අඹ යාලුවෝ

Wednesday, June 23, 2010

ගන කතා 1 - සතුට සහ වින්ද්‍යා

අපේ බ්ලොග් එක කලින් ඉදල කියවපු අයනං දැනටමත් දන්නවා ගනය කියන්නෙ මොකද්ද කියල.දන්නෙ නැති කට්ටියට ආපහු කියන්නංකො.ගනයක් කියන්නේ එක්ස් ගනයකට.ඒ කියන්නෙ X හි තුන් වෙනි බලයට.ඒ කියන්නෙ XXX කියන වටිනාකමට.තව විදියකින් කියනවනං අපේ සමහරු වැල කියන දේටම තමයි.

ඉතිං ඔය බ්ලොග්අවකාශෙ මේ සම්බන්ධ එච්චරම කතාබහක් නැති වුණාට ඕ ලෙවල්,ඒ ලෙවල් කාල වල(සමහරවිට කැම්පස් කාලෙ පවා)කොල්ලන්ගෙ ජීවිතවල මූලික අවශ්‍යතාවයක් තමයි මේ ගන.කෙල්ලො ගැනනං හරියටම කියන්න දන්නෙ නෑ.ඒ වුණාට ගන බලන්නෙ නැති කොල්ලෙක් හොයනවට ව‍ඩා හොදයි අපේ ඉබ්බයියගෙන් පිහාටුවක් ඉල්ලුවනං.(අපිට මේ සීරීස් එක ලියන්න අයිඩියා එකක් තිබුනත් ඒක ඉක්මන් වුණේ ඉබ්බගෙ වින්ද්‍යා කියන ලිපිය දැක්කට පස්සෙ) ඉතිං මේ ගන කතා සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ සිරිලංකාවෙ ගනමාධ්‍ය වල විකාශනය පෙන්නුම් කොරන එක.ගනමාධ්‍ය කිව්වෙ කට්ටිය ගන බලන, ගන ගබඩා කරන මාධ්‍යවලටයි.

සිරිලංකාව ගනමාධ්‍ය යුග හයකට බෙදෙන වග තමයි බ්ලොග් ගඩොල්ටනං හිතෙන්නෙ.ඔන්න වැරදි නම් අපිව නිවැරදි කරන්න යාලුවනේ!

1. මුද්‍රිත මාධ්‍ය යුගය
2. VHS යුගය
3. VCD යුගය
4. DVD
යුගය
5. පන්හිද ධාවක යුගය
6. අන්තර්ජාල යුගය

මුලින්ම ඇතිවුණේ මුද්‍රිත මාධ්‍ය යුගය.ඒ කියන්නෙ ඔය සගරා, පත්තර වගේ අයිටම් තිබුන කාලෙ.ඔය යුගය කොයි කාලෙ ඇතිවුණාද කියලනං අපිට හරිහමං අයිඩියා එකක් නෑ.හැබැයි ඕක 90 දශකයෙ සැරට තිබිල දෙදාස් ගණන් වල මුල් හරියෙ නැතුව ගියා.(හැබැයි තාම තියනවද දන්නෙ නෑ) ඒ දවස්වල පිටකොටුව පැත්තෙ පත්තර කඩ වලින් ඔය ජාතියෙ පත්තරයක් ගන්න එක හරිම සිම්පල් ප්ලෑන් එකක්.එක එක ජාතියෙ චොයිස් එහෙමත් තිබුනලු.ගන ඕනෙනං ගන පත්තර.වර්ග ඕනෙනං වර්ග පත්තර.හැබැයි ගිනි ගනං.

***********************************************************************************

ඔය කාලෙ අපේ පුරුපුරුටත් ඔය ගන පත්තරයක් නිසා මාර චාටරයක් කන්න වුණාලු.සිද්දිය වු‍ණේ මෑන්ස් හත වසරෙදි.ඔය කාලෙ ඉතිං ගන ගැන කිසිම අයිඩියා එකක් තියෙන එකක්යැ.

පුරුපුරුල තීරණය කළාලු පන්තියෙ ළමයි කට්ටිය එකතු වෙලා පත්තරයක් හදමු කියල. පුරුපුරුගෙයි,කස්ස පසන්ගෙයි,පිජමෑන්ගෙයි තමයි අදහස.ඉතිං පන්තියෙ කොල්ලො ටිකත් එකතු කරගෙන කට්ටිය ගේමට බැස්සලු.ඔය පත්තරේ කුඩා පරිමානෙට අතින් ලියපු එකක්.පන්තියෙ කොල්ලන්ගෙ කවි, චිත්‍ර කතා, කතන්දර, රචනා එහෙම තමයි පත්තරේට දැම්මෙ.

