අඹ යාලුවෝ
Showing posts with label අලයා. Show all posts
Showing posts with label අලයා. Show all posts
Wednesday, August 11, 2010
කලු කුමාරි 3 - රෝහණදීර සහ මංගල වලිය
ඉතිං යාලුවනේ ඔයාලා කලු කුමාරි - 2 කොටස කියවන්න ඇතිනෙ.අද අපි කියන්න යන්නෙ ගම්පහ බාලක විද්‍යාලෙ දිගාගෙන් ගුටිකාපු පුරුපුරු සහ අනිත් පූසො ඊළගට මොකද්ද කළේ කියලා.
ඊට කලින් අපේ අලුත් යාලුවො ගිහිල්ලා
කලු කුමාරි - 1
කලු කුමාරි - 2
කොටස් කියවල එන්නකෝ!
ඉතිං කොහොම හරි පුරුපුරු දිගාගෙන් ගුටි කාපු කේස් එක මුලු පූස්ගම පුරාම පැතිරිලා යන්න ගතවුණේ බොහොම සුළු කාලයයි.මේ හින්ද පුරුපුරු තීරණය කළා තමන්ගෙ ගෞරවය වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිගාට පහර දෙන්න ඕනෙ කියලා.ඒත් ඒකට උදව් ගන්න පුරුපුරු දන්න ප්‍රොෆෙෂනල් මැරයෙක්ට කියල පූස්ගම හිටියෙ එකම එක්කෙනයි.ඒ තමයි රෝහණදීර.
රෝහණදීර කියන්නෙ පූසන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කොල්ලෙක්.මෑන්ස් ගැන අපේ බ්ලොග් කියවන යාලුවන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න වචන හොයාගන්න දහ අතේ කල්පනා කළත්, අපිට හිතට හරියන වචන සෙට් එකක් හොයා ගන්නම බැරි වුණා.ඉතිං කෙටියෙන් සරලව කියනවනං මෙහෙම කියමුකො.රෝහණදීර කියන්නෙ මුලින්ම කොළඹ මරියකඩේ ඉස්කෝලෙට ගිහිල්ලා, ඒකෙන් අස් කළාට පස්සෙ ගම්පහ බාලක විද්‍යාලෙට ගිහිල්ලා, ඒකෙනුත් අස් කළාට පස්සෙ පූස්ගම සෙන්ට්‍රල් එකට ගිහිල්ලා, අන්තිමට ඒ ඉස්කෝලෙනුත් අස් කරපු දීප්තිමත් ශිෂ්‍යයෙක්.
දැන් ඉතිං යන්තමින් හරි මෑන්ස් ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්නෙ නේද? ඉතිං රෝහණදීර ජීවත් වුනෙත් පූස්ගම ටවුමෙ හරි මැද.පොරගෙ තාත්තත් ඒ පැත්තෙ නොම්මර එකේ ගණන්කාරයෙක්ලු.ඉතිං පූස්ගම රෝහණදීර කිව්වම ගම්පහ ඉදලා පූස්ගමට යනකං ඕන එකෙක් දන්නවා.මේ දවස්වල මෑන්ස්ගෙ හොදම යාලුවා පුරුපුරුලගෙ එහා ගෙදර ගෑනු ළමයත් එක්ක පොඩි ලව් එෆෙයාර් එකක් පටන් අරගෙන තිබුනා.ඉතිං ගැනු ළමයගෙ ගෙදරින් මේ සම්බන්දෙට ඇමරිකාව උතුරු කොරියාවට දානවටත් වඩා සම්බාධක දාලලු තිබුනෙ.
