අඹ යාලුවෝ

Friday, December 28, 2012

සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහ


අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.

පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට හැදිච්ච පූසෙක්. අනික මේ වෙද්දි මෑන්ස්ගෙ වයස අවුරුදු විසි එකක් විතර වුණේ. ඒ හින්දා තමන්ගෙ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න අවශ්‍ය පූස් ගට පුරුපුරුට තිබුනෙ නෑ. කටේ කිරි සුවඳ නොගිය තමන්ගෙ පූස් පුතා ආදර සම්බන්දයක් පටන් අරගෙන කියලා ආරංචි වුණොත් දෙමව්පියො මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැනත් පුරුපුරුට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ. ඉතිං ඒ හින්දා දැනට මේ සම්බන්දෙ ගැන ගෙදරට නොකියා ඉන්න පූසා තීරණය කළාලු.

මේ වෙද්දි එෆෙයාර් එකට පෙම්වතියගෙ පැත්තෙන් කැමැත්ත තිබුන හින්දා සමහර වීක් එන්ඩ් වලදි සුදුපූසිගෙ ගෙදර ගිහිං එයාව බලන්න පුරුපුරුට පර්මිෂන් තිබුනලු. සුදුපූසි කැම්පස් එකේම නැවතිච්ච දවස්වලට පුරුපුරු කරන්නේ නුවර ගිහිං එයාව මුණගැහෙන එක. එහෙමත් නැත්තං උපාසකයි ඤාව්වයි එක්ක පිස්සු කෙලින එක. කොහොම වුණත් පුරුපුරු මේ සම්බන්දෙ ගැන ගෙදරට කියපු නැති එක ගැන සුදුපූසිගෙ ගෙදර උදවිය එච්චර කැමැත්තක් දැක්වුවෙ නැහැ. විශේෂයෙන් පූසා නිතරම තමන්ගෙ ගෙදර යන එන වාතාවරණයක් තියෙද්දි ඒ ගැන පුරුපුරුගෙ ගෙදරින් දැනගෙන ඉන්න ඕනෙ කියන මතයෙ තමයි සුදුපූසිගෙ ගෙදර වැඩිහිටියො හිටියෙ.

“දැන් පුරුපුරු පුතා අපේ දුව ගැන ගෙදරට කියලද තියෙන්නෙ?“

“මේ ගැන ගෙදරට කියලා හිටියනං නේද හොඳ?“

“පුතාලගෙ ගෙදර කට්ටිය මේ ගැන දැනගත්තොත් අපිටත් බැනුම් අහන්න තමයි වෙන්නෙ“

දැන් මේ වගේ කම්ප්ලේන් කෝටියයි. පුරුපුරුත් දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ සිටුවේෂන් එක ගැන. ඇයි දෙයියනේ අම්මා කාමරේට ඇවිත් බත් කවද්දි එයාට කියන්න පුලුවන්ද පුරුපුරුට කෙල්ලෙක් ඉන්නවා, ඒ මදිවාට එහෙ ගිහිල්ලත් තියෙනවා කියලා? කොහොමහරි ඉතිං අපේ පූසා මේ ගැන හිත හිතා පසුතැවෙද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන වීක් එන්ඩ් එකේ සුදුපූසි ගෙදර ආවෙ නෑ. එයා හොස්ටල් එකේ නැවතිලයි හිටියේ. ඉතිං පුරුපුරුට ඉහළින් නියෝග ලැබුනලු සෙනසුරාදට නුවර එන්නයි කියලා.

