අඹ යාලුවෝ

Thursday, January 19, 2012

පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද?


අද සෑහෙන කා‍ලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස ලියන්න කියලා හිතාගෙන. ඒත් උදේ පාන්දර අපේ රත්ගමයා ලියලා තිබුන ලිපියක් සහ ඒකට ඇවිත් තිබුන කොමෙන්ට්ස් ටික දැකලා හිතුනා මමත් මේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළොත් හොඳයි කියලා. ඉතිං මේ ලිපියත් ප්‍රශ්න සහ පිළිතුරු ස්ටයිල් එකෙන් ඉදිරිපත් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න නේද යන්නේ?

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අමුතුවෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැනටත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වල රජයේ උපාධි පාඨමාලා වලටත් වඩා පෞද්ගලික උපාධි පාඨමාලා ගණන වැඩියි.

2) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද?

මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ  විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.

3) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි.   

දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න. 

ඒ වගේම කියන්න ඕනෙ දැනට මේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්න මහා ලොකු මුදල් කන්දරාවක් තියෙන්න ඕනෙ නෑ.

එතකොට ගොඩක්ම දුප්පත් පවුල් වල ළමයි මොකද කරන්නෙ?

මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි.

4) පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මුදල් තියෙන ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම උපාධිය ගන්න පුලුවන් (උපාධි කඩ)

මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්. ඕනෙම අධ්‍යාපන ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ එයින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත. ඒ නිසා මගේ අදහස රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් තියෙන එකක් නෑ කියලා. කොහොම වුණත් වෙනම ආයතනයක් පත් කිරීම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි, දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.

5) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ

මේකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. රටේ ඉන්න හොඳම මොළ ටික රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බව ඇත්ත. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සමහර ළමයින්ට වඩා බුද්ධියෙන් වැඩි, ඒවාට තේරී පත්වෙන්න බැරිවෙච්ච ළමයි ඉන්නවා. මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ. උදාහරණයක් විදිහට මම හදාරපු උපාධිය ගත්තොත්, බැච් එකේ මුල් ස්ථාන වලට පත්වුණ ළමයින්ගෙන් බහුතරයක් බෝට්ටු වලින් ආපු කට්ටිය. වැඩි ඉසෙඩ් අගයක් අරගෙන නැවෙන් ආපු ගොඩක් ළමයින්ගෙ ප්‍රථිපල අර ළමයින්ට වඩා අඩුයි.

6) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ කරදරකාරයින්. මුන් ඉගෙන ගන්නෙත් නෑ, අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ.

මේක තමයි ලොකුම මිත්‍යාව. රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ටීවී එකෙන් උද්ඝෝෂණය කරනවා දකින සුලුතරය නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන ගැනීම අවශ්‍ය, ඒ වෙනුවෙන් බොහෝ කැපවෙන පිරිසක්. ඒත් කවුරුහරි සුලු පිරිසක් කලබල කරපු ගමන් සමහර මාධ්‍ය ඒවා මාකට් කරන්න ලේසි නිසා උලුප්පලා පෙන්නනවා.

අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පේරාදෙණියේ සහ කොළඹ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය (බොහෝවිට) වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේම විද්‍යා පීඨයක් සහ ශාස්ත්‍ර පීඨයක් ගත්තොත් ඒ දෙකේ සිසුන්ගේ හැසිරීම් රටාව වෙනස්. ඒ හින්දා මේ ප්‍රශ්නයේදී සුලු පිරිසක් හඳුන්වන්න පුලුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙන “රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයා“ යන ආමන්ත්‍රණය යෙදීමත් සුදුසු නැහැ (මම මේ යෙදීම භාවිතා කළේ නිතර දෙවේලේ යෙදෙන ආමන්ත්‍රණය නිසා). 

7) රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට දේශපාලනය කරන්න හොඳ නැද්ද?

රජයේ විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් පවා වැඩිහිටියන් නිසා දේශපාලනයේ යෙදෙන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් දේශපාලනය අධ්‍යාපනය එක්ක පටලවා නොගන්නා එක ශිෂ්‍යයන්ගේ වගකීමක්.

8) නිදහස් අධ්‍යාපනය ඕනෙ නැද්ද?

නිදහස් අධ්‍යාපනය නිසා රටේ ජනතාවට ලැබී තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ අනුව බලද්දි නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තව දුරටත් තිබිය යුතුයි. ඒත් ඒ අවස්ථාව අහිමි වෙච්ච සිසුන්ට අධ්‍යාපනය තව දුරටත් ලබන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ඇති කළ යුතුයි. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය නැති කරලා නෙවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු අය විදිහට රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ ගැන ආදරයක් තියෙනවා.

9) ඇත්තටම තියෙන ප්‍රශ්නය

සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම

බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.

සංවාදයට විවෘතයි.

222 comments:

  1. කාලෙකට පස්සේ මධ්‍යස්ථ අදහස් ටිකක් කියවන්න හම්බ උනා. අද බොහෝ දෙනා අඳුරේ අතපත ගෑමක් තමයි කරන්නේ. හරි අවබෝධයක් නෑ. බුද්ධිමත් සාකච්ඡා පේන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. බලමු අනිත් කට්ටිය කියන්නේ මොනවද කියලා

      Delete
  2. // සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.

    "සිසුන් මෙහෙයවන" කියලා එකක් නෑ.

    මොකද රත්ගමයා බබෙක්ද? පොර හිතට එකඟවයි නේ ඒක ලියලා තියෙන්නේ. ඌට බනින්නේ මෝඩයෝ. හුඟ දෙනෙක් ඇනෝ ලා විදියට ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්!! ෆස්ට් ඉයර් කට්ටිය තමන්ම හිතලා පෙළපාලි යනවා ඇති නේද කකා? :)

      Delete
    2. මං කිව්වේ රත්ගමයා ගැනයි. Not about first years as a group.

      බලෙන් අරං ගියා කියමු, බලෙන් ලිපියක් ලියවන්න ඇහැකිද?

      Delete
    3. බලෙන් ලිපි ලියවන්නනං බැහැ තමයි. ඒත් බ්‍රේන් වොෂ් වුණාට පස්සෙ ආපහු අමුතුවෙන් බල කරන්න ඕනෙ නෑනෙ. මම හිතන්නෙ ඔය බ්‍රේන් වොෂ් එක කකාලගෙ කාලෙ ඉඳලා තියෙන්න ඇති. මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඒ ගැන.

      අනික මම “සිසුන් මෙහෙයවන“ කියලා කතා කළේ සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන මිසක් රත්තා ගැන විතරක්ම නෙවෙයි.

      Delete
    4. අත්තටම 1st years ල හිතල නම් යන්නෙ නෑ තමයි පූසෝ. මම දන්න විදිහට කැමති නෑම නම් නොය ඉන්න පුලුවන්. මේක නිකන් කියන්නෙ නැ. එක තමයි උද්ඝෝශන පහුගිය කාලෙ නොතිබුනේ. මොකද, පහුගිය ටිකෙ අන්ඩුවට විරුද්ධ වෙන එක අනන්තරිය පාප කරුමයක් වෙලනෙ තිබුනෙ.

      Delete
    5. අංජන - මේක වෙනම මාතෘකාවක්. හරි හිතන්නකෝ ඔයා පිකට් එකක් තිබිලා ගියෙ නෑ කියලා. ඊටපස්සේ ඔයාට අත්වෙන ඉරණම මොකද්ද? කලින් වගේම ආදරණීය පිළිගැනීමක් ඔයාට ලැබෙයිද? කැම්පස් වල වාතාවරණය සකස් කරලා තියෙන්නේ එහෙමයි. මම ඒ ගැන හොඳටම දන්න නිසයි කියන්නේ

      Delete
    6. කොලඹ නම් මම දන්නෙ නෑ. මම ගියපු පිකටුත් තියෙනවා, නොගියපු ඒවත් තියෙනවා, සමහර ඒවට වි.වි. අතුලෙ බැනලත් තියෙනවා. අපේ වි.වි. ත් ඔහේ යන කට්ටියත් ඉන්නවා. කඩෙයන කට්ටියත් ඉන්නවා. බයෙ යන අයත් ඉන්නවා. මට කවදවත් එකෙක්වත් ඔය වගෙ දෙවලට ගහන්න අවෙත් නෑ. අවු. 4න් ලස්සනට අවුට් වෙලා දැන් ලස්සනට හොඳ ජොබ් 1 කුත් කරනවා.

      Delete
    7. කතන්දර කියන මෝඩයා දන්න දෙයක් නෑ.උඹල හරි මල්ලිලා.කොහොමත් කතන්දරගේ බ්ලොග් එකත් වැඩක් ඇති එකක් නෙමෙයිනේ.
      සොක්‍රටීස් කියලා තියෙනවා "තමන් නොදන්න බව නොදන්න එවුන්ට කාටවත් පිහිටවෙන්න බෑ කියලා"
      රත්ගමයා සහ කතන්දරලත් ඒ බොට්ටුවෙම තමයි ඉන්නේ.අඩුම තරමේ උන් දන්නේ නෑ උන් කඩේ යනවා කියලවත්.

      Delete
    8. මගේ විසඳුම ලිව්වා හෙට දාන්නං.

      Delete
    9. ෆලමු වසර කියලා කවුරුවත් කාටව්ත් කඩේ යන්නේ නෑ.මම කැම්පස් යන්න කලිනුත් පෝස්ට් එකක් දැම්මා මේ ගැන.එතනත් ඉදියේ මේ මතයේම තමයි.
      නායකත්ව පුහුනු කියලා ප්‍රකෝටි ගනන් වියදම් කරන්න පුලුවන්.ඒත් දෙයියනේ කැම්පස් එකකට තව කම්පියුටර් දෙක තුනක් දෙන්න සල්ලි නැති වෙන එක තමා වැඩේ.ඉගෙන ගන්න හරියට පහසුකමක් නැති..ලැබ් එකකට ඕන කරන පරීක්ෂන කට්ටලයක් නැති පීඨ මහගොඩක් අද කැම්පස් වල තියෙනවා..රජෙයේ විශ්ව විද්‍යාල වලට මෙහෙම කරනකොට සල්ලි තියෙන අම්මගේ තාත්තගේ දරුවා රජයේ විශ්වවිද්‍යාලෙකට යන්නේ නැතුව ප්‍රයිවට් එකකට යන එක නවත්තන්න පුලුවන් කාටද?
      අන්තිමට රජයේ විශ්වවිද්‍යාල කියන ඒවා දුප්පත් මනුස්සයගේ කොල්ලට කෙල්ලට සින්නකර වෙනව නේද....
      මේක දැන් තේරෙන්නේ නැති මිනිස්සු තව ඉස්සරහට තමන්ගේ දරුවට හොදට ගන්නන්න ලක්ෂ ගනන් හොයන්න මහන්සි වෙනකොට තේරේවි.....

      Delete
    10. //ෆලමු වසර කියලා කවුරුවත් කාටව්ත් කඩේ යන්නේ නෑ//

      එතකොට රත්තලා රැග් වුණේ නැද්ද? ඒ කාලෙදි කණිෂ්ටයන්ට තෙල් ගහලා තමන්ගේ මතයට නම්ම ගත්තාම ඇති. ඊටපස්සෙ ආපහු බලපෑම් කරන්න දෙයක් නෑ. වයින් කළාට පස්සේ බලාගෙන ඉන්නයි තියෙන්නේ.

      තමන්ගේ මතයට එකඟ නොවී අල වෙන අයට අත්වෙන ඉරණම ඉතිං මම කියන්න ඕනෙ නෑනෙ නේද?

      Delete
    11. කඩෙයන අය ඉන්නවා ඒ ගොඩ දෙනෙක් යන්නෙ ඔන්න ඔහෙ යං අනේ... කියල

      ඒකට ජෙප්පොන්ට බැනල වඩක් නෑ. කඩේ නම් අන්ඩුවට ගියත් කඩේ, ජෙප්පොන්ට ගියත් කඩේ

      Delete
    12. @BLOG ගඩොල් :
      මචං උබ රැග් වෙලා නැති හන්දයි කියන්නේ. රැග් කාලේ විතරයි කඩේ යන්නේ. ඒ අළුත් නිසා. රැග් ඉවර උනාම තනි බැච් එකක් වෙනවා. එතකොට බැච් මීටින්වල කතා කරලා තමන්ගේ මතයන් අනිත් අයගෙ මත එක්ක ගැටිලා හරියි කියලා හිතෙන දෙයක් මිසක් කාටවත් කඩේ යන වැඩ කරන්නේ නෑ.

      පිකටින් එකකට උනත් වැඩන් නෑ කියලා හිතුනොත් යන්නේ නෑ. ඒක නිදහස !!!
      හැබැයි හරි දේකට සාධාරණ දේකට නම් ඕන දේකට යනවා.

      Delete
    13. මචං උඹ මම ගැන හිතාගෙන ඉන්නෙ වැරදියටයි. අපේ කැම්පස් එකෙත් උඹලගෙ තරම් නැති වුණත් පොඩි රැග් එකක් තිබුනා. ඒ හින්දා බැච් ගැනයි බැච් ෆිට් ගැනයි මමත් දන්නවා. මම අහන්නෙ රැග් එකෙන් පස්සෙ ස්වාධීනව තීරණයක් ගන්න තරම් පරිසරයක් කැම්පස් එක ඇතුලෙ තියෙනවද? අනික බැච් මීටින් කිව්වට ඕකට බැච් එකම එන්නෙ නෑනෙ. ආවත් කරන්න ඕනෙ දේ මීටින් එකට කලින්ම කීපදෙනෙක් විසින් තීරණය කරලනේ තියෙන්නේ.

      පිකට් එකට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ බැච් එක පිටින් මිසක් තනි තනියෙන් නෙවෙයිනේ. ඉතිං බැච් එකේ පිකට් යන්න අකමැති එකාට පවා ඒකට යන්න වෙනවා නේද?

      අනික 2 සහ 3 වසරවල ළමයි අඩුවෙන් පිකට් වලට යන්නෙ ඇයි? ඒ අයට කාලයත් එක්ක ඇත්ත නැත්ත තේරිලා නෙවෙයිද? මම උඹලගෙ කැම්පස් එක ගැනත් හොඳට දන්නවා. මම දැනටත් උඹලගෙ කැම්පස් එකට ඇවිත් නැවතිලත් ඉන්නවා.

      Delete
    14. කැම්පස් එකේ ඕනම කෙනෙක්ට ස්වාධීනව තීරණ ගන්න පුලුවන්. පිකට් යන්න ඕන නෑ කියලා හිතුනොත් යන්නේ නෑ. යනවා කියලා හිතුනොත් යනවා. තීරණ ගැනීමේ නිදහස තියෙනවා.

      බැච් මීටින් වලට බැච් එකම එන්නේ නෑ. ඒත් ඒක ඇත්ත. නමුත් එවුන් නේවාසිකාගාර වලදි කතා බහ මගින් දැනුවත් වෙනවා. කරන්න ඕන දේ කලින්ම තීරණය කරලා එන්නේ නෑ. රෙපාගේ මතය මේ ගැන කියලා ඊට පස්සේ ඉන්න එවුන්ගෙන් අදහස් අහනවා. අහලා ඉවර වෙලා තමා තීරණයක් තෝරන්නේ. අපේ නම් ඔහොමයි මචං

      2, 3 වසරවල් වල විතරක් නෙමෙයි බං ගොඩක් වෙලාවට 4 වෙනි වසරවල් වලත් කට්ටිය අඩුයි. පලවෙනි වසර තරම් නිදහසක් අනිත් වසරවල් වල නෑ. සමහර වෙලාවට සති අන්තයෙත් දේශන. සමහර වෙලාවට ප්‍රොජෙක්ට්, එසයිමන්ට් තියෙනවා. පිකට් වලට යනවා වගේ ඒවත් කරන්න එපැයි. !!

      Delete
    15. මම නම් පේරේ note කරපු එකක් තමයි තියෙන හැම faculty එකේම නවකයන්ට bucket එක ලැබුන ගමන හරි ඒ කිට්ටු වෙන කලේ වෙද්දී මොනවා හරි ප්‍රශ්නයකට ලොකු උද්ගෝෂණයක් කරනවා. ඒකාලේ වෙද්දී නවකයෝ හිතාගෙන ඉන්නේ අපි කැම්පස් අව, මේකේ ඇතුලේ තියෙන හැම දේම කරලා ගියේ නැත්නම් වැඩක් නැහැ. අපේ batch එකේ 100ය නම්, ඒකෙන 99ක් වත් එක්කගෙන යන්න බැරිනම් සින්නො හිතාවි අපි අල කියලා, අපේ batch fit එක නැ කියලා. උඩ batch එකේ රෙපා අයියා අපේ රෙපාට ලෙඩේ දැවී මොනවද මල්ලි උබලගෙන් මෙච්චරද ඉන්නේ කියලා. (හැබැයි උඩ batch ඒකෙන එහෙමවත් පැමිණීමක් නැ, මොකද ඒ අයියලා අක්කලාට වඩාත් වැඩත් තියෙනවා, ඊට වඩා කලින් අවුරුද්දේ ඔයකලේම ගුටි කාල දුවලා අත්දැකීමුත් තියෙනවා) ඉතින් තමන්ට ගොඩක් වෙලාවට batch trip එකට කලින් trip එක තමයි මේක. කට්ටියම bus එකේ කොලබ ගිහිල්ල UGC පොඩ්ඩක් කෑගහන එක.
      කතාව ඇත්ත නේද? මේක කොහෙත් එකයි.

      Delete
    16. මතක ඇති රුහුණ eng එකේ උද්ගොෂනයටත් පොලිසිය ගැහුවා . ඒකට 1st yearsla හිටියෙම නෑ. ඒ වගේම ඒ faculty එකේ දේශපාලනේ ඇත්තෙම නෑ . මේකට academic ස්ටෆ්ෆ් එකත් විරුද්ද වෙනවා නම් ඒ කියන්නේ මේකේ අර බ්ලොග් ගඩොල් කියනවා වගේ කුහක්ත්වයක් ඇති පිරිස් අඩුයි නේද? ~Sadisha~

      Delete
  3. ඔය කැම්පස් ඉද්දි පොර ටෝක් දෙන උන් ගොඩකට එලියට ඇවිත් කාලයක් යන කොට ඇත්ත තේරෙනවා .ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයි ආණ්ඩුවේ කැම්පස් වල ඉගෙන ගත්ත ඩොකා ලා , ඉංජලගේ ලමයි තමයි . ඉහ නිකට පැහැණු කතන්දර තවමත් රත්ගමයලාගේ ලිං මැඬි මතයට පෝර දාන්නේ කතන්දරට තදබල විදිහට තියන "පේරා" උණ නිසාද? කතන්දරගේ ලමයින් ලංකාවේ විශ්ව විද්‍යාලයකට දාන්න අවශ්‍යතාවක් නැති නිසාද ?

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා බ්ලොග් ගඩොල් වෙතින් ඉතාම හොඳ මධ්‍යස්ථ ලිපියක් !

      Delete
    2. @ Buwa
      පුද්ගලික වාසි අවාසි මත මගේ අදහස් සැකසී නැති බව කරුණාවෙන් දන්වමි.

      යමෙකු දැක්වූ අදහසකට පිලිතුරු දැක්වීමේදී එය ලිවූ අයගේ පුද්ගලිකත්වය ඈදා ගැනීම අදහස් අතින් දුප්පත් අයගේ උපක්‍රමයක් නේද?

      මට ඇති පේරා උණක් නැත, නමුත් කතන්දර ලියන කොට පේරාදෙනිය ගැන වැඩිපුර ලියවෙන එක අනිවාර්්‍යයෙන් වෙන දෙයක් නේද?

      Delete
    3. කකා මෙතන රත්ගමයාට පුද්ගලිකව පහර දීමක් සිද්ද වෙලා නෑ. එයාගේ ලිපිය දැකලා මට මේ ලිපිය ලියන්න හිතුනා කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ

      Delete
    4. පැහැදිලියි! ඔබ හරි.

      Delete
    5. පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මට පස්සේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ස්වභාවිකවම කඩා වැටෙනවා.ටික කාලයක් ගියාට පස්සේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉන්න සිසුන් හා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට මුදල් නොමැති වීම නිසා යන්න බැරි වුණ සිසුන් කියන කොට්ඨාශ දෙක අතරම පවතින සමාජ ක්‍රමය දිහාවෙ වෛරයකින් බලන්න පුළුවන්.මොකද ඔවුන් දෙගොල්ලටම මේ ක්‍රමය තුළින් අසාධාරණයක් වෙනවා.එක අතකින් රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉන්න සිසුන්ගේ උපාධියට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.අනික් අතින් ඔවුන්ට ලැබෙන පහසුකම් කප්පාදු වෙනවා.ඊට පස්සේ මේ විශ්වවිද්‍යාල පද්ධති දෙකටම යන්න බැරි වුන දුප්පත් ළමයිගෙ මානසිකත්වය ගැන හිතන්න.රාජ්‍ය විශ්වවිද්‍යාල විතරක් තියෙනවා නම් විභාගයක් තුළින් ගන්න නිසා තමන්ට ලකුණු මදි වුණ නිසා විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණා කියල හිත හදාගන්න පුළුවන්.ඒත් මුදල් නැති නිසා උසස් අධ්‍යාපනය ලබන්න බැරි වීම කියන්නේ ඔවුන්ට ලොකු අසාධාරණයක් නෙවිද?තමන්ට වඩා අඩු රිසාල්ට් තියෙන කොල්ලෙක් ඩිග්රිය ගහල ඉද්දි වැඩි රිසාල්ට් තියෙන කොල්ලෙක් තුළ සමාජයට වෛර කරන්න පෙළඹෙන්නේ නැද්ද?
      අනික පෞද්ගලික වීශ්වවිද්‍යාල දැම්ම කියල ශිෂ්‍ය අරගල නවතින්නේ නෑ.ටික කාලයක් ගියාට පස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල ළමයිම පාරට බහිවි ගාස්තු අඩු කරන්න කියලා.එහෙම උදාහරණ ඕන තරම් බටහිර රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ආශ්‍රිතව තියෙනවා.අනික් අතින් ආමාරුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන සමහර ළමයි මුදල් හොයාගන්න විවිධ අපචර්යා වලට යොමු වෙන්න පුළුවන්.ඒවටත් උදාහරණ ඕනෙතරම් පිටරටවල තියෙනවා

      Delete
  4. මගේ මතය මම බුවාගේ සහ මාතලන්ගේ පෝස්ට්වලදි කියලා තියනවා. නමුත් මේ පොස්ට් එකත් ඉතාම සමබරව ලියා ඇති නිසා මම කැමතියි යමක් එකතු කරන්න. මම ඉන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල වලට පක්ෂ පිලේ තමයි. හැබැයි මගේ කොන්දේසි කීපයක් තිබෙනවා. ලංකාවේ උසස් අධ්‍යාපනය ගැන වගකියන ඉතාම බලසම්පන්න යම් නියාමන ක්‍රමවේදයක් සහ ආයතනයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙකේම පාලනය එකම මූලික ආයථනයකින් සිදු වෙන්න ඕනෙ. පුද්ගලික ආයතන වලින් හොයන මුදලින් කොටසක් රජයේ විශ්වවිද්‍යාල වල ප්‍රගතියට යෙදවෙන්න ඕනෙ. තවත් කියනවනම් ලාභලබන පරමාර්ථයම මූලික නොවී උසස් තත්ත්වයම මේ විශ්වවිද්‍යාල වලත් තිබිය යුතුයි. හිතුමතේට මෙයාලට තීරන ගන්න බැරිවන විදියේ යම් ක්‍රමවේදයක් ඇතිකල යුතුයි.

