අඹ යාලුවෝ

Sunday, November 21, 2010

හොස්ටල් ට්‍රිප් - නුවරඑළියට පිස්සු හැදුන දවස


හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක? යන ලිපිය හා සම්බන්ධයි.

ඉතිං අපි කලින් ලිපියෙ කිව්ව විදිහටම ටික වෙලාවක් යද්දි අපේ පුරුපුරුටයි, ජුවාන්ටයි අම්බානට නින්ද ගිහින්.ඉතිං පැය ගානක් ගියාට පස්සෙ පොල්පොටු සහ සකයායි බොහොම මහන්සි පිට රූම් එකට ආවලු.බැලින්නං දෙන්නා ආපහු එන්න පාර හොයාගන්න බැරුව අතරමං වෙලා.ඊට පස්සෙ බොහොම අමාරුවෙන් තමයි ෆාම් එකට එන පාර හොයාගෙන තියෙන්නෙ.හැබැයි අපේ යාලුවො දෙන්නා ජයග්‍රාහී විදිහට කාල නාමපත්‍රයකුයි (black label), ධවල නාමපත්‍රයකුයි (white label) ගේන්න අමතක කරලා තිබුනෙ නෑ.

කට්ටිය ඉතිං පුරුපුරුවයි ජුවාන්වයි නැගිට්ටවන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් වැඩේ සාර්ථක වෙලා නෑ.දෙන්නම ගොරව ගොරවා නිදිලු.බෝතලේ වගේද නින්ද?ඊටපස්සෙ ඉතිං සකයයි, පොල්පොටුයි, සලායි, සංජුයි තීරණය කළාලු කට්ටිය එකතු වෙලා ඉක්මනට මතට තිත තියමු නේද කියලා.මොකද ඒ වෙද්දි එළිය වැටෙන්නත් ළගයි.ඉතිං කට්ටිය ෆාම් එකේ ඈත කෙළවරකට ගිහින් වැඩේට සෙට් වුණාලු.

කට්ටිය එකතුවෙලා මුලින්ම කාල නාමපත්‍රය ඉවර කළාලු.ඒ එක්කම ෂැන්ඩි ටිකත් ඉවර වුණාලු.දැන් ඉතිං කට්ටියට හොද ගනං.ඒ මදිවට ෂැන්ඩි නැතුව අනුමත වෙන්න සංජුයි, සලායි කැමති නෑ.ඉතිං ඒ දෙන්නා කළේ ආපහු රූම් එකට එන එක.ඒත් ධවල නාමපත්‍රයත් ඉවර නොකර ආපහු එන්න සකයායි පොල්පොටුයි කීයටවත් කැමති වුණේ නෑ.මොකද අතරමං වෙවී අමාරුවෙන් ගෙනාපු බෝතලේ නොවැ! කාටවුණත් ඕනෙම දෙයක් වටින්නෙ අමාරුවෙන් ලබාගත්තාම තමයි.

කොහොමහරි ඉතිං කට්ටිය එදා රෑ නිදාගෙන පහුවදා නැගිටලා බලද්දිත් සකයායි පොල්පොටුයි පේන්න හිටියෙ නෑ.ඊට පස්සෙ කලින් දවසෙ රෑ වෙච්ච දේවල් සංජු ඉදගෙන ජුවාන්ටයි පුරුපුරුටයි කිව්වා.ඉතිං මොකක්හරි අබ්ලික් කේස් එකක් වෙලා තමයි කියලා තේරෙන්න අපේ යාලුවන්ට වැඩි වෙලාවක් ගියෙ නැහැලු.කට්ටිය මේ දෙන්නාව හොයන්න යන්න හදද්දිම තමයි ප්‍රිෆෙක්ට් අයියලා දෙන්නෙක් සකයාවයි, පොල්පොට්වයි කනෙන් ඇදගෙන රූම් එකට අරගෙන ආවෙ.ඒ මදිවාට සකයාට ටවල් එකකුත් අන්දලා හිටියෙ.දැන් කට්ටිය ෆුල් හොල්මන්.

දෙන්නාව රූම් එක ඇතුලට දාලා අයියලා යන්න හදද්දි සකයා ඒ දෙන්නාට කුණුහරුපෙන් බැන්නා.ටිකක්වෙලා මෑන්ස් දිහා බලාගෙන හිටපු අයියලා, "වෙරි හිදුනාම තොට දෙන්නංකෝ" වගේ බැල්මක් දාලා ආපහු යන්න ගියා.ඉතිං පැයක් දෙකක් ගිහිල්ලා අපේ යාලුවො දෙන්නා පොඩ්ඩක් යථා තත්ත්වෙට ආවට පස්සෙ තමයි කට්ටියට සිද්ද වෙච්ච දේ දැනගන්න පුලුවන්කමක් ලැබුනෙ.බැලින්නං සිද්ද වෙලා තියෙන්න මෙන්න මේකයි.

