අඹ යාලුවෝ

Wednesday, December 22, 2010

චංචලා


ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නෙ අපේ උපාසකගෙ පළවෙනි ආදර කතාව ගැන. මේක හැබැයි එක ලිපියකින් කියන්න පුලුවන් කතාවක්නං නෙවෙයි. අපි දැනට හිතාගෙන ඉන්නෙ මේ කතාව කොටස් 6 -7 කට ඔයාලාට කියන්න. ඒ වගේම මේ කතාව මෙගා නාට්‍ය ස්ටයිල් එකෙන් තොරව ඉදිරිපත් කරන්නත් අපි ෆුල් ගේමක් දෙන්නංකෝ(පළවෙනි කොටස් දෙක ඇරෙන්න).

මේ සිද්දිය පටන් ගන්නෙ අපේ පූසො 12 වසරට ආපු අවුරුද්දෙ. ඒ කියන්නෙ 2004 අවුරුද්දෙ. ඔය කාලෙ අපේ උපාසකයි, මාලුකට්ටායි ඉස්කෝලෙ ගියෙ පූස්ගම ඉදලා කොළඹට දාපු අලුත් ස්කූල් වෑන් එකක. පුරුපුරු තමන්ගෙ ඕ ලෙවල් හොස්ටල් ලයිෆ් එක ඉවර කරලා ඤාව්වාත් ගිය සුපුරුදු ස්කූල් වෑන් එකටම ජොයින් වුණා. ඉතිං උපාසක උදේට ස්කූල් වෑන් එකේ ගියාට මොකද, හවසට ගොඩක් වෙලාවට එන්නේ ගම්පහ කෝච්චියෙලු. මොකද මෑන්ස් ගිය සමහර ක්ලාස් තිබුනෙ සතියෙ දවස්වල ගම්පහ ටවුන් එකේ.

ඔය වගේ ක්ලාස් ආපු දවසක, ගම්පහ බස්ටෑන්ඩ් එක ගාව තියෙන "නිමාකා" කොෆී හට් එකේදි තමයි අපේ පූසා මුලින්ම මේ කියන ලස්සන ගෑනු ළමයාව දැකලා තියෙන්නෙ. ඉතිං මේ ළමයාව මීටරේට වැටුන දවසෙ ඉදලා උපාසක මෙයා ගැන හොයන්න මහා මෙහෙයුමක් දියත් කළාලු. 12 වසරට එනකල්ම පිස්සු නට නටා හිටපු අපේ උපාසකගෙ මංගල ට්‍රයි එක නිසා අනිත් පූසොත් මේ මෙහෙයුමට බැස්සෙ ෆුල් බොක්කෙන්. කොහොමහරි ඊටපස්සෙ තමයි දැනගත්තෙ මේ ගෑනු ළමයාගෙ නම චංචලා කියලා.

පස්සෙ තවත් හොයලා බලද්දි තමයි දැනගත්තෙ චංචලා ඉන්නෙ උපාසකගෙ වාසබවනෙ ඉදලා පොඩි දුරකින් බව. හරියටම කියනවානං ඔය අපේ මාරයා ඉන්න හරියෙ. චංචලා ඉස්කෝලෙ ගියෙ කොළඹ තිබුන ලිප්ටන් කියන බාලිකාවට. හැබැයි ඒ ස්කූල් වෑන් එකකනං නෙවෙ‍යි, ගම්පහට ගිහින් කෝච්චියෙ. හැබැයි මේ වෙද්දි උපාසක කවදාවත් චංචලාව කෝච්චියෙදි දැකලා තිබුනෙ නෑ. ඒ වගේම චංචලා ඒ ලෙවල් වලට කළේ කොමර්ස්.

අනිත් කාරනේ, මේ දවස්වල අපේ පූසොත් එක්ක වලියක් දාගෙන හිටපු රත්ති කියලා කොල්ලෙකුත් චංචලාට බැල්මට් එක දාගෙන හිටියලු. කොටින්ම ඒ වෙද්දි රත්ති චංචලාගෙ යාලුවෙක් බවට පත්වෙලත් ඉවරයි. ඉතිං මේ බුද්ධි තොරතුරු එක්රැස් කරගත්තු අපේ පූසො තීරණය කළාලු උපාසක වහාම චංචලාට ට්‍රයි කොරන්න ඕනැයි කියලා.

