
Sri lanka live බ්ලොග් එකේ තිබුන සෝමදාස කියන පූසගෙ ෆොටෝ එක දැකලා බ්ලොග් ගඩොල්ටත් හිතුනා පුරුපුරුලගෙ ගෙදර හිටපු පූසො ගැනයි, උන්ට දාල තිබුන නම් ගැනයි කියන එක හොදයි කියලා.
පුරුපුරුලගෙ ගෙදරට මුලින්ම පූසෙක් සෙට්වුණේ මෑන්ස්ට අවුරුදු පහේදි.ඒ ගෙදර ඇතිකරපු පූසෙක් නං නෙවෙයිලු.නිකංම නිකං පාරෙ ඇවිද ඇවිද හිටපු පූසෙක්ලු.හැබැයි පූසෙක් කිව්වට පූසියෙක්.මූ නොම්මර එකේ හොර තක්කඩියෙක්.වැඩිපුර හිටියෙ පුරුපුරුලගෙ ගෙදරයි, එහා ගෙදරයි.හැබැයි ඒරියා එකේ හැම ගෙදරටම ගිහිල්ල හොරාකන්න මූට පුදුම ටැලන්ට් එකක් තිබුණෙ.පුරුපුරුලගෙ ගෙදර වුණත් මොනව හරි ප්‍රෝටීන් බහුල ආහාරයක් පේන්න තිබුනොත් ඒකට වගකියන්න මූට ආරාධනා කර කර ඉන්න ඕනෙ වුණේ නෑ.
මොනව උනත් පුරුපුරු ඉස්සර ඉදලම පූසන්ට ආදරෙයි.ඒක හින්ද මෑන්ස් මේ හොර පූසිව තමන්ගෙ සුරතලා විදිහට සලකන්න පටන් ගත්තලු.වැඩේ අප්සට් වුණේ එහා ගෙදර රුසියත් මූව තමන්ගෙ සුරතලා විදිහට ඇති කරන්න පටන් ගත්තට පස්සෙ.ඇයි මේ පූසා ගෙවල් දෙකේම ඉන්නවනෙ!දැන් දෙන්නටම ඕනෙ මෙයාව තමන්ට විතරක් අයිති කරගන්න.ඒත් පූස් අයිතිකාරකමෙන් ඉල්ලා අස්වෙන්න දෙන්නගෙන් එක්කෙනෙක්වත් කැමති වුණේ නෑලු.හරියට අපේ සනත් ලොක්කා වගේ.
අන්තිමට පුරුපුරුයි රුසියයි තීරණය කළාලු මූව ෂෙයාර් කරගන්න.දැන් ප්‍රශ්නෙ මූට නමක් දාන එක.දෙන්න කතා කරල තීරණේ කරගත්තලු නමේ ඉස්සරහ කෑල්ල පුරුපුරු දාන්නත්, පිටිපස්සෙ කෑල්ල රුසිය දාන්නත්.හැබැයි කවුරුහරි පහුවදා උදේ වෙනකොට නාම යෝජනා දුන්නෙ නැත්තං නම දැමීමේ තනි අයිතිය අනිකාට ලැබෙනව.
පුරුපුරු ඉතිං ගෙදර ගිහිං අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරනවලු පුසට දාන්න නමක්.මොකක් හරි හොද නමක් දාන්නත් එපායැ!පුරුපුරුට පුලුවන්ද එහෙම කාටවත් සෙකන්ඩ් වෙන්න?ඔහොම කල්පනා කර කර ටීවී එක බලද්දි තමයි ඒ දවස්වල ජනප්‍රිය ඇඩ් එකක් මෑන්ස්ගෙ කනට වැටුනෙ.ඒ තමයි
එවරෙඩි..... සුපර්හෙවි ඩියුටි.......