දෙන්නා ධවල නාමපත්‍රයට තිත තිය තියා ඉන්නකොට දෙන්නාටම අම්බානට වැඩිවෙලා.ඊට පස්සෙ පොල්පොට් කරලා තියෙන්නෙ බයිට් එකට තිබුන කඩල ටික, ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කියලා එහාපැත්තෙ තිබුන කුණු කානුවට දාපු එක.මේක දැකලා ෆ්ලවර් ජම්ප් වෙච්ච සකයා පොල්පොට් එක්ක රණ්ඩු වෙලා.දෙන්නටම මහන්සි වුණාට පස්සෙ පොල්පොට් එතනම නිදාගෙන.ඊටපස්සෙ සකයා දැක්කලු එතන එහාපැත්තෙ ලස්සන කලු කෙල්ලෙක් ඉන්නවා.

අපේ කට්ටියට ඉතිං කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතකයි නොවැ! ඉතිං අපේ සකයාත් ගිහිං ඒ කෙල්ලත් එක්ක ඩාන්ස් කරන්න.හැබැයි ඉතිං කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරද්දි ජෙන්ට්ල්මන් වගේ ඉන්න එපායැ! ඉතිං සකයාත් කරලා තියෙන්නෙ ඇදගෙන හිටපු මඩ ගෑවුණු කලිසම ගලවලා විසිකරලා කෙල්ලත් එක්ක නටන්න ගිය එක.හැබැයි මෑන්ස්ට අමතක වෙලා ඒ වෙලාවෙ යටට මොකුත් ඇදගෙන හිටියෙ නෑ කියලා.ඉතිං අවාසනාවන්ත විදිහට ඒ වෙලාවෙ එතනට ආපු ෆාම් එකේ මුරකාරයෙක්, සකයාව අල්ලගෙන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට බාර දීලා.

සකයා කියපු විදිහටනං කෙල්ල ලස්සන වුණාට කට ටිකක් ගදයිලු.දැන් ඉතිං මෑන්ස් කියන විස්තර අහලා අපේ යාලුවො සෙට් එකට සදමෝල් වගේලු.කට්ටියම දන්නවා ඔලුව හොද කෙල්ලෙක්නං කීයටවත් සකයාත් එක්ක ඩාන්ස් කරන්න එන්නෙ නෑයි කියලා.ඉතිං අපේ යාලුවො සෙට් එක ගියාලු කලින් දවසෙ රෑ කට්ටිය මතට තිත තිබ්බ තැනට.මෙන්න බොලේ කඩල ටික එහෙමම තියනවා කුණු කානුව ඇතුලේ.ටිකක් එහායින් තඩි කලු බල්ලෙක් බැදලා ඉන්නවා ගොරව ගොරව.ඌ දිහා දැක්කමත් බය හිතෙනවා.

එතකොට එතෙන්ට ආපු මුරකාරයෙක් අපේ යාලුවන්ට මෙහෙම කිව්වලු

මුරකාරයා :- බලන්න මහත්තයෝ, ඊයෙ රෑ කවුද පිස්සෙක් කලිසමත් ගලවගෙන මේ බල්ලත් එක්ක නට නටා හිටියනෙ.මහත්තයලට කියන්න, මූ වගේ සැර බල්ලෙක් ඒ යකාට හැපුවෙ නැත්තෙ ඇයි කියලා තමයි මම මේ දවසම කල්පනා කර කර හිටියෙ

බැලින්නං සකයාගේ පිස්සු හැසිරීම දැකපු බල්ලටත් මොංගල් ගහලා.

ප.ලි - සකයාගේ සහ පොල්පොට්ගේ වාසනාවට මේ සිද්දිය කොටියා සර්ගෙ කනට ගියෙ නෑ.හැබැයි ආපහු හොස්ටල් එකට ආවට පස්සෙ දෙන්නාටම ප්‍රිෆෙක්ට් අයියලාගෙන් අම්බානට කන්න වුණා.ආපහු මේ වගේ වැඩ කරන්නෙ නෑ කියලා, මාගලක් වගේ දිග ලියුමක් ලියන්නත් වුණා.

31 comments:

  1. :f අපොයි... සකයා....
    උඹේ අර හඳුන්වා දුන්න නම් දෙක නම් මරු මචං... මමනම් ඔව්වයින් ධවල එකට තමා වැඩි කැමැත්ත...

    ReplyDelete
  2. නියමයි ...කතාව

    වෙලාවට බල්ලා සකයාගේ කොහේවත් හැපුවේ නැත්තේ එහෙම උනානම් අනාගතයම ඉවයි අර කොල්ලගේ !

    කතාව නම් සිරා මචෝ ...හි .හි

    ජයවේවා !!

