අඹ යාලුවෝ
Saturday, January 8, 2011
චංචලා - 6 (කොහු කොහු වීම)
අපේ උපාසක ගෙදරට මාට්ටු වුන හැටි කට්ටිය ඉතිං කියවන්න ඇතිනෙ. ගොඩ දෙනෙක් හිතලා තිබුනා කතාව එතනින් ඉවරයි කියලා. ඒත් පූසො කියන්නෙ එහෙම ලේසියෙන් වැඩේ අතාරින කට්ටියක් නෙවෙයිලුනෙ. ඉතින් උපාසක ගෙදරට මාට්ටු වුණාට පස්සෙ එතනින් එහාට සිද්ද වුණ දේවල් තමයි අද අපි ඔයාලට කියන්න යන්නෙ. ඊට කලින් චංචලා සීරීස් එක කියවපු නැති යාලුවො කැමතිනං ගිහින් අපේ පරණ කතා ටික කියවලා එන්නකෝ!
චංචලා - 1
චංචලා - 2
චංචලා - 3
චංචලා - 4
චංචලා - 5
කොහොමහරි ඉතිං ගෙදරින් බර බරේ දැම්මත් උපාසක චංචලාව අතෑරියෙ නෑ. මාට්ටු වුණ දවසෙ බස් එකේ එද්දි එතනින් එහාට ගත යුතු ආරක්ෂක ක්‍රියාමර්ග ගැන උපාසක චංචලාත් එක්ක කතා කරගෙනයි තිබුනෙ. ඒ වගේම ගෙදරින් ලොකු අවුලක් දැම්මෙත් නැති නිසා උපාසක ඊළග සතියෙ ඉදලා සුපුරුදු විදිහට පංති ඇරුනාට පස්සෙ චංචලාව මීට් වුණාලු. හැබැයි ගෙදරින් හොයනවා ඇති, ඒ නැතත් ආයෙ කාට හරි දකින්න ඉඩ තියෙන බව හිතුන නිසා මේ දෙන්න තීරණය කළාලු ගම්පහ ටවුන් එකේ ඇවිදිද්දි එකට කතා කර කර නොයන්න. ඒ වගේම හමුවීම් හැම එකක්ම ගම්පහින් පිටදි කරන්නත් අපේ යාලුවො දෙන්නා කතා වුණාලු.
ආ.. තව දෙයක්! මේ මාට්ටු වීම සිද්දවුණේ පූසො සෙට් එක 13 වසරෙ ඉගෙන ගනිද්දි. හරියටම කියනවානම් 2006 අවුරුද්දෙදි. ඒ මොනවා වුණත් මේ දෙන්නාගෙ ලව් එකවත්, නිතර මීට් වෙන එකවත් කලින් කිව්වා වගේ නැවතුනේනං නෑ. ඉතිං 2007 අවුරුද්ද ඉවර වෙද්දි මාස ගානක් ඇතුලත උපාසක චංචලා එක්ක සෑහෙන්න තැන් වල ඇවිදලා තිබුනා. මෑන්ස් කොහොමත් ඔය ෆොටෝ ගහන වැඩේට කැමති නිසා එක එක ලස්සන තැන් වල ඇවිදින්න පුදුම කැමැත්තක් තිබුනෙ. උපාසකට කවදත් ගහක්, ගලක්, මලක්, සතෙක් පේන්න බෑ කැමරාව අටෝගන්නවා. මේ තියෙන්නෙ ඔය කියපු කාලය ඇතුලත මේ දෙන්නා ඇවිදින්න ගිය තැන් ටික.
කලුතර පන්සල - දෙපාරක්
නුවර දළදා මාළිගාව - දෙපාරක්
හන්තාන - එක පාරක්
පාර්ක්/ඉලක්ක මූණ - වාර ගණන මතක නැත
කැළණි පන්සල - දෙතුන් පාරක්
වෝටර් වර්ල්ඩ් (දියාරු ලෝකය) - දෙපාරක්
දෙහිවල සූ - තුන් හෝ හතර පාරක්
හැබැයි මේ කොහේ ගියත් අපේ උපාසක දැඩි ආරක්ෂක ක්‍රම පාවිච්චි කරපු නිසා ආයෙ සෑහෙන කාලයක් යනකල් මේ දෙන්නාව ගෙදරටනං මාට්ටු වුණේ නෑ. ඒ වුණත් එතනින් එහාට වැඩ සිද්දවුණේ කවුරුත් නොහිතපු විදිහටලු.
