අඹ යාලුවෝ

Thursday, December 20, 2012

අවිද්‍යාව, ජ්‍යෝතිෂය සහ ලාංකික සමාජය


මෑත කාලීනව ලංකාවේ සිදුවූ විවිධ සිදුවීම් දකින, කියවන විට බොහෝ දෙනෙක්ගේ සිතට එක්වරම නැගෙන්නේ එකම ප්‍රශ්නයකි.

“ලංකාවට මොකද්ද මේ වේගෙන එන්නේ?“

එක පැත්තකින් ලංකාව පුරාම අද්භූත එළිය. තවත් පැත්තකින් ජෙලි වැසිය. ඒ මදිවාට සමහර ප්‍රදේශ වල වතුරත් රතු පාටට හැරී ඇත. ඒ නාසා ආයතනය මගින් ලංකාවට එල්ල කරන ලද ජීව රසායනික ප්‍රහාරයක් ලෙස තවත් සමහරු අර්ථ දක්වති. මේ සියල්ල අස්සේ බල්ලන් සමූහ වශයෙන් මිය යාම්, භූමිකම්පා, දකුණින් ඉර පෑයීම, මුහුදු නයි මතුවීම ආදියද අසන්නට ලැබේ.

මේ වාර්තා දැකීමේදී කැපී පෙනුන ප්‍රධාන දෙයක් වූයේ මේ සිද්දි සම්බන්දව ලාංකික ජනතාව සහ මාධ්‍ය දැක්වූ ප්‍රතිචාරයයි. සමහර සිද්දි වල සොයා බැලිය යුතු තරමේ අද්භූතජනක බවක් තිබුනද බොහෝ අවස්ථාවලදී ඇත්තටම සිදුවී තිබුනේ සාමාන්‍ය විද්‍යාත්මක සංසිද්ධි හරහා පැහැදිලි කළ හැකි ආකාරයේ සිදුවීම්ය. එහෙත් බොහෝ දෙනෙක් ඉහත කී සිද්දි විස්තර කළේ එක්කෝ 21 වනදා සිදුවීමට නියමිත ලෝක විනාශයේ පෙරනිමිති ලෙසය. නැතහොත් පෘථිවියට එල්ලවීමට ආසන්න පිටසක්වල ප්‍රහාරයක පෙරනිමිති ලෙසය. එහෙමත් නැත්නම් මේ අනාවැකි දෙකම එක්කර ගොතාගත් විස්තර කිරීමකි.

අද්භූත එළි දර්ශනය වීම ගැන තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් කිසිවෙකුත් කර නැත. කෙසේ වෙතත් මෙම එළි පිටසක්වල යානා නොවීමට බොහෝ හැකියාවක් ඇත. මන්ද යත් අහසේ පෙනෙන ආකාශ වස්තු නොවන හැම දෙයක්ම පිටසක්වල යානා නොවන බැවිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ විද්වතුන් විවිධ අදහස් දැක්වීමද ජනතාව තුළ පැවති බය සහ කලබලය වැඩි කිරීමට හේතු විය. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වා මේ ගැන පැහැදිලි කිරීම තාරකා භෞතික විද්‍යාව පිළිබඳ පර්යේෂකයන්ගේ වගකීමයි. තාරකා විද්‍යාව අතින් සීඝ්‍ර දියුණුවක් ලබමින් පවතින ශ්‍රී ලංකාවේ රජයට අදාල පර්යේෂකයන්ට ඒ සඳහා අදාල පහසුකම් ලබාදීම එතරම් අසීරු කරුණක් නොවනු ඇත.

ජෙලි වැස්සද මේ ආකාරයේ සිදුවීමකි. සාමාන්‍ය වර්ෂාවක වුවද ජලයට අමතරව වායුගෝලයේ පවතින තවත් දේවල් අඩංගු වන බව සාමාන්‍ය පෙළ දක්වා හෝ විද්‍යා විෂය හැදෑරූ ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. වැසි ජලයේ දියවී ඇති දේ අනුව එහි භෞතික සහ රසායනික ගුණ තීරණය වේ. ජෙලි වැස්ස මෙන්ම කහ වැස්සද එකී සංසිද්ධිවල ප්‍රථිපලය. ඇතැම් පැලෑටි වලින් නිස්සාරන කරන ලද කාබෝහයිට්‍රේට ජෙලි වශයෙන් මිදෙන්නට හැකියාවක් පවතී. එවැනි සංයෝගයක් අවකාශයේදී සිදු කළ භෞතික හෝ රසායනික ප්‍රතික්‍රියාවක ඵල ලෙස මේ ජෙලි වැස්ස වැටෙන්නට ඇත. කෙසේවෙතත් මේ පිළිබඳ අවශ්‍ය පරීක්ෂණ සිදුකර මෙම අමුතු වැසි වල සංඝටක හඳුනාගැනීමට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ඕනෑ තරම් පවතී.

ජල උල්පත් වල වතුර රතු වීමද බොහෝවිට ජලය තුළ වර්ධනය වූ ඇල්ගී වර්ගයක හෝ ක්ෂුද්‍ර ජීවී විශේෂයක ප්‍රතිඵලයක් විය හැක. එසේ නැතිව ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු පහරදීමක් වීමේ සම්භාවිතාව ඇත්තේ ඉතා අඩු වශයෙනි. බැක්ටීරියාවක් මගින් තවත් ජීවී විශේෂයකට එල්ලකළ හැකි බලපෑම පරික්ෂා කිරීමට ඉතා නූතන මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද ඇමරිකාව සතුව ඇත. ඇරත් මාධ්‍ය වාර්තා කළ ආකාරයට ලාංකීය ජනයාට හොරෙන් පර්යේෂණ කිරීමට, වතුරේ වර්ධනය වන විට රතුපාට වී ජනතාව කලබල කරන ආකාරයේ ක්ෂුද්‍ර ජීවී විශේෂයක්ම යොදාගත්තේ ඇයිද යන්න ගැටලුවකි. ඊට අමතරව ලංකාවට මෙවන් ජීව විද්‍යාත්මක පහරදීමක් සිදුකිරීමට නාසා ආයතනය  පියවර ගනීයැයි විශ්වාස කිරීමට අසීරුය. මෙවන් වාර්තා සිංහලෙන් පමණක් පළ වීම මහත් භාග්‍යයක් වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූවානම් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය විහිලුවක් වීම නොවැලැක්විය හැකි වනු ඇත.