    එහෙම නැතුව මේවාට බාධා කිරීම නම් මම හිතන්නේ පසුගාමී වැඩක්. කල යුත්තේ මේ විවාදය නෙමෙයි. පුද්ගලික ආයතන කොහොමද අනෙක් ආයත්න හා සමව ගෙනියන්නේ? ඒ ලාභය කොහොමද විශ්වවිද්‍යාලවල දියුනුවට යොදා ගන්න්නේ වගේ විවාද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහ වෙදනාට. මගේ මතයත් මේකයි. කලින් මතක් වුණානම් ලිපියෙම ලියන්න තිබුනා.

      Delete
    2. ඇත්තටම මෙන්න මේකයි වෙන්න ඕනෙ. ඒ වගේම රජයේ ඇදුරුතුමන්ලාට අනේ මාත් පුද්ගලික විශ්වවිද්‍යාලයක් උගන්නන්න ගියානම් හොදයි කියන හැගීම එන්නෙ නැති වෙන්න රජය වැඩ කටයුතු කරනවානම් ඔක්කොම හරි.. :))

      Delete
    3. වෙද මහතාගේ අදහසට මාත් එකඟයි. මහන්සි වෙලා උසස් පෙළ සමත් ළමයින්ට නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. අනිත් අයට සල්ලි ගෙවල ගිහින් ඉගෙන ගන්න පුළුවන්. එයාල වියදම් කරන සල්ලි වලින් කොටසක් අර රජයේ වී වී වල ට දෙන්න පුළුවන්. දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්නත් පුළුවන්. නිසුපා කිව විදියට අනිවාර්යෙන් වී වී ආචාර්ය වැටුප් වැඩි කරන්නත් ඕනේ.

      පුද්ගලික වී වී නිසා නියම දක්ෂයාට තැනක් නැතිවේ කියන්නේ බොරු තර්කයක් කියල තොරතුරු තාක්ෂණ අංශය බැලුවාම ඕනේ කෙනෙක්ට පේනවා. ස්ලිට් ඉන්ෆොමැටික්ස් වගේ කොච්චර පුද්ගලික අද්යාපන ආයතන තිබුනත් පරිගණක අංශයෙන් රජයේ වී වී පාස් අවුට් වෙන ළමයින්ට රස්සා නැති එකක් නැහැනේ. අනික ඉතින් රස්සාවේ ඇතුලට ගියාට පස්සේ උසස්වීම් ලැබෙන්නේ තමන්ගේ පෆොමන්ස් අනුව මිසක් පාස් අවුට් උනු කැම්පස් එක මත නෙවේ.

      Delete
    4. වෙද මහත්තයා ඇත්ත කතාවක් කියල තියෙන්නේ...සිරාවටම ඒක තමයි වෙන්න ඕන..එත ඉතින් රටේ වෙන දේවල් දිහා බැලුවම ඔය කියන විදියට ඉතා සාධාරණව ප්‍රබල නීති පද්ධතියකට යටත්ව ඕක සිද්ධ වෙයිද???
      මට නම් හිතාගන්න අමාරුයි එහෙම වෙයි කියල...

      Delete
    5. මං නං කියන්නේ කළ යුත්තේ තියෙන විශ්ව විද්‍යාලවලට පෞද්ගලික මුදල් ගෙනැවිත් ඒවා පුළුල් කර වැඩි පිරිසකට ඉගෙන ගැනීමේ පහසුකම් සපයා දීම කියලයි. ඉගෙන ගන්නා අය රැකියා කරන අතරතුරේ තමාට වියදම් වුණු මුදලින් කොටසක් ගෙවීමෙන් මේ අමතර ප්‍රතිපාදන හොයා ගත හැකියි.

      මෙම ක්‍රමය ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වෙන එකක්. එංගලන්තය, ඕස්ට්රේලියාව වගේ රටවල පුද්ගලික විශ්ව විද්‍යාල දෙකකට වඩා නෑ. ඇමරිකාවේත් තියෙන්නේ මා දන්නා පරිදි දානපතියන් ගේ මුදලින් ඇරඹූ ඒවා තමයි බොහෝදුරට පුදගලිකයි කියලා.

      උසස් අධ්‍යාපනය ලාභ හොයන ව්‍යාපාරයක් විය යුතු නෑ!

      Delete
    6. @කතන්දර - ඔබතුමා ඔය කියන නොන් ප්‍රොෆිට් ප්‍රයිවෙට් ඒවත් බ්‍රිතාන්‍යයේ තියන රාජ්‍ය විශ්ව විද්‍යාලත් මුදල් අය කරනව බහුතරයක් සිසුන්ගෙන් . අපේ රටේ 100%ක් නිකන් උගන්වන්නේ ඔය දෙක පැහැදිලි ලෙසම දෙකක් . අයිතිය හෝ පාලනය රජයට තිබුන පමණින් එක සමාන වෙන්නේ නැ . ලංකාවේ විශ්ව විද්‍යාල වල මුදල් ගෙවා උගවන්වනවාට ඔබතුමා කැමතිද ?

      Delete
    7. @ Buwa
      අනේ බූවෝ කී පාරක් කියන්නද?

      මේ විකිපීඩියාව බලන්න.
      http://en.wikipedia.org/wiki/HECS#HECS

      මෙතන වෙන්නේ රජයේ විශ්ව විද්‍යාලවල සිසුවෙකුට ඉගෑන්වීමට යන මුදලෙන් කොටසක් ඒ සිසුන් උපාධි ලබා පිටවී යම් ආදායම් මට්ටමක රැකියාවකට ගිය පසු ආපසු ගෙවීමට පොරොන්දුව මත විශ්ව විද*ාලයට බඳවා ගැනීමයි.

      මේක පඩි දවසට අම්මාට නෙස්ටෝමොල්ට් එකක් අරන් දෙනවා වගේ, සාරියක් අරන් දෙනවා වගේ වැඩක්.

      මට හිතෙන්නේ ලංකාවට මේක හොඳ ක්‍රමයක් කියායි. කාටවත් අකමැති වෙන්න හේතුවක් නෑ!

      Delete
    8. ඔබතුමාගෙ ක්‍රමය ගැන පැහැදිලියි අද උදේ තිබුන ලිපියෙන්ම , ඔය ක්‍රමය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේනෙ , නමුත් ඔබතුමා නිතරම සඳහන් කරන දෙයක් තමයි ඇමරිකාවේ තියෙන්නේ නොන් ප්‍රොෆිට් , එංගලන්තෙ තියෙන්නෙ පුද්ගලික ඒවා දෙකයි කියන එක . ඔබතුමා ඉදිරිපත් කරන ක්‍රමය ක්‍රියාත්මක නොවන රටවල් අරන් පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රතික්ෂේප කරනව නම් ඒවායෙ තියන ක්‍රමවේදයන් ගැන ඔබතුමාට අදහසක් තියෙන්න ඕනි . ඔබතුමා ඉදිරිපත් කරන ක්‍රමය ලෝකේ තියන එකම එක නෙවෙයි නේ , ඒ නිසා ඒකම තමා හරි කියන්නේ නැතුව අනික් ඒවා දිහාත් බලන්න , විශේෂයෙන්ම ඔබතුමාගේ ක්‍රමය ක්‍රියාත්මක නොවෙන රටවල් උදාහරණයට ගන්නව නම් කොලේ වහන්නේ නැතුව ඒ රටවල තියන ක්‍රමයන් ගැනත් කථා කරන්න .

      Delete
    9. @ Buwa
      බූවා ළමයාට ආදරයෙනි.

      1. මට ඔය ඔබතුමා කියලා අපහාස කරන්න එපා. කතන්දර, කතන්දරකාරයා, කකා වැනි දෙයකින් අමතන්න.

      2. මං කියන්න පුළුවන් මං දන්න දේ පමණයි. එතරම් නොදන්නා දේ කියව විට මං මා දන්නා පරිදි කියා කියනවා. ඇමරිකාව ගැන මං දන්නේ නෑ. මං වහන කොලයක් නැත. කෙලේ වහලා ගහන්නේ 304 වලදී පමණි!

      3. මගේ අදහස් දෙකක් මා කියා ඇත.
      අ. රටකට හැම වෘත්තියක්ම, ඒ ඒ ප්‍රමාණයෙන් අවශ්‍යයයි. හැමෝම දොස්තරලා හෝ අයිටී කාරයෝ හෝ වී පලක් නැත. රජයක් තියෙන්නේ ඒවා සැලසුම් කිරීමටයි. ක්‍රියාත්මක කිරීමටයි.
      ආ. ධනවාදී රටක්වන එක්සත් රාජධානියේ පුද්ගලික විවි දෙකක් පමණක් ඇත්තේ ඇයි හිතා බලන්න! මට හිතෙන්නේ අධ්‍යාපනය කියන්නේ ශේෂ පත්‍රයක ලාභ පෙන්වන ව්‍යාපාරයක් නොවිය යුතුය කියලායි. ඒක මෝඩ මතවාදයක් වෙන්න පුළුවන්. නමුත් ඒ මට හිතෙන හැටි!

      Delete
  5. අදහස් ටික සාධාරණයි කියල හිතෙනව. ඇත්ත වශයෙන්ම දැන් අවශ්‍යයි උසස් පෙල සමත්වන සියල්ලන්ටම උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව. එහෙම වෙන්නෙ නැත්නම් ඒ අයගෙ අධ්‍යාපන අයිතිය මේ රට තුළ නැති වෙලා. ඒත් මේ අනපනත් ගේන්න වලිකන්නෙ මහ කැත පුද්ගලික අභිමථාර්ත පමණක් පෙරටු කරගත් දේශපාලක අලුගුත්තේරුවන් නිසා තමයි විශ්වාසයක් නැත්තෙ.
    ඒ වගේම දැනට වුණත් තියෙන පුද්ගලික හෝ රජයේ විශ්ව විද්‍යාල වල පවා යම් පාඨමාලා වල ගුණාත්මකභාවයක් නෑ කියල චෝදනා නැගෙන තත්වයක් තුළ පවා ඒවා නියාමනය කර ගන්න අපොහොසත් වූ බලධාරීන් ඉන්න තත්වයක් තුළ හැම දේම ලයිසන් එක දීමට පමණක් තියෙන නීති රෙගුලාසි විතරක් වෙයිද? එක අතකින් බැලුවම රජයේ විශ්ව විද්‍යාල වලත් හොර උපාධී දීල තියෙන්නෙ, තවමත් දෙන්නෙ ඉස්කෝලෙකවත් හරියට නොගියපු තක්කඩින්ට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. මහ වෙදනා කියන්නා වගේ මේ ආයතන ඇති කරන්න ඕනෙ නියමිත ප්‍රමිතියකින් යුක්තව.

      Delete
  6. කාලෙකින් දැක්ක මාතෘකාව විවෘතව කතා කරලා තියන ලිපියක්..ස්තුතියි පුරුපුරු..
    ලිපියටත් වෙදනගේ කොමෙන්ටුවටත් මම අත්දෙකම ඉස්සුවා ඔන්න..

    ReplyDelete
  7. සංවාදයට කිඋවට මේ පොස්ට් 1ත් එක්ක නම් ලොකු සන්වදයක් කරන්න තරම් දෙයක් නෑ. හබැයි මම දන්න එකක් තියෙනවා. බ්ලොග් ගඩොල්, කාකා වගෙ කට්ටිය ගියපු ලංකාවෙ ස්ථවර වි.වි. වලටනම් තරඟයක් දෙන්න බරි වෙයි ඔය අලුතින් දල තියන එවට කලයක් යන කල්.
    හබැයි සබරගමුව, රජරට වගේ(අපි ගියපු) තවමත් හරියට දෙශන ශාලා වත් නති වි.වි. තිකට නම් දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අංජන, පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන ගමන්ම ඔයා කියන විශ්ව විද්‍යාල වැටෙන්න නොදී ඒවා රැකගන්න ඕනෙ. මහ වෙදනා කිව්වා වගේ පුද්ගලික විශ්ව විද්‍යාලවල ලාභයෙන් කොටසක් වැය කරන්න පුලුවන් රාජ්‍ය විශ්ව විද්‍යාල දියුණුවට.

      Delete
    2. ආ ඔය කියන්නෙ. ඕක අපේ අන්ඩුවෙන් කෙරෙයි කියල හිනෙන්වත් හිතන්න පුලුවන්ද.

      Delete
    3. එහෙම හිතන්න බැරි වුණත් පුද්ගලික විවි නොදා තව දුරටත් රටේ සිසුන්ගෙ අධ්‍යාපන අයිතිවාසිකම් අහිමි කරන එක ඊට වඩා බරපතලයි.

      Delete
  8. ඔව් ඔව් කොලඹ ඉන්න අය කියවි ඕව වි.වි. ද? ඒකට හොඳ උත්තරයක් තමයි සබරගමුවෙ Geomatics. තවම අලුත් තමයි, හැබැයි තියන පහසුකම් එක්ක ගොඩාක් හොඳට කෙරෙනවා. අනිත් එව ගැන මම හරියටම කියන්න නම් දන්නෙ නෑ. මම කිව්වෙ මම දන්න දේ..

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ කොළඹ අයගෙයි, පේරෙ අයගෙයි ක්‍රියා කලාපය එකිනෙකට වෙනස් කියලා.

      Delete
  9. අංක 2 කාරණාව
    ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ මේක එංගලන්තය හෝ ඇමෙරිකාව නෙවේ "ලංකාව".
    පෞද්ගලීකරණයට ඉඩදීල තියන අනෙක් ක්ෂේත්‍ර බැලුවොත් ඊට අදාල රාජ්‍ය අංශය මේ වනවිට කඩාවැටිල තියෙන්නෙ. (උදා. ලංගම)

    අංක 3 කාරණාව
    දුප්පත් ලමයින්ට ඉලනගන්න බෑ කියන එක අමුතු දෙයක් නෙවේ. මාලබේ තියන වෛද්‍ය පීඨය‍ට යන්න ලක්ෂ 65 ක් ඕන.(අඩුම). ඒක දුප්පත් කෙනෙකුට දරන්න බෑ.

    අංක 4 කාරණාව
    //දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.//
    ඒක කප්පාදු කරගෙන තමයි පෞ. වි.වි. එන්නෙ(උදා. කලින් පැවති බාහිර උපාධිය දැන් නෑනේ)කවදාවත් නොකෙරෙන වැඩක්.

    අංක 4 කාරණාව
    //රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ//
    කවුරු කෙස් පැලෙන තර්ක ගෙනාවත් මේක ඇත්ත නේද?
    රජයේ වි.වි. වලට යන්නෙ රෑන්ක් එක උඩ ඉන්න අය. ඊට "සාපේක්ෂව" අනිත්අය මෝඩයෝ.ඒකට විවාදයක් නෑ. මම කලේ භෞතික විද්‍යා උපාධියක්. ඒකට හේතුව මට උඩින් හිටි අය ඉංජිනේරු පීඨයට ගිය නිසා. මට කියන්න පුළුවන්ද මම එයාලට වඩා උගතෙක් කියල. ඒලෙවෙල් කියන්නෙ බුද්ධිමට්ටම මණින විභාගයක්. ඒකෙ උඩින් ඉන්න අය වඩා උගත්තු කියනව ඇරෙන්න කියන්න වෙන දෙයක් අපිට තියනවද?
    //මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ.// ඒක ඇත්ත වෙන්න පුවවන්. ඒත් ඒ ලෙවෙල් කියන්නෙ මොකක් හරි නිර්ණායකයක්. ඒක ලියන මොහොතෙ "වඩා දක්ෂයා" තමයි උඩට එන්නෙ. විභාග 10ක් තියල පිරිසක් ගත්තත් ඔය චෝදනාව කෙනෙකුට එල්ල කරන්න පුළුවන්.

    යමක් වේනම් සුදුස්සාටම එය අයිති වියයුතුයි කියන මතයේ මම නං ඉන්නෙ. ඒ ලෙවෙල් කියන්නෙ හරිහෝ වැරදි "ක්‍රමවේදයක්"(ක්‍රමවේදයේ වැරැද්දක් තියනව නං ඒක හදාගන්න ඕන). පෞ.වි.වි. වලින් වෙන්නේ ඒ දේ නෙවේ.
    "අධ්‍යාපනය කියන දේ මුදල් මත තීරණය නොවියයුතුයි" කියන එකයි මගේ අදහස. බුද්ධිය මැණීමේ කඩඉම ඒලෙවෙල් නම් ඊට පස්සෙ හොදම රැකියා ටික ලැබෙන්න ඕන ඒ අයට. අද රටේ සමාජ සාධාරණය තියෙන්නෙ බොහොම අඩුවෙන්. උගත්තු විසිවෙලා හෙන්චයියො ඉස්සරහට එන කාලයක්නෙ මේක. ඒ අසාධාරණය පෞ.වි.වි. වලින් අඩුවෙනවද වැඩිවෙනවද? උත්තරේ වැඩිවෙනව කියන එක. අන්න ඒකටයි අපි විරුද්ධ.

    අන්තිම කාරණාව, සමහරු තර්ක කරනව "සල්ලි තියනවනං අපිට ඉගනගන්න තියන අයිතියට වැට බදින්න කාටවත් පුළුවන්ද" කියල.
    ඉගනගන්න පුළුවන්. ඒත් රැකියාවකට යනකොට හොදම පිරිසටයි ඒක ලැබෙන්න ඕන.
    දෙන්න පුළුවන් එක උදාහරනයක් මේක.
    A හා B ශිෂ්‍යයො දෙන්නෙක් උසස්පෙළට විද්‍යා අංශයෙන් ලියනව. A දුප්පත් B පොහොසත්. Aට පුළුවන් වෙන්නෙ ජීව විද්‍යාවෙන් උපාධිය කරන්න විතරයි. Bට ජීව විද්‍යා අංශයෙන් වත් වි.වි.ට යන්න බෑ. B පෞ.වි.වි.ට ගිහිල්ල දොස්තර කෙනෙක් වෙන එක සාධාරණයිද? මගේ උත්තරේ නෑ.

    "කෙනෙකුට කියන්න පුළුවන් ඒක ඊර්ශ්‍යාව කියල". (මොලේ අමාරුවක් තියන කෙනෙකුට).
    ඊට වඩා දෙයක් කියන්න නෑ.

    ReplyDelete
    Replies
    1. 2) මේකයි මචං, දැන් උඹ කියන විදිහට යම්කිසි අවදානමක් තියෙනවයි කියමුකෝ. එතකොට මේ තියෙන තත්ත්වයෙන් තිබුනාම රටේ බහුතරයකට කොහොමත් ඉගෙන ගන්න තියෙන අවස්ථා නැති වෙලා නොවැ! අනික හැම දේටම පළමු වෙනි වාරයක් තියෙනවා.

      3) ඇයි වෛද්‍ය පීඨය ගැන විතරක් කතාව? SLIIT NIBM වගේ තැන්වල අඩු මුදලට උපාධිය ගන්න පුලුවන්නේ?

      Delete
    2. //රජයේ වි.වි. වලට යන්නෙ රෑන්ක් එක උඩ ඉන්න අය. ඊට "සාපේක්ෂව" අනිත්අය මෝඩයෝ.ඒකට විවාදයක් නෑ//

      මේ කෑල්ල සාධාරණයි කියලා කියන්න බැහැ නේද? ගඩොල් අයියා පැහැදිලිවම ලිපියේ කියලා තියෙනවා පැය තුනක පේපර් වලින් සිසුවෙකුගේ බුද්ධිමත් භාවය මනින්න බැහැ කියලා?

      හිතන්න හුඟක් බුද්ධිමත් ළමයෙක් විභාගයේදී අසනීප වීම නිසා අසාර්ධක වෙනවා. එහෙම නැත්තම් විභාග භීතිකාව කියන අවස්ථාවට මුහුණ දීලා අසාර්ථක වුනොත් ඒ ළමයා තවදුරටත් බුද්ධිමත් ළමයෙක් නෙවෙයිද?

