අඹ යාලුවෝ

Friday, September 10, 2010

හොස්ටල් ලයිෆ් - රහීමා, බම්බා සහ හොස්ටල් කෑම


දැන් යාලුවනේ අපි හොස්ටල් කතා ලියන්න පටන් අරගෙන ටිකක් කල් ගතවෙලා නොවැ! ඒත් ඉතිං මෙච්චරකල් බැරිවුණා හොස්ටල් එකේ කෑම මොකුත් ලියන්න.ඉතිං අද ලිපිය වෙන් වෙන්නෙ හොස්ටල් කෑම සහ තවත් රසකතා කීපයක් වෙනුවෙන්.

අපිට සාමාන්‍යයෙන් හොස්ටල් කෑම කිව්වම එකපාරටම හිතේ මැවෙන්නෙ කන්න තියා බලන්නත් අජූත කෑමවේලක්නෙ. ඒත් කුරුදුවත්තෙ හොස්ටල් එකේනං ඒ දවස්වල කෑම දුන්නෙ හොද හෝටලේකටත් වඩා හොද විදිහට.විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත.

හැබැයි උදේටනං දුන්නෙ සාමාන්‍ය කෑම වේලක්.එක්කො පරිප්පුයි පානුයි, එහෙමත් නැත්තං අල හොදියි පානුයි.සතියෙ එක දවසක් විතරක් උදේට සම්බෝලයි, බිත්තරයි පානුයි හම්බවුණා.සමහර වෙලාවට ජෑමුයි බටරුයි ගාපු පාන් හමුබවුණු වෙලාවලුත් තිබුනා.කොහොම වුණත් බ්‍රෙක්ෆස්ට් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ පාන්.

අපි අර පුරුපුරු මුලින්ම ගුටිකාපු කතාවෙ කිව්වා වගේ ඩයිනින් හෝල් එකේ ටේබල් හැම එකකටම, 11 වසරෙ ටේබල් මොනිටර් කෙනෙක් ගානෙ හිටියා.ඉතිං ටේබල් එකේ හිටපු පොඩි එවුන් කන්නෙ නැති කෑම ඔක්කොම අන්තිමේදි ඉතුරු වුණේ "ටේබල් මොනිටර් අයියගෙ" පිගානෙ.ඒ දවස්වල සමහර කට්ටිය තමන්ගෙ ටේබල් එකට වෙජිටේරියන් පොඩිඑවුන්ව ගන්න හරි කැමතියි.මොකද එතකොට පොඩිඑකාට ලැබෙන්න තියෙන ප්‍රෝටීන් ආහාරෙ හම්බවෙන්නෙ තමන්ට නොවැ!ඉතිං ඔයවගේ උදේට බිත්තර දෙන දවස්වලට, බිත්තර හය හතක් කන්න පුරුදු වෙච්ච "අයියලා" හොස්ටල් එකේ හිටියලු.

ලන්ච් එක සාමාන්‍යයෙන් හැමදාම වගේ බ්‍රෙක්ෆස්ට් එකට වඩා හොදට ලැබුනා.ලන්ච් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ මාලු.ඒ දවස්වල අන්කල් සියා කිරට උයපු මාලු කන්න හොස්ටල් එකේ හැම ළමයම පුදුම ආසාවකින් හිටියෙ.අන්කල් සියා හෙඩ් වේටර් වුණාට මාලු කිරට උයන දවසට කුස්සිය පැත්තට ගෙන්න ගන්නවා.ප්‍රොෆෙෂනල් කුක්ලාට ඊරිසියා හිතෙන විදිහට තමයි අන්කල් සියා කිරිමාලු උයන්නෙ.

ඊට පස්සෙ හම්බවෙන්නෙ හවස ටී එක.ඒකටත් ඉතිං ටී වලට අමතරව මාලුබනිස්, ඉස්පන්චි, ඥානකතා, ක්‍රිම් බනිස්, ජෑම් බනිස් වගේ දේවල් හම්බවෙනවා.හික්ස්...හැබැයි දවසට එක ජාතිය ගානෙ.වැඩිපුර ඒවා තියනවනං ටේබල් මොනිටර්ලටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි තමයි ඒ කෑම ලැබෙන්නෙ.ඒ දවස්වල "මාලුබනිස් රෙකෝඩ් එක" තිබුනෙ පුරුපුරුට.ඒ එක ටී වේලකට මාලුබනිස් 9ක් කාලා.

