අද අපි කියන්න යන්නෙ පුරුපුරු හිටපු 9-M පන්තිය ගැන.එදා අපි කිව්වනෙ පුරුපුරු 8 වසරෙදි හිටපු පන්තිය ගැන. ඔය පන්තිය වසවර්ති මාරයන්ගෙන් පිරිච්ච එකක් කියලත් ඒකෙ සදහන් වුණානෙ.සාමාන්‍යයෙන් නං එක අවුරුද්දක ඉදලා තවත් අවුරුද්දකට යද්දි පන්තිවල ළමයි මාරු කරල අලුත් පන්ති හදනවනෙ.ඒත් පුරුපුරුලගෙ ඉස්කෝලෙ බලධාරීන්ට මොකක් හරි වැරැද්දක් වෙලා වෙන්න ඇති, 8 වසරෙ පන්තියම කිසිම වෙනසක් නොකර 9 වසරට දැම්මලු. 8 වසරෙ අරහෙම හිටපු උන් ටික 9 වසරෙදි කොහොම ඉන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නෙ නේද?අපේ කතාවල ඉස්සරහට හම්බවෙන ගලා, පිගී, කිං BJ, තෙලා, මම්රා, කස්ස පසන්, ලෝඩ් කොක් (කොක් = කුකුළා) වගේ චරිත මේ පන්තියෙ තමයි හිටියෙ.කොටින්ම කියනවනං ග්‍රේඩ් එකේ හිටපු නොටෝරියස් කේස් වලින් බාගයක්ම 9-M පන්තිය ඇතුලෙ.ඔය පන්තියෙ ළමයින්ගෙ දග වැඩ අන්තිමේදි කොච්චර දරුණු වුනාද කියනවනං, ගුරුවරු කීප දෙනෙක්ම පන්තියට එන එක ප්‍රතික්ෂේප කරාලු.ටිකක් හරි කොන්ට්‍රෝල් එකක් තිබ්ණෙ ශ්‍රේණි බාර ජිලා සර්ට විතරලු.මෑන්ස් වස නපුර හින්ද කොල්ලො සෙට් එක සර්ට බයයි.ජිලා සර් පුරුපුරුට වේවැලක් කැඩෙන්න ගහපු කතාව පස්සෙ දවසක අහමුකො නේද? එතකොට බුන්ද කියන්නෙ කවුද? බුන්ද තමයි ක්ලාස් එකේ බයිට් එක.ඉන්නෙ මාකුඹුරෙ.බුන්දගෙ තාත්තත් ඉස්කෝලෙම විද්‍යා ගුරුතුමෙක්ලු.මෑන්ස්ගෙ ඇත්ත නම රොෂාන් කියමුකො.බුන්ද කියන නම හැදුනෙ නරියා බුන්ද කියන නම කෙටි වෙලා.ඒ කියන්නෙ බුරියානන්ද.ඒත් කවුරුවත් රොෂාන්ට බුරියානන්ද කිව්වෙ නෑ.බුන්ද කියල තමයි කිව්වෙ.ක්ලාස් එකේ ගුරුවරයෙක් නැති වෙලාවට තෙලාල ගිහින් බුන්දට විහිලුවට නෙලනව.මෑන්ස්ටත් අම්බානට මළ පනිනවලු.ඒත් මොනව කරන්නද?බැරිවෙලා හරි ඈතින් ගුරුවරයෙක් එනව දැක්කොත්
"සර්! සර්!! රොෂාන් මට ගහනවෝ "
කියල බුන්දට ගහපු කොල්ලො සෙට් එකම මර ලතෝනි දෙනවලු.ඉතිං අර සර් ඇවිල්ල බුන්දට තව පාරක් ගහනවලු.ඔන්න ඔහොම තමයි බුන්ද එකම වෙලාවෙ වේවැලෙනුයි, අතිනුයි දෙකෙන්ම ගුටි කෑවෙ!එදා ඉදන් තමන්ටම වරදත් වෙලා තමන්ම දඩුවම් විදීමේ කලාවට කට්ටිය කියන්නෙ "නරියා බුන්ද" මෙතඩ් කියලලු.
