අපි ඉතිං හොස්ටල් එක ගැන පහුගිය දවස් ටිකේ ලිපි ටිකක් ලිව්වනෙ.කියවන්න බැරිවුණ යාලුවන්ට මේ ලින්ක් වලට ගිහිං ඒව කියවන්න පුලුවන්
http://bloggadol.blogspot.com/2010/06/blog-post_24.html
http://bloggadol.blogspot.com/2010/07/2.html
http://bloggadol.blogspot.com/2010/07/blog-post.html
http://bloggadol.blogspot.com/2010/07/blog-post_29.html
ඔන්න දැන් අපි කියන්න යන්නෙ හොස්ටල් රසකතා.මේ දවස්වල කක්කි කතා නැගල යන එකේ මුලින්ම මේ සිද්දිය දාන්න හිතුනා.සිද්දිය වුණේ අපේ කට්ටිය 10 වසරෙ ඉන්නකොටමයි.ඉතිං හොස්ටල් එකක් වුණාම අනිවාර්යයෙන්ම ටොයිලටුත් තියෙන්න ඕනෙ නොවැ!ඔන්න කුරුදුවත්ත හොස්ටල් එකේනං ඒ දවස්වල ටොයිලට් දෙකක්ම තිබුනලු.එකක් සීනියර් හොස්ටල් එකට.අනික ජූනියර් හොස්ටල් එකට.ඉතිං පුරුපුරු, මාලුකට්ටා ඇතුලු 10 වසරෙ කට්ටිය ගියෙ මුලින්ම කියපු සීනියර් ටොයිලට් එකටලු.
දැන් ඉතිං මෙතන "ටොයිලට්" කියල ටෝක්ස් දුන්නට ඒ දවස්වල කට්ටිය ඕකට කිව්වෙ "බොග" කියල.
දැන් ඉතිං මෙතන "ටොයිලට්" කියල ටෝක්ස් දුන්නට ඒ දවස්වල කට්ටිය ඕකට කිව්වෙ "බොග" කියල.
සීනියර් බොගේ පහසුකම් ජූනියර් බොගට වඩා වැඩියි.ඉතිං ජූනියර් බුවාලගෙ පවා එකම බලාපොරොත්තුව තමයි සීනියර් බොගටම කොහොම හරි රිංගන එක.ඉතිං උදේට පොඩි බොග තදබදයක් එහෙමත් තිබුනෙ නැතුවම නෙවෙයි.
පහසුකම් තිබුනයි කිව්වට ඉතිං ඔක්කොම වගේ තිබුනෙ අර වල ටයිප් බොගවල්.කොමඩ් බොගවල් තිබුනෙ එකම එකයිලු.ඒකත් තිබුනෙ ඉබ්බෙක් දාල වහල.කොමඩ් බොග පාවිච්චි කරන්න දෙන්නෙ වාඩිවෙන්න බැරි විදිහෙ අසනීපකාරයන්ට විතරයි.පුරුපුරුලනං ඉතිං ඔය කොමඩ් බොගට බිත්තිය උඩින් පැනල තියනවලු ඕන තරං.
බොගට යන්න තියෙන්නෙ 10 වසර ඩෝම් එකේ ඉදල ටික දුරයි.හැබැයි ඉතිං පොඩි ප්‍රශ්නයක් මතුවෙන්නෙ තදට වහින දවස්වලට.පොඩි කියල කිව්වට ඉතිං මේක තරං ලොකු ප්‍රශ්නයක් ඒ දවස්වල කාටවත් තිබුනෙ නෑ.
අපි කවුරුත් දන්නවනෙ වැස්ස දවස්වලට කොළඹ පැත්ත කොහොමද කියල.ඉස්සර දැන් වගේ නෙවෙයි.ලොකු වැස්සක් වැස්සත් විනාඩි පහෙන් මුලු කොළඹම යට වෙනවලු.(දැන්නං විනාඩි 10ක් විතර යනව නොවැ)ඉතිං වැස්ස වෙලාවට මුලු කුරුදුවත්ත හොස්ටල් එකම වතුරෙන් යට වෙනවා.වැඩේ කියන්නෙ එතකොට 10 වසර ඩෝම් එකේ ඉදල බොගට යන්න තියෙන පාරත් යට වෙනවලු.හොස්ටල් එකේ මහා බොග වල ඉතිරෙන්නත් මහ වෙලාවක් යන්නෙ නැතිලු.දැන් වැසි ජලයට බොග මිශ්‍ර වෙලා හැමතැනම පාවි පාවි තියෙනවා.ඉතිං කොහොමද ඩෝම් එකේ ඉදලා වතුරට බැහැල බොගට යන්නෙ?
