විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11
ඉතිං යාලුවනේ ඔයාලා කොටස් 11ක් තිස්සේ කියවපු "විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය" සීරීස් එකේ අන්තිම කොටස තමයි මේ. ඇත්තටම කතාවක් කියාගෙන යද්දි කොටස් කඩ කඩා දාන්න අපි කැමති නෑ. මොකද එතකොට ඒ කතාවෙ තියෙන ගැම්ම නැතිවෙලා යනවා. ඒත් ඉතිං මේ වගේ දිග කතාවක් එක කොටසෙන් දාන්නත් බෑ නොවැ!
ඉතිං දැන් මේ කතාවෙ අවසන් කටයුතු ටික කරන්න තමයි ඉතුරුවෙලා තියෙන්නෙ.
කොහොමහරි රෝහණදීර, පුරුපුරු ඇතුලු සෙට් එකෙන් මල්බණ්ඩලා ගුටිකෑවාට පස්සෙ, ඒ කට්ටියට ටික දවසක් යනකං පූස්ගම තහනම් කලාපයක් වෙලා තිබුනා.
රෝහණදීරගෙ ට්‍රයි එක වුණේ කොහොමහරි විදූශාටත් ගේමක් දෙන එක. ඉතිං මෑන්ස් කළේ දවස් කීපයක්ම බිත්තර ටිකක් තියාගෙන විදූශා එනකන් පූස්ගම ටවුන් එකට වෙලා බලාගෙන හිටපු එක. ඒ වෙන මොකටවත් නෙවෙයි, විදූශා ඇතුලු තුන් යෙහෙළියන්ට බිත්තර ඇටෑක් එකක් දෙන්න. ඒත් ඒ කට්ටිය වැටුනු තත්ත්වෙට වැටෙන්න අපේ පූසො සූදානම් වුණේ නෑ. ඉතිං පූසන්ගෙ දැඩි විරෝධය හේතුවෙන් බිත්තර ඇටෑක් එක දෙන අයිඩියා එක හිතෙන් අයින් කරගන්න රෝහණදීරට සිද්දවුණා.
තිලංකා මින්දද එක්ක තිබුන සම්බන්දෙ ටික දවසකට පස්සෙ නැවැත්තුවා. හැබැයි ඒ වෙද්දි සිද්දවෙන්න පුලුවන් දේවල් ඔක්කොම සිද්දවෙලා ඉවරයි කියලා තමයි පූසන්ටනං ආරංචිය ආවෙ. ඒත් තමන්ගෙ අවුරුදු ගානක එෆෙයාර් එක නැතිවීම ගැන ගොඩක් අප්සෙට් එකේ හිටපු ඉස්සා, ආපහු තිලංකාව බාරගත්තා. ඒ දෙන්නා ටික දවසක් ආපහු සතුටින් හිටියා. හැබැයි ඒ තිලංකා ආපහු බෑන්ක් මැනේජර් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගන්නකං විතරයි.
මේක දැනගත්තු ඉස්සා, වහාම තිලංකා එක්ක තිබුනු සම්බන්දෙ දෙවෙනි පාරටත් නවත්තලා දැම්මා. ටික දවසකින් බෑන්ක් මැනේජරුත් කලින් මින්දද කළා වගේම තිලංකාව අතඇරලා දැම්මා. ඊටපස්සෙ තිලංකා කළේ ආපහු ඉස්සා එක්ක යාලුවෙන්න ට්‍රයි කරපු එක. ඒත් ඉතිං දෙපාරක් වැටුණු වලේ තුන්වෙනි පාරටත් වැටෙන්න ඉස්සා කැමතිවුණේ නෑ. අන්තිමට තිලංකා තනි වුණා. (හැබැයි කොච්චර කාලෙකටද දන්නෙ නෑ)
කොහොමහරි අඩු ඉසෙඩ් ස්කෝර් එකෙන් මෙඩිසින් යන්න බලාගෙන අගමැති බාලිකාවෙන් අස්වෙලා රත්තිවල්ලි ඉස්කෝලෙට ආපු තිලංකා, පළවෙනි පාර ඒ ලෙවල් විභාගෙ ෆේල් වුණා. මොකද මුලු ඒ ලෙවල් කාලෙම එක එක්කෙනාට ලව් කර කර හිටියා මිසක් එයාට පාඩම් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. හැබැයි මොනවා වුණත් විදූශා වගේම තිලංකාත් ඉගෙනගන්න ගොඩක් දක්ෂ ළමයෙක්. ඒ හින්දා එයාට පුලුවන් වුණා තුන්වෙනි පාර විභාගෙ කරලා කැම්පස් එකට යන මට්ටමට පාස් වෙන්න. මේ පලවෙනි පාරත්, තුන්වෙනි පාරත් අතර අපේ පූසන්ට තිලංකා ගැන කිසිම නිව්ස් එකක් හම්බවුණේ නෑ.
ආපහු පුරුපුරුට තිලංකාව හම්බවෙන්නෙ කොළොම්පුර සක්වල තක්සලාවෙදි. මේ වෙද්දි පුරුපුරු තුන වසරෙ. තිලංකා අලුතින් 1 වසරට ආවා විතරයි. රැග් සීසන් එකේදි එක දවසක් පුරුපුරුට තිලංකාව මූණටම හම්බවුණා
තිලංකා :- ආ...පුරුපුරු! අදුරන්නත් බෑ, ඔයා ඉස්සරට වඩා සෑහෙන්න මහත් වෙලා
පුරුපුරු :- ඇත්තද? ඉතිං කොහොමද?
තිලංකා :- වරදක් නෑ. මම ඔයාට අයියා කියලද කියන්න ඕනෙ?
පුරුපුරු :- නෑ නෑ!! දැන් එහෙම කියන්න ඕනෙ නෑ. අපේ කට්ටිය ඉන්න තැනදි විතරක් එහෙම කිව්වාම ඇති. රැග් සීසන් එකෙන් පස්සෙ එහෙමවත් කියන්න ඕනෙ නෑ. මම යන්නං.
පුරුපුරු එතනින් ශේප් වෙලා ආවලු. දැන් තිලංකා ඉන්නේ දෙක වසරේ. ඒ බැච් එකේම අහිංසක මල්ලි කෙනෙක් එක්ක තමයි දැන් එයා ඉන්නේ.
රොෂානි ගැනනං අවුරුදු ගානකින් කිසිම ආරංචියක් අපේ කිසිම පූසෙක්ට ලැබුනෙ නෑ.
ඒ ලෙවල් ක්ලාස් යද්දි සමහර වෙලාවට පුරුපුරුට විදූශාව මුණගැහුණත් දෙන්නම කළේ අහක බලාගෙන නොදැක්ක ගානට ගිය එක. මල්බණ්ඩාත් තමන්ගෙ අනිත් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලාට වඩා වැඩි කාලයක් විදූශාව ආස්සරේ කළා. ඉතිං තිලංකා වගේම විදූශාත් පළවෙනි පාර ඒ ලෙවල් විභාගෙ ෆේල් වුණා. ඊටපස්සෙ මෑතක් වෙනකම්ම පුරුපුරුට විදූශා ගැන කිසිම නිව්ස් එකක් ලැබුනෙ නෑ.
එක දවසක් පුරුපුරු කොළොම්පුර නගරෙ ඇතුලෙ බස් එකක යමින් හිටියා. ටික වෙලාවකින් පොෂ් ඩයල් එකක් ඇවිල්ලා අපේ පූසා එහාපැත්තෙන් වාඩිවුණා. මෙන්න බොලේ තවත් ටික වෙලාවකින් මෑන්ස් පුරුපුරු එක්ක කතා කරනවා.
මෑන්ස් :- එක්ස්කියුස් මී මචං! උඹ පුරුපුරු නේද?
පුරුපුරු :- ( පුදුම වී ) ඔව් මචං!
පුරුපුරු බැලුවලු මේ කවුද කියලා. බ්ලොග් ගඩොල් පාඨකයෙක්ද දන්නෙත් නෑ. නෑ නෑ!! වෙන්න බෑ. හොදට දැකලා පුරුදු ලුක් එකක් තමයි මෑන්ස්ට තියෙන්නෙ.
මෑන්ස් :- හික් හික්!! අඳුරන්න බැරිද? මම විදත් බං
මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. යකෝ මේ අර විදූශා එක්ක යාලුවෙලා හිටියයි කියපු විදත් නේද?
පුරුපුරු :- අඩෝ සොරි බං! මට එකපාරටම උඹව අඳුනගන්න බැරිවුණානෙ. දැන් මොකද කරන්නෙ?
විදත් :- මම දැන් හොටෙල් කෝස් එකක් කරනවා බං. තව මාස කීපෙකින් රට යන්න ඉන්නෙ. මට ආරංචි වුණා විදූශා උඹට කරපු වැඩේ.
පුරුපුරු :- හික් හික්!! අයියෝ ඒ ආදි කාලෙනෙ බං. දැන් ඒ කේස් එක ඉවර වෙලා කොච්චර කල්ද?
