ඉතිං යාලුවනේ අපේ හොස්ටල් කතා කියවල කියවල දැන් කට්ටියට එපා........ වෙලාද දන්නෑනෙ ඉන්නෙ.ඔන්න අපි පොඩි බ්රේක් එකකටත් එක්ක තීරණය කළා නොම්මර එකේ මී හරක් වැඩක් කරන්න.ඒ තමයි මෙතන ඉදලා විකාශනේ වෙන අපේ මී හරක් කතා සීරීස් එක.කොටස් තුන හතරකින් ඉවර කරන්න තමයි දැනට ප්ලෑන් එකනං.එහෙනං ඉතිං නමෝ විත්තියෙන් පටන් ගමුකො මී හරක් වැඩේ.
පුරුපුරු ඒ දවස්වල පදිංචි වෙලා හිටියෙ පූස්ගමම කොනක තිබුන පොඩි ලස්සන ගමක.ගෙදරට පල්ලෙහා තියෙන්නෙ වෙල.වෙල මැදින් ඇල පාරවල් දෙකක් ගලාගෙන යනවා.ඔය ඇලවල් වල කොල්ලො කට්ටිය ගිහිං නානවා.වෙලේ සරුංගල් අරිනවා.ගොයම් කපපු කාලෙට වෙල් ඉපනැල්ලෙ එල්ලෙ ගහනවා.අනිත් කාලෙට ක්‍රිකට් හරි ෆුට්බෝල් හරි තමයි ගහන්නෙ.ඔය වගේ සුන්දර ළමා කාලයක් තමයි මෑන්ස්ට තිබුනෙ.
හැබැයි ඉතිං ගමේ අනිත් කොල්ලො කුරුට්ටො වගේ මේ සුන්දරත්වය උපරිමයෙන් විදගන්න මෑන්ස්ට චාන්ස් එකක් තිබුනෙ නෑලු.මොකද පුරුපුරු ඉස්කෝලෙ ගියෙ කොළඹ.ඉතිං ඉස්කෝලෙ ජීවිතෙන් බාගයක් ස්කූල් වෑන් එකටයි, ඉතුරු බාගෙ හොස්ටල් එකටයි වැය කළාට පස්සෙ මෑන්ස්ට ගමේ "බැහැල" ඉන්න තරම් වෙලාවක් හම්බවුණේ නෑ.ඉතිං අනිත් ගමේ කොල්ලො වගේ ගොයම් කපන්න, වෙල්වල වැඩ කරන්න අපේ පූසො සෙට් එකේ කාටවත් බැහැලු.කොටින්ම පූසො අයිති වෙන්නෙ ගමට නාගරික - නගරයට ගැමි ටයිප් එකේ පරම්පරාවට.
ඉතිං මේ සිද්දිය වුණේ 2002 අවුරුද්දෙ වෙසක් කාලෙ.හැමෝම වගේ පූසොත් වෙසක්, පොසොන් කාලවලට කූඩු හදන එක සාමාන්‍ය දෙයක්.ඉතිං වෙසක් කිට්ටු වෙද්දි පුරුපුරු, ගමේ හිටපු මෑන්ස්ගෙ යාලුවො වෙච්ච රෝහිත සහ අමනයා එක්ක එකතු වෙලා උණ බට කපන්න යන්න තීරණය කළාලු.ගමේ තිබුන සරුසාරම උණ පදුර තිබුනෙ වෙල මැද්දෙ.උණ පදුරෙ අයිතිකාරයා හිටියෙ වෙලෙන් එහා පැත්තෙ තිබුන ගමේ.ඔයිට කලිනුත් එක පාරක් මේ උණ පදුරෙන් බටයක් කපාගන්න අපේ යාලුවන්ට පුලුවන් වුණා.