බල්ලන් මිය යාමට හේතුවද මරණ පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට හැක. මාධ්‍යවල වාර්තා වූ ආකාරයට සිද්දියේ සැකය එල්ල වී තිබුනේ අදාල ප්‍රදේශයට පතිත වූ උල්කාෂ්මයක් වෙතටයි. නමුත් බොහෝදුරට සමාන ජාන සැකැස්මක් සහිත එම ප්‍රදේශයේ සිටින අනෙක් ක්ෂීරපායී සතුන්ට කිසිම හානියක් සිදු නොවීම නිසා ලේඛකයා විශ්වාස කරන්නේ මරණ වලට හේතුව උල්කාෂ්මය නොව සුනඛයන්ට පමණක් වැළඳෙන රෝගයක් විය යුතු බවයි. කෙසේ හෝ වැඩිදුර පරීක්ෂණ වලින් තොරව මේ සම්බන්ධව කල්පිත ගොඩනැගීම පල රහිත කරුණකි. එමෙන්ම මුහුදු නයි මතුවීමද මේ ආකාරයේ ස්වභාවික සංසිද්ධියකි.

ඉර දකුණින් පෑයීමේ සිද්දියනම් අමු කෙප්පයක් විය යුතුය. ඉර යනු ලංකාවට පමණක් පායන ආකාශ වස්තුවක් නොවේ. එබැවින් ඉර දකුණු දිශාවෙන් පෑයුවානම් මුලු ලොවටම එය දර්ශනය විය යුතුය. අනෙක් අතට සූර්යයා සෑම කාලයේදීම එකම තැනින් පායන්නේ නැත. පෘථිවියේ භ්‍රමණය අනුව එය කාලයෙන් කාලයට පායන සහ බැසයන ස්ථාන වෙනස් කරයි. එමෙන්ම පායන සහ බැසයන වේලාවන්ද වෙනස් කරයි. මෙය කවුරුත් දන්නා දෙයක් බැවින් කලබල විය යුතු නැත.

ඉහත කී සිද්දි සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරුණු ආකාරය අනුමත කළ නොහැක. රටේ පවතින සැබෑ ප්‍රශ්න අමතක වන ලෙස ඉහත ආකාරයේ සිද්දි වවාගෙන කන්නේ මාධ්‍ය විසිනි. එමෙන්ම එකී වාර්තා කිරීම් තුළ ඉහත ඇතැම් සරල සංසිද්ධි වලට පවා කෘත්‍රිම අද්භූත ස්වභාවයක් ආරෝපණය කර ඇති ආකාරය දැකගත හැකි විය. ජනතාව මේ සම්බන්ධව දැක්වූ අනවශ්‍ය කලබලය සහ මාධ්‍ය මගින් මේවා වාර්තා කළ ආකාරය දුටු විට ලේඛකයාගේ සිතට නිතැතින්ම නැගුනු නිගමන කිහිපයක් විය.

ලාංකික සමාජය විද්‍යා අධ්‍යාපනය අතින් බොහෝ පිටුපසට ගොස් ඇත. තමාට තේරුම් ගැනීමට නොහැකි සංසිද්ධි සමාජය පැහැදිලි කරගැනීමට යොදාගන්නේ අවිද්‍යාත්මක සංකල්පය. එමෙන්ම විද්‍යාව සමාජය තුළ අත්පත් කරගත යුතු ස්ථානය ජ්‍යෝතිෂය සහ අනෙකුත් විකල්ප විෂයයන් විසින් හිමි කරගෙන ඇත. මේ තත්ත්වයට මාධ්‍ය, රජය මෙන්ම ලාංකීය විශ්ව විද්‍යාලද වගකීම බාර ගත යුතුය. ඉහත කී සිදුවීම් එක්තරා හුදකලා සිදුවීම් මාලාවක් නොවේ. මෙය බොහෝ කාලයක් තිස්සේ ලාංකීය සමාජය අවිද්‍යාවේ ගැලී සිටීමේ ප්‍රතිඵලයකි.

ලාංකීය සමාජය තුළ විද්‍යාවට නියමිත ස්ථානය ලැබී නැත. සමාජගතකර ඇත්තේ “විද්‍යාව නරකයි“ වැනි මතයකි. ඇතමෙකුගේ ආකල්පය වන්නේ විද්‍යාව යනු බටහිර නිර්මාණයක් බවත් පෙරදිග අපට බටහිර විද්‍යාව කැප නැති බවත්ය. ඒත් ඒ සියලුම දෙනා “බටහිර“ විද්‍යාවට ගරහන අතරේ විද්‍යාවේ මහිමයෙන් ලොවට බිහිවූ නිෂ්පාදන නොපැකිල පරිහරණය කරති. අපේ මිනිස්සු ජාන වෙනස්කළ ආහාර වලට බිය වෙති. නමුත් ජාන කියන්නේ මොනවාද කියාවත් දන්නේ නැත. ජාන තාක්ෂණයේ ප්‍රයෝජන ගැන දන්නේද නැත. රසායනික කියන නමටද බිය වෙති. රසායනික ද්‍රව්‍ය වලින් ලබාගත හැකි ප්‍රයෝජන ගැන සිතන්නේ නැත. “න්‍යෂ්ටික“ කියූවිට මතක් වෙන්නේ න්‍යෂ්ටික බෝම්බයයි. “විකිරණ“ යනුද භයානක වචනයකි. 

සමාජයේ වගකිවයුත්තන්ද හැසිරෙන්නේ විද්‍යාව අරහං ගානටය. ටික කලකට පෙර සොරෙක් අත්අඩංගුවට ගැනීමට කනප්පුවක පිහිට පැතූ පොලිස් නිළධාරීන් පිරිසක් ගැන අසන්නට ලැබුනි. ප්‍රධාන දේශපාලකයන් සියල්ල පෝලිමේ යන්නේ දේවාල වලටය. සාස්තර අසන්නටය. ඇතැම් දේශපාලකයන්ට පුද්ගලික වෛද්‍යවරු මෙන්ම පුද්ගලික ජ්‍යෝතිෂවේදීන්ද සිටිති. රටේ ලොක්කන් ප්‍රසිද්දියේ අවිද්‍යාවේ යෙදෙන විට රටවැසියාද ඊට නොදෙවෙනි ආකාරයට අවිද්‍යාවේම ගැලෙති. ලෙඩ රෝග සුව කරන්නට තොවිල් පවිල් කරති. දෙවියන්ට යාඥා කරති. එවිට කපුවන් සහ පූජකයන් අතින් රෝගීහු මියයති. උදේ පාන්දරම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලින් අපට ලැබෙන්නේ ලග්න පලාපලයි. මාධයවල වැඩිපුරම දැන්වීම් පළකරන්නේ ජ්‍යෝතිෂකරුවන්ය. වශී ගුරුකම් කරන කට්ටඩියෝ මාධ්‍යවල රජ කරති. විද්‍යාව වෙනුවෙන් තත්ත්පරයක් වෙන් නොකරන රූපවාහිනී නාලිකාවල පැය ගනන් පෙන්නන්නේ ජ්‍යෝතිෂවේදීන්ය.

