අඹ යාලුවෝ

Tuesday, December 25, 2012

පෙම්වතියගේ ගෙදර ගිහින් තියෙනවාද?


අපේ පුරුපුරුගෙ ආදර අන්දරය, ඒ කියන්නෙ සුදුපූසි ගැන බ්ලොග් ගඩොල් කියවපු ඔයාලා දන්නවා ඇතිනේ. ඉතිං අපි ඒ කතාවෙ කිව්වෙ පූසයි, සුදුපූසියි යාලු වෙච්ච තැනට යනකං විතරයි. ඊටපස්සෙ කොයි ආදර කතාවත් වගේ අපේ පූස් ලව් එකත් කාලයක් ජයටම නැගලා ගියා. ඔය අතරේ තමයිලු ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල ආවේ.

අපි කලිනුත් කිව්වා වගේ විභාගෙන් පුරුපුරුට සතුටුදායක අන්දමේ ප්‍රථිවලයක් ඇවිත් තිබුනා. මෑන්ස් යන්න ආසාවෙන් හිටපු ඩිග්‍රියට යන්න ඒ රිසාල්ට් හොඳටම ඇති. සුදුපූසිත් කැම්පස් යන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල අරගෙන තිබුනා. ඉතිං මේ දෙන්නාම තීරණය කළාලු දෙවෙනි පාර විභාගෙට ඉන්නෙ නැතිව කැම්පස් යන්න. හැබැයි පොඩි කොස්සකට තිබුනෙ මේ දෙන්නට වෙන වෙනම කැම්පස් දෙකකට යන්න වෙච්ච එක.

පුරුපුරු ඇතුලත් වෙච්ච අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාව තිබුනේ තුම්මුල්ල සක්වල තක්සලාවෙ විතරයි. ඉතිං මෑන්ස්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න පුලුවන් වුණේ තුම්මුල්ල කැම්පස් එකට විතරයි. සුදුපූසිව තේරුණේ ජෛවීය විද්‍යාව උපාධියට. තුම්මුල්ලෙත් ඒ උපාධිය තිබුනත් සුදුපූසිව තේරුණේ කන්දෙ සක්වල තක්සලාවට. කොහොමහරි ඉතිං අපේ දයියේ මෙච්චර කූරු ඇයි කියලා දුක්වුණ පූස් කපල් එක එකිනෙකින් සෑහෙන දුරින් තිබුන මේ කැම්පස් දෙකට ඇතුල් වුණාලු.

මේ වෙද්දිත් මේ දෙන්නගෙ එෆෙයාර් එක ගෙවල් දෙකටම හොර රහසින් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වගේම දෙන්නා කිලෝමීටර් සීයකින් විතර වෙන් වෙලා හිටපු හින්දා නිතරම මුණගැහෙන්න පුලුවන්කමක් තිබුනෙත් නෑ. මුණගැහුනත් එක්කෝ පුරුපුරු කන්ද උඩරටට ගිය වෙලාවක හරි, සුදුපූසි ගෙදර ඇවිත් ගම්පහ ආපු වෙලාවක හරි වගේ බොහොම කලාතුරකින් උදාවෙන අවස්ථාවක තමයි. ඒ හින්දා අපේ පූස් කපල් එකගේ සන්නිවේදනය බොහෝ දුරට සිද්ද වුණේ ජංගම දුරකතනයට පිං සිද්ද වෙන්න.

ඉතිං ඔය අතරේ තමයි සුදුපූසිට වෛරස් උණක් හැදිලා ලෙඩ වුණේ. ඉතිං සුදුපූසි කළේ ගෙදර නතරවෙලා ප්‍රතිකාර ගත්ත එක. පුරුපුරුට සුදුපූසිව බලන්න එන්න ඕනෙ වුණත් ගෙදරට ඇවිත් එයාව බලන්න තරම් පූස් ගටක් තිබුනේ නෑ. ඔහොම දවසක් දෙකක් ඉන්නකොටනං හැබැයි අපේ පූසාට තවදුරටත් ඉවසාගෙන ඉන්න බැරිවුණා. දැන් මෑන්ස්ට ඕනෙ කොහොමහරි ගිහිං සුදුපූසිව බලන්න. ඉතිං පූසා තමන්ගෙ පෙම්වතියට ගත්තලු කෝල් එකක්.

