අඹ යාලුවෝ
Showing posts with label චූටි. Show all posts
Showing posts with label චූටි. Show all posts
Thursday, February 10, 2011
කේ.මෙන්ඩිස් 2 - මී කතුරාගේ ආගමනය
ඉතිං යාලුවනේ ඔයාලා කේ.මෙන්ඩිස් සීරීස් එකේ මුල් ලිපිය මේ වෙද්දි කියවලා ඇතිනෙ නේද?
ඔය විදිහට අපේ පුරුපුරු, මහබබා ඇතුලු සෙට් එක ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් ළමයි දෙන්නත් එක්කත් කතා කරන්න ගියාලු. මුලින්ම කතා කරපු කොල්ලා ටිකක් කලු, මහත, දෙකේ හතරෙ සයිස් එකේ ඩයල් එකක්.
මහබබා :- ආ...මචං කොහොමද? උඹේ නම මොකද්ද බං?
කොල්ලා :- මුෂ්ටාක් දිලංක සිරිවර්ධන
ඉතිං මෑන්ස් මෙහෙම කියපුවාම අපේ යාලුවො සෙට් එක ෆුල් අබ්ලික් වෙලා ගියාලු. ඇයි දෙයියනේ ජීවිතේට අහන්න බලාපොරොත්තු වෙන නමක්ද මේ යකාට තියෙන්නෙ හැබෑට?
පුරුපුරු :- වැරදියට හිතන්න එපා මචං! උඹ සිංහලද? මුස්ලිම්ද?
මුෂ්ටාක් :- මම සිංහල මචං!
ඔය අතරෙ පුරුපුරුයි, මහබබායි මූණට මූණ බලාගන්නවා දැක්ක මුෂ්ටාක්ට තේරුණාලු, කට්ටිය පොරගෙ නම හින්දා ෆුල් තක්බිරිෆයිඩ් වෙලා ඉන්නෙ කියලා.
මුෂ්ටාක් :- අපේ ආච්චි මුස්ලිම් බං! ඒකයි මගෙ නමට මුෂ්ටාක් කෑල්ලක් තියෙන්නෙ.
මහබබා :- ආ...එල එල!! අරුන් දෙන්නා හෙට ක්ලාස් එකේ කොල්ලන්ට ට්‍රීට් එකක් දෙනවා මචං. උඹයි අර කෙට්ටු එකයි අනිද්දා එද්දි මොනවහරි අරන් වරෙන් පුලුවන්නං.
මුෂ්ටාක් :- එලකිරි මචං! කේක් එකක් හොඳයිනෙ?
පුරුපුරු :- උඹ කැමති දෙයක් ගෙනෙන් බං. අවුලක් නෑ.
ඉතිං එදා ඉඳලා ක්ලාස් එකේ කට්ටිය මුෂ්ටාක්ට කිව්වෙ මුෂී කියලා.
දැන් ඉතිං ඉතුරු තව එක කොල්ලයි. මෑන්ස් වාඩිවෙලා හිටියෙ ක්ලාස් එකේ එහාපැත්තෙ කොනේ. කොහොමහරි කෙමිස්ට්‍රි උගන්නන අතිච්ඡාදන ගුරුතුමා පන්තියට ආපු හින්දා පුරුපුරුලාට පුලුවන් වුණේ නෑ ඒ ළමයා එක්ක කතා කරන්න. (එක සබ්ජෙක්ට් එකක් උගන්නන්න ගුරුවරු දෙන්නා ගානෙ හැම ක්ලාස් එකකටම හිටියා.)
ඊටපස්සෙ මෑන්ස් එක්ක කතා කරන්න පුරුපුරුලාට වෙලාවක් ලැබුනෙ ඉන්ටර්වල් එකේදි. ඒත් එතකොට කට්ටිය තැන් තැන්වල ඇවිදින්න ගිහින්. අන්තිමට මේ කොල්ලා එක්ක කතා කරන්න සෙට් වුණේ පුරුපුරුයි, රාජුයි විතරයි. ඇත්තටම පොරව දැක්කාම ට්‍රීට් එකක් ගේන්න කියන්නත් පුරුපුරුට මොකද්ද වගේ හිතුනලු. මොකද මෑන්ස් බොහොම අහිංසක පෙනුමක් තියෙන, මාලුකට්ටා සයිස් එකටම කෙට්ටු කොල්ලෙක්.
