අඹ යාලුවෝ

Tuesday, December 28, 2010

චංචලා - 4 (දවසේ වීරයා)



අපේ පූසො දැන් හරි තැන්පත් විදිහට හිටියාට මොකද, ඉස්සරනං පොඩ්ඩක්වත් එහෙම නෙවෙයි. දන්නවනෙ ඉතිං ඔය ඕ ලෙවල්, ඒ ලෙවල් කාලවලදි කොල්ලන්ගෙ හැටි ? කට්ටිය බලන්නෙ කොහෙහරි එල්ලෙන්න, වලියක් දාගන්නම නොවැ! ඉතිං අපේ උපාසකත් ඒ කාලෙ "ටිකක් විතර" එහෙමයි.

ඔය ගම්පහ පැත්තෙ ඉන්න යාලුවොනං දන්නවත් ඇති, මොන්ටානා ක්ලාස් එකට හැරෙන තැන වම් අත පැත්තට වෙන්න පාර අයිනෙම තියෙනවා තෝසෙ කඩයක්. ඉස්සර ඕකට කිව්වෙ "කරු අයියගෙ කඩේ" කියලා. ඉතිං ගම්පහ පන්ති ආපු කොල්ලො සෙට් එකක් ඔය කඩේ උඩ තට්ටුව තමන්ගෙ වාස භවනය කරගෙන හිටියලු. ඔය සෙට් එකේ වැඩිපුරම හිටියෙ ගම්පහ පිරිමි ඉස්කෝලෙ ළමයිනුයි, කුරුදුවත්තෙ ඉස්කෝලෙ ළමයිනුයි තමයි.

මේ කට්ටියගෙ වැඩේම වලි හොය හොයා ඒවාට සහභාගි වෙන එක. ඉතිං අපේ උපාසකත් ඒ දවස්වල මේ සෙට් එකේ යාවජීව සාමාජිකයෙක්ලු. ඔය කඩේදි සිද්දවුණ රසවත් සිදුවීම් ගැනත් ඉස්සරහට අපි කියනවා. අද ඔය ටික කිව්වෙ අපේ උපාසකගෙ ඒ කාලෙ තිබුන වලිබර මානසිකත්වය ගැන, අපේ කියවන යාලුවන්ට පැහැදිලි අවබෝධයක් ලබාගන්න.

ඉතිං දැන් අපි කියන්න යන සිද්දිය, 13 වසරෙ මුලදි උපාසකටයි, චංචලාටයි ෆේස් කරන්න වෙච්ච සිදුවීමක්. ඒ දවස් වල ඉතිං මොන පිස්සු නැටුවත් අපේ උපාසක චංචලා ගාවදිනම් බොහොම අහිංසක, තැන්පත් ළමයෙක්ලු. අනිත් පූසොනං කිව්වෙ ඒ උපාසක චංචලාට බය හින්දයි කියලා. කොහොමහරි ඉතිං චංචලාත් හිතන් ඉදලා තියෙන්නෙ උපාසක හරිම අහිංසක පූසෙක් කියලා.

ඔන්න දවසක් චංචලාගෙ යාලුවො කට්ටියක් ඉලක්ක මූණ පැත්තෙ පොඩි ටුවර් එකක් යන්න කතා වෙලා. කට්ටිය ඉතිං ඒකට චංචලාටයි, උපාසකටයිත් ඉන්වයිට් කළාලු. ඉලක්ක මූණ පැත්තෙ නොගිය කෙනෙක් ඉතිං මෙතන නැතුව ඇතිනෙ නේද? කොහොමහරි මේ දෙන්නත් වැඩේට උඩින්ම කැමති වුණාලු. මොකද ඉතිං ඒ දවස්වල ටුවර් එකක් යන්න තිබුනොත් කපල් එකකට ඊටත් වඩා දෙයක් නෑ නොවැ!

