අඹ යාලුවෝ

Saturday, September 25, 2010

හොස්ටල් ලයිෆ් - නිරුවත් මානවයා


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න ගත්තා.පහුගිය කාලෙ අපේ බ්ලොග්අවකාශෙ ගන කතා, බොග කතා වගේ එක එක කතා වලින් පිරිල ඉතිරිලා ගියානෙ.හැබැයි දැන්නම් ඒ කතා රැල්ල නැති වෙලා ගිහින් වගේ.ඉතිං අපිට හිතුනා අපේ බ්ලොග් පාඨකයන්ට ආපහු ගන කතා සහ බොග කතා වල මතකය අලුත් කරන්න.මේ පාර අපි තෝරගත්තෙ ටූ ඉන් වන් ස්ටෝරියක්.ඒ කියන්නෙ මේ කතාව ගන සහ බොග කියන කතා වර්ග දෙකම යටතෙ කියවන්න පුලුවන්.

අපිට පරණ හොස්ටල් කතා ගොඩක හම්බවෙච්ච චරිතයක් තමයි "සකයා" කියන්නෙ.ඒත් අපි කවදාවත් මෑන්ස් ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නෙ නෑ නොවැ!ඉතිං සකයා කියන්නෙ ටිකක් අබ්ලික් ඩයල් එකක්.පොර හැමතිස්සෙම බලන්නෙ කාටහරි ගේමක් දීලා ෆන් එකක් ගන්නලු.ඉතිං සකයා කරන හැම වැඩෙන්ම වෙන්නෙ කාටහරි හානියක් වෙන එකලු.ඒත් ඒ ගැන සකයාට කිසිම ගැටලුවක් තිබුනෙ නෑ.

සකයාගෙ වැඩ ගැන කියන්න ගියොතින් වෙනම සීරීස් එකක් ලියන්න පුලුවන්.ඒත් අපි දැනට එක වැඩක් ගැන විතරක් කියන්නංකෝ.අපේ යාලුවන්ට මතකයිනෙ හොස්ටල් එකේ බොග? 11 වසරෙ ඩෝම් එකේ ඉදලා බොගට තිබුනෙ ටික දුරයි.ඉතිං සකයා කරන්නෙ කවුරු හරි බොගට යනකොට හොරෙන් පස්සෙන් යන එකලු.ගිය මනුස්පයා බොගේ දොර වහගත්තට පස්සෙ සකයා කරන්නෙ බාල්දියකට ලොකු වතුර එකක් පුරවන එක.දැන් අපේ යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ ඊළගට වෙන්නෙ මොකද්ද කියලා?

ඊළගට වෙන්නෙ සකයා උඩින් එවන වතුර පාරෙන්, නිදහසේ ශරීර කෘත්‍යය කර කර ඉන්න මෑන්ස්ව නෑවිලා යන එක.ඉතිං ඇතුලෙ ඉන්න එකාට මලක් නෙවෙයි, මල් වත්තක්ම ජම්ප් වෙනවලු.හැබැයි සකයා ඔය වැඩේට තෝරගත්තෙ ඩෝම් එකේ හිටපු ඇගෙන් පොඩි ළමයින්ව විතරයි.මොකද අනිත් ළමයින්ට ඔය වැඩේ කළොත් අම්බානක කෑමේ අවදානමක් තියනවා නොවැ!ඉතිං හැමදාම ඔය ජල ප්‍රහාරෙට ගොදුරු වෙන්නෙ මාලුකට්ටා, තාරාවා, මුදලාලි වගේ කට්ටිය.ඉතිං ටික දවසක් යද්දි මේ කට්ටියට සකයගෙ ජල ප්‍රහාර මහා හිසරදයක් වුණාලු.

ඊටපස්සෙ කට්ටිය තීරණය කළේ සකයටත් ඔය වගේම ගේමක් දෙන්න ඕනෙයි කියලා.

ඩෝම් එකට ඒ දවස්වල පත්තර අරගෙන ආවෙ සකයා.දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ මොන පත්තරද කියලා නේද? ඒ තමයි ගන පත්තර.අපේ යාලුවා කරන්නෙ ගෙදර ගිහිං ආපහු හොස්ටල් එන දවසට පිටකොටුවෙ පේමන්ට් එකෙන් ඔය පත්තර අරගෙන එන එක.සාමාන්‍යයෙන් එකපාරට පත්තර තුන හතරක් අරගෙන එන එක සකයාගෙ සිරිත.ඉතිං අනිත් ළමයිනුත් තමන්ගෙ පත්තර අවශ්‍යතා සපුරාගත්තෙ සකයා ගෙනාපු පත්තර වලින්ලු.

ඒ දවස්වල ඩෝම් එක පත්තර වලින් පිරිලා.ගන පත්තරද, වර්ග පත්තරද, බොහොම සැර අඩු මට්ටමේ පත්තරද, ඕන එකක් තමන්ගෙ චොයිස් එකේ හැටියට තෝරගන්න නිදහස තිබුනා.ඉතිං රෑ ජාමෙ සකයා කරන්නෙ ඔය පත්තරේකුත් අරගෙන බොගට රිංගන එක.දැන් ඉතිං මොකටද කියලානං අහන්න එපා.දන්නෙම නැති කෙනෙක් ඉන්නවානං පිස්සගේ මේ ලිපිය කියවන්නකෝ.

දැන් සකයට ගේමක් දෙන්න ප්ලෑන් කර කර හිටපු යාලුවො කට්ටියට ඒක ක්‍රියාත්මක කරන්න කියාපු වෙලාවක් වුණේ මේ වෙලාව.ඉතිං කට්ටිය තීරණය කළාලු පහුවදා රෑටම මෑන්ස්ට ගේම දෙන්න ඕනෙයි කියලා.

