අඹ යාලුවෝ
Wednesday, January 19, 2011
ඒ ලෙවල් කරන්න ගිය පූසෝ
අපේ චංචලා සීරීස් එක යාලුවො හොදට රස විඳින්න ඇති කියලා හිතනවා. ඉතිං අද අපි කියන්න යන්නේ අපේ පූසන්ගෙ ඒ ලෙවල් ලයිෆ් එකේ පටන් ගැනීම ගැන. මුලින්ම කියන්න ඕනෙ, පූසො සෙට් එකේ හැමෝම කලින්ම තීරණය කරලයි තිබුනේ ඒ ලෙවල් වලට සයන්ස් සබ්ජෙක්ට්ස් කරන්න ඕනෙයි කියලා. ඉතිං ඕ ලෙවල් ඉවරවෙලා වැඩි දවසක් යන්න කලින් සයන්ස් ටියුෂන් ක්ලාස් පටන් ගන්නවයි කියලා ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද? ඒ හින්දා අපේ පූසන්ටත් ආෆ්ටර් ඕ ලෙවල් ගොඩක් දිග නිවාඩුවක් හම්බවුණේ නෑලු.
සාමාන්‍යයෙන් සයන්ස් කරන ළමයි දන්නවා, තමන්ට ආර්ට් හරි කොමර්ස් හරි කරන ළමයෙක්ට තරම් නිදහසක් ඒ ලෙවල් කාලෙදි ලැබෙන්නෙ නැහැයි කියලා. ඒ වගේම සාපේක්ෂව වැඩියෙන් මහන්සි වෙන්න, පාඩම් කරන්න එහෙමත් ඕනෙ. ඉතිං අපේ පූසොත් ඔය බව දැනගෙන තමයිලු වැඩේ පටන් ගත්තෙ. ඒ හින්දා ඕ ලෙවල් ඉවර වුණාම කට්ටියම එකතුවෙලා සාකච්ඡා කළාලු මොන මොන පන්ති වලටද යන්න ඕනෙ කියලා.
පුරුපුරුයි, මාලුකට්ටායි කළේ බයෝ සයන්ස්. ඤාව්වායි, උපාසකයි කළේ මැත්ස්. මොනවා වුණත් ඉතිං කට්ටියම කෙමිස්ට්‍රියි, ෆිසික්සුයි කරන්න ඕනෙ නොවැ! ඉතිං මුලින්ම අපේ යාලුවන්ගෙ සාකච්චාවට භාජනය වුණේ යන්න ඕනෙ කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් ක්ලාස් ගැනලු. කොහොමහරි දිග ඩිස්කෂන් එකකින් පස්සෙ කට්ටිය තීරණය කළේ කෙමිස්ට්‍රි වලට මානෙල් මැඩම්ගෙ පන්තියට යන්නයි, ෆිසික්ස් වලට රොබට් ලියනගම සර්ගෙ පන්තියට යන්නයි. මේකට හේතු කීපයක් බලපෑවා.
මුලින්ම, මේ පන්ති දෙකම තිබුනෙ ගම්පහ නගරෙ. ඉතිං පූස්ගම හිටපු පූසන්ට කොළඹ හරි නුගේගොඩ හරි යන එකට වඩා ගොඩක් පහසුයි ගම්පහ ක්ලාස් යන එක. ඊළග කාරනේ තමයි පන්ති දෙකේම ස්ටෑන්ඩර්ඩ් එක සාපේක්ෂව හොද වීම. මොකද හැම අවුරුද්දෙම මේ පන්ති දෙකෙන් තමයිලු ගම්පහ හොදම ප්‍රතිඵල පෙන්නන්නෙ. ඇරත් පන්තියට ආවාට ගියාට ළමයින්ව ඇතුලත් කරගන්නෙත් නෑලු. හොදට හොයලා බලලා තමයිලු ළමයි ඇතුලත් කරගන්නෙ. අන්තිම කාරනේ තමයි ක්ලාස් ෆීස් ගොඩක් ලාබදායක වෙච්ච එක. මොකද ලියනගම සර්රුයි, මානෙල් මැඩමුයි දෙන්නාම රස්සාවකටත් වඩා විනෝදාංශයක් විදිහටලු ක්ලාස් කළේ.
