අඹ යාලුවෝ

Friday, April 13, 2012

කැම්පස් ලයිෆ් - රැග් එකේ අරමුණු


 අද මම ලියන්න යන්නේ මේ දවස්වල ලියන කැම්පස් ලයිෆ් සීරීස් එකේ ප්‍රධාන කතා මාලාවට පිටින් යන ලිපියක්. මොකද මේ ලිපිය ලියන්න සුදුසුම අවස්ථාව මේක බවයි මගේ හැඟීම. ඒ වගේම කියන්න කැමතියි තවමත් මට ලියන්න බැරිවුණ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස කැම්පස් ලයිෆ් සීරීස් එකේ අවසානයත් එක්ක ලියන බව.

අපි පොඩි කාලෙ ඉඳන් අහපු සහ පසුකාලීන දැකපු, අත්විඳපු දෙයක් තමයි විශ්ව විද්‍යාල වල නවක වදය කියන්නේ. ගොඩක් දෙනෙක් මේ නවක වදය, එහෙමත් නැත්තං රැග් එක නරකයි කියලා කිව්වත් ඒ අතරේ රැග් එක හොඳයි කියන කට්ටියත් ඉන්නවා. බ්ලොග් අවකාශෙ වුණත් රැග් එක ගැන විවිධ මත දරන කට්ටිය ඉන්නවා. ඉතිං අද මම කියන්න යන්නේ රැග් එකේ අරමුණු ගැන මගේ පුද්ගලික මතය. මගේ මතයට එකඟ අය වගේම විරුද්ධ අයත් ඉන්න පුලුවන්. ඉතිං ඒ හැමෝටම පුලුවන් තමන්ගෙ මතය නාමිකව බැරිනම් නිර්නාමිකව කොමෙන්ටුවක් විදිහට ලිපිය යටින් පල කරන්න.

 රැග් එකේ අරමුණු

මුලින්ම කියන්න ඕනේ කැම්පස් රැග් එක කියන එක බොහොම විකසනය වෙච්ච, කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙන සංසිද්දියක්. ඒ හින්දා විවිධ කැම්පස් වල රැග් එක පදනම් වෙලා තියෙන්නේ විවිධ අරමුණු මත. මම මේ ගැන කතා කරද්දි උදාහරණ විදිහට ගන්නේ මම හොඳින්ම දන්න කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයයි.

රැග් එකේ මූලිකම අරමුණු මේ ආයතන දෙකටම පොදුයි. කැම්පස් එකෙන් එළියේ ඉන්න බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ රැග් එක කියන්නේ එක්තරා දේශපාලන පක්ෂයකට සාමාජිකය සාමාජිකාවන් බඳවගන්න කරන ව්‍යායාමයක එක කොටසක් කියලා. ඒත් ඇත්තටම රැග් එකේ මූලිකම අරමුණු ලෙස මම දකින්නේ මේ හේතුව නොවෙන වෙනත් හේතු හතරක්.

1) බැච් එකේ පොරක් වීම

තමන්ගෙ බැච් එකේ පොරක් වෙන්න සාමාන්‍යයෙන් කොල්ලො ගොඩක් දෙනෙක් කැමතියි. මේක සාමාන්‍ය සංසිද්දයක්. මොකද කණ්ඩායම් වශයෙන් බොහෝ පිරිසක් කල් ගෙවන ඕනම තැනක (කැම්පස් හෝ වෙනත්) තීරණ ගන්න බලය පැවරෙන්නේ, අනිත් අය ඇහුම්කන් දෙන්නේ එක්තරා සුලු පිරිසකට. ඉතිං මේ සුලු පිරිස, එහෙමත් නැත්තං “පොරවල්“ තමයි බැච් එකේ ප්‍රභලයෝ වෙන්නේ.

ඉතිං රැග් සීසන් එකේදි තමයි බැච් එකේ පොරවල් වශයෙන් හිටපු අයට තමන්ගේ ස්ථානය තහවුරු කරගන්නත්, මෙච්චරකල් පොරවල් නොවී උන්නු අයට අලුතින් පොරවල් වෙන්නත් පුලුවන් වෙන්නේ. මේ පොරත්වය හේතු වෙනවා මම කතා කරන තුන්වෙනි අරමුණ ලේසියෙන් ළඟා කරගන්නත්. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නන්න බැච් මීටින් කියලා එක එක දේවල් කොච්චර තිබුනත් අන්තිමේදී ක්‍රියාත්මක වෙන්නේ ඔය කියන පොරවල් වලට අවශ්‍ය දේවල් තමයි. ඉතිං රැග් එකේදි පොරක් වෙලා පෙන්නුවොත් කල්ල මරේ. ඒ වගේම කලින් පොරවල් වෙලා ඉඳලා රැග් සීසන් එකේදි චාටර් වෙච්ච ඩයලුත් අපි අතරේ ඉඳලා තියෙනවා.

2) නවක බැච් එක යටත් කර ගැනීම සහ හඳුනාගැනීම

මේ තවත් ප්‍රධාන හේතුවක්. අලුත් බැච් එකක් කැම්පස් එකට එන්නේ විශ්ව විද්‍යාල පරිසරය ගැන කිසිම අත්දැකීමක් නැතුව. ඒ අයට ආපු අලුතම කැම්පස් එක නුහුරුයි, නුපුරුදුයි. ඒ වගේම තමන්ගෙ බැච් එකේ අනිත් කට්ටියත් එක්ක හරියට සෙට් වෙලත් නෑ. කට්ටිය බය වෙලා ඉන්නේ. ඉතිං මේක තමයි අලුත් බැච් එක යටත් කරගන්න වෙලාව. නැත්තං වෙන්නේ අලුත් බැච් එකේ කට්ටිය එකට සෙට් වෙලා තමන්ව ගනන් ගන්නැතුව ස්වාධීනව කටයුතු කිරීම. එතකොට සීනියර් බැච් එකක් විදිහට තමන්ගෙ බල පරාක්‍රමය කැම්පස් එක පුරා පතුරවන්න බෑ වගේම තමන්ට කරන්න පැවරිලා තියෙන වැඩ කටයුතු වලට ජූනියර්ස්ලාගේ සහයෝගය ලබා ගන්නත් අමාරුයි.

