අඹ යාලුවෝ

Wednesday, December 22, 2010

චංචලා - 2


ඉතිං යාලුවනේ අද දවල් දාපු චංචලා 1 කොටසට ලැබුනු ප්‍රතිචාර දැකපු අපි තීරණය කළා චංචලා 2 කොටසත් අදම දාන්න ඕනෙයි කියලා. ඉතිං 1 කොටස කියවපු යාලුවො දැනටමත් දන්නවා ඇතිනෙ අපේ උපාසක චංචලාගෙන් යාලුවෙන්න අහන්න පාවිච්චි කොරපු උප්පරවැට්ටිය ගැන. දැන් මේ වෙද්දි මෑන්ස් උපාය ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. ඒත් මේ වැඩේ ප්‍රතිඵලේ මොකක් වෙයිද කියලා මෑන්ස්ට ලොකු ෂුවර් එකක් තිබුනෙනං නෑ.

දැන් ඉතිං ඉරිදා දවසත් උදා වෙලා. උපාසක දැන් සෑහෙන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ සදුදා දවස උදා වෙනකං. වෙනදා ඉක්මනට කැරකෙන ඔරලෝසුවෙ කටුව එදා හිමින් කැරකෙනවා වගේ තමයි අපේ පූසාට තේරුනේ.කොහොමහරි ඉතිං හවස් වෙද්දි මෑන්ස් අලුතින් ගත්ත ෆෝන් එකෙන් චංචලාට කෝල් එකක් එහෙමත් දුන්නලු ඊළග දවසෙ අනිවාර්යයෙන්ම අර ගෑනු ළමයව බලන්න එන්නයි කියලා. සදුදා දවසෙත් ඉස්කෝලෙ ගිය උපාසක එදා දවසෙ වැඩිපුරම කර කර හිටියෙ මෑන්ස්ගෙ ඔරලෝසුව දිහා බල බලා හිටපු එකලු.

උපාසකලගෙ ඉස්කෝලෙ ඉදලා ගම්පහ පැත්තට ට්‍රේන් එකේ යන ළමයි සාමාන්‍යයෙන් කරන්නෙ මරදානෙ ගාමිණී හෝල් එක ළගට 120 බස් එකක ගිහිල්ලා, පිටිපස්සෙ ගේට්ටුවකින් ස්ටේෂන් එකට ඇතුල් වෙන එක. එහෙම එන්නෙ 2.20 ට මරදානෙන් ගම්පහ පැත්තට යන කෝච්චිය අල්ලගන්න. ඔය ගම්පහ, වේයන්ගොඩ පැත්තට යන ගොඩක් ඉස්කෝලෙ ළමයි ගියෙ මේ කෝච්චියෙ තමයි. ඉතිං කලින් කිව්ව විදිහට අපේ උපාසක මරදාන ස්ටේෂන් එකට එදා ආවෙ වෙනදාටත් වඩා ගොඩක් කලින්.

මෑන්ස් විනාඩි ගානක් 3 වෙනි වේදිකාව පුරාම රේඩාර් එකෙන් බැලුවම අන්තිමට පුලුවන් වුණාලු චංචලාව හොයාගන්න. හැබැයි පොඩි කොස්සකට තිබුනෙ චංචලා ස්ටේෂන් එකේ හිටියෙ තව කෙල්ලො සෙට් එකක් එක්ක වෙච්ච එක. ඉතිං කෙල්ලො විස්සක් විතර ඉන්න තැනට ගිහිල්ලා චාටර් වෙන්න බැරි හින්දා අපේ උපාසක තීරණය කළාලු ගම්පහදි කෝච්චියෙන් බැස්සාට පස්සෙ චංචලා එක්ක කතා කරන්න. මෙහෙම හිතාගෙන අපේ පූසා කළේ චංචලා එක්ක පොඩි පැණි හිනාවක් එහෙම දාලා කෝච්චියෙ වෙන පෙට්ටියකට නැග්ග එක.