පුරුපුරු :- මේ, මම ඔයාලගෙ ගෙදර එනවා හෙට, ඔයාව බලන්න.

සුදුපූසි :- ඈ! අනේ අපේ තාත්තා අහයි ඔයා කවුද කියලා. එනවනං කවුරුහරි යාලුවෙක් එක්ක එන්න.

පුරුපුරු :- හරි හරි, තාත්තට කියන්න මම ඔයාගෙ හොඳ යාලුවෙක් කියලා.

සුදුපූසි :- හ්ම්...

මේ කියන දවස්වල පුරුපුරු එක්ක මෑන්ස්ගෙ බෝඩින් සගයා වෙච්ච කොළොම්බාසුත් නැවතිලා හිටියා. බෝඩින් සගයා කිව්වට කොළොම්බාස්ට අයිති ගෙදර තමයි පුරුපුරුවත් නවත්තගෙන හිටියේ. ඉතිං පූසා වීක් එන්ඩ් එකේ නිවාඩුවට ගෙදර එනකොට කොළොම්බාස්වත් ඇදගෙන ඇවිත් තිබුනා. කොහොමහරි ඉතිං මෑන්ස්ට මේ බරපතල මිෂන් එක ගැන කිව්වාම කොළොම්බාසුත් එක පයින්ම වැඩේට කැමති වුණාලු.

මේ වෙද්දි පුරුපුරු සුදුපූසිගෙ ගෙදර තියෙන තැන දැනගෙන හිටියා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකට ඉස්කෝලෙ ගිය හින්දා සුදුපූසිගෙ අම්මත් පුරුපුරුව ටිකක් අඳුරනවා. ඒත් තමන්ගෙ අනාගත මාමණ්ඩිනං මොන ටයිප් එකේ ඩයල් එකක්ද කියලා පූසා මේ වෙද්දිත් දැනගෙන හිටියෙ නෑ. ඒත් ඉතිං ආදරෙන් අන්ධ වෙච්ච පූසෙක්ට අනාගතේ ඇතිවෙන්න පුලුවන් භයානක ප්‍රතිවිපාක වර්තමානෙදි පේන්නෙ නැහැයිලුනේ. ඒ හින්දා ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතපු අපේ යාලුවො දෙන්නත් වැඩේට බරට සූදානම් වුණාලු.

මේ වෙද්දි පුරුපුරු අමාරුවෙන් ඉතුරු කරපු පොකට් මනි වගයක් මෑන්ස් ගාව තිබුනා. ඉතිං ගෙදර ළඟ තිබුන කඩේකට ගොඩ වැදිච්ච පුරුපුරුයි කොළොම්බාසුයි කළේ සල්ලි ටික ඔක්කොම ඉවරවෙනකං සුදුපූසිට එක එක ඒවා ගත්ත එක. චොක්ලට් බිස්කට්, චොක්ලට් කේක්, චොක්ලට් රෝල්, චොක්ලට් බෝල, ඔරිමජිනල් චොක්ලට් වගේ චොක්ලට් නිෂ්පාදනම තමයි පූසා මිලදී ගත්තේ. මොකද සුදුපූසි චොක්ලට් වලට බොහොම මනාපයි.

“මොකද්ද යකෝ ඔක්කොම චොක්ලට් බඩු ගන්නේ? උඹ කැන්ඩොස් එකට මොකක්හරි ණයක් තියෙනවද?“

කොළොම්බාස් මෙහෙම අහලා කින්ඩිය දාපු හින්දා තව දොඩම් ටිකකුයි ඇපල් ටිකකුයි ගන්නත් අපේ පුරුපුරුට සිද්ද වුණාලු. ඔක්කොම බඩු ටික අරගෙන පුරුපුරු ඒ ටික කොළොම්බාස්ගෙ බෑග් එකට පැටෙව්වෙ ආපහු ගෙදර යද්දි ගෙදර කට්ටියට තෑගි ටික අහුවෙන්න තියෙන සම්භාවිතාව අවම කරන්න.