පුරුපුරු ඉතිං හැමදාමත් ලව් එෆෙයාර් වලට සපෝට් පූසා නොවැ!ඉතිං මේ ආදරවන්තයො දෙන්නගෙ පණිවිඩ හුවමාරු ක්‍රමය බවට පත් වුණේ පුරුපුරු.කොහොමත් ඒ දවස්වල දැන් වගේ මොබයිල් ෆෝන් ප්‍රසිද්ද වෙලා තිබුන යුගයක් නෙවෙයිනෙ.ඉතිං පෙම්වතා කරන්නෙ පෙම්වතියට ලියුමක් ලියලා ඒක රෝහණදීරට දෙන එක.රෝහණදීර ඒ ලියුම ගෙනත් පුරුපුරුට දෙනවලු.ඊට පස්සෙ පුරුපුරු තමයි ගිහිල්ලා ලියුම පෙම්වතිය අතට දෙන්නෙ.ඉතිං මේ ලියුම් වැඩේ හින්දා රෝහණදීර පුරුපුරු ගැන හොදට ඉම්ප්‍රෙස් වෙලාලු හිටියෙ.
මේ එක්කොම කාරනා ගැන බලද්දි පුරුපුරුට තිබුන හොදම විසදුම වුණේ දිගාට විරුද්ධව කරන්න යන සටනට රෝහණදීරගෙ සපෝට් එක ලබාගන්න එක.ඒ වුණාට ඉතිං රෝහණදීර වගේ ප්‍රොෆෙෂනල් මැරයෙක් පූසො වගේ අමැර සෙට් එකක පොඩි පොඩි වලි වලට බහී කියල පුරුපුරු හිතුවෙ නෑ.ඒ හින්දා වෙන සෙට් කීපයක සපෝට් එක අරගෙන වලිය ක්‍රියාත්මක කරන්න පූසො සෙට් එක තීරනය කළාලු.
මේ අතරෙ දිගාටත් ආරංචි වුණාලු පූසො මෑන්ස්ට ගහන්න සේනා සංවිධානව කරනවයි කියලා.ඉතිං මෑන්සුත් තමන්ගෙ ඉදිරි ආරක්ෂක වළලු තර කරගන්න පටන් ගත්තලු.දැන් මේ වෙද්දි තුම්මුල්ලෙ අලයා, මරියකඩේ බෙන්සන් ඇතුලු කොළඹ ඉස්කෝලෙ ගිය කොල්ලො සෙට් එක පූසන්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලාලු.ඒ වගේම වේයන්ගොඩයා, චාමර ඇතුලු වේයන්ගොඩ ඉස්කෝලෙ ගිය කොල්ලො සෙට් එකත් හිටියෙ පූසන්ගෙ පැත්තෙ.
දිගාගෙ පැත්තෙ හිටියෙ සුපුරුදු පරිදි ගම්පහ බාලක විද්‍යාලෙ කොල්ලො සෙට් එක.ඒ වගේම පූස්ගම සෙන්ට්‍රල් එකේ කොල්ලො සෙට් එකකුත් දිගාගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා හිටියලු.ඉතිං කොහොම හරි වලිය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුනෙ ඊළග දවසෙ සමාජ අධ්‍යයනය ක්ලාස් එක ඉවර වෙන වෙලාවට.දැන් පොතේ හැටියට මහා වලියක් යන්න තමයි නියමිත වෙලා තිබුනෙ.
මේ විදිහට දවසින් දවස ගෙවිල ගිහිං වලි දිනය උදා වුණේ පූසන්ගෙ පපුවලට බිත්තර තම්බන්න පුලුවන් ගානට ගින්දරක් දීලා.මොකද ගම්පහ බාලක විද්‍යාලෙත් එක්ක හැප්පෙන එක බොහොම භයානක වැඩක්.අන්තිමට වෙන්නෙ ගුටිත් කාලා ගම්පහ ටවුන් එක තහනම් කලාපයක් කරගන්න වෙන එක.ඒත් ඉතිං දැන් පරක්කු වැඩියි නොවැ!අපේ පූසො සෙට් එකත් හොදට ඇද පැළදගෙන එදා සමාජ අධ්‍යයනය ක්ලාස් එකට ගියාලු.පැය දෙකකින් විතර ක්ලාස් එකත් ඉවර වුණාලු.