ඉතිං එහෙම කියල බොගට නොගිහින් ඉන්නයැ නේද?මේ වෙලාවට තමයි රත්තිපාල අංකල් කොල්ලන්ගෙ පිහිටට එන්නෙ.අපි කලින් ලිපියක කිව්ව වගේ හොස්ටල් එකේ වැදගත්ම පුද්ගලයා තමයි රත්තිපාල අංකල්.කෙටියෙන්ම කියනවනං නේවාසිකාගාර පාලක කොටිය සර්ට වඩා වැදගත් බොගපාලක රත්තිපාල.ඉතිං රත්තිපාල අංකල් නිර්භීත සිංහයෙක් වගේ අර බොග රිටි පාවෙන වතුරට බහිනවලු.මේ බහින්නෙ පාලමක් හදන්න.
රත්තිපාල අංකල් ඉතිං කොහෙන් හරි කලබලේට හොයාගන්න ගඩොල් කැට එක උඩ එක තියල පාලම් කණු හදනවලු.ඊට පස්සෙ පාලම් කණු උඩින් ලෑලි කෑලි තියල පාලමේ වැඩ ෆිනිෂ් කරනවලු.දැන් ඉතිං කට්ටියට පරිස්සමෙන් අඩිය තියල බොගට යන්න පුලුවන්.හැබැයි ඉතිං රත්තිපාල අංකල් හදන පාලම ගැන කිසිම වගකීමේ සහතිකයක් දෙන්න බැහැ.ඕන වෙලාවක මේක කැඩිල උඩින් යන මනුස්සයා වතුරට වැටෙන්න පුලුවන්.රත්තිපාල අංකල් ඉතිං බොගපාලක මිසක් ඉංජිනේරුවෙක් නෙවෙයි නොවැ!
එක පාරක් ඔහොම පාලම උඩින් යන්න ගිය ලයිමෝල් පාලමත් කඩාගෙන බොග මිශ්‍ර වතුරට වැටුනා.වැඩේ කියන්නෙ මෙච්චර හත් අවුරුද්දක් තිස්සෙ නාන්න ඕනෙ වැඩක් වෙලත් මෑන්ස් කිසි ගානක් නැතුව ආපහු ගිහිං ඇදේ නිදාගත්ත එක.ඊට පස්සෙ කට්ටිය කළේ ලයිමෝල් ළගින් යද්දි නහය අතින් වහගෙන යන එකලු.
ඉතිං ෂුවර් පිට බොගට යන්න අපේ යාලුවන්ට ඉතුරු වුණේ එකම එක පාරයිලු.ඒකත් පරංගියා කෝට්ටෙ ගියා වගේ පාරක්.තාප්ප උඩින් පැන පැන, තාප්ප දිගේ ගිහිං මහා වටයක් ගහල තමයි ඒ පාරෙන් යන්න ඕනෙ.හොද ෆිට්නස් තියෙන බුවෙකුට විතරයි ඒ වගේ පාරක යන්න හැකියාවක් තිබුනෙ.ඒ වගේම තනියෙන් යන්නත් බැහැ.දෙතුන් දෙනෙක් එකපාර යන්න ඕනෙලු අනිත් කට්ටියගෙ උදව්වට.හරියට නිකං ආමි ට්‍රේනින් එකක් වගේ.
ඉතිං හොස්ටල් සාමාජිකයො ඔය පාරෙන් බොගට යන එකට කිව්වෙ "ඔපරේෂන් බොගානා" කියලලු.ඇත්තටම හරිම අමාරු මෙහෙයුමක්.ඒත් ඉතිං රත්තිපාල අංකල්ගෙ පාලමේ ගිහිං ලයිමෝල් වගේ අමාරුවෙ වැටෙනවට වඩා පුරුපුරුලා කැමති වුණේ ඔපරේෂන් බොගානා එකට.මොකද ඉතිං තාප්ප වලින් පැනල පුරුදු නැති කට්ටියකුත් නෙවෙයිනෙ.
