අඹ යාලුවෝ

Sunday, April 1, 2012

කැම්පස් ලයිෆ් 4 - රැග් එක තව දුරටත්



ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් මම කිව්වේ අපේ පුරුපුරු කැම්පස් එකට ගිය හැටියි, රැග් එකට අහුවෙච්ච හැටියි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඊළඟ දවසෙ පූසා කැම්පස් එකට ගියේ අයියලා එන්න කිව්ව විදිහට ෆුල් ජෙන්ට්ල්මන් වගේ සැරසිලා. උදේ හතහමාරට විතර මෑන්ස් කැම්පස් භූමියට එද්දි ගොඩක් ළමයි ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියලු. කලින් දවසෙ වගේම එදත් ළමයින්ව බෙන්ච් වලට වෙන් කරලයි තිබුනේ. ඉතිං පුරුපුරුත් ගිහින් එක බෙන්ච් එකකට එන්ටර් වුණාලු.

කැම්පස් රැග් එකේදි උදේ වරුව සාමාන්‍යයෙන් වෙන් වෙන්නේ උපදෙස් දෙන කටයුතු වලට. ඉතිං මේ වෙලාවෙදි ගොඩක් වෙලාවට සිද්ද වෙන්නෙ ෆැකල්ටි එකේ හොඳ ගැන, පිළිපදින්න ඕනෙ විනය නීති රීති ගැන, ලෙක්චර් හෝල් මැනර්ස් සහ ලෙක්චරර්ස්ලා එක්ක කටයුතු කරන හැටි ගැන අයියලා විසින් නංගිලා මල්ලිලාව දැනුවත් කරන එක. ඒ අතරතුරේදි ඉතිං පොඩි පොඩි ගොන් පාට්* එහෙමත් ළමයින්ට කරන්න දෙනවා.

විශේෂයෙන් අයියලා අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරි ළමයින්වයි, අයියලා බලාපොරොත්තු වෙන විදිහට හැසිරෙන්න බැරි ළමයින්වයි තමයි මේ ගොන් පාට් වැඩ වලට තෝරගන්නෙ. එහෙම තෝරගෙන කරන්නෙ ඒ ළමයින්ට බෙන්ච් එක ඉස්සරහට ඇවිත් සින්දුවක් කියන්න දෙන එක, සින්දු කියන ළමයින්ට මයික් අල්ලන එක, සින්දුවට අනුව නටන එක, මොකක්හරි ටීවී එකේ යන ඇඩ් එකක් රඟපාලා පෙන්නන එක, ප්‍රසිද්ද චරිතයක් අනුකරණය කිරීම, බෙන්ච් ගානෙ ගිහින් බඩු විකුණන එක වගේ දේවල්. ඉතිං පළවෙනි දවසෙම අපේ පුරුපුරුටත් ඒ වගේ වැඩක් සෙට් වුණාලු.

අයියා :- උඹලා දන්නවද මේ කැම්පස් එක ඇතුලෙ ඉස්කෝලයක් තියෙන බව?

ළමයි :- ?????????????????????????

අයියා :- උඹලා තවම ඒක දන්නෙ නැද්ද? උඹ, පිටිපස්සෙ ඉන්න නිල් ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කොල්ලා (පුරුපුරු) කියපං බලන්න මේක ඇතුලෙ තියෙන ඉස්කෝලෙ මොකද්ද කියලා.

දැන් ඉතිං පුරුපුරු ෆුල් අඤ්ඤකොරොස්. මේ කැම්පස් එක ඇතුලෙ කොහෙද ඉස්කෝල තියෙන්නෙ? ළඟින්ම තියෙන ඉස්කෝල වෙච්ච කුරුඳුවත්ත විද්‍යාලෙයි, තුම්මුල්ල විද්‍යාලෙයි තියෙන්නෙත් කැම්පස් තාප්පෙට පිටින් නොවැ! දැන් ඉතිං අපේ පූසාට දාඩියත් දානවලු.

