලින් අල්ලගන්න ඕනෙ හින්දා අපේ පුරුපුරුත් ඉතිං ඉක්මන් ගමනින් එතනට ගියාලු. මේ වෙනකොටත් තිලංකා විදූශාට කියලා තිබිලා තියෙන්නෙ පුරුපුරු කලින් සතියෙ එයා ගැන ඇහුවයි කියලා. ඉතිං මෑන්ස් ගෑනු ළමයි දෙන්නා හිටපු තැනට යනකොටම විදූශා පුරුපුරුත් එක්ක අහිංසක හිනාවක් දැම්මලු.

පුරුපුරු :- ඔයා විදූශා නේද?

විදූශා :- ඔව්. ඔයා පුරුපුරු නේද?

පුරුපුරු :- ඔයා කොහොමද මාව දන්නෙ? හික්...මමනං වැඩිය රත්තිවල්ලි එක පැත්තෙ එවෙන්නෙ නෑ

විදූශා :- නෑ අනේ, ඔයා පොඩිකාලෙ පෙරේරා මිස්ගෙ ශිෂ්‍යත්ව පන්ති ආවා නේද? මමත් ඒ පන්තියටමයි ආවෙ.

දැන් ඉතිං අපේ පූසාට මාර අප්සට් එක. ඇත්තටම විදූශා පෙරේරා මිස්ගෙ ක්ලාස් එකට ආවද නැද්ද කියලා මෑන්ස්ට කිසිම මතකයක් නෑ. ඒ වුණාට දැන් ඕක කියන්න ගියොත් ට්‍රයි කරන වැඩේට බාධාවක් තමයි වෙන්නෙ. ඒක හින්දා අපේ පූසා හිත හදාගත්තලු පොඩි බොරුවක් කියන්න.

පුරුපුරු :- ආ...මේ ඔයානෙ. මට දැනුයි මතක් වුණේ. ඔයා අර බිත්තිය අයිනෙ පේළියෙනෙ හිටියෙ නේද? දැන්නං මට හොදට මතකයි. ඉතිං කොහොමද?

මෙහෙම කියලා පුරුපුරු දිගටම විදූශා එක්ක කතා කරන්න පටන් ගත්තලු. පෙරේරා මිස්ගෙ පන්තියෙ හැම පේළියක්ම තිබුනෙ බිත්තිය අයිනෙ හින්දා අර කතාව කියන්න අපේ පූසාට බයවෙන්න ඕනෙ වුණේ නෑ.

ඉතිං ටික දවසක් යනකොට පුරුපුරුට පුලුවන් වුණාලු විදූශා එක්ක ගොඩක් ෆිට් වෙන්න. හැබැයි ඉතිං මෑන්ස්ට විදූශා එක්ක කතා කරන්න වෙන්නෙ සතියට එක දවසයි. ඒ ක්ලාස් එකේදි හම්බවෙන දවස විතරයි. ඒක හින්දා වැඩේ ප්‍රෝග්‍රස් එක බොහොම හිමින් තමයි සිද්ද වුණේ. කොහොමහරි අන්තිමට ඕ ලෙවල් විභාගෙට මාසයක් විතර තියෙද්දි දෙන්නගෙ ෆිට් එක උපරිම මට්ටමට ආවලු. ඒ කියන්නෙ දැන් තමයි පුරුපුරුට විදූශාගෙන් යාලුවෙන්න අහන්න හොඳම කාලෙ.

හැබැයි ඉතිං තව මාසෙකින් විභාගෙත් ලියන හින්දා පුරුපුරුගෙ අයිඩියා එක වුණේ ඕ ලෙවල් ඉවර වෙලාම විදූශාගෙන් අහන්න. මොකද අන්තිම මාසෙ අධ්‍යාපන මානසිකත්වයෙන් ඉන්නෙ නැතුව වෙන වෙන දේවල් කරන්න ගියොත්, දෙන්නාගෙම එග්සෑම් රිසාල්ට්ස් ලයිට් කණු බවට පරිවර්තනය වෙන්න පුලුවන්. ඉතිං අපේ පූසා උපාසකයි, මාලුකට්ටායි, ඤාව්වායි එක්කත් ඩිස්කෂන් එකක් දාලා අන්තිමට තීරණය කළාලු, ඕ ලෙවල් ඉවරවෙලා ක්ලාස් එකේ ගෙට් ටුගෙදර් එක තියන දවසට විදූශාගෙන් යාලුවෙන්න අහනවයි කියලා.

දැන් මේ වෙද්දි පුරුපුරු විදූශාට ට්‍රයි කරනවයි කියලා පූස්ගම ඉන්න කොල්ලො කෙල්ලො, පූසො, පූසියො හැමෝම දන්නවා. කොටින්ම ඒක ප්‍රසිද්ද රහසක්. ගොඩක් වෙලාවට විදූශා පවා මේක දන්නවා ඇති. ඉතිං ඔය විදිහට කාලෙ ගෙවිලා ඕ ලෙවල් වලට සති තුනක් තියෙද්දි තමයි පුරුපුරුට විශේෂ සිද්දියකට ෆේස් කරන්න වුණේ.

එදා අපේ පූසා පූස්ගම ටවුන් එකට ගියෙ මොනවාහරි බඩු වගයක් ගන්න. ඉතිං බඩු ටික අරගෙන ආපහු ගෙදර යන්න යද්දි මෑන්ස්ගෙ ඉස්සරහට ආවලු කොල්ලො තුන් දෙනෙක්. එතන හිටපු එක කොල්ලෙක්වනං අපේ පූසා යන්තං අදුරනවලු. ඉතිං පුරුපුරු මෑන්ස් එක්ක හිනාවක් එහෙම දාලා කට්ටියව පහු කරගෙන යන්න හදද්දි එතන හිටපු එක කොල්ලෙක් පුරුපුරුට කතා කළාලු. පස්සෙ දැනගත්තු විදිහට ඒ කොල්ලාගෙ නම තමයි "විදත්"

විදත් :- උඹ පුරුපුරු නේද?

පුරුපුරු :- ඔව්, ඇයි මචං?

විදත් :- මට පොඩ්ඩක් උඹත් එක්ක කතා කරන්න ඕනෙ

දැන් පුරුපුරුට ෆුල් අබ්ලික් මූ මේ මොකාටද එන්න හදන්නෙ කියලා. කොහොමවුණත් මොකක් හරි වැදගත් දෙයක් කියන්න වෙන්න ඇති කියලා හිතපු අපේ පූසා මෑන්ස්ගෙ ඉල්ලීමට එකග වුණාලු.

පුරුපුරු :- හරි, අපි කතා කරමු.

ඉතිං කොල්ලො තුන්දෙනා පුරුපුරුත් එක්ක පැත්තකට ගියාලු කතා කරන්න.

විදත් :- උඹ විදූශාට ට්‍රයි කරනවා කියන්නෙ ඇත්තද?

මෙහෙම ඇහුවාමනං පුරුපුරුටත් ටිකක් ෆ්ලවර් ජම්ප් වුණා. තමන් විදූශා එක්ක මොනවා කළාම මේ යකාට මොකද?

පුරුපුරු :- ඔව්, ඉතිං?

විදත් :- විදූශා උඹට සමහරවිට කියලා නැතුව ඇති, ඒකි මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.

විදත් මෙහෙම කිව්වාමනං අපේ පුරුපුරුගෙ ඔලුවට යගදාවකින් ගැහුවා වගේ වුණා. විභාගෙටත් තව ටික දවසයි. ඒ අස්සෙ මොකද්ද මේ අහන්න ලැබිච්ච අසුභ ආරංචිය? විදූශා කවදාවත් පුරුපුරුට කියලා නෑ තමන්ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම එයා හැසිරෙන්නෙත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙල්ලෙක් වගේ නෙවෙයි. ඉතිං පුරුපුරුට දැන් හිතාගන්න බෑ මොනවද මේ විදත් කියවන්නෙ කියලා. කොහොමහරි මේ ආරංචිය අහලා මෑන්ස්ගෙ ඔලුව සම්පූර්ණයෙන්ම අවුල් වුණාලු.

විදත් :- මම කැමති නෑ උඹ විදූශා එක්ක කතා බහ කරනවාට. මම හිතන්නෙ උඹ මේ දේවල් දන්නෙ නැතුව ඇති. ඒකයි මම මේ විදිහට උඹත් එක්ක හොදින් කතා කරන්නෙ.

