අඹ යාලුවෝ

Showing posts with label මී කතුරා. Show all posts
Showing posts with label මී කතුරා. Show all posts

Friday, December 28, 2012

සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහ


අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.

පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට හැදිච්ච පූසෙක්. අනික මේ වෙද්දි මෑන්ස්ගෙ වයස අවුරුදු විසි එකක් විතර වුණේ. ඒ හින්දා තමන්ගෙ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න අවශ්‍ය පූස් ගට පුරුපුරුට තිබුනෙ නෑ. කටේ කිරි සුවඳ නොගිය තමන්ගෙ පූස් පුතා ආදර සම්බන්දයක් පටන් අරගෙන කියලා ආරංචි වුණොත් දෙමව්පියො මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැනත් පුරුපුරුට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ. ඉතිං ඒ හින්දා දැනට මේ සම්බන්දෙ ගැන ගෙදරට නොකියා ඉන්න පූසා තීරණය කළාලු.

මේ වෙද්දි එෆෙයාර් එකට පෙම්වතියගෙ පැත්තෙන් කැමැත්ත තිබුන හින්දා සමහර වීක් එන්ඩ් වලදි සුදුපූසිගෙ ගෙදර ගිහිං එයාව බලන්න පුරුපුරුට පර්මිෂන් තිබුනලු. සුදුපූසි කැම්පස් එකේම නැවතිච්ච දවස්වලට පුරුපුරු කරන්නේ නුවර ගිහිං එයාව මුණගැහෙන එක. එහෙමත් නැත්තං උපාසකයි ඤාව්වයි එක්ක පිස්සු කෙලින එක. කොහොම වුණත් පුරුපුරු මේ සම්බන්දෙ ගැන ගෙදරට කියපු නැති එක ගැන සුදුපූසිගෙ ගෙදර උදවිය එච්චර කැමැත්තක් දැක්වුවෙ නැහැ. විශේෂයෙන් පූසා නිතරම තමන්ගෙ ගෙදර යන එන වාතාවරණයක් තියෙද්දි ඒ ගැන පුරුපුරුගෙ ගෙදරින් දැනගෙන ඉන්න ඕනෙ කියන මතයෙ තමයි සුදුපූසිගෙ ගෙදර වැඩිහිටියො හිටියෙ.

“දැන් පුරුපුරු පුතා අපේ දුව ගැන ගෙදරට කියලද තියෙන්නෙ?“

“මේ ගැන ගෙදරට කියලා හිටියනං නේද හොඳ?“

“පුතාලගෙ ගෙදර කට්ටිය මේ ගැන දැනගත්තොත් අපිටත් බැනුම් අහන්න තමයි වෙන්නෙ“

දැන් මේ වගේ කම්ප්ලේන් කෝටියයි. පුරුපුරුත් දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ සිටුවේෂන් එක ගැන. ඇයි දෙයියනේ අම්මා කාමරේට ඇවිත් බත් කවද්දි එයාට කියන්න පුලුවන්ද පුරුපුරුට කෙල්ලෙක් ඉන්නවා, ඒ මදිවාට එහෙ ගිහිල්ලත් තියෙනවා කියලා? කොහොමහරි ඉතිං අපේ පූසා මේ ගැන හිත හිතා පසුතැවෙද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන වීක් එන්ඩ් එකේ සුදුපූසි ගෙදර ආවෙ නෑ. එයා හොස්ටල් එකේ නැවතිලයි හිටියේ. ඉතිං පුරුපුරුට ඉහළින් නියෝග ලැබුනලු සෙනසුරාදට නුවර එන්නයි කියලා.

“මොකද්ද අනේ ඔයා දැන් ගොඩක් දවසකින් නුවර ආවෙ නෑ මාව බලන්න. මේ සතියෙත් ආවෙ නැත්තං මම ඔයත් එක්ක තරහම තරහයි. “

දැන් ඉතිං නුවර පලයංකො බස් එකේ පැය ගානක් බඩගාගෙන. ඇත්තටම බස් එකේ නුවර යන එක මහ එපා කරපු වැඩක්. ඒත් ඉතිං කට්ට කාගෙන හරි සුදුපූසිව බලන්න යන්න ඕනෙ හින්දා පුරුපුරුත් නුවරට යනවා. ඔය විදිහට ඉතිං පහුවදා උදේම ලෑස්ති වෙච්ච පුරුපුරු හිමිදිරි පාන්දර ගෙදරින් පිටත් වුණාලු සුදුපූසිව බලන්න යන්න.

බස් එක ගලහ හන්දියට එනකොට දවල් දොළහටත් කිට්ටුයි. එතකොටත් සුදුපූසි හන්දියට ඇවිල්ලයි හිටියේ. කොහොමහරි ඉතිං දෙන්නා කැම්පස් එක ඇතුලේ රවුම් ගහලා, ලන්ච් එකත් අරගෙන, ඊටපස්සෙ ඒ කිට්ටුව තිබුන උද්භිද උද්‍යානයෙත් ඇවිද්දලු. අන්තිමට පුරුපුරු සුදුපූසිගෙන් සමුගත්තේ හවස හතරට තියෙන හොරණ බස් එක අල්ලගන්න බලාගෙන. මොකද ඒ බස් එකේ ගාස්තුව වැඩි වුණත් පූස්ගම හරහා යන හින්දා පුරුපුරුට ගේ ගාවින්ම බහින්න පුලුවන්කම තිබුනා. හොඳ වෙලාවට එදා පුරුපුරු බස් එක යන්න කලින් හෝල්ට් එකට ඇවිත් තිබුනා. බස් එකට නැග්ග පූසා හොඳ නින්දක් දාලා හවස හයහමාරට විතර පූස්ගමින්ම බැස්සා.

එදා හවස ගෙදර ආපු පුරුපුරුට සෑහෙන ගමන් මහන්සියක් තිබුනලු. ඒ හින්දා මෑන්ස් කළේ ඇඳුම් ටික පැත්තකින් දාලා හොඳට නිදාගත්ත එක. පැයක දෙකක නින්දකින් පස්සේ අපේ පූසා නැගිට්ටේ අම්මගේ කට හඬ ඇහිලා.

අම්මා :- පුතා, අද කොහෙද ඔයා ගියෙ?

අම්මා ප්‍රශ්නෙ අහපු විදිහටම මොකක්හරි වැඩක් ජෝන් බාස්ට ගිහිං තියෙන වග පූසාට ඉවෙන් වගේ තේරුණාලු.

පුරුපුරු :- ම්...ම්...මම මේ කන්දෙ කැම්පස් එකට ගියෙ අම්මෙ මී කතුරා හම්බවෙන්නත් එක්ක.

අම්මා :- එතකොට මේ ෂර්ට් එකේ සාක්කුවෙ උද්භිද උද්‍යානෙට ගත්තු ටිකට් දෙකක් තියෙන්නෙ?

කෙලියා තාප්පෙටම!!! බැලින්නං අපේ පුරුපුරුට පාක් එකට යන්න ගත්ත ටිකට් දෙක විසි කරන්න අමතක වෙලා. මෑන්ස්ගෙ අම්මා ඇඳුම් ටික හෝදන්න දාන්න හදනකොට තමයි සාක්කුවෙ තිබුන ටිකට් දෙක අහුවෙලා තියෙන්නෙ. දැන් ඉතිං නිදහසට මොනවා හරි කියන්නත් ඕනෙ. ඒත් වැඩි වෙලා හිත හිතා ඉන්නත් බෑ. ඉතිං පුරුපුරු කළේ ඒ වෙලාවෙ කටට ආපු උත්තරයක් කියලා දාපු එක.

පුරුපුරු :- මේ...මේ...ඒක මී කතුරගෙ වෙන්න ඇති අම්මේ...මම දන්නෙ නෑ.

