අඹ යාලුවෝ

Thursday, January 6, 2011

චංචලා - 5 ( උපාසක මාට්ටු වෙයි )


උපාසකගෙයි චංචලාගෙයි ආදර කතාව ගැන දැන් හැමෝම දන්නවනෙ නේද? මේ ලව් කේස් එක නිසා උපාසකයි, චංචලායි සමහර ප්‍රශ්න වලට වගේම ගොඩාක් රසවත් අත්දැකීම් වලටත් ෆේස් කළා. අයිස් ක්‍රීම්, දවසේ වීරයා වගේ සිද්දි ඔයාල කියවන්න ඇතිනෙ. තව රසවත් කතා ගොඩක් තිබුණත් කියවන ඔයාලගෙ පහසුව වෙනුවෙන් අපි මේ සීරීස් එක ගොඩාක් දිගට ඇදගෙන යන්නෙ නැතුව ඉක්මණට නවත්තන්න හිතුවා. ඒත් තව කතා කිහිපයක් ඉස්සරහට පල වේවි. ඔන්න අද අපි කියන්න යන්නෙ උපාසක මුලින්ම ගෙදරට මාට්ටු උන හැටි ගැන.

ඔය ගම්පහ පැත්ත ගැන දන්න අයනම් 'පුංචි පැල' සහ 'හංස ගම' කියන ආපන ශාලා දෙක ගැනත් දන්නව ඇති. එකම පාර දෙපැත්තෙ එකට ෆේස් කරලා තමයි මේ දෙක පිහිටලා තියෙන්නෙ. ඒ වගේම අති සුන්දර ඇලකුත් මේ දෙක ලගින්ම ගලාගෙන යනවලු. ඉතිං AL පටන් ගත්තු දවස් වල ඉදලම උපාසක, පුරුපුරු, ඤාව්වා, මාලු කට්ටා ඇතුලු යාලුවො සෙට් එකක්, හැම සෙනසුරාදාම දවල්ට මේ දෙකෙන් එකකට ගොඩ වැදිලා බඩවල් පුරෝගන්න පුරුදු වෙලා හිටියලු. පස්සෙ කාලෙක චංචලා එක්ක යාලු වුණාට පස්සෙ උපාසක චංචලා එක්කත් ඉතිං මේ ස්පොට් දෙකට නිතරම ආවලු.

ඉතිං මේ දෙකෙන්
උපාසකගෙයි, චංචලාගෙයි ප්‍රියතම ප්ලේස් එක වෙලා තියෙන්නෙ 'පුංචි පැල' කියන තැන. සමහර සෙනසුරාදා දවස් වලටත්, හැම ඉරිදාවකම වාගෙත් මේ දෙන්නා මේකට කෑම කන්න යන්න අමතක කළේ නෑ. දැන් අපි කියන්න යන මේ සිද්දිය වෙලා තියෙන්නෙත් මේ වගෙ එක ඉරිදා දවසක.

ඔන්න ඉතිං මේ කියන ඉරිදා දවසෙත් සුපුරුදු විදිහට උපාසකයි, චංචලායි පුංචි පැලට ගියාලු ලන්ච් එකට වග කියන්න. උපාසකගෙ කෑමෙ හැටි ගැනනං මීට කලිනුත් අපි කියල තියෙන නිසා අද අපි ඒ ගැන කතා නොකර ඉමුකො නේද? කොහොම හරි අන්තිමට මේ දෙන්නා වෙනදා වගේම කෑම එකටත් වග කියලා එතනින් එළියට ආවලු. ගම්පහදි දෙන්නම අදුරන අය දකින්න ඉඩ තියෙන නිසා, පාරෙ යද්දි අතින්වත් අල්ලන්නෙ නැතුව යාලුවො වගේ කතා කර කර යන්න තමයි දෙන්නා පුරුදු වෙලා ඉදලා තියෙන්නෙ. ඒත් එදා..........