ආ...කලින් කියන්න බැරි වුණානෙ.මේ තමයි අපේ පූසො සෙට් එකේ මංගල වලිය.විශේෂයෙන් අපේ මාලුකට්ටා එහෙම මීට කලින් වලියක් තියෙන තැනකින් ගිහිල්ලවත් නැහැලු.
දැන් අපේ පූසොත් ක්ලාස් ඉවර වෙලා පූස්ගම ටවුන් එකට ගියාලු.යනකොට මෙන්න පූස් හිතවාදී සෙට් එකත් ටවුන් එකේ.නිකං නෙවෙයි, සූ ගාලා දහ දෙනෙක් විතර ඉන්නවලු.එහා පැත්තෙ හිටපු දිගාගෙ සෙට් එකේ තිහක් විතර ඉන්නවලු.
මළ සේකරයි! දැන් ඉතිං පූසන්ට අම්බානට කන්න තමයි වෙන්නෙ.පුරුපුරු ඇතුලු පූසො ටවුමට ආපු බව දැක්ක දිගා ඇතුලු සෙට් එක පූසො හිටපු තැනට හිමින් හිමින් එන්න ගත්තලු.මේක දැක්ක පූස් හිතකාමී සෙට් එකට තරු පෙනිලා.දැන් පූසො අම්බානට කන්න තව විනාඩි කීපයයි.....
ඔය අතරෙ තමයි පාරෙ කොනකින් සගයො දෙන්නෙකුත් පිරිවරාගෙන රෝහණදීර මතුවුණේ.ඉක්මන් ගමනින් වලිය යන්න ගිය තැනට ආපු රෝහණදීර දිගාගෙන් මෙහෙම ඇහුවලු.
රෝහණදීර :- කවුද කවුද මේ පුරුපුරුලට ගහන්න ඉන්නෙ? උඹලද? පුලුවන්නං එකෙක් අත තියපං බලන්න...
රෝහණදීරගෙ වචන ඇහුව විතරයි මෙච්චර වෙලා ජයග්‍රාහී ලීලාවෙන් හිටපු දිගා ඇතුලු කොල්ලො සෙට් එකගෙ මූණු ටික බෙරි වෙලා ගියාලු.මොකද ඉතිං රෝහණදීරව තරහ කරගෙන ආපහු පූස්ගම පැත්තෙ එන්නයැ!පුරුපුරුටත් හිතාගන්න බැහැ රෝහණදීර කොහොමද මේ වෙලාවෙම මෙතනට ආවෙ කියලා.කොහොමහරි ඉතිං දිගාගෙ සෙට් එකේ මැරගහනය සීඝ්‍රයෙන් අඩු වෙලා යන්න විනාඩි දෙකක්වත් ගියෙ නැහැ.
දිගාලා පූසන්ට ගහයිද? පූසො දිගාලාට ගහයිද? නැත්තං වලිය ශේප් වෙයිද? රෝහණදීර මොනව කරයිද? ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?ඊළග ලිපිය තමයි කලු කුමාරි සීරීස් එකේ අන්තිම කොටස.
Labels:
අලයා,
උපාසක,
කලු කුමාරි,
ඤාව්වා,
දිගා,
පුරු පුරු,
බෙන්සන්,
මාළු කට්ටා,
රෝහණදීර
Sunday, June 13, 2010
බිල්ලා
අදනං කියන්න යන්නෙ අපේ පූසො පොඩිකාලෙ පොඩිකමට කරපු පොඩි වැරදි වැඩක් ගැන.
දුෂ්මන්ත කියන්නෙ පුරුපුරුලගෙ ස්කූල් වෑන් එකේ ගිය ළමයෙක්.පුරුපුරුට වඩා අවුරුදු තුනක් වැඩිමල්.මරදාන පැත්තෙ තියන බෞද්ධ ඉස්කෝලෙකට තමයි ගියෙ.මේ දුෂ්මන්ත බොහොම සයිලන්ට් කොල්ලා.උදේ වෑන් එකට නැග්ග වෙලාවෙ ඉදලා පාඩුවෙ පැත්තකට වෙලා අහක බලාගෙන යන එක තමයි මෑන්ස්ගෙ පුරුද්ද.මෙයාව කතාවට අල්ලගන්න එක හරිම අමාරු වැඩක්.
