අඹ යාලුවෝ

Sunday, December 19, 2010

ඔන්න පූසොත් ගියාලු!


අද සිංහල බ්ලොග් අවකාශෙට ගොඩක් වැදගත් දවසක්! මොකද අද තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ දෙවෙනි වාර්ෂික සුහද හමුව තිබුනෙ. මීටින් එක තිබුනෙ බේරෙ වැව අයිනෙ වුණාට ඉතිං වැඩේ එලකිරිස් වගේ ඕගනයිස් කරලා තිබුනා. ඒ වෙනුවෙන් ඔන්න සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට අපෙන් උණුසුම් සුභපැතුම් සහ ස්තුතිය පිරිනමනවා.

දවල්ට කන්න හම්බවුන වෙජිටේරියන් මීල් එකත් එලකිරි වගේ තිබුනා. අපේ මුචලින්දනං සෙකන්ඩ් ෂයි බැට් කරන්න හදලා සහයට ඩැනී කෙනෙක් නැති හින්දා වැඩේ අල්ලලා දැම්මලු. මේ ගැන වැඩි විස්තර ඉතිං අපේ මාරයා අයියත් ගෙදර ගිය ගමන්ම දාලා තිබුනා.කට්ටිය වැඩි විස්තර ඉතිං එතනින් බලාගන්නකෝ

ඒ වගේම බ්ලොග්අවකාශෙ කලින් දැකලා තිබුනෙ නැති යාලුවො ගොඩදෙනෙක් අදුනගන්න ලැබීම ගැන අපේ පූසන්ටත් හරිම සතුටුයිලු. හසියා, හසී, ප්‍රියන්ත, තිස්ස දොඩන්ගොඩ, මාරයා අයියා, මුචලින්ද, ලිශ්, ගයන්ත, ගෝල්ඩ් ෆිෂ්, ජීව්, මාධව, සුපුන් සුදාරක ඇතුලු සාහිත්‍ය සංගමේ කස්ටිය, වත් අක්කි, කුෂාන් සහ ෆා ද බ්ලොගී ඇතුලු යාලුවො හැමෝම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා. ( මෙතන කාගෙ හරි නමක් කියවුණේ නැත්තං තරහා වෙන්න එපාලු හොදේ, නම් ටික පැටලිලා අපේ පූසො ටිකත් අඤ්ඤකොරොස් වෙලා නොවැ ඉන්නෙ)

ඒ වගේම අපේ ජීව්ගේ ඉමිහිරි කටහඩින් ගැයුන බුටාන්විත සිංදුව අහලා පූසන්ටත් තරුණ කාලෙ සිද්දි දෙක තුනක් මිටරේට ආවලු.ඒ වගේම ජීව්ගේ මගුල් ඇනිවසරියටත් පූසන්ගෙන් සුභපැතුම්!!!

කවුරු අහිංසකයි කිව්වත් අපේ මාරයා අයියගෙ මාර පෙනුම අපේ උපාසකගෙ කැමරා ඇහැට හොදට අහුවෙලා තිබුනලු. එහෙනං කට්ටිය ගිහින් මූණුපොතෙන් ඒකත් බලාගන්නකෝ........

මේ දේවලුත් එක්ක, අද මීටින් එකට ආපු නැති අපේ යාලුවො කට්ටියත් හිටියනං ඉතිං මල් හතයි. අපේ සිකා, හා පැටික්කි, කතන්දරකාරයා, ළමයා, හසිත, රන්දිල් අක්කි, අභීත, පැන්ඩා, කැන්ඩි එහෙම ඒවි කියලා අපි හිතුවත් ඉතිං මුං ටික ආවෙ නෑ නොවැ!

අපේ දුමී, දුකා, පිස්සයියා, පුතා, වැම්පි, මකරාට එහෙමනං පොඩි එක්ස්කියුස් එකක් දෙන්න ඇහැකි රට ඉන්න හින්දා

ආ...තව දෙයක් කියන්න තියනවා. ගිය අප්‍රේල් මාසෙ අග හරියෙදි හදන්න පටන් ගත්ත අපේ බ්ලොග් තාප්පෙ හදන්න මේ වෙනකොට ඔන්න 10000 දෙනෙක්ටත් වඩා අත් උදව් දිලා තියනවලු. ඒ වගේම අපේ යාලුවො කට්ටිය දැන් 50000 සැරෙකටත් වඩා මේ තාප්පෙට නැගලත් තියනවලු.

