අඹ යාලුවෝ

Tuesday, April 24, 2012

කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර


පුරුපුරු කැම්පස් එකේදි දැකපු ප්‍රධාන කාරණාවක් තමයි ශ්‍රී ලංකාවෙ කැම්පස් සිස්ටම් එක හැදිලා තියෙන්නෙ කොල්ලන්ට අධ්‍යාපනයෙන් ගොඩ එන්න අමාරු විදිහට කියලා. ඒ කියන්නෙ ඒ ලෙවල් වල ඉඳලා කැම්පස් ඩිග්‍රි එකට යනකං තියෙන පාරෙ ගමන් කරන එක කෙල්ලන්ට වඩා කොල්ලන්ට අමාරු වැඩක්. මොකද කැම්පස් එකේදි කොල්ලෙක් විදිහට තියෙන ඩිස්ට්‍රෑක්ෂන් ප්‍රමාණය කෙල්ලෙක්ට සාපේක්ෂව වැඩියි. ඉතිං අන්තිමට වෙන්නේ කෙල්ලො රොත්ත බුරුත්ත පිටින් ස්පෙෂල් ඩිග්‍රි අරගෙන, ෆස්ට් ක්ලාස් ගහලා එළියට එද්දි බහුතරයක් කොල්ලො තමන්ගෙ හැකියාවට ලැබෙන්න ඕනෙ තැනට වඩා අඩු තැනක් අරගෙන එළියට එන එක.

මේ ප්‍රශ්නෙ මුල ඉඳලා ගත්තොත් කොල්ලෙක්ට කැම්පස් යන වැඩෙත් කෙල්ලෙක්ට සාපේක්ෂව අමාරුයි. ඉස්කෝලෙ මොන දේ තිබුනත් අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ඉතිං ඒ ලෙවල් ටියුෂන් ගිහිල්ලාම ගොඩ දාගන්න නොවැ! ඉතිං අපේ කොල්ලො කෙල්ලො ඔක්කොම කරන්නේ හැම සබ්ජෙක්ට් එකටම ටියුෂන් යන එක. ඒ කියන්නෙ ටියුෂන් පන්තිමයට යෑම සඳහා ගෙදරින් එළියට බහින එක. ඒත් මේ එක්කොම ළමයි ඇත්තටම ක්ලාස් එකට යනවාද? මේක හරියටම තේරුම් ගන්න අපි වෙන වෙනම බලන්න ඕනෙ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි ක්ලාස් නොගිහින් ඉන්න තියෙන හේතු.

අපි කවුරුත් දන්න ප්‍රධාන හේතුව තමයි මේ අය අතරෙ පවතින ලව් හුටපට. සරලව කිව්වොත් ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ බහුතරයක් ළමයි ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නවා. ටික දවසක් ක්ලාස් එකේ සර්ට හොරෙන් හරි, පේන්න හරි කතා කර කර හිටියට වැඩි දවසක් නොගිහින්ම දෙන්නාට ඕනෙ වෙනවා තමන්ට වැඩිපුර පුද්ගලිකත්වයක් ඇති තැන් වලට යන්න. ඉතිං දෙන්නා පටන් ගන්නවා ක්ලාස් කට් කරන වැඩේ. මුලින්ම මල් වතු, ෆිල්ම් හෝල් වලට, ඊටපස්සෙ රූම්ස් වලට එහෙමත් ගිහින් කොහොමහරි ක්ලාස් කට් කරනවා. එතකොට මේ පොයින්ට් එකට එද්දි කොල්ලන්ට සහ කෙල්ලන්ට සමාන මට්ටමින් අධ්‍යාපනය පාඩු වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් පිරිමි පාර්ශ්වයට වැඩි බලපෑමක් වෙන්නෙ කොහොමද?

