අඹ යාලුවෝ

Tuesday, August 17, 2010

හා ද? බෑ ද?


ඉතිං යාලුවනේ අද ඉදන් අපි අපේ පූසො 11 වසරෙදි ෆේස් කරපු සිද්දි කියන්න පටන් ගන්නවා.අපි මුලින්ම කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්ච සිද්දියක්.මේකට සම්බන්ධ පූසන්ගෙම වයසෙ ගෑනු ළමයෙක්.මේ ගෑනු ළමයා ඉගෙන ගත්තෙ කොළඹ දෙලොවක් අතර බාලිකාවෙලු.

අපි කවුරුත් ඕ ලෙවල් කරද්දි සෞන්දර්ය විෂයක් තෝරගන්න එපැයි.ඉතිං සංගීතෙ කරලා හොදටම නසරාණි වෙලා හිටපු පුරුපුරු සහ උපාසක මේ සෞන්දර්ය විෂය විදිහට තෝරගත්තෙ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය.සිංහලෙන්ම කියනවනං "ලිට්".ඒ වගේම නැටුම් කර කර හිටපු මාලුකට්ටත් නිකං ඇගපත තලාගන්නෙ මොකටද කියල හිතලා ලිට් වලට එකතු වුණාලු.හැබැයි ඤාව්වානං කර කර හිටපු චිත්‍ර විෂය දිගටම කරගෙන ගියාලු.ඒ වුණාට මෑන්සුත් ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක් විදිහට තෝරගත්තෙ ලිට් කරන එක.ඉතිං පූසො සෙට් එක ලිට් වලට ක්ලාස් ගියෙ අර බියර් බීපු පන්තියට.

හැබැයි 11 වසරට එනකොට ඉංග්‍රීසි සාහිත්‍ය ගැන තිබුන නොලේජ් එකේ හැටියට තවත් පන්තියකට යන්න වෙන බව උපාසක තේරුම් ගත්තලු.ඉතිං මෑන්ස් කළේ ගම්පහ ජයවඩන සර්ගෙ ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියටත් ගිය එක.මේ පන්තිය තිබුනෙ සෙනසුරාදා හවස, ගල් වලින් හදපු පල්ලියක් තියෙන පාරකලු.

උපාසකත් ඉතිං පළවෙනි දවසෙම සුපුරුදු විදිහට අන්තිම පේළිය හොයලා ඒකෙන් ඉදගත්තා.ටික වෙලාවකට පස්සෙ එහා පැත්තෙන් හිටපු ළමයත් එක්ක ෆිට් වෙන්නත් මෑන්ස්ට පුලුවන් වුණා.පොරගෙ නම දසුන්.ඔය සමහර කොල්ලො ඉන්නවනෙ තමන්ගෙ යාලුවට මොකක් හරි උදව්වක් කරන්න ඕනෙ කියලා හිතුනොත් යාලුවා කැමති වුණත් අකමැති වුනත් කොහොම හරි ඒ උදව්ව කරන.ඉතිං දසුන් කියන්නෙත් ඒ වගේ කොල්ලෙක්.අපි එහෙම කියන්නෙ ඇයි කියලා අපේ කියවන යාලුවන්ට තව පොඩ්ඩකින් තේරෙයි.

ඔය දසුන් ඉස්කෝලෙ ගියෙ ලොකුනමට.ඉතිං අපේ ඤාව්වත් ඔය ඉස්කෝලෙ හින්දා උපාසක දසුන්ගෙන් අහල බැලුවලු ඤාව්වාව දන්නවද කියලා.බැලින්නං දසුනුයි ඤාව්වයි ඉස්කෝලෙ එකම පන්තියෙ හිටපු හොද යාලුවො.ඉතිං එදා දවස ඉවර වෙද්දි දසුන් එක්ක විතරක් නෙවෙයි, ඒ පේළියෙ හිටපු ඔක්කොම කොල්ලො එක්ක ෆිට් වෙන්න උපාසකට පුලුවන් වුණාලු.ඊට පස්සෙ සතියෙත් උපාසක ඇවිත් වාඩිවුණේ දසුන්ලගෙ සෙට් එකත් එක්කමයි.

