මේ කතාව සිද්ද වුණේ අපේ පූසො සෙට් එක 10 වසරෙ මුල් හරියෙ ඉන්නකොට.පුරුපුරු ඔය වෙනකොට ඉස්කෝලෙ රත්තරං කණ්ඩායමේ බාලදක්ෂයෙක් වෙලා හිටියෙ.නිකංම නෙවෙයි, කාණ්ඩ නායකයෙක්ලු.ඒ කියන්නෙ බාලදක්ෂයො 10-12ක විතර සෙට් එකක නායකයෙක්.කාණ්ඩ 8ක් එකතු වෙලා තමයිලු බාලදක්ෂ සමූහය හැදෙන්නෙ.
පුරුපුරුගෙ බාලදක්ෂ අතීතය ගැන කියනවනං, පුරුපුරු බාලදක්ෂයෙක් වෙලා තියෙන්නෙ 7 වසරෙදි.ඔය කස්ස පසන්, පිජමෑන් වගේ අයට බාලදක්ෂ ව්‍යාපාරය හදුන්නල දුන්නෙත් පුරුපුරුලු.ව්‍යාපාරයක් කියල කිව්වට මේක බිස්නස් එකක් නං නෙවෙයි.ඔය බාලදක්ෂයන්ට අවුරුද්දකට සැරයක්, නැත්තං අවුරුදු කීපයකට සැරයක්, නැත්තං අවුරුද්දකට කීප සැරයක්කරන්න ඕනෙ වැඩ සෙට් එකක් තියනව.ජම්බෝරිය,කැම්පෝරිය,තරග කදවුරු,පා ගමන්(හයික්), වැඩ සතිය තමයි ඔතනින් ප්‍රධාන වෙන්නෙ.අපි මේ කියන්න හදන්නෙ බාලදක්ෂ වැඩ සතිය (නැත්තං කවුරුත් දන්න විදිහට ජොබ් වීක් එක) ගැන කතාවක්.
ජොබ් වීක් එක කියන්නෙ ගෙවල් වලට ගිහිං වැඩ කරල සල්ලි හොයල, ඒව බාලදක්ෂ සුබසාදන වැඩ වලට ගන්න එක.ඕක කොහොමත් පුරුපුරුට එච්චරම අල්ලල ගිය ඉවෙන්ට් එකක් නෙවෙයි.අම්බානට ඇවිදින එකයි ගෙවල් ගානෙ ගිහිං වැඩ කරන එකයි කම්මැලියෙක්ට හිතට අල්ලන්නෙ කොහොමද නේද?කොහොම හරි ඉතිං 2002 අවුරුද්දෙදි, ඒ කියන්නෙ පුරුපුරු කාණ්ඩ නායකය වුණාම මෑන්ස් හිතාගත්තලු ජොබ් වීක් එක සිරාවටම කරනවයි කියල.ආහ්...කියන්න අමතක වුණානෙ,ජොබ් වීක් එකේ වැඩිපුරම සල්ලි හොයන ටීම් එකට තෑග්ගක් හම්බ වෙනවලු.ඊටත් වඩා මාර ගෞරවයක්නෙ ස්කවුට් ලීඩර්ස්ලගෙන් හම්බ වෙන්නෙ!
2002 දි පුරුපුරුලට ලැබිච්ච ටාගට් එක තමයි සතියට රුපියල් දහදාහක් හොයන එක.ඔය දවස්වල ඉතිං දහදාහක් කියන්නෙත් ලොකු ගානක්නෙ.පුරුපුරුලගෙ කාණ්ඩෙ හිටපු 11 දෙනත් ඔන්න පුරුපුරුගෙ සංවේදී පලපුරුදු නායකත්වය යටතෙ ගේමට බැස්සලු.පළවෙනි දවසෙ ගියෙ ඉස්කෝලෙ වටේම පැතිවලට විතරලු.මොනවද ඉතිං සල්ලිකාරයොනෙ ඉන්නෙ, පට ගාල දොරවල් වහනව කට්ටිය දැක්ක ගමං.සමහර තැන්වල "බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න" කියල බෝඩ් ගහල.එක මහත්තයෙක්නං සුද්ද ඉංගිරිසියෙන්ම බැන්නලු බෙල් එක දෙපාරක් රිං කළා කියල.මොනව උනත් හිත හොද මිනිස්සුත් හිටපු හින්ද කොහොම හරි දවස ඉවර වෙද්දි පුරුපුරුල 2500ක් හොයා ගත්තලු.(එක දානපතියෙකුගෙ 1200ක් සමග)
ඊට පස්සෙ දවස් පහ තමයිලු කට්ටිය වැඩියෙන් කට්ට කෑවෙ.කොළඹ පැත්තෙ හැම තැනම ඇවිද්දලු.කොල්ලුපිටිය,බම්බලපිටිය,වැල්ලවත්ත............දිගටම ගාලු පාරෙ,
නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම...........දිගටම හයිලෙවල් පාරෙ,
ඔය එකී මෙකී නොකී හැම තැනම කට්ටිය ඇවිද්ද.දවස් හයක් ඉවර වෙද්දි පොයින්ට්ස් ටේබල් එක තිබුනෙ මෙහෙමලු.