පුරුපුරු :- මචං! උඹේ නම මොකද්ද?
කොල්ලා :- මී කතුරා...උඹේ නම මොකද්ද?
පුරුපුරු :- මම තමයි පුරුපුරු. මේ ඉන්නෙ රාජු. උඹලගෙ ගෙවල් එහෙම කොහෙද?
මී කතුරා :- මම ගම්පහ මචං!
පුරුපුරු :- අපිත් ඒ පැත්තෙ තමයි. මම පූස්ගම. රාජු ඉන්නෙ ගම්පහමයි. උඹ ගම්පහ ටවුන් එකේද?
මී කතුරා :- මම ගම්පහ කිව්වට අහවල් පැත්තෙ බං!
මෑන්ස් ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙන වෙන නගරෙක නමක් කිව්වලු.
පුරුපුරු :- හික් හික්!! ඉතිං යකෝ ඒ ගම්පහද?
මෙහෙම පටන් ගත්තු කතාව ගොඩක් වෙලා යනකං ඉවර වුණේ නෑ. කොහොමහරි මී කතුරා කියන්නෙත් අපේ පූසො සෙට් එකේ අනිත් කට්ටිය වගේම පිස්සුම පිස්සු පූසෙක් කියලා තේරුම් ගන්න පුරුපුරුට වැඩි වෙලාවක් ගියෙ නෑ. අන්තිමට ඉන්ටර්වල් එක ඉවර වෙද්දි පුරුපුරුයි, මී කතුරායි අම්බානට ෆිට් වෙලා හිටියෙ. ඉතිං පුරුපුරුගෙන් මී කතුරාට ආරාධනා ලැබුනලු රාජුයි, පුරුපුරුයි වාඩිවෙලා හිටපු මේසෙටම මෑන්ස්ටත් එන්න කියලා. මොකද මේ දවස්වල මාලුකට්ටා වාඩිවෙලා හිටියෙ වෙන පේළියක.
තවත් ටික වෙලාවකින් තමයි පුරුපුරු දැනගත්තෙ මී කතුරාත් ඒ දවස්වල ෆුල් විරහ වේදනාවෙන් කල්ගෙවපු කොල්ලෙක් කියලා. බැලින්නං මෑන්ස්ගෙ ගෑනු ළමයා පොරව අතඇරලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු. අපේ පුරුපුරුත් මේ දවස්වල විදූශාගෙ කේස් එක නිසා අප්සෙට් එකේ නොවැ හිටියෙ! ඉතිං දෙන්නාම එකම බෝට්ටුවෙ හින්දා මේ යාලුවො දෙන්නාගෙ ෆිට් එක තවත් වැඩිවුණාලු. මේ වෙද්දි මී කතුරා තමන්ට නියමිත දවසෙ ට්‍රීට් එක දෙන්න කැමති වෙලයි හිටියේ.
ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදාවුණාලු. බාරගත්ත විදිහටම එදා දවසෙ ට්‍රීට් දෙන්න චූටියි ධනුයි අමතක කරලා තිබුනෙ නෑ. චූටි අයිසින් කේක් එකක් උස්සන් උදේ පාන්දරම පන්තියට ආවලු. ධනුවා ගෙනාවෙ බටර් කේක් එකක්. ඉතිං ඉන්ටර්වල් එකේ ක්ලාස් එකේ කට්ටියම කේක් වලින් සප්පායම් වුණාලු. දැන් මහබබාට ෆුල් හැපී. මෑන්ස් ඩෙස් එකක් උඩ නැගගෙන කෑ ගහනවා.