ඔය ඕනැම අමාරු වැඩක් කරද්දි ශ්‍රී ලාංකිකයන්ගෙ පුරුද්දක්නෙ කවි කියන එක.පතල් කවි, නෙලුම් කවි, පාරු කවි, ගොයම් කවි, ගැල් කවි වගේ ඒවා හැදිල තියෙන්නෙ ඒ ඒ රස්සා කරද්දි ඇතිවෙන කාන්සිය නිවාගන්න කියලනෙ කියන්නෙ.ඉතිං අපේ යාලුවො කට්ටියත් ඔපරේෂන් බොගානා වගේ බරපතල මෙහෙයුමක නිරත වෙලා ඉන්දැද්දි කාන්සිය නිවාගන්න කියපු කවි තිබුනා.ඒවට කිව්වෙ "බොග කවි" කියලලු.
බොග කවි කියන්නෙ ඔය සම්ප්‍රදායික ජන කවි වගේ ඇදල ගායනා කරන ජාතියෙ කවි නෙවෙයි.බොහොම ලස්සනට ෆාස්ට් බිට් එකේ කියන සිංදු.ගොඩක් බොග කවි මේ වෙද්දි අමතක වෙලා තිබුනත් පුරුපුරුට එක කවියක්නං හොදට මතකයි.මේ කවිය(සිංදුව) හැදුවෙ සංජු.ඒකත් ලියලම මේ ලිපිය අහවර කරන්නංකො එහෙනං.
මට බොගට යන්න බොගෙන් එන්න
කුරුලු පිහාටුවක් එවන්න...එවන්න...එවන්න...
රත්තිපාල අතේ කොටියො
කුරුලු පිහාටුවක් එවන්න...එවන්න...එවන්න...
පට්ට පට්ට ඔපරේශන් බොගානා.ඒත් හැබැයි වැඩේ කෙල වෙන්නෙ ඔපරේශන් එකට යන අතරෙ හදිසි වැඩක් සෙට් වුනොත් තමයි :f
ReplyDeleteහිකිස්.. බොග චාර්ජ් වෙච්ච එකාලු ඒකෙ අමාරුව දන්නෙ නේද.. :)
ReplyDeleteපලි: ඔය තනුවටම කියපු අපේ පැරණි සිංදුවක් මතක්වුනා මට..
මට ගමට එන්න ගමට එන්න ත්‍රීවීලර් එකක් එවන්න.. එවන්න..
පොඩිසිඤ්ඤො අතේ අනේ අම්මෙ ත්‍රීවීලර් එකක් එවන්න.. එවන්න..
පට්ට...
ReplyDelete-AD
දැන්නං ඔය කුරුඳුවත්තෙ හොස්ටල් එකේ පහසුකම් ටික දැක්කම පිස්සු හැදෙනවා. වෙලාවට හිතෙනව අවුරුදු ගානක් පරක්කු වෙලා ඉපදුනානං හොඳයි කියල!
ReplyDeleteසිරා මචන්.. මේ කසුව තමයි බොග සීන් එක බෝ කලේ අපි උඹලට
ReplyDeleteආයෙ කියෙවුව ඔන්න.. පට්ටම කතාව.. :l
ReplyDelete:l :l :l :l :l :l :l :l
ReplyDelete:r ;r :r
:l :l :l :l
:t :t :t :t
හික් හික් හික් පට්ටම පට්ට මේක නම්
ReplyDeleteහික් හික් හික්ස්. පූසන්ට තාප්ප උඩින් ගමන් අමාරු දෙයක්යැ.
ReplyDeleteනියම කතාව. කියල වැඩක් නෑ. හැබැයි ඔපරේෂන් එක අතරමැදදි හදිසි අවස්ථාවක් ඇතිවුනොත්නම් කියල වැඩක් නෑ.
ReplyDelete:f:f:f:f
ReplyDeleteබොගකට විදින දුකක්. ඕකට කියන්නේ බොග සංස්කෘතිය කියලා.
Ela Ela .......puru puru.
ReplyDeleteHmmm Ibba nathiwa palui..........
Patta kathawa malli (Puthada danneth nehe)
ReplyDeleteඑලස්............
