අඹ යාලුවෝ

Showing posts with label බෝරෙ. Show all posts
Showing posts with label බෝරෙ. Show all posts

Sunday, September 19, 2010

හොස්ටල් ලයිෆ් - බෝරෙ සහ නබීල්


පහුගිය දවස් ටිකේ බ්ලොග්අවකාශෙ පැත්තෙ සැරිසරන්න පූසන්ට එච්චර වෙලාවක් ලැබුනෙ නෑ.ඉතිං ඒක හින්දා අපේ බ්ලොග් එකේ තිබුන කොමෙන්ට් වලට උත්තර දෙන්න, ඒ වගේම බ්ලොග් යාලුවන්ගෙ ලිපි වලට කොමෙන්ට් දාන්න එහෙමත් අපිට බැරිවුණා.ඒ නිසා මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමුකො.

මේ වෙද්දි යාලුවනේ ගතවෙන්නෙ අපේ පූසන්ගෙ 11 වසරෙ ජීවිතේ මැද හරිය.හොස්ටල් එකේ වැඩත් නෝමල් එකේ කෙරීගෙන ගිය කාලයක්.ඉතිං ඔය දවස්වල තමයි හොස්ටල් එකට අලුත් ළමයි දෙන්නෙක් ආවෙ.ඒක්කෙනෙක්ගෙ නම බෝරෙ.අනිත් මෑන්ස්ගෙ නම නබීල්.දෙන්නම මුස්ලිම් ළමයි.නැත්තං ‍හොස්ටල් භාෂාවෙන් කිව්වොත් අම්බයො.ඔය "ස" ප්‍රසංගෙ ඕඩියෝ ක්ලිප් එකෙන් තමයි කට්ටිය මේ වචනෙ ඇහිදගත්තෙ.ඔන්න දැන් කියන්න එපා පූසො ජාතිවාදියොයි කියලා.මොකද හොස්ටල් එක ඇතුලෙදි බයිට් වෙන්න ජාති භේදයක් ඕනෙ වුණේ නෑ.

ඉතිං අපේ යාලුවො දෙන්නට හම්බවුණේ පුරුපුරුගෙ ඇද ළගම ඇදවල් දෙකක්.මීට කලින් මුස්ලිම් අයත් එක්ක කොච්චර ගනුදෙනු කරලා තිබුනත් පුරුපුරු කවදාවත් එයාලා එක්ක එක වහලක් යට ජීවත් වෙලා තිබුනෙ නෑ.ඉතිං මේ දෙන්නා හොස්ටල් ආවට පස්සෙ තමයි මෑන්ස්ට මුස්ලිම් සිරිත් විරිත් ගැන හරිහමං අවබෝධයක් ආවෙ.කොහොම වුණත් පුරුපුරුයි මාලුකට්ටයි, අපේ කොනකපාලු යාලුවො දෙන්නත් එක්ක හොදට ෆිට් වෙන්න වැඩි දවසක් ගියෙ නැහැලු.

ඒ දවස්වල මුස්ලිම් ජාතිකයන්ගෙ ලයිෆ්ස්ටයිල් එක පුරුපුරුටනං පෙනුනෙ මහ අබ්ලික් විදිහට.මුලින්ම ආගම ඇදහීම ගමුකො.දවසට තුන් හතර පාරක් ආගම අදහන එක පූසන්ටනං කීයටවත් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.ඒකත් කරන්න ඕනෙ නිකං නෙවෙයි, අදහන තැනට උඩින් උඩුවියන් එහෙම බැදලා.ඒ වගේම තව තේරුම් ගන්න අමාරු නීති රීති ගොඩක් ඒ අයට තිබුනා.උදාහරණයක් විදිහට මුත්‍රා කරලා ඉවර වුණාට පස්සෙ ගල්කැටයක් අහවල් ස්ථානයෙ තියාගන්න එක එහෙමනං තවමත් තේරුම්ගන්න බැහැ.