ඉතිං කතා කරගත්තු ඉරිදා දවසෙ අපේ යාලුවො කට්ටිය ගමන යන්න පිටත් වුණාලු. සුපුරුදු විදිහට කට්ටිය ගිහින් තියෙන්නෙ ගම්පහ ක්ලාස් යනවයි කියලා ගෙවල් වලට කියලා. උපාසක, චංචලා, හරණි, චානි, නිමේශා ඇතුලු තවත් කීපදෙනෙක් තමයි මේ ගමනට සහභාගි වෙලා තියෙන්නෙ. ඒ වගේම තවත් කපල් එකක් මේ ගමන එන්න හිටියත් හදිසියෙ එයාලාට එන්න බැරිවෙලා. ඒ හින්දා එතන කෙල්ලො ගොඩක් එක්ක අපේ උපාසකට තනියම ලොකු කට්ටක් කන්නයි වෙලා තියෙන්නෙ. ඔක්කොටම වඩා හපන් හිටපු කෙල්ලො කට්ටියගෙ කරච්චලේ.

කොහොමහරි දවසම බීච් එකේ පිස්සු නටලා, කට්ටිය ආපහු ඇවිත් තියෙන්නෙ බාගෙට තෙමුණු කුකුල්ලු රංචුවක් වගේලු. ඒ මදිවට හොදටම හවසුත් වෙලා. අන්තිමට ඉතිං කට්ටිය එක එක පැතිවල නිසා ආපහු ගම්පහ එන්න ඉතුරු වෙලා තියෙන්නෙ උපාසකයි, චංචලායි, තව කෙල්ලො දෙන්නෙකුයි විතරයි. ඉක්මනට ගෙදර යන්න ඕනෙ නිසා අපේ කට්ටිය කරලා තියෙන්නෙ කොළඹ-ගම්පහ(200) ඒසී බස් එකකට නැගපු එක.

ඉතිං බස් එකට නැග්ගාට පස්සෙ උපාසකයි චංචලායි වාඩි වුණේ පිටිපස්සෙම සීට් එකේ. කලින් බහින නිසා අනිත් යාලුවො දෙන්නා බස් එකේ ඉස්සරහින්ම වාඩි වුණාලු. අපි ඉතිං කලිනුත් කිව්වනෙ මේ කට්ටිය ෆුල් තෙමිලා හිටියෙ කියලා. ඒ මදිවට කට්ටියගෙ ඇගවල් පුරා මුහුදු වැලිලු. ඉතිං වාඩි වුණ වෙලේ ඉදලා උපාසකයි චංචලායි දෙන්නා වැලි ඉවත් කිරීමේ මිෂන් එකක් පටන් ගත්තලු. මොකද ගම්පහ මුහුදක් නෑ කියලා දෙන්නගෙම ගෙවල් වලින් දන්න හින්දා, ඇ‍ඟේ වැලි තියෙනවා ගෙදරින් දැක්කොත් වැඩේ ඔක්කොම ජෝන් බාස්ට යනවා.

ඔය අතරෙ තව එක මනුස්සයෙක් ඇවිත් මේ දෙන්නාට සීට් දෙකකට ඉස්සරහින් වාඩි වුණාලු. සීට් දෙකක් වුණාට බේබි රෝසා බස් එකක් නිසා සීට් දෙක අතරෙ ලොකු ගැප් එකක් තිබුනෙ නෑ. ටික වෙලාවකට පස්සෙ උපාසක අහම්බෙන් දැක්කලු අර මනුස්සයා එක අතක් උඩට උස්සගෙන ඉන්නවා.

ඒසී බස් වල ඉතිං සීතල හුළං එන්න හදපු කවුලු හැම සීට් එකකටම උඩින් තියෙනවා නොවැ! බැලින්නං මේ මෑන්ස් ඒ කවුලුවක හුළං එන පැත්ත එජස්ට් කරනවාලු. ඒක ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් නෙවෙයිනෙ නේද? කොහොම වුණත් මෙතනදි මේ වැඩේ ගැන අපේ උපාසකට පොඩි අමුත්තක් දැනුනලු. මොකද මෑන්ස් මේ වැඩේ කරන්නෙ ඒ අතේම ෆෝන් එකකුත් තියාගෙන. කෝකටත් කියලා අපේ උපාසක ටිකක් වෙලා ඒ දිහා සෝදිසියෙන් බලන් හිටියලු. ඉතිං මෑන්ස් ෆෝන් එකේ කැමරාව ඕනෙකමින්ම බස් එකේ පිටිපස්සට හරවන් ඉන්න බව අපේ පූසාට මීටර් වෙන්න වැඩි වෙලා ගියෙ නෑ.

