අඹ යාලුවෝ

Saturday, May 29, 2010

කිරි කොකුන් මැද කණ කොකෙක්



කොක්කු කිව්වම කොච්චරනං
කොක්කු ජාති ඉන්නවද? ඒත් අපි මේ කියන්න යන්නෙ ඒ කොක්කු ගැනනං නෙවෙයි.

මේ කතාව සිද්ද වූණේ අපේ උපාසකට.අපේ පූසො ටික 10 වසරෙදි.කතාවට කලින් ඉතින් බැක්ග්‍රවුන්ඩ් එක කියන්නත් එපායැ.

ඔය ලංකාවෙ ස්කූල් යුනිෆෝම් එක තියනවනෙ.රජයේ ඉස්කෝලෙකට යන කොල්ලෙක්නං පොඩිකාලෙ අදින්න ඕනෙ සුදු ෂර්ට් එක,කොට කලිසම සහ සපත්තු මේස්.කලිසමේ සහ සපත්තු මේස් වල පාට නං ඉස්කෝලෙන් ඉස්කෝලෙට වෙනස් වෙනවා.ඒ වුණාට 10 වසරෙ ඉදලා සුදුපාට දිග කලිසමක් තමයි අදින්න ඕනෙ.ඉතිං කොල්ලෙක්ගෙ ස්කූල් ලයිෆ් එකේ,තමන්ගෙ පෙනුම සම්බන්ධයෙන් ගොඩක්ම වැදගත් වෙන දවස් දෙකෙන් එකක් තමයි ඔය මුලින්ම සුදු දිග කලිසමක් ඇදලා ඉස්කෝලෙ යන දවස.(අනිත් දවස තමයි රැවුල කපල මුලින්ම ඉස්කෝලෙ යන දවස.)කොට කලිසං අදින දවස්වලනං පොඩි කොල්ලො හෙන කෑදරකමෙන් බලාගෙන ඉන්නෙ කවද්ද එයාලටත් දිග කලිසමක් ඇදගෙන ඉස්කෝලෙ යන්න පුලුවන් වෙන්නෙ කියල.මොකද උන් දන්නෑනෙ ඕක ඇන්දට පස්සෙ තියන කරදරේ!

ඉතිං උපාසකත් 9 වසර ඉවරවෙලා තිබුන දෙසැම්බර් නිවාඩුවෙ හරි හරියට ලෑස්ති වුණාලු තව ටික දවසකින් එලඹෙන ඒ මහා අමරණීය දිනයට.මෑන්ස් ඉතිං ටේලර් සාප්පු ගානෙ යනවලු කලිසං මහන්න දෙන්ඩ.ෂර්ට් වල ගහල තිබුන ඉස්කෝලෙ බැජ් එහෙමත් ගලවනවලු.මොකද ඔය දවස්වල උපාසකලගෙ ඉස්කෝලෙ සම්ප්‍රදායක් විදිහට දිග කලිසං ඇන්දට පස්සෙ බැජ් එක ගහන්නෙ නෑලු.අපේ යාලුව සපත්තු කඩවල් වලට ගියෙත් දිග කලිසමට ගැලපෙන ඉස්සරහ ෆ්ලැට් සපත්තු තෝරන්න.හැමෝම ඉතිං ඔහොම නොවැ!

කොහොමින් කොහොම හරි නිවාඩු කාලෙ ඇතුලත උපාසක තමන්ගෙ සූට් එක ෆුල් රෙඩි කරගත්තලු.වතුර වලක් පේන තෙක්මානෙ ඉන්න ඉඩෝරෙට අහුවෙච්ච ඉබ්බෙක්ට වගේ, දැන් අපේ යාලුවට ඉවසිල්ලක් නෑලු ඉස්කෝලෙ පටන් ගන්නකං.

