අඹ යාලුවෝ

Thursday, March 22, 2012

කැම්පස් ලයිෆ් - 3 (රැග් එක)

කලින් ලිපියෙන් මම කිව්වනේ කැම්පස් එකට ගිය පළවෙනි දවසෙම අපේ පුරුපුරුට විඳින්න සිද්ද වෙච්ච අත්දැකීම් ගැන. ඉතිං දැන් කියන්න හදන්නේ එදා දවසේ වෙච්ච ඉතුරු සිද්දි ටික ගැන.

කොහොමහරි ඉතිං පූසා ඇතුලු නවක සිසු සිසුවියො සෙට් එකම සීනියර් අයියලා විසින් පෝළිමේ අරගෙන ගියාලු ෆැකල්ටි එකේ එක පැත්තකට. මේ ඒරියා එකේ තිබුනේ ලස්සනට තණකොළ වවපු, බිල්ඩින් කීපෙකින් වට වෙලා තිබුන එළිමහනක්. මේ එළිමහනේ කොන්ක්‍රීට් බංකු හයිකරපු තැන් තුනක් තිබුනා. ඉතිං අයියලාගෙ නියෝගය විදිහට අලුත් ළමයි ගෘෘප් තුනකට බෙදිලා මේ බංකු වටේ පෙළ ගැහුනලු.

පූසාගේ බැච් එකේ ඉන්න නියමිත වෙලා තිබුන ළමයි ගාන හාරසිය අසූවක්. ඒ භෞතීය විද්‍යාවට (Physical Science) 240, ජෛවීය විද්‍යාවට (Biological Science) 120, අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාවට (Molecular Biology & Biochemistry) 60 සහ කාර්මික සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය උපාධියට (Industrial Statistics & Mathematical Finance) 60 විදිහට. ඒත් පළවෙනිම දවස නිසයි, බෝට්ටුවෙන් එන ළමයි නැතිවීම නිසයිද කොහෙද එදා දවසේ හිටියේ ළමයි දෙසිය ගානක් විතර.

කොහොමහරි ඉතිං ඔය විදිහට මේ අලුත් ළමයි සෙට් එක කණ්ඩායම් තුනකට බෙදුනලු. පුරුපුරුට සෙට් වුණේ මැද තිබුන බෙන්ච් එක. ඉතිං මේ හැම බෙන්ච් එකකටම සීනියර් අයියලා දහ පහළොස් දෙනා වගේ වෙන්න කට්ටිය සෙට් වුණාලු. ඒ අතරින් කීප දෙනෙක්ගෙ හැසිරීම අනුව ඒ අය මේ වැඩේ ලීඩ් කරනවයි කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. කොහොමහරි මේ වෙද්දිනං අලුත් ළමයින්ට තේරුම් ගිහින් තිබුනේ තමන්ගේ කලදසාව නරක් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා.

පූසා හිටපු බෙන්ච් සෙට් එකේ මුලින්ම ආපු ළමයි වාඩිවෙලයි හිටියේ. පස්සේ එතනට ආපු ළමයි හිටියේ ඊට පිටිපස්සෙන් හිටගෙන. ඉතිං අලුත් ළමයි දිහා කන්න වගේ බැල්මක් දාපු මරුමුස් ලුක් එකක් තිබුන අයියා කෙනෙක් මෑන්ස්ගෙ කටහඬ අවදි කළාලු.

අයියා :- උඹලා දන්නවද උඹලා මේ කොහෙටද ඇවිත් තියෙන්නෙ කියලා?

(දැඩි නිහඬතාවයක්)

අයියා :- ඇයි උඹලගෙ කටේ පිට්ටුද? උඹ කියපං බලන්න මේ කොහෙද කියලා

(පිටිපස්සෙන් හිටපු කොල්ලෙක්ගෙන් අහයි)

කොල්ලා :- තුම්මුල්ල සක්වල තක්සලාව.