වැඩේ අප්සට් පාර්ට් එක මෙන්න මේකයි.උණ පදුරෙ අයිතිකාරයා මහා ලෝබයෙක්ලු.ඉතිං මෑන්ස්ගෙන් පර්මිෂන් අරගෙන උණ බට කපන්න යන එක කිසිම තේරුමක් නැති වැඩක්.හොරෙන් කැපීම තමයි තිබුන එකම විසදුම.එක අතකට ඉතිං උණ ලී කියන්නෙත් බොහොම ලාබදායක වස්තුවක් නෙවෙයි නොවැ!ඔය වෙසක් කාලෙ වගේ උණ බට වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන කාලෙට මෑන්ස් උණ පදුර බොහොම සැලකිල්ලෙන් ආරක්ෂා කරනවලු.ඉතිං එහෙමයි කියල පොරට හැමතිස්සෙම උණ පදුර මුර කර කර ඉන්නත් බෑනෙ.ඔය ප්‍රශ්නෙ විසදන්න මෑන්ස් කරන්නෙ උණ පදුරෙ තඩි මී හරකෙක් බැදලා තියන එක.
ඉතිං ඔය මී හරකත් ලේසි පාසු සතෙක් නෙවෙයිලු.මහා නසරානියෙක්.කොයි වෙලෙත් කුලප්පු වෙච්ච ගමන් අනින්ඩ බලාගෙන තමයි ඉන්නෙ.ඒ මදිවට අයිතිකාරයට විතරයිලු කන්ට්‍රෝල්.ඉතිං කවුරුවත් ඌ ඉන්නකොට උණ බට කපන්න පදුර ළගට යන්නෙ නෑලු.ඒ වුණාට පුරුපුරුගෙ යාලුවො දෙන්න හොද වැඩකාරයො දෙන්නෙක්.මුන් දෙන්න දන්නවා මී හරකවත් ෂේප් කරගෙන උණ බට කපන හැටි.
ඉතිං කලින් තීරණය කරගත්ත දවසෙ දවල් රෝහිතයි සහ අමනයයි පුරුපුරුලගෙ ගේට්ටුව ළගට ඇවිත් මෑන්ස්ට කතා කළාලු.පුරුපුරුත් ගෙදර තිබුන අඩි දෙකක් විතර දිග පත මන්නයක් එහෙම අරගෙන යාලුවො දෙන්නට සෙට් වුණාලු.දැන් ඉතිං තුන් දෙනා ඇවිදල ඇවිදල වෙල අද්දරටම ඇවිත්.ඔය වෙල අයිනෙන්ම ගලාගෙන ගිය ඇළක් තිබුනා.ඇළේ වතුර තිබුනෙ ඉණ ගාවට විතරයි.ඉතිං අපේ යාලුවො තුන්දෙනත් ටිකක් ඈතින් තිබුන ඒ දණ්ඩෙන් වෙලට බහින්නෙ නැතුව කෙලින්ම ඇළ හරහා වෙලට ගොඩවුණා.
දැන් ඉතිං කට්ටිය හොර පූසො ටික වගේ හොරෙන් හොරෙන් නියර දිගේ උණ පදුර දිහාට ඇදෙනවා.මෙන්න බොලේ බැලින්නං මී හරකත් සුපුරුදු පරිදි උණ පදුර මුර කරනවා.ඉතිං අපේ යාලුවො තුන්දෙනත් මී හරකව කලබල නොකර හිමීට උණ පදුරට කිට්ටු කළාලු.දැන් අයිතිකාරයත් පේන තෙක් මානෙක නෑ.මී හරකත් සන්සුන් වෙලා පොඩි සැකමුසු ලුක් එකක් දාගෙන ඉන්නවා.(ඇත්තටම පුරුපුරුට තාම තේරෙන්නෙ නෑ මුන් දෙන්නා කොහොමද මේ සතා කුලප්පු වෙන එක වලක්වන්නෙ කියලා).ඉතිං මේක තමයි උණ බටයක් කපාගන්න කියාපු වෙලාව.
ඉතිං අපේ යාලුවො තුන්දෙනා මී හරකා කුලප්පු වුණොත් දුවන්න බලාගෙන, සූදානම් සරීරෙන් වැඩේ පටන් ගත්තලු.අමනයව තමයි ඔත්තු බලන්න දැම්මෙ.දැන් පුරුපුරුයි රෝහිතයි අර අඩි දෙකේ මන්නෙන් උණ බටයක් කපනවා.ඔහොම කපල කපල ඉතිං අන්තිමට උණ බටේ කපලත් ඉවර වුණාලු.එතකොටම තමයි අමනයා කෑ ගහගෙන දුවන්න ගත්තෙ.