ගම්පහ ස්ටේෂන් එකේ පරණ මගී පාලම ළගදි උපාසක වාහනේකට හැප්පෙන්න ගිහින්. ඉතිං ඒ වෙලාවෙ චංචලා උපාසකගෙ අතින් ඇදල අයිනට ගත්තලු. ඒ අතින් අල්ල ගත්තු පාර සරසවි බුක් ෂොප් එක ගාව තියෙන කහ පාට මගී පාලමත් නැගලා, බස් ස්ටෑන්ඩ් එකට යනකල්ම දෙන්නා අත් අල්ලගෙනයි ගිහින් තියෙන්නෙ. ඒ ටිකට ඉතිං කවුරු දකින්නද නේද?

ඒත් හැබැයි බස් ස්ටෑන්ඩ් එකට ගොඩ වෙද්දිම උපාසකට කෝල් එකක් ආවලු. බැලින්නම් උපාසකගෙ තාත්ත තමයි කෝල් කරලා තියෙන්නෙ. මාට්ටු වීමක භයානක හැගීමක් උපාසකගෙ හයවන ඉන්ද්‍රියට දැණුනත් කෝල් එක ආන්ස්වර් නොකර බැරි නිසා උපාසක ඔන්න ඔහේ කෝල් එක ආන්ස්වර් කලාලු.

උපාසක - හෙලෝ තාත්තෙ.

තාත්තා - කොහෙද ඉන්නෙ?

උපාසක - ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ.

තාත්තා - බස් ස්ටෑන්ඩ් එකේ මොකද කරන්නෙ?

උපාසක - දැන් මේ බස් එකට නගින්න හදන්නෙ, ඇයි ඒ??

තාත්තා - රස්තියාදු ගහන්නෙ නැතුව ගෙදර යනවා...
මෙහෙම කියපු තාත්තා ෆෝන් එක කට් කළාලු. එතකොටනං ඉතින් වැඩේ මාට්ටු බව උපාසකගෙ හයවන ඉන්ද්‍රියට විතරක් නෙවෙයි, අනිත් ඉන්ද්‍රියන්ටත් දැනිලා. ඒත් ඉතින් මොනවා කරන්නද, ගෙදර යන්නම වෙනවා නොවැ! ඉතිං බස් එකේ යනගමන් චංචලාටත් විස්තරේ කියලා, ගෙදර ගියාට පස්සෙ ඇති වෙන සිටුවේෂන් එක ගැනත්, එතනින් එහාට ගන්න ඕනෙ ආරක්ෂක උපක්‍රම ගැනත් කතා කරගත්තු උපාසක හිතින් ගැහි ගැහී, ඒත් බය පෙන්නන්නෙ නැතුව ගෙදර ගියාලු.

ගෙදරට යද්දි මෙන්න මෑන්ස්ගෙ අම්මා ඉන්නවා දොර ගාවට වෙලා බලාගෙන. වැඩේ හරි තමයි, තාත්ත අම්මටත් නිව්ස් එක දීල වගේ. උපාසක ගෙට ගොඩ වෙද්දිම........

අම්මා - තාත්ත කතා කළාද?

උපාසක - ඔව්!

අම්මා - තාත්ත මොකද කිව්වෙ?

උපාසක - මුකුත් නෑ, රස්තියාදු ගහන්නෙ නැතුව ගෙදර එන්න කිව්වෙ.

අම්මා - හ්ම්ම්!!

එතනින් එහාට අම්මත් මුකුත් කියල නෑ. ගෙදර තිබුන නිශ්ශබ්දතාවයෙ හැටියට රෑට බඩ කට පිරෙන්න අහගන්න වෙන බව තේරුණු අපේ පූසා පුංචි මී පැටියෙක් වගේ කාමරේටම වෙලා හිටියලු.

ඉතිං රෑ වෙද්දි
තාත්තත් ආවලු. කට්ටියම කෑමත් කෑවලු. දෙයියනේ මොන ප්‍රශ්න තිබුනත් නොකා ඉන්න පුලුවන්ද නේද? අපේ උපාසක ඉතිං දුක යන්නත් එක්ක හොදට කෑවලු. කෑමෙන් පස්සෙ තමයි අම්මයි, තාත්තයි නඩුව විභාගෙට අරන් තියෙන්නෙ. ඒත් හැබැයි උපාසක හිතුව තරම් අවුලක් වෙලා නෑ. නඩු තීන්දුව ගොඩක්ම ෂේප්ලු.