ඉතිං ඔය කලින් කියපු විස්තර ටික හොයාගත්තෙ කලින් අවුරුදුවල මේ පන්ති වලට ගිය අයියලා අක්කලාගෙන්. ඒ වගේම ඒ ගොල්ලන්ගෙන් පූසන්ට උපදෙස් ලැබුනා පුලුවන්තරම් ඉක්මනට ගිහින් ක්ලාස් වලට රෙජිස්ටර් වෙන්න කියලා. හැබැයි ඒ උපදෙසනං අපේ යාලුවො සෙට් එක එච්චරම ගනන් ගත්තෙ නෑ. කොහොමහරි මුලින්ම පටන්ගන්න නියමිත වෙලා තිබුනෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක. ඉතිං පුරුපුරුයි, ඤාව්වායි, උපාසකයි ක්ලාස් පටන්ගන්න දවසකට කලින් ගියාලු රෙජිස්ටර් වෙන්න කියලා. එදා මොකක්හරි වැඩක් සෙට් වෙලා මාලුකට්ටාට එන්න විදිහක් තිබුනෙ නෑ.
ක්ලාස් එකට ගියාට පස්සෙ තමයි කට්ටියට තේරුණේ ඒ ලෙවල් කියන්නෙ ඕ ලෙවල් වලට වඩා ගොඩක් තරගකාරී විභාගයක් නේද කියලා. ඔය පන්තිය තිබුනෙ මැඩම්ගෙ ගෙදරමයි. ඉතිං අපේ පූසො රෙජිස්ටර් වෙන්න යද්දි, මැඩම්ගෙ ගෙදර ගේට්ටුව ගාව ඉදලා ක්ලාස් එක තියන තැනට යනකංම දිග පෝලිමක්ලු. බැලින්නං පෝලිමේ ඉන්නෙ පන්තියට ඇතුලත් වෙන්න ආපු ළමයිනුයි, ඒ අයව එක්කගෙන ආපු අම්මලා තාත්තලායි. ඉතිං මේක දැක්ක පූසන්ට තරු විසිවුණාලු. මොකද සෙට් එකේ කවුරුවත් ගෙදරින් අම්මලාව එක්කගෙන ඇවිත් තිබුනෙ නෑ. දැන් කට්ටියම පෝලිමේ අගට වෙලා ඉන්නවලු බයේ ගැහි ගැහී.
පස්සෙ දැනගත්ත විදිහට මැඩම් එක බැච් එකකින් පන්ති තුනක් කරනවලු. ඒ සෙනසුරාදා උදේ, හවස සහ අඟහරුවාදා හවස. ඉතිං එක පන්තියට ළමයි 75-80 ක් විතර තමයි ගන්නෙ. එහෙම බැලුවාම පන්ති තුනේම ඉන්නෙ ළමයි 230 ක් විතර. ඉතිං මැඩම්ට තිබුන ප්‍රසිද්දිය හින්දා ඒ පැතිවල ගොඩක් ළමයි මේ ක්ලාස් වලට එන්න ට්‍රයි කරනවලු. අන්තිමට වෙන්නේ ඉල්ලුමට අනුව සැපයුම නැති හින්දා ගොඩක් ළමයින්ට ක්ලාස් එකට එන්න ඉඩ මදි වෙන එක. ඉතිං මැඩමුත් මේ ගැන දන්න හින්දා කරන්නෙ පුලුවන් තරම් දක්ෂම ළමයින්ව ක්ලාස් එකට ගන්න උත්සාහ කරන එක.