පුරුපුරුත් වටපිට බැලින්නං මෙන්න උණ පදුරෙ අයිතිකාරයා පිහියක් අරගෙන කට්ටිය ඉන්න දිහාවට දුවගෙන එනවා.හරියට රා කළ සොළසක් බීල මත්වෙච්ච උසේන් බෝල්ට් වගේ.ඒ මදිවට ජංගම සුද්ද සිංහල ඩික්ෂනරියක් වගේ.එක එක වචන මෑන්ස්ගෙ කටින් පිටවෙනවා.පුරුපුරු පිටිපස්ස බැලින්නං මෙන්න යාලුවො දෙන්න පේන්න නෑ.ඈත බලද්දි තමයි දැක්කෙ මුන් දෙන්නා පණ බේරගන්න දුවන වග.ඔය අතරෙ මේ කලබල නිසා අගේට හිටපු මී හරක් නයිදෙත් කලබල වුණා.
ඉතිං කරන්න ඕනෙ මොකද්ද කියල තීරණය කරන්න පුරුපුරුට දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.කකුල් දෙකට පිං දීපු පූසා පණ එපා කියලා දුවන්න ගත්තා.ඔහොම මීටර් කීපයක් දුවලා මී හරකගෙන්නං බේරෙන්න මෑන්ස්ට පුලුවන් වුණා.මොකද මී හරකා කඹේකින් බැදලා හිටපු හින්ද ඌට වැඩි දුර පන්නන්න බෑ.ඒ වුණාට ඊට වඩා භයානක පුද්ගලයෙක් දැන් පුරුපුරු පස්සෙන් එළවනවා.ඒ තමයි "බැම්බූ ඕනර්".
අමනයයි රෝහිතයිනං නියර දිගේ අඩියට දෙකට දුවල ගිහිං ඇළ හරහා ගොඩට ගියාලු.ඒත් ඉතිං පුරුපුරුට කවදා කාපු ටකරංද?මෑන්ස් ජීවිතේටම දෙතුන් පාරකට වඩා නියරක් උඩ වේගෙන් දුවල නෑ.ඉතිං ගමන් ආරම්භ කරපු ගමං ප්‍රයිවට් බස් එකක් වගේ තමයි මෑන්ස්ගෙ දිවිල්ල.උපරිම ස්ලෝ.දැන් බැම්බූ ඕනර් තමන්ගෙ අතේ පොඩි එළවළු කපන පිහියක් තියාගෙන අපේ පූසා පස්සෙන් එළවනවා.පුරුපුරුත් අඩි දෙකක් දිග ලොකු මන්නයක් අතේ තියාගෙන පණ එපා කියලා දුවනවා.
"ජබෝස්"
ඊට පස්සෙ යාලුවො දෙන්නගෙ හෙල්ප් එකත් අරගෙන පුරුපුරුට පුලුවන් වුණාලු එහා පැත්තට ගොඩවෙන්න.දැන් බැම්බූ ඕනර් ඇළේ එහාපැත්තෙ ඉදගෙන සුද්ද සිංහල දේසනා කරනවා.අපේ යාලුවො තුන්දෙනා ඇළේ මෙහාපැත්තෙ ඉදගෙන පොරට පේන්න පස්සවල් කරකව කරකව වදුරු ඩාන්ස් දානවා.අන්තිමට ෆ්ලවර් ජම්ප් වෙච්ච බැම්බූ ඕනර් ආපහු යන්න ගියාලු.
දැන් පුරුපුරුට හිතාගන්න බෑ ඇයි මේ මනුස්සයට එක උණ බටයක් වෙනුවෙන් මෙච්චර ෆ්ලවර් ජම්ප් වුණේ කියලා.තව පොඩ්ඩෙන් පූස්ගම පූසෙක්ගෙ ජීවිතේ අහවර වෙන්නත් ඉඩ තිබුන නොවැ!පස්සෙ තමයි සිද්දිය මොකද්ද කියල දැනගත්තෙ.