කොහොමහරි ගම්පහදි කට්ටිය ට්‍රේන් එකෙන් බහිද්දි, මරදානෙදි චංචලාව පිරිවරාගෙන හිටපු මාර දූතිකාවො ටික පේන්න හිටියෙ නෑ. චංචලා හිටියෙ තනියම. ඉතිං අපේ උපාසකට මේක දැකලා සතුට ඉතිරෙන්න ගත්තලු. මෑන්ස් කළේ වහාම චංචලා ළගට ගිය එක. උපාසකව දැක්ක ගමන්ම චංචලා ඇහුවේ අර ගර්ල් කොහෙද කියලා. ඒ වුණාට තමන්ගෙ හිතේ තියෙන දේ ගම්පහ බස්ටෑන්ඩ් එක මැද්දෙදි චංචලාට කියන්න උපාසක කැමති වුණේ නෑ. මෑන්ස් කළේ චංචලාවත් කතා කර‍ගෙන ගිහිං ගම්පහ - පූස්ගම බස් එකක පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙච්ච එක.

චංචලා :- කෝ අර ඔයා කියපු ගර්ල්? අද ඉස්කෝලෙ ඇවිත් නැද්ද??

උපාසක :- මොකද නැත්තෙ? එයා අද ආවා. මම එයාගෙන් අහන්න තමයි අද බලාගෙන ඉන්නෙ.

චංචලා :- මොනවා? කෝ දැන් එයා?

උපාසක :- මේ...මේ... චංචලා,.....මම...එදා කිව්වෙ වෙන කවුරුත් ගැන නෙවෙයි........ඔයා ගැන....ඔයා තමයි ඒ ගර්ල්

මේ කතාව අහපු හැටියෙ ඇස් දෙක ලොකු කරගෙන උපාසක දිහා බලපු චංචලා, ඊට පස්සෙ කළේ උපාසක දිහා බලන්නෙ නැතුව බස් එකේ වීදුරුවෙන් එළියෙ අහක බලාගෙන හිටපු එක. දැන් මොනවා කරන්නද? යාලුවෙන්න ඇහුවට උත්තරයක් ලැබුනෙත් නෑ. ඒ මදිවට වෙන අහන්න දෙයක් උපාසකගෙ ඔලුවට එන්නෙත් නෑ. ඉතිං උපාසකත් කළේ කරගන්න දෙයක් නැතුව ඔහේ බලාගත්තු අතේ බලාගෙන හිටපු එක.

දැන් මේ වෙද්දි බස් එකත් යන්න පටන් අරගෙන. ඉතිං බලාගෙන ඉදලා බැරිම තැන අපේ උපාසක තමන්ගෙ කටහඩ ආයෙත් අවදි කළාලු.

උපාසක :- චංචලා, මම අහපු දේට ඔයාගෙ උත්තරේ මොකද්ද?

චංචලා :- ...............................................................................

උපාසක :- මට කැමතිද අකමැතිද කියලා විතරක් කියන්න. ඔයා මොනවා කිව්වත් මම ඔයත් එක්ක තරහා වෙන්නෙ නෑ

චංචලා :- ...............................................................................

මේ විදිහට තමන් දන්න හැම ශිල්පෙම දාලා ඇහුවත් චංචලාගෙ කටින් නෙවෙයි වචනයක්වත් පිටවුණේ. අපි කලින් ලිපියෙදිත් කිව්වා වගේ, අපේ උපාසක කියන්නෙ ඉතිං කොහොමත් කෙල්ලන්ගෙ ගනං බලන්න අකමැති පූසෙක් නොවැ! ඉතිං මේ වෙද්දි මෑන්ස්ටත් අසුහාරදාහට ෆ්ලවර් ජම්ප් වෙලා. තවත් සෙකන්ඩ් වෙන්න බෑ කියලා තීරණය කරපු උපාසක චංචලාට මෙහෙම කිව්වලු.

උපාසක :- හරි, මම මෙතන ඉන්න එක ඔයාට කරදරයක්නෙ. මම එහෙනං නැගිටලා යන්නං. මම ඊළග හෝල්ට් එකෙන් බහිනවා.

චංචලා :- පොඩ්ඩක් ඉන්න උපාසක, මට ඔයා මෙතන ඉන්න එක කරදරයක් නෙවෙයි.