පුරුපුරු :- ම්ම්...දන්නෑ..අයියේ...

අයියා :- තොට දවස් දෙකක් කැම්පස් එකට ඇවිල්ලත් ඒක දැනගන්න බැරිවුණා නේද? යකෝ ඔක්කොමලා දැනගනින් මේක ඇතුලේ ඉස්කෝලයක් තියෙනවා. ඒ තමයි තුම්මුල්ල සක්වල තක්සලීය පරිගණක පාසල. ඒක ඉස්සර තිබුනෙ සයන්ස් ෆැකල්ටි එකේම තමයි. උඹලා මීටපස්සෙ ඒකට කියන්න ඕනෙ කොම්පියුටර් ඉස්කෝලෙ කියලා. ඒක ෆැකල්ටියක් එහෙම නෙවෙයි**. දැන් උඹ වරෙන් ඉස්සරහට.

අපේ පූසාත් ඉතිං ගැහි ගැහී ඉස්සරහට ගියාලු. එතකොටත් බෙන්ච් එකේම පැත්තක හිටපු ගෑනු ළමයෙක්ව ඉස්සරහට අරගෙන තිබුනේ සිංදුවක් කියන්න. 

අයියා :- උඹ දන්නවද මේ නංගිගෙ නම?

පුරුපුරු :- නෑ අයියේ.

අයියා :- යකෝ මේ උඹලගෙ බැච් එකේ කෙල්ලෝ. අපිටනං උඹලගෙ බැච් එකේ කෙල්ලන්ව සත පහකට වැඩක් නෑ. ඒත් උඹලා දැනගෙන ඉන්න ඕනෙ බැච් එකේ හැමෝගෙම නම්. මේ කෙල්ල සින්දුව කියද්දි උඹ දාන්න ඕනෙ වැදි නැටුමක්. තේරුනාද? උඹ වැදි නැටුම් දැකලා තියෙනවනේ?

පුරුපුරු :- ඔව් අයියේ.

පුරුපුරුගෙ නරක වෙලාවට අර කෙල්ල කියන්න පටන් ගත්තේ බොහොම ළයානවිත ලව් සෝන්ග් එකක්. ඉතිං පූසාට සිද්ද වුණාලු ඒකට ගැලපෙන විදිහට ස්ලෝ මෝෂන් වැදි නැටුමක් රඟ දක්වන්න.

ඔය වගේ ජූනියර්ස්ලාට තෙල් ගගහා*** ඉන්න අතරතුරේ තමයි ළමයින්ව කොටස් වශයෙන් උදේ කෑමට යවන්නේ. ඒ තුම්මුල්ල සක්වල තක්සලාවේ විද්‍යා පීඨයේ තියෙන සුප්‍රසිද්ද ඕපන් කැන්ටින්**** එකට. හැබැයි රැග් කාලෙදි ඉංග්‍රීසි තහනම් හින්දා ළමයින්ට බෑ කැන්ටිම “ඕපන් එක“ කියලා හඳුන්වන්න. ඉතිං අලුත් ළමයි මේකට කියන්න ඕනෙ “ඇරපු එක“ එක කියලා. බෙන්ච් වල ඉඳන් ඇරපු එකට යන අතරමගදි අයියලා ජූනියර්ස්ලාගෙන් අහනවා කොහෙද යන්නෙ කියලා. එතකොට ඉතිං කස්ටිය හොඳට කටවල් ඇරලා “ඇරපු එකට යනවා“ කියලා කියන්න ඕනෙ. එතකොට තමයි මව් භාෂාව භාවිතය ගැන සතුටුවෙන අයියලා නවකයන්ට යන්න දෙන්නේ.