විදත් :- උඹ කොහොමහරි මම කියපු එක විශ්වාස කළේ නෑනෙ. ඒ වුණත් මම සතුටින් හිටියෙ ඒකිට හොද කොල්ලෙක් හම්බවුණානෙ කියලා. ඒත් ඒකි උඹව අතෑරලා මල්බණ්ඩාත් එක්ක යාලුවුණාට පස්සෙ මට ඒකිවයි, බණ්ඩාවයි දෙන්නවම මරාගෙන කන්න හිතුනා.
පුරුපුරු :- දැන් ඕවා කල්පනා කරලා තේරුමක් නෑ බං
විදත් :- ඒකනං ඇත්ත. මල්බණ්ඩාත් ඔය ළගදි බැන්දෙ.
පුරුපුරු :- විදූශාවද?
විදත් :- උඹට පිස්සුද බං? ඌ ඒකිගෙන් ගන්න පුලුවන් හැමදේම ගත්තා. ඒ දවස්වල දෙන්නා රූම් ගානෙමයි හිටියෙ. ඊටපස්සෙ ඒකි විභාගෙත් ෆේල් වුණා. අන්තිමට මල්බණ්ඩා මේකිව අතඇරලා දැම්මා.
පුරුපුරු :- ආ...එහෙමද? මමනං දැනගෙන හිටියා පොර ඕක දිගටම කරන්නෙ නෑ කියලා.
විදත් :- හ්ම්...විදූශා තර්ඩ් ෂයි කැම්පස් ගියා. අපරාදෙ පළවෙනි පාරම යන්න තිබ්බ එක. කරන ඩිග්‍රි එකනං මොකද්ද කියලා දන්නෙ නෑ.
පුරුපුරු :- ඇත්තද? ඒකනං හොදයි. කොහෙද කැම්පස් එක?
විදත් :- අර දුන්හිඳ සක්වල තක්සලාවෙ කියලා තමයි ආරංචි.
පුරුපුරු :- මම එහෙනං ඉස්සරහින් බහිනවා මචං. ෆේස්බුක් ඉන්නවා නේද?
විදත් :- ඔව් ඔව්!! රික්වෙස්ට් එකක් දාපං මචං.
පුරුපුරු :- එළ!!!
පුරුපුරු බස් එකෙන් බැස්සා.
රෝහණදීරත් ටික කාලෙකින් සියලුම මැර වැඩ අතඇරලා යහපත් පුරවැසියෙක් වුණා. අපේ ක්‍රිකට් ටීම් එකේ කට්ටිය වගේ නෙවෙයි, රෝහණදීර මැර ජීවිතෙන් සමුගත්තෙ මිනිස්සු " ඇයි මෙච්චර ඉක්මනට යන්නෙ?" කියලා අහනකොට. අනික මෑන්ස් යනකොට ඒ තැන ගන්න ශක්තිමත් දෙවනපෙළකුත් රෝහණදීර හදලයි තිබුනෙ. හැබැයි රෝහණදීර වගේ දැවැන්ත ක්‍රීඩකයෙක් නැති අඩුව පූස්ගම මැර ක්ෂේත්‍රයට හැමදාමත් දැනේවි.
කාලෙකට පස්සෙ පුරුපුරුට රෝහණදීරව ආපහු මුණගැහෙන්නෙත් සක්වල තක්සලාව ඇතුලෙදිමයි. එක දවසක් අපේ පූසා ජිම් එකට යද්දි මෙන්න බොලේ රෝහණදීර ඉන්නවා ජිම් එකේ බර උස්ස උස්සා. සාමාන්‍යයෙන් ඔය ජිම් එකට එන්නේ සක්වල තක්සලාවෙ කට්ටිය විතරයි. ඒත් පුරුපුරු දන්නවා රෝහණදීරනං කීයටවත් මේක ඇතුලෙ කෙනෙක් නෙවෙයි කියලා.
පුරුපුරු :- ආ...රෝහණදීර අයියා, මොකද මේ පැත්තෙ? දැන් මොකද කරන්නෙ?
රෝහණදීර :- පුරුපුරු මල්ලි දැක්ක කල්...! හා හා කට කට!! මම මේක ඇතුලෙ නෙවෙයි කියලා මුන්ට දැනගන්න අරින්න එපා. ඇහුවොත් කියපං මමත් කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. මම දැන් දවල්ට කන්නෙයි, ජිම් යන්න එන්නෙයි කැම්පස් එකට.
පුරුපුරු :- ???
රෝහණදීර :- මම දැන් අර අහවල් ටෙලිෆෝන් කම්පැනි එකේනෙ වැඩ කරන්නෙ බං. ඉතිං ඉතිං?? උඹේ සැප සනීප කොහොමද?
පුරුපුරු :- අවුලක් නෑ අයියේ. ළගදි වලිවලට එහෙම ගියෙ නැද්ද?
රෝහණදීර :- හික් හික්!! මොන වලිද බං? දැන් ටවුන් එකේ අලුතින් බැහැලා ඉන්න සමහර කොල්ලො මාව අදුරන්නෙත් නෑ.
ඉතිං ඔන්න ඔහොමයි තුන් යෙහෙළි වික්‍රමය ඉවර වුණේ. ඇත්තටම ඒ දවස්වල මේ තුන් යෙහෙළියොත් එක්ක අපේ පූසො හිටියෙ මාර තරහින්. හැබැයි ඉතිං වයසින් වැඩෙද්දි, මේ ලෝකෙ හැම මනුස්සයාම අඩු වැඩි වශයෙන් අලු පාට බව තේරුම් ගනිද්දි, ඒ තරහා ටික ටික නැතිවෙලා ගියාලු. දැන්නං විදූශා තමන්ට කරපු වැඩේ ගැන අපේ පුරුපුරු ඉන්නේ සතුටින්. ඒ සතුටට හේතුව දැන්ම කියන්න බෑ. වෙනම සීරීස් එකකින් තව ටික කාලෙකින් කියන්නංකෝ.
නිමි.
ප.ලි :- මේ සීරීස් එක ගැන සමස්තයක් වශයෙන් ඔයාලාට හිතෙන අදහස්, විශ්ලේෂණාත්මක විදිහට මෙතන කොටලා යන්න පුලුවන්නං අපි ගොඩක් සතුටු වෙනවා යාලුවනේ. විශේෂයෙන්ම දැක්ක අඩුපාඩු එහෙම කියන්න. එතකොට තව සීරීස් එකක් ලියද්දි මීටත් වඩා හොඳට ඒක ලියන්න පූසන්ට පුලුවන් වෙයි.
Ela...
ReplyDeletePoos malli, mamath Love 10-12k karala thiyenawa..
ohoma charter kello set ekak gena sirawatama ahuwamai...
සමස්ථයක් වශයෙන් මේ සීරීස් එකනං උපරිමයි.
ReplyDeleteමොන වලි තිබුණත් අන්තිමට කට්ටිය ගොඩ ගිය එකනං ලොකු දෙයක්.
පූසලා සෙල්ලම් ඩයල්ස් ටිකක් නෙවෙයි නේ.
ReplyDeleteදැන්නං විදූශා තමන්ට කරපු වැඩේ ගැන අපේ පුරුපුරු ඉන්නේ සතුටින්
පුරු පුරුට කොළඹ තක්සලාවෙන් කොක්කක් ගහන්න වගේ.
මචං අඩුපඩු නම් මම දැක්කෙ නෑ, කතාවේ ස්ටයිල් එක එළ. දිග උනා කියල අවුලක් තිබ්බෙ නෑ
තුන් යෙහෙලි වික්‍රමය දැන් තමයි තේරුනේ....
ReplyDeleteඑල කියන්නත් බෑ නේ.මේක විරහ කතා 3 ක් නේ..
ReplyDeleteහොදට ලියල තියනවා...
අර ඉදිරි කතාවත් බලාපොරොත්තු වෙනවා
පුදුම කෙල්ලෝ නේද..?
ReplyDeleteමම හැමදාම කියනවා වගේ මේ සීරීස් එක නම් එලටම එල ඇත්තටම ,,බන් අරකිලා 3න් දෙනා කාවහරි අහිංසකයෙක් අල්ලගෙන බැදලා ඉදීනේ,නටන්න ඕනා නාඩගම් සේරම නටලා....ඔහොම කෙල්ලො වැඩිද මන්ද දැන් කාලෙ...
ReplyDeleteහැම දේම වෙන්නෙ හොඳට කියනවනේ.. මරු කතාව.. දිගටම කියවන්න ආස හිතෙනව.. :c
ReplyDelete"ඌ ඒකිගෙන් ගන්න පුලුවන් හැමදේම ගත්තා. ඒ දවස්වල දෙන්නා රූම් ගානෙමයි හිටියෙ. ඊටපස්සෙ ඒකි විභාගෙත් ෆේල් වුණා. අන්තිමට මල්බණ්ඩා මේකිව අතඇරලා දැම්මා." :h
හැබැයි මට මේ කතා ටිකෙන් කෙල්ලො නම් එපා වුනා..