" මචංස්! මුෂී, මී කතුරා, ඔන්න හෙට උඹලත් මේ වගේම අපිට හොඳ පාටි එකක් දෙන්න ඕනේ "
කොහොමහරි ඉන්ටවල් එකෙන් පස්සෙ තිබුනෙ ඕෆ් පීරියඩ් එකක්. දැන් ඉතිං ක්ලාස් එකේ කොල්ලො කෑ ගහනවා. සමහරු ක්ලාස් එක ඇතුලෙ සෙල්ලං කරනවා. ඇත්තටම පුරුපුරුලා හිටපු ක්ලාස් එකේ රාජුයි, නයිසුයි ඇරෙන්න අයිලන්ඩ් රෑන්ක් ගන්න මට්ටමේ බ්‍රයිටො හිටියෙ නෑ. ඒ දෙන්නා වුණත් නිතරම පිස්සු නට නටා තමයි හිටියෙ. ඔය අතරෙ සෙල්ලං කරලා මහන්සි වෙලා හිටපු පුරුපුරුයි, මී කතුරායි, ඒ දවස්වල කොල්ලන්ට තිබුන වැදගත්ම මාතෘකාවට එන්ටර් වෙලයි හිටියේ.
පුරුපුරු :- කතුරා, නැද්ද මචං ගන එහෙම ?
දැන් බ්ලොග් කියවන්න අලුතින් ආපු යාලුවො කට්ටියට ගිහින් ගන කියන්නේ මොනවද කියලා බලලා එන්න පුලුවන්.
මී කතුරා :- නැතුව නැතුව? මං ගාව හොද ගන කලෙක්ෂන් එකක් තියෙනවා.
පුරුපුරු :- එල එල!! අපි ගාවත් සීඩී ගොඩක් තියෙනවා බං! ඒ වුණාට එක්කොම වගේ කඩු ඒවා තියෙන්නෙ. සිංහල ඒවා බලපු කාලයක් මතක නෑ.
මී කතුරා :- හික් හික්!! අයියෝ බං! මමනං ගිය සතියෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේකුත් බැලුවා.
පුරුපුරු :- මොනවා!!!!! කේ.මෙන්ඩිස්ගෙ?????
කාමිනී මෙන්ඩිස් හෙවත් කේ.මෙන්ඩිස් කියන්නෙ ලංකාවෙ ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද නිළියකගෙ නමක්. ඉතිං මී කතුරා කියපු දේ ඇහිච්ච පුරුපුරුට තමන් ඉහළට ගත්තු හුස්ම පහළට දාන්නත් අමතක වුණාලු. කොටින්ම තත්පර ගානක් යනකං මෑන්ස්ට කතා කරගන්නත් බැරිවුණාලු.
පුරුපුරු :- කේ.මෙන්ඩිස්ගෙ? වෙන්න බෑ. උඹට ෂුවර්ද? ඒ වගේ ලැටින් හරි ඉන්දියන් හරි එකක් වෙන්න ඇති බං!
මී කතුරා :- පිස්සුද බං? මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනෙ.
පුරුපුරු :- ඉතිං ***, උඹ මාත් එක්ක ඊයෙ දවසම කතා කර කර හිටියා. තෝ නිකමටවත් මේ ගැන කිව්වද?
මී කතුරා :- ඉතිං යකෝ උඹ මගෙන් මේ ගැන ඇහුවයැ!
බැලින්නං මී කතුරා කියන කතාවත් ඇත්ත. අපේ පුරුපුරුට ගොඩක් දවසකට පස්සෙ ෆුල් හැපී එකක් ගියෙ මී කතුරා කියපු මේ ආරංචිය අහලා තමයි. මී කතුරා කියන්නෙ සුරලොවින් කුරුඳුවත්ත ඉස්කෝලෙට ආපු දේවදූතයෙක්ද කොහෙද?
පුරුපුරු :- රාජු! මාලුකට්ටා!! අඩෝ මෙහෙ වරෙල්ලා. මෙන්න කේ.මෙන්ඩිස්ගෙ ගනයක් තියෙනවලු.
මාලුකට්ටා :- මොනවා????????? කේ.මෙන්ඩිස්ගෙ?