2007 අවුරුද්ද අගදි අපේ උපාසක ගියා නොවැ ඔය කොළඹ පැත්තෙ තොරතුරු තාක්ෂණ උපාධි දෙන තැනක පාඨමාලාවක් හදාරන්න. ඉතින් ඒ හින්දා ඒ පැත්තෙ බෝඩිමක නතර වෙන්නත් උපාසකට සිද්ද වුණා. ඒත් එක්කම තමයි අපේ උපාසකගෙයි චංචලාගෙයි ආදරේට එක එක ප්‍රශ්න, බාධා එහෙම එන්න පටන් ගත්තෙ. මුලින්ම සිද්දවුණේ දෙවනි වතාවටත් මේ එෆෙයාර් එක උපාසකගෙ ගෙදරට මාට්ටු වෙච්ච එක. ඒ ප්‍රශ්නෙත් එක්කම මේ දෙන්නාගෙ ආදරේ මැද්දට තුන් වෙනි කෙනෙකුත් කඩන් පාත්වුණේ හරියට අර "රුක් ෆෝලින් මෑන්ස්ට බුල් පෝකින්" කළා වගේ තමයි.
ඉස්සෙල්ලම කියමුකො දෙවනි පාරටත් ගෙදරට මාට්ටු වුනේ කොහොමද කියලා. අපි කලින් කිව්වනෙ උපාසක කොළඹ බෝඩ් වුණ බව. ඊටත් කලින් මෑන්ස්ගෙ උපන් දිනේට එහෙම චංචලා අරන් දීපු බර්ත්ඩේ කාඩ් වගයක් උපාසක ගාව තිබිලා තියෙනවා. ඉතිං බෝඩිමට පදිංචි වෙන්න යද්දි මේවයෙ ආරක්ෂාව ගැන අපේ පූසාට සෑහෙන්න හිතන්න වුණාලු. කොහොමහරි අන්තිමේදි මෑන්ස් තීරණය කළේ එයාගෙ කාමරේ සිවිලිම උඩ මේ කාඩ් ටික හංගන්න. සිවිලිමේ එක එක කෑලි වෙන වෙනම උස්සන්න පුලුවන් වුණ නිසා උපාසකට ඒ වැඩේ කරගන්න එච්චර අමාරුවක් වුණෙත් නෑ.
එහෙම හැංගුවත් බෝඩිමේ ඉදලා නිවාඩුවට ගෙදර ආපු දවසක උපාසකට ඇහිලා තියෙනවා සිවිලිම උඩ මොක්කුද සත්තු වගයක් බෝ වෙලා කියලා කතාවක්. ඔයාලත් දන්නවා ඇතිනෙ අර වහලවල් වලට එන (කෙලෙහිගුණ නොදන්න) කලවැද්දො කියන ජාතිය. අන්න උන් තමයි උපාසකලගෙ ගෙදරටත් ඇවිත් තියෙන්න. ඉතින් ගෙදර කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකල් ඉදලා මෑන්ස් ටක් ගාලා බැලුවලු හංගපු ඒවා එතනම තියෙනවද කියලා. වාසනාවට ඒවාට කිසිම අවුලක් වෙලා තිබිලා නෑ. ඒත් මේ වගේ වටිනා වස්තු ටිකක් තවත් එතන තියන්න නුසුදුසුයි කියලා තීරණය කරපු උපාසක කළේ, ඒ ටික අරගෙන කාමරේ තිබුන කබඩ් එකක හංගපු එක. ඉතිං එහෙම හංගලා තියලා උපාසක ආයෙ කොළඹ බෝඩිමට ගියාලු.