මෙවන් සමාජ තත්ත්වයක් තුළ ජනතාවගේ දැනුම සහ විචාර බුද්ධිය වර්ධනය වේ යැයි සිතිය නොහැක. විද්‍යාව හැදෑරීමෙන් ලැබෙන්නේ විද්‍යාත්මක දැනුම පමණක් නොවේ. ඕනෑම දෙයක් මනාව විග්‍රහ කර බුද්ධිමත්ව ඒ පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව විද්‍යාව හැදෑරූ අයෙකු සතුය. ඇතැම් ක්ෂේත්‍රවල විද්‍යාව හැදෑරූ සිසුන් අනෙක් සිසුන්ට වඩා දස්කම් දක්වන්නේ එනිසාය. එමනිසා රටේ මිනිසුන්ගේ ආකල්ප දියුණු කිරීමටත්, රට ආසියාවේ ආශ්චර්යය කිරීමටත් අවශ්‍යනම් කළ යුත්තේ රටේ ජනතාවට මනා විද්‍යාත්මක දැනුමක් ලබාගැනීමේ ඉඩකඩ පුලුල් කිරීමයි. විද්‍යාව සම්බන්ධයෙන් රටේ දැනට ඇති ආකල්පය වෙනස් කිරීමයි.

ජ්‍යෝතිෂය යනු සත්‍යයක්ද, අසත්‍යයක්ද, එය විද්‍යාවක්ද නැද්ද යනු බ්ලොග්අවකාශයේ පවා විශාල විවාදයක් ඇතිකළ මාතෘකාවකි. මෙම ලිපියේ ඒ සම්බන්දව සාකච්ඡා කිරීමට අදහස් නොකරන නමුත් ජ්‍යෝතිෂය විසින් ලාංකික සමාජයට සිදුකර ඇති ආකල්පමය හානිය අතිමහත් බව සඳහන් කළ යුතුමය. මන්දයත් ජ්‍යෝතිෂය විසින් සමාජයේ විද්‍යාවට ලැබිය යුතු ස්ථානය පැහැරගෙන ඇති බැවිනි. විද්‍යාත්මක මනසකින් යුත් පුද්ගලයන් බිහිවීමට ජ්‍යෝතිෂය සහ අනෙකුත් විකල්ප විෂයයන් ඉඩ ලබා නොදෙන බැවිනි. එබැවින් සමාජයේ විකල්ප විශ්වාස විද්‍යාත්මක සිතුවිලි මගින් ඉවත් කිරීමට රජය සහ මාධ්‍ය පෙරමුණ ගත යුතුය. නමුත් තමන්ට මහත් ලාබයක් ගෙන දෙන ජ්‍යෝතිෂය සමාජයෙන් ඉවත් වනවාට මාධ්‍ය හෝ, විචාරශීලී පුරවැසියන් බිහිකරන විද්‍යාව සමාජගත වනවාට දේශපාලකයන් හෝ කැමති වෙතියි සිතීම ඵල රහිතය. එබැවින් විද්‍යාව සමාජගත කිරීමේ වගකීම විද්‍යාවට සහ රටට ආදරය කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.

ප.ලි  -  මෙම ලිපිය සැකසීමේදී ගොසිප් 9 අඩවියේ පළවූ

දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකිය හා පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්

ලිපියේ තොරතුරු ඇසුරු කර ගැනුනි.

53 comments:

  1. ජෙලි වැසි , මාලු වැසි වහින එකේ මං කලපනා කරන්නේ අපි ඉන්න පැත්තට පොඩි රත්තරන් වැස්සක් වැ‍ටුනොත් කොච්චර හොදද කියලා .:)

    ReplyDelete
    Replies
    1. අනිවා මයියලාට ගෙවල් දොරවල් හිටං අහිමි වෙනවා. :)

      Delete
  2. හොඳ ලිපියක්. මමනම් යෝජනා කරන්නේ ලන්කාවේ සියලුම විශ්ව විද්‍යාල වහලා දාල සියලුම ජ්‍යොතිෂ්‍ය කඩ විශ්ව විද්‍යාල බවට පත් කල යුතුයි කියලා. වත්මන් ලන්කාවට විද්‍යාවක් ඕනෙත් නෑ විශ්ව විද්‍යාල ඕනෙත් නෑ.

    ගොඩක් වෙලාවට රටක ඉහළම පුරවැසියා රටේ සියලුම දේවලට බලපෑම් කරනවා. මහින්ද මාමා කියන්නේ පුදුම විදිහට සෝබනයට කැමති, බොරු විශ්වාස පස්සේ දුවන, බොරුවෙන් රැවටීමෙන් ජීවත් වෙන කෙනෙක්.

    ඒවගේ අයෙක් පාලනය කරන රටක මේ වගේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. උදාහරණයක් විදිහට බලන්න අද අගමැතිවරයව පත් කරන්නේ ඇමති මණ්ඩලය වෙනස් කරන්නේ සන්වර්ධන ව්‍යපෘති පටන් ගන්නේ ජනපතිගේ පුද්ගලික ජ්‍යොතිශ්‍ය වේදියා සුමනදාස අබේගුණවර්ධන කියන විදිහට. එහෙවු රටකට බුද්ධිමත්තු විද්වත්තු මොකටද..?

    ReplyDelete
    Replies
    1. ෙම් අවුරුද්ෙද කරන්න තිබුන අමාත්‍ය මණ්ඩල සංෙශා්ධනයත් නැවැත්තුවෙ නැකැත් නැති නිසාලු!

      Delete
    2. සම්පූර්ණ එකඟයි මාලන්. මාධ්‍ය වලිනුත් මේ දේවල් සාමානයකරණය කරලා වාර්තා කරන හැටි තමයි වඩාත්ම අප්‍රසන්න. දැන් ජ්‍යොතිෂ්‍ය රටේ සංස්කෘතියේ කොටසක් විදිහට එකතු වෙලයි තියෙන්නේ.

      Delete
  3. මේ ලිපිය ලිපියට ගොඩක් ස්තුතියි. අපේ සමාජය මේ තරම් මිත්‍යාවේ ගැලිලා ඉන්නේ අයි කියලා හිතාගන්න බෑ. ලෝකය ගැන නොදන්නා මිනිස්සු විතරක් නෙමෙයි, උගත් කියල හිතාගෙන ඉන්න අය පවා තත්වය සමහර වෙබ් සයිට් බලද්දී තේරෙනවා. තමන්ට නොවැටහෙන මොකක් හරි දෙයක් දැක්කම ඒකට අමුතුම අද්භූත අර්ථකතන දෙන්න තමයි හුඟක් අය කැමති.

    රතු වැස්ස ඇතිවීමට වෙනස් හේතු විශාල ගණනක් උපකල්පනය කරන්න පුළුවන්. නමුත් අපේ අය පිළිගන්න කැමැති සිදුවිමට අඩුම ඉඩක් ඇති හේතු විතරයි. අනෙක් ඒවාත් එහෙමම තමයි. ඔය ගොසිප් 9 ලින්ක් එකට ගිහින් මේ කතාව කිව්වොත් කීදෙනෙක් අපිත් එක්ක මරාගෙන මැරෙන්න එයිද කියල බලාගන්න පුළුවන්.