දැන්නං පුරුපුරුටත් ෆ්ලවර් ජම්ප් එක උපරිමයි

පුරුපුරු :- මම විදූශාගෙන්ම මේ ගැන අහගන්නං. හරි මම විදූශා එක්ක කතා කෙරුවයි කියමුකෝ, උඹ මට මොනවා කරන්නද?

පුරුපුරු එහෙම කියපු පාර කොල්ලො තුන් දෙනාගෙ මූණු අප්සට් වෙලා ගියා. දැන් සාමකාමී සාකච්ඡාව මහා වලියකට පෙරලෙන්නයි යන්නෙ.

"ඇයි උඹ චන්ඩියෙක්ද?"

මෙහෙම කියාගෙන එතන හිටපු අනිත් කොල්ලො දෙන්නගෙන් එකෙක් ඉස්සරහට ආවෙ පුරුපුරුට ගහන්න. පුරුපුරුත් ඒ වෙලාවෙ හිටියෙ මුන් තුන් දෙනාටම නෙලනවයි කියලා අම්බානට ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා. කොහොමහරි වලිය පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි රෝහණදීර ඔතනින් යන්න ආවෙ.

රෝහණදීර :- ආ පුරුපුරු මල්ලි, මොකෝ අදත් වලියක්ද?

රෝහණදීර මෙහෙම අහගෙන තමන් හිටපු පැත්තට එද්දි පුරුපුරුට සවලකින් පොළොව හාරගෙන ඇතුලට යන්න වගේ ලැජ්ජාවක් ඇතිවුණා. එක අතකට මෑන්ස් එහෙම අහපු එකත් සාධාරණයි. මොකද ඔය වෙද්දි අර කලුකුමාරිගෙ කේස් එක හින්දා පූසො වලි දාගෙන වැඩි දවසක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං රෝහණදීර හිතන්න ඇති මුන්ටත් තමන්ට වගේම වලි නැතුව ජීවත් වෙන්න බෑ කියලා. කොහොමහරි මෑන්ස් ඒ පැත්තට එද්දි, අර ෆ්ලවර් ජම්ප් වෙලා වලියට එන්න ලෑස්තිවෙලා හිටපු කොල්ලො කට්ටිය නිකං අහිංසක පූස් පැටව් ටිකක් වගේ වුණා.

රෝහණදීර :- ( අනිත් කොල්ලන්ට) අඩෝ, උඹලා කවුද පූස්ගමට ඇවිල්ලා මෙහෙ කොල්ලන්ට ගහලා යන්න? ආපහු තොපි මේ පැත්තෙ ඉන්නව දැක්කොත් අඩු කඩලා යවන්නෙ.

මෑන්ස් මෙහෙම කිව්වම අර කොල්ලො ටික ෆුල් සරෙන්ඩර්.

" උඹ කලින් කියන්න එපායැ රෝහණදීරගෙ යාලුවෙක් කියලා. අපි යනවා මචං"

මෙහෙම කියපු විදත් ඇතුලු කොල්ලො තුන්දෙනා හිමින් සීරුවේ එතනින් මාරුවෙලා ගියාලු. ඊටපස්සෙ රෝහණදීරට ස්තුති කරපු පුරුපුරුත් එතනින් යන්න ගියාලු.

කොහොමහරි ඊටපස්සෙ සතිය තමයි ලිට් ක්ලාස් එකේ අන්තිම දවස. ඉතිං එදා කට්ටිය එකතුවෙලා පොඩි පාටි එකක් දාන්න මුලින් ලෑස්තිවෙලා හිටියත්, මැඩම් කලින් දවසෙ දුන්න පේපර් එක ඩිස්කස් කරන්න තීරණය කරපු නිසා වැඩේ හරිගියෙ නෑ. මොකද පේපර් එක ඩිස්කස් කරලා ඉවර වෙද්දි ගොඩක් පරක්කු වෙලා හින්දා ළමයින්ට ඉක්මනට ගෙදර යන්න ඕනෙ වුණා. ඊටපස්සෙ තීරණය කළේ පාටි එක ඕ ලෙවල් වලින් පස්සෙ තියෙන ගෙට් ටුගෙදර් එකටම අල්ලලා දාමුයි කියලා.

එදා ක්ලාස් එකේදි පුරුපුරු හිටියෙ වෙනදා වගේ නෙවෙයි, ගොඩක් අප්සට් එකේලු. ඒකට හේතුවුණේ අර දවස් කීපයකට කලින් වෙච්ච සීන් එක. දැන් මෑන්ස්ට ඉවසිල්ලක් නෑ මේ ගැන විදූශාගෙන් අහලා දැනගන්නකං. මොනවා වුණත් පුරුපුරුට හිතුනෙ විදූශා විදත් වගේ රස්තියාදුකාරයෙක් එක්ක යාලු නැතුව ඇති කියලා. විදූශා වගේ වැදගත් කෙල්ලන්ට මඩ ගහන්න විදත් වගේ කොල්ලො ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා නොවැ!

ඒ වගේම එදා පේපර් එකට පුරුපුරුට තිබුනෙ ලකුණු 70යි. තිලංකානං ලකුණු 76ක් අරගෙන "ඒ" එකක් ගන්න මට්ටමේ හිටියා. ඉතිං මේ පේපර් එකට 70ක් අරගෙන ඕ ලෙවල් වලදි ඊට වඩා ගන්න බලාපොරොත්තු වෙන එක විහිලුවක්. ඉතිං තමන්ට ඕ ලෙවල් වලදි ඉන්ග්ලිෂ් ලිට් වලට "ඒ" එකක් ගන්න බැරිවෙයි කියලා පුරුපුරුගෙ අප්සට් එක ඩබල් වෙලා තිබුනේ.

ඉතිං මෑන්ස් කළේ ක්ලාස් එක ඉවරවෙච්ච ගමන්ම කෙලින්ම ගිහින් විදත් එක්ක යාලුද කියලා විදූශාගෙන් අහපු එක. හැබැයි තමන් විදූශාට ට්‍රයි කරන එක සම්බන්දයෙන් විදත් තමන්ගෙන් ඇහුවයි කියන එකවත්, විදත් එක්ක දාගත්ත වලිය ගැනවත්, විදූශාට නොකියා ඉන්න පුරුපුරු පරිස්සම් වුණාලු.

විදූශා :- විදත්? මාත් එක්ක යාලුයි කිව්වා?

පුරුපුරු :- ඔව්! වැරදියට තේරුම් ගන්න එපා විදූශා, ඒත් විදත් කියපු එක ඇත්තද?


විදූශා :- ඔයාට පිස්සුද පුරුපුරු? මම ඒ වගේ කොල්ලෙක් එක්ක කීයටවත් යාලු වෙන්නෙ නෑ. මම එයාව පොඩිකාලෙ ඉදලා අදුරනවා. එච්චරයි

පුරුපුරු :-ආ ඇත්තද? මම මේ නිකං දැනගන්න ඇහුවෙ. ඕල් ද බෙස්ට් ෆෝ දි එග්සෑම්. ගෙට් ටුගෙදර් එකේදි හම්බවෙමු.

විදූශා :- විෂ් යූ ද සේම් පුරුපුරු. මම එහෙනං යන්නං

මෙහෙම කියපු විදූශා යන්න ගියාලු. සතුට ඉහවහා ගිය පුරුපුරු වහාම කළේ, ආපහු ගිහින් අනිත් පූසන්ට මේ සතුටුදායක නිව්ස් එක ලබාදීපු එක. දැන් ඉතිං විදූශාට බෝයි කෙනෙක් නැති එක ගැන කට්ටියටම සතුටුයි. ඉතිං පූසොත් ඊටපස්සෙ විදත්ට බැන බැන ගෙවල් වලට යන්න ගියාලු.

ඊටපස්සෙ ඕ ලෙවල් ඉවර වෙනකං පුරුපුරුට විදූශා ගැන කිසිම නිව්ස් එකක් ලැබුනෙ නෑ

Saturday, November 13, 2010

කලුකුමාරි RELOADED - මාලුකට්ටේය අභිමානය


ඔන්න යාලුවනේ සතියකින් පස්සෙ අපි ආපහු ආවා.අපි එදා කිව්වෙ තට්ටයා ඤාව්වට ගහපු නිසා පුරුපුරු ගිහින් මෑන්ස් එක්ක වලියක් දාගත්ත හැටියි, පස්සෙ රෝහණදීරට පූසො වෙනුවෙන් වලියට බහින්න බැහැයි කියපු නිසා පුරුපුරු අසරණ වෙච්ච හැටියි ගැනනෙ.ඉතිං කලුකුමාරි ගැන ලියවුණු අපේ පරණ ලිපි කියවපු නැති යාලුවො මෙතනින් ගිහින් බලලා එන්නකෝ.

