අඹ යාලුවෝ

Monday, March 19, 2012

කැම්පස් ලයිෆ් - 2 (පටන්ගැන්ම)

 
කැම්පස් ලයිෆ් - 1

අපි කලින් ලිපියෙ කිව්වේ අපේ පූසා කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං ඔය විදිහට පුරුපුරුට කැම්පස් එකට යන්න නියමිත වෙලා තිබුනු දවසත් උදාවුණාලු. මේ වෙද්දි ඉතිං තව පාරක් ඒ ලෙවල් කරන්න කියලා හතර වටෙන් එල්ල වෙච්ච බලපෑමුත් ටික ටික අඩු වෙමින් තිබුන හින්දා පුරුපුරු ෆුල් රිලැක්ස් එකේ හිටියේ. අනික ටියුෂන් ක්ලාස් වලදියි, ඉස්කෝලෙදියි නිතරම කියවුණේ කැම්පස් සිලෙක්ට් වෙන්න පුලුවන්නං ජීවිතේ ගොඩ කියලා. ඉතිං පූසා කැම්පස් සිලෙක්ට් වෙච්ච හින්දා මේ දවස්වල හිතාගෙන හිටියේ මෙතනින් එහාට පාඩම් වැඩ අඩු, බොහොම සාමකාමී කාලයක් මෑන්ස්ට උදාවෙයි කියලා.

ඉතිං ඔය විදිහට කල් ගතවෙලා කැම්පස් එකට යන්න නියමිත දවසත් උදාවුණාලු. මේ වෙද්දි පූසාට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි මුලින්ම කැම්පස් යද්දි ඇඳගෙන යන්න ඕනෙ මොනවාද කියන එක. මොකද සයන්ස් ෆැකල්ටි එකේ තමන් අඳුරන, කැම්පස් එක ගැන තොරතුරු දැනගන්න පුලුවන් යාලුවො කවුරුවත් මේ වෙද්දි පුරුපුරුට හිටියෙ නෑ. කොහොමත් ෆස්ට් ෂයි කැම්පස් එන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. ඉතිං මෑන්ස් කළේ වෙන ෆැකල්ටි එකක හිටපු අඳුරන අයියා කෙනෙක්ගෙන් මේ ගැන අහපු එක.

“අයියෝ මල්ලි කැමති ඇඳුමක් ඇඳගෙන එන්න. බයවෙන්න එපා. හැබැයි ඉතිං සයන්ස් එකේ ටිකක් විතර රැග් එක තියෙනවා“

ඒ අයියා පුරුපුරුට දුන්නෙ ඒ වගේ උත්තරයක්. මේ වෙද්දි කන්දෙ, දකුණෙ, බෙලිහුල්ඔය, අනුරාධපුරේ වගේ කැම්පස් වල රැග් තියෙනවා කියලා අහලා තිබුනත් පූසා කවදාවත් අහලා තිබුනෙ නෑ තුම්මුල්ල සක්වල තක්සලාවෙ රැග් තියෙන වගක්. ඉතිං අයියාගෙ උත්තරෙන් තක්බිරිෆයිඩ් වුණ පුරුපුරු තීරණය කළාලු ඔය විකාර කතා ගන්න ගන්නෙ නැතුව පහුවදා කැම්පස් එකට යන්න.

ඉතිං පහුවදා උදේම නැගිටපු පූසා දෙමව්පියන්ට වැඳලා එහෙම පිටත් වුණාලු තමන්ගෙ ජීවිතයේ දෙවෙනි චැප්ටර් එක පටන් ගන්න. මෑන්ස් සැරසිලා ගියේ සාමාන්‍ය දිග කලිසමකින්, උඩින් දාපු ෂර්ට් එකකින් සහ පටි සෙරෙප්පු (සැන්ඩ්ල්ස්) දෙකකින්. වෙනදා ඉස්කෝලෙ යන කාලෙ හැමදාම දැක්කත්, තුම්මුල්ලෙ සුවිසාල මාර ගස් පේළිය යටින් යද්දි අපේ යාලුවාට දැනුනෙ වචනයෙන් විස්තර කරන්න බැරි අමුතු හැඟීමක්. 