කලින් කියන්න බැරි වුණානෙ, ඒ දවස් වල කාලයක් තිබුනා කපල් අතර මේ ඒසී බස් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණු. මොකද බස් එකේ පිටිපස්සෙ සීට් එකේ මුල්ලක වාඩි වෙලා, නිදහසේ පැයක් එකහමාරක් ගත කරන්න ගොඩක් කපල් ඒ දවස්වල පුරුදු වෙලා හිටියා. ඔය අතර ඉතිං ලැබෙන නිදහස නිසා තමන් ඉන්නෙ බස් එකක් ඇතුලෙ බව අමතක වෙලා හැසිරුණු කට්ටියත් ඕනතරම් හිටියා. ඒ නිසාම මෙහෙම ඒ කපල් දිහා හොරෙන් බලන්නත් තව කට්ටියක් පුරුදු වෙලා ඉන්න ඇති. ඉතිං මේ වෙලාවෙ සිද්ද වෙන්නෙත් එහෙම දෙයක් බව තෙරුම් ගන්න උපාසකට වැඩිය හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.

ඉතිං උපාසක කළේ කලබල නොකර මේ සිද්දිය චංචලාටත් කිව්ව එක. ගෑණු ළමයෙක්ට ඉතින් කලබල වෙන්න එපා කිව්වොත් අනිවාර්යයෙන් කලබල වෙනවාමනෙ. ඉතිං මේ විස්තරේ අහපු චංචලාත් හොදටම බයවෙලා. කොච්චර බයවෙලාද කියනවනං, මේ මනුස්සයා මේ වීඩියෝ එක අරගෙන ගිහින් තව අයට පෙන්නලා, කොහොමහරි මේ ගැන ගෙදරිනුත් දැනගෙන, ඊටපස්සෙ ගෙදරින් එළියට බහින්න නොදී තමන්ව හිරකරගෙන ඉදී කියලත් චංචලා මේ වෙද්දි හිතලා ඉවරයිලු.

ඒත් අපේ පූසා කොහොම හරි චංචලාවත් ෂේප් කරගෙන මොකද වෙන්නෙ කියලා බලාගෙන හිටියලු. මේ හැමදේම වෙන්න වැඩි වෙලාවක් ගිහින් නෑ. විනාඩි පහක් වගේ අත උස්සන් හිටපු මෑන්ස් අත පහළට ගන්නවාත් එක්කම උපාසකත් ශේප් එකේ නැගිටලා බැලුවලු මෑන්ස් මොකද කරන්නෙ කියලා.

බැලින්නං වැඩේ හරි, මෑන්ස් වීඩියෝ එක ප්ලේ කරනවා. ටිකක් වෙලා මේක ප්ලේ වෙද්දි උපාසක කැමරාව දිහා බලනවාත්, අත දික් කරලා චංචලාට පෙන්නනවාත් දැකපු ඒ මනුස්සයා ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවලු.

උපාසක :- අයියෙ වීඩියෝ එකනං ලස්සනයි. ඒ වුනාට කමක් නෑ ඕක දැන්ම ඩිලීට් කරනවද?

ටක් ගාලා ෆෝන් එක සාක්කුවට දාගත්තු මෑන්ස් ඒ පාර බස් එක මැද්දෙ උපාසකට බනින්න පටන් ගත්තලු.


මෑන්ස් :- මොන..මොන වීඩියෝ එකද? තමුසෙට පිස්සුද?

උපාසක :- අයියෙ මට තව පාරක් කියන්න තියන්න එපා, කරුණාකරලා වීඩියෝ එක ඩිලීට් කරලා දානවද?