අයියා :- “ආ...අන්න එහෙම සම්පූර්ණ නම කියන්න උඹලා ඉගෙන ගන්න ඕනෙ. අනික මේ රැග් සීසන් එකේ ඉංග්‍රීසියෙන් කතා කරන එක උඹලට තහනම්. තේරුණාද? ලෙක්චර්ස් පටන් ගත්තට පස්සේ උඹලා ඉගෙන ගන්නෙ ඉංග්‍රීසියෙන්. ඒත් ගමේ ඉඳන් එන ගොඩක් දෙනෙකුට තවම ඉංග්‍රීසි අමාරුයි. ඒ හින්දා උඹලා හැමෝම දැනට කතා කරන්න ඕනෙ සිංහලෙන්.

අනික කොළඹ උන් වෙනමයි, ගමේ උන් වෙනමයි ගැටි ගහගෙන* ඉන්න එක සම්පූර්ණයෙන් තහනම්. එහෙම ඉඳලා කවුරුවත් අහුවෙන්න බෑ හරිද?

කෝ මෙතන එම්.බී** එවුන් ඉන්නවද? උඹලා දැනගනිං ලොකු ඉසෙඩ් ස්කෝර් එකක් අරගෙන ආවා කියලා උඹලා මෙතන ලොකු නෑ හරිද? මේ ෆැකල්ටි එක ඇතුලෙ කවුරුත් එකයි.

අනික තමයි ඔය කන්දෙ සක්වල තක්සලාවෙ වගේ මෙහෙ ගොන් පාර්ට් නෑ හරිද? උඹලා කුණු නවකයෝ නෙවෙයි, උඹලා නංගිලා මල්ලිලා. අපිත් ජ්‍යේෂ්ට උත්තමයෝ නෙවෙයි, අපි අයියලා අක්කලා. උඹලයි අපියි මෙතනට ඇවිත් ඉන්නෙ එකම විභාගෙ පාස් වෙලා. උඹලගෙයි අපෙයි එකම වෙනස අපි මෙතන අවුරුද්දක් තිස්සෙ ඉඳලා උඹලට වඩා කැම්පස් එක ගැන දන්නවා. අනික අපි කිසිම වෙලාවක උඹලට කියලා කුණුහරුප කියවන්නේ නෑ. අපේ ෆැකල්ටි එකේ ෆිසිකල් රැග්*** ඇත්තෙත් නෑ.“

ඉතිං ඔය විදිහට අයියා කියාගෙන කියාගෙන යනවලු. එතකොට තමයි මෑන්ස් දැක්කෙ බෙන්ච්වල කොල්ලො කෙල්ලෝ වෙනම වාඩිවෙලා හිටපු බව.

අයියා :- “යකෝ තොපි හිතුවෙ මේක ටියුෂන් ක්ලාස් එකක් කියලද? කෝ උඹලා ඔය කොල්ලො කෙල්ලෝ කලවම් වෙලා වාඩි වෙයන්. උඹ වරෙන් මේ කෙල්ලො දෙන්නා මැද්දට. නංගි මූට ඔතන වාඩි වෙන්න ඉඩ දියං.“

දැන් අයියා ගජරාමෙට කොල්ලො කෙල්ලො එකට වාඩි කරවනවා.

“උඹලා කෑම කද්දි වුණත් කන්න ඕනෙ කොල්ලො කෙල්ලො එකට වාඩි වෙලා එක බත් එක හරිද? එහෙම කළේ නැත්තං අපි උඹලාව අල්ලගන්නවා. අනික හැමෝටම තමන් ළඟ ඕනෙම වෙලාවක ඉන්න ළමයි දහ දෙනෙකුගෙවත් නම් පාඩම් තියෙන්න ඕනෙ. ඒ අයගේ ෆෝන් නම්බර්ස් තියෙන්නත් ඕනෙ.

කෝ උඹලා මොකද දිගටම වාඩි වෙලා ඉන්නේ? ඔය හිටගෙන ඉන්නෙත් තොපේ බැච් එකේම එවුන් තමයි. උඹලා නැගිටලා උන්ටත් වාඩි වෙන්න ඉඩ දියන්. ඔය පිටිපස්සෙ ඉන්න එවුන්ට පේන්නෙ නෑ නේද? උස එවුන් පස්සට ගිහින් මිටි එවුන් වරෙන් ඉස්සරහට.“

එතකොට තමයි අයියා පුරුපුරුව දැක්කේ. 