අම්මා :- ආ ඇත්තද?

මෙහෙම කියපු පුරුපුරුගෙ අම්මා වෙන මොනවත් අහන්නෙ නැතුව එතනින් යන්න ගියාලු. දැන්නං අපේ පූසාට දාඩියත් දාලා. කම්මුල් රත් වෙලා. බඩ හීතල වෙලා. මෑන්ස් දන්නවා අම්මා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේට සුදුපූසිගෙ අම්මගෙ මොන්ටිසෝරියට යන පොඩි එකෙක්වත් රැවටෙන්නෙ නැති වග. ඒ වගේම මී කතුරා එක්ක පාක් ගියා කියලා කිව්ව එකෙන් පුරුපුරු ගේ කුරුල්ලෙක් කියලා ගෙදර මිනිස්සු හිතන්නත් පුලුවන්.

අනික සමහරවිට මේ වෙච්ච වැඩේ වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් වෙන්නත් පුලුවන්. මොකද මේක අම්මාට සුදුපූසි ගැන කියන්න ලැබිච්ච හොඳ චාන්ස් එකක්. වැඩිය මහන්සි වෙන්නෙ නැතුව අනිත් ටිකට් එකේ හිමිකාරිය සුදුපූසියි කියලා විතරයි කියන්න ඕනෙ. ඉතිං පූසා ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මෑන්ස්ගෙ අම්මා ආපහු පාරක් කාමරේට ආවේ. මේ වෙලාවෙනං අම්මා කටක්වත් අරින්න කලින්න අපේ පුරුපුරු කතාව පටන් ගත්තලු.

පුරුපුරු :- අම්මේ...මේ...මේ...අර ටිකට් දෙක....

අම්මා :- ඔව් ඉතිං?

පුරුපුරු :- ඒ දෙක මී කතුරාගෙ නෙවෙයි, මගේ....මේ...මේ...මම....

දැන් පූසාට එතනින් එහාට මොනවත් කියාගන්න බැරුව වචන ගොත ගගහා ඉන්නවා. මේ වෙලාවේ තමයි අම්මා පුරුපුරුගෙ පිහිටට ආවේ.

අම්මා :- ඔයා සුදුපූසිව බලන්න නේද ගියෙ?

අම්මා පුරුපුරුට වන් ෂොට් නොකවුට් ප්‍රශ්නය කෙළින්ම යොමු කළා. මේ වෙද්දිත් පුරුපුරුගෙ අම්මා දන්නවා පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො කියලා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකම පන්තියේ ඉගෙන ගන්න කාලෙත් පුරුපුරුගෙ අම්මා සුදුපූසිට හරිම කැමතියි. සුදුපූසි දැන් ඉන්නේ කන්දෙ කැම්පස් එකේ බවත් අම්මා දැනගෙන හිටියා. ඒ හින්දා පූසා නුවර ගියේ කෙල්ලෙක් බලන්නනම් ඒ කෙල්ල වෙන්න ලොකුම ප්‍රොබබිලිටිය තියෙන්නේ සුදුපූසි බව පුරුපුරුගෙ අම්මා ගෙස් කරන්න ඇති. කොහොමහරි ඔයින් මෙයින් වැඩේ පූසා හිතුවාටත් වඩා පහසු වුණා.

පුරුපුරු :- හ්ම්...

අනිත් පැත්ත හැරිච්ච පුරුපුරු ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගත්තා.

අම්මා :-  මේ ගැන අපිට කියපු එක හොඳයි.

මෙහෙම කියපු අම්මත් කාමරෙන් යන්න ගියා. කොහොමහරි ඉතිං මේ සම්බන්දයෙන් පුරුපුරුගෙ පැත්තෙනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑලු. ඉතිං මෑන්ස්ට ඊටපස්සෙ සුදුපූසිගෙ ගෙදර ගියාම ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න සිද්ද වුණෙත් නෑලු.

දැන් මේ කතාව කියෙව්වට පස්සෙ තමන්ගෙ ආදර සම්බන්දෙ ගැන ගෙදරට කියාගන්න බැරුව ලතවෙන කස්ටියට තේරෙනවනෙ නේද මොකද්ද කරන්න ඕනෙ කියලා? විසඳුම හරි සරලයි. අවශ්‍ය කරන්නේ ටිකට් දෙකක් විතරයි. මේ ක්‍රමය අනුගමනය කළාම තමන් ප්‍රශ්නෙ වෙත යන්නෙ නැතුව ප්‍රශ්නෙ තමන් වෙතට ගෙන්න ගන්න පුලුවනි. හැබැයි ඊටපස්සෙ වෙන දේවල් වලට බ්ලොග් ගඩොල් වග කියනු නොලැබේ.

Tuesday, September 18, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 2 (අවසානය)



අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ලෙසටම නැගලා යද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන දවසේ අපේ පූසො කට්ටිය පුරුපුරුලාගෙ ගෙදරට සෙට් වෙලා ෆිල්ම් එකක් බල බලා හිටියේ. එක පාරටම මාකට්ගෙ ෆෝන් එක රිංග් වුණේ අනිත් පූසන්ට අම්බානට ෆ්ලවර් ජම්ප් කරලා. මොකද මේ වෙද්දි කට්ටිය සෙට් වෙලා මොකක් හරි වැඩක් කරද්දි මාකට්ට නිතරම නිසංසලාගෙන් කෝල් එන එක අනිත් පූසන්ට වදයක් වෙලයි තිබුනේ. කොහොමහරි ඉතිං අනිත් පූසන්ගේ ඇනුම්පද මැද්දෙන් කෝල් එක ආන්සර් කරපු මාලුකට්ටාගෙ මූණෙ පෙම් පාට වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඉතිං මෑන්ස් මොකක්හරි ජලබරි කේස් එකකට ෆේස් කරලා ඉන්න වග අනිත් පූසෝ තේරුම් ගත්තලු. පස්සෙ බැලින්නං මෑන්ස්ට ඇවිත් තිබුනේ මේ වගේ කෝල් එකක්. හැබැයි ඒ නිසංසලාගෙන්නම් නෙවෙයි.

අමුත්තා :- මේ මිස්ටර් මාලුකට්ටාද කතා කරන්නේ?

මාකට් :- ඔව්! මාලුකට්ටා තමයි. කවුද මේ කතා කරන්නේ?

අමුත්තා :- මම මේ අහවල් දිස්ත්‍රික්කය බාර එස්. එස්. පී කතා කරන්නේ. මට තමාගෙන් වැදගත් තොරතුරු වගයක් දැනගන්න තියෙනවා.

මාකට් :- හික් හික්!! මේ ***, විහිලු නොකර කියපං උඹ කවුද කතා කරන්නේ කියලා. ඇත්ත කියපං, උඹ වේයන්ගොඩයා නේද?

අමුත්තා :- තමුසෙට මේක විහිලුවක් වගේද තේරෙන්නෙ? වැඩිය ආවොත් මම තමාව දානවා කූඩුවෙ!!!

මාකට් :- (අම්බානට බයවී) මොනවද මගෙන් දැනගන්න ඕනෙ?

අමුත්තා :- තමන් නිසංසලා දිසානායක කියන තරුණියව අඳුරනවා නේද?

මාකට් :- (තවත් පුදුම වී) ඔව්! ඇයි නිසංසලාට කරදරයක්ද?

අමුත්තා :- කරදරයක්ද? තමා වහාම නිසංසලාව තියන් ඉන්න තැනකින් පොලිසියට එක්ක එනවා හොඳයි.

මාකට් :- මොකක්? මම දන්නෙ නෑ නිසංසලා ඉන්න තැන. එයා මගෙ යාලුවෙක් විතරයි.