“මොකද්ද අනේ ඔයා දැන් ගොඩක් දවසකින් නුවර ආවෙ නෑ මාව බලන්න. මේ සතියෙත් ආවෙ නැත්තං මම ඔයත් එක්ක තරහම තරහයි. “

දැන් ඉතිං නුවර පලයංකො බස් එකේ පැය ගානක් බඩගාගෙන. ඇත්තටම බස් එකේ නුවර යන එක මහ එපා කරපු වැඩක්. ඒත් ඉතිං කට්ට කාගෙන හරි සුදුපූසිව බලන්න යන්න ඕනෙ හින්දා පුරුපුරුත් නුවරට යනවා. ඔය විදිහට ඉතිං පහුවදා උදේම ලෑස්ති වෙච්ච පුරුපුරු හිමිදිරි පාන්දර ගෙදරින් පිටත් වුණාලු සුදුපූසිව බලන්න යන්න.

බස් එක ගලහ හන්දියට එනකොට දවල් දොළහටත් කිට්ටුයි. එතකොටත් සුදුපූසි හන්දියට ඇවිල්ලයි හිටියේ. කොහොමහරි ඉතිං දෙන්නා කැම්පස් එක ඇතුලේ රවුම් ගහලා, ලන්ච් එකත් අරගෙන, ඊටපස්සෙ ඒ කිට්ටුව තිබුන උද්භිද උද්‍යානයෙත් ඇවිද්දලු. අන්තිමට පුරුපුරු සුදුපූසිගෙන් සමුගත්තේ හවස හතරට තියෙන හොරණ බස් එක අල්ලගන්න බලාගෙන. මොකද ඒ බස් එකේ ගාස්තුව වැඩි වුණත් පූස්ගම හරහා යන හින්දා පුරුපුරුට ගේ ගාවින්ම බහින්න පුලුවන්කම තිබුනා. හොඳ වෙලාවට එදා පුරුපුරු බස් එක යන්න කලින් හෝල්ට් එකට ඇවිත් තිබුනා. බස් එකට නැග්ග පූසා හොඳ නින්දක් දාලා හවස හයහමාරට විතර පූස්ගමින්ම බැස්සා.

එදා හවස ගෙදර ආපු පුරුපුරුට සෑහෙන ගමන් මහන්සියක් තිබුනලු. ඒ හින්දා මෑන්ස් කළේ ඇඳුම් ටික පැත්තකින් දාලා හොඳට නිදාගත්ත එක. පැයක දෙකක නින්දකින් පස්සේ අපේ පූසා නැගිට්ටේ අම්මගේ කට හඬ ඇහිලා.

අම්මා :- පුතා, අද කොහෙද ඔයා ගියෙ?

අම්මා ප්‍රශ්නෙ අහපු විදිහටම මොකක්හරි වැඩක් ජෝන් බාස්ට ගිහිං තියෙන වග පූසාට ඉවෙන් වගේ තේරුණාලු.

පුරුපුරු :- ම්...ම්...මම මේ කන්දෙ කැම්පස් එකට ගියෙ අම්මෙ මී කතුරා හම්බවෙන්නත් එක්ක.

අම්මා :- එතකොට මේ ෂර්ට් එකේ සාක්කුවෙ උද්භිද උද්‍යානෙට ගත්තු ටිකට් දෙකක් තියෙන්නෙ?

කෙලියා තාප්පෙටම!!! බැලින්නං අපේ පුරුපුරුට පාක් එකට යන්න ගත්ත ටිකට් දෙක විසි කරන්න අමතක වෙලා. මෑන්ස්ගෙ අම්මා ඇඳුම් ටික හෝදන්න දාන්න හදනකොට තමයි සාක්කුවෙ තිබුන ටිකට් දෙක අහුවෙලා තියෙන්නෙ. දැන් ඉතිං නිදහසට මොනවා හරි කියන්නත් ඕනෙ. ඒත් වැඩි වෙලා හිත හිතා ඉන්නත් බෑ. ඉතිං පුරුපුරු කළේ ඒ වෙලාවෙ කටට ආපු උත්තරයක් කියලා දාපු එක.

පුරුපුරු :- මේ...මේ...ඒක මී කතුරගෙ වෙන්න ඇති අම්මේ...මම දන්නෙ නෑ.

අම්මා :- ආ ඇත්තද?