මේ වෙද්දි උපාසකගෙ ගෙදරටත් ටික ටික ආරංචි වෙලා තියෙනවා මේ ලව් කේස් එක ගැන. ඉතින් උපාසකගෙ ගෙදරින් මේ ගැන දිගටම හොයලා ගොඩක් දේවල් දැනගෙන. මේ දැනගත්තු තොරතුරු නිසා අම්ම්යි තාත්තයි සෑහෙන්න විරුද්ධ වෙලා තියෙනවා මේ සම්බන්දෙට. ඒකට ප්‍රධානම හේතුව විදිහට එයාලා සලකලා තියෙන්නෙ අපේ සමාජෙට කිඳා බැහැලා තියෙන හනමිටි අයිඩියා එකක් . මොනවා කරන්නද? පූසො ඕවා ගණන් නොගත්තත් අම්මලා තාත්තලා ඉතිං ඔය වගේ ඒවත් බලනවාලුනෙ. ඉතිං මේ හේතුව නිසා උපාසකගෙ ගෙදරින් මේ සම්බන්දෙට පොඩ්ඩක්වත් කැමති වෙලා නෑ.
මේවගෙ ආරංචි ලැබුණත් තාමත් උපාසකගෙ එෆෙයාර් එක තියෙනවාද නැද්ද කියලා දෙමව්පියො හරියටම දැනගෙන ඉදලා නෑ. ඉතිං දවසක් මෑන්ස්ගෙ තාත්තා උපාසකගෙ කාමරේ චෙක් කරලා. කබඩ් එක ඇතුලෙ තිබුණු කාඩ්, ෆොටෝස් ඔක්කොම ගෙදරට මාට්ටු වෙලා තියෙන්නෙ එතකොටයි. මේවා දැකපු තාත්තාට හොදටම තරහා වගේම අප්සට් ගිහින්. අන්තිමට වෙලා තියෙන්නෙ ඒ අප්සට් එක නිසාම උපාසකගෙ තාත්තා බරපතල විදිහට අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරපු එක.
මේ වෙනකොට උපාසක කොළඹට වෙලා ඉදලා තියෙන්නෙත් ගොඩක් ප්‍රශ්න මැද්දෙලු. මොකද කලින් කිව්වා වගේ තුන්වෙනියෙක් නිසා උපාසක සහ චංචලා අතර ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තිබුනෙ. ඒ ප්‍රශ්නත් හිතේ තියාගෙන වීකෙන්ඩ් එකේ ගෙදර ආවාම තමයි මෑන්ස් දැනගෙන තියෙන්නෙ තාත්තාව හොස්පිට්ල් ඇඩ්මිට් කරපු බව.
ඉතිං ඊට පස්සෙ මොකද වුණේ? ගෙදරින් කැමති වුනාද? උපාසකගෙයි චංචලාගෙයි සම්බන්දෙට ප්‍රශ්නයක් වුණ කෙනා කවුද? උපාසක ඒ ප්‍රශ්න විසදගත්තෙ කොහොමද? කියන දේවල් අපි ඔයාලාට ඊළග ලිපියෙන් කියන්නං. අදට කතාව මැදින් නවත්තනවාට සමාවෙන්න යාලුවනේ. ඒත් දිග වැඩි කම නිසා එක ලිපියක් විදිහට පබ්ලිෂ් කරන්න අමාරුයි. ඉක්මනින්ම ඊළග ටිකත් දාන්නම්.
ප.ලි :- අර උපාසකයි චංචලායි ඇවිදපු තැන් ගැන අපි ඔයාලාට කිව්වනෙ. මේ ටික උපාසකට මතක හැටියටලු කිව්වෙ. ඒ හින්දා වාර ගණන් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවනිලු හොදේ...
Subscribe to:
Post Comments (Atom)
අයියෝ නැවැත්තුවා කියලා නම් පුස් අයියේ දාන්න එපා.... පව්.... හැබයි මේ අප්පා කොහොමද මේ අච්චර තැන්වල හව්වෙන් නැතුව රවුම් ගහලා තියෙන්නේ..:c නවත්තන්න එපෝ.... :s
ReplyDeleteමම මෙ සිරියස් එක මුල ඉදන්ම කියෙවුව පූස් මල්ලි.මමත් බලන් හිටියෙ මට වෙච්ච ෙද මෙකේ නැත්තෙ මොකො කියල..
