අඹ යාලුවෝ

Friday, December 24, 2010

චංචලා - 3 (අයිස්ක්‍රීම් කෑම)


ඉතිං යාලුවනේ ඔයාලට මතක ඇතිනෙ අපේ උපාසකයි චංචලායි ගොඩ ගියෙ කොහොමද කියලා. තවම ඒ ගැන කියෙව්වෙ නැති යාලුවො ඉන්නවානං ගිහින් ඒ කතා දෙක මුලින්ම කියවලා එන්නකෝ

චංචලා - 1
චංචලා - 2

ඉතිං 12 වසරෙදි පටන් ගත්ත මේ ආදර සම්බන්දෙ නිසා අපේ උපාසකට ගොඩක් රසවත් සිද්දි වලට, අප්සට් සීන් වලට ෆේස් කරන්න වුණා. අද අපි කියන්න යන්නෙ උපාසකට වෙච්ච ඒ වගේ රසවත් සිද්දියක් ගැන.

දැන් ඉතිං මේ වෙද්දි අපේ උපාසකගෙ ලව් එක හොදට නැගලා යනවා. මෑන්ස් අර තමන්ගෙ තිබුන සියලු ආඩම්බරකම් අතඇරලා දාලා මේ වෙද්දි චංචලාට බොක්කෙන්ම ලව් කරනවලු. කොටින්ම මේ වෙද්දි දෙන්නට දෙන්නා දකින්නෙ නැතුව දවසක්වත් ඉන්න බැරි තත්ත්වයක් තමයිලු තිබුනෙ. අපි කලිනුත් කිව්වා වගේ චංචලා ඒ ලෙවල් වලට කළේ කොමර්ස්. උපාසක කළේ මැත්ස්. ඉතිං මේ දෙන්නාට එකම සබ්ජෙක්ට්ස් කරන කපල් වලට වගේ ක්ලාස් වලදි මීට් වෙන්න චාන්ස් එකක් තිබුනෙ නෑ.

ඉතිං මේ ප්‍රශ්නෙට විසදුමක් විදිහට ජෝඩුව කළේ වෙනම අමතර පන්තියක් දාගත්ත එක. සතියෙ කතා කරගත්තු දවසක චංචලා එකවුන්ටින් ක්ලාස් එකකට යනවා කියලා ගෙදරින් එනවා. උපාසක ෆිසික්ස් ක්ලාස් එකකට යනවා කියලා ගෙදරින් එනවා. අන්තිමට ඉතිං දෙන්නා කරන්නේ ඉස්කෝලෙන් පස්සෙ සෙට් වෙලා ක්ලාස් එක පවත්වන එක. ඒ වගේම ගොඩක් වෙලාවට මේ ක්ලාස් එක පවත්වන්නෙ ගෝල්ෆේස් එක පැත්තෙලු.

ඉතිං මේ අමතර පන්තිය ඉවරවෙලා ගෙදර යන ගමන් පිටකොටුවෙ කඩේකින් කෑම කාලා යන්නත් මේ දෙන්නා අමතක කරන්නෙ නෑ. මොකද අපේ උපාසක මොන වැඩේ තිබුනත් කන බොන වැඩේට ඒවායින් කිසිම පාඩුවක් කරගන්නේ නැහැ නොවැ!

ඉතිං මේ වැඩේ වෙලා තියෙන්නෙත් ඔය අමතර පන්තියක් තිබුන දවසක. එදා අපේ යාලුවො දෙන්නට හිතුනලු ගෙදර යන ගමන් චිකන් ‍ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනෙයි කියලා. ඉතිං මේ දෙන්නා කරලා තියෙන්නෙ වෙනදා කෑම කන කඩෙන්ම චිකන් ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරන එක. හැබැයි ඕඩර් කළාට මොකද, වේටර් කාරයා පිගන් දෙක උස්සගෙන එද්දි තමයි දෙන්නට තේරිලා තියෙන්නෙ බරපතල මානුෂික මෙහෙයුමක් කරන්න වෙන බව. මොකද ඒ කඩේ ෆ්‍රයිඩ් රයිස් එක්ක දෙන චිකන් කෑල්ල ගඩොල් බාගයක් වගේ මහ විසාල එකක්ලු.