ඒ වගේම ජූනියර් බැච් එකේ තමන්ට තර්ජනයක් වෙන ආකාරයේ ළමයි හඳුනාගැනීම, ඒ අය ගැන පුද්ගලිකව අවධානය යොමු කරලා අනිත් ළමයින්ගේ තත්ත්වයට ගන්න උත්සාහ කිරීම, එහෙමත් බැරිනම් ඒ අයව කොන් කරලා බැච් එකෙන් ඉවත් කිරීමත් මේ කාරණයටම අයිතියි. උදාහරණයක් විදිහට පේරාදෙනියේ අල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කොළඹ (වසර කීපයකට පෙර) හොස්ටල් සිසුන් නම් කරන්න පුලුවන්.

3) පෙම්වතියක් ලබා ගැනීම

පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දිත් ගොඩක් කැම්පස් කොල්ලන්ට පෙම්වතියක් නෑ. ඇත්තම කියනවානං කැම්පස් එකට එද්දි ගොඩක් කොල්ලෝ ජීවිතේට ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් පවත්වපු අය නෙවෙයි. (මේ ගැන වෙනම ලිපියක් පසුව ලියන්නම්). ඉතිං රැග් සීසන් එකට එද්දි ගොඩක් කොල්ලො බය වෙලා ඉන්නේ මේක තමයි තමන්ට පෙම්වතියක් ලබාගන්න තියෙන අවසන් අවස්ථාව කියලා. (ඒක එහෙම නෙවෙයි කියලා තේරෙන්නෙ පස්සේ) ඉතිං රැග් එකට සක්‍රියව දායක වෙලා පොරක් වෙලා ගෑනු ළමයෙක් යාලු කරගන්න උත්සාහ කරන එක තමයි මේ අයගේ ක්‍රියාමාර්ගය වෙන්නේ. මේ වැඩේ සමහර වෙලාවට හරිගියත් තවත් සමහර වෙලාවට හරියන්නේ නෑ. මොකද සමහර ගෑනු ළමයි කැමති වෙන්නේ පාඩුවෙ පැත්තකට වෙලා මහන්සියෙන් ඉගෙන ගන්න හදන කොල්ලන්ට.

4) සිතේ තෙරපෙන වෛරය/පීඩනය පහ කරගැනීම සහ පරපීඩක වින්දනයක් ලබාගැනීම.

මේකත් ප්‍රධාන කාරණයක්. මේ ගැන බ්ලොග්අවකාශයේ ඕනෙ තරම් ලිපි ලියවිලා ඇති නිසා මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ. කොහොම වුණත් සමහරු බලාගෙන ඉන්නේ තමන්ගෙ හිතේ තියෙන සමාජීය වෛරය රැග් එක පිටින් යවාගන්න.

ගොඩක් කට්ටිය රැග් එක ගැන අදහස් දක්වන්නේ කැම්පස් වලදී ගම් වලින් එන අහිංසක ළමයින්ට වද දෙනවයි කියලා. ඒත් ඒ අයට නොපෙනෙන දේ තමයි ඒ ළමයින්ට රැග් එක දෙන්නෙත් ගම් වලින් ආපු අහිංසක ළමයින්මයි කියන එක. මොකද ගොඩක් වෙලාවට කොළඹ හරි නුවර හරි ජනප්‍රිය පාසල් වලින් කැම්පස් එකට ආපු ළමයි රැග් එකට වැඩිය සහභාගි වෙන්නේ නෑ. සහභාගි වෙන අවස්ථා කලාතුරකින් තිබුනත් බොහෝ අවස්ථාවල ඒ අය ඉන්නේ රැග් එකට සක්‍රිය දායකත්වයක් නැතුව. හැබැයි කොළඹ විශ්ව විද්‍යාලයේ රැග් වලදී දකුණු පළාතේ පාසල් වලින් ආපු ළමයි ඉස්කෝල භේදයක් නැතුව රැග් එකට දායක වෙන අන්දම මම අවුරුදු කීපයක් තිස්සේ නිරීක්ෂණය කරලා තියෙනවා.

කැම්පස් එකට අලුතින් එන සිසුන් කොළඹ ඉස්කෝලෙකින් එන අයනම් ලැබෙන රැග් එක ඉතාම වැඩියි. ඒකත් බෞද්ධ කියලා හඳුන්වන පාසලකින් නෙවෙයිනම් රැග් එක තව තවත් වැඩි වෙනවා. පේරාදෙණියේ තියා කොළඹ පාසල් වල සිසුන්ගෙන් පිරී තියෙන කොළඹ විශ්ව විද්‍යාලයෙත් තත්ත්වය ඕකයි.

ඊට අමතරව අදාල සිසුවා/සිසුවිය හදාරණ උපාධියත් වසර කිපයකට කලින් කොළඹදී රැග් එක කෙරෙහි ගොඩක් බලපෑවා. උදාහරණයක් විදිහට අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව හදාරන්න කොළඹ ආපු සිසුන් අනිත් සිසුන්ට සාපේක්ෂව බොහොම නරක විදිහට රැග් එක අත්වින්දා. හැබැයි දැන්නම් ඒ තත්ත්වය නැති වෙලා ගිහින් තියෙන්නේ. මේ කාරණය සම්බන්ධයෙන් පේරාදෙණියේ තත්ත්වය ගැනනම් මම දන්නේ නෑ.

