අඹ යාලුවෝ

Showing posts with label නාමල්. Show all posts
Showing posts with label නාමල්. Show all posts

Friday, January 14, 2011

චංචලා - 8 (සමාවෙන්න උපාසක)



අපි කලින් ලිපිය ඉවර කළේ උපාසක චංචලාගෙන් නාමල්ට කෝල් කරපු සිද්දිය අහන්න තීරණය කරපු වෙලාවෙ නොවැ! ඉතිං එතන ඉඳලා අපි කතාව කියන්නං යාලුවනේ

දැන් ඉතිං උපාසකයි චංචලායි පූස්ගම - ගම්පහ බස් එකේ එනවා. මේ වෙද්දි චංචලා බහින තැනත් ළගයි. ඉතිං අපේ උපාසකගෙ සූදානම චංචලාගෙන් නාමල් ගැන අහන්න. උපාසකට හිත හදාගෙන චංචලාගෙන් මේ ගැන අහන්නත් බෑ. ඒ වුණාට මේ ගැන අහන්නෙ නැතුව ඉන්නත් බෑ. අන්තිමට හිත හයිය කරගත්තු උපාසක තමන්ගෙ කටහඬ අවදි කළාලු.

උපාසක :- චංචලා...

චංචලා :- ඇයි උපාසක?

උපාසක :-ඔයා ඊයෙ රෑ නාමල් එක්ක ෆෝන් එකෙන් කතා කළා නේද?
දිගටම මිනිහත් එක්ක මැසේජ් කළා නේද?
ඇයි ඔයා මට ඒ ගැන කිව්වෙවත් නැත්තෙ?

දැන් උපාසක මේ විදිහට ප්‍රශ්න පෝලිමක්ම අහගෙන අහගෙන යනවලු. චංචලා ඇස් දෙකත් ලොකු කරගෙන උපාසක දිහා පුදුමෙන් බලාගෙන ඉන්නවලු. චංචලාට හිතාගන්න බෑ උපාසක මේ දේවල් දැනගත්තෙ කොහොමද කියලා. ටිකක් වෙලා මෙහෙම බයවෙලා වගේ හිටපු චංචලා එකපාරටම බස් එක මැද්දෙ අඬන්න පටන් ගත්තලු. ඊටපස්සෙ තමන් බස් එකෙන් බහින තැනට එනකල්ම චංචලා කළේ දිගටම අඬපු එක. බස් එකෙන් බහිද්දි තමයි එයා ඊට පස්සෙ උපාසක එක්ක කතා කළේ. ඒත් වචන දෙකයි

" සමාවෙන්න උපාසක "

මෙහෙම කියපු චංචලා ඉක්මනින් බැහැලා ගියාලු. ඒ කියපු දේට දෙන්න උත්තරයක් උපාසක ළග තිබුනෙ නෑ. මෑන්ස් නිකම්ම චංචලා දිහා බලාගෙන හිටියා විතරයි.

‍එදා ගෙදර ගියාමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලයි කියලා. ඉතිං අපේ පූසා කළේ ආපහු බස් එකක නැගලා තාත්තා බලන්න හොස්පිට්ල් එකට ගිය එක. මේ අතරේ චංචලා කීප සැරයක් උපාසකට කෝල් කරන්න හැදුවත් උපාසක ඒ කෝල් ආන්සර් කළේ නෑ. ඇත්තටම මෑන්ස්ට චංචලා එක්ක කතා කරන්න තරම් මානසික මට්ටමක් ඒ වෙනකොට තිබුනෙ නෑ.

හොද වෙලාවට උපාසකගෙ තාත්තාට බරපතල අසනීපයක් හැදිලා තිබුනෙ නෑ. ඉතිං පහුවදා උදේම ටිකට් කපලා තාත්තාව ගෙදර එක්කගෙන එන්න පුලුවන් වුණා. ඊටත් පස්සෙ තමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වුණේ මොකද කියලා. ඉතිං තාත්තා තමන් හින්දා අසනීප වුණා කියලා දැනගත්තාට පස්සෙ මෑන්ස්ගෙ හිතේ තිබුන අප්සට් එක දෙගුණ තෙගුණ වුණාලු. ඊටපස්සෙ උපාසක කළේ ඕන දෙයක් වෙච්චාවෙ කියලා චංචලාට කෝල් කරපු එක.