“අඩේ මමත් දැන් කැම්පස් කොල්ලෙක් එහෙනං!!!“

පූසාට හිතුනේ ඒ වගේ. කොහොමහරි කැම්පස් ගේට්ටුවෙන් ඇතුලට යද්දි ලොකු බැනර් එකක් ගහලා තිබුනා අලුතින් එන නංගිලා මල්ලිලා සාදරයෙන් පිළිගන්නවා කියලා.

“අනේ කොච්චර හොඳ අයියලා අක්කලා සෙට් එකක්ද?“

පුරුපුරුට එහෙම හිතුනලු. ඉතිං ගෙදරට ආපු ලියුමෙ හැටියට අලුත් ළමයින්ට එන්න කියලා තිබුනේ නව කලාගාරය, එහෙමත් නැත්තං “නැට්“ කියලා ළමයි හඳුන්වපු ගොඩනැගිල්ලට. ඒ නිසා අපේ පූසා ගේට්ටුව පහු කරලා කැම්පස් එක මැදින් ගියාලු නැට් එක තියෙන තැනට. මේ වෙද්දි සීනියර් අයියලා නවකයෝ එන පාර දෙපැත්තේ ගිජුලිහිණියෝ රැළක් වගේ රැකගෙන බලාගෙන හිටියේ. අයියලා තමන් දිහා බලපු බැල්මෙනං කිසිම සාදරයෙන් පිළීගැනීමේ සලකුණක් තිබුනෙ නෑ කියලයි පුරුපුරුට හිතුනේ. කොහොම වුණත් ඒ තමන්ගෙ ඔලුවට එන මනස්ගාත කියලා හිතපු පූසා කෙලින්ම කලාගාරය පැත්තට ගියාලු.

පුරුපුරු යනකොටත් ගොඩක් ළමයි නැට් එක ඉස්සරහට ඇවිත් පිරිලයි හිටියේ. ගොඩක් ළමයි පූසා වගේ තනියම ඇවිත් හිටියත් දෙමව්පියෝ එක්ක ආපු ළමයිනුත් සෑහෙන්න පිරිසක් එතන හිටියා. ගෑනු ළමයි වෙනමත් පිරිමි ළමයි වෙනමත් තමයි රංචු ගැහිලා හිටියේ. ඉතිං එතන හිටපු ළමයි එක්ක කතා බහ කරලා අඳුරගනිද්දි තමයි පුරුපුරු දැක්කේ කුරුඳුවත්ත ඉස්කෝලෙ තමන් එක්ක පොඩි කාලෙ එකට ඉගෙන ගත්තු යාලුවො කීප දෙනෙකුත් එතන හිටපු බව. විශේෂයෙන් පොඩි කාලෙ තමන්ගෙ හොඳ යාලුවෙක් වෙච්ච කොළොම්බාසුත් ඒ ගොඩේ හිටියා. මෑන්ස් ඒ ලෙවල් වලට මැත්ස් කරපු හින්දා පස්සෙ කාලෙක කොළොම්බාස් හිටියේ වෙනම ක්ලාස් වල. පොර කැම්පස් ඇවිත් හිටියේ ෆිසිකල් සයන්ස් කරන්න.

ඉතිං ඔය විදිහට ටික වෙලාවක් යද්දි ඇවිත් හිටපු ළමයින්ම නැට් ශාලාව ඇතුලට දැම්මා. ඒ වෙනකොටත් ළමයින්ගේ ඇතුලත්වීමේ අංක පුටුවල ලියලයි තිබුනේ. ඉතිං තමන්ට නියමිත පුටුව හොයාගත්ත පූසා ඒකෙ වාඩි වුණාලු. මුලින්ම කට්ටියට තිබුනේ ඉංගිරිසි විභාගයක් ලියන්න. මේ කැම්පස් ගිය පළවෙනි දවසෙම මොන විභාගද? ඉතිං පුරුපුරු ඕනෑවට එපාවට වගේ එග්සෑම් එක කරලා දැම්මලු. පස්සෙ තමයි මෑන්ස් දැනගත්තේ ළමයින්ව පන්ති වලට බෙදන්නේ ඒ විභාගයේ ලකුණු අනුව බව.

