අද අපි කියන්න යන්නෙ පුරුපුරු හිටපු 9-M පන්තිය ගැන.එදා අපි කිව්වනෙ පුරුපුරු 8 වසරෙදි හිටපු පන්තිය ගැන. ඔය පන්තිය වසවර්ති මාරයන්ගෙන් පිරිච්ච එකක් කියලත් ඒකෙ සදහන් වුණානෙ.සාමාන්‍යයෙන් නං එක අවුරුද්දක ඉදලා තවත් අවුරුද්දකට යද්දි පන්තිවල ළමයි මාරු කරල අලුත් පන්ති හදනවනෙ.ඒත් පුරුපුරුලගෙ ඉස්කෝලෙ බලධාරීන්ට මොකක් හරි වැරැද්දක් වෙලා වෙන්න ඇති, 8 වසරෙ පන්තියම කිසිම වෙනසක් නොකර 9 වසරට දැම්මලු. 8 වසරෙ අරහෙම හිටපු උන් ටික 9 වසරෙදි කොහොම ඉන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නෙ නේද?අපේ කතාවල ඉස්සරහට හම්බවෙන ගලා, පිගී, කිං BJ, තෙලා, මම්රා, කස්ස පසන්, ලෝඩ් කොක් (කොක් = කුකුළා) වගේ චරිත මේ පන්තියෙ තමයි හිටියෙ.කොටින්ම කියනවනං ග්‍රේඩ් එකේ හිටපු නොටෝරියස් කේස් වලින් බාගයක්ම 9-M පන්තිය ඇතුලෙ.ඔය පන්තියෙ ළමයින්ගෙ දග වැඩ අන්තිමේදි කොච්චර දරුණු වුනාද කියනවනං, ගුරුවරු කීප දෙනෙක්ම පන්තියට එන එක ප්‍රතික්ෂේප කරාලු.ටිකක් හරි කොන්ට්‍රෝල් එකක් තිබ්ණෙ ශ්‍රේණි බාර ජිලා සර්ට විතරලු.මෑන්ස් වස නපුර හින්ද කොල්ලො සෙට් එක සර්ට බයයි.ජිලා සර් පුරුපුරුට වේවැලක් කැඩෙන්න ගහපු කතාව පස්සෙ දවසක අහමුකො නේද? එතකොට බුන්ද කියන්නෙ කවුද? බුන්ද තමයි ක්ලාස් එකේ බයිට් එක.ඉන්නෙ මාකුඹුරෙ.බුන්දගෙ තාත්තත් ඉස්කෝලෙම විද්‍යා ගුරුතුමෙක්ලු.මෑන්ස්ගෙ ඇත්ත නම රොෂාන් කියමුකො.බුන්ද කියන නම හැදුනෙ නරියා බුන්ද කියන නම කෙටි වෙලා.ඒ කියන්නෙ බුරියානන්ද.ඒත් කවුරුවත් රොෂාන්ට බුරියානන්ද කිව්වෙ නෑ.බුන්ද කියල තමයි කිව්වෙ.ක්ලාස් එකේ ගුරුවරයෙක් නැති වෙලාවට තෙලාල ගිහින් බුන්දට විහිලුවට නෙලනව.මෑන්ස්ටත් අම්බානට මළ පනිනවලු.ඒත් මොනව කරන්නද?බැරිවෙලා හරි ඈතින් ගුරුවරයෙක් එනව දැක්කොත්
"සර්! සර්!! රොෂාන් මට ගහනවෝ "
කියල බුන්දට ගහපු කොල්ලො සෙට් එකම මර ලතෝනි දෙනවලු.ඉතිං අර සර් ඇවිල්ල බුන්දට තව පාරක් ගහනවලු.ඔන්න ඔහොම තමයි බුන්ද එකම වෙලාවෙ වේවැලෙනුයි, අතිනුයි දෙකෙන්ම ගුටි කෑවෙ!එදා ඉදන් තමන්ටම වරදත් වෙලා තමන්ම දඩුවම් විදීමේ කලාවට කට්ටිය කියන්නෙ "නරියා බුන්ද" මෙතඩ් කියලලු.
පන්තියෙ හිටපු තව විශේෂ කෙනෙක් තමයි සීනි බනිස්.පුරුපුරුයි සීනි බනිසුයි අවුරුදු 3ක් එක පන්තියෙ හිටියලු.ඔය අවුරුදු තුනේම මෑන්ස් උදේට කෑවෙ සීනි බනිස්.ඉතිං නම වැටුනෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?දැන්නං සීනි බනිස් රජයේ ටීවී චැනල් එකක ජනප්‍රිය නිවේදකයෙක්.ඒ වගේම නැගී එන නළුවෙක්.ඒක නිසා මෑන්ස් ගැන කතා කරන එක මෙතනින් නවත්තමු නේද යාලුවනේ?
ඒ වුණාට නවත්තන්නත් බෑ වගේ.මෑන්ස් බලාගෙන ගියාම අදහන්න වටින පොරක්නෙ.වෙන නළුවො නං කොච්චර මහන්සි වෙනවද, ඩයට් කරනවද නළුකමේ දිගටම රැදිල ඉන්න?ඒත් අපි කවුරුත් අහල තියනවද සීනි බනිස් කාල කාල නළුවෙක් වෙච්ච ඩයල් එකක්??නෑ නේද???
කොහොමත් සීනි බනිස් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම හොද කලාකාරයා.ඒ ලෙවල් කරන කාලෙ මෑන්ස්ට ඔය බම්බලපිටියෙ වජිර පාරෙ ඉස්කෝලෙක ගෑනු ළමයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුනලු.කොහොම හරි කොල්ලට රාජකීය මට්ටමේ බූට් එකක් වැදිල.හිතේ දුකට සීනි බනිස් ඒ ගෑනු ළමයට දිග ලියුමක් ලියල තිබුන අගට මෙහෙම කවියකුත් දාල
ඔබේ සිත මලක් වැනි යැයි ඔබ පැවසූ කතාව සැබෑය
මගේ සිත ගලක් වැනි යැයි ඔබ පැවසූ කතාවද සැබෑය
මලෙහි ලියූ පෙම් කවිය මැලවී ගොසිනි
නමුත් ගලෙහි කෙටූ පෙම් කවිය.............

9 - M දෙවෙනි කොටස ඊළග ලිපියෙන් බලමුකො!!!