කොහොමහරි ඉතිං පුරුපුරු ගිහිං අනිත් පුසන්ට මේ සිද්දිය කිව්වම මුලු පූසො සෙට් එකම හෝදලා ගියා.කට්ටිය දැන් එක එක අතවල් බලාගෙන ඔහේ කල්පනා කර කර ඉන්නවා.තට්ටයා වගේ නමගිය මැර ඩයල් එකක් එක්ක වලියක් දාගෙන ලේසියෙන් ෂේප් වෙන්න බැහැ.එහෙම ෂේප් වෙන්න හරි ගහන්න හරි ඕනෙනං රෝහණදීර වගේ ඊටත් වඩා ලොකු මැරයෙක්ව කන්ටෑක්ට් කරන්න ඕනෙ.ඒත් ඉතිං රෝහණදීරත් බෑ කිව්වට පස්සෙ පූසො කියල මක් කොරන්නද හැබෑට?

අන්තිමට පුරුපුරුගෙයි උපාසකගෙයි අයිඩියා එක වුණේ ඊළග සතියෙ පුස්ගම ටවුන් එකට යන්නෙ නැතුව වෙන ෂෝට් කට් එකකින් ගෙදර යන්න.හැබැයි ඉතිං තට්ටයාට චැලේන්ජ් කරලා, ඊට පස්සෙ වලියට යන්නෙ නැතුව, ඊටත් පස්සෙ ඒ පැත්තෙ කොල්ලො ටික සිද්දිය දැනගත්තම පූසන්ගෙ සායමේ අන්තිම බිංදුවත් හෝදල යන එක නවත්තන්න කාටවත් බෑ.ඒත් ඉතිං එහෙමයි කියලා කාටද අම්බානට ගුටිකන්න පුලුවන්?ඉතිං සතියම ප්ලෑන් කළත් වෙන හොද ඔප්ෂන් එකක් හොයාගන්න අපේ පූසො සෙට් එකට බැරිවුණාලු.රැවුලයි කැදයි දෙකම බේරගන්න බෑ නොවැ!

හැබැයි උපාසකයි පුරුපුරුයි මොනවා කිව්වත් මාලුකට්ටගෙනං කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ සතුරා හමුවේ පසුබහින්න.මෑන්ස් කිව්වෙම ගුටිකෑවත් කමක් නෑ, පූසො ටික තට්ටයා එක්ක වලියට යන්න ඕනෙමයි කියලා.තමන්ගෙ පරම්පරාවෙ කවුරුවත් කවදාවත් කාටවත් බයේ පැනලා ගිහිල්ලා නෑ කියලා තමයි මාලුකට්ටා පොරටෝක්ස් දුන්නෙ.අන්තිමට මෑන්ස් තීරණ‍ය කළේ අනිත් පූසෝ ආවෙ නැතත් තමන් තනියෙන් හරි මේ ගමන යනවයි කියලා.

කොහොමහරි මාලුකට්ටගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන අනිත් පූසන්ටත් ඊළග සෙනසුරාදා තට්ටයාගෙන් ගුටිකන්න යන ගමනට යන්න එකග වෙන්න සිද්දවුණාලු.අනිත් පූසො මාලුකට්ටාට දාපු එකම කොන්දේසිය තමයි අර ඇටබෝල තුවක්කුව මේ වලියට ගේන්න බැරි වග.

ඉතිං තීරණාත්මක සෙනසුරාදා දවස උදා වුණේ ඇහිපිය ගහන වේගෙන්.එදා උදේ අර පූසො බියර් බීපු ලිට් ක්ලාස් එක ඉවර වෙලා අපේ පූසො සෙට් එක එළියට බැස්සෙ ගැහි ගැහි වාගෙ.දැන් ඉතිං තට්ටයාගෙ හෝරාව උදා වෙලයි තියෙන්නෙ.ඉතිං අපේ යාලුවො කට්ටිය හිමින් සීරුවෙ පූස්ගම ටවුන් එක පැත්තට ඇදුනලු.ගිහින් බැලින්නං තට්ටයා පේන්න නෑ.මේකා බැරිවෙලාවත් පුසන්ට බයේ ටවුන් එකට ඇවිත් නැද්ද? අපේ මාලුකට්ටගෙ අදහස වුණේනං ඒකයි.ඉතිං අපේ පූසන්ගෙ බයත් පොඩ්ඩ පොඩ්ඩ ඇරිල යන්න පටන් ගත්තලු.

කට්ටිය ටවුන් එකට වෙලා හිනා වෙවී ඉන්න අතරෙ පුරුපුරු දැක්කා ඤාව්වගෙ හිනා මූණ එකපාරටම විකෘති වෙලා යන හැටි.ඤාව්වා බලාගෙන හිටපු පැත්ත දිහා බලපු පුරුපුරුගෙ මූණත් ඒ වගේම විකෘති වුණාලු.බැලින්නං බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් තට්ටයාගෙ තට්ට ඔලුව මතුවෙලා.ටික ටික මෑන්ස්ගෙ ඔලුව පිටිපස්සෙන් තව තව ඔලු මතුවෙන්න පටන් ගත්තලු.මෙන්න බොලේ තට්ටයා පූසන්ට පහර දෙන්න පනහක විතර සෙට් එකක් අරන් ඇවිල්ලා.මෑන්ස්ගෙ පස්සෙන් මෙරු මතුවෙනවා වගේ තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොල්ලො සෙට් එකක් මතුවුණේ.දැන් ඉතිං පූසො හතරදෙනා ෆුල් නස්තාර්.කට්ටියගෙම ඇස් ඉබේම හැරුණෙ වීර මාලුකට්ටා හිටපු පැත්තට.

මෙන්න බොලේ අපේ මාලුකට්ටා තට්ටයාව දැකලා කට කට ගාලා ගැහෙනවා.මූණත් රතුවෙලා.

මාලුකට්ටා:- මචං, අදනං ගහගන්න බෑ වගේ.අපි ලබන සතියෙ මුන්ට ඇටෑක් එකක් දෙමු

මෙහෙම කියපු අපේ පූසා අනිත් යාලුවන්ගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් අනිත් පැත්ත හැරිලා දුවන්න පටන් ගත්තලු.එතකොටම තමයි බස්ටෑන්ඩ් එකට ආපු බස් එකක් නිසා තට්ටයාට පූසන්ගෙ දර්ශන පථය ඇහිරුණේ.දැන් පුරුපුරුටයි, උපාසකටයි, ඤාව්වටයි උදාවෙලා තියෙන්නෙ "නව් ඕර් නෙවෙර්" ආකාරයෙ අවස්ථාවක්.කරන දෙයක් දැන්ම තීරණේ කරන්න ඕනෙ.නැත්තං බස් එක එතනින් ගිය හැටියෙ තට්ට සෙට් එක ඇවිත් පූසන්ට අම්බානට නෙලනවා.

ඤාව්වා:- මචං, මාලුකට්ටා කියපු හින්දනෙ අපි මෙතෙන්ට ආවෙ.දැන් ඌත් දුවපු එකේ අපිත් දුවලා බේරේමු

මෙහෙම කියපු ඤාව්වත් ආපහු හැරිලා දුවන්න ගත්තලු.මාලුකට්ටයි ඤාව්වයි දුවනවා බලන් හිටපු පුරුපුරුයි උපාසකයි කළේ හිත හිතා ඉන්නෙ නැතුන යාලුවො දෙන්නා පස්සෙන් දුවපු එක.කොහොමහරි බස්එක එතනින් අහකට ගන්නකොට පූසො කවුරුවත් එතන හිටියෙ නෑ.පස්සෙ ආරංචි වෙච්ච හැටියට තට්ටයා ඇතුලු සෙට් එක පැය කාලක් විතර පූසො හොය හොයා ඒරියා එකම සර්ච් කරලා, පස්සෙ හොයාගන්න බැරිවුණ තැන ආපහු යන්න ගිහින්.

අන්තිමට ඉතිං ඔයින් මෙයින් සිද්දවුණේ අපේ පුසන්ට ටික දවසක් යනකං කලිසම් ඇදගෙන එළියට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වුණ එකයි, වීර මාලුකට්ටාගෙ පරම්පරාවෙ සාමාජිකයෙක් "මුලින්ම" බයේ දුවපු එකයි විතරයි.පස්සෙ ටික දවසක් යනකං පූසන්ව හොයපු තට්ටයා අන්තිමට වැඩේ අතඇරලා දැම්මලු.