    මේ ගොල්ලෝ හිතන ඉන්නේ අහසෙන් තියන ඕනෑම එළියක්‌ පිටසක්වල යානයක් කියල. අඩුගානේ UFO කියන වචනයේ තේරුමවත් එයාල දන්නේ නෑ. Unidentified කියන්නේ පිටසක්වල ජිවින්ට නෙමෙයිනේ. ඒකාලේ හිටපු මෝඩ මිනිස්සු තමන්ට නොතේරෙන හැමදේම (වැස්ස, විදුලිය, කුණාටු, භූමිකම්පා, වල්ගාතරු, ආදී) දෙවියන්ගේ වැඩ කියල හිතුවා. දැන් ඉන්න අය හිතන්නේ තමන්ට නොතේරෙන හැමදේම පිටසක්වල ජිවින්ගේ වැඩ කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අනිත්රටවල මිනිස්සු දවසින් දවස ඉස්සරහට යද්දි අපේ මිනිස්සු ආපහු යන්නෙ ගල් යුගේට

      Delete
  4. මට නම් ජ්‍යෝතිෂයේ වරදක් පෙන්නේ නැ.ඕනෑම දේයක් ඕනෑවට වඩා ඕනෑ නැ.එක අපි දැන ගන්න ඕන ජ්‍යෝතිෂය උනත් ජිවිතයේ යම් අභියෝගත්මක තැන් උදෙසා තල්ලුවක් අර ගන්න උපදෙසක් ගත්තට කම් නැත.එහෙත් වැටෙන සෑම හුස්මක් ගැන දැන ගන්න ජ්‍යෝතිෂය පස්සේ යන්න උවමනා නැ.

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ජ්‍යොතිෂය වරදක්ද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒත් රටේ සංස්කෘතිය සහ පැවැත්ම විද්‍යාත්මක කරුණු වලින් ඉවත් වෙලා ජ්‍යොතිෂ්‍ය මත පදනම් වෙලා තියෙන එක විශාල ප්‍රශ්නයක් වගේම වැරැද්දක්. මේ සංස්කාතියයි වෙනස් කරන්න ඕනේ. නැත්තං වෙන්නෙ හැම දේ ගැනම ජ්‍යෝතිෂය තුළින් තීරණ ගැනීමයි.

      Delete
  5. මලයා මේ ලිපිය නම් නියමයි...
    පුළුවන් නම් මේක පත්තරයකට දාන්න... ඒ තරම් හොඳ ලිපියක්..
    අපි කොයි තරම් මේවා ගැන ලිවුවත්, මිනිස්සුන්ට ඒත්තු ගන්වලා තියෙන්නෙ නොපෙනෙන බලවේග ගැන හිතන්න..
    මේ උඩ තියෙන කොමෙන්ටු සියල්ලටමත් මම එකඟයි...
    අපි කරන්න ඕන එක එකා ගණනෙ වෙනස් කිරීම... මේක හොඳ ආරම්භයක් දිගටම විද්‍යාත්මක ලිපිත් ටික ටික ලියන්න..
    විද්‍යාව දන්න මිනිස්සු නොලියන එක රටට අභාග්‍යයක්... ඒක නැති කරන්න ලියන්න....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා. මේ ලිපිය කියවලා එක්කෙනෙක් හරි අවිද්‍යාවෙන් ඈත් වුණොත් ඒක ලොකු දෙයක් මට. පුලුවන් විදිහට ඉදිරියටත් මේ ගැන ලියනවා.

      Delete
  6. පූසාගේ මේ ලිපිය කියවපුවම මම නිතරම කියන දෙයක් නැවතත් කියන්න ඕනෙ කියලා මට හිතුනා. ඒ ඔබ ඔය කියන ආකල්ප වෙනස් වෙන්න නම් රටේ සිදු විය යුතු වෙනස්කම් බොහෝමයි.

    මම මුලින්ම ඔබට මතක කරන්නම් 1970 ගණන්වල ලංකාවේ පරිපාලන සේවයේ යෙදී සිටි මහත්මයෙක් කියූ කතාවක්. මට මතක හැටියට එතුමා කිලිනොච්චිය හෝ යාපනය දිසාපති වෙලා සිටි අන්තිම සිංහලයා. නම නම් මතක නැහැ. හැබැයි ලයනල් ප්‍රනාන්දු ද කියලා මට සැකයි.

    කොහොම හරි එතුමා කියනවා, 1960 ගණන්වල ලාංකික දෙමල ජනයා විද්‍යා විෂයන් තම දරුවන්ට ඉගැන්වීමට පුදුම උනන්දුවක් දැක්වූවාලු. නමුත් රටේ අනික් පලාත්වල ජනයා ඒ උනන්දුව දැක් වූයේ නැහැ. ලංකාවේ පළමු බොම්භ නිෂ්පාදකයා වුණු පනාගොඩ මහේෂ්වරන් ඒ කණ්ඩායමේ දරුවෙක්.

    කෙසේ හෝ මම කියන්නේ ඇයි අපිට බැරි වෛද්‍ය අධ්‍යාපනය සහ වාණිජ්‍ය විෂයයන් සදහා වැඩි සිසුන් යොමු කර ඉතාම දක්ෂ කුඩා කන්ඩායමක් කලා අංශයට යොමු කරන්න. හිතන්න යම් විදියකින් වසරකට ඔබගේ විෂය වන රසායන විද්‍යාවෙන් වැඩි සිසුන් පිරිසක් රටට එකතු වෙනවා නම් අපේ රටේ මොන තරම් කර්මාන්ත පටන් ගන්න පුළුවන් ද? අනික කෘෂිකර්මය වැඩි සිසුන් ගණනක් පිට වෙනව නම් රටට මොන තරම් අලුත් ව්‍යාපෘති පටන් ගන්න පුලුවන් ද. ජල ජීවී විද්‍යාව, ධීවර උපාධිදාරීන් එතකොට, උද්භිද විද්‍යා උපාධිධාරීන්ට අද මොනතරම් රැකියා අවස්ථා තිබෙනවද? අනික ඉංජිනේරු උපාධි සහ ඒ ආශ්‍රිත වෙනත් උපාධි උදාහරන විදියට කොන්ටිටි සර්වේ බලන්න අවුරුද්දකට මොරටුවෙන් පිටවන එකම උපාධිදරයෙක්වත් ලංකාවේ ඉන්නව ද. මොනතරම් වටිනව ද? විශ්වවිද්‍යාලෙ යන්න බැරි අයට කාර්මික විද්‍යාල විශාල වශයෙන් පිහිටවනව නම් එහි අගය උසස් පෙළ සිසුන්ට තේරුම් කර දෙනවනම් මම හිතන්නේ නැහැ. උදේ දවල් සක්වල යානා එනකන් උඩබලන් ඉන්න වෙලවක් ඒ අයට එතකොට තියෙයි ද?