මිනිහා :- මගෙ ළග ඇති වීඩියෝ එකකුත් නෑ, තිබුනත් ඩිලීට් කරන්නෙත් නෑ.. ඇයි තමුසෙ මට මොනවා කරන්නද?

ඇත්තටම උපාසකටත් හිතාගන්න බැරි වෙලා මොනවා කරන්නද කියලා. ඇත්තටම ඒ මෑන්ස් වලහෙක් වගේ කළු තඩි සයිස් එකෙක්ලු. ඉතිං උපාසකව උගෙ එක අතකටත් මදි බව තේරුණත් අපේ උපාසකත් සරෙන්ඩර් වෙන්න කැමති වෙලා නෑ. දැන් දෙන්නා බස් එක මැද්දෙ හොදට බැන ගන්නවලු. චංචලාත් හොදටම බයවෙලා උපාසකගෙ අතේ එල්ලිලාලු. ඒ මදිවට චංචලාගෙ යාලුවන්ටයි, බස් එකට ඒ වෙද්දි නැගලා හිටපු දෙතුන් දෙනෙක්ටයිත් මේ සද්දෙ ඇහිලා මේ දිහා බලන් ඉන්නවලු.

තවත් ඉතිං මේ ලැජ්ජාව ඉවසන් ඉන්න බෑ කියලා තීරණය කරපු අපේ උපාසක කළේ චංචලා‍ගේ අත ගසලා දාලා, පූස් ධෛර්යය අරගෙන, අර මෑන්ස්ට ගහන්න ඉස්සරහට ගිය එක. ඒ වුණාට මොකද, චන්ඩියා වගේ ගියාට උපාසකට හිතාගන්න බෑ අර මෑන්ස්ට ගහන්නෙ කොහොමද කියලා. කොහොමහරි ඉතිං උපාසක තමන්ට ගහන්න එනවා දැක්ක දුෂ්ටයා, උපාසකගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ලලා මෑන්ස්ව පැත්තකට තල්ලු කරලා දැම්මලු.

දන්නවනෙ ඉතිං, පූසො කියන්නේ හොදට දුවන්න පනින්න පුලුවන් ජාතියක් නොවැ! ඉතිං අපේ උපාසකත් කරලා තියෙන්නෙ ටක් ගාලා ඉස්සරහට පැනලා, අර මනුස්පයාගෙ කොලර් එකේ එල්ලිලා, හොදට අත මිට මොළවලා මෑන්ස්ගෙ මූණට එකක් ඇනපු එක. හැබැයි ඉතිං අවාසනාවට අපේ පූසාටත් හැරෙන තැපෑලෙන්ම හොද බැස්ටියක් මූණටම හම්බවුණාලු. අර වලහාගෙන් ගුටිකාපු උපාසක, ඊටපස්සෙ පත්වෙච්ච තත්ත්වෙ ගැන ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද යාලුවනේ.

කොහොමහරි මේ සිද්දිය දුරදිග යනවා දැකපු බස් එකේ හිටපු අනිත් මිනිස්සු මේ දෙන්නාව දෙපැත්තට කරලා අල්ලා ගත්තලු. දෙන්නව කිව්වට ඉතිං අර වලස් තඩියාව තමයි ඇත්තටම අල්ලගත්තෙ. එතකොටම තමයි මේ කලබලේ ආරංචි වෙච්ච කොන්දොස්තර අයියත් විගහට බස්එකට දුවගෙන ආවෙ. මෑන්ස් ආපු ගමන්ම කළේ උපාසකවයි, වලස් අයියාවයි දෙන්නාවම බස් එකෙන් එළියට දාපු එක. දැන්නං අපේ පූසාට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියෙ

උපාසක :- අයියෙ, මම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කර කර ඉදිද්දි මේ මිනිහා අපිව වීඩියෝ කළා

මෑන්ස් :- මුන් බස්වල යන්න දන්නෑ මල්ලි, මම ඒක දැක්කයි කියලා මූ දැන් බොරුවට කෑ ගහනවා

මේ වෙද්දි බස් එකේ හිටපු අනිත් වැඩිහිටියො කට්ටියත් අර වලස් මෑන්ස් එක්ක එකතුවෙලා උපාසකටයි, චංචලාටයි බනිනවලු. තමන්ටයි, තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි සිද්ද වෙන මේ අපහාසෙ හින්දා දැන්නං අපේ උපාසකට අසූහාරදාහකුයි තව ටිකකුයිත් ෆ්ලවර් ජම්ප් වෙලා.