පුරුපුරුට කතා කරන්න කලින් අමනයයි රෝහිතයි උදේ පාන්දර වෙලට ගිහිං උණ බටවල කොලිටි ඇසෙස්මන්ට් එකක් කරන්න.ඉතිං මුං දෙන්නා උණගස් ළග හොරගල් අහුල අහුල ඉන්නකොට අයිතිකාරයා ඇවිත් දෙන්නට සද්දයක් දාල.මේ දෙන්නගෙත් තියෙන්නෙ හොද බෝක්කු කටවල් දෙකක් තමයි.ඉතිං අමනයයි රෝහිතයිත් අයිතිකාරයට රිටර්න් සද්දයක් දාල අද කොහොමහරි උණ බටයක් කපාගෙනම තමයි ගෙදර යන්නෙ කියලා.
ඉතිං ඊටත් පස්සෙ වෙන්න ඇත්තෙ මේ වගේ සිද්දියක්.පොර දවල් වෙලා වෙල පැත්තෙ එනකොට මෙන්න මුං දෙන්නා උණ බට කප කපා ඉන්නවා තව ලොකු ඩයල් එකක් එක්ක.ලොකු ඩයල් එක කිව්වෙ පුරුපුරුට.මොකද ඒ දවස්වල මෑන්ස් තමන්ගෙ වයසෙ අනිත් කොල්ලන්ට සාපේක්ෂව ඇගපතින් ලොකුයි කියල අපි කලින් ලිපියකත් කිව්වනෙ.ඉතිං කොල්ලො දෙන්න උදේ දුන්න පොරොන්දුවත් මතක් වෙලා මෑන්ස්ට හිතෙන්න ඇති කවුරු හරි මැර ඩයල් එකක් එක්කගෙන ඇවිත් කියල උණ බට කපන්න.ඒක තමයි පොරගෙ ජම්ප් වෙච්ච ෆ්ලවර් එක ඇම්ප්ලිෆයි වෙන්න ඇත්තෙ.
කොහොම හරි ඉතිං පුරුපුරු නූලෙන් බේරුනා.මඩ හෝදගෙන රජ පූසෙක් වගේ ගිහිං නිදා ගත්තා.අන්තිමට ගෙනාපු උණ බටේකුත් නෑ.පහුවදා එහා ගෙදර ලස්සනට වවපු බට පදුරෙන්වත් බට ටිකක් කපාගන්න තමයි මෑන්ස් ප්ලෑන් කළේ.
ඔහොම නිදාගෙන ඉන්නකොට ගොම්මන් වෙලාවෙ කවුද ගෙදර බෙල් එක ගහන සද්දයක් ඇහිල පුරුපුරු ගිහිං බැලුවා.දොර ඇරල බලද්දි අමනයයි රෝහිතයි ඇවිත්.නිකං නෙවෙයි, තඩි උණ කොටේකුත් අරගෙන.බැලින්නං අපේ යාලුවො දෙන්න ලැජ්ජාව පැත්තක තියල තව පාරක් ගිහිං වෙලට.ගිහිල්ලා අර කපල තිබුන උණ බටේ අරගෙන ඇවිල්ලා.පුරුපුරුගෙ ශෙයාර් එක දෙන්න තමයි ඒකෙන් කෑල්ලක් අරගෙන ඇවිල්ල තියෙන්නෙ.ඒ වෙලාවෙ මී හරකා ඉදලත් නෑ.කවුද හිතන්නෙ මෙච්චර කේස් එකක් වුණාට පස්සෙත් ආපහු ලැජ්ජ නැතුව ඔතෙන්ට එයි කියලා?
ඉතිං පහුවදා උණ බටේ අතුරුදහන් බව දැක්ක අයිතිකාරයට තරු පේන්න ඇති.හැබැයි පුරුපුරුලනං ඒ අවුරුද්දෙ ලස්සන වෙසක් කූඩු කීපයක්ම හැදුවා.....
ප.ලි - දැන් පුරුපුරුට එල්ල වෙන්න පුලුවන් චෝදනා මෙන්න
1.වෙසක් සමයේ අදින්නාදානය
2.නියම බෞද්ධයෙක් නොවීම
3.මිනිසුන් ප්‍රකෝප කිරීම
තව මතක් වෙච්ච නැති ඒවත් ඇති.පුලුවන්නං ඉතිං මේක "තරුණ කාලෙ" කරපු දග වැඩක් කියලා හිතන්න.මී හරක් කතා 2 එක්ක ඊළග ලිපියෙන් හම්බවෙමුකො....