ඉතිං අපේ උපාසක කළේ සතියෙ දවස් දෙක තුනක් විතරක් ඉස්කෝලෙ ඉවරවෙලා කෝච්චියෙ එමින් හිටපු එක, දවස් පහක් දක්වා වැඩි කිරීමලු. ඒ වගේම හැම සෙනසුරාදාම උදේ ගම්පහ බස්ටෑන්ඩ් එකට වෙලා චංචලා එනකං බලාගෙන ඉන්න එකත් මෑන්ස් තමන්ගෙ පුරුද්දක් බවට පත් කර ගත්තලු. ඉතිං මෙහෙම ටික දවසක් යද්දි චංචලා එක්ක ෆිට් වෙන්න අපේ පූසාට අමාරු වුණේ නෑ. කොටින්ම මාස දෙක තුනක් යද්දි උපාසකයි චංචලායි හොදම යාලුවො වෙලයි තිබුනේ.

මේ වෙද්දි එන පොට හොද නැති බව තේරුම් ගත්තු රත්ති, චංචලාගෙන් යාලුවෙන්න අහලා තිබුනා. ඒත් චංචලා රත්තිට කැමතිවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ උපාසකට තේරුම් ගියා මෑන්ස්ට මේ වැඩේ කරගන්න බැරිවෙන එකක් නෑ කියලා.

කොහොමහරි කොච්චර චංචලා එක්ක ෆිට් එකේ හිටියත් උපාසකට ලොකු ප්‍රශ්නයක් තිබුනා. අපේ උපාසක කියන්නෙ පිස්සුම පිස්සු පූසෙක් කියලත්, මෑන්ස් කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ කියලත් ඔයාලා ශානිගෙ කතාවෙදි කියවලා ඇතිනේ. ඉතිං මෑන්ස්ට තිබුන ප්‍රශ්නෙ තමයි කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න අකමැති එක.කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහීම, ඒ කෙල්ලට සෙකන්ඩ් වීමක් විදිහට තමයි ආඩම්බර උපාසක දැක්කෙ.

දැන් ඉතිං මෑන්ස්ට හිතාගන්න බැහැ තමන් අමාරුවෙන් රැකගත්ත අවුරුදු 17ක ප්‍රතිරූපෙට හානියක් නොවී මේ වැඩේ කරගන්න හැටි ගැන. මේ ගැන ඇහුවාම පුරුපුරු ඇතුලු අනිත් පූසො උපාසකට කිව්වෙ ආඩම්බරකම පැත්තකට දාලා චංචලාගෙන් යාලුවෙන්න අහන්නයි කියලා. ඉතිං කල්පනා කරලා කරලා බැරිම තැන උපාසකත් තීරනය කළාලු ඕන මගුලක් වෙන්නයි කියලා චංචලාගෙන් යාලුවෙන්න අහන්න. මොකද මෑන්ස්ට මේ වෙද්දි තමන්ගෙ ආඩම්බරකමට වඩා චංචලාව ගොඩක් වැදගත් වෙලයි තිබුනෙ.

ඉතිං අපේ උපාසක ඊළග සෙනසුරාදා හවස ක්ලාස් ඉවරවෙලා බස් එකේ යන ගමන්, සුපුරුදු විදිහට චංචලා එක්ක කතාවට එන්ටර් වුණාලු.

උපාසක :- චංචලා, රත්ති ආපහු ඔයාගෙන් යාලුවෙන්න ඇහුවෙ එහෙම නැද්ද?

චංචලා :- ඔව් උපා, දැන් දවස් දෙකතුනක්ම එයා මගෙන් ඇහුවා. ඒත් මම කෙලින්ම එයාට බෑ කිව්වා

උපාසක :- එයාට බෑ කිව්වෙ ඔයාට වෙන බෝයි කෙනෙක්වත් ඉන්නවාද?

චංචලාට වෙන කොල්ලෙක් නෑ කියලා දැන දැනත් උපාසක චංචලාගෙන් ඇහුවලු.

චංචලා :- අයියෝ නෑ, මම රත්තිට කැමති නෑ. ඒකයි බැ කිව්වෙ.

උපාසක :- එතකොට ඔයාට ඇත්තටම බෝයි කෙනෙක් නැද්ද?

චංචලා :- ඔයත් මොනවා කියනවාද මන්දා? මම ඇත්තමයි කිව්වෙ. මට පේන්නෙ ඔයාටනං කවුරුහරි ගර්ල් කෙනෙක් ඉන්නවද කොහෙද? ඔයාගෙ හැටියටනං ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතිවෙන්න විදිහක් නෑ.

