අඹ යාලුවෝ

Monday, January 31, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 7 ( මල්බණ්ඩා)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 6

පුරුපුරුට වැලන්ටයින් දිනේදි වෙච්ච වැඩේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ යාලුවනේ. ඊටපස්සෙ ඉතිං ඔය විදිහට ටික දවසක් ගෙවිලා ගියාලු. ඒත් අන්තිමේදි සිද්දවුණේ පුරුපුරු කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැති සිද්දියක්.

අපිට ජීවිතේදි එන කරදර අපිට කියලා එන එකක්යැ නේද? ඉතිං හදිස්සියෙම පුරුපුරුටයි විදූශාටයි ෆේස් කරන්න වුණෙත් එහෙම සිදුවීමකට.

එදාත් සුපුරුදු විදිහට අපේ පූසා බයෝ ක්ලාස් යන්න කියලා උදේම බස්ටෑන්ඩ් එකට ආවලු. මෑන්ස් එනකොට කොහොමහරි විදූශා ඇවිත් හිටියෙත් නෑ. ඉතිං පුරුපුරු බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන හිටියලු තමන්ගෙ පෙම්වතිය එනකන්. ඔහොම විනාඩි දහයක් විතර බලාගෙන ඉන්නකොට මෑන්ස් කලුවරේම දැක්කලු විදූශායි, තිලංකායි, රොෂානියි බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් මතුවෙන හැටි. ඉතිං පුරුපුරු ඉස්සරහට ගියෙ කට්ටියත් එක්ක කතා කරන්න බලාගෙන. ඒත් මේ ගෑනු ළමයි සෙට් එක කළේ පුරුපුරුව දැක්කෙ නෑ වගේ ගිහින් බස් එකට නැග්ග එක.

එකපාරටම වෙච්ච මේ සිද්දිය ගැන අපේ පූසාට හිතාගන්න බැරිවුණා. ඇත්තටම මෑන්ස් කවදාවත් විදූශාගෙන් මෙහෙම හැසිරීමක් බලාපොරොත්තු වුණේ නෑ. ඉතිං පුරුපුරුට මේ වෙච්ච වැඩේ ගැන ඇතිවුණේ දුකක්, තරහක්, වේදනාවක් මිශ්‍ර වෙච්ච හැඟීමක්. මෑන්ස් කළේ වහාම ගිහින් ඒ බස් එකටම නැග්ග එක. පුරුපුරු නැගලා බලද්දි කෙල්ලො කට්ටිය පිටිපස්සෙම සීට් එකේ වාඩි වෙලා. ඉතිං අපේ පූසාත් කෙලින්ම බස් එකේ පිටිපස්සටම ගියාලු. එතකොට හැබැයි තිලංකායි, රොෂානියි එහාට වෙලා පුරුපුරුට විදූශා ළගින් වාඩිවෙන්න ඉඩ හදලා දුන්නා.

පුරුපුරු තමන් ළගින් වාඩි වුණාම විදූශා පුරුපුරු දිහා බැලුවෙ ගොඩක් අසරණ වෙච්ච බැල්මකින්

පුරුපුරු :- විදූශා, ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නෙ නැතුව බස් එකට නැග්ගෙ? ඔයාට මොකක්හරි ප්‍රශ්නයක්ද?

විදූශා :- අනේ සොරි පුරුපුරු, මට බස්ටෑන්ඩ් එක මැද්දෙ ඔයා එක්ක කතා කරන්න බැරි වුණා.

පුරුපුරු :- ඒ මොකද?

විදූශා :- අපි දෙන්නගෙ සම්බන්දෙ ගැන කවුරුහරි අපේ ගෙදරට කියලා. මට ඊයෙ ගෙදරින් හොඳටම බැන්නා.

විදූශා බිම බලාගෙන කිව්වා. මෙහෙම කතා කරද්දි විදූශාගෙ ඇස් වලින් කඳුලු බිංදු වැටෙන්න පටන් ගත්තෙ එයාටත් නොදැනීමයි.

පුරුපුරු :- මොනවා, ඒත් අපිදෙන්නා පුලුවන් තරම් කට්ටියට නොපෙනෙන්නනෙ හිටියෙ?

විදූශා :- මම දන්නෙ නෑ, සමහරවිට අපිදෙන්නා බස් එකේ යද්දි කවුරුහරි දකින්න ඇති.

පුරුපුරු :- මට ඔය කියපු එකා අහුවුණොත්නං.........මම දන්නවා ඌට කරන්න ඕනෙ වැඩේ. එකත් එකටම ඕක කරන්න ඇත්තෙ අර විදත් තමයි.

විදූශා :- අනේ පුරුපුරු, කාත් එක්කවත් පැටලෙන්නනං යන්න එපා. ඊටපස්සෙ ඒවත් ගෙදරට ආරංචි වුණොත් මට විසුමක් හම්බවෙන්නෙ නෑ.

පුරුපුරු :- හොඳයි, ඔයා කියන හින්දාම මම මේ පාර ඉවසනවා.

විදූශා :- මීටපස්සෙ අපි හැමදාම බස් එකේ එකට යන්නෙ නැතුව ඉම්මු නේද?

පුරුපුරු :- මොනවා? ඉතිං අපි දැනටමත් බස් එකේ යන්නෙ සතියකට සැරයයිනෙ.

විදූශා :- ඔව්. අපි මීටපස්සෙ සතියක් ඇර සතියක් බස් එකේ යමු

ඉතිං ඔන්න ඔය විදිහට තමයි අන්තිමට සිද්දිය ඉවරවුණේ. ඒකෙන් මේකෙන් වුණේ සතියට එක පාරක් හරි විදූශාව මීට් වෙන්න අපේ පුරුපුරුට තිබුන චාන්ස් එකත් ජෝන් බාස්ට ගිය එක. ඒ වුණත් විදූශා ෆේස් කරලා හිටපු තත්ත්වෙ දිහා බලනකොට පුරුපුරුට කොහෙත්ම පුලුවන්කමක් තිබුනෙ නෑ විදූශාගේ තීරණයට විරුද්ද වෙන්න. ඉතිං අපේ පූසත් බොහොම අමාරුවෙන් හිත හදාගත්තලු සතියක් ඇර සතියක් මීට් වෙන වැඩේට.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො දෙන්නගෙ තීරණය ක්‍රියාත්මක වුණා කියමුකෝ. දැන් දෙන්නා හම්බවෙන්නෙ කලින් කතා කරගත්ත විදිහට සතියක් ඇර සතියක්. ඉතිං විදූශාව හම්බවෙන්නෙ නැති සතියෙ පුරුපුරු ගෙදර යන්නෙ මාලුකට්ටාත් එක්ක. ඒත් ඒ දවස්වල මාලුකට්ටාත් චාටර්මාලිට ට්‍රයි කර කර හිටපු හින්දා සමහර වෙලාවට පුරුපුරුට ගෙදර යන්න වෙන්නෙ තනියම. ඉතිං අපේ පූසා බොහොම දුකසේ තමයි ඒ වගේ දවස්වලට ඉන්නේ. හැබැයි මෑන්ස්ට පෙනුනෙ නෑ විදූශා ඒ වගේ දුකකින් ඉන්න බවක්.

විදූශා පුරුපුරුව මීට් වෙන්නෙ නැති දවස්වලට කරන්නේ යාලුවො දෙන්නාත් එක්ක එක එක බඩු ගන්න යන එක. කට්ටිය එක්කෝ ඇදුම් ගන්න ෂොපින් යයි, නැත්තං මොනවා හරි පොතක් බලන්න යයි, එහෙමත් නැත්තං වෙන මොකක් හරි ගන්න යයි. ඉතිං හැමදාම කෙරෙන මේ වැඩේ පුරුපුරුට එච්චර හිතට ඇල්ලුවෙ නෑ. මොකක්හරි තැනක වැරැද්දක් තියනවයි කියලා අපේ පූසාගෙ හයවෙනි ඉන්ද්‍රියට තේරුණාලු.

පුරුපුරු :- මොකද්ද විදූශා ඔයා කරන මේ වැඩේ තේරුම? ඔයා හැමදාම මාව මීට් වෙන්නෙ නැති දවස්වලට ගෙදර යන්නෙ පරක්කු වෙලානෙ. ඔන්න මමවත් ඉන්නවනං කමක් නෑ.

විදූශා :- අයියෝ පුරු, ඔයාට මාව සැකයිද? මම යන්නෙ තිලංකායි, ‍රොෂානියි එක්කනෙ. ඔයාට බයවෙන්න දෙයක් නෑ. දැන්ම ඔහොමනං බැන්දට පස්සෙ කොහොම ඉඳියිද?

බලාගෙන ගියාම විදූශා කසාද බදින වැඩෙත් දැන්මම ප්ලෑන් කරලා. ඉතිං පුරුපුරුගෙ හිතේ ඇතිවෙච්ච අනියත බය නිකම්ම නැතිවෙලා ගියා. මේ සිද්දිය ඉස්සාට කිව්වාම මෑන්ස් කිව්වෙත් විදූශා කියපු ටිකමයි.

" අයියෝ බං! උඹටත් පිස්සුනෙ, විදූශා ෂොපින් යන්නෙ මගෙ එක්කෙනයි, රොෂානියි එක්කනෙ. ඇරත් සමහර දවස්වලට කට්ටිය හවස්වෙලා ගෙදර යන්න කලින් මාත් එක්කත් කතා කරලයි යන්නෙ "

ඉතිං ඉස්සාත් මෙහෙම කිව්වාට පස්සෙ පුරුපුරුට තවදුරටත් හිතේ කිසිම කරදරයක් තියාගන්න ඕනෙ වුණේ නෑ. ඒත් අපේ පූසාගෙ නැතිවෙච්ච හිතේ කරදරේ ආපහු ඇතිවුණේ ඊළග සතියෙ පූස්ගම ටවුන් එකේදි රෝහණදීරව හම්බවුණාට පස්සෙ.

රෝහණදීර :- ආ පුරුපුරු මල්ලි, මම උඹව මුණගැහෙන්නමයි හිටියෙ. හොඳ වෙලාවට දැන් හම්බවුණේ.

පුරුපුරු :- ඇයි මොකද අයියේ, වලියක්නං කියන්න. පුරුපුරු ඉන්නවා ඕනෙ වෙලාවක අයියාව බේරගන්න.

රෝහණදීර :- විහිලු නෙවෙයි කොල්ලො, මම මේ සිරා ටෝකක් දෙන්නෙ. උඹලාට ඉතිං කොයි වෙලාවෙත් විහිලුනෙ.