“යකෝ මම කිව්වේ උස එවුන්ට පස්සට යන්න කියලා මිසක් මහත එවුන්ට පස්සට යන්න කියලා නෙවෙයි. තෝත් වරෙන් ඉස්සරහට. අප්පට සිරි...තෝ හෙන ලොකු මිනිහද සෙරෙප්පු දාගෙන ඇවිත් තියෙන්නෙ. අනිත් දවසෙ උඹලා ඔක්කොම හොඳට ෂර්ට් කලිසම් වලට යට කරලා සපත්තු දාලා ලස්සනට එන්න ඕනෙ හරිද? පළවෙනි දවසෙ හින්දා අද උඹව මම අතඅරිනවා“

දැන් අපේ පූසා බයේ ගැහෙනවලු. එතකොට තමයි තවත් අයියා කෙනෙක්ගෙ අවදානය ටිකක් එහායින් හිටපු ගෑනු දැරිවියෙක්ට යොමු වුණේ.

2 අයියා :- “ඒයි...උඹ වරෙන් ඉස්සරහට. තෝ හිතාගෙන ඉන්නෙ මේ විකාර මඩුවක් කියලද? තෝනං මහ පජාත**** කෙල්ලෙක්.“

බැලින්නං ඒ ගෑනු ළමයා කොන්ඩෙ ටින්ට් කරගෙන තමයි කැම්පස් ඇවිත් තියෙන්නේ.

“කෙල්ලොත් හොඳට හිතට ගනිල්ලා උඹලා කැම්පස් එද්දි හොඳට පිළිවෙළට ඇඳගෙන එන්න ඕනෙ. දිග සායවල් අඳින්න ඕනෙ. රැග් සීසන් එකේ කලිසන් අඳින එක තහනම්“

“උඹ වරෙන් ඉස්සරහට සිංදුවක් කියන්න. ඔව් ඔව්!! ඔය පිටිපස්සෙ නිල්පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්න කොල්ලා තමයි. මොකද යකෝ ලැජ්ජාවෙ ඇඹරෙන්නේ? ආ...උඹත් වරෙන්..උඹ මූ සින්දු කියද්දි මූට මයික් එක අල්ලන්න ඕනෙ. ආ...මල්ලි උඹත් වරෙන්...මූ සින්දුව කියද්දි උඹ නටන්න ඕනෙ“

“ඇයි යකෝ ඌ නටද්දි තෝ හිනා වෙන්නේ? ඔව් ඔව්!! උඹ තමයි. යකෝ දැනගනිං ඌත් උඹලගෙ බැච් එකේ එකෙක්. උඹලා ආපහු උඹලගෙම බැච් එකේ එකෙකුට හිනා වෙලා තිබුනොත් බලාගම්මු. උඹලාට හැම දේටම වඩා තියෙන්න ඕනෙ දේ තමයි බැච් ෆිට් එක***** දැන් ගහපල්ලා මුන් තුන් දෙනාට හොඳ අත්පුඩියක්...“

“උඹලා දැනගනිං මේක තමයි ලංකාවෙ තියෙන හොඳම සයන්ස් ෆැකල්ටි එක. අපි ඩිග්‍රි එක අරගෙන අවුට් වෙද්දි අපිව ජොබ් එකට ගන්න කොම්පැනි මග රැකගෙන ඉන්නේ. එහෙම වෙලා තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ වලි නැති හින්දා. දැනගනිල්ලා අපේ ෆැකල්ටි එක අවුරුදු දොළහකින් වහලා නෑ“

ඉතිං ඔය විදිහට ගොඩක් වෙලාවක් තිස්සේ නවකයන්ට සිද්ද වුණේ අයියලාගේ අවවාද, උපදෙස්, ඇනුම් බැනුම් වලට ලක්වෙමින් කාලෙ ගත කරන්න. අන්තිමේදි මේ වැඩේ ඉවරවුණේ අනිත් දවසේ ඉඳලා උදේ හතහමාර වෙද්දි කැම්පස් එකට එන්න කියලා අයියලා පුරුපුරුලාට නියම කළාට පස්සේ. ඒ වගේම කැම්පස් එක ඇතුලේ ඉන්න හැම වෙලේම ස්ටුඩන්ට් හෑන්ඩ් බුක් එක අතේ තියාගන්න එකත් විශේෂ නීතියක් විදිහට පුරුපුරුලාට පැවරුනා******. මේ වෙද්දි මේ අලුත් එක්ස්පීරියන්ස් එක හින්දා අපේ පූසාගේ මොළේ අඤ්ඤකොරොස් වෙලා තිබුනේ. වෙලාවකට බයක් දැනුනත්, තවත් වෙලාවකට හිතුනේ වැඩේ ෆුල් ආතල් කියලා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවා ෆුල් ජෙන්ටා කිට් එක ගහලා පහුවදා කැම්පස් එකට ගියාලු. එතකොට තමයි පූසාට තේරුනේ කලින් දවසේ තිබුන දේවල් රැග් එකේ රිහසල් එකක් විතරයි කියලා. නියම රැග් එක පටන් ගත්තේ දැනුයි.