ප.ලි - පස්සෙ ඒ ලෙවල් කාලෙ දවසක පුරුපුරු ටවුන් එක මැදින් යනකොට මෙන්න බොලේ තට්ටයයි ඤාව්වයි කඩේකට වෙලා ප්ලේන්ටි බිබී ඉන්නවා.ඔන්න ඔහෙමයි මිනිස්සු වෙනස් වෙන්නෙ.හික් හික්!!

Saturday, November 6, 2010

කලුකුමාරි RELOADED - තට්ටයාගේ හෝරාව


ඔන්න යාලුවනේ හා හා පුරා කියලා නොවැම්බර් මාසෙ බ්ලොග් කටයුතු පටන්ගන්නයි යන්නෙ.තව දවසක් දෙකක් පරක්කු වෙලා ලියන්න හිතුවත් ටැබූ ගොයියා වගේ බ්ලොග්අවකාශෙ පතාක යෝධයෙක්ගෙන් රෙකමදාරුවක් ලැබුනට පස්සෙ අදම මේ ලිපිය ලියන්න ඕනෙයි කියලා හිතුනා.හික් හික්!!හැබැයි ඉතිං වැඩිපුරම සතුටු හිතුනෙ මෑන්ස් මාව "යොවුන්" කියන කැටගරියට ඔබලා තියනවා දැක්කට පස්සෙ.

පහුගිය දවස්වල ගොඩක් හොස්ටල් කතා ලිව්ව හින්දා අපේ උපාසකයි ඤාව්වයි ගැන වැඩිය ලියන්න බැරිවුණා.මොකද පූසන්ගෙන් හොස්ටල් එකේ හිටියෙ පුරුපුරුයි මාලුකට්ටයි විතරයි නොවැ!ඉතිං අද අපි ලියන්නෙ පූසො සෙට් එකේ ආතල් කතාවක්.

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි කලුකුමාරි ගැන ලියපු සීරීස් එක? කියවපු නැති අය කැමතිනං ගිහිං කියවලා එන්නකෝ.අපේ අවසරයක් නැතුව එළකිරි අඩවියෙත් පළවෙච්ච සීරීස් එකක් තමයි ඔය

කලුකුමාරි 1
කලුකුමාරි 2
කලුකුමාරි 3
කලුකුමාරි 4

ඉතිං මේ සිද්දිය වුණෙත් ඔය කලුකුමාරිගෙ කේස් එක වෙලා ටික දවසකට පස්සෙ.කලුකුමාරි වෙනුවෙන් සෙට් එකක් එක්ක ඇවිත් ඤාව්වාට සද්ද දාලා, පුරුපුරුට ගහපු දිගා ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොලුවෙක් නොවැ!ඉතිං මෑන්ස් ඊට පස්සෙ රෝහණදීරගෙන් ගුටිකෑවටම ඒ ඉස්කෝලෙ කොල්ලන්ගෙ හිත් සෑහෙන්න රිදුනා.ඒත් එහෙම කියලා රෝහණදීරට තඩිබාන්නයැ!ඉතිං පූස්ගම හිටපු ගම්පහ පිරිමි ඉස්කෝලෙට ගිය කොල්ලො සෙට් එක ඇගිලි ගැන ගැන හිටියෙ පූසන්ට ගේමක් දෙන්නෙ කොහොමද, කවදද කියලා.ඔහොම සති දෙක තුනක් ගියත් කාගෙන්වත් පූසන්ට කිසිම තර්ජනයක් එල්ල වුණේ නෑ.ඉතිං අපේ පූසො සෙට් එකත් හිතාගත්තලු දෙයියන්ගෙ පිහිටෙන් ඒ සිද්දියත් එතනින් ඉවරයි කියලා.

කියන්න ලැජ්ජ වුණත් ඒ දවස්වල ඕ ලෙවල් කිට්ටු නිසා ඤාව්වයි මාලුකට්ටයි සිංහල පන්තියකට ගියා.ඒ පන්තියත් අර කලුකුමාරි කතාවෙ සමාජ අධ්‍යයනය පන්තිය වගේම බොහොම පොඩි ක්ලාස් එකක්.ඉතිං ඔය පන්තියට ගම්පහ පිරිමි ඉස්කෝලෙ ළමයි කීප දෙනෙකුත් ආවලු.ගොඩක් වෙලාවට ඔය කොල්ලො සෙට් එක පන්තියට එන්නෙ හොදට අනුමත වුණාට පස්සෙලු.සර්රුත් එච්චර අවුලක් නැති නිසා බීමත්ව අධ්‍යාපනයේ යෙදීම ගැන කිසිම ප්‍රශ්නයක් ඒ අයට ඇතිවුණේ නෑ.මේ සෙට් එක ලීඩ් කළේ "තට්ටයා" කියලා හදුන්වපු කොන්ඩෙ කොටටම කපපු කොල්ලෙක්.

ඔන්න එක දවසක් පන්තිය පටන් අරන් පැය බාගයක් විතර ගියාට පස්සෙ මේ කොල්ලො සෙට් එක පන්තියට ආවලු.බැලින්නං යාලුවො සෙට් එක කන් පාත් වෙන්න බීලා.ඉතිං ටිකක් වෙලා ගිහිං ක්ලාස් එකේ ඉන්ටර්වල් එකත් දුන්නලු.දැන් කට්ටිය වතුර බොන්න ටැප් එක පැත්තට යන වෙලාව.අපේ ගම්පහ කොල්ලො සෙට් එකත් පූසො දෙන්නත් එක්ක වැනි වැනී ඒ පැත්තට යනවලු.ඔය වෙලාවෙ තමයි තට්ටයයි ඤාව්වයි අතරෙ මෙහෙම කතාවක් ඇතිවුණේ

තට්ටයා :- අඩෝ ඤාව්වා, ඉස්සරහ කඩේට ගිහිං අපිට ටොපි අරන් වරෙන්.......

ඤාව්වට තේරුණා තට්ටයා එන්නෙ හොදකට නෙවෙයි කියලා.තට්ටයා ඒ දවස්වල ඒ පැත්තෙ ප්‍රසිද්ද මැර ඩයල් එකක්.ඒ හින්දා මෑන්ස් එක්ක පැටලෙන්න යන එක කොහෙත්ම නුවණට හුරු නෑ.රෝහණදීරට හැමතිස්සෙම වලි වලට කතා කරන්නත් බෑ නොවැ!අනික එතන පූසන්ට හිටියෙ ඤාව්වයි මාලුකට්ටයි විතරයි.ඉතිං ඒ කොල්ලොත් එක්ක ගහගන්න එකයි, මාලුකට්ටාව පරිස්සං කරන එකයි ඤාව්වට එකට කරන්න පුලුවන්යැ.ඇරත් බීල සිහි විකල් වෙලා ඉන්න තට්ට සෙට් එක මොනවගේ දෙයක් කරයිද කවුද දන්නෙ?ඒක හින්දා පොඩ්ඩක් ෂේප් එකේ උත්තර දෙන්න ඤාව්වා තීරණය කළාලු.

ඤාව්වා :- මම වතුර බොන්න යනවා මචං.උඹලම ගිහි අරං වරෙං වෙරි හිදෙන්නත් එක්ක

ඒත් ඉතිං කොක්කක් දාගන්න උවමනාව තියනවනං ඇවිත් තමන්ට වැන්දත් ඒ ටික ඇති නොවැ!ඒ නිසා ඤාව්වා තමන්ට කියපු දේ වලියක් දාගන්න ඕනෑවටත් වඩා වැඩියි කියලා තට්ටයා හිතුවලු.

තට්ටයා :- අඩෝ! උඹ හිතුවෙ රෝහණදීර අයියා ලව්ව දිගාට ගැස්සුවාම උඹ හෙන පොරක් කියලද? උඹ දැනගනිං මට තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ තට්ටයා කියන්නෙ.උඹ මට අපහාස කරල බේරිලා යන්නද හිතන් ඉන්නෙ?

මෙහෙම කියපු තට්ටයා ඇතුලු සෙට් එක වෙන පැත්තකට ගියාලු.කොහොමහරි එදා පන්තියෙ ඉතුරු වෙලාව ඤාව්වයි මාලුකට්ටයි ගතකළේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව.පුරුපුරුටයි උපාසකටයි සිද්දිය කියන්න විදිහකුත් නෑ.මොකද ඒ දවස්වල මොබයිල් ෆෝන් එකක් කියන්නෙ ලේසියෙන් දැකගන්න ලැබෙන වස්තුවක් නෙවෙයිනෙ.කොහොමහරි පන්තිය ඉවරවෙලා ටික දුරක් ඇවිදගෙන යද්දි ඤාව්වව වට කරගත්තු තට්ට සෙට් එක මෑන්ස්ට අම්බානට නෙලුවලු.ඇති යාන්තම් මාලුකට්ටාට මොනවත් කරලා තිබුනෙ නෑ.මොකද ඒ දවස්වල මාලුකට්ටා, නිකං රුවන්ඩාවෙන් ගෙනාපු බෝංචි කරල වගේ හොද පෘෂ්ටිමත් පූසෙක්.