ක්ලාස් යන කාලෙ ඇතිවෙන ප්‍රේම සම්බන්ධතා වලින් සියට බර තොගයක්ම එෆෙයාර්ස් ඒ ලෙවල් කරන්න කලින්ම නවතිනවා. ඔන්න දැන් තමයි අපේ පිරිමි කස්ටියට සොරි වෙන පොයින්ට් එකට එන්නේ. ඒ කියන්නේ පිරිමි සීරියස් ලව් කරනවා, ගෑනු සීරියස් ලව් කරන්නේ නෑ කියන එකද? නෑ, මගේ පුද්ගලික මතයනං මෙතන තියෙන්නෙ ලව් කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි. බ්‍රේකපය දරා ගැනීමේ හැකියාව. ලව් එකට කෙළවුණාම කොල්ලො කරන්නේ ඒක අමතක කරන්න බොන එක, රස්තියාදු ගහන එක, වෙන වෙන ලිංගිකත්වය මූලික වෙච්ච තාවකාලික සම්බන්ධතා ඇති කරගන්න එක වගේ අධ්‍යාපනයට තව තවත් කෙළ වෙන වැඩ. 

ඒත් කෙල්ලෝ ඊට වඩා වෙනස්. ගොඩක් කෙල්ලො කරන්නේ දවසක් දෙකක් අඬලා ඊට පස්සෙ හිත හදාගන්න එක. අම්මලා තාත්තලා ගැන හිතලා මදි පාඩු වෙච්ච ඒවටත් එක්ක ඉගෙන ගන්න එක. ඒ වගේම ගෑනුන්ගෙ හිතේ තියෙන දරාගැනීමේ ශක්තිය හරිම ඉහළයි. ඉතිං මේ හේතු හින්දා කෙල්ලො අන්තිමට කොහොමහරි එග්සෑම් ගොඩ දාගන්නවා. කොල්ලන්ට එග්සෑම් එකට බැහැලා පාඩම් කරන්න ඕනෙ වෙනකොට කල් ගිහිං වැඩියි. අන්තිමට වෙන්නේ බහුතරයක් කොල්ලන්ව එතනින් හැලිලා යන එක.


ඒ වගේම ලව් එෆයාරුව බිඳුනෙ නැතුව තිබුනත් කොල්ලන්ට හානි වෙන ප්‍රතිශතය වැඩියි. මොකද ලව් කරන කාලෙ කොල්ලො කරන්නෙ ඉස්කෝලෙ වැඩ, ක්ලාස් වල වැඩ වගේම අනිත් හැම වැඩමත් පාඩු කරගෙන ලව්ම කරන එක. කොල්ලන්ට එක පාර වැඩ කටයුතු කීපයක් කරගෙන යන්න අමාරුයි. ඒත් කෙල්ලන්ට සහජ හැකියාවක් තියෙනවා එක පාර වැඩ ගොඩක් කරගෙන යන්න. උදාහරනයක් විදිහට මම දන්න කෙල්ලෙක් ඉන්නවා, එයාට මේ වෙද්දි උපාධි තුනයි. එක උපාධියක ලංකාවෙන්ම පළවෙනි තැන. කොල්ලෙකුත් ඉන්නවා. කැම්පස් එකේ ස්පෝර්ට්ස් දෙකක් කැප්ටන් කළා. ක්ලබ්ස්, සොසයිටීස් වලත් බැහැලා වැඩ කළා. ඒත් මම දන්න කිසිම කොල්ලෙක් මේ වැඩ වලින් බාගයක්වත් එක පාර කළේ නෑ.