**************************************************************************************************
කොහොම හරි ඉතිං පහුවදා රෑ කාලෙත් උදා වුණාලු.හොස්ටල් එකේ ළමයි ඩිනර් එකත් අරගෙන, ලේට් ස්ටඩීස් එහෙමත් කරලා ඉවරත් වුණාලු.දැන් කට්ටිය නිදි වගේ බොරුවට ඉන්නෙ සකයා බොගට යනකං.මෙන්න ටික වෙලාවකට පස්සෙ කලුවරේ හෙවනැල්ලක් වගේ පේනවලු මිනිස් රූපයක් ඩෝම් එකෙන් එළියට යන හැටි.ඇගේ හැඩයෙන් ඒ සකයාමයි කියලා අදුනගන්න එච්චර අමාරු වුණේ නෑ.ඉතිං මෑන්ස් ගිහිං විනාඩියකට විතර පස්සෙ බොරුවට නිදාගෙන හිටපු අපේ යාලුවො කට්ටිය නැගිටලා හොරෙන් හොරෙන් බොග පැත්තට ගියාලු.

මේ මිෂන් එකට රාත්‍රී ප්‍රහාරක බලකායෙන් සහභාගි වුණේ මාලුකට්ටයි, මුදලාලියි විතරයි.ඒ වුණත් මොකද වෙන්නෙ කියලා බලන්න පුරු පුරු ඇතුලු අනිත් ළමයිනුත් නැගිටලා උන්නලු.දැන් තියෙන්නෙ මිෂන් එක ක්‍රියාත්මක කරන එක.

ඉතිං අපේ යාලුවො ටික කළේ සකයා බොග ඇතුලෙ ඉන්නකොට හොරෙන් ගිහින් බොගේ දොර එළියෙන් ලොක් කරපු එක.එහෙම කරලා තිබුනෙ අර ඉබ්බා දාන්න ඕනෙ තැනට කෝටුවක් හිරකරලා.ඊට පස්සෙ කට්ටිය කරලා තිබුනෙ බාල්දි දහයකට විතර වතුර පුරවලා සකයාට මහාපරිමාණ ජල ප්‍රහාරයක් එල්ල කරන එක.

ජබෝස්..................

මෙහෙම විනාඩි පහක් විතර කට්ටිය මෑන්ස්ව නෑව්වලු.සකයා ඇතුලෙ ඉදගෙන කෑ ගහනවලු, සුද්ද සිංහල වචන වලින් රාත්‍රී වායුගෝලය දූෂණය කරනවලු, දොර කඩන්න හදනවලු.ඉතිං මෙහෙම බාල්දි සීයක් විතර නෑව්වට පස්සෙ අපේ යාලුවො ටිකට වැඩේ ඇතිවෙලා ආපහු ඩෝම් එකට ආවලු.දැන් කට්ටිය බලාගෙන ඉන්නවා සකයා එනකං.හැබැයි පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට මීටර් වුණේ, බොගේ දොර ලොක් කරන්න ගහපු කෝටුව ගැලෙව්වෙ නෑ නේද කියලා.දැන් ඉතිං මළ කෙළියයි.........

අපේ යාලුවො වහාම ගිහිං සකයා හිටපු බොගේ දොරේ ලොක් එක ගැලෙව්වලු.මේ වෙද්දි මෑන්ස් හිටියේ තෙමිලා ගැහි ගැහී.හැබැයි ගැහි ගැහීනං හිටියේ තෙමිලා ඇතිවුණ සීතලටත් වඩා ජම්ප් වෙච්ච ෆ්ලවර් එකේ සැරට.ඒ මදිවට පත්තරේ ආපහු වැඩක් ගන්න බැරි තරමට හොදටම දියබත් වෙලා.සකයට එදා ජම්ප් වෙච්ච ෆ්ලවර් එක තමයි හොස්ටල් එකේ ඉතිහාසෙ ජම්ප් වෙච්ච හොදම එක.

කට්ටිය දොර ඇරලා බලද්දි සකයා ඉන්නවලු හරකෙක් වගේ පිඹ පිඹ, ඇස් දෙක රතු කරගෙන.ඒ මදිවට මෑන්ස් ඇදගෙන හිටියෙ ටී ෂර්ට් එකක් විතරයිලු.වහාම එළියට පැන්න සකයා කට්ටියවත් තල්ලු කරගෙන එළියට ආවලු.ඊට පස්සෙ මෑන්ස් කළේ ටී ෂර්ට් එක විතරක් ඇදගෙන පිස්සුවෙන් වගේ හයියෙන් ඩෝම් එක පැත්තට ගිය එක.අපේ යාලුවො ටික හිතුවෙ දැන් සකයා ඩෝම් එකට ගිහිං නිදාගනියි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.

ඩෝම් එකට යන පාරදිගේ මගදුරක් ගිය සකයා කළේ එක පාරටම වම් පැත්තට හැරුන එක.ඒක දැකපු අපේ යාලුවන්ට තරු පේන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද සකයා හැරුන වම් පැත්තෙ තිබුනෙ කොටියා සර්ගෙ නිල නිවාසෙ.මෙන්න එක පාරට සකයා කෑ ගහන්න ගත්තෙ නැතැයි...

කොටියා සර්..........කොටියා සර්..............

අපේ යාලුවො ටික වහාම දුවගෙන ගියෙ සකයව ඇදගෙන ඩෝම් එක ඇතුලට යන්න.මොකද තරහෙන් අන්ධ වෙලා හිටපු සකයට තමන් කරන්නෙ මොකද්ද කියන එක ගැනවත් තේරුමක් නෑ.දැන් කොටියා සර් නැගිට්ටොත් කට්ටියම ඉවරයි.පළවෙනි කා‍රනේ, මේ වෙලාවෙ නැගිටලා ඉන්න එක ලොකු වැරැද්දක්.ඊළගට සකයට වතුර ගහපු එකත් වැරැද්දක්.ඒ ඔක්කොටම වඩා සකයා හොස්ටල් එක ඇතුලෙ ගන පත්තර තියාගෙන ඉන්න එක ලොකුම වැරැද්දක්.ඉතිං කරන්න තිබුන එකම විකල්පෙ සකයාව ඇදගෙන ඩෝම් එකට යන එක.

ඒත් මේ වෙලාවෙ ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා හිටපු සකයාව මෙල්ල කරන එක කොහොමටවත් ලේසි පාසු වැඩක් වුණේ නෑ.මෑන්ස් කළේ කට්ටියවම තල්ලු කරලා ගිහිං නිල නිවාසෙ බෙල් එක ගහන එක.දැන්නං ඉතිං බඩුම තමයි...