ඤාව්වා ගුටිකෑවයි කියලා පුරුපුරුටයි උපාසකටයි ආරංචි වුණේ පහුවදා උදේලු.දෙයියන්ගෙ පිහිටෙන් ඤාව්වාට ගුටිකාලා ලොකු අමාරුවක් වෙලා තිබුනෙ නෑ.ඉතිං දැන් අපේ පූසො කට්ටිය ප්ලෑන් කරනවා මොකද්ද ඊළගට කරන්න ඕනෙ කියලා.ඤාව්වා ගුටි කාපු නිසා අනිවා රිටර්න් එකක් දෙන්නම ඕනෙ.ඔය තට්ටයා කියන්නෙ එච්චරම උස මහත කොල්ලෙක් නෙවෙයි.අනික මෑන්ස් ගැන අපේ පූසො එච්චර විස්තර දැනගෙන හිටියෙත් නෑ.පුරුපුරුනං මෑන්ස්ව දැකලවත් තිබුනෙ නෑ.ඒක නිසා තට්ටයා ගැන වහාම හොයලා බලන්නයි, මේ සිද්දිය ගැන රෝහණදීරට දැනුම් දෙන්නයි කට්ටිය අන්තිමට තීරණය කළාලු.

ඉතිං පහුවදා හවස පුරුපුරු ගියාලු රෝහණදීරව හම්බවෙන්න.මෑන්ස් නිතරම ඉන්න කඩේ ළගට යනකොට, අතරමගදි මෙන්න බොලේ කො‍ල්ලො සෙට් එකක් පුරුපුරු දිහා බලන් ඉන්නවා කින්ඩියට හිනාවකුත් දාගෙන.කට්ටිය ස්කූල් යුනිෆෝම් එකත් ඇදගෙන තමයි හිටියේ.යුනිෆෝම් එකේ තිබුන ගම්පහ පිරිමි ඉස්කෝලෙ බැජ් එකෙනුයි, කොටටම කපලා තිබුන කොන්ඩෙනුයි, එතන ඩයල් එක වගේ හිටපු කොල්ලා තට්ටයා වෙන්න ඇති කියලා හිතාගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ.

"චික් විතරක්!රෝහණදීරයා දැන් මෙතන හිටියනං මුං සෙට් එකටම නෙලන්න තිබුනනෙ.කමක් නෑ, දැන් මුන්ට සද්දයක් දාලා ගිහින් රෝහණදීරව එක්කගෙන ඇවිත් තව ටිකකින් මුන්ට නෙලනවා"

පුරුපුරු හිතුවලු.ඉතිං අපේ පූසා කළේ වහාම හිනාව දාපු කොල්ලො සෙට් එක ළගට ගිය එක

පුරුපුරු :- උඹ නේද තට්ටයා කියන්නෙ?

තට්ටයා :- ඔව්! මමනං දන්නවා උඹ පුරුපුරු කියලා.කොහොමද උඹලගෙ ඤාව්වා සනීපෙන් ඉන්නවද?

පුරුපුරු :- ඔව් ඔව්!! උඹටත් අපි ඒ සනීපෙම දෙන්නංකො.ටිකක් ඉවසලා හිටපං

තට්ටයා :- උඹ කුරුදුවත්තෙ ඉස්කෝලෙ ගියා කියලා හෙන පොර කියලද හිතන් ඉන්නෙ? උඹට අපි දැන් ගහන්නෙ නෑ.ලබන සෙනසුරාදා ගුටිකන්න බලාගෙන පූස්ගම ටවුන් එකට වරෙන්

පුරුපුරු :-උඹත් ගුටිකන්න බලාගෙනම ටවුන් එකට වරෙන්

පුරුපුරු කිව්වා.ටවුන් එක මැද්දෙ හිටපු නිසා එතන වලියක් දාගන්න තට්ට සෙට් එක කරමති වුණේ නෑ.අනික් අතට පුරුපුරුව එතනින් එහාට අරගෙන යන්න තරං හැකියාවක් එතන හිටපු කට්ටියට තිබුනෙ නෑ.ඒක හින්දා ඒ වෙලාවෙ ගුටිකන්නෙ නැතුව බේරෙන්න පුරුපුරුට පුලුවන් වුණාලු.මෑන්ස් ඊට පස්සෙ වහාම ගියෙ රෝහණදීරව හම්බවෙන්න.ලබන සෙනසුරාදා රෝහණදීර ලව්ව තට්ටයාගෙ තට්ටෙ පලන්න පුරුපුරුට තිබුනෙ ලොකු අධිෂ්ඨානයක්.පුරුපුරු යනකොට රෝහණදීර ඉන්නවා ප්ලේන්ටියක් බිබී කඩේ ඇතුලෙ.

රෝහණදීර :- ආ...පුරුපුරු මල්ලි, එන්න එන්න, මොකෝ මේ හදිස්සියෙ අපිව මතක්වෙලා තියෙන්නෙ? ඤාව්වා ගුටිකාපු එක කියන්නද?

හතර විලි ලැජ්ජාවයි.මේ යකා ගුටිකාපු එක මුලු පූස්ගමම දන්නවද කොහෙද? ඒත් රෝහණදීර මේ බවක් දැනගෙනත් නිකමටවත් කලින් අහල බැලුවෙ නෑ නොවැ! සාමාන්‍යයෙන්නං මෑන්ස්ට වලියක් ගැන කියන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.රෝහණදීර කියන්නෙ වලි හොයාගෙන එන ජාතියෙ බුවෙක්.මේ වෙච්ච සිද්දියෙන් තක්බිරිෆයිඩ් වුණ පූසා රෝහණදීරගෙන් මෙහෙම ඇහුවලු

පුරුපුරු :- ඇයි අයියා සිද්දිය දන්නවද?

රෝහණදීර :- හික් හික්...අපි නොදන්න වලියක් මේ පූස්ගම කියනවද මල්ලි?ඒත් මේ කේස් එකටනං මට අතදාන්න බෑ.මොකද තට්ටයා කියන්නෙ මගෙ නෑදෑ මල්ලි කෙනෙක්.උඹලට මම ගහන්නෙ නැතිව ඉන්න එක තමයි මේ සිද්දියෙදි මට කරන්න පුලුවන් ලොකුම උදව්ව.වෙන ඕන කේස් එකක් කියපං, දන්නවනෙ ඉතිං මම අනිවා එතන!

මළ කෙලියයි! මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.බැලින්නං තට්ටයා කියන්නෙ රෝහණදීරගෙ නැන්දා කෙනෙක්ගෙ පුත්තරයෙක්.දැන් ඉතිං ලබන සෙනසුරාදා අරුන් තිස්පහක් හතලිහක් විතර එක්ක, දහ පහළොස් දෙනෙක් අරන් ගිහින් තමයි ගහගන්න වෙන්නෙ.පුරුපුරුත් පත්වුණේ බැට් එක නැතිවෙච්ච මාලිංගගෙ තත්ත්වෙට.

ලබන සෙනසුරාදා මොකද වුණේ කියලා ඊළග ලිපියෙන් බලමු නේද?
(මෙගා නාට්‍යයක් නෙවෙයි.ඊලග කොටසින් කතාව ඉවරයි)

Thursday, August 12, 2010

කලු කුමාරි 4 (අවසන් කොටස) - ඇටබෝල තුවක්කුව



කලින් ලිපියෙන් අපි කිව්වනෙ අපේ පූසො ටික අම්බානක සංග්‍රහයක් භුක්ති විදින්න ලෑස්ති වෙද්දි රෝහණදීර ඇවිල්ල සතුරන්ට සද්දෙ දාපු හැටි.ඉතිං අපේ කලින් ලිපි බලන්න බැරිවුණ යාලුවන්ට පුලුවන් දැන් ගිහින් බලලා එන්න


කලු කුමාරි - 1
කලු කුමාරි - 2
කලු කුමාරි - 3


ඉතිං පුරුපුරුට හිතාගන්න බැහැ මොන පූරුවෙ පිනකටද රෝහණදීර මේ වෙලාවෙම මෙතනට පාත් වුණේ කියලා.පස්සෙ බැලින්නං ඤාව්වට කලින් දවසෙ හවස පූස්ගම ටවුමෙදි රෝහණදීරව හදිස්සියෙ මුණගැහිලා.ඉතිං ඤාව්වත් කරල තියෙන්නෙ වලියෙ විස්තරේ ගැන අකුරක් නෑර රෝහණදීරට කියපු එක.කොහොම හරි ඉතිං ඤාව්වගෙ වැඩේ හින්ද පූසො ටික යන්තං බේරුනා.


