අඹ යාලුවෝ

Friday, July 9, 2010

හොස්ටල් ලයිෆ් 2 - ආෆ්ටර් ඩිනර්


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සෙ බ්ලොග් ගඩොල් ආපහු අවකාශෙට ආවා.එදා අපි කිව්වනෙ පුරුපුරු හොස්ටල් එකට ගිය හැටි.අද කියන්න යන්නෙ මෑන්ස්ට ඒ දවස්වලම සිද්ද වෙච්ච වැඩක්.

මුලින්ම කියන්න ඕනෙ කුරුදුවත්ත හොස්ටල් එකේ නීති රීති ගැන.කොයි හොස්ටල් එක වගේම කුරුදුවත්ත හොස්ටල් එකත් නීති රීති වලින් බහුල තැනක්.මොනව කරන්න ගියත් එතන මොකක් හරි නීතියක්.සමහර නීති පාලනාධිකාරියෙන් දාපුවා.සමහර නීති ජ්‍යේෂ්ටයො දාපුවා.උදේ නැගිට්ට වෙලාවෙ ඉදලා රෑ වෙනකං නීති පිලිපදින්න තමයි වෙන්නෙ.හැබැයි කොච්චර නීති තිබුනත් කියාගන්න බැරි අමුතුම සිරා ගතියක් හොස්ටල් ලයිෆ් එකේ තිබුනෙ.

දැන් ඉතින් හොස්ටල් එකේ නීති රීති ඔක්කොම කියන්න ගියොතින් මේ කතාව නීරස වෙනවා.ඒක හින්දා දැනට ඩයිනින් හෝල් එකේ නීති ගැන විතරක් කියන්නංකො.ඔන්න හොස්ටල් එකේදි දවසට කෑම වේල් හතරක් ලැබෙනවා.ඒ උදේ, දවල්, රෑ කෑමයි හවස තේ වේලයි.(මේවා ගැන වෙනම ලිපියක් දාන නිසා දැනට වැඩිපුර නොකියා ඉන්නංකො) ඉතිං ‍මුලු හොස්ටල් එකම කෑම කෑවෙ ඩයිනින් හෝල් එකේදි.කෑම නොකන වෙලාවට පාඩම් වැඩ වලට තමයි මේක යොදාගත්තෙ.

හැම කෑම වේලටම කලින් වසරෙන් වසර ඇවිල්ලා ඩයිනින් හෝල් එක ඉස්සරහ පේළියට ඉන්න ඕනෙ.මුලින්ම එන්නෙ පොඩි ඩයල්.ඒ කියන්නෙ 6 ඉදලා 9 වසරට යනකං කොල්ලො.ඊට පස්සෙ 10 වසර.ඊටත් පස්සෙ තමයි "ඩයල්" එන්නෙ.ඒ කියන්නෙ 11 වසරෙ කට්ටිය.

ඔහොම ළමයි හැමෝම ඇවිල්ලා ඉවරවුණාට පස්සෙ තමයි ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා ඇවිත් ළමයි පේලි ඉස්සරහින් හිටගන්නෙ.සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා මේ වැඩේට සහභාගි වෙන්නෙ නෑ.ඊට පස්සෙ තියෙන්නෙ 6 ඉදලා 11 වසර වෙනකං පේළි පිලිවෙලට ඩයිනින් හෝල් එක ඇතුලට දාන එක.

ඩයිනින් හෝල් එක ඇතුලට යන එකත් ලේසි පාසු වැඩක් එහෙම නෙවෙයි.පිලිවෙලට කොන්ඩෙ පීරල තියෙන්න ඕනෙ.ෂර්ට් එකක් ඇදලා ඒක යට කරල තියෙන්නත් ඕනෙ.බැගී දාන්නත් බැහැලු.ඒ මදිවට ඩිනර් එකටනං දිග කලිසමක් අදින එකත් අනිවාර්යයි.ඒ වගේම කෑම වේලෙන් වේලට වෙනස් වෙච්ච මෙතන කියන්න බැරිවුණ නීතිත් තියෙනවා.ඒවා පස්සෙ කියමුකො නේද?

ඉතිං වැදගත් හරිය පටන් ගන්නෙ ඩයිනින් හෝල් එක ඇතුලට ගියාට පස්සෙ.ඒක ඇතුලෙ මේස ගොඩක් තියනවා.එකක 8 දෙනෙක්ට ඉන්න පුලුවන්.මේ හැම මේසෙටම ඉන්චාර්ජ් වෙච්ච 11 වසරෙ ළමයෙක් ගානෙ ඉන්නවා.මේ අයට කියන්නෙ ටේබල් මොනිටර්ස්ලා කියල.ඉතිං අනිත් ළමයි මේසෙට එන්න, කෑම බෙදාගන්න, කෑම කන්න, ඒ වගේම මේසෙන් නැගිටල යන්නත් කලින් මේ ටේබල් මොනිටර්ස්ලගෙන් අවසර අරගෙන ඉන්න ඕනෙ.