පුරුපුරු :- හරි හරි අයියෙ, දැන් මොකද්ද කේස් එක?

රෝහණදීර :- මේකයි කේස් එක. අර මල්බණ්ඩා ඉන්නවනෙ.

පුරුපුරු :- මල්බණ්ඩා? මම එහෙම එකෙක්ව දන්නෑනෙ

රෝහණදීර :- උඹලා ඉතිං ටවුන් එකේ බැහැලා ඉන්න එකක්යැ! ඌ අර අහවල් ගමේ එකෙක්.

කොහොමහරි රෝහණදීර කියපු විදිහට මල්බණ්ඩා කියන්නෙ නොම්මර එකේ රස්තියාදුකාරයෙක්. පූස්ගම ඉන්න ලොකුම රස්තියාදුකාරයෙක් වෙන රෝහණදීරත් මෑන්ස්ට රස්තියාදුකාරයා කිව්වට පස්සෙ, පුරුපුරුට තවදුරටත් මල්බණ්ඩා ගැන චරිත සහතික ඕනෙ වුණේ නෑ. මෑන්ස්ගෙ ඇත්ත නම බණ්ඩාරතිලක. පුරුපුරුලාට වඩා අවුරුදු හයක් වැඩිමල්. ඒ කියන්නෙ ඒ දවස්වල මෑන්ස්ට අවුරුදු 23ක් විතර.

ඉතිං බණ්ඩාරතිලකට " මල් " බණ්ඩා කියන්නෙ පොර නිතරම මල් ගහන හින්දා. මල් ගහනවාට අමතරව මෑන්ස්ගෙ තිබුන විනෝදාංශය තමයි කෙල්ලොත් එක්ක යාලුවෙලා තමන්ගෙ ප්‍රජනක අවශ්‍යතා ඉෂ්ට කරගන්න එක. තව, මල්බණ්ඩා කියන්නෙ 11 වසරට යනකන්වත් ඉස්කෝලෙ ගියෙ නැති පොරක්. පූස්ගම බස්ටෑන්ඩ් එකේදි ඉස්කෝලෙ කොල්ලන්ගෙන් කලෙක්ෂන් දාන ඩයල් එකක්.ඉතිං රෝහණදීරගෙ කඩේදි මල්බණ්ඩායි රෝහණදීරයි අතර ඇතිවෙලා තියෙන්නෙ මේ වගේ සංවාදයක්

රෝහණදීර :- බණ්ඩා මොකද බර කල්පනාවක?

මල්බණ්ඩා :- බලපං බං, අතට ගත්තු ටොපිය කටට දාගන්න විදිහක් නෑ නොවැ!

රෝහණදීර :- ඒ කිව්වෙ?

මල්බණ්ඩා :- උඹ දන්නවනෙ අර රත්තවල්ලි ඉස්කෝලෙට යන විදූශා කියන කෑල්ල?

රෝහණදීර :- ම්ම්ම්...

මල්බණ්ඩා :- ඇයි බං අර අහවල් ගමේ ඉන්න සුදු කෑල්ල? මේ පාර උසස්පෙළ කරන්න පටන්ගත්තෙ?

රෝහණදීර :- ආ...ඔව් ඔව්. ඉතිං?

මල්බණ්ඩා :- මම ඒකිව දාගත්තා බං, ඒ වුණාට තවම ඒකිව කොහෙටවත් ඇදගන්න බැරිවුණා.

රෝහණදීර :- මොකද්ද යකෝ කියන්නෙ? බොරු කියන්න එපා. උඹ දන්නෙ නැද්ද ඒ අපේ පුරුපුරු මල්ලිගෙ කෑල්ල කියලා?

මල්බණ්ඩා :- ඒ කාලකන්නියා තමයි බං ප්‍රශ්නෙ. ඌ නිතරම ඒකි ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. මට නිදහසේ මේ වැඩේ කරගන්න බෑ

රෝහණදීර :- ඉතිං ***, ඌ උගෙ කෑල්ල ගැන ඇහැ ගහගෙන ඉන්නෙ නැතුව උඹලගෙ ***ගෙ *** දිහා ඇහැ ගහගෙන ඉන්නද? උඹ වහාම ඔය වැඩේ නවත්තපං. නැත්තං උඹ දන්නවනෙ මගෙ හැටි?

මල්බණ්ඩා :- හරි හරි බං, උඹ මේකට අත දාන්න එපා බන්, උඹ කෙල්ලෙක් හින්දා මට ගහනවද?

ඉතිං දෙන්නගෙ කොන්වසේෂන් එක ඔය විදිහට ඉවර වෙලා. ඊටපස්සෙ තමයි රෝහණදීර පුරුපුරුව හොයලා තියෙන්නෙ මේ නිව්ස් එක දෙන්න. ඉතිං මේ වගේ නිව්ස් එකක් අහපු පුරුපුරු පත්වෙච්ච මානසික තත්ත්වය ගැන ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද? අපේ පූසා ඒ වෙලාවෙම තීරණය කළේ අනිත් දවසේ විදූශාව හම්බවෙලා කෙලින්ම මේ ගැන අහන්න.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 6



විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ පුරුපුරු විදූශා එක්ක ගොඩගිය හැටි. සමහර කට්ටියනං හිතලා තිබුනෙ මේ සීරීස් එක එතනින් ඉවරයි කියලා. ඒත් ඒ සිතුවිල්ල වැරදියි. අපිට සිද්දවෙනවා මේ සීරීස් එක කොටස් 10ක් විතර යනකං කියන්න. ඉතිං අද කොටස කියවන්න කලින් යාලුවො ටික ගිහිල්ලා පරණ කොටස් ටික බලලා එන්නකෝ!

ඉතිං ඔහොම පටන්ගත්ත අපේ පුරුපුරුගෙ ලව් එක, ටික දවසකින් හොඳට නැගලා යන තත්ත්වෙකට පත්වුණා. දැන් ඉතිං දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි ගානට වැඩේ ෆිට් වෙලා තියෙන්නේ. හැබැයි මේ එෆෙයාර් එකට තදින්ම බලපාපු ප්‍රශ්නයකුත් තිබුනා. ඒ තමයි මේ දෙන්නාට නිතර මීට් වෙන්න බැරි වෙච්ච එක.

කලින් ලිපියකත් කිව්වා වගේ විදූශායි පුරුපුරුයි එකම පන්තියකට කියලා ගියෙ උපුල් සර්ගෙ බයෝ ක්ලාස් එකට විතරයි. ඉතිං මේ හේතුව හින්දා අපේ යාලුවො දෙන්නාට හම්බවෙන්න වුණේ සතියකට එක සැරයක් විතරයි. සමහර දවස්වලට විදූශා පන්ති ගිහින් එනකං පුරුපුරු පූස්ගම ටවුන් එකට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම බලගෙන හිටියත් කලාතුරකින් දවසක තමයි අපේ පූසාට විදූශා එක්ක කතා කරන්න වෙන්නෙ. මොකද විදූශාගෙ මල්ලිත් ඔය වෙලාවට ටවුන් එකේ සැරිසරනවා. ඉතිං කතා කරන්න ගිහින් වැඩේ ගෙවල් වලට ලීක් වුණොත් වෙන වැඩේ දන්න නිසා, මල්ලි ටවුන් එකේ ඉන්න දවස් වලට පුරුපුරු විදූශා එක්ක කතා කරන්න යන්නෙ නෑ. මෑන්ස් ඒ වෙලාවට කරන්නෙ ඈත ඉඳලා විදූශාට අත වනන එක.

සතියට එක පාරක් මීට් වෙන වැඩෙත් එච්චර ප්‍රතිඵලදායක නෑ. මොකද උදේ බස් එක ඇතුලෙ පැයයි, හවස බස් එක ඇතුලෙ පැයයි, ක්ලාස් ඉන්ටර්වල් එකේ විනාඩි දහයකුයි විතරයි මේ දෙන්නාට කතා බහ කරන්න තියෙන්නෙ. ඉතිං ඒ කතා කරන වෙලාවෙනුත් බාගෙකට වඩා යන්නෙ වටපිටාවෙ අදුරන මිනිස්සු ඉන්නවද කියලා බලන්න. කොහොමහරි ඉතිං හොරෙන් හොරෙන් කරගෙන ගිය මේ ආදර සම්බන්දෙට නොදැනීම මාස දෙකක් විතර ගෙවුනලු.

දැන් ඉතිං මේ වෙද්දි පෙබරවාරි මාසෙත් උදාවෙලා. දන්නවනෙ ඉතිං, පෙබරවාරි කියන්නෙ පෙම්වතුන්ගෙ මාසෙ නොවැ! කට්ටිය ඉතිං ලහි ලහියේ ලෑස්ති වෙනවා අර අහවල් දවසට. ඒ කිව්වෙ වැලන්ටයින් දිනයට. ඒ වෙද්දි ගොඩගිහින් හිටපු කොල්ලො හැමෝම ප්ලෑන් කර කර හිටියෙ තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැලන්ටයින්ස් ඩේ එකට මොනවද අරන් දෙන්නෙ කියලා. ඉස්සාත් ඉතිං මේ වෙද්දි තිලංකාට මොනවාහරි ප්‍රසන්ට් එකක් ගන්න හොද කඩයක් හොය හොයා හිටියේ. මෑන්ස් ඉතිං පුරුපුරුටත් කතා කළාලු ගම්පහ පොඩි ෂොපින් පාරක් දාන්න එන්න කියලා.

තමන් සෙලිබ්‍රේට් කරන පළවෙනි වැලන්ටයින් දිනය වෙනුවෙන් විදූශාට හොඳ ප්‍රසන්ට් එකක් ගන්න මේ වෙද්දි පුරුපුරුටත් ලොකු ඕනෙකමක් තිබුනා. හැබැයි මේ වැඩේට හරහට හිටියේ සල්ලි තමයි. මේ වෙද්දි අපේ පූසා අතේ සතේ නැති හිඟන පූසෙක් වෙලයි හිටියේ. මොකද ඉස්සර හොස්ටල් හිටපු දවස්වල වගේ නෙවෙ‍යි, දැන් මොන වැඩේ කරන්න සල්ලි ඉල්ලන්න ගියත් ගෙදරින් සල්ලි දෙන්නෙ ගානටමලු. ඉතිං ඒ හින්දා සල්ලි කීයක්වත් පුරුපුරුගෙ අතේ ඉතුරුවුණේ නෑ. ඒ මදිවට ඔය දවස්වල අනිත් පූසො තුන්දෙනත් ෆුල් හන්ටර් වෙලා හිටියෙ. ඉතිං යාලුවන්ට කරදර කරන්නත් අපේ පුරුපුරු කැමති වුණේ නෑ.