අමුත්තා :- එතකොට ඊයෙ හවස හයයි තිහට නිසංසලා තමාට කෝල් එකක් ගත්තෙ නැද්ද?

මාකට් :- ගත්තා. ඒත් ඊට පස්සෙනං එයා මට කෝල් කළේ නෑ.

අමුත්තා :- හොඳයි අපි ඒකෙ ඇත්ත නැත්ත දැනගන්නං. අද හවස පූස්ගම පොලිසියට ඇවිත් මාව මීට් වෙන්න. මම අද පූස්ගමට එන්නං තමාව මුණගැහෙන්න.

කොහොමහරි ඉතිං කෝල් එක ඉවර වෙද්දි අපේ මාකට්ගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන ගානට වෙව්ලනවා. ඇයි දෙයියනේ මේ කොහෙන් කඩා පාත් වෙච්ච මරාලයක්ද? ඒ  වගේම මේ වෙද්දි අපේ යාලුවො කස්ටියත් නොඉවසිල්ලෙන් උන්නේ මාකට්ගෙන් සිද්ද වෙච්ච දේ ගැන දැනගන්න. ඉතිං මැන්ස්ට සිද්ද වුණාලු වෙච්ච දේ අනිත් පූසන්ටත් එවේලෙම කියන්න. 

මේ වෙද්දි අපේ සෙට් එකේ කාටවත් පුලුවන්කමක් තිබුනේ නෑ සිද්ද වෙලා තියෙන දේ හරියටම පැහැදිලි කරන්න. මාකට් දිගින් දිගටම නිසංසලාගෙ ෆෝන් එකට කෝල් ගන්න හැදුවත් ඒ ෆෝන් එක ඕෆ් කරලයි තිබුනේ. කොහොමහරි අන්තිමට අපේ යාලුවන්ට තේරුම් ගියේ නිසංසලා ගෙදර නැති බවත්, ඒ වගකීම ගිහින් තියෙන්නේ මාලුකට්ටාගෙ පිටින් වගත්. කොහොම වුණත් මාකට් දිගින් දිගටම කිව්වේ නිංසසලා මේ මොහොතේ ඉන්නෙ කොහෙද කියලා මෑන්ස් දන්නෙ නෑ කියලා.

ඔය විදිහට තවත් පැය බාගයක් ඇතුලත මාකට්ට තවත් ෆෝන් කෝල්ස් කීපයක්ම ලැබුනලු. එක කෝල් එකක් ආවෙ සී.අයි.ඩී එකෙන්. තව කෝල් එකක් ආවෙ පූස්ගම ඕ.අයි.සී ගෙන්. කොහොමහරි මේ කෝල් වලින් කියවුණේ මාකට්ට පොලිසියට එන්න අවශ්‍ය නැති බවයි, පහුවදා පොලිසියෙන් ඇවිත් ගම්පහදි මාකට්ව හම්බවෙන බවයිලු. ඒ වගේම මේ ඇමතුම් වලින් පූසන්ට ලැබුනු තොරතුරු වලට අනුව නිසංසලා කොල්ලෙක් එක්ක ගෙදරින් පැනලා ගිහින්. ඒ වගේම එයා පැනලා යන්න කලින් අන්තිම කෝල් එක අරගෙන තියෙන්නෙත් මාකට්ට. ඒක තමයි පොලිසිය අපේ පූසාව මේ ගැන මුලින්ම සැක කරලා තියෙන්නේ. කොහොම වුණත් ඊට පස්සේ ආරංචි වෙලා තියෙනවා නිසංසලා පැනලා ගිහින් තියෙන්නේ රයන් එක්ක කියලා.

ඉතිං තමන්ව සීන් එකට සැක නෑ කියලා දැනගත්තාට පස්සේ තමයි මාකට්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් මේ සිද්දිය ගැන පුරුපුරුටයි, ඤාව්වාටයි, උපාසකටයි තිබුනේ බරපතල සැකයක්. මොකද මේ වගේ චූටි කේස් එකකට පොලිසියේ උසස් තැන් වලින් බැහැපු එකයි, සිද්දිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වල තිබුන කාර්යක්ෂම බවයි සාමාන්‍යයෙන් අපිට ලංකාවෙදි දැකගන්න අමාරු දේවල්. ඉතිං අපේ පූසන්ට කුතුහලයක් ඇතිවුණාලු නිසංසලා කාගෙ කවුද කියලා මාකට්ගෙන් දැනගන්න.

පුරුපුරු :- යකෝ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් පැනලා ගියානං පැය විසිහතරක් විතර ගිහින් තමයි හොයන්න ගන්නේ. ඇත්ත කියපං මාකට්, කවුද මේ නිසංසලා? 

උපාසක :- ඒක තමයි, ඈ බොල උඹ මැණික් මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද ගියෙ, නැත්තං ඇමති කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද?

මාකට් :- මම දන්නෙ නෑ බං. අපි කවදාවත් ඒකිගෙ පවුලෙ විස්තර ගැන කතාබහ කරලා නෑ. මට තරහා මේකිට මට නිකංවත් කියන්න බැරිවුණානෙ පැනලා යන්න ඉන්නෙ කියලා. නැත්තං මම උදව් නොකර ඉන්නෙ නෑනෙ.

මී කතුරා :- පලයං *** යන්න. තෝ එහෙනං පැනලා යන්න උදව් කරන්න ගිහින් මෙලහට පොලිස් කූඩුවෙ.

කොහොමහරි ඉතිං මාකට් පහුවදා ගම්පහ ක්ලාස් ගිහින් එනගමන් පොලිස් නිළධාරියාවත් මුණගැහිලා තිබුනලු. ඒ වගේම නිසංසලාගෙ අයියත් එතනට ඇවිත් තිබුනලු. බලාගෙන යද්දි පොලිස් නිළධාරියා අයියගේ හොඳ යාලුවෙක්. ඉතිං එදා හවස මාකට් එනකං අනිත් පූසො නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ විස්තරේ දැනගන්න.

මාකට් :- මචංලා උඹලා දන්නවද නිශාන් දිසානායක කියලා ක්‍රිකටර් කෙනෙක්ව? එහෙම එකෙක් ගැන මමනං අහලා නෑ.

මේක ඇහිච්ච ගමන් උපාසකගේ කටින් පිටවුණේ අසභ්‍ය වචන මාලාවක්. මොකද නිශාන් දිසානායක කියන්නේ ඒ වෙද්දි සිලෝන් ටීම් ගහපු ප්‍රබල ක්‍රීඩකයෙක්. කොහොම වුණත් අරවින්ද ද සිල්වා කියන්නේ කවුද කියලා නොදැන හිටපු මාකට් නිශාන් දිසානායක ගැන දැන නොහිටිය එක ගැන පුරුපුරුනං පුදුම වුණේ නෑ. බැලින්නං නිශාන් දිසානායක තමයි නිසංසලාගේ අයියා.

මේ වෙද්දිත් නිසංසලාව කාටවත් හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං නිශානුත් ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා තමන්ගෙ නංගිව හොයන්න ෆුල්ම විදිහට ගේමට බැහැලා හිටියේ. ගොඩක් දුරට මේ හෙවිල්ල ෆෝකස් වෙලා තිබුනේ රයන්ගෙ ගෙවල් තියෙන බවට නිසංසලා මාකට්ට කියලා තිබුනු නුගේගොඩ පැත්තෙලු. කොහොමහරි ඉතිං නිසංසලාව හොයන වැඩේට මාකට්ටත් එන්නයි කියලා නිශාන් දිසානායක ආරාධනා කරලා තිබුනලු. මාලුකට්ටාත් ඒ ඉන්විටේෂන් එක බාර අරගෙන තිබුනේ ඉතසිතින්. මේ කතාව අහපු ඤාව්වාටයි, පුරුපුරුටයිත් වැඩේට ජොයින් වෙන්න ඕනෙ වුණත් නිශාන් මාකට්ට කියලා තිබුනේ මේ සිද්දිය ගැන කාටවත් කියන්න එපා කියලා.