මෙහෙම කියපු චංචලා ආපහු බිම බලාගත්තලු. පොඩි හිනාවක් ගියත් ඒක පිටට පෙන්නන්නෙ නැතුව, අපේ උපාසක ඊළගට කිව්වෙ මෙන්න මෙහෙම

උපාසක :- හරි, එහෙනං මට දැන් වචනයක් දෙන්න පුලුවන්ද?

චංචලා :- මට ඒ ගැන තව හිතන්න ඕනෙ. මම ඔයාට ලබන සතියෙ උත්තරයක් දෙන්නං

යකෝ තව සතියක් තිස්සෙ තැම්බි තැම්බි ඉන්න පුලුවන්ද? අපේ උපාසක මේ වැඩේටනං කොහොමවත් කැමති වුණේ නෑ.

උපාසක :- ඔයා අකමැතිනං මට ඒක කෙලින්ම කියන්න. මම වෙන අය වගේ ඔයාට කරදර කර කර පස්සෙන් එන්නෙ නෑ.

චංචලා :- එහෙම දෙයක් නෙවෙයි, මට තව දුරටත් මේ ගැන හිතන්න ඕනෙ. මම එහෙනං හෙට ඔයාට මගෙ තීරණේ කියන්නං.

චංචලා මෙහෙම කිව්වම ඉතිං උපාසකටත් ඒකට එකග වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනෙ නෑ. මොනවා වුණත් කෙල්ල අකමැති නෑනෙ කියලා හිත හදාගත්තු උපාසක එදා ගෙදර ගියෙ දහසකුත් බලාපොරොත්තු හිතේ හිර කරගෙන. ඊළග දවසෙ උදේ ස්කූල් වෑන් එකට නැග්ග උපාසක, මාලුකට්ටාටත් කලින් දවසෙ වෙච්ච සිද්දිය ගැන ෆුල් රිපෝට් එකක් දුන්නලු. මාලුකට්ටාගෙ අදහස වුණෙත් චංචලා උපාසකට කැමති වෙයි කියලා.

ඉතිං එදා හවසත් කලින් දවසෙ වගේම උපාසක ගෙදර ගියෙ කෝච්චියෙ. චංචලායි උපාසකයි එකිනෙකාව දැක්කත්, චංචලාගෙ පරිවාර සේනාව හින්දා එයා එක්ක කතාකරන්න විදිහක් උපාසකට තිබුනෙ නෑ. ඒ හින්දා කලින් දවසෙ වගේම දෙන්නා කතා කරන්න සෙට් වුණේ පූස්ගම - ගම්පහ බස් එක ඇතුලෙදි. ඉතිං චංචලා එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු උපාසක, කලින් දවසෙ අහපු ප්‍රශ්නෙ එදත් චංචලාගෙන් ඇහුවලු.

උපාසක :- ඉතිං චංචලා, ඔයා මොකද කියන්නෙ මම ඊයෙ අහපු දේට?

චංචලා :- .........................................................................................

උපාසක :- ඔය ඉතිං!!! ඔයා අදත් මාත් එක්ක කතා කරන්නෙ නෑනෙ

චංචලා :- උපාසක ඔයා මගෙ හොදම යාලුවෙක්. මම බෑ කිව්වොත් ඔයා මාත් එක්ක තරහා වෙනවද?

උපාසක :- නෑ නෑ!! තරහා වෙන්න ඕනෙනං මම ඔයාගෙන් යාලුවෙන්න අහන්නෙ නෑනෙ. ඉට්ස් ඕකේ. ඔයා අකමැතිනං මට ඒක කියන්න. මම ඔයත් එක්ක තරහා වෙන්නෙ නෑ.

මෙහෙම පොරටෝක්ස් දුන්නට මොකද, අපේ පූසා අනිත් පැත්තට හරවලා පපුව උඩට බිත්තරයක් කඩලා දැම්මනං ගේමක් නැතුව හොද ඔම්ලට් එකක් හදාගන්න තිබුනා. දැන් චංචලා ආපහු කතා කරන්නෙ නැතුව ඉන්නවා. හරියට නිකං රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම් එකක ජයග්‍රාහකයා එනවුන්ස් කරනවා වගේ. ටික වෙලාවක් මෙහෙම හිටපු චංචලා අන්තිමේදි තමන්ගෙ තීරණේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාලු.