      Delete
    3. 4) මේ කතාවට එකඟ වෙන්න බැහැ. උදාහරණයක් විදිහට උඹ කරපු භෞතීය විද්‍යා උපාධිය ගමුකෝ. උඹ කොහොමද කියන්නේ උඹ ඉංජිනේරුවෙක්ට වඩා අඩු උගතෙක් කියලා? පාඨමාලාවට තියෙන ඉල්ලුම අඩු වුණාට උඹට තියෙනවා භෞතීය විද්‍යා දැනුම. ඉංජිනේරුවෙක්ට තියෙනවා ඉංජිනේරු දැනුම. තමන්ව අවතක්සේරු කරන්න එපා.

      අනික ඒ ලෙවල් ලියද්දි ලියන මොහොතෙ දක්ෂයා කියලා දෙයක් නැහැ. ඒ මොහොතෙ ඇතිවෙන මානසික තත්ත්වය අනුව දක්ෂ ළමයෙක්ට වුණත් පේපර් එක හරියට කරගන්න බැරිවෙන්න පුලුවන්.

      //රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ//

      මෙහෙම කියන එක වැරදියි. හැම දෙනාම මොකක් හරි ක්ෂේත්‍රයක් උදෙසා දක්ෂයි. උඹ කියන්නේ එතකොට ඒ ලෙවල් මැත්ස් කරලා යන්තම් කැම්පස් යන්න බැරිවුණ එකා මෝඩයෙක් ආර්ට්ස් කරලා යන්තම් කැම්පස් ගිය කෙනාට වඩා කියලා?

      Delete
    4. //A හා B ශිෂ්‍යයො දෙන්නෙක් උසස්පෙළට විද්‍යා අංශයෙන් ලියනව. A දුප්පත් B පොහොසත්. Aට පුළුවන් වෙන්නෙ ජීව විද්‍යාවෙන් උපාධිය කරන්න විතරයි. Bට ජීව විද්‍යා අංශයෙන් වත් වි.වි.ට යන්න බෑ. B පෞ.වි.වි.ට ගිහිල්ල දොස්තර කෙනෙක් වෙන එක සාධාරණයිද? මගේ උත්තරේ නෑ.//

      හැකියාව තියෙනවානං විතරයි මනුස්සයෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. ඉතිං Aට හැකියාවයි සල්ලියි දෙකම තියෙනවනං එයා කැමති දොස්තර රස්සාවට යන්න පුලුවන්. B ට ජීව විද්‍යා අංශයෙන් ඉදිරියටම ගිහින් කවදාහරි දොස්තරලාට උගන්නන්න පුලුවන්

      Delete
    5. උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක් කියලයි මං අහලා තියෙන්නේ.
      AL පාස් උන අය 'උගත්'..ෆේල් උන අය 'මෝඩ' කියන්නේ බොහොම ප්‍රාථමික සංකල්පයක්. අනික AL exam කියන්නේ නුවණැති - මෝඩ අය කවුද කියලා තීරණය කරන දෙයක් නෙවේ.

      යුනිවර්සිටි යන්න ලකුණු මදි උන එහෙම නැත්නම් ෆේල් උන අය...ටෙක්නිකල් කොලෙජ් ගිහින් හෝ වෙනත් පාඨමලා ඉගෙනගෙන විවිධ ක්ෂේත්‍ර වල දක්ෂතා ඇති උගත් බුද්ධිමත් අය ඕන තරම් ඉන්නවා. උදා: ආචාර්ය කුලසිංහ. තව ඕන තරම් උදාහරණ තියනවා.

      CIMA..Chartered Engineering, CIM වගේ පාඨමාල කරන්න යන වියදම ඉතා අධිකයි...සාමන්‍යයෙන් ලක්ෂ 7-10 ක් විතර නොදැනුවත්වම ගිහින්..කාලය අවුරුදු 5-7ක් විතර යනවා. ඉතින් ඒ වගේ අයටත් ඉදිරියේදී අවස්ථාවක් ලැබුනොත් ඒකෙන් රටටනේ ප්‍රයෝජනය..

      Delete
    6. මම උත්තර දෙන්න හිටපු ගොඩක් ඒවා අනික් අය කියල තියනව , රාජ් සහෝගේ අදහස ගැන මෙහෙම දෙයක් කියන්නම් . රස්සාවක් ගන්න අවම සුදුසු කම උපාධිය නම් ඒකට උසස් පෙල ප්‍රතිඵලයේ බලපැමක් නැ . උසස් පෙල සමත් හෝ අසමත් හෝ ඕනි එකක් අදාල විෂය ක්ෂේත්‍රයේ උපාධියක් තියනව නම් ඔහු රැකියාවට සුදුසුයි . ඊලඟ වැදගත් වෙන්නේ රැකියාවට අවශ්‍ය හැකියාවන් , මේවා තීරණය වෙන්නේ උපාධිය ගනිත්දි වර්ධනය වන ශක්‍යතාවන් සහ පුද්ගල දක්ෂතාවයන් අනුව . ඒකත් හරි නම් රැකියාව ඔහුට . ඔහු උසස් පෙල සමත් වුනාද නැද්ද කියන එක අදාල වුනේ නැ . පෞද්ගලික අංශයේ රැකියාවලට ගනිත්දි වැඩ කටයුතු කෙරෙන්නේ ඔහොම .

      Delete
    7. තව එකක් කියන්න බැරිඋනා...ඇයි අපි වෛද්‍ය, ඉන්ජිනේරු ගැනම කතාකරන්නේ. ඒවා විතරද 'උගත්' 'බුද්ධිමත්'? තව විෂයන් ක්ෂේත්‍ර කොච්චර තියනවාද?

      මම දන්න කෙනෙක් ඉන්නවා...ඒ පුද්ගලයා පොඩි කාලේ ඉඳලම පරිසරයට කැමති කෙනෙක්...ජීව විද්‍යා අංශයෙන් ඒ 3 බි 1 අරගත්තා. නමුත් මෙයාට කැමැත්ත තිබුනේ පරිසරය සම්බන්ධ උපාධියක් කරන්න. නමුත් දෙමාපියන්ගේ බලේට මෙඩිකල් ඩිග්‍රි එකට ගියා. අන්තිමට ඒක හරියට කලේ නෑ..මගදි අයින් උනා. නමුත් අද වෙන රටක පරිසරය පිළිබඳ specialist කෙනෙක්. පස්සේ කාලේක පරිසරය ගැන උපාධියක් අරගත්තා...

      Delete
    8. කැන්ඩියන්ගෙ අදහසට තව ටිකක් එකතු කළොත්, ඉස්සර මතයක් තිබුනා බයෝ කළොත් අනිවා මෙඩිසින් යන්නම ට්‍රයි කරන්න ඕනෙ, මැත්ස් කළොත් අනිවා ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕනෙ කියලා. නමුත් අද වෙනකොට සිසුන්ට ඇති අවස්ථා ගොඩක් ඉහළ ගිහින් තියෙනවා.

      උදා :- බයෝ - අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවේදය
      රසායන විද්‍යාව
      ඖෂධවේදය
      විද්‍යාගාර තාක්ෂණ ශිල්පී
      භෞතචිකිත්සක
      ආහාර හා තාක්ෂණ විද්‍යාව
      කෘෂි තාක්ෂණ සහ කළමණාකරණය

      ඇතුලු බොහෝ උපාධි පාඨමාලා.

      Delete
    9. ජීව විද්‍යාව උපාධිය හැදෑරුවෙක්ට කොළඹ විශ්ව විද්‍යාලය තුළ හැදෑරිය හැකි විශේෂ උපාධි පාඨමාලා (කීපයක් පමණයි)

      රසායන විද්‍යාව (Chemistry)
      පරිඝණන රසායන විද්‍යාව (Computational Chemistry)
      ඖෂධ විද්‍යාව (Pharmacy)
      රසායනික ජීව විද්‍යාව (Chemical Biology)
      උද්භිද විද්‍යාව (Plant Sciences)
      ශාක ජෛව තාක්ෂණය (Plant Biotechnology)
      ජෛව තොරතුරු තාක්ෂණය (Bioinformatics)
      න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව (Nuclear Medical Science)

      Delete
    10. Bioinformatics තියනව කියල අදමයි ඇහුවේ නියමයිනේ,ඕක සැහෙන්න වටිනව මම හිතන්නේ පිටරටවල නම්

      Delete
    11. Bioinformatics කියන්නේ අණුක ජීව විද්‍යා පර්යේෂණ වලදී නැතිවම බැරි ක්ෂේත්‍රයක්. බුවා කිව්වා වගේ පිටරටවල හොඳ පිළිගැනීමක් තියෙනවා

      Delete
  10. අමතක වෙච්ච කාරණාවක්,
    අපි මොනව කිව්වත් රජය හදන්නෙ සාධාරණයක් ඉෂ්ට කරන්න නං නෙවේ. ඒ ලෙවෙල් ෆේල් වෙච්ච(/පාස් වෙලා කැම්පස් යන්න බැරිවෙච්ච) අයගෙ මුදල් ටික කඩාගෙන තමන්ට තියන ආර්ථික අර්බුධයෙන් ගොඩ යන්න.

    ReplyDelete
    Replies
    1. මම A 4 ක් අරන් මොරටුවට ගිහින් ඉගෙනගෙන Software company එකක වැඩ. මගේ මල්ලිට A/L ලකුනු මදිවුන නිසා NIBM එකෙන් උපාධිය අරන් Software company එකක හොද රස්සාවක් කරනවා. එතකොට ඒකාලේ තිබ්බ රජයක් NIBM එක පටන් ගත්තෙත් ලෙවෙල් ෆේල් වෙච්ච(පාස් වෙලා කැම්පස් යන්න බැරිවෙච්ච) අයගෙ මුදල් ටික කඩාගෙන තමන්ට තියන ආර්ථික අර්බුධයෙන් ගොඩ යන්නද? එහෙම උනත් මොකෝ, NIBM එක නිසා හොදින් ඉගෙන ගෙන හොද රස්සාවල් කරලා තමන්ගේ ජිවිතයත් සාරතක කරගෙන රටටත් වැඩක් කරන්න කී දාහකට පුලුවන් වෙලා තියනවාද?

      ඒ ලෙවෙල් හරියට පාස් නොවුනු හැමෝම මෝඩයෝ කියලා හිතාගෙන ඉන්නේ තමන්ට ඒ ලෙවෙල් පාස්වෙන්න පුලුවන් උනේ තමන් මහ වැඩකරු නිසා කියලා හිතාගෙන ඉන්න පුහුමානයෙන් පිරුනු මෝඩයෝ රැලක් විතරයි. ශිෂ්‍යත්වේ හරියට පාස් නොවී ඕ ලෙවල් පාස් වෙන අය ඉන්නවානම් ඕ ලෙවල් හරියට පාස් නොවී ඒ ලෙවල් හරියට පාස්වෙන අය ඉන්නවනම් ඒ ලෙවල් කියන තනි විබාගයෙන් කෙනෙකුගේ ජිවිතය තීරණය කිරීම අන්තිම අසාදාරනයි. රජයේ විශ්ව විද්‍යාල වලින් වගේම NIBM, SLIIT, IIT, etc.. ආපු අයත් එක්කත් මම අවුරුදු ගානක් වැඩ කරලා තියන හින්දා ඒ බව මම අත්දැකලා තියනවා.

      ඒ ලෙවල් පාස් අයට විතරක් උසස් අධ්‍යාපනය සීමා කිරීම නිදහස් අධ්‍යාපනය වෙන්නේ කොහොමද? අනෙක් අතට ඒ ලෙවල් පාස් අයටත් bachelor's degree එකකට වඩා ගැනීමට ඉඩ නොදීමත් නිදහස් අධ්‍යාපනය වෙන්නේ කොහොමද? රජයේ පාසැල් සහ පුද්ගලික පාසැල් තියෙන්න පුලුවන්නම් රජයේ විශ්ව විද්‍යාල සහ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න බැරි ඇයි?

      අපට සියලුම විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය අධීක්ශණය කරන යාන්ත්‍රනයක් සමග පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි.

      Delete
    2. me tiyenne rial situation eka..wada karayaa kohen igena gattath thamanta ona tanata yanawa...AL kiyanne kenekge buddiya maninna puluwan ekama nirnayakaya newei.al pass nati ekaa wena field ekaka bright case ekak wenna puluwan.rataka diunuwata awashya pudgalayo bihiwenna onaa gvermnet campus ekakakinmmada? raj hitanne eya campus ekaka degree ekak gatta kiyala maha wada karayek kiyala..aniwaryen oyage field eke pvt degree tiyana aya oyata wada issarahain natida?oyaa bolada tharkayak idiripath karanne..oita wada openly baluwoth hodai..campus ekaka degreeyak tibunai kiyala kawadawath minihek wenne..eka hodai oyage loku kamata kiyanna..atanin ehata ati deyak nee..anika oya pvt campus wala degree denne forign campus ekak ekka colobarate welaaa ewaye godak ewai WORLD RANK godak issarahin tiyenne MORA inneth 1200 ganan wala..oya oya puhu adahas atarala openly hitanna..

      Delete
    3. මගේ අදහසට උත්තරබැන්ද සියල්ලන්ටම.
      1. කවුරුත් කියල තියන අදහසක් තමයි ඒලෙවෙල් කියන්නෙ බුද්ධි මට්ටම මණින්න පුළුවන් විභාගයක් නෙවේ කියන එක. 100%ක් එහෙම නොවෙන්න පුළුවන්. ඒත් ඒක ක්‍රමවේදයක්. අපි කැමතිවුනත් අකමැතිවුනත් මොකක් හරි "තෝරාගැනීමේ ක්‍රමවෙිදයකට" යටත්වෙන්න සිද්දවෙනව. සමාණුපාතික ඡන්ද ක්‍රමයෙන් ජනතා කැමැත්ත පිළිබිඹු නොවෙනව කියල තර්ක කරනව. 5 ශිෂ්‍යත්වෙ ළමයින්ට හොද නෑ කියල කියනව. ඒත් මේ හැම දෙයක්ම යම් යම් තෝරාගැනීමේ ක්‍රමවේද. පැය තුනේ පේපර් එකකින් ඒක කරන්න බැරිනං ඒකට වඩා සුදුසු ක්‍රමයක් සකස්කරගන්නව මිසක් කෑගහල වැඩක් නෑ. ඔය කියන තර්කයම ගේන්න පුළුවන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය නැතුව එලියට එන කෙනෙකුටත්. "මගේ දැණුම මේ විභාගයෙන් මණින්න බෑ" කියන එක නිදහසට කාරණාවක් විතරයි. විශ්ව විද්‍යාලවලත් තියෙන්නේ විශාග ක්‍රමයම හැර වෙනමොකක්ද?

      2. මෙතනදි තියෙන්නේ ඉගනගැනීම කියන ප්‍රශ්නය විතරක්ම නෙවේ. ඉගෙනීම දැනට රටේ තියන රැකියාවන් හා සෘජුවම සම්බන්ධවෙලයි තියෙන්නෙ. අන්න ඒකයි පෞ.වෛද්‍ය උපාධියට මෙච්චර විරෝධතා තියෙන්නෙ.

      3. අන්තිම කාරණාව. මම පෞද්ගලිකව විශ්වාස කරනව අධ්‍යාපනය මුදල්මත තීරණය නොවියයුතුයි කියල. යම් දිස්ත්‍රික්කයකින් විවි.ට ගන්නෙ ළමයි 100ක් නම් ඊලගට සාධාරණය ඉෂ්ඨවෙන්න ඕන 101වෙනියට. පෞ.වි.වි. වලින් ඒ සාධාරණය ඉටුවෙන්නෙ නෑ.

      Delete
  11. 03. වැනි එකෙන් අදහස් කලේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමෙන් විදේශ විනිමය ඉතිරිවෙනවා කියන එකනම් මම ඒකට එකඟ නැහැ......
    අධ්‍යාපනයට විතරද විදේශ විනිමය යන්නෙ...ඔය කොටන කොම්පියුටරේ ඉඳන් ඇඳන් ඉන්න යට ඇඳුම දක්වා සමහරවිට..චීනයේ නිශ්පාදිත වෙන්න පුළුවන්...එතකොට ඒ විනිමය...
    07 ගැන කියන්න තියන්නෙ ඔබ ඔය ඇඳන් ඉන්න කලිසම කමිසය ,පැලදගෙන ඉන්න පාවහන් මේ හැම දෙයක්ම තීරණය කරන්නෙ මේ රජය සහ දේශපාලනය වෙන එකක් තියා ඔබේ රාත්‍රී ආහාරයත් මේ වෙනකොට මෙහෙම වෙන්න ඕනෑ කියලා දේශපාලනයෙන් තීරණය කරලා හමාරයි..
    ඒකනිසා දේශපාලනයෙන් ස්වායත්තව කෙනෙකුට ජීවත් වෙන්න බැහැ..
    -ඉන්දික නලින් රණසිහ-
    inranasingha@Elakiri

    ReplyDelete
    Replies
    1. 3) විදේශ විනිමය නෙවෙයි, එතකොට පාඨමාලා ගාස්තු වලට අමතරව ඇති අනිත් වියදම් අඩු වෙනවා. මොකද ලංකාව කියන්නේ ජීවන වියදම අඩු රටක්.

      7) ඇත්ත ඉන්දික, ඒත් දේශපාලනය නිසා අධ්‍යාපනය අඩාල කරගත්ත කෙනෙකුගේ අනාගතය අවිනිශ්චිතයි. හැබැයි සමහරුන්ටනම් ඒක නිසාම හරි ගිහිනුත් තියෙනවා. :)

      Delete
  12. මචෝ මේ ටිකේම මේ ගැන පෝස්ට් කීපයක්ම මම දැක්කා,,,මේ වගේ මධ්‍යස්ථ ලිපියක් මේ ආවමයි...සමහරවිට කැම්පස් අවුට් වෙලා ජොබ් එකකට යද්දී ගොඩක් උන්ගේ අදහස් වෙනස් වෙනවා නේ,,ඇතුලේ ඉද්දී වගේ නෙමේ නේ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ. මගෙනම් ශිෂ්‍යයෙක් විදිහට ඉඳිද්දිත්, දැනුත් එකම මතය තියෙන්නේ. අනික මම එළියට ගිහිනුත් නෑ තවම :)

      Delete
  13. මෙතනදි සල්ලි තියන විභාගෙ අඩු ලකුනු ගන්න අය නම් ප්‍රශ්නෙ... මම නම් කියන්නෙ එගොල්ලන්ට සෙට් වෙන වි.වි. ඕනෙ නෑ. එගොල්ලන්ට පුලුවන් හැමෝම එක්ක තරඟ කරන්න.
    මම කියන්නෙ නම් ප්‍රශ්නෙ තමයි. ලොකෙට සාපෙක්ශව(ඉංදියවට නෙමෙයි) ලංකවෙ අද්්යාපනයේ දියුනු කිරිමට අන්ඩුවට බරි වීම. ඔක්කොම කරන්න බෑනෙ. හබැයි, ඕක ව්්යාපරයක් වෙනකොට 15%ක් වත් ස්කොලෙර්ශිප් දෙන්න ඔය ව්්යාපරික අය කමති වේ ද??
    (පටන් ගන්නකොට නම් දෙයි)

    ReplyDelete
    Replies
    1. මේ හින්දා තමයි ඒ ලෙවල් අනවශ්‍ය තරඟකාරී විභාගයක් වෙලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ ලස්සනම කාලෙ අපි වැයකළේ විනෝද වෙන්නද? පාඩම් කරන්නද? කියලා. දුප්පත් ළමයින්ට සල්ලි දීලා ඉගෙන ගන්න බෑ කියන මතයේම ඉන්න එපා. මගේ යාලුවෙක් එංගලන්තෙ ගියා එම් එස් සී එකක් කරන්න ශිෂ්‍ය ණය මුදලක් අරගෙන. ඒ වගේ ඔනෙකම තියෙනවානං කරන්න බැරි වැඩක් නෑ.

      ඔය හැමෝම එක්ක තරඟ කරන කතාව ප්‍රායෝගික නෑ නේද? කැම්පස් වලට ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න ආණ්ඩුවට සල්ලි ඇති කියලා මම හිතන්නෙ නෑ.

      //මම කියන්නෙ නම් ප්‍රශ්නෙ තමයි. ලොකෙට සාපෙක්ශව(ඉංදියවට නෙමෙයි) ලංකවෙ අද්්යාපනයේ දියුනු කිරිමට අන්ඩුවට බරි වීම. ඔක්කොම කරන්න බෑනෙ. හබැයි, ඕක ව්්යාපරයක් වෙනකොට 15%ක් වත් ස්කොලෙර්ශිප් දෙන්න ඔය ව්්යාපරික අය කමති වේ ද??//

      මේ කතාවට එකඟයි. ලංකාවෙ කැම්පස් ලෝකෙ පළවෙනි 2000ටවත් නෑ දැන්. සමහරවිට ස්කොල් දෙයි. මොකද හොඳම ළමයි තමන්ගෙ ආයතනයට අරගන්න එක (නොමිලේ උගන්නන්න හරි) ඒ අයට හොඳ අනාගත ආයෝජනයක් වෙයි.

      Delete
    2. මෙහෙම දෙයක් කියන්නකො යාලු, දැන් ලකුනු ටිකක් අඩුවෙන් ගන්න සල්ලි නැති කට්ටියට පුලුවන් වෙයි ද එන්ගලන්තෙ ගිහින් නයක් ගන්න.(sure ද?)

      Delete
    3. ඒක ගන්න ඕනෙ ලංකාවෙ බැංකුවකින් සහෝ. ශිෂ්‍ය ණය හදලා තියෙන්නෙ කවදාහරි රස්සාවක් කරන දවසක ටික ටික ගෙවන්න. ඒ නිසා ඒවා ලබාගන්න සල්ලිකාරයෙක් වෙන්න ඕනෙ නෑ. රජයට පුලුවන් අඩු පොළියට/ පොළී රහිත ණය ක්‍රමයක් සිසුන්ට හඳුන්වලා දෙන්න.