අන්තිමට පුරුපුරු ඉස්සාට පණිවිඩයක් යැව්වලු තමන්ට මේ ෂොපින් චාරිකාවට එන්න වෙන්නෙ නෑ කියලා. ඉතිං ඉස්සාට වුණේ තනියම ගම්පහ කඩ ගානෙ ඇවිදින්න. හැබැයි ඉතිං මෑන්ස් අන්තිමට ගොඩක් වටින තෑග්ගක් තිලංකා වෙනුවෙන් අරගෙන තිබුනා. කොහොමහරි පෙබරවාරි 13 වෙනිදා වෙනකොටත් පුරුපුරුට පුලුවන් වුණේ නෑ විදූශා වෙනුවෙන් ප්‍රසන්ට් එකක් ගන්න. ඒත් ඉතිං එහෙම ඉදලාත් බෑ නොවැ! පහුවෙනිදාට අනිවාර්යයෙන්ම විදූශාට මොනවාහරි දෙන්න ඕනෙ. විශේෂයෙන්ම ඉස්සා තිලංකාට අර තෑග්ග දෙනකොට පුරුපුරුට බෑනෙ විදූශාට මොනවත් නොදී ඉන්න.

අපේ පූසන්ගෙ ඉස්සර ඉඳලා තියෙන විනෝදාංශයක් තමයි සෙට් එකේ කට්ටියගෙ ගෙවල් වල යන එක. ඉතිං පෙබරවාරි 13 වෙනිදා කට්ටිය කතා වුණාලු මාලුකට්ටාගෙ ගෙදර, ඒ කියන්නෙ දේවගම, සංචාරයක් දාමුයි කියලා. පුරුපුරුගෙ ප්ලෑන් එක වුණේ මාලුකට්ටාගෙ ගෙදර ගිහින් එන ගමන්, පූස්ගම ටවුන් එකෙන් අතේ සල්ලි තියෙන හැටියට විදූශාට පොඩි ප්‍රසන්ට් එකක් ගන්න. කොහොමහරි ඉතිං පුරුපුරුයි, උපාසකයි, ඤාව්වායි උදේම පූස්ගමට ඇවිල්ලා දේවගම බස් එකකට නැග්ගලු. දේවගමට යන්න තියෙන එකම බස් එක තමයි පූස්ගම-දේවගම බස් එක. ඒ බසුත් තියෙන්නෙ පැයකට සැරයයි. ඉතිං උදේම බස් එකක් අල්ලගත්තාම තමයි ඉක්මනට මාලුකට්ටාගෙ ගෙදරට යන්න පුලුවන් වෙන්නෙ.

කොහොමහරි ඉතිං දේවගම බස් එක කොට කොටා ගිහින් අන්තිමට ගඟ අයිනෙ නැවැත්තුවලු. දේවගමට බස් ස්ටෑන්ඩ් එකක් තියා හදපු බස් හෝල්ට් එකක්වත් නෑ. ගමටම තියෙන්නෙ එක කඩයයි. ඉතිං බස් එකෙන් බැහැපු පූසො කට්ටිය කැලේ හරහා අපේ මාලුකට්ටාගෙ ගේ දිහාවට ගියාලු. ඔය ජුරාසික් පාක් චිත්‍රපටිය බලපු කට්ටියටනං ඒ වගේ පරිසරයක් හිතේ මවා ගත්තාම දේවගම ගැන රෆ් අයිඩියා එකක් ගන්න පුලුවන්.

එදා මාලුකට්ටාගෙ ගෙදර හිටියෙ මෑන්ස් විතරයි. ඉතිං අපේ යාලුවො කට්ටිය වටපිටාවෙ පොඩි සෆාරි එකක් එහෙම දාලා, ෆිල්ම් එකක් එහෙම බලලා ෆන් එකේ ඉන්නවලු. ඔය අතරෙ තමයි අපේ පුරුපුරුට අමුතු දර්ශනයක් මීටර් වුණේ. බැලින්නං මාලුකට්ටාගෙ ගෙදර සාලෙ මැද්දට අලුත් මල් වාස් එකක් ඇවිත්. වාස් එකේ පුරවලා තියෙන්නෙ රතු පාට කෘත්‍රිම රෝස මල්. දැන් ඉතිං කියන්න දෙයක් නෑනෙ මේ මල් ටික දැකලා පුරුපුරුට හිතුනෙ මොකද්ද කියලා. විදූශාට ප්‍රසන්ට් එකක් දෙන්න සල්ලි නැතුව වේලි වේලි හිටපු අපේ පුසාට මේ මල් දැක්කට පස්සෙ ඇතිවුණේ වතුර ටිකක් වැටුන කාන්තාරෙකට වගේ හැඟීමක්.

ඇත්තටම මේ රෝස මල් ටික මාරම මාර ලස්සනයි. ගහෙන් කැඩුවා වගේ. ඉතිං පුරුපුරු තීරණය කළාලු පහුවදාට මෙතනින් එකක් විදූශාට තෑගි කරන්න.

පුරුපුරු :- ඈ බං මාලුවො, අලුත් මල් වාස් එකක් ඇවිත් තියෙන්නෙ සාලෙට?

මාලුකට්ටා :- ඔව් බං! අපේ අම්මා ඊයෙ ගෙනාවෙ. පට්ට ගනං කියන්නෙ.

පුරුපුරු :- එහෙමද? විදූශාට දෙන්නනං කියාපු මල් ටික

මාලුකට්ටා :- පිස්සුද බං? අපේ අම්මා මාව මරාගෙන කයි.

පුරුපුරු :- හරි බං! මම එකයි ගන්නෙ. කොහොමත් අම්මාට ඕක මීටර් වෙන්න සති දෙක තුනක් යයිනෙ. ඒ වෙද්දි මම මේ ජාතියෙ මලක් ගෙනත් තියන්නං.

මාලුකට්ටා :- හ්ම් හ්ම්.. මොනවා කරන්නද ඉතිං? හැබැයි පුතෝ ඔන්න අනිවා ගෙනෙන් හොඳද? නැත්තං මට මෙහෙ ඉන්න හම්බවෙන්නෙ නෑ‍.

අන්තිමට ඉතිං පුරුපුරුට පුලුවන් වුණාලු මාලුකට්ටාගෙ ගෙදරින් රෝස මලක් පන්නන්න. ඒ එක්කම අතේ තිබුන සල්ලි වලින් විදූශාට චොක්ලට් එකක් ගන්නත් පුරුපුරු අමතක කළේ නෑ. පහුවදා, ඒ කියන්නෙ වැලන්ටයින් දවස, බයෝ ක්ලාස් එක තිබුන දවසක්. ඉතිං අපේ පුරුපුරුත් උදේ පාන්දරම, වීරයා වගේ රෝස මලයි, චොක්ලට් එකයි අරගෙන ගියාලු විදූශාට දෙන්න. මෑන්ස් යනකොටත් විදූශා බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන ඉන්නවලු. ඊටපස්සෙ ඉතිං දෙන්නා කළේ ගම්පහ බස් එකක නැගලා පිටත් වෙච්ච එක.

ඔහොම කතා කර කර යන ගමන් පුරුපුරු තමන්ගෙ ප්‍රසන්ට් එක විදූශාට දුන්නලු. ඒක දැකලා විදූශාට ගොඩක් සතුටුයි.

" අනේ! ලස්සන රෝස මලක් "
" කොහෙන්ද ගත්තෙ අනේ, කියන්නකො, රන්ජන් ලංකා එකෙන්ද? "
" සෑහෙන ගානක් වෙන්න ඇති නේද? "

මේ වගේ ටෝක්ස් ගොඩයි.

" මෙන්න මගෙන් ඔයාටත් ප්‍රසන්ට් එකක්. මේක වැලන්ටයින්ස් ඩේ එකයි, ඔයාගෙ බර්ත්ඩේ එකයි දෙකම වෙනුවෙන් "

බැලින්නං විදූශාත් ප්‍රසන්ට් එකක් ගෙනත් පුරුපුරුට. මෑන්ස් හිතුවේ මේ ප්‍රසන්ට් එක ඊළග සතියෙදි හම්බවෙයි කියලා. මොකද පුරුපුරුගෙ බර්ත්ඩේ එක තියෙන්නෙ වැලන්ටයින් දිනය පහුවෙලා දවස් කීපෙකින්. කොහොමහරි ක්ලාස් එකට ගිහින් ප්‍රසන්ට් එක කඩලා බැලින්නං මෙන්න බොලේ තඩි පර්ෆියුම් බෝතලයක් තියෙනවලු ඒක ඇතුලෙ. මතක විදිහට ප්‍රෝ ස්පෝර්ට් එකක්ද කොහෙද. ඉතිං මේක දැකපු අපේ පූසාට ඇතිවුණේ වචනයෙන් කියන්න බැරි සතුටක්.

කොහොමහරි ක්ලාස් එක ඉවරවෙලා තිලංකාව හම්බවුණු ඉස්සා, මෑන්ස් මිලට ගත්තු වටිනා තෑග්ග තිලංකාට දීලා තිබුනා. බැලින්නං ඒක වටිනා ආභරණයක්ලු. ඒ ගැන අහපුවාමනං පුරුපුරුට ඇතිවුණේ ලැජ්ජාවක්. ඒත් ඉතිං පුරුපුරු කියන්නෙ ඉස්සා වගේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයිනෙ. අනික උන්නු හැටියට මේ දීපු තෑග්ගත් කොච්චරනං හොඳයිද? මෙහෙම හිතලා අපේ පූසා හිත හදාගත්තලු.

ඊටත් පස්සෙ අවාසනාවන්තම සිද්දිය වුණේ අපේ මාලුකට්ටාට. මොකද මෑන්ස්ගෙ අම්මාට පහුවදාම මීටර් වෙලා තියෙනවා මල් වාස් එකේ එක මලක් අඩුයි කියලා. ඉතිං මාලුකට්ටා ක්ලාස් ඉවරවෙලා ගෙදර එද්දිම අම්මා මග බලාගෙන ඉදලා තියෙන්නෙ මෑන්ස්ට බනින්න. හැබැයි ඉතිං මාලුකට්ටා මොළේ කල්පනා කරලා සිද්දිය ශේප් කරගෙන තිබුනා. ඒක හින්දා වැඩේ එච්චර දුරදිග ගියෙ නෑ.