දැන් පන්තියෙ සර් උගන්නනවා.අපේ යාලුවො පිටිපස්සෙ පේලියට වෙලා කතාව

දසුන් :- මචං උපාසක, උඹට කෙල්ලෙක් ඉන්නවද?

අපේ උපාසකත් ඉතිං හොදටම පිස්සු පූසෙක්.ඒ දවස්වල පිස්සු වැඩ කර කර ඉන්නවා මිසක් කෙල්ලො වෙනුවෙන් වැය කරන්න මෑන්ස්ට එච්චර වෙලාවක් තිබුනෙ නෑ.ඉතිං උපාසකත් මෑන්ස්ට කෙල්ලෙක් නෑ කියලා උත්තර දුන්නලු.

දසුන් :- අවුලක් නෑ බං! අපි පස් දෙනා මේ ක්ලාස් එකේ ඉන්න කෙල්ලො පස් දෙනෙක්ට ට්‍රයි.උඹත් හොද කෙල්ලෙක් බලලා තෝරගනිං.අපි ෆුල් සප් එක දෙන්නං.

මෙහෙම කියපු දසුන්, සෙට් එකේ කොල්ලො පස් දෙනා ට්‍රයි කරන කෙල්ලන්ව උපාසක‍ට පෙන්නලා ඒ ඇරෙන්න ඕනෙ කෙල්ලෙක්ව පෙන්නන්න කිව්වලු.ඉතිං උපාසක‍ මුලු ක්ලාස් එකම දෙතුන් පාරක් ස්කෑන් කරල බැලුවත් හිතට අල්ලලා යන තැනක මීටරේ නැවතුනේ නැති නිසා වැඩේ අතඇරලා දාන්න තීරනය කළාලු.උපාසක‍ වැඩේ අතෑරියත් දසුන් කීයටවත් වැඩේ අතඅරින්න සූදානම් වුණේ නෑ.ඉතිං මෑන්සුත් පටන් ගත්තලු ක්ලාස් එක ස්කෑන් කරන වැඩේ.

දසුන් :- මචං අර බලපං මගෙ එක්කෙනාට එහා පැත්තෙන් ඉන්න කෙල්ල.එයාගෙ නම ශානි.දෙලොවක් අතර බාලිකාවට යන්නෙ.එයා ලස්සන නැද්ද? පොඩ්ඩක් ලයින් පාරක් දාල බලපං...

බැලින්නං උපාසකගෙ ස්කෑනරේට අහු නොවිච්ච කෙල්ලෙක් ක්ලාස් එකේ අයිනක යාලුවොත් එක්ක හිනාවෙවී ඉන්නවලු.මේ ගෑනු ළමයව දැක්ක පාර උපාසකටත් හිතුනලු පොඩි ට්‍රයි එකක් දාල බැලුවොත් හොදයි කියලා.හැබැයි ඉතිං මෑන්ස්ට මේ සම්බන්ධයෙන් එච්චරම උනන්දුවක් තිබුනෙ නෑ.අනිත් සතියෙ ක්ලාස් එකට එද්දි පොරට ශානි ගැන මතක නැහැලු.පිස්සු නට නටා ඉන්න එකමලු වැඩේ.මේක දැකපු දසුන්ට ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලා.

දසුන් :- බලපං බං! ඔහොම පුලුවන්ද කෙල්ලෙක් දාගන්න?උඹ කාඩ් එක කුඩු කරගන්නවනෙ. උඹට බැරිනං පැත්තකට වෙලා හිටපං.අපි උඹට විස්තර හොයල දෙන්නං.

දැන් උපාසක කොච්චර ඕනෙ නෑ කිව්වත් දසුන් කියන දේ අහන්නෙ නෑ.පොරගෙ ඒකායන අරමුණ උපාසකට ‍ශානිව යාලු කරල දෙන එක.ඉතිං දසුන්ගෙ සෙට් එකම දැන් උපාසක වෙනුවෙන් බැහැල වැඩලු.කට්ටියම ශානිගෙ අවධානෙ ගන්න මහන්සි වෙනවා.හැබැයි උපාසක ඇරෙන්න.