මෙහෙම කියපු පුරුපුරුගෙ අම්මා වෙන මොනවත් අහන්නෙ නැතුව එතනින් යන්න ගියාලු. දැන්නං අපේ පූසාට දාඩියත් දාලා. කම්මුල් රත් වෙලා. බඩ හීතල වෙලා. මෑන්ස් දන්නවා අම්මා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේට සුදුපූසිගෙ අම්මගෙ මොන්ටිසෝරියට යන පොඩි එකෙක්වත් රැවටෙන්නෙ නැති වග. ඒ වගේම මී කතුරා එක්ක පාක් ගියා කියලා කිව්ව එකෙන් පුරුපුරු ගේ කුරුල්ලෙක් කියලා ගෙදර මිනිස්සු හිතන්නත් පුලුවන්.

අනික සමහරවිට මේ වෙච්ච වැඩේ වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් වෙන්නත් පුලුවන්. මොකද මේක අම්මාට සුදුපූසි ගැන කියන්න ලැබිච්ච හොඳ චාන්ස් එකක්. වැඩිය මහන්සි වෙන්නෙ නැතුව අනිත් ටිකට් එකේ හිමිකාරිය සුදුපූසියි කියලා විතරයි කියන්න ඕනෙ. ඉතිං පූසා ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මෑන්ස්ගෙ අම්මා ආපහු පාරක් කාමරේට ආවේ. මේ වෙලාවෙනං අම්මා කටක්වත් අරින්න කලින්න අපේ පුරුපුරු කතාව පටන් ගත්තලු.

පුරුපුරු :- අම්මේ...මේ...මේ...අර ටිකට් දෙක....

අම්මා :- ඔව් ඉතිං?

පුරුපුරු :- ඒ දෙක මී කතුරාගෙ නෙවෙයි, මගේ....මේ...මේ...මම....

දැන් පූසාට එතනින් එහාට මොනවත් කියාගන්න බැරුව වචන ගොත ගගහා ඉන්නවා. මේ වෙලාවේ තමයි අම්මා පුරුපුරුගෙ පිහිටට ආවේ.

අම්මා :- ඔයා සුදුපූසිව බලන්න නේද ගියෙ?

අම්මා පුරුපුරුට වන් ෂොට් නොකවුට් ප්‍රශ්නය කෙළින්ම යොමු කළා. මේ වෙද්දිත් පුරුපුරුගෙ අම්මා දන්නවා පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො කියලා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකම පන්තියේ ඉගෙන ගන්න කාලෙත් පුරුපුරුගෙ අම්මා සුදුපූසිට හරිම කැමතියි. සුදුපූසි දැන් ඉන්නේ කන්දෙ කැම්පස් එකේ බවත් අම්මා දැනගෙන හිටියා. ඒ හින්දා පූසා නුවර ගියේ කෙල්ලෙක් බලන්නනම් ඒ කෙල්ල වෙන්න ලොකුම ප්‍රොබබිලිටිය තියෙන්නේ සුදුපූසි බව පුරුපුරුගෙ අම්මා ගෙස් කරන්න ඇති. කොහොමහරි ඔයින් මෙයින් වැඩේ පූසා හිතුවාටත් වඩා පහසු වුණා.

පුරුපුරු :- හ්ම්...

අනිත් පැත්ත හැරිච්ච පුරුපුරු ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගත්තා.

අම්මා :-  මේ ගැන අපිට කියපු එක හොඳයි.

මෙහෙම කියපු අම්මත් කාමරෙන් යන්න ගියා. කොහොමහරි ඉතිං මේ සම්බන්දයෙන් පුරුපුරුගෙ පැත්තෙනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑලු. ඉතිං මෑන්ස්ට ඊටපස්සෙ සුදුපූසිගෙ ගෙදර ගියාම ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න සිද්ද වුණෙත් නෑලු.