ඊළඟ සීරීස් එකත් දානකම් බලාගෙන ඉන්නවා.. :e
මෙහ් මට අර තිලංකා ගේ නොම්මරේ හොයල දෙනවකෝ...හි හි...එල එල තියම ස්ටොරිය....අපේ අලුත් ලව් බර්ඩ්ස්ලත් මෙක කියවල හිටියනම් බොහෙම වටී...
ReplyDeleteඅර ගෑනු තුන් දෙනාව මගදි දැක්කොත් මෙන්න :l මෙහෙම කරල පලයන්. කතාව පට්ට :t
ReplyDeleteමල්බණ්ඩ මොනව කරන්න ඇත්ද මචං....."ලක්මාල්" එකටත් ඇද්දද දන්නෙ නෑ.
ReplyDeleteකතා සීරිස් එකනම් සුපිරියි.
තව උඹ ට්‍රයි කරපු කෑල්ලක් ගැන එහෙම තියනවනම් ලියපං මලේ.හරිම ආසාවෙන් කියෙව්වෙ.ආයෙ ඒ කාලෙට ගියා වාගෙ දැනුනා.
අනේ....තව ,තව ඔය වාගෙ කෙල්ලො වැඩි වේවා.ඉක්මණට ලංකාවට යා ගන්න නැතුවා...........හෆොයි....:b :b :b :b :t :t :t
දිග කතාවක් කෑලි නොකඩ කොහොමද? අදින්නෙ නැතුව දාන එකයි වැදගත්.
ReplyDeleteතවත් සීරීස් එකක් ඉක්මනින්ම එයි නේ :D
අතේ ඇගිලි ගානට කොමෙන්ට් දාන මම නිහඩ "ගඩොල්" පාඨකයෙක්...
ReplyDeleteකතාවනම් ඉතින් උපරිමයි... ආයේ ඒගැන කියන්න දෙයක් නෑ...
සුභ පැතුම්...
නියම කතාව. ගෑනු ටිකට පස්සෙ මොලෙ පහල වෙලා වගෙ.
ReplyDeleteමම හිතන්නෙ 3 යෙහෙලියන්ටයි, M.බන්ඩලාටයි තමන් කරපු වික්‍රම වලට පස්සෙ කාලෙකදි සෑහෙනෙ ප්‍රශ්න ඇති වෙන්නෙ පුලුවන්.
කසාද බැන්ද කියන්නෙයි, සතුටෙන් ඉන්නව කියන්නෙයි එක නෙමෙනෙ. සතුට සැනසීම නැතුව, රජ උනත් මොකටද?
හැබැයි රොහනදීර ගැන නම් අහන්නත් සතුටුයි.:c
කතා ටික එළ කොළුවො.. කියන්න මොකුත් වැරැද්දක් පේන්න නං නෑ.. මේ යන විදියට දිගටම යමු.. ඇත්තටම සන්තෝසයි මේ වගේ අවුල් කේස්වලට ෆේස් කරද්දිත් උඹල එකෙක්වත් අධ්‍යාපනේ ඇනගන්නෙ නැතුව ඇදගෙන ආපුඑකට.. එහෙම තමා වෙන්න ඕන.. කොල්ලො කාලෙ පිස්සු කෙලින්න ඕන, වලි දාගන්න ඕන- නැත්තං උං කොල්ලො නෙවෙයි.. හැබැයි ඒ එක්කම අධ්‍යාපනේ වගේ වැදගත් දේට ප්‍රයෝරිටි එක දෙන්න ඕන.. උඹල හැමෝටම ජය වේවා..!!
ReplyDeleteපලි: අර කවුදෝ කිවුවත් වගේ මේ කතා හොද පාඩං ලවු කරන පොඩි කොල්ලන්ට (හා කෙල්ලන්ට).. අපිට නං ඉතිං මේවා ප්‍රමාද වැඩියි.. :)
එල.... කියල වැඩක් නැ සුපිරියට ලියල තියෙනවා.. :r
ReplyDeleteමම මේ සීරිස් එක පටන් ගත්ත ගමන් මුල් කොටස් දෙක විතර කියවලා අද තමා ආවේ.අද එක හුස්මටම මුලු කතාවම කියෙව්වා.
ReplyDeleteජිවීතේ කියන්නේ සැහෙන්න පුදුම දෙයක් ,ජීවිතය කියන සමීකරණයේ විචල්‍ය අනුව තමා තීරණය වෙන්නේ.ඒ සමීකරනයේ එක එක්කෙනාට වෙනස් නේ .ඒ වගේ ඔය පුසන්ගේ සමීකරනයත් මරු.
මම අමුතුවෙන් විශ්ලේෂණය කරන්න දෙයක් නැ උපරිමයි එච්චරයි කියන්න තියෙන්නේ උබලට ජය මචන්ග්
මචං මම මේක දිගටම බැලුව, කමෙන්ට් කරේ නැති උනාට, මේ විදියටම ලියන්න, අපේ සෙට් එකත් මේ වගේ තමයි ඉස්කෝලෙ යන කාලෙ, ඒව මතක් වෙනව මේක කියවනකොට, දිගටම ලියපං මචං, මේ විදියටම හොදයි
ReplyDeleteඇත්තටම කිසිම වරදක් කියන්න බෑ කතාව නියමෙටම ලියලා තියනවා .. මම විතරක් නෙවෙයිනේ එහෙම කියන්නේ . මට උඩින් ඉන්න හැමෝම..ඒක නිසා සම්පූර්න කතාවම හිට්..
ReplyDeleteඇත්තටම මමත් ගොඩක් දේවල් ඉගන ගත්තා (ලිවීම සම්බන්දයෙන් )මුලු කතාවම බලන අයගේ හිත් ඇදගන්න පුලුවන් විදිහට ලියලා තියනවා .මම මේ සුලු සීරීස් එකම කියෙවුවේ බොහොම හෙමීට වචනෙන් වනනේ ..මට හොඳටම හිතට අල්ලලා ගිය කතා විතරයි මම ඒ විදිහට කියවන්නේ ..
දැං ඉතින් මෙච්චර ලස්සන කතාවක් දුන්න එකට බිලාල සහෝදරයන්ට ඉස්තූතිකරන වෙලාව .. ඒත් එක්කම තව කතාවක් ඉක්මනට ලියන්න කියලා කියනවා..
කතාව නම් පට්ටම පට්ට ..
අපි ගියා ..
ජය වේවා !!
මචන් මට නම් මේ සීරීස්1 කිසිම අඩු පාඩුවක් දැක්කෙ නෑ සිරාවටම. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ත්‍රාසය භීතිය සහ කුතුහලය:b ජය වේවා. කතා සෙට් 1 ම කියෙව්වා,ඉස්සරහටත් මේ වගේ කතා බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteකෙල්ලො ගැන කතා කරල වැඩක් නෑ. ඒ නිසා ඒ ගැන කතා කරන්නෙ නෑ මචන් ලා. :h
පූස් ගඩොලෙ මං වැඩිය පහුරු ගාල නැති උනත් හැම සටහනක්ම අකුරක් නෑර කියවල තියනව. මේ සීරීස් එකනම් කියල වැඩක් නෑ. කිසි ගින්නක් නැතුව කොටස් 20ක් විතර අදින්න තිබ්බා රසයට කිසිම හානියක් නැතුව. බොහොම අපූරුයි.
ReplyDeleteඅර පට්ට වේ*යො තුන්දෙනා ගැන නම් කතාකරන්න දෙයක් නෑ. ඔය වගෙ චරිත කීපයක් මටත් මුණගැහිල තියනව. පුරුපුරු එලම ගට තියන කොල්ලෙක්. ඒ වගේ වයසකදි ඒ වගෙ කේස් එකකට මුහුණදීපු විදිහනම් අති විශිෂ්ඨයි................ජයවේව!!!!
සිරා කතාව. තව සීරීස් එකක් එනකන් මඟ බලාගෙන ඉන්නේ..
ReplyDeleteවැඩිය කමෙන්ට් නොකරාට මම දිගටම කියවාගෙනයි ආවෙ. මට කියන්න වචන නැති නිසා සමාවෙන්න ඕනෙ.
ReplyDeleteමරු!
අන්තිමට කියැවිලා තියෙන සීරියස් එකත් ඉක්මනට ලිව්වා නම් තමයි හොඳ. :)
අති විශිෂ්ඨයි සෑර්!
ReplyDelete:n :n
ReplyDeleteනියම කතාව. ඊලග කතාවත් ඉක්මනට පටන් ගනින්.