    වෙලාවක් නැති වෙයි නේද පූසෝ?????

    ReplyDelete
    Replies
    1. ඔය ආයුර්වේද වෛද්‍යවරුන් කියා ගන්න පිරිසත් ඒ මගඩියේම කොටස්කාරයෝ තමයි. ලොකු වෙනසක් නෑ.

      Delete
    2. වෙද මහත්තයා කියන දේට එකඟයි. හැමෝම පුලුවන් තරම් විද්‍යා අධ්‍යාපනය ලබන එක හොඳයි. හැම දෙනාටම විද්‍යාඥයින් වෙන්න බැරි වුණත් විද්‍යාත්මක මනසකින් යුත් සමබර පුද්ගලයන් බිහිකරන්න විද්‍යා අධ්‍යාපනයට පුලුවන්.

      ඇනෝ - ආයුර්වේදය කියන්නෙ පිළිගත් විද්‍යාවක් බවයි මගේ මතය. විශේෂයෙන් නවීන විද්‍යාවත් එක්ක ඒකාබද්ධ වෙන්න ආයුර්වේදය කැමතිනම් ආයුර්වේදයට පැහැදිලි අනාගතයක් තියෙනවා.

      Delete
  7. සිරාවටම මිත්‍යාව අද මිනිස්සුන්ගේ ඔළුවලට කිඳා බැහැලා තියෙන්නේ. කාලයක් තිස්සේ පරම්පරා ගානක ඉඳන් විශ්වාස කරපුවා තවමත් ඒ විදිහටම විශ්වාස කරනවා. නැත්තම් බලි තොවිල් කරලා සිහි විලකෙන් මිනිස්සු මරනකනුත් ඒ මිනිහා විශ්වාස කරාවිද...අපේ මිනිස්සු කපුවා ළමයින්ව ගින්දරට ඇදලා දානකම් වැඳගෙන ඉන්න ජාතියේ උදවිය. ප්‍රශ්න පත්තරත් (විද්‍යා) හොරෙන් පිට වෙන එකේ එව්වට විශිෂ්ට සම්මාන අරන් කැම්පස් ගිහිල්ලා එහෙත් විභාග හොරට ලියලා රටේ අනාගතේ බාරගන්න පොරවල් ගැන හිතුවාම රටේ පැවැත්ම ගැන ඇඟ හිරිවටෙනවා... ඇත්තටම මේ ලිපිය ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ප්‍රශ්න පත්තර පිටවෙන එක ගැනත් සමහරු කියලා තිබුනා හැමදාම වෙන දෙයක් නිසා නවත්තන්න බෑ කියලා. එහෙව් මානසිකත්වයක් තියෙන මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ

      Delete
  8. සෑහෙන්න වටිනා ලිපියක්. මමත් සෑහෙන්න කල්පනා කළ දෙයක් තමයි ඇයි මේ මිනිස්සු මෙච්චර අදෘෂ්‍යමාන බලවේග පසුපස යන්නේ කියලා. අද අපි ජීවත්වෙන්නේ විද්‍යාවට වඩා නොපෙනෙන බලවේග වලට රාජ්‍ය මෙන්ම මාධ්‍යය අනුග්‍රහයත් ලැබෙන යුගයක. නාමයෝජනා දුන්න නැකත, දුන්න දිශාවේ සිට මැතිවරණ දිනය දක්වා විවිධ දේ ජයග්‍රහණයට පාදක වෙච්ච හැටි මාධ්‍යය ඔස්සේ රටටම පාරම්බාන කොට මිනිස්සු ඒ පිටුපස දුවන එක පුදුම වෙන්න දේකුත් නෙමෙයි. හැම දෙයක්ම ක්ෂණිකව පහසුවෙන් ලබා ගන්න බලාපොරොත්තු වන සමාජයකට ගාල්තැන්නේ සිට වදුරඹ දක්වා මෙකී නොකී පුද්ගලයන් පහළවීමත් ඔවුන් මාධ්‍යය මගින් පිම්බීමත් ස්වභාවිකයි කියලයි මට හිතෙන්නේ.
    අපේ යමක් කමක් උගත් මිනිස්සු සමාජයෙන් වෙනම කොටසක් ලෙස ජීවත්වෙන්න උත්සාහ දරණ නිසා මේ තත්වය ඇතිවුනා දෝ කියලත් හිතෙනවා. අපේ FUTA අරගලය වෙලාවේ සමහරු අහපු ප්‍රශ්නයක් තමයි මේ ලෝකයේ අළුතෙන් බිහිවන දැනුම අපේ රටේ මිනිස්සුන්ට තේරෙන භාෂාවකින් ලැබෙන ක්‍රමයක් අපි ඇති කරලා තියනවාද කියන එක. අපේ ඉංජිනේරු ආයතනය IESL මගින් සංවිධානය කරන විවිධ ප්‍රදර්ශන වලට විවිධ මට්ටමේ කුඩා පරිමාණ ව්‍යාපාර කරන පුද්ගලයන් පැමිණෙනවා. මම දකින විදිහට ඔවුන්ට තියෙන ලොකුම බාධකය තමයි තමන්ට අවශ්‍ය දැනුම දැනුම ලබා ගැනීමේ තියන අවහිරය. අපේ අධ්‍යාපන රටාවේ සාමාන්‍ය පෙළින් පස්සේ බහුතරක් සිසුන් විද්‍යාව ගණිතය වගේ දේවල් තමන්ගේ ජීවිතයේ කුණු කූඩයට දමන තත්වයක් තමයි තිබෙන්නේ. රටක සංවර්ධනයේ මුදුන් මුල අධ්‍යාපනයයි. අපි සාක්ෂරතාව අතින් ඉහළින් හිටියට ගණිතය, තර්කානු කූල බව වගේ දේවල් වලින් සෑහෙන්න ඉන්නේ පිටු පසින්. ඉතින් මිනිස්සු විද්‍යාවට බය වීම අහන්නත් දෙයක්ද? ඒකේ කණගාටුවට කාරණය වන්නේ මේ තත්වය තමන්ගේ පුද්ගලික වාසියට යොදා ගන්නා කණ්ඩායමක් මේ රට තුළ බිහි වී තිබිමයි. ඔවුන් අපේ සමාජය තවදුරටත් අවිද්‍යාව තුළම තබාගන්න දරණ උත්සාහය තුළ අප තවදුරටත් නිහඩව සිටිය යුතු නෑ කියලයි මම විශ්වාස කරන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අංජන. ඔබේ කොමෙන්ට් එක මට තවත් ලිපියක් ලියන්න අදහස් සැපයුවා.