හැබැයි මේ වෙලාව වෙද්දි සකයගෙ ගෝරනාඩුව ඇහිලා ඩෝම් එකේ අනිත් ළමයිනුත් එතනට ඇවිත් තිබුනා.ඉතිං කට්ටියම එකතු වෙලා මෑන්ස්ගෙ අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි වෙන වෙනම අල්ලලා උස්සගෙන අමාරුවෙන් ඩෝම් එක ඇතුලට අරන් ගියා.අරන් යනකොටම තමයි කොටියා සර්ගෙ නිල නිවාසෙ ලයිට් පත්තුවුණේ.ඉතිං කට්ටිය ඩෝම් එකට ගිහිං හැංගිලා බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා.

ටික වෙලාවකින් නිල නිවාසෙ දොර ඇරුණා.කොටියා සර්ගෙ ආදරණීය බිරිද තමයි දොර ඇරියෙ.ටික වෙලාවක් වට පිට සෝදිසි කරපු මැඩම්, ආපහු දොර වහගත්තා.තව ඩිංගෙන් මැඩම්ට දැකගන්න වෙන්නෙ ටී ෂර්ට් එකක් විතරක් ඇදගත්ත තෙමිච්ච මනුස්සයෙක් මහරෑ දොළහත් පහුවෙලා තමන්ගෙ දොරකඩට වෙලා ඉන්න හැටි.

කොහොම හරි පහුවදා වෙද්දි සකයා යථා තත්ත්වෙට ආවා.11 වසරෙ ළමයි එකතු වෙලා හොස්ටල් එකේ තොවිලයක් නටන්න තිබුන චාන්ස් එක නැති කරගත්තා.ඒ වගේම 10 වසරෙ ළමයෙක්ට බොග ඇතුලෙ තිබිලා කොට කලිසමකුයි, තෙමිච්ච පත්තරේකුයි හමුබවුණා කියලත් කනින් කොනින් ආරංචි පැතිරෙන්න ගත්තා............

Sunday, September 19, 2010

හොස්ටල් ලයිෆ් - බෝරෙ සහ නබීල්


පහුගිය දවස් ටිකේ බ්ලොග්අවකාශෙ පැත්තෙ සැරිසරන්න පූසන්ට එච්චර වෙලාවක් ලැබුනෙ නෑ.ඉතිං ඒක හින්දා අපේ බ්ලොග් එකේ තිබුන කොමෙන්ට් වලට උත්තර දෙන්න, ඒ වගේම බ්ලොග් යාලුවන්ගෙ ලිපි වලට කොමෙන්ට් දාන්න එහෙමත් අපිට බැරිවුණා.ඒ නිසා මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමුකො.

මේ වෙද්දි යාලුවනේ ගතවෙන්නෙ අපේ පූසන්ගෙ 11 වසරෙ ජීවිතේ මැද හරිය.හොස්ටල් එකේ වැඩත් නෝමල් එකේ කෙරීගෙන ගිය කාලයක්.ඉතිං ඔය දවස්වල තමයි හොස්ටල් එකට අලුත් ළමයි දෙන්නෙක් ආවෙ.ඒක්කෙනෙක්ගෙ නම බෝරෙ.අනිත් මෑන්ස්ගෙ නම නබීල්.දෙන්නම මුස්ලිම් ළමයි.නැත්තං ‍හොස්ටල් භාෂාවෙන් කිව්වොත් අම්බයො.ඔය "ස" ප්‍රසංගෙ ඕඩියෝ ක්ලිප් එකෙන් තමයි කට්ටිය මේ වචනෙ ඇහිදගත්තෙ.ඔන්න දැන් කියන්න එපා පූසො ජාතිවාදියොයි කියලා.මොකද හොස්ටල් එක ඇතුලෙදි බයිට් වෙන්න ජාති භේදයක් ඕනෙ වුණේ නෑ.

ඉතිං අපේ යාලුවො දෙන්නට හම්බවුණේ පුරුපුරුගෙ ඇද ළගම ඇදවල් දෙකක්.මීට කලින් මුස්ලිම් අයත් එක්ක කොච්චර ගනුදෙනු කරලා තිබුනත් පුරුපුරු කවදාවත් එයාලා එක්ක එක වහලක් යට ජීවත් වෙලා තිබුනෙ නෑ.ඉතිං මේ දෙන්නා හොස්ටල් ආවට පස්සෙ තමයි මෑන්ස්ට මුස්ලිම් සිරිත් විරිත් ගැන හරිහමං අවබෝධයක් ආවෙ.කොහොම වුණත් පුරුපුරුයි මාලුකට්ටයි, අපේ කොනකපාලු යාලුවො දෙන්නත් එක්ක හොදට ෆිට් වෙන්න වැඩි දවසක් ගියෙ නැහැලු.

ඒ දවස්වල මුස්ලිම් ජාතිකයන්ගෙ ලයිෆ්ස්ටයිල් එක පුරුපුරුටනං පෙනුනෙ මහ අබ්ලික් විදිහට.මුලින්ම ආගම ඇදහීම ගමුකො.දවසට තුන් හතර පාරක් ආගම අදහන එක පූසන්ටනං කීයටවත් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.ඒකත් කරන්න ඕනෙ නිකං නෙවෙයි, අදහන තැනට උඩින් උඩුවියන් එහෙම බැදලා.ඒ වගේම තව තේරුම් ගන්න අමාරු නීති රීති ගොඩක් ඒ අයට තිබුනා.උදාහරණයක් විදිහට මුත්‍රා කරලා ඉවර වුණාට පස්සෙ ගල්කැටයක් අහවල් ස්ථානයෙ තියාගන්න එක එහෙමනං තවමත් තේරුම්ගන්න බැහැ.

