අඹ යාලුවෝ

Friday, May 21, 2010

පුරුපුරු ලොක්කගෙ පාඩම් කිරිල්ල



මේ කතාව අපේ පුරුපුරු ලොක්කාගේ වැඩක් තමා.....සිද්ද වුණේ නං ඒ ලෙවල් කරන්න මාස කීපෙකට උඩදි.පුරුපුරු කියන්නේ ඉතින් ගන වලට ගොඩක් ලැදි පූස් කොල්ලෙක්ලු.ගනයක් දෙනවා කිව්වොත් ඉතින් කන්න බොන්න ඕ‍නෙත් නැහැලු. ආ ...දෙයක් අමතක වුනා කියන්න.
ගනයක් කියන්නේ එක්ස් ගනයකට.ඒ කියන්නෙ X හි තුන් වෙනි බලයට.ඒ කියන්නෙ XXX කියන වටිනාකමට.තව විදියකින් කියනවනං අපේ සමහරු වැල කියන දේටම තමයි.(වැල කතා නං ගොඩක් තියනව.ඒත් ඉතිං සිංහල බ්ලොග් අවකාශය නරක් කරන්නෙ මොන හිතකින්ද?)

ඔන්න ඉතින් දවසක් පුරුපුරු උදේ පාන්දරම ඒ ලෙවල් පන්ති යන්න පූස්ගම
බස් නැවතුම්පොලට ඇවිත් ඤාව්වට මෙහෙම කිව්වා.(පුරුපුරු මීට කලින් කවදාවත් ඒ ලෙවල් පන්ති යන්න වෙලාවට ඇවිත් නැහැ)

පුරුපුරු: මචං මම අද ඉදලා ඒ ලෙවල් ඉවර වෙනකම් ගන බලන්නේ නැහැ.මම අද ඉදන් පාඩම් කරනවා.

මේ අසුභ ආරංචිය අහපු ඤාව්වට තරුත් පෙනුනා.

ඤාව්වා: මොකක්?.......එතකොට අපි ගන බලන්නේ මොකෙන්ද?.....

මොකද ඒ දවස්වල පූසො සෙට් එකෙන් කොම්පියුටරයක් තිබ්බේ පුරුපුරුට විතරයි.40 GB හාඩ් එකක් සහ 128 MB රැම් එකක් සහිත ඒ දවස්වල හැටියට සුපිරි පරිඝනකයක්.පුරුපුරු ගන බලන එක නැවැත්තුවම අනිත් පූසන්ටත් දෙයියන්ගෙම පිහිට තමයි.ඤාව්වා ඇතුලු පූසො සෙට් එක ක්ලාස් එක ඇතුලෙ එදා හිටියෙත් හෝන්දු මාන්දු ගතියෙන් වගේ.පුරුපුරුට කොහෙන්ද ඔය වගේ සදාචාර විරෝධී තීරණයක් ගන්න අයිතියක්??
ඉතින් කොහොම හරි පන්ති ගිහින් එදා හවස සෙට් එකම ගෙවල් වලට යන්න ගම්පහ බස් නැවතුම්පොලට ආවා. ඔය අතරේ තමයි වේයන්ගොඩයා ආවෙ.

වේයන්ගොඩයා: ඤාව්වා, මෙන්න උඹ ඊයෙ ඉල්ලපු ගනය

ඤාව්වා: වැඩක් නැහැ බං! බලන්න විදියක් නැහැ.

වේයන්ගොඩයා:ඒ මොකද බං??

ඤාව්වා:පුරුපුරු අද ඉදලා ඒ ලෙවල් ඉවර වෙනකම් ගන බලන්නේ නැහැලුනෙ!

කට්ටියටම ඉතිං ගොඩක් දුකයිලු.ඒ අතරෙ මෙච්චර වෙලා නිහඩව හිටපු පුරුපුරුගෙ කටහඩ අවදි වුණාලු.

පුරුපුරු:කෝ ඔය ගනේ මට දිපං ගෙනියන්න!!