ඉතිං ඒ දවස්වල හවස්වරුවල කෙස්පැලෙන විවාද තමයි ඩෝම් එක ඇතුලෙ ගියෙ.කට්ටියක් බුද්ධාගම හොදයි කියලා තර්ක කරනවා.බෝරෙයි නබීලුයි තර්ක කරනවා ඉස්ලාම් ආගම හොදයි කියලා.ඒ අස්සෙ සලා වාදෙට එන්නෙ ක්‍රිස්තියානි ආගම හොදයි කියලා.කොටින්ම ඒ දවස්වල හොස්ටල් එක තිබුනෙ, මේ දවස්වල සිංහල බ්ලොග්අවකාශෙ තියෙනවා වගේමයි.ආගමික වාද විවාද වලින් පිරිලා.හැබැයි ඉතිං කොච්චර වාද කළත් ඒ ඔක්කොම එතනින් ඉවරයි.මොකද කට්ටියම හොද යාලුවො නොවැ! කවදාවත් තමන්ගෙ ආගම හරි ජාතිය හරි නිසා කිසිම ළමයෙකුට හොස්ටල් එකේදි අවැඩක් වුණේ නෑ.

ඉස්ලාම් ආගමේ සමහර දේවල් වලටනං ඒ දවස්වල අපේ සිංහල බෞද්ධ කට්ටියත් ඊරිසියාවෙන් හිටියෙ.ඇයි අර හත්දෙනෙක් කසාද බදින්න පුලුවන් නීතිය? ඕක ගැන කිය කියා තමයි ඉස්සර මුස්ලිම් යාලුවො දෙන්නා සිංහල කට්ටියව බයිට් කළේ.ඒ වගේම මොන තර්ක දැම්මත් නෝම්බි කාලෙටනං කට්ටියට මුස්ලිම් අයව හරිම හොදයි.ඇයි ඉතිං රෑට හම්බවෙනව නොවැ රාජකීය බත් එකක්.

හොස්ටල් එකට එනකොට බෝරෙයි නබීලුයි දෙන්නම හොද ආගමානුකූලව හැදිලා හිටියෙ.නබීල්නං දිගටම එහෙම හිටියලු.ඒත් බෝරෙනං වැඩි දවසක් යන්න කලින් වෙනස් වුණාලු.මෑන්ස් ටික ටික ගන බලන්නත් පුරුදු වුණේ තමන්ගෙ ආගමේ ගන බැලිල්ල තහනං බවවත් සලකන්නෙ නැතුව.(ගන බැලීම "හරාම්" කියලා තමයි කියන්නෙ.හලාල් කියන්නෙ කරන්න කැප දේවල් වලටලු)

තවත් ටික දවසකින් පොර සාජන් කෙනෙක් වුණා.ඒ කිව්වෙ "පෙම්වතෙක්" වුණා.ගෙවල් පැත්තෙ පූසන්ගෙ වයසෙම මුස්ලිම් ගෑනු ළමයෙක් එක්ක තමයි යාලුවෙලා තිබුනෙ.හැබැයි මෑන්ස්ගෙ ආදරේට නරක කළදසාවක් ලබන්න වැඩි දවසක් ගියෙ නෑ.

ඔය මුස්ලිම් ගෑනු ළමයි සිංහල ගෑනු ළමයි වගේ ඔලුවෙ කෙස් පැහෙනකං ගෙවල්වල තියාගන්නෙ නෑ නොවැ! යන්තං ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙද්දිම කසාද බන්දලා දෙනවා.ඉතිං බෝරෙගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් වුණේ එහෙම දෙයක්.ඒ ගෑනු ළමයගෙ ගෙදරින් ඒ ළමයව තමන්ට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් මෑන්ස් කෙනෙක්ට කසාද බන්දලා දීල තිබුනා.

බෝරෙ ඉතිං ඒ වෙද්දිත් ඉස්කෝලෙ යන පොඩි කොල්ලනෙ (අලියෙක්ගෙ වගේ ඇගක් තිබුනට) ඉතිං ඔය සම්බන්දෙන් මෑන්ස්ට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.ඒ දවස්වල උඩ බලාගෙන කල්පනා කර කර ඉන්න එක විතරයි අපේ යාලුවට කරන්න පුලුවන් කමක් තිබුනෙ.ඉතිං හොදටම අප්සට් එකේ හිටපු බෝරෙ, ඒ වෙද්දි යලට මහට කර කර හිටපු දෙවියන් ඇදහිල්ලත් සම්පූර්ණයෙන් නවත්තලා දැම්මලු.මෑන්ස්නං කිව්වෙ දෙවියො පොරට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව දුන්නෙ නැති නිසා දැන් දෙවියොත් එක්ක මළෙන් ඉන්නෙ කියලා.හැබැයි ඉතිං සිකුරාදා හවස පල්ලි යන එකනං නවත්තන්න බෝරෙට බැරිවුණා.

