ඉතිං ඊටපස්සෙ ඉතුරු බීම ටික ඔක්කොම බොන්න වුණේ පුරුපුරු, පොන්ටින් සහ සලා ඇතුලු කීප දෙනෙක්ටලු.දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක එකතු වෙලා ඇති පදමට අනුමත වෙනවා.හැබැයි ඉතිං කට්ටිය තවම පොඩි කොල්ලො නිසා අනුමත වෙලා එච්චර පලපුරුද්දක් නෑ.ඉතිං ඉතුරු බෝතල් දෙකහමාරෙන්, එකහමාරක් විතර ඉවර වෙද්දි එතන හිටපු එක කොල්ලෙක්වත් කෙලින්, හොද සිහියෙන් යන්න පුලුවන් මට්ටමක හිටියෙ නෑලු.
දැන් මාර කේස් එක.බෝතලයක්ම ඉතුරුයි.හැබැයි එතන ඉන්න කොල්ලන්ට බොන්න කෝප්පෙ අල්ලගන්නත් බැරි තරමට වෙරි.ඒ මදිවට බයිට් පැකට් එකත් බිම හැලිලා.ඉතිං අමාරුවෙන් තව උගුරක් දෙකක් බිව්ව අපේ යාලුවො සෙට් එක බොන එක නැවැත්තුවෙ, ඉතුරු මීවිත ටික කුස්සියෙ උයන කට්ටියටවත් දෙන්න ඕනෙයි කියලා.
හැබැයි ඉතිං බීම නැවැත්තුවට මොකද, එක්කෙනෙක්ටවත් ආපහු ඩෝම් එකට යාගන්න බැහැ.හැමෝම යන්න නැගිටිනවා, ආපහු ඉන්න තැනම ඇදගෙන වැටෙනවා.ඉතිං අපේ කට්ටිය වෙරි ටිකක් හිදෙනකං පැයක් විතර හදපානෙ ක්‍රිකට් නෙට්ස් ඇතුලෙ ඇලවෙලා හිටියලු.ඒ තමන් හොස්ටල් ඉන්න දවස්වල කරපු එක එක වීරක්‍රියා ගැන කතා කර කර.ඒ වැඩ ඉතිං ආයි කවදා කරන්නද?
ඔහොම ටිකක් වෙලා යනකොට ඉතිං යන්තං නැගිටගන්න පුලුවන් වෙන තරමට කට්ටියගෙ වෙරි හිදුනලු.දැන් ඉතිං අපේ පොන්ටින්ට ඕනෙ මොකක් හරි පිස්සුවක් නටන්න.මෑන්ස් කළේ මුලු ග්‍රවුන්ඩ් එක පුරාම දුව දුවා පිනුම් ගහන්න පටන් ගත්තු එක.දැන් අනිත් කොල්ලන්ට වෙරි නිසා මෑන්ස් පස්සෙ දුවන්නත් බෑ.හැබැයි පොන්ටින්ව කොහොමහරි නවත්තගන්නත් ඕනෙ.මොකද නැත්තං මෑන්ස් කරන පිස්සු වැඩ වල හැටියට මේ දිවිල්ල කොහෙන් නතර වෙයිද දන්නෑ.
හොද වෙලාවට පොන්ටින් දිව්වේ කොටියා සර්ගෙ ගේ දිහාවට නෙවෙයි, රීඩ් මහත්තයාගෙ පාරට යාබදව තිබුන තාප්පෙ පැත්තට.ඒත් අපේ යාලුවන්ගෙ ඇස් උඩගියේ පොන්ටින් තාප්පෙ දිගේ උඩට බඩගානවා දැක්කාමලු.බැලින්නං මෑන්ස් බැරි බැරි ගාතෙ ට්‍රයි කරන්නෙ තාප්පෙන් එහා පැත්තට පනින්නලු.මේක දැක්ක අපේ යාලුවො සෙට් එක විගහට දුවගෙන ගියාලු පොන්ටින් පනින එක නවත්තන්න.ඒත් කට්ටිය තාප්පෙ ළගට යනකොටත් මෑන්ස් එහා පැත්තට පැනලා ඉවරයි.
මට වෙරි නැතෝ!...මට වෙරි නැතෝ!!..............
පොන්ටින් කෑ ගහනවා.අනිත් කොල්ලො කොච්චර කතා කළත් මෑන්ස් ආපහු ඇතුල් පැත්තට එන්නෙත් නෑලු.ඒ මදිවට මෑන්ස් ඇතුලට ගන්න අනිත් අයට එළියට යන්නත් බෑ, මොකද කට්ටියටම අම්බානට අනුමත වෙලා.ඉතිං අපේ සලා කරපු වැඩේ විදේශ ආධාර ගේන්න ඩෝම් එක පැත්තට දුවගෙන ගිය එක.
මේ අතරෙ පුරුපුරුට තරු පෙනුනෙ පොන්ටින්, රීඩ් මහත්තයගෙ පාර පැනලා සක්වල තක්සලාව පැත්තට දුවනවා දැක්කම.මෑන්ස් අම්බානට අනුමත වෙලා.පොර කළේ සක්වල තක්සලාවෙ කලුපාට යකඩ වැටේ එල්ලිච්ච එක.
මට කැම්පස් යන්න ඕනේ!...මට කැම්පස් යන්න ඕනේ!!.................