************************************************************************

ඉතිං ඉහතින් මම කිව්වේ හැම කැම්පස් එකටම පොදු රැග් එකේ මූලික අරමුණු ගැන. ඊට අමතරව එක එක කැම්පස් එකට සුවිශේෂ වූ වෙනත් අරමුණුත් රැග් එක කෙරෙහි තියෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පාලනය වෙන පේරාදෙණියේ රැග් එක දේශපාලන අරමුණු වලින් තොරයි කියලා කියන්න පුලුවන් කාටද? හැබැයි පේරාදෙණියේ විද්‍යා විශයයන් සහිත පීඨ වල (වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, විද්‍යා, කෘෂී ආදී) බහුතර සිසුන් අදාල දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති වලට එකඟ නෑ. ඒත් අන්තිමේදී ඒ අයත් අයිති වෙන්නේ අදාල දේශපාලන පක්ෂය මගින් පාලනය වෙන ශිෂ්‍ය සංගමයට.

කොළඹ සයන්ස් රැග් එකටනං කිසිම දේශපාලන අරමුණක් නැති බවයි අවුරුදු ගණනක අත්දැකීම් වලින් කියන්න පුලුවන්. ඒ වගේම කොළඹ රැග් එක පේරාදෙනියේ වගේ දුෂ්කර රැග් එකකුත් නෙවෙයි. මේ රැග් දෙකේ තත්ත්වය සංසන්දනය කරන ලිපියක් ලියන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. 

ඔය මොන දේ වුණත් රැග් එකට ආදරය කරන්නෙත් රැග් එකෙන් පීඩාවට පත් වෙන බවට සමාජය විසින් කියන විශ්ව විද්‍යාල සිසුන්මයි. රැග් එක මෙච්චර හොඳ නැත්තං බහුතර විශ්ව විද්‍යාල සිසු සිසුවියන් රැග් එකට කැමති ඇයි? මේ ගැන තවත් ලිපියක් බලාපොරොත්තු වන්න.

“රැග් එක හොඳද නරකද?“

ප.ලි - බ්ලොග් ගඩොල් කියවන නොකියවන ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

53 comments:

  1. රැග් එක ගැන මට හිතෙන්නේ (හේතුව) ඔබ කියන කරනා වලින් 4 වෙනි එක තමා මුලිකම හේතුව. පේරාදෙණියේ අල වෙන අයගෙන් වැඩි දෙන නේවාසික පහසුකම නොලැබෙන අවට පදිංචි පිරිස , එහම නැතිනම් එළියේ කාමරයක් අරගෙන ඉන්න පුළුවන් පිරිස. නේවාසිකාගාර වල ඉන්න පිරිසට රැග් නොවී රැදෙන්න බැහැ, ඉතින් තමන් කාපු වදේඊළඟ වසරේ අයට දීල හිත සනසා ගන්නවා වෙන්න ඕනේ , අලුතින් එන ළමුන්ට රැග් එක නොදුන්නොත් ඊළඟ වසරේ ඉඳලා රැග් එක නතර වෙඉ . අනික කැම්පස් නොයා AL කරලා කෙලින්ම රැකියා වලට යන පිරිස සමාජයේ හැසිරෙන්න දන්නේ නැද්ද , මම හිතන විදිහට රැග් වෙලා උපාදිය අරගෙන රජයේ රැකියා කරන පිරිසට වඩා රැග් නොවුණු කැම්පස් නොගිය පිරිස ළඟ මහත්මා ගති තියෙනවා , රැග් එක නිසා රජයෙන් දීල තියෙන අවම පහසුකම් ටිකවත් බුක්ති විදින්නට නොලැබෙන පිරිස කොපමණද , මම දන්නවා කීප දෙනෙක්ම රැග් වෙන්න අකමැති නිසා තමන්ට ලැබුන හොස්ටල් පහසුකම්වත් නොගෙන අමාරුවෙන් ගෙවල්වලින් මුදල් ඉල්ලාගෙන එළියේ නතර වෙලා ඉන්නවා . මේගැන ලියන්න ගියොත් දිග වැඩි නිසා ............................... නතර කරමි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට ලියන්න අමතක වෙච්ච කාරණයක්

      Delete
  2. ඉතාම හොද ලිපියක්. ඔය කරුණු සියල්ලටම එකඟ වෙනවා. මම කොළඹ බෞද්ධ නොවන පාසලකින් කැම්පස් ගියේ, මෙකෙ හිටිය සීනියර්ස්ල මගේ දිහා බැලුවේ නොකළ යුතු යමක් කළ එකෙක් විදියට. එදා සිට මාව විශාල මානසික වදයකට යටත් කරන්න හැදුවා. නමුත් සියල්ලටම මුහුණ දීලා කිසිම ප්‍රශ්නයක් නොවෙන්න මම සිටියා. ඔබ මේ කරුණු දැක්වූ ආකාරය 100% නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වෙද මහත්තයා. මොකද්ද හැබෑට ඉස්කෝලෙ?

      Delete
  3. පේරාදෙනියෙ තියන රැග් කියන දේ ෆැකල්ටිය අනුව වෙනස් වෙනව.. ඒත් මට බොහොම වගකීමෙක් කියන්න පුලුවන් දේශපාලන අරමුණු කෙන්ද්‍රගත වුනු රැග් එකක් වෛද්‍ය පිඨයේ දී අප අත් නොවිදිබව.අනික් පීඨ ගැන මා සදහන් කරන්ට යන්නෙ නැත. අප ෆැකල්ටියට පයගහපු මුල්ම දවසේ සින්නන් කිව්වෙ "තොපේ දෙශපාලනය ගේට්ටුව ලග තියල ඇතුලට වරෙල්ල.. ඔය පිට තියන පොලිටික්ස් මේක ඇතුලට ගෙනල්ල මේක කන්න එපා යන්නයි".. වර්තමාන තත්වය ගැන මා කියන්නට දන්නේ නැත.. අපේ කාලය තුලදි නම් කැම්පස් එකේ පොලිටික්ස් ෆැකල්ටිය ඇතුලට ගෙන ඒමට ඉඩතැබුවේ නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් මම දන්නවා. ශාස්ත්‍ර පීඨයේ තමයි සාමාන්‍යෙයන් රැග සහ පොලිටික්ස් තදින්ම තියෙන්නේ. අනිත් ඒවගෙ අඩුයි. බොහොම ස්තුතියි.

      හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අන්තරේ මගින් පාලනය වෙන තාක් ඔබලා සමාජයට කියන්නෙ කොහොමද සම්පූර්ණයෙන් දේශපාලනයෙන් තොරයි කියන එක?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැන් නම් ඒකත් වැඩක් නෑ. අලයෝ වැඩි.. ඉතින් සින්නො කරන්නේ රැග් වෙච්ච වැලයෝ ටික දාල අල නෙලන්න හදන එක.. උන් බයයි අලයෝ නැගිටීවි කියල..

      Delete
    4. දැන් ගොඩක් වෙන්නෙ බාගෙට වාත උන අය ඊලඟ බැච් එක වාත කරන්න පෙරමුණ ගන්න එක. බාගෙට වාත උන අය දන්නෙ හැමදේම බාගෙට තමයි

      ගිරවි

      Delete
  4. හොද ලිපි මාලාවක්. මම අධ්‍යයනය කල විදියට මෙහෙම දෙයක් තියනව. රැග් වෙච්ච සහ කල අය අතර සමහර වෙලාවට තියන ෆිට් එක රැග නැති තැන්වල නෑ. ඒත් රැග් දෙන්න අහවල් කියල සීමාවක් නෑනේ. අන්න එතනයි ගැටළුව තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රැග් කරපු සහ වෙච්ච අය අතර ෆිට් එකට හේතුව stockholm syndrome වෙන්න බැරිද.

      http://en.wikipedia.org/wiki/Stockholm_syndrome

      Delete
  5. අම්බානක කා ඇත්තෙමි...අහේතුකව අපමණ දුක් වින්දෙමි.....එම නිසා හොඳාකාරවම මේ ගැන දනිමි...මූලිකම අරමුණ නවකයින් හා ජ්‍යෙෂ්ඨයින් අතර පොඩි Gap එකක් තබා ගැනීම කියලයි මම් දකින්නෙ...ඔය අතරෙ තිබෙන අනිත් කරුණු ඔක්කොම personal agendas තමා..but when u look back...its all amazing....:P...funny isn't it....kind a like it now....coz i did survived it...hee hee.....:P.

    ReplyDelete
    Replies
    1. අඩේ කාලෙකට පස්සේ!!! බොහොම ස්තුතියි මචං. කොහෙද ගිහිං හිටියේ?

      Delete
    2. Absolutely true. Me now like it but when I was ragged by seniors. I thought to escape from that hell and go home

      Delete
  6. හොඳ අවංක ලිපියක් බ්ලොග් ගඩොල්

    නමුත් මොන මොන හේතු වුනත් මම රැග් එකට ආසා නෑ ඒ මගේ පුද්ගලික මතේ

    කැම්පස් පොරක් වීම නෙවෙ වැදගත් වැඩ ලෝකෙට ගිහින් පොරක් වෙන එක .වැඩ ලෝකෙදී මම දන්න විදියට මාත් ඉන්න ප්‍රයිවට් සෙක්ටර් එකේ පොරක් වෙන්න අනුන්ට පීඩා කරලා , අනුන් යටත් කරන් බෑ .අවුරුදු විසි තුනක වගේ ජීවිතේ හොඳම තරුණ කාලේදී එහෙම මනස්ගාත හිතන එක අනාගත්ය තීරණයට බලපානවා . ඒවගෙම තමා ලංකාවේ කැම්පස් ලමයි අතර තියෙන අනික් බැච් එක යටත් කර ගැනීම එයාලා නැතුව මොනවත් දැනගන්න බෑ , සටහන් , සිලබස් , පොත් පත් මේක කැම්පස් ලෝකෙට තරම් නෙවේ . මොකද කැම්පස් එක කියන්නේ ඉන්ටලෙක්චුවල් නිදහස තියෙනේ ඕනෙ තැනක් .ඒත් අවාසනාවට මාත් ඔය දේ අත් විඳලා තියේ ලංකාවෙදී .ෆ්‍රෙශර්ස්ලට නිවැරදි තොරතුරු එක්ක ගයිඩන්ස් අඩුයි මෙහේ එකට පරිපාලනෙත් වග කියන්න ඕනෙ.කැම්පස් ලමයෙක් කියන්නේ යන්ග් ඇඩල්ට් කෙනෙක් පොඩි ලමයෙක් නෙවේ ඉතින් එයාල හැසිරෙන්න ඕනෙත් ඊට හරියන විදියට නමුත් නොවෙන්නෙත් ඒක .

    ReplyDelete
    Replies
    1. කට අරින්න මසුරන් ටිකක් දාන්න :)

      Delete
    2. Guidance දෙන්න staff එකත් උත්සාහ කරන්නෙ නෑ.

      Delete
  7. ලිපියෙ බොහොමයක් දේවල් එක්ක එකඟයි.

    ඒ වුනත් 4 වෙනි හේතුව මම නම් හිතන්නෙ පලවෙනි හේතුවලින් එකක් වෙන්න ඕනෙ.

    උඹම කියල තියෙන විදියට කොළඹ උන් වැඩිය රැග් එකට දායක් වෙන්නෙ නෑ. ගමේ උන් තමා සම්බන්ධ වෙන්නෙ.

    ඇයි මේ? තමන්ගෙ සමාජීය තත්වය කොළඹ ලොකු මිනිස්සුන්ට වඩා පහත් එකක්ය කියල හිතන එක. තමන්ට ඉංග්‍රීසි භාශාව අමරුනම් මේක තදින්ම බලපානවා. රැග් සීසන් එකේ කඩ්ඩ බෑ කියන්න හේතු වෙන්නෙත් මේකම තමා.