:f
කෙටියෙන් කියනවානම් පූස් මල්ලි මේක තමයි ජීවිතය කියන්නේ. ඕක තේරුම් ගන්න බැරිවනේ මේ මිනිස්සු හැම දෙයක්ම කරන්නේ. මල්ලිලා අඩු වයසකින් ඔය අත්දැකීම් ලැබුවා කියන්නේ ඉදිරියට යන්න හොඳ ගැම්මක් ගත්තා කියන එකනේ....
ReplyDeleteජය....
style eka kese wethath dannam api mokak liwwath kiyawana gaanata oya kata walata abuse wela.... digatama liyamu.... poosanta jaya wewa....
ReplyDeleteelaaazzz meka tma hoda kiyawapu series eka pusone ge... :b :b :b :b :b kello atarin oya wage kello nam innawa sahoo.. monawa unath ubala beruna eka nam loku deyak ... :) :o
ReplyDeleteමුලින්ම කියන්නන් මේක comment එකක් උනාට post එකක් තරං දිග වෙයි. අද තමා මේ බ්ලොග් 1 මන් කියවන්න ගත්තේ. එකත් කුරුදු වත්ත ඉස්කෝලෙට ඔයාලත් එක්ක ගියපු යාලුවෙක් ගෙන් දැනගෙන. ඔයාලට මට දෙන්න පුළුවන් හොදම comment එක තමා 3 ට විතර ඔයාලගේ බ්ලොග් 1 කියවන්න ගත්ත මම මේක ඔක්කොම කියවල ඉවර කලේ දැන් කියන 1. කිසිම කම්මැලි කමක් නැතුව එක දිගට මම මේක කියවන්න ගියේ හරිම ආසාවෙන්.ඔයාලගේ උපාසකට වගේ මටත් හෙම දේකටම වඩා කෑම මුලික නිසා කන්න නවත්තපු වෙලවලුයි, අත්‍යවශ්‍යම වැඩ වලට නවත්තපු වෙලවලුයි ඇරුනම මන් මේක 1 දිගට කියවගෙන ආවා. මේකේ තියෙන ගොඩක් කතන්දර වල තියෙන්නේ අපි ගොඩක් අය ඉස්කෝලේ යන කාලේ ජීවත් වෙන්න ආස කරපු ජීවිත.ගැණු ළමයි උනා කියල ඒ ආසාවේ වෙනසක් තිබුනේ නැ.එත් ඔයාල වගේ fun ගන්න අපිට ඉස්කෝලේ කාලේ විදිහක් තිබුනේ නැ. ඒ සමහරවිට අපි ගැණු ළමයි නිසා වෙන්නැති. (එහෙමයි කියල අපි දග වැඩ නොකර හිටියෙමත් නැ).කොහොම උනත් මේ කතා කියවන කොට අපිට හිතෙන්නේ අපිත් මේ හැම දේකටම ඔයාල එක්ක එකට හිටිය වගේ. ඒ ජීවිතේ අපිත් ගෙවුව වගේ. අපිට නොතිබුණු ලස්සන කාලයක් අපි මේ බ්ලොග් 1 හරහා රසවිදිනවා. ඉතින් දිගටම මෙහෙම ඔයාල මේ වගේ කතා කියන්න.මොකද ඒ පේලි අතරින් අපි අපේම කියල කතාවක් ගොඩ නගා ගන්න නිසා.ඒ වෙනුවෙන් සියලු ශක්තිය හා ධෛර්ය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.(කොහොම උනත් ඔය අඬු පඩු ටික කඩා ගන්නේ නැතුව වලිකාර පුසොයි, අහිංසක පුසොයි මෙච්චර දුරක් ආපු එක ගැන නම් සතුටුයි.):t
ReplyDeleteඅති විශිෂ්ටයි සහෝදරයා. අහලා තියෙනවද පුරාණ ඍෂිවරු කියලා තියෙනවා "අස්ථිර වූ ස්ත්‍රී චිත්තයෙහි ස්ථිර වූ ආදරයක් ඇතිවිය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කල හැක" කියලා. ඒක ඇත්තම තමයි.
ReplyDeleteඒ වගේම මේක අපි හැමෝගෙම කතාව වෙන්නත් පුලුවන්. වෙනසකට තියෙන්නෙ ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වපු විදිය විතරයි.
දිගටම ලියන්න. මගෙන් සුබ පැතුම්.
elakiri kata series 1ka machan ,ubata jaya wewa .puluwan nam rohana deera ge kata tikak dapan machan.mama dharshana from uk
ReplyDeleteඔය වගේ කෙල්ලොත් එක්ක තියෙන මල තවත් වැඩි වෙනවා :h
ReplyDeleteබලන් ගියාම තිලන්කා කියන්නේ බ**ක් නේ බන් :n
ඒකත් ඉවරයි එහෙනම් , ඊලග එකට ඉක්මනටම මුල පරන්න කියල සුභ පතනවා
@ගඩොල්
මචන් මම නම් හිටියේ වතුරුගම :a
maxxxa කතාව :b
ReplyDeleteකාලෙකින් කමෙන්ට් එකක් දාන්නත් බැරිඋනා නෙ. කැම්පස් එකෙ වැඩ ගොඩ ගැහිලා තිබ්බෙ. අද තමයි end එක ඉවර උනෙ. ඒ හින්දා තව ටික දවසක් ආතල් එකේ ඉන්න පුලුවන්. කොච්චර වැඩ තිබ්බත් බ්ලොග් ගඩොල් නම් නොකියව හිටියෙ නෑ.
අනිත් කතා සීරීස් එක වගේම මේකත් පට්ට.කොච්චර දුක හිතුනත් කෙල්ලෙක්ගෙන් බූට් එකක් කන එක එක අතකින් ජීවිතේ ලොකු සංධිස්ථානයක්; අත්දැකීමක්. පුරු පුරු කාපු ලොකුම බූට් එක මේක වෙන්න ඇති නෙ?
දිගටම ලියන්න සහෝ :o අපි ආසවෙන් කියවනව.
කතා ටික නම් ආයේ අහන්න දෙයක් නෑ ලස්සනයි :b :b
ReplyDeleteකොච්චර කියවන්න ඇඩික්ට් වුනාද කිව්වොත් අර ඉස්සර ටෙලිවිෂන් සිරිස් වගේ ඊළඟ කොටස එනකන් බලන් හිටිය :n
මේවා කියෙව්වම හිතෙනවා පුළුවන් තරම් කාලයක් පොඩි ළමයෙක් වගේ ඉන්න එක හොඳයි කියල :j
:h ........ :l ........ :p ............ :b
ReplyDeleteමල්ලී..මං හිතන්නේ මං මුකුත් කියන්න ඔන නැහැ කියලා..උඹ දැන් දන්නවනේ.අලු පාට ගැන...?
ReplyDeleteඑච්චරයි..ඊට වඩා කිසිම දෙයක් නැහැ.
හා දැන් පටන් ගනින් දැන් පුරුපුරුගේ අළුත්ම ව්‍යාපෘතිය ගැන කතාව..හෙහ් හෙහ්..
සහෝ... මේ බ්ලොග් එකේ දැනට තියෙන හොඳම series එක තමා මේක. මම බ්ලොග් එක කියෙවුවත් සාමාන්‍යයෙන් comments දාන්නේ නෑ :i . ඒත් මේ කතා ටිකටනම් comment එකක් නොදා ඉන්න බැරිවුනා! :e
ReplyDeleteමම දන්නවා එදා විදූෂා පුරුපුරුට එහෙම කල එක ගැන සංතෝස ඈයි කියලා... අපි දැක්කනේ SBU එකේදී...
ReplyDeleteකියන්ඩ දෙයක් නැ...එළමකිරි.... "එකතමයි..වචනටික"....
ReplyDeleteජයවෙවා..
දිගටම..ලියපං...
ලොකුම දේ තමා මේ සීරීස් එක ඉක්මනට දාපු එක ඒක නිසා මේක දිග උනාට ඒක තේරුනේ නෑ. මේ වගේ දිග කතාවක් කොටස් නොකර දාන්නත් බෑනේ. පූසන්ගෙ කතා ශෛලිය එහෙමම තිබ්බත් සමහර් තැන් තිබ්බා ඒක එහෙම නොවෙච්ච. මන් හිතන්නෙ මේක ලිව්වෙ පුරු පුරු වෙන්න ඕනි.
ReplyDeleteවැදගත්ම දේ තමා ඔය කෙල්ලො/කොල්ලො නැතිඋනා කියලා අඩ අඩ ඉන්න ඕන කෙනෙකුට මම අනිවා කියවන්න කියනවා චංචලා සීරීස් එකයි මේකයි.මේ තැන් දෙකේදිම පූසන්ගෙ හැසිරීම නියමයි. උඹල හරි බන් එක දෙයක් නැතිඋනම ලෝකෙම නැතිඋනා වගෙ හැසිරීම මම නම් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. කොහොම උනත් ඔය කෙල්ලො තුන්දෙනාම තමන් කරපු දේවල් නිසා විඳවන්න ඇති.
වැදගත්ම කතාව මිනිස්සු අළු පාටයි. සුදු හෝ කළු මිනිස්සු නෑ.