අපේ උපාසකනං ඉතිං කුකුලෙක්වම දුන්නත් බෑ නොකියා කන පූසා. හැබැයි මේ චිකන් කෑල්ලෙ සයිස් එක දැකලා චංචලාගෙනං ඇස් දෙකත් උඩ ගියාලු. මේක දැකපු උපාසකට තේරුණාලු චංචලා ෆේස් කරලා ඉන්න බරපතල සිටුවේෂන් එක. ඉතිං අපේ උපාසකත් "පවුනෙ පොඩි එකී" කියලා තීරණය කළාලු චංචලාට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනෙයි කියලා. මෑන්ස් ඊටපස්සෙ කළේ චංචලාගෙ ප්ලේට් එකේ තිබුන චිකන් කෑල්ල පොඩි පොඩි කොටස් වලට කඩලා ‍දුන්න එක. මේ අතරෙ ඉතිං පොඩි කෑලි එකක් දෙකක් උපාසකගෙ බඩටත් ගියයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේද යාලුවනේ?

ආ...කලින් කියන්න බැරිවුණානෙ. එදා මේ දෙන්නා කඩේට එද්දි කඩේ තිබුන හැම ටේබල් එකකම මිනිස්සු හිටියලු. ඉතිං අපේ කපල් එකට වාඩිවෙන්න වෙලා තියෙන්නෙ තව මනුස්සයෙක් හිටපු ටේබල් එකක. අපේ උපාසක අර චිකන් කෑල්ල කොටස් කීරීමේ මෙහෙයුම දිහා මේ මෑන්සුත් ඉතිං බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියලු. පස්සෙ මෑන්ස් කළේ උපාසකත් එක්ක හොද ෆ්‍රෙන්ඩ්ලි හිනාවක් දාපු එක. අපේ උපාසකත් ඉතිං මෑන්ස් එක්ක හොද හිනාවක් දාලා චංචලා එක්ක කෑම එක කන්න පටන් ගත්තලු.

ටේබල් එකේ හිටපු මනුස්සයා කාලා ඉවරවෙලා එතනින් නැගිටලා ගියෙ ඊටත් ටික වෙලාවකට පස්සෙ. තවත් ටික වෙලාවකින් කඩේ හිටපු වේටර් කෙනෙක් තඩි අයිස්ක්‍රීම් කප් දෙකක් උස්සගෙන උපාසකලා හිටපු ටේබල් එක පැත්තට එනවලු. මේක දැකපු අපේ පූසාට දවල් තරු පෙනුනලු. ඇයි දෙයියනේ බස් එකේ යන්න විතරයි සල්ලි ඉතුරු. මේ යකාට හැබෑටම පිස්සුද ඕඩර් නොකරපු අයිස්ක්‍රීම් ගේන්න???

උපාසක :- අයියා, අපි අයිස්ක්‍රීම් ඕඩර් කළේ නෑනෙ...

වේටර් :- මේ ටේබල් එකට කියලා තමයි මටනං කිව්වෙ මහත්තයා

උපාසක :- කවුද කිව්වෙ? අපිනං ඕඩර් කළේ නෑ. මට හොදටම ෂුවර්. අනික අපි බත් කාලා ඉවරත් නෑනෙ.

උපාසක මෙහෙම කියනකොටම එතනට තවත් මෑන්ස් කෙනෙක් ආවලු. බැලින්නං ඒ තමයි අර ටේබල් එකේ ඉදලා, පූසත් එක්ක හිනාවක් එහෙම දාලා, නැගිටලා ගිය මෑන්ස්.

මෑන්ස් :- මල්ලි මමයි ඔයාලා දෙන්නාට අයිස්ක්‍රීම් ඕඩර් කළේ. බිල මගේ ගානෙ දැම්මා. ඔය දෙන්නා හැමදාම ඔයවගේ සතුටින් ඉන්න. මගේ සුභපැතුම් ඔය දෙන්නාට

මෙහෙම කියපු මෑන්ස් ඉක්මනටම ආපහු හැරිලා ගියෙ උපාසකටයි චංචලාටයි එයාට ස්තුති කරන්නවත් වෙලාවක් ඉතුරු නොකර. මේ සිද්ද වෙච්ච සිද්දිය ගැන අපේ යාලුවො දෙන්නාට හරිම පුදුමයි. හැබැයි ඒ වෙද්දි හොදටම හවස්වෙලා තිබුන හින්දා, පුදුම වෙවී නාස්ති කරන්න තරම් වෙලාවක් චංචලාලට ඉතුරු වෙලා තිබුනෙ නෑ. කොහොමහරි ඉතිං ඒ මෑන්ස්ට හිතින් පින් දිදී දෙන්නා අයිස්ක්‍රීම් දෙකත් ඉවර කරලා ඉක්මනට ගෙදර ගියාලු. හැබැයි එදායින් පස්සෙ කවදාවත් අපේ කපල් එකට මේ මනුස්සයාව ආපහු මුණගැහුනෙ නෑ.