ReplyDeleteඔය වුනෙ..අපූරුවට..මමත් ඔය හන්ස ගමෙන් කාලා තියෙනව...
අඩේ මේක නිකන් නාට්ටියක් වගේනේ. මේක සත්‍ය කතාව එඩිට් කොරලා හදපු එකක් නෙමෙයි නේද? :j
ReplyDeleteපුංචි අවවාදයක් පූසන්ට.
ReplyDeleteකතාවක් කියනකොට ඒ කතාවට අදාළ සියළුම තොරතුරු පාඨකයාට වැදගතුත් නැහැ, එසේ කීම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් විශේෂයෙන්ම මේ කතාව සාපේක්ෂව මෑතක සිද්ද වෙච්චි දෙයක් නිසා. මේ කතා වල පාර්ශ්වයනුත් මේ සංවේදී කතා කියවනවා වෙන්න පුළුවන්. පොදු පාඨකයාට වගේ ඔවුන්ට ඒවා සුන්දර නොවෙන්නත් පුළුවන්. එනිසා පොඩ්ඩක් ලියන කොට පරිස්සම් වෙන්න. මා නම් අවුරුදු දහයක් විතර පරණ කතා වුණත් පොඩ්ඩක් වෙනස් කරලයි ලියන්නෙ කාටවත් අපහසුවක් නොවෙන්න. උදාහරණයක් හැටියට ගම්පහ වෙච්චි දෙයක් කියල හිතමු. ගම්පහ වෙච්චි විදියටම කතාව ලියල එතෙන්ට වෙන නගරයක් ආදේශ කරනවා. එතකොට ට්‍රැක් කරන්නත් බැහැ. පාඨකයාටත් ගැටළුවක් නැහැ, මොකද විශේෂ හේතුවක් නැතිනම් ඒක සිදුවුණ තැන හා සම්බන්ධ.
- Taboo
අර කීව කොළඹ පැත්තෙ තොරතුරු තාක්ෂන අායත්නේ ගෑණු දරුවෙක් හන්දත් නොසෑහෙන්න කට්ටක් කෑව ෙනව..
ReplyDeleteමමත් හිතුවේ චංචලා නැවැත්තුවා කියලා...එල ඉවර නෑ නේ,,,බලමු චංචලා වැඩේ මොකද කියලා,,,අනේ අප්ප මේ කාස්ට් ප්‍රස්න කවදා අපේ රටෙන් ඉවර වෙයි ද?
ReplyDelete@ Taboo
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ උපදෙස් වලට. ඇත්තටම ඔබතුමා කියන දේ හරි. මම මේ කතාවෙ තිබුන ඉතාම සංවේදී තැනක්, ඔබේ ඇඩ්වයිස් එකෙන් පස්සෙ පොඩ්ඩක් එඩිට් කළා. කතාව පලකරලා ඉවර නිසා තවත් වෙනස් කරන එක හරි මදි වගේ නේද?
මීට පස්සෙ අපි ටැබූ කිව්ව දේ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්නම්. අඩුපාඩු දැක්කොත් දිගටම පෙන්නලා දෙන්න. පූසො හරි කැමතියි අඩුපාඩු හදාගන්න. නැවත වරක් ස්තුතියි :b:b:b
උපාසකට ගහපුවම ඇයි චංචලා අඬන්නේ.... හික්ස්...
ReplyDeleteඑල,එල ඔහොම යමුකො බලන්න.වෙලාව නැතත් චංචලා බලනවා.මොකද අපෙත් ඔය ගම්පහ පැත්තෙ මතක සටහන් තියනව නොවැ.
ReplyDeleteඅපිත් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා . හැපී එන්ඩිං එකක් වේවි කියලා මම හිතනවා . මොකද උනේ කියලා හින්ට් එකක් දෙන්න බැරිද ?
ReplyDeleteජය වේවා !!