අන්තිමට බැලුවම ඉතිං හිතුවටත් වඩා හොදට පත්තරේ හැදිල තිබුනලු.කට්ටියගෙ කවි, චිත්‍ර කතා, කතන්දර එහෙම පිරිල තිබුනලු.පුරුපුරුත් ඔය පත්තරේට ලිව්වා "හන්ටර්" කියල චිත්‍ර කතාවක්.දැන් තියෙන්නෙ පත්තරේට නමක් දාන එක.පිජමෑන් කිව්වලු මේකට සතුට කියල නම දාමුයි කියලා.අනිත් අයත් ඒ නමට කැමති වුණාලු.ඇයි ඉතිං පන්තියෙ ළමයින්ට සතුට ‍ගේන පත්තරේ‍ නො‍වැ!

දැන් ඉතිං පත්ත‍රේ සම්පූර්ණයිලු.පිදුම

"නිබද දැනුමෙන් අප සනසන ආදරණීය පන්තිභාර ගුරු _________ මෑණියන් වෙත"

ඉතිං පත්තරේ ෆොටෝකොපි ගහල පන්තිභාර ගුරුතුමියටත් එකක් පුදලා ඉතුරු ටික ළමයි අතරෙ බෙදල දුන්නලු.

පුරුපුරු ඉතිං හවස ස්කූල් වෑන් එකේ යන ගමන් අනිත් ළමයින්ට පේන්නත් එක්ක දැන් සතුට පත්තරේ කියවනවලු.(මේ අර හැමදාම කියන ස්කූල් වෑන් එකනං නෙවෙයි,ඊට කලින් ගිය එක)ටික වෙලාවකින් පුරුපුරුගෙ පත්තර කියවිල්ල දැකපු වෑන් එකේ වැඩිමල් අයියල ටික බක බක ගාල හිනාවෙනවලු.

බැලින්නං ඒ කාලෙ සතුට කියල බොහොම ප්‍රසිද්ද ගන පත්තරයක් තිබිල තියනවා.ඔය වග දන්නැතුව තමයි පුරුපුරුලා තමන්ගෙ පත්තරේට නම දාල තියෙන්නෙ!ඊට පස්සෙ කලාපෙ ඉදලා කට්ටිය තමන්ගෙ පත්තරේ නම දැනුම කියල වෙනස් කළාලු.

****************************************************************************************************************

මේ කතාවනං ඕ ලෙවල් කාලෙ සිද්දවුණ එකක්.ඔන්න දවසක් පුරුපුරු, උපාසක, ඤාව්වා, මාලුකට්ටා සහ වේයන්ගොඩයා ඉංග්‍රීසි සාහිත්‍ය පන්තිය ඉවරවෙලා ගෙදර යන ගමන්.මේ අර පූසො බියර් බීපු ලිට් ක්ලාස් එක, මතක ඇතිනෙ!

මේ දවස්වල ජනප්‍රිය වෙලා තිබුන පත්තරයක් තමයි "වින්ද්‍යා" කියන්නෙ.මේක ගන පත්තරයක් එහෙම නෙවෙයි.වර්ග පත්තරයක් කියන්නත් අමාරුයි.කොහොම වුණත් "වින්ද්‍යා" කියන්නෙ අපේ වේයන්ගොඩයගෙ මනාපය දිනාගත්තු පත්තරයක්.ඉතිං මෑන්ස් පූස්ගම පත්තර කඩේට ගොඩවැදුනලු වින්ද්‍යා එකක් ගන්න.පූසො සෙට් එකනං කඩේට ගියෙ නෑ,මොකද කඩේ මුදලාලි තමයි ස්කූල් වෑන් එකේ අයිතිකාරයා.

වටපිට බලබලා ගිය වේයන්ගොඩයා කඩේට ගොඩවැදුනලු.මළ කෙලියයි! එදා කඩේ ඉදල තියෙන්නෙ මුදලාලි නෙවෙයි, මුදලාලිගෙ හාමිනේ.දැන් අපේ යාලුවට අම්බානට ලැජ්ජයිලු.දාඩියත් දානවලු.ඒ වුණාට ලැජ්ජාවට වඩා ලොකුයිනෙ වින්ද්‍යා!ඉතිං වේයන්ගොඩයා හිතට දහිරිය අරගෙන හාමිනේට කිව්වලු මෑන්ස්ට වින්ද්‍යා පත්තරයක් ඕනෙයි කියලා.හාමිනෙත් කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුව පත්තරේ දුන්නලු.ඕක ඉතිං ප්‍රසිද්දියෙ එළිමහනෙ තියාගෙන ඉන්ඩ පුලුවන් ජාතියෙ පත්තරයක් නෙවෙයිනෙ.පත්තරේ දුන්න ගමං ඉක්මනට ඒක බෑග් එකේ දාගත්ත වේයන්ගොඩයා හාමිනේට සල්ලි ගෙවලා ඉක්මනට පූසො සෙට් එක හිටපු තැනට ආවලු.

