ඔන්න කාලෙකින් හොස්ටල් කතාවක් කිව්වෙත් නැති හින්දා අද කල්පනාව ඔයාලා වෙනුවෙන් හොස්ටල් කතාවක් කියන්න. කතාවක් කිව්වට ඉතිං මෙතන කතා කීපයක්ම තියෙනවා. අපේ යාලුවො දන්නවනේ ඉතිං පුරුපුරු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට කටයුතු කළයි කියලා. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාම දවල් කාලෙදි වගේම රාත්‍රී කාලෙදිත් කරන්න ඕනෙ ඩියුටි ගොඩක් තියෙනවලු.
රෑ කෑමෙන් පස්සෙ 9.15 ට බෙල් එක ගහද්දි හය වසරේ ඉඳලා නවය වසරට යනකං ළමයි ටික තම තමන්ගෙ ඩෝම්වල ලයිට් ඕෆ් කරලා නිදාගන්න ඕනේ. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වශයෙන් කරන්න ඕනෙ පළවෙනි රාජකාරිය තමයි ඒ වෙලාවට හැම ඩෝම් එකේම ලයිට් ඕෆ් වෙලා සද්ද බද්ද නැතුව තියෙන බවට වග බලා ගැනීම. ඉතිං ඕක ලේසි පාසු රාජකාරියක් කියලා ඔයාලා හිතනවානං ලොකු වැරදීමක්. කුරුඳුවත්ත හොස්ටල් එකේ ඉන්නෙත් ඉතිං ලෝකෙ කාලා වතුර බීපු ඈයො නොවැ! මේ කස්ටිය කරන්නෙ ඉතිං නවයයි කාලෙ ඉඳන් නවය හමාර වෙනකං සද්ද නැතුව මීයො වගේ ඉඳලා තමන් හොඳටම නිදි බව ප්‍රිෆෙක්ට්ලාට ඒත්තු ගන්වන එක. ඊට පස්සෙ ප්‍රිෆෙක්ට්ලා ඩෝම් එකෙන් ගියාම මේ අය කරන්නෙ නැගිටලා කෑගහන්න පටන් ගන්න එක.
ඉතිං මේ වගේ ඩෝම් වලින් රෑ කාලෙ සද්ද බද්ද එනකොට උප පාලක රිචා සර්ට නින්ද යන්නෙ නෑ. මොකද මෑන්ස්ගෙ නිල නිවාසෙ තියෙන්නෙත් ඩෝම් ගොඩකට මැදි වෙලා. ඉතිං රිචා සර් මේ වගේ වෙලාවට කරන්නෙ ප්‍රිෆෙක්ට්ලාව ගෙන්නලා දොස් කියන එක. ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරු, හාරිස්, කිං බීජේ, තාරබාසු සහ සෝමෙ අයියාට තමයි මේ විදිහට රිචා සර්ගෙ දෝෂාරෝපණ අහන්න වෙන්නෙ.
රිචා සර් :- බලන්න හාරිස්! රෑ තිස්සෙ මුන්ගෙ වැඩේ කෑ ගහන එක. ඔයාලා මීට වඩා ටෆ් විදිහට ඉන්න ඕනෙ මේ ළමයින්ට.
හාරිස් :- හොඳයි සර්. අපි මේ ගැන මොනවා හරි කරන්නං
රිචා සර් මේ වගේ වෙලාවලට කට්ටියටම කතා කළත් ඩිරෙක්ට් ඕඩර්ස් දෙන්නෙ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච හාරිස්ට. ඒත් ඉතිං සැදැහැවත් උපාසකයෙක් වෙච්ච හාරිස් පොඩි ළමයින්ට කවදාවත් වචනෙකින්වත් හිංසාවක් කරන්න කැමති වුණේ නෑ. අන්තිමට පුරුපුරුට තමයි බාර වුණේ කස්ටියගෙ විනය හදන වැඩේ. ඉතිං මෑන්ස් කළේ සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ජුවාන් එක්ක එකතු වෙලා හොඳ ප්ලෑන් එකක් ගහපු එක.
ප්ලෑන් එකට අනුව ඊට පස්සෙ ප්‍රිෆෙක්ට්ලා ඩෝම් එකට ගියෙ එක එක වෙලාවලට. සමහර දවස්වලට නවය හමාර විතර වෙද්දි ඉන්ස්පෙක්ෂන් යන අපේ යාලුවො කට්ටිය තවත් සමහර දවස්වලට යන්නෙ දහයට කිට්ටු වෙලා. ඉතිං ඩෝම් වල ඉන්න කොල්ලන්ට හැම තිස්සෙම බයෙන් ඉන්න වෙනවා කොයි මොහොතේ හරි ප්‍රිෆෙක්ට්ලා ඒවි කියලා. ඒ වගේම නියමිත වෙලාවෙන් පස්සෙ නැගිටලා හිටපු කට්ටියට සුදුසු දඬුවම් ලබා දෙන්නත් පුරුපුරුලා අමතක කළේ නෑ. ඉතිං ඔය විදිහට ඒ කරදරේ කාලයත් එක්ක විසඳිලා ගියාලු.
හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙකුට රෑට කරන්න තියෙන අනිත් රාජකාරිය තමයි ලේට් ස්ටඩීස් වලට සහභාගී වෙන එකයි, ඒක භාරව කටයුතු කරන එකයි. මේ වැඩේ 10, 11 වසරවල ළමයින්ට අනිවාර්යයි. ඒ වගේම සාමාන්‍යයෙන් රෑ දහයාමාර එකොළහ වෙනකං ලේට් ස්ටඩීස් තියෙනවා. මේ වැඩේනං ඉතිං එච්චරම අමාරුවක් නෑ. කරන්න තියෙන්නෙ කවුරුහරි ළමයෙකුට නින්ද ගියොත් මෑන්ස්ව නැගිට්ටවලා ටැප් එකෙන් මූණ හෝදගෙන එන්න යවන එක.
ඊටපස්සෙ ඔය ඔක්කොම වැඩ ඉවරවෙලා හොස්ටල් එකේ වටයක් දැම්මාට පස්සේ තමයි ප්‍රිෆෙක්ට්ලා නිදාගන්නේ. ඒත් ඉතිං ප්‍රිෆෙක්ට්ලාගෙ ඩියුටි වලට හොස්ටල් වෝර්ඩ්න්වත්, සබ් වෝර්ඩ්න්වත් වැඩිය අත පොවන්න එන්නෙ නැති හින්දා හොස්ටල් ප්‍රිෆෙක්ට් ජීවිතේ තිබුනේ අසීමිත නිදහසක්. උදාහරණයක් විදිහට හොස්ටල් එකේ ටීවී එකයි, ඩීවීඩී ප්ලේයර් එකයි තනිකරම තිබුනේ ප්‍රිෆෙක්ට්ලාගේ පාලනය යටතේ. ඉතිං ඒ දවස්වල ටීවී එකයි ප්ලේයර් එකයි තියලා තිබුන ජුවාන්ගෙ කාමරේ ඒ එක්කම සීඩී කඳු තුනකුත් තිබුනා.
එක සීඩී කන්දක තිබුනේ රෙස්ලින් සීඩී ගොඩ ගහලා. තව එකක තිබුනේ ෆිල්ම් ගොඩ ගහලා. අනිත් කන්ද ගන කන්දක්. ඉස්කෝලෙ අනිත් ළමයිනුත් තමන්ගෙ ගන එහෙම වැඩි පරිස්සමට හොස්ටල් එකේ තියලා යන හින්දා ගන කන්දනං දවසින් දවස වැඩිවුණා මිසක් අඩුවුණේනං නෑ.
ඒ දවස්වල පුරුපුරු ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක් තමයි එක්ස් ෆයිල්ස්. හාරිස් එහෙම එක්ස් ෆයිල්ස් වලට එච්චර කැමති නැති හින්දා ජූනියර් හොස්ටල් එකේ හිටපු ප්‍රිෆෙක්ට්ලාගෙන් පුරුපුරු විතරයි ගොඩක් වෙලාවට රෑට ටීවී බලන්න සීනියර් හොස්ටල් එකේ ඉතුරු වුණේ. එක්ස් ෆයිල්ස් බලලා රෑ දොළහමාරට එකට විතර තට්ට තනියම ආපහු ජූනියර් හොස්ටල් එකට යන එක වචනයෙන් කියන්න බැරි තරම් අත්දැකීමක්. අවුරුදු එකසිය ගානක් පරණ ගොඩනැගිලි අතරින් යද්දි සක්වල තක්සලාව පැත්තෙන් එන හුළඟ ඒවයෙ වැදිලා ඇතිකරන්නෙ ඇහුවාම බය හිතෙන සද්දයක්.
සමහර දවස්වලට ආපහු ඇවිත් නිදාගන්න හැදුවාම පස්සෙ තමයි පූසාට මුත්‍රා බරක් ඇතිවෙන්නෙ. ඒ වගේ වෙලාවට ආපහු ටොයිලට් එක පැත්තෙ යන එක මහ කම්මැලි හිතෙන වැඩක්. ඉතිං අපේ පුරුපුරු කරන්නෙ කාමරෙන් එළියට ඇවිත් රිචා සර්ගෙ නිල නිවාසෙ එහාපැත්තෙ බිත්තියට දිය පාරකින් සංග්‍රහ කරන එක. පස්සෙ දැනගත්ත විදිහට හාරිසුයි, කිං බීජේයි පුරුදු වෙලා ඉඳලා තියෙන්නෙත් රෑට ඔය ක්‍රමයට සුළුදිය පහකරන්න තමයි. ඉතිං අන්තිමට සිද්දවුණේ රිචා සර්ට ගෙදර වාසය කරන්න අපහසු වෙන මට්ටමට අවට වටපිටාව සුගන්ධවත් වෙච්ච එක.