ඉතිං උපාසක කෝල් කරපු වෙලාවෙ චංචලා එයාට වෙච්ච හැමදේම කියන්න පටන් ගත්තලු. මාස කීපෙකට ඉස්සෙල්ලා ගම්පහ බස්ටෑන්ඩ් එකේදි නාමල්ව මුණගැහිච්ච හැටි, නාමල් චංචලාගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන එදා ඉඳලා චංචලා එක්ක කතා කරපු හැටි, කලින් දවසෙ රෑ පැයකටත් වඩා නාමල් කෝල් කරපු හැටි, ඔය වගේ ගොඩක් දේවල් චංචලා උපාසකට කිව්වලු. මේ ඔක්කොම කතා අහගෙන හිටපු උපාසක චංචලාගෙන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි

" දැන් ඔයාට ඕනෙ මාවද, නැත්තං නාමල්වද? "

උපාසක අහපු මේ ප්‍රශ්නෙට චංචලා කිසිම උත්තරයක් දුන්නෙ නෑ. ඉතිං ඒ නිශ්ශබ්දතාවය ඇතුලෙ හරිම පැහැදිලිව චංචලාගෙ උත්තරේ තියෙනවා කියලා තේරුම් ගත්තු අපේ පූ‍සා කළේ කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකට දාපු එක.

එදා ඉඳලා දවස් දෙක තුනක්ම දිගටම කල්පනා කරපු උපාසක අන්තිමේදි තීරණයක් ගත්තලු. තාත්තා අසනීප වුණෙත් තමන් හින්දා. ඉතිං මෙහෙම ගියොත් අන්තිමට තමන්ට චංචලායි, දෙමව්පියොයි කට්ටියවම නැති වෙනවයි කියලා තේරුම් ගත්තු පූසා තීරණය කළාලු චංචලාව හිතින් අමතක කරලා දාන්න.

ඒත් ඊටපස්සෙ සිද්දවුණේ තවත් උපාසක නොහිතපු දෙයක්. මේ තීරණය අරගෙන දවසකට පස්සෙ චංචලා හදිසියෙම උපාසකට කෝල් එකක් දුන්නලු. කෙටියෙන් කියනවානං

සිද්දවුණ දේවල් ගැන තමන් ගොඩක් දුරට හිතපු බවත්,
තමන් ලොකු වැරැද්දක් කරපු වග තේරුම් ගත්තු බවත්,
ආයි තමන් එක්ක කතා කරන්න එපා කියලා නාමල්ට කිව්වා කියලාත්,
උපාසක සමාව දෙනවානං ආපහු හැම දෙයක්ම මුල ඉඳලා පටන් ගන්න කැමති බවත්

තමයි චංචලා තමන්ගෙ කෝල් එකෙන් කිව්වෙ. උපාසක මුලින් හිතාගෙන හිටියෙ චංචලාට කවදාවත් සමාව දෙන්නෙ නෑ කියලා. ඒත් චංචලා කියපු දේවල් අහලා උපාසකටත් ගොඩක් දුක හිතුනා. මොනවා වුණත් අවුරුදු ගානක් තමන් එක්ක ආදරය කරපු ගෑනු ළමයා නොවැ! ඉතිං අන්තිමට උපාසක තීරණය කළාලු චංචලාට සමාව දෙන්න.

" හරි චංචලා, මම ඔයාට සමාව දෙන්නං. මම ඔයත් එක්ක පොඩ්ඩක්වත් තරහා නෑ. ඒත් අපි දෙන්නා අතරෙ මීට පස්සෙ ආදර සම්බන්ධයක් නෑ. අපි මීටපස්සෙ යාලුවො විතරයි "

කොච්චර දුක හිතුනත් උපාසකට හිතුනෙ නෑ තමන් ගත්තු තීරණය වෙනස් කරන්න. ඒ හින්දා අවුරුදු හතරක් චංචලා එක්ක තිබුන සම්බන්දෙ නවත්තලා දාපු අපේ පූසා, ආපහු පරණ පුරුදු පිස්සු ලයිෆ් එකට එන්ටර් වුණාලු. හැබැයි ඒ ආපහු කවදාවත් කෙල්ලෙක්ව විශ්වාස කරන්නෙනං නෑ කියන තීරණයත් එක්ක................... .