ඒ කියන්නේ එග්සෑම් එකේ ඉහළම ලකුණු ගත්ත ළමයි වැටෙන්නේ 12 කියන පන්තියට. ඔය වගේ නොම්මරේ අඩුවීගෙන ඇවිත් අඩුම ලකුණු තියෙන ළමයින්ව වැටෙන්නේ 1 කියන පන්තියට. මේ සිස්ටම් එකට ක්ලාස් බෙදලා තියෙන්නේ ඒ ඒ දැනුම් මට්ටමේ ළමයින්ට ඒ අයට ගැලපෙන විදිහට උගන්නන්නයි කියලයි කට්ටියට ආරංචි වුණේ.


විභගේ ඉවර වුණාට පස්සේ තමයි කැම්පස් එකේ වගකිව යුතු බලධාරීන්ගේ කතා පටන් ගත්තේ. ඒ අනුව උප කුලපතිතුමා (වීසී), පීඨාධිපතිතුමා (ඩීන්) වගේම සයන්ස් ස්ටුඩන්ට්ස් යූනියන් එකේ සභාපතිත් අලුත් ළමයින්ට කන් දෙකෙන් බේරෙන්න සයිස් එකේ උපදෙස් ගොඩාරායක් දුන්නලු. කැම්පස් එකේදි හරියට අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නෙ කොහොමද? විනය ගරුකව හැසිරෙන්නෙ කොහොමද? ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ වගකීම් වගේ ගොඩක් කරුණු ගැන ඉඳගෙන හිටපු කොල්ලො කෙල්ලන්ගෙ පස්සවල් රිදෙනකං මේ කට්ටිය දේශන පැවැත්තුවලු. ඒත් ඉඳගෙන හිටපු පුරුපුරුගෙ කන් දෙකෙන් දුම් විසිවෙන්න පටන් ගත්තේ හෝල් එක ඇතුලෙ තිබුන රස්නෙටත් වඩා ඩීන් සර් කියපු එක්තරා කතාවක් හින්දා.


සයන්ස් ෆැකල්ටි එකේ තියෙන එක එක උපාධි ගැන කතා කරද්දි ඩීන් සර් අන්තිමට නැවතුනේ පුරුපුරු ඇතුලත් වෙච්ච අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධිය ළඟ.


“ඔව් අපි අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධියට තෝරගත්තු ළමයි හැට දෙනාගෙන් 18 දෙනෙකුට සිව් අවුරුදු විශේෂ උපාධි දෙනවා. ඉතුරු කට්ටියට පුලුවන් අවුරුදු තුනේ ජෙනරල් ඩිග්‍රි එක අරගෙන අයින් වෙන්න“


ඩීන් සර් මෙහෙම කියද්දි හීන් දාඩිය මහ දාඩිය වෙලා පූසාගේ ඇඟ දිගේ ගලාගෙන ගියේ මෑන්ස්ටත් හොරෙන්ම වගේ. 