ක්ලාස් පටන් ගන්න කලින් කට්ටිය මගට වෙලා උපාසකවත් තියාගෙන ශානි එනකං බලාගෙන ඉන්නවලු.ඒ වගේම ක්ලාස් ඉවරවෙලා ශානි ගම්පහ බස්ටෑන්ඩ් එකට යද්දි කොල්ලො සෙට් එක උපාසකවත් ඇදගෙන පස්සෙන් යනවලු.ඉතිං මේ විදිහට මාසයක් දෙකක් ගියාට පස්සෙ දසුන්ගෙ සෙට් එකටත් මේ වැඩේ අම්බානට බෝරිං වෙලා.ඇයි ඉතිං ඒ අයට උනන්දුව තිබුනට අපේ උපාසකට මේ ගැන තඹ දොයිතුවක උනන්දුවක් නෑ නොවැ!

ඔහොම කාලෙ ගිහිල්ලා එක දවසක් පන්ති ඉවරවෙලා කට්ටිය බස්ටෑන්ඩ් එකට යද්දි, ශානි ඉන්නවලු බස්ටෑන්ඩ් එක ගාව තියන නිමාකා ෆුඩ් ෂොප් එක ඉස්සරහට වෙලා.මේක දැකපු ගමන් දසුන්ගෙ ඇල්මැරිලා තිබුන උනන්දුව එකපාරටම ආයෙත් මතුවෙලා ආවලු.

දසුන් :- අන්න මචං ශානි ඉන්නවා!අදනං උඹ ගිහිං ඒකිගෙන් අහන්නම ඕනෙ.

උපාසක :- අදනං බෑ මචං! ඕනෙනං වෙන දවසක අහමුකො.

දසුන් :- ඇයි උඹ මේකිගෙන් අහන්න නැකැත් බලනවද? මගෙන් හොදවයින් දෙකක් අහගන්නෙ නැතුව ගිහිං අහල දාපං!

උපාසක :- ඕනෙ නෑ බං, අතඇරලා දාමු. මට බෑ මුංගෙ ගණන් බලන්න.

දසුන් :- අනේ පලයං බං යන්න.උඹ ඒකිගෙන් අහන්න බයයිනෙ.

උපාසක :- බය නෑ බං.ඇහුවම මුංගෙ බොරු ගනන් බලන්න වෙනවනෙ.

ඇත්තටම මේ වෙද්දි උපාසක කිසිම ගෑනු ළමයෙකුගෙන් යාලු වෙන්න අහල තිබුනෙ නෑ.

දසුන් :- බොරු නොකියා හිටපං.උඹ අහන්න බයයි.මම ඕන ඔට්ටුවක් දානවා උඹට ඒකිගෙන් අහන්න බෑ.

උපාසක :- ඔට්ටුවක් ? මොකද්ද උඹේ ඔට්ටුව ??

දසුන් :- උඹ දැන් ඒකිගෙන් ඇහුවොත් මම උඹට නිමාකා එකෙන් කන්න අරන් දෙනවා.හැබැයි උඹ එතනට ගිහිල්ලා ශානිගෙන් අහන්නෙ නැතුව ආපහු ආවොත් උඹ අපි හැමෝටම කෑම අරන් දෙන්න ඕනෙ.

උපාසක ටිකක් කල්පනා කළාලු.දැන් මෑන්ස් ශානිගෙන් ඇහුවොත් එයා හා කිව්වත් බෑ කිව්වත් අනිවා කෑම එකක් හම්බවෙනවා.ඉතිං කෙල්ල වගේද කෑම එක කියලා හිතපු පූසා තීරණය කළාලු චැලේන්ජ් එක බාරගන්න.

දැන් උපාසක ශානි ඉන්න පැත්තට කිට්ටු වෙනවා.කලින් පොර ටෝක්ස් දුන්නට දැන්නං මෑන්ස්ට නිකං මොකද්ද වගේ.ආපහු හැරිලා යන්නමයි හිතදෙන්නෙ.ඒත් අපහු යන්නත් බෑ නොවැ! අරුන් ටිකට කෑම අරන් දෙන්න ගියොත් ඊළග මාසෙ පන්ති කාඩ් එක ගන්නවා බොරු.ඇයි ඉතිං වැඩිය කන්න දන්නෙම නැති මිනිස්සුනෙ.ඉතිං කොහොමහරි වැඩේ කරනවා කියල හිතාගත්තු උපාසක හිතට පූස් ධෛර්ය අරගෙන කෙලින්ම ගියාලු ශානි ළගට.