දැන් මේ කතාව කියෙව්වට පස්සෙ තමන්ගෙ ආදර සම්බන්දෙ ගැන ගෙදරට කියාගන්න බැරුව ලතවෙන කස්ටියට තේරෙනවනෙ නේද මොකද්ද කරන්න ඕනෙ කියලා? විසඳුම හරි සරලයි. අවශ්‍ය කරන්නේ ටිකට් දෙකක් විතරයි. මේ ක්‍රමය අනුගමනය කළාම තමන් ප්‍රශ්නෙ වෙත යන්නෙ නැතුව ප්‍රශ්නෙ තමන් වෙතට ගෙන්න ගන්න පුලුවනි. හැබැයි ඊටපස්සෙ වෙන දේවල් වලට බ්ලොග් ගඩොල් වග කියනු නොලැබේ.

36 comments:

  1. Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. සිරා කොලුවා නම් අම්ම එක්ක යාලුවා වගේ තමා ඉන්නෙ... මම ඉස්සර කෙල්ලන්ට ට්‍රයි කරන්නෙ අම්මට කියලා...අපි එහෙමයි...ඒ නිසාමද මන්දා තාමත් තනිකඩ....

    ReplyDelete
  3. මගේ නං ලව් සීන් ඔක්කොම අම්මා දැනං හිටියා.අපරාදෙ කියන්ඩ බෑ අම්මා කිව්වේ බොන්ඩ එපා කරදරේක වැටෙන්ඩ එපා වෙන ඕනෑ එකක්.අතපය නැති ගෑනියෙක් හරි කමක් නෑ උඹ කැමතිනං සෙට් කරගනිං කියලා.ඉතිං මොකටද ගෙදරට නොකියා ලව් කරන්නේ??

    ReplyDelete
  4. නියමයි... මමත් අදම ෆිල්ම් එකක් බලන්න ගිහින් ටිකට් 2 අම්මට දෙනවා... :P

    ReplyDelete
  5. මට මේකෙන් ගන්න තියෙන ආදර්ශෙ කිසිම දවසක ටිකට් කියන එව්ව වත්ත හතරමායිමට ගෙනියන්න හොඳ නෑ කියන එක....

    ReplyDelete
  6. මාත් කියවලා ගියෝ...දිගටම කියවන්නං කොමෙන්ට් නම් බොහෝවිට අන්තිම එක වෙන්න ඉඩ ඇත.හේතුව හිතලම බලපං පූසෝ.

    ReplyDelete
  7. මමත් මේ ටිකට් දෙකක් හොයනවා හී හී...
    අහු උනොත් කියන්නේ අර බ්ලොග් ගඩොල්කාරයෝ කියලා දුන්නා කියලා ....

    ReplyDelete
  8. හෙහ් හෙහ් මරු ....... :D

    ReplyDelete
  9. නියම උප්පරවැට්ටියක් තමයි ෙම්ක. අවුරුදු කීපයකට කලින් කියවල තිබුනනං..... වැඩක් ගන්න තිබුන.

    ReplyDelete
  10. ඒ කාලේ 88 / 89 මහ භීෂණේ, ඔන්න මගේ උපන් දිනේට වටිනා කියන තෑගි පාර්සලයක් තැපෑලෙන් ආවා. අපේ ගමට එහෙම පාර්සලයක් කවදාවත් ඇවිත් නැහැ. ගෙදරට විතරක් නෙමෙයි ගමටම නෝන්ඩි එක පාරින්ම. අනේ එහෙම කාලයක්. මේ පුරු පුරුව මාව අතීතෙට එක්ක යනව.

    ජයම වේවා!!!
    සුභ නව වසරක් වේවා යුවලටම.!!!!!!!
    ඉක්මනින්ම සියළු ඉගෙනීමේ කටයුතු අහවර වී ලංකාවට එන්න ලැබේවා.!!!
    පූස් පැටව් දකින්න වරම් පතමි.

    ReplyDelete
  11. පුරු පුරුගෙ අම්ම සුදු පූසිව අඳුරන හින්ද හොඳයි. නැත්තං ඔය තියරිය වැඩ කළාට පස්සෙ භයානක ප්‍රතිඵල අත්වෙන්න පුලුවං.