    මේ හීනමානය පියවගන්න තමා රැග් කරන්නෙ. තමන්ට වඩා සැප වින්ද, තමන්ට වඩා උසස් සමාජ ස්තරයක ඉන්නව කියල හිතන් ඉන්න මිනිස්සුන්ව පීඩනයට පත් කරලා හිතේ තියෙන කේන්තිය පියව ගන්නවා.

    දරුණුවට රැග් වෙන කොළඹ ළමයින්ට වුනත් ඊළඟ බැච් එකේ රැග් එකට ඒත් සක්‍රීයව දායක වෙන්න හිතෙන්නෙ නැත්තෙ මෙන්න මේ හීනමානය නැති හින්දා.

    ReplyDelete
    Replies
    1. එකඟයි. හැබැයි හැම තැනම එක්සෙප්ෂන්ස් ඉන්නවා කියන එකත් මතක් කරන්න කැමතියි.

      Delete
    2. කොළඹ සයන්ස් එකේ රැග් කරන අය අතරෙ කොළඹ උන් නැහැ කියනව නං අමු බොරුවක්. මමත් කොළඹ සයන්ස් එකේ. කොළඹ අය යසටවත් බැහැලම රැග් කරනව. ඒ අනිත් අයට වඩා අඩුවෙන් නෙවෙයි.

      Delete
  8. සම්පූර්ණයෙන් ඇත්ත..හොඳ කාලින මාතෘකාවක්. හොඳ පොස්ට් එකක්... හැබැයි අපේ බැච් එකට රැග් එක ටිකක් වෙනස් විදියට වුනේ කිව්වොත් මන් හිතන්නේ මන් කියන්නේ බොරු නෙමේ :)

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේම තමයි ඔයාලගෙ බැච් එක තමයි තමන් රැග් නොවී ජූනියර්ස්ලාව රැග් කළේ :D

      Delete
    2. රැග් නොවුන කියන එක නම් අමූලික බොරුවක්. අඩු කාලෙකදී වැඩියෙන් රැග් උනා කිව්වොත් හරි. අනික රජයත් එක්ක තිබ්බ තරහත් අපේ පිටින් නේ යැව්වේ. හැම බැච් එකේම අසහන කාරයෝ ඉන්නවනනේ. එකට මං මොකෝ කරන්නේ ? අනික කැම්පස් එකේ ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන්නේ කොල්ලෝ අතින් ( රැග් , යුනියන්, ගෑනුන්ට දාන නීති ). ඒක නිසා අපි මේවට කතා කරලා වැඩක් නෑනේ. :)

      Delete
    3. And for the record there were student/students who skipped one batch because of the different sort of rag we had, I know its different coz it was not the same thing as my sister told me... I'm not saying rag is good or bad but it certainly effects different people in different ways because each of us have a different state of mentality and different levels mental abilities, to withstand pressure, stress and fear...

      Delete
    4. Shenya, ඔයගොල්ලො හරියට රැග් නෙවුනු නිසයි එහෙම කියන්නෙ. කොළඹ විද්‍යා පීඨෙ හරි විදිහට රැග් වීම ඔයගොල්ලන්ට ලැබුණ එකට වඩා වෙනස්.

      Delete
    5. ඔව්, පිලිගන්නවා. :)
      But my second comment still stands.

      Delete
  9. danaganna kamathi rag ekedi eka daraganna baruwa gedara yana aya innawada??? peradeniye rag eka kellekta daraganna puluwanida??? rag nathi campus ekak kohoma weida??? rag ekakin kellekuta thiyena balapama mona wageda??? plz answer...

    those r questions from a girl who entered to a campus, where there are no rags. but still she z capable enough of getting in to the university of peradeniya. now she z woryng as she did not applyed to campus.

    ReplyDelete
    Replies
    1. This is a complex matter as I'm not aware of the Course she can attend to and the course she has presently enrolled in. So contact me via Facebook with all the details and I'll be able to give u a suggestion.

      http://www.facebook.com/profile.php?id=100001156986448

      Delete
    2. 1) ow
      2) Amaruyi, eth godak ayata puluwan
      3) Rag nathi unoth Moratuwa wage wei
      4) Samanya kenekta nam podi manasika pasubamak. wenas wenna puluwan

      Delete
  10. එක එක තැන් වලට එක එක විදියට විකාශනය වෙච්චි දෙයක් ඕක.මටත් ලියන්න ඕනි කම තිබුනත් නිකං ඇදගන නාන්න ඕනි නැති හන්දා නිකං ඉන්නවා...හැබැයි ඔතන දක්වලා තියන අරමුනු වලට වඩා ටිකක් ධනාත්මක පැත්තට බර අරමුනුත් ඕකෙ තියනවා කියලා මට දැනිලා තියනවා......

    ReplyDelete
  11. මමත් ඔය ලිපියේ අන්තර්ගතයට එකඟයි. ටෙක් එකක ‍රැග් එකක් ගැන මම ලියපු ලිපියයි ප්‍රතිචාරයි පූස්ලා බැලුවද? "‍රැග දෙන්නට ගොස් ඇනගත් දවසක්"
    නතිනම් මෙන්න ලින්ක් එක.
    http://matahithenahatty.wordpress.com/2012/03/23/%e2%80%8d%e0%b6%bb%e0%b7%90%e0%b6%9c-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%9c%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%b1-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%80/

    henryblogwalker the Dude

    ReplyDelete
  12. බ්ලොග් ගඩොල්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  13. ගඩොල් පූසන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  14. මේ ලිපිය මම කියවනකොට එක කෙමෙන්ට් එකක්වත් වැටිල තිබුනෙ නෑ.. ඒවෙලාවේ කමෙන්ට් එකක් දාන්න හිතුනෙත් නෑ මට.මොකද මුල ඉඳන් අගට සිද්ධි පෙලක් මතක් උන එක විතරයි උනේ මට මේ පෝස්ට් එක කියවද්දී.