ඊටත් පස්සෙ ඩිනර් එකේදි තමයි අපේ යාලුවන්ට සුපිරි කෑම හම්බවෙන්නෙ.ඒ වගේම කෑමට හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නත් ඕනෙ.සාමාන්‍යයෙන් බත් එක්ක ප්‍රෝටීන් ආහාරය විදිහට ලැබෙන්නෙ සොසේජස්, මීට්බෝල්ස් වගේ දෙයක්.ඒත් විශේෂ කෑම ලැබෙන දවසුත් තියෙනවා

අගහරුවාදා - ඉදිආප්ප, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී (අතුරුපසට අයිස්ක්‍රීම්)

බ්‍රහස්පතින්දා (ස්පෙෂල් ඩිනර්) - ෆ්‍රයිඩ් රයිස්, විකන්, අල තෙල් දාලා, කට්ලට්, පපඩම් (අතුරුපසට අයිස්ක්‍රීම්)

සෙනසුරාදා - පාන්, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී

කොහොමද යාලුවනේ? හොස්ටල් එකක් හැටියට හොදයි නේද? ඉතිං ගොඩක් අඩු ගාස්තුවක් ළමයින්ගෙන් අරගෙන, ලයිට් බිල් වතුර බිල් එහෙමත් ගෙවලා, කෑමත් ඉස්තරම් විදිහට දෙන්න පුලුවන් වුණේ කොටියා සර්ගෙ තිබුන මැනේජ්මන්ට් ස්කිල් නිසාමයි.ඒ දවස්වල ඉදිආප්ප 70 - 80 කාපු ළමයි, පාන්ගෙඩි දෙක තුනක් කාපු ළමයි එහෙමත් හොස්ටල් එකේ හිටියලු.

කොහොම වුණත් හැමදාම රෑට හොස්ටල් එකෙන්ම කන එක ගොඩක් ළමයින්ට එච්චරම දිරෙව්වෙ නෑ.ඉතිං සතියට දවසක් දෙකක් ඩිනර් එක ගන්න පොඩි අවුටින් පාරක් දාන්න 10, 11 වසරවල සමහර ළමයි පුරුදු වෙලා හිටියලු.ඔය වැඩේට ඉතිං ගොඩක්ම තෝරගත්තෙ "රහීමා" එක. ඒ රහීමා එකේ කෑම ඒ දවස්වල හොද තත්ත්වයෙ තිබුන නිසයි, කිට්ටුවපාතක වෙන හොද කෑම කඩයක් නැති නිසයි කියන හේතු දෙකම හින්දා.

ඒ දවස්වල රහීමා එකේ ජනප්‍රිය කෑම තමයි විකන් බුරියානි සහ චිකන් කොත්තු.සල්ලි මදිවෙච්ච දවස්වලටනං ඉතිං බිත්තර කොත්තුත් කනවා.කිව්වම මොකද, දැන්නම් රහීමා එකේ කෑම ඉස්සර තරම්ම කොලිටි නෑ.

කලාතුරකින් අපේ යාලුවො බම්බා පැත්තෙත් පොඩි රවුමක් ගහන්නත් පුරුදු වෙලා හිටියලු.පොඩි චේන්ජ් එකකටත් එක්ක පීසා පාරක් දාන්න, එහෙමත් නැත්තං කෙන්ටකියෙ බැදපු සැවුල් මාංශ කඩේට ගොඩවදින්න ‍වගේ අවශ්‍යතාවයක් වුණොත් තමයි ඉතිං ඒ පැත්තෙ යැවුනෙ.