අන්තිමට මෑන්ස් නතර වුණේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ ප්‍රබල සාමාජිකයෙක් වෙලා.ඒ වගේම පස්සෙ කාලෙක කබඩ්වල හංගලා තිබුන ගන ටික බොරේගෙන් බේරගන්න වෙනම මිෂන් එකක් දෙන්න වුණා.ඇයි පොර කරන්නෙ සිකුරාදා හවස පල්ලි යන්න ඉස්කෝලෙන් ඉක්මනට ඇවිත්, ඩෝම් එකේ කබඩ් වල හංගලා තියන ගන සීඩී ටිකත් අරගෙන පනින එක.හැබැයි ඉතිං කොහෙන්ද හොයාගත්තු මෙලෝරහක් නැති අරාබි ගන කීපෙකුත් මෑන්ස්ගෙන් පූසන්ට ලැබුනා.ඒ විතරක් නෙවෙයි, බෝරෙට පින්සිද්ද වෙන්න දෙමළ කුණුහරුප පිළිබදව හසල දැනුමකුත් හොස්ටල් එකේ ළමයින්ට ඒ දවස්වල තිබුනා.

මොනවා වුණත් පූසො මුස්ලිම් යාලුවොත් එක්ක හිටපු මාස ගානට දැනගත්ත දෙයක් තමයි මොන ආගමේ නීති වුණත් හෝර්මෝන වලට යටයි කියලා.

ප.ලි - අපේ ඤාව්වට කාලයක් යනකම්ම තිබිල තියන ප්‍රශ්නයක් තමයි මෙච්චර කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා, ජෙනරාල්ලා ඉන්දැද්දි "සාජන්" කියලා ෆිල්ම් එකක් ගැහුවෙ ඇයි කියන එක.මෑන්ස් පස්සෙ කාලෙකලු දැනගත්තෙ හින්දි භාෂාවෙන් පෙම්වතාට කියන්නෙ සාජන් කියලා

ඒ වගේම ඤාව්වගෙ අදහසට අනුව එඩ්වින් "ඇඩ්ඩිං" වුණා වගේ "සුමිත්" කියන නම හැදිලා තියෙන්නෙ ඉංග්‍රීසි ස්මිත් කියන නමින්...

Wednesday, August 25, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 4 (අවසාන කොටස)


ඉතිං යාලුවනේ අද අපි කියන්න යන්නෙ අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය සිරීස් එකේ අන්තිම කොටස.මේක කියවන්න කලින්, මේ සීරීස් එකේ කලින් කොටස් කියවපු නැති යාලුවො ටික පහළ තියන ලින්ක් වලින් ගිහින් ඒවා කියවලා එන්නකො.

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 1
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 2
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 3

අපි කලින් කො‍ටසෙ කතාව නැවැත්තුවෙ රාත්‍රී ප්‍රහාරක බලකාය මැදිහත්වෙලා ලයිමෝල්ගෙ කබඩ් එකේ පිටිපස්සෙ හොර දොරක් කපපු තැනින්නෙ.දැන් ඉතිං තියෙන්නෙ එතන ඉදන් කතාව.

ඔය කපපු දොර ගැන ලයිමෝල් කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.මොකද මේ දොර පේන්නෙ බොහොම සැලකිලිමත්ව කබඩ් එකේ පිටිපස්ස චෙක් කළොත් විතරයි.ඉතිං ලයිමෝල් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ තමන්ගෙ කබඩ් එකට පිටිපස්සෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා.ඒක හින්දා මෑන්සුත් සුපුරුදු විදිහටම තමන්ගෙ කාලෙ ගතකළාලු.ඩෝම් එකේ ළමයි කළේ ලයිමෝල් කොහෙ හරි යනකං ඉදලා ෂේප් එකේ මෑන්ස්ගෙ කබඩ් එකෙන් සබන් කැටයක්, බිස්කට් කීපයක් වගේ ලයිමෝල්ට නොදැනෙන මට්ටමේ පොඩි හොරකමක් කරපු එක.