"ඉගෙනගන්න කාලෙ ඕවා කරන්න එපා"
"ඉගෙනීමත් කඩාකප්පල් වේවි"
"ඔක්කෝටම කලින් විභාගෙ හොදට කරගෙන ඉන්න....."

මේවගේ පොඩි අවවාද කිරීමකින් පස්සෙ අම්මයි තාත්තයි උපාසකව මුදා හැරලා. ඉතිං කොහොමද තාත්තා උපාසකව දැක්කෙ කියන එකත් පොඩි බටර් ගෑමකින් පස්සෙ දැනගන්න උපාසකට පුලුවන් වුණාලු.

උපාසකගෙ තාත්තා ඒ දවස් වල වැඩ කරල තියෙන්නෙ කොටුගොඩ පැත්තෙ කොම්පැණියක. තාත්තා ගාව වැඩ කරන කොල්ලොත් ඉතිං අපේ උපාසකව හොදට දන්නවලු. ඒ වගේම සමහරු උපාසක එක්ක හොදට ෆිට්ලු. ඉතිං චංචලාගෙ සීන් එක කීප දෙනෙක්ම දැනගෙන හිටියත් ඒ කවුරුත්ම තාත්තට මේ ගැන කියල නෑ.

කොහොමහරි එදා උපාසකයි චංචලායි කෑම කන්න යද්දි තාත්තගෙ වැඩපලේ එක කොල්ලෙකුත් ඒකට ඇවිත් ඉදලා. ඒ මෑන්ස් උපාසකව අදුරගෙන, ඒත් උපාසක මෑන්ස්ව දැකලා නෑ. කොහොමහරි එවලෙම පොර තාත්තට කෝල් කරලා කියලා උපාසක කෙල්ලෙක් එක්ක කෑම කන්න ඇවිත් ඉන්න බව.

උපාසකයි, චංචලායි කෑම කාලා එළියට එද්දි තාත්තා වැඩපලේ ඉදලා වෑන් එකක ඇවිත් පුංචි පැල ගාව නවත්තගෙන බලන් ඉදලලු. පේ කපල් එක ගම්පහ ටවුන් එක පැත්තට ඇවිදගෙන යද්දි තාත්තත් වෑන් එකෙන්ම හොරෙන් ෆලෝ පාරක් දීලා. උපාසක හැප්පෙන්න ගිය හැටි, චංචලා අතින් අල්ලපු හැටි... මේ හැම දෙයක්ම තාත්තා දැකලලු. ඒ මදිවට අර මැසේජ් එක දුන්නු කොල්ලම හොරෙන් උපාසකලගෙ පිටිපස්සෙන් ඇවිත් ෆෝන් එකෙන් ෆොටෝ එකකුත් ගහලලු.

ඔන්න ඔහොමයි අපේ උපාසක ගෙදරට මාට්ටු වෙලා තියෙන්නෙ. ලොකු කෙනෙක් මෙහෙම කළානං දුක නෑ, ඒත් කොල්ලෙක්ම උපාසකව මාට්ටු කරල දීපු එකට උපාසක සෑහෙන තරහකින් තමා ඒ දවස් වල හිටියෙ. ඒ කොල්ලා වැඩ ඇරිලා එද්දි අල්ලගන්න බලාගෙන අපේ පූසො සෙට් එක දවස් කීපයක්ම බලාගෙනත් හිටියලු. හැබැයි මෑන්ස්ගෙ වෙලාවට පොරව අහුවුණේනං නෑ.....