පුරුපුරු - රුපියල් 9500
කස්ස පසන් - රුපියල් 9100
ජල්ලියා - රුපියල් 8900
(අනිත් ඒවා මතක නැත)
කස්ස පසන් - රුපියල් 9100
ජල්ලියා - රුපියල් 8900
(අනිත් ඒවා මතක නැත)
දැන් අන්තිම දවස තමයි තීරණාත්මක දවස.පුරුපුරුල තීරණය කළේ කොළඹ නගරෙ කලින් යන්ඩ බැරි වුණ තැන් ටික කවර් කරමු කියල.දැන් කට්ටිය උදේ පැයක් විතර වැඩ කරල රුපියල් 200ක් විතර හොයල.දැන් ඉන්නෙ ඔය මියුසියස් බාලිකාව පැත්තෙ.ඔය අතරෙ උප නායක හසී දැක්කලු ලස්සන, ලොකු ගෙයක්.සෙට් එකට ඉතිං මාර හැපීලු.කෙලින්ම ගියාලු තව ගෙවත් දෙක තුනක් පහු කරල අර ගෙදරටම.ගේට්ටුවෙ බෙල් එක ගැහුවම එලියට ආවලු ලස්සන තරුණ නෝන කෙනෙක්.පුරුපුරු පටන් ගත්තලු ටෝක් කිරීම
excuse me madam, we are scouts from kurunduwatta college & we are here for our job week.........bla bla bla ...........
පුරුපුරුත් බැරි බැරි ගාතෙ කඩ්ඩෙන් ටෝක්ස් දෙනවලු.ඇයි ඉතිං සිංහලෙන් කිව්වොත් ගනන් ගන්නෙ නෑනෙ.
මැඩමුත් ඉතිං ලස්සන හිනාවක් එහෙම දාල කට්ටියව ඇතුලට ගත්තලු.මුලින්ම කරන්න තිබුනෙ මිදුලෙ තණකොළ කපන එක.ඊට පස්සෙ ගෙදර ගැරේජ් එක ඇතුලෙ පාට ගාන එක.ඒ විතරක් නෙවෙයි, කාර් එකක් හෝදන්නත් සෙට් වුණාලු.පැය ගානක් වැඩ කරන්ඩ වුණාලු.මේ තමයි පුරුපුරුල ජොබ් වීක් එකේදි එක ගෙදරක කරපු වැඩිම වැඩ ප්‍රමාණය.රුපියල් තුන්දාහක විතර වැඩ.දන්නෙම නැතුව වෙලාවත් ගිහිං.කට්ටියට පණත් නෑ.
මැඩම්ට ඉතිං හරිම සතුටුයිලු කට්ටියගෙ වැඩ ගැන.ඉතිං මැඩම් අත දිග ඇරල ප්‍රදානය කරාලු සුලුපටු ගානක් එහෙම නෙවෙයි, රුපියල් දෙසීයක්ම..
200 දැකපු අපේ බාලදක්ෂයො සෙට් එකගෙ ඇස් ගෙඩි උඩ ගියාලු.තරුත් විසි වුණාලු.පුරුපුරුට යකා නැගල.මොනව කරන්නද?බාලදක්ෂයො වුණාම දෙන දෙයක් සතුටින් බාර ගන්න එපායැ!වෙන වැඩක් කරන්න වෙලාවකුත් නෑ.කට්ටිය ඉතිං එන ගමන් අර නෝනගෙ පරම්පරා හතකට විතර කිඹුහුම් යව යවා ආවලු.තව රුපියල් 100ක් අතින් දාල රුපියල් දහදාහක් බාර දුන්නලු.අන්තිමට පොයින්ට්ස් ටේබල් එක තිබුනෙ මෙහෙම
ජල්ලියා - රුපියල් 10500
කස්ස පසන් - රුපියල් 10200
පුරුපුරු - රුපියල් 10000
ඒ සිද්දියෙන් පස්සෙ පුරුපුරුට බාලදක්ෂ ජීවිතේනං සම්පූර්ණයෙන්ම එපා වුණාලු!