කොහොමහරි ඉතිං අන්තිමට දවස් කීපෙකට පස්සේ නිසංසලා ඉන්න තැන නිශාන් හොයාගෙන තිබුනා. මෑන්ස් ඊටපස්සෙ කරලා තිබුනේ පොලිසියත් එක්ක ගිහින් නිසංසලාව ගෙදර එක්කගෙන එන එක. මේ ගමනට සහභාගි වෙන්න අපේ මාලුකට්ටාත් අමතක කළේ නෑ. බලාගෙන යද්දි නිසංසලා රයන් එක්ක පැනලා ගිහින් තියෙන්නේ අනුරාධපුරේටත් එහා තියෙන දුෂ්කර ගමකට. මොකද බැලින්නං රයන්ගේ ගම නුගේගොඩ නෙවෙයි, අනුරාධපුරේ පැත්තෙලු. ඒ වගේම රයන් කියන නමත් බොරු නමක් කියලයි පස්සේ ආරංචි වුණේ.

කොහොමහරි ඉතිං මේ සිද්දියෙදි මාකට් දක්වපු සහය වෙනුවෙන් නිශාන් දිසානායක මාකට්ට සෑහෙන්න ස්තුති කරලා තිබුනා. මාකට්නං කිව්වේ නිශාන්ගෙ සැප වාහනේ යන්න ලැබිච්ච එකම මෑන්ස්ට සැහෙන දෙයක් කියලා. නිශාන් මාකට්ට කියපු අන්තිම වාක්‍යය මතක් කර කර අපේ පූසො සෙට් එක සෑහෙන කල් හිනා වුණා.

“මේකිට පිස්සුද කොහෙද මල්ලි! අනුරාධපුරේ කොහෙද රයන්ලා?“

කොහොමහරි ඊටපස්සෙ මාලුකට්ටාගෙයි නිසංසලාගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් එහෙමම නතරවුණා. ඒ වගේම මාකට් අලුත් පුරුද්දකට ඇබ්බැහි වුණා. ඒ තමයි රී ලෝඩ් පොත්වල ෆොටෝ ගහගෙන ඇවිත් ඒවයෙ තියෙන ෆෝන් නම්බර් වලට කෝල් කරන එක. මේ ගොඩක් කෝල් අසාර්ථක වුණත් මෑන්ස්ට වැඩේ වැඩකරපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි. ඉතිං ඔය විදිහට තමයි අපේ මාකට් මෑන්ස් වැටෙන්න ගිය ලෝක අමාරුවකින් නූලෙන් බේරුනේ.

ප.ලි - නිශාන් දිසානායක යනු බොරු නමකි.
ප.ප.ලි - නෝ ඔෆෙන්ස් ටු අනුරාධපුර කස්ටියට

Wednesday, July 11, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි 3 - අවසානය


මාලුකට්ටා සහ චාටර්මාලි 1
මාලුකට්ටා සහ චාටර්මාලි 2

කොහොමහරි ඉතිං කලුකුමාරිගෙන් ඔත්තුව ලැබිච්ච විදිහටම ඊළඟ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එකට ආවලු. උදේ ක්ලාස් එකට ඇතුල් වෙද්දි චාටර්මාලි වටපිට බල බලා ආවෙ නිකං හොර බැළලියෙක් වගේ. මේ වෙද්දි පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි, හිටියේ ක්ලාස් එක ඇතුලේ. උපාසකයි, ඤාව්වායි එදා ගියෙ ටිකක් කලින් ඉවරවෙන වෙන පන්තියකට. ඒ හින්දා ඒ දෙන්නා බාරගත්තලු තමන්ගෙ ක්ලාස් එක ඉවරවෙලා චාටර්මාලිව අල්ලගන්න මග රැකගෙන ඉන්න. ඒ වගේම පුරුපුරුලා වාඩි වෙලා හිටියේ ක්ලාස් එකේ පිටිපස්සෙම පේළියේ. ඒ කියන්නෙ අපේ පූසන්ගෙ ප්ලෑන් එක අනුව ක්ලාස් එක ඉවරවුණාට පස්සේ චාටර්මාලිට ක්ලාස් එක ඉස්සරහ පාරෙන් ගියත්, පිටිපස්සෙන් ගියත් පූසො සෙට් දෙකෙන් එකකට අනිවා අහුවෙනවා.

කොහොමහරි ඉතිං වෙහෙසකර පැය ගානකට පස්සේ පුරුපුරුලායි, චාටර්මාලියි හිටපු ක්ලාස් එක ඉවර වුණාලු. ක්ලාස් එකේ අන්තිම හරිය වෙද්දි චාටර්මාලි කුරුමාණං අල්ල අල්ල හිටියේ කොයි මොහොතේ ක්ලාස් එකෙන් එළියට පනින්නද කියලා. ඉතිං මේ සිද්දිය මීටර් වෙච්ච පූසොත් තීරණය කළාලු ක්ලාස් ඉවර වෙච්ච හැටියේ දුවලා ගිහින් චාටර්මාලිව අල්ලගන්න. කොහොමවුණත් අපේ යාලුවො ඒ වෙද්දිත් තීරණය කරලා තිබුනෙ නෑ අල්ලගත්තට පස්සේ චාටර්මාලිට කරන්නේ මොකද්ද කියලා.

පුරුපුරු :- මාකට්, උඹ මොකද්ද දැන් අරකිට කරන්න ඉන්නේ?

මාලුකට්ටා :- මට ඕකිව අල්ලගෙන මගෙ හිතේ තරහ යනකං ඒකිගෙ යාලුවො ඉස්සරහ ඒකිට බනින්න ඕනෙ බං!!! ඔක්කොටම කලින් අල්ලගෙන ඉමුකො මොනවද කරන්න පුලුවන් බලන්න.

මී කතුරා :- ඒවයින් කමක් නෑ. උඹ ඒකිට අතක්වත් තියනව එහෙම නෙවෙයි. එහෙමවුණොත් ඒක අපිටමයි හොඳ නැත්තේ.

මාලුකට්ටා :- හා හා. අපි මුලින්ම මේකිව අල්ලගෙන ඉම්මුකෝ.

ඉතිං ඔය විදිහට ක්ලාස් එකත් ඉවර වුණාලු. එකපාරටම ළමයි සීයක් දෙසීයක් ක්ලාස් එකෙන් එළියට පැන්නෙ ගෙවල් වලටයි, රස්තියාදුවෙයි දුවන්න බලාගෙන. ඒ එක්කම එළියට බැහැපු චාටර්මාලිත් විදුලි වේගයෙන් ගම්පහ ටවුන් එක පැත්තට ඌර්ධවපාතනය වෙන්න පටන් ගත්තලු. මේ වෙද්දි අපේ පූසොත් එළියට බැහැලා හිටියත්, අර ළමයි ගංගාවත් පෙරළගෙන ගිහින් චාටර්මාලිව අල්ලගන්න එක සෑහෙන අමාරු වැඩක් වෙලයි තිබුනේ. අන්තිමට කොහොමහරි වුණේ චාටර්මාලි පුරුපුරුලාගේ දර්ශන පථයෙන් අතුරුදහන් වෙච්ච එක.