      Delete
    4. මේක ඇදෙනව වඩි. දන් ඔන්න රස්සා ප්‍රශ්නෙටත් යන්න හදන්නෙ??? ලංකවෙ බැංකුවෙන් අඩුපොලී ණය??? ඕව ඔහොම උඩින් ගියට තෙරෙන ඩෙවල් නෙමෙයි.
      තමංගෙ තරමට තමයි තමන් සාකච්ච කරන්නෙ. මම කියන්නෙ මටත් අදලයි. උන්ට තෙරෙන විදිහට තමයි උන්...

      කොහොම උනත් තව ටික කලෙකින් ලංකවෙ සල්ලි නති උන්ට කුඹුරක් කොටාන ඉන්න විතරයි තියෙන්නෙ.එකත් මරු ආතල් වඩේ අපිට උනත්.:P

      Delete
    5. anjana - මම එන්නම් බතල හිටවන්න ... ...

      ශිෂ්‍ය නය ක්‍රම ලෝකේ හැම රටකම තියනව සහෝ .පොඩ්ඩක් විස්තර හොයල බලන්න . පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමති රාමුවක් ඇතුලට අරගෙන වැඩේ යනව නම් ලංකාවෙත් පටන් ගන්න බැරි කමක් නැ . අනික රාජ්‍ය අංශයට බැංකු ක්ශේත්‍රයේ සුවිශේශි බලයක් තියන රටක් නිසා වැඩේ ලේසියි

      Delete
    6. ඔව් ඔව්, මෙ දවස්වල සුදු බන්ඩෙ හදල තියනවලු ප්‍රමිති කරනයට පනතක් එක ගන හොයල බැලුව නම් අඟට මාර සනීපයක් දැනෙයි.

      Delete
  14. ලියන්න ඕන ටික ටොප් එකට ලියලා තියෙනවා.....මමත් කියන්නේ ඔය අදහස තමා අයියා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මකුළුවෝ

      Delete
  15. සම්පූර්ණයෙන්ම එකඟයි මල්ලි. මමත් දරන්නෙ ඔය අදහස්ම තමයි. ඒ.ලෙවල් පෙනේරෙන් හැලෙන්නෙ අදක්ශයෝම නෙමෙයි. මම දන්න ගොඩක් බ්‍රයිට් කේස් ඒ.ලෙවල් කාලෙදි ඉස්කෝලෙදි යෙදුනු අමතර දේවල් නිසා විභාගේ ඇන ගත්තා. ඒත් ඒ ගොල්ලෝ ගොඩක් දක්ෂයෝ.

    කොහොමත් රාජ්‍යය විශ්ව විද්‍යාල වලට යන්න බැරි උන, මුදල් තියෙන අය පිට රට විශ්ව විද්‍යාල වලට ගිහිල්ල කොහොම හරි ඩිග්‍රිය දාගන්නවා. ලංකාවෙ ඒ අයට ඔප්ෂන් එකක් තියෙනවනන් ඒ වෙන රටවල් වලට ඇදිලා යන සල්ලි ටිකත් ඉතුරු වෙනවා.

    අනික රජයේ විශ්ව විද්‍යාල වලටත් තරඟ කාරීත්වයක් ඇති උනොත් ගුණාත්මකවව ඒවත් වැඩි දියුණු වෙන්න බලනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ!!!

      Delete
  16. මේ කරුණු ටික ඔයා නොදන්නවාද නොදන්නවා වගේ ඉන්නවාද ?

    රජය පෞද්ගලික විශවවිද්‍යාල ඇති කරනවා කියලා කොරන්නේ ඒවා ඇරලා අත පිහිදා ගැනීම නොවේ , රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇති ප්‍රතිපාදන දිනෙන් දින කප්පාදු කරමින් පවතී . ඒවායේ පහසුකම් පුළුල් කර නැත නිදහස් අධ්‍යාපනය දෙනවා කියලා පාරම් බාන ආණ්ඩුව අධ්‍යාපනයට වැය කරන වසරින් වසර කප්පාදු කරමින් පවතී . දියුණු රටවල් 6% පමණද ඉතියෝපියාව 4% පමණ අධ්‍යාපනයට ද.දේ.නි යෙන් වෙන් කරද්දි ශ්‍රී ලංකාව පසුගිය වසරේ යෙදුවේ 1.8% පමණී . ආචාර්යවරුන්ට රජය ගෙවනවාට වඩා 8 ගුණයක් ගෙවීමට පෞද්ගලික සරසවි ලෑස්තියි . ඔකුපකල්පනය කර ඇති පරිදීතාති බහුතරයක් වූ දුප්පත් අම්මලා තාත්තලගෙ දරුවන්ට යන්නට රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිරිවෙයිද ?

    අනිත් කරුණ පෞද්ගලික විශ්විද්‍යාල මුදලට උපාධිය ලබා දෙන කඩ පමණයි . බහුතරය හැමෝම උසස් පෙළ සමත් නේ . සල්ලි විතරයි ඕනේ . ඩිග්‍රිය හෝස් ගාලා දෙනවා ඩොලර් ටික පෙන්නුවා නම් . හොදම උදාහරණය රාගම ඇරපු උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය . ආර්ට්ස් කරපු ඈයෝ හිටන් දොස්තරලා කොරලා තමා නැවැත්තුවේ . ඕං දන්නැත්තං දැනගන්න ආයුබෝවන්ඩ !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් කිව්වේ රජයේ විවි වල ගුණාත්මකභාවය වැඩි කරන්න ඕනෙ කියලා. පුද්ගලික විවි ඇතිකිරීම ඒකට බාධාවක් නෙවෙයි. ලංකාවෙ අධ්‍යාපනයට වැය කරන මුදල අනිවා තවත් වැඩි කරන්න ඕනේ.

      ආචාර්යවරුනම් දැනටමත් රට අතඇරලා යන තත්ත්වයක් තියෙන්නේ. ආචාර්ය උපාධියට ගිය අයත් වැඩි දෙනෙක් ආපහු එන්නෙ නෑ. ඒකට විසඳුම ආචාර්යවරුන්ගේ පඩි වැඩි කිරීම මිසක් පුද්ගලික විවි නොදා ඉන්න එක නෙවෙයි.

      //අනිත් කරුණ පෞද්ගලික විශ්විද්‍යාල මුදලට උපාධිය ලබා දෙන කඩ පමණයි . බහුතරය හැමෝම උසස් පෙළ සමත් නේ . සල්ලි විතරයි ඕනේ . ඩිග්‍රිය හෝස් ගාලා දෙනවා ඩොලර් ටික පෙන්නුවා නම් . //

      මේකනම් බොරුවක්. එහෙම උපාධි දුන්නොත් අවුරුද්දක් දෙකක් යද්දි කිසිම ආයතනයකින් ඒ විවි උපාධිධාරීන්ව රැකියාවට ගන්නෙ නෑ. එතකොට ඒක නිකම්ම වැහිලා යනවා. ඒ නිසා පුද්ගලික විවි වලත් අනිවා ගුණාත්මක බව තියෙයි. නැතත් ඒක රජය මගින් පාලනය කරන්න ඕනෙ.

      Delete
    2. අනික ඔය ගෙන්න එන 1 තව කෙලියක් තියනවා මම දන්න විදිහට. ඕකම තිබුන පොස්ට් 1ක. කමතිනම් ගිහින් බලන්න. හැබයි මමත් හරියටම දන්නෙ නෑ.
      http://www.sabravoice.blogspot.com/p/blog-page.html

      Delete
    3. බොහොම ස්තුතියි අංජන

      Delete
    4. එහෙම උපාධි දුන්නා අයුබෝවන්ඩ අසූ ගණන්වල රාගම NCMC එකේ . දැනටමත් දෙනවා මාලබේ හොර දොස්තර කඩේ. ගිහිල්ලා බලාගන්ඩ ඕනෙ නම් . ඇත්ත කතාව නම් ලංකාවට දැනට පෞද්ගලික විශ්වවිද්‍යාල වල මහලොකු අවශ්‍යතාවයක් නැහැ. අපේ රාජ්‍ය විශ්වවිද්‍‍යාල වල පහසුකම් පුළුල් කරලා හරියට කොරං ගියා නම් හරි . ඒත් ආණ්ඩුවට ඕනේ අත පිහිදං දාලා ඔක්කොම ටික ඩිග්‍රි කඩ වලට භාර දෙන්න. රටරටට ප්‍රොෆ් යුනිට් එකක් දෙන්න සල්ලි නෑ , ඒත් මාලබේ නීතිවිරෝධී සක්විති ආයතනයට මිලියන 600 ක ණයක් දෙන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා ? මේකෙන්ම තේරෙනවා නේද මෙයාලගෙ අරමුණ. එද්දි දේශ ප්‍රේමී ලේබල් ගහං ආපු මේ කාළකණ්ණි දැං කියනවා අධ්‍යාපනය පෞද්ගලිකකරණයලු මුංගෙ ප්‍රතිපත්තිය , අම්මපා මුංට ඡන්දෙ දුන්නු මැරිච්ච ඈයොන්ට ඕක ඇහුණනං වලෙං නැගිටලා ගහයි මහින්දයගෙ කණට .පිටරට උපාධි ගන්න අපේ රටෙන් එළියට යනවා කියන්නෙ අවුරුද්දට කෝටි 1000 ක්. රට වටේම මුහුද තියාඅගෙන ආණ්ඩුව මළු ගේන්නම යොදවනවා කෝටි 1900 ක්, සීනි ගේන්න කෝටි 2000ක් .සල්ලි ඉතුරු කොරන්න මීට වඩා කොච්චර ක්‍රම නම් තියෙනවද හොහ් හොහ් . හෙජින් වංචා මිහින් ලංකා පිස්සු නොකර හිටියා නම් අවුරුදු 20 ක පිටරටට යන සල්ලි ඉතුරු කොරං. අනික ඕවා දාන්නේ ඉන්දියාවෙ රුසියාවෙ කැම්පස් වල කෑලි විදිහට නේ . එතකොට ඒවායෙ සල්ලි ඉතුරුවෙන්නෙත් ලංකාවටම වෙන්නැති නේ , අනික කොහොමත් වැඩි උසස් පෙළ ප්‍රතිලයක් ගත්ත ආණ්ඩුවෙ කැම්පස් එකක කොල්ලෙක් ප්‍රයිවට් එකෙක්ට වැඩිය වැඩකාරයෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි තමයි . 100% එහෙම නෙමේ ඒත් බහුතරයක් එහෙම තමා . අද පදුරකට පයින් ගැහුවත් ඔය ප්‍රයිවට් කැම්පුස් වලින් එළියට දක්කපු සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් ලා පනහක් හැටක් එළියට විසික්වෙනවනෙත්‍රටට ඇති වැඩක් තියෙනවද ? කෝ උන්ට දෙන්න රස්සා ? අනික් ක්ශේත්‍ර වලටත් ඔච්චර තමා මෙහෙම පනතක් ආවොත් . සල්ලි තියෙන එකා ගොඩ පලයං දුප්පත් එකාට යන්න තියෙන ආණ්ඩුවෙ කැම්පස් ටිකත් වැහිලා පලයං කියාගෙන ඉන්න එක මහා අසාධාරණ කතාවක් කියලා ඕනේ මී හරකෙක්ට තේරෙනවා නේ බන්. අධ්‍යාපනය තීරණය වෙන්න ඕනේ දක්ශතාව මත මිස ආම්මගෙ තාත්තගෙ සල්ලි මත නෙමේ . ඔයාලගෙ අම්මලා තාත්තලත් ඉගෙනගන්න ඇත්තෙ නිදහස් අධ්‍යාපනයෙන් නේ . මොළෙන් චුට්ටක් හිතලා බලන්න ! ජය

      Delete
    5. //, අනික කොහොමත් වැඩි උසස් පෙළ ප්‍රතිලයක් ගත්ත ආණ්ඩුවෙ කැම්පස් එකක කොල්ලෙක් ප්‍රයිවට් එකෙක්ට වැඩිය වැඩකාරයෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි තමයි . 100% එහෙම නෙමේ ඒත් බහුතරයක් එහෙම තමා . අද පදුරකට පයින් ගැහුවත් ඔය ප්‍රයිවට් කැම්පුස් වලින් එළියට දක්කපු සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් ලා පනහක් හැටක් එළියට විසික්වෙනවනෙත්‍රටට ඇති වැඩක් තියෙනවද ? කෝ උන්ට දෙන්න රස්සා ?//

      ඔබතුමාගේ මේ තර්කය අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැනේ , මොකද රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් එන බහුතරයක් තමයිනේ වැඩ්ඩො , ඉතින් රස්සාවල් හම්බුවෙන්නෙ උන්ට නේ. මොකද පෞද්ගලික අංශයේ රස්සාවල් දෙන්නේ ටැලන්ට් එකටනේ . ප්‍රයිවෙට් ඒවයින් කොච්චර ආවත් උන් අරුන්ට පහලයිනේ ,ඒ නිසා රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න අය මොකොටැයේ බයවෙන්නේ . පෞද්ගලික ඒවයින් එන අය සොෆ්ට් වෙයා ඉන්ජිනියර්ස්ලා වගේ පඳුරුවලටම වෙලා ඉන්නේ නැතැ

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඉතිං සහෝ රජරටට ප්‍රොෆ් යුනිට් එක නොදුන්න එකට පළිගන්න ඕනෙනං එහෙම කරන්න ඕනෙ රජයෙන් මිසක් මාලබේ කැම්පස් එකට යන ළමයින්ගෙන් නෙවෙයි නේද?

      දේශපාලනය සම්බන්ධයෙන් බ්ලොග් ගඩොල් තුළින් අදහස් දක්වන්න කැමති නැති වුණත් ඔබේ මතයට මම එකඟයි කියලා කියන්න කැමතියි.

      //ඒත් මාලබේ නීතිවිරෝධී සක්විති ආයතනයට මිලියන 600 ක ණයක් දෙන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා?//

      තමන් අකමැති දේවල් වලට මෙහෙම පහර ගහන එක හරි නෑ නේද?

      //අනික කොහොමත් වැඩි උසස් පෙළ ප්‍රතිලයක් ගත්ත ආණ්ඩුවෙ කැම්පස් එකක කොල්ලෙක් ප්‍රයිවට් එකෙක්ට වැඩිය වැඩකාරයෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි තමයි . 100% එහෙම නෙමේ ඒත් බහුතරයක් එහෙම තමා//

      මේකට එකඟයි. සම්භාවිතාව වැඩියි තමයි.

      //අද පදුරකට පයින් ගැහුවත් ඔය ප්‍රයිවට් කැම්පුස් වලින් එළියට දක්කපු සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් ලා පනහක් හැටක් එළියට විසික්වෙනවනෙත්‍රටට ඇති වැඩක් තියෙනවද ? කෝ උන්ට දෙන්න රස්සා ? අනික් ක්ශේත්‍ර වලටත් ඔච්චර තමා මෙහෙම පනතක් ආවොත්//

      අද ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගොඩක් දියුණු වෙලා තියෙනවා. රටක් විදිහට මේ ප්‍රශ්නය දිහා බලන්න පුද්ගලික අරමුණු පොඩ්ඩක් අමතක කරලා.

      //සල්ලි තියෙන එකා ගොඩ පලයං දුප්පත් එකාට යන්න තියෙන ආණ්ඩුවෙ කැම්පස් ටිකත් වැහිලා පලයං කියාගෙන ඉන්න එක මහා අසාධාරණ කතාවක් කියලා ඕනේ මී හරකෙක්ට තේරෙනවා නේ බන්.//

      මේක ඔබතුමාගේ උපකල්පනයක් විතරයිනේ.

      //අධ්‍යාපනය තීරණය වෙන්න ඕනේ දක්ශතාව මත මිස ආම්මගෙ තාත්තගෙ සල්ලි මත නෙමේ//

      සල්ලි තිබුන පළියටම උපාධි හම්බවෙන්නෙ නෑ නොවැ!

      Delete
    8. "මේක ඔබතුමාගේ උපකල්පනයක් විතරයිනේ." ගෙන්න හදන පනත ගැන නම් තවම නිශ්චිත අදහසක් නෑ. හබෛ දැනට තියෙන කත ටිකයො, මීට කලින් මෙක කරන්න හදපු විදිහයි බලුවම ඔක තමයි වෙන්න නියමිත දේ.

      Delete
    9. IT ෆීල්ඩ් එක ගැන කියන්න තියෙන්නේ හැකියාව තියන එකා කොහොමටත් තියාගන්නවා. මම මේ වෙනකොට ගිය එක ඉන්ටවීව් එකකින් මගේ සෙටිෆිකට්ස් නම් බලලා නැහැ.ප්‍රායෝගිකව වැඩ කරන්න පුලුවන්ස කියලා විතරයි බැලුවේ.

      Delete
  17. පෞද්ගලික රෝහල් තියෙනවා... රජයේ රෝහල් තියෙනවා.... මොකක හරි ලොකු සැත්කමක් කරන්න ඕනෙ වුනොත් සල්ලි නැති මිනිස්සු රජයේ රෝහලකට ගිහින් කරගන්නවා... සල්ලි තියෙන මිනිස්සු පෞද්ගලික රෝහලකට ගිහින් කරගන්නවා... කාටත් ඕනෙ ලෙඩේ හොද කරගන්න...

    සමහර සල්ලි නැති මිනිස්සු රජයේ රෝහල් වල වෙයිටින් ලිස්ට් වල බලගෙන ඉදල මැරිල යන අතරෙ...පෞද්ගලික රෝහල් වලට ගිහින් සල්ලි තියෙන මිනිස්සු අවශශ්‍ය කටයුත්ත කරගෙන හොද වෙලා එනවා....

    ලෙඩේ හොද කරගන්න සල්ලි ගෙවන්නෙ ඒ රෝහල ගැන විස්වාසයක් තියෙනවනම් විතරයි... රජයේ එක වගේම ප්‍රතිකාර කරණවනම් විතරයි...

    ඔයි කොයි රෝහලෙත් එකම ලෙඩේට කරන්නෙ එකම ප්‍රතිකාරය.... සල්ලි තියෙන එකාටත් සල්ලි නැති එකා මැරෙන නිසා මැරෙන්න කියන එක හරිද... ? අනිත් එක තමයි

    ඔය කොයි රෝහලෙනුත් ලෙඩ්ඩු හොදවෙනව වගේම කොයි රෝහලෙත් ලෙඩ්ඩු මැරෙනවා....


    ආ... මේක මේ විශවවිද්‍යාල ගැන තියෙන පෝස්ට් එකක්.... රෝහල් ගැන කිවුවට සොරි ඈ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩි මෑන්. කතාව සහතික ඇත්ත.

      Delete
    2. ඔයාගෙ තර්කයේ කිසිම ගතයුත්තක් නැහැ.රජයේ හෝ පෞද්ගලික වේවා දැනට හැම රෝහලකම ඉන්න වෛද්‍යවරු රජයේ උපාධිධාරීන් හෝ ACT 16 විභාගය සමත් විදේශීය උපාධිධාරීන් .ලෙඩ්ඩුන්ගෙ වාසනාවකට පෞද්ගලික වෛද්‍යවිද්‍යාවලින් ආපු වැස්සකටවත් සායනික පුහුණුවකට ඉස්පිරිතාලවලට නොගිය හොරාට දොස්තරලා වෙන්න බලං ඉන්න කට්ටියට බේත් දෙන්න ලයිසන් ලැබිලා නැහැ . එයාලා බේත් දෙන්න ගත්තහම කට්ටියට තේරෙයි නිදහස් අධ්‍යාපනයෙ රගේ හොහ් හොහ් ! එතකං අපිත් කට පියං බලං ඉන්නවා

      Delete
    3. ඉතිං එයාලාටත් ACT 16 විභාගය ලියන්න කිව්වානං ඉවරනේ. අනිත් එක සමසෞඛ්‍ය පාඨමාලාවල කාලය අවුරුදු 3කට අඩුකරන්න කියලා ඒ ළමයින්ගේ නිදහස් අධ්‍යාපන අයිතීන් කප්පාදු කළේ කවුද දන්නෑ?

      Delete
    4. කියලා වැඩක් නෑ පොඩි මෑන්... මරු තර්කේ
      පුද්ගලිය රෝහල් අහෝසි කරන්න ඕනේ. සල්ලිකාරයෝ ඒවගෙන් බෙහෙත් අරන් සනීප උනට දුප්පත් මිනිස්සු රජයේ රෝහල්වල පෝලිමේ ඉන්නවා. දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් ගන්න බැරිනම් සල්ලිකාරයොත් මැරිලම යන්න ඕනේ. හැබැයි රට ගිහින් බෙහෙත් ගන්න පුලුවන් නම් අව්ලක් නෑ, ගිහින් එන්න හොදේ

      Delete
    5. ඇයි ජ'පුරේ A2B1 ගත්ත අපේ දුප්පත් සහෝදරවරු හෙද ශිෂ්‍යයෝ වෙද්දී මේ හොර කඩේට රිංගගත්තු S3 ගත්තු මෙලෝ හසරක සායනික පුහුණුවක්,විධිමත් අධ්‍යාපනයක් නැති ගොයියලට ACT 16 ලියන්න දෙන්නේ.අම්මලා මොනවා කරලා හරි ඉදා කාපන් කියලා සල්ලි හොයල දුන්නටද ? ACT 16 ලියන්න වෛද්‍ය සභාවෙන් පිළිගත්ත වෛද්‍ය විද්‍යාලයකින් නිකුත් කරපු උපාධියක් වෙන්න ඕනි. මේ කොහේවත් දේශන ශාලාවකුයි ඇපල් මැශින් ටිකකුයි ලිෆ්ට් එකකුයි තිබ්බයි කියලා ඒක වෛද්‍ය විද්‍යාලයක් වෙන්නෙ නැහැ නේ . අම්මපා මමත් හෙට දානව එහෙනම් එහෙම වෛද්‍ය විද්‍යාලයක් . අනික මේක මිනිස්සුන්ගෙ සල්ලි වචා කරන නීතිවිරෝධී සක්විති ආයතනයක්. ඒක මං කියන්නෙ බොහොම වගකීමෙන්. අරෙහෙං අවසර ගත්තළු මෙහෙං අවසර ගත්තළු පල් බොරු නේ . ලක්ශ 65 පෙන්නුවා නම් එස් තුනටත් දොස්තර කරයි . මතක තියාගන්න මේ ගොල්ලො මේ විනාශ කරන්න යන්නෙ දකුණු ආසියාවේ හොදම සෞඛ්‍ය සේවයක් තියෙන රටක්. අනික් ක්ශේත්‍ර වලින් ළග රටවල් අපිට කිට්ටු වෙන්න වත් බැරි වෙන තත්වයක ඉදිද්දි සෞඛ්‍යට විතරක් එහෙම නොවුනෙ මොකද ? නිදහස් අධ්‍යාපනය නෙවෙයිද ?