ඊටපස්සෙ ඉතිං කට්ටිය කැන්ටිමෙන් ගන්න කෑමයි, ගෙදරින් ගේන කෑමයි ඔක්කොම එකතු කරලා හවුලේ භුක්ති විඳින්න ඕනෑ. එතකොට තමයිලු ළමයින්ගෙ බැච් ෆිට් එක වැඩිවෙන්නෙයි, කට්ටියට එකිනෙකාව අඳුරගන්න පුලුවන් වෙන්නෙයි. ඒ වගේම නවකයො මේ වෙලාව යොදාගන්න ඕනෙ අනිත් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ෆෝන් නම්බර්ස් ඉල්ලගන්න. එහෙම කරලා කට්ටියටම රෑට රින්ග් කට් යවන්න ඕනෙ කියලයි ඉහළින් උපදෙස් ලැබුනේ. ඒ දවස්වල ඉතිං රෑට බැචාලගෙන් සහ බැචියන්ගෙන් රින්ග් කට් තිහ හතළිහක් ලැබෙන එක පූසාට සාමාන්‍ය අත්දැකීමක්.

කොහොමහරි ඉක්මනට කාලා ළමයි ආපහු බෙන්ච් වලට යන්න ඕනේ. ඒත් කෑමට ඕපන් එකට එන හැමෝම ආපහු බෙන්ච් වලට යන්න තරම් වාසනාවන්ත වෙන්නෙ නෑ. අතරමගදි හම්බවෙන තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් කට්ටිය සමහර නවකයන්ව අල්ලගෙන බෙන්ච් වලට යන්න නොදී තියාගෙන බයිට් කර කර ඉන්නවා. (මේ වැඩේට සාපේක්ෂව බෙන්ච් එකට වෙලා ගොන් පාර්ට් දාන එක දාහෙන් සම්පතක්). ඊටපස්සෙ තමයි නවකයො සෙට් එක තමන්ට නියමිත ඉංග්‍රීසි පන්ති වලට යන්නෙ.

ඉන්ග්ලිෂ් ඔරියෙන්ටේෂන් ක්ලාස් ඉවර වුණාම ළමයි කරන්න ඕනෙ ඉක්මනට ගිහින් කාලා ආපහු බෙන්ච් වලට එන එක. උදේ පාන්දර තරමක් ඩීසන්ට් පිට රැග් එක හම්බවුණාට හවස් වරුවෙ රැග් එකනම් තනිකර ගොන් පාට් වැඩසටහනක්. (තෙල බෙදීමත් නැතුවා නෙවෙයි). සෙකන්ඩ් ඉයර් කට්ටිය රැග් එක මෙහෙයෙව්වට මේ වෙලාවට වට පිටේ ඇවිදින තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් අයියලාත් අලුත් ළමයින්ව ඩැහැගන්නවා. අපේ පුරුපුරුටත් ඉතිං දෙවෙනි දවසෙම මේ වගේ පෝරියල් එකක් සෙට් වුණාලු.

පූසා බෙන්ච් එකක රැග් වෙවී ඉන්නකොට මෑන්ස්ට එන්නයි කියලා හදිසි විධානයක් ආවලු පැත්තකට වෙලා බලාගෙන හිටපු අයියලා සෙට් එකකින්. මෑන්ස් එතනට යද්දි මේ අයියලා සෙට් එක ඉටි රූපයක් වගේ ලස්සන ගෑනු ළමිස්සියෙක්ව එතන තියාගෙන ඉන්නවා.

අයියලා :- උඹ දන්නවද මේකිගෙ නම?

පුරුපුරු :- නෑ අයියේ!

අයියලා :- එහෙනං යකෝ බලාගෙන ඉන්නෙ නැතුව අඳුරගනිං.

පුරුපුරු :- මගෙ නම පුරුපුරු. ඔයාගෙ නම මොකද්ද?

ගෑනු ළමයා :- මගෙ නම සංකීර්ණා.

අයියලා :- උඹට ආපහු යන්න ඕනෙද?

පුරුපුරු :- ඔව් අයියේ!

