අද බලමුකො අපේ යාළුවො ටික බියර් බීපු හැටි! දැන් කට්ටිය වට පිට බල බලා හොර පූසො ටික වගේ බෝතලේට කිට්ටු වෙනවා. ඒත් එක්කෙනෙක්වත් වැඩේ පටන් ගන්න පාටක් පේන්න නැහැලු. බැරිම තැන බෝතලේ අතේ තියාගෙන හිටපු රෙජීට සුබ මොහොතින් මේ මහා සද්කාර්යය කරන්ඩ කියල පුරුපුරුගෙන් ආරාධනා ලැබුනා. එතන ඇති වුණේ මේ වගේ කතාබහක්!!
රෙජී - මචං, මට අද හවස ගණන් පංති තියනවා. පරක්කුත් වෙනව බං! උඹල බීපං, එළකිරි ආ.. අවුලක් නෑනෙ? මම යනව මචං.......
මෙහෙම කියපු රෙජී පටස් ගාල එතනින් ඌර්ධවපාතනය වුණා. දැන් ඉතුරු හතර දෙනයි! ඒ තමයි ඤාව්වා, මාළු කට්ටා, පුරු පුරු සහ වේයන්ගොඩයා.
ඔන්න ඉතිං හතර දෙනාම සූරයෝ කියල ආපහු වැඩේ පටන් ගත්තලු. දැන් බෝතලේ තියෙන්නෙ මාළු කට්ට ළඟ!
මාළු කට්ටා - මමනං මචං හැමදාම බොනවනෙ! අද උඹල බීපං
(එහෙම කිව්වට අපේ යාළුව එතිල් ඇල්කොහොල් තියන බෝතලයක් ඇල්ලුවෙත් එදාම කියලා තමයි ආරංචිය)
ඔන්න ඔහොමයි මාළු කට්ට වැඩෙන් ශේප් උනේ. දැන් ඉතුරු තුන් දෙනයි! ඒ තමයි ඤාව්වා, පුරු පුරු සහ වේයන්ගොඩයා. ඒත් බලනකොට පේන්න හිටියෙ දෙන්නයිලු! බැලින්නං වේයන්ගොඩයත් හොරෙන්ම පැනල ගිහිං සළකුණක්වත් නැතුව! ආයි ඉතිං ෂර්ලොක් හෝම්ස් ආවත් හොයන්න බෑ. ඊටපස්සෙ ඉතිං ඤාව්වයි පුරු පුරුයි වැඩේට සෙට් වුණාලු. ඤාව්වත් උගුරු දෙකක් බීල ශේප් වුණාලු. අන්තිමට පුරු පුරුට බෝතලෙන් 90%ක් විතර තනියම බොන්න වුණාලු.
ප.ලි. - මේ කතාව සිද්ද වුනේ අපේ කට්ටිය 10 වසරෙ ඉන්නකොට බව කරුණාවෙන් සලකන්න. දැන්නං සමහරු වර්ල්ඩ් ක්ලාස් බෙබාලා වී සිටිති!!!!
නමුත් පුරු පුරු නම් අමද්‍යපයි. එයා යාළු වුනෙත් ඉස්කෝලෙ අමද්‍යප සංගමයෙ සභාපති තනතුර දරපු ගෑනු ළමයෙක් එක්ක නොවැ! ඒ කතා පස්සෙ දවසක.........