චංචලා :- .........................(අහක බලාගෙන) මම ඔයාට.........කැමතියි

මේක ඇහුවාමනං අපේ උපාසක‍ට ඇතිවුණේ වචනෙන් විස්තර කරන්න බැරි මට්ටමේ සතුටක්. ඒ වුණාට ඉතිං මේ කියපු දේ කොන්ෆර්ම් කරගන්න එපායැ! නැත්තං බැරිවෙලාවත් කනේ වංගු හින්දා වැරදි උත්තරයක් ඇහුනාද දන්නෙ නෑ නොවැ!

උපාසක :- ඔයා මොකද්ද කිව්වෙ? මට හරියට ඇහුනෙ නෑ

චංචලා :- මම කැමතියි

උපාසක :- කාටද?

චංචලා :- වෙන කාටද? ඔයාට තමයි. මම ඔයාට කැමතියි.

මේක ඇහුවට පස්සෙනං උපාසක පැයක් දෙකක් යනකං ජීවත් වුණේ වෙනම ලෝකෙක. මෑන්ස්ගෙ හිතට මාරම ෆිට් එකක් තමයි ආවෙ. වචනෙන් කියන්න බැරි සතුටක් අපේ පූසගෙ හිත ඇතුලෙ ඇතිවෙලා. ඉතිං සතුට වැඩිකමට අපේ පුරුපුරුටයි, ඤාව්වාටයි, මාලුකට්ටාටයි පූස්ගම හන්දියෙ කඩේකින් එදා හවස උපාසක ගානෙ කොත්තු කන්නත් හම්බවුණාලු. හැබැයි එදා හවස වැස්ස වැස්සට පූසො ටික අහුවෙලා උපාසකට හෙම්බිරිස්සාව හැදුන එක තමයි අප්සට් සීන් එකකට වුණේ. ඒකෙන් මේකෙන් වුණේ මෑන්ස්ට තව සතියක් විතර යනකං චංචලාව මීට් වෙන්න බැරිවෙච්ච එක.

58 comments:

  1. හහ් හහ් හා
    මෙච්චර දවස් මේක කියෙව්ව විතරයි නේ , ඔන්න අද කොමෙන්ට් එකකුත් දානවා :e

    ඇති යන්තං අසරනයා :m

    මෙගා කරන්නේ නැතුව ඉක්මනටම අනිත් ටිකත් දාන්න පුල්වුඅන් නම් ගොඩක් හොදයි :b

    ReplyDelete
  2. අම්මියෝ............ මගෙ හදුන්පොතටත් නිකන් සීතල සුලං රැල්ලක් හමාගෙන ආවා. මියෑව්....! රියැලිටි වගේ තමා! ඉතුරු ටිකත් ඉක්මනට දාන්න පූසෝ.... අපි පූසන්ට ආදරෙයි නොවැ.

    ReplyDelete
  3. අහ්..හා-- දැනන් නම් උන්නා කෙල්ල කැමති වෙයි කියලා නම්.... අයියේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩො...

    ReplyDelete
  4. මුල් ටික කියවාගෙන යද්දි එකපාරටම,
    ජයවේවා!

    කියල කියන්න ඕනෙවුනත් අන්තිමට හෙමිබ්රිස්සාවක් හැදුන නිසා දැන්ම නොකියා ඊළඟ පෝස්ට් වලදි කියන්න බලාපොරොත්තු වෙමි. :)

    ReplyDelete
  5. අම්මියෝ කෙල්ල උත්තරේ දෙන කෑල්ල කියවනකොට මට ඤාව් කියවුනා :e පට්ට :b

    ReplyDelete
  6. niyamai ekiyanne den upasaka kellek inna kollek
    jayawewaa

    ReplyDelete
  7. හෆොයි, අපේ කොල්ල අමාරුවෙ වැටුන එහ්හෙනං.. ඥාව්.!! බලමුකො ඉස්සරහට මොකොද කොරගන්නෙ කියාලා..

    ReplyDelete
  8. එලම කිරි ....මදෑ ඔයිං ගියා ..

    ජයවේවා !!

    ReplyDelete
  9. එල එල. ඔහොම යන්න්......