අයියලා :- එහෙනං මේකිගෙ උඹට පේන බාහිර ලක්ෂණ පහක් කියලා පලයං.

දැන් ඉතිං අපේ පූසා සංකීර්ණා දිහා බලාගෙන ඉන්නවා බාහිර ලක්ෂණ පහක් කියන්න. ඇත්තටම ඉතිං පහක් නෙවෙයි, පහළවක් වුණත් ලක්ෂණ කියන්න පුලුවන් කිසිම ගේමක් නැතුව. ඒත් ඉතිං අපේ යාලුවො සෙට් එකගෙ මොළේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නෙ ප්‍රසිද්දියෙ කියන්න පුලුවන් ලක්ෂණ රෙකෝඩ් කරගන්න නෙවෙයි නොවැ! ඉතිං දැන් පූසා කල්පනා කරනවා ෂේප් එකේ කියන්න පුලුවන් ලක්ෂණ ගැන.

පුරුපුරු :- සංකීර්ණාට පැහැපත් සමක් තියෙනවා. කෙට්ටුයි. කොන්ඩෙ ටිකක් විතර දිගයි. ම්ම්...ඇස් දෙක දුඹුරු පාටයි. ම්...ම්....ම්..ම්.......

අයියලා :- කියපං කියපං!!

පුරුපුරු :- දාගෙන ඉන්න සෙරෙප්පු දෙක ලස්සනයි.

අයියලා :- යකෝ උඹට මේ වගේ කෙල්ලෙක් පෙන්නුවාම කියන්න තියෙන්නෙ සෙරෙප්පු ලස්සනයි කියලද?? පලයං මේ කෙල්ලත් අරගෙන බෙන්ච් එකක් ගානෙ. ඉහළගනිං මේ කුඩේ. ආ..දැන් කපල් එකක් වගේ පලයං. යකෝ කපල් එකක් ඇවිදින්නෙ ඔහොමද? උඹලා දෙන්නා නිකං මරන්න ගෙනියන හරක් දෙන්නෙක් වගේනෙ. ලස්සනට පලයං...

ඉතිං ඔය වගේ රැග් වෙලා රැග් වෙලා හවස හතරට ඔෆීෂියල් රැග් එක ඉවර වුණාලු. ඊටපස්සෙ ගෑනු ළමයින්ට පුලුවන් ඕනෙනම් යන්න. ඉතුරුවෙන පිරිමි ළමයින්ට තමයි ඊටපස්සෙ රැග් එක හම්බවෙන්නෙ. මේ රැග් එකට සාපේක්ෂව උදෙයි, හවසයි තිබුන රැග් එක නිකං ගොන් පාට් එකක් කියලා අපේ පුරුපුරුට තේරුණේ පළවෙනි දවසෙමයි. මොකද කොල්ලෝ විතරක් ඉතුරුවෙන හින්දා හවස් වෙද්දි වෙද්දි රැග් එකේ බරපතළ ගතිය වැඩි වෙන සීන් එකකුයි තිබුනේ. හැබැයි කොහොම වුණත් රැග් එක ෆිසිකල් රැග් එකක් දක්වා දුර දිග නොයවන්න අයියලා කටයුතු කලාලු. 

ඉතිං තවත් රැග් කතා, පූසාට යාලුවො සෙට් වෙච්ච හැටි, ඊළඟ කොටසින් බලමු නේද?