අද බ්ලොගාවකාශයේ ඉලංදාරි දිනයයි


රැකියාවල්, ඉගෙනීම්, සයිබර් සැණකෙලි, ගෙට් ටුගෙදර්, පාර්ටි අතරින් අපේ ජීවිත ඉස්සරහට ඇදිල යද්දි බ්ලොග් අවකාශයෙ හමුවුන අපේම සොයුරෙක්ගේ ජීවි
තය අද එක තැනක නැවතිලා. ඔහු තනියම ජීවිතය ජය ගන්න සටන් කරන්න පටන් අරන්... එහෙව් ඌ තනිකරලා අපිට විනෝද වෙන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද?

අපි හිතන්නෙ බෑ.... මිනිස්කමේ සුවඳින් පිරිච්ච ශ්‍රී ලාංකික අපේ හදවත් ඉලංදාරියා අමතක කරලා විනෝද වෙන්න අපිට ඉඩ දෙන්නෙ නෑ කියලා අපි දන්නවා.....

ඉතින් අපි හැකි පමණින් ඔහුට හයියක් වෙමු. අපේ පොඩිම පොඩි උදව්වත් ඔහුට මහමෙරක් තරම් වටිනවා. අමතක කරන්න එපා, අද ඔහු ඉන්න තැන හෙට ඔබත් ඉන්න පුලුවනි.

අද දිනයේ අප තබන මේ කුඩා පියවර හෙට දිනයේ ඔහු තබන මහා පියවරක් වේවා!!!


ඉලංදාරියාගේ බ්ලොග් එකට යන්න

ඉලංදාරියාගේ වචන වලින්ම ඉදිරිපත් කරන ඔහුගේ කතාව

මිනිස්
ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද් නිගමනයයි. ඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
විමසිම්
0772332071
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )











Thursday, January 27, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5


අද අපි ලිපි දෙකක් එකට දැම්ම හින්දා ඔයාලාට ගොඩක් වෙලාවට කලින් ලිපිය කියවන්න බැරිවෙන්න ඇති යාලුවනේ. ඉතිං පුරුපුරු බයෝ ක්ලාස් එකේදි විදූශාව හම්බවෙච්ච හැටි කියවන්න පහළ ලින්ක් එකෙන් යන්න.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4

ඉස්සායි, තිලංකායි අත් අල්ලගෙන කතා කර කර ඉස්සරහින් ඇවිදගෙන ගියා. පුරුපුරුට ඉතිං තවම එහෙම චාන්ස් එකක් නෑ නොවැ! මෑන්ස් ඉතිං නිකම්ම විදූශා එක්ක කතා කර කර පිටිපස්සෙන් ගියා. සෙට් එකේ හිටපු අනිත් ගෑනු ළමයා, එතෙන්ට ආපු එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වෙන කොහෙද යන්න ගියා. ඒ ගෑනු ළමයාවත්, කොල්ලාවත් පුරුපුරු කලින් දැකලා පුරුදු කට්ටිය නෙවෙයි. පස්සෙ තමයි දැනගත්තෙ ඒ ගෑනු ළමයගෙ නම "රොෂානි" කියලා.

පුරුපුරු :- ඉතිං කොහොමද විදූශා?

විදූශා :- වරදක් නෑ පුරුපුරු. ඔයාට කොහොමද?

පුරුපුරු :- මටනං ඉතිං කියන්න තරම් හොදක් නෑ. මට මේ දවස්වල හරියට නින්ද යන්නෙත් නෑ. ඔයාගෙන් එදා අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙනකං මට ඒ වගේ තමයි ඉන්න වෙන්නේ.

විදූශා :- (සිනාසී) ඇයි ඔයා මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ? ඔයාට කොළඹ ඉස්කෝලෙක ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙන්න තිබුනනෙ

පුරුපුරු :- (සිනාසී) මගෙ හිත ගියෙ ඔයාට. ඒකයි. ඉතිං ඔයා මොකද කියන්නෙ?

විදූශා :- මම කවදාවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉදලා නෑ. මට මේක අලුත් අත්දැකීමක්. මට තව ටිකක් හිතන්න ඕනෙ. මම ඔයාට ලබන සතියෙ කියන්නද?

පුරුපුරු :- (සිනාසී) අයියෝ, මම මේ සති දෙක හිටියෙත් ගොඩක් දුක් විද විද. ඔයාට බැරිද ඊට කලින් මට උත්තරයක් දෙන්න

මේ වෙද්දිනං පුරුපුරුට හිතිලා තිබුනෙ විදූශා ෂුවර් එකට තමන්ට හොඳ උත්තරයක් දෙයි කියලා.

විදූශා :- හොදයි, මේ දවස්වල අපේ ඉස්කෝලෙ ඕල්ඩ් ගර්ල්ස් ඇසෝසියේෂන් එකෙන් කානිවල් එකක් තියනවා. මමයි, තිලංකායි, රොෂානියිත් අනිද්දට ඒක බලන්න යන්නයි ඉන්නෙ. ඔයත් එන්න අපිත් එක්ක.

පුරුපුරු :- ඉතිං ඔයා අනිද්දට උත්තරයක් දෙනවද?

විදූශා :- (සිනාසී) බලමුකො

පුරුපුරු :- මමත් හිතනවා ඔය මට හොද උත්තරයක් දෙයි කියලා.

මේ වෙද්දි පුරුපුරුයි, විදූශායි කතා කර කර ඇවිත් ගම්පහ - පූස්ගම බස් එකකටත් නැගලා. ඉතිං ගම්පහ ඉදලා පූස්ගමට යනකං තව පැයක් මේ දෙන්නාට පුලුවන් වුණාලු කතා කර කර යන්න. අනිද්දා කොහොමද මීට් වෙන්නෙ කියලත් දෙන්නා කතා වුණාලු. කොහොමහරි පූස්ගමදි බස් එකෙන් බහිනකොට පුරුපුරු ෆුල් ෂුවර් එකෙන් තමයි හිටියේ වැඩේ හරි කියලා.

ඉතිං ඊට දවස් දෙකකට පස්සෙ උදේ, කලින් කතා කරගත්ත විදිහටම පුරුපුරු විදූශා ඇතුලු තුන් යෙහෙළියන්ව මීට් වුණාලු. ඒ පූස්ගම බස්ටෑන්ඩ් එකේදි. පුරුපුරු එද්දිත් ගෑනු ළමයි කට්ටියයි, රොෂානිගෙ බෝයි ෆ්‍රෙන්ඩුයිත් එතනට ඇවිල්ලයි හිටියේ. ඊටපස්සෙ ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ගම්පහ බස් එකේ නැගලා රත්තිවල්ලි බාලිකාවට යන්න පිටත් වෙච්ච එක.

කට්ටිය ඉස්කෝලෙ ළගින් බහිනකොට ඉස්සාත් එතෙන්ට ඇවිත් හිටියා. දැන් කොල්ලො තුන් දෙනායි, කෙල්ලො තුන් දෙනායි හරි. ඊටපස්සෙ කට්ටිය කළේ කපල් හැදිලා කානිවල් එක බලන්න ගිය එක. ඇත්තටම ඒක කානිවල් එකක් කිව්වාට මොකද්ද වෙළද ප්‍රදර්ශනයක්. පට්ටම පට්ට බෝරින්. ඒත් ඉතිං අපේ පූසා මේ ගමන ආවෙ කානිවල් බලන්නයැ නේද? ඒක හින්දා පුරුපුරුත් ඉතිං සද්ද නැතුව හිටියලු.

ටික වෙලාවකින් විදූශායි පුරුපුරුයි ආවෙ අයිස්ක්‍රීම් විකුණන්න තිබුනු වාහනයක් ළගට. මේ දවස්වල පුරුපුරු ෆුල් හිගන්නා වෙලා හිටියෙ. හොස්ටල් හිටපු කාලෙනං සතියටම ඇතිවෙන්න ගෙදරින් දෙන නිසා අතේ සල්ලි ටිකක් ගැවසුනා. දැන් ඉතිං සල්ලි හම්බවෙන්නෙ එදිනෙදා වියදමට. මොනවා කරන්නද? කුම්බලා මාලු කෑවට පස්සෙ ඕනෙ පූසෙක් විදවන්න ඕනෙ නොවැ! ඉතිං පුරුපුරුත් පර්ස් එක හූරලා සල්ලි ටිකක් හොයාගෙන අයිස් ක්‍රීම් දෙකක් ගත්තලු මෑන්ස්ටයි විදූශාටයි. දැන් දෙන්නා අයිස්ක්‍රීම් කන ගමන් කතාව.

පුරුපුරු :- ඉතිං විදූශා, ඔයා මොකද්ද අර මම අහපු එක ගැන කියන්නෙ?

විදූශා :- ඔයාට අදම දැනගන්න ඕනෙද?

පුරුපුරු :- ඇයි ඔයා පෙරේදා කිව්වෙ අද මට උත්තරයක් දෙනවයි කියලා?

විදූශා :- ම්ම්ම්...මම ඊයෙ මේ ගැන හිතලා බලලා තීරණයක් ගත්තා

පුරුපුරු :- මොකද්ද?

දැන්නං අපේ පූසාගෙ හාට් එක පපුව ඇතුලේ ඉදලා බේස් ඩ්‍රම් ගහනවා.

විදූශා :- ම්ම්...මම ඔයා අහපු දේට අකමැත්තක් නෑ පුරුපුරු

පුරුපුරු :- (සිනාසී) අකමැත්තක් නෑ? ඒ කිව්වෙ කැමැත්තකුත් නෑ කියලද?

විදූශා :- (සිනාසී) නැහැ අනේ! මම ඔයාට කැමතියි.

ඒ වෙලාව තමන්ට දැනිච්ච සතුට විස්තර කරන්න පුරුපුරුට වචන හොයාගන්න බැරිවුණා. ඇත්තටම මෑන්ස්ට විනාඩියක් විතර යනකං මොනවත් කතාකරගන්න බැරිවුණා.

විදූශා :- (සිනාසී) ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ? ඔයා බලාපොරොත්තු වෙච්ච උත්තරේ මේක නේද?

පුරුපුරු :- (සිනාසී) ඔව් ඔව්!! මට කියන්න දෙයක් හිතාගන්න බැහැ විදූශා. ඒකයි.