ඤාව්වා:ඇයි උඹ උදේ කිව්වෙ ගන බලන්නේ නැහැ කියලා????

පුරුපුරු:ඒ උදේනෙ බං......දැන් හවසනේ.......

ඔන්න ඔහොම තමයි අපේ පුරුපුරු ඒ ලෙවල් ඉවර වෙනකම් ගන බලන්නේ නැතිව පාඩම් කර කර හිටියේ.

ආදර්ශය - decisions are made to be broken

14 comments:

  1. මරු වචන සෙට් එක මචන්, දිගටම ලියමු,

    ReplyDelete
  2. මට අල්ලන්නැත්තේ මේ වචන තමා.... සිහ්..... :( :(
    අපි වගේ අසරණියන්ට මෙලෝ දෙයක් නොතේරෙන්න කියන එව්ව. එහෙමයි කියල කාගෙන්වත් තේරුම් අහන්න කියලයැ......... :/:/:/

    මොනව උනත් හැමදාම කියවල දන්න වචන ටික ගැට ගහල කතාව හිතා ගන්නව........ :D

    ReplyDelete
  3. මම හිතුවෙ වැදගත් දරුවො කියල...

    මහ වනචර කොල්ලො ටිකක්...

    ReplyDelete
  4. වයසෙ වැරැද්දනෙ.

    ReplyDelete
  5. @ රාවණා - තැන්ක්යූ වේවා සහෝ
    @ හා පැටික්කි - කාගෙන්වත් අහන්න යන්න එපා නංගි.සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබද අපේ බලවත් කණගාටුව!
    @ මාතලන් - තරහ ගන්න එපා සහෝ,ඉක්මනට වයසට යයි!ඔය ඉස්සරනෙ.දැන් වැදගත් දරුවො තමයි
    @ Praසන්ன - දෙයියෙක් වගේ අපිව බේරගන්න ආවට ගොඩක් පින් මචෝ :D

    ReplyDelete
  6. හි හි...

    ReplyDelete
  7. හික් හික් කවදා අහපු x ගේ 3 වෙනි බලයද මේ හික් හික්.... අදමය් ඔය වච්නේ අහුවේ වැලකට කිව්ව... උබත් බලන් යද්දි විබාග ලියනවට වඩා සීගිරි චිත්‍ර බලලනේ... හික් හික්

    ReplyDelete
  8. හා පැටික්කි ඇතුලු කාට වුනත් වචන ගැන ප්රශ්නයක්නම් මෙතනින් තේරුම බලා ගන්න පුලුවනි:
    http://en.wikipedia.org/wiki/User:RitigalaJayasena/Sinhala_Slang

    ඒත් ඉතින් 'ගනය' කියන වචනේනම් ඔතනත් නෑ. මමත් ඇහුවෙ අද තමයි.

    AD

    ReplyDelete
  9. අපෝ කාගෙන්වත් අහන්න තරම් මැටි නෑ මං.......

    @ Ano
    හප්පොච්චියේ මේ ඉන්න මම මට හොඳයි. මොකට ඔළුව කුරෝලු කර ගන්නවද..........

    ReplyDelete
  10. පිස්සා අයියාගේ කතාවට මාත් එකඟය්. පෙලක් වචන කලින් අහලා තිබ්බේ නැහැනේ. එල කොල්ලෝ ටිකක් නේ. ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  11. @ පිස්සා - බලං ගියාම ඒකත් ඇත්ත මචං!ස්තුතියි
    @ ඇනෝනිමස් - ස්තුතියි දැනුවත් කලාට සහෝ
    @ හා පැටික්කි - ඔව් ඔව්! ඔය ඉන්න විදියටම ඉන්න
    @ හසිත - ගොඩක් ස්තුතියි මචං!

    ReplyDelete
  12. ඕක ගන නෙවෙයි ඝන වෙන්න ඕන :D

    ReplyDelete
  13. :r ඝන කියන්නෙ solid කියන එකට නෙවෙයිද සහෝ?

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???