ඒ වගේම කොල්ලන්ගේ අධ්‍යාපනයට බාධා වෙන වැඩ තවත් ගොඩක් තියෙනවා. කට්ටිය සෙට් වෙලා බොන්න යන එක, සෙට් වෙලා ෆිල්ම් බලන්න යන එක, සෙල්ලම් කරන එක, දේශපාලන සාකච්චා, සමාජය හදන හැටි, ඔන්න ඔය වගේ අමතර වැඩ, සාකච්ඡා කොල්ලන්ට ගොඩයි. ඒකෙනුත් වෙන්නේ  අධ්‍යාපනයේදී කොල්ලන්ව පසුබෑමට ලක් වෙන එක. මොකද ලංකාවේ අධ්‍යාපනය බොහෝදුරට හැදිලා තියෙන්නේ වැඩියෙන් පාඩම් කරන්න පුලුවන් ළමයින්ට හොඳ ප්‍රථිපල ගන්න පුලුවන් වෙන විදිහට.


කොහොම කොහොමහරි අන්තිම ප්‍රතිඵලය වෙන්නේ හොඳ හැකියාවක් තියෙන ගොඩක් පිරිමි ළමයි කැම්පස් වලට සිලෙක්ට් නොවී මගින් හැලෙන එක. පෞද්ගලික සරසවි වලට පුරුපුරු කැමතිත් ප්‍රධාන වශයෙන්ම ඒ වගේ විවිධ හේතු නිසා රජයේ කැම්පස් වලට යන්න බැරිවෙන ළමයින්ට තමන්ගේ ජීවිතය ගොඩනගාගන්න දෙවෙනි අවස්ථාවක් ලැබෙන හින්දයි. ඒ වගේම කියන්න ඕනෙ මම මෙතනදි මතු කරන්න හදන්නෙ පිරිමි ගෑනුන්ට වඩා දක්ෂයි කියලා එහෙම නෙවෙයි. මගේ මතය අනුවනම් දෙගොල්ලෝම සමානව දක්ෂයි. ඒත් ගෑනු ළමයි දන්නවා පවතින අධ්‍යාපන ක්‍රමය නියමෙටම යුටිලයිස් කරන්නේ කොහොමද කියලා. ඒක ඒ අයගේ දක්ෂතාවය මිසක් දුර්වලකමක් නෙවෙයි.


කැම්පස් එකේ පුරුපුරුලාගෙ බැච් එකේ හිටපු කෙල්ලො බහුතරයකට කැම්පස් එකට එද්දි බෝයි ෆ්‍රෙන්ඩ්ලා හිටියා. කාලයක් යද්දි ඒ අය අතඇරලා කැම්පස් එකෙන් කොල්ලො හොයාගත්ත එක වෙනම කතාවක්. ඒත් කැම්පස් ආපු කොල්ලන්ගෙන් බොහොම සුලු ප්‍රමාණයකට විතරයි කැම්පස් එද්දි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියේ. ඒ කියන්නේ කැම්පස් ආපු බහුතරයක් කොල්ලො ප්‍රේම සම්බන්දතා ගැන අත්දැකීම් තිබුන කට්ටිය නෙවෙයි. බහුතරයක් කෙල්ලො ඒ අත්දැකීම් තිබුන කට්ටිය. එහෙනං ඒ කෙල්ලොත් එක්ක යාලු වෙලා හිටපු කොල්ලන්ට මොකද වුණේ? ඒ කොල්ලන්ගෙන් බහුතරයකට කැම්පස් එන්න බැරිවෙලා තියෙනවා.

මෑතක ඉඳන් මේ ලිපියෙ පෙන්නුව කරුණු කාරනා වැඩි වැඩියෙන් සිද්ද වෙනවයි කියලා තමයි පුරුපුරුටනං හිතෙන්නේ. මොකද කැම්පස් සිසුගහනයේ කාන්තා ප්‍රතිශතය අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙන බව තමයි පූසාට පේන විදිහ. මේ ගැන සංඛ්‍යාලේඛන එක්ක කරුණු දක්වන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං වටිනවා. උදාහරණයක් විදිහට ජෛවීය විද්‍යා උපාධිය ගත්තොත් පුරුපුරුලගේ බැච් එකේ හිටපු ළමයි 120න් 90ක් විතරම ගෑනු ළමයි. මේ ගාන එන්න එන්නම වැඩි වෙන බවක් මිසක් අඩුවෙන බවක් පේන්නේ නෑ. භෞතීය විද්‍යාව වගේ අධික පිරිමි ප්‍රතිශතයක් හිටපු උපාධිවල පවා දැන් දැන් ගැහැනු ප්‍රතිශතය වැඩියි.