ඉතිං එදා ගෙදර යන්න කලින් පුරුපුරු මේ සුභ ආරංචිය ඉස්සාට කිව්වලු. ඒ වගේම ගෙදර ගිය ගමන්ම මෑන්ස් කළේ අනිත් පූසන්ට සිද්දිය දැනුම් දුන්න එක. කොහොමහරි පහුවදා පුරුපුරු ගානෙ පූසො සෙට් එකට ෆ්‍රයිඩ් රයිස් අරන් දෙන්නත් කට්ටිය කතා වුණාලු. ඔන්න ඔහොමයි අපේ පූසන්ගෙන් කෙනෙක් මුලින්ම ප්‍රේම-පූස්-වන්තයෙක් වුණේ. ඉතිං පුරුපුරු ගොඩ ගිය ආරංචිය මුලු පූස්ගමම පැතිරිලා ගියෙ විදුලි වේගෙන්‍.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4 (බයෝ ක්ලාස් එක)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3

ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙනුත් කිව්වා වගේ, පුරුපුරුට විදූශාගෙන් යාලුවෙන්න අහලා හරිහමන් උත්තරයක් ලැබුනෙ නෑ නොවැ! ඒ මදිවට මෑන්ස්ට විදූශාව කන්ටෑක්ට් කරන්න විදිහක් තිබුනෙත් නෑ. ඉතිං විදිහට අපේ පූසාට විදූශාව ආපහු හම්බවෙන්න නියමිත වෙලා තිබුනෙ ඊට සති දෙකකට පස්සෙ පටන්ගන්න ආචාර්ය උපුල්ගෙ බයෝ ක්ලාස් එකේදිලු.

දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේ සති දෙක පුරුපුරු ගතකළේ කොහොමද කියලා. කොටින්ම මෑන්ස් මේ දවස්ටිකේ හරියට කෑම කන්නවත් බැරුව, නින්ද යන්නෙත් නැතුව, සෙල්ලම් කරන්නත් බැරුව, බලාගත්ත අතේ බලාගෙන, කල්පනා කර කර තමයි හිටියෙ.එදා විදූශා පොසිටිව් උත්තරයක් දුන්නාට කියන්න බෑනෙ, සති දෙකක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.

කොහොමහරි ඉතිං ඔය විදිහට කාලෙ ගතවෙලා, පුරුපුරු බලාපොරොත්තුවෙන් හිටපු දවස - ඒ කියන්නෙ උපුල් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න දවස - අන්තිමේදි උදාවුණාලු. අපේ පූසාගෙ බලාපොරොත්තුව වුණේ උදේ පාන්දරම පූස්ගම බස්ටෑන්ඩ් එකට ගිහින්, විදූශා එක්කම ගම්පහ බස් එකේ යන්න. ඒත් බස්ටෑන්ඩ් එකට වෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියත් විදූශා එන පාටක් පේන්න තිබුනෙ නෑ. මේ අතරෙ මාලුකට්ටාත් ආපු නිසා පුරුපුරුයි මාලුකට්ටායි ගම්පහට යන්න පිටත් වුණාලු.

ගම්පහට ගිහින් ගම්පහ බස්ටෑන්ඩ් එකේ ටිකක් වෙලා හිටියත් ඒත් අපේ පූසන්ට විදූශාව මුණගැහුනෙ නෑ. ඊටපස්සෙ ඉතිං අපේ යාලුවො දෙන්නා කළේ ඉක්මනට ක්ලාස් එකට යන එක. මොකද මේ වෙද්දි අම්බානට පරක්කු වෙලා තමයි තිබුනෙ. කොටින්ම පුරුපුරුයි, මාලුකට්ටායි යනකොට ක්ලාස් එක පටන් අරගෙනත් ඉවරයි. ඉතිං පූසො දෙන්නා කළේ ක්ලාස් එකේ කාඩ් එකත් අරගෙන අන්තිම පේළියෙන් ගිහින් වාඩිවෙච්ච එක. ටිකක් එහායින් ඉස්සායි, මැක්නාතුයි, සව්සිරියිත් වාඩි වෙලා හිටියලු. දැන් අපේ යාලුවො දෙන්නාට තියෙන ලොකුම ප්‍රශ්නෙ විදූශා ක්ලාස් එකට ආවද නැද්ද කියන එක.

ඔය අතරේ උපුල් සර් ළමයි එක එක්කෙනා එක්ක කතා කර කර ක්ලාස් එකේ පිටිපස්සට ආවලු. ඇත්තටම ක්ලාස් එකේ හිටපු ළමයි තොගේ දැකලා පූසො දෙන්නා බයවෙලා හිටියේ. මොකද අපේ යාලුවො කට්ටිය මීට කලින් කවදාවත් මාස් ක්ලාස් එකකට ගිහින් තිබුනෙ නෑ. පස්සෙ තමයි තේරුනේ සමහර සර්ලගෙ ගෲප් ක්ලාස් වල උපුල් සර්ගෙ මාස් ක්ලාස් එකට වඩා ළමයි හිටපු වග. කොහොමහරි සර් හැමෝගෙන්ම අහගෙන ආවෙ මොකද්ද අනාගතේදි කරන්න බලාපොරොත්තු වෙන රැකියාව කියලා. ක්ලාස් එකේ හිටපු ළමයින්ගෙන් 95% කටත් වඩා කිව්වේ වෛද්‍යවරයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා.

ඉතිං උපුල් සර් ඔහොම ඇවිල්ලා පුරුපුරුලා හිටපු අන්තිම පේලිය ළග නැවතුනාලු. අන්තිම පේළියෙත් මාලුකට්ටා ඇතුලු අනිත් ළමයින්ගෙ අයිඩියා එක වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒත් පුරුපුරු කිව්වේ තමන් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න කැමතියි කියලා. මොකද මෑන්ස් පොඩිකාලෙ ඉදලාම ඔය විද්‍යා වැඩ වලට කැමතියි. කොහොමහරි ඔය සිද්දිය හින්දා උපුල් සර්ට පුරුපුරුව හොඳට මීටර් වුණා. මොකද සර්රුත් ‍හොඳ සත්ව විද්‍යාඥයෙක්.

ඊටපස්සෙ සර් ගියේ මැක්නාත්ලා හිටපු පේළියට. මැක්නාත් කියන්නෙ පුසන්ට මෙච්චරකල් හම්බවුණු චරිත අතරින් හිත හොද, පිස්සුම පිස්සු ඩයල් එකක්. ඒ පේළියෙත් අනිත් ළමයි සර්ගෙ ප්‍රශ්නෙට දුන්නෙ සුපුරුදු උත්තරේමයි. ඒත් මැක්නාත් කවදත් අනිත් ළමයින්ට වඩා වෙනස්

උපුල් සර් :- පුතාගෙ නම මොකද්ද?

මැක්නාත් :- විශ්වග්‍රාත් මැක්නාත්

උපුල් සර් :- අනාගතේදි කවුරු වෙන්නද කැමති

මැක්නාත් :- සර්, මම බිස්නස්මන් කෙනෙක් වෙන්නයි කැමති

උපුල් සර් :- බිස්නස්? මොන වගේ බිස්නස් එකක්ද පුතා?

මැක්නාත් :- මට යෝගට් නිෂ්පාදකයෙක් වෙන්නයි ඕනෙ සර්. ඒකයි මම බයෝ කරන්න තෝරගත්තෙ‍

කොහොමහරි ඉතිං මෑන්ස්ගෙ කතාවට ක්ලාස් එකේ ළමයි ඔක්කොටම හිනා. ඔය අතරෙ පුරුපුරුයි, මාලුකට්ටායි රේඩාර් එක ක්‍රියාත්මක කරලා බැලුවලු විදූශා කොහෙහරි පේන්න ඉන්නවද කියලා. කොහෙද? කෙල්ලො සියගානක් අතරේ පූසන්ගෙ රේඩාර් එකත් හරියට වැඩ කරන්නෙ නැහැ. අනිත් එක ලස්සන ගෑනු ළමයෙක් දැක්ක හැටියෙ මාලුකට්ටාගෙ රේඩාර් එක එතන ස්ටක් වෙනවා. ඉතිං ඔය විදිහට විදූශාව හොයන වැඩේ සාර්ථකව කරන්න පූසන්ට බැරිවුණා.

ඊටපස්සෙ තමයි පුරුපුරුට මතක්වුණේ ඉස්සත් ක්ලාස් එක ඇතුලෙ ඉන්නවා නේද කියලා. පොර ඊටපස්සෙ කළේ චිට් එකක් ලියලා ඉස්සාට පාස් කරපු එක. චිට් එකේ තිබුනෙ " අද විදූශායි තිලංකායි ආවද? " කියන ප්‍රශ්නෙ. ටික වෙලාවකින් පුරුපුරුට ඉස්සාගෙන් යවපු චිට් එකට පිළිතුරු චිට් එකක් ආවලු. ඒක දිගඇරලා බැලුවම මෙහෙම උත්තරයක් තමයි තිබුනෙ.

"දෙන්නම ආවා. තව කෙල්ලෙකුත් එක්කගෙන ආවේ. සිතියමේ මාක් කරලා තියෙන තැන බලපන්"

බැලින්නං මෑන්ස් චිට් එක පහළින් ක්ලාස් එකේ සිතියමකුත් ඇදලා, විදූශා ඉන්න තැන මාක් කරලත් එවලා. ඊටපස්සෙ සිතියම අනුව ක්ලාස් එක නිරීක්ෂණය කරපු පුරුපුරුට පුලුවන් වුණාලු බොහොම අමාරුවෙන් විදූශා ඉන්න තැන හොයාගන්න. දැන්නං ඉතිං අපේ පූසාට මාර හැපී. ක්ලාස් එක ඉවරවෙනකං පුරුපුරු හිටියෙ හරිම නොඉවසිල්ලෙන්.

පළවෙනි දවස හින්දා ක්ලාස් එක තිබුනේ පැය එකහමාරක් වගේ පොඩි කාලයක්. ඉතිං ක්ලාස් එක එක ඉවරවෙච්ච ගමන් එළියට පැනපු පුරුපුරු, මාලුකට්ටා, සව්සිරි, ඉස්සා, මැක්නාත් ඇතුලු කොල්ලො සෙට් එක ගම්පහ - ජාඇල පාරට ආවලු. ඊටපස්සෙ ඉස්සායි, පුරුපුරුයි කළේ අනිත් කට්ටියගෙන් වෙන් වෙලා ටිකක් එහාට ගිය එක. මේ වෙද්දි ඉස්සාටත් මාසෙකින් තිලංකාව හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං මෑන්සුත් බොහොම බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න.

ඔහොම ටික වෙලාවක් යද්දි ක්ලාස් එක පැත්තෙන් මතුවෙච්ච ළමයි ගංගාව අතරින් විදූශාගෙයි, තිලංකාගෙයි මූණුත් මතුවුණාලු. පුරුපුරුව දැක්ක විදූශා ඈත ඉදන්ම සුහදශීලී හිනාවක් දාගෙන තමයි එතෙන්ට ආවෙ. ඊටපස්සෙ කට්ටිය කළේ බස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ගියපු එක. මේ ඇවිදීම බොහොම හිමින් තමයි සිද්දවුනේ. මොකද කාලෙකින් මුණගැහිච්ච කට්ටියට කතාබහ කරන්න ඕන තරම් දේවල් තිබුනා.