කොහොමහරි ඉතිං පහුවදා අපේ යාලුවො දෙන්නා ආපහු බෝඩිමට යන ගමන් සුදුපූගෙ ගෙදර ළඟ තිබුන බස් හෝල්ට් එකෙන් බැස්සලු. දැන් ඉතිං බරට බරේ තෑගි උස්සගත්තු අපේ යාලුවො දෙන්නා සුදුපූසිගෙ ගේ දොරකඩටම ඇවිත් ඉන්නේ. කලින් නිර්භීත වෙලා තීරණ ගත්තට මොකද, දැන්නං අපේ පූසාගේ කකුල් දෙක මැන්ඩලින් ගහන සයිස් එකෙන් තියෙන්නේ. ඒ අස්සේ මොකද්දෝ කුජීත හැඟීමක් කොහේදෝ තිබිලා හිතට එනවා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො දෙන්නත් ගෙදර දොරකඩටම ඇදුනලු. මේ වෙද්දි පුරුපුරු සුදුපූසිට කෝල් කරලා තමන් එන බව දන්වලා තිබුනේ. මෑන්ස්ට පෙනිච්ච විදිහට සුදුපූසි ඒ වෙද්දිත් ගෙදර කට්ටියට පණිවිඩේ කියලා වගේ. මොකද අපේ යාලුවො දෙන්නා දොරකඩට එද්දිම අනාගත නැන්දම්මා ඇවිත් මේ දෙන්නව බොහොම හොඳින් පිළිගත්තලු.

“ආ..එන්න පුතාලා, වාඩි වෙන්න.“

“පුරුපුරු පුතානං පොඩි කාලෙට වඩා ටිකක් කෙට්ටු වෙලාද කොහෙද?“

ඔය විදිහට සුහදව කතා කරපු නැන්දම්මා සහ සුදුපුසිගෙ අක්කා යාලුවො දෙන්නටම හොඳ තේ පැන් සංග්‍රහයක් කළාලු. සුදුපුසිත් සභාවට එකතු වුණේ ඔය අතරේ. හැබැයි හොඳ වෙලාවට මාමණ්ඩිනං පේන්න හිටියේ නෑ. පස්සෙ හොයලා බැලින්නං එයා සුදුපූසිගෙ මල්ලි එක්ක ළඟ ගෙදරකට ගිහින්. මාමණ්ඩියි මස්සිනයි ගෙදර ආවේ තවත් ටිකක් වෙලා ගියාට පස්සේ. හැබැයි මෑන්ස් වුණත් හිතපු තරමේ අප්සට් ගතියක් පේන්න තිබුනේ නෑ.

ඊටපස්සෙ උදාවුණේ පුරුපුරු ජීවිතේ ෆේස් කරපු ටෆ්ම ඉන්ටර්වීව් එකක්. පුද්ගලික තොරතුරු, ඉස්කෝලෙ තොරතුරු, අනාගත බලාපොරොත්තු, ගමේ විස්තර, දෙමව්පියන්ගෙ විස්තර, දෙමව්පියන්ගෙ ගම්, රස්සා, දේශපාලනය, ආර්ථිකය, දේශප්‍රේමය, භෞමික අඛණ්ඩතාවය වගේ එකී මෙකී නොකී හැම ක්ෂේත්‍රයකම තොරතුරු ගැන මාමණ්ඩිත් එක්ක හොඳ විවරණයක යෙදෙන්න චාන්ස් එකක් අපේ පූසාට හම්බවුණාලු. මේ වෙද්දිත් සුදුපූසි, පුරුපුරු තමන්ගෙ යාලුවෙක් විතරක් බව ගෙදරට කියලා තිබුනත් ගෙදර මිනිස්සුන්ට මේ දෙන්නගෙ සම්බන්දෙ දිග පළල ගැන සැකයක් තිබුන බවයි මාමණ්ඩිගේ ඉන්ටර්වීව් එකේදි පුරුපුරුට තේරුණේ. අනිත් එක පුරුපුරු තමන්ගෙ දුවගේ පෙම්වතා බව තවමත් ඔප්පුවෙලා නොතිබුනු නිසා ඉන්ටර්වීව් එක ඔෆිෂියල් තත්ත්වයෙන් නැතුව සුහදතාවයෙන් පවත්වාගෙන යන්නත් මාමණ්ඩි පියවර ගත්තා.