උපාසක :- ශානි, මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා...

ශානි :- (එකපාරටම උපාසක දිහාට හැරිලා) ඇයි මොකද්ද?

උපාසක :- මම ඔයාට කැමතියි.ඔයා මොකද කියන්නෙ?

ශානි :- ඔයාට විකාරද ????

උපාසක :- විකාර නෑ.ඔයා මට හා හරි බෑ හරි කියන්නකෝ.

ශානි :- මම ඔයාව හරියට දන්නෙත් නෑ.මම කොහොමද එහෙම එක පාර උත්තරයක් දෙන්නෙ?

උපාසක :- නෑ නෑ, ඔයා එක පාර කියන්නම ඕනෙ. මම උත්තරේ "හා" කියල හිතාගන්නද?

ශානි :- මම හිතලා බලල ඔයාට කියන්නං

උපාසක :- බෑ බෑ, ඔයාට බැරිනං කෙලින්ම බෑ කියන්න.

ශානි :- හරි, එහෙනං බෑ තමයි

උපාසක :- එළකිරි! එහෙනං මං ගියා...

මෙහෙම කියපු උපාසක හිනා වෙවී යාලුවො ළගට ඇවිල්ලා කට්ටියවත් ඇදගෙන නිමාකා එකට රිංගුවලු.දසුන්ගෙ මූණ හතරැස් වෙලා ගියාලු.එදායින් පස්සෙ කවදාවත් දසුන් උපාසකට කෙල්ලො සෙට් කරන්න හැදුවෙත් නැහැලු.ශානිත් කවදාවත් උපාසකගෙ මූණ බැලුවෙවත් නැහැලු...

48 comments:

  1. මට මැවිලා පේනවා අර පිස්සු පූසා කාටුන් ‍එකේ උපාසක බුලත් හෙප්පුවක් අරං අනිත් අය තල්ලු කරද්දී, බෑ බෑ බෑ කිය කියා පූසියෙක්ට දෙන්න යනවා. මේ වගේ කථාවක් ඇහුවේ අදමයි. :b දැන් උපාසකට නැද්ද තාම ගැණු ළමයෙක් යාළුවෙලා? :i

    සරුංගල් වැඩේ කියන්නේ මල්ලී, හදන්න අතට ගන්නකොටම වහිනවානේ. :s අයියා දැන් ඒක පැත්තකින් තියලා ගේ හදනවා. :t

    ReplyDelete
  2. හිකිස්.. මටනම් හෙඩිම දැක්ක ගමන් හිනා....:e
    අපිත් ඔය දැනුන් තේරුන් නැති කාලේ අහන්නෙම ඔය ප්‍රශ්නෙනෙ... හාද බෑද.... හරිම සිම්පල්...
    එක ගෑණූ ලමයෙක් ඇහුවෙ නැතෑ.. හරි දැන් මං හා කිව්වොත් ඔයා මොකද කරන්නේ... ඌර්ධවපාතනය වෙන්ට හිතුනා එතැනම.... . :h
    ඒක නෙවෙයි උපාසකට තාම කවුරුවත් හා කිව්වේ නැද්ද ඈ......

    ReplyDelete
  3. හේ පට්ට කතව නේ ...

    පිසු පුසේක්

    ReplyDelete
  4. උපාසකත් මාර කොල්ලෙක්නේ හි හී :q

    ReplyDelete
  5. හිහ් හිහ් පට්ට සීන් එක.. ගොඩ දවසකින් අවේ මේ පැත්තේ..

    මේ සහෝ..
    "WARNING - මෙ‍ම බ්ලොගයේ අඩංගු ඇතැම් ක්‍රියාකාරකම් ඔබ ප්‍රායෝගිකව සිදු කිරීමට නුසුදුසු මට්ටමේ ඒවාය.එසේ සිදු කිරීමට ගොස් ඔබට වන අකරතැබ්බ වලට බ්ලොග් හිමිකරු කිසිදු ආකාරයකින් හෝ වගකියනු නොලැබේ" කියලා හරහාට දුවන එක වේගේ වැඩි නැද්ද? කියවගන්න අමාරුයිනේ...