ඉතිං ලයිමෝල් ආපහු ඇවිත් බලනකොට කබඩ් එකේ සැලකියයුතු මට්ටමේ වෙනසක් පේන්න නෑලු.ඒකනිසා පොරත් සැටිස්.ඒ වගේම ඩෝම් එකේ ඉන්න කොල්ලො සෙට් එකත් සැටිස්.හැබැයි ඉතිං ඔය වැඩේ මාසයක් විතර එකදිගට කරගෙන යද්දි ලයිමෝල්ගෙ කබඩ් එකේ සබනුයි කෑමයි ගොඩගැහෙන රේට් එක අඩුවුණාලු.එතකොට තමයි මෑන්ස්ට ක්ලික් වුණේ මෙතන මොකක්හරි අංජබජල් කේස් එකක් තියනවයි කියලා.ඒකහින්දා අපේ යාලුවා තීරණය කළාලු කබඩ් එක ෆුල් චෙකප් එකකට ලක්කරන්න.

ඔය චෙකප් එක වෙලාවෙ පුරුපුරුලා හිටියෙ ඩෝම් එකෙන් එළියෙ ඒ කිට්ටුවමයි.එතකොට තමයි ඩෝම් එක ඇතුලෙන් ලයිමෝල්ගෙ මර ලතෝනි සද්දයක් ඇහුනෙ.


බුදු අම්මෝ! මගෙ කබඩ් එක කඩලෝ!! මුදලාලි.....මෙහෙ වරෙන් ******යෝ

සද්දෙ ඇහිච්ච පුරුපුරුයි, මාලුකට්ටයි ඇතුලු කොල්ලො සෙට් එක ඩෝම් එක ඇතුලට දුවලා යද්දිත් ලයිමෝල් මුදලාලිව අල්ලගෙන අම්බානක නෙලනවලු.පස්සෙ කට්ටිය එකතු වෙලා අමාරුවෙන් මුදලාලිව ගුටිකෑමෙන් බේරගත්තලු.බැලින්නං ලයිමෝල් තමන්ගෙ කබඩ් එක කැඩීම ගැන සැක කරලා තියෙන්නෙ මුදලාලිව.මොකද ඊට කලින් දවසෙ මේ දෙන්නා අතරෙ මොකද්ද එකකට ලොකු බහින්බස්වීමක් වෙලා තියනවා.ඇත්තටම මුදලාලි රාත්‍රී ප්‍රහාරක බලකායෙ මෙම්බර් කෙනෙක් වුණාට ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේට සහභාගි වුණේ නෑ.

ඉතිං මුදලාලි තමන්ගෙ නිදොස්බව කොච්චර කිව්වත් ලයිමෝල් නෙවෙයි ඒක පිළිගත්තෙ.ඊට පස්සෙ ලෝඩ් කොක් ඉදිරිපත්වෙලා ඇත්තටම වෙච්ච සිද්දිය මෑන්ස්ට කිව්වලු.ඒ වගේම මීට පස්සෙ තමන්ගෙ දේවල් ඩෝම් එකේ අනිත් අයත් එක්ක බෙදාහදාගන්නයි කියලත් මෑන්ස්ට උපදෙස් ලැබුනලු.ඒත් මේ දේවල් එකක්වත් ලයිමෝල් කනකට ගත්තෙ නෑ.

ඇත්ත කතාව ඇහුවට පස්සෙවත් ලයිමෝල්ගෙ හිතේ මුදලාලි ගැන තිබුන තරහා නැතිවුණේ නෑ.පොර ඊටපස්සෙ කිව්වෙ මේ වැඩේ මුදලාලිගෙ ලීඩර්ෂිප් එක යටතෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කරපු වැඩක් කියලා.ඉතිං ලයිමෝල් දවස තිස්සෙම කළේ පැත්තක හිටපු මුදලාලිගෙ හත්මුතු පරම්පරාවටම පින් දිදී හිටපු එක.ඒ වගේම ලබන ආත්මෙ මුදලාලි ඇතුලු රාත්‍රී ප්‍රහාරක බලකාය කුණුගොඩක ඉපදේවා කියලත් ලයිමෝල් කට්ටියට සාප කිරීමක් කළාලු.ඉතිං එදා රෑ වෙද්දි මුදලාලි හිටියෙ හරිම හිතේ අමාරුවෙන්.ඩිනර් එකෙන් පස්සෙ පුරුපුරුව හම්බවෙච්ච මුදලාලි, එදා රෑට ලයිමෝල්ට ගේමක් දෙන්න ඕනෙ බව කිව්වලු.