@Praසන්ன,AmilaArt
ReplyDeletechamoda,sihinadanawwa,
BEAUTIFUL SRI LANKA - බොහොම ස්තූතියි යාලුවනේ!!
@MaRLaN - හික්ස්!!
@ItalyDilan - හැමෝම නෙවෙයි, ඒත් එහෙම වුන් වැඩී කියලනම් හිතෙනව තමා..
@ගිහාන් - ඇත්ත. ඒත් හැම කෙල්ලම එහෙම නෑනෙ යාලු. අපේ පුරුපුරුට, උපාසකට එහෙම් වුන් හම්බවුනා, ඒත් එහෙම නැති කෙල්ලොත් ඉන්නව.
@Mr.Lonely- ඒක ඇත්ත මේව කාට කාටත් හොද පාඩම් තමයි!
ReplyDelete@Ano- හික්ස්!!
@dinesh- කොහෙ කොහෙ ගෙනිච්චද දන්නෙ නෑ බං.. හික්ස් ඉක්මණට ලංකාවට වරෙන් එහෙනම්..
@roylyfernando- තෑන්ක්ස් මචෝ.. ඔව් ඉක්මණට තව කතාවක් දානවා..
හලෝ පූසනේ,
ReplyDeleteමම මෙච්චර කල් සද්ද නැතුව හිටියට හැමදාම මෙහේ ආවා ගියා. මේ සීරීස් එක දවසක් නෑර මුල ඉඳලම බැලුවා. ලියලා තියෙන විදියට කතාව මැවිලා පේනවා. පුරු පුරු, උපාසක, විදූශා, මල්බණ්ඩා, රෝහණදීර කට්ටියගේ මූණු පවා මැවිලා පේනවා.
ඔයාලා ලිව්ව නිසා පිලිගන්නවා ඇර මේ වගේ කෙල්ලෝ මේ ලංකාවේ ඉන්නවා කියලා මට නම් විශ්වාස කරන්නත් අමාරුයි. අපි ඉස්කෝලෙ යන කාලේ කොච්චර අහිංසකද අප්පා.. ඒ කාලේ මම කැමැත්තෙන් හිටියේ එක කොල්ලටයි. එයාත් මට කැමතියි. අපි හොරෙන් මූණු බල බල හිටියා විතරයි. යාළු වුණේවත් නෑ. ඒත් මට ඒ කාලේ වෙන කොල්ලෙක්ගෙ මූණ වත් බලන්න හිත් දුන්නේ නෑ. අරයට දුක හිතෙයි කියලා. ඒකට විදූශලා!
ඕවා ඔහොම වුණාම ගෑණු ළමයෙක්ගේ වටිනාකම නැතිවෙලා යනවා. දවසක වැරදි පිලිඅරගෙන හොඳ ළමයෙක් වුණත් අතීතය පස්සෙන් එලවනවා. බැඳපු මහත්තයා හරි කියන්න ඉඩ තියෙනවා 'තමුසේ එක එකා එක්ක ඉඳලා එනවා මෙතන' කියලා. මොනව වුණත් පූස් සෙට් එක දැන් හැදෙන ළමයින්ට හොඳ ආදර්ශයක්. හැබැයි ඔය සටන් ජවනිකා වලට නම් මම වැඩිය කැමති නෑ.
මේ කතාව අපිත් එක්ක බෙදාගත්තාට තැන්කූ.
ජය පූස්!
@thegreenvalleymaid - බොහොම ස්තූතියි නංගි (නංගිද අක්කද කියලනම් ෂුවර් නෑ.. මම හිතන්නෙ නංගි වෙන්න ඕනෙ..)
ReplyDeleteඅපේ කතා කියවල කවුරු හරි සතුටක් විදිනවනම් ඒක අපිට ඊට වඩා සතුටක්! කව්ද ඇත්තට මේක ගැන කිව්ව අපේ යාලුවා??
@Danuska - තෑන්ක්ස් වේවා මචෝ!!
@janaka01 - ඒක ඇත්ත යාලු, නූලෙන් බේරුනේ!!
@Ano(DHARSHANA) - රෝහනදීරත් ඉස්සරහ කතා වලදි ඒවි යාලු..
sira kathawa,
ReplyDeleteoya Vidusha kellawa atha heriya nisa, PuruPuru hondata A/L goda dagannath athi, den colombo campus lu ne neda...
anika 1000kin hoyaganna beri sira kellekuth me weddi set wela athi...
a nisa wenna oone Vidusha wa atha heriya eka gena sathutu........
thawath Supiri katha maalawak idiriyata api balaporoththu wenawa........
Good Luck machan........!!!
@'සුළඟ' - බොහොම ස්තූතියි යාලු!!
ReplyDelete@Buratheno - තෑන්කූ වේවා!!
"කොල්ලො කාලෙ පිස්සු කෙලින්න ඕන, වලි දාගන්න ඕන- නැත්තං උං කොල්ලො නෙවෙයි.. හැබැයි ඒ එක්කම අධ්‍යාපනේ වගේ වැදගත් දේට ප්‍රයෝරිටි එක දෙන්න ඕන."
මේකනම් ඇත්තම තමයි, හැම පිස්සුවක්ම නටන්න ඕනෙ, ඒත් හැම දේම ගානට බැලන්ස් කරගන්නත් පුලුවන් වෙන්න ඕන!
@chamoda - තෑන්ක්ස් වේවා!!
@sihinadanawwa - ස්තූතියි මචං.. තමන්ගෙ සමීකරණය කාටවත් හදන්න නොදී තමන්ම හදාගන්න ඕනෙ, හැබැයි එතනින් එහාට එන හොද් වගේම නරකත් තමන්ම බාරගන්න ඕනෙ..
@හිස් අහස - බොහොමත්ම ස්තූතියි යාලු!!!
ReplyDelete@Gayan Rupasinghe - ඒක ඇත්ත, එක අතකට කතා කරලත් වැඩක් නෑ තමා!! :)
@Rapa - තෑන්ක්ස් යාලූ!!
@තාරක Dilsh@n - ඉක්මණටම ඒවි මචෝ!
@ssudaraka - ඒකත් එනව ඉස්සරහදි..:)
ReplyDelete@priyantha.ඒබී - ඒක ඇත්ත අයියා, එආ කාලෙ ලබපු අත්දැකීම් අපේ සෙට් එකට ලොකු හයියක් වුනා.. ඒකමයි අපි මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවෙත්.
@Paradox,කොඩී,Raj,
Dakshina - බොහොම ස්තූතියි යාලුවනේ!!
@DarKneT | ඉෂාර- ඔව් එහෙම එකක් තමා බං..
වතුරුගමද?? අපි ඉන්නෙ ඊට ගොඩක් ලගින් යාලු.. අර අගට වැලක් තියෙන ගමේ.. ;)
@මාරයාගේ හෝරාව - ඇත්ත අයියා ඒ කාලෙදි අපි අලු පාට ගැන හොදට තේරුම් ගත්තා. බොහොම ස්තූතියි, අලුත් ප්‍රොජෙක්ට් ගැනත් ඉස්සරහදි එයිලු.. හික්ස්!
ReplyDelete@prasanna86k - :a
@පලා - බොහොම තෑන්කූ වේවා මචෝ!!
@sameera wijayawardane - ඇත්ත අයියා, අපේ පුරු පුරු අන්තිමට කැම්පස් ගියා, විදූෂට කවුරුත් නැති එකයි වුනේ!! ඒ කොහොම වුනත් ඒ දේවල් ගැන අපි සතුටු බව නම් ඇත්ත.. එහෙම සතුටු වෙන්න හේතු ඕන තරම් තියෙනව..;)
@සොබනි - බොහොම ස්තූතියි සොබනි. මේ කතාව මේ විදිහටම සිද්ද වුනා, හිතන්නත් අමාරු බව අපි පිලිගන්නව ඒත් මේක ඇත්තම කතාවක්!
හැබැයි හැම කෙල්ලම මෙහෙම නෑ, හොද කෙල්ලො ඕන තරම් මේ ලෝකෙ ඉන්නවනෙ.. අනික මේව කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් පොදුයි!
@නිශ් - අනිවා,සුදු හෝ කලු කවුරුත් නෑ..
මේ සීරීස් එකනං උපරිමයි.
ReplyDeleteඅයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එලම තමා. කිසිම අම්මාරුවක් නැතුව එක දිගටම කියවගෙන යන්න පුළුවන්. ලියන එක නං උපරිමේටම පිහිටල තියෙනෙව
ReplyDeleteකතා පෙළ නං උපරිමයි. හොදට ලියලා තියෙනවා. සමහර තැන්වල විග්‍රහ කිරීම් ඉතා හොදයි, එක කියවන්නාගේ චිත්ත රූප පහළවීමට හොද තල්ලුවක්.
ReplyDeleteමොන දේ කලත් අද්‍යාපනයට හානි නොවීම නං ඉතා වැදගත්. පුසන්ට ජය වේවා..