“අවුරුදු තුනයි??? මේ යකාට පිස්සුද?“


අම්බානට කලබල වෙලා හිටපු පුරුපුරුට හිතුනේ මෙහෙමයි. ඇත්තටම මෙතනදි වැරදීම වෙලා තිබුනේ ඩීන් සර්ට නෙවෙයි, අපේ පූසාට. මොකද තුම්මුල්ල සක්වල තක්සලාවෙන් දෙන අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධිය අවුරුදු තුනේ උපාධියක් (ඒ දවස්වල). ඉතිං සිලෙක්ට් වෙන ළමයින්ගෙන් පළවෙනි අවුරුදු දෙකේ හොඳම රිසාල්ට් දාන ළමයි 18 දෙනෙකුට විතරයි ස්පෙෂල් ඩිග්‍රි එක දෙන්නේ. ඒත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මේක ගැන සඳහන් කරලා තිබුනේ හැමෝටම අවුරුදු හතරක උපාධියක් හම්බවෙන විදිහට. ඉතිං කැම්පස් එනකංම පුරුපුරු හිතාගෙන හිටියේ ඒ විදිහටලු.


දැන් පූසාට තියෙන ප්‍රශ්නෙ මේ වගේ ගොනාට ඇඳගත්තේ තමන් විතරක්ද කියන එක. වස ලැජ්ජාවයි. අප්සට් කෝටියයි. දැන් ගෙදර ගිහින් ගෙදර මිනිස්සුන්ට මොකද්ද කියන්නේ? ඒ මදිවාට හිනාවෙන්න බලාගෙන ඉන්න නෑදෑයන්ටයි අසල්වැසියන්ටයි? ෆස්ට් ෂයි කැම්පස් යන්න එපා කියලා මෙඩිසින් යන්න බලාගෙන තව පාරක් විභාගෙ කරන්නයි කිව්ව කස්ටියට ෆේස් කරන්නෙ කොහොමද? ඉතිං මේ විදිහට අපේ යාලුවා පත්වුණේ මෑන්ස් ජීවිතේ පත් වෙච්ච අසරණම අවස්ථාවකට.


එහාපැත්ත බලපු පුරුපුරුට පෙනුනේ මෑන්ස්ට එහායින් වාඩිවෙලා හිටපු කොල්ලත් අම්බානට බයවෙලා, රතුවෙලා ඉන්න හැටි. එතකොට තමයි පූසාට තේරුනේ මේ අවාසනාවන්ත ඉරණමට ෆේස් කරලා ඉන්නේ තමන් විතරක් නොවෙන වග. ඉතිං පුරුපුරු ෂේප් එකේ මෑන්ස්ට කතා කළාලු.


පුරුපුරු :- මචං! උඹ එම්.බී* ද කරන්නේ?

කොල්ලා (කෂියා) :- ඔව් මචං! උඹත් එම්.බී ද කරන්නේ? මොකද්ද බං මේ කියන්නේ ඩිග්‍රිය අවුරුදු තුනයි කියලා?


පුරුපුරු :- ඒක තමයි මචං. මම දැනුයි දන්නේ මේ ගැන. දැන් ස්පෙෂල් සිලෙක්ට් වෙන්න බැරි වුණොත් ආපු එකෙන් වැඩකුත් නෑ. ඒ මදිවාට මම ඩෙන්ටලුත් අතෑරලා ආවේ.


කෂියා :- අඩෝ මම දැනගෙන හිටියෙත් නෑ. යූජීසී එකේ තිබුනේ අවුරුදු හතරයි කියලනේ. මම මේ මෙඩිසින් යන්නෙත් නැතුව මේකට ආවේ.


බලාගෙන ගියාම කෂියා මාතර පැත්තේ ප්‍රසිද්ද ඉස්කෝලෙක හොඳ රෑන්ක් එකක් දාපු බුවෙක්. මෑන්ස් වගේම ගොඩක් ළමයි කැම්පස් එකට එද්දි උපාධිය අවුරුදු තුනයි කියලා දැනගෙන හිටපු නැති බව පූසාට ආරංචි වුණේ පස්සෙ කාලෙක. මොකද ගොඩක් වෙලාවට ළමයෙක් කැම්පස් එකට එද්දි තමන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පාඨමාලාව ගැන තොරතුරු දැනගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. ඉතිං ඒ අය එම්.බී උපාධිය අවුරුදු හතරයි කිව්වට පස්සේ ඒ ගැන අමුතුවෙන් හොයලා බලන්න කාටවත් උනන්දුවක් තියෙන්න නැතුව ඇති. ඇරත් අලුතින්ම පටන් ගත්ත උපාධියක් ගැන දන්න කට්ටිය සමාජයේ ඉන්නෙත් ගොඩක් අඩුවෙන් නොවැ!