33 comments:

  1. ඉරිසියාව කියන්නේ ඕකට ද මන්දා. කොල්ලෝ උනාම් ඔයිට වඩා ෆිට් එකේ ඉන්න ඕනෙ නේ :(

    ReplyDelete
  2. පුසෝ මීට ඉස්සල්ල දීලා තියන ප්‍රතිප්‍රහාර හැටියට අරූව නිකන්ම ඇරල දාලා නේ දෙන්න තිබුනෙ ඇට්ටි හැලෙන්න,අඩේ චංචලාට මොකද උනේ කියන එක දැනගන්න වෙන එකක් නැද්ද? මෙහෙම නැවත්තුවට පස්සේ.

    ReplyDelete
  3. අපෝ ඔය ඕප දූප කියන උන්ව නම් මතක කරන්න එපා. මටත් මේ දවස් වල ගමේ පොඩි කේස් ටිකක් යනවා ඔය ඕප දූප පතුරන උන් නිසා. උන්ටත් ඕනෙ නැති මඟුලන් නෑ :h

    ReplyDelete
  4. චා නේද බං.. ඔය වගේ එවුං හිතං ඉන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළුවුනාම ඒක තමා ලෝකෙ තියෙන දරුණුම අපරාදෙ කියලා.. ගොඩක් වෙලාවට වයසක ඇන්ටිල අංකල්ලට තමා ඔය අමාරුව තියෙන්නෙ.. මූ යකෝ කොල්ලෙකුත් වෙලා.. අපරාදෙ උඹලට කොහොමහරි කරල ඌට වැඩක් දෙන්න තිබුනෙ..

    ReplyDelete
  5. කතා 5 ම කියෙව්වෙමි අද කමෙන්ට් කිරීමට සිතිනී.. ඔව්වා නම් බලුවැඩය.. ඇත්ත කියපන් උබ නේද ඒ උපාසකලයි තාත්තාට කීව කොල්ලා ? :P

    ReplyDelete
  6. මදැයි ඔයින් ගොඩ ගියා. ඊට පස්සෙ චංචලාට මොකද උණේ.. :s

    ReplyDelete
  7. අයියෝ පව් වැඩේ. ඒක නෙමෙයි තාම ඒ සම්බන්දෙ තියෙනවද උපාසකගෙයි චංචලාගෙයි?

    ReplyDelete
  8. ම්ම්ම්ම්ම්ම්ම් අර අයිස් ක්‍රීම් කතාවේ වගේ ආදරේට සතුටින් උදව් කරන උන්වගේම මේවගේ බුරුවොත් ඉන්නවනේ...අඩුතරමේ තමනුත් කොල්ලෙක් කියලා හිතුවනම්....කෙල්ලෙක් ඔහොම කලානම් ෂේප්...මොකද ඉතිං කෙල්ලො පට්ට ඊරිසියයිනේ...

    ReplyDelete
  9. සමහර උන් ඉන්නවා තමා ඔය වගේ කේස් එකක් දැක්කොත් ඒක මාට්ටු කරන කල් නින්ද යන්නේ නැති. අර අයිස්ක්‍රීම් අරන්දුන්න අංකල් වගේ හොඳ අය අස්සේ ඔය වගේ සත්තුත් ඉන්නවා. එහෙම බැලුවම අපේ පූසෝ ටික කොච්චර හොඳද...:D :D

    ReplyDelete
  10. යකෝ ඒක උගේ ආතල් එක වෙන්න ඈති.... :m විහිළුවක් කලේ..:d

    සිරාවට කැත වැඩේනේද... ඔහොම පොරවල් කොහෙත් ඉන්නවා බංස්ලා..:h

    කොහොම හරි කමක් නෑ කථාවේ ඉතුරු ටිකත් ඉකමනට දාමු නේද.. :p

    ජය වේවා..!! :b

    ReplyDelete
  11. @කොඩී- ඒක ඇත්ත සහෝ, ඒ කොල්ලට අපිට වඩා අවුරුදු දෙක තුනකට වඩා වයස නෑලු. උපාසකට වැඩියම තද වෙලා තිබුනෙ ඒකයි.

    @ItalyDilan- ඇත්ත. ඒත් උගෙ වෙලාවට අහු වුනේ නැහැනොවැ. චංචලා සීරීස් එක මෙතනින් ඉවර නෑ යාලු, ඉස්සරහට දැනගන්න පුලුවනි මොකද වුනේ කියල..