නියම නියම අති විශිෂ්ටයි
ReplyDeleteමට කියන්න දෙයක් හිතා ගන්න බෑ මචන්...
ReplyDeleteඅඩුපාඩුවක් නම් නෑ.. කිසිම කම්මැලිකමක් නැතිව කියවන් ආවා. :b:b
ReplyDeleteඑහෙනම් ඊළඟ සීරීස් එකෙන් හමුවෙමුකෝ අපේ පූස් අයියලාව :c :e :e
කමෙන්ට් දාන්න බැරිඋනාට හැමදාම බ්ලොග් එක කියවනවා... අනිත් සීරීස් එකත් ඉක්මනට ලියපන්....
ReplyDeleteඅනී අම්මියෝ දැන් තමා ඕන් කියවලා ඉවර කොලේ. අර රංගයියා ගේ කෙල්ලොන්ට හපන් නේ මේගොල්ලෝ. අර කොල්ලා කොහොම ඉවසුවාද මන්දා! මම නම් පැන්න ගමන් දෙනවා පාර.
ReplyDeleteරෝහණදීරව මතක් කලා කියන්න. ඉස්සර අපෙත් කොල්ලෙක් හිටියා ගැන්සිය පිටින් දීලා ගුටි කෑව එකාව පන්තියෙ උන්ට මැදි කරවලා වාඩි කරවගෙන ගිණුම්කරණය කරපු. මට ඒ යකාව මතක් වුනා. පොරත් දැන් රෝහණදීර වගේම හොද රස්සාවක් කරගෙන ඉන්නවා.
@blog ගඩොල්: මන් සයිබර් අවකාශයට නං තාම ළදරුවෙක්.. වැඩි විස්තර පසුවට.........අලුත් කතාවක් එනකන් ඔක්කොම බලන් ඉන්නවා.... :C
ReplyDeleteසාර්ථක ලව් ඉස්ටෝරියක් ඇත්තෙම නැද්ද හැබෑට ? :S
ReplyDeleteකෙල්ලන් නිසා නොතැවිය යුතු බව මා වටහා ගත්තේ පූස් ඉස්ටෝරි කියනීමෙනි.
ReplyDeleteනියමයි අයියා දිගටම ගියන්න මේ පූස්ගමට කියන ඇත්තම නම මොකක්ද ?
බ්ලොග් ගඩොල් ටික අද මුල ඉදන් අගටම එකක් නැර කියෙව්වා. කතා ටික මරු.
ReplyDelete"........ඩොක්ටර් රෝසාගෙ බහුවරණ විවරණය පොත තිබුනා. පුරුපුරු කළේ අඬ අඬාම ඒ පොතේ පුලුවන් ගණන් ටික මුල ඉඳන් අගටම හදපු එක".
මේ වචන ටිකෙන්ම(පුරු පුරු නම වෙනුවට මගේ නම දාල ) ලියන්න පුළුවන් සිද්දියක් මටත් වෙලා තියෙනවා ( ඒකත් 2004දිම ). මේක කියවද්දී ඒ සිද්දි ටික ෆිල්ම් එකක වගේ අයෙත් දැක්ක. Experience අඩුකමයි, පන්ඬිතකමයි හින්ද කෙල්ලට birthday present එක විදියට ගත්තේ ඔය පොත, ඒ දවස් වල සෙට් වෙලත් නැතිව. කොහොම හරි යාලුවෝ සෙට් එකේ sup එකෙන් පොත දුන්නම මේකි මගේ ඉස්සරහ බිම පොත තියල ගියා. අනිතිමට physics ගේමක් නැතිව ගොඩ දාගන්න ඒ බිම දාල ගිය පොත මට ගොඩක් උදව් කලා. Love සීන් වලට මොංගල් හදන් පිස්සු කෙලින එක සිරාම මෝඩ වැඩක් බන්. උබල සෙට් එකම ඒ අතින් එල කිරි.
බ්ලොග් එක දිගටම කරන යන්න මගෙනුත් සුභ පැතුම්..!
@chanakalin
ReplyDeleteපූස්ගම=ගම්පහ. පූසන්ගේ අවධානය පිණිසයි.
@paradox,
ReplyDeleteතැන්කූ තැන්කූ
මල්බණ්ඩ වගේ උන්ටනම් පූස්ගම රජදහනක්නෙ.
ඒ පැත්තෙයි, ඇතුගල පාමුලයි ගෙස්ට් හවුස් සේරම දුවන්නෙ ක්ලාස් යන්න එන අසහනේ තියන උන්ගෙන්නෙ. තරමක් ෂෝචනීය වැඩක් නේද ?
කියන්න වරදක් නම් දැක්කෙම නෑ. කියන තරමක් හොඳ තමයි කියන්න තියෙන්නේ! පූසත් නිකන් ආවේගෙට වගේ ලියාගෙන ලියාගෙන ගිහිල්ලා තිබුණ නිසා එක පාරකට පෝස්ට් 4ක් 5ක් කියවන්න වුණා. ඒක ඉතිං අවුලක් නෑ. එකක් කියවලා අනික කියවන්න සතියක් බලන් ඉන්න වුණොත් ඒක ඊටත් වැඩිය අවුල්නේ...දිගටම ලියන්න. අපි ඉන්නවා කියවන්න. :b
ReplyDelete@ paradox & chanakalin - පූස්ගම කියන්නෙ ගම්පහ නෙවෙයි යාලු. ගම්පහ දිස්ත්‍රික්කෙ තියෙන පොඩි ගමක්
ReplyDeleteඔන්න අද තමායි මේ කතා ටික කියවලා ඉවර වුණේ
ReplyDelete:b
අඩේ කැත නැතුව කියෙව්වා එක හුස්මට... උපරිමයි බන්... මැවිලා පේනවා කතාව. අන්තිමට වර්තමානේ ගැන ලියපු එකත් එල... ඒ කාලේ මතක් වෙනවා..
ReplyDeleteමට ආඩම්බරයි මගේ ප්‍රදේශයේ කෙනෙක් හැටියට මෙච්චර සන්තෑසි වලට මූණ දීලත් අධ්‍යාපනය කඩා කප්පල් කර නොගෙනීම ගැන.ඒ වාගේම කණගාටුයි මේ වගේ ඉගෙනගෙත් මෝඩ දැරිවියන් මගේ ප්‍රදේශයේ සිටීම ගැන.
ReplyDeleteනිවාඩුපාඩුවෙ ඉන්න වෙලාවක එන්න මගේ බේකරියට සල්ලි දීල බනිස් ගෙඩියක් එහෙම කාල යන්න ඔන්න බේකරියට විතරයි . අනික් පැත්ත සපුරා තහනම් හරිය.
ඔය හැමදේම වෙන්නේ හොදට කියන බයිලාව අපි හැමෝම ගහන්නේ ඉතිං දන්නවනේ.....හික් හික් හික්
ReplyDeleteඒ කියන්නේ පුරු පුරුටත් හරිගියා....අවංකනම් ඉතිං කෝමත් වරදින්න විදිහක් නෑනේ.....
හොද වැඩේ නොකියන්න කරම් මෝඩයෙක් නෙවේ මාත් ඕන්....ඒ කිව්වේ මේ අපේ අර ත්‍රී සිස්ටර්ස්ලට....කට්ටිය හොදින් හිටියනම් ඒ ජීවිත කොච්චර ලස්සන වෙන්න තිබුණද....මොනා කරන්නද....ම්ම්ම්ම්ම් මටත් ඔය වගේ අත්දැකීමක් තියේ කියන්න...බලමු වෙලාවේ හැටියට කියන්න...
අනේ මන්දා ඇතිවත් බැරි නැතුවත් බැරි මේ කපටි කෙල්ලෝ.....
ගොඩක් වේලාසනින් මම.:k
ReplyDeleteමට අන්තිම කොටස් දෙක මඟ ඇරිලා. අර කල කලදේ පල පල දේ වෙනවලුනේ.... තුන් යහළු වික්‍රමයටත් ඒකම වෙලා. :h :h
බ්ලොග් එකෙයි ලියන කියන විදියෙයි අඩු පාඩු නම් ඉතින් නෑනේ අයියේ..... අඩුපාඩු කියන්න ඉතින් මම ඔව්වා දන්න කියන කෙනෙකුත් නෙමේනේ. කතා ඉතින් හැමදාම වගේ ත්‍රාසය භීතිය කැටි වූ ටොප් වන් එකට තියනවා...... :b :b :b :b
hik hik
ReplyDeleteපූසෝ සෙට් එක නියම ගේම් නේ දීල තියෙන්නේ..මරු කතා සෙට් එක...