      කවුද නිදහස් අධ්‍යාපනය කප්පදු කළේ ? අපිද ? සම සෞඛ්‍ය ප්‍රශ්නය ඔයිට වඩා ගොඩක් පුළුල් . පොඩ්ඩක් ඒක ගැන කියවලා එන්න . වෛද්‍ය ක්ශේත්‍රයට සමාගාමීව Allied Health Sciences ක්ශේත්‍රයත් ශක්තිමත් කරන්න ඕනි කියලයි මම නම් හිතන්නේ.අවුරුදු ගාණෙ නෙමේ වැඩේ තියෙන්නෙ . ඒ කාලෙදි ලබාදෙන පාඨ්මාලාවෙ ප්‍රමිතියෙයි . තෙරියමා ?

      Delete
    6. හෙද පාඨමාලාව හදාරපු අයට වෛද්‍ය විද්‍යාව ගැන නිසි අවබෝධයක් නැති නිසා ACT 16 ලියන එක තේරුමක් නෑ. ඒත් මාලබේ අය වෛද්‍ය අධ්‍යාපනය ලබන නිසා ඒ අය ඇත්තටම වෛද්‍ය වෘත්තියට ගැලපෙනවාද නැද්ද කියලා ACT 16 විභාගයෙන් බලන්න පුලුවන්.

      //සම සෞඛ්‍ය ප්‍රශ්නය ඔයිට වඩා ගොඩක් පුළුල් . පොඩ්ඩක් ඒක ගැන කියවලා එන්න//

      ඔබතුම මට එහෙනං පැහැදිලි කරලා දෙන්නකෝ. මමත් ටිකක් දන්නවා

      //වෛද්‍ය ක්ශේත්‍රයට සමාගාමීව Allied Health Sciences ක්ශේත්‍රයත් ශක්තිමත් කරන්න ඕනි කියලයි මම නම් හිතන්නේ//

      එහෙම හිතන එක ලොකු දෙයක්. ඒත් ඔබතුමාලාගේ ක්‍රියාවෙන්නම් එහෙම පෙන්නුම් වෙන්නෙ නෑ

      //අවුරුදු ගාණෙ නෙමේ වැඩේ තියෙන්නෙ . ඒ කාලෙදි ලබාදෙන පාඨ්මාලාවෙ ප්‍රමිතියෙයි . තෙරියමා ?//

      අවුරුදු 4ක උපාධියක් තමයි නියම උපාධියක් කියලා බොහෝ රටවල පිළිගන්නේ. අවුරුදු 3 කියන්නේ ඩිප්ලෝමා එකක්. අවුරුදු ගාන අඩුවුණාම ප්‍රමිතිය වැඩි වෙනවාද?

      Delete
    7. ඔය නිදහස් අද්‍යාපනේ ලබපු වෙද්දු කෙල්ලංව දූශණය කරල උඩ තට්ටු වලිං එලියට දාන එව්ව, වං කකුල කපන එකට දකුණු කකුල කපන එව්ව. එ්කත් කකුල නොකප බේරගන්න තියෙද්දි, බේත් ovrdose දීල මරන එව්ව, එතකොට... නින්ද යන්න බෙහෙත් දීපු එකාට දෙවෙනි පාරටත් එ් බේත ම දීල මිනි මරන එව්ව..... මේව ගැනත් කතා කරපල්ලකො.

      Delete
    8. @තනි අලියා :
      එතකොට නිදහස් අධ්‍යාපනය නැතුව සල්ලි දීලා ඉගෙන ගන්න එකා එහෙම නොකරයි කියලා සහතික වෙන්න පුලුවන්ද ?

      මචං උබ කියන දේ මනුස්සයා මත රදා පවතිනවා මිසක් ඒක අධ්‍යාපනයේ වැරැද්දක් නෙමෙයි. අනිත් එක සාරධර්ම කියලා දෙන්නේ පාසල් වලින්. ඒකත් අමතක උනාද ? :)

      Delete
  18. දැනටමත් උපාධි දෙන පෞද්ගලික ආයතන වල උගන්නන්න බොහොමයක් දේශක වරු රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත අය නිසා ඒවයේ උපාධි බාල වෙන්න විධියක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතනවා

      Delete
    2. ලංකාවෙ විවි ක දෙශකයෙකුගෙ මාසික වටුප කීයක් විතර වෙයිද?

      Delete
    3. ඒක තීරණය වෙන්නේ අදාල පුද්ගලයාගේ ජ්‍යේෂ්ඨත්වය මත

      Delete
    4. සමාන්යෙන් හොඳ තැනක කෙනෙක්ගෙ මන් අහන්නෙ.

      Delete
    5. මෙන්න මේක තවත් ප්‍රශ්නයක්..රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න දේශකයෝන්ට රජයෙන් ලබාදෙන වැටුප් හා දීමනා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..
      ඉතින් එහෙම අය ලොකු ගානකට පොද්ගලික විශ්ව විද්‍යාලවලට ගියොත් රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න දුප්පත් ළමයින්ට බුදු සරණයි!!!!

      Delete
    6. ගිනි කුරුල්ලා මල්ලිගේ කතාව මම් පිලිගන්නවා. කවුරුත් දන්න දෙයක් තමා රාජ්‍ය ආයතන වලට වඩා පෞද්ගලික ආයතනවල වැටුප් වැඩ්යි කියන එක. එතකොට රජයේ වි.වි. වල ආචාර්යවරු පෞද්ගලික ආයතන වලට ගියොත් පුරු පුරුට වගේම අනිත් රජයේ වි.වි. ශිෂ්‍යන්ටත් කෙල වේ.

      Delete
  19. උපාධි කඩ

    ReplyDelete
    Replies
    1. එහෙම කියන එක හරි නෑ නේද?

      Delete
    2. ඔය උපාදි කඩ කියන අයට අපි උපාදි දන්සැල් කිව්වොත් මොනවා හිතෙයිද

      Delete
    3. තමන් තමන්ගේ මහන්සියෙන් උපාධියක් ගන්න තැනක් කඩයක්වත් දන්සැලක්වත් නෙවෙයි.

      Delete
    4. ඇනෝ මේක නම් වැරදි නේ,අපි ඉගෙන ගන්න ආයතනයේ 1st year එක pass කරන්නේ 66% average එකකින්,ඉතින් අපේ batch එකේ හිටපු අයගෙන් බාගයකට ටිකක් වැඩි පිරිසකට විතරයි 66% තිබ්බේ ඉතින් අනිත් අය repeat කරලා කොහොම හරි ගොඩ දාගන්න ඕනි.ඉතින් උපාධි කඩ තියනවනම් මෙච්චර මහන්සි වන්න ඕනි නැ නේ.කඩේට ගියා සල්ලි ගෙව්වා උපාදිය ගත්තා.

      Delete
  20. මමත් පුද්ගලික විශ්ව විද්‍යාල මතයට එකඟයි... අපේ කාලෙත් ඔව්වා තිබුණා නම් අපි කීය දීල වුණත් යනවනේ...

    ReplyDelete
  21. ස්තූතියි ගඩොල්. මම මේ ගැන වැඩිදර කතා කරන්න යන්නෙ නෑ. මට වෙහෙසයි. නමුත් අපි එක කුසේ උපන් අය වගේ හිතන් ඉන්න එක එක බුඩ්ඩිමතුන් (4 eg මොරටුවේ දෙයියම්පා ;) :'( ) සිතිවිලි පරාවර්තනය කරපු කටපත් පවුරකි, රත්ගමයගෙ post එකේ comment.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා උඹේ කොමෙන්ට්ස්. ටිකක් තරහ ගිය ගතියකුත් තිබුනා. ඒත් මට ඒ තරහා තේරුම් ගන්න පුලුවන්. සැලෙන්න එපා. උඹේ උපාධිය කරලා පී එච් ඩී කරපු ගිය මිනිස්සුත් ඉන්නවා.

      Delete
    2. මම දන්නව. මම එහෙම මිනිහෙක්.... නෑ සොරි, දෙවියෙක් නිසා තමයි මේක කරන්න තීරණය කලේ. මේක ලේසි නෑ. ගිය අවුරුද්දෙ 190ක් අාව, කව්ද කියනව අහගෙන දැං ඉන්නෙ පණහයිලු.

      මම අාවෙ මෙන්න මේකටයි. මොරටුව දෙයියම්පා මැතිණිය ;) කියා සිටින්නේ /නියමිත ප්‍රමිතියකින් පුද්ගලික වි.වි ඇති වුනාට කමක් නෑ./ කියාය. මෙයට 100%කටත් වඩා ටිකක් වැඩියෙන් එකඟ වෙමි.

      මම කතා කරන්නෙ මම වෙනුවෙන් නෙවෙයි. පහුගිය වසරවල මගෙ දිස්ත්‍රිකයට අදාල z ලකුණු සලකනකොට මටත් කැම්පස් යන්න බැරි නෑ. හැබැයි යන්න පලුවන් දේවල් වලට මම කැමති නෑ. මම යන්න කැමති තැන් වල ඉන්නව මෙඩිසින් කරන්න පණ දාගෙන ගිරව ගහල යාගන්න බැරි වෙච්ච මිනිස්සු.

      තරහෙන් නං තමයි ඉන්නෙ. මොකද මම කැමති නෑ මිනිස්සුංව නලවන්න. කියන දෙයක් තියනවනං මූනටම තමා. එයාලගෙ දේවල් වලිං නෙවෙයිනෙ අපි ජීවත් වෙන්නෙ.

      මේව කියෝන පෞද්ගලිකව උසස් අධ්‍යාපනේ හදාරන අය හිතට ගන්න ඔ්න හොඳට ඉගෙනගෙන රටට ලෝකෙට දැනෙන යමක් කරන්න. එතකොට ඔය අපට ජොබ් කරං ජීවිතේ ගැට ගහගං කියන තුප්පහිංට වහ කාල කැලේ රිංගන්න තමා වෙන්නෙ.

      Delete
    3. හුටස්.... මැතිණිය??????

      Delete
  22. // රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් නිදහස් අධ්‍යාපනය ඒ ගැන ආදරයක් තියෙනවා.//

    ප.ලි - පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන තියේවි. නමුත් රජයේ සරසවි විනාශ කරන්න හදන රජයේ මෙන්ම ජවිපේ එවුන්ට නම් ඉතින් ........................

    ReplyDelete
  23. මොරටුව, කොළඹ, ජපුර, කැලණිය සහ පේරාදෙනිය යන සරසවි 5 ඉතුරු වේවි. මොකද නිසිපරිදි යාවත්කාලීන වන පාඨමාලා තිබීම, අනෙක් පහසුකම් සහිත වීම, සුදුසුකම් ලත් ආචාර්යවරු පිරිසක් ඉන්න නිසා. නමුත් පුරු පුරු රජරට, සබරේ, නැගෙනහිර, අග්නිදිග? ඌව වෙල්ලස්සෙත් ආචාර්යවරු හිගය දරුණුයි!

    ReplyDelete
    Replies
    1. ආචාර්ය හිඟය ඇතිවෙන්නෙ ඒ අයට නිසි වැටුප් සහ පිළිගැනීමක් නැතිකම නිසා. ඒ හින්දා කලිනුත් කිව්වා වගේ පුද්ගලික විවි ඇති කරන ගමන් ඒ ප්‍රශ්න ගැනත් අවධානය යොමු වෙන්න ඕනේ.

      Delete
    2. සහතික ඇත්ත...ඔය වැඩේ වුනේ නැත්නම් මොකට වුනත් එක සෙතේම තමයි...වෙනසක් වෙන එකක් නෑ.

      Delete
  24. මොනව වුණත් අවුරුදු දෙකක් බුදු කට්ටක් කාලා.. ඒලෙවල් ඉහළින්ම ගොඩදාන ලංකාවේ හොඳම කෙල්ලන්ට කොල්ලන්ට අසාධාරණයක් වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. රටක් වශයෙන් අපි හිතන්න ඕනෙ රටේ දියුණුව උදෙසා හොඳම ක්‍රියාමාර්ගය මොකද්ද කියලා මිසක් එක් පිරිසකගේ අභිමතාර්ථ ඉෂ්ට කරන ක්‍රමවේදයක් නෙවෙයි නේද සහෝ?

      Delete
    2. මම කියන්නෙ අසාධාරණයක් වෙන්න දෙන්න බෑ කියන එකයි. සුදුස්සාට හොඳම තැන ලැබිය යුතුයි. රට දියුණු කරන්න නම් බුද්ධිමත් මිනිස්සු අවශ්‍යයි. ඒ අයට ලංකාව දාල යන තැනට වැඩ සිද්ධ වුණොත්?

      Delete
    3. දැනට සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙ නැත්තෙ රාජ්‍ය අංශය ඇතුලෙදි. එතනදි රජයේද පුද්ගලිකද උපාධියක් තියෙනවද නැද්ද කියලා වැදගත් නෑනෙ. දේශපාලන බලය තමයි ඕනෙ.

      පුද්ගලික අංශයේනම් දක්ෂයාට සුදුසු තැන ලැබෙනවා.

      Delete
    4. ලංකාවෙ කාලකණ්නි දේශපාලනය තියෙනකං ඒක එහෙම තමයි. ඒක වෙනම කතාවත්. ඒත් රජයේ විශ්වවිද්‍යාල වලට ලැබෙන පහසුකම් කප්පාදුවෙලා..හරියට වෙලාවට සම්පත් ලැබෙන්නෙ නැතිවෙලා(දැනටත් ඒක එහෙම තමයි).. ඒ අතරෙදි සල්ලි බලෙන් පුද්ගලික විශ්වවිද්‍යාල වලට ඒව ලැබිලා.. අර ක්‍රීම් එකට අසාධාරණයක් වෙනකොට මොකද්ද ඒකෙ ඇති තේරුම. මොනව වුණත් ලංතාවෙ ඒලෙවල් තියන්නෙ හොඳම බුද්ධිමතුන් පිරිසත් තෝරා ගැනෙන සන්දිස්ථානයක්.

      Delete
    5. අවුරුදු දෙකක් නෑ තුනක් හතරක් බුදු කටු කාල එ්ලෙවල් පාස් වෙලා නතර වෙන උන්ට මොකද කියන්නෙ.

      ලංකාවෙ එ්ලෙවල් වලින් තෝරන්නෙ ගිරව් මිසක් බුද්ධිමත්තු නෙවෙයි. උන් වැඩිහරියකට පුලුවන්නෙ සිලබස් කටපාඩමිං ලියන්න විතරයි.

      මෙහෙමයි. තමුසෙලාට පහසුකං ඔ්නනං පහසුකං ඉල්ලන්න. එ්ක වෙන කාරනයක්. අනිත් උන්ට යන එන මං නැති කරන්න එපා.

      Delete
    6. “ලංකාවෙ එ්ලෙවල් වලින් තෝරන්නෙ ගිරව් මිසක් බුද්ධිමත්තු නෙවෙයි“ නරියත් කිව්වලු ඔන්න ඔහොම කතාවක්.

      Delete
    7. කෝ ඉතිං තමුන්නාන්සෙල කරපු බුද්ධිමත් කං පෙන්නනවකො!

      පහත කමෙන්ට් කොටසත් අදාලයි.

      // ප්‍රමිතිය මනිනව නං ඒ ඒ නිර්ණායක තියෙනවනේ? මනිමු. පර්යේෂන පත්‍රිකා කීයද, ඒකෙන් කීයක් NEJM, ලාන්සෙට් වල දැම්මද කියල බලමු. නැතුව බොරුවට වචන දාලා කොලේ වහන්ඩ එපා!

      Copenhagen- Neurologist

      //

      Delete
    8. තනි අලියා - මචං උඹත් නැට්ට පාගගෙන ඉන්නේ. රජයේ විවි වල ඉන්නේ කටපාඩම් ගිරවු නෙවෙයි. එහෙම අයත් ඉඳලා හිටලා ඇති. ඒත් රජයේ විවි වලින් අවුට් වෙලා උසස් අධ්‍යාපනය ලබන්න විදෙස් ගත වෙන සිසුන්, කටපාඩම් ක්‍රමයක් නැති ඒ රටවලදි පවා ඉහළ දස්කම් දක්වනවා.

      Delete
    9. අනික පර්යේෂණ පත්‍රිකා එළි දැක්වීම කරන්න අපහසු විවි වල පහසුකම් නැති නිසා මිසක් කම්මැලිකම නිසා නෙවෙයි.

      උඹත් තව අවුරුදු කීපෙකින් වරෙන්කෝ අපේ ලැබ් එකට රිසර්ච් එක කරන්න. එතකොට ඇත්ත තත්ත්වය බලාගන්න පුලුවන් වෙයි. :)

      Delete
    10. අා ඔ්ක මෙහෙමයි. පස්සෙයි ක්ලික් උනේ. ගිරව් යන පදයෙන් අාවරණය උනේ සියල්ලම නොවන බව කරුණාවෙන් සලකන්න!

      Delete
    11. ඔයාටනං මගෙ යම් කිසි ගෞරවයක් තියනව, මොකද මේ දිහා සාධාරනව බලල තියනව.

      හරි ගිරව් නෙවෙයි කියමුකො. දැං ඔය එක එක මදුරුවො කුණුදොඩං කාරයො කියන විදියට කැම්පස් යන්න බැරි හාල්පාරුවන්ටනෙ.

      මම පස්සෙ වෙලාවක දානව ඔය ඉහත මදුරු කුණුදොඩං වර්ගීකරණයට අනුව හාල්පාරුවන් කරපු වැඩ ගැන. චුට්ටක් කල් යයි.

      Delete
    12. ලැබ් එකට එන්න කරපු අාරාධනාවට තුති. :)

      Delete
    13. හරියට ෆිට්වෙන තොප්පි අරන් ඔලුවෙ දාගෙන බෙරිහන් දුන්නට මට නං කොරන්න දෙයක් නෑ.... කැම්පස් යන්න බැරි අය ගැන ඔය විදියට මම වචනයක්වත් මේ කමෙන්ට් වල මම කියල නෑ... හැබැයි එහෙම හිතාගෙන ඉන්න බව නම් පේනවා.

      Delete
    14. ඔය කියන විදිහට පුද්ගලික අංශයෙනම් වෙන්නෙ නෑ කියලයි මගේ මතය. කිසිම සුදුසු කමක් නැතුව, තමන්ගෙ සනුහරේ ඔක්කොම දාගෙන, ඕකට විවි න් හරි වෙන සුඩුසුකමක් හරි තියෙන වැඩකාරයෙක්වත් දාගෙන උන් ලවා ඔක්කොම කරගන්න විඩිහක් තමයි තියෙන්නෙ ගොඩක් තන් වල

      Delete
  25. මෙතෙක් මේ ගැන ලියවුන දැකපු හොදම ලිපිය...:)))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිසූපා

      Delete
  26. පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන ලියවෙච්ච මම කමෙන්ට් කරන පස් වෙනි ලිපිය මේක !!!

    මට බුවාත් එක්ක හැම බ්ලොග් එකේම කෑ ගහගන්න බෑ. බුවා රත්ගමයගේ බ්ලොග් එකට එමු. එතන මරා ගමු !!!

    මචං බුවා මට උබත් එක්ක තරහක් නෑ. මම ගැටෙන්නේ බුවා කියන පුද්ගලයා එක්ක නෙමේ බුවාගේ මතයත් එක්ක !!! :)

    මගේ මතය
    "පුද්ගලික විශ්ව විද්‍යාල වලට මම එකෙහෙලාම විරුද්ධයි !!!"

    ReplyDelete
    Replies
    1. මම එතනත් ඉන්නවා ,මගේ තර්කයකට මධුරංග උත්තරයක් දුන්න වෙලාට උත්තර දෙන්නම් . මම නම් එක හෙලාම පෞද්ගලික ඒවට පක්ෂ හෝ විපක්ෂ නැ , නිසි ප්‍රමිතිය රැකගෙන රාජ්‍ය විශ්ව විද්‍යාලත් රැකගෙනයි කෙරෙන්න අවශ්‍ය කරන්නේ කියලයි මගේ මතය . ඕක මම මගේ ලිපියකින් මීට සති දෙකකට විතර කලින් ඉදිරිපත් කරල තියෙන්නේ . මේ කරන්නේ එන එන විදිහට වාද කරන එක ,, ඇත්තටම මේ වාද කරල වැඩක් නැ , ආණ්ඩුවේ කැම්පස් බහුතරයක උන් කොහොමත් විරුද්ධයි අපි මොනව කිව්වත් වැඩක් නැ , හැබැයි වාද කරන එක ආතල් වැඩේ නිසා දකින දකින හැම බ්ලොග් එකකටම පැනල මොනව හරි කියනව .

      Delete
    2. බුවාගේ මතයට මමත් එකඟයි. අනික මධුරංග කියන්නේ මගේ බ්ලොග් මිතුරෙක්. මමත් හැප්පෙන්නේ උඹේ මතය එක්ක මිසක් උඹ එක්ක නෙවෙයි

      Delete
    3. එහෙනම් ඉතින් මෙතනත් පුරුදු විදිහට පටන් ගම්මු !!!!
      හිටින් මචං දවසේ බ්ලොග් ටික කියවලා එනකන් !!!