ඉතිං ඒ දවස්වල හවස්වරුවල කෙස්පැලෙන විවාද තමයි ඩෝම් එක ඇතුලෙ ගියෙ.කට්ටියක් බුද්ධාගම හොදයි කියලා තර්ක කරනවා.බෝරෙයි නබීලුයි තර්ක කරනවා ඉස්ලාම් ආගම හොදයි කියලා.ඒ අස්සෙ සලා වාදෙට එන්නෙ ක්‍රිස්තියානි ආගම හොදයි කියලා.කොටින්ම ඒ දවස්වල හොස්ටල් එක තිබුනෙ, මේ දවස්වල සිංහල බ්ලොග්අවකාශෙ තියෙනවා වගේමයි.ආගමික වාද විවාද වලින් පිරිලා.හැබැයි ඉතිං කොච්චර වාද කළත් ඒ ඔක්කොම එතනින් ඉවරයි.මොකද කට්ටියම හොද යාලුවො නොවැ! කවදාවත් තමන්ගෙ ආගම හරි ජාතිය හරි නිසා කිසිම ළමයෙකුට හොස්ටල් එකේදි අවැඩක් වුණේ නෑ.

ඉස්ලාම් ආගමේ සමහර දේවල් වලටනං ඒ දවස්වල අපේ සිංහල බෞද්ධ කට්ටියත් ඊරිසියාවෙන් හිටියෙ.ඇයි අර හත්දෙනෙක් කසාද බදින්න පුලුවන් නීතිය? ඕක ගැන කිය කියා තමයි ඉස්සර මුස්ලිම් යාලුවො දෙන්නා සිංහල කට්ටියව බයිට් කළේ.ඒ වගේම මොන තර්ක දැම්මත් නෝම්බි කාලෙටනං කට්ටියට මුස්ලිම් අයව හරිම හොදයි.ඇයි ඉතිං රෑට හම්බවෙනව නොවැ රාජකීය බත් එකක්.

හොස්ටල් එකට එනකොට බෝරෙයි නබීලුයි දෙන්නම හොද ආගමානුකූලව හැදිලා හිටියෙ.නබීල්නං දිගටම එහෙම හිටියලු.ඒත් බෝරෙනං වැඩි දවසක් යන්න කලින් වෙනස් වුණාලු.මෑන්ස් ටික ටික ගන බලන්නත් පුරුදු වුණේ තමන්ගෙ ආගමේ ගන බැලිල්ල තහනං බවවත් සලකන්නෙ නැතුව.(ගන බැලීම "හරාම්" කියලා තමයි කියන්නෙ.හලාල් කියන්නෙ කරන්න කැප දේවල් වලටලු)

තවත් ටික දවසකින් පොර සාජන් කෙනෙක් වුණා.ඒ කිව්වෙ "පෙම්වතෙක්" වුණා.ගෙවල් පැත්තෙ පූසන්ගෙ වයසෙම මුස්ලිම් ගෑනු ළමයෙක් එක්ක තමයි යාලුවෙලා තිබුනෙ.හැබැයි මෑන්ස්ගෙ ආදරේට නරක කළදසාවක් ලබන්න වැඩි දවසක් ගියෙ නෑ.

ඔය මුස්ලිම් ගෑනු ළමයි සිංහල ගෑනු ළමයි වගේ ඔලුවෙ කෙස් පැහෙනකං ගෙවල්වල තියාගන්නෙ නෑ නොවැ! යන්තං ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙද්දිම කසාද බන්දලා දෙනවා.ඉතිං බෝරෙගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් වුණේ එහෙම දෙයක්.ඒ ගෑනු ළමයගෙ ගෙදරින් ඒ ළමයව තමන්ට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් මෑන්ස් කෙනෙක්ට කසාද බන්දලා දීල තිබුනා.

බෝරෙ ඉතිං ඒ වෙද්දිත් ඉස්කෝලෙ යන පොඩි කොල්ලනෙ (අලියෙක්ගෙ වගේ ඇගක් තිබුනට) ඉතිං ඔය සම්බන්දෙන් මෑන්ස්ට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.ඒ දවස්වල උඩ බලාගෙන කල්පනා කර කර ඉන්න එක විතරයි අපේ යාලුවට කරන්න පුලුවන් කමක් තිබුනෙ.ඉතිං හොදටම අප්සට් එකේ හිටපු බෝරෙ, ඒ වෙද්දි යලට මහට කර කර හිටපු දෙවියන් ඇදහිල්ලත් සම්පූර්ණයෙන් නවත්තලා දැම්මලු.මෑන්ස්නං කිව්වෙ දෙවියො පොරට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව දුන්නෙ නැති නිසා දැන් දෙවියොත් එක්ක මළෙන් ඉන්නෙ කියලා.හැබැයි ඉතිං සිකුරාදා හවස පල්ලි යන එකනං නවත්තන්න බෝරෙට බැරිවුණා.

අන්තිමට මෑන්ස් නතර වුණේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ ප්‍රබල සාමාජිකයෙක් වෙලා.ඒ වගේම පස්සෙ කාලෙක කබඩ්වල හංගලා තිබුන ගන ටික බොරේගෙන් බේරගන්න වෙනම මිෂන් එකක් දෙන්න වුණා.ඇයි පොර කරන්නෙ සිකුරාදා හවස පල්ලි යන්න ඉස්කෝලෙන් ඉක්මනට ඇවිත්, ඩෝම් එකේ කබඩ් වල හංගලා තියන ගන සීඩී ටිකත් අරගෙන පනින එක.හැබැයි ඉතිං කොහෙන්ද හොයාගත්තු මෙලෝරහක් නැති අරාබි ගන කීපෙකුත් මෑන්ස්ගෙන් පූසන්ට ලැබුනා.ඒ විතරක් නෙවෙයි, බෝරෙට පින්සිද්ද වෙන්න දෙමළ කුණුහරුප පිළිබදව හසල දැනුමකුත් හොස්ටල් එකේ ළමයින්ට ඒ දවස්වල තිබුනා.

මොනවා වුණත් පූසො මුස්ලිම් යාලුවොත් එක්ක හිටපු මාස ගානට දැනගත්ත දෙයක් තමයි මොන ආගමේ නීති වුණත් හෝර්මෝන වලට යටයි කියලා.