    ReplyDelete
  12. දැන් ඉන්න ළමයි ටිකට් පෙන්නන්න ගියොත් ටිකට් පොතක් ම පෙන්නන්න වෙයි. ඒ තරම් සම්බන්ධතා නේ.

    ReplyDelete
  13. සිරා කතාව........

    ReplyDelete
  14. ඔයාගෙ blog එකනම් හොදයි හොදටම.
    ඒත් මේ එක එක පූසන්ගෙ නම් දාගෙන ලිව්වාම අලුතින් කියවන්න ආපු අයට ටිකක් ප්‍රශ්නයක් වෙනවා.
    නිකම්ම කතාව කිව්වනම් ඒ අයටත් කියවන්න හිතෙනවා.
    කැමැත්තක්.. මගේ අදහසයි කිව්වෙ. comments නෙ

    ReplyDelete
  15. අපේ අම්මත් මචන් ලව් එෆෙයර් වලට ෆුල් සපෝර්ට්.මට නම් අපේ අම්ම කියන්නේ
    ඔයා කැමති ඕනම කෙනෙක් බදින්න.ඒ සියලු වගකීම් ඔයා දරන්න ඕනේ කියල.
    ඒ උනාට මගේ සම්බන්දකම් කීපෙකේදී පුතා ඕක හරියන දෙයක් නෙවේ කියන
    දේ මට නොදැනී එයා කිව්වා. ඒ හැම දේම හරි ගියා අකුරටම.ඒ වගේම මම නිසා
    වෙන කෙනෙක් දුකට පත් වෙද්දීත් එයා මට තහනම් නියෝග පනවල තියෙනවා
    " ළමයෝ ඔය දේ කරන්න එපා , ඒ ළමය පව් "කියල. එක එක ගැටළු තිබ්බත්
    අම්මගෙන් මට ලැබුණ දේවල් ගොඩයි..
    වැඩි හුරතල් ගති නැති උනත් ප්‍රයෝගික සීමාවේ ඉන්නවා එයා.හිතන්න කරුණු
    ගොඩක් ලැබුන පොස්ටුවක් පූසෝ ...

    මේ පොස්ට් එකෙන් මාත් අතීතයට ගියා.ස්තූතියි ඒ ගැන මචන්...

    ReplyDelete
  16. ජයවේවා කිව්වා..
    මේ ළගදි දවසක තමයි මම මේ පැත්තට රිංගලා සූදු පූසි ගැනයි.. අරයා ගැනයි මෙයා ගැනයි මෙගා කතා සෙට් එකම කියෙව්වේ.. දැන් ඉතින් කැම්පස් ඉවරවෙනකං ඉන්න තමයි තියෙන්නෙ නේද..

    ReplyDelete
  17. අපේ අම්මත් මචන් ලව් එෆෙයර් වලට ෆුල් සපෝර්ට්.මට නම් අපේ අම්ම කියන්නේ
    ඔයා කැමති ඕනම කෙනෙක් බදින්න.ඒ සියලු වගකීම් ඔයා දරන්න ඕනේ කියල.
    ඒ උනාට මගේ සම්බන්දකම් කීපෙකේදී පුතා ඕක හරියන දෙයක් නෙවේ කියන
    දේ මට නොදැනී එයා කිව්වා. ඒ හැම දේම හරි ගියා අකුරටම.ඒ වගේම මම නිසා
    වෙන කෙනෙක් දුකට පත් වෙද්දීත් එයා මට තහනම් නියෝග පනවල තියෙනවා
    " ළමයෝ ඔය දේ කරන්න එපා , ඒ ළමය පව් "කියල. එක එක ගැටළු තිබ්බත්
    අම්මගෙන් මට ලැබුණ දේවල් ගොඩයි..
    වැඩි හුරතල් ගති නැති උනත් ප්‍රයෝගික සීමාවේ ඉන්නවා එයා.හිතන්න කරුණු
    ගොඩක් ලැබුන පොස්ටුවක් පූසෝ ...