    ReplyDelete
  10. සතුටුයි සතුටුයි මටත් අතීතේ මතක් වුනා උපාසක,ජයවේවා දෙන්නගේ ආදරේට

    ReplyDelete
  11. ඔන්න ඔහොමයි එහෙනම්,
    උපාසකට චංචලා සෙට් උනේ..........
    ඉතින් ඊට පස්සෙ...????????

    ReplyDelete
  12. උපාසකයා තමා උපාසකයා... අනේද කියන්නේ.. :p :p
    එළ එළ යමු යමු.. :t :t

    ReplyDelete
  13. අය්යෝ උපාසකයත් එහෙනම් බලෙන්ම නාස් ලණුව දාගත්ත ඒ කියන්නේ....!!!

    ReplyDelete
  14. DarKneT | ඉෂාර-
    බොහොම ස්තූතියි සහෝ.. :b
    මෙගා නොකර දන්න තමයි අපිත් ෆුල් ට්‍රයි කොරන්නෙ, ඒත් අපේ උපාසකගෙ ලව් ස්ටෝරි එක බොහොම දිගයිනොවැ..

    ReplyDelete
  15. මේ දවස්වල බ්ලොග් ලිපිවල ආදරය ධනාත්මක විදිහට ඉවර වෙච්ච එකම ලිපියද මන්දා.... ඔක්කොම කෙළවෙච්ච ඒවා ලියද්දි උඹලා ගොඩ ගිය එව්වා ලියලා....

    ReplyDelete
  16. බ්ලොග්කරුවන්ගේ get-together එකේදි ගත්තු උපාසකගෙ ෆොටෝස් කිහිපයක් දකින්ට ලැබුණා. ඒ හන්ද මට මේක දැන් කතාවක්ම නෙවෙයි අර්ධ-චිත්‍රපටයක් වගේ visualise කර ගන්න පුළුවන්. :-)

    - Taboo

    ReplyDelete
  17. නියම කතාව සහෝ.... සුපිරි.... :q :q :q
    :t

    ReplyDelete
  18. @නිම්ශා,පූසා,
    තාරක Dilsh@n,සංජු,සඳරු,
    සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය, - බොහොම ස්තූතියි යාලුවනේ..
    :b



    @Supun Sudaraka- ඔව් ඔව් ඔය උණ හෙම්බිරිස්සාව නිසා ලොකු කට්ටක් කන්න උනානෙ..


    @sameera wijayawardane- ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම් අයියා..

    ReplyDelete
  19. @Waruna R Ritigahapola- ඒකනෙ. කොහොම කොහොම හරි උපාසකත් අහු උනානොවැ... :d

    @අභීත- හැම කතාවක් තුලම සුන්දර අසුන්දරකම් දෙකම ගැබ් වෙලා තියෙනවනෙ. අද හිනාඋනාට හෙට අඩන්නත් වෙන්න පුලුවනි. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..

    @janaka01- ස්තූතියි සහෝ.. :b

    @Taboo- බොහොම ස්තූතියි. උපාසකත් මේ වෙලාවෙ අතීතෙ මතක් කර කරලු ඉන්නෙ..
    බැරිවෙලා හරි පුරුපුරුවත් දැක්කනං ඉස්සරහට ගොඩක් ලිපි විෂුවලයිස් කරගන්න පුලුවන් වෙනවා. අපරාදෙ :f:f:f

    ReplyDelete
  20. එළැම එළැ යැ... වැඩේ ගොඩ ගිය එක සන්තෝසයි.. කාගේ හරි දරුවෙක් නේ ඉතිං

    ReplyDelete
  21. "මෙහෙම පොරටෝක්ස් දුන්නට මොකද, අපේ පූසා අනිත් පැත්තට හරවලා පපුව උඩට බිත්තරයක් කඩලා දැම්මනං ගේමක් නැතුව හොද ඔම්ලට් එකක් හදාගන්න තිබුනා"

    මේ කියන දේ ගැන නම් හොඳට දන්නවා :d

    ReplyDelete
  22. උපාසකගේ මූණ පොටෝ වලින් දැකල තියෙන හින්දා මටත් හිතා ගත්තැකි කොහොමද එදා මිනිහාගේ මූණට එළිය වැටුනේ කියලා... හම්මේ...ම්ම්ම්.. චංචලා වම් පැත්තේ ඉඳගෙන ඉන්නවා.. උපාසකගේ කට දකුණු පැත්තෙන් චූචී හිනාවක් යන ගමන් පැණි බිංදු බේරෙනවා...