රිචා සර් කවදාවත් හිතුවෙ නෑ මේකට වග කියන්න ඕනෙ ප්‍රිෆෙක්ට්ලා කියලා. එක දවසක් හාරිස්ටයි, පුරුපුරුටයි කතා කරපු රිචා සර් මෙහෙම කිව්වලු.
රිචා සර් :- බලන්න හාරිස්! මේ පොඩි වසවර්තියො ටික පුරුදුවෙලානෙ රෑට ඇවිත් එහාපැත්තෙ බිත්තියට චූ කරන්න. පළාතම ගඳේ ඉන්න බෑ. එකත් එකටම මේ මුස්ලිම් පොඩිඑවුන් ටික තමයි ඔය වැඩේ කරන්නෙ. මේ දවස්වල නෝම්බි හින්දා මුන් රෑට වැඩිය නිදාගන්නෙ නැද්ද කොහෙද?
හාරිස් :- ආ ඇත්තද සර්? අපි පොරොන්දු වෙනවා සර් හෙට ඉඳලා මේ වැඩේ සිද්ද වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා.
රිචා සර් :- බොහොම හොඳයි. අන්න එහෙම තමයි ඔයාලා වැඩ කරන්න ඕනෙ.
ඉතිං එදායින් පස්සෙ හාරිස් කිව්වා වගේම කවුරුවත් රිචා සර්ගෙ බිත්තියට මුත්‍රා කරන්න ආවෙ නෑලු. අන්තිමට ඒකෙන් මේකෙන් සිද්දවුණේ හාරිස්ගෙ කාඩ් එක උපරිමට වැඩිදියුණු වෙච්ච එක.
*************************************************************************
ඉතිං යාලුවනේ මෙච්චර කල් අවුරුදු එකහමාරක් තිස්සේ මම ලියාගෙන ආපු හොස්ටල් කතා මාලාව මෙතනින් නිමා වෙනවා. ඇත්තටම මේ අන්තිම ලිපියෙන් සිද්දවුණේ මට කලින් ලිපිවලට ඇතුලත් කරන්න බැරිවෙච්ච කතා කීපයක් කොත්තු රොටී මෙතඩ් එකට මෙතන රිංගවපු එක. බ්ලොග් ගඩොල් තුලින් හොස්ටල් කතා සීසන් දෙකකට ඔයාලා වෙත අරගෙන ආවා.
1) හොස්ටල් ලයිෆ්
2) බැක් ටු හොස්ටල්
මම පහුගිය කතාවලට ලින්ක් දාන්න අදහස් කරන්නෙ නෑ. මේ කතා කියවපු නැති යාලුවන්ට පුලුවන් දකුණු පැත්තෙ උඩ තියෙන “ගඩොල් ගමන්මග“ හරහා මේ කතා කියවන්න. තවත් ලියන්න කතා ඉතුරුවුණත් මට හිතෙන්නෙ සමහර සිද්දි වලට ෆේස් කරද්දි ඇතිවෙන ෆන් එක කතාව කියවද්දි ඒ ආකාරයෙන්ම ඇතිවෙන්නෙ නෑ කියලා. ඒක හින්දා ඒ වගේ කතා ලියන්න මගේ අයිඩියා එකක් නෑ.
තව දුරටත් කියනවානං හොස්ටල් කතා වලින් මම බලාපොරොත්තු වුණේ ලංකාවෙ ප්‍රධාන පාසලක හොස්ටල් එකක, එක කාල වකවානුවක සිද්ද වෙච්ච සිදුවීම සෙට් එකක් ගැන ඔයාලාව දැනුවත් කරන එක. මේ කතාවලින් කාගෙහරි හිත රිදීමක් වුණානං සමාවෙන්න කියලත් කියන්න කැමතියි. ඇත්තටම මුලින් මම සමහර කතාවලට විවේචන එයි කියලා හිතුවත්, මුල ඉඳලාම අපේ යාලුවො මේ කතාපෙළ රසවින්දා. ඒ අතරේ හොස්ටල් එකේ පුරුපුරුලාගෙ බැච් මේට්ලා, ජූනියර්ස්ලා, සීනියර්ස්ලා එහෙමත් හිටියා.
හොස්ටල් එක කියන්නේ පුරුපුරුගේ ජීවිතේ අති සුන්දර කාල පරිච්ඡේදයක මතක සටහනක්. හොස්ටල් හිටපු අනිත් හැමෝටමත් ඒක එහෙමයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඉතිං මේ කතා මාලාව කියවපු හොස්ටල් එකේ හිටිය, නොහිටිය යාලුවො හැමෝටම බොහොම ස්තුතියි. ඉස්සරහට තවත් අලුත් සීරීස් එකකින් ඔයාලා හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
නිමි.