වේයන්ගොඩයා :- මචං, දැන් වින්ද්‍යා පත්තරේ ගාන අඩු කරලනෙ!

ඤාව්වා :- නෑ? කෝ ගනිං බලන්ඩ අපිටත් කියවන්න.

වේයන්ගොඩයත් ඉතිං බෑග් එකේ දාගත්ත පත්තරේ එලියට ගත්තලු කට්ටියත් එක්ක ‍කියවන්න කියල.මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.මෙන්න වින්ද්‍යා පත්තරේ මුල් පිටුවෙ ඉන්නවලු පිස්සෙක් වගේ කොන්ඩෙ වවාගත්ත වයසක මනුස්සයෙක්!පින්තූරෙට යටින් මාතෘකාවකුත් ලියල තිබුනලු "සාපේක්ෂතාවාදය" කියලා.බැලින්නං අපේ ඇල්බට් අයින්ස්ටයින් ලොක්ක පින්තූරෙ ඉන්නෙ.

හාමිනේට වේයන්ගොඩයා "වින්ද්‍යා" කියපු එක ඇහිල තියෙන්නෙ "විද්‍යා" වගේ.ඇයි ඉතිං විද්‍යාව ගැන හිත යොදවන්න ඕනෙ වයසෙ හිටපු ළමයෙක් නොවැ!ඉතිං හාමිනේ මෑන්ස්ට දීල තියෙන්නෙ "විදුසර" පත්තරයක්........

ප.ලි :-

රජයේ අවවාදය - ගන බැලීම ඉතා නරක වැඩකි!

19 comments:

  1. මටත් ඔය පත්තර නම් මතක නැහ වැඩිය. ගන නම් ඉතින්නොබලන කොල්ලො ඉන්නවනම් උන්ව තියන්න වටින්නෙ නැහ. අපේ වනියා ගන බලන්නේ නැහ නේ ඒ උනාට හික් හික්. ඒක උගේ හැකියාව.

    ඒ පූසො අර පන්හිද දාවක් කිව්වෙ මොනවද බන් ?

    ReplyDelete
  2. @ Anonymous - :i

    @ meeya - :b thanks bro!!

    @ පිස්සා - හික් හික්!! සිරාවට මචෝ.
    අපි දන්න කොල්ලෙකුත් ඉන්නවා ගන බලන්නෙ නැති

    පන්හිද ධාවක = pen drive :f

    ReplyDelete
  3. පිස්සා පලාමල්ල කිව්ව කතාවට මමත් එකඟයි. පස්සේ කාලෙක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් නිසා බැලුව කියල වැරැද්දක් නෑ නේ :f

    ReplyDelete
  4. නියම කතාව. අ‍පේ කට්ටිය 7, 8 වසරවල ඉන්නකොට තමයි ඔය පත්තර වැඩේ නැගල ගියෙ. ඒ දවස්වල පිට්ටනිය අයිනෙ ගස් බෙනවල තමයි ගන පත්තර හංගල තිබ්බෙ.

    ReplyDelete
  5. අහ් ඒවා.. ඔව් ඔව් ඉස්සරහට ඕනි වෙනවනේ හික් හික්

    ReplyDelete
  6. ඉස්කෝලෙ කාලෙ මතක් වුණා ....

    ReplyDelete
  7. රජයේ අවවාදය - ගන බැලීම හෘදයාබාධ ඇතිකරවන සුළුයි :)

    ReplyDelete
  8. හොඳට ගඩොල් ඇදපු අයගෙන් මම දෙවනියා වෙලා.......... :s

    ReplyDelete
  9. @ කොඩි - හික් හික්!!:b

    @ Praසන්ன - හපොයි! ගන බලලා කොට්ටෝරුවො එහෙමත් නරක් වුණාද දන්නෙ නෑ!! :q

    @ පිස්සා - :f

    ReplyDelete
  10. @ thariya - :i

    @ Ansh Lucky Sri Jay - :b

    @ Hasitha - ඉතිං හොදයිනෙ මචෝ දෙවෙනිය වෙච්ච එක..පළවෙනිය වගේ තමයි ඉතිං!:b

    ReplyDelete
  11. :e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e

    ReplyDelete
  12. @ ano - බොහොම ස්තුතියි යාලුවේ!

    ReplyDelete
  13. http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5E8ugZ4I/AAAAAAAAAe0/T_9lNRHQbKc/saamgeadaviya.blogspot%20%285%29.gif

    ReplyDelete
  14. ඔය කාලේ ප්‍රසිද්ධ ගනයක් තමයි විවාහය....

    ReplyDelete
  15. ubala gindara balala thiyanawada? :D sarata yana paththarayak! :D :D ubalage athal 1 marauwata thiyenna athi! :D :D vidusara balala!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???