ඒ වුණත් අපේ යාලුවන්ගෙ බලාපොරොත්තු නැති වුණේ නෑ. මොකද චාටර්මාලි ඉක්මන් ගමනින් ගියේ ඤාව්වායි, උපාසකයි රැකගෙන ඉන්නවා කියපු පාර දිගේ ඉස්සරහට. මේ දවස්වල පූසන්ගෙන් මොබයිල් ෆෝන් එකක් තිබුනේ උපාසකටයි, ඤාව්වාටයි, මාලුකට්ටාටයි විතරයි. ඒත් මේ කියන දවසේ මාකට්ගෙ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලයි තිබුනේ. ඒ හින්දා මාලුකට්ටාට විදිහක් තිබුනෙ නෑ උපාසකට හරි ඤාව්වාට හරි කෝල් කරන්න. ඉතිං පුරුපුරුලා බලාපොරොත්තුවෙන් හිටියේ මේ වෙද්දි උපාසකලා චාටර්මාලිව අල්ලගෙන ඇති කියලා.


ඔය විදිහට තවත් ටිකක් දුර යද්දි තමයි පුරුපුරුලාට උපාසකලාව හම්බවුණේ. ඒත් එතන චාටර්මාලිනං පේන්න හිටියේ නෑ. බැලින්නං උපාසකලාට චාටර්මාලිව මුනගැහිලා නෑ. එකත් එකටම උපාසකවයි ඤාව්වාවයි ඈත තියාම දැක්ක චාටර්මාලි මුන් දෙන්නාව මගඇරලා කොහොමහරි එතනින් යන්න ඇති. අපේ යාලුවො කට්ටිය හිතුවෙ එහෙමයි. ඉතිං පූසො සෙට් එක කළේ පුලුවන් ඉක්මනට බස්ටෑන්ඩ් එකට දුවපු එක. ඒත් අපේ යාලුවො ටික හති දාගෙන දුවලා එද්දිත් වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි. සෙනග පටවගත්ත ගම්පහ-පූස්ගම බස් එකක් ඈත අද්දනවා. අලුතින් පාක් කරපු ඊළඟ බස් එකට සෙනග නගිනවා. චාටර්මාලි ඈත යන බස් එකේ නගින්න තියෙන සම්භාවිතාව ගොඩක් ඉහළයි.


ඔය අතරෙ තමයි අපේ පූසන්ට මැක්නාත්ව හම්බවුණේ බස්ටෑන්ඩ් එකේදි.


උපාසක :- මචං මැක්! උඹ දැක්කද චාටර්මාලි මේ පැත්තට එනවා?


මැක්නාත් :- ආ! ඔව් බං, අර කලින් බස් එකේ නැග්ගේ. මම ඒත් බැලුවා මාලුකට්ටා නැතුව තනියම ගියේ මොකද කියලා.


මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ මාලුකට්ටාගෙයි, චාටර්මාලිගෙයි එෆයාර් එක නැවතිලයි කියලා. ඉතිං අපේ යාලුවො සෙට් එකත් මැක්නාත්ගෙන් සමු අරගෙන ඊළඟ පූස්ගම බස් එකට නැග්ගලු. කොහොමහරි මේ වෙද්දි චාටර්මාලිව අල්ලගන්න අයිඩියා එක අපේ යාලුවන්ගෙ ඔලු වලින් මැකීගෙන යමින් තිබුනේ. ඒත් මෑන්ස්ලාට ආපහු ඒ අයිඩියා එක ඔලුවට ආවේ අලුත් බස් එක පිටත් වෙන්න ගත්තට පස්සේ. මොකද ඒ බස් එකේ ඩ්‍රයිවර් අයියා හැටට හැටේ පාගලා යන ඩයල් එකක්. සමහරවිට මගදී චාටර්මාලි යන බස් එක ඉස්සර කරන්නත් පුලුවන්.


කොහොමහරි ඉතිං ටික වෙලාවකින් බස් එක සේකරගමටත් කිට්ටු වුණාලු. එතකොට තමයි පුරුපුරුලාට පෙනුනෙ චාටර්මාලි හිටපු බස් එක ඉස්සරහින් යනවා. දැන් ඉතිං තව හෝල්ට් එකක් දෙකක් යද්දි ඒ බස් එක ඉස්සර කරන්න පුලුවන්. ඉතිං ඔහොම යද්දි තමයි ඤාව්වා බලාපොරොත්තු විරහිත දර්ශනයක් දැක්කේ.


ඤාව්වා :- අඩෝ අන්න අරකි සේකරගමින් බහිනවා!!! අපිත් බහිමු.


බැලින්නං වෙනදා පූස්ගමින් බහින චාටර්මාලි එදා සේකරගමින් බහිනවා. ඉතිං අපේ පූසො ටිකත් හදිස්සියෙම බස් එකෙන් බහින්න ලෑස්ති වුණාලු. ඒත් ඒ වෙද්දිත් සේකරගම හෝල්ට් එකෙන් බස් එක අද්දන්න පටන් අරගෙන තිබුන ඩ්‍රයිවර් අයියා බස් එක ආපහු නතර කළේ ටිකක් දුර ගිහින්. ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ඉක්මන් ගමනින් චාටර්මාලි පස්සෙන් ගිය එක. ඔහොම ගිය චාටර්මාලි ඊටපස්සෙ කළේ වංගුවකින් හැරිච්ච එක. දැන් පූසන්ට චාටර්මාලිව පේන්නෙ නෑ. ඉතිං මෑන්ස්ලා කළේ තවත් හයියෙන් ඉස්සරහට ගිය එක. එහෙම ගිහින් වංගුව හැරිච්ච ගමන්ම තමයි අපේ යාලුවො බලාපොරොත්තු නොවිච්ච දර්ශනයක් දැක්කේ.


බැලින්නං පාරෙ ඈත කොල්ලො සෙට් එකක් එක්ක චාටර්මාලි ඉන්නවා. ඒ කොල්ලො සෙට් එකේ සමීර, ඒ කියන්නෙ චාටර්මාලිගෙ අලුත් බෝයි ෆ්‍රෙන්ඩුත් ඉන්නවා. එතකොට තමයි පූසන්ට තේරුනේ වෙලා තියෙන වැඩේ බරපතලකම. සේකරගම කියන්නේ සමීරගෙ ගම. ඉතිං පූසො සෙට් එක තමන්ව ෆලෝ කරනවා කියලා දැනගත්තු චාටර්මාලි බස් එකේ එද්දි සමීරට කෝල් කරලා ඒ බව කියලා තියෙනවා. මෑන්ස් තමයි ඊටපස්සේ චාටර්මාලිට කියලා තියෙන්නේ සේකරගමින් බස් එකෙන් බහින්න කියලා.


මේ වෙද්දි පූසො හිටියේ භයානක ඉරණමකට ෆේස් කරලා. සමීර ඇතුලු කොල්ලො කට්ටිය පූසන්ව චකබ්ලාස් කරන්න බලාගෙන ඉස්සරහට එමිනුයි හිටියේ. ඔය වෙලාවෙ තමයි පුරුපුරු දැක්කේ ඈතින් බත් දන්සලක් තියෙනවා. ඒ දවස්වල වෙසක් හින්දා හැමතැනම දන්සැල් වැහි වැහැලයි තිබුනේ. අපේ කට්ටිය ඒ වෙලාවෙ බත් කන මූඩ් එකේ නොහිටියත්, ගුටි දන්සලකට වඩා බත් දන්සලක් හොඳයි කියලා හිතුන හින්දා කට්ටියම ඉක්මන් ගමනින් ගිහින් දන්සලට රිංගුවලු.