උපාසකට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද නැද්ද කියලා චංචලා ඒ වෙනකොටත් හරියටම දැනගෙන හිටියෙ නෑ. මොකද කොච්චර ෆිට් එකේ හිටියත් දෙන්නා මේ වෙනකංම ඔය ආදරය වගේ මාතෘකා ගැන එච්චරම කතා කරලා තිබුනෙ නෑලු. ඉතිං මේ අහපු පුරස්නෙට අපේ උපාසක උත්තර දුන්නෙ මෙහෙමයි.

උපාසක :- දැනටනං මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. හැබැයි මම කැමති ගර්ල් කෙනෙක්නං ඉන්නවා. එයා තවම මම එයාට කැමතියි කියලා දන්නෙ නෑ.

චංචලා :- අයියෝ, ඇයි ඔයා තවම එයාගෙන් ඇහුවෙ නැත්තෙ. ඕන ගෑනු ළමයෙක් ඔයාට උඩින්ම කැමති වෙයි. ඒක නෙවෙයි, කවුද ඒ ලකී ගෑනු ළමයා? මෙහෙ ක්ලාස් එන එක්කෙනෙක්ද?

උපාසක :- ඔව්, එයත් අපේ වයසෙමයි.

චංචලා :- එහෙනං සමහරවිට මමත් එයාව දන්නවා ඇති. මම ඔයාට පුලුවන් උදව්වක් කරන්නම්

උපාසක :- ඔව් ඔව්!! ඔයා එයාව දන්නවා. උදව් කරන එකට තැන්ක්යූ වෙරි මච්. හැබැයි මේ වැඩ හින්දා මගෙයි එයාගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් නැතිවෙයිද දන්නෑ?

චංචලා :- පිස්සුද අනේ? ගෑනු ළමයි එහෙම තරහා වෙන්නෙ නෑ

දැන් ඉතිං අපේ උපාසකට ෆුල් හැපීලු. මොකද තමන් ට්‍රයි කරන කෙල්ලම කියනවා අහන්නයි කියලා. ඒ මදිවාට උදව් කරන්නං කියලත් කියනවා. ඉතිං උපාසක චංචලාට කිව්වලු ඊළග සදුදා මේ ගර්ල්ව චංචලාට අනිවාර්යයෙන් පෙන්නනවයි කියලා.

34 comments:

  1. පට්ට පට්ට :t ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩෝ....... :c

    ReplyDelete
  2. ඔහොම යං ඔහොම යං....
    බලමුකො ඊළගට මොකක්ද වෙන්නෙ කියල. :n

    ReplyDelete
  3. mula thika nam samanai
    balamu ko issarahata monawa wevida kiyala

    ReplyDelete
  4. ඉක්මනට ඉතිරි ටික ඕන .....!!!

    උපාසක බලල්ලු තමයි මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ ..

    ජයවේවා !!

    ReplyDelete
  5. මටත් ඔහොමම සිද්දියක් වෙලා තියෙනවා. ඔය දෙබසම මාත් අහල තියෙනවා. මේ කොල්ලො නම් මහ කපටිම ජාතියක් අම්මපා.

    එහෙම කිව්වට අපිත් දන්නවා මෙහෙම කියාගෙන එද්දි මේ වෙන කෙල්ලෙක් ගැන කිව්වට කියන්නෙ අපි ගැනම තමා කියලා. මගෙන් නම් අන්තිමට ඇහුවෙ මම එයාගෙන් ඇහුවොත් එයා මොනව කියයිද කියලා. මම නම් කිව්වෙ ඔයා එයාට ඇත්තටම ආදරේ නම් එයා අකමැති වෙන එකක් නෑ කියලා. මෙයා එතකොට අහනවා ඒ ඔයා නම් ඔයා මොකද කියන්නෙ කියලා. අනේ ඉතින් ඕක අහගන්නනෙ මෙච්චර පෙරුම් පුරාගෙන බොරු කතා අහගෙන හිටියෙ.

    අනේ ඉස්කෝලෙ කාලෙ එක්ක එන ආදරේ නම් කියලා වැඩක් නෑ. බොළඳයි තමයි. සමනල ආදරේ තමයි. ඒත් ජීවිතේ කවදාවත් ආයෙ එහෙම පිස්සුවෙන් ආදරේ කරපු කාලයක් එන්නෙ නෑ.