----------------------------------------------------------------------------------------------------------

* ගැටි ගැහීම - යම් පොදු ලක්ෂණයක් මුල් කරගෙන ඇතිවූ කිහිප දෙනෙක්ගෙන් සමන්විත කල්ලි. උදා:- කොළඹ ගැට්ට, ගාල්ල ගැට්ට, බයෝ ගැට්ට.


** එම්.බී - මොලිකියුලර් බයෝලොජි.


*** ෆිසිකල් රැග් - භෞතිකව ශරීරයට තුවාල ආදී හානි ඇති කරන නවක වදය. උද:- දණගැසීම, බඩගෑම සහ වෙනත් ලිංගික හිංසන.


**** පජාත - පට්ටම චාටර්.


***** බැච් ෆිට් එක - එකම කාණ්ඩයේ සිසු සිසුවියන් අතර තිබිය යුතුයැයි විශ්වාස කරන බැඳීම. (විශ්ව විද්‍යාල කටයුතු වලදී දැඩිව බලපාන සාධකයක් වන මෙය පළමු වසරේ තදින්ද, දෙවන වසරේදී ලාවටද ඇත. තෙවන සිව්වන වසරවල් වෙන විට මෙය බොහෝ දුරට භාවිතයෙන් මෙන්ම සිසු ශබ්ද කෝෂයෙන්ද හැලී යන අතර ගැටි සංකල්පයට මුල් තැන හිමිවේ.)


****** හෑන්ඩ් බුක් එක නිතර අතේ තබා ගැනීම - මෙය ජ්‍යේෂ්ටයන් විසින් යම් සිසුවෙක් හෝ සිසුවියක් නවකද කියා හඳුනාගැනීමට භාවිත කරන ප්‍රධාන මෙවලමයි. උදාහරණයක් ලෙස නවක සිසුවෙක් සහ ජෙන්ටා ඇඳුමින් සැරසුනු ජ්‍යේෂ්ටයෙක් ඇඳුමෙන් වෙන්කර හඳුනාගැනීම අපහසු වන අතර එවන් අවස්ථාවලදී ජ්‍යේෂ්ටයන්ගේ උදව්වට එන්නේ හෑන්ඩ් බුක් එකයි. නමුත් මේ හේතුව නවක සිසුන්ගෙන් හංගන අතර ඔවුන්ට වෙනත් බොරු හේතු දක්වා රවටනු ලබයි.

50 comments:

  1. නියම රැග් එකක්නේ ලැබිලා තියෙන්නේ. හැබැයි ඒක නම් නරක නෑ.

    //“යකෝ මම කිව්වේ උස එවුන්ට පස්සට යන්න කියලා මිසක් මහත එවුන්ට පස්සට යන්න කියලා නෙවෙයි. //
    හපොයි පුරු පුරු මහත පූසෙක්ද? හී හී...

    කතාව හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මම වැරදිලාද කොහෙද එක වෙලා...:D

      Delete
    2. බොහොම ස්තුතියි පොඩ්ඩි. පුරුපුරු මහත පූසෙක් තමයි :-)

      හික් හික්!! එක වෙන්න අමාරු වෙන තරමට තරඟකාරී බ්ලොග් එකක් නෙවෙයි මේක

      Delete
  2. දැන් බලමු පූස ඊගාවට ඔරිජිනල් රැග් එකට මුහුණ දීපු ආකාරය.

    ReplyDelete
    Replies
    1. හික් හික්!! බලමු බලමු!!! බොහොම ස්තුතියි අයියේ!!!!