අන්තිමේදි දවසෙන් දවස අමාරුවෙන් ගෙවිල ගිහිං 2002 සුබ අවුරුද්දෙ පලවෙනි සුබ ස්කූල් ඩේ එකත් එලඹුණා.උපාසකත් ජැන්ඩි පහට ඇදල ගිහිං ස්කූල් වෑන් එකට නැග්ග.(මේ පුරුපුරුයි ඤාව්වයි ගිය වෑන් එකනං නෙවෙයි.පූස්ගමම ඉදලා ගිය වෙන ස්කූල් වෑන් එකක්) ෂාහ්....හරිම අමුතුයි.අයියල අක්කල පවා පුදුම ගෞරවේකින් නොවැ උපාසක දිහා බලන්නෙ.නංගිල මල්ලිලත් එහෙමම තමයි.වෑන් එකේ පොඩි එකෙක් මොකද්ද අවකැපෙන කතාවක් කිව්වට උපාසක නෙවෙයි ඌ දිහා ඇහැක් ඇරල බැලුවෙ.ඌ ඉතිං තාම කොට කලිසංකාරයෙක්නෙ!

ප්‍රධාන පුරස්නෙ තමයි කලිසමේ කුණු ගාගන්නෙ නැතුව ඉන්න එක!උපාසක ඉතිං අනාගතේ දැන් දකින ජාතියෙ ඩයල් එකනෙ.මෑන්ස් ගෙදර ඉදලම වැඩේට ලෑස්ති වෙලා ඉදල තියෙන්නෙ.තුන් දෙනෙක්ට විතර වාඩි වෙන්න පුලුවන් මහ විසාල සර්වි‍යට් රාජයෙක් ගෙනල්ල වාහනේ සීට් එකට එලන්න.ඒකත් එලාගෙන,කලිසමේ රැලිත් හරිගස්සල කොල්ල දැන් වාඩිවෙලා යනවලු ධ්‍යානයට සමවැදිච්ච හිමාල අඩවියෙ තාපසයෙක් වගේ.(වෙනදට උඩ පැන පැන වෑන් එක දෙවනත් කරන එකා)කාටවත් ඇගට අත තියන්නවත් දෙන්නෙ නෑලු.

කොහොම හරි ඉතිං අපේ යාලුව ඉස්කෝලෙ ගාවින් බැස්සලු.දැන් මෑන්ස් වෑන් එක නවත්තන තැන ඉදල ඉස්කෝලෙට පයින් යනවා.අහල පහලින් වෑන් වල ඉස්කෝලෙ යන කෙල්ලො එහෙමත් හොරෙන් හොරෙන් බලනවලු.මුං කොට කලිසං ගහගෙන එද්දි ඇහැක් ඇරල බලපු එව්වොද??

ඔය දවස්වලත් දැං කාලෙ වගේම වැහි දවස්ලු.පාරෙ යද්දි තණකොළ වල තියෙන කහට,මඩ එහෙම කලිසමේ යට දාරෙ හරියෙ ගෑවෙනවලු.උපාසකත් පරිස්සමින් අඩිය තියනවලු වැස්සට සාප කර කර.කොට කලිසමත් එක්ක බැලුවමනං දිග කලිසම හෙන ඇනයක් තමයි.ඒ වුණාට ජරාව විතරක් නෙවෙයි,කොච්චර සුමුදු සුන්දර දේවලුත් ඔය කලිසමේ ඇලෙනවද නේද??

වැස්ස දවස් වලට කොළඹ තත්වෙ ගැන ඉතිං බ්ලොග්අවකාශෙ කට්ටියට අමුතුවෙන් කියන්න ඕනෙයෑ.හැම තැනම මඩ වතුර වලවල්නෙ.අපේ කතාවෙ ක්ලයිමැක්ස් එක එන්නෙ උපාසක ඔය මඩ වතුර වලක් ලගින් යනකොට.

එකපාරටම හයියෙන් ආපු කිරිකිරි කාර් එකක් මඩවල මැදින්ම ගියාලු.මෙතනදිත් වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.කිරි කොකා වගේ හිටපු උපාසක ඊළග තත්පරේදි කණ කොකෙක් වෙලාලු.නිකම්ම නෙවෙයි,ඉගිලලුනත් සුද පේන්නෙ නැති වෙන ගානටම.ඇගට විසිවෙච්ච මඩ වතුර ටික බොයිල් වෙන ගානට උපාසකට මල පැන්නලු.(ඩැයිවර් උන්නැහෙගෙ අම්මට එදා තදබල විදිහට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න ඇති).නපුරු කලට මොනව කරන්නද?

ඔන්න ඔහොමයි උපාසක කිරි කොකුන් මැද කණ කොකෙක් වුණේ!!

ඒ පාසල් කාලය කොච්චරනම් සුන්දරද?