පන්තියෙ හිටපු තව විශේෂ කෙනෙක් තමයි සීනි බනිස්.පුරුපුරුයි සීනි බනිසුයි අවුරුදු 3ක් එක පන්තියෙ හිටියලු.ඔය අවුරුදු තුනේම මෑන්ස් උදේට කෑවෙ සීනි බනිස්.ඉතිං නම වැටුනෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?දැන්නං සීනි බනිස් රජයේ ටීවී චැනල් එකක ජනප්‍රිය නිවේදකයෙක්.ඒ වගේම නැගී එන නළුවෙක්.ඒක නිසා මෑන්ස් ගැන කතා කරන එක මෙතනින් නවත්තමු නේද යාලුවනේ?
ඒ වුණාට නවත්තන්නත් බෑ වගේ.මෑන්ස් බලාගෙන ගියාම අදහන්න වටින පොරක්නෙ.වෙන නළුවො නං කොච්චර මහන්සි වෙනවද, ඩයට් කරනවද නළුකමේ දිගටම රැදිල ඉන්න?ඒත් අපි කවුරුත් අහල තියනවද සීනි බනිස් කාල කාල නළුවෙක් වෙච්ච ඩයල් එකක්??නෑ නේද???
කොහොමත් සීනි බනිස් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම හොද කලාකාරයා.ඒ ලෙවල් කරන කාලෙ මෑන්ස්ට ඔය බම්බලපිටියෙ වජිර පාරෙ ඉස්කෝලෙක ගෑනු ළමයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුනලු.කොහොම හරි කොල්ලට රාජකීය මට්ටමේ බූට් එකක් වැදිල.හිතේ දුකට සීනි බනිස් ඒ ගෑනු ළමයට දිග ලියුමක් ලියල තිබුන අගට මෙහෙම කවියකුත් දාල
ඔබේ සිත මලක් වැනි යැයි ඔබ පැවසූ කතාව සැබෑය
මගේ සිත ගලක් වැනි යැයි ඔබ පැවසූ කතාවද සැබෑය
මලෙහි ලියූ පෙම් කවිය මැලවී ගොසිනි
නමුත් ගලෙහි කෙටූ පෙම් කවිය.............
ඒ වුණාට නවත්තන්නත් බෑ වගේ.මෑන්ස් බලාගෙන ගියාම අදහන්න වටින පොරක්නෙ.වෙන නළුවො නං කොච්චර මහන්සි වෙනවද, ඩයට් කරනවද නළුකමේ දිගටම රැදිල ඉන්න?ඒත් අපි කවුරුත් අහල තියනවද සීනි බනිස් කාල කාල නළුවෙක් වෙච්ච ඩයල් එකක්??නෑ නේද???
කොහොමත් සීනි බනිස් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම හොද කලාකාරයා.ඒ ලෙවල් කරන කාලෙ මෑන්ස්ට ඔය බම්බලපිටියෙ වජිර පාරෙ ඉස්කෝලෙක ගෑනු ළමයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුනලු.කොහොම හරි කොල්ලට රාජකීය මට්ටමේ බූට් එකක් වැදිල.හිතේ දුකට සීනි බනිස් ඒ ගෑනු ළමයට දිග ලියුමක් ලියල තිබුන අගට මෙහෙම කවියකුත් දාල
ඔබේ සිත මලක් වැනි යැයි ඔබ පැවසූ කතාව සැබෑය
මගේ සිත ගලක් වැනි යැයි ඔබ පැවසූ කතාවද සැබෑය
මලෙහි ලියූ පෙම් කවිය මැලවී ගොසිනි
නමුත් ගලෙහි කෙටූ පෙම් කවිය.............
9 - M දෙවෙනි කොටස ඊළග ලිපියෙන් බලමුකො!!!
ලස්සනයි. ඉතිරි ටිකත් ලියන්න.
ReplyDeleteනරියා බුන්ද කියන එක නම් මරු... ඉස්සර අපිත් එක්ක හිටියා පොරක්... නම මක බාස්..
ReplyDeleteඅර සූර පප්පලාගෙ කතාවෙ බාස් ම තමා...