      Delete
  9. මේ ලිපිය හොද ලිපියක් ලෙසත් කාලීන අවශයතාවයක් ලෙසත් මා දකිනවා. නමුත් ‍සියල්ල බැහැර කරන්නාවු දෘෂ්ටි කෝණයකින් සිද්ධින් තනිව විමසීම තරමක අසාධාරණයක්.. මොකද මේ සිද්ධි සියල්ල මීට පෙර උනේ නෑ. උගත් අය දන්නවා මේවා බොරු කියන්ඩ... එත් එක පිට එක සිද්ධී වෙනකොට මහජනතාව කලබල වෙනවා. ඒ හංදා මේ සියළු සිද්ධි විමසන්න ඕනා ඒ ඒ පලාත් එක්ක. මේ වගේ සිද්දි රැසක් මෙහි වෙලා තිබෙනවා... ඇයි මේ පාලාතටම මෙවා පෙනුනේ... වගේ පදනමක ඉදලා.

    නමුත් එසේ කරන්න තරම් බ්ලොග් ලියන්නන්ට පත්තරකාරයින්ට මෙන් වෙලාවක් ‍නෑ.. මොකද මේ රටේ බ්ලොග් ලිවිම කියන්නේ වෘත්තියක් නෙවේ.. විනොදාංශයක් විතරයි.. ඒ විනොදාංශ වලින් වින්දනීය දෙයක් ලබනවා මිසක් මේ විස්තර හොය හොයා යන්නට අපට තියෙන වේලාව බොහොම සීමිතයි.. ඒත් පත්තරයක් වගේ දේකට මේ වගේ ලිපියක් යනවා නම් මං කියන්නේ හුදෙක් පත්තර කාරයින්ගෙන් මෙය වෙනස් ආකාරයට වාර්ථා කරන්න.

    ක්මෙන්ට් වල කියලා තියෙනවා වගේ අපේ අම්මලා තාත්තලාට වගේම රටේ මාමාත් වෙලාව බලා කියා ගැනීම හොද යැයි මට සිතෙන්නේ එයැයිගේ වෙලාව නාක් උනොත් අපේ වෙලාව අපායට යන හංදාය..

    2013ට සුබ පැතුම් සමඟින්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ පැතුම්. ඇත්තටම මේ ලිපිය ලියද්දි වෙච්ච සිද්දි ගැන තිබූ තොරතුරු මදිවීම මටත් ගැටලුවක් වුණා. උදාහරනයක් විදිහට ජෙලි වැස්ස වැටුනාට පසු ජෙලි වලට මොකද වුණේ කියන එක, උල්පත් තවමත් රතු පාටද? වගේ කරුණු දැන නොසිටිම ඒ සිද්දි ගැන කල්පිත ගොඩ නගන්න විශාල බාධාවක්.

      Delete
  10. ඔය මිත්‍යා ආකල්ප ව්‍යාප්ත කරන්න මූනු පොත සහ ඔය ගොසිප් අඩවි සෑහෙන්න මෙහෙයක් ඉටු කරනවා. උදාහරණයක් විදිහට ඔය ලිපි යටින් තියෙන ප්‍රතිචාර ලියන පිරිස ලාංකීය තොරතුරු තාකෂනයේ ඉහල සාක්ෂරතාවක් තියෙන පිරිසේ සාම්පලයක් ලෙස සලකලා ඔවුන්ගේ ප්‍රතිචාර(කොමෙන්ට්) ඇනලයිස් කරලා බැලුවම තේරෙනවා ආකල්පයම සහ දැනුම අතින් කොච්චර පිටිපස්සෙන්ද මේ පිරිස ඉන්නෙ කියලා.
    ඇරත් ගොසිප් 9 එක එච්චර රිලයබල් අඩවියක් නෙවෙයි. වැරදි තොරතුරු සහිත ලිපි කීපයක්ම ඔවුන් පලකරලා ඒ බව දැනගත්තම ෂේප් එකේ අරං දාලා තිබුනා. වෙන්න ඕන පලකරන්න කලින් ඒවයේ නිරවද්‍යතාව සහතික කරගන්න එක! ගොඩක් රටවල මාධ්‍ය උඩුගං බලා පීනන්න උත්සහ කරද්දි ලාංකීය මාධ්‍ය භාවිතය (අන්තර්ජාලයද ඇතුලුව)යන්නෙම වලපල්ලට. ඇත්ත සහ බොරුව වෙන්කරලා දෙනෙ එක පැත්තක තියලා එයාලා කරන්නේ මිනිස්සු ඉල්ලන දේ දීලා මඩිය තරකරගන්න එක!

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත. ගොසිප් අඩවි ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වන එක ගැටලුවක් තමයි. ඒත් අනිත් මාධ්‍ය යම් යම් සිද්දි වාර්තා නොකර ඉන්නකොට,ඒ වගේම ගොසිප් අඩවි ඒවා වාර්තා කරනකොට මිනිස්සු තොරතුරු දැනගන්න ගොසිප් සයිට් වලට යෑම සාධාරණයි.

      Delete
  11. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. ජෝතිශ්‍යටම වහල් උනත් එච්චරම තමයි. හැබයි මේ ගැන ඔය ගොසිප් වාර්ථාව නම් තිබුනේ ජෝතිෂ කේස් එකක් නෙමෙයි, එයා කියන්නේ පස් බලලලු. ළෝක ජනගහනයෙන් 10% ළෝක විනාසෙ වෙනවයි කියල පිලිගන්නවලු. අපේ රටේ විද්‍යාව ඉගැන්වීම කෙසේ වෙතත් විජ්ජාව නම් උගන්නනවා පොඩි කාළේ ඉඳලම.

    ReplyDelete
    Replies
    1. ගොසිප් වාර්තාවේ ජ්‍යෝතිෂය ගැන නොතිබුනාට අද අපේ සමාජය මේ තැනට ඇදලා දාන්න ජ්‍යෝතිෂය කරපු කාර්යය සුලුපටු නෑ. ඒ නිසා ජ්‍යෝතිෂය සමාජයේ මේන් ස්ට්‍රීම් සංස්කෘයෙන් අයින් කරන්න කාලය හරි බවයි මම ලිපියෙන් අදහස් කළේ.

      Delete
  12. මිනිස්සු නිතරම කැමතියි තමුන්ට ෙත්රුම් ගන්න බැරි ෙද්වල් වලට ෙමානව හරි ෙහ්තුවක් හදාගන්න. උදාහරණයක් විදියට ෙගදරක මිනිස්සු දිගින් දිගටම ලෙඩ වෙනව නම් ලෙෙඩ්ට ෙහ්තුව බූතයෙක් කියල හිතන උදවිය ඔ්න තරම් ඉන්නව. අඩුවැඩි වශයෙන් ලෝකෙ පුරාම මිනිස්සු ෙම් වගෙ තමයි. ෙහාෙටල් ඒකක අයිතිකාරෙයක් ෙම් ලඟදි මට කිව්ව දෙසැම්බර් 21ට කලින් තමුන්ෙග රටට යන්න ගිය සුද්ෙදා සෙට් ඒකක් ගැන.