ඒත් ඉතිං ළමයින්ගෙ දක්ෂකම මනින්නෙ කොහොමද? මේ වෙද්දි ඕ ලෙවල් රිසාල්ට්ස් ඇවිල්ලා නැති හින්දා එහෙම බලන්නත් බෑ. ඉතිං මැඩම් කරන්නෙ කලින් රෙජිස්ටර් වෙන්න ආවොත් ඒ උනන්දුව තියෙන දක්ෂ ළමයෙක් කියලා සලකලා, ඕනෙම ළමයෙක්ව ක්ලාස් එකට ඇතුල් කරගන්න එකලු. ඒක තමයි අයියලා අක්කලා පූසන්ට කියලා තියෙන්නෙ පුලුවන් තරම් ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙන්න කියලා. කොහොමහරි පූසො කට්ටිය ගොඩක් වෙලා පෝලිමේ ඉදලා රෙජිස්ටර් වෙන තැනට යනකොටත් ක්ලාස් තුනේම ඉතුරුවෙලා තිබුනෙ වේකන්සි කීපයක් විතරයි.
මානෙල් මැඩම් :- පුතාලා කොහෙද පදිංචිය?
පුරුපුරු :- පූස්ගම
උපාසක :- පූස්ගම මැඩම්
ඤාව්වා :- අපි පූස්ගම මැඩම්
මානෙල් මැඩම් :- එතකොට කොහෙද ඉස්කෝලෙ යන්නෙ?
පුරුපුරු :- කුරුඳුවත්ත විද්‍යාලය
උපාසක :- කුරුඳුවත්ත විද්‍යාලය
ඤාව්වා :- ලොකුනම විද්‍යාලය
මානෙල් මැඩම් :- ආ එහෙනං ප්‍රශ්නයක් නෑ. තව ටිකයි අපිට ඉඩ ඉතුරුවෙලා තියෙන්නෙ. එහෙනං පුතාලා සෙනසුරාදා උදේ ක්ලාස් එකට එන්නකෝ
මැඩම් එහෙම කිව්වාට පස්සෙ අපේ පූසො කට්ටිය ඇඩ්මිෂන් ෆීස් එහෙමත් ගෙවලා එතනින් එන්න ආවා. හොද වෙලාවට ගෙදරින් එක්කගෙන ආපු නැති එක ප්‍රශ්නයක් වුණේ නෑ. වැඩේ ඔක්කොම හොදින් ප්‍රශ්නයක් නැතුව කෙරුනා. දැන් කට්ටියට තියෙන එකම ප්‍රශ්නෙ තමයි මාලුකට්ටාට ක්ලාස් එකේ ඉඩ තියෙයිද නැද්ද කියන එක. මොකද ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න අදාල ළමයාම එතනට එන්න ඕනෙ. ඇරත් මාලුකට්ටා වෙනුවෙන් ගෙවන්න සල්ලි අනිත් පූසො ළග තිබුනෙත් නෑ. ඉතිං පහුවදා උදේ ක්ලාස් පටන් ගනිද්දි මෑන්ස් ආවාට, ක්ලාස් එකේ ඉඩ තියෙයිද නැද්ද කියලා කිසිම ෂුවර් එකක් නෑ.
ඉතිං පුරුපුරු ගෙදර ගිය ගමන්ම කළේ මාලුකට්ටාට කෝල් එකක් දීපු එක. එදා දවසෙ සිද්දවෙච්ච දේවල් ඔක්කොම මාලුකට්ටාට කියපු පුරුපුරු කළේ, පහුවදා පුලුවන්තරම් උදේ ගිහින් ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න කියලා මෑන්ස්ට උපදෙස් දුන්න එක. මාලුකට්ටාත් ඉතිං විස්තරේ අහලා බයවෙලා, පහුවදා උදෙන්ම ක්ලාස් එකට එන්න හිතාගත්තලු. කොහොමහරි මෑන්ස් පහුවදා ගෙදරින් පිටත්වුණේ කුකුල්ලු හඬලන්නත් කලින්. හැබැයි උදේ එළිය වැටීගෙන එද්දිම වගේ ක්ලාස් එකට ගියත්, ඒ වෙනකොටත් සෑහෙන දිග පෝලිමක් මැඩම්ගෙ ගෙදර ඉස්සරහා හැදිලා ඉවරයි.