පූසන්ට ඇටෑක් කරන්න ආපු කොල්ලො සෙට් එක දන්සල ඇතුලට ආවෙ නැතත් ඒ කිට්ටුව රැකගෙන හිටියෙ බත් කාපු පූසන්ට ඩෙසර්ට් එකට ගුටි දෙන්න බලාගෙන. කොහොමහරි ඔය වෙලාවෙ තමයි ඤාව්වා දැක්කේ දන්සැලට බැක් සයිඩ් එන්ට්‍රන්ස් එකකුත් තිබුන බව. ඉතිං අපේ පූසො කස්ටිය කළේ බත් කාලා ඉවරවෙලා බැක් එන්ට්‍රන්ස් එකෙන් එළියට පැන්න එක. කොහොමහරි ගම වටේ රවුමක් ගහලා සේකරගම බස් හෝල්ට් එකට ඇවිත්, පූස්ගම බස් එකකටත් නැග්ගට පස්සෙයි පුරුපුරුලාගෙ ඇඟවල් වලට ලේ ටිකක් ඉනුවේ.

ඉතිං ඔය වැඩෙන් පස්සේ ගොඩක් කල් යනකං මාලුකට්ටාටවත්, අනිත් පූසන්ටවත් චාටර්මාලිව මීට් වුණේ නෑ. මාසෙකින් විතර තිබුන ඒ ලෙවල් විභාගෙත් මාලුකට්ටා බලාපොරොත්තු වෙච්ච විදිහටම අනාගත්තලු. දෙවෙනි පාරටත් ඒ ලෙවල් කරපු මාකට් ඊටපස්සේ තෝරගත්තේ තොරතුරු තාක්ෂණය ගැන විශ්ව විද්‍යාල බාහිර උපාධියක් කරන එක. දැන්නං මෑන්ස් පෞද්ගලික ආයතනයක හොඳ ජොබ් එකක් කරනවා.

උපාසකට මේ ළඟදි චාටර්මාලිව හම්බවෙලා තිබුනා. චාටර්මාලි දැන් නර්ස් කෙනෙක්ලු. සමීරගෙයි චාටර්මාලිගෙයි එෆෙයාර් එකටනං මොනවා වුණාද දන්නෙ නෑ. ඒ වගේම මේ මාලුකට්ටා සම්බන්ද අන්තිම ලව් ස්ටෝරියත් නෙවෙයි. වැඩි දවසක් යන්න කලින්ම මෑන්ස් අලුත් සම්බන්ධයක් පටන් ගත්තා. ගෑනු ළමයාගෙ නම ලයිට්. ඒ කතන්දරේ ඉතිං අපි වෙනම සීරීස් එකකින් බලමුකො නේද? 
 
නිමි.

Wednesday, May 30, 2012

සුභ මංගලම්!

අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ...
ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පැතුම්!!!

                                                     -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-

Sunday, March 18, 2012

කැම්පස් ලයිෆ්



වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්. මොකද එදා තමයි ඒ ලෙවල් රිසල්ට්ස් එන්න නියමිත වෙලා තිබුණේ.

ඉතිං පුරුපුරුට නින්ද නොගිය එක අහන්නත් දෙයක්යැ නේද? අවුරුදු දෙකක් තිස්සේ තමන්ගෙ කාලෙයි, සල්ලියි, මහන්සියයි වියදම් කරගෙන අමාරුවෙන් ෆේස් කොරපු විභාගේ ප්‍රතිඵල එද්දි හිත සලිත නොවී තියෙන්නේ කොයි මනුස්පයාගෙද? කොහොමහරි ඉතිං අපේ යාලුවා ටිකක් එළි වෙනකං බොහොම ටෙන්ෂන් එකේ තමයි හිටියේ. පපුවත් රත් වෙලා නිකං බිත්තරයක් දැම්මනං ඔම්ලට් වෙන ගානට.

අපේ පූසො සෙට් එක කතා වුණේ රිසල්ට් බලන්න ඉස්කෝලෙට යන්න කලින් ඉන්ටර්නෙට් එකෙන් බලමු කියලා. මොකද කට්ටිය කර කර හිටපු පිස්සු අප්සට් වැඩ වල හැටියට ඉස්කෝලෙ ගුරුවරුන්ට කියන්න තරම් ප්‍රතිඵලයක් ඒවි කියලා කවුරුවත් හිතුවෙ නෑ. කොහොමහරි පුරුපුරු ඒ දවස් ටිකේ ටිකක් අසනීපෙන් හිටපු හින්දා අනිත් පූසො එකඟ වුණාලු ගම්පහට ගිහින් ප්‍රතිඵල බලලා පුරුපුරුටත් කියන්න. ඒ දවස්වල අපේ පූසො කාටවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒ වගේම මුලු පූස්ගමටම ඉන්ටර්නෙට් කැෆේ එකක් තිබුනෙත් නෑ. ඉතිං මේ හින්දා රිසල්ට් බලන්න ගම්පහටම යන්න සිද්ද වෙලයි තිබුනේ.

ඔය විදිහට කාලෙ ගතවෙලා ටිකක් දවල් වුණාම තමයි මාලුකට්ටාගෙන් පුරුපුරුට මෑන්ස් බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එක ආවේ. පුරුපුරුට මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නැති හින්දා මාකට් කෝල් එක දුන්නේ පූසාගේ ගෙදර ෆෝන් එකට.

“පුතේ! පුතේ!! මෙන්න මාලුකට්ටා පුතා කතා කරනවා...“

පුරුපුරුගෙ අම්මා කෝල් එක ආන්සර් කරලා පුරුපුරුට කෑ ගැහුවා. අපේ පූසාත් ඉතිං ගැහි ගැහී ගිහින් ෆෝන් එක ආන්සර් කළා. මාලුකට්ටායි, උපාසකයි ඒ වෙද්දි කට්ටියගෙම රිසල්ට්ස් බලලා. මෑන්ස් කියපු හැටියට මාලුකට්ටාගෙයි, උපාසකගෙයි, ඤාව්වාගෙයි රිසල්ට් අනුව ඒ අයට තව පාරක් විභාගෙ කරන්න වෙන තත්ත්වයකුයි තිබුනේ. මී කතුරාටනං යන්තං සතුටුවෙන්න පුලුවන් ප්‍රතිඵලයක් ඇවිත් තිබුනා. ඔය විදිහට මාලුකට්ටා පුරුපුරුගෙ ප්‍රතිඵලේ කිව්වේ කමල් අද්දරආරච්චි සුපර් ස්ටාර් අවසන් තරඟයේ ප්‍රතිඵල කියන්නා වගේ.

“මචං පුරුපුරු, උඹට බයෝ වලට “ඒ“ එකක් තියෙනවා“

මාලුකට්ටා මෙහෙම කියද්දි පුරුපුරුට ඇතිවුණේ ලොකු සතුටක්. බයෝ වලට ආපු ප්‍රතිඵලේනං අපේ පූසා කොහොමත් බලාපොරොත්තුවෙන් හිටපු එකක්.

“පුරු, උඹට ෆිසික්ස් වලටත් “ඒ“ එකක් තියෙනවා“

මාකට් මෙහෙම කියද්දිනං අපේ පූසාට ඇස් අදහාගන්න බැරි වුණා. ඇත්තටම පුරුපුරු කවදාවත් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ ෆිසික්ස් වලට ඒ එකක් එයි කියලා. කොහොමහරි ඉතිං මේ සබ්ජෙක්ස් දෙකටම ඒ ආපු එකේ පුරුපුරු හිතුවේ මෑන්ස්ගෙ ෆේවරිට් සබ්ජෙට්ටුව වෙච්ච කෙමිස්ට්‍රි වලටත් ඒ එකක්ම එයි කියලා.