ප.ලි - අපේ ඤාව්වට කාලයක් යනකම්ම තිබිල තියන ප්‍රශ්නයක් තමයි මෙච්චර කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා, ජෙනරාල්ලා ඉන්දැද්දි "සාජන්" කියලා ෆිල්ම් එකක් ගැහුවෙ ඇයි කියන එක.මෑන්ස් පස්සෙ කාලෙකලු දැනගත්තෙ හින්දි භාෂාවෙන් පෙම්වතාට කියන්නෙ සාජන් කියලා

ඒ වගේම ඤාව්වගෙ අදහසට අනුව එඩ්වින් "ඇඩ්ඩිං" වුණා වගේ "සුමිත්" කියන නම හැදිලා තියෙන්නෙ ඉංග්‍රීසි ස්මිත් කියන නමින්...

Friday, September 10, 2010

හොස්ටල් ලයිෆ් - රහීමා, බම්බා සහ හොස්ටල් කෑම


දැන් යාලුවනේ අපි හොස්ටල් කතා ලියන්න පටන් අරගෙන ටිකක් කල් ගතවෙලා නොවැ! ඒත් ඉතිං මෙච්චරකල් බැරිවුණා හොස්ටල් එකේ කෑම මොකුත් ලියන්න.ඉතිං අද ලිපිය වෙන් වෙන්නෙ හොස්ටල් කෑම සහ තවත් රසකතා කීපයක් වෙනුවෙන්.

අපිට සාමාන්‍යයෙන් හොස්ටල් කෑම කිව්වම එකපාරටම හිතේ මැවෙන්නෙ කන්න තියා බලන්නත් අජූත කෑමවේලක්නෙ. ඒත් කුරුදුවත්තෙ හොස්ටල් එකේනං ඒ දවස්වල කෑම දුන්නෙ හොද හෝටලේකටත් වඩා හොද විදිහට.විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත.

හැබැයි උදේටනං දුන්නෙ සාමාන්‍ය කෑම වේලක්.එක්කො පරිප්පුයි පානුයි, එහෙමත් නැත්තං අල හොදියි පානුයි.සතියෙ එක දවසක් විතරක් උදේට සම්බෝලයි, බිත්තරයි පානුයි හම්බවුණා.සමහර වෙලාවට ජෑමුයි බටරුයි ගාපු පාන් හමුබවුණු වෙලාවලුත් තිබුනා.කොහොම වුණත් බ්‍රෙක්ෆස්ට් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ පාන්.

අපි අර පුරුපුරු මුලින්ම ගුටිකාපු කතාවෙ කිව්වා වගේ ඩයිනින් හෝල් එකේ ටේබල් හැම එකකටම, 11 වසරෙ ටේබල් මොනිටර් කෙනෙක් ගානෙ හිටියා.ඉතිං ටේබල් එකේ හිටපු පොඩි එවුන් කන්නෙ නැති කෑම ඔක්කොම අන්තිමේදි ඉතුරු වුණේ "ටේබල් මොනිටර් අයියගෙ" පිගානෙ.ඒ දවස්වල සමහර කට්ටිය තමන්ගෙ ටේබල් එකට වෙජිටේරියන් පොඩිඑවුන්ව ගන්න හරි කැමතියි.මොකද එතකොට පොඩිඑකාට ලැබෙන්න තියෙන ප්‍රෝටීන් ආහාරෙ හම්බවෙන්නෙ තමන්ට නොවැ!ඉතිං ඔයවගේ උදේට බිත්තර දෙන දවස්වලට, බිත්තර හය හතක් කන්න පුරුදු වෙච්ච "අයියලා" හොස්ටල් එකේ හිටියලු.

ලන්ච් එක සාමාන්‍යයෙන් හැමදාම වගේ බ්‍රෙක්ෆස්ට් එකට වඩා හොදට ලැබුනා.ලන්ච් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ මාලු.ඒ දවස්වල අන්කල් සියා කිරට උයපු මාලු කන්න හොස්ටල් එකේ හැම ළමයම පුදුම ආසාවකින් හිටියෙ.අන්කල් සියා හෙඩ් වේටර් වුණාට මාලු කිරට උයන දවසට කුස්සිය පැත්තට ගෙන්න ගන්නවා.ප්‍රොෆෙෂනල් කුක්ලාට ඊරිසියා හිතෙන විදිහට තමයි අන්කල් සියා කිරිමාලු උයන්නෙ.

ඊට පස්සෙ හම්බවෙන්නෙ හවස ටී එක.ඒකටත් ඉතිං ටී වලට අමතරව මාලුබනිස්, ඉස්පන්චි, ඥානකතා, ක්‍රිම් බනිස්, ජෑම් බනිස් වගේ දේවල් හම්බවෙනවා.හික්ස්...හැබැයි දවසට එක ජාතිය ගානෙ.වැඩිපුර ඒවා තියනවනං ටේබල් මොනිටර්ලටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි තමයි ඒ කෑම ලැබෙන්නෙ.ඒ දවස්වල "මාලුබනිස් රෙකෝඩ් එක" තිබුනෙ පුරුපුරුට.ඒ එක ටී වේලකට මාලුබනිස් 9ක් කාලා.

ඊටත් පස්සෙ ඩිනර් එකේදි තමයි අපේ යාලුවන්ට සුපිරි කෑම හම්බවෙන්නෙ.ඒ වගේම කෑමට හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නත් ඕනෙ.සාමාන්‍යයෙන් බත් එක්ක ප්‍රෝටීන් ආහාරය විදිහට ලැබෙන්නෙ සොසේජස්, මීට්බෝල්ස් වගේ දෙයක්.ඒත් විශේෂ කෑම ලැබෙන දවසුත් තියෙනවා

අගහරුවාදා - ඉදිආප්ප, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී (අතුරුපසට අයිස්ක්‍රීම්)

බ්‍රහස්පතින්දා (ස්පෙෂල් ඩිනර්) - ෆ්‍රයිඩ් රයිස්, විකන්, අල තෙල් දාලා, කට්ලට්, පපඩම් (අතුරුපසට අයිස්ක්‍රීම්)

සෙනසුරාදා - පාන්, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී

කොහොමද යාලුවනේ? හොස්ටල් එකක් හැටියට හොදයි නේද? ඉතිං ගොඩක් අඩු ගාස්තුවක් ළමයින්ගෙන් අරගෙන, ලයිට් බිල් වතුර බිල් එහෙමත් ගෙවලා, කෑමත් ඉස්තරම් විදිහට දෙන්න පුලුවන් වුණේ කොටියා සර්ගෙ තිබුන මැනේජ්මන්ට් ස්කිල් නිසාමයි.ඒ දවස්වල ඉදිආප්ප 70 - 80 කාපු ළමයි, පාන්ගෙඩි දෙක තුනක් කාපු ළමයි එහෙමත් හොස්ටල් එකේ හිටියලු.