හිතක් තියෙනවදත් කියල
මුකුත්ම නොදැන හිටි කාලෙක
කොහේදෝ තිබු මගෙ හිත හොයාගෙන
අයිති කරගත්ත මදිවට
යන ගමන් ඇය
ගිහින් සිත මග හලාගෙන..


මේක මේ අපේ උපාසක ඒ දවස් වල කුරුටු ගාපු එකක්ලු. ගොඩක් කල් ලග තියාගෙන ඉදල මේ ළගදි අපේ හසී නගාගෙ පොස්ට් එකක් දැකල තමයි පූසට කවිය එලියට දාන්න හිතිල තියෙන්නෙ.


නිමි.

චංචලා - 7 (නාමල් අයියා සහ නවීන තාක්ෂණය)


චංචලා 1
චංචලා 2
චංචලා 3
චංචලා 4
චංචලා 5
චංචලා 6


අපි කලින් ලිපියෙ කිව්වා වගේ 2008 අවුරුද්දෙ, අපේ උපාසක උසස් අධ්‍යාපන කටයුතුවල පහසුවට බෝඩිමක නතරවෙලයි හිටියේ. හැබැයි ඉතිං ඒක බෝඩිමක් කිව්වට බෝඩිමක්මත් නෙවෙයි, අදුරන කෙනෙක්ගෙ ගෙදරක්ලු. ඒ හින්දා උපාසකට කලින් වගේ චංචලා එක්ක කතා කරන්න චාන්ස් එකක් ලැබුනෙ නෑ. ඉතිං ඒ නිසා මේ දෙන්නා පණිවිඩ හුවමාරුවට ගොඩක් යොදාගත්තෙ කෙටි පණිවිඩ සේවය. ඇත්තටම මෙතනින් පටන් ගත්ත එස් එම් එස් වැඩේ හින්දා උපාසක අද වෙනකොට ගොඩක් වේගවත් කෙටි පණිවිඩකාරයෙක්.

කොහොමහරි මේ දවස්වල උපාසකයි චංචලායි පොඩි පොඩි අවුල් දෙක තුනකුත් දාගෙනයි හිටියේ. මොකද ඉගෙනගන්න තැන ගෑනු ළමයි එක්ක උපාසක කතා බහ කරනවාට චංචලා කැමති වුණේම නෑ. ඒත් ඉතිං තමන්ට තියෙන ආදරේටනෙ චංචලා මෙහෙම අකමැති වෙන්නෙ කියලා හිතපු උපාසක, චංචලාත් එක්ක තරහා ගන්නෙ නැතුව හිටියලු. ඔය විදිහට දෙන්නා ප්‍රශ්න පිට හිටපු දවසක තමයි උපාසකට චංචලාගෙන් හරි අපූරු මැසේජ් එකක් ආවෙ.

/ දැන් බෑනෙ අයියේ, දැන් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ /

‍ඉතිං මේ මැසේජ් එක දැකපු අපේ පූසාට උතුර දකුණ මාරු වුණාලු. මෑන්ස්ට හිතාගන්න බෑ මේ මොන මරාලයක්ද කඩා පාත්වෙලා තියෙන්නෙ කියලා. ඔහොම ෂොක් එකේ ඉන්නකොට තමයි චංචලා උපාසකට තවත් මැසේජ් එකක් එව්වෙ.