:q elazzzzz :m
ReplyDeleteකමෝන් මචං... ඔහොම යං.. එල එල.. :l
ReplyDelete'ඉන ගාවට' වතුර තියෙන ඇලෙන් 'බැම්බූ ඕනර්'ට එගොඩ වෙන්න බැරිද? :j
ReplyDeleteඑළ එළ මචාන්.. :t :t
ReplyDeleteබ්රේක් එකට ලියපු කතාව ඔක්කොටම වඩා එළ..
සතුටුයි අපි වගේම හරක් වැඩ කරපු සෙට් එකක් මෙහෙම හරි දැනගන්න ලැබීම ගැන.. :b :b
එළ මචං!
ReplyDeleteබැම්බූ ඕනර් කාරයත් වෙසක් එක නිසා කොල්ලො කරපු වැරදි වලට සමාව දෙන්න ඇති නෙ? :f
ඉතුරු මීහරක් කතා ටිකත් බලමුකෝ. :e
ඒ කාලේ අපිත් ඔහොමයි අපි අයිති උනෙත් "ගමට නාගරික - නගරයට ගැමි ටයිප් එකේ පරම්පරාවට" ම තමයි. හැබැයි ආතල් එකේ වෙලේ දුවන්න පුළුවන් කම තිබුනා (නියරේ නොවේ). මල්ලිලාගේ කතා වලින් අපි හැමදාම වගේ අතීතයට යනවා.
ReplyDeleteනියමයි :b :f
ReplyDeleteඑළකිරි කතාව. පුරුපුරු අහු උනානම් එදා අපිට කොහෙද බ්ලොග් ගඩොල් කිව්වලු... හික් හික්... මේ බැරිද බන් හොයා ගන්න අර හරක කුලප්පු නොකර උන බට කපපු විදිය හික් හික්
ReplyDeleteඅඩි දෙකේ මන්නයක් තිබිච්ච පූස එළවළු කපන පිහියක් තිබිච්ච බැම්බූ ඕනර්ට බය වුනාණෙ.:o
ReplyDeleteකොහොම උණත් එළ කතාව. ඊගාව එකත් ලියමු.
පුරැ පුරැටත් මාර බාල්දි තමයි පෙරලෙන්නේ.
ReplyDeleteඅමනයයි, රෝහිතයයි කියන්නෙත් එල බුවාලා දෙන්නෙක් වගේ.
මී හරක් කතා සීරිස් එකට චියර්ස්..
හරියට රා කළ සොළසක් බීල මත්වෙච්ච උසේන් බෝල්ට් වගේ. එහෙනම් එන්න ඇත්තේ සිග් සැග් විදිහට වෙන්න ඇති.
ReplyDeleteමදෑ අඩි දෙකක් දිග මන්නෙකුත් අරං දිව්වා. පූසෙක් නොවෙයි මී හරකෙක්. වැටුනු පාර මන්නේ වැරදි වැඩක් කලා නම් එහෙම...........
කවුද අද බ්ලොග් ගඩොල් ලියන්නේ එහෙනම්.............
නියමයි
ReplyDeletebalan giyama puru puruwath korala thiyena wada...........
ReplyDelete\
Nish
@ Ashen - බොහොම ස්තුතියි මචෝ!:b:b:b
ReplyDelete@ වැම්පි - තැන්ක්යූ වේවා මචෝ!!:b:b:b :l
@ ගයන්ත - "'ඉන ගාවට' වතුර තියෙන ඇලෙන් 'බැම්බූ ඕනර්'ට එගොඩ වෙන්න බැරිද?":r
ඉතිං බං මෑන්ස් ඇළට බහිද්දි කොල්ලො තුන්දෙනා එතෙන්ට වෙලා නිකං බලන් ඉන්නවයැ.පණ කඩාගෙන දුවනව මිසක්.ඒක ඒ මනුස්සයටත් තේරෙන්න ඇති...:f:f:f
@ සිකා - බොහොම ස්තුතියි මචෝ!