කොහොම වුණත් හැමදාම රෑට හොස්ටල් එකෙන්ම කන එක ගොඩක් ළමයින්ට එච්චරම දිරෙව්වෙ නෑ.ඉතිං සතියට දවසක් දෙකක් ඩිනර් එක ගන්න පොඩි අවුටින් පාරක් දාන්න 10, 11 වසරවල සමහර ළමයි පුරුදු වෙලා හිටියලු.ඔය වැඩේට ඉතිං ගොඩක්ම තෝරගත්තෙ "රහීමා" එක. ඒ රහීමා එකේ කෑම ඒ දවස්වල හොද තත්ත්වයෙ තිබුන නිසයි, කිට්ටුවපාතක වෙන හොද කෑම කඩයක් නැති නිසයි කියන හේතු දෙකම හින්දා.

ඒ දවස්වල රහීමා එකේ ජනප්‍රිය කෑම තමයි විකන් බුරියානි සහ චිකන් කොත්තු.සල්ලි මදිවෙච්ච දවස්වලටනං ඉතිං බිත්තර කොත්තුත් කනවා.කිව්වම මොකද, දැන්නම් රහීමා එකේ කෑම ඉස්සර තරම්ම කොලිටි නෑ.

කලාතුරකින් අපේ යාලුවො බම්බා පැත්තෙත් පොඩි රවුමක් ගහන්නත් පුරුදු වෙලා හිටියලු.පොඩි චේන්ජ් එකකටත් එක්ක පීසා පාරක් දාන්න, එහෙමත් නැත්තං කෙන්ටකියෙ බැදපු සැවුල් මාංශ කඩේට ගොඩවදින්න ‍වගේ අවශ්‍යතාවයක් වුණොත් තමයි ඉතිං ඒ පැත්තෙ යැවුනෙ.

ඔය කොහෙගියත් අපේ කට්ටිය හිටියෙ හිතේ ගින්දරෙන්.ඇයි ඉතිං ඔය ගමන් අවසර අරගෙන එන ජාතියෙ ගමන් නෙවෙයි නොවැ! ඉතිං තාප්පෙ හරහා රීඩ් මහත්තයගෙ පාරට පැනලා හොරෙන් තමයි යන්න වුණේ.තාප්පෙන් පනිනකං කට්ටිය බයේ හිටියෙ කොටියා සර්ට හරි හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාට හරි මාට්ටු වෙයි කියලා.තාප්පෙන් පැන්නට පස්සෙ බයේ හිටියෙ කොයි මොහොතෙ පොලිසියෙන් අල්ලගනියිද කියලා.

ඒ දවස්වල පූසන්ගෙ වයසෙ කොල්ලො සෙට් එකක් රංචු ගැහිලා කොළොම්පුරේ පාරෙ යනවා දැක්කොත් පොලිසියෙන් බේරිල්ලක් නෑ.වහාම අල්ලගෙන බලනවා ඇල්කොහොල් සුවදක් එහෙම එනවද කියලා.ඊටපස්සෙ බීලා නැතත් ආපහු හොස්ටල් එකට පන්නනවා.ඔය ප්‍රොසීඩියර් එක අතරෙ පොලිසියෙන් ගුටියක් දෙකක් කාපු යාලුවොත් හොස්ටල් එකේ නොහිටියෙ නෑලු.එක දවසක් මහරෑ පොලිසියෙන් පන්නද්දි, ඉස්කෝලෙ තාප්පෙන් එළියෙ ඉදලා ඇතුලට පනිද්දි පුරුපුරුගෙ කකුලකුත් තුවාල වුණාලු.

මොනවා වුණත් මේ වැඩ පුරුද්දක් වශයෙන් කරන්න අපේ පූසො පුරුදු වෙලා හිටියෙ නෑ.

තාමත් රහීමා එකත්, ඉස්කෝලෙ තාප්පෙත් ඒ වගේමයි.වෙනස් වෙලා තියෙන්නෙ හිටපු ළමයි විතරයි.පුරුපුරු හැමදාම හවසට බස්එකට නගින්න එන්නෙ කැම්පස් එක ළග තියන බස්හෝල්ට් එකට.ඒ හෝල්ට් එකට හරියටම පාරෙන් එහාපැත්තෙදි තමයි මෑන්ස් තාප්පෙන් පැනලා කකුල තුවාල වුණේ.ඉතිං හැමදාම තාප්පෙ දකිද්දි ඔය සිද්දිය මතක් වෙන එක වලක්වන්න බෑ නොවැ! ඒ වෙලාවට තමයි හිතෙන්නෙ ආපහු හොස්ටල් එකට යන්න ඇත්නං කියලා...!

Sunday, September 5, 2010

හොස්ටල් ලයිෆ් - පීරියඩ් කට් කිරීම



ඉතිං යාලුවනේ ටික දවසකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග්අවකාශෙ පැත්තෙ එන්න අවස්ථාව ලැබුනා.මේ දවස්වල පූසන්ට ටිකක් බිසී.ඒක හින්දා මේ පැත්තෙ එන්න චාන්ස් එකක් හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.ඉතිං හැම කොමෙන්ට් එකකටම උත්තර දෙන්න බැරිවීම ගැන අපිට සමාවෙන්න හොදේ........