    ReplyDelete
  3. බල්ලත් බය වෙන්න ඇති ගැජමන්ට් එක දැකලා... "අයියෝ .. මූ මාව අනාථ කරයිදෝ.." මගේ හැඟීමක් ආවද දන්නේ නැහැ.... හපන්නේ නැතුව හිටියේ....

    ReplyDelete
  4. මල්ලි අපිට තව කතා ඔනී.. !!! :b

    ReplyDelete
  5. හික්ස් මේක කියවාලා හිනා වුන සද්දේට ගෙදර කට්ටියත් දුවගෙන ආවා.. :q :q :q

    ReplyDelete
  6. තව පොඩ්ඩෙන් අනාගතේ බව්වගේ කටේ.... :q :q :a

    @ හසී...
    එහෙනම් වෙන මොකක් හරි වෙලා මෙයාට.... :r :p

    ReplyDelete
  7. බල්ලට නූල් බඳින්න උනාද දන්නේ නෑ :q

    ReplyDelete
  8. "මුරකාරයා :- බලන්න මහත්තයෝ, ඊයෙ රෑ කවුද පිස්සෙක් කලිසමත් ගලවගෙන මේ බල්ලත් එක්ක නට නටා හිටියනෙ.මහත්තයලට කියන්න, මූ වගේ සැර බල්ලෙක් ඒ යකාට හැපුවෙ නැත්තෙ ඇයි කියලා තමයි මම මේ දවසම කල්පනා කර කර හිටියෙ"හි..හී...මේ කෑල්ල තමයි මරු... :e :e :e :q :b

    ReplyDelete
  9. පුරුපුරු මලේ උඹ මට අපහස කරලා තියෙනවා. ගෝල්ඩ් ෆිෂ්ලා කොහෙද බං කානු වල? අපි ඉන්නේ සුකිරි ප්ලේස් වලනේ.

    මේ ඒක නෙමේ මට ඇත්ත කියහං, උඹලා අර තඩි බල්ලටත් සැන්ඩි නැතුව පෙව්වා නේද?

    ReplyDelete
  10. බල්ල හපනාවා කොහොම උනත් ලෙහල හිටියනම් පන එපා කියල දුවයි.

    ReplyDelete
  11. කොල්ලංගෙ වැඩ ටික දැකල බල්ලට නිකංම ඩෝප් වෙන්න ඇති.

    ඔය කාල නාම පත්‍රයනං නියම බඩුවක් තමයි.

    ReplyDelete
  12. පට්ට බන් අදත් මොනිටරෙ දිහා බලන් හිනා උනා.

    ReplyDelete
  13. බල්ලටත් හිතා ගන්න බැරි වෙන්න ඇති බං මොකද්ද වෙන්නේ කියලා. කොච්චර වුනත් ඌත් බල්ලෙක්නේ... හික් හික්...

    ReplyDelete
  14. සෝයල් කොල්ලාNovember 24, 2010 at 11:29 AM

    මල්ලි මේ, සෝයල් කොල්ලෝ චාටර් වෙන කතා ලියන්න එපා. සෝයල් කොල්ලෝ දෙකක් දාගත්ත කියල අල වෙන ඩයල්ස් නෙවෙයි, හරිය?

    ReplyDelete
  15. බීපුවාම බලු වෙනවා කියන්නේ කට කහනවට නෙමෙයි නේ..................

    ReplyDelete
  16. අපොයි බොල උබත් ලියනවා මේ අපි නැතිම වෙන්න හික් හික්... පට්ට බන් නම් දෙක... හික් හික්. ඔය කාල වර්නෙ නම් අපොයි දැක්කත් කබරෙ මට. ධවල එක නම් අවුලක් නැහ වැඩි උදේට පොඩ්ඩක් අමාරුයි...

    ReplyDelete
  17. පූසො සෙට් එක අනුමත උනාට පස්සෙ හැම ජීවියෙක්ම කෙල‍්ලො වගේද පේන්නෙ? :r

    ReplyDelete
  18. :t අනේ මන්දා ඉතින් පූසෝ දැක්කම බල්ලා බය වෙන්න ඇති. ඇස් දෙකත් දනවා හිනා වෙලා

    ReplyDelete
  19. ado puru puru,hoda welawata api denna nida gaththe...
    polpot juan ge mala gedara yanna hadapu ekai,pahuwada dres ekai genath kiyapan..

    ReplyDelete
  20. ස්තූතියි යාලුවනේ!!

    ReplyDelete
  21. බල්ල යහතින් හිටියද................?

    ReplyDelete
  22. ඔව් ඔව් මචෝ බල්ල නම් හොදට හිටියා.. :q

    ReplyDelete
  23. හැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ අදහස් දැක්වුවාට.:g:g:g:g:g:g:g

    ReplyDelete
  24. adooooooooo,meka waradine ban.mehema neweine une>>>>>>>>>anith karane, a ballawa a welawe lihala thamai thibune.kauda ban puru puru kiyanne?Luu God da(Guu load)?

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???