    ReplyDelete
  6. හිනා කාල නහිනවා. පට්ට සීන් එක හික් හික්. උපාසකය පොඩ්ඩක් ට්‍රයි කරානම් කෙල්ල ගොඩ දා ගන්න තිබ්බා

    ReplyDelete
  7. එළකිරි! එහෙනං මං ගියා...

    මූ ඈත්තටම මෙහෙම කිව්වද?

    කෙල්ලට මොනවා හිතෙන්න ඈද්ද?

    ReplyDelete
  8. හා ද..?? බෑ ද..?? හරිම සිම්පල් ප්ලෑන් එකක්.. වැඩිය හිත හිතා කාලය නාස්තිකරන්න ඕනෙ නෑ.. :)

    ReplyDelete
  9. දැන්වත් උපාසකට කෙල්ලෙක් ඉන්නවාද? :q

    ReplyDelete
  10. උපාසකගෙ වැඩෙන් කෙල්ල මාඤ්ඤමික වෙලා යන්න ඇති.
    කොහොමහරි උපාසක කෑම එකක් හින්ද හරි ෆස්ට් ටයිම් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහපු එක ලොකු දෙයක්. :t

    ReplyDelete
  11. දැන් කව්ද ඔතනින් pixxu පූසා ? :r

    ReplyDelete
  12. මූ පිස්සු පූසෙක් නේ :q
    හැබැයි ඉතින් පලවෙනි පාර කෙල්ලෙක්ගෙන් අහන එක නම් පට්ට ම අමාරු වැඩක් තමයි (අහපු අය දන්නව ඇති නේ) :n

    ReplyDelete
  13. අනේ අම්මේ මාරඩයල් එකක්නේ..

    ReplyDelete
  14. අනේ උපාසක. හාද ? බෑද ? කියන උත්තරේ ඔන්ද ස්පොට් ඉල්ලන්නෙ නැතුව හිටියනම් සමහර විට ඒ වැඩෙත් කරගන්න තිබ්බ කියල උපාසකට තේරුණේ නැද්ද මන්දා. මොකද ඔට්ටුවට අදාල අහනවා කියන එක විතරනෙ .

    උපාසක බළල්ලු තමයි මීයො දෙන්නා දෙන්නා අල්ලනවයි කියන්නේ

    ReplyDelete
  15. හී හී තව කතාවක් මතක් වුණා. අපේ එක කොල්ලෙක් ඔය ප්‍රශ්නෙ ඇහුවෙ මෙන්න මෙහෙම.

    "මම ඔයාට අයි ලව් යූ ? ඔයත් මට අයි ලව් යූ වෙන්න කැමතිද ?"

    ReplyDelete
  16. අපේ යාලුවෙක් අහන්න ගියා ඔන්න කෙල්ලක්ගෙන්,පොර ගිහින් කලබල වෙච්චි පාර ඇහුවෙ "මම ඔයාට කැමතිද?" කියලා.ඔහොම කෙල්ලො 68 කගෙන් විත‍ර අහලා 69 වෙනි කෙල්ල කැමතියි කිව්වා කියමුකො.මූ දුවගෙන ඇවිත් අහනවා,"අඩේ අරක හා කිව්වා මොකද බන් දැන් ක‍රන්නෙ?"

    ReplyDelete
  17. @ හා පැටික්කි (MS)

    හා පැටික්කිගෙන් කට්ටිය අහපු විදිහවල් මතක් වෙලා නේද හිනා වෙන්නෙ. අනේ තනියම හිනා වෙන්නෙ නැතුව අපිටත් කියන්නකො

    ReplyDelete
  18. එළකිරි පූසෙක්නෙ.. :q

    ReplyDelete
  19. නියම පූසෙක්නේ උපාසක :f

    ReplyDelete
  20. @ හේමලයා - :b:b:b

    @ RanDil - අයියෝ, ගෙයක්නං කවදා හදන්න බැරිද අක්කේ? හැබැයි සරුංගල් යවන්න පුලුවන්නං මේ කාලෙට විතරයි!:q:q:q