ප.ලි - අදටත් උපාසක දන්නෙ නෑ ඒ මෑන්ස් කවුද? ඇයි එහෙම කළේ? කියලා. ඒත් කොහෙහරි ඉදලා එයා බ්ලොග් ගඩොල් කියවනවානං, එදා පිටකොටුවේ නීලගිරියෙදි සිද්දවුණ මේ සිද්දිය ගැන උපාසක ගොඩක් සතුටු වෙන බවත්, එයාට ගොඩක් ස්තුති කළා කියලත් කියන්න කැමතියි. සමහරවිට සාමාන්‍ය දෙයක් වගේ පෙනුනත්, ආදරය කරන දෙන්නෙකුට ඒක විශේෂ අත්දැකීමක්............

40 comments:

  1. අන්න නියම මිනිස්සු :b

    ReplyDelete
  2. උපාසක වාසනාවන්තයා... :d සමහරවිට ඒ මනුස්සයාට එයා ආදරේ කරන කෙනා මතක් වෙන්න ඇති.. :c

    ReplyDelete
  3. All the world loves a lover.

    ReplyDelete
  4. පිටකොටුවෙ නීලගිරි එක මගෙත් ප්‍රියතම පොට් එකක් තමයි.
    හැබැයි උපාසකට අයිස්ක්‍රීම් අරන් දුන්නෙනං මං නෙමෙයි. :m

    ReplyDelete
  5. අම්මට සිරි.......උපාසක හරි වාසනාවන්ත බලළෙක් නොවැ.......

    ReplyDelete
  6. හේහේහේහේ අන්න මිනිස්සු...දැන් උන් ඒකට කරන්නේ කපල් එකක් දැක්කම තුඃ නොදකින් කියලා කියන එකනේ....ඒකට කපල්ස් අතේත් වැරදි නැත්තෙම නෑ...හැබැයි ඔය බොරුවට පෙන්නන්න බැරි හැම එකාම ඒකාලේ හොද හොද ජවුසම් නටපු අය...දැන් ඒ දේවල් කොරන්න බැරි නිසා තමයි එහෙම කරන්නේ....හික්ස්

    කතාවන්ම් පට්ටෙනුත් පට්ට...ඉතිරි චංචලාත් දැම්මනම්....

    ReplyDelete
  7. හරි පුදුමයි නේද :j එහෙම මිනිස්සු අදටත් ඉන්නවා කියලා අපි සතුටු වෙමු :c

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. හම් මාරයි මං හිතන්නේ ෂුවර් එකටම මිනිහා කෙල්ලගෛන් බූට් කාපු එකෙක්.වෙන දෙන්නෙක් සතුටින් ඉන්නකොට මිනිහාට සතුටු හිතෙන්න ඇති. කොහොම වුණත් එදා 19 බ්ලොග් ගඩොල් ලියන පූසෙක් එක්ක කතා කරන්න ලැබීම ලොකු සතුටුක්

    ReplyDelete
  10. ඇත්තටම මටත් ඔය වගේ අය මුණගැහිලා තියෙනවා.ලස්සණ හිත් තියෙන මිනිස්සු තමයි ඒ

    ReplyDelete
  11. සුන්දරයි...

    ReplyDelete
  12. උපාසක පිංවන්ත බිලාල පැට්ටෙක් නෙව ...

    උපාසකට ....!

    ජයවේවා !!!

    ReplyDelete
  13. ඊට පස්සෙ කෑල්ල මට හිතා ගත්තහැකි...

    ඊට පස්සෙ උපාසක හැමදාමත් චංචලා එක්ක කොච්චර් හිස් මේස තිබුනත් වාඩි උනේම තව කවුරු හරි හිටපු මේසයකලු.... ඇයි බං මෙහෙම ලොතරැයි ඇදෙනවනං ලව් කරන එක මාරම ලාබයිනේ....!

    එල එල... කතාව නියමෙට ගලාගෙන යනවා... හැබැයි මේ කතාවෙදි අර රොමෑන්ටික් ගතිය පොඩ්ඩක් අඩු වෙලා ගිහිල්ල වගේ. බඩගිණි ගතියක් ඇති කරනවා....

    කොහොමහරි ඒ පොරගේ නොම්බරේ හම්බ උනොත් අපිටත් දන්වපල්ලා...