------------------------------------------------------------------------------------------------------------

* ගොන් පාට් - රැග් එකේදී යම්කිසි නවකයෙක් අනිකුන් ඉදිරියේ විහිලුවක් වන පිරිදි කරන්න නියම වෙන ඉදිරිපත් කිරීම්

** පරිගණක පාසල විද්‍යා පීඨයෙන් මිදී වෙනම ක්‍රියාත්මක වීම ගැන මේ කාලයේ විද්‍යාපීඨ සිසුන් සිටියේ සතුටින් නොවේ. 

*** තෙල් ගැසීම - (විශේෂයෙන් රැග් කාල සීමාවේදී සිදුවන) මොළ ශෝදනය

**** ඕපන් කැන්ටිම - වහළයකින් සහ කණු වලින් පමණකින් සැදුනු, සෑම දිශාවෙන්ම බාහිරයට විවෘත, විශ්ව විද්‍යාලයේ ජනප්‍රියම ආපන ශාලාව. රූපවාහිනියකින්ද සමන්විත මෙය විද්‍යා පීඨ සිසුන් කෑමට අමතරව ක්‍රිකට් තරඟ නැරඹීමට සහ සින්දු කීමටද යොදාගනී.




43 comments:

  1. rag 1 tamai campus 1 niyama life 1.tawa liyapan macho.matath e life 1 matak wenawa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං!!!

      Delete
  2. අර කුඩේ යටින් ලස්සන ගෑනු ලමයෙක් එක්ක ගිය එක නම් එච්චර රැග් එකක් වෙන්ට බෑ නේද?

    //පුරුපුරු :- දාගෙන ඉන්න සෙරෙප්පු දෙක ලස්සනයි.//
    හැබෑට ඔයිට වඩා දෙයක් කියන්ටම තිබුනේ නැද්ද? :D

    කතාව කියන විදියට එතන හිටියා නම් හොඳයි කියලත් හිතෙනවා.:)))

    ReplyDelete
    Replies
    1. “අර කුඩේ යටින් ලස්සන ගෑනු ලමයෙක් එක්ක ගිය එක නම් එච්චර රැග් එකක් වෙන්ට බෑ නේද?“

      හික්ස්!!! මම ලැජ්ජ බයට හැදිච්ච හින්දා ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි ගියේ.

      “කතාව කියන විදියට එතන හිටියා නම් හොඳයි කියලත් හිතෙනවා.:)))“

      හිටියනං පොඩ්ඩිගෙ ලක්ෂණ තමයි කියන්න වෙන්නෙ :-)

      Delete
  3. ඕපන් කැන්ටිම කාලයක් අපේත් ප්‍රධානම නැවතුම් පොළක් වුනා. අපේ 22 විතර කට්ටියකගේ ශිෂ්‍යභාවය අහිමි වෙලා අපි කීපදෙනෙක්ට විශ්වවිද්‍යාල බිම තහනම් කරලා තිබ්බ කාලේ අපි උදේ හවස හිටියේ ඔතන. ඒ කාලේ ඔතන වැදගත් වාද විවාද හිටන් ගියා. පාඨලී සහ මාලික, එතකොට පරණය, ප්‍රසන්න, අනුර, අපේ කිට්ටුම සඟයන්, දැන් ප්‍රසිද්ධ මාද්‍ය ආයතන හිමිකරුවෙක් වෙලා ඉන්න අයෙකුත් මෙතැනට එනවා. මෙතැන විශ්ව විද්‍යාලය තුළ තවත් විශ්වවිද්‍යාලයක් වගේ තැනක්. දැන්නම් කොහොමද කියන්න දන්නේ නැහැ. සයන්ස් ෆැක් එකට ගියත් මෙතැනට අපි දැන් යන්නේ නැහැ.

    මටත් කෙල්ලෙක්ගේ ලස්සන ලක්ෂණ විස්තර කරන්න ලැබුනා. මම දුන්නා. කොල්ලොන්ට හරි ජොලි. හැබැයි කෙල්ල අදත් අපේ ගෙදර ඉන්නේ. අපේ දෝණිගේ අම්මා.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා ගිහිපු ගමන්ම වෙද කම් කරන්න පටන් අරන් වගේ :P

      Delete
    2. හික් හික්!! බලාගෙන ගියාම වෙද මහත්තයා තමයි දවසකටවත් මෑන්ස්. ඔය කතාව ගැන වෙනම ලිපියක් දාන්න පුලුවන්නං හොඳයි අපේ අලුත් විවි ශිෂ්‍යයන්ටත් ඉගෙන ගන්න.