    ReplyDelete
  23. මේ ටිකේම පූසෝ,මගේ ලොකය රංග බොසා,අකේලේ හම් නියම ලව් සීරීස් වගයක් ගෙනියනවා එලකිරි,,,හිනාව නවත්තගන්න බෑ

    ReplyDelete
  24. උඹේ සමනල ආදර කතාවත් පට්ට බං.සිරාවට ලියනවා.අනිත් ටිකත් ලියමු මචෝ ඉක්මනට.

    ReplyDelete
  25. මේක ටිකක් කලින් දාන්න තිබුණේ... ඒහෙම වුණා නම් උපාසක එක්ක එදා ගෙට්-ටුගෙද එක දවසේම සමරන්නත් තිබුණා. මිනිහගේ මූණේ තිබුණ අහිංසක පෙනුමට ඔහොම වැඩක් කරයි කියලා හිතන්නවත් බැහැනේ....

    ReplyDelete
  26. හපොයි අහිංසක උපාසකත් එහෙනං අමාරුවෙ වැටුණ. :f

    කොහෙද මේ ආදරේට වැස්ස හරස් උණානෙ.
    ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.

    ReplyDelete
  27. අම්මෝ ඇති යන්තම්.. අනේ මට සතුටුයි අප්පා..

    ReplyDelete
  28. හහ් හා.... කමෝන් උපා....!! :e

    ReplyDelete
  29. handa honda ....
    ehenam upasakath goda giya
    jaya weva kiwwa :b :b

    ReplyDelete
  30. " පොඩ්ඩක් ඉන්න උපාසක, මට ඔයා මෙතන ඉන්න එක කරදරයක් නෙවෙයි " :q :q

    ReplyDelete
  31. @ජංජාල චාමර,Boralu,
    සෝරෝ,පිණිබිඳු... ,
    dinesh,ItalyDilan ,
    sameerausa ,
    ජංජාල චාමර - ස්තූතියි යාලුවනේ.. :b

    @කොඩී- හ..හා එහෙනම් කොඩිත් ඔහොම එකකට ෆේස් කරල වගේ.. :e

    @Jeew- :)) පූසා කරන්නෙ හිතාගන්න බැරි වැඩම තමයි..

    @පුතා- :i

    ReplyDelete
  32. මුගේ නම උපාසක වුනාට වැඩ නම්...
    එල එල, තාම ඕක එක්සිස්ටින්ද?

    ReplyDelete
  33. හරේ හරේ...උපාසකත් ගොඩ එහෙනම්.... :t :t
    හහහහහච්චින්....මේ හෙම්බාව හන්දා උපාසකටත් සොරි.කොම් වෙයිද දන්නේ නෑනේ.... :r :s

    ReplyDelete
  34. අප්පේ තියන හැපි එක .... :b

    ReplyDelete
  35. එල එල නියමයි නේ ..........
    ජයා හෝ උපාසක ..........
    චකදේ චංචලා .........

    ReplyDelete
  36. නියමයි මල්ලිලාගේ වැඩ කිඩ නම්. අනිත් කථාවලින් මේක අප්සටි ගියා කියන්න නම් එපා. රස කරගෙන අහගෙන ඉන්නේ.

    ReplyDelete
  37. එල එල මෙගා නැතුව ඉතුරු ටිකත් දාන්න සහෝ....