28 comments:

  1. අනේ............... උපාසක

    ReplyDelete
  2. සොරි ඩොට් කොම් තමා උපාසකට :D

    ReplyDelete
  3. ඊට පස්සේ උපාසකට මොක්ද වුණේ ? මම හිතන විදිහට මදි නොකියන්න පදිරි වෙන්න ඇති :)

    ReplyDelete
  4. කොට කලිසමෙන් දිග කලිසමට පැනීම - මාර ජොලි වැඩක් තමයි!

    ReplyDelete
  5. oya skole den loku lamai badge gahanawa Upasaka Aiyye

    ReplyDelete
  6. @ isimbuwa & කණියා - බොහොම ස්තුතියි මචංස්ලා කොමෙන්ටු වලට
    @ Hasitha - උපාසක දාහට අරං සීයට දී කුජීත වූවෙකු ලෙස මූණද එල්ලාගෙන පාසලේ සිටිනු දක්නට ලැබුණි :-D
    @ කකා - ඒ වගේම කොල්ලන්ට අං එන්න ගන්නෙත් ඔතනින් පස්සෙ තමයි
    @ Kasun Tharanaga - ඒක තමයි මල්ලි, අපි තමයි බැජ් නොගහ ඒ ලෙවල් කරපු අන්තිම බැච් එක!

    ReplyDelete
  7. මුලින්ම දිග කලිසම ඇන්ඳ දවස මතක් වෙනවා. කලිසමේ යට හරියේ කුනු ගෑවෙන එක තමයි අපිටත් තිබ්බ ලොකුම ඇණේ... :(

    ReplyDelete
  8. අනේ උපාසකටත් වෙන දේවල්.... කතාව ලස්සනයි.

    ReplyDelete
  9. ඕක ඇඳගෙන අපිත් 'අයියලා' වගේ ඉන්නකොට ඇත්තටම අයියා කෙනෙක් ඇවිත් උපදේසයක් දීල ගියා. එයා කිව්වෙ "මල්ලි දිග කලිසම කකුල් දෙකට ඇන්දට කමක් නෑ. ඒක ඔළුවට දාගන්න එපා" කියලයි.

    10 වසරෙදි දිග කලිසම් අඳින්න හේතුව 'පොල් ටොක්කා' සර් කියල දුන්නා. ඒත් ඒක මෙතැන කියන්න බැරි තරම් අභ්‍යාසයි!

    ReplyDelete
  10. ප.ලි. : ඇත්තටම දැන් ලොකු අයියලත් ඉස්කෝලෙ ලාංඡනේ ගහන්න ඕනෙද? මලසේක මහරජ කීවලු.

    ReplyDelete
  11. අපි 10 වසරට එද්දී ඒ කියන්නේ 2004 අවුරුද්දේ ඉදන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ 10 වසරේ කට්ටියට බැජ් එක ගහන එක අනිවාර්ය කලා. ඉතින් අපෙන් පටන් ගත්ත ඒක දැන් දිග කලිසම් කාරයෝ හැමෝම කරනවා.

    ඒ වගේම ළමයින්ට අත් දිග ෂර්ට් අඳින එක තහනම් කලා. කොටින්ම Stewards පවා අත් කොට ෂර්ට් අදින්න ඕනේ කියලා නීතියක් ආවා. විශේෂ අවස්ථාවකට ඇරෙන්න ඉස්කෝලේ අත් දිග ෂර්ට් අඳින්න පුළුවන් Senior Prefects ලට විතරයි

    ReplyDelete
  12. මටත් පොස්ට් එකක් දාන්න හිතුනා ඔය කලිසම හින්දා වින්ද දුක ලියල හික් හික්... මොනා උනත් ඉස්කොලේ කාලේ ගැන නම් කියල වැඩක් නෑ...

    ReplyDelete
  13. @ nadeesthoughts - '10 වසරෙදි දිග කලිසම් අඳින්න හේතුව 'පොල් ටොක්කා' සර් කියල දුන්නා. ඒත් ඒක මෙතැන කියන්න බැරි තරම් අභ්‍යාසයි!'
    එහෙනං සහෝදරයා මට ඊමේල් එකක් දාන්න පුලුවන්ද හේතුව කියලා? මෙච්චර අවුරුදු ගානක් ඇදලත් තාම හේතුව දන්නෑ නොවැ!

