අඹ යාලුවෝ

Saturday, December 11, 2010

හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day)

ඔන්න යාලුවනේ අපි මාස ගානක් තිස්සේ ඔයාලා වෙනුවෙන් ලියපු, ඒ වගේම කියවන යාලුවො ආසාවෙන් වැලද ගත්තු හොස්ටල් ලයිෆ් සීරීස් එක දැන් අවසාන අවස්ථාවට ඇවිල්ලයි ඉන්නේ.ඉතිං අද අපි කියන්න යන්නේ හොස්ටල් එකේ අපේ යාලුවො සෙට් එක ගතකරපු අන්තිම දවස ගැන.

මේ වෙද්දි කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියලා ඉවර වෙලයි තිබුනෙ.ඒ කියන්නෙ දෙසැම්බර් අන්තිම දවස් ටික තමයි දැන් ගතවෙන්නෙ.පුරුපුරුටනං විභාගෙ එච්චරම ප්‍රශ්නයක් වුණේ නෑ.ඉංග්‍රීසි සාහිත්‍ය ඇරෙන්න අනිත් ඔක්කොම සබ්ජෙක්ට්ස් හිතේ හැටියට ලියලා ආවා.මාලුකට්ටාටනං ගණං වලත් මොකද්ද අවුලක් ගිහින් තිබුනා.කොහොමහරි ඉතිං හැමදෙනාම මේ දවස්වල බොහොම සැහැල්ලුවෙන් තමයි කාලෙ ගතකළේ.

හොස්ටල් එකේ සාමාන්‍ය ට්‍රැඩිෂන් එක තමයි ඕ ලෙවල් ඉවරවෙලා සතියක් විතර යනකං ගෙවල් වලට නොගිහිං හොස්ටල් එකේම නැවතිලා ඉන්න එක.මේ වැඩේට කොටියා සර්රුත් කිසිම අවුලක් දැම්මෙ නෑ.දැන් ඉතිං කට්ටිය නිල වශයෙන් හොස්ටල් එකෙන් අස්වෙලා නිසා සර්රුත් ඉස්සර වගේ සැරෙන් නැතුව, හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් තමයි අපේ යාලුවොත් එක්ක කතාබහ කළේ.

ඉතිං තමන් හොස්ටල් එකේ ගතකරන අන්තිම සතිය මැක්සා ෆන් එකේ ගතකරන්න කිසිම කොල්ලෙක් අමතක කළේ නෑ.කට්ටියගෙ වැඩේ වුණේම දවස තිස්සෙම සෙල්ලං කරන එකයි, හවස් වෙද්දි රහීමා එක හරි, බම්බා පැත්තෙ හරි යන එකලු.ඒ වගේම රෑට ෆිල්ම් බැලීම, ගන බැලීම, සින්දු කීම, ඒ වගේම ඩෝම් එක ඇතුලෙ සෙල්ලං කිරීම වගේ දේවලුත් සැරට නැගලා ගියාලු.කොහොමහරි අපේ යාලුවො සෙට් එක ඒ දවස් ටිකේ ගත කළේ තමන්ගෙ ජීවිතේ ෆන්ම සතිය කිව්වොත් ඒක වැරදි නෑ.

ඉතිං ඔහොම දවස් ගෙවිලා ගිහින් හොස්ටල් එකේ ඉන්න පුලුවන් අන්තිම දවසත් උදාවුණාලු.සතිය පුරාම කොච්චර ෆන් එකේ හිටියත් අන්තිම දවස උදා වෙද්දිනං කට්ටියම ෆුල් අප්සට් එකේ හිටියෙ.මොකද අවුරුදු ගානක් හිටපු, තමන්ගෙ ජීවිතවල හොදම මතක සටහන් තියෙන, තමන් හැමදාම ආදරය කරපු හොස්ටල් එක දාලා යන්න වෙනකොට කාටද දුක හිතෙන්නෙ නැති වෙන්නෙ?

ඉතිං අන්තිම දවසෙ කට්ටිය උදේම කළේ අන්තිම ක්‍රිකට් මැච් එක ගහලා හොස්ටල් ක්‍රීඩා ජීවිතේට සමු දුන්න එක.ඊට පස්සෙ හොස්ටල් එකේ අන්තිම ලන්ච් එක අපේ යාලුවන්ට ලැබුනලු.වෙනදා ලන්ච් එකට නෑවිත් කැන්ටිමෙන් කන කට්ටිය පවා එදා ලන්ච් එකට ගිහින් කෑම කෑවේ බොහොම ආසාවෙන්.ඊට පස්සෙ අපේ යාලුවො කට්ටියම එකතු වෙලා සින්දු කිව්වලු.වෙනදා හිතේ තරහ මරහ තියාගෙන හිටපු මෑන්ස්ලා පවා එදා කරට අතදාගෙන තමයි සින්දු කිව්වේ.

අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් තමන්ගෙ අන්තිම ප්‍රහාරය විදිහට ලෝඩ් කොක්ට මහා වෝටර් ඇටෑක් එකක් දුන්නලු.ඇටෑක් එකට ලක්වෙච්ච ලෝඩ් කොක්, බලකායෙන් බේරෙන්න දුවන හැටි තමයි ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ.

දැන් ඉතිං හවස් වෙලා.කට්ටියටම ගොඩක් දුකයි.ඉතිං මේ දුක තුනී කරගන්න පොඩ්ඩක් අනුමත වුණොත් නරකද කියලා සකයාගෙන් යෝජනාවක් ආවා.හික්ස්...හොස්ටල් ට්‍රිප් එකෙන් පස්සෙවත් මෑන්ස් හැදිලා හිටියෙ නෑ.ඉතිං මේ යෝජනාව ඒකමතිකව සම්මත වුණේ, වෙනදට බොන්නෙ නැති සෙන්සි වගේ චරිත පවා අනුමත වෙන්න සෙට් වෙලා.ඉතිං කට්ටියගෙන් සල්ලි එකතු කරපු සකයායි, සංජුයි මීවිත අරගෙන එන්න කියලා පිටත් වුණාලු.

හැබැයි නුවරඑළියෙදි වගේ නෙවෙයි, එදානං සකයා මීවිත හොයාගෙන ඉක්මනටම ආපහු ඇවිත් තිබුනා.ප්‍රතිපාදන එහෙමත් යහමින් තිබුන නිසා මේ පාර කාල නාමපත්‍ර දෙකකුයි, රජත නාමපත්‍රයකුයි තමයි අපේ යාලුවො දෙන්නා ගෙනත් තිබුනෙ.ඒ විතරක් නෙවෙයි, බයිට් එකට ලොකු රටකජු පැකට් එකකුයි, ෂැන්ඩි වලට කෝක් මෙගා බෝතලයකුයිත් ගේන්නත් මෑන්ස්ලා අමතක කරලා තිබුනෙ නෑලු.මේ වෙද්දි ඉතිං රෑ වෙලා.දැන් නියමිත වෙලා තිබුනෙ කට්ටියගෙ අවසන් හොස්ටල් අනුමත වීම.

හැබැයි ඉතිං ගොඩක් කට්ටිය මීවිත ගේන්න ප්‍රතිපාදන සැපයුවාට මේ වෙද්දි වැඩේට ටිකක් පස්ස ගහ ගහා තමයි හිටියෙ.ඒ හින්දා අන්තිමට අනුමත වෙන්න ඉතුරු වුණේ කොල්ලො නව දෙනයි.ඒ තමයි පුරුපුරු, මාලුකට්ටා, ජුවාන්, සකයා, සංජු, සලා, පොල්පොට්, පොන්ටින් සහ හොං කොං.අනුමත වෙන තැන විදිහට තෝරගත්තෙ 11 වසර ඩෝම් එක පිටිපස්සෙ තියෙන ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙට්ස් ටිකලු.මොකද මෙච්චර කල් ඉදලා අන්තිම දවසෙ කොටියා සර්ට චාටර් වෙන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ යාලුවො කට්ටියත් සුභ මොහොතින් වැඩේ පටන් ගත්තලු.එදා තමයි අපේ මාලුකට්ටාගෙ මංගල අනුමත වීම.

ටිකක් වෙලා යද්දි මෙන්න බොලේ මාලුකට්ටා අම්බානට බොනවා.මෑන්ස් නිකං වතුර බොනවා වගේ තමයි අනුමත වුණේ.ඉතිං අනිත් කොල්ලො කට්ටිය ෆුල් හොල්මන් මාලුකට්ටා කොහොමද මෙච්චර හොද බෙබා ඩයල් එකක් වුණේ කියලා.කියන්න බෑනෙ, මෑන්ස් වැඩේට බෝර්න් ටැලෙන්ටඩ් පොරක්ද දන්නෙ නෑනෙ.ඔහොම ඉන්නකොට තමයි කට්ටියට තේරුණේ පළවෙනියට ගත්තු රජත නාමපත්‍රෙ බාගයක් ඉවර වෙන්නත් කලින් කෝක් බෝතලේ ඉවර වීගෙන එන බව.