අන්තිමට පොර ගෙ නම උනේ "බයි පාස්"
හා හා මම දන්නව සීනි බනිස් කව්ද කියල එයා අපිත් එක්ක එකට ඉගන ගත්ත හුළං කන්ද මොන්ටිසෝරියෙ. සීනි බනිස්ගෙන් අහල බලන්නකො හුළං කන්ද මොන්ටිසෝරිය ගැන.
ReplyDeleteපට්ට බන්.ඒල ඒල
ReplyDeletemaahasayta
@ දුෂාන් & Praසන්ன - බොහොම තෑන්ක් යූ වේවා යාළුවනේ!
ReplyDelete@ isimbuwa - කොහෙද මචං හුළංකන්ද තියෙන්නෙ?? මූ උඹ කියන සීනි බනිස්මද දන්නෑ!
@ වැම්පයර් - මරු නමනෙ! ටිකක් විතර අසභ්‍යයි, ඒ හින්දම සිරා!!
ඔය ශ්‍රේණි භාර ජිලා ගනන් උගන්නපු කෙනෙක් නේද? :D
ReplyDeleteඔය කියන්නේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ගණන් එහෙමේ උගන්වපු ජිලා සර් ගැන නේද ?
ReplyDelete@ eranga & Hasitha - එසේය එසේය මිතුරනි!
ReplyDeleteammatasiri jilagen oyath kawadha?? math ekama bottuwe!! :D
ReplyDelete9M eke hitiye mona awurudedha??
@ meeya - එළ එළ!!මම 2001 දි තමයි හිටියෙ.උඹ හිටියෙ කීයෙද??
ReplyDeleteබුදු අම්ම්මෝ මං 9M එකට ආවේ 2006 දි එ වුනාට section එකේ හිටපු, ජිලාගේ unofficial room එකත් වුනේ 9M තමා..( එ මොකද කියලා හිතාගන්න පුලුවන්නේ!! ;) අපි ඉතින් ඇල් වතුරත් නිවලා බීපු අය නිසයි!!)
ReplyDeleteසෙට් එකම මාර පන් එකක් අරන් තියනවා...
ReplyDelete@ රවා - ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ කොච්චර ෆන් ගත්තත් ඉස්කෝලෙ කාලෙ ගත්ත ෆන් එක අහලකින්වත් තියන්න බැහැ නේද යාලු??
ReplyDeleteඑල එල....සීනි බනිස් දැක්කම මතක් වුනේ ඒ කාලේ සමහරු හිටියා උදේට ආපු වෙලාවේ ඉඳන් කිඹුල කිරි මැටි ගිලින්නා වගේ ඔය සීනි බනිස් ගිලින.......හික්zzzzzzz
ReplyDelete:e:e:e:e:e:e:e:e:e:e
blog gadol malli
ReplyDeleteජිලා කිව්වෙ ජිල් කොටා ද....?
අර සීනි බනිස් "බපා" එකෙත් රඟපෑව ද...?
ape batch eketh hitiya porak baipass kiyala . dan poda medical student kenek. hamai minihage aththatama card eke theruma thama baipass kiyana eka anith paththa gahuwama ena nam.
ReplyDeleteමම ඒ ජිලා සර්ගෙ පුතෙක්.... හිකිස්... එල කතා ටික
ReplyDeleteඉන්ෆෝමර් - සර්නං එයා තමයි අයියේ. මම බපා එකේනං දැක්කෙ නෑ. ඒ නාලිකාවෙම වෙන නාට්‍යයක මේන් රෝල් එක රඟපෑවා.
ReplyDeleteඇනෝ - හික්ස්...මරු කතාව
සුපුන් - හත්තිලව්වේ!!! මේ සහෝ සර්ට කියන්නනං එපා ඈ...අඳුනගන්න ලැබීම ලොකු සතුටක්
පිස්සුද මල්ලි, කොහොමත් තාත්ත දන්නව අපි අරුනම අනිත් උන් ඔක්කොම කියන්නෙ ඔය නම කියල...
ReplyDeleteබයිදවෙ එළ කිරි ස්ටොරීස් ටික... :D
Hik hik
ReplyDeleteHik hik
ReplyDelete