    ReplyDelete
  6. හේහේහේ දාමුකෝ එහෙනම් ඉතිර කොටසත්....
    උපාසකගේ මුණේ..හයි හීල්ස් පාරක් එහෙම තිබ්බෙ නැතේයි....
    :q :q

    ReplyDelete
  7. ඉස්ම... ලියමු ලියමු.... :r :r

    ReplyDelete
  8. පෙරමග ලකුණුවලින් පේන්නේ උපාසක වැඩේ ගොඩදාගන්ට යන වගයි.... එල එල... :t

    ReplyDelete
  9. ඈ බන් කිව්වත් වගේ හින්දි නලුවෙක් වගේ ඉන්න උපාසකට අකමැති වෙන කෙල්ලෙක් ඉන්නවැයි . .

    ඉතිං ඉතිං?

    මක්කයි උනේ ඊලඟට.

    ඉක්මනට අනිත් කොටස දාපන් කොල්ලනේ.. .

    ReplyDelete
  10. ඉතින් ඊට පස්සෙ?????
    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.......

    ReplyDelete
  11. හපොයි. ලව් සීන්! :e

    ReplyDelete
  12. පූසෝ.... ඉක්මනට අනික් ටිකත් ලියන්ට.... අනේ මන්දා ඉතින් දැන් උපාසක සක සක වෙන්නද කොහෙදෝ යන්නේ...!!!

    ReplyDelete
  13. ඉක්මනට අනිත් ටිකත් ලියපන් මලයෝ..........................

    ReplyDelete
  14. අප්පා උපාසක මල් මල් හිනාවක් දාගෙන ගෙදර යන්න ඇති.. :q

    ReplyDelete
  15. ඔය ලව් එකටත් අනිවා ගුටි කෙලියක් තියෙනවා කියල හිතෙනවා.. දිගටම ලියමුකෝ

    ReplyDelete
  16. @හැමෝම..-
    ඉතුරු ටිකත් ඉක්මනට දානව යාලුවනේ. ඔව් ඔව් උපාසක එද හොද හිනාවක් දාගෙන තමයි ගෙදර ගියෙ. ඒත් වැඩේ අන්තිම මොහොතෙ අප්සට් යයිද කියන බයකුත් එක්ක රීමික්ස් වෙච්ච සතුටක් තමයි ඒක..

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. @පිණිබිඳු.-
    ඇත්ත තමයි, ඒ කාලෙ ආදරේ දිහා ආපහු හැරිල බලද්දි කොච්චර බොළදද කියල හිතෙනව. ඒත් හැබයි ඒ බොළද කම හරිම සුන්දරයි නේද..
    :i

    @දුකා-
    අනේ මන්ද..:) ලැජ්ජත් හිතෙනව ඔහොම කියද්දි..
    :d

    @sameerausa-
    බලමුකො බලමුකෝ...
    :a

    ReplyDelete
  19. අප්පා මාත් ඔය පොතම දැම්මා එක පාරක්.. ගම්පහ ක්ලාස් යන කාලෙම තමා.. ඕක බොහොම හොදට වැඩකරන මෙතඩ් එකක්..

    ReplyDelete
  20. ඉතුරු ටිකත් දාමු නෙහ්..... ගති :t

    ReplyDelete
  21. වැඩේ ගොඩයන පාටයි.....

    ReplyDelete
  22. උපාසක ඉතින් හැන්ඩියානේ,සෙට් වෙන්න ඇති ගෑනු ලමයා.කියවලම බලමු ඊලග එකත්

    ReplyDelete
  23. :P :P :P :P
    koo yakoooo kathawe hondama hariya dala nane :(

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ටග් ගාලා දාන්නෝ :b

    ReplyDelete
  26. ඔන්න යාලුවනේ 2 කොටසත් දාලා තියෙන්නෙ

    http://bloggadol.blogspot.com/2010/12/2.html

    ReplyDelete
  27. ඉතින් ඉතින් ............

    ReplyDelete
  28. ඉතුරු ටික වහාම..............

    ReplyDelete
  29. චංචලා 2 දාලයි තියෙන්නෙ සහෝ.....

    ReplyDelete
  30. සමාවෙයං, කමෙන්ට් එක දැම්මට පස්සෙනෙ 2 දැක්කෙ,

    ReplyDelete
  31. Pattttttttaaaaaaaaaaaa......... :b

    ReplyDelete
  32. හප්පා, මරු මරු , සිරා රොමෑන්ටික් ස්ටෝරියක්නේ බොලේ.... ඒ කාලේ කෙල්ලො පස්සෙ ගිය ඒව මතක් වෙලා ඇඬෙන්න වගේ එනවා..... :c

    ඔන්න මම අනිත් කොටස් ටිකත් කියවන්න යනවෝ...!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???