අපේ පුරුපුරුත් ඉතිං හොස්ටල් ගිය අලුත දවසක ඔය නීති රීති ඔක්කොම පිලිපැදල ලන්ච් එකට ගියාලු.ඔය කාලෙ මෑන්ස් අලුත් හින්ද නීති රීති ගැන මහලොකු අවබෝධයක් තිබුනෙ නෑලු.ඔහොම ගිහින් ඉතිං මේසෙනුත් වාඩි වුණා කියමුකො.ටේබල් එකේ හිටියෙ ටේබල් මොනිටරුයි, 10 වසරෙ පුරුපුරුයි, තව පොඩි එවුන් හය දෙනෙකුයිලු.දැන් තියෙන්නෙ කෑම බෙදාගන්න.

මුලින්ම කෑම බෙදාගන්න ඕනෙ ටේබල් මොනිටර්.ඊට පස්සෙ සීනියොරිටි පිලිවෙලට තමයි බෙදාගන්න ඕනෙ.ඒ කියන්නෙ මුලින් ටේබල් මොනිටර්, ඊට පස්සෙ පුරුපුරු, ඊටත් පස්සෙ පොඩි එවුන් ටික. පුරුපුරුත් ඉතිං මේ ලෝකෙ සිහියෙන් ජීවත් වෙන මනුස්පයෙක් නෙවෙයි නොවැ.මෑන්ස් ඉතිං පැනපු ගමන් බත් පීරිසියක්ම බෙදා ගත්තලු.එතකොට තමයි මෑන්ස්ට ක්ලික් වුණේ මොකක් හරි වැරැද්දක් වුණා නේද කියල.

බැලින්නං අපේ ටේබල් මොනිටර් තවම කෑම බෙදාගෙන නෑ.මෑන්ස් බත් එක පැත්තකින් තියෙද්දි පූසා දිහෑ කන්න වගේ බලාගෙන ඉන්නවලු.පොඩි එවුන් සෙට් එකත් මහා අනුකම්පාවකින් පුරුපුරු දිහා බලාගෙන ඉන්නවලු, හරියට මරණෙට නියම වෙච්ච හරකෙක් දිහා බලාගෙන ඉන්නව වගේ.එතකොට තමයි පුරුපුරුට වැඩේ හරියටම මීටර් වුණේ.මෑන්ස් අතින් බරපතල වැරදි දෙකක් සිද්ද වෙලා.

1. ටේබල් මොනිටර්ට කලින් කෑම බෙදා ගැනීම
2. අවසරයකින් තොරව කෑම බෙදා ගැනීම

දැන් ඉතිං පුරුපුරු ගැහි ගැහී බලාගෙන ඉන්නවලු.මෑන්ස්ට තිබුන එකම එක්ස්කියුස් එක හොස්ටල් එකට අලුත් වෙච්ච එක විතරයි.ඔහොම ඉන්නකොට තමයි ටේබල් මොනිටර්ගෙ කටින් තීරණාත්මක වාක්‍යය පිටවුණේ

"මල්ලි, ආෆ්ටර් ඩිනර් මාව හම්බවෙනවා!"

හොස්ටල් එකේදි ආෆ්ටර් ඩිනර් කියල කියන්නෙ මරණිය දණ්ඩනයට කියන තවත් නමක් වගේ.මොකද ආෆ්ටර් ඩිනර් හම්බවෙන්න කියල කියන්නෙ ආදරේට නෙවෙයි.විශේෂයෙන්, දෙල්ගහ යටදි හම්බවෙන්න කිව්වොත් ඉතිං බඩුම තමයි.පුරුපුරු හොස්ටල් හිටපු ටික කාලෙට ඒ ටික දැනගෙන තිබුනා.ඉතිං කෑම කාල ඉවරවෙලා මෑන්ස් තමන්ගෙ ඩෝම් එකට ගියා.අපේ වීරයා එදා රෑ වෙන්න එපා කියල කොච්චර ප්‍රාර්ථනා කළාද කියල මෑන්ස් විතරමයි දන්නෙ.

කටුවා, ජුවාන් වගේ සගයන්ගෙ අදහස වුණේ පුරුපුරු අලුත් නිසා එච්චර ලොකු දඩුවමක් ලැබෙන එකක් නෑ කියල.කොහොම හරි ඉතිං එදා රෑ පුරුපුරු ආෆ්ටර් ඩිනර් 11 වසරෙ අයියව හම්බවෙන්න ගියාලු.