“මචං පොඩි කේස් එකක් තියෙනවා, උඹට කෙමිස්ට්‍රි වලටනං තියෙන්නෙ බී එකක්“

මිල්ස් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. බැලින්නං පූසා කෙමිස්ට්‍රි විභාගේ එච්චරම හොඳට කරලා නෑ. කොහොමත් භෞතික රසායනය රචනා ප්‍රශ්නයක් ජෝන් බාස්ට ගිය වෙලේම පුරුපුරුට හිතුනා ඒ එකක් ගැන තිබුන බලාපොරොත්තුව බොඳ වෙලා ගියයි කියලා. කොහොම වුණත් මෑන්ස්ට හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් එක්ක හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් ඇවිල්ලා තිබුනා. ඉතිං පූසාට තේරුම් ගියාලු තමන් යන්න බලාපොරොත්තුවෙන් හිටපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව උපාධියට ඇතුලත් වෙන්න මේ ප්‍රතිඵලයෙන් පුලුවන් වෙයි කියලා.

කැම්පස් යන්න පුලුවන් මට්ටමේ හිටියත් අපේ පුරුපුරුට කිසිම හැකියාවක් තිබුනෙ නෑ ප්‍රතිඵලය ගැන සතුටු වෙන්න. මොකද හැමදාමත් දුකේදි සැපේදි එකට හිටපු අනිත් පූසො රංචුවට සතුටු වෙන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල ඇවිත් තිබුනේ නෑ. ඒ වගේම වචනෙන් නොකිව්වත් පූසො කට්ටිය ඒ ගැන ගොඩක් දුකින් ඉන්නේ කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. ඉතිං උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායි, මී කතුරායි තීරණය කළාලු දෙවෙනි පාරටත් විභාගෙ ලියන්න රිවිෂන් ක්ලාස් යන්න.

මෙහෙම කල් ගතවෙලා හවස් වෙද්දි තමයි පුරුපුරුට තේරුම් ගියේ තමන් තමන්ගෙ ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වුණාට ගොඩක් දෙනෙක්ට එහෙම හිතිලා නෑ කියලා. නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් වගේම පවුලේ හිතවතුන්ගෙනුත් පළවුණේ එක වගේ අදහස්.

“පුතා රෑන්ක් එක 250 නං හොඳයි. ඒත් මෙඩිසින් යන්න ටිකක් අමාරු වෙයි නේද? අන්වාර්යයෙන්ම ඊළඟ පාරත් එග්සෑම් කරන්න“

“මොලිකියුලර් බයෝලොජි? ඒ මොකද්ද? ඔය අලුත් කෝස් වලට යනවට වඩා හොඳ නැද්ද ඊළඟ පාරවත් මෙඩිසින් යන්න එග්සෑම් කරගත්තොත්? “

“ආපහු එග්සෑම් කරන්න බැරිමනං ඩෙන්ටල් වලටවත් යන්න. නැත්තං ඔයා ලෝක අමාරුවක තමයි වැටෙන්නෙ“

“මෙඩිසින් කරන්න ආස නෑ??? මේ ළමයට මොනවා වෙලාද මන්දා? එහෙනං ඒ ලෙවල් වලට මැත්ස් නොකර බයෝ කළේ අහවල් දේකටද?“

“අපරාදෙනෙ පුතේ! තව දෙපාරක් විභාගෙ කරන්න චාන්ස් එක තියෙද්දිත් ඇයි මේ වගේ තීරණයක් ගත්තේ?“

“ඔය කියන්නෙ මයික්‍රොබයෝලොජි ගැනද?“

“ඔය ඩිග්‍රිය කළාට පස්සේ ලංකාවෙ කරන්න ජොබ්ස් එහෙමත් නෑ නේද?“

“හරි ඉතිං, බැරිමනං ඩෙන්ටල් හරි වෙට් වලට හරිවත් යන්නකෝ. ඒ අයටත් කැම්පස් අවුට් වුණාට පස්සේ ඩොක්ටර් කියලනේ කතා කරන්නේ“

“බයෝටෙක්නොලොජි කියන්නේ ඉතිං ඉස්සරහට ලෝකෙ ඩිවලොප් වෙන ඒරියා එකක් තමයි. ඒත් ඉතිං? අනේ මන්දා??“

අපේ පූසාට කට්ටියගෙන් සුභපැතුම් වෙනුවට ලැබුනේ ඔන්න ඔය වගේ ප්‍රතිචාර. ඇත්තටම මේවා අහපු පූසා අම්බානට මානසිකව වැටිලයි හිටියේ. ඒත් හොඳ වෙලාවට මෑන්ස්ගෙ දෙමව්පියන්ගෙ අදහස වුණේ පුරුපුරු හොඳයි කියලා හිතන දේ කරන්න කියන එක. මොකද ඒ අය කිව්වේ පුරුපුරු ආස නැති දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා ආස දෙයක් කරන එක හොඳයි කියලා. කොහොමවුණත් එදා තමයි පුරුපුරුට තේරුනේ හැමෝගෙම අදහසට විරුද්ද වෙලා කැම්පස් ගිහින්, ඒ වැඩේ හරියට කරගන්න බැරිවුණොත් කොයිතරම් චාටර්ද කියලා. මොකද ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නේ

“ඕකනෙ අපි මුලදිම කිව්වේ! අපි කියපු දේ අහලා තව පාරක් විභාගෙ කළානං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ!!“

කියලා කියන්නයි කියලා පූසාට තේරුම් ගිහින් තිබුනේ. අන්තිමට කොහොමහරි අපේ පූසා අන්තිමට තීරණය කළාලු තුම්මුල්ල සක්වල තක්සලාව විසින් කන්ඩක්ට් කරපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාවට ඇතුල් වෙන්න.

පුරුපුරු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න ගත්තු තීරණය හින්දා සුදුපූසිත් තීරණය කළාලු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න. සුදුපූසිගෙ රිසාල්ට් අනුව එයාට ජෛවීය විද්‍යාව හදාරන්න යන්න පුලුවන්කම තිබුනා. කොහොමහරි පාඨමාලා වලට අදාල ඉසෙඩ් ස්කෝර් අගයන් එද්දි පුරුපුරුව හිතපු විදිහටම උඩින්ම කෝස් එකට තේරිලා තිබුනා. ඒත් අවාසනාවට සුදුපූසිව සිලෙක්ට් වුණේ කන්ද උඩ සක්වල තක්සලාවට. ඔය විදිහට තමයි අපේ පූස් ජෝඩුවට කැම්පස් දෙකකට යන්න සිද්ද වුණේ.


ඉතිං 2007 අවුරුද්දෙ ජූලි මාසෙදි තමයි අපේ යාලුවා ඇතුලු කට්ටියව කැම්පස් වලට ගත්තේ. ඉතිං ඔය විදිහට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙච්ච අපේ පූසාට ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.

Monday, January 2, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි - 2


ඔන්න එහෙනං බ්ලොග් ගඩොල් අඩවිය 2012 නව අවුරුද්දෙත් වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතිං මෙච්චර කල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අපිත් එක්ක රැඳී හිටිය කස්ටියට වගේම, ඊයේ පෙරේදා ගඩොල් බාන්න සෙට් වෙච්ච යාලුවො හැමෝටමත් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා පූසෝ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් ලිපියෙන් කිව්වේ අපේ මාලුකට්ටා (මාකට්) චාටර්මාලි එක්ක යාලු වෙච්ච හැටියි, ඊටපස්සෙ මාකට් සහ පුරුපුරු අතරේ ගැටුමක් ඇතිවෙන්න ගිය හැටියි ගැන නොවැ! ඉතිං අද කියන්න යන්නේ එතන ඉඳලා වෙච්ච සිද්දිය.