      Delete
    4. මධුරංග : "පුද්ගලික විශ්ව විද්‍යාල වලට මම එකෙහෙලාම විරුද්ධයි !!!"
      හරි මේ විරුද්ධත්වයට පැහැදිලි හේතු දෙන්න? නියමිත් ප්‍රමිතියෙන් පවත්වගෙන යන පු.වි.වි ඇති කිරීමට ඇයි විරුද්ධ වෙන්නේ?
      සල්ලි නැති එකාට ඉගෙන ගන්න බැරි වෙනවා සල්ලි තියෙන එකා ඉගෙන ගන්නවා කියන මෝඩ තර්කෙනම් ඉදිරිපත් කරන්න එපා. පු.වි.වි නැති උනා කියලා දුප්පත් එකාට ඉගෙන ගන්න පුළුවන් වෙනවද? හැබැයි පු.වි.වි තිබ්බානම් සල්ලි නැති එකාටත් අමාරුවෙන් හරි කීයක්වත් හොයාගෙන ඉගෙන ගන්න තිබ්බා නේද?

      Delete
    5. @ඇනෝ :
      මචං පුද්ගලික විශ්ව විද්‍යාල ඇති උනාම රජයේ විශ්ව විද්‍යාල කඩා වැටෙනවා.

      1) රජයේ විශ්ව විද්‍යාලයක උගන්වන මහචාර්යවරු පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇදියන ප්‍රවනතාවය වැඩි වෙනවා. මොකද රජයේ එකෙත් පුද්ගලික එකෙත් කරන්න තියෙන්නේ එකම දේ නම් අඩු පඩියකට රජයේ එකේ ඉන්නේ මොකෑ......

      2) රජයේ විශ්ව විද්‍යාල වලට ප්‍රතිපාදන කප්පාඩු කරනවා.

      ඊට පස්සේ විශ්ව රජයේ විද්‍යාල ටිකත් පුද්ගලීක කරණය කරනවා. සනීපයි නේ ???

      Delete
  27. මමත් උ.පෙ.ට බයෝ කරලා බයෝවලට කැම්පස් යන්න සිලෙක්ට් උනාට, කම්පියුටර් කරන්න ඕන නිසා සල්ලි දීලා ස්ලිට් ගියා.
    ඔය ගොඩක් අය හිතන් ඉන්නවා වගේ මහා ධනකුවේරයෝ නෙමෙයි එතනට එන්නේ. ගොඩක් වෙලාවට මධයම පාන්තිකයන්ගේ ලමයි (මමත් ඇතුලුව)

    ReplyDelete
    Replies
    1. oya tiyenne ban atta ..samahara un hitanne api me salli tiyanawata kahana nisa degree ekak gannawa kiyala...api dannawa kochchara amaruwenda salli hoyagatte kiyala..e wagema degree eka complete karanna kochcara mahansi wenna onada kiya eka...samahara un hitan inne salli dunna gaman degree eka denawa kiyala..ahama unoth a ayatanayata pawathmak ne kiyala ai terum ganne natte..oya okkama campus giya porawalge moda jork witarai

      Delete
  28. පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මට පස්සේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ස්වභාවිකවම කඩා වැටෙනවා.ටික කාලයක් ගියාට පස්සේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉන්න සිසුන් හා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට මුදල් නොමැති වීම නිසා යන්න බැරි වුණ සිසුන් කියන කොට්ඨාශ දෙක අතරම පවතින සමාජ ක්‍රමය දිහාවෙ වෛරයකින් බලන්න පුළුවන්.මොකද ඔවුන් දෙගොල්ලටම මේ ක්‍රමය තුළින් අසාධාරණයක් වෙනවා.එක අතකින් රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉන්න සිසුන්ගේ උපාධියට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.අනික් අතින් ඔවුන්ට ලැබෙන පහසුකම් කප්පාදු වෙනවා.ඊට පස්සේ මේ විශ්වවිද්‍යාල පද්ධති දෙකටම යන්න බැරි වුන දුප්පත් ළමයිගෙ මානසිකත්වය ගැන හිතන්න.රාජ්‍ය විශ්වවිද්‍යාල විතරක් තියෙනවා නම් විභාගයක් තුළින් ගන්න නිසා තමන්ට ලකුණු මදි වුණ නිසා විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණා කියල හිත හදාගන්න පුළුවන්.ඒත් මුදල් නැති නිසා උසස් අධ්‍යාපනය ලබන්න බැරි වීම කියන්නේ ඔවුන්ට ලොකු අසාධාරණයක් නෙවිද?තමන්ට වඩා අඩු රිසාල්ට් තියෙන කොල්ලෙක් ඩිග්රිය ගහල ඉද්දි වැඩි රිසාල්ට් තියෙන කොල්ලෙක් තුළ සමාජයට වෛර කරන්න පෙළඹෙන්නේ නැද්ද?
    අනික පෞද්ගලික වීශ්වවිද්‍යාල දැම්ම කියල ශිෂ්‍ය අරගල නවතින්නේ නෑ.ටික කාලයක් ගියාට පස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල ළමයිම පාරට බහිවි ගාස්තු අඩු කරන්න කියලා.එහෙම උදාහරණ ඕන තරම් බටහිර රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ආශ්‍රිතව තියෙනවා.අනික් අතින් ආමාරුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන සමහර ළමයි මුදල් හොයාගන්න විවිධ අපචර්යා වලට යොමු වෙන්න පුළුවන්.ඒවටත් උදාහරණ ඕනෙතරම් පිටරටවල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ''පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන සමහර ළමයි මුදල් හොයාගන්න විවිධ අපචර්යා වලට යොමු වෙන්න පුළුවන්.ඒවටත් උදාහරණ ඕනෙතරම් පිටරටවල තියෙනවා''
      lmao... dude! please get a life. Student go to forigen countries because their parents can afford the tution fees, not with an intend to do illeagal things and earn money. You may can give examples but I'm sure non of them are genuine students who study in a university unless they are desperate to earn money illeagally. Do you think we have time even to think about that huh... you have no idea how we are stuck up to the nose with coursework.lol.

      Admin: Sorry, I am in the library so, no Sinhala font in this computer. Sorry again for using English.

      Delete
    2. //''පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන සමහර ළමයි මුදල් හොයාගන්න විවිධ අපචර්යා වලට යොමු වෙන්න පුළුවන්.ඒවටත් උදාහරණ ඕනෙතරම් පිටරටවල තියෙනවා''//

      This is bullshit....I have been in the UK HE system for 20 years as an academic (4 leading universities). Some of the 'prostitution cases' reported were however overseas students and students from Eastern Europe. Other thing is prostitution is not a taboo. Even prostitutes enter into higher studies as a form of self-rehabilitation.UK and EU students receive student loans to cover their tuition fees and living expenses. 90% of students have part time jobs, including international students.

      Delete
    3. //අනික් අතින් ආමාරුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන සමහර ළමයි මුදල් හොයාගන්න විවිධ අපචර්යා වලට යොමු වෙන්න පුළුවන්.ඒවටත් උදාහරණ ඕනෙතරම් පිටරටවල තියෙනවා//

      රජයේ විවි වලත් මුදල් හොයාගන්න පරමාර්ථයක් නැතුව පවා අපචාර වලට යොමු වූ ළමයි ඉන්නවා. ඒවාට උදාහරණ හොයන්න පිටරට යන්න අවශ්‍ය නෑ.

      Delete
  29. සමාවෙන්න, කාලවේලාව මඳ නිසා මේ ප්‍රතිචාරය ලියන්නේ පාඨක ප්‍රතිචාර නොකියවා ලිපිය පමණක් කියවා බව සලකන්න.
    පුද්ගලික වි.වි වලට අවස්ථාව දීම මගින් රජය බලාපොරොත්තු වන්නේ (ජාතික ආදායමින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල වසරින් වසර අඩුවන පරිසරයක් තුල)ජනතාවට අධ්‍යාපනය ලබාදීමට රජයට ඇති වගකීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත්වීම මිසක් වෙනකක් නොවේ. ඇත්ත, අපි ද කෙදිනක හෝ රජයෙන් ලබන කිසිදු ආකාරය සහනාධාරයක් (සමෘද්ධිය,මහපොල,පොහොර හෝ සෞඛ්‍යය විය හැක)නොලබා ස්ව ශක්තියෙන් නැගී සිටිය හැකි ජාතියක් බවට පත්විය යුතු වෙමු.වෙනත් වචන වලින් කිවහොත් විවෘත වෙළඳපලෙහි කවර හෝ මිලකට විකිනෙණ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය (මෙන්ම සෞඛ්‍යය හා අනෙකුත් සියලු අවශ්‍යතාවන් ද) මිලදීගැනීමේ ශක්‍යතාවය ඇති ජාතියක් බවට පත්විය යුතුවෙමු.නමුත් කටුක වූ යථාර්තය නම් රටේ අතිශය බහුතරය මේ ශක්‍යතාව නොමැති වූවන් බව තේරුම්ගැනීමට මහබැංකු වාර්ථාවේ දර්ශක කියවීමට වඩා දුරබැහැර දුෂ්කර ගම්මානයක් දෙස හොස්ස පොවා බැලීම ප්‍රමාණවත් යයි මම යෝජනාකරමි.මගේ පුද්ගලික අත්දැකීම නම් තුන්වේල සරිකරගැනීමට අපමණ වෙහෙසක්ගන්නාවූ බහුතර දූගී ජනතාව අත (රජයෙන් නොමිලයේ දෙනවා නම් ලබාගන්නවා හැර) අකුරට වියදම් කිරීමට තඔයක හෝ මුදලක් නැති බවයි.
    රජය වෙනුවට පුද්ගලික අංශය ආදේශ වූ සේවාවක ප්‍රමිතියට කණකොකා හඬන ආකාරය තේරුම්ගැනීමට පුද්ගලික අංශයේ ප්‍රවාහන සේවය දෙස බැලීම ප්‍රමානවත්ය.
    "ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි." - මේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වබ පෙන්වන්න මම මෑත උදාහරණ 3ක් දෙන්නම්
    1.පේරාදෙණියේ කළමනාකරණ පීඨයක් අරභා සිසුඛාණ්ඩ 2ක් බදවාගෙන ඇතත් සම්පත් ලබාදී පීඨය තවම ස්ථාපනය කොට නැත.
    2.තමන්ට මහාචාර්ය ඒකකයක් ඉල්ලූ රජරට වෛදය පීඨ සිසුන් කොටසකගේ පංති තහනම් කොට පීඨය ද වසා දමා ඇත.
    3.2011 අයවැයෙන් වැටුප් වර්ධකයක් දෙන බවට පොරොන්දු දී එය ඉටු නොකර සරසවි ආචාර්යවරුන් රැවටීමකට ලක්කර ඇත.

    මේ ගැනම ලියූ සටහනක්.වෙලාව ඇත් නම් කියවන්න.
    http://meeghaya.wordpress.com/2011/12/25/%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B6%BD-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F/

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ. ඒත් දැන් යන විදිහට සිද්දවෙන්නෙ බොහෝ සිසුන්ට අසාධාරණයක්. ඒ අයත් කැමතියි ඉගෙන ගන්න. ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙකුට ඒ අවස්ථාව අහිමි කිරීම කොච්චර පවක්ද?

      සහෝ කියන මට්ටමේ දුප්පත් ළමයෙකුට රජයේ විවි ක පවා ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ. රජයේ විවි වලත් හරියට ඉගෙන ගන්න කෙනෙකුට කොච්චර වියදම් කරන්න ඕනෙද?

      ජයශ්‍රී හොඳ සිංහල බෞද්ධයෙක් නිසා කියන්නේ

      සබ්බ දානං ධම්ම දානං ජිනාති (සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය) - ගෞතම බුදු රජාණන් වහන්සේ

      Delete
  30. බ්ලොග් ලෝකෙ වාද වලට පැටලෙන්න මම අකමැති වුනත් කාලෙකි දැක්ක බොහොම මධ්‍යස්ථ අදහසක් .Thanks Blog Gadol

    නිදහස් අධ්‍යාපනයේ තවත් පරමාර්ථයක් වෙන්න ඕනේ වැඩි පිරිසකට අධ්‍යාපනය ලබාගන්න ඇති ඉඩ කඩ පුලුල් කිරීම . ප්‍රාථමික , හෝ උසස් අධ්‍යාපනය කියන්නේ එක විබාගෙකින් ඉහලින්ම සමත් වුනා හෝ මුදල් තියෙනවා කියන පිරිසට සීමා වූ දේකට වඩා පුද්ගල අයිතියක් හැටියට මම දකින්න කැමති .
    නමුත් තාමත් ලංකාවේ සරසවි වලින් පිටවෙන ඉහල වෘතිකයන් අතර තරමක පුංචි හරි තරහවක් තියෙනවා ඔවුන් එක්කම ඒ හා සමානව පිටරට හෝ මෙරට ආයතන වලින් වෘතීය සුදුසුකම් අරන් එන පිරිස එක්ක .ඒ නිසා මේ ප්‍රශ්නය තරමක් එක්සැජරේට් කරලා එවැනි ආයතන තුට්ටුදෙකේ පහල වෘතිය සුදුසුකම් දෙන ආයතන හැටියට වර්ග කරන්න පෙලඹිමකුත් තියෙනවා .

    ලංකාවේ සරසවි ගත්තොත් මේ වෙනකොට ඒවගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව මොන තරම් ඉහල ගිහිල්ලද කියන එක (ලෝකේ අනික රටවල් එක්ක නැතත් අසල් වැසි ඉන්දියාව එක්කවත් සසඳලා බැලුවොත් ) පෙනේවි අපි සෑහෙන්න පහලින් කියලා .නිදහස් අධ්‍යාපනය තුල ගුණාත්මක බව , ලෝකය එක්ක වෙනස්වීම් කියන දේවලුත් අපි බලාපොරොත්තුවෙනවා . එතැනදි අපේ සරසවි දියුණු නොවුනොත් නම් ලොකු ගැටලුවක් එනවා . නිදහස් අධ්‍යාපනය ගැන කතාකලොත් මේ දේත් හිතන්නම වෙනවා .නැත්නම් නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ නෑ මේ මගේ මතය .

    ඊලඟට පොඩි වෙනස් අදහසක් . ඒ ලෙවල් වලින් කැම්පස් යන ඔක්කොම බුද්ධිමත් පිරිස කියන එක .මේකට මට එකඟ වෙන්න අමාරුයි . කැම්පස් ෆස්ට් ක්ලාස් ගැහුවත් අපේ හැකියාව හා මාර්කට් වැලිව් එක තීරනය වන්නේ වැඩ ලෝකෙදී අපි මොන තරම් දක්ෂද කියන එක අනුව . ගොඩාක් අපේ සරසවි වලින් පිටවෙලා සාම්ප්‍රදායික ඉහල වෘතීන් වලට ගිහින් රජයට එක්වෙන අයට මේක ඒ තරම් ගැටලුවක් නෑ ( ස්ලැස් , ෆොරින් සර්විස් , රජයේ වයිද්‍යවරු , ස්ලැස් හා සමාන්තර සේවා , රජයේ වෙනත් ආයතන වල විධායක නිල,central bank ) මොකද මේ හැම එකක්ම විබාග හා සේවා කාලය උඩ තැන දෙන ආයතන .නමුත් පුද්ගලික අංසයේ අපිට මීට වෙනස් .රැකියාව තුල ලොකු කුසලතා ගොඩක් එක්කර නොගත්තොත් අනතුරේ . එතැනදි බලන්නේ නෑ නිතරම අපේ සරසවි වලින් ගත්ත ෆස්ට් ක්ලාස් . පිලිගත්තු වෘතීය සුදුසුකම් එක්ක වැඩ ලෝකෙ අපේ දක්ශකම් බලන්නේ .

    ඊලඟ කාරණාව ලොකු මුදලක් අයකරන මෙරට හෝ පිට රට අධ්‍යාපන ආයතන වලට යන්නේ ඉතාම ධනවත් දෙමාපියන්ගේ දරුවන් විතරක් නෙවේ . සාමාන්‍ය පහල මැද පන්තියේ රජයේ සේවක දෙමවුපියොත් මේ දේම කරනවා දරුවන්ට .මොකද ලංකාවේ අපිට ඉණිමගේ ඉහලට යන්න තියෙන හොඳම විදිය අධ්‍යාපනය .ඒ නිසා ඇති නැති දෙමවුපියො කවුරුත් දරුවන්ට උපරිමෙන් ඒ වත්කම දෙන්න බලනවා .

    අන්තිමට පුද්ගලික අධ්‍යාපන ආයතන ගැන රටේ තියෙන සංවාද ප්‍රචණ්ඩත්වයට යනවට වඩා වැඩි දෙනෙක්ට ඉන් ඵල ලබන්න පුලුවන් ගුණාත්මකව ඉහල මට්ටමක ඇති රටේ අවශ්‍ය්තා වලට ගැලපෙන ( කවුරුත් දන්නවා අපි ආසියාවේ ආශ්චර්ය උදෙසා යනවා කියලා , එතකොට දැන් තියා හිතන්න වේවි ඉදිරි දසක දෙක තුනක මානව සම්පත් සංවර්ධනය ) විදියේ සම්මුතියකින් කෙලවර කරගන්න පුලුවන් මට්ටමක් ආවොත් හොඳයි . නමුත් අඩුවෙන්ම වෙන්නෙත් ඒ දේමයි .comment by TG of Ahasgawwa

    ReplyDelete
  31. aniwaryenma pvt uni athiwenna one.mbbs(ceylon) laba dena pmc athi wiya yuthui.ethakota balanna puluwan leddu mareida,nathnam leddu pmc walin apu doctorsla hoyagana gihin beheth ganida kiyala.
    3B aran state uni ekaka bio karana unta 3A aran state uni ekaka medicine karana un ekka awulak na. Habai 3S gaththa ekek pmc walin mbbs karaddi 3A gaththa ekatai,3B gaththa ekatai dennatama awul. Mekata kiyanne irisiyawa misak wena ekak newe. 3B gaththa ekata pmc yanna salli nathiunata 3S gaththa ekata salli thiyanawanam uu pmc giyata kamak nane.eth e aththata muna denna bayai.mokada state sector ekada wada pvt sector eka onema anseka lankawe diyunui.ithin pmcth state uni walata wada wadi global rank ekakata awama 3s gaththa eka mbbs ekak aran eliyata enakota 3A aran state uniyaka hitapu ekata wada issarahin inne.(global rank eken) ethakota job market ekedi athi wena tharageta muna denna state uni wala bahutharaya bayai.

    ReplyDelete
    Replies
    1. මටනං ඒ ලෙවල් වලදි ගත්ත ප්‍රතිඵලය වැඩක් නෑ. ඩිග්‍රිය ගත්තට පස්සෙ හැබැයි හොඳ හැකියාවක් තියෙන්න ඕනෙ අදාල ක්ෂේත්‍රය ගැන

      Delete
  32. බොහොම හොද ලිපියක්
    නමුත් "බොහොම මධ්‍යස්ථ අදහසක්" කියල බොහෝ අය කිව්වට " 9)ඇත්තටම තියෙන ප්‍රශ්නය" කොටසේ ඔබ සදහන් කරන කරුණු මාතෘකාවට අදාල නැති බවයි මට හැගෙන්නේ. ඇත්තටම තියෙන ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ සිසුන් වර්ගීකරණයකට ලක්කීරිමකින්. මම එයට නම් එකහෙලා විරුද්දයි.

    ඔබේ මුල් comments වල කියල තියෙන විදියට සහ අද-19 තිබ්බ picket එකේ හිටපු කෙනෙක් හැටියට 1st yearsලට හෝ අන් කිසිම කෙනෙකුට කිසිම බලකිරීමක් සිදු උනේත් නැහැ සහ එවන් බලකිරීමක් මීට කලින් සිදු වූ බවට අහලත් නැහැ

    ReplyDelete
    Replies
    1. මමනං සහෝ හිතන්නේ පාඨකයන්ට ඇත්තම ප්‍රශ්නය ගැන අවබෝධයක් ලිපිය තුළින් ලබා දීපු එක හොඳයි කියලා. අනික 9 වෙනි ප්‍රශ්නයේදී සිසුන් කාණ්ඩ කිරීම නොකර බැරි දෙයක්. බොහොම ස්තුතියි.

      පිකට් එකට නොයන ළමයින්ට තමන්ගෙ බැච් එකෙන්ම විරෝධය එල්ල වෙන්න නෙවෙයිද විවි සංස්කෘතිය හැදිලා තියෙන්නේ?

      Delete
  33. කොමෙන්ට්ස් කියෝගෙන කියෝගෙන ඇවිල්ල මගිං අතෑරියා . . .

    පුද්ගලික වි.වි. ගැන මම මෑතකදි කියවපු එකම "මැදිහත්" ලිපිය. ස්තුතියි පුරු පුරු !!!

    මම උපාධිය ගත්තෙත් පුද්ගලික ආයතනයකින් (පුද්ගලික කිවුවට සෙමියක්). මම රස්සාව හොයාගත්තෙ හෙනම කට්ටක කාල . . . .අද වෙද්දි මගෙ යටතේ ‍රැකියාව කරනව රජයේ විශ්වවිද්යාල වලින් උපාධි ගත්ත 6 දෙනෙක්. හොඳම දේ මොකද්ද දන්නවද ???? එයාල ඔක්කොම මට වඩා මේ රස්සාවට සීනියර්. ඉතිං කොහොමද රජයේ විශ්වවිද්්‍යාලවලිං එලියට එන්නෙ හෙන බුද්ධ්මත් පොරවල්, පුද්ගලික වි.වි. වලිං උපාධි ගත්තු එවුං මොකුත් බැරි මෝඩයෝ කියල වෙන් කරන්නෙ . . . ?????