ඊළග කොටස බලන්න මෙතනින් යන්න

Wednesday, January 26, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3



මුලින්ම විදූශා සීරීස් එකේ කලින් කතා කියවපු නැති යාලුවො ගිහින් කියවලා එන්නකෝ.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2

කොහොමහරි ඉතිං අපේ පූසො සෙට් එක ඕ ලෙවල් විභාගෙත් ලියලා ඉවර කළා. පුරුපුරුත් විදූශා ගැන හිතේ තියාගෙන විභාගෙ ලිව්වාට, දෙයියන්ගෙ පිහිටෙන් විභාගෙ එච්චර ප්‍රශ්නයක් වුණේ නෑ. හිතුවා වගේම අවුල් ගියේ ඉන්ග්ලිෂ් ලිට් විතරයි. ඒකත් "බී" සාමාර්ථයක් එන ගානට ලියාගන්න මෑන්ස්ට පුලුවන් වුණා. ඉතිං විභාගෙ ඉවරවෙලා, හොස්ටල් එකෙනුත් නිළ වශයෙන් අස්වෙච්ච පුරුපුරු ඊටපස්සෙ ගෙදර පදිංචියට ආවලු. දැන් ඉතිං අපේ පූසා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ලිට් ක්ලාස් එකේ ගෙට් ටුගෙදර් එකට යන්න.

පුරුපුරුගෙ ප්ලෑන් එක වුණේ ගෙට් ටුගෙදර් එක ඉවරවෙලා ගෙදර යද්දි විදූශාගෙන් යාලුවෙන්න අහන්න. මේ වෙද්දි මෑන්ස් කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් යාලුවෙන්න අහලා තිබුනෙත් නෑ. ඉතිං කොච්චර උනන්දුවක් තිබුනත්, ඒ එක්කම ලොකු චකිතයකුත් අපේ පූසාගෙ හිත ඇතුලෙ බල්ටි ගගහා තිබුනලු. අනිත් එක ඒ වෙද්දි පූසො සෙට් එකේ කාටවත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නෑ. ඉතිං මාලුකට්ටයි, උපාසකයි, ඤාව්වයිත් පුරුපුරුට උපදෙස් දෙන්න පුලුවන් මට්ටමේ හිටියෙ නෑ. අන්තිමේදි පුරුපුරු මේ වැඩේ ගැන උපදෙස් ගත්තේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටපු තමන්ගෙ එකම යාලුවා වෙච්ච ඉස්සාගෙන්.

ඉස්සාගෙ උපදෙස වුණේ කෙලින්ම ගිහින් බය නැතුව විදූශාගෙන් අහන්නයි කියන එක. ඒ එක්කම මෑන්ස්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙච්ච තිලංකාගෙනුත් වැඩේට ෆුල් සප් එක අරන් දෙන්නම් කියලා ඉස්සා පොරොන්දු වුණාලු. කොහොමත් තිලංකා කලින්ම පුරුපුරුට පොරොන්දු වෙලා හිටියේ විදූශා එක්ක යාලුවෙන්න උදව් කරනවා කියලා. ඉතිං තිලංකායි, විදූශායි හොඳම යාලුවො හින්දා පුරුපුරුටත් ලොකු විශ්වාසයක් තිබුනේ තිලංකා කියන දේ අහලා විදූශා තමන්ට කැමති වෙයි කියලා. කොහොමහරි මේ වෙද්දිත් විභාගෙ ඉවර වුණාට පස්සෙ පුරුපුරුට එක දවසක්වත් විදූශාව මීට් වෙලා තිබුනෙ නෑ.

ඉතිං ඔය විදිහට තව දවස් කීපයක් ගතවෙලා ගිහින් ලිට් ක්ලාස් එකේ ගෙට් ටුගෙදර් එක තියෙන දවසත් උදාවුණාලු. එදා උදේ පුරුපුරු නැගිට්ටෙ වෙනදා නැගිටින වෙලාවට පැය දෙකක් විතර කලින්. මොකද ඉතිං කොච්චරනං ලෑස්ති වෙන්න තියෙනවද? මෑන්ස් එදා ඇන්දෙ තමන් ළග තියෙන හොදම ටී ෂර්ට් එකයි ඩෙනිම් කලිසමයි. ඩෙක් ෂූස් නැති හින්දා කකුල් වලට දාන්න වුණේනං හැබැයි පරණ සැන්ඩ්ල්ස් දෙකමයි. කොහොමහරි කොන්ඩෙත් හොඳට පීරලා, පැයක් විතර හැඩ වෙච්ච අපේ පූසා, ගෙට් ටුගෙදර් එක පටන් ගන්න පැය බාගයක් විතර තියෙද්දි ක්ලාස් එකට ගියාලු.

අනිත් පූසො ටික ක්ලාස් එකට ආවෙ තව පැය කාලක් විතර ගියාට පස්සෙ. හැබැයි නියමිත වෙලාව පහුවෙනකම්ම විදූශායි, තිලංකායි ඇවිත් හිටියෙ නෑ. දැන් ඉතිං පුරුපුරුට මාර අප්සට් එක. මෙච්චර ලෑස්තිවෙලා, යාලුවෙන්න අහන්නත් සූදානමින් ඉදිද්දි විදූශා එදාට බැරිවෙලාවත් නාවොත් එහෙම?

කොහොමහරි තව ටික වෙලාවක් යද්දි පාරෙ කොනකින් එක පාරටම විදූශායි, තිලංකායි මතුවුණාලු. එතකොට තමයි අපේ පූසාගෙ හිතට නිවනක් හම්බවුණේ. මේ වෙද්දි ක්ලාස් එකේ අනිත් ළමයි පාටි එකට බඩු ගෙනත් ඒ වැඩ ඕගනයිස් කර කර හිටියේ. ඊටපස්සෙ ඉතිං කට්ටිය මැඩම්වත් එකතු කරගෙන ක්ලාස් එක මැද්දෙ පොඩි පාටි එකක් දැම්මලු.

පාටි එක වෙලාවෙදි තමයි පුරුපුරුට ටිකක් නිදහසේ විදූශා එක්ක කතා කරන්න චාන්ස් එකක් හම්බවුණේ. ඉතිං විස්තර කතා කරලා බැලින්නං විදූශාත් ඒ ලෙවල් වලට බයෝ සයන්ස් කරන්න ඉන්නේ. හැබැයි විදූශා යන්න ඉන්නේ පුරුපුරු යන්න ඉන්න ක්ලාස් වලට නෙවෙයි. විදූශා කෙමිස්ට්‍රි වලට රතුපිටිය මිස්ගෙ ක්ලාස් එකටයි, ෆිසික්ස් වලට හිස්සැල්ල සර්ගෙ ක්ලාස් එකටයි තමයි යන්න ඉන්නේ. හැබැයි තවමත් යන්න හොද බයෝ ක්ලාස් එකක් ගැන එයාට අයිඩියා එකක් තිබුනෙ නෑ. පුරුපුරු බයෝ වලට යන්න හිටියේ ආචාර්ය උපුල්ගෙ ක්ලාස් එකට. ඉතිං ඒක ඇහුවාම විදූශාත් තීරණය කළාලු ඒ ක්ලාස් එකට එන්න.

කොහොමහරි පාටි එක මැද්දෙදි විදූශාගෙන් අහන්නෙ නැතුව ක්ලාස් එකෙන් එළියෙදි අහන්න තමයි පුරුපුරු තීරණය කළේ. මොකද ක්ලාස් එක මැද්දෙදි ඕක අහන්න ගිහිල්ලා මොකක්හරි අප්සට් කේස් එකක් ගියොත් මාර නෝන්ඩිය නොවැ!

ඉතිං පාටි එක ඉවරවෙලා මැඩම් කළේ ඕ ලෙවල් පේපර් එක කෙටියෙන් ඩිස්කස් කරපු එක. ඉතිං මැඩම් පේපර් එක ගැන කතා කරලා ඉවර වෙනකං අපේ යාලුවො කට්ටියට වුණේ මූණ ඇඹුල් කරගෙන අහගෙන ඉන්න.කොහොමහරි ඒකත් ඉවරවෙලා අන්තිමට ළමයි කට්ටිය මැඩම්ට වැඳලා ක්ලාස් එකෙන් සමුගත්තලු. ඉතිං මැඩම්ට වැදලා අපේ පුරුපුරුත් කළේ අනිත් පූසොත් එක්ක ක්ලාස් එකෙන් එළියට ආපු එක.

ටික වෙලාවකින් මෙන්න තිලංකායි, විදූශායිත් එළියට එනවලු තව ගෑනු ළමයි සෙට් එකක් එක්ක. පුරුපුරු මුලින් හිතාගෙන හිටියෙ තිලංකායි, විදූශායි විතරක් ඉන්න තැනදි විදූශාව කතා කරලා පැත්තකට ගන්න. ඒත් ඉතිං කෙල්ලො හත් අටදෙනෙක් ඉන්න තැනදි අපේ පූසා කොහොමද විදූශා එක්ක කතා කරන්නෙ?

දැන් ඉතිං ගෑනු ළමයි කට්ටිය පූසො ඉන්න තැන පහුකරලා යන්නත් ළගයි. පුරුපුරුට හිතාගන්න බෑ දැන් මොනවද කරන්න ඕනෙ කියලා.

උපාසක :- යකෝ පුරුවො පලයං පලයං, උඹට දැන් අල්ලගත්තෙ නැත්තං ආයි මේකිව අල්ලගන්න වෙන්නෙ ඒ ලෙවල් ක්ලාස් යනකොට තමයි.

පුරුපුරු :- කොහොමද යකෝ එතෙන්ට කිට්ටු වෙන්නෙ? ඒකි බොඩිලාඩ්ලා සෙට් එකක් එක්කනෙ යන්නෙ.

ඤාව්වා :- මේ මගෙන් කුණුහරුප අහගන්නෙ නැතුව ඉක්මනට පලයං

දැන් අනිත් පූසො තුන්දෙනා පුරුපුරුව තල්ලු කරනවා. පුරුපුරුත් ඉතිං තල්ලුව වැදුනු පාර ඉබේටම යැවුනලු කෙල්ලො සෙට් එක ළගට. දැන් මේක මීටර් වෙච්ච තිලංකාත් ට්‍රයි එක ගමනෙ වේගෙ අඩුකරලා, පුරුපුරුට විදූශා එක්ක කතා කරන්න චාන්ස් එකක් අරන් දෙන්න. කොහොමහරි ටික වෙලාවකින් පුරුපුරුට පුලුවන් වුණාලු විදූශා එක්ක කතා කරන්න පුලුවන් මට්ටමට ලංවෙන්න.

