ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්.
1. සිල්වා
මේ නම "සිල්වාන්" නම් නමින් බිඳී ආවක්. "සිල් + වාන්", එහෙමත් නැත්නම් "වාන් දැමීමට තරම් සීලයක් ඇති" යන්න තමයි මෙහි අරුත. එනම් "සිල්වා" යනු "සීලයෙන් අගතැන්පත්" තැනැත්තායි.
2. පෙරේරා
මෙය "පෙරේ + රා" යන පදයෙන් විකසනය වූ නමක්. "රාගය පෙරා වෙන්කළ" යන්න තමයි මෙහි දිගු තේරුම. ඒ අනුව පෙරේරා යනු වීතරාගී, එහෙමත් නැත්නම් "නිර්වාණය කරා ගමන් කරන්නා"යි.
3. ප්‍රනාන්දු
මෙය "ප්‍රාණ + රැන්දූ" යන පදවලින් සැදුණු නමක්. එනම් සරලව ගත්තොත් අනෙක් ප්‍රාණීන්ගේ පණ බේරන යන අර්ථය තමයි මෙයින් නිරූපණය වෙන්නේ. ඒ අනුව "ප්‍රනාන්දු" යනු "අභය දානය ලබා දෙන්නා"යි.
4. ෆ්‍රැන්සිස්
ප්‍රනාන්දු ට තරමක් සමාන මේ නම ගොඩනැගෙන්නේ "ප්‍රාණ + සිස්" ලෙසයි. එනම් ජීවිතයේ හිස්බව වටහාගත් තැනැත්තා ෆ්‍රැන්සිස් නම් වේ.
5. සොයිසා
මේක තරමක් ඍජුඉදිරි (ස්ට්‍රේට් ෆෝවඩ්) නොවන නමක්. මේ නම ගොඩනැගෙන්නේ "සොයා + සාගරය" විදිහට. නමුත් මෙතන සාගරය යන්නෙන් නිරූපණය කරන්නේ සංසාර සාගරයයි. ඒ අනුව "සංසාර සාගරය තරණය කරන්නා" සොයිසා ලෙස හැඳින්වෙනවා.
6. රුබේරු
මේක සාපේක්ෂව සරල තේරුමක් ඇති නමක්. "රු + බේරු" යන්නෙන් තමයි මේ නම ගොඩනැගෙන්නේ. එනම් දිගු විදිහට ගත්තොත් රූපයෙන් බේරුනු යන්නයි. ඒ අනුව "ලෞකික සැපයෙන් මිදුනු" යන අරුත ඇති "රුබේරු", ලෝකෝත්තර යන්නට සමාන වචනයක්.
7. සුවාරිස්
මේ නම බිඳී ඇවිත් තියෙන්නෙ "සුව + අරි" යන්නෙන්. ඒ නිසා සරලව ගත්තොත් "ආර්ය සුවය ලබාදෙන්නා"ට යොදන්න පුලුවන් තවත් නමක් තමයි සුවාරිස් කියන්නේ.
ප.ලි.- මේ සටහනේ අඩංගු කරුණු සැබෑ නොවන බව සලකන්න
ප.ලි.- මේ සටහනේ අඩංගු කරුණු සැබෑ නොවන බව සලකන්න