ටික වෙලාවකින් මැඩම් එතනට ආවාට පස්සෙ තමයි කට්ටිය දැනගත්තෙ, ක්ලාස් තුනේම සම්පූර්ණ ඉඩ කලින් දවසෙ හවසම පිරිලා ඉවරවුණයි කියලා. දැන්ඉතිං මොනවා කරන්නද? සිද්දවෙච්ච අපහසුතාවය ගැන කණගාටුව පලකරපු මානෙල් මැඩම් කට්ටියට කිව්වලු එක්කෙනෙක්වත් ක්ලාස් එකට ගන්න බෑ කියලා. ඉතිං පෝලිමේ හිටපු ළමයිනුයි, අම්මලා තාත්තලායි කළේ ආපහු හැරිලා ගිය එක. හැබැයි අපේ මාලුකට්ටානං ඉතිං යන්න කලින් අනිත් පූසන්වත් හම්බවෙලාම යනවයි කියලා හිතාගෙන ටික වෙලාවක් එතනට වෙලා හිටියලු. මොකද මේ වෙද්දි ගොඩක් උදේ පාන්දර හින්දා අනිත් පූසො ක්ලාස් එකට ඇවිත් හිටියෙ නෑ.
ඉතිං මාලුකට්ටා මෙහෙම ඉන්නකොට පාර පැත්තෙ ඉදලා කවුද අංකල් කෙනෙක් පාන් ගෙඩියකුත් උස්සගෙන මැඩම්ගෙ ගේ පැත්තට ආවලු. අපේ පූසා ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා දැකපු අංකල් ඊටපස්සෙ කළේ මෑන්ස් එක්ක ටෝකක් දාන එක. බැලින්නං මේ ඈවිල්ලා ඉන්නේ මානෙල් මැඩම්ගෙ හස්බන්ඩා අංකල්.
අංකල් :- ආ පුතා, උදෙන්ම ක්ලාස් ඈවිල්ලා වගේ. හොදයි හොදයි. අද පළවෙනි දවසනෙ නේද?
මාලුකට්ටා :- ආ...නෑ අංකල්, මම මේ යාලුවො කට්ටියක් එනකල් ඉන්නෙ. මැඩම් මාව ක්ලාස් එකට ගත්තෙ නෑ. ක්ලාස් එකේ ඉඩ මදිලුනෙ
අංකල් :- ආ ඈත්තද පුතා. අපරාදෙනෙ. පුතා කලින් ආවනං වැඩේ හරි. ඒක නෙවෙයි, පුතාගෙ ගෙවල් කොහෙද?
මාලුකට්ටා :- මම දේවගම ඉන්නෙ අංකල්
අංකල් :- අම්මෝ! සෑහෙන දුර ඉදලානෙ පුතා ඈවිත් තියෙන්නෙ. පුතාව ආපහු හරවලා යවන එක හරි නෑ. මම එනකං පොඩ්ඩක් මෙතෙන්ට වෙලා ඉන්නකෝ.
මෙහෙම කියපු අංකල් ගේ ඈතුලට ගිහින් ක්ලාස් එකට ළමයි ඈතුලත් කරන රෙජිස්ටර් එක ගෙනාවලු. ඔටපස්සෙ අංකල් කළේ මාලුකට්ටාගෙ විස්තර අහලා මෑන්ස්ව ක්ලාස් එකේ රෙජිස්ටර් කරපු එක. හැබැයි දැන් ක්ලාස් එකේ ළමයි 76 දෙනෙක් ඉන්නවා. ඒත් වාඩිවෙන්න ඉඩ තියෙන්නෙ ළමයි 75 දෙනෙක්ට විතරයි.
අංකල් :- පුතා මැඩම්ට කියන්න ඕනෙ නෑ පුතාව ක්ලාස් එකට ගත්තෙ මම කියලා. ඈහුවොත් කියන්න මැඩම්ම තමයි ඔයාව රෙජිස්ටර් කළේ කියලා. දැන් ඉතිං අපි වයසක මිනිස්සුනෙ. ඉස්සර වගේ මතකයත් එච්චර හොද නෑ.