පුරුපුරුයි,ඤාව්වයි ඉතිං වෑන් එකේ ගිය හැමෝටම වගේ දුෂ්මන්තටත් හැමදාම විහිලු තහලු කරනවලු.මෑන්ස්ව බයිට් කරනවලු.ඔන්න ඔතනදි තමයි දුෂ්මන්තගෙ ප්‍රධානම දුර්වලකම මතුවෙන්නෙ.අනිත් අය වගේ නෙවෙයි, මෑන්ස් නියම කුකුල් කේන්තිකාරයා.ඉතිං බයිට් වෙච්ච ගමන් මෙයා කරන්නෙ පුරුපුරුටයි, ඤාව්වටයි වෑන් එක මැද්දෙම අම්බානට නෙලන එකලු.දුෂ්මන්තට තරහ යන එකත්, පූසන්ගෙ බයිට් කිරීමේ පුරුද්දත් කවදාවත් නතර වුණේ නෑ.මේ හින්ද වුණේ පුරුපුරුයි,ඤාව්වයි මෑන්ස්ගෙන් හැමදාම ගුටිකාපු එක.ඉතිං අපේ පූසො දෙන්න කාලෙක ඉදල දුෂ්මන්තයත් එක්ක ඇරියස් එකේ තමයි හිටියෙ.
ඔය දවස්වල තමයි ඇමරිකාවට බින් ලාඩන්ගෙන් හොදවයින් ඇටෑක් එකක් හම්බවුණේ.ඉතිං මේ කාලෙ ටීවීවලයි පත්තරවලයි හිටිය ෆේමස්ම පොර ඔසාමා බින් ලාඩන් කිව්වොත් හරි.දවසක් ඔය ඔසාමාගෙ පින්තූරෙ දිහා බලපු පුරුපුරුට ඒකෙ තිබුන මරු ඉන්ටරස්ටින් පොයින්ට් එකක් අහුවුණා.
"හත්තිලව්වයි! බින් ලාඩන්ගෙ රැවුල කැපුවනං දුෂ්මන්තයගෙ මූණම තමයි, ආයි ඇරපු අතක් නෑ!නැත්තං ඇමරිකාවට ගැහුවෙ දුෂ්මන්තයද කියල කවුද දන්නෙ? තරහ ගියාම නයා වගේ ඩයල් එක නොවැ! "
තමන්ගෙ ටිකිරි මොළේට ආපු අයිඩියා එක පුරුපුරු පහුවදාම ගිහිං ඤාව්වට කිව්වලු.ඔය ආරංචිය ඉතිං වෑන් එකේ හැමෝම දැනගන්න ගියෙ නැනෝ තත්පර කීපයයි.කතාව ඇත්ත නේද කියල හැම දෙනාම කතාවෙන්න ගත්තලු.ඒ මදිවට සුපුරුදු පරිදි පුරුපුරුයි,ඤාව්වයි ඕක කියල දුෂ්මන්තව බයිට් කරන්න ගත්තලු.එදානං මෑන්ස්ට මලපැනීම මෙෂර් කරන්න මීටරයක් හැදුවනං ඒකෙ කටුව කැඩෙන ගානට තරහ ගියාලු.එදා අපේ යාලුවන්ට ලැබුනෙ අමතක නොවෙන මට්ටමේ සංග්‍රහයක්!ඉතිං ඕකෙ තරහපිට හිටපු පූසන්ට, හවස දුෂ්මන්තලගෙ ගෙදර ඉස්සරහ මෑන්ස්ට බහින්න වෑන් එක නතර කරපු වෙලාවෙ මරු අදහසක් ආවලු.