පොන්ටින් මරහඩ තලනවා.දැන් මෙහෙම ගියොත්නං සක්වල තක්සලාවෙ සික්කො ටික ඇවිල්ලා පොන්ටින්ව අල්ලගන්නවා ෂුවර්.වෙලාවට පොලෝසියෙන් පේන්නත් නෑ.නැත්තං ඉතිං කට්ටිය ඉස්කෝලෙ ඉදලත් ඉවරයි.පුරුපුරු මෙහෙම බයවෙලා ඉන්නකොට තමයි, සලාගෙ පණිවිඩේ ලැබිච්ච "නිර්වෙරි" කොල්ලො ටික එතනට දුවගෙන ආවෙ.වෙලාව හොද නිසා තවත් විනාඩි දෙක තුනක් ඇතුලත මෑන්ස්ව අල්ලගෙන තාප්පෙන් මෙහා පැත්තට දාගන්න කට්ටියට පුලුවන් වුණාලු.
කොහොමහරි ඉතිං වැඩේ ගොඩින් බේරිච්ච නිසා හැමෝටම සතුටුයි.ඉතිං අපේ යාලුවො කට්ටිය ඩෝම් එක පැත්තට ගියෙ පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතාගෙන.කොහෙද? යනකොට කට්ටිය ටීවී එක දාගෙන ගන බලනවා.බැලින්නං යාලුවො ටික බලන්නේ ඒ දවස්වල තියාගෙන පට්ටගහපු "ටාර්සන් එක්ස්" කියන පරණ ගනේ.ඒ වුණාට ඉතිං "සම්තින් ඉස් බෙටර් දෑන් නතින්" කියලා හිතපු පුරුපුරුත් තීරණය කළා අවසන් ගන බැලිමට සහභාගි වෙන්න.
තීරණය කළාට මොකෝ, පුරුපුරුට වාඩිවෙන්න පුටුව හොයාගන්න බෑ.මේ වෙද්දි මෑන්ස්ට හැමදේම දෙක වෙලාලු පේන්නෙ.ඉතිං තනි පුටුව පුටු දෙකක් වගේ තමයි පුරුපුරුට පේන්නෙ.මැන්ස් කළේ හිතේ හෝදිසියට එක පුටුවක වාඩිවෙච්ච එක.
තීරණය කළාට මොකෝ, පුරුපුරුට වාඩිවෙන්න පුටුව හොයාගන්න බෑ.මේ වෙද්දි මෑන්ස්ට හැමදේම දෙක වෙලාලු පේන්නෙ.ඉතිං තනි පුටුව පුටු දෙකක් වගේ තමයි පුරුපුරුට පේන්නෙ.මැන්ස් කළේ හිතේ හෝදිසියට එක පුටුවක වාඩිවෙච්ච එක.
දඩාස්..........
මහා සද්දයක් එකක් මෑන්ස් ඇදගෙන බිම වැටුනලු.බැලින්නං පුරුපුරු වාඩි වෙලා තියෙන්නෙ මනඃකල්පිත පුටුවෙ.ඇත්ත පුටුව තිබිලා තියෙන්නෙ එහා පැත්තෙන්.දැන් මොනවා කරන්නද? නැගිටගන්නත් බෑ.ඉතිං අනිත් යාලුවො ටික එකතු වෙලා මෑන්ස්ව උස්සලා ඇදක් උඩට දැම්මලු.විනාඩියක් යන්න කලින් අපේ යාලුවා ගොරව ගොරවා නිදි.
පහුවදා පුරුපුරු නැගිටිද්දි ගොඩක් උදේ වෙලා.මෑන්ස් නැගිටින්න කලින් මාලුකට්ටා ගහපු ෆෝටෝ එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නෙ.කොහොමහරි ඉතිං බොගට ගිහින් කබරයා පාරක් එහෙම දැම්මට පස්සෙ පුරුපුරුගෙ තිබුන වෙරි ගතිය නැතිවෙලා ගියාලු.ඊට පස්සෙ කට්ටිය කළේ ලෑස්ති වෙලා ගිහින් කොටියා සර්ට වැදලා ගෙවල් බලා පිටත් වෙච්ච එක.
ඇත්තටම ඒ මොහොත පුරුපුරුගෙ ජීවිතේ ගොඩාක්ම දුක හිතෙන මොහොතක්.අවුරුදු ගානක් එකට හිටපු, පිස්සු කෙලපු සහෝදරයන්ගේ විසිර යාම කියන්නෙ විශේෂ අත්දැකීමක්.බ්ලොග් පෝස්ට් සීයක් ලියලත් පැහැදිලි කරන්න බැරි අමුතුම අත්දැකීමක්.ඒක හින්දා අපි ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ.කොහොමහරි හොස්ටල් එක තමන්ගෙ ජීවිතේ එක්ක කොච්චර බැදිලාද කියලා කට්ටියම තේරුම් ගත්තෙ එදා තමයි.කොල්ලන්ගෙ ඇස් වල කදුලු පිරිලා.කොටියා සර්ගෙ ඇස්වලත් කදුලු පිරිලා.
මේ විදිහට අපේ මාලුකට්ටාගෙ හොස්ටල් ජීවිතේ එදා අවසාන වුණා.එතකොට පුරුපුරුගෙ? හොදයි යාලුවනේ, පුරුපුරුගෙ හොස්ටල් ලයිෆ් එකට මොකද වෙන්නෙ කියලා අපිට අනාගතේදි වෙනම සීරීස් එකකින් කියවන්න පුලුවන්.
කොහොමහරි එදා බස්එකේ ගෙදර යද්දි පුරුපුරුටයි, මාලුකට්ටාටයි දැනුනෙ වස පාලුවක්.හැබැයි ඉතිං එහෙම ඉදලා හරියන්නෙ නෑ නොවැ! නිවාඩු කාලෙ කරන්න හොද පිස්සු වැඩ ටිකක් ප්ලෑන් කරන්නත් එපායැ...එහෙනං ආෆ්ටර් ඕ ලෙවල් පූස් ලයිෆ් එක ගැන ඔයාලට මීට පස්සෙ අපි කියන්නංකෝ...