කොහොම වුණත් මේ ගැන හිත හිතා ඉන්න විදිහක් අපේ යාලුවන්ට තිබුනේ නෑ. නැට් ශාලාවේ වැඩ කටයුතු ඉවර වෙච්ච ගමන් අලුත් ළමයින්ව පෝළිමේ කැම්පස් එකේ වෙනම පැත්තකට යවන්න සීනියර් අයියලා කටයුතු කළාලු. ආරක්ෂකයෝ පිරිවරාගෙන මේ පෝළිමේ යද්දි පුරුපුරුට දැනුනේ දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ නාසි වද කඳවුරකට ගෙනියන යුදෙව්වෙකුට වගේ හැඟීමක්. ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු නේද?

*තුම්මුල්ල සක්වල තක්සලාවේදී අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධිය කෙටි නමින් හඳුන්වන්නේ එම්.බී කියලයි.

ප.ලි - උපදේශය - ජීවිතේ බරපතල තීරණයක් ගන්න හැම තිස්සෙම ඒ ගැන හොඳට හොයලා බලන්න. විශේෂයෙන් විශ්ව විද්‍යාල පාඨමාලාවක් තෝරාගන්න කලින් කැම්පස් එකටම ගිහින් ඒ ගැන තොරතුරු හොයා ගන්න එක හොඳයි. (අලුත් පාඨමාලාවක්නම්)

25 comments:

  1. අපේ ඩිග්‍රී එකට අපි යන කාලෙත් අවුරුදු තුනයි ජෙනරල් ඩිග්‍රි එක. ලකුණු තිබ්බොත් ස්පෙෂල් කරන්න පුලුවන්. ඒත් දැන් අවුරුදු තුනේ ඩිග්‍රි එක ඉහලට ඉගෙන ගන්නකොට ලොකු බාධාවක් නිසා අවුරුදු හතර කරලා. මගේ නම් පූරුවෙ වාසනාවකට ස්පෙෂල් කරන්න ලකුණු ඇති උනා. ඒත් අවුරුදු තුනෙන් එලියට ගියපු ළමයි MSc, MPhil කරන්න බැරුව අමාරුවෙ වැටෙනවා. මේක UGC එක තේරුම් අරගෙන අවුරුදු හතරෙ ඩිග්‍රිම ඇති කරනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. දැන් මම කරපු උපාධියත් කැමති ඕනෙ කෙනෙකුට අවුරුදු 4ක් කරන්න පුලුවන් විදිහට සකස් කරලා තියෙන්නෙ. හැබැයි ඉතිං පොඩ්ඩක්වත් රිසාල්ට් නැති කෙනෙකුටනං කරන්න අමාරුයි. වැඩි විස්තර මේ සීරීස් එකේදිම කියන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි පිණිබිඳු!!!

      Delete
  2. ආ පූසො සෙට් එක කාලෙකට පස්සෙ බ්ලොග් ලියන්න ඇවිත් තියෙන්නෙ. දැක්කටත් සතුටුයි

    ReplyDelete
  3. තුම්මුල්ල සක්වල තක්සලාව කියන්නේ මොකක්ද? ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. සක්වල තක්සලාව කියන්නෙ විශ්ව විද්‍යාලයට සහෝ!

      Delete
  4. දැන් නම් කතාව කියවලා බලන්ට හොඳටම ආසයි.
    ඉතින් ඊට පස්සේ මොකද උනේ? :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි! ඉක්මනට දාන්නම්!!!