      Delete
  3. හ්ම්, රැග් එක හිතපු තරම් දරුණු නෑ වගේ.තව කොටස් තියෙනවා නේද?
    මම සුදු පුසි 17 කොටසේ දැම්ම comment එක දැක්කද?

    ReplyDelete
    Replies
    1. ආහ්...දැක්කා මචෝ. බොහොම ස්තුතියි. තව ඉස්සරහට කතා ගොඩක් තියෙනවා

      Delete
  4. හෙහ් හෙහ්..සෑර් තුම්මුල්ලෙ මධ්‍ය මහා විද්‍යාලෙටද ගියේ ඈ?
    අපිත් ගියෙ ඕකට තමයි සෑර්.. අපි හිටපු කාලේ නම් මාර් ලෙඩ්ඩු ටිකක් හිටියා. උන්ට ගේම දුන්නෙ අපේ බැච් එකෙන් තමයි සෑර්. ඔය කාලෙම කොලඹ මෙඩ්ඩොන්ගෙ තත්වෙත් වෙනසක් නැහැ. මෙඩ්ඩොන්ට පොලොවේ වැලියි වතුරයි දාල ජොකයි, බැනියමයි පිටින් පීනන්න ඉගැන්නුව කැන්ටිමේ.
    -සූස්ති ගුනේ

    ReplyDelete
    Replies
    1. ගුණේ අපිට වඩා සෑහෙන සීනියර් වගේ. ඔය කියන්නෙ චින්තන කස්ටිය ගැනද?

      Delete
  5. මම නං රැග් කරලවත් වෙලාවත් නෑ. ඒත් දැකල තියනව. රැග් කිරීමේ මුලු සංසිද්ධියම එකම ගොංපාට් එකක් විදියටයි මටනං දැනෙන්නෙ. විශේෂයෙන්ම කුණුහරුප කීම වගේ දේවල්. රුහුණෙ ශිෂ්‍යයන් (විද්‍යාපීඨයේ) දෙකට බෙදෙන්න හේතු උනේ එකම බැච්එකට අයියයි නංගියි දෙන්නම වැටීම. එතනදී සහෝදර සම්බන්ධතාවය ඉක්මවා යන ආකාරයේ රැග් එකක් තිබුන කියලයි කියන්නෙ. ඒවගේ දේවල් නං හොද නෑ.

    ReplyDelete
    Replies
    1. රැග් එක සම්බන්දව වෙනම ලිපියක් ලියන්න ඕනෙ වෙලාවක. බොහොම ස්තුතියි මචං.

      Delete
  6. History repeats always නේ. අපිටත් ඔහොම්මම තමා. සින්දු කියද්දි හුලං ගහන්න කිව්වෙ නැද්ද. ධෛර්යය පොම්ප කිරීම

    ReplyDelete
    Replies
    1. අපෝ මොකද නැත්තේ? ඊට අමතරව තව දේවල් කළා!!!

      Delete
  7. අපේ නම් පලවෙනි දවසෙ අම්ම්ලා,තාත්තලා ගෙන්නලා, උත්සව තියලා තමා කට්ටිය පිලිගත්තෙ. අපේ රැග් කියලා දේකුත් නෑ නෙ. ඒත් ඩ්‍රෙස් කෝඩ් එකක්නම් තිබුනා..:)))

    ReplyDelete
    Replies
    1. අපිටත් උත්සව තියලා පිළි අරගෙන තමයි ඔය වින්නැහිය කොළේ :-)

      Delete
  8. බලමුකෝ පුරු පුරුට අයියලා මොනාද කරන්න දෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ!!!

      Delete
  9. අපි රැග් කාලත් නෑ රැග් දීලත් නෑ :)

    ReplyDelete
    Replies
    1. එහෙමනං රැග් එක ගැන කියවමු මචං!!!