තමන්ට අරවගේ දෙයක් කිව්වට පස්සෙත්, ලයිමෝල්ට ගේමක් දීම ගැන රාත්‍රී ප්‍රහාරක බලකායට දෙපාරක් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.ඉතිං කට්ටිය ඒ වෙලාවෙම ගේමට බැස්සලු.මුලින්ම තිබුනෙ ප්ලෑන් කිරීම සහ ඔත්තු බැලීම.ඉතිං බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටා ඔත්තු බලන අතරෙ අනිත් කට්ටිය ගේම් එක ප්ලෑන් කළාලු.ප්ලෑන් එකේ හැටියට ගේම දෙන්න නියමිත වුණේ මහ රෑට.ඒ කියන්නෙ ලේට් ස්ටඩි ඉවර වෙලා කට්ටිය නිදාගත්තට පස්සෙ.

කොහොමහරි ඉතිං අපේ යාලුවො ටික බලාපොරොත්තුවෙන් හිටපු වෙලාවත් උදාවුණාලු.දැන් ඩෝම් එකේ ලයිට් එහෙම ඕෆ් කරලා කට්ටිය ගොරව ගොරවා නිදි.ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් සුපුරුදු විදිහට රැස් වුණාලු.ප්ලෑන් එකේ හැටියට මුලින්ම කරන්න තිබුනෙ ලයිමෝල් ඇද පිටින් උස්සගෙන ගිහින් කුණුවල ළගින් තියන එක.ඉතිං මේ වැඩේට කලින් ලයිමෝල්ගෙ ඇදට දාලා තියන නෙට් එක ගලවන්න ඕනෙ.ඒ වැඩේ පැවරුනේ මුදලාලිට.මුදලාලිත් තමන්ගෙ ශිල්ප ඔක්කොම දාලා ලයිමෝල්ව නැගිට්ටෙන්නෙ නැතිවෙන්න නෙට් එක ගැලෙව්වලු.

ඊට පස්සෙ තිබුනෙ ඇද උස්සගෙන යන වැඩේ.දැන් ඇද උඩ ලයිමෝලුත් ඉන්න නිසා ඒක සෑහෙන බරයි.ඒ මදිවට ඇද හෙලවෙන්නෙ නැතිව උස්සන් යන්නත් ඕනෙ.ඉතිං මේ වැඩේ පැවරුනේ පුරුපුරු, වන්නියා, බෝරෙ සහ අමන්දානන්දට.අපේ යාලුවො හතරදෙනත් තමන්ට පැවරුන වැඩේ අකුරටම ඉෂ්ට කළාලු.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ටික වෙලාවකට පස්සෙ ලයිමෝල් නිදාගෙන හිටියෙ හොස්ටල් එකේ කුණුවල අද්දරමයි.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය කුණුවලක උපද්දවන්න සාප කරපු ලයිමෝල්ට එදා රෑ සිද්දවුණේ කුණුවලක් ළගම නිදාගන්න.

ඊට පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කළේ ලයිමෝල් හැමදාමත් ආදරය කරපු මෑන්ස්ගෙ කබඩ් එකත් උස්සගෙන ඇවිත් ඇද ළගින්ම තියපු එක.

හැබැයි රාත්‍රී ප්‍රහාරක බලකාය දැනගෙන හිටියා කුණුවලේ ගදටයි, රෑ හීතලටයි ටික වෙලාවක් යද්දි ලයිමෝල්ට නැගිට්ටවෙනවයි කියලා.ඒක නිසාම තමයි අපේ යාලුවො කට්ටිය තවත් ප්ලෑන් එකක් ලෑස්ති කරලා තිබුනෙ.ඉතිං ඒ ප්ලෑන් එකට අනුව කට්ටිය ඩෝම් එකේ දොර බාගෙට වහලා, දොරේ දාරෙ උඩින් ප්ලාස්ටික් බොග බකට් එකක් රැදෙව්වලු.නිකම්ම නෙවෙයි, හොදට වතුරත් පුරවලා.