ReplyDeletehttp://dileepas.blogspot.com/
සිරා කතාව මචෝ
ReplyDeleteඔය හා තරමක් සමාන සිදුවිමක් මටත් සිදුවෙලා තියෙනවා.. අය්යෙ ඔයා කතන්දරය ලියලා තියෙන විදිය නම් සිරා. කුතුහලය නම් උපරිම මට්ට්මෙන් රැක ගෙන තිබුන සීරිස් එකෙන් සීරිස් එකට. ජය වේවා!
ReplyDeleteසිරාම සිරා....පට්ටම පස්ට...අද තමා මේ බ්ලොග් එක දැක්කෙ... බ්ලොග් එක ගැන හා ලියලා තියෙන ඒවා ගැන තනි වචනෙන් අපේ ආකාරෙට කියනවා නම් ඉතින් කියන්න තියෙන්නෙ සිරා කියලා තමයි..සීරිස් එක කියවලා ඉවර වෙනකන්ම කතාව තුල ජීවත් උනේ මම නම්
ReplyDeleteකතාව හොදයි. කෙල්ලෝ කරන ***** වැඩ ගැන දැන ගන්න නියම කතා සෙට් එක! තව කතා ටිකක් දානකං බලං ඉන්නවා! අනික්වත් බැලුවා. නියමයි. රෝහණ අයිය වගේ පොරක් උඹලට හිටිය එක හොදට ගියා. නැත්තං පූසෝ මේ බ්ලොග් එක කරන එකක් නෑ. හැමදාම ලියපල්ලා.. අපි එන්නම් බලන්න! ඉස... ඉස...
ReplyDeletepatta..elamakiri
ReplyDeletestory eka nam niyamai ,thawa pusange adventures thiyenawanam ikmanatama publish karanna.
ReplyDeletePusanta good luck
Niyamai pooslage kathava.
ReplyDeleteMage hondama yaluvage nick name ekath poos. Eyath oyala vagema pissu dial ekak.
Mage nick name eka poosi. Math ithin hari jollyen inna kellek.
E nisa me story eka hithata godak vaduna
All the best for u
අපරාදේ මුට එක දවසක් මේකි අදින්න බැරි උනානේ..............
ReplyDeleteමචන් මම මේ එක දවසෙන් මුළු සීරිස් එකම කියෙව්වේ. උඹලා දන්නවද මෙහෙම කතාවක්.
ReplyDeleteඔන්න මචන් අම්බ කාලෙකට ඉස්සර රජකෙනෙකුට පුත් කුමාරයෙක් ඉපදුනාලු. ඉතින් කුමාරයා වයසින් වැඩෙද්දී තක්ෂිලාවට යැව්වලු ශිල්ප හදාරන්න. දැන් වගේ නෙමේනේ ඒ කාලේ, බුවාට නැවතිලාමයි ඉගෙන ගන්න වුනේ. එක්ස්ප්‍රෙස් ලර්නිනුත් නැති නිසා අපේ කුමාරයා ලොකු වෙනකන්ම ශිල්ප හදාරමින් ඉන්නවලු. දවසක් පණිවිඩයක් ආවලු පියරජතුමා මිය පරලොව ගියා, එක නිසා ඇවිත් රජකම බාර ගන්න කියලා. දැන් කුමාරයා තක්ෂලාවෙන් අස් වෙලා රජ මැදුරට යන්න ගියාලු පිය රජතුමා නැතිවුණු ශෝකයෙන් හා රජකම බාර ගැනීම පිණිස. මෙහෙම කුමාරයා යද්දී මගදීම කුමාරයාව හම්බවෙන්න කුමාරයාගේ මෑණියන්වහන්සේ ආවලු. ඇවිත් ඇහුවලු ස්ත්‍රීන් ගැන මොනවද ඉගෙන ගත්තේ කියලා. ඉතින් කුමාරයා ස්ත්‍රීන් ගැන දන්නා දෙයක් නැති නිසා කිව්වලු දන්නේ නැ කියලා. ඉතින් මෑණියන්වහන්සේ කිව්වලු එහෙනම් ඉගෙන ගෙන එන්න එතකොට තමයි රජකම හම්බවෙන්නේ කියලා.
ඉතින් අපේ කුමාරයාත් අයෙත් ගුරුතුමා ලඟට ගිහින් කිව්වලු "අනේ ගුරුතුමනි, මට ස්ත්‍රීන් ගැන කියලා දෙන්න නැත්නම් මට රජකම ගන්න වෙන්නේ නැ කියලා." එතකොට ගුරුතුමා කිව්වලු එක බොහොම වැදගත් සාස්තරයක්. රජතුමාටවත් එහෙම කියල දෙන්න බැ. එක ඉගෙන ගන්න ඕනේ නම් මම කියන විදියට කරන්න ඕනේ කියලා. කුමාරයත් ඉතින් රජකම ගන්න ඕනේ නිසා එකට කැමති උනාලු. බොහොම ලොකුවට කිව්වට ගුරුතුමා ගෝලයාට පැවරුවේ එකම එක වැඩයි. එක තමයි තමයි ගුරුතුමාගේ බොහොම වයසක අම්මව නහවන එක. මේ අම්ම බොහොම වයසක එක්කෙනෙක්. ඇවිදින්නත් අමාරුයි. හරියට ඇස් පේන්නෙත් නැ. අර නාවන වැඩේ වෙන්න ඕනේ මෙහෙමයි. මුලුන්ම ගෝලයා වතුර උණු කරන්න ඕනේ. ඊට පස්සේ ගිහින් ගුරුතුමාගේ මෑණියන්ව නාන තැනට එක්කරගෙන එන්න ඕනේ. ඊට පස්සේ මෑණියන්ව නාවනකොට කියන්න ඕනේ "ඔබතුමිය තරුණ කලේ බොහොම ලස්සනට ඉන්න ඇති. ඒ කලේ බොහොම පැහැපත් සමක් තියෙන්න ඇති" වගේ දේවල්. එහෙම කියන්නේ මෑණියන්ගේ හිත හැදෙන්න.
ඉතින් කුමාරයත් එහෙම කරනවලු. මෙහෙම හැමදාම තමන්ගේ වර්ණනාව අහන ඉන්න අර වයසට උන්දැට අන්තිමේදී මේ කුමාරය ගැන කාම සිතක් පහල වෙනවලු. බලන් ඉඳල ඉඳල අන්තිමේදී අර වයසක මෑණියන් මේක කුමාරයට කියනවාලු. කුමාරය බයෙන් ගල් ගැහිලා ඕකට එක පාරටම බැහැයි කියනවා. බුවා එතනින් නවතින්නේ නැතුව මේක ගිහිල්ල තමුන්ගේ ගුරුවරයාත් කියනවා. මේකට ගුරුවරයා දෙන්නේ මාරම මාර උත්තරයක්. ගුරුතුමා කියනවා ගෝලයට "ඔයා ඕකට කැමතියි, එත් මම නිසා(ගුරුතුමා නිසා) බැ වගේ ඉන්න" කියලා. ගෝලයත් ඉතින් කියපු විදියටම කරනවා. මේ අතරේ ගුරුතුමා තමන්ගේම පිළිමයක් අඹනවා. හරියටම ගුරුතුමා භාවනායෝගීව ඉන්නවා වගේමයි. ඉතින් එහෙම කරලා ඒ පිළිමය තියලා තියනව ගුරුතුමා සමාන්යෙන් භාවනාකරන තැන. එහෙම කරලා ගෝලයාට කියනවා හැමදාම එක දිහා බලන් ඉන්න කියලා. හැබැයි එහෙම බලන්න ඕනේ කාටවත් පේන්න නැති වෙන්න. ඒ අතරේ මෑණියන්ව නාවන එක කරන්නත් ඕනේ. ගුරුතුමාත් සමහර වෙලාවට ඇවිල්ල බලල යනවා.
එක දවසක් ගුරුතුමයි ගෝලයයි බලන් ඉන්න අතරේ අර වයසක අම්මා උස්සන්නවත් බැරි තරම් ලොකු කඩුවක් වෙව්ල වෙව්ල උස්සන් ඇවිත් හොරෙන් ලංවෙලා හරියටම අර පිළිමේ බෙල්ලටම ගහනවා. මැටි වලින් හදපු පිළිමේ ඔලුව කෑලිවලට කැඩිලා යන්න. පස්සේ ඒ පිළිමේ මැටි කියලා දැනගන්න මෑණියන් වහන්සේ හරිම විස්සෝපෙන් එතනින් යනවා. ඉතින් බයවෙලා මේක බලන් ඉන්න ගෝලයට ගුරුතුමා කියනවා. "ඔන්න ඕක තමයි ඔබ ස්ත්‍රීන් ගැන දැනගන්න ඕනෙම දේ. අම්ම තමුන්ගේ පුතාට එහෙම කලානම් වෙන ස්ත්‍රීන් ගැන කිසිවක් කියන්න ඕනෙද" කියලා. එක තමා ස්ත්‍රීන් ගැන කුමාරයට ඉගෙන ගන්න තිබුන දේ.