    @පූසා- ඔව් බං.. ගෑණුන්ටත් අන්තයි සමහර පිරිමි. කතා කරල වැඩක් නෑ.. :h

    @Buratheno- ටික දවසක් යද්දි කට්ටිය උපාසකව ෂේප් කලා. ඊට පස්සෙ උන දේවල් දිහා බලද්දි, මුකුත් නොකරපු එක හොදයි කියලත් හිතෙනව සහෝ..

    ReplyDelete
  12. @Bugs Bunny- බොහොම ස්තූතියි සහෝ, දිගටම අපිත් එක්ක ඉන්න. :b
    අපෝ නෑ පුලුවන්නම් උදව්වක් කරනව ඇරෙන්න ලව් එකකටනම් බාල්දි දාන්නෙ නෑ සහෝ..

    @Praසන්ன- චංචලාගෙ කතා තව ඉස්සරහට තියෙනව යාලු, අදින් සීරීස් එක ඉවර නෑ.. :b

    @පිණිබිඳු...- බලමු බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල.. :a

    @෴ හසියා ෴- ඒක ඇත්ත. කොල්ලෙක් මේක කරපු එක තමා ඉවසන්නම බැරි. එක එක ජාති වල මිනිස්සු ඉන්නවනෙ.

    ReplyDelete
  13. යන්තං ඈති ඔයින් ගියා. උපාසකව තාත්තා කම්බස් නොකර.

    ReplyDelete
  14. අප්පට සිරි. මාර ගති නෙ. කියවන්න කියවන්න ආසයි, හරියට අර සියාතු ගොයියගෙ කපන්න කපන්න මුවාත් වෙන උදැල්ල වගේ....

    ReplyDelete
  15. අර බූත කොලුවට වැඩක් දෙන්න බැරි උන එක නම් මහ අපරාදේ.
    ඇයි යකෝ කන පලන්න ඕනි වැඩක් නේ...................

    ReplyDelete
  16. මම හිතුවා උපාසක හොඳ කෑමක් කන්න ඇති කියලා... :n :n :n උපාසකගේ වෙලාව හොඳයි... :b

    ReplyDelete
  17. හප්පා ඔය වගේම වැඩක් මටත් වෙලා තියෙනවා

    ReplyDelete
  18. මුංගේ වැඩේ කොහේ හරි කඩේකට වැදිලා කන එකමනේ!

    ReplyDelete
  19. මේ නිකමට වාගෙ අහන්නෙ,උඹල දෙන්න බණ්ඩාරනායකේ (ස්කෝලෙයි කලාප අධ්‍යාපන කාර්යාලෙයි) ඉස්සරහ වෙලෙන් අනිත් පැත්තෙ තියන "ලක්මාල් *****" එකට එහෙම ගිහින් නෑ නේද?? හික්.......
    ඉතිරු ටිකත් දාපන් ඉක්මනට .පරක්කුයිනේ............

    ReplyDelete
  20. අම්මෝ යන්තන් වෙලාවක් අරං චංචලා සීරිස් එක විතරක් කියෙව්වා මට පහුගිය කාලේ මඟ ඇරුන කතා ටිකෙන්. :s :s
    උපාසක අයියාගේ තාත්තා හොඳ කෙනෙක් වගේ..... නැත්නම් පූසාගේ ඊළඟ ආත්මේ පරයෝජනේට ගන්න තැනට වැඩ සිද්ධ වෙලානේ..... :d
    ඒක නෙමෙයි අයියා මේ වෙලාවෙම අවසානෙත් ලියලම සීරිස් එක නතර කලා නම් නරකද???? :r :r

    ReplyDelete
  21. මමත් හිතුවේ උපාසක ට බඩකට පිරෙන්න හම්බවෙයි කියල...ඇති යන්තම් ඔහොම කියලවත් බේරුන එක....

    ReplyDelete
  22. කමක් නෑ ඔයිං ගියා මදැයි . වැඩේ ඒතරම් අවුල් උනේ නෑ නෙව . අර කියපු කොල්ලනම් මොංගල් ඩයල් එකක් වෙන්න ඕන .