ඉතිං මේ උදව් කරපු යාලුවො හැම දෙනාටම අපේ පූසො සෙට් එක මේ වෙලාවෙ ඤාව් ඤාව් ගාලා ස්තුති කරනවා........!!!

35 comments:

  1. ළමයත් එන්නලු හිටියේ.. ළමයට පොඩි පොඩි අවුල් ටිකක් සෙට් වුනාලු.. ඉතින් පොරටත් අද පට්ට දුකයිලු.. ඒ වුනාට ලයිව් ස්ට්‍රීම් එක බැලුවයි කියන්නේ.. ලබන පාරවත් යයි මයෙ හිතේ..

    ReplyDelete
  2. උපාසකවනම් මටත් සෙට් :c උනා ඒත් අනිත් කෙනා එනවා විතරයි දැක්කේ :j

    ReplyDelete
  3. ලබන පාරනම් මමත් එන්ට උපරිම මෙව්ව කරනවලු....

    ReplyDelete
  4. ඤාව් ඤාව් ඤාව්....

    පූස් භාෂාවෙන් මම කිව්වෙ තැන්ක් යූ කියලා අපිවත් මතක් වෙච්චි එකට...!!

    ReplyDelete
  5. පොටෝ ටිකට තැන්කූ.. එහෙනං ඕං මාත් ඥාව් කිවුවා..

    ReplyDelete
  6. ඔය මූණු පැටලෙන අමතක වෙන ලෙඩේ මටත් තියෙනව නෙව. :( මොනා කොරන්ඩද ඉතින්.
    කට්ටියව හඳුන ගන්න ලැබුනු එක නම් ගොඩාක් සතුටක්, ඔක්කොමල්ලව නම් හඳුන ගන්නබැරි උනා. කතා කරන්න බැරි උනා. ඒකටත් ඉතින් කොරන්ඩ දෙයක් නෑ. දැන් ඉතින් ටිකදෙනෙක් හරි හොඳින් දන්නවනෙ බ්ලොග් අවකාශයේ ඉන්න. :) ඒකත් මදැය. යි:)

    ReplyDelete
  7. @පුතා,ළමයා- ඒකනෙ...අපි ලබන පාරවත් මුනගැහෙන්න බලමු යාලුවනේ..

    @දුමී- එහෙම අමතක වෙනවද යාලුවන්ව.. එන අවුරුද්දෙදිවත් ලංකාව පැත්තෙ ඉදීවිනෙ නේද?

    @පූසා- අපේ පුරු පුරුට ඉක්මනට එන්න උනානෙ.. කොහොම කොහොම හරි තවත් පූසෙක් අදුරගන්න ලැබිච්ච එක සතුටක්.. :b

    ReplyDelete
  8. @Buratheno- :b

    @Madhawa Habarakada-ඔව් ඒක ඇත්ත. කලින් නම් වලින් විතරක් දැනගෙන හිටි කීදෙනෙක්ව අද හැබැහින් දැකගත්තද.. ඒත් දැනටත් මූණු මතක උනාට නම් ගම් නම් පැටලෙනව.. :j

    ReplyDelete
  9. දුකේ බෑ අපට ඉතිං එන්ඩ පින නෑ නේ ...කමක් නෑ කස්ටිය ගොඩ දෙනෙක්ව . පිතූර වලින් දැක්ක නේ .ඒකත් මදැයි

    ජයවේවා !!

    ReplyDelete
  10. අපිට කොහෙන්ද වාසනාවක් ඔතෙන්ට සෙට් වෙන්න....ලබන සැරේවත් බලමු.

    ReplyDelete
  11. කෝ අපිට සෙට් වුනේ උපාසක විතරනේ.අනිත් කස්ටිය දැක්කේ නැහැනේ

    ReplyDelete
  12. උපාසක පූසෝ සෙට් එකටම හසී පවුල ඤාව් ඤාව් කිව්වා කියලා කිව්වාද? :d අදුරගන්න ලැබීම ලොකු සතුටක්...:b පුරුපුරු එක්ක කථා කරන්නනම් බැරි උනා.. :j

    ReplyDelete
  13. @හිස් අහස,dinesh- කමක් නෑ අපි ලබන පාරවත් ට්‍රයි කරමුකො නේ...