පුරුපුරු කාන්තා විරෝධියෙක් නෙවෙයි. ඇත්තටම මේ ලිපිය ලිවීමේ අරමුණත් මෑන්ස්ට පේන සංසිද්දියක් ඔයාලා එක්ක බෙදා හදාගන්න එක විතරයි. ඇත්තටම ඉස්සර කාලයේ විවිධ සංස්කෘතික බැමි වලින් බැඳලා දාලා හිටපු ශ්‍රී ලාංකීය කාන්තාව අධ්‍යාපනය පැත්තෙන් අද ලබාගෙන තියෙන ජයග්‍රහණය වෙනුවෙන් අපි හැමෝම සතුටු වෙන්න ඕනෙ. 

ඇත්තටම මේ ලිපිය ලියන්න ආසන්නම හේතුව වුණෙත් මේ සම්බන්දව පුරුපුරු සහ යාලුවෙක් අතර ඇතිවුණ සංවාදයක්. යාලුවාට අනුවනං වැඩිපුර බුද්ධිය සහ හැකියාව තියෙන්නේ පිරිමින්ට. ගෑනු මේ තැනට ඇවිත් ඉන්නේ කට පාඩම් කරලා විභාග පාස් වෙලා. ඒත් පුරුපුරුනං හිතන්නේ ගෑනුන්ගේ හැකියාවෙන් සහ පිරිමින්ගේ වල බැසීමෙන් තමයි මේ තත්ත්වය උදා වුණේ. ගෑනු ළමයින්ගේ පාඩම් කිරීමේ හැකියාවත් ඒකට සෑහෙන්න බලපාන බව පැහැදිලියි. ඒත් ඉතිං පාඩම් කරලා දෙයක් මතකයේ තියාගන්න පුලුවන් වීමත් කොච්චරනං දෙයක්ද? අනික ඕනෑම විද්‍යාව විශේෂ උපාධියක් හදාරන්න කටපාඩම් හැකියාව විතරක් තිබිලා හරියන්නේ නෑ. ඒත් අද වෙනකොට බහුතරයක් විද්‍යා විශේෂ උපාධිවල වැඩ පෙන්නන්නේ කාන්තාවෝ.

ඉතිං ඔය විදිහට ගිහින් අනාගතයේ ලංකාවේ ලොකු ලොකු තනතුරු දරන බහුතරය කාන්තාවො වුණොත් මොකද වෙන්නේ? ලංකාව හරිම සුන්දර රටක් වෙයි නේද? සිරාවට?


ප.ලි - කැම්පස් එක ඇතුලෙදී කොල්ලන්ගේ අධ්‍යාපනය වල පල්ලට යන හැටි ඊළඟ ලිපියෙන්.


ප.ප.ලි - සයිබර් සිහින උළෙලට ගියෙමි. රස වින්දෙමි. කලින් දැනගෙන උන් ගෝල්ඩ් ෆිෂ්, චමිල ද අල්විස්, ලසිත, රචින්ත, හසී වැනි බ්ලොග්කරුවන්/කාරියන් හමුවුණෙමි. ලිෂාන්, වෙනී, මධුරංග, නවම්, පොඩි මෑන්, පිස්සා, දුකා, අමිල, කල්හාර, පසන්, අහිංසක සිංහයා, ඉටලි ඩිලාන්, රුචා වැනි බ්ලොග්කරුවන් සමග මුල්ම වතාවට කතා කළෙමි. ප්‍රාර්ථනා, සිහින මදාරා, මහී, කින්නරාවි සහ පිණිබිඳු වැනි බ්ලොග්කාරියන් සමඟද කතා කළෙමි. ඉන්ටර්වලයේදී නැවත ඒමට සිදුවිය. සමහරුන්ට කියන්නට වෙලාවක් තිබ්බේද නැත. සමහරු කතා කිරීමට තරම් හොඳ සිහියක සිටියේද නැත. ඒ ගැන සමාවෙන්න. වැඩේ එළකිරිය.