      Delete
  10. ශකේ.... ඉතුරු ටිකත් ඉක්ම්නට දාන්න. අන්තිම දවසෙ හරි ෆිසිකල් රැග් හම්බ වෙන්න ඇති කියලමයි මම හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. තුම්මුල්ලෙ ෆිසිකල් රැග් නෑ අක්කේ...මමත් ඊයෙ පෙරේද තුම්මුල්ල සයන්ස් එකෙන් අවුට් උනේ. පූසා අපිට අවුරුද්දක් උඩ බැච් එකේ වගේ. කෙහොමත් ඔය කිව්ව ටිකට වඩා නං දෙයක් අපි නං කලේ නෑ පස්සෙ දවස්වලවත් පොඩි උන්ට...මම පේරෙන් බෝට්ටු ආව හින්ද මෙහෙ රැගට අහු උනේ නෑ. ඒ කියන්නෙ පුසාල දීපු රැගට අහු උනේ නෑ. :D

      Delete
    2. කවුද බොලේ දොඩන්???

      Delete
  11. මට කීවා "කුකුළු පාලනය සහ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය" ගැන කතාවක් කරන්න!

    ReplyDelete
    Replies
    1. හික් හික්!! මටත් සෙට් වුණේ ඒ වගේ රචනාවක්. ඉස්සරහට කියන්නංකෝ. :-)

      Delete
  12. ඉතින් ඊට පස්සෙ...
    අනේ තව කතාවක් කියන්නකෝ...

    ReplyDelete
  13. අඩේ රැග් එක පට්ට !
    අපි රැග් උනා ! රැග් කලාත් එක්ක !
    කට්ටිය කෑගහනවා රැග් කරන එවුනුයි රැග් වෙන එවුනුයි අතර වෛරයක් තියෙනවා කියලා. මට නම් එහෙම උන්ව හම්බ වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. සිරාවට...සහතික ඇත්ත මධුරංග

      Delete
    2. පෞර්ෂයක් නැති හීනමානෙන් පෙලෙන එකා, ආධුනික සිසුවා බයිට් එකට ගෙන මොහොතකට, ඌ මත තම ආධිපත්‍ය පතුරුවා සිත තුල පැසවෙන ලිංගික, ආර්තික, සමාජීය පීඩනය සමනය කරගනී. උන්ට අනුකම්පා කලයුතුය. මානසික ලෙඩ්ඩු සරසවි වලද සිටිති.
      -සූස්ති ගුනේ

      Delete
    3. ලස්සන වචන ටිකකින් මට දමලා ගහලා !!!
      කැම්පස් ගිය අතීතය සිහි කරන්න කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ රැග් කාලේ සීන් ඊට පස්සේ තමන් අවුරුදු 4ක් ඇතුලත කරපු දේවල් !!!

      රැග් එක අමාරු උනාට පස්සේ හරි මතක් කරලා හිනා වෙන්නවත් තියෙන්නේ ඔය ටික විතරයි !!!

      අද සූත්තිය ටිකක් වැඩි වෙලා වගේ !

      Delete
    4. අනුන්ට හිරිහැර කම සතුටුවෙන අය! වැඩකට ඇති දෙයක් කර හිනාවෙන්න බැරි කට්ටිය වැඩකට නැති දේවල් කර හිනාවෙති.

      Delete
    5. රැග් එක සම්බන්දව වෙනම ලිපියක් ලියන්න ඕනෙ වෙලාවක. බොහොම ස්තුතියි මචං. කොන්වොකේෂන් ෆොටෝ දැක්කා. උණුසුම් සුභපැතුම්!!!

      Delete
  14. ඔන්න ආයෙත් උබලගේ බ්ලොග් එකට එන්න පටාන් ගත්තා වෙලාවට,,බලමු ඊලග රැග

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ!!!

      Delete
  15. @පුරුපුරු,

    මේ කමෙන්ටුව පෝස්ටයට ඍජුව සම්බන්ධයක් නොවේ. එය ලියන්නට එකම නිමිත්ත උසස් අධ්‍යාපන වරම් ලද ඔබට මගේ හෘදයාංගම සුභපැතුම් පළ කිරීමයි.