ආරංචිය අහපු මාලුකට්ටාට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න වගේ. කොහොමහරි මේ සුභ පණිවිඩේ මුලු පන්තිය පුරාම පැතිරෙන්න ගියෙ නැනෝ තත්පර ගානයි. ඒ මී කතුරාට මේ ගැන කිසිම ප්‍රකාශයක් කරන්නවත් වෙලාවක් ඉතුරු නොකර.
මේ වෙද්දි මුලු ක්ලාස් එකම මේ හදිසි ආරංචියෙන් කැළඹිලයි හිටියේ. දැන් ක්ලාස් එකේ කෑ ගැහිලි, සෙල්ලම් කිරිලි ඔක්කොම නැවතිලා. කට්ටියම දැන් වර්ල්ඩ් කප් එක අරන් ආපු අර්ජුනව වගේ මී කතුරාව වටකරගෙනයි ඉන්නේ.
මහබබා :- ඒ කතුරා, ඇත්තද බං මේ කියන්නෙ?
මී කතුරා :- ඔව් බං! මම ඉතිං බලපු එකනේ. හැබැයි ඒක දැන් මං ගාව නෑ. ඒක තියෙන්නෙ අපේ අයියා කෙනෙක් ගාව.
මහබබා :- අනේ මගෙ දෙයියා, මොනවා හරි කරලා ඒක උස්සන් වරෙන්. උඹ ඉතිං හොද එකා කියලා අපි දන්නවනේ. හෙට උඹ පාටි එක දෙන්න ඕනෙත් නෑ. උඹ මේක ගේන එක අවුරුදු දෙකටම ඇති.
මී කතුරා :- ආ...ඒක සුලු දෙයක් බං! ඒ වුණාට ඉස්කෝලෙට මාට්ටු වුණොත්?
මහබබා :- උඹ ගෙනෙන්කො. පුරුපුරු, මූට කියලා දීපං බං ගේන විදිහ. ඉතුරු ටික අපි බලාගන්නං.
මී කතුරා :- හා...හා..මම ගේන්නං මචං.
මහබබා :- හෙට ගෙනෙන් ෂුවර් එකට හොඳේ!
මී කතුරා :- හා මචං.
ඉතිං උද්දාමයට පත්වෙච්ච පන්තියෙ කොල්ලො කට්ටිය දැන් ෆුල් ආතල් එකේ ඉන්නෙ. සමහරු එක එක සින්දු කියනවලු. තවත් කට්ටිය එක එක ඇක්ෂන් දානවලු. ඒ සින්දු ගැනවත්, ඇක්ෂන් ගැනවත් අපි මේ සීරීස් එකෙන් විස්තර කරන්න යන්නෙ නෑ. නිකං මොකටද බ්ලොග් එක සින්ඩි වලින් එළියට දාගන්නෙ නේද?
සැ.යු :- කාමිනී මෙන්ඩිස් යනු මනඃකල්පිත නමක් බව කැණාවෙන් සලකන්න.
Tuesday, February 8, 2011
කේ.මෙන්ඩිස් - 12 වසරට පා තැබීම
ඔන්න යාලුවනේ අපි ඔයාලා වෙනුවෙන් තවත් සීරීස් එකක් අරගෙන ආවා.
මේ වෙද්දි අපේ පූසො ඕ ලෙවල් ඉවර කරලා ඒ ලෙවල් ක්ලාස් යන්න පටන් අරගෙනයි තිබුනේ. ඉතිං ඔය දවස්වල තමයි අර විදූශාගෙ කේස් එක එහෙමත් වුණේ. කොහොමහරි ඒ සිද්දි ඔක්කොමත් ඉවරවෙලා ටික දවසක් යද්දි, 2004 අවුරුද්දෙ ඒ ලෙවල් විභාගෙත් පැවැත්වුණාලු. ඊටපස්සෙ සිද්දවුණේ 12 වසරේ කට්ටිය 13 වසරට ගිය එකයි, අලුත් බැච් එකක් ඒ ලෙවල් කරන්න 12 වසරට ආපු එකයි. ඉතිං ඕ ලෙවල් ඉවරවෙලා හිටපු අපේ පූසො සෙට් එක අයිති වුණේ අන්න ඒ අලුතින් ඒ ලෙවල් කරන්න ආපු බැච් එකට.