48 comments:

  1. ela ela,, ඔක තමා ඈත්ත. කොල්ලො පිස්සු කෙලලා සෙට් වෙනකොට නෑව ගිහිල්ලා.

    ReplyDelete
  2. පුරු පුරු අදුනා ගන්න ලැබීමත් සතුටක්... අර කෙල්ලන්ගෙ දරාගැනීමේ හැකියාව වැඩි වීම සහ කොල්ලො පිස්සු කෙලීමනං සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. උඹව අඳුනාගන්න ලැබීම මටත් සතුටක් මචං!!! යද්දි උඹව හෙව්වා පේන්න හිටියෙ නෑ

      Delete
    2. ඒ පිටින් පේන දෙයක් වෙන්නත් පුලුවන් පොඩි මෑන් සහොදරයා. . . ඔයාල හිතනවට වඩා ගෑනු ළමයි සියුමැලි වෙන්නත් පුළුවන්. ඒක කවදාවත් සන්සන්දනය කරන්න බෑ මොකද කාටවත් ඒ අවස්ථා දෙකම තමන්ට වුනා සේ විඳින්න බැරි නිසා

      ගිරවි

      Delete
  3. "ඒත් මම දන්න කිසිම කොල්ලෙක් මේ වැඩ වලින් බාගයක්වත් එක පාර කළේ නෑ."

    කොලබ කැම්පස් එකෙන් අවුට් වෙච්ච කුලාන් දන්නවද? මම හිතන්නේ අවුට් උනේ 2005 වගේ. ඔන්න ඔය ජාතියේ පොරක්

    ReplyDelete
    Replies
    1. මම ඒ ලෙවල් කළෙත් ඊට පස්සෙ. බොහොම ස්තුතියි :)

      Delete
    2. උගේ නම කුලාන් අරුණජිත්. කොලමබ විශ්වවිද්‍යාලයේ හිටපු මලල ක්‍රීඩා නායකයා. ශ්‍රී ලංකා කණ්ඩායමේත් සාමාජිකයෙක්. මීටර් 400 කඩුලු පැන දිවීම පාසල් සහ විශ්ව විද්‍යාල වාර්තා උසුලන්නෙක්. කොළඹ විද්‍යා පීඨයේ ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල එක්ක පාස් වෙච්ච එකා. උගේ ඒරෙකෝඩ් එකත් තාම තියෙනවා. ඉස්කෝලේ යන කාලෙම ගෑනු ළමයෙක් එක්ක යාලු වෙලා හිටියේ. ෆැකල්ටියේ තිබුණු සමිති සමාගම් හැම එකේම වගේ බැහැල වැඩ කළා. ඔය බැච් ෆිට් එක කියල පුරු පුරු කියන එක උගේ සංකල්පයක්. ඌට ලංකාවේදී තවත් දිග්රියක් දහ ඩිප්ලෝම දෙක තිබුන. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ආචාර්ය උපාධිය ලඟදි ඉවර කළා. දැන් එහෙ යුනිවර්සිටි එකක අසොශියේට් ප්‍රොෆෙසර් කෙනෙක්. තාමත් එහේ ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ වාර්තා උසුලන කදුළු පන දිවීමේ ශූරයෙක්. මේ සැරේ ඔලිම්පික් තේරීම් තරඟ වලටත් සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ මදිවට දෙදරු පියෙක. ආදරණීය තාත්ත කෙනෙක් සහ සැමියෙක්. ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමයේ නිල තල ධාරියෙක්. හැම වෙසක් එකටම තනියම තොරණක් හදනවා එහේ.