ReplyDeleteමේ අයියෝ මෙයාලා මොනවාද මෙයාලා පූසෝ ඔය වැඩේට ඔච්චර මහන්සි වුනා ඇහුවාමයි. අච්චර හොඳට ඔය කිව්ව ඒවා පාවී පාවී තියෙද්දී, පාලම් හද හදා වට රවුම් ගහ ගහා හිටියානේ මේ පූසෝ. :e
ReplyDelete:q
ReplyDelete@ පුබුදුවා - හික් හික්!! එතකොට ඉතිං අමාරුවෙන් තද කරගෙන ඉන්න වෙනව බොගට යනකං!:f:f
ReplyDelete@ Buratheno - හික් හික්!!ඒකනං ඇත්ත මචෝ.මරු කවිය..:b
@ AD - බොහොම ස්තුතියි සහෝ!!:b
@ Supun Sudaraka - අපිටත් ආරංචි වුණා මලයා.:rහැබැයි ඉතිං පහසුකම් නැති කාලෙ තිබුන ආතල් එක පහසුකම් හම්බවුණාට පස්සෙ තියෙයිද දන්නෑ.
ළගදි යන්න ඉන්නෙ හොස්ටල් එක පැත්තෙ.
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ - හික් හික්!! කසූ ඉතිං අපි කාගෙත් ගුරුතුමෙක්නෙ!:t:t
ReplyDelete@ වැම්පයර් - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b
@ Anonymous - :l:l:l:l:l:l:l:l:l
:b:b:b:b:b:b:b:b:b
@ පිස්සා - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b
@ priyantha - හික් හික්!!ඒක තමයි.ඒ දවස්වල තාප්ප උඩමයි හිටියෙ:f:f:f
ReplyDelete@ Praසන්ன - අර පුබුදුවාට කිව්ව වගේ එතකොට ඉතිං අමාරුවෙන් තද කරගෙන ඉන්න වෙනව බොගට යනකං!:q:q:q
@ හෙළයා - බොග සදාචාරය! බොග සභ්‍යත්වය!! බොග භෞමික අඛණ්ඩතාවය:q:q:q
@ Anonymous - තැන්ක්යූ වේවා මචෝ! ඉබ්බ නැතුව අපිටත් පාලුයි :s:s:s
@ OldBoy - බොහොම ස්තුතියි සහෝ!!වයස කිව්වනං හිතාගන්න පුලුවන් අන්කල් කෙනෙක්ද අයිය කෙනෙක්ද කියලා.:b:b:b
ReplyDelete@ Anonymous - :b:b:b
@ RanDi - හික් හික්!! අපි ඉතිං සදාචාර සම්පන්න පූසො නොවැ!:q:q:q
@ හිඟන්නා - :b:b:b
සිරාවට අයියේ ඔපරේෂන් බොගානා කර කර ඉද්දී බොග චාර්ජ් වෙලා ගියොත් තමා කෙළියා. ඊට හපන් සෙල්ලම්ද අප්පා උඩින් පැන පැන යද්දී බොග චාර්ජ් වෙන එක අහන්නත් දෙයක්ද ? :e
ReplyDeleteබොග දාන්න කාල තියෙන කට්ටක් :C
ReplyDeleteහැබැයි ඉතින් හැදුනම තමයි නේ අමාරුව තේරෙන්නේ :i
Thawa hostel kathaa daanna mallie. api balan inne. eththa ethi setiyen daanna. awlak ne. ela wedak!
ReplyDelete@ Hasitha - හික් හික්!! හොදම වැඩේ තමයි මලයො ලාවට බොගක් චාජ් වීගෙන එද්දිම ඔපරේෂන් එක පටන් ගන්න එක.:f:f:f
ReplyDelete@ කොඩී - ඇයි මචෝ අර පරණ කතාවකුත් තියෙන්නෙ,ලෝකයේ තියෙන ලොකුම සැපත බොග දැමීමයි කියලා:q:q
@ Anonymous - බොහොම ස්තුතියි අයියේ.අනිවා ඔක්කොම කතා දානවා.දැනටත් හොස්ටල් කතා 50ක ලිස්ට් එකක් හදලයි තියෙන්නෙ.:b:b:b
Oya idala thiyenne newasikagara paalaka Kotiya sir ge kaalene. newasikagara paalaka "Walaha" sir ge kaaleth maru katha thiyanwa.....
ReplyDeleteඔව් අයියේ, ඔයාලගෙ හොස්ටල් රසකතා අපිට ලියල එවන්න.අපි බ්ලොග් එකේ දාන්නම්!:b
ReplyDeleteනියමයි බං! ඔපරේෂන් බොගානා! හික් හික්!
ReplyDelete