මෙහෙම කියලා හිනාවෙච්ච අංකල් ගේ ඈතුලට ගියාලු. කොහොමහරි අන්තිමට ඔය සිද්දිය එච්චරම ඉෂූ එකක් වුණේ නෑ. මොකද මාලුකට්ටාගෙ තියෙන කෙට්ටුකමට මෑන්ස් වාඩිවුණාට පස්සෙත් ක්ලාස් එකේ තිබුන ඉඩේ කිසිම වෙනසක් වුණේ නෑ. පස්දෙනෙක් වාඩිවෙන්න පුලුවන් ඩෙස්ක් එකේ මාලුකට්ටාත් එක්ක හය දෙනෙක් වාඩි වුණත් යන්නෙ අර කලින් ගිය ඉඩ ප්‍රමාණයමයි. ඉතිං මැඩම්ටත් සිද්දිය මීටර් වුණේ නෑ. අන්තිමට ඉතිං පූසො හතරදෙනාටම පුලුවන් වුණා තමන් හිතපු විදිහටම මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකට ඈතුල් වෙන්න.
එදා ඉඳලා මැඩම්ගෙ හස්බන්ඩා අංකල් පුසන්ගෙ සිරා ෆිට් එකක් වුණා. පූසොත් ක්ලාස් ඇවිල්ලා මැඩම්ගෙ වත්තෙ තියෙන පළතුරු ගස් ටික පවා සුද්ද කරලා යන්න පුරුදු වුණා. ඉතිං අපි ඊළග ලිපියෙන් බලමුකෝ ෆිසික්ස් ක්ලාස් එකේදි අපේ යාලුවන්ට මොකද වුණේ කියලා.
Labels:
උපාසක,
ඤාව්වා,
පුරු පුරු,
මාළු කට්ටා
Subscribe to:
Post Comments (Atom)
මමත් A/L වලට රෙජිස්ටර් වුන දවස මතක් වුනා... :n
ReplyDeleteසිරා කථා සෙට් එකක බලාපොරොත්තු වෙනවා... :t
ජය වේවා...!!
ඔය අන්තිමට කියල තියෙන එක නම් අපිත් හරිම කැමැත්තෙන් කරපු වැඩක් තමයි ( පලතුරු ගස් සුද්දය :a )
ReplyDeleteඑහෙනම් තවත් කෙටි චිත්‍රපටියක් වගේ :t
තවත් විනාසයක ආරම්භය වගේ !
ReplyDeleteඅපිනම් ඔන්න සැදී පැහැදී ඉස්සරහාම අසුනක් අල්ලගත්තා මේ කතා සැට් එක නරඹන්න . එහෙනම් බලල් සහෝදරවරුනි කියමුකෝ බලන්න ඉතිරිටිකත්
ජය වේවා !!
:e අනේ අම්මියෝ පූසන්ට ම හරි යන අන්කල්.... මොනවා වුණත් හොද කෙනෙක් වගේ. ඔන්න අපිත් දත කට මැදගෙන ඉන්නවා ඒ. ලෙවල් සීරිස් එක කියවන්න හරිය?
ReplyDeleteහොඳම හරිය ඉස්සරහට වගේ පූසන්ගෙ... ඒ ලෙවල් කාලේ කියන්නෙ ඉතින් උපරිම කාලේ නොවැ පිස්සුවෙ. මාලු කට්ටත් මං වගේ පොරක් මයෙ හිතේ.. ඕනි පොඩි ඉඩක ශරීර කූඩුව තියා ගන්න පුලුවන් හික් හික්
ReplyDeleteආන්න එහෙම තමායි ඉගෙනගන්න උනන්දුව තියෙන හොද ළමායි ඉන්න ඕන.. ඒ ලෙවල් කාලෙ මතක් වෙලා දුක හිතුන බං මේක කියවනකොට.. අනේ අම්මියො එහෙමත් කාලයක්..