      Delete
    3. is this the one you are telling ? http://www.facebook.com/kulan.ranasinghe

      Delete
  4. හිතන්න ගොඩක් පොයින්ට් දීල තියනවා. එල පෝස්ට් එකක් සහෝ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ!!!

      Delete
  5. Replies
    1. වෙල්කම් සහෝදරී. බොහොම ස්තුතියි.

      Delete
  6. කොල්ලො හරක් වුන එකට මොනා කරන්නද බන්... (*මමත් එක හරකෙක් ;) )

    ReplyDelete
    Replies
    1. හික් හික්!! අපි විහින්මයි හරක් වෙලා තියෙන්නේ

      Delete
  7. මචං ගඩොල් උඹව බක්මහ උළෙලෙදි අඳුර ගන්න ලැබුණු එක සතුටුයි....
    ඔය කාරණාවෙදි කෙල්ලන්ගේ ගිරවා හැකියාව ඇත්තටම වැදගත් කාර්යක් ඉටු කරනවා කැම්පස් වලදි නම්....උදාහරණයක් විදියට මාවම ගත්තොත් මට හැකියාව තියෙන්නේ Application එක්ක වැඩ කරන්න හැබැයි exam ඇනෙනවා ගිරවා දාන්න බැරි හින්දා.....කෙල්ලෝ ඉන්නවා Application වැඩ බෑ හැබැයි ගිරවා දාලා exam ගොඩ දානවා....අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. උඹව අදුරගන්න ලැබීම ගැනත් සතුටුයි මචෝ. තෑන්ක්යූ කිව්වා එහෙනං!!!

      Delete
  8. අම්මප ... සම්පූර්ණ් ඇත්ත කතාව කොලුවො ... හොඳටම එකඟ වෙන්න වෙනවා.
    [අවුරුදු එකේදි මමත් උඹව දැක්කේ නෑනේ බං ... කොහෙද හිටියේ ..අර අමද්‍යප සබාවෙද ...?]
    ඒ පැත්තෙත් මම ගියා නේ අපේ පවනි තරංගා ත් එක්ක ....

    ReplyDelete
    Replies
    1. මට ටිකක් කලින් යන්න වුණා බං. මම ඔය හැම තැනම හිටියා. හැබැයි අනුමත වුණේ හෙම නෑ :-)

      Delete
  9. kathaawa aththa.. mehema wunoth purushaya awalangu kaasiyak wage wenawa lagadima.. denatamath ehema welai thiyenne....

    ReplyDelete
    Replies
    1. හික් හික්!! බලමුකො මොකද වෙන්නෙ කියලා.

      Delete
  10. //ලංකාවේ ලොකු ලොකු තනතුරු දරන බහුතරය කාන්තාවො වුණොත් මොකද වෙන්නේ? ලංකාව හරිම සුන්දර රටක් වෙයි නේද? සිරාවට?//

    සිරාවටම ඔව්. එතකොට අපිත් ආපහු ලංකාවේ පදිංචියට එනවා.:D:D:D

    //ලව් එෆයාරුව බිඳුනෙ නැතුව තිබුනත් කොල්ලන්ට හානි වෙන ප්‍රතිශතය වැඩියි.//
    //ඒ කියන්නේ පිරිමි සීරියස් ලව් කරනවා, //
    //අන්තිම ප්‍රතිඵලය වෙන්නේ හොඳ හැකියාවක් තියෙන ගොඩක් පිරිමි ළමයි කැම්පස් වලට සිලෙක්ට් නොවී මගින් හැලෙන එක.//

    අද නම් ලිපිය කියෙව්වාට පස්සේ, ගොඩාක් හිතන්ට දේවල් තියනවා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට ලංකාවට ඇවිත් ලංකාවටම ගැලපෙන මාධ්‍යෙව්දිනියක් වෙන්න පුලුවන් වෙයි. ඇයි ඉතිං වාක්‍යයක බාගයක් අල්ලගෙන වෙනම කතාවක් ගොතන්න දක්සයි නොවැ!!!