    ReplyDelete
  38. එල එල කාලෙකට පස්සේ හරි ගිය හොඳ ෆන් කතාවක් කියවන්න හම්බුණේ. හැපි එන්ඩින්ග්ද ?? නැත්නම් අජ ද ? කෝකටත් හෙමින් සැරේ කියන්න එතකොටනේ ෆන්

    ReplyDelete
  39. @prasanna86k,
    කි.අප්පුහාමි,
    ෴ හසියා ෴,
    Hasitha - බලමුකො ඉස්සරහදි.. දැන්ම කිව්වොත් කතාවෙනුත් වැඩක් නැති වෙනවනේ.. :g

    @කැන්ඩි,
    ඇනෝ,
    හසී,
    ~පණ්ඩිතයා~, - ස්තූති වේවා!!! :b

    @Unknown_User/හිඟන්නා- :d

    ReplyDelete
  40. කොටස් හත අටක් තියෙනව නම් අනිවාර්යයෙන් වැඩේ කචල් වෙන්ඩ ඇති,

    ReplyDelete
  41. උපාසකත් බලන් යද්දි දක්ශ කොලුවෙක් නොවැ... කතන්දර කීව වගේ මාත් උපාසක නම් දුටුවෙමි ෆොටෝ වලින්. පුරු පුරු නම් නැත.

    ReplyDelete
  42. @පිස්සා පලාමල්ල- පුරුපුරුට එදා කලින් යන්න උනානෙ, බලමු අපි ලබන පාරවත්!!

    @Ravi- හැම කතාවකම දුක සතුට කලවම්.. ඒත් අවසානය දුකක්ද සතුටක්ද කියලයි වැදගත්.. අපි බලමුකො සහෝ...

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. එලම තමා...උපාසකත් එහෙනන් හොර බලල වගේ ගේම දීල තියෙන්නෙ... :e

    මාත් ට්‍රයි එකක් දාන්න ඕනෙ උපාසක වගේ කෙලිනම ගේමට එන්ටර් වෙන්නෙ :r :o

    ReplyDelete
  45. උපාසකත් එතකොට 2.20 ගිය කොලුවෙක්... එල එල......
    2.20 කියන්නෙ අමුතු ලෝකයක් මලය....

    ReplyDelete
  46. හම්මේ ඇති යාන්තන්...., මම හිතුවේ කෙකර ගාන කොට බෑ කිව්ව තමයි කියලා... ඊට පස්සෙ ඉතින් මම බලා පොරොත්තු උනේ උපාසක ඔය පාළු සොහොන් ගානෙයි, රෑට මුහුදු වෙරළෙ ගල් පර අස්සෙයි, පාක් එක වැහුවහම වැටෙන් පැනල ගිහිල්ල බංකුවල බුදියගෙනයි කාලේ ගත කරයි කියලා... ෂිහ්... ඒ ආතල් එකත් කැඩුවනේ එක අතකට....

    හා හා කමක් නෑ... දැන් ඉතින් ඔන්න ෆුල් රොමෑන්ටික් කතන්දරේ හොඳම හරිය වගේ.... බලමු බලමු...!

    ReplyDelete
  47. @Hasitha ජයසූරිය- ඔව් සහෝ ට්‍රයි කලාට පාඩු වෙන්නෙනම් නෑ. වරදින්නෙ නැති ක්‍රමයක් මේක.. :m

    @සාතන්- සහෝදරයත් ඒකෙද ගියෙ? එහෙනම් දැකලත් ඇති සමහරවිට.

    @දුමී - හික්ස්! ඔහොමම තමා උපාසකත් හිතන් හිටියෙ, අන්තිම මොහොතෙ බෑ කියයි කියල.. ඒත් ඉතින් කොහොම හරි වැඩේ හරිගියානෙ.. :b :b

    ReplyDelete
  48. මම නම් උත්තරේ කලින් එකේදීම දැන ගත්තා.

    කෙල්ලෙක් බොරුවට හාර හාර එහෙම අහන්නේ කෙල්ලට තේරුනු නිසා බව අපේ පොඩි උපාසක මල්ලී දැනගෙන ඉන්න නැතුව ඇති.

    අනික ජනේලයෙන් අහක බලන් ඉන්න එක.

    අනේ කොලුවනේ ඔව්ව තමයි අර 64ට අයිති ඒවා . .

    හික් හික් හික්

    ReplyDelete
  49. @ දුකා - හික් හික්!! ඒ දවස්වල කොහෙද අයියේ ඕවා තේරෙන්නේ? දැන් වුනත් ඉතිං ටිකක් බරපතල මායමක් දැම්මොත් අපිව නිකම්ම අහුවෙනවා නොවැ! :q:q:q

    ReplyDelete
  50. බුකු බුකු බුකුස්

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???