කලින් ලිපියෙන් මම කිව්වනේ කැම්පස් එකට ගිය පළවෙනි දවසෙම අපේ පුරුපුරුට විඳින්න සිද්ද වෙච්ච අත්දැකීම් ගැන. ඉතිං දැන් කියන්න හදන්නේ එදා දවසේ වෙච්ච ඉතුරු සිද්දි ටික ගැන.
කොහොමහරි ඉතිං පූසා ඇතුලු නවක සිසු සිසුවියො සෙට් එකම සීනියර් අයියලා විසින් පෝළිමේ අරගෙන ගියාලු ෆැකල්ටි එකේ එක පැත්තකට. මේ ඒරියා එකේ තිබුනේ ලස්සනට තණකොළ වවපු, බිල්ඩින් කීපෙකින් වට වෙලා තිබුන එළිමහනක්. මේ එළිමහනේ කොන්ක්‍රීට් බංකු හයිකරපු තැන් තුනක් තිබුනා. ඉතිං අයියලාගෙ නියෝගය විදිහට අලුත් ළමයි ගෘෘප් තුනකට බෙදිලා මේ බංකු වටේ පෙළ ගැහුනලු.
පූසාගේ බැච් එකේ ඉන්න නියමිත වෙලා තිබුන ළමයි ගාන හාරසිය අසූවක්. ඒ භෞතීය විද්‍යාවට (Physical Science) 240, ජෛවීය විද්‍යාවට (Biological Science) 120, අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාවට (Molecular Biology & Biochemistry) 60 සහ කාර්මික සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය උපාධියට (Industrial Statistics & Mathematical Finance) 60 විදිහට. ඒත් පළවෙනිම දවස නිසයි, බෝට්ටුවෙන් එන ළමයි නැතිවීම නිසයිද කොහෙද එදා දවසේ හිටියේ ළමයි දෙසිය ගානක් විතර.
කොහොමහරි ඉතිං ඔය විදිහට මේ අලුත් ළමයි සෙට් එක කණ්ඩායම් තුනකට බෙදුනලු. පුරුපුරුට සෙට් වුණේ මැද තිබුන බෙන්ච් එක. ඉතිං මේ හැම බෙන්ච් එකකටම සීනියර් අයියලා දහ පහළොස් දෙනා වගේ වෙන්න කට්ටිය සෙට් වුණාලු. ඒ අතරින් කීප දෙනෙක්ගෙ හැසිරීම අනුව ඒ අය මේ වැඩේ ලීඩ් කරනවයි කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. කොහොමහරි මේ වෙද්දිනං අලුත් ළමයින්ට තේරුම් ගිහින් තිබුනේ තමන්ගේ කලදසාව නරක් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා.
පූසා හිටපු බෙන්ච් සෙට් එකේ මුලින්ම ආපු ළමයි වාඩිවෙලයි හිටියේ. පස්සේ එතනට ආපු ළමයි හිටියේ ඊට පිටිපස්සෙන් හිටගෙන. ඉතිං අලුත් ළමයි දිහා කන්න වගේ බැල්මක් දාපු මරුමුස් ලුක් එකක් තිබුන අයියා කෙනෙක් මෑන්ස්ගෙ කටහඬ අවදි කළාලු.
අයියා :- උඹලා දන්නවද උඹලා මේ කොහෙටද ඇවිත් තියෙන්නෙ කියලා?
(දැඩි නිහඬතාවයක්)
අයියා :- ඇයි උඹලගෙ කටේ පිට්ටුද? උඹ කියපං බලන්න මේ කොහෙද කියලා
(පිටිපස්සෙන් හිටපු කොල්ලෙක්ගෙන් අහයි)
කොල්ලා :- තුම්මුල්ල සක්වල තක්සලාව.
අයියා :- “ආ...අන්න එහෙම සම්පූර්ණ නම කියන්න උඹලා ඉගෙන ගන්න ඕනෙ. අනික මේ රැග් සීසන් එකේ ඉංග්‍රීසියෙන් කතා කරන එක උඹලට තහනම්. තේරුණාද? ලෙක්චර්ස් පටන් ගත්තට පස්සේ උඹලා ඉගෙන ගන්නෙ ඉංග්‍රීසියෙන්. ඒත් ගමේ ඉඳන් එන ගොඩක් දෙනෙකුට තවම ඉංග්‍රීසි අමාරුයි. ඒ හින්දා උඹලා හැමෝම දැනට කතා කරන්න ඕනෙ සිංහලෙන්.