      මේ දේවල් දැක්කෙ නැතැයි? :-)

      //ඒත් පුරුපුරුනං හිතන්නේ ගෑනුන්ගේ හැකියාවෙන් සහ පිරිමින්ගේ වල බැසීමෙන් තමයි මේ තත්ත්වය උදා වුණේ.//

      //ඕනෑම විද්‍යාව විශේෂ උපාධියක් හදාරන්න කටපාඩම් හැකියාව විතරක් තිබිලා හරියන්නේ නෑ. ඒත් අද වෙනකොට බහුතරයක් විද්‍යා විශේෂ උපාධිවල වැඩ පෙන්නන්නේ කාන්තාවෝ.//

      //ඉස්සර කාලයේ විවිධ සංස්කෘතික බැමි වලින් බැඳලා දාලා හිටපු ශ්‍රී ලාංකීය කාන්තාව අධ්‍යාපනය පැත්තෙන් අද ලබාගෙන තියෙන ජයග්‍රහණය වෙනුවෙන් අපි හැමෝම සතුටු වෙන්න ඕනෙ//

      Delete
    2. //මම මෙතනදි මතු කරන්න හදන්නෙ පිරිමි ගෑනුන්ට වඩා දක්ෂයි කියලා එහෙම නෙවෙයි. මගේ මතය අනුවනම් දෙගොල්ලෝම සමානව දක්ෂයි. ඒත් ගෑනු ළමයි දන්නවා පවතින අධ්‍යාපන ක්‍රමය නියමෙටම යුටිලයිස් කරන්නේ කොහොමද කියලා. ඒක ඒ අයගේ දක්ෂතාවය මිසක් දුර්වලකමක් නෙවෙයි.//

      //කෙල්ලන්ට සහජ හැකියාවක් තියෙනවා එක පාර වැඩ ගොඩක් කරගෙන යන්න//

      //ඒ කියන්නේ පිරිමි සීරියස් ලව් කරනවා, ගෑනු සීරියස් ලව් කරන්නේ නෑ කියන එකද? නෑ, මගේ පුද්ගලික මතයනං මෙතන තියෙන්නෙ ලව් කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි//

      Delete
    3. ඒක ගැහනු පිරිමි මොළයන්ගේ ක්‍රියාකරිත්වයේ බළපෑමක්. බොහෝ විට ගැහැණුන්ට වැඩ ගොඩක් එක සැරේ ( නෙට්වර්ක් එකක් විදියට ) හැම වැඩෙම කෝඩිනේට් කරන්න පුළුවන් උනාට පිරිමින්ට එහෙම බෑ. පොඩ්ඩක් අම්මයි තාත්තයි වැඩ කරන හැටි මතක් කරගන්න.

      ගිරවි

      Delete
  11. කැම්පස් එකේ අවුරුදු හතරක් වේලි, වේලී හිටිය එක ගැන දැන් නිදහසට හේතු හොයන ගමන් ලියපු ලිපියක් වගෙයි මට පෙනුනේ!

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකේදි වේලුනාට පේරාදෙනිය පැත්තෙ ගිහින් ඒවටත් එක්ක හොඳට තෙමුනා :-) අනික මම කියන්න උත්සාහ කළේ අධ්‍යාපනය ගැන මිසක් ගොඩයාම ගැන නෙවෙයි කකා.

      Delete
  12. අන්තිම මොහොතේ හරි අපි දෙන්නත් පොඩි පහේ දුවන චැටක් දැම්ම නේව මලේ...ඇත්තට උඹ කියල තියෙන බොහො කරුණු පැරැක්ටිකලි හරියට හරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ!!! ඔයාව අඳුරගත්තෙ පරක්කු වෙලා නොවැ!!!