    @sameerausa- :b

    @පුබුදුවා
    හසී- හදිස්සියේ එතනින් එන්න උනා යාලුවනේ, ගොඩක් දුකයි කස්ටිය එක්ක කතා කරන්න බැරිවුන එක ගැන. කමක් නෑ මටත් එක්ක හරියන්න උපාසක හිටියනේ. සොරි හොදේ! ඊලග පාරනම් බෝට්ටු පදින්නත් එක්කම එනවා.. :s :s :s

    ReplyDelete
  14. @හසී- ඔව් ඔව් උපාසක කිව්වා, ඔන්න පුරුපුරුයි,ඤාව්වයිත් ඤාව් ඤාව් කිව්වලු හැමෝටම... :f

    ReplyDelete
  15. බොහොම ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට... ඊයේ දවස නම් අමතක නොවන සිහිවටන වේවි.. ඔන්න හසියාත් මගෙ පට්ට අරින්ඩ ලැහැස්ති වෙනවා කියලා ආරන්චිය (ඌ සින්දුව වීඩියෝ කරලා)
    කොහෙද ඉතිං පුරු පුරු කෑමට පෙර ජොන්නා පැන්නා වගේ පැන්නා නොවැ. ඒත් මලේ ඔයගොල්ලන්ගේ මූණු දෙක නම් හොඳටම මතකයි.
    ඒත් මොකෝ මේ බනියා ඔරවන් ඉන්න එකක් ඉස්සරහම... හික් හික්..

    ReplyDelete
  16. @ ජීව් - බොහොම ස්තුතියි අයියේ :b:b:b

    @ Praසන්ன - අයියෝ! මොකද සහෝ ආවෙ නැත්තෙ? පූසො හිතුවෙ ඔබතුමා ඒවි කියලා :s:s:s

    ReplyDelete
  17. අනේ අපොයි ෆොටෝ දකිනකොට ඉන්න බෑ.. මාරම අවුල්..
    කොහෙද මේ වයිරස් උණ හැදිලා එන්න විදියක් තිබුණෙ නෑනේ..
    කමක් නෑ කට්ටියම ෆොටෝ වලින් දැක්කනේ..

    හොස්ටල් එකෙන් අයින් වෙලා අලුත් කතා සෙට් එකක් දාන්න යන බව පිස්සගේ බ්ලොග් එකේ දැක්කා..
    හොඳා හොඳා ලියමුකෝ බලන්න..

    ReplyDelete
  18. ගොඩා.....ක් කාලෙකින් මේ පැත්තේ ආවේ........
    අනේ මාවත් මතක් වෙලානේද කට්ටියට........
    සෝ දුකින් සිටිමි..... :s :s :s :s මොනවා කරන්නද අපි ගෑණු ළමයිනේ......... :s :s :s :s
    ලබන පාර බලමු.........

    ReplyDelete
  19. අපි එහෙනම් පුසෝ එකත් සෙට් වුනා නොවෑ , පුබුදු කියුවා වගේ උපාසක අයියා විතරයිනේ හිටියේ ... , අනිත් සෑරේ පුස් සෙට් එකම එක්ක සෙට්වෙමුකෝ .....

    ReplyDelete
  20. දවල් කෑම එකනම් හොදට තිබ්බා තමා. අනික ඉතින් හැමෝටම ඒ වෙලාවේ හොදට බඩගිනි වෙලානේ තිබුනේ.

    ReplyDelete
  21. ඒක තමයි අයියා. මාත් එන්න තමා සැදී පැහැදී හිටියේ :s

    ඒත් අපේ පන්සලේ නායක හාමුදුරුවෝ ගුරු උපහාරක උත්සවේකට මාව පංගාර්තු කොරලා ගැලවෙන්න විදිහක් නැතිව හිටියේ. ලබන පාර තමා ඉතින්...............

    ReplyDelete
  22. මේ පාරත් මිස් උනා නේ, දුකේ බැරුවා :(

    ReplyDelete
  23. දැන්නේ මේ පෝස්ට් එක දැක්කේ....
    ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව්.....