ඉතිං අපි කිව්වනෙ රෝහණදීරගෙ සද්ද දැමීම ඉස්සරහ දිගාගෙ සෙට් එකේ කොල්ලො ශේප් එකේ මාරු වෙලා ගියයි කියලා.අන්තිමට ඉතුරු වුණේ දිගායි, තව කොල්ලො දෙතුන් දෙනෙකුයි විතරයි.කලින් පොර ටෝක්ස් දුන්නට මොකද දැන්නං දිගාගෙ මූණ දිහා බලන්නත් දුකයිලු.මෑන්ස් ඇස්වල කදුලු පුරෝගෙන පූසො දිහා ආයාචනාත්මක් බැල්මක් දැම්මලු.


සාමාන්‍යයෙන් රෝහණදීර වගේ වෘත්තීය මට්ටමේ තග් ඩයල් එකක් වලියකට ආවොත් එතන අනිවා ගහගැනිල්ලක් සිද්ද වෙනවාමයි.ඒක පූසොත් දන්නවා, දිගාත් දන්නවා.ඉතිං දැන් දිගාට ෂුවර් පොරට තියෙන්නෙ හොද ගුටි කෑමක් තමයි කියලා.රෝහණදීරත් ඉතිං තමන්ගෙ කටහඩ අවදි කළාලු.


රෝහණදීර :- පුරුපුරු මල්ලි, මොකද කියන්නෙ? මූට නෙලමු නේද??


පුරුපුරුට දිගාත් එක්ක තිබුනෙ එදා කම්මුල් පාරවල් දෙකක් කාපු තරහ විතරයි.ඒත් දැන් රෝහණදීර දිගාට ගැහුවොත් මෑන්ස්ට අම්බානට ගුටිකන්න වෙනවා.ඉතිං දිගා ගැන අනුකම්පා කරපු පුරුපුරු මෙහෙම කිව්වලු


පුරුපුරු :- නෑ අයියෙ! එදා මූ මට ගහපු එකට හරියන්න අපි මූට ටිකක් ගහල යවන්නං.අවුලක් නෑනෙ?


එහෙම කියපු පුරුපුරු කළේ අත දිගඇරලා දිගාට කම්මුල් පාරවල් දෙකක් දුන්න එක.ඊට පස්සෙ පුරුපුරු ඤාව්වට පොඩි සිග්නල් එකක් දුන්නලු.ඉස්සරහට පැනපු ඤාව්වා දිගාගෙ කම්මුලට තවත් වේගවත් හයේ පහර දෙකක් එල්ල කළාලු.පුරුපුරු ඤාව්වටත් චාන්ස් එක දුන්නෙ දිගා එක්ක තමන්ට තියනවටත් වඩා තරහක් ඤාව්වගෙ හිතේ තිබුන බව දැනගෙන හිටපු නිසා.ඒත් අන්තිමට සිද්ද වුණේ වෙන දෙයක්.ඤාව්වගෙනුයි පුරුපුරුගෙනුයි දිගා ගුටි කනවා දැකපු රෝහණදීරත් ෆෝම් වෙලා ඉස්සරහට පැනලා දිගාට අම්බානට නෙලන්න ගත්තලු.


දැන් පූස්ගම ටවුම මැද්දෙ දිගා මදි නොකියන්න ගුටි කනවා.මිනිස්සුත් බලාගෙන ඉන්නවා.අන්තිමට වුණේ පූසන්ටයි, එතන හිටපු පූසන්ගෙ යාලුවන්ටයි එකතු වෙලා රෝහණදීරව පැත්තකට අරගෙන දිගාව බේරගන්න වෙච්ච එක.මදෑ කොළා! අන්තිමට ගහගන්න ආපු මනුස්පයව බේරන්න වුණෙත් පූසන්ටමයි.වලිය ඉවරවෙන මොහොතෙම තමයි උපාසක අතිශය භයානක දර්ශනයක් දැකල තියෙන්නෙ.උපාසක කෑ ගැහුව පාර අනිත් අයත් ඒ පැත්ත බැලුවලු.


දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ! මෙන්න කලු කුමාරි රා බීපු ඇතින්නක් වගේ පිඹගෙන එනව කට්ටිය හිටපු දිහාට.ඒක දැකපු පූස් සෙට් එකයි, රෝහණදීරයි ටිකක් පැත්තකට ගියාලු.දැන් වලිය ගිය තැන ඉතුරු වෙලා හිටියෙ මූණ රතු කරගත්තු දිගායි, මෑන්ස්ගෙ යාලුවො දෙන්නෙකුයි විතරයි.වහාම එතනට ගිය කලු කුමාරි දිගාව අඩගහගෙන වෙන පැත්තකට ගියාලු.දැන් පූසො හිටපු තැනට කලු කුමාරියි දිගායි මොනවද කරන්නෙ කියල පේන්නෙ නෑ.


කොහොම හරි ඉතිං බලාපොරොත්තු රහිතව වෙච්ච මේ වැඩෙන් පූසො ටික අම්බානට අප්සට් ගියාලු.විශේෂයෙන් ඤාව්වට.මොකද දැන් දිගා අසරණ වෙලා ඉන්න මොහොතෙ කලු කුමාරිගෙ අනුකම්පාව මෑන්ස්ට හම්බවෙන්න පුලුවන්.ඊට පස්සෙ අනුකම්පාව භූමිකම්පාවක් වුනොත් එහෙම ඤාව්වගෙ බලාපොරොත්තු කෙලින්ම චකබ්ලාස් වෙලා යනව නොවැ!දැන් කට්ටිය එබි එබී බලනවා කලු කුමාරි දිගා එක්ක කතා කරන්නෙ මොනවද කියලා.


ඉතිං ටික වෙලාවකින් කලු කුමාරි තනියම යන්න යනවා අපේ පූසො සෙට් එක දැක්කලු.වටින් ගොඩින් එබිකම් කරල බලද්දි මෙන්න දිගා ඉන්නවා අත් දෙකෙන් මූණ වහගෙන.බැලින්නං මෙන්න මේ යකා හොටු පෙරාගෙන අඩනවා.ඉතිං මෑන්ස්ට අඩ අඩා ඉන්න දීල පූසොයි යාලුවොයි ගියාලු පොඩි ප්ලේන්ටි පාරක් ගහන්න.


පස්සෙ තමයි හරියටම සිද්දිය ආරංචි වුණේ.ඒ වෙලාවෙ වෙන ක්ලාස් එකකට යන්න පූස්ගමට ඇවිත් හිටපු කලු කුමාරිට කවුද වලිය ගැන බ්‍රේකින් නිව්ස් එකක් දිලා.හැබැයි ආරංචිය දීල තියෙන්නෙ දිගා සෙට් එකක් අරන් ඇවිත් පූසන්ට නස්තාර් වෙන්න නෙලනවයි කියලා.ඉතිං කලු කුමාරිත් කරල තියෙන්නෙ ආපු ගමන් දිගාව පැත්තකට අරගෙන ගිහිං කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මෑන්ස්ට බැන්න එක.ඒ මදිවට මෑන්ස්ට කැමති නැහැ කියල මීට පස්සෙ කලු කුමාරිත් එක්ක වචනයක්වත් කතා කරන්නත් එපා කියලා.ඉතිං ගුටිකාපු දුකටත් වඩා කලු කුමාරිගෙන් බැනුම් අහපු දුකට තමයි දිගා අඩල තියෙන්නෙ.

කොහොම හරි ඉතිං පූසන්ගෙ වියදමෙන් ඔක්කොම යාලුවන්ට ප්ලේන්ටි අරන් දුන්නලු.මෙතනදි තමයි කතාවෙ හොදම සීන් එක සිද්ද වුණේ.

ප්ලේන්ටි බොන අතරෙ අපේ මාලුකට්ටා අත් දෙක හොදට උඩට දිග ඇරලා ඈනුමක් යැව්වලු.ඕක දැකපු රෝහණදීර හොදටම බය වුණාලු.මෑන්ස් කළේ පුරුපුරුට පැත්තකට අඩගහපු එක.