කියල සිංදුවක් තියන බැටරි ඇඩ් එක.පූසගෙ නමට මේකෙ කැල්ලක් හොදයි කියල පුරුපුරු තීරණය කළාලු.ඉතිං කලින් කතාවෙච්ච විදිහට දෙන්න පහුවදා සෙට් වුනාලු පුසට නමක් දාන්න.පුරුපුරු දාපු නම වුණේ "එවරෙඩි සුපර්හෙවි" කියන එක.රුසියත් හොද නමක් කල්පනා කරගෙන ඇවිත් තිබුනා.ඒක තමයි "පූස් බන්ඩි කපුරුස්" කියන නම.ඉතිං අන්තිමට මූගෙ නම වුණේ එවරෙඩි සුපර්හෙවි පූස් බන්ඩි කපුරුස්....
කොහොම වුණත් මේ නම පුසට එච්චර ගැලපුනේ නං නැහැලු.එවරෙඩි කියන එකනං හොදට ගැලපුනා.මොකද හොරාකාල කාල ගෙදර මිනිස්සු එද්දි පටගාල අතුරුදහන් වෙන්ඩනං මූ එවරෙඩි එකේ හිටියෙ.ඒ වුණාට මේ පුසගෙ පොඩ්ඩක්වත් බර තිබුනෙ නෑ.ඌට මහලොකු බඩක් තිබුනෙත් නැහැලු.ඒ හින්ද සුපර්හෙවි සහ බන්ඩි කපුරුස් කියන නම් මූට එච්චරම ගැලපුනේ නැහැ.ඉතිං පුරුපුරු හිතාගත්තලු මීටපස්සෙ පූසෙක්ට නමක් දාද්දි ටිකක් ලොජිකල් නමක් දාන්න ඕනෙ කියල.
මේ පූසගෙ හොරාකෑමටත් වඩා තිබුන ලොකුම කරදරේ තමයි මාස හතරෙන් හතරට වගේ පැටව් දාන එක.ඉතිං මේ පැටවුන්ව හදාගන්න වුණෙත් එක්කො පුරුපුරුලට, නැත්තං රුසියලට.මුලින්ම හදාගත්තු පූස්පැටියව පුරුපුරුට පෙනුණෙ පොඩි සිංහ පැටියෙක් වගේ.ඉතිං එයාට නම දැම්මලු "ලයනල්" කියලා.(lion = lionel)
ඊටපස්සෙ හිටපු පූසන්ටත් දැම්මෙ ඔයවගේ නම් තමයි.නිතරම නිදාගෙන කම්මැලිකමෙන් හිටපු පූසට දැම්මෙ "කල්පනා" කියලලු.
දවල්ට ඇවිදින්න ගිහිං රෑට විතරක් ගෙදරට එන්න පුරුදු වෙලා හිටපු පූසා තමයි "අයාල්"
ලිදට වැටිල ගිලෙන්න ගිහිං කඹයක් දාල බේරගත්ත පුසා "ලයිෆ්බෝයි"
ගෙදර මිනිස්සුන්ට එච්චර හිතවත්කමක් නොදක්වපු එකා "නේපියර්" (නෑ ආදරය = නෝ ප්යාර් = නේපියර්)
දැනුත් පුරුපුරුලගෙ ගෙදර පූස්පැටව් තුන් දෙනෙක් ඉන්නවලු.උන්ටනං තාම නම් දාල නෑ.දැම්මට පස්සෙ කියන්නංකෝ!
මේක නිකම් "අපේ නිවසයි අනෙක් සත්ත්තුයි" පොතේ chapter එකක් වගේනෙ!
ReplyDeleteකොහොම උනත් නියම නම් ටික!!
හිහ් හිහ් මල් 7 යි. අෙප් පූසාෙග් නම බණ්ඩා
ReplyDeleteමරු නම් ටික මොනව උනත් :D
ReplyDeleteඅපේ අල්ලපු ගෙදර ඉන්න පූසගෙ නම 'අයිවන්'. උගේ එක ඇහැක් පේන්නෙ නෑ.