    උපාසකට දැන් ගෑනු ලමයෙක් ඉන්නවා.ලබන සතියෙ ගොඩ පාටිය

    @ වැප් - බොහොම ස්තුතියි සහෝ!:b:b:b

    @ පුතා - බොහොම ස්තුතියි පුතා.ඇත්තටම මේ බ්ලොග් අවකාශෙ අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඕන තරම් ඉන්නවා.හැබැයි පුතාලා ඉන්නෙ එක්කෙනයි.ඉතිං පුතා‍ කියල ටයිප් කරන්න මම හරිම කැමතියි :f:f:f

    ReplyDelete
  21. @ Ansh - :e:e:e

    @ ඉලංදාරියා - ඒකනං සහතික ඇත්ත සහෝ!:b:b:b

    @ හසී - සිරාවට සහෝදරී...:b:b:b

    @ ළමයා - බොහොම ස්තුතියි සහෝ! :b:b:b

    මම ඕකෙ වේගෙ වෙනස් කරන්න බැලුවා බං.ඒත් තාම හොයාගන්න බැරිවුණා ඒක කරන විදිහ.:j:j:j

    ReplyDelete
  22. @ පිස්සා - බොහොම ස්තුතියි සහෝ! කතාව ඇත්ත.කොහෙද ඉතිං උපාසකට ඒ දවස්වල පිස්සු නට නටා ඉන්න එක ලොකුයිනෙ ඔක්කොටම වැඩිය. :b:b:b

    @ nish - කියලා නේන්නං මචෝ! අර පිස්සයියට කිව්වා වගේ "උපාසකට ඒ දවස්වල පිස්සු නට නටා ඉන්න එක ලොකුයිනෙ ඔක්කොටම වැඩිය" :b:b:b

    @ Buratheno - හික් හික්!! ආයිත් අහලා.නියම සිම්පල් ප්ලෑන් එක :f:f:f

    @ මම - දැන් ඉන්නවා මචෝ!ලබන සතියෙ ගොඩ පාටිය :b:b:b

    ReplyDelete
  23. @ Praසන්ன - හික් හික්!! පූසො කියන්නෙ ඉතිං කෑම වෙනුවෙන් ජීවිතේ පවා පරදුවට තියන්න ලෑස්ති ජිවී කොට්ඨාශයක් නොවැ මචෝ!:q:q:q

    @ Ashen - හික් හික්!! හැමෝම පිස්සු පූසෝ තමයි බං.දැනට හතර දෙනයි.පස්වෙනියා ඉස්සරහට එන කතා වලදි මුණගැහෙනවා...:e:e:e

    @ කොඩී - මමත් එකගයි සහෝ! ඒත් ඉතිං උපාසක කියන්නෙ අමුතුම පිස්සු පූසෙක් නොවැ!:b:b:b

    @ අච්‍චා - හික් හික්!! එක තමයි මචෝ!!!:f:f:f

    ReplyDelete
  24. @ Chanaka - "උපාසක බළල්ලු තමයි මීයො දෙන්නා දෙන්නා අල්ලනවයි කියන්නේ"

    හික් හික්!! මේක මරු කතාව මකරෝ.බොහොම ස්තුතියි...:b:b:b

    යාලුවටත් මාර වැඩේ තමයි වෙලා තියෙන්නෙ:q:q:q

    :rඇත්තටම උපාසකට මේ ගෑනු ළමයා ගැන මහා ලොකු කැමැත්තක් තියෙන්න නැතුව ඇති මගෙ හිතේ...

    @ sithuwilimandiya - හික් හික්!! නියම කතාව බං...:b:b:b

    @ හා පැටික්කි - අම්මෝ, හා පැටික්කි දැකපු කල්! මේ දවස්වල හොදට විභාගෙ ලියනවා ඇති නේද? හෙට කෙමිස්ට්‍රි පේපර් එක හොදට ලියන්න.:t:t:t

    අර මකරා කියන කතාව ඇත්ත නේද?:m:m:m

    @ හංසි - :e:e:e

    ReplyDelete
  25. @ගයන්ත
    @හෙළයා - ඇත්තටම සහෝදරවරුනේ උපාසක කියන්නෙ නියම එළකිරි පූසෙක් තමයි.මැන්ස්ගෙ තවත් කතන්දර අපි ඉස්සරහට දාන්නංකෝ! :b:b:b:b:b:b

    ReplyDelete
  26. @ Chanaka
    mea magen kawuru ahannada pottayek Arenna.........