මේ දවස්වල අවකාශෙ නැගල යන්නෙ ඉස්කෝලෙ කට් කරන කතා නොවැ! අපේ අභීත සහෝදරයත් ඒ ගැන ලියලා තිබුනා.ඉතිං අපිටත් හිතුනා ඒ ගැන කතාවක් ලියන්න.

ඔය ඉස්කෝලෙන් පනින එකේ මූලික අරමුණ කොහෙහරි ගිහින් විනෝද වෙන එකනෙ.ඒ වුණාට කොහෙවත් යන්න ඕනෙ නැති, ඒත් තමන් අකමැති පීරියඩ් එකක පන්තියෙ ඉන්නත් බැරි ළමයෙකුට තියෙන හොදම විසදුම තමයි පීරියඩ් කට් කරන එක.ඉතිං ඕ ලෙවල් කාලෙ වෙද්දි පූසන්ගෙත් ෆේවරිට් අංගය වෙලා තිබුනෙ ස්කූල් කට් කිරීමට වඩා, පීරියඩ් කට් කිරීමලු.ඒ කියන්නෙ අකමැති පීරියඩ් එකේදි පන්තියෙන් පැනලා ඒක ඉවර වුණාට පස්සෙ ආපහු පන්තියට එන එක.

හැබැයි පීරියඩ් කට් කරනකොට ඉස්කෝලෙ ඇතුලෙම රැදෙන්න වෙන හින්දා, මුලින්ම කාලෙ ගෙවන්න සුදුසු තැනක් තෝරගන්න ඕනෙ.ඉතිං ඔය අවශ්‍යතාවය අතින්නම් හොස්ටල් එකේ ළමයි හිටියෙ සෑහෙන්න වාසනාවන්ත පරිසරයකලු.මොකද සමහර ඉස්කෝලවල වගේ නෙවෙයි, කුරුදුවත්ත හොස්ටල් එක පිහිටලා තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙමයි.ඉතිං පීරියඩ් කට් කරන ළමයි හොරෙන් හොස්ටල් එක ඇතුලට රිංගගත්තට පස්සෙ, එලාම් එකක් තියාගෙන සැපට නිදියගෙන ඉන්නයි තිබුනෙ.අපේ පුරුපුරුත් ඒ දවස්වල ඔය වැඩේට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියලු.

ඒ වුණාට ඔය වැඩේ කොහොමටවත් හිතන තරම්ම ලේසි පාසු වැඩක් වුණේ නෑ.මොකද තමන්ගෙ ඕෆ් පීරියඩ් වල කොටියා සර් හිටියෙත් හොස්ටල් එක ඇතුලෙමයි.ඉතිං හොස්ටල් එකට යන්න කලින් මුලින්ම ෆුල් සර්ච් පාරක් දාන්න ඕනෙ "කොටි පුසුඹ" හොස්ටල් එක ඇතුලෙන් එනවද කියලා.මොකද ඉස්කෝලෙ වෙලාවෙ (ඉන්ටර්වල් එක ඇර) හොස්ටල් එකට එන එක බරපතල වැරැද්දක්.

බැරිවෙලා හරි සර් හොස්ටල් එක ඇතුලෙ ඉන්නවා කියලා තේරුනොත් කට්ටිය කරන්නෙ පැවිලියන් එක පැත්තට ගිහින් වෙලාව ගතකරන එක.එතකොට හැබැයි නිදාගන්න වෙන්නෙ නෑ.ඒ වුණාට අවේලාවෙ හොස්ටල් එකට ඇවිත් කොටියා සර්ගෙන් ගුටි කනවට වඩා කවුරුත් කැමති වුණේ ඒ ක්‍රමයටලු.මොකද පීරියඩ් කට් කරලා අහුවුණාම ඒ ළමයට දරුණු විදිහට වේවැල් කසාය දෙන්න කොටියා සර් ආයි දෙපාරක් හිත හිතා හිටියෙ නෑ.

සර් කරන්නෙ හොස්ටල් එකට ආපු ගමන් 10, 11 ඩෝම් වල ළමයි ඉන්නවද කියලා චෙක් කරලා බලන එක.අසනීප ළමයෙක්ටනං සර්ගෙන් විශේෂ අවසරයක් අරගෙන ඩෝම් එකේ ඉන්න පුලුවන්.එහෙම නැති ළමයෙක් දැක්කොත් තමයි සර්ගෙ සැගවුණු කොටියා කරළියට එන්නෙ.

ඉතිං එක දවසක් ඇග්‍රිකචල් පීරියඩ් එකේදි පුරුපුරුට හිතුනලු හොස්ටල් එකට ගිහින් ටිකක් රෙස්ට් කළානං හොදයි කියලා.මොකද පුරුපුරුලා ඇග්‍රි රූම් එකට යද්දි, ඒ වෙනකොටත් මිස් උගන්නන්න ඇවිල්ලා තිබුනෙ නෑ. එතකොට ඉතිං කම්මැලි හිතෙනවා නොවැ! මෑන්ස් කළේ තමන්ගෙ අදහස ඇග්‍රි කරපු අනිත් හොස්ටල් යාලුවන්ටත් දැනුම් දුන්න එක.බැලින්නං කට්ටිය ඒ වෙනකොටත් තීරණය කරලා ඉවරයි හොස්ටල් එකට යන්න.ඉතිං ඔය වැඩේට එකතු වුණේ පුරුපුරු, ජුවාන්, සකයා සහ සංජු.

දැන් අපේ යාලුවො කට්ටිය 10 වසර බිල්ඩින් එකේ තිබුන ඇග්‍රි රූම් එකෙන් පිටත් වෙලා සියඹලා ගහ, පිට්ටනිය හරහා හොස්ටල් එකට යනවලු.ඉතිං හොස්ටල් ගේට්ටුව ළගදි තමයි පිටිපස්ස බලපු ජුවාන් අතිශය විනාශකාරී දර්ශනයක් දැකලා තියෙන්නෙ.බැලින්නං පිට්ටනියෙ එහා කෙළවරින් කොටි ඡායාවක් මතුවෙනවලු.ඉතිං අපේ යාලුවො කළේ කකුල් දෙකට පින් දීලා, උසේන් බෝල්ට් ලොක්කත් පරද්දන වේගෙන් ඩෝම් එක ඇතුලට යනකම්ම දුවපු එක.