ඉතිං බලාපොරොත්තු වෙච්ච විදිහටම ලයිමෝල්ට ටික වෙලාවකින් ඇහැරුනාලු.මෑන්ස් බලන්න ඇති ඔලුවට උඩින් වෙනදා තියෙන සීලිම වෙනුවට තරු තියෙන්නෙ ඇයි කියලා.ඒ මදිවට ඩෝම් එක ඇතුලෙ කුණු වළක්??? ටික වෙලාවකින් තමයි ලයිමෝල්ට ක්ලික් වුණේ තමන් ඉන්නෙ ඩෝම් එකෙන් එළියෙ, කුණුවළ අයිනෙ කියලා.මොකද්ද සිද්ද වෙන්න ඇත්තෙ කියලා මෑන්ස්ට තේරුම් ගියෙ එතකොට.ඉතිං ලයිමෝල් කළේ කුලප්පු වෙච්ච කගවේනෙක් වගේ දුම් දාගෙන, සාප කර කර ඩෝම් එක ඇතුලට කඩාගෙන ආපු එක.

මෙහෙම ආපු ලයිමෝල් ඩෝම් එකේ දොර අරිද්දිම

ජබෝස් !!!

අර දොර උඩ රදවලා තිබුන වතුර බකට් එකෙන් පොරව නෑවිලා ගියාලු.හැබැයි ඒ වැඩේනං පිනක් විදිහට තමයි පූසො සෙට් එක තවමත් සලකන්නෙ.මොකද ඉතිං දවස් හතරකට සැරයක් විතරක් වතුර බිංදුවක් දකින සරීර කුඩුව නොවැ!දැන්නං ලයිමෝල්ගෙ ෆ්ලවර් එක උපරිමෙන් ජම්ප් වෙලා.පොර ලෑස්ති වුණේ ඒ වෙලාවෙම කොටියා සර්ගෙ නිළ නිවාසෙට ගිහින් සර්ව මහ රෑ නැගිට්ටවන්න.එහෙම කළොත් රාත්‍රී ප්‍රහාරක බලකාය ඉවරෙටම ඉවරයි.

ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ලයිමෝල් කොටියා සර්ව හම්බවෙන්න යන්න එලියට බහිනකොටම ගිහින් මෑන්ස්ට ෆ්‍රෙන්ඩ්ලි ටෝකක් දාපු එක.අන්තිමට

කබඩ් එක සහ ඇද ආපහු තිබුන තැන තැබීම
කඩපු කබඩ් එක ආපහු හැදීම

වගේ කොන්දේසි කීපයක් පිළිගත්තට පස්සෙ ලයිමෝල් කැමති වුණාලු සර්ට මේ සිද්දිය ගැන පැමිණිලි නොකර ඉන්න.ඒ වගේම ලයිමෝලුත් එකග වුණාලු තමන්ගෙ දේවල් බෙදාහදාගෙන පාවිච්චි කරන්න.ඉතිං ඔය සිද්දියෙන් පස්සෙ ලයිමෝලුත් රාත්‍රී ප්‍රහාරක බලකායෙ සාමාජිකයෙක් බවට පත්වුණාලු.එදා ඉදලා මෑන්ස්ගෙ කබඩ් එක ඩෝම් එක ඇතුලෙ මාතෘකාවක් වුණෙත් නෑ.මොකද එදා ඉදලා ලයිමෝල් කබඩ් එක ලොක් කළේ නැති නිසා...

ප.ලි - රාත්‍රී ප්‍රහාරක බලකාය සීරීස් එක මෙතනින් ඉවර වුණාට ඉස්සරහට එන සමහර කතාවලදි රාත්‍රී ප්‍රහාරක බලකායෙ වැඩකෑලි ගැන ආපහු අපේ යාලුවන්ට කියවන්න ලැබේවි.

ලයිමෝල් දැන් ඉන්නෙ කොළොම්පුර පැත්තෙ සක්වල තක්සලාවක 2 වසරෙ.පුරුපුරු ඉන්නෙත් ඒකෙම 4 වසරෙ.ඉතිං ඉස්සර ලයිමෝල්ට කරපු අරියාදු වෙනුවෙන් පුරුපුරුට පුලුවන් වුණා කීප පාරක්ම ලයිමෝල්ව රැග් එකෙන් බේරගන්න.හික්ස්...සුපර් සීනියර් නොවැ!

අනිත් කාරනේ, මේ රාත්‍රී ප්‍රහාරක බලකාය සීරීස් එකේදි කරපු වැඩ වැරදියි කියලා දැන් පූසො දන්නවා.ඒත් ඉතිං ඒ කාලෙ ඕව ගැන එච්චර දුරට හිතන එකක්යැ!