ඔය කොහෙගියත් අපේ කට්ටිය හිටියෙ හිතේ ගින්දරෙන්.ඇයි ඉතිං ඔය ගමන් අවසර අරගෙන එන ජාතියෙ ගමන් නෙවෙයි නොවැ! ඉතිං තාප්පෙ හරහා රීඩ් මහත්තයගෙ පාරට පැනලා හොරෙන් තමයි යන්න වුණේ.තාප්පෙන් පනිනකං කට්ටිය බයේ හිටියෙ කොටියා සර්ට හරි හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාට හරි මාට්ටු වෙයි කියලා.තාප්පෙන් පැන්නට පස්සෙ බයේ හිටියෙ කොයි මොහොතෙ පොලිසියෙන් අල්ලගනියිද කියලා.

ඒ දවස්වල පූසන්ගෙ වයසෙ කොල්ලො සෙට් එකක් රංචු ගැහිලා කොළොම්පුරේ පාරෙ යනවා දැක්කොත් පොලිසියෙන් බේරිල්ලක් නෑ.වහාම අල්ලගෙන බලනවා ඇල්කොහොල් සුවදක් එහෙම එනවද කියලා.ඊටපස්සෙ බීලා නැතත් ආපහු හොස්ටල් එකට පන්නනවා.ඔය ප්‍රොසීඩියර් එක අතරෙ පොලිසියෙන් ගුටියක් දෙකක් කාපු යාලුවොත් හොස්ටල් එකේ නොහිටියෙ නෑලු.එක දවසක් මහරෑ පොලිසියෙන් පන්නද්දි, ඉස්කෝලෙ තාප්පෙන් එළියෙ ඉදලා ඇතුලට පනිද්දි පුරුපුරුගෙ කකුලකුත් තුවාල වුණාලු.

මොනවා වුණත් මේ වැඩ පුරුද්දක් වශයෙන් කරන්න අපේ පූසො පුරුදු වෙලා හිටියෙ නෑ.

තාමත් රහීමා එකත්, ඉස්කෝලෙ තාප්පෙත් ඒ වගේමයි.වෙනස් වෙලා තියෙන්නෙ හිටපු ළමයි විතරයි.පුරුපුරු හැමදාම හවසට බස්එකට නගින්න එන්නෙ කැම්පස් එක ළග තියන බස්හෝල්ට් එකට.ඒ හෝල්ට් එකට හරියටම පාරෙන් එහාපැත්තෙදි තමයි මෑන්ස් තාප්පෙන් පැනලා කකුල තුවාල වුණේ.ඉතිං හැමදාම තාප්පෙ දකිද්දි ඔය සිද්දිය මතක් වෙන එක වලක්වන්න බෑ නොවැ! ඒ වෙලාවට තමයි හිතෙන්නෙ ආපහු හොස්ටල් එකට යන්න ඇත්නං කියලා...!

36 comments:

  1. හැබෑටම ඒක හොසටැල් එකක්ද නැත්නම් හෝටලයක්ද? :j :j දන්නවනම් අපිත් ඒ හොස්ටැල් හෝටලය පැත්තට හොරෙන් හරි රිංගනවනේ..... :a :a :a

    ReplyDelete
  2. අප්පට සිරි , පූසො ටික ඉඳල තියෙන්න ෆයිව් ස්ටාර් හෝටලයකනෙ අම්මපා. මෙහෙම කෑම දෙනවනං ජීවිත කාලෙම හොස්ටල් වල ඉන්න බැරියෑ . . .! මොන සැපද ?

    ReplyDelete
  3. ඇත්තටම මාසෙකට කොච්චර ගත්තද hostel fees?

    ReplyDelete
  4. really miss my school days :( life is chaos now :(

    ReplyDelete
  5. ඉතිං බං වෙලාවක අපිව එක්කගෙන පලයන්කෝ මචං
    උඹලගේ හෝටලේට. :)

    ReplyDelete
  6. එල අත්දැකීම් සහ මතක..... තවත් කතා ගොඩාක් මතක් කලා ඕන්......

    ReplyDelete
  7. මාත් කුරුදුවත්ත ඉස්කෝලෙම තමා. :). අපි නං ඉතින් හොස්ටල් එක පැත්තෙ ගියේ මොකක් හරි උත්සවේකට කලින් පිරිසිදුවෙලා ඇදුම් මාරු කරගන්න වගේ හදිස්සි කාර්යයකට තමා. හැබැයි කිව්වත් වගේ ඉස්කෝලෙ කැන්ටිමේ උනත් කෑම බීම වල නං කියන්න තරං අඩුවක් තිබුනෙ නෑ.