    මේ පොස්ට් එකෙන් මාත් අතීතයට ගියා.ස්තූතියි ඒ ගැන මචන්...

    ReplyDelete
  18. ඔයිට ලෙසි ක්‍රම තිබේ. වැඩි විස්තර අවශ්‍ය නම් ඒ සදහා වර්ණ බ්ලොග් එක අමතන්න හිකිස්

    ReplyDelete
  19. අර රාජ් කිව්ව වගේ අවුරුදු 3,4 කට කලින් මේ උපදෙස් ලෑබුන නම්.... :(

    ReplyDelete
  20. ටිකට් තියාගත්තා වගේ නෙමේ. සමහර විට ගෙදරින් ටිකට් කැපෙන්නත් පුලුවන් :D

    ReplyDelete
  21. හික්...ඒකත් මරු ක්‍රමේ තමා.....

    ReplyDelete
  22. හොඳ ක්‍රමයක්. උත්සාහ කරලා බලන්න ඕන... :)

    ReplyDelete
  23. මොකක්ද බං, අවුරුදු 21දි වත් ලවු එක ගැන ගෙදෙට්ට කියන්න ගටක් නැද්ද.?? :)

    ReplyDelete
  24. මටත් ඕක වුනා...ඒත් එදායින් පස්සේ මම ෆිල්ම් බැලුවම ටිකට් එක විසි කරලා එනවා...නැත්නම් කියන ඒවා අහගෙන ඉන්න අමාරුයිනේ.....

    ReplyDelete
  25. මට මේ ලිපිය මඟඇරිලා ........ අවුලක් නෑ දැන් කියෙව්වනේ ....... ටිකට් දෙකක් මටත් ඔනේවෙයි ලඟදිම

    ReplyDelete
  26. යකඩෝ මමත් අනුගමනය කරන්න ඕනා ඔය වගේ ක්‍රමයක්

    ReplyDelete
  27. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  28. නියමයි.. දෙන්නටම බොක්කෙන්ම සුභ පතනවා..

    ReplyDelete
  29. මම කියල උනේ ගෙදර තිබුන ටීවී එකත් කුඩු උන එක විතරයි
    කෝරලේ වලව්ව

    ReplyDelete
  30. රූම් එකක ටිකට් එකක් දුන්නොත් අවුලක් නැති වෙයිද පූසෝ?

    ReplyDelete
  31. ado meka digatama liapanko machan, paxta katha tika :d

    ReplyDelete
  32. මම නම් ඒක දවසක් මල්ලිගේ යාලුවෙක් කියලා ගෙදරට එක්කන් ආවා.... දවසක් දෙකක් ගියාට පස්සේ ගෙදරින් කොල්ලට කැමතියි වගේ දැනුණා. ඊට පස්සේ කෙලින්ම කිව්වා එයා මල්ලිව හම්බෙන්න නෙවේ මාව බලන්නෙයි ආවේ කියලා. වැඩේ ශේප් :)

    ReplyDelete
  33. පුරු පුරු! ටිකට් දෙකක් තිබුනා හරි! ඒත්??? ප්‍රැක්ටිකලි වැඩේ හරියන්නෙ නෑ බං! ටිකට් දෙකට අමතරව සාක්කුවේ වාසනාවත් තිබුනොත් නං හරි! මගෙ සාක්කු පහෙන් එකකවත් වාසනාව අහලකවත් තිබ්බෙ නෑ බං! ටිකට් දෙකක් විතරයි තිබ්බෙ!! ඉතිං බඩු බනිස්!!

    ReplyDelete
  34. බොහොම ස්තුතියි යාලුවො සියලුම දෙනාට අදහස් දැක්වීම ගැන සහ අවුරුදු සුභපැතුම් වලට. ඔබටත් එසේම වේවා...!!!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???