අඹ යාලුවෝ

Tuesday, December 7, 2010

හොස්ටල් ලයිෆ් - වැහි වතුරේ රගර් කෙළිය


ඔන්න ඉතිං ගොඩ දවසකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න පූසන්ට අවස්ථාව ලැබුනා.හොස්ටල් ලයිෆ් සීරීස් එක ඉවර වෙන්නත් ගොඩක් ළගයි.ඉතිං අද අපි කියන්න යන්නෙ වැහි වතුරෙ රගර් සෙල්ලං කරන්න ගිහින් අපේ යාලුවන්ට වුණ ඇබැද්දියක් ගැන.

ඔය කොළොම්තොට පැත්ත, පොඩි වැස්සකට පවා වතුරෙන් යටවෙන හැටි ගැන අපේ යාලුවන්ට ඉතිං අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනෙ නැහැ නොවැ!හැබැයි ඉතිං දැන් වගේ නෙවෙයි ඉස්සර, වැහි වතුරෙන් යට වුණාට පස්සෙ ඒ වතුර ටික ලේසියෙන් බැහැලා යන්නෙත් නෑ.අනිවා දවස් දෙකක් විතර වතුර පිරිලා තියනවාමයි.කොහොමහරි දැන්නං උදේ යට වුණත් හවස් වෙනකොට වතුර ටික බැහැලා යනවා.ඉතිං පුරුපුරුලා ගිය කුරුදුවත්ත ඉස්කෝලෙත් මේ ගංවතුර තර්ජනයට නිතරම ලක්වෙන තැනක්ලු.

වැස්ස දවස්වලට හොස්ටල් එකේ තිබුන තත්ත්වය ගැන අපි කලින් ලිපියකිනුත් කිව්වා නොවැ!ඒ මොනවා උනත් ඉතිං හොස්ටල් එකේ කොල්ලො සෙට් එක බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නෙ වැහැලා ඉස්කෝලෙ යට වෙනකං.මොකද එතකොට වතුරෙන් යටවෙච්ච පිට්ටනියට පැනලා රගර් ගහන්න කට්ටියට පුලුවන්නෙ.

සාමාන්‍යයෙන් වැස්සෙ හරි වැහි වතුරෙ හරි සෙල්ලං කරන එක හොස්ටල් ළමයින්ට තහනම් කරලයි තිබුනෙ.මොකද ඊටපස්සෙ කට්ටිය ලෙඩ හදාගත්තම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙන්නෙත් කොටියා සර්ටම නොවැ!එහෙම සෙල්ලං කරලා අහුවුණොත් ඉතිං අහුවුණ එකාට දෙයියන්ගෙවත් පිහිටක් හම්බවෙන්නෙ නෑ.ඒත් ඉතිං ඔය මොන තහනම තිබුනත් පුරුපුරුලා වැස්සෙ සෙල්ලං කරන එක නවත්තන්න කාටවත් බැරිවුණාලු.සාමාන්‍යයෙන් ඔය වැහිකෙළියෙ අනිවාර්ය සාමාජිකයො වුණේ පොන්ටින්, පුරුපුරු, ජුවාන්, වන්නියා, අමන්දානන්ද සහ හොංකොං ඇතුලු කොල්ලො කට්ටියක්.

ඉතිං මේ සිද්දිය සිද්ද වුණෙත් කොළඹට බොහොම තදින් වැස්ස වැටුන දවසක.ඒ වගේම දැන් අපේ යාලුවො කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියන්න දවස් කීපයයි ඉතුරුවෙලා තිබුනෙ.වැටෙන වැස්සෙ තරමට මුලු ග්‍රවුන්ඩ් එකම වතුරෙන් යටවෙලාලු.ඒ මදිවට ගොරව ගොරවා අකුණු ගහනවා.මේ වෙලාවෙ තමයි පොන්ටින්ගෙ ඔලුවට මරු අයිඩියා එකක් ආවෙ.මෑන්ස් කළේ ඩෝම් එකේ පැත්තක දාලා තිබුන රගර් බෝලෙ අරගෙන පුරුපුරු ළගට ආපු එක.

පොන්ටින් :- මචං පුරුපුරු, රගර් පාරක් ගහන්න කියාපු දවස.යමුද ග්‍රවුන්ඩ් එක පැත්තෙ?ජුවාන්...හොංකොං...උඹලත් වරෙල්ලා..............

පුරුපුරු :- උඹට පිස්සුද බං? හොදටම අකුණු ගහනවා.විභාගෙටත් දවස් දෙක තුනයි තියෙන්නෙ.ආපහු ඉතිං එග්සෑම් ඉවර වෙලාම සෙල්ලං කරමු.