දුෂ්මන්තගෙ ගෙදර තිබුනෙ පූස්ගමම ටිකක් ජනාකීර්ණ පැත්තක.තමං අලුතින් හොයාගත්ත දැනුම දුෂ්මන්තයගෙ අසල්වැසි මිනිස්සුන්ටත් ලබල දෙන්න ඕනෙ කියල තිරණය කරපු පූසො,වෑන් එක අද්දද්දි මහ හයියෙන් මෙහෙම කෑ ගැහුවලු
"ඕ.........සා.........මා......බි.......න්....ලා............ඩ....න්......................"
දුෂ්මන්තට ඉතිං මාර ලැජ්ජයිලු.ගමේ මිනිස්සුත් මෑන්ස්ගෙන් අහල මොකද්ද සීන් එක කියලා.එදා ඉදලා හැමදාම හවසට ඔය වැඩේ ක්‍රියාත්මක වුනා.ටික දවසක් යද්දි ඔසාමා බින් ලාඩන්, නික්ම්ම බින් ලාඩන් වුණා.තවත් ටික දවසක් යද්දි බින් ලාඩන් කියන නම පහසුව තකා "බිල්ලා" කියල වෙනස් වුණා.ඔය කෑගහන වැඩේට එකතු වෙච්ච කට්ටියත් එන්න එන්න වැඩිවුණා.දැන් හැමදාම හවසට දුෂ්මන්ත වැන් එකෙන් බහිනකං ඉදලා කට්ටිය කෑ ගහනවලු
"බි.....ල්.....ලෝ..............................."
දැන් ඉතිං දුෂ්මන්තටයි ගෙදර කට්ටියටයි අම්බානට මළලු.වැඩේ පත්තුවුණේ දුර පළාතක හිටපු නෑයො වගයක් මෑන්ස්ගෙ ගෙදර ආපු වෙලාවෙ.ගෙදර හොයාගන්න අමාරු වෙච්ච කට්ටිය ගමේ කොල්ලෙක්ගෙන් දුෂ්මන්තලෑ ගෙදරට යන පාර අහල තියනව
නෑයා :- පුතා, අර පොඩි රාළහාමිලගෙ ගෙදර තියෙන්නෙ කොයි හරියෙද?
කොල්ලා :- ම්....මට හරියට නිච්චි නෑනෙ ඒ කවුද කියල!
නෑයා :- ඇයි අර මරදානෙ ඉස්කෝලෙ යන පුතෙක් එහෙම ඉන්නෙ?
කොල්ලා :- ආ..කලිං කියන්න එපෑ! මේ ඔසාමා බින් ලාඩන්ලගෙ ගෙදරනෙ!!අර වංගුවෙන් එහා තියෙන්නෙ.
ඉතිං මේක අහපු නෑදෑයන්ට ෆුල් අබ්ලික්ලු.ගෙදර ගිහිල්ල සිද්දිය කියන්න නැතෑ.පහුවදා උදේ දුෂ්මන්ත වෑන් එකට නගින තැන තුන්දෙනයි.මෑන්සුයි,අම්මයි,තාත්තයි.වෑන් එක එතන නැවැත්තුවට පස්සෙ දුෂ්මන්තගෙ අම්මගෙ මේඝ ගර්ජනාව පටන් ගත්තලු
"කවුද පුරුපුරු කියන්නෙ? කවුද ඤාව්ව කියන්නෙ?තමුසෙලට කට පරිස්සං කරගෙන ඉන්න බැරිද?..."