උපාසක :- අපි බස්වල යන්න දන්නවා ඕයි, එහෙනම් කට්ටියටම බලන්න පෙන්නනවකො ඔය වීඩියෝ එක. එතකොට හැමෝටම බලාගන්න පුලුවන් අපි හිටියෙ කොහොමද කියලා.

කොන්දොස්තර :- (වලස් අයියා දෙසට හැරී) කෝ දෙනවා බලන්න වීඩියෝ එක. නැත්තං දෙන්නාවම අල්ලලා පොලිසියට බාරදෙනවා. තමුසෙලාගෙ වැඩ හින්දා අපිට යන්නත් පරක්කු වෙනවා.

කොන්දා අයියා මෙහෙම කිව්වත් තමන්ගෙ ෆෝන් එකේ තියෙන වීඩියෝ එක අනිත් කට්ටියට පෙන්නන්න වලස් අයියා කොහොමවත් කැමතිවුණේ නෑ. ඒත් අන්තිමට රණ්ඩුව දුරදිග යද්දි, අනිත් වැඩිහිටියන්ගෙ බලකිරීම මත මේ වීඩියෝ එක පෙන්නන්න වලස් අයියාට සිද්ද වුණාලු. කට්ටිය ඉතිං රසවත් සීන් එකක් බලන්න ෆෝන් එක වටේට රැස්වුණත්, අන්තිමට අදාල වීඩියෝ එකේ තිබිලා තියෙන්නෙ අපේ කපල් එක කතාකරන ඒවයි, වැලි පිහදාන දර්ශනයි විතරයි. මේක දැකලා ෆ්ලවර් ජම්ප් වෙච්ච කොන්දයියා වලස් මෑන්ස්ට කට්ටියම ඉස්සරහා මහ හයියෙන් බනින්න පටන් ගත්තලු. ඒ වගේම එච්චර වෙලා අපේ කපල් එකට බැන බැන හිටපු අනිත් වැඩිහිටියොත් දැන් බනින්නෙ වලස් මෑන්ස්ටලු.

"බලන්නකො තරුණ ජෝඩුවකට නිදහසේ ඉන්න දෙන්නෙ නැති හැටි, කාලකන්නි!"

"ඒක තමයි, මේ අහිංසක ළමයින්ට මේ යකා කියපු කතා ටික දැක්කනෙ"

"මූට ගහලා පොලිසියට බාර දෙන්නයි වටින්නෙ"

ඒත් ඉතිං පොලිසිය එතනට ගෙන්නගෙන තවත් රස්තියාදු වෙන්න උපාසකවත්, කොන්දොස්තරවත් කැමති වුණේ නෑ. අනික ඒ වෙද්දි උපාසකටයි, චංචලාටයි ඕනෙ වුණේ පුලුවන් තරම් ඉක්මනට ගෙවල් වලට යන්න. අන්තිමට ඉතිං හැමෝම අර මනුස්පයාට බැනලා, වීඩියෝ එකත් ඩිලීට් කරලා, මෑන්ස්ව බස් එකෙනුත් එළියට දැම්මලු.