    මේ සම්බන්ධව මොකුත් කියන්න හිතෙන්නෙ නෑ බන්

    ReplyDelete
  15. රැග් එක ගැන මේ කියලා තියෙන ගොඩක් දේවල් වලට මාත් එකගයි. විශේෂයෙන්ම කොළඹ විශ්ව විද්යා ලයේ විද්යා පීඨයේ රැග් එක අනිත් ඒවාට වඩා ගොඩක් හොදයි කියන එක මාත් පිළිගන්නවා...:)))

    ReplyDelete
  16. engineering faculty walath (moratuwa,pera wage) rag eka thiyanawada?

    ReplyDelete
    Replies
    1. moratuwe rag na

      Delete
    2. kauda kiyanne??

      Delete
    3. Moratuwe inna one ekekgen ahapan. Moratuwa MPR athulenam rag ne. athdutuwayi prathyakshayi.

      Delete
    4. මම ඔය ඈන්ටි රෑග් එක නිස බෑට කෑව ලමයෙක්.නමුත් කියන්න ඕනි මාත් එක්ක හිටපු සමහර ඈන්ටි රෑග් අයට නම් එහෙම වුනේ නෑති බව.ඒ නිසා කරන ඕනි දෙයක් හොන්දට හිතලා බලලා කරන්න.නෑත්නම් මට වගේ ජීවිතේ හොදම කෑම්පස් කාලේ එපාවීමෙන්ම ගෙවන්න වෙයි .මම ඔය රෑග් කරන අයගෙන් ඉල්ලන්නෙ ඕක කරන්න එපා කියල තමා.මොකද එතකොට ඔය රෑග් ,ඈන්ටි රෑග් බෙදිල්ලක් නෑ.හෑමෝටම එකට ඉන්න පුලුවන්.මම කවදාවත් රෑග් එකවත් ඈන්ටි රෑග් එකවත් හොදයි කියන්නෙ නෑ.කියන්නෙ හෑමොගෙම මනුස්ස කම් තියෙනකල් ඕනෙම තෑනක් ලස්සනයි.රෑග් පෑත්තෙ හිටියා අපේ කට්ටියට වඩා මනුස්ස කම් තියෙන ලමයි.අපෙත් හොද අයයි නරක අයයි හෑමොම හිටිය.කොතනත් ඔහොමයි.එත් මතක තියා ගන්න ඕනි අපි කෑම්පස් යද්දි අපිව රෑග් හරි ඈන්ටි රෑග් හරි දාගන්න දගලන සිනියර්ස්ලයි යාලුවො වගෙ ඉන්න අයයි අන්තිමට අපිට කෙල වුනාම නෑ.එතකොට අපිට අපි විතරයි.කිසිම පෑත්තක් කියන තරම් ලස්සන නෑ.මේ කියපු ටික කාට හරි වෑදගත් නම් එච්චරයි.කියන්න ඕනි මේක ලිව්වෙ කිසිම පෑත්තක් අරන් නෙවෙයි.කවද හරි මේවා නෑති කෑම්පස් ඈති වෙනව නම් තම ගොඩක්ම හොද.එතකොට අපිට වගේ කට්ටක් කන්න කාටවත් වෙන එකක් නෑ.

      Delete
    5. ඇනෝ, කියන්නකෝ ඔයා අල උනාට පස්සේ මොකද්ද උනේ කියලත්. එතකොට ඔයා කියන කතාව ගැන හිතන්න පුළුවන්. නැතුව නිකම්ම අල වෙන්න එපා හොදි වෙන්න එපා කියා කියා ගියාම එකේ කිසිම තේරුමක් නෑ.

      Delete
  17. මේ ගැන මමත් කලින් දවසක කතා කළා මතකයි. එත් මේ තරම් විස්තර ඇතුව නෙවෙයි. මේ තියෙන්නේ ඒ ලිපිය
    http://xandaraya.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  18. මම පේරාදෙණියේ දන්ත වෛද්ය පීඨයේ
    ඉස්කෝලේ කුරැදුවත්තඒඒ ව‍ිා‍ෙිා‍ෙ හහිටාි‍ො‍ෙ ා‍
    හිටියෙත් නේවාසිකා‍ගාරෙම තමයි
    මට රැග් එක අමුතු දෙයක් වුනේ නෑ. රැග් නොවුනු අලයො (පේරා දෙණිපේරාදෙනි අර්ථයෙන් ) ටික දෙනෙක් හිටිය තමයි හැබැයි රැග් වුනා කියලා මිනිස්සු හැදුනෙ නෑ. තිබුනු පාදඩ ගති රැග් එකෙන් පස්සෙ මතු වුනා. වැඩියෙන්ම රැග් වුනු විප්ලව කාරයො වෙන්න උත්සාහ කරපු මිනිස්සුයි ජාතියේ උරුමය රකින්න ගියමිනිස්සුයි තමයි වැඩියෙන්ම පාදඩකං කරේ. ගම් වලින් ආපු හුග දෙනෙකුට අපේ පාසැල විෂ වුනේ ඔවුන්ගෙ හීන මානය නිසා මිසන් කොළඔ පාසැල් වල ලමුනගෙ නරක ගති නිසා නොවේ. අවංකව කියනවනම් කොළඔ 7 ළමයිගෙ බබොහෝ හොද ගති ගුණ කැම්පස් එකට ආව ගමේ ලමයි ලග තිබුනෙ නෑ

    ReplyDelete
  19. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

    | අමිල ගුණරත්න

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ සංකල්පය මුලින්ම ඇති වන්නේ 1985 වකවානුවේය. මේ කාලයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සැලසුම් කරන ලදී. නමුත් මෙම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධතාවයක් පැමිණි නිසා එය කෙටි කාලයක් තුලදී පවරාගනු ලැබිය. නැවත වරක් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබඳව උණුසුම් විවාද මේ වන විට ආරම්භ වී තිබේ. සැබවින්ම ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද ?

    රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති උද්ඝෝෂණ වලට මෙම ලියුම්කරුද එකල සක්‍රියව සහභාගී වී තිබේ. එදා අප සමග උරෙන් උර ගැටී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව සටන් කල සිසු නායකයන් අද වෛද්‍ය , ඉංජිනේරු , ගණකාධිකාරී වැනි වෘත්තින් වල මෙන්ම රාජ්‍ය අංශයේ විධායකයන් ලෙසටද සේවයේ නියැලී සිටිති. ඔවුන්ගේ අරමුණු එදා මෙන් නොවේ. ඔවුන්ගෙන් බහුතරය මුදල් ඉපයීමට පමණක් අද මුල් තැන දී තිබීම පහසුවෙන්ම දැකිය හැකි කරුණකි. එසේම එදා නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන ගිය අය සමහරු අද ආණ්ඩුවට ගොට්ට අල්ලා ජීවිතය සරු කර ගෙන ජිවත් වෙති. රැඩිකල් මාර්ග වල ගිය සමහරෙක් එන් ජී ඕ වලට හේත්තු වී මුදල් හොරාකමින් සිටිති.

    එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කල වෛද්‍යවරුන් ගෙන් 99 % පාහේ අද කිසිම කැතක් නැතිව රෝගීන්ව හුරාගෙන කති. එදා රෝගීන් ගේ අයිතිවාසිකම් ගැන කියූ කථා ඔවුන්ගේ වර්තමාන භාවිතයේ නැත. මෙහිදී සුවිසේෂි චරිත දෙකක් ගැන මතකයට නැගේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති විරෝධතාවයේදී ජිවිතය ද අහිමි වූ එක සිසු නායකයෙකුගේ සොහොයුරා අද සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. මෙම සොහොයුරන් දෙදෙනාම ලංකාවේ දුෂ්කර පළාතකින් දිස්ත්‍රික් කොට ක්‍රමයට කොළඹ වෛද්‍ය පීඨයට පැමිණි අතර නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයේ දීමට වරම් ලැබුණු අය වුහ. සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රිමා විතාන මරා දැමු කාලයේදීම ඝාතකයන්ට බිළි විය. ජීවිතය බේරාගත් සහෝදරයා අද පෞද්ගලික රෝහල් වල වැඩිපුරම ගැවසෙන අතර සාමාන්‍ය ශල්‍යකර්මයකට රෝගියෙකුගෙන් රුපියල් 80,000 සිට 150, 000 දක්වා මුදලක් අය කරයි.

    ReplyDelete
  20. එදා සක්‍රිය සිසු උද්ඝෝෂකයන් අද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ ළමුන් අන්තර්ජාතික පාසල් වල හෝ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති. අද නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන , විරෝධතා පුවරු එල්ලගෙන , ගිරිය යටින් සටන් පාඨ කියන විශ්ව විද්‍යාල සිසුන් දුටු විට මෙම ලියුම්කරුට මෙවැනිම ආකාරයට හැසුරුණු අතීත සටන් සගයන් මතක් වේ. නමුත් ඔවුන් කෙරෙහි කිසිදු තරහක් හිතේ නැත. එය ඇතැම් විට ලෝක ස්වභාවය විය හැකිය.

    සමාජවාදය තිබු සෝවියට් දේශය , නැගෙනහිර ජර්මනිය අද කඩා වැටී තිබේ. එම නිසා 1985 කාලයේ වලංගු වූ දේශපාලන වාතාවරණයක් අද නොපවතියි. ලෝකය වෙනස් වී තිබේ. එදා සමාජවාදය කරේ තබාගෙන ගිය රටවල් අද පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කොට පිටරට වලින් පවා සිසුන් ගෙන්වා ගෙන අදායම් ලබති. පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැත්තේ කියුබාව , උතුරු කොරියාව වැනි රටවල් සුලුතරයක පමණි. අධ්‍යාපනික සහ තාක්ෂණ අතින් දියුණු ජාතින් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන අතර ඒවා සහ රාජ්‍ය විශ්ව විද්‍යාල අතර තරඟකාරිත්වයක් ඇති කිරීම මගින් වඩාත් ගුණාත්මක භාවය රඳවා ගනිති. එසේම පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලති.

    ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

    World University Ranking

    Makerere University Uganda 1,177
    University of Khartoum Sudan 1,216
    Kwame Nkrumah University Ghana 1,338
    Addis Ababa University Ethiopia 1,367
    University of Nairobi Kenya. 1,367

    University of Colombo 1,447
    University of Peradeniya 1,909
    University of Moratuwa 2,794
    University of Sri Jayewardenepura 3,078
    University of Kelaniya 4,434

    (World University Ranking 2011 http://www.arwu.org/ )

    ReplyDelete
  21. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇති සිසු ආකර්ෂණය අඩුවී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින දරුණු නවක වදය , මානව හිමිකම් උල්ලංඝනය සහ සංවර්ධිත විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව සිසුන් අතර ඇති අඩු සංස්කෘතික අව උපචය වැනි හේතු කරනා නිසා ඉහල මධ්‍යම පන්තික දරුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබුවද දෙමාපියන් බිය නිසා තම දරුවන්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොඑවති. මෙම දරුවන් බොහෝවිට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රට වලට යති. උසස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට විශාල මුල්‍ය ශක්තියක් නොමැති මධ්‍යම පන්තික දෙමාපියන් ඉඩම් විකුණා හෝ ළමුන් පිටරට යවා උගන්වති. මේ නිසා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පිටරටට ඇදී යති. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීම මගින් වාර්ෂිකව පිටරට ඇදී යන මේ මුදල් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත.