මං මේ බැලුවේ අර ප/ලි කෑල්ල ගැන. එහා මිස මෙහා වෙන්න නම් බෑ. :c
ReplyDeleteහෆොයි තව පොඩ්ඩෙන් මිස් වෙනවා , අද මුහුනු පොතේ ශෙයාර් කොලේ නැද්ද පූසෝ :j
ReplyDeleteමොනවා උනත් ඉතින් ඔය වගේ දේවල් පොඩ්ඩක් පරිස්සම් කරන එක තමයි අමාරු
දැන්නං හින්දි ෆිල්ම් එකක ගානටම කතාව ඇවිත් තියෙන්නෙ.. ගෙදරිනුත් අප්සෙට්, දුෂ්ටයෙකුත් ආවා.. බලමු ඉස්සරහට මොකොද වෙන්නෙ කියලා.. :)
ReplyDeleteයකෝ උපාසක ගෙදරට අහුවෙන්නෙ නැතිව ඔච්චර රවුං ගැහුවෙ කොහොමද? :b
ReplyDeleteමේ සීරීස් එකෙන් නං මෙගා ටෙලිනාට්‍ය තුනක් විතර ගහන්න පුලුවං වෙයිලු. :i
මචංලා අපි මෙගා ටෙලියක් කරමුද? :b
ReplyDeleteඉතින් ඊට පස්සේ මොකද උනේ... :n :n :n පව් අසරණ උපාසක
ReplyDelete@නිම්ශා- ඒක තමයි නංගි උපාසකගෙ ආරක්ෂිත කිරියාමාර්ග වල හැටි. ආයෙ නෑ අන්තිමේදි උපාසකටවත් හොයාගන්න බෑ..
ReplyDeleteඅපි බලමුකො මොකද වෙන්නෙ කියල..
@Anonymous- එහෙනම් යාලුත් ගම්පහ පැත්තෙම කෙනෙක් වගේ??
@පූසා- නෑ සහෝ, සුලු සිද්දීන් කිහිපයක් වෙනස් කරොල ඇති, තව ටැබූ කිව්ව වගේ සමහර දේවල් නොදා හිටිය. ඒ ඇරෙන්න කතාව ඒ විදිහටම තියෙනව.
@ItalyDilan- අනේ මන්ද සහෝ, සමහර මිනිස්සුන්ගෙ අදහස්නම් මකලවත් හදන්න බෑ..
@අභීත- අනේ මන්දා. අහලම බලන්න වෙනව යාලු.. :f :f
ReplyDelete@dinesh- එල එල! බැලින්නම් සෑහෙන දෙනෙකුට ගම්පහ පැත්තෙ අත්දැකීම් තියෙනවනෙ. :b
@හිස් අහස- අපි බලමුකෝ.. :a
@priyantha.ඒබී- අනිවා සහෝ!!! :b :b
13 වසර....
ReplyDeleteමම හිතන් හිටියේ ගැහැණු ළමයි පිරිමි ළමයින්ට දෙන තෑගි,කාඩ්,ලියුම් එහෙම පිරිමි ළමයින්ට එච්චර වටින්නෙ නැහැ කියල. හේතුව තමයි ...
දවසක් බස් එකේ පිටි පස්සේ දිග සීට් එකේ පෙම් මුල්ලේ ස්කෝල වයසෙ පෙම් ජෝජුවක් හරි ආදරෙන් ආවා. මම හිටියෙ එයාලට මෙහායින්. ඉතින් ගැහැණු ළමයා බහින්න ලං වෙලා තමන්ගේ බැග් එකෙන් අරන් හොදට ඔතපු ලස්සන තෑග්ගක් දුන්නා. දීලා බැහැල ගියා.. එයා බැහැල ගියා විතරයි. පිරිමි ළමයා පාර්සලය ලිහල බැලුව. රෝස පාට මල් මල් කොලේක ලියල තිබ්බ ලියුමක් තිබ්බ. කොල්ල ඒක වචනෙන් දෙකෙන් වගේ කියවල ඉවර කරා. පාකර් පෑනක් තමයි තිබ්බේ ඒක අරන් සාක්කුවෙ දාගත්තා. ,පේපරැපින් එකයි, රිබන් කෑල්ලයි එක්කම ලියුමත් පොඩි කරලා ජනේලෙන් එළියට විසි කළා.