    ReplyDelete
    Replies
    1. මිත්‍යා විශ්වාස කරන මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. ඇමරිකාවෙත් ඉන්නවා. ලංකාවේ මිනිස්සු රාවණා නැගිටිනකං ඉන්නවා වගේ කිං ආතර් නැගිටිනකං ඉන්න මිනිස්සු බටහිර රටවල ඉන්නවා. ඒත් මුලු සමාජයම මිත්‍යාව මත පදනම් වෙලා විද්‍යාව ඉවත දමා තිබීමයි ලංකාවේ සහ තවත් සමහර රටවල ප්‍රශ්නය.

      Delete
  13. */ ප.ලි - මෙම ලිපිය සැකසීමේදී ගොසිප් 9 අඩවියේ පළවූ
    දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකිය හා පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
    ලිපියේ තොරතුරු ඇසුරු කර ගැනුනි. */

    වෙන වැඩ නැද්ද හලෝ ඔය ගොසිප් බල බල ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ප්‍රවෘත්ති බලන එක මගේ දින චරියාවේ අංගයක් කකා. ඔය කිව්වට ඔයත් එහෙමයිනේ :)

      Delete
    2. ඔහේට නම් ඕවා කරන්න වෙලා නෑ නොවැ... තමන්ගෙ බ්ලොගියෙ තමන්ම ඇනෝ කොමෙන්ට් ගහ ගන්නවා හැර... අනේ මෙහෙමත් නරි නාටක් දැක්කම හිනා යන්නෙ පුක පැත්තෙන්... ලියනවකො මේ වගේ වටිනා යමක් ...අර ඉංජිනේරු පීටෙ නෝටිස් බෝඩ් ලෑල්ල විකුණ විකුණ ඉන්නෙ නැතුව.... තමන්ට ලියන්නත් බෑ...ලියන එකාටත් කින්ඩිය දානවා... පිස්සෙක්....

      Delete
  14. මිනිස්සුන්ගේ මිත්‍යාව අවසන් වෙලා විද්‍යාව පටන් ගන්නේ කොතනින්ද?ජ්‍යෝතිශය බොරු.පිටසක්වල ජීවීන් බොරු.එතකොට හූනියම්, ගුරුකම් බොරු.දෙවිවරුත් බොරු ද?පුනර්භවය? කර්මය? බෝධි පූජා?

    ඔබ කොතරම් දුරකට මිත්‍යාවේ සහ විද්‍යාවේ සීමාව අඳින්නේද යන්න මම නොදනිමි.මමනම් ඉහත සියල්ල මිත්‍යා ලෙස ඉවත දමමි.මිනිසුන් ජ්‍යොතිශයෙන් ගලවා ගන්නේ කෙසේද පෙර භවයක කර්මයක් ගැන විශ්වාසයක් ඔහුගේ ඔළුවේ තිබෙන විට? මිනිසුන් ශාන්තිකර්ම ආදියෙන් ගලවා ගන්නේ කෙසේද බෝධි පූජා සත්‍ය යැයි කියමින්?

    ReplyDelete
    Replies
    1. මිත්‍යාවේ ඉර අඳින එක අමාරු වැඩක් වගේම මම තවමත් ඒ සඳහා මුහුකුරා ඇත්ද යන්න මට ගැටලුවක්. ඒ නිසා මිත්‍යාව බව දන්න දේවල් වලින් මුලින් ඈත්වීම තමයි මගේ අදහස.

      බෝධිපූජා ආදියෙන් කාටවත් අයහපතක් නොවෙන අතර ඉන් සිතට ශාන්තියක් උදාකරගත හැක. බෝධිපූජා ඇත්ත වුණත් බොරු වුණත් එයින් සමාජයට යහපතක් මිස අයහපතක් නොවේ. ඒත් ජ්‍යෝතිෂය මගින් සමාජයට පැහැදිලි අයහපතක් සිදුවේ.

      වැඩිදුර නොහිතුවත් ජ්‍යෝතිෂය නිසා තමන්ගේ විවාහයට බාධා සිදුවූ පුද්ගලයන් කී දෙනෙක් සමාජයේ සිටිත්ද? වෙන් වීමට සිදුවූ ආදරවන්තයන් ගණන කොපමනද? සමාජය නිසි මගට ගැනීම පියවරෙන් පියවර කිරීම පහසුයි වගේම කාලෝචිතයි. ඒ නිසා බෝධිපූජා වැනි දේට කලින් ජ්‍යෝතිෂය ගැන කතිකාවතක් ඇති කිරීම ප්‍රායෝගික බවයි මගේ අදහස.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ලංකාවේ අද සිංහලයා තමන්ගේ ජීවිතේ භාර දීල තියෙන්නේ ජෝතිෂ්‍යයට...පලාපල වල තියෙන විදියට තමයි වැඩ කරන්නේ...එහෙම කරලා නැති ලෙඩ දාගන්නවා...ජෝතිෂ්‍යය සම්පුර්නයෙන් වැරදි කියනවා නොවේ...ග්‍රහලෝක වලින් අපිට බලපෑමක් තියෙනවා...නැත්තේ නෑ..අපි දන්නවා හඳ නිසා වඩදිය බාදිය ඇති වෙනවා කියලා..අනිත් ග්‍රහලෝක වල පිහිටීම පෘථිවියේ පැවත්මට උපකාරි වෙලා තියෙනවා... එහෙම කියලා ජෝතිෂ්‍යය අපේ කාලසටහන කර ගන්න නරකයි.අපේ හිතේ ධෛර්‍ය, අධිෂ්ඨානය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ...එහෙම අය ජෝතිෂ්‍යය පස්සේ එලව එලව ඉන්නේ නෑ...හරියට මං වගේ :)

    ඉතා වටිනා ලිපියක් ලොක්කා...
    ඇල්කෙමියා කිව්වා වගේ පුලුවන්නම් මේක පත්තරේට දාන්න...
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ. අපිට ග්‍රහයින්ගෙන් සුලු බලපෑමක් තිබුනත් අපේ හිත සහ අරමුණු ඊට වඩා ප්‍රබල වෙන්න ඕනෙ නේද?