ඉතින් බන් උබලට අපිට වෙන දේවල් ස්ත්‍රීන්ගේ හැකියාවන්ගෙන් බිඳක් විතරයි. එහෙම නේද ? මේ කතාවේ සෝර්ස් එක නම් දන්නේ නැ. මමත් කොහෙන්හරි අහපු කතාවක්. මොනවා වුනත් උබලගේ අත්දැකීම ඒ කතාවේ මොරාල් එකේම ෂෝර්ට් වර්ෂන් එකක් වගේ නේද ? ඒ ගැනුන්ගේ හැටි බන්. කවදාවත් පිටුපාන්නේ නැත්තේ බල්ලෝ විතරයි මම දන්නා විදියට නම්.
මචන් මම මේ එක දවසෙන් මුළු සීරිස් එකම කියෙව්වේ. උඹලා දන්නවද මෙහෙම කතාවක්.
ReplyDeleteඔන්න මචන් අම්බ කාලෙකට ඉස්සර රජකෙනෙකුට පුත් කුමාරයෙක් ඉපදුනාලු. ඉතින් කුමාරයා වයසින් වැඩෙද්දී තක්ෂිලාවට යැව්වලු ශිල්ප හදාරන්න. දැන් වගේ නෙමේනේ ඒ කාලේ, බුවාට නැවතිලාමයි ඉගෙන ගන්න වුනේ. එක්ස්ප්‍රෙස් ලර්නිනුත් නැති නිසා අපේ කුමාරයා ලොකු වෙනකන්ම ශිල්ප හදාරමින් ඉන්නවලු. දවසක් පණිවිඩයක් ආවලු පියරජතුමා මිය පරලොව ගියා, එක නිසා ඇවිත් රජකම බාර ගන්න කියලා. දැන් කුමාරයා තක්ෂලාවෙන් අස් වෙලා රජ මැදුරට යන්න ගියාලු පිය රජතුමා නැතිවුණු ශෝකයෙන් හා රජකම බාර ගැනීම පිණිස. මෙහෙම කුමාරයා යද්දී මගදීම කුමාරයාව හම්බවෙන්න කුමාරයාගේ මෑණියන්වහන්සේ ආවලු. ඇවිත් ඇහුවලු ස්ත්‍රීන් ගැන මොනවද ඉගෙන ගත්තේ කියලා. ඉතින් කුමාරයා ස්ත්‍රීන් ගැන දන්නා දෙයක් නැති නිසා කිව්වලු දන්නේ නැ කියලා. ඉතින් මෑණියන්වහන්සේ කිව්වලු එහෙනම් ඉගෙන ගෙන එන්න එතකොට තමයි රජකම හම්බවෙන්නේ කියලා.
ඉතින් අපේ කුමාරයාත් අයෙත් ගුරුතුමා ලඟට ගිහින් කිව්වලු "අනේ ගුරුතුමනි, මට ස්ත්‍රීන් ගැන කියලා දෙන්න නැත්නම් මට රජකම ගන්න වෙන්නේ නැ කියලා." එතකොට ගුරුතුමා කිව්වලු එක බොහොම වැදගත් සාස්තරයක්. රජතුමාටවත් එහෙම කියල දෙන්න බැ. එක ඉගෙන ගන්න ඕනේ නම් මම කියන විදියට කරන්න ඕනේ කියලා. කුමාරයත් ඉතින් රජකම ගන්න ඕනේ නිසා එකට කැමති උනාලු. බොහොම ලොකුවට කිව්වට ගුරුතුමා ගෝලයාට පැවරුවේ එකම එක වැඩයි. එක තමයි තමයි ගුරුතුමාගේ බොහොම වයසක අම්මව නහවන එක. මේ අම්ම බොහොම වයසක එක්කෙනෙක්. ඇවිදින්නත් අමාරුයි. හරියට ඇස් පේන්නෙත් නැ. අර නාවන වැඩේ වෙන්න ඕනේ මෙහෙමයි. මුලුන්ම ගෝලයා වතුර උණු කරන්න ඕනේ. ඊට පස්සේ ගිහින් ගුරුතුමාගේ මෑණියන්ව නාන තැනට එක්කරගෙන එන්න ඕනේ. ඊට පස්සේ මෑණියන්ව නාවනකොට කියන්න ඕනේ "ඔබතුමිය තරුණ කලේ බොහොම ලස්සනට ඉන්න ඇති. ඒ කලේ බොහොම පැහැපත් සමක් තියෙන්න ඇති" වගේ දේවල්. එහෙම කියන්නේ මෑණියන්ගේ හිත හැදෙන්න.
ඉතින් කුමාරයත් එහෙම කරනවලු. මෙහෙම හැමදාම තමන්ගේ වර්ණනාව අහන ඉන්න අර වයසට උන්දැට අන්තිමේදී මේ කුමාරය ගැන කාම සිතක් පහල වෙනවලු. බලන් ඉඳල ඉඳල අන්තිමේදී අර වයසක මෑණියන් මේක කුමාරයට කියනවාලු. කුමාරය බයෙන් ගල් ගැහිලා ඕකට එක පාරටම බැහැයි කියනවා. බුවා එතනින් නවතින්නේ නැතුව මේක ගිහිල්ල තමුන්ගේ ගුරුවරයාත් කියනවා. මේකට ගුරුවරයා දෙන්නේ මාරම මාර උත්තරයක්. ගුරුතුමා කියනවා ගෝලයට "ඔයා ඕකට කැමතියි, එත් මම නිසා(ගුරුතුමා නිසා) බැ වගේ ඉන්න" කියලා. ගෝලයත් ඉතින් කියපු විදියටම කරනවා. මේ අතරේ ගුරුතුමා තමන්ගේම පිළිමයක් අඹනවා. හරියටම ගුරුතුමා භාවනායෝගීව ඉන්නවා වගේමයි. ඉතින් එහෙම කරලා ඒ පිළිමය තියලා තියනව ගුරුතුමා සමාන්යෙන් භාවනාකරන තැන. එහෙම කරලා ගෝලයාට කියනවා හැමදාම එක දිහා බලන් ඉන්න කියලා. හැබැයි එහෙම බලන්න ඕනේ කාටවත් පේන්න නැති වෙන්න. ඒ අතරේ මෑණියන්ව නාවන එක කරන්නත් ඕනේ. ගුරුතුමාත් සමහර වෙලාවට ඇවිල්ල බලල යනවා.
එක දවසක් ගුරුතුමයි ගෝලයයි බලන් ඉන්න අතරේ අර වයසක අම්මා උස්සන්නවත් බැරි තරම් ලොකු කඩුවක් වෙව්ල වෙව්ල උස්සන් ඇවිත් හොරෙන් ලංවෙලා හරියටම අර පිළිමේ බෙල්ලටම ගහනවා. මැටි වලින් හදපු පිළිමේ ඔලුව කෑලිවලට කැඩිලා යන්න. පස්සේ ඒ පිළිමේ මැටි කියලා දැනගන්න මෑණියන් වහන්සේ හරිම විස්සෝපෙන් එතනින් යනවා. ඉතින් බයවෙලා මේක බලන් ඉන්න ගෝලයට ගුරුතුමා කියනවා. "ඔන්න ඕක තමයි ඔබ ස්ත්‍රීන් ගැන දැනගන්න ඕනෙම දේ. අම්ම තමුන්ගේ පුතාට එහෙම කලානම් වෙන ස්ත්‍රීන් ගැන කිසිවක් කියන්න ඕනෙද" කියලා. එක තමා ස්ත්‍රීන් ගැන කුමාරයට ඉගෙන ගන්න තිබුන දේ.
ඉතින් බන් උබලට අපිට වෙන දේවල් ස්ත්‍රීන්ගේ හැකියාවන්ගෙන් බිඳක් විතරයි. එහෙම නේද ? මේ කතාවේ සෝර්ස් එක නම් දන්නේ නැ. මමත් කොහෙන්හරි අහපු කතාවක්. මොනවා වුනත් උබලගේ අත්දැකීම ඒ කතාවේ මොරාල් එකේම ෂෝර්ට් වර්ෂන් එකක් වගේ නේද ? ඒ ගැනුන්ගේ හැටි බන්. කවදාවත් පිටුපාන්නේ නැත්තේ බල්ලෝ විතරයි මම දන්නා විදියට නම්.
මචං බොහොම ස්තුතියි. ලොවෙත් නැති කොමෙන්ට් එක. මමත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා
Deleteonna danui kiyala iwara kale,,,,,,eka digata kiyewwa mcn....api yana ena place ape areas hinda meka mata fatteta feel una....mage lve storyath mewage cse thyenwa so man hithan htye mehema ewa wenne mata witharada kiyala,,,beluwama godak kello &*%^&%*() *^&*(& jara eun....eun gana duk wela wadak na beluwama....ape life1 eun nisa naasthi karaganne nathuwa inna1 thamai hodamade....thwa poos kathwal thyenam danna good luck kammali nathuwa kiyawanna puluwan kochchcra diga unath.. bs tc%
ReplyDelete