එදා යහතින් ගෙදර ආවට මොකද, චංචලානං දවස් කීපයක්ම යනකං හොදටම බය වෙලයි හිටියේ. හැබැයි අපේ උපාසකගේ කාඩ් එකනං උපරිමයිලු. මොකද චංචලාගෙ යාලුවො දෙන්නා මේ සිද්දිය සෙට් එකේ අනිත් කෙල්ලන්ටත් කියලා, ඊටපස්සෙ කෙල්ලො අතරේ සෑහෙන ප්ලේස් එකක් උපාසකට හම්බවෙලයි තිබුනේ. පොඩි අප්සට් එකකට තිබුනේ උපාසක වලිබර පූසෙක් කියලා චංචලාට මාට්ටු වෙච්ච එක. ඒකත් ඉතිං එච්චරම අවුලක් වුණේ නෑ. ඔය වගේ සිද්දියකදි වලියට ගියෙ නැත්තං ඒ කොල්ලගෙන් ඇති වැඩේ මොකද්ද නේද?

අපි ඇස් දෙකකින් ලෝකෙ දිහා බැලුවට, ලෝකෙ අපි දිහා ඇස් දාහකින් විතර බලනවා කියලා කතාවක් තියනවා නොවැ! කොහොම වුණත් මේ සිද්දියෙන් අපේ උපාසක ඉගෙනගත්තෙ ඒ ඇස්වලින් බාගයක්ම අයිති වෙන්නේ මිනිස්සුන්ට නෙවෙයි, සත්තුන්ට කියලා.

37 comments:

  1. ෂැක්.... උපාසක නියමයි කොල්ලෙක් නේ....

    මරු මරු එහෙම තමා ඉන්න ඕනි....

    ReplyDelete
  2. මෙන්න පූසෙක් මරාගන්න වෝ :a :o


    ඔය කියන්නේ අර ඒ දවස් වල රුපියල් 20 ට තෝසේ( සහ අලි වඩේ ) තිබ්බ කඩේද ?

    ReplyDelete
  3. මහ කාලකණ්නි මිනිහෙක් නොවැ.... පොලිසියට අල්ලලා දෙන්නයි තිබ්බේ!

    ReplyDelete
  4. මයිටි මවුස් ගැන නම් අහල තිබුනේ... මේ වගේ මයිටි පූසෙක් ගැන ඇහුවහමයි... මෙච්චර කාලෙකට අහලා තිබුනේ අර හැම තිස්සෙම චාටර් වෙන ටොම් ඇන්ඩ් ජෙරී එකේ පූසවනේ....!!

    එළ එළ.... හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු...!

    ReplyDelete
  5. එල එල

    ඔහොම තමයි ඉන්න ඕනේ....

    :b ..............................

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් cat fight කියන්නේ කෙල්ලෝ මරා ගන්න එකට උනත් මේ cat fight එකත් නරකම නෑ :D

    ReplyDelete
  7. mokakda ban? poosek neda?
    panapu gaman walahage muna huragena yanna thibuna :e

    ReplyDelete
  8. උපාසක කොල්ලා එල ඩයල් එකක්නෙව ..අන්න එහෙමයි ඉන්ඩ ඕන "ගේමනං ගේම , බොක්කනං බොක්ක " අරූට වනන්න තිබ්බා ..දුං පිටවෙන්න . අවුලක් නෑ කොල්ලට හොඳක් වෙන්න්ඩ වැඩේ සිද්ද උනානේ ..ඒ ඇති

    වලියක් කීවම ඇගේ මාලු නටනවා ...

    ජයවේවා !!

    ReplyDelete
  9. ආදරේට කොහින්ද නැත බාධා... මේ කතාවේ හැටියටනම් කොහොම වුනත් උපාසක එල කොල්ලෙක් කියලා කට ඇරලා කියන්ට පුලුවං වෙයිලු ඕං... :b

    ReplyDelete
  10. ඒ ඇස්වලින් බාගයක්ම අයිති වෙන්නේ මිනිස්සුන්ට නෙවෙයි, සත්තුන්ට
    බාගයක් නෙවි, වෙලාවකට හිතා ගන්නත් බැරි ප්‍රතිශතයක් අයිති වෙන්නෙ සත්තුන්ට...