      Delete
  5. පූසා වධකාගාරයේදී මුහුණදුන් අත්දැකීම් ඉක්මනට දාමු බලන්න.

    ReplyDelete
  6. හප්පේ එකයි දෙකයි දෙකම බැලුවෙ අද... මාස 2කින් විතර නේද ලියන්නෙ මල්ලි... එල එල...

    ඉතිරියත් දාමු බලන්න....

    ReplyDelete
  7. සිරා සිරා... ඉතුරු ටිකත් දාන්න ඉක්මනට...

    ReplyDelete
  8. කොළඹ කැම්පස් එකෙත් ටිකක් විතර රැග්‍ එක තියනවා තමයි නේද...බලමුකෝ ඒ ටිකත් ලියන්නකෝ එහෙනම් :)

    ReplyDelete
  9. පව් බොල පූසා.. ඇත්තට එහෙම වුනාම ආයෙත් ඩෙන්ටල් යන්න බැහැනේ.. පව් !

    ReplyDelete
  10. මගෙ හිතේ දැන් ජෙනරල් ඩිග්‍රිය අවුරුදු 4 තියනව නේද.
    මටත් පහුගිය කාලේ මතක වෙනව.

    ReplyDelete
  11. මට මේක වැදගත්. එක්කෙනෙක්ට ටොක්කක් ඇනලා කියලා දෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා මේකෙ....

    ReplyDelete
  12. වෙල්කම් බැක් පූෂා... උඹල ආයෙ එනකොට අපි බිසි වෙලා... කියවන්න තියා ලියාගන්නවත් වෙලාවක් නැති වේගෙනයි එන්නෙ... :(


    කොටස් දෙකම අදඉයි කියෙවුවෙ...

    ReplyDelete
  13. කාලෙකින් බං මේ පැත්තට ආවෙ! ආයිමත් සුභ පැතුම් උඹට නිර්දේශ උන එකට!

    ReplyDelete
  14. හප්පෝ ඒ දවස්වල දකිනවා මොර‍ටුවේ කොල්ලෝ කෙල්ලෝ ‍රැග් එක කන තරමක්...තාප්පයක් නෑ නේ ඉස්සරහා කම්බි දැල් වලින් පේනවා කරන දේවල් ගොඩක්....

    ReplyDelete
  15. වෙනදට හිනා වේවි බැලුවට මේ පෝස්ට් එක කියවද්දී නම් දුක හිතුනා . අනේ ඒ ළමයින්ට ඇති වුන බය කොච්චරක් වෙන්න ඇත්ද . ජීවිතේට හොඳ පාඩමක් .

    ReplyDelete
  16. දැන්වත් අවුරුදු 4 ක් .... ලැබෙනවා නම් හොදයි....

    ReplyDelete
  17. maalu katta saha chatermaali life story eka iwara kaeala me series eka continue karanawanam api hungak kamathi.

    ReplyDelete
  18. සාමාන්‍යයෙන් අවුරුදු 4කට අඩු උපාධියකට ජාත්යන්තර පිලිගැනීම අඩුයි.. හිතාගන්න පුලුවත් පූසා වැටිච්ච තත්ත්වය.

    ReplyDelete
  19. අවූරුදු හතර ගෙඩි පිටින්ම තිබ්බ අපිට නම් කිසිම චොයිස් එකක් තිබ්බෙ නෑ...කෑවා කට්ට ගෙඩි පිටින්ම..

    ReplyDelete
  20. යූ. ජී. සී. එක කියන්නෙ මට ජීවිතේ ලොකු වංගුවක් ගන්න සිද්දකරපු තැනක්.
    ...
    ආයිත් පාරක් ලියන්න පටන් ගත්තු එක ගැන සතුටුයි. :)

    ReplyDelete
  21. පුසන්ටත් වෙන අකරතැබ්බ!! දිගටම ලියන්න!! අපි කියෝනවෝ!!

    ReplyDelete
  22. කැම්පස් ගිය කාඩ පූෂා....

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???