ReplyDeleteපට්ට නම් සෙට් එක :P
ReplyDeleteඅපේ එහා ගෙදර මල්ලි පූසට කියන්නෙ පතිරාජ කියල , කලින් හිටපු පූසට කිව්වෙ ආනන්ද කියල hikzz :D
ReplyDeleteහැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ!:)
ReplyDeleteළගපාත ගෙදරක තව පූසෙක් හිටියා ත්‍රීවීල් කියලා.උගෙ තිබුනෙ කකුල් තුනයි.ඉතුරු එක කබරයෙක් කාලා
එක්තරා විශ්ව විද්‍යාලයක තියෙන " නලපාන පීඨයේ " අවට ගැවසෙන ගොඩක් සුනඛ පොතකයින්ටත් අපි කියන්නෙ ත්‍රීවීල් කියලා තමයි .හී හී
Deleteනියම නම් සෙට් එක. අපේ ගෙදරත් ඉන්නෙ අහල පහළින් ඇවිල්ල පදිංචි වෙච්ච පූසෙක් තමයි.
ReplyDeleteපුරු පුරු නෙමෙයි.. අපිත් පූසට ආදරෙයි තවමත්.. හෙහ් හෙහ්
ReplyDeleteසිසිල් වෛද්‍යරත්න හිටපු හමුදාපතිගේ බල්ලගේ නම ඩෙන්සිල් ලූ. හිතාගන්න පුළුවන් නේ ඇයි කියල.....
@ Praසන්ன - පූසන්ව යාලු කරගන්නෙ කොහොමද කියලා වෙනම පෝස්ට් එකක් දාන්නංකෝ! :)
ReplyDelete@ මාතලන් - සිරාවට?? අදමයි ඇහුවෙ!!
අපෙ ගෙදරනම් පුසෝ නෑ. එත් අහල පහල ඉන්න පුසන්ට අයියා නම් දාලා තියෙනවා..
ReplyDeleteසමනා, ඉමිතියාස්, දැවැන්තයා..
සිරා නම් ටික අයියා. නම් දැමීම කියද්දි මට මතක් වුණේ අපේ පන්සලේ හිටිය බල්ලාව.
ReplyDeleteඋගේ නම " අතරමං" ඒ බල්ලව පන්සලට කවුරුහරි රෑ ජාමේ ගෙනත් දාලා තිබ්බ එකෙක්. ඌව අතරං කරලා තියෙන නිසයි ඒ නම දාල තිබුණේ :)
අපේ මාමගේ ගෙදර ඉන්න බල්ලගේ නම "හපයි" :O
ReplyDelete@ හසී, හසිත, & ගීත් - මාර නම් තමයි දාල තියෙන්නෙ!බලාගෙන ගියාම දැන් කාලෙ සාමාන්‍ය නමක් තියෙන බල්ලො පූසො හොයාගන්න එක හරිම අමාරු වැඩක් වගේ!! :D
ReplyDeleteඅපේ පැත්තේ "ප්රභාකරන්" කියල පුසෙක් ඉන්නවා.....එයා ඉපදුනේ ප්රභාකරන් මැරපු දවසේ.....ඒකයි ඒ නම දාල තියෙන්නේ.... :D
ReplyDeleteමං නම් ඔන්න පූස් නම් දන්නෑ..... දන්නැද්ද ගෑණු ලමයි දානේ හුරුබූටි නම් නේ.... යාළුවොන්ගේ පූසො එක්කො සුදු පූසි කිටිය ඔයවගේ සාමාන්‍ය නම්,........
ReplyDelete@ හසියා - ඒකත් සිරා වැඩේ තමයි!
ReplyDelete@ හා පැටික්කි - ගෑනු ළමයි දාන නම් කියුට්!
පිරිමි ළමයි දාන නම් ක්‍රියේටිව්!! නැද්ද නංගි?:P
අහල පහල් හිටි ලයනල්ලගෙන් පුරු පුරු ගුටි කෑවෙ නැද්ද දන්නෑ?