    ReplyDelete
  11. මහා කළු සිංහලයාDecember 29, 2010 at 6:11 AM

    උපාසක මාර පොරක්නේ බලාගෙන ගිහාම. නමට ගැලපෙන වැඩ නෙමෙනේ කරල තියෙන්නේ.

    ReplyDelete
  12. වෙලාවට අපේ කාලෙ ෆෝන් වලට කැමරා ඇවිල්ල තිබුන්නෑ.හික්....තිබුනනම් dvd ත් අවුට් වෙන්න තිබුනා.ඇයි ඒ වෙලාවට ඔව්ව පේන්නෙ නෑනෙ.
    කොහොමත් උඹ එල පූසෙක්.නැත්තන් ඔය වාගෙ වෙලාවට ගේමට එන්ටර් වෙන්නෑ ලේසි බුවෙක්.

    ReplyDelete
  13. පූසෙක් හැටියම මට බොහෝම ආඩම්බරයි උපාසක ගැන :t අර වගේ වනචර වැඩ කරන වල් සත්තු හැම තැනම. විමසිල්ලෙන් ඉන්න එක හොඳයි :j

    ReplyDelete
  14. ඇත්තට උපාසකට සෑහෙන්න place එකක් හම්බ වෙන්න ඇති. දාල තියෙන පින්තූරෙත් ඊටම හරි යනවා.

    ReplyDelete
  15. හැබෑට පොරට උපාසක කියලා නම දැම්ම එකාට අනින්න ඕන දෙකක්..

    අර වලස් ඩයල් එක වගේ උන් ඉන්නවා ඕන තරම්.. කාලකන්නි තමයි.

    ReplyDelete
  16. උපාසක බළල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව කියන්නෙ නිකංයැයි. :b :b :b

    ReplyDelete
  17. දැනටත් හැම තැනම ඕවා වෙනවලු. ඔය වගේ අමාරු කාරයෝ ඕන තරම් ඉන්නවලු. පරෙස්සම් වෙන එක හොඳලු.
    මොනව උනත් උපාසක මාර පූසෙක්නේ....:D

    ReplyDelete
  18. උපාසක කියන්නේ එලකිරි කොල්ලෙක් නේ. එල එල !!! ඔහොම තමයි ඉන්න ඕනේ

    ReplyDelete
  19. :c :c :c
    හිනා වෙලා යන්නම්.. කමෙන්ට් කලේ නැතිඋනාට මම කියවනව හරිද මචෝ..
    ඒ දවස්වල මනෝ ලෝකේ නිසා හොඳ කමෙන්ට් එකක්වත් ඔලුවට එන්නේ නෑ..

    ReplyDelete
  20. janaka01, සෝරෝ,
    කැන්ඩි, කොඩී, පුතා,
    මධුරංග, හසී - ස්තූතියි යාලුවනේ!!!
    :c :c

    @DarKneT | ඉෂාර- හරියට හරි ඒකෙත් ඒ ගණන් වලට තමයි තිබුනෙ.. :b :b

    @සංජු- ඒක ඇත්ත සහෝ.. ඒත් පොලිස් කේස් දාගන්න කොන්දොස්තර කැමති වෙලත් නෑ. අනික උපාසක උනත් ඔය ප්‍රශ්න ගෙවල් වලින් දැනගන්නවට වඩා එතනින්ම ශේප් වෙනවට කැමති වෙන්න ඇති..

    @දුමී- අනිවා!! උපාසක ගැන හොද හොද කතා තියෙනව. බලමු, ගොඩක් ඒව දාන්න පුලුවන් වේවිලු.. :d :d

    ReplyDelete
  21. @boraluwa- අනිත් පාර ඒකත් ට්‍රයි කරල බලන්ඩ ඕනෑ.. :b

    @හිස් අහස- ජයවේවා...! :b :b ඔහොම උන්ට හොදට නෙලන්න ඕන තමා සහෝ ඒත් කෙල්ලත් හිටිය නිසා වෙන්නැති උපාසක එහෙම ඉන්න ඇත්තෙ..

    @RoshanHerath- ඒකනම් සහතික ඇත්ත යාලුවේ..