      Delete
  4. ආපෝ මේක දාන්න හුගක් කල් ගියානේ.කමක් නෑ අනිත් ටික ඉක්මනට දාන්න.ගෑනු ළමයත් එක්ක හම්බ වෙච්ච රැග් එක සුදු පූසිට කිව්වද? :-D

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්න ඕනෙ බං. කරුමෙට හැමදාම මොකක් හරි වැඩක් සෙට් වෙනවා. සුදුපූසි තවම දන්නෙ නෑ සීන් එක. :-)

      Delete
  5. Puru Puru, Do u knw why UCSC has been created as an Institute (which is different from a faculty)? There was a rule in univesity policy at that time that every donation to a particular faculty from external parties should be fairly divide among all the faculties in a university. Imagine what will happen if all fundings which was donated to enhance IT education in Sri Lanka were devided to other faculties! That's why Late Prof. V K Samaranayake created his School (GURU KULAYA) of Computing as an institute.

    ReplyDelete
    Replies
    1. Thanx a lot for enlightening me about that. Frankly, I hadn't known about that scenario. Always wondered why it was not a faculty. Await more details about Science-UCSC clash. :D

      Delete
  6. කැම්පස් ජීවිතේ හරිම සුන්දරයි තමයි.. :)
    ඔයා ලියපු විදියත් රසවත් නිසා පුරුපුරුට වුන සිදුවීම් ටිකනම් මවාගෙන කියෙව්වා.. :))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරී

      Delete
  7. මීට අමතරව මුල් ටිකේ අපිට තිබුන පලවෙනි දවසෙ හොස්ටල් වලට කඩා පැනීමයි, පෝලිමෙ ගියපු එකයි විතරයි. ගොන්පාට් ටිකක් වැඩිපුර තිබුන, මොකද හැමෝම හොස්ටල් එකේ නිසා. හැබැයි, නවකයොන්ට යන්තම් වත් අත තියන්නෙ නෑ. එහෙම කරපු අය ගොඩක් වෙලාවට ආයෙ රැග් එකේ දි දකින්න ලබෙන්නෙ නෑ. පසුව දැනගත් විදිහට ඒක නීතියක්.

    ReplyDelete
    Replies
    1. රැග් එක ගැන වෙනම ලිපියක් බලාපොරොත්තු වෙන්න. ස්තුතියි මචං!!!

      Delete
  8. කට්ටිය උදෙන්ම එන්නෙ ඕපන් එකට නොවැ,,, දහය විතර වෙනකල් 304 පාරක් ගහල ජිම් එක පැත්තෙ ගාටනව. අම්මප එහෙමත් කාලයක්...

    ReplyDelete
    Replies
    1. හප්පා 304. මටනං ගහලම එපා වෙලා තිබුනේ අන්තිම දවස් ටිකේ. දූපත් සයන්ස් එකේද හිටියේ?

      Delete
  9. මාර අත්දැකීම්නේ පූසෝ....

    ReplyDelete
    Replies
    1. තව සිද්දි සෙට් එකක් තියෙනවා මාලුවෝ ලියන්න. දිගටම බලපං මචං

      Delete
  10. අපෙන් ඇහුවනම් ලක්ෂන කියනව දාහක් විතර.. :))

    ReplyDelete
    Replies
    1. හික් හික්!! ඔය ප්‍රෙෂර් එක අස්සේ ලක්ෂණ කියවෙන්නෙ නෑ බං

      Delete
  11. රැග් එක මළ ගොන් පාට් එකක්... කොහෙවත් ඉන්න පොන්න‍යො ටිකක් ඇතුලේ ගැන්සි‍ය හින්දා ෆෝම් වෙලා පොරත්වෙ දානවා.හැබැ‍යි පාරෙදි අහුවුණාම නැට්ට පු--- ගහගෙන ‍යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන වෙනම ලිපියක් ලියන්න ඉන්නේ

      Delete
  12. ඔන්න උබලගේ රැග් කතා කියෙවුවා අදත්..