මෙහෙම පටන් ගත්තු දේසනාව විනාඩි පහක් විතර ක්‍රියාත්මක වුණාලු.පුරුපුරුයි,ඤාව්වයි ෆුල් හොලුමන්ලු!ඉතිං එදා හවස දුෂ්මන්ත බොහොම නිවිහැනහිල්ලෙ වෑන් එකෙන් බැස්සලු.පුරුපුරුලගෙන් තිබුන තර්ජනේ ඉවරයි නොවැ!අඩියක් දෙකක් තිබ්බලු.ඒත් කිසි සද්දයක් නෑ.සතුටින් පිනාගිය දුෂ්මන්ත ඊළග අඩිය තිබ්බ විතරයි
දැන් ඉතිං දුෂ්මන්තටයි ගෙදර කට්ටියටයි අම්බානට මළලු.වැඩේ පත්තුවුණේ දුර පළාතක හිටපු නෑයො වගයක් මෑන්ස්ගෙ ගෙදර ආපු වෙලාවෙ.ගෙදර හොයාගන්න අමාරු වෙච්ච කට්ටිය ගමේ කොල්ලෙක්ගෙන් දුෂ්මන්තලෑ ගෙදරට යන පාර අහල තියනව
නෑයා :- පුතා, අර පොඩි රාළහාමිලගෙ ගෙදර තියෙන්නෙ කොයි හරියෙද?
කොල්ලා :- ම්....මට හරියට නිච්චි නෑනෙ ඒ කවුද කියල!
නෑයා :- ඇයි අර මරදානෙ ඉස්කෝලෙ යන පුතෙක් එහෙම ඉන්නෙ?
කොල්ලා :- ආ..කලිං කියන්න එපෑ! මේ ඔසාමා බින් ලාඩන්ලගෙ ගෙදරනෙ!!අර වංගුවෙන් එහා තියෙන්නෙ.
ඉතිං මේක අහපු නෑදෑයන්ට ෆුල් අබ්ලික්ලු.ගෙදර ගිහිල්ල සිද්දිය කියන්න නැතෑ.පහුවදා උදේ දුෂ්මන්ත වෑන් එකට නගින තැන තුන්දෙනයි.මෑන්සුයි,අම්මයි,තාත්තයි.වෑන් එක එතන නැවැත්තුවට පස්සෙ දුෂ්මන්තගෙ අම්මගෙ මේඝ ගර්ජනාව පටන් ගත්තලු
"කවුද පුරුපුරු කියන්නෙ? කවුද ඤාව්ව කියන්නෙ?තමුසෙලට කට පරිස්සං කරගෙන ඉන්න බැරිද?..."
මෙහෙම පටන් ගත්තු දේසනාව විනාඩි පහක් විතර ක්‍රියාත්මක වුණාලු.පුරුපුරුයි,ඤාව්වයි ෆුල් හොලුමන්ලු!ඉතිං එදා හවස දුෂ්මන්ත බොහොම නිවිහැනහිල්ලෙ වෑන් එකෙන් බැස්සලු.පුරුපුරුලගෙන් තිබුන තර්ජනේ ඉවරයි නොවැ!අඩියක් දෙකක් තිබ්බලු.ඒත් කිසි සද්දයක් නෑ.සතුටින් පිනාගිය දුෂ්මන්ත ඊළග අඩිය තිබ්බ විතරයි
"බි...............ල්..............ලෝ................................"
මහා හඩක් ආවලු.බලාගෙන ගියාම පුරුපුරුයි,ඤාව්වයි විතරක් නෙවෙයි, වෙනද කෑගහන්ඩ එන්නෙ නැති අලයා වගේ කොල්ලොයි,අර ඇන්ටිගෙ ස්පීච් එක ඇලජික් වෙච්ච ලකී වගේ කෙල්ලොයි පවා එදා කෑගැහිමට සහභාගි වෙලා!!
මහා හඩක් ආවලු.බලාගෙන ගියාම පුරුපුරුයි,ඤාව්වයි විතරක් නෙවෙයි, වෙනද කෑගහන්ඩ එන්නෙ නැති අලයා වගේ කොල්ලොයි,අර ඇන්ටිගෙ ස්පීච් එක ඇලජික් වෙච්ච ලකී වගේ කෙල්ලොයි පවා එදා කෑගැහිමට සහභාගි වෙලා!!
Subscribe to:
Posts (Atom)