හොඳට හරි බරි ගැහිල ඇස් දෙක පියා ගත්ත. . .
ඒ තෑගි කාඩ් ලියුම් හරමදේම වටින අයත් ඉන්නවා කියල දැන් නම් තේරෙනවා. ..
සමහර ගැහැණු ළමයි පුංචි චොකලට් කොළ කැල්ලත් පරිස්සමට අරන් තියන් ඉන්නවා. සමහරු ඒවා ගම්පෙරලියේ නන්දා වගේ අමතක වෙලා විසි කරන්නේ අල්මාරියේ කොණකට...
මගෙත් පුංචි පුංචි මතක එකතුවක් ...කෙනෙක්ට පුංචි කොළ කෑල්ලක් තවත් කෙනෙක්ට .....
හරි බොළඳයි නේද ? ඒත් සුන්දරයි ...
@@DarKneT | ඉෂාර- මේ පාර මූණු පොතේ ශෙයාර් කරන්න බැරි වුනා සහෝ. තුන් දෙනාමටම එක්සෑම් සෙට් වෙලා, ඒකයි පෝස්ට් දාන්නත් කල් යන්නෙ..
ReplyDelete@Buratheno- මැද ගොඩක් සිද්දි අයින් කරලයි ඔය. ඔක්කොම ධන්න ගියොත් මේකට වෙනම බ්ලොග් එකක් කොරන්ට වෙයි පූසන්ට.. :b
@Praසන්ன- අනිවා ඩෙෆා!! පූසො එහෙම තමා, අන්තිමට පූසන්ටවත් හොයාගන්න බෑ ගිය තැන්!! :f
@මකුළුවා- පොතක් හරි ටෙලියක් හරිනම් කරන්ඩ ඕනෙ තමා :b :b
@වත්,
ReplyDeleteහැම පිරිමියාම එහෙම නැහැ.. මටනං මගෙ ගෑණුළමයා දෙන පුංචිම පුංචි තෑග්ග වුනත් මහමෙරක් වටිනවා.. මූල්‍යමය වටිනාකම නෙවෙයි, නමුත් ඒ තෑග්ගෙන් කියවෙනවා එයා මං ගැන කොච්චර හිතනවද කියලා..
පලි: මමත් ඔය එක එක භාවාතීශ ලටපට එකතු කරනවා.. වෙලාවක් ලැබුනම ඒවා ආයෙමත් ඇදල බලල පරණ මතකයන් අලුත් කරගන්න පුළුවන්.. :)
@හසී- ඉක්මණන්ම ඒ ගැන කියන්නම් නගා. කට්ටිය ටිකක් හිරවෙලා ඉන්නෙ, ප්‍රමාදය ගැන සමාවෙන්ඩ ඕනෙ..
ReplyDelete@සොඳුරු සිත- ආදරය පැහැදිලිවම බොලදයි! එහෙම නොවෙයිනම් ඒකෙන් වැඩකුත් නැති වෙයි. :i
අර ඔයා දැක්ක කිව්ව ළමය කරපු වැඩේනම් කැතයි තමා. අඩුම තරමෙ ලියුමවත් තියාගන්න තිබුනා..
@Buratheno- :b :b
හෆ්ෆෝයි... දැන් මොකෝ කරන්නේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකෝ :D
ReplyDeleteඅම්මෝ චංචලා 1-6 ඔක්කොම එක හුස්මට වෑඩ පාඩුකරගෙන කියෙවුවෙමි.. එච්චරම රස නිසා... ජය ජය...
ReplyDeleteචන්චලා 7 එනතුරු බලාගෙන මේ ඉන්නේ... දාන්ඩෝ ඉක්මනට :)
තාම ඒක තියෙනව ද??? (චන්චලා එක්ක සම්බන්දෙ?)
ReplyDeleteපුලුවන් පුලුවන් විදිහට ලියන්න....
මචං මුලින්ම දාන්න ඕනෙ ඈයි බං පලි කෑල්ලක දාන්නේ? ඔහොම තමා යාළු ලව් කේස්... කොහෙන් පටන් අරං කොහෙං නවතියිද කියන්න දන්නේ දෙයියෝ තමා පූසෝ.