    ReplyDelete
  13. ඇත්තටම කියපංකො අර ප්‍රසිද්දියේ කියන්න අමාරු ලක්ෂන වලිං කීපයක්

    ReplyDelete
    Replies
    1. හික් හික්!! ඔය උඹ හිතන ටික තමයි. ඔව් ඔව්!! අන්න ඒක... :-)

      Delete
  14. අපිටනම් ඔය එක ජාතියක රැග් එකක්වත් තිබුනෙ නෑ නෙ.ඒත් කට්ටියව අදුර ගන්න නම් රැග් එක හොදයි.ඒත් ඉතිං බැච් එකක 750ක් විතර ඉන්නකොට කොහේ ඔක්කොම අදුර ගන්නද?

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉස්කෝලෙ කාලෙ තිබුන ප්‍රශ්නයක් තමයි ඕක :)

      Delete
  15. Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ!!!

      Delete
  16. ඔය ඕපන් කැන්ටිමේ කෑම කටේ තියන්න බැහැලු නේද :)

    ReplyDelete
    Replies
    1. උදේ පාන් එකයි, හදිසියකට ෂෝටීට්ස් කන්නයි නරකම නෑ. හැබැයි ගොඩක් කෑම ජාතිනං පට්ටම චාටර්. මම හිතන්නේ ඔබතුමීත් ඒක දන්න පාටයි :-)

      Delete
    2. ඔබතුමි කියන්න එපා අප්පා :) නැතුව නැතුව සහෝදර කැම්පස් වල කැන්ටින් ගැන දැනගෙන ඉන්න එපාය..

      Delete
    3. ඉස්සර (2001-06) දවල් බත් චාටර් උනාට (හැබැයි එලියෙන් කන්න වත්කමක් තිබුනේ නෑ) උදේ කෑමනම් එල. හැබැයි ඉදි ආප්ප 50ක් විතර කන්න ඕනේ බඩ පිරෙන්න.

      Delete
  17. එල කතාව :-)
    PhD කරන්න තැනක් සෙට් උනාද?

    ReplyDelete
  18. වෙලාවට මේවට නොගියේ.....

    ReplyDelete
  19. මම බලන් ඉන්නේ කතාව ඉවර වෙනකල්.කතා පෙළම එක දිගට බලන්න.

    ReplyDelete
  20. Sri Lankan Universities are full of physical and mental harassments, I studied in a American University and there are no raging or any violence. Sri lankan universities are very primitive and lower than the international level.

    Amith

    ReplyDelete
  21. Matath Tawa Tika Dawasakin Owa Kanna Weno Bn
    www.motherhood.website

    ReplyDelete
  22. පුරවරේ එකෙක් නොවුනට උසස්පෙල කාලෙ හිටං කාපු බීපු තැනක. වංගුවේ රයිස් කඩේට වඩා ඔපන් එකටයි ලෝ එකටයි කෑති නිදහසේ කන්න බොන්න පුලුවන් නිසා.
    මොකක් හෝ පුරුවේ පිනකට ඔකෙන්ම කොක්කක් සෙට් වුනා...
    එතනින් පස්සෙ ඉඳං කොහොමත් ඕපන් එකේ සයිඩ් එකට ප්ලේන්ටියත් අරං ගිහින් තුම්මුල්ලෙ පිට්ටනිය දිහා බලං ඉන්න එක අමුතු දෙයක් වුනේ නෑ.

    කොළඹට ආදරේ ඒක ඇතුලෙ වෙන වෙන ග්‍රහලෝක කිහිපයක් ම තියෙන නිසා.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???