    ReplyDelete
  8. ඒකට කැම්පස් කැන්ටිමේ කෑම නේද?

    ReplyDelete
  9. මරු හොස්ටල් එකක්නේ ඒක... :b :v තාප්පෙන් පැනලා පුරු පුරු අයියාගේ කකුල ගොඩාක් තුවාල උනාද?

    ReplyDelete
  10. මාළු බනිස්ම 9ක් ඈ... පුරුපුරුත් බලාගෙන ගියාම හොඳ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්නේ... :q

    ReplyDelete
  11. හොටෙල් ඩි හොස්ටල්. සුපිරි කෑමක් නොවැ. ආයෙ යන්න ලැබුනොත් නම් අත අරියි...

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හිකිස්!
    "කෑම" පිණිස ධවලගිරි area එකට යන්න නම් අවසර ලැබෙන්න නැතුව ඇතු නේද සහෝදර පාසල් මිතුරන්ගෙන්?
    :a

    ReplyDelete
  14. @ Shadow
    @ ෴ හසියා ෴
    @ දුමී
    @ ළමයා

    බොහොම ස්තුතියි යාලුවනේ! ඇත්තටම හොස්ටල් එක හෝටලයක් තමයි කියලා තේරුණේ කැම්පස් ගියාට පස්සෙ තමයි. හික් හික්!!:f:f:f

    ReplyDelete
  15. @ ආදර කතාව - ඒ දවස්වල මතක විදිහටනං මාසෙටම 1250යි ගත්තෙ.හික්ස්...

    @ බුද්ධික - හැමෝටම එහෙම තමයි බං!

    @ prasanna86k - හික් හික්!! අපිත් දැන් ඕල්ඩ්බෝයිස්ලානෙ මචෝ!

    @ අභීත - එළකිරි මචෝ! එහෙනං තව පෝස්ට් ටිකක් දාපන්

    ReplyDelete
  16. @ kanishka© - අදුනගන්න ලැබිම සතුටක් මචෝ!:b:b:b

    @ priyantha - හපොයි! මතක් කරන්න එපා සහෝ!! බල්ලන්ටවත් කන්න බෑ ඒ කෑම:n:n:n

    @ හසී - හික් හික්!! වැඩිය තුවාල වුණේ නෑ නංගි:e:e:e

    @ පුතා - තරුණ කාලෙ පුරුපුරු ඉතාම ප්‍රවේගකාරී පිතිකරුවෙක් තමයි.හික්ස්...:f:f:f

    ReplyDelete
  17. @ Naදී - අම්මියෝ! මතක් වෙද්දිත් සැපයි:b:b:b

    @ වීතරාගී - හික් හික්!! :a:a:a

    ReplyDelete
  18. හහ් හහ් හහ් මමත් ඔය පැත්තෙම තමා... ඒත් ඒ කාලේ (83 - 88) නම් කෙන්ටකි මාංස ගන්න නම් තැන් තිබුනේ නැත... රහීමා නම් ඒ කාලෙත් එලමය... ඒත් මම කල්පනා කලා හින්දෑරි වට හොස්ටල් ගිය බුවාලා අවුරුද්දට දෙකට ආරලා ආවේ කියලා... හොස්ටල් නොහිටි මට කෝ එහෙම අත්දැකීම්... රීඩ් මාවතෙන් පිටවෙලා අවුරුදු 22 කට පස්සේ ඕං ගඩොල් මලයා තමා කියලා දුන්නේ රහස...

    ReplyDelete
  19. ඒ කාලෙ තිබ්බ ආතල් මතක් වෙද්දී තමයි time machine එකක් හදන්න හිතෙන්නේ :s

    අපිට නම් ඉතින් සැපට දුකට හිටියේ ධවලගිරිය තමා :b

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. යකෝ ගෙදර වගේනේ. හොස්ටල් එක සුපිරි නේ. ආයේ ඒ කාලේට යන්න තියෙනම් අනන්ත හිතෙනව නේද මලේ

    ReplyDelete
  22. හි හි මරේ මරු මමත් ගියේ කුරුදුවත්තට තමා
    ගඩොල් ගැන කියල වැඩක් නෑ... ගින්දර... :t

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. යකඩෝ මාර හොස්ටල් එකක්නේ . . .