ReplyDeleteහ්ම්......
ReplyDeleteඅයියලගේ විභාගටික හොඳටම කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!!!
කතාව නම් ඉතින් ඊට පස් සේ.........
මචං ඔය දකුණු අත පැත්තේ පහලින් තියන චැට් එක් නිසා සයිට් එක ස්ලෝ වෙනවා. ඔය මගුල අයින් කරලා දාපන් බං.
ReplyDeleteඤාව්
අතීත මතක සැමරුම්. පුංචි පිරිත් නූල් කෑල්ලෙ ඉඳන් හැමදේම එකතු කරපු කාලයක් තිබුනා.
ReplyDelete@ කොඩී
ReplyDelete@ ජීවිතේමල් - ඉක්මනට දාන්නං මචංස්ලා. බොහොම ස්තුතියි අදහස් වලට :g:g:g
@ sameera wijayawardane - බොහොම ස්තුතියි අයියේ! ඊළග කතාවෙන් ඒක කියන්නංකෝ :b:b:b
@ prasanna86k - හික් හික්!! ඒකනං සහතික ඇත්ත මචෝ :e:e:e
@ හා පැටික්කි - බොහොම ස්තුතියි හාවි. ඔයාටත් අධ්‍යාපනික බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා :t:t:t
ReplyDelete@ boralu - ඔන්න මචෝ අයින් කළා. මම දැක්කා ටැබූත් මේ ගැන කියලා තියෙනවා :b:b:b
@ පිණිබිඳු - සිරාවට? ඒ ගැන ලියන්න සහෝදරී. අපි කියවන්න බලාගෙන ඉන්නවා :b:b:b
හනේ හපොයි..
ReplyDeleteඉලක්ක මූන කිව්වෙ... අර වලියෙදිත් දැක්ක මේ සීන් එක...
ReplyDeleteමේක මේ කතාවේ ස]න්වේදී තැනක් නේද මචො... අපි හැමොඉම හුඟක් අසරණ වෙන... බලමුකො පුරු පුරු ගෙ ඊලඟ පියවර..
ඔය හනමිටි අදහස් නම් අපොයි.. මතක් කොරන්න එපා
@පිස්සා පලාමල්ල - ඉලක්ක=ගෝල්, මූණ=ෆේස් :c
ReplyDeleteඔව් මචෝ මේ කතාවෙ තව සංවේදී තැන් කීපයක්ම තියෙනව, ඒත් දාන්න බැහැ ඒවයින් අදාල කට්ටියව අදුරගන්න ඉඩ තියෙන නිසා.
පුංචි නිවැරදි කිරීමක් - මේක උපාසකගෙ ආදර කතාව.. :c
සමාවෙන්ට ඕනි. ඔය රෑ වෙද්හ්දි ඔව්ව එහෙ මෙහෙ වෙනව නොවැ...
ReplyDeleteයකෝ උබත් හරි පොර. අර ධවල පත්‍ර... ගන වගේ මේකත් පට්ටනේ. නැද්ද ඔය වගේ වචන සැට් එකක් වෙන හික් හික්
දෙමාපියෝ දරුවන්ගේ පෙම් පලහිලව් දිහා මීට වඩා මානුසිකව හිතන්න ඕන.
ReplyDeleteගොඩක් අය තමන්ගේ යෞවන කාලේ අමතක කරලා දරුවන්ගේ යෞවන කාලේ හිරකාරයෝ කරන්න උත්සාහ කරනවා.
ඒක හරිම නරක වැඩක්.
හික් හික් කතාව කියෙව්වා ඒ දවස්වලම...ඒත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනා...හරි නෑ වගේනේ.... :e
ReplyDeleteඅර වත් අක්කා කීවදේට මාත් එකඟයි...මමත් ඇය සමඟ ගමන් ගිය බස් ටිකට් පවා එකතු කලා....පිස්සුවක් තමයි...ඒත් සුන්දරයි කියලා හිතෙනවා ඒවා මතක්වෙනකොට...සැන්ටිමැන්ටොල් අයිටම්ස්නේ.... :a :q :p :b