    ReplyDelete
    Replies
    1. ඕක තමයි අපේ රටට වෙච්ච් හෙනේ. මුං සම-හරක් හිතන්නෙ මුලු ජීවිතේම ඒ ලෙවෙල් විභාග ලකුනු මත තීරණය වෙන්න ඕනේ කියලා.
      කොන්කිරිට් කුලසිංහ ඉන්ජිනේරු උපාදිය ගත්තෙ මොකෙන්ද කියල වත් දන්නෙ නැති බයියොත් එක්කනෙ අපි කතා කරන්නෙ මචං. ස්ටීව් ජොබ්ස්ගෙ කතාව නං අහනව ඌව අදහන්න වගෙ, හැබැයි පරන හනමිටි අදහස් එකක්වත් බිමින් තියෙන්න කැමති නැහැ.

      Copenhagen Neurologist

      Delete
    2. ඇයි තෝමස් අල්වා එඩිසන්?

      අනිවාර්යයෙන්ම සිසුන්ට අවස්ථාවක් තියෙන්න ඕනෙ උසස්පෙළ හරියට සමත් නොවුනත් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න. මේක මගෙ විතරක් නෙවෙයි, අපේ කැම්පස් එකේ මම ඇසුරු කරන බොහෝ දෙනෙකුගේ මතය. ඒත් මෙතන ඉන්න රජයේ විවි සිසුන් අතරනම් ඒ මතය ටිකක් අඩුයි වගේ

      Delete
  34. දැනටත් පු.වී.වී. ලංකාවේ තියෙනවා කියල කිව්වට ඇත්තටම ඒවා සහතික පත් ලබා දෙන ආයතන මිස නියම ඝනයේ පු.වී.වී. නොවන බවයි මගේ හැඟීම.

    පු.වී.වී. වලට හොඳම උදාහරණය මාලඹේ පටන් ගත්තු වෛද්‍ය පාඨමාලාව. අන්න ඒකෙ පාඨමාලාව හදාරන්න යන මුදලත්(ලක්ෂ 65/-) එක්ක බලල හිතා ගන්න පුළුවන් වේවි අලුතින් පටන් ගන්න යන පු.වී.වී. වල පාඨමාලා ගාස්තු කොහොම වෙයිද කියලා
    ගොඩ දෙනෙක් පු.වී.වී. කියල අර්ථ දක්වන්න හදන SLIT, NIBM වගේ ඒවානම් තව සීයක් දෙසීයක්‌ දැම්මත් රජයේ වී.වී. වලට හෝ ඒවායේ ඉගෙන ගන්න ළමයින්ට ප්‍රශ්නයක් වෙයි කියල මම හිතන්නේ නැහැ
    ඇත්තටම දාන්න හදන්නේ ඒවගේ ඒවානම් අපරාදේ විරුද්ධ වෙලා කෑ ගහන අයගේ වෙලාව

    මගෙත් මතය පු.වී.වී. දානවනම් අඩුම ගානේ පහල මධ්‍යම පාන්තික සිසුවෙකුටත් තරමක අපහසුවෙන් හෝ ලබා ගත හැකි මුදලකට උපාධි ලබා ගැනීමේ පහසුව සැලසිය යුතුය යන්නත් රජයේ වී.වී. ඉතාම හොඳ මට්ටමකින් පවත්වාගෙන යා යුතු බවත්ය.
    ඒ වගේම අන්තිමට උපාධි ඇතුව රැකියා නැතිව අතරමං වන පිරිස වෙත පිට රට රැකියා අවස්ථා ලබා ගැනීමට පහසු මං සලසා රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමට කටයුතු කල යුතු බවත්ය.
    අනිත් වැදගත්ම දේ ළමයෙකුට අවුරුදු 19, 20 වෙද්දී උපාධියක්‌ ගන්න ක්‍රමයක් හදන්න පුළුවන්නම් ඒකත් ලොකු දෙයක්ය

    ReplyDelete
    Replies
    1. ඈ බං NIBM SLIIT ඒව සහතික දෙන ඒව විතරද? මං නොදන්න නිසා අහන්නෙ ? උඹ යන එකේ විතරද උගන්නන්නෙ?

      Copenhagen Neurologist

      Delete
    2. ඉතින් බං ඇනෝ, ලකාවේ ඔය කියපු ඒවා පු.වී.වී කියල සලකනවානම් අහවල් දෙයක්ද අලුතින් පනත් සම්මත කරගෙන පටන් ගන්න හදන්නේ... ;)
      NIBM, SLIIT පුද්ගලික වී.වී. කියල ආණ්ඩුවෙන් නම් කරන්න හදන අලුත් කැටගරි එකට අයත් ඒවා නෙමෙයි
      ඒවාට වඩා වී.වී. කියන ප්‍රමිතියකට යටත් වෙන UGC එක යටතේ පාලනය වෙන අලුත් ඒවා ගේන්න තමයි ආණ්ඩුවෙන් ක්‍රියා කරන්න හදන්නේ
      එහෙම නැත්නම් ආණ්ඩුවෙන් NIBM, SLIIT වගේ ඒවම පු.වී.වී. කියන ඝනයට දාල ඒවා ප්‍රමෝට් කරන්න ඕනේ නේද

      අනික මම "යන එක" කියලා එකක් නැති බවත් සතුටින් කියන්නම්
      මටවත් මම ගිය තැනටවත් මේ පු.වී.වී. වලින් කිසි බලපෑමක් නැති බවත් කියන්න එපැයි.. හික්.
      මම මෙතන කතා කලේ ගොඩ දෙනෙක් කරනවා වගේ තමන්ගේ බඩට පහර වදින නිසා නෙමෙයි සහෝදරයා...:)

      Delete
    3. ඒ කියන්නෙ NIBM, SLIIT ගනයේ පුද්ගලික උපාධි ප්‍රදානායතන තිබුනට කමක් නෑ?

      Delete
  35. Moderate balanced article!
    Keep on writing
    best wishes!

    ReplyDelete
    Replies
    1. Thnax a lot dodo. Actually Blog Gadol is primarily a story blog. Anyway, this kind of stuff will be published once in a blue moon if and when the time permits me to do so.

      Delete
  36. මේ ලිපිය ගැන මට කියන්න තියෙන්න් මේකයි... පුරු පුරු තමන්ගේ ඉස්කෝලේ කාලේ යාළුවෝ අමතක කරලා නෑ. පුරු පුරු දැකලා තියෙනවා ඕලෙවල් වලට A10 ගත්තු සමහර යාලුවන්ට ඒ ලෙවල් වලදී කැම්පස් යන්න බැරි වෙනවා... පුරු පුරු දැකලා තියෙනවා ඊට පස්සේ ඒ යාළුවෝ සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න හැටි. පුරු පුරුට යාළුවන්ව අමතක වෙලා නෑ.

    හැමදාම වගේ, රජයේ විශ්ව විද්‍යාල වල ඉඳන් පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා කෑ ගහන මගේ යාළුවන්ගෙන් අහන්න තියෙන්නේ
    "ඔයාලට මොනම හේතුවක් නිසා හරි කැම්පස් යන්න බැරි උනානම් ඒත් ඔයාලා ඔය විදිහටම පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා කෑ ගහනවද?"
    (මේ ලිපියත් කියවලා බලන්න - http://kaveej.blogspot.com/2011/12/blog-post_21.html)

    ReplyDelete
    Replies
    1. ලිපිය කියෙව්වා. ස්තුතියි පූසෝ

      Delete
  37. අපි හැමෝටම ඕනේ ලංකාව සිංගප්පුරුවක් කරන්න . ඒත් ඒ රටවල් ඒ වගේ වුනේ කොහොමද දැන් එව්වයේ මොනවද වෙන්නේ කියල ඇත්ත පිළිගන්න බයයි . රැවුලයි කැඳයි දෙකම ඕනේ . එකක් අපිට අපේ දේශපාලන ක්‍රමය ගැන සත පහක විශ්වාසයක් නැති කම . ඒ අතට මේ අතට පැන්නට මොකෝ පරණ ජෝකියෝ ටිකමනේ කැරකෙන්නේ . මන් නිකමට හොයල බැලුව ගොඩක් රටවල රාජ්‍ය විශ්ව විද්‍යාල වල පවා මුදල් අය කරනවා . හැබැයි පුද්ගලික එව්වට වඩා අඩුයි . අති දක්ෂයින්ට ශිෂ්‍යත්ව ලැබෙනවා . පෝලන්තයේ හරි අපුරු වැඩක් වෙනවා . රාජ්‍ය පාසල් නොමිලේ . හැබැයි විශ්ව විද්යාල වලට යද්දී පුද්ගලික සහ රජයේ පාසල් වල හැම ලමයටම ඉල්ලන්න පුළුවන් . මෙතැනදී පුද්ගලික පාසල් වල ළමයි පහසුවෙන් ඒවාට ඇතුල් වෙනවා . මේවා කලක් සමාජවාදී වෙලා තිබුන රටවල් වෙලත් එහෙමයි . කොරියාවේ ළමයි අවුරුදු පතා උද්ඝෝෂණ කරන්නේ මිල අඩු කර ගන්න විශ්ව විද්‍යාල වල . ඉතියෝපියාවේ රජයේ පාසල් නොමිලේ අපේ වගේ . හැබැයි විශ්ව විද්‍යාල අර්ධ ගෙවීමේ ක්‍රමයට .


    වැඩ කරන ගමන් ඉගෙන ගන්න අවස්ථා තියෙන්න ඕන . දැනටමත් ගණකාධිකරණය වගේ අංශ එහෙමනෙ . හොඳයි දැන් ඉතාම බුද්ධිමතුන් රජයේ විශ්ව විද්‍යාල වලට ගිහින් එලියට ඇවිත් රටට මහා ලොකු දෙයක් කරනවද . තම තමන්ගේ දියුණුව පමනයිනේ හිතන්නේ . ජාති ආලය එතනින් ඉවරයි .ඊ ගාවට එයාලගේ ළමයි රජයේ විශ්ව විද්‍යාල වලට යන්න බැරි වුනොත් කොහොම හරි පිටරට යවනවා . මේකත් අර වැඩ වසම් ක්‍රමය වගේම තමයි . අනේ මන්ද මෙව්වට මක් කියන්නද කියල .

    ReplyDelete
  38. 1965 මැයි 14 වැනිදා එනම් වෙසක්‌ පොහෝ දිනක ආරම්භ කරනු ලැබූ ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධානතම ශිෂ්‍ය බලවේගය වූයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයයි. එදා 71 කැරැල්ලට පෙර රෝහණ විඡේවීරව, විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයේ (ජ'පුර විශ්වවිද්‍යාලය) රැස්‌වීම් සඳහා රැගෙන ගියේ හිටපු ඇමැතිවරයකු වූ මහින්ද විඡේසේකර විසිනි. ඔහු එවක ජනතා විමුක්‌ති පෙරමුණු ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක්‌ විය.

    අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ කැඳවුම්කරුවකුව සිටි ශාන්ත බණ්‌ඩාර 88-89 ජ.වි.පෙ. කැරැල්ලේ ප්‍රබල නායකයකුව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඔහු 1990 ජනවාරියේදී ආරක්‍ෂක අංශ මගින් ඝාතනයට ලක්‌ විය. තවත් කැඳවුම්කරුවකු වූ සුනිල් හඳුන්නෙත්ති අද ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. වර්තමාන ජ.වි.පෙ. කැරලිකාර පිලේ නායක කුමාර් ගුණරත්නම්ගේ සහෝදරයා වූ රන්ජිතම් ගුණරත්නම් ද අන්තරේ කැඳවුම්කරුවකු ලෙස කටයුතු කළ ඔහු 1985 දී ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජිකයකු විය. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ජ.වි.පෙ. නායකයා ලෙස කටයුතු කළ ඔහු 1989 දෙසැම්බර් මාසයේදී වැහැරදී පැහැරගෙන ගොස්‌ මරා දමනු ලැබීය.

    තවත් අන්තරේ කැඳවුම්කරුවකු වූ චමීර කොස්‌වත්ත 2008 වසරේදී සබරගමු පළාතේ මහ ඇමැති අපේක්‍ෂක ලෙස ජනතා විමුක්‌ති පෙරමුණෙන් තරග කරන ලදී. වර්තමානයේ අන්තරේ කැඳවුම්කරු වන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංජීව බණ්‌ඩාරය.

    වසර 46 ක්‌ පැරැණි ජනතා විමුක්‌ති පෙරමුණ ද අද දෙපිලකට බෙදී ඇති නිසා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලය ද සෝමවංශ අමරසිංහ පාර්ශ්වයෙන් වෙන්වී කුමාර් ගුණරත්නම්ගේ පාර්ශ්වය සමග අත්වැල් බැඳගෙන ඇත. ඇත්තෙන්ම දැන් අ.වි.ශි.බ.ම. මෙහෙය වන්නේ කෑගල්ලේ උපන් 46 හැවිරිදි ප්‍රේමකුමාර් ගුණරත්නම් විසිනි. මෙන්ෂවික්‌ සෝමවංශ පිළ අතහැර බොල්ෂවික්‌ කුමාර්ගේ පිළ වැළඳ ගැනීමට සංජීව බණ්‌ඩාරලාට සිදුවී ඇත. බොල්ෂවික්‌ පිළ මෙහෙය වන නිසාදෝ දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය විශ්වවිද්‍යාල තුළ කැරළිකාරීත්වය ඇති කර ඇත.

    1959 පෙබරවාරි 19 වැනිදා ආරම්භ කරන ලද විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය වර්තමානයේ හඳුන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙසිනි. එහි ප්‍රථම උප කුලපති වැලිවිටියේ සෝරත නාහිමියෝය. ජයවර්ධනපුර සරසවියට පිවිසෙන විටම හික්‌කඩුවේ සුමංගල හිමියන්ගේ පිළිරුව දක්‌නට ලැබේ. මදක්‌ ඈතින් සෝරත හිමියන්ගේ පිළිමයක්‌ ද තිබේ. කෙසේ නමුත් ඉකුත් 05 වැනිදා අලුයම ජ.වි.පෙ. හිතවාදී ශිෂ්‍ය පිරිසගේ ඉමහත් ගෞරවාදරයට පත්වන විරු සිසු ප්‍රතිමාවට නාඳුනන පිරිසක්‌ විසින් ප්‍රහාරයක්‌ එල්ල කර තිබිණි. මේ නිසා උරණ වූ සරසවි සිසූහු (මහා ශිෂ්‍ය සංගමයට හිතවත් පිරිස) පැය ගණනක්‌ තිස්‌සේ පෙළපාලියක්‌ අවුත් අරලියගහමන්දිරය ඉදිරිපිට දෙදරවන්නට කෑගැසූහ. මේ නිසා කොළඹ නගරයේම පැය ගණනක්‌ අධික වාහන තදබදයක්‌ තිබූ අතර ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ මේ නිසා විශාල අපහසුතාවකට පත්වූහ. ඇත්තෙන්ම ජ.වි.පෙ. කැරළිකාර පිළට හා අ.වි.ශි,බ.ම. ට මේ පිළිමය ගැන ප්‍රශ්නයක්‌ තිබුණ ද රටේ සාමාන්‍ය ජනතාවට නම් මේ පිළිමය වැඩක්‌ නැත. ඔවුන් මෙවැනි සමරුවක්‌ පිහිටුවා තිබෙනු දුටුවේ ද මේ ප්‍රහාරයෙන් පසුවය. ඇත්තෙන්ම ජZපුර සරසවි සිසුන් පෙළපාලි යනවා නම් යායුත්තේ සුමංගල හිමියන්ගේ හෝ සෝරත හිමියන්ගේ ප්‍රතිමාවලට යම් ප්‍රහාරයක්‌ එල්ලවී තිබුණා නම්ය. අතීත මහා සඟරුවන කළ කැප කිරීම් නැත්නම් අද මේ විශ්වවිද්‍යාල නැත. සැබෑ පිළිමය කුමක්‌ද? ගරු කළ යුත්තේ කවරකටදැයි මේ දැනුමෙන් පෝෂිත සරසවි සිසුවාට අවබෝධ වී නැද්ද? ගල් පිළිම හා බොල් පිළිම අතර වෙනස පැහැදිලිව හඳුනාගත යුතුය.

    ReplyDelete
    Replies
    1. චින්තනෙං වගේ, නලියත් පැන්ෂන් ගිය එකේ ආතල් දෙන්ඩ ඇවිල්ල වගේ ..එල!

      Delete
  39. කුමාර් ගුණරත්නම්ගේ කණ්‌ඩායම බත්තරමුල්ලේ පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ එල්ලා තිබූ මාක්‌ස්‌ගේ ඡායාරූපය ද පැහැරගෙන ගියේ දැන් ජ.වි.පෙ. තුළ මාක්‌ස්‌වාදය නැතැයි පවසමිනි. එමෙන්ම දැන් අන්තරේ අයිතිය ද පවරාගෙනය. උතුරේ පැරැණි කොටි හිතවාදීන් සමගද දේශපාලන සන්ධාන ගසාගෙන සිටින ගුණරත්නම් පිළ මෙරට විශ්වවිද්‍යාල සිසුන් පාරට බස්‌සා රට තවත් අවුලකට පත් කරන්නට උත්සාහ කරන්නේදැයි අපට බලවත් සැකයක්‌ මතුව තිබේ. විශේෂයෙන්ම වෙනදා නොමැති ප්‍රචණ්‌ඩකාරීත්වයක්‌ සරසවි සිසු ගැටුම්වලට ඇති කිරීම සඳහා උපදෙස්‌ ලැබෙන්නේ කාගෙන්ද යන්න සොයා බැලිය යුතුය.

    ශිෂ්‍ය සටන් මර්දනයෙන්ම යටපත් කළ නොහැකිය. එහෙත් ෂයිලොක්‌ගේ මස්‌ රාත්තල ඉල්ලන ආකාරයට ශිෂ්‍යයින් සමාජ විරෝධීන් ලෙස මහජනයාට හිරිහැර වන ආකාරයට හැසිරෙන්නේ නම් රජයටත් ආරක්‍ෂක අංශවලටත් ඇස්‌ පියාගෙන සිටිය නොහැක. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සරසවි ශිෂ්‍ය ප්‍රජාවත්, ආචාර්යවරුත් විරෝධය පළ කරති. කෙසේ නමුත් වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම ඇති අවුල දෙස බලන දෙමාපියන් සිය දරුවන් මේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කිරීමට උනන්දුවේද යන්න සැකයකි. කෙසේ නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නිකරුණේ විරුද්ධවීම කුහක කමකි. ඇත්තෙන්ම දැනටමත් පෞද්ගලික විශ්වවිද්‍යාල දුසිම් ගණනක්‌ මෙරට ක්‍රියාත්මක වෙයි. පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් දුසිම් ගණනක්‌ ඇති රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මකවීමේ ඇති වැරැද්ද කවරේද? ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ රජය අවධානය යොමු කළ යුතුය. ජZපුර, රජරට, පේරාදෙණිය, රුහුණ, සබරගමු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය අරගල නිසා සමහරක්‌ වැසී ගොස්‌ සමහරක්‌ වැසී යැමට ඔන්න මෙන්න තත්ත්වයක්‌ උදාවී ඇත. එහෙත් යාපනය, කොළඹ, මඩකලපු වැනි විශ්වවිද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ. මෙහි විශේෂය වන්නේ මේ විශ්වවිද්‍යාල අ.වි.ශි.බ.ම. ක්‍රියාත්මක නොවීමයි. එම විශ්වවිද්‍යාලවල විරු සිසු ප්‍රතිමා ද නැත. විරු සිසු ප්‍රතිමා පෙන්වමින් පෙළපාලි යන්නට දේශපාලන බලවේග ද නැත. එම නිසා වර්තමාන සරසවි ශිෂ්‍ය ප්‍රජාව රටේ දේශපාලන සමාජ ප්‍රශ්න ගැන අවදියෙන් සිටීම වැදගත්ය. අවශ්‍ය තැනදී විරෝධය පළ කිරීම, උද්ඝෝෂණය කිරීම ද අවශ්‍යය. එහෙත් කිසිවකුගේ බළල් අත් බවට පත්වී රට අස්‌ථාවර කිරීමට මාන බැලීම බරපතළ අපරාධයකි. මන්ද අද මේ ඇති කරන අවුල් නිසා මියගිය කොටි අවතාර ද අවදිවීමට බලා සිටින බව අප හොඳින් අවබෝධ කරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීම ගැන ස්තුතියි

      Delete
  40. කවුරුවත් මෙතන අත්තටම සහ පෙන්නෙ තියෙන ප්‍රශ්නෙ ගැන හරියට කත කරල නෑ. කාටහරි ව්්යාපරයක් කරන්න ඔනෙ නම් එකට ලන්කවෙ ඕන තරම් අවස්තව තියනව, එහෙම නත්නම් එක නිදහස් රටක් වෙන්න බෑනෙ. කුඩු කඩ නෙමෙයිනෙ.

    "උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව,ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලය"

    ඔන්න ඔකයි ප්‍රශ්නෙ. ඕක මරේ මරු කියල කවුරුත් කියනව ද? මරේ මත්නම් නිකම්ම මරු කියලවත්

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුවනං මට පැහැදිලි මදි මචං

      Delete
    2. මචන් නියාමන රාමුවක් ඕනි වෙලා තියෙන්නෙ දැනට තියන ආයතන එක එක අමාත්‍යාංශ යටතේ තියන නිසාත් , ඒවායෙ ප්‍රමිතිය ගැන කිසිම වගකීමක් රජයට නැති නිසාත් . අපි මේ ගැන සඳහන් කරත්දි නිතරම කියවෙන ආයතන ලයිස්තුව ඇරුණාම සමහර ආයතන තියනව ළමයි මුලා කරල සල්ලි ගන්න (හොඳම උදාහරණය ජාවා කඩේ ) . සියලුම උසස් අධ්‍යාපන ආයතන එක රාමුවක් යටතේ නියාමනය කරන කොට ඒ දේවල් වලක්වන්න පුලුවන් (තියරිටිකලි ) ,

      Delete
    3. ඔය ජාව කඩෙ වැඩෙ වගෙ ඒවට නම් හිරියට දෙයක් කරන්න ඕනෙ බවනම් ඇත්තයි. හැබැයි ඔය දැනට තියෙන කෙටුම් පත නම් හරියන මගුලක් නෙමෙයි. එක ගැන කලින් තැනක ලින්ක් 1 තියෙ. හොයාගෙන කියනවන්නත පුලුවන්.