දැන් තියෙන්නෙ නඩු ඇසීම.මේ වගේ වෙලාවට සීනියර් බැච් එකේ අනිත් කට්ටියත් එනවලු ඔතෙන්ට.ඉතින් පුරුපුරුගෙ නඩුව අහන්නත් අයියල තුන් දෙනෙක් සෙට් වුණාලු.ඇත්තටම පුරුපුරු අතින් වෙලා තියෙන්නෙ පරණ ළමයෙක් අතින් වුණානං කොහෙත්ම සමාව දෙන්න බැරි වැරැද්දක්.ඒත් පුරුපුරු අලුත් නිසා මෑන්ස්ට පොඩි චාන්ස් එකක් දෙන්න අයියල තීරණය කළාලු.ඒ අනුව මෑන්ස්ට ඔප්ෂන් දෙකක් දුන්නලු

1. අයියලාට චිකන් ෆ්‍රයිඩ් රයිස් අරන් දීම
2. ගුටි කෑම

ඔය දෙකෙන් පුරුපුරු තෝරගත්තෙ ඉතිං අඩු වියදමකින් ෂේප් වෙන්න පුලුවන් වැඩේලු.ඒ කියන්නෙ ගුටි කෑම.ගුටි කෑමටත් සම්මත ප්‍රොටොකෝල් එකක් තියනවා.ප්‍රධාන දේ තමයි ගහන්නෙ කම්මුලට.ඒ මදිවට ගුටි කද්දි කන මනුස්සයා කෙලින් හිටගෙන අත් දෙක පිටිපස්සට දාගෙන ඉන්නත් ඕනෙලු.ඉතිං ටික වෙලාවකින්

චට...පට...
චට...පට...චට...පට...

සද්දෙකින් රෑ ආකාසෙ නිහඩ ගතිය නැතිවෙලා ගියාලු.
පුරුපුරුත් තුන්දෙනාගෙන්ම හොදට ගුටි කාල වැනි වැනී ඩෝම් එකට ගියාලු.

ටික වෙලාවකින් ජුවාන්, සලා, අමන්දානන්ද, පොන්ටින් ඇතුලු සෙට් එකකට 11 වසරෙ ඩෝම් එක ළගට එන්න කියල පණිවිඩයක් ආවලු.ටික වෙලාවකින් උන් සෙට් එකත් එනවලු කම්මුල් ටික රතු කරගෙන.බැලින්නං පුරුපුරුට ටේබල් මැනර්ස් ඉගැන්නුවෙ නෑ කියල ඒ සෙට් එකටත් අම්බානට බැස්ටිය දිල...

ප.ලි - ඔය කම්මුලට ගහන සිද්දි හොස්ටල් එකේ කොටිය සර්ට හොරෙන් සිද්ද කරපුවා.කවුරු හරි ළමයෙක්ට ගැහුව කියල කොටිය සර් දැනගත්තොත් ගහපු එකා එදාට ඉවරයි.ඒත් සීනියර්ස්ලට තිබුන බය හින්ද ඔය සිද්දි ගුටිකන මනුස්පයො අතින් එච්චර ලීක් වුණේ නෑලු.කොහොම හරි ගහන-ගුටිකන සංස්කෘතිය දැන්නං හොස්ටල් එකෙන් නැති වෙලා කියල තමයි ආරංචිය.

20 comments:

  1. මාරයි - බුලින් තිබිල තියෙනවා. සමහර විට දැනුත් ඇති.
    ගුරුවරුනේ ලොකුම බුලී ලා!

    ReplyDelete
  2. විශ්ව විද්‍යාල තුල වගේම තමයි..
    හැබැයි ඒවගේ හොස්ටල්වල නම් කන්න ගියාම ඔහොම කේස් නැහැ.
    මොනාහරි Senior,Junior කේස් එකක් ගියොත් බෝංචි කඩන්න එක්කන් යනවා... (ගහේ බැඳලා)

    ReplyDelete
  3. කමෝන් පුරැ පුරැ :t

    ReplyDelete
  4. මදැයි පුරුපුරු ඔහොම ‍බේරුණා.

    ReplyDelete
  5. පුරු පුරු ගුටි කාපු අනිත් අයගෙන් රිටර්න් එකක් නැතුව බේරුනද අයියේ හැබෑටම..........???? :j :j :j :j

    හා පැටික්කි(MS)

    ReplyDelete
  6. පුරු පුරු රෑට දෙපාරක් ම කාල වගේ :e

    ReplyDelete
  7. පව් අහිංසක පුරු පුරු

    ReplyDelete
  8. පුරු පුරු, කම්මුල පුපුරු ගැහුවද ?