අනික කොළඹ උන් වෙනමයි, ගමේ උන් වෙනමයි ගැටි ගහගෙන* ඉන්න එක සම්පූර්ණයෙන් තහනම්. එහෙම ඉඳලා කවුරුවත් අහුවෙන්න බෑ හරිද?
කෝ මෙතන එම්.බී** එවුන් ඉන්නවද? උඹලා දැනගනිං ලොකු ඉසෙඩ් ස්කෝර් එකක් අරගෙන ආවා කියලා උඹලා මෙතන ලොකු නෑ හරිද? මේ ෆැකල්ටි එක ඇතුලෙ කවුරුත් එකයි.
අනික තමයි ඔය කන්දෙ සක්වල තක්සලාවෙ වගේ මෙහෙ ගොන් පාර්ට් නෑ හරිද? උඹලා කුණු නවකයෝ නෙවෙයි, උඹලා නංගිලා මල්ලිලා. අපිත් ජ්‍යේෂ්ට උත්තමයෝ නෙවෙයි, අපි අයියලා අක්කලා. උඹලයි අපියි මෙතනට ඇවිත් ඉන්නෙ එකම විභාගෙ පාස් වෙලා. උඹලගෙයි අපෙයි එකම වෙනස අපි මෙතන අවුරුද්දක් තිස්සෙ ඉඳලා උඹලට වඩා කැම්පස් එක ගැන දන්නවා. අනික අපි කිසිම වෙලාවක උඹලට කියලා කුණුහරුප කියවන්නේ නෑ. අපේ ෆැකල්ටි එකේ ෆිසිකල් රැග්*** ඇත්තෙත් නෑ.“
ඉතිං ඔය විදිහට අයියා කියාගෙන කියාගෙන යනවලු. එතකොට තමයි මෑන්ස් දැක්කෙ බෙන්ච්වල කොල්ලො කෙල්ලෝ වෙනම වාඩිවෙලා හිටපු බව.
අයියා :- “යකෝ තොපි හිතුවෙ මේක ටියුෂන් ක්ලාස් එකක් කියලද? කෝ උඹලා ඔය කොල්ලො කෙල්ලෝ කලවම් වෙලා වාඩි වෙයන්. උඹ වරෙන් මේ කෙල්ලො දෙන්නා මැද්දට. නංගි මූට ඔතන වාඩි වෙන්න ඉඩ දියං.“
දැන් අයියා ගජරාමෙට කොල්ලො කෙල්ලො එකට වාඩි කරවනවා.
“උඹලා කෑම කද්දි වුණත් කන්න ඕනෙ කොල්ලො කෙල්ලො එකට වාඩි වෙලා එක බත් එක හරිද? එහෙම කළේ නැත්තං අපි උඹලාව අල්ලගන්නවා. අනික හැමෝටම තමන් ළඟ ඕනෙම වෙලාවක ඉන්න ළමයි දහ දෙනෙකුගෙවත් නම් පාඩම් තියෙන්න ඕනෙ. ඒ අයගේ ෆෝන් නම්බර්ස් තියෙන්නත් ඕනෙ.
කෝ උඹලා මොකද දිගටම වාඩි වෙලා ඉන්නේ? ඔය හිටගෙන ඉන්නෙත් තොපේ බැච් එකේම එවුන් තමයි. උඹලා නැගිටලා උන්ටත් වාඩි වෙන්න ඉඩ දියන්. ඔය පිටිපස්සෙ ඉන්න එවුන්ට පේන්නෙ නෑ නේද? උස එවුන් පස්සට ගිහින් මිටි එවුන් වරෙන් ඉස්සරහට.“
එතකොට තමයි අයියා පුරුපුරුව දැක්කේ.
“යකෝ මම කිව්වේ උස එවුන්ට පස්සට යන්න කියලා මිසක් මහත එවුන්ට පස්සට යන්න කියලා නෙවෙයි. තෝත් වරෙන් ඉස්සරහට. අප්පට සිරි...තෝ හෙන ලොකු මිනිහද සෙරෙප්පු දාගෙන ඇවිත් තියෙන්නෙ. අනිත් දවසෙ උඹලා ඔක්කොම හොඳට ෂර්ට් කලිසම් වලට යට කරලා සපත්තු දාලා ලස්සනට එන්න ඕනෙ හරිද? පළවෙනි දවසෙ හින්දා අද උඹව මම අතඅරිනවා“
දැන් අපේ පූසා බයේ ගැහෙනවලු. එතකොට තමයි තවත් අයියා කෙනෙක්ගෙ අවදානය ටිකක් එහායින් හිටපු ගෑනු දැරිවියෙක්ට යොමු වුණේ.