පොන්ටින් :- අඩෝ, දැන් අකුණක් ගහලා මැරුණොත් මිනිස්සු කියන්නෙ කවදාහරි දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න හිටපු ළමයෙක්නෙ, අනේ අපොයි! කියලා.ඒත් ඉතිං අපි පාඩම් කරන හැටියට පස්සෙ කාලෙක මැරුණොත් මැරෙන්න වෙන්නෙ නිකම්ම නිකං නිකමෙක් වගේ.ඒක හින්දා පස්සෙ මැරෙනවාට වඩා දැන් මැරෙන එක මටනං ලොකු දෙයක්.

මෙහෙම කියපු පොන්ටින් බෝලෙත් අරගෙන තෙමි තෙමී පිට්ටනිය පැත්තට ගියාලු.බලාගෙන ගියාම මෑන්ස් කියන කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.අනික් අතට පුරුපුරුටත් ඔය ෆුට්බෝලයක්, රගර් බෝලයක්, ක්‍රිකට් බෝලයක් දැක්කහම සෙල්ලං නොකර ඉන්න බැරි අමාරුවක් ඇතිවෙනවා.ඉතිං අපේ පූසාත් පොන්ටින් පස්සෙන් පිට්ටනියට ඇදුනලු.ටික වෙලාවකින් මෙන්න ජුවාන්, හොං කොං ඇතුලු සෙට් එකක්ම රගර් සෙල්ලං කරන්න ඇවිත්.

කොහොමහරි 11 වසරෙ ළමයි ටික වැස්සෙ සෙල්ලං කරනවා දැකපු 10 වසරෙ කොල්ලො සෙට් එකකුත් ෆෝම් වෙලා රගර් බෝලයක් අරගෙන එළියට බැහැලා තිබුනා.දැන් පිට්ටනියෙ රගර් මැච් දෙකයි.පුරුපුරුලා සෙල්ලං කළේ පිට්ටනියේ කෙළවර හරියක.ඒක හින්දා නිල නිවාසෙ ඉදන් වටපිටාව බලන කොටියා සර්ගෙ රේඩාර් එකට ඒ අයව අහුවෙන්නෙ නෑ.ඒත් අත්දැකීම් අඩුකම හින්දා 10 වසරෙ ළමයි කට්ටිය සෙල්ලං කරන්න තෝරගත්තෙ පිට්ටනිය මැද හරිය.ඉතිං ඒ අයව කොටියා සර්ගෙ රේඩාර් එකට නිකම්ම අහුවුණයි කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

ඉතිං හොස්ටල් එකේ කොල්ලො අකුණු ගහන මහ වැස්සෙ සෙල්ලං කරනවා දැක්ක කොටියා සර් කොටියෙක් වගේ මාරාවේශ වුණාලු.සර් කළේ වහාම දිග වේවැලක් අරගෙන, කුඩේකුත් එක්ක පිට්ටනියට බැස්ස එක.සර් එනවත් එක්කම පිට්ටනිය මැද හිටපු 10 වසරෙ කොල්ලො සෙට් එක සර්ට අතේ මාට්ටු.දැන් තව ටික වෙලාවකින් 11 වසරෙ අයියලා කට්ටියත් කොටියා සර්ට මාට්ටු වෙනවා.බේරෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර හිටපු ජුවාන්‍ට මරු අයිඩියා එකක් ආවෙ මේ වෙලාවෙ තමයි.

ජුවාන් :- හොද හුස්මක් අරගෙන වතුරෙ දිගාවෙයල්ලා!!!...........ඉක්මනට........

ජුවාන් කෑ ගැහුවා.අනිත් ළමයිනුත් දිග හුස්මක් අරගෙන වතුරෙ දිගාවුණා.දැන් ඈත ඉදලා පිට්ටනියෙ කෙළවර දිහා බලන කොටියා සර්ට පේන්නෙ මහා වතුර කදක් විතරයිලු.ඇයි ඉතිං කොල්ලො ටික ඉන්නෙ වතුර යට‍ නොවැ!ඉතිං මෙහෙම තත්පරයක් දෙකක් චෙකප් එකක් දාපු කොටියා සර් ආපහු නිල නිවාසෙට යන්න ගියාලු.අපේ යාලුවො කට්ටිය ඔලුව උස්සනකොට සර් පේන්න හිටියෙ නෑ.ඒ වගේම එදා හවස, වැස්සෙ සෙල්ලං කර කර උන්නු 10 වසරෙ ළමයින්ට හොදවයින් ගුටි පූජාවක් දෙන්නත් එතුමා අමතක කළේ නෑ.

එදායින් පස්සෙනං හොස්ටල් එකේ කිසිම කොල්ලෙක් වැස්ස වෙලාවට ග්‍රවුන්ඩ් එක මැද්දෙ සෙල්ලං කළේ නෑලු.