      Delete
  17. හුටා පණ දාං කෙටුව කමෙන්ට් එක අතුරු දහං උනා! ආයේ කොටන්න බෑ කෙටියෙන් මෙහෙමයි. උඹ මේ බණ කියන්නේ මුළු රටේම බුදු පිළිම වලින් රැස් විහිදෙනවයි කියලා පන්සල් වල පොරකෑව රටක මිනිස්සුන්ට! මොනවා උනත් අපේ මිනිස්සු විද්‍යාවට අකූලව හිතන මතන වැඩ කරන මිනිස්සු. මම කිව්වේ ජෝතිෂ්‍යය විද්‍යාවට නුකූලව! :D

    ReplyDelete
    Replies
    1. අපරාදේ මේ ගැන ලියපු එක කියලා වෙලාවකට හිතුනත් එකෙක් හරි මේක කියවලා මේ ගැන අලුතින් හිතන්න ගත්තොත් ලොකු දෙයක් මට. බොහොම ස්තුතියි මචෝ

      Delete
  18. තවත් බයිලාවක් තමයි. කාලයක් ග්‍රීස් යක්කු, මෝහිනී කියල කෑ ගැහුවනේ. මේකත් එහෙම තමයි මටනම් හිතෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. අනිවා. බොහොම ස්තුතියි සහෝ

      Delete
  19. ජ්‍යෝතිෂය මළ වාතයක් වෙන්නෙ වැඩිපුරම ගෘහ නිර්මාණ ශිල්පයේදීයි. කිසිම විදියකින් හොද ගෙයක් හදාගන්න ජ්‍යෝතිපාලලා ඉඩ දෙන්නෙ නැ. එක ජෝතියෙකුට හරියන දේ තව ජෝතියෙකුට වැරදියි. ඉතින් ගෙවල් හදන්න යන මිනිස්සුන්ට බාගෙට පිස්සු හැදෙනවා.අපල අයින් කරන්න බහිරව පූජා තියනවා. එකකට ලක්ෂයක්වත් අවමවශයෙන් වියදම් වෙනවා.
    මගේ ගණන් බැලීම අනුව ජ්‍යෝතිෂය අතහැරලා නිවැරදි වාස්තු විද්‍යාවට(තාක්ෂණයට)අනුව ගෙයක් හදාගන්න පුළුවන්නම්, වර්ග අඩි 1000ක ගේකින් අවම වශයෙන් රු. ලක්ෂ 2ක් ඉතුරු කරගන්න පුළුවන්.

    (ලංකාව ඉන්දියාවට යාබද රටක් නොවුනානම්, තියෙන අනිත් සියළුම සාධක එසේම තිබියදීත් ලංකාව මීට වඩා දියුණුයි).

    ReplyDelete
    Replies
    1. wela thiyenne jothishya amathaka karala geyak haduwama hassiyakata wikuna ganna amarui.

      Delete
    2. ඇත්ත. මට අමතක වෙච්ච කාරණයක් ගැන මතක් කළාට ස්තුතියි. ඉන්දියන් කාරයොනං ඉතිං යන යන තැන විනාසයි. ඒත් කලාතුරකින් හොඳ ඩයලුත් ඉන්නවා.

      Delete
  20. ෆෙන්ෂුයි අවිද්‍යාවත් නරක අතටම හැරිල මිනිස්සු අන්දනවා. මා ඒ ගැන අවස්තා දෙක තුනකදීම මගේ අඩවියේදි කතා කලා. ලින්ක් දාන්න බෑ දැං. පස්සේ දාන්නං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකයා. මට ලිපිය ලියන්න කලින් මතක් වුණානං ඒ ගැනත් ලියන්න තිබුනා

      Delete
  21. ජෝතිෂ්‍ය කියන්නෙ පදනමක් ඇති විෂයක්... බුදුන් වහන්සේ ඉපදෙනකොටත් ජෝතිෂ්‍ය තිබ්බා නොවැ... උපත ගැන වගේම අනාගතය ගැනත් ජෝතිෂ්‍ය මගින් පුරෝකථනය කරලා තිබුන ආකාරයන් ජාතක කථා වලදි අපට හමුවෙනවා...පදනමක් නැති දෙයක් නම් තවත් අවුරුදු 2600 පමණ ගත වෙලා අද දක්වා ඔය විෂය පවතින්නෙ නෑ...

    ප්‍ර‍ශ්නය වෙලා තියෙන්නෙ මුදලට ගිජු වෙච්ච ජෝතිෂ්‍ය මුදලාලිලා සැට් එකක් මාධ්‍යයට ජඩ මුහුණ පෙන්නන්නට පටන් ගත්තට පස්සෙ සැබෑ ලෙසම එම විෂය ඉගෙනගත් අය යට යෑම... මාකටිං හරියට කරපු උන් විෂය කාබාසිනියා කරන ගමන් සල්ලි මිටි ගණන් හොයනවා...

    ReplyDelete
    Replies
    1. puso mewa kiyawanakota aparade kiyala hithenne nadda post eka?

      Delete
    2. පුද්ගලිකව මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම මේ ලිපිය ලිව්වෙත් එහි සත්‍ය අසත්‍යභාවය ගැන තීරණයකට එන්න නෙවෙයි. මොකද මට ජෝතිෂ්‍ය ගැන ඇති දැනුම ඒ පිළිබඳ විවාදයක් කරන්න තරම් මට්ටමක නෑ කියලයි මම හිතන්නේ. මගේ අරමුණ විද්‍යාවට සමාජයේ ලැබිය යුතු ස්ථානය ජෝතිෂ්‍ය විසින් අත්පත් කර ගැනීම නිසා සමාජය ආපස්සට යන බව හුවා දැක්වීමයි. ඒ වගේම කියන්න ඕනෙ හුදෙක් යමක් ලෝකයේ පැවති කාල සීමාව අනුව ඒ දෙයෙහි සත්‍යාසත්‍යභාවය තීරණය කරන්න බැරි බව. බොහොම ස්තුතියි.

      ඇනෝ - :)

      Delete
  22. ජ්‍යෝතිෂය උනත් ඕනවට වඩා මොකටද ඉතින්.

    ReplyDelete
  23. 21 වෙනිදා ලෝක විනාසේ වෙයි කියල අපේ science facultyයේ කෙල්ලෝ ගොඩක් ගෙදර ගිහින් තිබුන අන්තිම දවසේ ගෙදර අය එක්ක ඉන්න ඕන කියල...! science කරන campus එවුනුත් ඔහොම නම් අනික් උන් ගැන කවර කතාද...

    ReplyDelete
  24. widdayawata wada awidyaawane dan hama thanama raja karanne..
    Minissunge mola gedith wikaara walin pirila...

    Lipiya niyamai..arthaanwithai..

    Jayama wewa !!!

    ReplyDelete
  25. මමත් පිළිගන්නේ ලංකාව 80% ගෝත්‍රික මිනිස්සු ඉන්න රටක් කියල .....

    ReplyDelete
  26. ජීවිතේ ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්න බැරි වුණ තැන මිනිස්සු අවිද්‍යාව පස්සේ පන්නන්න ගන්නවා.ජෝතිශ්‍ය,බලි තොවිල්,ගුරුකම්
    මේ ඇති වෙලා තියෙන තත්වය මම දකින්නේ ඒ විදියට.
    ඕනෙම දෙයක් ඕනේවට වඩා ඕනාම නෑ...ඒක තේරුම් ගන්න තාක් ඕවා ඔහොම්ම වෙයි...!

    ReplyDelete
  27. ඉර දකුණින් පෑයීමේ සිද්දියනම් අමු කෙප්පයක් විය යුතුය//
    හිකි... හිකි...හිකි හිකිස් ලොල්

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???