ඉතිං අපේ යාලුවො කට්ටියව ඒ ලෙවල් වලට ඉස්කෝලෙට පිළිගත්තෙ ලොකු උත්සවයක් එහෙමත් තියලලු. ඇත්තටම පුරුපුරුයි, උපාසකයි, මාලුකට්ටායි එදා ඉස්කෝලෙට ආවෙ මාස කීපයකට පස්සෙ. ඉතිං කාලෙකට පස්සෙ හම්බවුණු හොස්ටල් සෙට් එක ඇතුලු ඉස්කෝලෙ යාලුවොත් එක්ක, අපේ පූසො එදා කතා බහ කළේ ලොකු සතුටකින්.
ඊටපස්සෙ සිද්දවුණේ කට්ටියව තම තමන්ගෙ පන්ති වලට දාපු එක. කුරුඳුවත්ත ඉස්කෝලෙ ඒ පාර බයෝ පන්ති පහක්ම තිබුනලු. ඒ සිංහල මාධ්‍ය පන්ති හතරකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි විදිහට. ඒ පන්ති හැඳින්නුවෙ S1, S2, S3, S4 සහ SE කියලා. S කියලා කිව්වෙ සයන්ස් කියන එකට. ඉතිං අපේ පුරුපුරුයි, මාලුකට්ටායි හොඳ දේශීය පූසො දෙන්නෙක් හින්දා දෙන්නාම ඒ ලෙවල් කරන්න ගත්තෙ සිංහල මීඩියම් එකෙන්ලු. කොහොමහරි මේ දෙන්නම තේරුනෙත් එකම පන්තියට.
උපාසකනං ඉතිං කරන්න තෝරගත්තෙ ගණිතය විෂය නොවැ! ඉතිං මෑන්ස් තේරුනේ සිංහල මීඩියම් ගණිත පන්තියකට. කොහොමහරි ඒ අවුරුද්දෙ සිංහල මාධ්‍ය ගණිතය පන්ති අටකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි ඉස්කෝලෙ තිබුනලු. මේ ඔක්කොම ගැන අපි කිව්වේ ඉස්කෝලෙ තිබුනු කොමර්ස් සහ ආර්ට් පන්ති ඇරුණුකොට.
කොහොමහරි ඉතිං පන්ති වෙන් කළාට පස්සෙ පුරුපුරුයි, මාලුකට්ටායි ගියාලු තමන්ගෙ පන්තියට. බැලින්නං පූසො දෙන්නා යද්දි තව කට්ටිය පන්තියට ඇවිල්ලා. කොහොමහරි ටික වෙලාවකින් ඔක්කොම ළමයි ක්ලාස් එකට ආවලු. ඊටපස්සෙ තමයි කට්ටියට දැනගන්න හම්බවුණේ පන්තියේ හිටපු මුලු ළමයි ගාන විසි හයයි කියලා. පස්සෙ බැලින්නං හැම බයෝ ක්ලාස් එකටම ළමයි බෙදලා තිබුනෙ විසි ගනන් වලින්.
කොහොමහරි ඉතිං පුරුපුරුලගෙ ක්ලාස් ටීචර් වුණේ කෙමිස්ට්‍රි උගන්නපු මාලනී කියලා මිස් කෙනෙක්. මිස් රිටයර් වෙන්න කිට්ටු වයසක තමයි ඒ වෙනකොටත් හිටියේ. ඒ වගේම මාලනී මිස් ගොඩක් කරුණාවන්ත මිස් කෙනෙක් කියලා ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ද වෙලයි හිටියේ.