ReplyDeleteජීවිතේ ගත කරපු ආතල්ම කාලේ...
ReplyDeleteඒ ලෙවලුත් පටන් ගත්තා එහෙනම්....... :n
ReplyDeleteඅපිත් ඔය වගේ කෙමෙස්ට්‍රි ක්ලාස් එකකට ගියේ. මිස්ගේ දූ මොන්ටිසෝරියේ මගේ යාළුවා නිසා කිසි අවුලක් වුන්නැ. හැබැයි වාඩි උනොත් වාඩි උනාමයි ආයේ ඇඟිල්ලක්වත් හෙල්ලුවොත් එහා පැත්තේ එකාගේ අකුරක් හරි ඇද වෙනවා.......:q
නියම සැමන් පැකින්....... :q :q
අඩේ මට 13දි කෙමෙස්ට්‍රි ක්ලාස් ගියාට වැඩිය නොගිය කාලෙ වැඩියි බං.
ReplyDeleteමාත් මොන්ටානා එකට "සුමේද උඩවත්තගෙ" පියෝ රිවිෂන් ආවා.හෆොයි පිස්සුවෙ උපරිම කාලෙ.ඔන්න අපිත් සෙට් උනා A/L සීරිස් එක කියවන්න.
අපෙත් මිස් කෙනෙක් ඉන්නව මහත්තයා ඔය වගේ. 40ට එහා ලකුනු තිබ්බොත් අනිවා කොහොම හරි එහෙන් මෙහෙන් එකතු කරල පාස් කරලා දානවලු. මිස් නම් කිව්වේ "චූන් එකක් ගියාම 35 එවත් පාස් කරල දානව" කියලයි :d
ReplyDeleteඒලෙවල් ටියුෂන් :n හප්පේ මතක් වෙනකොටත් බය හිතෙනවා
ReplyDeleteඑහෙනම් ඕං ආතල්ම අවුරුදු දෙකක් ගැන කියවන්ට අපිත් සැට් වෙලයි ඉන්නේ ඈ...
ReplyDelete@දිනේෂ්...
උඹත් සුමේධ සර්ගෙ රිවිෂන් ගියාද... මට යන්තමට වගෙ මතකයි මචං බුවාගේ උදාන වාක්කිය සැට් එක... "දරුවනේ මා මේ මොහොතේ කතා කරන්නේ... වසර විසි පහක අත්දැකීමක් සමගයි..."
ලෝක විනාශය කරා යන පූසන්ගේ ඊළග කතා සීරීස් එක ඒ ලෙවල් සීරීස් බලාපොරොත්තු වන්න. :k
ReplyDeleteඑල එල :b බලමු ඒ ලෙවල් කාලේ පුසන්ගේ හපන්කම් :e :e
ReplyDelete@පුතා,
ReplyDeleteආ......එල,එල බුවා තමයි.
ළමයි.......ආ......අ.....හිටියොත්..දෙ...කට..නැවී....දෙවියොත්.....ආ....අ.....ආ....
@සෝරෝ- :b :b
ReplyDelete@DarKneT | ඉෂාර- හික් හික් එච්චර ආතල් එකක් තවත් කොහෙද..
@හිස් අහස- එහෙම විනාස කරනවද මේ පූසො.. :d
@සංජු- අන්කල් සිරා!! මොන පින්වතාද ගස් ටික ගෙඩි පිටින්ම පූසන්ට බාර දෙන්නෙ.. :q :q
@පිස්සා පලාමල්ල- අනිවා! මාලු කට්ටට ඕනෙම තැනකට ගානට ෆිට් වෙලා ඉන්න පුලුවනි මේ ඇග නිසා.. :q
ReplyDelete@Buratheno- ඔව් බං අපිටත් දුකයි මතක් වෙද්දි.. අයෙ නෑ ඒවගෙ පික්සු කාලයක්..
