අඹ යාලුවෝ

Thursday, June 24, 2010

හොස්ටල් ලයිෆ්

පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ස්කූල් වෑන් එකේ කියල දැන් ඔයාල දන්නවනෙ.ඒත් දහය වසරෙ මුල් හරියට යනකං විතරයි.ඊට පස්සෙ මෑන්ස් හිටියෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ.හොස්ටල් එකට යන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා ඉස්කෝලෙට ආපු ළමයින්ට විතරයි.ඒත් පුරුපුරුටනං දහය වසරට යනකං ඔය චාන්ස් එක ආවෙ නෑ.මොකද සාමාන්‍යයෙන් කුරුදුවත්තෙ හොස්ටල් එකට ගන්නෙ බස්නාහිර පළාතෙන් පිට ළමයින්ව විතරයි.

සාමාන්‍යයෙන් හොස්ටල් එකේ එක වසරක ළමයි 45 දෙනෙක් ඉන්නවා.ඒත් 9 වසර ඉවර වෙද්දි පුරුපුරුල අයිතිවෙන 2003 O/L බැච් එකේ ඉතුරු වෙලා හිටියෙ ළමයි 25ක් විතරයි.ඉතිං පාලනාධිකාරිය තීරණය කළා බස්නාහිර පළාතෙ ටිකක් දුර පැතිවල ළමයින්වත් හොස්ටල් එකට ගන්න.ඉතිං ඔය අවස්ථාව ප්‍රයෝජනේට ගත්තු පුරුපුරුයි තව ළමයෙකුයි හොස්ටල් එකට ආවා.එහෙ හිටපු ගොඩක් ළමයින්ව පුරුපුරු හොදට අදුරනවා.ඉතිං හොස්ටල් එකට යාම ගැන මෑන්ස්ට ආයි දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.

ආපු එකේ වාසි ගොඩයි!හොස්ටල් එක තියෙන්නෙ ඉස්කෝලෙ ඇතුළෙමයි.ඉතිං ස්කූල් වෑන් එකේ යනකොට වගේ ගමන් මහන්සියක් හොස්ටල් එකේ ඉන්නකොට දැනෙන්නෙ නෑ.හොස්ටල් එකේ ගාස්තුවත් වෑන් එකට සාපේක්ෂව ගොඩක් ලාභදායකයි.වෙලාව ගොඩක් ඉතුරුයි.ස්පෝට්ස් කරන්නයි පාඩම් කරන්න‍යි ඕන තරං වෙලාව තියෙනවා.දන්නැති පාඩම් යාළුවන්ගෙන් අහගන්න පුළුවන්.මේ වගේ එකී මෙකී නොකී ගොඩක් වාසි හොස්ටල් එකට ආපු එකෙන් පුරුපුරුට ලැබුණලු.හොස්ටල් එකට ආපු එකේ අවාසිනං මෙතන කතා කොරන්ට බලාපොරොත්තුවක් නෑ.ඒවා අපි ඉස්සරහට දාන ලිපි කියෙව්වම ඔයාලටම තේරෙයි.

නේවාසිකාගාර පාලක තමයි කොටියා සර්.හොස්ටල් වෝඩන් නොකියා නම පාවිච්චි කළේ සර් නියම සිංහල ගුරුවරයෙක් හින්දා.ඇත්තටම පුරුපුරුට මෙච්චර කල් මුණගැහිල තියෙන ගුරුවරු අතරෙ කොටියා සර් අමරණීය කැරැක්ටර් එකක්.සර් නියම දක්ෂයෙක්.(හික් හික්!! නැත්තං කොහොමද රාස්ස පැටව් ඉන්න හොස්ටල් එකක් අවුරුදු ගාණක් පාලනේ කරන්නෙ?එතුමා ගැන වෙනම ලිපියකින් කතා කරමුකො නේද?)

කොටිය සර් හොදයි වගේම බොහොම සැර, ඩිසිප්ලින් තදින්ම බලපු පාලකයෙක්.කේ.එච්. කියන්නෙ එයාගෙ ඇත්ත නමේ මුල් අකුරු.හොස්ටල් එකේ කොල්ලො ඕක හැදින්නුවෙ "කොටි හපු" කියල.උන් කොච්චර සම්මා දිට්ටියක් තියෙන ඈයොද කියල අපේ පූසට මීටර් වුණේ ටික දවසක් ගියාට පස්සෙ.ඉස්කෝලෙදි පුරුපුරුලට සිංහල සාහිත්‍ය උගන්නනකොට බොහොම විනෝදකාමී විදිහට ඉන්න කොටිය සර්, හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ගියාට පස්සෙ තමන්ට දාල තිබුණ නමට ගැලපෙන විදිහට තමයි හැසිරෙන්නෙ.කොටිය සර් ජීවත් වුණේ සීනියර් හොස්ටල් එකේ තිබුණ නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.