/ අනේ සොරි උපාසක, අයියා කෙනෙක් මගෙන් යාලුවෙන්න අහනවා. එයාට යැව්ව රිප්ලයි එක තමයි බැරිවෙලා ඔයාට ආවෙ. අනේ සොරි, මාත් එක්ක තරහා වෙන්න එපා /

හැබැයි එතකොටත් සිද්දවෙන්න ඇත්තෙ මොකද්ද කියලා උපාසකට තේරුම් යමිනුයි තිබුනේ. ඉතිං තමන් හිතපු දේ හරි කියලා කොන්ෆර්ම් කරගත්තු පූසා චංචලාට මැසේජ් එකක් යැව්වලු, මෑන්ස් එයා එක්ක තරහා නැහැයි කියලා. ඊට පස්සෙ ඉතිං දෙන්නා සුපුරුදු විදිහට කතා බහ කරන්නත් පටන් ගත්තලු. හැබැයි මෙහෙම කතා බහ කළාට මොකද, උපාසකගෙ හයවෙනි ඉන්ද්‍රිය පුරාම බ්‍රේක් ඩාන්ස් දාන්නෙ අර චංචලා එව්ව මැසේජ් එක. බැරිම තැන මෑන්ස් තීරණය කළාලු පොඩි ඩිටෙක්ටිව් මිෂන් එකක් දෙන්න ඕනෙයි කියලා.

උපාසක මුලින්ම කළේ චංචලාව හම්බවෙලා වෙනදා වගේම සාමාන්‍ය විදිහට කතා කරපු එක. මේ කතාබහේදි ෂේප් එකේ වැදගත් ඉන්ෆො ටිකක් දැනගන්න මෑන්ස්ට පුලුවන් වුණා.

චංචලාට උපාසකව හම්බවෙන්න කලින් ලව් එෆෙයාර් එකක් තිබිලා තියනවා
ඒක හැබැයි මාස හයකට වඩා තිබිලා නෑ
යාලුවෙලා හිටපු කොල්ලාගෙ නම තමයි "නාමල්"
මෑන්ස් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල්
දැන් චංචලාගෙන් යාලුවෙන්න අහන්නෙත් පොරමයි

ඒ වගේම උපාසකට තේරුණාලු චංචලාට ටික දවසක ඉදලා නාමල් අයියා එක්ක මොනවාහරි කන්ටෑක්ට්ස් තියනවා කියලා. ඉතිං අපේ උපාසක කළේ චංචලාට හොරෙන්, චංචලාගෙ ෆෝන් එකේ තිබුන ඉන්කමින් සහ අවුට්ගොයින් කෝල් නම්බර්ස් ටික අරගත්තු එක. ඊටත් පස්සෙ තමයි මෑන්ස් ෆුල්ටයිම් මිෂන් එකට එන්ටර් වුණේ.

ඉතිං මේ වැඩේට අපේ මාලුකට්ටායි, ගම්පහ පිරිමි ඉස්කෝලෙ හිටපු උමේෂ් කියලා ළමයෙකුයිත් උපාසකට ලොකු සපෝට් එකක් දුන්නා. උමේෂ් තමයි චංචලාගෙ ෆෝන් එකේ තිබුන ‍සමහර නොම්මර වලට අදාල නම් සහ ඇඩ්‍රස් ටික හොයලා දුන්නෙ. බැලින්නං මෙන්න බොලේ නාමල්ගෙ මොබයිල් නොම්මරේ විතරක් නෙවෙයි, ලෑන්ඩ් ෆෝන් එකේ නොම්මරේ පවා චංචලාගෙ ෆෝන් එකේ තියෙනවලු.

මේ විස්තර ටික දැනගත්තාට පස්සෙ උපාසක කළේ ඉන්ටර්නෙට් එක හරහා චංචලාගෙ සිම් එකේ පාලනය තමන් අතට ගත්තු එක. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක හරහා තමන්ගෙ සිම් එක හදිසි වෙලාවකදි පාලනේ කරන්න තමයි මේ මෙතඩ් එක හදලා තියෙන්නෙ. ඒත් ක්‍රම සහ විදි දන්නවානං, මේ මෙතඩ් එකම අනුන්ගෙ සිම් එකක් පාලනයටත් යොදාගන්න බැරිකමක් නෑ. ඉතිං ඔය විදිහට උපාසකට පුලුවන් වුණා චංචලාගෙ නම්බර් එකට එන මැසේජ් තමන් කැමති වෙලාවට, තමන්ගෙ නම්බර් එකට හරවාගන්න.