රෝහණදීර :- පුරුපුරු මල්ලි, කවුද බං මූ???


පුරුපුරු :- මේ අපේ මාලුකට්ටනෙ අයියෙ! ඇයි මොකද?


දැන් පුරුපුරුට හිතාගන්න බෑ රෝහණදීර වගේ ඩයල් එකක් ඇයි මාලුකට්ටව දැකල බය වෙන්නෙ කියලා.


රෝහණදීර :- ඇයි මල්ලි පොරගෙ ඉනේ පිස්තෝලයක් ගහගෙන ඉන්නෙ? අන්ඩර්වර්ල්ඩ් ඩයල් එකක්ද? මේ ඒරියා එකේ අපි දන්නෙත් නැතුව? දැක්කහමනං ෆුල් අහිංසක ශේප් එකක්‍ තියෙන්නෙ!!


රෝහණදීර ෆුල් අප්සෙට් ගහලා.පුරුපුරුටත් අබ්ලික් කෝටියයිලු මූ මේ මොනවද කියවන්නෙ කියලා.මාලුකට්ටා අන්ඩර්වර්ල්ඩ් තියා මීට කලින් ජීවිතේටවත් වලියක් තිබුන තැනකින් ගියෙවත් නැති පූසෙක්.


පුරුපුරු ගිහිල්ලා සීන් එක මොකද්ද කියල බැලුවලු.බැලින්නං රෝහණදීර කියල තියෙන්නෙ ඇත්ත.මෙන්න බොලේ මාලුකට්ටගෙ ඉනේ පිස්තෝලයක්.පොර ඈනුම් අරිද්දි ටී ෂර්ට් එක උඩට ඉස්සුනාම තමයි රෝහණදීර මේක දැකල තියෙන්නෙ.දැන් කට්ටියටම ෆුල් හොල්මන්.මොකද දන්නවද වෙලා තියෙන්නෙ?


ඒ දවස්වල තිබුන මතකයිනෙ ඔය ඇටබෝල තුවක්කු කියන ජාතිය.ඒ කියන්නෙ බුලට් විදිහට චූටි ප්ලාස්ටික් බෝල පාවිච්චි කරන්න තියෙන සෙල්ලම් පිස්තෝල.සමහර කොල්ලොනං ඒ දවස්වල ප්ලාස්ටික් බෝල වෙනුවට බයිසිකල් යකඩ බෝලත් ඔය පිස්තෝල වලට දාන්න පුරුදු වෙලා හිටියලු.ඔය සමහරක් ඇටබෝල තුවක්කු පෙනුමෙනුයි, සයිස් එකෙනුයි ඇත්තම පිස්තෝල වගේ.ඉතිං මාලුකට්ටා ළගත් තිබුනලු ඔය කියන ජාතියෙ ඇටබෝල තුවක්කුවක්.

පොර ඉතිං ජීවිතේට වලියක් දැකල නැතෙයි කියලා අපි කලින් කිව්වනෙ.ඉතිං ඉමර්ජන්සි කේස් එකක් වුණොත් පාවිච්චි කරන්න කියලා මාලුකට්ටා ඇටබෝල තුවක්කුවට බයිසිකල් බෝල ලෝඩ් කරගෙන ඉනේ ගහගෙන ඇවිල්ලා.මේක දැනගත්තු රෝහණදීරට බිබී හිටපු ප්ලේන්ටියත් ඉස්මෝල්ලෙ ගියා.පොර දැන් බඩ අල්ලගෙන හිනා වෙනවලු.අපේ පූසන්ගෙ මූණු ටික රතු වෙලා ගිහිං.මාලුකට්ටා ඇටබෝල තුවක්කුවත් නැතුව සවලක්වත් ගෙනත් තිබුනනං බිම හාරගෙනවත් යන්න තිබුන නොවැ! ඒත් දැන් ඉතිං මොනව කියල කරන්නද?

කොහොම හරි ඉතිං දීර්ඝ බයිටකට පස්සෙ කට්ටිය විසිරිලා ගියාලු.ඊට පස්සෙ කාලයක් යනකම්ම රෝහණදීරව මුණගැහුනොත් මෑන්ස් ඇහුවෙම මාලුකට්ටගෙ ඇටබෝල තුවක්කුව ගැන.


අන්තිමේදි වුණේ අසරණ දිගා ගුටිත් කාල කලු කුමාරිවත් නැති කරගත්ත එක.දැන් අපේ කියවන යාලුවො හිතයිද දන්නෙ නෑ ඤාව්වා කලු කුමාරිත් එක්ක යාලු වෙලා සියලු දෙනා සතුටින් විසිරිලා ගියා කියලා.එහෙම වුණේ නෑ.ඒ කියන්නෙ ඤාව්වට වැඩේ හරිගියෙත් නෑ.කලු කුමාරි ඒ ලෙවල් ඉවර වෙනකංම කොල්ලෙක් එක්ක යාලු වුණේ නැහැලු.හැබැයි පස්සෙ කාලෙකනං ඇස්.ඇස්.සී පිට්ටනිය අද්දර කොම්පියුටර් ආයතනෙට ගිහිං කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.ඊට පස්සෙ ළගකදිනං කලු කුමාරි ගැන ආරංචියක් ලැබුනෙ නෑ...


එහෙනං ඉතිං අපේ කලු කුමාරි සීරීස් එක මෙතනින් අහවරයි.කියවපු අපේ යාලුවො ඔක්කොටම ස්තුතියි


ප.ලි - දැන් රෝහණදීර වැඩ කරන්නෙ ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගමක කොළඹ බ්‍රාන්ච් එකක.පොර ඒ වුණාට ඉන්නෙම කොළොම්තොට කැම්පස් එක ඇතුලෙලු.කෑම කන්නෙ කැම්පස් කැන්ටිමෙන්.පාවිච්චි කරන්නෙත් කැම්පස් ජිම් එක.වැඩේ ලාබයි නොවැ!කොටින්ම පුරුපුරුට වඩා හොදට මෑන්ස් දැන් කැම්පස් ඩයල් අදුනනවා.


හැම ෆැකල්ටියකම කට්ටිය හිතන්නෙ මෑන්ස් වෙන ෆැකල්ටියක ඩයල් එකෙක් වෙන්න ඇති කියලා.කොහොමද රෝහණදීරගෙ ටිකිරි මොළේ?

Wednesday, August 11, 2010

කලු කුමාරි 3 - රෝහණදීර සහ මංගල වලිය


ඉතිං යාලුවනේ ඔයාලා කලු කුමාරි - 2 කොටස කියවන්න ඇතිනෙ.අද අපි කියන්න යන්නෙ ගම්පහ බාලක විද්‍යාලෙ දිගාගෙන් ගුටිකාපු පුරුපුරු සහ අනිත් පූසො ඊළගට මොකද්ද කළේ කියලා.

ඊට කලින් අපේ අලුත් යාලුවො ගිහිල්ලා

කලු කුමාරි - 1
කලු කුමාරි - 2

කොටස් කියවල එන්නකෝ!

ඉතිං කොහොම හරි පුරුපුරු දිගාගෙන් ගුටි කාපු කේස් එක මුලු පූස්ගම පුරාම පැතිරිලා යන්න ගතවුණේ බොහොම සුළු කාලයයි.මේ හින්ද පුරුපුරු තීරණය කළා තමන්ගෙ ගෞරවය වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිගාට පහර දෙන්න ඕනෙ කියලා.ඒත් ඒකට උදව් ගන්න පුරුපුරු දන්න ප්‍රොෆෙෂනල් මැරයෙක්ට කියල පූස්ගම හිටියෙ එකම එක්කෙනයි.ඒ තමයි රෝහණදීර.


රෝහණදීර කියන්නෙ පූසන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කොල්ලෙක්.මෑන්ස් ගැන අපේ බ්ලොග් කියවන යාලුවන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න වචන හොයාගන්න දහ අතේ කල්පනා කළත්, අපිට හිතට හරියන වචන සෙට් එකක් හොයා ගන්නම බැරි වුණා.ඉතිං කෙටියෙන් සරලව කියනවනං මෙහෙම කියමුකො.රෝහණදීර කියන්නෙ මුලින්ම කොළඹ මරියකඩේ ඉස්කෝලෙට ගිහිල්ලා, ඒකෙන් අස් කළාට පස්සෙ ගම්පහ බාලක විද්‍යාලෙට ගිහිල්ලා, ඒකෙනුත් අස් කළාට පස්සෙ පූස්ගම සෙන්ට්‍රල් එකට ගිහිල්ලා, අන්තිමට ඒ ඉස්කෝලෙනුත් අස් කරපු දීප්තිමත් ශිෂ්‍යයෙක්.