හොස්ටල් එකේ ඊළග ප්‍රධානියා තමයි රිච් සර්.එයා පී.ටී සර් කෙනෙක්.තරුණ කාලෙ ජාතික මට්ටමේ හෙල්ල විසිකිරිමේ ඩයල් එකක්.සර් නැවතිලා හිටියෙ ජූනියර් හොස්ටල් එකේ තිබුණ උප නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.සැර අතින්නං දෙන්නගෙන් එක්කෙනෙක්වත් අනිත් මනුස්සයට සෙකන්ඩ් වුණේ නෑ.

ඊළගට ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා. කියන්නෙ හොස්ටල් එකේ නැවතිලා හිටපු ලෙවල් ළමයි. ලෙවල් කරන්න හොස්ටල් එකට ගන්නෙ ලෙවල් බැච් එකේ හිටපු හතළිස් ගානෙන් 8 දෙනයි.ඉතිං කොලිෆයි වෙන්නනං, ලෙවල් කාලෙ හොද කාඩ් එකක් තියාගෙන හිටපු කොල්ලෙක්ම වෙන්න ඕනෙ.මේ කට්ටිය තමයි හොස්ටල් එකේ පරිපාලනේ හිටපු ගොඩක්ම වැදගත් අය.මොකද පොඩි ළමයින්ගෙ විනය, අධ්‍යාපනය, එක එක පොඩි ප්‍රශ්න ගැන ටච් එකේ ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා. අයට විසදන්න බැරි ප්‍රශ්න තමයි කොටියා සර් ළගට යන්නෙ.ඉතිං හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලට හොස්ටල් එක ඇතුළෙ තිබුණෙ ලොකු පවර් එකක්.(ගුරුවරු දෙන්නෙකුට ළමයි තුන්සිය ගාණක් කන්ට්‍රෝල් කරන්න අමාරු නිසා තමයි මෙහෙම වෙන්න ඇත්තෙ)

අනිත් එක්කෙනා තමයි "බොග පාලක" රත්තිපාල අංකල්.එයා තමයි හොස්ටල් එකේ සනීපාරක්ෂාව භාරව කටයුතු කළේ.සේවකයෙක් වුණාට රත්තිට තිබුණෙ පාලකයෙකුටත් වඩා පවර් එකක්.මොකද කොටිය සර්, රිච් සර්, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා, මේ කවුරුවත් නැතුව හොස්ටල් එක දවස් කීපයක් හරි ගෙනියන්න පුළුවන්.ඒත් ඉතිං රත්ති අංකල් නැතුව හොස්ටල් එක එක පැයක්වත් ගෙනියන්න බෑ නොවැ!.කොටින්ම ප්‍රිෆෙක්ට්ස්ලා හිටං රත්ති අංකල් එක්ක ෆුල් ෂේප් එකේ හිටියෙ.

ඔන්න ඔහොම තමයි හොස්ටල් එකේ මැනේජ්මන්ට් එක තිබුණෙ.ඉතිං එහෙ තිබුණ නීති ගැන, කෑම ගැන, හිටපු කට්ටිය ගැන තව විස්තර පස්සෙ කියන්නංකො....

.ලි. -

හොස්ටල් එකේදි සිද්ධ වුණ ආතල් සීන් වැහි වැහැලා.ඒත් ඒව පටන් ගන්න කලිං හොස්ටල් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නයි අපිට ඕනෙ වුණේ.අයිඩියා එකක් නොදී කෙළින්ම ෆන් සිද්ධි වලට බහින්න ඕනෙනං කියන්න හොදේ!

20 comments:

  1. හොස්ටල් ලයිෆ් එකනං මතක් කරන්න එපා පුතා.. ඒ වගේ ෆන් කාලයක් ආයෙ එන්නෙ නෑ..

    ReplyDelete
  2. හොස්ටල් ගැන දන්නව හිටියේ නැතුවට........:b
    කතාටික ඉක්මනට ලියමු......

    (එහෙම කිව්වට මට කියවන්න වෙලා ලැබුනම තමා ඉතින් කියවන්නේ...... :s :s)

    ReplyDelete
  3. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හොස්ටල් එකේ මම නොහිටියත් ඒක නියම තැනක් බව නම් කියන්න දන්නවා. රිචා සර්ගේ වයිෆ් රිචී මිස් ගැන කියන්නේ නැද්ද ?

    ReplyDelete
  4. මල්ලියේ,
    මමත් ඔය වාට්ටුවේ අවුරුදු හයක් හිටියා. කියන්න කතන්දර ඕන තරම්. කතා ඉවරවෙනකොට කියන්නකො.මගේ ගානෙ කතා ඕන තරම් දෙන්නම්. අපි නම් K.H. කිවුවෙ කෙහෙල් හොරා කියලයි. මෙවා කියලා එතුමාණන්ට මාට්ටු වෙන්න නම් එපා. අමරෙ සර්ගෙ අම්මට මළ පනියි.එහෙම උනොත් ඉතින් අමරෙ සර්ගෙ අම්මා කවුද කියලා දන්නවනෙ. :) කොහොමත් ඕකට එන අයට දාන්නෙ සතෙක්ගෙ නමක් තමයි. අමරෙ සර්ට ඉස්සෙල්ලා හිටියෙ වලහා සර්. මිස් රිචී ගැන තියන කතන්දර නම් වැඩිය දාන්න එපා පුතෝ.