    @Blog Gadol
    bohoema sthuuthiyi ayiyaa...... :c :c

    හා පැටික්කි (MS)

    ReplyDelete
  27. ඇයි ඔය පැත්තෙ හා හා හරි හාවො නැතෙයි ?

    ReplyDelete
  28. හි හි... අනේ බන්. මරු කතාව
    දෙලොවක් අතර නොහොත් කනත්ත බාලිකා

    ReplyDelete
  29. අඩෝ... මේක මට මිස් උනේ කොහොමද? එලම කතාවක්!!

    ReplyDelete
  30. @ Chanaka - ඒක තමයි මචෝ! අඩු ගානෙ එක හාවෙක් හරි ඉන්න එපායැ!:f:f:f

    @ boralu - හික් හික්!! මමත් මුලින් අර දෙවෙනි නම දාන්න කල්පනා කරලා ඊට පස්සෙ ඒක හරි නැති නිසා මුල් නම දැම්මා...:b:b:b

    @ වැම්පයර් - ‍බොහොම ස්තුතියි සහෝ!:b:b:b

    ReplyDelete
  31. දන්නවද වැඩක්?
    මට පාන්දර එකට හීනෙන් පෙනුනා/මතක් වුනා කාලෙකින්මේ පැත්තේ ආවෙ නෑ කියලා. දැන් තමයි පහුගිය කතා 4ම එක දිගට කියෙව්වේ. නිදි මැරුවට පාඩුවක් වුනේ නෑ. නියම කතා ටික.
    මටත් පේන හැටියට උපාසකට පොඩි ට්ර්යි එකක් දුන්නනම් ශානිවත් ගොඩ දා ගන්න තිබුනා. කොහෙද ඉතින්... මූට ඕන ‍වෙලා තියෙන්නේ කෑම විතරනේ.
    උඩ ටිකර් එක ස්ක්රො ල් වෙන වේගෙනම් වැඩියි කියලා මටත් හිතිලා තිබුනා. කියන්න මතක් වුනේ අදයි.
    දැන් ආයිත් නිදා ගන්නයි යන්නේ. උදේම වැඩට යන්නත් තියෙනවනේ...
    -AD

    ReplyDelete
  32. @ AD - බොහොම ස්තුතියි සහෝ.හික් හික්!! ඔහොම සීන් එකක් ඇහුවමයි :f:f:f

    ස්ක්‍රෝල් වෙන වේගෙ වෙනස් කරන්න විදිහක් නෑ නොවැ!:j:j:j

    උපාසක ඉතිං කොහොමත් පිස්සු පූසෙක් නොවැ!!!:q:q:q

    ReplyDelete
  33. එල එල කෙල්ල දාගන්නවාටත් වඩා කෑම වැදගත් වෙලා වගේ ඒ කාලේ. දැන් නම් එහෙම නැතුව ඇති මම හිතන විදිහට :)

    ReplyDelete
  34. මේක නම් පට්ට කථාව..අද තමා මේ පැත්තට ආවේ...
    ජයවේවා!!!

    ReplyDelete
  35. @ Hasitha - හික් හික්!! දෙයියන්ගෙ පිහිටෙන් දැන්නං එහෙම ලෙඩක් නෑ බං...:f:f:f

    @ සම්පත් - බොහොම ස්තුතියි සහෝ.දිගටම මේ පැත්තෙ එන්න...:b:b:b

    ReplyDelete
  36. ගෑනු ජාති වගේද කෑම ජාති කිව්වලු..හික්zzzzzzzzzzzzzzz

    ReplyDelete
  37. පිස්සු පූසෙක් නේ
    :f

    ReplyDelete
  38. මටනම් හිතෙන්නෙ ගොඩ යන්න තිබුන වැඩක්. උපාසකය වැඩේ කාලනෙ..

    ReplyDelete
  39. මොනවා වුනත් මරු කතාව.. :e

    ReplyDelete
  40. he he ela.bt mama nam mage seen ekata kiwwe "ba kiyanna kiyla" vithari "ha kiyanna kiwwe na.

    ReplyDelete
  41. හම්මෝ පට්ට පරණ Post එකකට Comment කරලත් වැඩක් නෑ. ඒ කතාව නම් මරු බන්. 😂😂😂

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???