දැන් ඉතිං යන්තමින් හරි මෑන්ස් ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්නෙ නේද? ඉතිං රෝහණදීර ජීවත් වුනෙත් පූස්ගම ටවුමෙ හරි මැද.පොරගෙ තාත්තත් ඒ පැත්තෙ නොම්මර එකේ ගණන්කාරයෙක්ලු.ඉතිං පූස්ගම රෝහණදීර කිව්වම ගම්පහ ඉදලා පූස්ගමට යනකං ඕන එකෙක් දන්නවා.මේ දවස්වල මෑන්ස්ගෙ හොදම යාලුවා පුරුපුරුලගෙ එහා ගෙදර ගෑනු ළමයත් එක්ක පොඩි ලව් එෆෙයාර් එකක් පටන් අරගෙන තිබුනා.ඉතිං ගැනු ළමයගෙ ගෙදරින් මේ සම්බන්දෙට ඇමරිකාව උතුරු කොරියාවට දානවටත් වඩා සම්බාධක දාලලු තිබුනෙ.


පුරුපුරු ඉතිං හැමදාමත් ලව් එෆෙයාර් වලට සපෝට් පූසා නොවැ!ඉතිං මේ ආදරවන්තයො දෙන්නගෙ පණිවිඩ හුවමාරු ක්‍රමය බවට පත් වුණේ පුරුපුරු.කොහොමත් ඒ දවස්වල දැන් වගේ මොබයිල් ෆෝන් ප්‍රසිද්ද වෙලා තිබුන යුගයක් නෙවෙයිනෙ.ඉතිං පෙම්වතා කරන්නෙ පෙම්වතියට ලියුමක් ලියලා ඒක රෝහණදීරට දෙන එක.රෝහණදීර ඒ ලියුම ගෙනත් පුරුපුරුට දෙනවලු.ඊට පස්සෙ පුරුපුරු තමයි ගිහිල්ලා ලියුම පෙම්වතිය අතට දෙන්නෙ.ඉතිං මේ ලියුම් වැඩේ හින්දා රෝහණදීර පුරුපුරු ගැන හොදට ඉම්ප්‍රෙස් වෙලාලු හිටියෙ.

මේ එක්කොම කාරනා ගැන බලද්දි පුරුපුරුට තිබුන හොදම විසදුම වුණේ දිගාට විරුද්ධව කරන්න යන සටනට රෝහණදීරගෙ සපෝට් එක ලබාගන්න එක.ඒ වුණාට ඉතිං රෝහණදීර වගේ ප්‍රොෆෙෂනල් මැරයෙක් පූසො වගේ අමැර සෙට් එකක පොඩි පොඩි වලි වලට බහී කියල පුරුපුරු හිතුවෙ නෑ.ඒ හින්දා වෙන සෙට් කීපයක සපෝට් එක අරගෙන වලිය ක්‍රියාත්මක කරන්න පූසො සෙට් එක තීරනය කළාලු.

මේ අතරෙ දිගාටත් ආරංචි වුණාලු පූසො මෑන්ස්ට ගහන්න සේනා සංවිධානව කරනවයි කියලා.ඉතිං මෑන්සුත් තමන්ගෙ ඉදිරි ආරක්ෂක වළලු තර කරගන්න පටන් ගත්තලු.දැන් මේ වෙද්දි තුම්මුල්ලෙ අලයා, මරියකඩේ බෙන්සන් ඇතුලු කොළඹ ඉස්කෝලෙ ගිය කොල්ලො සෙට් එක පූසන්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලාලු.ඒ වගේම වේයන්ගොඩයා, චාමර ඇතුලු වේයන්ගොඩ ඉස්කෝලෙ ගිය කොල්ලො සෙට් එකත් හිටියෙ පූසන්ගෙ පැත්තෙ.

දිගාගෙ පැත්තෙ හිටියෙ සුපුරුදු පරිදි ගම්පහ බාලක විද්‍යාලෙ කොල්ලො සෙට් එක.ඒ වගේම පූස්ගම සෙන්ට්‍රල් එකේ කොල්ලො සෙට් එකකුත් දිගාගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා හිටියලු.ඉතිං කොහොම හරි වලිය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුනෙ ඊළග දවසෙ සමාජ අධ්‍යයනය ක්ලාස් එක ඉවර වෙන වෙලාවට.දැන් පොතේ හැටියට මහා වලියක් යන්න තමයි නියමිත වෙලා තිබුනෙ.

මේ විදිහට දවසින් දවස ගෙවිල ගිහිං වලි දිනය උදා වුණේ පූසන්ගෙ පපුවලට බිත්තර තම්බන්න පුලුවන් ගානට ගින්දරක් දීලා.මොකද ගම්පහ බාලක විද්‍යාලෙත් එක්ක හැප්පෙන එක බොහොම භයානක වැඩක්.අන්තිමට වෙන්නෙ ගුටිත් කාලා ගම්පහ ටවුන් එක තහනම් කලාපයක් කරගන්න වෙන එක.ඒත් ඉතිං දැන් පරක්කු වැඩියි නොවැ!අපේ පූසො සෙට් එකත් හොදට ඇද පැළදගෙන එදා සමාජ අධ්‍යයනය ක්ලාස් එකට ගියාලු.පැය දෙකකින් විතර ක්ලාස් එකත් ඉවර වුණාලු.


ආ...කලින් කියන්න බැරි වුණානෙ.මේ තමයි අපේ පූසො සෙට් එකේ මංගල වලිය.විශේෂයෙන් අපේ මාලුකට්ටා එහෙම මීට කලින් වලියක් තියෙන තැනකින් ගිහිල්ලවත් නැහැලු.


දැන් අපේ පූසොත් ක්ලාස් ඉවර වෙලා පූස්ගම ටවුන් එකට ගියාලු.යනකොට මෙන්න පූස් හිතවාදී සෙට් එකත් ටවුන් එකේ.නිකං නෙවෙයි, සූ ගාලා දහ දෙනෙක් විතර ඉන්නවලු.එහා පැත්තෙ හිටපු දිගාගෙ සෙට් එකේ තිහක් විතර ඉන්නවලු.

මළ සේකරයි! දැන් ඉතිං පූසන්ට අම්බානට කන්න තමයි වෙන්නෙ.පුරුපුරු ඇතුලු පූසො ටවුමට ආපු බව දැක්ක දිගා ඇතුලු සෙට් එක පූසො හිටපු තැනට හිමින් හිමින් එන්න ගත්තලු.මේක දැක්ක පූස් හිතකාමී සෙට් එකට තරු පෙනිලා.දැන් පූසො අම්බානට කන්න තව විනාඩි කීපයයි.....


ඔය අතරෙ තමයි පාරෙ කොනකින් සගයො දෙන්නෙකුත් පිරිවරාගෙන රෝහණදීර මතුවුණේ.ඉක්මන් ගමනින් වලිය යන්න ගිය තැනට ආපු රෝහණදීර දිගාගෙන් මෙහෙම ඇහුවලු.


රෝහණදීර :- කවුද කවුද මේ පුරුපුරුලට ගහන්න ඉන්නෙ? උඹලද? පුලුවන්නං එකෙක් අත තියපං බලන්න...

රෝහණදීරගෙ වචන ඇහුව විතරයි මෙච්චර වෙලා ජයග්‍රාහී ලීලාවෙන් හිටපු දිගා ඇතුලු කොල්ලො සෙට් එකගෙ මූණු ටික බෙරි වෙලා ගියාලු.මොකද ඉතිං රෝහණදීරව තරහ කරගෙන ආපහු පූස්ගම පැත්තෙ එන්නයැ!පුරුපුරුටත් හිතාගන්න බැහැ රෝහණදීර කොහොමද මේ වෙලාවෙම මෙතනට ආවෙ කියලා.කොහොමහරි ඉතිං දිගාගෙ සෙට් එකේ මැරගහනය සීඝ්‍රයෙන් අඩු වෙලා යන්න විනාඩි දෙකක්වත් ගියෙ නැහැ.


දිගාලා පූසන්ට ගහයිද? පූසො දිගාලාට ගහයිද? නැත්තං වලිය ශේප් වෙයිද? රෝහණදීර මොනව කරයිද? ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?ඊළග ලිපිය තමයි කලු කුමාරි සීරීස් එකේ අන්තිම කොටස.