දැන් ඉතිං අපේ පූසා දවසට දෙතුන් පාරක් මේ වැඩේ කරලා බලනවලු. හැබැයි ඉතිං දවස් කීපයක් ගතවුණත් කිසිම සැක කටයුතු මැසේජ් එකක් උපාසකගෙ ෆෝන් එකට ආවෙ නෑ. දැන් මෑන්ස්ට මාර අප්සෙට් තමන් චංචලා ගැන නිකං බොරුවට සැක කළා නේද කියලා. ඉතිං එක දවසක් රෑ, අන්තිම පාරටත් ඔහොම මැසේජ් කොන්වර්ට් වෙන එක දැම්මාම තමයි, උපාසක බලාපොරොත්තු නොවුණු විදිහට නාමල්ගෙ නොම්මරෙන් මැසේජ් එකක් ආවෙ.

/ මම පාටි එකක ඉන්නෙ නංගියො, කතා කළාට ඇහෙන්නෙ නෑ, තව ටිකකින් ගන්නම් /

ඉතිං මේ මැසේජ් එක උපාසකට ආවා කියන්නෙ චංචලාට හම්බවුණේ නෑ කියන එකනේ. ඉතිං කලින් එවපු මැසේජ් එකට චංචලා රිප්ලයි නොකරපු හින්දා නාමල් ටික වෙලාවකින් තව මැසේජ් එකක් එව්වා.

/ නංගි බබා මාත් එක්ක තරහා වුණාද? මම ඉක්මනින්ම මෙතනින් එන්නම් බබෝ /

මෙන්න බොලේ තව ටික වෙලාවකින් තවත් මැසේජ් එකක් එනවා. බලන් ගියාම නාමල් කියන්නෙ මැසේජ් උල්පතක් නොවැ!

/ මම දැන් එනවා බබෝ. 10ට කෝල් කරන්නම්. නංගි මම එනකං නැගිටලා ඉන්නවා නේද? /

මේ මැසේජ් ටික දැක්කාට පස්සෙ උපාසකට මොනවා හිතෙන්න ඇද්ද කියලා ආයි ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද යාලුවනේ? ඒත් කෝකටත් කියලා දහයයි කාලට විතර මෑන්ස් චංචලාට රින්ග් කළාලු. හැබැයි එතකොට චංචලාගෙ නම්බර් එක බිසී. උපාසක ඊටපස්සෙ රෑ එකොලහට කතා කරනකොට, ඒ වෙනකොටත් චංචලාගෙ නම්බර් එක බිසීලු.

මේ සිද්දිය වුණේ සිකුරාදා රෑ. ඒ කියන්නෙ පහුවෙනිදට උපාසකට චංචලාව මීට් වෙනවා. ඉතිං මේ සිද්දිය ගැන චංචලා එක්ක පහුවෙනිදාම කතාකරනවා කියලා හිතාගත්ත උපාසක එදා නිදාගන්න ගියෙ, පහුවෙනිදා මේ සිද්දිය තමන් අහන්නත් කලින් චංචලා කියයි කියලා හිත හදාගෙන.

පහුවෙනිදා ඉතිං සුපුරුදු විදිහට මීට් වෙච්ච අපේ යාලුවො දෙන්නා කතා කරන්න ගියෙ වෙනදා වගේම ගොහොල් පේශිය පැත්තට. හැබැයි මේ දෙන්නා කතා කර කර හිටියට, හවස ගෙදර යන්න පිටත් වෙනකංම චංචලා මේ සිද්දිය ගැන මොනවත්ම කියලා නෑ. අපේ උපාසකත් ඉතිං මේක දැන් කියයි, දැන් කියයි කියලා හිත හිතා හිටියත් චංචලා සිද්දිය ගැන කියන පාටක් ඇත්තෙම නෑ. මේ වෙද්දි දෙන්නා ගම්පහින් පූස්ගමට යන බස් එකටත් නැගලා ටික දුරක් ගිහින්. ඉතිං තවත් ඉවසන්න බැරිවුණ උපාසක තීරණය කළාලු මේ නාමල්ගෙ කේස් එක මොකද්ද කියලා චංචලාගෙන් අහලාම දැනගන්න.

ප.ලි - දැඩි සීතල මැද අවසන් කොටස ටයිප් වෙමින් පවතී