මාමණ්ඩි :- පුරුපුරු පුතා එතකොට ඉස්කෝලෙ ගියෙ එහෙම කොහෙද?

පුරුපුරු :- කුරුඳුවත්තට අංකල්.

මාමණ්ඩි :- ආ...බොහොම හොඳයි. මමත් මරියකඩේට තමයි ගියෙ.

ඔන්න ඔය විදිහට බොහොම ෂේප් එකේ තමයි මාමණ්ඩි පුරුපුරුගෙන් තොරතුරු උකහා ගත්තේ. මේ වගේ වැදගත් ගමනක් ආවම වැඩිපුරම කතා කරන්න හොඳ නෑ. ඒ වගේම තමයි අවශ්‍ය ප්‍රමාණයට කතා බහ කරන්නත් මතක තියා ගන්න ඕනේ. හැම දෙයක්ම ෆුල් ඩිප්ලොමැටික් විදිහට තමයි කරන්න ඕනේ. කොහොමහරි ඉතිං පැය දෙකක් විතර පුරා තිබුන ඉන්ටර්වීව් එකෙන් පස්සේ සුදුපූසිගෙ දුක සැපත් බලලා ආපහු එන්න අපේ යාලුවන්ට පුලුවන් වුණාලු. මේ වෙද්දිත් පුරුපුරුට තේරිලා තිබුනේ තමන් ඉන්ටර්වීව් එකට සාර්ථකව ෆේස් කළයි කියලා. කොළොම්බාසුත් ඒ බව පූසාට තහවුරු කළා.

කොහොමහරි ඉතිං පූසාගේ ආගමනයෙන් පස්සේ ගෙදර කට්ටිය, විශේෂයෙන් අක්කා සහ මල්ලි සුදුපූසිට එක එක හින්ට් පාස් කරලා තියෙනවා.

“ඒ ළමයා කොහොමද දන්නෙ තමුසෙ චොක්ලට් වලට ඔච්චරම කැමතියි කියලා“

“පුරුපුරු අයියා ආවට පස්සෙ මෙයාගෙ ලෙඩෙත් නිකම්ම සනීපයි වගේ“

මේ වගේ කඩ කැඩිච්ච කතා තමයි ඒ අය කියලා තියෙන්නේ. කොහොමහරි නැන්දම්මටයි, මාමණ්ඩිටයිත් පූසාව හොඳිට හිතට අල්ලලා ගිහින් කියලා තමයි ආරංචි වුණේ.

නැන්දම්මා :- අනේ හරිම නිවිච්ච ළමයෙක්. වැදගත් විදිහට හැදිලා තියෙන බව කතා බහ කරද්දිම තේරෙනවා.

මාමණ්ඩි :- ඔව් ඔව්!! හරිම ගුණ යහපත් ළමයෙක්. ඉගෙනීමටම තමයි කැප වෙලා ඉන්නේ.

අක්කා :- කුරුඳුවත්තෙ හොස්ටල් එකේ හිටියයි කිව්වා නේද? එහෙනං ඔය කියන තරං උපාසකයෙක් වෙන්න බෑ. (සුදුපූසිගෙ අක්කා වජිර පාරෙ බාලිකාවට ගිය හින්දා ගෙදර අනිත් කට්ටියට වඩා කුරුඳුවත්තෙ හොස්ටල් එක ගැන දන්නවා ඇති)

නැන්දම්මා :- අනේ ඒ ළමයානං එහෙම දඟ වැඩ කරන කෙනෙක් නෙවෙයි.