      Delete
  41. කතාව සම්පුර්ණ ඇත්ත. හොඳ ලිපියක්. දැක්කේ පරක්කුවෙලා. දැන් කමෙන්ට් ටික කියවාගෙන යනවා.

    ReplyDelete
  42. මේ ප්‍රශ්නෙ ගැන දැක්ක හොඳම ලිපිය
    සමබරව ප්‍රශ්නෙ දිහා බලලා තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ.

      Delete
  43. ලිපියට ස්තූතියි...
    මේ සම්බන්ධයෙන් මගේ අදහස නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම වගේම ඒවා පවත්වාගෙන යෑමත් නිසි ප්‍රමිතියකට අනුව සිද්ධවෙනවා නම් ඒවා ඇති කිරීමේ ගැටලුවක් නැහැ. ඒ වගේම මේ ක්‍රියා මාර්ගය මඟින් රජයේ විශ්ව විද්‍යාල මඟින් ලබා දෙන උපාධිවල තත්ත්වය හෑල්ලුවීමක් ද නොවිය යුතුයි.

    කොහොමවුණත් බරපතල විරෝධයන් හමුවේ වුණත් ආණ්ඩුව මේ කටයුත්තට මේ තරම් අර අඳින්නේ රටේ දුවා දරුවන්ගේ යහපත වෙනුවෙන්ම පමණක් නොවන බව ද අප තරයේ සිහි තබා ගත යුතු සත්‍යයකි.

    ReplyDelete
  44. කාලෙකින් අහපු සෑහෙන සමබර අදහස් ටිකක්. ඒත් පුරුපුරු කියල තිබුණු ඒක දෙයක් ගැන චීටට හැමදාම ගැටළුවක් තියෙනවා. ඒක තමයි "රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි." කියන එක. චීට දන්නා ආර්ථික විද්‍යාවට අනුව නම් රජයක් නිදහස් අධ්‍යාපනය ලබා දීමෙන් කරන්නේ දිගු කාලීන ආයෝජනයක්. ඒ ආයෝජනයෙන් බලාපොරොත්තු වෙනවා රටට අවශ්‍ය නිපුණතාවයන් සහිත ශ්‍රම බලකාය නිපදවා ගැනීම.

    පෞද්ගලික විශ්ව විද්‍යාල කියන්නේ ඉතා හොඳ ව්‍යාපාරික ආයෝජනයක්. ඒ නිසා ඉදිරියේදී දැනට රජයේ විශ්ව විද්‍යාල වලින් බිහි කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක ශ්‍රම බලකායක් නිපදවන්න හැකි තරමට පෞද්ගලික විශ්ව විද්‍යාල ශක්තිමත් වේවි. එතකොට රජයට අර දීර්ඝ කාලීන ආයෝජනය කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඒ මුදල රටේ අනෙකුත් සංවර්ධන කටයුතු වලට යොදා ගන්න පුළුවන්.

    ඒ කියන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට තියෙන ප්‍රතිපාදන අඩු වෙනවා කියන එක. එතකොට පුරුපුරු කිව්වා වගේ රජයේ විශ්ව විද්‍යාල වල තත්වය ඉහල නගිනවා වෙනුවට පහල බහිනවා. එතකොට පුරු පුරු ම කියපු මේ ඩේ වෙනවා "කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්."

    එතකොට ආපහු වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න තරමට ආර්ථික හැකියාව තියෙන පවුල් වල ළමයින්ට විතරක් උසස් අධ්‍යාපනයේ දොරටු ඇරෙන එක නේද? ආපහු වැඩවසම් යුගයක් එනවා වගේ නැද්ද?

    මේ දේවල් වෙනවා කියන එක උපකල්පනයක් විතරක් කියල කිව්වොත් නොවෙනවා කියන එකත් උපකල්පනයක් විතරයි නේද? හැබැයි දැනට රටේ වැඩ සිද්ධ වෙන හැටියට චීට කියන දේ වෙන්න තියෙන හැකියාව වැඩියි කියල හිතෙනවා නේද? පුරුපුරු කියපු විදිහට " දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්." කියල හිතුනත් හැම දේම ව්‍යාපාරයක් විදිහට සැලකෙන මේ 21 වෙනි සියවසේ ඇත්තටම එක රජයේ වගකීමක් හැටියට නොසැලකෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි. ඉතින් ???????

    ReplyDelete
    Replies
    1. පුද්ගලික විවි ඇති කළාම රජයේ විවි වලට මොකද වෙන්නෙ කියලා අපි කාටවත් දැන්ම ඔප්පු කරන්න බෑනෙ සහෝ! ඒත් දැන් තියෙන විදිහෙන්නම් සෑහෙන පිරිසකට අසාධාරණයක් වෙනවා කියලා කියන්න පුලුවන්. අපි දුප්පත් මිනිස්සු වගේම මධ්‍යම පාන්තික මිනිස්සු ගැනත් හිතන්න ඕනෙ. අනික මේ හැමදේටම වඩා වැදගත් වෙන්නෙ සමස්ථ ප්‍රතිඵලය රටට ඇති කරන්නේ ධන බලපෑමක්ද ඍණ බලපෑමක්ද කියන එක. මට පේන විදිහටනං පුවිවි මගින් රටට ඇතිවෙන්නේ ධන බලපෑමක්.

      //ඒ කියන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට තියෙන ප්‍රතිපාදන අඩු වෙනවා කියන එක. එතකොට පුරුපුරු කිව්වා වගේ රජයේ විශ්ව විද්‍යාල වල තත්වය ඉහල නගිනවා වෙනුවට පහල බහිනවා. එතකොට පුරු පුරු ම කියපු මේ ඩේ වෙනවා "කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්."//

      විශ්ව විද්‍යාල සිසුන් කරන සටන තමන්ට දෙන ප්‍රතිපාදන වැඩි කරන්න කියලා ඉල්ලමින් කරන්න පුලුවන්. එදාට ඒ අයට අදට වඩා ලොකු සහයෝගයක් ලැබෙයි. අනික හරියට නොදන්න දෙයක් නිසා ළමයි ගානකගෙ ජීවිත අඳුරු වෙන්න ඉඩ දෙන එක වැරදියි.

      පුවිවි නිසා රජයේ විවි වලට කෙළවෙනවා කියන කතාව ඇත්ත කියලා උපකල්පනය කළොත් චීටා කියපු අදහස් නිවැරදියි.

      Delete
    2. ""කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්."

      පුද්ගලික වි.වි වලට ඇති විරෝධය පිටුපස ඇත්තෙ මෙවැනි ලාමක බියක්ද? උදාහරනයක් ලෙස මේක ගන්න.
      ආචාර්ය මායා ගුනසේකර කොලඹ ජීව රසායනික ක්ශෙත්‍රයේ පෙරලියක් කල තැනැත්තියකි. ඇය යටතේ ම ඇරඹි ජෙන් ටෙක් සමාගමේ අධ‍යක්ෂ ආචාර්ය ප්‍රනාන්දුපුල්ලෙද කොළඹ විද්‍යා පීඨයේ නිමයුමකි. මේ දෙදෙනා තරමට අනිත් පැත්තෙන් තරඟයක් දෙන්නට සමත් අය සිටියේ නම් ඒ මහාචාර්ය්‍ය එරික් කරුනාරත්න සහ ආචාර්ය චන්ද්‍රසේකරයන්ය. මේ දෙදෙනා නිසා කොළඹ වෛද්‍ය පීඨය සහ විද්‍යා පීඨය අතර ධනාත්මක තරඟයක් ඇතිවූ බව නම් අසා තිබේ. ජෙන් ටෙක් නිසා කොළඹ විද්‍යා පීඨයේ ජීව රසායනික පාඨමාලාව වැසුනේ නැත. ජෙන් ටෙක් සහ ආචාර්ය්‍ය මායා ගුනසේකර නිසා ලංකාවේ අනුක ජීව විද්‍යාවේ ෆොරෙන්සික් පැත්ත දියුනු වු බව නම් අසා ඇත. එරික් කරුනානයකයන් ගේ අනුක ජීව විද්‍යා ආයතනය අද මුදල් ලබාගෙන් සිසුන් පුහුනු කර ආචාර්ය සහ අනෙක් පශ්චාත් උපාදි පිරිනමයි. එය පුද්ගලික එකක් නොවන නිසා එහි ප්‍රමිතියක් තිබෙනවායැයි කීම විහිලුවකි. කොළඹ විද්‍යා පීටයේ අනුක ජීව විද්‍යා පාඨමාලාවට ඉන් තර්ජනයක් නැත. කොළඹ විද්‍යා පීටයෙන් බිහිවූ ජෛව රසායන එක්ස්පර්ට්ලා දහස් ගනනක් අද ලෝකය පුරා වෙසෙති. ලංකාවේ අනුක ජීව විද්‍යා අංශයෙන් ඇති අවස්තා සුලබ නැති නිසාය. ඒ පිරිසට සැලකිය යුතු පඩියක් ගෙවා උන්ගේ සේවය ලබගැනීමට ලංකාවේ වි.වි වලට නොහැක.
      පුද්ගලික රාජ්‍ය යන යල්පිනූ බෙදුම පශ්චාත් නූතනවාදී සමාජ වල දියවී අනොන්‍ය සහයෝගයෙන් වැඩකිරීම දියුනු රටවල ලක්ෂණයකි. කොලොඹ විද්‍යා පීඨයේ කෙරුනු පර්යේෂන වලටත්, වෛද්‍ය පීඨයේ කෙරුනු පර්යෙශණ වලටත්, අද අනුක් ජීව විද්‍යා ආයතනයේ කෙරෙන පර්යේශණ වලටත් මුදල් ලැබෙන්නේ රජයෙන් පමණක් නොවේ. ඒ මුදල් මදිය. පුද්ගලික අංශයේ මුදල් පර්යෙශණ සඳහා ලැබෙන ක්‍රමයක් නැත. භෞතික ප්‍රායොගික කාරණා මෙවාය. මේ තත්වය තුල වින් -වින් අවස්තාවක් ඇති කිරීමට අප උත්සුක විය යුතුය. එසේ නැතිව පුද්ගලික ඒවා ආව ගමන් රජයේ එව්වා වැහෙනවා වගේ තේ කෝප්පයේත් කිඹුලන් දකින අන්දමේ තියරි වලට යෑමෙන් වන්නේ දැනටමත් පිරිහී ප්‍රතිපලයක් වත් හරියට නිකුත් කරගත් නොහැකි උසස් අධ්‍යාපන පද්ධතියම රජයේ දේශපාලන හෙන්චන්ගේ විහිලුවක් වීමය.

      Delete
    3. මම ප්‍රකාශ කළේ “රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත්“ වෙන්න පුලුවන් දෙයක්. ඒත් මේ දෙකම සමාන තත්ත්වයෙන් තියෙනවානම් ඔබතුමා කිව්වා වගේ අංශ දෙකටම ඵලදායකයි.

      ජීන්ටෙක් යනු විද්‍යාවේදී උපාධි පිරිනමන ආයතනයක් නෙවෙයි. ඒක පශ්චාත් උපාධි පිරිනැමුවත් මම දන්න විදිහට ගුණාත්මකභාවය අතින් කොළඹ විවි අණුක ජීව විද්‍යා ආයතනයෙන් පිරිනමන පශ්චාත් උපාධි මට්ටමට වඩා ඉහළ නෑ. ඒ හින්දා ජීන්ටෙක් සහ කොළඹ විවි සංසන්දනය කරන එක සාර්ථකයි කියලා මම හිතන්නෙ නෑ. හිතන්න කවදාහරි ජීන්ටෙක් උපාධියක් දෙන්න පටන් අරගෙන ඒක කොළඹ විවි උපාධියට වඩා කොලිටිය වැඩි වෙනවයි කියලා. එතකොට මම අර කිව්ව තත්ත්වය ඇතිවෙනවා නේද?

      අනේ මන්දා මම මේ කාත් එක්කද කතා කරන්නේ කියලා :) මෙහෙමහරි අඳුනගන්න ලැබීම සතුටක්

      Delete
    4. ඔබතුමා කියන දේට අනිත් හැම දේටම එකඟයි. අනික දැනටත් පර්යේෂණ වලට විතරක් නෙවෙයි, උපාධිය පවත්වාගෙන යන්නත් වැය කරන්න සිද්ද වෙලා තියෙන්නේ රජයේවත්, පුද්ගලික අංශයේ මුදල්වත් නෙවෙයි, අණුක පර්යේෂණ මගින් උපයාගන්න විශ්ව විද්‍යාලයේම මුදල්. බොහොම ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්.

      Delete
  45. //BLOG ගඩොල් Said :
    ඒ කියන්නෙ NIBM, SLIIT ගනයේ පුද්ගලික උපාධි ප්‍රදානායතන තිබුනට කමක් නෑ?//

    රජයේ අවධානය යටතේ එවැනි තරමක් අඩු මිළට උපාධි ලබා ගැනීමට ඉඩ සැළසෙන ආයතන තවතවත් ඇති වීම වඩා හොඳයි
    විශේෂයෙන් තාක්ෂණ උපාධි පාඨමාලා...

    අපි අපේ රටේ තියෙන රස්සා ගැන විතරක් හිතන්නේ නැතුව ලෝකෙට ඕනේ කරන රැකියා අවස්ථා සඳහා සුදුස්සන් ඇති කරනවානම් කිසි ප්‍රශ්නයක් නැහැ
    නමුත් ලක්ෂ 50 ට හෝ ඊට අසන්න ගණන් වලට උපාධි දෙන ආයතන ඇතිවීමෙන් අපේ මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. NIBM, SLIIT පුද්ගලික ආයතන නොවේ, ඒවා මහජන මුදලින් ඇරඹූ රජයේ නිලධාරීන් සහිත අධ්‍යක්‍ෂක මණ්ඩලවලින් පාලනය වෙන රජයේ ආයතන.

      ඇයි මේ සරල දේ බොහෝ දෙනෙක් වරදවා වටහා ගන්නේ?

      Delete
    2. රජයේ නිලධාරීන් සහිත අධ්‍යක්‍ෂක මණ්ඩලවලින් පාලනය වෙන බව ඇත්ත. නමුත් රජයේ නොවේ.. සෙමි government . අරබුවේද මහජන මුදලින් නොවේ.

      Delete
  46. උඹත් එක්ක එකඟයි!මගේ අදහස් මං සවිස්තරව දක්වලා තියනවා පෝස්ට් දෙකකම..කැමතිකෙනෙක් වේ නම් කියවන්න පුලුවන්!

    ReplyDelete
  47. අනේ පලයන් ගඩොල් බූරුවෝ යන්න. තොපි වගේ උන් රටේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන එනවා මෙතන නයට කහින්න. උඹ හිතාගෙන ඉන්නේ උඹල වගේ හිඟන්නෝ මෙහෙම කිව්වම අපි රැවටෙවී කියලද? යකෝ තොපි වගේ හරක් හදපු ආණ්ඩුවේ හරක් පට්ටි ටික වහල දාල ප්‍රයිවට් ටුනිවර්සිටි පටන් අරගන්නකම් මේ රටට වගතුවක් නෑ. වත්තක් සුද්ද කරගන්න, පොල් ටිකක් කඩවගන්න, අපේ ෆැක්ටරියක වැඩ කරන්න එවුන් නැතුව රටක් දියුණු කරන්න පුලුවන්ද? ඕව කරල පුරුදු උන්ගේ පවුල් වලින් ඇරෙන්න ඔකුං වෙන හොයන්න තැනක් නෑ. හොඳම වැඩේ තමයි ආණ්ඩුවේ ඉස්කෝල ටිකත් වහල දාන එක. ලංකාවේ උන්ගේ දැනුම පිට රටවල උන්ගේ ළඟින්වත් තියන්න බෑ. කිසිම කොලිටියක් නැති විදිහට පිනට ඉගෙනගගත්තු උන එනවා මෙතන බ්ලොග් ලියන්නත්. තොපි වගේ හිඟන්නො ඉන්ටනෙට් යනවා අහු උනොත් අල්ලලා හත් අවුරුද්දකට හිරේ දාන්න ඕනේ.

    රොෂාන් වීරසිංහ

    ReplyDelete
    Replies
    1. හරක් පට්ටියෙන් බිහිවෙච්ච හරකා කවුද කියලා හැමෝටම පෙන්නලා දීලා තියෙනවා. බොහොම ස්තුතියි :)

      Delete
    2. malli.... kakul deke buruwek..... sorry kotaluwek tappulanawa neda.....oya kotaluwata harak pattiyen bihi wecha harakek kiyanaeaka hodai wadie wage.....

      Delete
  48. //රොෂාන් වීරසිංහ/
    who is this asshole????

    ReplyDelete
  49. //රොෂාන් වීරසිංහ//
    who is this asshole????

    ReplyDelete
  50. හොඳ මධ්ය්ස්ථ ලිපියක්

    ReplyDelete
  51. ඒත් උසස්පෙලින් පස්සෙ ඉගෙනගන්න හිතෙන කීදෙනක්නම් ඉන්නවද ?

    ReplyDelete
  52. සරළ උත්තර තියෙද්දි වටේ යන එක ලංකාවෙ සිරිතනෙ. හයි මාක්ස් ගන්න 20000 නිකන් උගන්නව. ඉතුරු උන්ට ගෙවල ඉගෙනගන්න කැලේ පැතිවල තීන වි.වි පුළුල් කරනව. එතකොට එව්වට නැති පහසුකම් ඇතිකරගන්න සල්ලිත් තීනව උපාදියෙ ගුණෙත් රැකෙනව ( එහෙම එකක් තීනවනං )! දැන් කියයි ඇයි විසිදාහකට විතරක් ඔක්කොටම දීපියව් කියල. පුවිවි එපානං, ආන්ඩුවට සල්ලිත් මදිනං ( දැන් කියන්න එපා අරක කපල, මේක කපල ආන්ඩුවට සල්ලි හොයන්න පුලුවන් කියල , එව්ව මෙව්ව නැති ආන්ඩු කරන්න බෑ, හරියට නොකා හිටියත් රී ලෝඩ් දාන, ජීවිතේම ණය රෝලෙන් ගෙවන, බොරුවයි වංචාවයි පිරි මිනිසුඟෙන් හැදුන රටක ආන්ඩුව විතරක් කොහෙ කෙළින් යන්නද, ඒකේ ඉන්නෙත් අර මිනිස්සුමනෙ ) විකල්පෙ මොකද්ද? සල්ලි තීනම එකාට විකල්ප ඕනෙ නෑ. උන් රට යන එක අපි කාටත් නවත්තන්න බෑ. ඊළඟ ඉහල මැද උනුත් ටිකක් පස්සෙ ඉඩමක් කඩමක් විකුණල ගිහින් වළං හෝදල හරි උපාධිය ගන්න එක නවත්තන්නත් බෑ. එතකොට නවතින්නෙ ඔය දෙකම කරගන්න බැරි උන්. උන්ට අඩු ගානෙ මෙහෙ රස්සවක් කරනගමන් ඉගෙනගන්නවත් චාන්ස් එක නෑ! එතකොට එපා කියන උන් කරන්නෙම අර නැති උන්ට වළ කපන එක නෙමෙයිද? අනික මහපොළ එන්න කලින් ඔය ඔක්කොමල එක්කො අතේ සල්ලිවලින් එහෙම නැත්තං boc ණයක් අරන් හරි තමයි ඉගෙන ගත්තෙ. එතකොට අර සල්ලින් නැති අඩු මාක්ස් උන්ට ආයි එහෙම ණය දුන්නොත් උන් පු.වි.වි ගිහින් ඉගෙන නොගනීද? ණය අරන් ඉගෙන ගන්න එකා නිකං මෙලෝ රහක් නැති ජාතිවල ශාස්ත්‍රපති උපාධි හොයන්න යන්නෙ නෑනෙ ජොබ් නැති නිසා. ඉල්ලුම තීන "කළා"වක් තෝරගනියි සල්ලි ගෙවන්න ඕනත් නිසා. එතකොට ඔය කියන රැකියා අවුල උග්‍ර වෙන එක වෙයිද?

    ගිය උන් නොගිය උන් ගැනයි නොගිය උන් ගිය උන් ගැනයි තරහෙන් කියෝල වැඩක් නෑ. කරුමෙට ඊගො නිසා මුන් දෙගොල්ලො එකතුවෙලා යමක් කරන පාටකුත් නෑ. ඒ නිසා හැමදාම වගේ බැක් ටු..."ලකුණු මදිනං රට පැණපං පුතා...."

    ReplyDelete
    Replies
    1. මම මේ ප්‍රශ්නය දකින්නේ මෙහෙමි. අද අපේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය අදුඉ. උදාහරණයක් විදියට IT degrees වල training නෑ. නමුත් එවල ගොඩක් සිර බුවාලා ඉන්නවා. එක නිසා මම කියන්නේ අපේ රටේ තියෙන්න ඕන රාජ්‍ය විශ්ව විද්‍යාල වලම සල්ලි දීල ඉගෙන ගන්න ක්‍රමයක් . උදා- මොරටුවේ eng . වලට A /L වලින් ගන්න ගානට අමතරව තාව ළමයි ගණනක් සල්ලි වලට ගන්නවා කට්ටියටම එකම exam . එකම පිළිගනිම . ඒ හම්බෙන සල්ලි වලින් විශ්ව විද්‍යාලත් දියුණු කරන්න පුළුවන් ~ සදිෂ~

      Delete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???