    ඔබ ඔබේ ගමන් මඟ නිවැරදිව දැන සිටි බව මම බොහෝ කාලයකට පෙර නිරීක්ෂණය කළෙමි. අපේ සමාජයේ සියයට එකකටත් වඩා අඩු පිරිසකට හිමි බුද්ධියක් හා හැකියාවන් ඔබ සතුව ඇති බව මා දැනගත්තේ මේ බ්ලොග් එක පටන් ගන්නට බොහෝ පෙර ඔබේ ජීව විද්‍යා බ්ලොග් එක කියැවීමෙනි. එහි අකුරක් නෑර මා කියවා ඇති අතර කමෙන්ට් නොකළත් එයින් බොහෝ දේ උගත්තෙමි. ඉන්පසු වරින් වර කමෙන්ටු ලෙස වෙනත් බ්ලොග් වල ඔබ පළ කළ අදහස් වලින් ඔබට ඔබේ ගමන්මඟ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති බවද, ඔබ ඔබේ ඉලක්කය කරා අනිවාර්යයෙන්ම ළඟාවනු ඇති බවද මම දැන ගතිමි. මා ඇසූ පුවත මට විස්මය නොදනවන්නේ එහෙයිනි.

    මට තව බොහෝ දේ ලිවිය හැකිය. එහෙත් ඒවා තව දුරටත් වැදගත් නොවේ. මම නවතිමි. සුභ ගමන්.

    මේ පුංචි රටේ - මතු කවදා හෝ - කොතැනදී හෝ යළි අප හමුවේවී...

    ReplyDelete
    Replies
    1. කෝ ඒ ජීව විද්‍යාව බ්ලොග් එකේ ලින්ක් එක?

      Delete
    2. බොහොම ස්තුතියි සහෝදරයා/සහෝදරිය. මම ගැන පුද්ගලිකව දන්න කෙනෙක් බව හිතෙනවා. ඉලක්කයට තවම සිලෙක්ට් වුණා විතරයි. අමාරු වැඩ ටික තියෙන්නෙ ඉස්සරහට

      Delete
  16. කැම්පස් එකෙන් එලියට එන එවුන්ට අපි තමා රැග් දෙන්නෙ....අහුවෙයල්ලකෝ පස්සෙ...

    ReplyDelete
  17. මේ පටන්ගැනම වෙන්න ඇති නේ පූස්? තව තියෙනව නේද?

    මමත් ලියලා තියෙන්නෙ ‍රැග් එක ගැන පෝස්ට් එකක් මේ පාර. අන්න අපේ කෂ්ටිය එල කමෙන්ට් වගේකුත් දාලා තියෙනවා.

    මම බ්ලොග් ලියන්න කලින් ඉඳන් බලන බ්ලොගක් තමයි බ්ලොග් ගඩොල්. ඒත් පුරු පුරු කෙට්‍ටු පූසෙක් කියලයි මගෙ හිතේ තිබ්බෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලු. මම ගිහින් බලන්න ඕනෙ ලිපිය.

      Delete
  18. රැග් එක තවම ඉවර නැහැ වගේ. මේක ලිව්වෙත් තනි කකුලෙන් හිටගෙනද මන්දා.රැග් ඉන්ටිබෙල් එකේ ඇවිත් ඉතුරු ටිකත් දාපං

    ReplyDelete
  19. හොඳ රැග්‍ එකක්....

    ReplyDelete
  20. Sri Lankan Universities are full of physical and mental harassments, I studied in a American University and there are no raging or any violence. Sri lankan universities are very primitive and lower than the international level.

    Amith

    ReplyDelete
  21. නන්නාදුනන පොරක්April 21, 2012 at 8:30 PM

    අපිට නම් එච්චර දරුණුවට රෑග් තිබුනේ නැහැ...
    Management Faculty එකෙන් නං රෑග් එක කාලයලක් යද්දි නැති වෙලාම යයි වගේ

    ReplyDelete
  22. anee mata hlp ekak oone (TOEFL)xam eka gana dana ganna..

    ReplyDelete
  23. සීනියර් අය හිටියේ නැත්ද ඔයාලට තිබ්බ වෙල්කම් ප්‍රෝග්‍රෑම් එකට? අපි නම් හොඳට පොර ටොක්ස් දීල තිබුනා අපි අතරේ දාලා හිටිය සින්නන්ට

    ගිරවි

    ReplyDelete
  24. හෙන මෝඩ පාට්ස්නෙ බන් එව්වා..මහ තිරිසන් වැඩ ගමෙන් යන අහිංසක කෙල්ලල්න් ලව්ව කුනුහරප කියවනවා දැන් ...සී බන් කැතයි වැඩේ....මටනම් පේන්නෙ කැම්පස් එකේ සමහරු #@#@#@

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???