ඉතිං ඔය වගේ සාර්ථක ප්‍රතිචාර තමයි සුදුපූසිගෙ ගෙදරින් පුරුපුරුට හම්බවෙලා තිබුනේ. ඉතිං වැඩි දවසක් නොගිහින්ම සුදුපූසි ඔෆිෂියල් විදිහට ගෙදරට දැනුම් දුන්නලු තමන්ට පුරුපුරුත් එක්ක සම්බන්ධයක් තියෙන බව. ගෙදරිනුත් ඒකට විරුද්ද වෙන්න කිසිම හේතුවක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දිත් පුරුපුරුගෙයි සුදුපූසිගෙයි සම්බන්දෙ ගැන පූසාගේ ගෙදරින් හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඒ පැත්තෙන් මොකද වුණේ කියලා ඊළඟ ලිපියෙන් බලමු.

44 comments:

  1. හෆොයි මචං මමත් ඔය කේස් එකට මූන දුන්නනේ.හැබැයි මමනං පවුලගේ ගෙදර ගියේ වලියක් දාගත්ත එකක් ෂේප් කරගන්ඩ.පවුලගේ අම්මා මාත් එක්ක කලිං කතා බහ කරලා තිබ්බා.මම ගෙදරට ගිහිං ඉස්සෙල්ලම කිව්වේ මට බෑ ඇන්ටි මේකිත් එක්ක ඉන්ඩ කියලා තමයි.

    ReplyDelete
  2. /* අපේ දයියේ මෙච්චර කූරු ඇයි? */

    That's a nice phrase.

    ReplyDelete
  3. හපෝයි, මේ ලිපිය නම් නියමයි. මමත් හාමිනේලගේ ගෙදර ගිය හැටි මතක් වුනා. මගේ සඟයා වුනේ මගේම මස්සිනා හාමිනේගේ අයියා. ඉතිරි කොටස ඉක්මනට බලමුකො....

    ReplyDelete
  4. Niyamai ela ela, matath mathak una mama issellama kellage gedara giya eka....!

    ReplyDelete
  5. ela ela....matath mage kathaawa mathak una

    ReplyDelete
  6. දැන් තත්වෙත් අන්තීමට ලිව්ව නම් තමයි රහ.... ඊළඟ කොටසත් බලමු...

    ReplyDelete
  7. හනී හරිම ආදර්ශමත් කතාවක්..අපි ඉතිං දැන් ඔය කාලෙ පහුකරලා..දැන් ඉතිං අපිට බලන්න යන්න වෙන්නෙ 32 ශ්‍රී වගේ නම්බර් තමයි...ඒත් මේ උපදෙස් කෑලි ටිකනං වැදගත්...

    ReplyDelete
  8. ඊළඟ පෝස්ට් එකට තව මාස කීයක් බලා ඉන්න වෙයිද? ;)

    ReplyDelete
  9. 1st impression is the last impression කියනවානේ.

    පළවෙනි දවසෙ දාන මූන තමා දිගටම හිතේ රැදෙන්නේ..

    :)

    ReplyDelete
  10. ඉතුරු කො‍ටසත් ඉක්මනට දාන්ඩෝ...

    ReplyDelete
  11. හී හී...පූසෙක් ලියන විදියට ලස්සනට ලියලා. මොනා උනත් අපරාදේ කියන්ට බෑ හොඳ නිර්භීත පූසෙක්. ලියන පූස් කෙනා ඔහොම ලීවට එයා ඔය වගේ දෙයක් කරපු කාලෙක ඉතුරු කොටසක් කියවන්ට තියෙයිද දන්නෙත් නෑ.

    භාෂාව නම් ඉස්තරම්...:-)

    ReplyDelete
  12. ගෙදරට ඇවිත් එයාව බලන්න තරම් පූස් ගටක් තිබුනේ නෑ///// :D

    ඉතාම වැදගත් තොරතුරු ටිකක් අන්තර්ගතයි බොලන් ..
    ආදරය විවාහයෙන් කෙලවර වී අවසන අපිටත් කේක්
    කෑල්ලක් රස විඳීමේ අයිතිහාසික මොහොත උදා වේවා ..