දැන් කට්ටියට ෂුවර් සර් මේ සිද්දිය දැක්කයි කියලා.ඉතිං වෙනිං විකල්පයක් නැති නිසා අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු හැංගෙන්න.සංජු හැංගුනේ ලයිමෝල්ගෙ කබඩ් එක පිටිපස්සෙ.පුරුපුරුයි ජුවානුයි හැංගුනේ ඇදන් දෙකක් යට.හැබැයි සකයට විතරයි එතනදි ක්‍රියේටිව් අයිඩියා එකක් පහළ වුණේ.

ඒ දවස්වල ඩෝම් එකේ තිබුනා මැර සතියෙදි ගෙදර ගිය අයියලා දාලා ගිය කබඩ් කීපයක්.ඒ අතරින් එක කබඩ් එකක් යකඩින් හදපු උස කබඩ් එකක්.ඒක ඇතුලෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.ඉතිං සකයා කළේ ඔය කබඩ් එක ඇතුලට වැදිලා දොර වහගත්ත එක.දැන් කට්ටිය ගැහි ගැහී ඉන්නවා.

ඉතිං ටික වෙලාවකින් බලාපොරොත්තු වෙච්ච විදිහටම කොටියා සර් ඩෝම් එක ඇතුලට ආවලු.බැලින්නං සර් ඇවිත් තියෙන්නෙ නිල නිවාසෙටත් ගිහිං තඩි වේවැල් දෙකක්ම අරගෙන.ඔය විදිහට ටික වෙලාවක් ඩෝම් එක ඇතුලෙ සර්ච් කරපු කොටියා සර්ට පුරුපුරුවයි, ජුවාන්වයි, සංජුවයි හොයාගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.සර් ඊටපස්සෙ කළේ මේ තුන්දෙනාව ඩෝම් එකේ දොර ළග පේළියට හිටවපු එක.

කොටියා සර් :- තමුන් දන්නවද මේ වෙලාවෙ අනවසරයෙන් හොස්ටල් එකේ ඉදීම වරදක් කියලා?

ළමයි :- ඔ...ඔව්..සර්......

කොටියා සර් :- කෝ තමුන්ලත් එක්ක දුවගෙන ආපු අනිත් ළමයා? ඒ සකයා නේද??

ළමයි :- නෑ..සර්..අපි තුන්දෙනා විතරයි ආවෙ....

කොටියා සර් :- ආ..දැන් වැරදි කළා මදිවට බොරුත් කියනවද?

චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...

මෙහෙමෙ කියපු කොටියා සර් අපේ යාලුවො තුන් දෙනාට නියම වේවැල් කසායක් දෙන්න පටන් ගත්තලු.ඒත් ඉතිං ගුටි කෑවයි කියලා සකයාව පාවල දෙන්නත් බෑ නොවැ! ඉතිං කට්ටිය මීයො තුන්දෙනා වගේ සද්ද නැතුව ගුටි කාගෙන හිටියලු.අන්තිමට ගුටි‍කෑම නැවතුනේ වේවැල් දෙකම පොඩි පොඩි කෑලි වලට කැඩිලා ගියාට පස්සෙ.මේ වෙද්දි අපේ යාලුවන්ට හොද ගණන්ලු.

ඉතිං කොටියා සර් කළේ තුන්දෙනාව අතඇරලා ගිහින් ඩෝම් එක පුරාම සකයාව හොයපු එක.හැබැයි ගොඩක් වෙලා හෙව්වත් සර්ට මෑන්ස්ව හොයාගන්න ලැබුනෙ නෑ.කවුද හිතන්නෙ කොල්ලෙක්ට කබඩ් එකක් ඇතුලෙ හැංගෙන්න පුලුවන් කියලා.ඉතිං සකයා බොගේ හැංගිලා ඇති කියලා උපකල්පන‍ය කරපු කොටියා සර් මෑන්ස්ව හොයන්න ඒ පැත්තට ගියාලු.ඒ අවසරෙන් සකයා කළේ කබඩ් එකෙන් එළියට ඇවිත්, ඩෝම් එකේ ජනේලෙන් එළියට පැනලා, ඩෝම් එකේ පිටිපස්සෙන් ඉස්කෝලෙට දුවපු එක.මොකද මෑන්ස් දන්නවා මේ වෙලාවෙ සර්ට අහුවුණොත් පොරව කෝටුමස් කරලා තමයි නවතින්නෙ කියලා.

අන්තිමට වුණේ සකයව හොයාගන්න බැරිවෙච්ච කොටියා සර්ගෙන් අපේ යාලුවො තවත් හොදට බැනුම් අහපු එක.ඒ වගේම එදා හවස 11 ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් කට්ටියට නියම වුණාලු.ඒ විතරක්නම් මදෑ, ඇයි මීටපස්සෙ පීරියඩ් කට් කරන්නෙ නැතෙයි කියලා දුන්න "දිවුරුම් ප්‍රකාශය".

කොහොම හරි ඉතිං අපේ යාලුවො ටික ආපහු ඉබි ගමනින් ඉස්කෝලෙ පැත්තට ඇදුනෙ ෆුල් හන්ටර් වෙලා.හැබැයි පූරුවෙ පිනකටද කොහෙද, එදායින් පස්සෙනං පුරුපුරු පීරියඩ් කට් කළත් කොටියා සර්ට මාට්ටු වුණේ නෑලු.....


ප.ලි - ඔය ගෑනු ඉස්කෝලවලනං හොස්ටල් ළමයින්ට පීරියඩ් කට් කළත් කිසිම ප්‍රශ්නයක් නෑලු. මේට්‍රන් ඇවිත් හේතුව අහද්දි දෙන්න පුලුවන් හොද උත්තරයක් තියනවනෙ.ටියුබ් ලයිට් නැත්තං ඔයාලටත් හිතාගන්න පුලුවන් උත්තරේ. බයෝ කරපු ඈයින්ටනං නතින්.හික්ස්.......