ReplyDeleteඑළම කිරි :) . කොහෙංද ඕයි ඔය නම් කල්පනා වෙන්නෙ? පුරුපුරුට ළමයි ඉන්න කාලෙක ඒ නමුත් දාන්න. අනිවාර්යෙන්ම සිරාවට තියෙයි. පූසන්ට මෙහෙම නං උන්ට කොහොම තියෙයිද? :P
ReplyDelete@ isimbuwa - හික් හික්!! අම්මගෙන් නං තව පොඩ්ඩෙන් ගුටි කනවා පූසන්ට මිනිස්සුන්ගෙ නම් දානව කියලා...:)
ReplyDelete@ rmtrbk - තෑන්ක් යූ වේවා මචෝ! පුරුපුරු තාත්ත කෙනෙක් වුණාම ළමයින්ට දැම්ම නම් ටික කියන්නංකො!!:D
ඔන්න ටිකෙන් ටික බලල ඉවර කරා බ්ලොග් එක
ReplyDeleteඅපේ ගෙදරට එන පූසෙක් ඉන්නවා මාමා පූසා කියලා..
ReplyDelete@ රවා - :b
ReplyDelete@ කුමාරි - :r ඌ එහෙනං සෑහෙන්න ලොකු පූසෙක් වෙන්න ඇති!
හා හා... අපේ පූසගේ නම කරලැයින්... අපේ අම්මා තමයි නම දැම්මේ.
ReplyDeleteඌ අති දක්ෂ දඩයක්කාර පූසියෙක්. හොඳට කැරපොත්තෝ අල්ලනවා. ඒ නිසා අපි ඌට මුලින්ම දාපු නම "කැරපොත්ති". හැබැයි ඌ ඒකට මනාපයක් දක්වපු නැති නිසා අපි කැරලැයින් කියලා නම දැම්මා. ඒක පස්සේ සින්හල ඌරුවට කරලැයින් වුනා.
ReplyDeleteප.ලි.: කරලැයින්ගේ අම්මා හීන් මැනිකේ. හොර පූසියක්. තාත්තා ජිනේරිස් නොහොත් ජීනා... පළාතේ පූස් ගැංසිය රන් කලේ ඌ තමයි. අම්මගේ හොඳම යාලුවෙක්ගේ ගෙදර සැපට හැදෙන තඩි පර්සියන් පූසෙක්...!
@ Pathum Punchihewa - හික් හික් හික්!!! හිනා කාල මැරෙනවා...පංකාදු පහේ නම් ටික..එලම කිරි!!:q
ReplyDeleteමැක්ස්..........
ReplyDeleteමේ දවස් වල අපේ ගෙදර ඉන්න පූසා තමයි " සයිමන් හෙවත් කොටියා" උගේ එක කුස උපන් අයියා ලඟදි මලා ඌ 'පොට්ට කලූ'.
අපේ ගෙදර හිටපු පූසන්ට නම් දාන්නෙ මලයා තමයි.
තාත්තා = කොටියගේ තාත්තා
කන් කුන් = කන් කුන් හොරා කෑම
රාලහාමි = වටේම ඉන්න පූසන්ට ගේම් දීම
@ harshana - හික් හික්!! සිරා නම් ටික මචෝ.අපේ පැත්තෙත් පූසෙක් හිටියා රාලහාමි කියලා.ඌට එහෙම දැම්මෙත් වටේම ඉන්න පූසන්ට ගේම දීපු හින්දයි.:b
ReplyDeleteඅපේ ආන්ටි කෙනෙක් ඉන්නවා. එයාලගෙ ගෙදර වැඩේම නාට්‍ය බලන එක. ඉතින් පූසන්ට දාල තියෙන්නෙ, බට්ටි, තුල්සි, පබා, කරන්, මිහිර් ඔය වගේ නම්,,,, :f
ReplyDelete@ රන් - හික් හික්!! ඒ කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පූසොත් ඉන්නවා නොවැ!:q
ReplyDeleteඑල නම් ටික....
ReplyDeleteඅපේ ගෙදර හිටිය බල්ලට නම දාලා තිබුනේ "කාපිය" කියලා
ReplyDeleteඅල්ලපු ගෙදර ඒකාට නම දාල තිබුනේ "කෙලියා"කියලා...
පූසියෙක්ට දාන්න නමක් කියන්නකො
ReplyDeleteඅනේ මටත්
Delete