කස්ස පසන් - රුපියල් 10200
පුරුපුරු - රුපියල් 10000
ඒ සිද්දියෙන් පස්සෙ පුරුපුරුට බාලදක්ෂ ජීවිතේනං සම්පූර්ණයෙන්ම එපා වුණාලු!
අඩේ අප්පා, පුරු පුරු අයියත් රත්තරං කණ්ඩායමේ බාලදක්ෂයෙක් වෙලා හිටියද ? මමත් ඒකේ බාල්දක්ෂයෙක් වෙලා හිටියා. ඔයා 2002 කාණ්ඩ නායකයෙක් වෙනකොට මම 2002 තමා බාලදක්ෂවලට ඇතුළත් වුණේ.
ReplyDeleteරත්තරං කණ්ඩායමේ FB Group එකක් තියෙනවා ඔයා ඒකේ ඉන්නවාද අයියේ.\? මොනවා වුණත් Scouting වල fun වැඩක් හැටියට මම නම් දකින්නේ job week එක.
ජල්ලියා කිව්වේ ජලිත අයියා නේද ?
ReplyDeleteනියමෙට ලියල තියෙනවා.
ReplyDeleteඑලමකිරි.මාත් ජනාධිපති පදක්කමත් කොරලා විදේශ ජම්බෝරිවලටත් සහභාගි වුනා.හැබැයි job week එක තමයි කට්ටම event එක.ඒකෙන් හම්බෙන අත්දැකීම් නම් කියලා වැඩක් නෑ.අපේ ගම් පලාත් කුරුණෑගල.එහෙත් ඔය ලොකු ලොකු මිනිස්සුනම් මලයා කියලා තියෙන විදියේ කුපාඩි වැඩ තමයි කරන්නේ.ඒත් ගම්වල ඉන්න සාමාන්‍ය මිනිස්සු බොක්කෙන්ම උදව් කරනවා වගේම කරන වැඩේ හැටියට හිත පිරෙන්න සල්ලිත් දෙනවා.වැඩක් නැත්නම් අඩුම ගානේ කීයක් හරි දෙනවා town එකේ උන් වගේ පුස් ටෝක් දෙන්නේ නැතුව.මොනා වුනත් මේ ලිපිය කියවද්දි job week එකේ කාපු කට්ටවල් සහ හම්බුන ආතල් ඔක්කොම මතක් වුනා.
ReplyDeleteකුරුණෑගල අපේ ඉස්කොලේට ළමයි දාන්න ලොකු තරඟයක් තියෙනවා.එක දවසක් අපේ ඉස්කොලේට ළමයි දාගන්න බැරි වුන තාත්තෙක් අපිටයි අපේ විදුහල්පති උන්නැහෙටයි(ඒ ඔක්කොගෙම අම්මලාටයි :) ) හොඳට ඇමතුවා.ඒක තමයි අපේ පට්ට චාර්ටර්ම අත්දැකීම.1996 - 2000 වෙනකන් මාත් job week ගියා.ඒ කාලේදි මලයා කියපු ආකාරයේ අත්දැකීම් නම් ඉහේ කෙස් ගානට.මොනා වුනත් maxxxa ලිපිය.
චාමර අයියාගේ ලිපියට යමක් එකතු කරන්න කැමතියි. සමහර හොඳ මිනිස්සු කන්න බොන්නත් දීලා වැඩක් කර ගන්නෙත් නැතිව සල්ලි දෙන අවස්ථා තියෙනවා. ඇත්තටම Scout කෙනෙක් නම් අඩුම ගානේ එක Job week එකකටවත් යන්න ඕනේ නැත්නම් Scouting කලාටත් පාඩුයි
ReplyDeleteබොලා මේ කියන්නෙ ජොබ් වීක් එකද....? එහෙම නැත්නම් හැට් කලෙක්ශන් එකද....?
ReplyDeleteඑක සැරයක් ඔය වගේ කරපු ගෙදරකට ඊලඟ අවුරුද්දෙ දුන්න නියම ටොපියක්. හැම එකාගෙම සාක්කුවේ සුරතල් මසුන් සෙලෝපෙන් බෑග්වල දාලා. වැඩි ඈතක නෙමේ කොලීජිය ළඟම.
දැන් අහන්න එපා කවදද කොහේද කියල. මේව කරපු අය රටේ ප්‍රභූවරු..... අනික මේවා රාජ්‍ය රහස්....
එල එල........ මමනම් හිටියේ කොළ කණ්ඩායමේ...පුරුපුරුව මම අනිවා දන්නවා ඇති...............ජල්ලියා,පසන් හොඳට පුරුදු නම්..... කව්ද මේ පුරු පුරු??????????