පුරුපුරු :- විදූශා...!

විදූශා :- ආ...පුරුපුරු, ඇයි ?

පුරුපුරුට පුලුවන් වුණාලු අනිත් ගෑනු ළමයින්ට මීටර් වෙන්නැතුව විදූශාව පැත්තකට ගන්න. නැත්තං ඒ ගෑනු ළමයි වැඩේ මීටර් වෙලා සද්ද නැතුව ඉන්න ඇති. කොහොමහරි අන්තිමට අපේ පූසාට චාන්ස් එක ලැබුනා තනියම විදූශා එක්ක කතා කරන්න.

පුරුපුරු :- ක්ලාස් ඉවරවෙලා අපිත් එක්ක කතා කරන්නෙත් නැතුව යනවා නේද?

විදූශා :- හික්...ඇයි අපි ක්ලාස් එකේදි කතා කළේ?

පුරුපුරු :- ඔව්....... ක්ලාස් එකේදිත් කතා කළා තමයි......ඒ වුණාට මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා.....ඒක ක්ලාස් එක ඇතුලෙදි කියන්න බෑ

මෙහෙම පුරුපුරු කිව්වාම විදූශාගේ කට කොනට පොඩි හිනාවකුත් ආවලු.

විදූශා :- මොකද්ද ඔයාට කියන්න තියෙන්නෙ?

දැන් ඉතිං පුරුපුරුට හීන් දාඩියත් දාලා. දැන් ඉතිං පටන් ගත්ත වැඩේ මගදි නවත්තන්නත් බෑ නොවැ. ඉතිං අපේ පූසා තමන්ට තිබුන ඔක්කොම පූස් ධෛර්යය අරගෙන තමන්ගෙ කටහඬ අවදි කළාලු.

පුරුපුරු :- මම....ඔයාට කැමතියි...ඔයා මොකද කියන්නෙ විදූශා...?

විදූශා :- (මදක් සිනාසී) අනේ මන්දා පුරුපුරු, මට ඉක්මනට යන්නත් ඕනෙ, යාලුවො බලාගෙන ඉන්නවා මම එනකං

මෙහෙම කියපු විදූශා එතනින් යන්න ලෑස්ති වුනාලු

පුරුපුරු :- විදූශා පොඩ්ඩක් ඉන්න, මම ආපහු ඔයා එක්ක කතා කරන්නෙ කොහොමද? ඔයාට ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවද?

පුරුපුරු මෙහෙම ඇහුවෙ ඒ දවස්වල ලෑන්ඩ් ෆෝන් එකක් තිබුනෙත් සමහර ගෙවල් වල විතරක් වෙච්ච හින්දා

විදූශා :- ටෙලිෆෝන් තියනවා. ඒ වුණාට ගෙදරට කතා කරන්න එපා. ගෙදරට කොල්ලෙක් කෝල් කළොත් මට අම්මගෙන් බැනුම් අහන්න තමයි වෙන්නෙ. අපි උපුල් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න දවසට හම්බවෙමු.

මෙහෙම කියලා පුරුපුරුට ගෙදර නම්බර් එකත් දුන්න විදූශා, ඉක්මන් ගමනින් ගිහින් ආපහු තමන්ගෙ යාලුවන්ට එකතු වුණාලු. දැන් ඉතිං තව සති දෙකකින් ආචාර්ය උපුල්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න දවසට තමයි අපේ පූසාට ආපහු විදූශා එක්ක කතා කරන්න වෙන්නෙ.

ඉස්සායි තිලංකායි කපල් එකත් දැන් මීට් වෙන්නෙ නැති නිසා ඒ දෙන්නා මාර්ගයෙන් පණිවිඩයක් යවන්නත් විදිහක් නෑ. ඇරත් විදූශා හරිහමන් උත්තරයක් දුන්නෙත් නෑ නොවැ! ඉතිං පුරුපුරු ඊටපස්සෙ ගතවුණ සති දෙක ගෙව්වෙ හිතට කිසිම නිදහසක් නැතුව.

Tuesday, January 25, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2


ඔන්න අපි අද විදූශාගෙ සීරීස් එකේ දෙවෙනි කොටසත් කියන්නයි යන්නෙ යාලුවනේ. අපි කලින් කොටස නැවැත්තුවෙ පුරුපුරු ක්ලාස් එක ඉවරවෙලා විදූශා එක්ක කතා කරන්න ගිය තැනින්නෙ. එහෙනං මුලින්ම ඒ කොටස බලපු නැති කට්ටිය ගිහින් බලලා එන්නකෝ.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය

දැන් ඔන්න ඉතිං ක්ලාස් ඉවරවෙලා විදූශායි තිලංකායි ගෙදර යන්න ලෑස්තිය. දෙන්නා එතනින් පිටත් වෙන්න කලින් අල්ලගන්න ඕනෙ හින්දා අපේ පුරුපුරුත් ඉතිං ඉක්මන් ගමනින් එතනට ගියාලු. මේ වෙනකොටත් තිලංකා විදූශාට කියලා තිබිලා තියෙන්නෙ පුරුපුරු කලින් සතියෙ එයා ගැන ඇහුවයි කියලා. ඉතිං මෑන්ස් ගෑනු ළමයි දෙන්නා හිටපු තැනට යනකොටම විදූශා පුරුපුරුත් එක්ක අහිංසක හිනාවක් දැම්මලු.

පුරුපුරු :- ඔයා විදූශා නේද?

විදූශා :- ඔව්. ඔයා පුරුපුරු නේද?

පුරුපුරු :- ඔයා කොහොමද මාව දන්නෙ? හික්...මමනං වැඩිය රත්තිවල්ලි එක පැත්තෙ එවෙන්නෙ නෑ

විදූශා :- නෑ අනේ, ඔයා පොඩිකාලෙ පෙරේරා මිස්ගෙ ශිෂ්‍යත්ව පන්ති ආවා නේද? මමත් ඒ පන්තියටමයි ආවෙ.

දැන් ඉතිං අපේ පූසාට මාර අප්සට් එක. ඇත්තටම විදූශා පෙරේරා මිස්ගෙ ක්ලාස් එකට ආවද නැද්ද කියලා මෑන්ස්ට කිසිම මතකයක් නෑ. ඒ වුණාට දැන් ඕක කියන්න ගියොත් ට්‍රයි කරන වැඩේට බාධාවක් තමයි වෙන්නෙ. ඒක හින්දා අපේ පූසා හිත හදාගත්තලු පොඩි බොරුවක් කියන්න.

පුරුපුරු :- ආ...මේ ඔයානෙ. මට දැනුයි මතක් වුණේ. ඔයා අර බිත්තිය අයිනෙ පේළියෙනෙ හිටියෙ නේද? දැන්නං මට හොදට මතකයි. ඉතිං කොහොමද?

මෙහෙම කියලා පුරුපුරු දිගටම විදූශා එක්ක කතා කරන්න පටන් ගත්තලු. පෙරේරා මිස්ගෙ පන්තියෙ හැම පේළියක්ම තිබුනෙ බිත්තිය අයිනෙ හින්දා අර කතාව කියන්න අපේ පූසාට බයවෙන්න ඕනෙ වුණේ නෑ.

ඉතිං ටික දවසක් යනකොට පුරුපුරුට පුලුවන් වුණාලු විදූශා එක්ක ගොඩක් ෆිට් වෙන්න. හැබැයි ඉතිං මෑන්ස්ට විදූශා එක්ක කතා කරන්න වෙන්නෙ සතියට එක දවසයි. ඒ ක්ලාස් එකේදි හම්බවෙන දවස විතරයි. ඒක හින්දා වැඩේ ප්‍රෝග්‍රස් එක බොහොම හිමින් තමයි සිද්ද වුණේ. කොහොමහරි අන්තිමට ඕ ලෙවල් විභාගෙට මාසයක් විතර තියෙද්දි දෙන්නගෙ ෆිට් එක උපරිම මට්ටමට ආවලු. ඒ කියන්නෙ දැන් තමයි පුරුපුරුට විදූශාගෙන් යාලුවෙන්න අහන්න හොඳම කාලෙ.

හැබැයි ඉතිං තව මාසෙකින් විභාගෙත් ලියන හින්දා පුරුපුරුගෙ අයිඩියා එක වුණේ ඕ ලෙවල් ඉවර වෙලාම විදූශාගෙන් අහන්න. මොකද අන්තිම මාසෙ අධ්‍යාපන මානසිකත්වයෙන් ඉන්නෙ නැතුව වෙන වෙන දේවල් කරන්න ගියොත්, දෙන්නාගෙම එග්සෑම් රිසාල්ට්ස් ලයිට් කණු බවට පරිවර්තනය වෙන්න පුලුවන්. ඉතිං අපේ පූසා උපාසකයි, මාලුකට්ටායි, ඤාව්වායි එක්කත් ඩිස්කෂන් එකක් දාලා අන්තිමට තීරණය කළාලු, ඕ ලෙවල් ඉවරවෙලා ක්ලාස් එකේ ගෙට් ටුගෙදර් එක තියන දවසට විදූශාගෙන් යාලුවෙන්න අහනවයි කියලා.

දැන් මේ වෙද්දි පුරුපුරු විදූශාට ට්‍රයි කරනවයි කියලා පූස්ගම ඉන්න කොල්ලො කෙල්ලො, පූසො, පූසියො හැමෝම දන්නවා. කොටින්ම ඒක ප්‍රසිද්ද රහසක්. ගොඩක් වෙලාවට විදූශා පවා මේක දන්නවා ඇති. ඉතිං ඔය විදිහට කාලෙ ගෙවිලා ඕ ලෙවල් වලට සති තුනක් තියෙද්දි තමයි පුරුපුරුට විශේෂ සිද්දියකට ෆේස් කරන්න වුණේ.

එදා අපේ පූසා පූස්ගම ටවුන් එකට ගියෙ මොනවාහරි බඩු වගයක් ගන්න. ඉතිං බඩු ටික අරගෙන ආපහු ගෙදර යන්න යද්දි මෑන්ස්ගෙ ඉස්සරහට ආවලු කොල්ලො තුන් දෙනෙක්. එතන හිටපු එක කොල්ලෙක්වනං අපේ පූසා යන්තං අදුරනවලු. ඉතිං පුරුපුරු මෑන්ස් එක්ක හිනාවක් එහෙම දාලා කට්ටියව පහු කරගෙන යන්න හදද්දි එතන හිටපු එක කොල්ලෙක් පුරුපුරුට කතා කළාලු. පස්සෙ දැනගත්තු විදිහට ඒ කොල්ලාගෙ නම තමයි "විදත්"

විදත් :- උඹ පුරුපුරු නේද?