කොහොම හරි ඉතිං දවසින් දවස ගෙවිලා ගිහින් ඕ ලෙවල් විභාගෙත් හොදටම කිට්ටු වුණා.පූසොත් විභාගෙ වෙනුවෙන් බැහැලා වැඩ කරන්න පටන් ගත්තා.

20 comments:

  1. හපොයි .. මඩ වතුර රහද?

    ReplyDelete
  2. එල එල... උඹලත් අපේ දුමියා වගේ... සර් එනවා දැකලා කුරුණෑගල වැවේ ගිලිච්ච උටත් වැදුනා නේ කණ පුපුරන්න.... මගෙ බ්ලොග් එකේ ඇති ඒ කතාව....

    ReplyDelete
  3. බොග මිශ්‍ර ජලයේ පුසො ටික ගිලිල ඉන්නකොට කොහොමට තියෙන්න ඇත්ද..... :h

    ReplyDelete
  4. ඉස්කෝලෙ කාලෙ ආයෙ එන්නෙ නෑ.

    අලුත් පෝස්ට් එකක් දාපු එකනම් හොඳයි. ආසාවෙන් ඉන්නෙ අපි කියවන්න. කොහෙද ඉතින් යලට මහට නෙව පෝස්ට් දාන්නෙ.

    ReplyDelete
  5. පුස්සො සෙට් එක්ක ගැහුවෙ රගර්ද නැතිනම් වෝටර් පෝලෝද ? හෙම්බිරිස්සව නෙමෙයි තව පොඩ්ඩෙන් වතුර පෙවිල මැරෙනවා.....!

    අභීතයෝ, කුරුණෑගල පැත්තෙත් ඉන්නවද දුමියෙක් ?

    ReplyDelete
  6. කොටියා සර් යනකම්ම වතුරේ හිටියා කියන්නේ මඩ වතුරේ ගිලිලා ඉන්න එකේත් ආතල් එකක් ඇති මොකක් හරි

    ReplyDelete
  7. එළ එළ පූසො වෙලාවට කොටියා සර් තප්පර දෙකක් බැලුවෙ

    ReplyDelete
  8. කොටියාට පීනල එන්න බැරුව ඇති නේද.....:a :a :a :a
    අහු උනානම් පූසන්ට තමා වැඩියෙන් වදින්න තිබුනේ....

    ReplyDelete
  9. :c මල්ලී වතුරේ ඉදලා ගියාට පස්සෙ පැරිස් ගියා වගේ සුවද ඇති නේද? නා ගන්න එහෙම කොච්චර වෙලාවක් ගියා ද? :n

    ReplyDelete
  10. අපරාදේ කොටියා සර් ගේ දෙපය අතරින් කිමිදිලා හොස්ටල් එකට යන්න තිබා !

    ඒත් ඔච්චර දුරක් පීනන්නේ කොහොම ! ඔක්සිජන් හිඟයි නේද ?

    ඉයෑ කොහොම මචං ඔයවගේ ජරා ගොඩක බුදියං උන්නේ ? ඔයාගේ ප්‍රථිෂ්ක්‍ති කරන පද්ධතිය ගොඩක් ඉහලයි වගේ ...

    ජයවේවා !!

    ReplyDelete
  11. හික් හික්!! කොටියා සර්ට අහුවුනොත් කන්න වෙන වේවැල් කසාය මතක් වෙද්දි,ඒකෙන් බේරෙන්න බේරේ වැවේ ගිලෙන්න වුණත් හොස්ටල් කොල්ලො දෙපාරක් හිත හිතා හිටියෙ නෑ යාලුවනේ...:e:e:e

    ReplyDelete
  12. එච්චරට වතුර පිරිල තිබුණද ?

    ReplyDelete
  13. @ hasitha - ඔව් මචෝ! ඒ දවස්වල එහෙම තමයි

    ReplyDelete
  14. කොටිය සර්ට තිබ්බ බව හිතා ගන්න පුලුවන් ඒකෙන්ම :p

    ReplyDelete
  15. ඔය වතුරෙ රහ මොනවගේද සහෝ....???

    ReplyDelete
  16. වැස්සෙ සෙල්ලං කරනවා තරං සතුටක් අව්වෙ සෙල්ලං කරද්දි කොහෙද? අපිත් පල්ලිය වත්තෙ ඕනැ තරං ෆුට් බොල් ගහලා ඈති මහ වැස්සෙ...

    ReplyDelete
  17. බොහොම ස්තුතියි යාලුවනේ අදහස් දැක්වුවාට :g:g:g:g:g:g:g

    ReplyDelete
  18. බොල පුදුම පූසො නොවැ... අර වැහි වතුරෙ ඔලුව දාන්... හපොයි

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???