    @dinesh- ඒක ඇත්ත. :b
    හොද වෙලාවට උඹල බේරුනේ.. :d

    @පූසා- :b :b කොච්චර විමසිලිමත් උණත් බේරෙන එක සෑහෙන අමාරු වැඩක්. ඒත් තමන් තමන්ගෙ හැසිරීම පාලනය කරගන්නවනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

    ReplyDelete
  22. @මහා කළු සිංහලයා - හේ හේ ඒක ඇත්ත යාලූ.. :t

    @sameerausa - හෆොයි උඹ හදන්නෙ අපිට ගහන්නනෙ.. :n

    @Praසන්ன - :d :d :d

    @priyantha.ඒබී - ඒකනම් ඇත්තලු. තමන්ගෙ ශරීර සෞක්කය ගැන හිතල බලල හැසිරෙන එක ඇගට ගුණයිලු.. :b

    @පිණිබිඳු - ස්තූතියි සහෝ!!!

    ReplyDelete
  23. එක නම් ඇත්ත අයියේ... ඔය වගේ වෙලාවක් ගහ ගත්තේවත් නැතුව කටවහන් උන්නොත් මමත් නම් කොල්ලාව තියන් නැ.. :)

    ReplyDelete
  24. කොල්ලව තියන්නෙත් නෑ වලහාව තියන්නෙත් නෑ....:P

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. :b wow.. උපාසක එහෙම නොකලනම් තමා වැරදි...චංචලා සමහර විට රංඩුවට ගියා කියලා ටික් බනින්න ඇති...ඒ උනත් අනිවාර්යෙන්ම හිතින් ගොඩාක් ආඩම්බර වෙන්න ඇති...

    ReplyDelete
  27. උපාසක සිරා කොල්ලෙක්නෙ......
    ඔයිට ළගින් යන කතාවක් මමත් අහල තියෙනව...... :)

    ReplyDelete
  28. උපාසක එළ කොල්ලෙක්නෙ...

    ReplyDelete
  29. හරි හරි අපි දන්නවනේ උපාසක චන්ඩියා කියලා. අර වලස් තඩියා අත නවලා 2ක් දුන්නානම් තමා වැඩේ?

    ReplyDelete
  30. @Indranatha Thenuwara- :d :b

    @සිරකරුවා- ඒකට කමක් නෑ සහෝ!! ඇවිත් කියවන එකත් වටිනව. :b :b

    @නිම්ශා- අනිවා! ඒක ඇත්ත...! :f

    @pissi- බුදු අම්මෝ!! :p

    ReplyDelete
  31. @මම- හ්ම්ම් පූසට උපරිම කාඩ් එකලු! හැබැයි පොඩි දේශනා පාරකුත් ලැබුනලු ඉතින්.. :d

    @sameera wijayawardane- :c

    @සාතන්- අනිවා අනිවා!! :c

    @prasanna86k- එහෙම උනානම් ඉතින් උඹලට බලගන්න වෙන්නෙ පැත්තට ඇද වෙච්චි පූසෙක්ව තම.. :c

    ReplyDelete
  32. ෂා පට්ට පොරක්නේ..... :f

    අර අන්තිමට දාපු කතාවනම් පට්ට... :r

    අහ්.....හොර පුස් කඩියෝ ඔක්කෝටම සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක්....

    ReplyDelete
  33. අපේ උපාසකත් හිතන තරම් ලේසි පාසු පුතයෙක් නෙමෙයිනේ බලාගෙන ගියහම... එල එල... ඔහොම තමයි වෙන්ඩ ඕන... නැත්නම් මොකක්ද කොළු කමකින් තියෙන වටිනාකම...

    ReplyDelete
  34. දිනේශ් කිව්ව වගේ අපී කාලේ වෙලාවට ඔය කැමර ෆෝන් නොතිබ්බේ. එහෙනම් මෙලාකට පොලෝසියෙන් හොයනවා.... අනික ඉතින් ඒ කාලෙඋ බස් වලම නොවැ ආදරේ කොලේ...

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???