පුරුපුරු :- ඔව්, ඇයි මචං?

විදත් :- මට පොඩ්ඩක් උඹත් එක්ක කතා කරන්න ඕනෙ

දැන් පුරුපුරුට ෆුල් අබ්ලික් මූ මේ මොකාටද එන්න හදන්නෙ කියලා. කොහොමවුණත් මොකක් හරි වැදගත් දෙයක් කියන්න වෙන්න ඇති කියලා හිතපු අපේ පූසා මෑන්ස්ගෙ ඉල්ලීමට එකග වුණාලු.

පුරුපුරු :- හරි, අපි කතා කරමු.

ඉතිං කොල්ලො තුන්දෙනා පුරුපුරුත් එක්ක පැත්තකට ගියාලු කතා කරන්න.

විදත් :- උඹ විදූශාට ට්‍රයි කරනවා කියන්නෙ ඇත්තද?

මෙහෙම ඇහුවාමනං පුරුපුරුටත් ටිකක් ෆ්ලවර් ජම්ප් වුණා. තමන් විදූශා එක්ක මොනවා කළාම මේ යකාට මොකද?

පුරුපුරු :- ඔව්, ඉතිං?

විදත් :- විදූශා උඹට සමහරවිට කියලා නැතුව ඇති, ඒකි මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.

විදත් මෙහෙම කිව්වාමනං අපේ පුරුපුරුගෙ ඔලුවට යගදාවකින් ගැහුවා වගේ වුණා. විභාගෙටත් තව ටික දවසයි. ඒ අස්සෙ මොකද්ද මේ අහන්න ලැබිච්ච අසුභ ආරංචිය? විදූශා කවදාවත් පුරුපුරුට කියලා නෑ තමන්ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම එයා හැසිරෙන්නෙත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙල්ලෙක් වගේ නෙවෙයි. ඉතිං පුරුපුරුට දැන් හිතාගන්න බෑ මොනවද මේ විදත් කියවන්නෙ කියලා. කොහොමහරි මේ ආරංචිය අහලා මෑන්ස්ගෙ ඔලුව සම්පූර්ණයෙන්ම අවුල් වුණාලු.

විදත් :- මම කැමති නෑ උඹ විදූශා එක්ක කතා බහ කරනවාට. මම හිතන්නෙ උඹ මේ දේවල් දන්නෙ නැතුව ඇති. ඒකයි මම මේ විදිහට උඹත් එක්ක හොදින් කතා කරන්නෙ.

දැන්නං පුරුපුරුටත් ෆ්ලවර් ජම්ප් එක උපරිමයි

පුරුපුරු :- මම විදූශාගෙන්ම මේ ගැන අහගන්නං. හරි මම විදූශා එක්ක කතා කෙරුවයි කියමුකෝ, උඹ මට මොනවා කරන්නද?

පුරුපුරු එහෙම කියපු පාර කොල්ලො තුන් දෙනාගෙ මූණු අප්සට් වෙලා ගියා. දැන් සාමකාමී සාකච්ඡාව මහා වලියකට පෙරලෙන්නයි යන්නෙ.

"ඇයි උඹ චන්ඩියෙක්ද?"

මෙහෙම කියාගෙන එතන හිටපු අනිත් කොල්ලො දෙන්නගෙන් එකෙක් ඉස්සරහට ආවෙ පුරුපුරුට ගහන්න. පුරුපුරුත් ඒ වෙලාවෙ හිටියෙ මුන් තුන් දෙනාටම නෙලනවයි කියලා අම්බානට ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා. කොහොමහරි වලිය පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි රෝහණදීර ඔතනින් යන්න ආවෙ.

රෝහණදීර :- ආ පුරුපුරු මල්ලි, මොකෝ අදත් වලියක්ද?

රෝහණදීර මෙහෙම අහගෙන තමන් හිටපු පැත්තට එද්දි පුරුපුරුට සවලකින් පොළොව හාරගෙන ඇතුලට යන්න වගේ ලැජ්ජාවක් ඇතිවුණා. එක අතකට මෑන්ස් එහෙම අහපු එකත් සාධාරණයි. මොකද ඔය වෙද්දි අර කලුකුමාරිගෙ කේස් එක හින්දා පූසො වලි දාගෙන වැඩි දවසක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං රෝහණදීර හිතන්න ඇති මුන්ටත් තමන්ට වගේම වලි නැතුව ජීවත් වෙන්න බෑ කියලා. කොහොමහරි මෑන්ස් ඒ පැත්තට එද්දි, අර ෆ්ලවර් ජම්ප් වෙලා වලියට එන්න ලෑස්තිවෙලා හිටපු කොල්ලො කට්ටිය නිකං අහිංසක පූස් පැටව් ටිකක් වගේ වුණා.

රෝහණදීර :- ( අනිත් කොල්ලන්ට) අඩෝ, උඹලා කවුද පූස්ගමට ඇවිල්ලා මෙහෙ කොල්ලන්ට ගහලා යන්න? ආපහු තොපි මේ පැත්තෙ ඉන්නව දැක්කොත් අඩු කඩලා යවන්නෙ.

මෑන්ස් මෙහෙම කිව්වම අර කොල්ලො ටික ෆුල් සරෙන්ඩර්.

" උඹ කලින් කියන්න එපායැ රෝහණදීරගෙ යාලුවෙක් කියලා. අපි යනවා මචං"

මෙහෙම කියපු විදත් ඇතුලු කොල්ලො තුන්දෙනා හිමින් සීරුවේ එතනින් මාරුවෙලා ගියාලු. ඊටපස්සෙ රෝහණදීරට ස්තුති කරපු පුරුපුරුත් එතනින් යන්න ගියාලු.

කොහොමහරි ඊටපස්සෙ සතිය තමයි ලිට් ක්ලාස් එකේ අන්තිම දවස. ඉතිං එදා කට්ටිය එකතුවෙලා පොඩි පාටි එකක් දාන්න මුලින් ලෑස්තිවෙලා හිටියත්, මැඩම් කලින් දවසෙ දුන්න පේපර් එක ඩිස්කස් කරන්න තීරණය කරපු නිසා වැඩේ හරිගියෙ නෑ. මොකද පේපර් එක ඩිස්කස් කරලා ඉවර වෙද්දි ගොඩක් පරක්කු වෙලා හින්දා ළමයින්ට ඉක්මනට ගෙදර යන්න ඕනෙ වුණා. ඊටපස්සෙ තීරණය කළේ පාටි එක ඕ ලෙවල් වලින් පස්සෙ තියෙන ගෙට් ටුගෙදර් එකටම අල්ලලා දාමුයි කියලා.

එදා ක්ලාස් එකේදි පුරුපුරු හිටියෙ වෙනදා වගේ නෙවෙයි, ගොඩක් අප්සට් එකේලු. ඒකට හේතුවුණේ අර දවස් කීපයකට කලින් වෙච්ච සීන් එක. දැන් මෑන්ස්ට ඉවසිල්ලක් නෑ මේ ගැන විදූශාගෙන් අහලා දැනගන්නකං. මොනවා වුණත් පුරුපුරුට හිතුනෙ විදූශා විදත් වගේ රස්තියාදුකාරයෙක් එක්ක යාලු නැතුව ඇති කියලා. විදූශා වගේ වැදගත් කෙල්ලන්ට මඩ ගහන්න විදත් වගේ කොල්ලො ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා නොවැ!

ඒ වගේම එදා පේපර් එකට පුරුපුරුට තිබුනෙ ලකුණු 70යි. තිලංකානං ලකුණු 76ක් අරගෙන "ඒ" එකක් ගන්න මට්ටමේ හිටියා. ඉතිං මේ පේපර් එකට 70ක් අරගෙන ඕ ලෙවල් වලදි ඊට වඩා ගන්න බලාපොරොත්තු වෙන එක විහිලුවක්. ඉතිං තමන්ට ඕ ලෙවල් වලදි ඉන්ග්ලිෂ් ලිට් වලට "ඒ" එකක් ගන්න බැරිවෙයි කියලා පුරුපුරුගෙ අප්සට් එක ඩබල් වෙලා තිබුනේ.

ඉතිං මෑන්ස් කළේ ක්ලාස් එක ඉවරවෙච්ච ගමන්ම කෙලින්ම ගිහින් විදත් එක්ක යාලුද කියලා විදූශාගෙන් අහපු එක. හැබැයි තමන් විදූශාට ට්‍රයි කරන එක සම්බන්දයෙන් විදත් තමන්ගෙන් ඇහුවයි කියන එකවත්, විදත් එක්ක දාගත්ත වලිය ගැනවත්, විදූශාට නොකියා ඉන්න පුරුපුරු පරිස්සම් වුණාලු.

විදූශා :- විදත්? මාත් එක්ක යාලුයි කිව්වා?

පුරුපුරු :- ඔව්! වැරදියට තේරුම් ගන්න එපා විදූශා, ඒත් විදත් කියපු එක ඇත්තද?


විදූශා :- ඔයාට පිස්සුද පුරුපුරු? මම ඒ වගේ කොල්ලෙක් එක්ක කීයටවත් යාලු වෙන්නෙ නෑ. මම එයාව පොඩිකාලෙ ඉදලා අදුරනවා. එච්චරයි

පුරුපුරු :-ආ ඇත්තද? මම මේ නිකං දැනගන්න ඇහුවෙ. ඕල් ද බෙස්ට් ෆෝ දි එග්සෑම්. ගෙට් ටුගෙදර් එකේදි හම්බවෙමු.

විදූශා :- විෂ් යූ ද සේම් පුරුපුරු. මම එහෙනං යන්නං

මෙහෙම කියපු විදූශා යන්න ගියාලු. සතුට ඉහවහා ගිය පුරුපුරු වහාම කළේ, ආපහු ගිහින් අනිත් පූසන්ට මේ සතුටුදායක නිව්ස් එක ලබාදීපු එක. දැන් ඉතිං විදූශාට බෝයි කෙනෙක් නැති එක ගැන කට්ටියටම සතුටුයි. ඉතිං පූසොත් ඊටපස්සෙ විදත්ට බැන බැන ගෙවල් වලට යන්න ගියාලු.

ඊටපස්සෙ ඕ ලෙවල් ඉවර වෙනකං පුරුපුරුට විදූශා ගැන කිසිම නිව්ස් එකක් ලැබුනෙ නෑ