    ReplyDelete
    Replies
    1. පුරුපුරු හිරේ ගියා ලඟදි. ආයිත් විවාහ වෙන්න නොලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ.

      Delete
    2. පුරුපුරු සුදු පූසි විවාහ වුණා විතරක් නෙමේ පස් තාච්චියකට පිටරටකටත් ගිහින් ඉන්නේ :D

      Delete
  13. හෆොයි මාත් ගියා හැබැයි ඒ වෙනකොට ගෙවල් දෙකේම ජනතාව අපේ කෙස් එක දන්නවා ඉතිං අපේ ගෙදර උන්දැලත් එක්කම තමා ගෑටුවේ ඔන්න ඉතින් ගිය මුල් දවසෙම මගේ මායියගේ අම්මා බොහෝම සාදරෙන් මාව පිලිගත්ත නේව අපේ තාත්ත ගත් කටටම අහපි මේ මෙයා මීටකලින් මෙහේ ඇවිත්තියනවද ? කියල බලහං කෝ නොකල වරදකට තව නූලේන් අච්චු වෙනවනේව හික්ස්

    ReplyDelete
  14. හරි වටිනා උපදෙස් ටිකක්

    ReplyDelete
    Replies
    1. හිකිස්‌ ඔන්න ඕවා ඉගෙන ගන්න...

      Delete
    2. හික් හික්!! කවද්ද ඒ පැත්තෙ යන්නෙ?

      Delete
  15. අෆ්ෆා අයියාත් නියමයි නේ. එක්කෙනෙකුත් ලගදි ඔය වගේ ඉන්ටර්වීව් එහෙකට මුහුණදෙන්න දැන් ඉදන්ම රෙඩි වෙනවා. හිකිස්..

    ReplyDelete
    Replies
    1. කෙලින්ම බැන්ඩේජ්, ඩෙටෝල්, පැනඩෝල්, ප්ලාස්ටර් අරං තමයි දිනේෂ් අයිය එන්නෙ :P

      Delete
  16. ෂා. මාරයි.. දැං ඔන්න මමත් ඕන දේකට රෙඩි.. ඒත් යන්න ගෙයක් තමයි තාම හොයා ගන්න බැරි උනේ.. :D

    ReplyDelete
  17. ඊට වඩා හොඳයි වගේ බං අම්මා හොයල දෙන එකක්ම බැඳ ගන්න එක :D

    ReplyDelete
  18. මෙයාල ඔය බයෙන් බයෙන් බොරු දාගෙන ඈවිත් අපේ තෑනත් උදුරගන්නව අන්තිමට... පස්සෙ බෑලුවම දුවල ඉදල නෑ බෑන එනකම්.... අය්යෝ සල්ලි තමයි ඉතින්...

    ReplyDelete
  19. මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි.

    ReplyDelete
  20. පූස් ජෝඩුවට ජයම වේවා.අවුලක් නැති ලවක්නේ.....

    ReplyDelete
  21. හලේ...අදමයි ආවේ...සුබ පතනවා පුරු පුරුටයි සුදුපූසිටයි...
    ජය!!

    ReplyDelete
  22. යකෝ ඔච්චර චොකලට් කාල දියවැඩියාව හැදිච්චෙ නැතුව ඇති.

    ReplyDelete
  23. සිරා.. පූස් ගට.. හි.හි..

    ReplyDelete
  24. ලියපන් ලියපන් අනිත් ටිකත් ඉක්මනටම

    ReplyDelete
  25. ඊළඟ එක ඉක්මනට ලියපන් මචං ,මොකද මමත් මේ interview එක පාස් වෙලා ටිකක් කල්,අනිත් එක පාස් කරගන්න ක්‍රමයක් හොය හොය ඉන්නේ.වැඩිය චොකලට්නම් දෙන්න එපා.දැන් අඩුවයසින්ම දියවැඩියාව හැදෙනවා

    ReplyDelete
  26. ඊලඟ එක ඉක්මනට දාන්ඩෝ

    ReplyDelete
  27. අපුරු ආදරවන්ත පුසෙක් ...