    ReplyDelete
  9. කොහොම හරි ලාබම ඔප්ෂ්න් එකෙන් බේරුන එක ලොකුදෙයක්

    ReplyDelete
  10. පුරු පුරු , යාලුවොයි දෙපාරක් කාලනේ !!! :i

    ReplyDelete
  11. @ කතන්දරකාරයා - හික්ස්!:rගුරුවරු කියන්නෙනං අයියෙ ඉතිං වෙනම කතා කරන්න ඕනෙ මාතෘකාවක් නොවැ!

    ඇත්තටම දැන් තත්ත්වෙ ගැනනං අපිත් හරියටම දන්නෙ නෑ.හැබැයි දැන්නං ඔය වැඩේ නැවතිලා කියල තමයි ආරංචිය.කොහොමත් එක සිද්දියකින් පස්සෙ ගහන එකට විරුද්ධව සෑහෙන කේස් ආවා.ඒ ගැන තව ටික දවසකින් වෙනම පෝස්ට් එකක් දානවා!:d

    @ සිරකරුවා - :rකැම්පස් හොස්ටල් වල ඉතිං ඔය වගේ නීති දාන්න අමාරුයිනෙ මචෝ.

    බෝංචි කැඩිල්ල වගේ ලිංගික වදහිංසා ඉස්කෝල හොස්ටල් වල නෑ:i

    @ හෙළයා - තැන්ක්යූ වේවා සහෝ!:b:b:b

    ReplyDelete
  12. @ Praසන්ன - හික් හික්!! ගුටිකෑම එතනින් නතරවුණේ නෑ මචෝ!:q ඒ ගැන ඉස්සරහට කතා කරමුකො!

    @ හා පැටික්කි - :r අද මොකද හා පැටික්කි ඇනෝනිමස් වෙලා?
    හික් හික්!! පුරුපුරු හිතුවෙත් රිටර්න් එකක් ලැබෙයි කියලා.:j ඒත් වෙලාවට යාලුවො ටික හිතුවෙ වැරැද්ද ඒ අයගෙ කියලා.ඉතිං පුරුපුරු බැච් එකෙන් ගුටි නොකා බේරුනා:b

    @ කොඩී - පහුවදා උදේටත් එක්කම කෑවා මචෝ!:b

    @ පිස්සා - ඒක නේන්නං යාලුවෙ!:i

    ReplyDelete
  13. @ දුමී - අයියෝ මචෝ, මතක් කොරන්ට එපා! මතක් වෙද්දි තාමත් පුපුරු ගහනවා!:n

    @ sameerausa - හික් හික්!! පුරුපුරු වගේ දුප්පත් ඩයල් ඉතිං වෙන මොනව කරන්නද සහෝ?:i

    @ හිඟන්නා - හික් හික්!! ප්‍රධාන කෑමෙන් පස්සෙ හම්බවුණ අතුරුපස තමයි දිරවගන්න බැරි වුණේ මචෝ!:q

    ReplyDelete
  14. පුරු පුරුත් අදහන්න වටින පොරක්නේ. පොර හොඳට ලාබෙට වැඩ කරන් විධිය දැනගෙන ඉඳලා තියනවා වගේ.

    ReplyDelete
  15. ශහ්....... හොඳ යාලුවෝ ටිකක්.......:b :b

    ලොග් වෙන්න කම්මැලි හිතුන :j :j ඉතින් ඇනෝ වෙලා ලියල ගියා.......... :c :c

    ReplyDelete
  16. @ priyantha.ඒබී - හික් හික්!! ඒ ඉස්සර යාලුවෙ! දැන්නං කරන හැම වැඩෙන්ම වෙන්නෙ පාඩුවක්.බලමුකො ඉස්සරහටවත් ලාබ වෙයිද කියලා! :j

    ReplyDelete
  17. @ හා පැටික්කි - ආ..ඒක මිසක්!!:b

    ReplyDelete
  18. ඔය වැඩේ තාමත් නැත්තටම නැතිව ගිහින් නැහැ මම දන්න විදිහට නම්....

    ReplyDelete
  19. @ Hasitha - අහන්නත් දුකයි මචෝ.මම හිතුවෙ ඔය වැඩේ දැන් නැතුව ඇති කියලා.ඒ දවස්වල අපිත් ඕවට සහභාගි වුණාට ඕක වැරදි වැඩක් කියල පස්සෙ කාලෙක තේරුම් ගියා...

    ReplyDelete
  20. හොස්ටල් එක තිබුනේ කුරුඳු වත්තේද අංගොඩද?

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???