2 අයියා :- “ඒයි...උඹ වරෙන් ඉස්සරහට. තෝ හිතාගෙන ඉන්නෙ මේ විකාර මඩුවක් කියලද? තෝනං මහ පජාත**** කෙල්ලෙක්.“
බැලින්නං ඒ ගෑනු ළමයා කොන්ඩෙ ටින්ට් කරගෙන තමයි කැම්පස් ඇවිත් තියෙන්නේ.
“කෙල්ලොත් හොඳට හිතට ගනිල්ලා උඹලා කැම්පස් එද්දි හොඳට පිළිවෙළට ඇඳගෙන එන්න ඕනෙ. දිග සායවල් අඳින්න ඕනෙ. රැග් සීසන් එකේ කලිසන් අඳින එක තහනම්“
“උඹ වරෙන් ඉස්සරහට සිංදුවක් කියන්න. ඔව් ඔව්!! ඔය පිටිපස්සෙ නිල්පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්න කොල්ලා තමයි. මොකද යකෝ ලැජ්ජාවෙ ඇඹරෙන්නේ? ආ...උඹත් වරෙන්..උඹ මූ සින්දු කියද්දි මූට මයික් එක අල්ලන්න ඕනෙ. ආ...මල්ලි උඹත් වරෙන්...මූ සින්දුව කියද්දි උඹ නටන්න ඕනෙ“
“ඇයි යකෝ ඌ නටද්දි තෝ හිනා වෙන්නේ? ඔව් ඔව්!! උඹ තමයි. යකෝ දැනගනිං ඌත් උඹලගෙ බැච් එකේ එකෙක්. උඹලා ආපහු උඹලගෙම බැච් එකේ එකෙකුට හිනා වෙලා තිබුනොත් බලාගම්මු. උඹලාට හැම දේටම වඩා තියෙන්න ඕනෙ දේ තමයි බැච් ෆිට් එක***** දැන් ගහපල්ලා මුන් තුන් දෙනාට හොඳ අත්පුඩියක්...“
“උඹලා දැනගනිං මේක තමයි ලංකාවෙ තියෙන හොඳම සයන්ස් ෆැකල්ටි එක. අපි ඩිග්‍රි එක අරගෙන අවුට් වෙද්දි අපිව ජොබ් එකට ගන්න කොම්පැනි මග රැකගෙන ඉන්නේ. එහෙම වෙලා තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ වලි නැති හින්දා. දැනගනිල්ලා අපේ ෆැකල්ටි එක අවුරුදු දොළහකින් වහලා නෑ“
ඉතිං ඔය විදිහට ගොඩක් වෙලාවක් තිස්සේ නවකයන්ට සිද්ද වුණේ අයියලාගේ අවවාද, උපදෙස්, ඇනුම් බැනුම් වලට ලක්වෙමින් කාලෙ ගත කරන්න. අන්තිමේදි මේ වැඩේ ඉවරවුණේ අනිත් දවසේ ඉඳලා උදේ හතහමාර වෙද්දි කැම්පස් එකට එන්න කියලා අයියලා පුරුපුරුලාට නියම කළාට පස්සේ. ඒ වගේම කැම්පස් එක ඇතුලේ ඉන්න හැම වෙලේම ස්ටුඩන්ට් හෑන්ඩ් බුක් එක අතේ තියාගන්න එකත් විශේෂ නීතියක් විදිහට පුරුපුරුලාට පැවරුනා******. මේ වෙද්දි මේ අලුත් එක්ස්පීරියන්ස් එක හින්දා අපේ පූසාගේ මොළේ අඤ්ඤකොරොස් වෙලා තිබුනේ. වෙලාවකට බයක් දැනුනත්, තවත් වෙලාවකට හිතුනේ වැඩේ ෆුල් ආතල් කියලා.
ඉතිං ඔය විදිහට අපේ යාලුවා ෆුල් ජෙන්ටා කිට් එක ගහලා පහුවදා කැම්පස් එකට ගියාලු. එතකොට තමයි පූසාට තේරුනේ කලින් දවසේ තිබුන දේවල් රැග් එකේ රිහසල් එකක් විතරයි කියලා. නියම රැග් එක පටන් ගත්තේ දැනුයි.
----------------------------------------------------------------------------------------------------------
* ගැටි ගැහීම - යම් පොදු ලක්ෂණයක් මුල් කරගෙන ඇතිවූ කිහිප දෙනෙක්ගෙන් සමන්විත කල්ලි. උදා:- කොළඹ ගැට්ට, ගාල්ල ගැට්ට, බයෝ ගැට්ට.