කුරුඳුවත්ත ඉස්කෝලෙ බයෝ ක්ලාස් හදලා තිබුනේ අමුතුම සිස්ටම් එකකට. ඇත්තටම ඒවාට ක්ලාස් කියනවාට වඩා ඔඩිටෝරියම් කියන එක තමයි ගොඩක් සුදුසු. ඉතිං එක ක්ලාස් එකකට ළමයි සීයකට වඩා පහසුවෙන් දාන්න පුලුවන් තරමට ඒ ක්ලාස් ලොකුයි. ඒ වගේම ඩෙස්ක් වෙනුවට පොළොවට හයිකරපු දිග බංකුයි, දිග මේසයි තමයි ක්ලාස් එක ඇතුලෙ තිබුනේ. ඒවත් තිබුනේ ක්ලාස් එකේ පිටිපස්සට යද්දි තට්ටුවෙන් තට්ටුව ඉස්සිලා තියෙන විදිහට. හරියට මේ පහළ පින්තූරෙ තියෙන ක්ලාස් එක වගේ.
ඉතිං ක්ලාස් එකේ උගන්නන ගුරුවරයාට පේන්නෙ නැතුව, ක්ලාස් එකේ පිටිපස්සෙ බංකුවල නිදාගන්න "සමහර කට්ටිය" පස්සෙ කාලෙක පුරුදු වුණාලු. ඒ කතා ඉතිං අපි පස්සෙ කාලෙකම අහමුකො නේද?
කොහොමහරි ඉතිං ක්ලාස් එකට සිලෙක්ට් වෙච්ච ළමයින්ගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම කට්ටියව අපේ පූසො හොඳට අඳුරනවලු. ඒ අතරින් බයෝ සෙක්ෂන් එකේ හිටපු ලොකුම ළමයා වෙච්ච මහබබා, හොස්ටල් එකේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ හිටපු සෝමෙ අයියා, පූසොත් එක්ක ගම්පහ ක්ලාස් ගිය රාජු වගේ කට්ටිය විශේෂයි. ඉතිං අපේ පුරුපුරු පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවලු කවුද මේ ක්ලාස් එකේ ඉන්න අඳුරන්නැති ඩයල් ටික කියලා.
බැලින්නං ඒ තමයි ඕ ලෙවල් රිසාල්ට්ස් වලින් අලුතින් ඉස්කෝලෙට ආපු සෙට් එකේ කට්ටිය. මෙහෙම ඕ ලෙවල් වලින් ආපු ළමයි හතර දෙනෙක් පුරුපුරුලාගෙ ක්ලාස් එකේ හිටියා. ඉතිං අනිත් ළමයි අවුරුදු ගානක් ඉස්කෝලෙ ඇතුලෙ ඉඳලා එකිනෙකාව අඳුරන හින්දා, කට්ටියගෙ මූලිකම වැඩේ වුණේ මේ අලුතින් ඉස්කෝලෙට ආපු ළමයි හතරදෙනා අඳුරගන්න එක. කොහොමහරි පළවෙනි දවසෙ මේ වැඩේට එච්චර වෙලාවක් හම්බවුණේ නෑ. ඉතිං දෙවෙනි දවසෙ උදේ තමයි ක්ලාස් එකේ අනිත් කොල්ලන්ට චාන්ස් එකක් ලැබුනෙ අලුත් ළමයි එක්ක නිදහසේ හොඳට කතා කරන්න.
ඉස්කෝලෙ ඒ දවස්වල සිරිතක් තමයි, අලුතින් ඉස්කෝලෙට එන ළමයි ක්ලාස් එකේ අනිත් ළමයින්ට පොඩි ට්‍රීට් එකක් දෙන එක. ගොඩක් වෙලාවට ඉතිං ට්‍රීට් එක වෙනුවෙන් හම්බවෙන්නෙ කේක් ගෙඩියක් තමයි. දැන් අපේ පුරුපුරු, මහබබා, සෝමෙ අයියා ඇතුලු සෙට් එකේ උත්සාහය තමයි මේ අලුත් ළමයින්ගෙන් ට්‍රීට් එකක් ඉල්ලගන්න එක. ඉතිං කට්ටිය මේ ළමයි එක්ක වෙන වෙනම කතා කළාලු. ඇත්තටම මේ අලුත් ළමයි හතරදෙනා මුලින් හිටියෙ වෙනම ලෝකෙකට ගෙනත් අතඇරලා වගේ බයවෙලා.