    ReplyDelete
  14. කතාව නියමෙට නැගලා යනවා.... මල් හතයි !!!

    ReplyDelete
  15. ලස්සන කතාව අයියේ. දිගටම ලියමු..

    ReplyDelete
  16. දෙන්නාගේ සමගිය දැකල අර මෑන්ට අතීතය මතක් වෙන්න ඇති.
    මොනව උනත් උපාසකට මාර චාන්ස් වදිනවනේ....

    ReplyDelete
  17. Simply, outstanding.
    -From Japan

    ReplyDelete
  18. @DarKneT, Taboo Subjects,
    sudaraka, Shenya de Silva,
    ෴ හසියා ෴ ,මකුළුවා,
    indi, sameerausa,හිස් අහස - ස්තූතියි යාලුවනේ!!!

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. @පුබුදුවා- ඒක ඇත්ත..
    @නිම්ශා,චමිල -ස්තූති වේවා!! :b

    @Ano(Japan)- Thanx friend!!!

    @priyantha- ඔව් අපිත් හිතන්නෙ ඒක නිසා වෙන්න ඇති. ඒකනම් නියම චාන්ස් එකක් තමා.. :e

    @දුමී- අනිවා දන්වන්නම් සහෝ.. :c
    උත්සාහ කරන්නම් ඇත්ත සිදුවීම වෙනස් නොකර ලස්සණට ලියන්න.

    ඔව් ඔව් ඔහොම චාන්ස් වදිනවනම් තව මොනාද නේ.. :f

    ReplyDelete
  21. @හසී- සමහරවිට එහෙම හිටපු කෙනෙක්ව මතක් වෙලා වෙන්නත් පුලුවනි නේද??

    @පූසා- ඒක තමයි..

    @Praසන්ன- හොද වෙලාවට උඹ නෙවෙයි උනේ.. නැත්නම් උපාසකට අයිස්ක්‍රීම් ලැබෙනව තියා ගත්ත බත් එකත් කන්න නැති වේවි!! :q :q

    @Kasun Nadeeshana -ඔව් මාත් එහෙම හිතනවා.
    කතාකරන්න ලැබීම අපිටත් සතුටක් සහෝ.. :b

    ReplyDelete
  22. අඩේ මරු පොරක් නෙව...

    ReplyDelete
  23. ෂැක්............. අන්න අදහන්න වටින පොරවල්... :b

    ReplyDelete
  24. උපාසක මල්ලි, ඔය අයිස්ක්‍රීම් කතාව කිව්වට විතරක් බැහැ,
    කවද හරි,
    ජෝඩුවකට, උඹත් ඔහොම අයිස්ක්‍රීම් අරන් දියන්..........

    ReplyDelete
  25. දෙන්නගෙ පරම පිවිතුරු අහිංසක ආදරේ දැකල මෑන්ගෙ හිත උණූ වෙන්න ඇති... :b

    හැබැයි හොද මිනිහෙක් :c

    ReplyDelete
  26. එකවුන්ට් ක්ලාස් එකෙයි, පිසික්ස් ක්ලාස් එකෙයි නොගෙවන ගාස්තු වලින් තමයි මුන් දෙන්නා ෆ්‍රයිඩ් රයිස් කාල තියෙන්නේ!
    -කකා

    ReplyDelete
  27. මමත් කොහෙන් හරි ඉක්මනට කෙල්ලෙක් හොයගන්න ඕනෙ නිකං අයිස් ක්‍රීම් කන්න :D

    ReplyDelete
  28. පූසන්ටත් හම්බවෙන්නෙම පුදුම කට්ටිය නෙවෑ... ආදරයට උදව් කරන අයත් ඉන්නවා කියලා හිතාගන්න පුලුවන්

    ReplyDelete
  29. @Kathandara: ආදරවන්තයින්ට අපහාස කොරන්න එපා! :P

    ReplyDelete
  30. මට නම් පුද්ම අර අයිස් ක්‍රීම් අරං දීපු මනුස්සයා ගැන නෙවේ, අර අහිංසක කෙල්ලගේ චිකන් කෑල්ලටත් විදලා, තව අයිස් ක්‍රීම් එකත් කාපු උපාසකයගේ බඩ ගැන. අනේ අම්මපා මලේ ​උඹේ බොක්ක රබර්ද බං?

    ReplyDelete
  31. මටත් ඉස්සර ඔය වගේ දේවල් කරන්න (ආදරෙන් ඉන්න දෙන්නෙක්ගේ සතුට වෙනුවෙන් පොඩි සවුදිය පිරීමක් කරන්න)වගේ අදහස් එනවා.