    අනේ සහෝදර වරුනි මොකද්ද හදීසිය . ඇයි මේ කතාව නතර කරන්න යන්නේ ..

    ජය වේවා !!

    ReplyDelete
  23. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකරයි කියනවනේ.
    ඔන්න මම මුලු බ්ලොග් එකම කියෙව්වා. නියම සිද්දි ටිකක්‌ නෙවැ මේ පූසන්ට ෆේස්‌ කොරන්න වෙලා
    තියෙන්නෙ.
    අහ්...වැරදුනා වැරදුනා...ටිකක්‌ නෙවේ ගොඩා......රියක්‌.
    බ්ලොග් එක දිගටම කොරගෙන යන්න ඔන්න මමත් සුබපැතුවලු.
    ඉක්‌මනට චංචලා 6 කොටසත් දාන්නෝ....

    -M.M-

    ReplyDelete
  24. එක බොක්කේ හොර පුසෝ ..... :h

    ReplyDelete
  25. @priyantha.ඒබී- ඒක තමා යාලු. පූසො කොච්චර හොදද.. :e

    @සෝරෝ- ඔන්න අද ඊලග කොටසත් දැන්න සහෝ..

    @prasanna86k- ඒක තමා. අපිත් හිතුවෙ උපාසකට හරිම තමා කියල..

    @nawammawatha- එල එල! ස්තූතියි සහෝ... :b

    @නිශ්- අක ඇත්ත. ඒ දවස් වල උගෙ වෙලාව හොද වෙන්න ඇති..

    ReplyDelete
  26. @හසී- අපිත් එහෙම තමා හිතුවෙ නංගි, ඒත් උපාසකගෙ තාත්ත ටිකක් විතර ශේප් කෙනෙක්ලුනෙ..

    @sameerausa- යාලුත් තාත්තට මාට්ටු වුණාද?? මොකෝ වුනේ??? :j

    @Kathandara- නොකා කොහොමද අය්යේ! මොනව කරන්නත් කාල බීලා ඉන්න ඕනෙනේ.. :f

    @dinesh- අහා.. නෑ යාලු ඒ පැත්තෙනම් ගියෙ නෑලු.. පේන විදියට යාලුනම් ගිහින් තියෙනවදත් මන්දා.. :q

    ReplyDelete
  27. @හා පැටික්කි (MS)- එහෙම ලියන්න තමයි නංගියො අපිත් හිතන් හිටියෙ. එත බැලින්නම් මේකෙන් පස්සෙ තවත් සිද්ධි තියනවලුනෙ. ඉතින් තව ලිපි දෙකක්වත් දාන්න වෙයි වගේ..

    @නිම්ශා- ඒක ඇත්ත :b

    @හිස් අහස- නෑ නෑ සහෝ අපිත් ඉවර කරන්න හිතුවට දැන් බැලින්නම් තවත් ලිපි කීපයක් දාන්න වෙයි වගේ..

    ReplyDelete
  28. @Anonymous- බොහොම ස්තූතියි යාලු. ඔන්න අද 6වෙනි කොටසත් දානවා.. :b

    @Unknown_User/හිඟන්නා- :f :f

    @සිරකරුවා- :f :f :b

    ReplyDelete
  29. අඩේ මොකාද අප්පා ඕකා අල්ලලා දන්න එපාය හිරේ..

    ReplyDelete
  30. ඌ කොල්ලෙක් නෙමෙයි බන් චීත්තයක් නේ. හතුරෙක්ට උනත් කරන්වද ඔහොම වැඩක්. හැබයි උපාසකයට ලොකු අවුලක් වෙලා නෑහ වගේ

    ReplyDelete
  31. ඔය ජාතියේ දෙලොවටම නැති නපුංසක වැඩ කරන උන් ඉන්නවා බන් ඕන තරම්.

    ReplyDelete
  32. මෙහ්! උබට හොදටම ෂුවර්ද ඕකා කොල්ලෙක් කියලා??

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???