@priyantha.ඒබී- අනිවා... :b
@හා පැටික්කි (MS)- හික්ස්.. හා පැටියෙක් නිසා ගානක් නැති වෙන්න ඇති නේද නගා.. වැඩි ඉඩක් යන්නෙ නැහැනොවැ.. :q
@dinesh- එලාස්! ඒක ඇත්ත ක්ලාස් ගිය දවස් ගානයි නොගිය දවස් ගානයි ගැන හිතද්දිනම්....... :d :d
ReplyDelete@කොඩී- අනේ වාසනාවන්.. ඔහොම කස්ටිය අපේ AL පේපර්ස් ටිකත් බැලුවනම්..
@පූසා- ඒ මොකෝ යාලු???
@පුතා- :b :b
ReplyDelete@Praසන්ன- "ලෝක විනාශය කරා යන පූසන්ගේ ......" හික්ස්! ඇත්ත තමා මේක නම් බලං ඉදල කිව්ව වගේ...
@හසී- :b :b :e
"මැඩම්ගෙ වත්තෙ තියෙන පළතුරු ගස් ටික පවා සුද්ද කරලා යන්න පුරුදු වුණා."
ReplyDeleteපූසො නෙමෙයි,මුං ටික "සුද්ධෝදන"ල කෂ්ඨියක්. අනේ පව් අර හස්බංඩ අංකල් එහෙම දන්නවනම් කරේ දාගත්ත නයින්ගෙ සයිස් එක, පොර බෙල්ලෙ වැල දාගන්නව.
අපිටත් ඒ ලෙවල් පටන් ගත්ත කාලෙ පුදුම උනන්දුවක් තිබ්බෙ.. පළවෙනි වාරෙ පන්තියෙ දෙවෙනියා.. දෙවෙනි වාරෙ පන්තියෙ තුන්වෙනියා.. එදායින් පස්සෙනම් 15න් ඉහලට ආවෙම නෑ....
ReplyDeleteඋබල මේ කියන්නෙ මාලතී මැඩම්ගෙ පන්තිය ගැනද?
ReplyDeleteතාම අර රඹුටන් ගහයි, ඇඹරැල්ල ගහයි, කාමරංග ගහඉ තියෙනවද?
අපි යන කාලෙ ඔව සුද්ද කරපු එක තමා කරේ...
චංචලා පට්ට සීරීස් එකක් නොවැ බොල.
ReplyDelete@Observer- හික්ස්!! මම හිතන්නෙ අන්කල් ඕවට පුරුදු වෙලා ඉන්න ඇත්තෙ, හැම අවුරුද්දෙම ඔහොම සෙට් එකක් ඉන්න ඇතිනෙ..
ReplyDelete@අභීත- උඹල හොදයිනෙ මචෝ! පළවෙනි වාරෙ හරි ඉස්සරහින් ඉදල තියෙනවනෙ...
@Banuka- එල! ඔව් ඒ පංතිය තමා, අපි යන කාලෙත් තිබුනා දැන්නම් කොහොමද දන්නෙ නෑ..
@Anonymous- ස්තූතියි යාලු!!
උඹලා ටික නම් නියම පොරවල් ටිකක් බන්.
ReplyDeleteමාර අසාවක් තියෙන්නේ ලබන පාර නිවාඩු ආවහම උබලා කස්ටියම එකට හම්බුවෙන්න.
අද කාලේ හැමදේම සල්ලි වලට විතරයි.ඒත් අවංකව සල්ලි ගැන නොහිතා වැඩ කරපු උගන්නපු ගුරුඋතුමන්ලා අද කියෙන් කීදෙනාද....අනේ මන්දා තමයි ඉතිං කියන්න තියෙන්නේ....
ReplyDeleteශා... ඔය කියන මැඩමුත් නිකන් කැන්ඩිට බයෝ උගන්නපු හවස මැඩම් වගේ..
ReplyDeleteI went to the same chemistry class as you guys.. Didn't know that Malathi miss had a Tuesday class as well..Nwy nice memories.. :)
ReplyDeleteAnishka