    ඒක නමේ දැන් කොහොමද ඒ හොස්ටල් එකේ තත්වේ . .. ?

    මොනා වුනත් උඹ පෝස්ට් එකත් ලියලා තියෙනවා බලන අපේ කටවල් වලට කෙල උනන්නම . . හික්ස්

    ReplyDelete
  25. අද තමයි මේ පැත්තේ ආවෙ මට මතක ව්දිහට..වැඩිය විස්තර කියවන්න බැරි වුනා.. ඒත් පුන්ච් ප්‍රස්නයක්..අපි එක ඉස්කොලෙ ද? අපේ ඉස්කොලෙත් හොස්ටල් මේ වගේ..අපිත් බඩ ගිනි වුනාම දිව්වෙ රහීම එකට..අපිත් දිව්වෙ රිඩ් පාරෙන්ම තමයි..

    කොහොම වුනත් බ්ලොග් අවකාශෙ හමු වීම බොහොම සතුටක්

    ReplyDelete
  26. උඹලා ඉදපු අවුරුද්ද මොකක්ද? යකෝ මමත් හිටියෙ හොස්ටල් එකේ තමා.... හික්. හික්.. ගූ 70යි

    ReplyDelete
  27. @ තිස්ස -
    @ කොඩී -
    @ හිතුවක්කාරි -
    @ පිස්සා -
    @ Kaal_J -
    @ දුකා -

    බොහොම ස්තුතියි යාලුවනේ.ඔයාලගෙ කොමෙන්ට් තමයි අපිට දිගටම ලියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්නෙ.ඒ වගේම වෙන වෙනම උත්තර දෙන්න බැරිවීම ගැන අපිට සමාවෙන්න.නපුරු කලට මොනවා කරන්නද?

    :g:g:g:g:g:g:g

    ReplyDelete
  28. @ පැන්da - හික් හික්!! ඒක තමයි මචෝ මේක.හමුවීම අපිටත් ලොකු සතුටක් :b:b:b

    @ Hero - හික් හික්!! අඩෝ බොරු කියන්න එපා.උඹ වගේ එකෙක් බිහිකළානං ඒ පවට ඔය හොස්ටල් එකයි ඉස්කෝලෙයි දෙකම වහලා දාන්න ඕනෙ :e:e:e :l

    ReplyDelete
  29. අඩෝ මමත් හිටියේ ඔය ඉස්කෝලෙ තමා.. උඹ නෙ අර කළු මහත නාන්නෙ නැති/ පුකේ දඩ උපන් ලපයක් තියන වල් පොන්නයා?

    ReplyDelete
  30. රහිමා......................
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........
    කටට කෙළත් උනනවා.....

    ReplyDelete
  31. කාලෙකට පස්සෙ බ්ලොග් ග‍‍ඩොල් කියවන්න ලැබුනා!
    මොනව වුනත් මට සෑහෙන්න මලක් තිබුන ටේබල් මොනිටර්ස්ලත් එක්ක. අස්වෙන්නත් හේතුව උන්ම තමා! :P

    ඒක වෙනම කතාවක්. මොනව වුනත් හොස්ටල් එකේ කෑම නං සෑහෙන්න සිරා.. දැන් ඉතින් කාටවත් රහසක් නෙවෙයිනෙ ‍‍මොකක්ද ‍හොස්ටල් එක කියලා... ;)

    දැන් හැබැයි හොස්ටල් එකේ නීති එච්චර තදයක් නෑ. ඕනෙ නං රහීම යන්නත්, කෙන්ටුකියට යන්නත්, උවමනාව තදබලම නං ඩයිනමෝවටත් යන්න පුලුවනි! ;)

    ReplyDelete
  32. තාමත් රහීමා එකත්, ඉස්කෝලෙ තාප්පෙත් ඒ වගේමයි.වෙනස් වෙලා තියෙන්නෙ හිටපු ළමයි විතරයි.

    ඇත්තටම කඳුළු අවා!
    An old hosterller

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???