      Delete
  13. ගොඩක් සතුටුයි උබව දකින්න හම්බුනා සෑහෙන්න කතා කරන්නත් ලැබුනා

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. මගෙ බ්ලොග් ලෝකෙ හොඳම මිතුරෙක් වෙච්ච උඹත් එක්ක කතා කරන්න ලැබීම සතුටක් වගේම අර සුභ ආරංචිය අසන්න ලැබීම ගැනත් සතුටුයි :-)

      Delete
  14. බ්ලොග් ගඩොල් බ්ලොග් ලෝකෙද ඇදුනුවට එදා කතා කරද්දි එච්චර මීටරයක් තිබ්බෙ නැහැ.. මේ ඉන්නේ..

    ඇත්තට හමුවෙනවට වැඩිය අපි බ්ලොග් එක දැක්කම අදුනනවා හිකිස්.. ඒව මාර සීන් බොල..

    ලබන පාර මීටරෙන් හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. හික් හික්!! එළම කිරි මචං. මමනං ටැග් එක දැක්ක ගමනව්ම ඇඳින්නා

      Delete
  15. මන් අයියව හරියටම දැන ගත්තා කවුද කියලා.. ඇත්ත ඇත්ත...

    ReplyDelete
    Replies
    1. හික් හික්!! බොහොම ස්තුතියි සහෝ

      Delete
  16. සිරාවට...200%ක් හරි.... අනිත් කතන්දරේ කෙල්ලො මොකාට හරි ඇණ වෙලා හරි කුප්පි දාගන්නවා. එකම subject කුප්පි දෙකක්/තුනක් දාගෙන තව එක්කෙනෙකුගෙනුත් කුප්පි දාගන්න කෙල්ලෙක් හිටිය ෆැකල්ටියෙ.
    engineering physics එකේ දැන් 1:1ක් විතර කෙල්ලො....අනේ කාලේ කිව්වලු. වැඩේ තියෙන්නෙ මුන්ට ගිරවා දැමීමේ උපන් හැකියාවක් තියෙනව...ඒක අපිට නෑ. ඒකයි ප්‍රධාන හේතුව. විශේෂ උපාධියට ගියාම ගිරවාගෙන් වැඩ ගන්න අමාරු උනාට...යන්නෙ ගිරවගෙන්නෙ...ඉතිං කොල්ලො සදා දුකේ :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ. අනිත් ලිපි දෙකත් කියවපං

      Delete
  17. මාර කරුණු දැක්වීමක්නෙ.

    ReplyDelete
  18. බිලොග් ගඩොල්ගේ ටැග් එක දීහා බලාගෙන ගියා ඒත් කථා කරන්න වේලාවක් හම්බ උනේ නෑනෙව

    ReplyDelete
    Replies
    1. ඉතිං කතා කරන්න එපායැ බං!!!

      Delete
  19. ඒ වගේම කොල්ලන්ගේ අධ්‍යාපනයට බාධා වෙන වැඩ තවත් ගොඩක් තියෙනවා. කට්ටිය සෙට් වෙලා බොන්න යන එක, සෙට් වෙලා ෆිල්ම් බලන්න යන එක, සෙල්ලම් කරන එක, දේශපාලන සාකච්චා, සමාජය හදන හැටි, ado me tika karapuwama koheda bung padam karanna welawak.......

    ReplyDelete
  20. thawa masa thunai AL wala karanna thibba hama dema kara igena ganna eka arenna....2nd shy wath campus gihin e athal ekath mata ganna labewa

    ReplyDelete
  21. බොහෝ උසස් වූ පුරුෂ රත්නයන් විසින් වසර ගනනාවක් පුරාවට අදහාගත් නොහැකි සේ රවට්ටා සූරුට්ටු බවට පත්වූ අහිංසක ගෑණු ළමයිනුත් එමටයි. අපේ බැච් එකෙත් එහෙම උනා. සමහර දේවල් අද අහද්දි හිතා ගන්නවත් බෑ.

    ගිරවි

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???