    ගෙට් එකේදී මාරයද කොහෙද ඤාව් ඤාව් ඤාව් ගෑවා පුසෝ හදුන්වලා දෙද්‍දී....
    කොච්චර අපහාසයක්ද නේද...සතපනහේ නඩුවක් දාන්න වටිනවා...

    ඇත්තටම ‍පුසෝ සෙට් එක හදුනාගන්න ලැබීම සතුටක්...සතුටුම දවසක් ඊයේ නම්....

    ReplyDelete
  24. @ හා පැටික්කී,
    ඇයි..? ලබන පාර හා පැටික්කී පිරිමි ළමයෙක් වෙනවද...? හික්..

    ReplyDelete
  25. අඩේ මාත් එන්න හිතාන හිටියේ ඒත් ඉතින් නිකන් නිකන් අර මොකාද එකා කොහෙද ගියා වගේ වෙයි කියලා හිතුනා....
    ඊළඟ පාරනම් අනිවා මමත් එනවා.....
    එල එල පුරු පුරුව,ෆා බ්ලොගීව එහෙම පින්තූර වලින් දැක්ක...

    ReplyDelete
  26. ලබන පාර එක්ට වත් එනන් ඕන කොල්ලනේ . .

    ඔන්න උඹලත් වරෙල්ලා හොඳේ. .

    නැත්නම් අර "බස්" සංගමේ කස්ටිය කලා වගේ ගෙට් ටු ගැදර් ට්‍රිප් එකක් දාමුද?

    ReplyDelete
  27. මං හිතන් හිටියට වඩා හෙන තඩි උස මහත පර්සියන් පූසෝ ටිකක්නේ ඉඳලා තියෙන්නේ... :) හික්ස් හික්ස්...

    ReplyDelete
  28. ඩියර් පූසස්,
    මල ගෙය ඉවර වුනු ගමන්ම මට කිසිම පාටි මූඩ් එකක් තිබුනෙ නෑ ළමයිනේ!
    කකා

    ReplyDelete
  29. අපිවත් මතක් වෙලා නොවැ... පූසා හොයා ගන්නනම් හැකි උනේ නැත ෆොටෝ වලින් හික් හික්...

    ReplyDelete
  30. @පිස්සා පලාමල්ල- :a

    ReplyDelete
  31. @Kathandara- ඒක ඇත්ත, අයියටනම් එන්න අමාරුයි තමා. සමාවෙන්න මට පෝස්ට් එක දාද්දි ඒ බව අමතක උනා.

    @දුකා- නියමයි යමු යමු..අපිනම් ඉතින් ඔයවගෙ වැඩ වලට එක පයින්ලු :b

    @වන්නි- අපෝ නෑ බං හරි අහින්සකයි.. :d

    @කැන්ඩි... - ඔක්කොම එහෙම තමා බං, අර කොහෙද යනව වගේ ඔහෙ ඇවිල්ල තිබුනේ.. :e

    ReplyDelete
  32. @හසියා- ඤාව් ඤාව් අපිටත් ගොඩක් සතුටුයි සහෝ.. අර කිව්වත් වගේ නඩුවක් දාල බලන්ඩ ඔනේ.. හැබැයි ඉතින් අපි අර මූණු පොතේ දාපු ෆොටෝ එකට මාරය අයිය අපිට නඩු දායිද දන්නෙ නෑ.. :f

    @Hasitha- එහෙනම් මොනා කරන්නද ඉතින්..ලබන පාරවත් බලමු මල්ලි..

    @amila.tk- ඒකනෙ.. අපෙ හසී නගා එහම බත් පැකට් දෙකකටම වග කිව්වලුනෙ.. :f

    @සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය- ඒක තමයි අපිත් බොහොම ආසවෙන් හිටියෙ දැක බලාගන්න.
    ඔව් ඔව් දැන් යන්නෙ උපාසකගෙ කතා ස්ටෝරියක්නෙ..

    @හා පැටික්කි (MS)- ඇයි නගා.. කව්ද කිව්වෙ ගෑණු ලමයින්ට එන්න දෙන්නෙ නෑ කියල?? :)

    ReplyDelete
  33. @Unknown_User/හිඟන්නා- ඔව් අපි ලබන පාර කොහොම හරි පුරුපුරුවත් තියාගමුකො දිගටම.. :b

    @පිණිබිඳු... - :b

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???