ReplyDelete@ හසිත - අදුරගන්න ලැබීම සතුටක් මල්ලි.ජල්ලියා ගැන පස්සෙ කියන්නංකො.මමත් මූණුපොතේ කණුඩායමට එන්නංකො.ඇත්තටම ජොබ් වීක් එක කට්ටක් උනාට පස්සෙ මතක් වෙද්දි මාර ආතල්
ReplyDelete@ ප්‍රසන්න & චාමර - ගොඩාක් ස්තුතියි යාලුවනේ.ඇත්තටම ගම් වල මිනිස්සු පුලුවන් විදියට උදව් කරනවා.අපේ ගමේ වුණත් ගෙදරට එන බාලදක්ෂයන්ට පුලුවන් විදියට සලකනව.ඒ උනාට නගරෙත් ගොඩක් හොද මිනිසසු ඉන්නව සමහර තැන්වල හසිත කියන්නා වගේම
@ මාතලන් - මේ ජොබ් වීක් එක.නමටම ගැලමෙන්න වැඩ කරල තියනව වගේ ..හික්ස්
ReplyDelete@ ඇනෝ - මචං ඔන්න උඹ ෂර්ලොක් හෝම්ස් වෙන්න නං එපා
මම ඔයාගේ බ්ලොග් එක ගැන ඔයාගේ batch එකේ ASL වෙනකම් හිටිය Set එකටම කිව්වා. ඔයත් ඒ අයගෙන් එක්කෙනෙක් ද දන්නේ නැහැ.
ReplyDeleteමම ප්‍රබුද්ධ, පසන්, ජලිත, හසිත, පසන්, මධුර, යසස් අයියලාට තමා මේ ගැන කිව්වේ.
@ Hasitha - අයියෝ මල්ලි.පුරුපුරුව නිරුවත් කරන්න වගේ යන්නෙ.දැන් පසනයා මාව කන්න හදයි ඌට කස්ස පසන් කිව්වයි කියලා.
ReplyDeleteපස්සෝ මට සමාවෙයං.
"මම ප්‍රබුද්ධ, පසන්, ජලිත, හසිත, පසන්, මධුර, යසස් අයියලාට තමා මේ ගැන කිව්වේ "
වෙන කවුරුත් කියන්න ඉතුරු නෑ නොවැ! :)
ආහ් ඒකත් එහෙමද ? හෙට පසන් අයියා Colombo District PLCC Forum එකේ set එකත් එක්ක වෙසක් බලන්න යන්නයි හදන්නේ. මටත් mas එකක් එවලා තිබ්බා. මම පුලුවන් වුණොත් යන්න ඉන්නේ.
ReplyDeleteමම පසන් අයියට scene එක කියන්නම්කෝ. මොනවා වුණත් පුරු පුරු මහත්තයාගේ බ්ලොග් එක නම් මරේ මරු. [ඒක කියන්න එපැයි නැත්නම් හරි නෑනේ]
කොහොමත් රත්තරං කණ්ඩායමේ රත්තරං කොල්ලෝ තමා ඉන්නේ. මේ කතාවත් කියවලා බලන්නකෝ අයියා
http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_05.html
ado mata mathaka hatiyata mama 13000kata wada hewwa
ReplyDeleteඅඩෝ සොරි බං! මතක විදිහට තමයි සල්ලි වල ගාන දැම්මෙ!!
ReplyDeleteඔය කතා අහද්දි තමයි කලකිරෙන්නෙ.. :a
ReplyDelete@ ගයන්ත - :s
ReplyDeleteMamath oya raththaran kandayamema samajikayak wela hitiya. oya kale mama 8, APL kenek.
ReplyDeleteobathuma meemesiukusu kandaye kiwwath hari neda? (in ehata nokiya innam)
Monawawunath patta blog eke.
ohoma yan, ohoma yan.....
-Isuru
ආ..ඉසුරු මල්ලි, මට ඔයාව මතකයි.ඔයා හරි.මම මීමැසි උකුස්සෙක් තමයි.ඉන් එහාට නොකියා හිටපු එක හොදයි.:b:b:b
ReplyDeleteබොහොම ස්තුතියි අපිව අගය කළාට :b:b:b
එල එල...
ReplyDeleteඅපිත් ජොබ් වීක් එකේ දි ඔහොම කට්ටක් කෑවානෙ
ReplyDeleteඅම්බානකට වැඩ දීලා රැපියල් 20ක් නෙ දුන්නෙ ඒ 2006 දී