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහීම වෙනුවට එය වඩා වර්ධනය විය හැකි හැකියාව ඉහලය. ලංකාවේ පෞද්ගලික බැංකු ඇති කළ කාලයේ පෞද්ගලික බැංකු නිසා රාජ්‍ය බැංකු කඩා වැටෙනු ඇති බවට සමහරු බිය පළ කළහ. නමුත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අන්‍යොන්‍ය තරඟකාරිත්වයකට යොමු වීම මගින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් ලැබුණි. පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ නම් (මෙහිදී පුද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර, පුද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වන පාඨමාලා සහ විෂ‍ය නිර්දේශයන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ කොමිෂන් සභාවක් යටතේ පාලනය කල යුතු බව නිර්දේශ කරමු) එමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තරඟකාරීත්වයක් ඇති කිරීම හැකි වන අතර නේපාලයේ මනිපාල් විශ්ව විද්‍යාලය වැනි ගුණාත්මක විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් විදේශීය සිසුන් මෙරටට ආකර්ශනය කර ගනු හැකි වනු ඇත. එමගින් විදේශ විනිමය උත්පාදනයටද මග පෑදේ.

    ReplyDelete
  22. නමුත් ලංකාවේ රාජ්‍ය අංශ වලින් පිට කෙරෙන උපාධිධාරීන්ගෙන් බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. ඒ මන්ද යත් පුද්ගලික අංශය වෙත ගොස් පෙන්වීමට ඔහු තුල කුසලතා නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි බස හැසිරීමට බැරිය, අන්තර් පුද්ගල සනිවේදනය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන නැත. සන්නිවේදනය වෙනුවට උගන්වා තිබෙන්නේ පොලු හරඹ වලින් ඔලු පැලීමටය. පරිගණක හැකියාව බොහෝ දෙනෙකුට නැත. දන්නේ පෝස්ටර් ඇලවීමට සහ කැට හෙල්ලීමට පමණි. ඔවුන්ට තම උපාධිය ප්‍රයෝගික ලෙස භාවිතා කිරීමට නොහැක. දැනුම යල් පැන ගිය හෝ ලැබී ඇත්තේ වර්තමාන ලෝකයට අදාල නොවන දැනුමකි. මෙය අපගේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල යථාර්තයි. මේ නිසා අවම වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මෙම කාලකන්නි විෂම චක්‍රය බිඳීමට හැකි වේ නම් එය ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන මහඟු උපකාරයකි.

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම විරුද්ධ වී ඇත්තේ ජවිපෙ බව පෙනී යයි. එහෙත් ජවිපෙ නායකයන් තරම් පුද්ගලික විශ්ව විද්‍යාල වන්දනා කරන පිරිසක් නැති තරම්ය. ජවිපෙ පහළ ස්ථර වල සිටින සාමාජිකයන් නොදන්නා නමුත් ජවිපෙ නායක සෝමවංස අමරසිංහගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ජවිපෙ පුර්ණකාලිකයෙකු වෙමින් තම උසස් පෙළ අධ්‍යාපනය ලැබීම මෙන්ම සිගිරි ගලේ නැගීම අත් හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධව දිවි හිමියෙන් සටන් වැදුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංස තමන්ගේ පුත්‍ර රත්නය යවන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. ජවිපෙ හිටපු සන්නද්ධ නායක කුමාර් ගුණරත්නම් මහත්තයා ගේ ළමුන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යනු ඇත. නමුත් ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන්ට පිට රටකට නොගොස් මෙරට සිට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහනදායක මිලකට අධ්‍යාපනය ලැබීමට මොවුන් විරුද්ධ වෙති. ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.

    ReplyDelete
  23. Pere med fac eke dan rag natha....e madiwata junnonta katha karanne wat na...bt nawaka anurupitha wadasatahane tiunu etha wadagath dewl pawa nati wee yama nisa eya dan kawru kwrut thaman gablna hitha wada karane aya bawata pathwee atha...deshapalanaya galaha handiye tiyala enna kiyala thama api kiyanne..e wagema ape fac eka thama maha sisya sangamaya haraha karana antharaya sambanda wada walata sahabagi nowena ekama fac eka...e gana api ona tharam anit fac walin banum ahalat tiyenawa......

    ReplyDelete
  24. දේශපාලන නවකවදය ගැන කීවට ‍ේරා මඩ කඩේ නම් එහෙම ඒවා නෑ, නවකවදය වධයක් විදිහට දැනෙන්නේ රුග් වෙනකම් විතරයි.... රුග් කිරීමත් අපට කොම්පල්සරි. ඒත් බොහොම සරල වින්දනයක් ලබාදීමට හා එකිනෙකා අතර අන්‍යේන්‍ය අවබෝධය ඇතිකිරීමට, පන්තිභේදය නිසා සිසුන් හුදකලා නොවීමට ගන්නා වෑයමක්. රුග් කරන අයයි වැඩිපුර කට්ටක් කන්නේ කියන එක තේරෙන්නේ ඒක කරන්න ගියාම.. දේශපාලන සංගම්වලින් අවම අපේ අය රුග් කරනකම් එයාලට එයාලගේ දේශනය කරන්න දෙන එක විතරයි, දේශපාලනයට දීපු අනුග්‍රහය.. එකත් එකට පිටුපාන්න බැරිකමට වගේ... අපිට ලැබුන රුග් එකත් වින්දනීයයි.. මතක් වෙන කොට හරීම ජොලි.. ෆිසිකල් එහෙම කොල්ලන්ටවත් දීලා තිබ්බේ නෑ මගේ දැනීමේ හැටියට.... නවකයො අවම දෙන්න වෙන රුග් එක තමන්ට වධයක් නිසා නවකවධය කීම හරි :)

    ReplyDelete
  25. Colombo UCSC eke rag kohomada kiyala kiyanna puluwanda? antirag unot muhuna panna wna getalu monawada?

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???