    ඒත් බයයි අපේ සමාජයේ ඉන්න මිනිස්සු ඔය වගේ දේවල් වැරදි විදිහට්වටහා ගන්න නිසා.

    ඒත් අද දවසේ නම් බය නෑ . .

    මිනිස්සු ඔලුවෙන් හිටගෙන මොන මොනා කිව්වත්

    ඒ දරුවන්ගේ සතුට දැකලා සතුටු වුනු කෙනෙක් කියන විස්වාසේ මගේ ලඟ තියෙන නිසා අර මනුස්සයා කලා වගේ දෙයක් මින් මතුවට කරන්න නම් බය වෙන්නේ නෑ . .

    නියමයි . .

    අතීතයට සිත අරගෙන යනවා මල්ලිලා . .

    ReplyDelete
  32. @ කැන්ඩි
    සෝරෝ
    Hasitha ජයසූරිය
    කොඩී
    මධුරංග
    Supun Sudaraka
    prasanna86k

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට. චංචලා 4 කොටසත් අපි ඉක්මනට දානවා

    :b:b:b:b:b:b:b

    ReplyDelete
  33. @ sameera wijayawardane - හික් හික්!! අයියා උපාසකට අයිස්ක්‍රීම් අරන් දුන්න දවසට උපාසකත් වෙන කපල් එකකට අයිස්ක්‍රීම් අරන් දෙනවලු :m:m:m

    @ Kathandara - හික්ස්! එහෙම නරක වැඩ කරනවද හැබෑට පූසෝ? :k:k:k

    @ දුකා - අන්න නියම අදහස අයියේ. ඔය දේවල් වලින් කාටවත් හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑනෙ. බොහොම ස්තුතියි :b:b:b

    ReplyDelete
  34. තරුණ අයගෙ ආදරයක් දැකලා හිත සතුටින් දෙයක් කරන වැඩිහිටියො ඇත්තටම අද කාලෙ අඩුයි. තමනුත් දවසක මෙහෙම හිටිය නෙද කියල හිතන්නෙ නෑ. Generation gap කියන්නෙ මේකට වෙන්න ඇති.

    ReplyDelete
  35. ඔයා කුකුළගෙ කකුලක් කඩපු වෙලේ ඔයාටත් නොදැනිම මගේ පිඟානටත් කෑල්ලක් වැටුනා... ඒක ආපහු දෙන්නත් බෑනේ... ඒකට හරියන්න තමයි අයිස් ක්‍රීම් එක අරන් දුන්නේ...

    අනික එදා ඔයා කුකුළට දීපු ගේම ගැන මට දුක හිතුනා මල්ලි.... ඒකයි මම ඔයාලට අයිස් ක්‍රීම් අරන් දෙන්න තීරණය කළේ....

    පෝස්ට් එක දැම්මට බොහොම ඉස්තුතියි...
    දිගටම ඔය විදියට ලව් කරගෙන යන්න....

    ජයවේවා....

    ReplyDelete
  36. මමයි බොලේ එදා අයිස්ක්‍රීම් අරං දුන්නෙ, උපාසක කියල නම දැන ගත්තෙ ඔන්න දැං, ඇත්තම කියනව නම් ආදර කෙහෙල්මලක් හින්ද නම් නෙවෙයි, අර කුකුළා කඩන ගමන් අර කොලුවා ඒකෙන් බාගෙකට විතර වැඩේ දුන්න නෙව, ඉතිං මට හිතුනා අපොයි, හාමත් වෙලා ඉන්න එකෙක් නිසා තව මොනව හරි මයෙ ගානෙ අරං දුන්නොත් පිං සිද්ද වෙනවනෙ කියල, කුකුලෙක්ම අරං දෙනව, සල්ලි තිබ්බෙ නැහැ වෙලාවට, ඒකයි අයිස් ක්‍රීම් දුන්නෙ, ඇත්ත විස්තරේ කියන්ඩ ඇහැක, ඒකයි බොරුවක් ගැහැව්වෙ,

    ReplyDelete
  37. අන්න මිනිස්සු. ඒකට අපිට හම්බුවෙන එව්වො... උන් අපි කාල එවර වෙනකල් කට වල් දිහ බලන් ඉදියි... ඔන්න පූසො චංචලා බලන්න වෙලාවක් හොයා ගත්ත හික් හික්.
    පුරු පුරුව පුදුම වෙලා චිකන් කන හැටි මැවිල පේනවා

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???