    ඒ කාලෙ අපි හැදුව ජාතික ගීය තාම අමරෙ සර්ට බනින්න ඕන උනාම ගායනා කරනවා කියලයි ආරන්චිය...

    ReplyDelete
  5. හොස්ටල් එකෙත් හිටියද... එහෙනම් තව කතා සෙට් එකක් එයි. ඉක්මනට දාපන්...

    ReplyDelete
  6. @ හිතුවක්කාර සිත - :e

    @ Buratheno - ඇත්තටම හොස්ටල් කාලෙ තවම හීනයක් වගේ!:b

    @ හා පැටික්කි - දුක් වෙන්න එපා හාවියෙ! ඒ ලෙවල් ඉවර වෙලා කියවන්න බැරියැ හිතේ හැටියට ::r

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. @ Hasitha - නියම තැනක් නේන්නං මලයො! :b

    අහපු දේට මම උත්තර දෙන්නෙ නෑ.නසරාණි සහෝදරයගෙ කොමෙන්ටුව බලන්නකො! :a

    @ නසරාණියා - අයියා කොයි කාලෙද හිටියෙ?මම ඔබතුමාගෙන් ගුටි කාලත් තියනවද දන්නෙ නෑ.. එලකිරි, මම කියන්නංකො කතන්දර ඕනෙ වුණාම.දැනටනං ඕනෙ තරං කතන්දර තියෙනවා.බොහොම ස්තුතියි කිව්වට!:b

    හැබැයි අර සතෙක්ගෙ නමක් දාන ට්‍රැඩිෂන් එකනං පස්සෙ කාලෙ නැතිවෙලා ගියා.දැන් ඉන්න සර්ගෙ නම ටොයියා!

    @ Ansh Lucky Sri Jay - :b

    @ පිස්සා - ඔව් ඔව්!! ඉස්සරහට ලියනව සහෝ!!:c

    ReplyDelete
  9. අර එක්කෙනෙක් ඇත්ත පූස්ලගෙ රැවුල කපපු කතාවත් අමතක වෙන්න කලින් ලියන්ඩෝ !!!

    ReplyDelete
  10. @ Chanaka Aruna Munasinghe - අමතක වෙලා නෑ මචෝ! මම පුලුවන්තරම් වෙච්ච පිලිවෙලට තමයි කතා ලියන්න බලන්නෙ.ඔය කතාවත් තව මාසයකින් විතර ලියන්න තමයි ඉන්නෙ.එතකොට අනිවා උඹට මතක් කරන්නංකෝ :b

    @ කොඩී - :b

    ReplyDelete
  11. මම මේ පූසාව දන්නවා වෙන්න ඕනේ.. අපි පූසා කියල card එකක් දාපු කෙනෙකුත් හිටිය 2003 O/L සෙට් එකේ :p, එත් මේ ඒ පූසා නම් වෙන්න බෑ.. ඔයාලට පහල Batch එකේ හිටපු එකෙක් මම :b

    ReplyDelete
  12. නියම කතා ටිකක් එයි වගේ. ඉක්මනට ලියන්න.

    ReplyDelete
  13. @ රාවණා - :r පහල බැච් එකේ හිටියනං අනිවා දන්නව ඇති උඹව!!කවුද අප්පේ මේ රාවණා? බලං ගියාම හොස්ටල් ඩයල් ගොඩක් ඉන්නවනෙ බ්ලොග් අවකාශෙ..:c

    @ Praසන්ன - අනිවා සහෝ!! ඇට්ටි හැලෙන ස්ටෝරීස් ටිකක් තියෙනවා ලියන්න :b

    ReplyDelete
  14. පොකුණු දියේ නාපු මල්ලිලා ටිකක් වාගෙ.අහු වෙන්න එපා ඔන්න වජිර පාරට සද්දෙ දාලා.....මොනා වුනත් ලකීගෙ ඉස්කෝලෙනෙ නේද?
    :t

    ReplyDelete
  15. @ වීතරාගී - "අහු වෙන්න එපා ඔන්න වජිර පාරට සද්දෙ දාලා.....මොනා වුනත් ලකීගෙ ඉස්කෝලෙනෙ නේද?"

    හොද වෙලාවට වජිර පාරෙ ඉස්කෝලෙ කියල දැම්මෙ! බැරිවෙලා හරි අර හැමෝම කියන නම දැම්මනං වීතරාගි අක්ක අපිව එල්ලයි!!:q

    :r පොකුණු විතරක් නෙවෙයි, ෂවර් එහෙමත් තිබුනා.ඔබතුමී වජිර හොස්ටල් එකේද හිටියෙ?

    ReplyDelete
  16. ela.. ela.. FB Group for RCH Guys,..

    http://www.facebook.com/group.php?gid=270327346299

    ReplyDelete
  17. එල එල අපිත් හිටියනේ.අපේ කාලෙනම් බොග පාලක රත්තිපාල ව අපි ගනන් ගත්තෙ නැති තරම්ම.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???