මුලින්ම පුරුපුරුලා කතා කළේ පුරුපුරුලගේ පේළියට ඉස්සරහා පේළියේ වාඩි වෙලා හිටපු ළමයත් එක්ක.
මහබබා :- මචං උඹේ නම මොකද්ද?
ළමයා :- මගෙද මචං?
පුරුපුරු :- ඔව් ඔව්!! උඹේ තමයි
ළමයා :- මගෙ නම චූටි
පුරුපුරු :- උඹ මචං කොහෙද ඉන්නෙ?
චූටි :- ගම්පහ
පුරුපුරු :- ගම්පහ? ගම්පහ කොහෙද?
චූටි :- මම කිරිල්ලවල. උඹ කොහෙද මචං?
පුරුපුරු :- මමත් ගම්පහ කිට්ටුව තමයි බං. මමයි, අර ඉන්න මාලුකට්ටායි දෙන්නම ඉන්නෙ පූස්ගම. මේ රාජු ඉන්නෙ ගම්පහ ටවුන් එකේමයි.
චූටි :- ආ...ඇත්තද මචං?
චූටි මෙහෙම කියද්දි තමයි රාජුට මීටර් වුණේ මෑන්ස් කොහෙදිහරි මීට කලින් චූටිව දැකලා තියෙනවයි කියලා.
රාජු :- අඩෝ! උඹ නේද මචං හිස්සැල්ලයගෙ ක්ලාස් එකේ ඉස්සරහාම පේළියෙ ඉන්නෙ?
දැන් රාජු මෙහෙම කියද්දි චූටි ලැජ්ජාවෙන් ඇඹරෙනවා.
මහබබා :- ආ...එහෙනං මීටපස්සෙ උඹේ නම තමයි චූටි හිස්සැල්ල.
ඉතිං ඔය විදිහට චූටිගෙ නම හිස්සැල්ල කියලා රෙජිස්ටර් වුණාලු. අදටත් ඉස්කෝලෙ බැච් එකේ කට්ටිය චූටි කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි හිස්සැල්ල හරි "හිස්සා" කියලා හරි කිව්වොත්නං ඕන කෙනෙක් චූටිව අඳුරනවලු.
රාජු :- එහෙනං මචං හෙට එද්දි උඹ ක්ලාස් එකේ කට්ටියට පොඩි ට්‍රීට් එකක් ගෙනෙන්. වැඩිය මොනවත් ඕනෙ නෑ. විසි හයයිනෙ බං ඉන්නෙ.
චූටි :- ආ...හරි හරි මචං! මම කොහොමත් ගේන්න තමයි හිටියෙ.
චූටි හිස්සැල්ල වැඩේ කැමැත්තෙන්ම බාරගත්තලු. ඊටපස්සෙ කට්ටිය කතා කළේ තවත් අලුත් ළමයෙක් වෙච්ච ධනූ එක්ක. එතනදිනං විශේෂ දෙයක් වුණේ නෑ. හැබැයි චූටි වගේම ධනූත් බොහොම කැමැත්තෙන් ට්‍රීට් එක ගේන්න බාරගත්තා. ඉතිං මේ විදිහට පහුවදාට ට්‍රීට් දෙන්න නියමිත වුණේ චූටිටයි, ධනූටයි.
මහබබා ඇතුලු කට්ටිය තීරණය කළේ ඊටත් පස්සෙ දවසෙ ට්‍රීට් එක දෙන වැඩේ, අනිත් අලුත් ළමයි දෙන්නාට බාරදෙන්න. ඉතිං අපේ යාලුවො සෙට් එක ඊටපස්සෙ අනිත් ළමයි දෙන්නාත් එක්ක කතා කරන්න ගියාලු.
ප.ලි :- උපරිම වශයෙන් කොටස් හතරෙන් සීරීස් එක ඉවර කරන්න බලාපොරොත්තු වෙමු.
Subscribe to:
Posts (Atom)