** එම්.බී - මොලිකියුලර් බයෝලොජි.
*** ෆිසිකල් රැග් - භෞතිකව ශරීරයට තුවාල ආදී හානි ඇති කරන නවක වදය. උද:- දණගැසීම, බඩගෑම සහ වෙනත් ලිංගික හිංසන.
**** පජාත - පට්ටම චාටර්.
***** බැච් ෆිට් එක - එකම කාණ්ඩයේ සිසු සිසුවියන් අතර තිබිය යුතුයැයි විශ්වාස කරන බැඳීම. (විශ්ව විද්‍යාල කටයුතු වලදී දැඩිව බලපාන සාධකයක් වන මෙය පළමු වසරේ තදින්ද, දෙවන වසරේදී ලාවටද ඇත. තෙවන සිව්වන වසරවල් වෙන විට මෙය බොහෝ දුරට භාවිතයෙන් මෙන්ම සිසු ශබ්ද කෝෂයෙන්ද හැලී යන අතර ගැටි සංකල්පයට මුල් තැන හිමිවේ.)
****** හෑන්ඩ් බුක් එක නිතර අතේ තබා ගැනීම - මෙය ජ්‍යේෂ්ටයන් විසින් යම් සිසුවෙක් හෝ සිසුවියක් නවකද කියා හඳුනාගැනීමට භාවිත කරන ප්‍රධාන මෙවලමයි. උදාහරණයක් ලෙස නවක සිසුවෙක් සහ ජෙන්ටා ඇඳුමින් සැරසුනු ජ්‍යේෂ්ටයෙක් ඇඳුමෙන් වෙන්කර හඳුනාගැනීම අපහසු වන අතර එවන් අවස්ථාවලදී ජ්‍යේෂ්ටයන්ගේ උදව්වට එන්නේ හෑන්ඩ් බුක් එකයි. නමුත් මේ හේතුව නවක සිසුන්ගෙන් හංගන අතර ඔවුන්ට වෙනත් බොරු හේතු දක්වා රවටනු ලබයි.
----------------------------------------------------------------------------------------------------------
* ගැටි ගැහීම - යම් පොදු ලක්ෂණයක් මුල් කරගෙන ඇතිවූ කිහිප දෙනෙක්ගෙන් සමන්විත කල්ලි. උදා:- කොළඹ ගැට්ට, ගාල්ල ගැට්ට, බයෝ ගැට්ට.
** එම්.බී - මොලිකියුලර් බයෝලොජි.
*** ෆිසිකල් රැග් - භෞතිකව ශරීරයට තුවාල ආදී හානි ඇති කරන නවක වදය. උද:- දණගැසීම, බඩගෑම සහ වෙනත් ලිංගික හිංසන.
**** පජාත - පට්ටම චාටර්.
***** බැච් ෆිට් එක - එකම කාණ්ඩයේ සිසු සිසුවියන් අතර තිබිය යුතුයැයි විශ්වාස කරන බැඳීම. (විශ්ව විද්‍යාල කටයුතු වලදී දැඩිව බලපාන සාධකයක් වන මෙය පළමු වසරේ තදින්ද, දෙවන වසරේදී ලාවටද ඇත. තෙවන සිව්වන වසරවල් වෙන විට මෙය බොහෝ දුරට භාවිතයෙන් මෙන්ම සිසු ශබ්ද කෝෂයෙන්ද හැලී යන අතර ගැටි සංකල්පයට මුල් තැන හිමිවේ.)
****** හෑන්ඩ් බුක් එක නිතර අතේ තබා ගැනීම - මෙය ජ්‍යේෂ්ටයන් විසින් යම් සිසුවෙක් හෝ සිසුවියක් නවකද කියා හඳුනාගැනීමට භාවිත කරන ප්‍රධාන මෙවලමයි. උදාහරණයක් ලෙස නවක සිසුවෙක් සහ ජෙන්ටා ඇඳුමින් සැරසුනු ජ්‍යේෂ්ටයෙක් ඇඳුමෙන් වෙන්කර හඳුනාගැනීම අපහසු වන අතර එවන් අවස්ථාවලදී ජ්‍යේෂ්ටයන්ගේ උදව්වට එන්නේ හෑන්ඩ් බුක් එකයි. නමුත් මේ හේතුව නවක සිසුන්ගෙන් හංගන අතර ඔවුන්ට වෙනත් බොරු හේතු දක්වා රවටනු ලබයි.