    @ Hasitha - අපිනං ඒ ලෙවල් කාලෙ ඇන්දෙම අත් දිග ෂර්ට්.බැජ් එක ගහන එක ගැන මොකද හිතන්නෙ?

    @ පිස්සා - එළ! එළ!! දාපං සහෝ පෝස්ට් එකක්!

    ReplyDelete
  14. අපේ සමහරක් එවුන් කරන වැඩ දැක්කහම බැජ් එක ගහන්නේ නැතිව ඉන්න එක තමා හොඳ. මොකද ඒවායින් චාටර් වෙන්න ඉස්කෝලෙනේ.

    ඒත් ඉතින් බැජ් එක ගහන එකත් හොඳයි පාරේ යද්දී උජාරුවට යන්න පුළුවන්නේ තමන් යන්නේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට කියලා :) :) :)

    ReplyDelete
  15. @ Kasun Tharanaga - ඒක තමයි මල්ලි, අපි තමයි බැජ් නොගහ ඒ ලෙවල් කරපු අන්තිම බැච් එක!


    ඔය පූසෝ ටික 2007 බැච් එකේද?

    ReplyDelete
  16. @ ano - 2006 බැච් එකේ! මට මතක විදියටනං 2007 බැච් එක බැජ් ගැහුවා.මට වැරදුනානං කියන්න

    ReplyDelete
  17. ප්‍රින්සිපල් බැජ් එක ගහන එක අනිවා කලේ 2004 දී 10 හිටිය අපිට. අපෙන් තමා ඒක පටන් ගත්තේ. ඒකෙන් 11,12,13 හිටපු අයට බැජ් එක ගහන එක අනිවා වුනේ නැහැ.

    අපි 11, 12, 13 දීත් බැජ් එක ගැහුවා, අපේ 2008 බැජ් එකට තමා ඕක වුණේ :)

    ReplyDelete
  18. @ Hasitha - බොහොම ස්තුතියි මල්ලි මට මේක මතක් කරලා දුන්නට :D

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. "ඔය බැජ් එක ගැහුවට මුල් කාලීන මල්ලිලාට {2008,2009 බැච් වල.} තම තමන්ගේ එදිනෙදා වැඩ කරන්න කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. මට මතකයි සමහරු ඕන වෙලාවට හයිකරගන්න නැත්නම් ඕන වෙලාවාට ගලවන්න පුලුවන් විදිහට ඒක Modify කරගෙනත් තිබුනා..."

    ආහ්...ඔව් නේන්නම්!! ඔය සිද්දිය දැනුයි මගෙ මතකෙට ආවෙ.බොහොම ස්තුතියි සහෝ මතක් කළාට!

    ReplyDelete
  21. මිස්ටර් blog gadol.. මාව මතකද ? අර පරබුද්ද හාදයා....D

    ReplyDelete
  22. @ Tzoner
    ඕන් බොස් කතාවට සෙට් වුණා. ඔයාගේ wall එකෙත් මම මේ බ්ලොග් එකේ link එක දැම්මා අයියා :)

    ReplyDelete
  23. @ Tzoner - නැතුව නැතුව!! එහෙම අමතක වෙනවද?:D

    @ Hasitha - මල්ලිත් මාර වැඩ නොවැ කරන්නෙ! :)

    ReplyDelete
  24. සොරිම සොරි .කොම්

    ReplyDelete
  25. උදේ ආපු වෑන් එකේමද හවස ගෙදර ගිහිල්ලත් තියෙන්නෙ?? :q

    ReplyDelete
  26. @ Kandulu Binduwa - :s

    @ ගයන්ත - ඔව් ඔව් මචෝ!! හිතාගන්න පුලුවන්නෙ මොනවගේ ප්‍රතිචාරයක්ද හම්බ වුණේ කියලා!:f

    ReplyDelete
  27. එළ එළ අපිත් පළවෙනි දවසේ ඔහොම තමයි....

    ReplyDelete
  28. සිරා. සුදු කලිසම හැමදාම හෝදන්න වෙනවා බං! ඒත් ඒකට වඩා ඉංදියාව පේනකොට තමයි එපාම වෙන්නේ! අපේ ස්කෝලේ මිශ්‍ර පාසලක්නේ! ඒ නිසා මාර කට්ටක් කාලා ඉංදියාව නෙපෙනෙන්න බේ රං හිටියේ!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???