"සතුටුයි අපි වගේම හරක් වැඩ කරපු සෙට් එකක් මෙහෙම හරි දැනගන්න ලැබීම ගැන"
හික් හික්!! අපිටත් සතුටුයි...:b:b:b
@ Uthpala - තැන්ක්යූ වේවා සහෝ! එදායින් පස්සෙනං බැම්බූ ඕනර් කාරයව කවදාවත් දැක්කෙ නෑ..:b:b:b
ReplyDelete@ priyantha - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b
:rඅපිත් හිතන්නෙ මේ බ්ලොග් අවකාශෙ ඉන්න බහුතරයක් දෙනා අයිති වෙන්නෙ "ගමට නාගරික - නගරයට ගැමි ටයිප් එකේ පරම්පරාවට" තමයි.
@ හසී - :b:b:b
@ පිස්සා - හික් හික්!! බොහොම ස්තුතියි සහෝ!!.:b:b:b
ඒකට ඉතිං උන් දෙන්නව අල්ලගන්න වෙනවා.දැන්නං උන්ව දැල් දාලවත් අල්ලන්න බෑ.:q:q
@ Praසන්ன - තැන්ක්යූ වේවා සහෝ!හික් හික්!!අඩි දෙකේ මන්නයක් තිබුනයි කියල ඒකෙන් කොටන්නයැ ඉතිං....:n:n:n
ReplyDelete@ හෙළයා - බොහොම ස්තුතියි යාලු!ඉතුරු කතා ටිකත් ළගදිම දාන්නං..:b:b:b
@ RanDil - "හරියට රා කළ සොළසක් බීල මත්වෙච්ච උසේන් බෝල්ට් වගේ. එහෙනම් එන්න ඇත්තේ සිග් සැග් විදිහට වෙන්න ඇති"
හික් හික්!!දුවගෙන ආපු හැටි බල බලා ඉන්න ගියානං අද පූසෙක් නෑ අක්කේ.....:f
"මදෑ අඩි දෙකක් දිග මන්නෙකුත් අරං දිව්වා. පූසෙක් නොවෙයි මී හරකෙක්. වැටුනු පාර මන්නේ වැරදි වැඩක් කලා නම් එහෙම"
හික් හික්!!ඒකනෙ මී හරක් කතා කියල නම දැම්මෙ!:q
@ Ansh - :b:b:b:b:b
@ Nish - :b:b:b:b:b
wow.....පිස්සු හැදෙන සඳ !!! නියම කතාව ! ජය වේවා! :q
ReplyDeleteඅඩේ......
ReplyDeleteමීහරක් වලේ වැටුන පුරුපුරු ලස්සනට ඉන්න ඇති නේද?
අර අමතක වුන චෝදනා වලට මීහරකා කුලප්පු කිරීම ඒකත් අයිතියි නේද?
හික්zzzzzzzzzzzzz
:e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :
පට්ට කතාව මචෝ.. දිගටම ලියන්න :b
ReplyDelete@ ජීවිතේමල් - බොහොම ස්තුතියි යාලු!!:b:b:b
ReplyDelete@ කැන්ඩි - හික් හික්!! පුරුපුරු ඉතිං කෙලින්ම මඩ පූසෙක් වුණා ඒ වලට වැටිච්ච ගමං.මඩ හෝදගන්නත් ගියා පැය බාගයක් විතර:j:j:j
"අර අමතක වුන චෝදනා වලට මීහරකා කුලප්පු කිරීම ඒකත් අයිතියි නේද?"
ඇත්ත නේන්නං! තැන්ක්යූ වෙන්න ඕනෙ මචෝ මතක් කළාට:b:b:b
@ කොඩී - බොහොම ස්තුතියි මචෝ.දිගටම අපිත් එක්ක ඉන්න...:b:b:b
පූසෝ මී හරක් එක්කත් සෙල්ලම් දාලා තියෙනවා නේද ?
ReplyDeleteහික් හික්!! පූසො තව හොද හොද සෙල්ලං දාල තියෙනව මලයො.ඒවත් ඉස්සරහට කියන්නංකො.:f:f:f
ReplyDeleteපූසෝ කියන්නෙත් එසේ මේසෙ පුතයෙක් නෙවෙයි වගේ ඈ. එල එල සහෝ තව ලියමු බලන්න. :)
ReplyDelete@ roylyfernando - බොහොම ස්තුතියි සහෝ! දිගටම අපි එක්ක රැදිලා ඉන්න.:b:b:b
ReplyDeleteniyama kathawa.ela ...!!!!!!!!
ReplyDelete