    ReplyDelete
  28. අඩේ මාත් ගියානේ ඔහොම ගමනක්... ගෙයි උළුවස්සෙන් ඇතුලට යනකොට කකුල් දෙක හිටගෙන ඉන්න පණ නැතුව වෙව්ලන කේස් එකක් වගේ එකක් ආවා ලඟම තිබ්බ පුටුව ඇදගෙන වාඩි වුනා කවුරුවත් කියන්නත් කලින්....

    වෙන්ඩ නැන්දම්මා ඇවිත් අහපි

    //පුතාට කොළඹ ඉඳන් ඇවිත් මහන්සිත් ඇතිනේ....//

    වෙලාවට එයා දන්නේ නෑ මම දවස් දෙක තුනකට කලින් උඩරට ඇවිත් නතරවෙලා එයාගෙම දුවත් එක්ක මෙව්වා ප්ලෑන් කරලා ගෙදර ආපු විත්තිය....

    මේ අවස්ථාවේදි මම ප්‍රකාශ කරන්න කැමතියි බොලා නියමිත ආකාරයට ප්‍රොපෙෂනල් විදියට වැඩේ කරලා ඇති බව....

    ReplyDelete
  29. මමත් වතාවක් ඔහොම ගියා යාලුවෙක් එක්ක.... ඒත් වැඩේ දෙල් වුනා....

    ReplyDelete
  30. හොහ්.. හොහ්.. ඕන් ඔහොමයි උනේ ඈ. දැන් සුදු පූසි ටැට්ටර් ඉස්කෝලේ තියෙන පැත්තත් එක්ක සම්බන්දයක් නැද්ද? (අපරාදේ කියන්න බෑ. මං මේ ලඟදි ඒ ඉස්කෝලෙට ගියාම ජීවිතේට කොල්ලෙක් දැකලා නෑ වගේ කෙල්ලෝ ටික දැල්වල එල්ලී එල්ලී බලන් හිටියේ. :D)

    ReplyDelete
    Replies
    1. දැන්නං කාලෙකින් ඒ පැත්තෙ ගිහින් නෑ මචං

      Delete
    2. @AKM ඉස්කෝලෙට රිලව් ආවහම අහිංසක ළමයි ටික බය වෙලා බලාගෙන ඉන්න ඇති .ඔව්.
      ඔය ගෑණු ළමයි ටික හොරෙන් කියපු කතා ඇහුණ නම් ඔයාලා කවදාවත් ඔය ඉස්කොලෙට ගියා කියලවත් කියන එකක් නෑ.

      ගිරවි

      Delete
  31. බොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම අදහස් දැක්වීම ගැන.

    ReplyDelete
  32. මරු ඕයි...
     
    මාත් ගියානෙ ඔහොම. මේක කියෝල මට ඒක මතක් වෙලා හිනාත් ගියා... ඒ කාළෙ මාත් නිකං රෙඩි නෑ නෑ වගේ හිටියෙ.

    මම ගියා මගේ කතාවෙ කපු කම කරපු එකාවත් එක්කගෙන.ඉන්ටර්වීව් එක රෙකෝර්ඩ් කරං ඇවිත් ඌ මාව කෑවා.මම තාමත් බයිට් ඒකෙ දීපු උත්තර වලට.

    ReplyDelete
  33. එල තමයි! උඹලා සින්ඩි වල අප්ඩේට් වෙන්නෙ නැද්ද පුරු පුරු?? කතාව දැක්කෙ අහම්බෙන් වෙන බ්ලොග් එකක ලින්ක් එකකින්!
    පූසෝ කට්ටිය සැමට සුභ නව වසරක් කියලත් මේ මොහොතෙ සුභ පතනවා!!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???