මේක දැකපු අපේ යාලුවන්ට තරු පෙනුනලු.පස්සෙ ෆුල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බැලින්නං මාලුකට්ටා තමයි කෝක් බෝතලේට ගේම දීලා තියෙන්නෙ.පොර කරලා තියෙන්නෙ කෝකුයි, අරක්කුයි 20:1 අනුපාතෙට විතර දාගෙන අනුමත වෙන එක.ඉතිං එතන කෝක් රස මිසක් අරක්කු රසක් එන්නෙම නෑ නොවැ.ඒ හින්දා තමයි මාලුකට්ටාට පුලුවන් වුණේ වතුර බොනවා වගේ අනුමත වෙන්න.

මේක දැනගත්තු අනිත් කොල්ලන්ට ෆ්ලවර් ජම්ප් වුණත් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.කට්ටියට වැඩේ මීටර් වෙනකොට වෙන්න ඕනෙ ඩැමේජ් එක වෙලා ඉවරයි.ඉතිං අන්තිමට එතන හිටපු කට්ටියගෙන් තුන් හතර දෙනෙක් (මාලුකට්ටාත් ඇතුලුව) ෂැන්ඩි නැතුව බොන්න බැහැයි කියලා නැගිටලා ගියාලු.ඒත් ඉතිං ෂැන්ඩි නැහැයි කියලා මේවා විසිකරන්නයැ‍! අන්තිමට පුරුපුරු, පොන්ටින් ඇතුලු කීප දෙනෙක්ට තමයි ඉතුරු වෙච්ච මීවිත වලට වග කියන්න සිද්ද වුණේ.මොකද දැන් අමද්‍යප වුණාට ඒ දවස්වල අපේ පුරුපුරුත් හොද ඇල්කොහොලික් ඩයල් එකක්.

ඉතිං බීලා වැඩිවෙච්ච කොල්ලන්ට මොකද වුණේ, ඒ ව‍ගේම අනිත් කො‍ල්ලන්ට මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු.(ඊළග කොටසින් කතාවයි සීරීස් එකයි දෙකම ඉවරයි)

11 comments:

  1. කට්ටිය උ‍දේ වෙනකොට හිටිය හැටි හිතාගත්තහැකි. :s
    ඊළග කොටසත් දාන්න.

    ReplyDelete
  2. හික්.. අපිත් හොස්ටල් නොහිටියාට ඉස්කෝලෙන් සමුගත්තේ මෙහෙම තමා.. :a සම්ප්‍රදායක්ද කොහේද.. අන්තිම දවසට අනුමත වෙන එක.. හිකිස්....

    ReplyDelete
  3. දුකයි කතා ටික ඉවර වෙන්න යන එකට ආසවෙන් කියුවුවා

    ReplyDelete
  4. සුවර් එකට කොටියා සර්ට අවසාන වතාවටත් මාට්ටුවෙන්න ඇති අනුමත වෙලා.

    ReplyDelete
  5. පුරුපුරු ඈයි බං උඹලා කොටියා සර්ව සෙට් කරගත්තේ නැත්තේ අන්තිම පාටියට. ඒකනම් කැත වැඩේ. ගුටිකෑවත් කමක් නැහැ කියාලා කතාරන්න තිබ්බේ.

    ReplyDelete
  6. අපටත් ඔය විදිහට හොස්ටල් එකෙන් සමුගන්න තිබ්බනං කොච්චර සෝක්ද..?? වැඩේ කියන්නෙ O/L අන්තිම පේපර් එකට ලියලා ඉවරවෙලා අපට එහෙමම ගෙදර යන්න සිද්ධ වුනානෙ එදා හවස්වෙන්නත් කලිංම.. ඒ තමයි අපිව හොස්ටල් එකෙං අස්කරපු අන්තිම වතාව.. ඉතිං අපි කොච්චර හොද ළමයි වගේ හොස්ටල් එකේ හිටියද කියල උඹලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.. :)

    ReplyDelete
  7. කතා දෙකයි මේක බැලුවා එල ...අනිකට පයින්න ඕන ..මාර ටැලන්ටඩ් කොල්ලෙක් තමා මාලු !

    ජයවේවා !!

    ReplyDelete
  8. කට්ටිය එකට ඉඳල වෙන්වෙලා යද්දි නම් මාර දුකයි :s

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???