කොහොමහරි ඉතිං ඔය කේස් එකෙන් පස්සේ පුරුපුරුගෙයි මාකට්ගෙයි අතර තිබුන යාලුකම යම් තරමකට හානි වුණා. මුල් දවස්වල දෙන්නා කතා නොකරම හිටියත්, පස්සෙ පස්සෙ මේ දෙන්නා කතාබහ කරන්න පටන් ගත්තා. ඒත් ඉස්සර තිබුන තරමේ පට්ටම ෆිට් එකක් මේ යාලුවො දෙන්නා අතරේ ආපහු ඇතිවුණේ නෑ. ඉතිං මේ කාලෙ අපේ පූස් සෙට් එකේ යම් තරමක මණ්ඩලේ කචල් සිටුවේෂන් එකක් තමයි තිබුනේ. හැබැයි ඔය හැම කේස් එකක්ම මැද්දෙ මාකට්ගෙයි චාටර්ගෙයි පෙම් කතාවනං නිවර්තන වැසි වනාන්තරයක හිටවපු ගහක් වගේ ලස්සනට දලුදාලා ජයටම ලියලලා ගියා.

මේ කාලෙ අපේ කපල් එකට දෙන්නාට දෙන්නා නැතුවම බෑ. කොටින්ම මේ දෙන්නා නොගිය පාලු පාරක්, ෆිල්ම් හෝල් එකක්, කෑම කඩයක් තියා පෙට්ටි කඩයක්වත් ගම්පහ නගරේ ඉතුරුවුණේ නෑ. ඒ දවස්වල ගම්පහ නිතර කරක්ගහන ඕනෙම මනුස්සයෙකුට අත්වැල් පටලගෙන තමන්ගෙ ලෝකෙ තනිවෙලා ඉබාගාතේ සැරිසරන මාලුකට්ටයි චාටර්මාලියි නුපුරුදු සීන් එකක් නෙවෙයි. ඒ වගේම දෙන්නට දෙන්නා කතා නොකර විනාඩි දහයක් හිටියත් මේ ජෝඩුවටම අප්සෙට්. ඒ හින්දා දවස තිස්සෙම ඇවිදලා ක්ලාස් එකට ආවට පස්සෙත් සර්ට හොරෙන් චාටර්මාලිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන එක මාකට්ගෙ පුරුද්දක්.

ඒ වගේම තමන්ගෙයි චාටර්මාලිගෙයි අතරෙ තිබුන එෆෙයාරුව ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න වෙන කාටවත්ම හංගන්න මාකට්ට අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඉතිං බයෝ ක්ලාස් එකේ ඉන්ටර්වල් එක වෙලාවෙ, ක්ලාස් එක ඇතුලෙ කෙල්ලො සිය ගානක් වාඩිවෙලා ඉන්න තැනට ගිහිං චාටර්මාලිත් එක්ක කතා කරන්න අපේ මාකට්ට කිසිම ලැජ්ජාවක් තිබුනේ නෑ. මේ වැඩේ හින්දා බයෝ සර් පවා වැඩි දවසක් නොගිහින් මේ කපල් එක ගැන දැනගත්තා. සාමාන්‍යයෙන් ක්ලාස් එක ඇතුලෙ ලව් කේස් වලට සර් කැමති නොවුනත්, මාකට්ගෙ තිබුන ෆෝවඩ් ගතිය නිසාද කොහෙද සර් මෑන්ස්ට කිසිම බාල්දියක් දැම්මේ නෑ. ඒ වෙනුවට සර් කළේ ඉගෙනගන්න කාලෙ අධ්‍යාපනයට මුල්තැන දෙන්න කියලා මාකට්ට අවවාද දුන්න එක.  ඒත් ඒ වෙලාවට “හ්ම් හ්ම්“ කියලා ඒවා අහගෙන හිටියත්, ආපහු චාටර්මාලිව දැකපු ගමන්ම සර් දුන්න අවවාද අපේ යාලුවාගේ හිතින් මැකිලා ගියේ ඉර දැක්ක පිණිබින්දු වගේ.

මාකට් තමන්ට බස් එකේදි බැන්නත් ඇත්තටම කැපවෙලා ආදරය කරන තමන්ගේ යාලුවා ගැන පුරුපුරුගෙ හිතේ තරහක් තිබුනේ නෑ. ඇත්තටම මාලුකට්ටා කියන්නේ අති විශිෂ්ට පෙම්වතෙක්. තමන්ගෙ පොකට් මනි ඔක්කොම රී ලෝඩ් දාන්නයි, චාටර්මාලිට තෑගි අරන් දෙන්නයි වියදම් වුණත්, නොකා නොබී හරි ඒ දේවල්ම කිරීම මිසක් තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන එක නෙවෙයි මාකට්ගෙ ප්‍රතිපත්තිය වුණේ. අන්ත දුප්පත් පවුලක ඉපදිච්ච චාටර්මාලිගේ ආර්ථික තත්ත්වය පවා මාකට්ගෙ හිතේ චාටර්මාලි ගැන තිබුන ආදරේ වැඩි කරන්න හේතු වුණා මිසක් අඩු කරන්න හේතු වුණේ නෑ.

මේ කාලෙ පූසන්ගෙන් මාකට් වැඩිපුරම සම්බන්ද වෙලා හිටියේ උපාසකයි, මී කතුරායි, ඤාව්වායි එක්ක. මොකද මෑන්ස් පුරුපුරුව දැක්කේ ආදරය ආගමක්නං ඒ ආගමට විරුද්ධ සාතන් කෙනෙක් හැටියට. මේකට හේතුවුණේ ආපහු කවදාවත් සීරියස් රිලේෂන්ශිප් එකකට යන්නෙ නෑයි කියලා පුරුපුරු වටේ හිටපු හැමෝටම කිය කියා ගිය එකලු.

මේ අතරෙ තමයි ඒ විශේෂ දවස උදාවුණේ. එදා උදේ පුරුපුරු ගම්පහට යද්දි උපාසකයි, ඤාව්වායි, මී කතුරායි එක්ක මාකට් සීරියස් කතාවක්. සෑහෙන කාලෙකින් චාටර්මාලිගෙන් තොරව මාකට්ව දැකගන්න ලැබුන හින්දා පුරුපුරුත් බොහොම උනන්දුවෙන් ඒ පැත්තට ඇදුනලු. තවත් ටිකක් කිට්ටු වෙද්දියි අපේ පූසා දැක්කේ මාකට්ගේ ඇස්වල කඳුලු පිරිලා තිබුන වග. ඇත්තටම පුරුපුරු දිහා කෙලින් බලන්නවත් බැරි තත්ත්වයක තමයි මෑන්ස් හිටියේ. ඉතිං අපේ උපාසක පටන් ගත්තලු වෙලා තියෙන සිද්දිය පුරුපුරුට පැහැදිලි කරලා දෙන්න.

බැලින්නං සිද්දවෙලා තිබුනේ කවුරුත් නොහිතපු දෙයක්. චාටර්මාලිට මාකට් එක්ක යාලුවෙන්න කලින් වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තමයි චාටර්මාලිගේ ෆස්ට් ලව් එක. පස්සෙ කාලෙක ඒ කොල්ලා චාටර්මාලිට බූට් එක තිබ්බත් තමන්ගෙ පළවෙනි ආදරේ අමතක කරන එක එයාට ලේසි වැඩක් වෙලා නැහැ. ඉතිං ඔය අතරේ තමයි අපේ මාකට් චාටර්මාලිගෙ ලයිෆ් එකට එන්ටර් වෙන්නේ. ඉතිං දුක්වෙවී හිටපු චාටර්මාලිට මාලුකට්ටාගේ ආදරේ තදින් දැනුන හින්දා වෙන්නැති ඊටපස්සේ සිද්දවුණේ අපි කවුරුත් දන්න මේ දෙන්නගේ යාලුවීම. ඊටත් පස්සේ මේ දෙන්නගෙ ලව් එක නැගලා ගිය හැටි අපි ඉතිං කලින් කිව්වනේ.

කොහොමහරි ඉතිං පැණිවරකා ගහටත් හෙන ගහනවා කියන්නා වගේ ඔය අතරේ තමයි අවාසනාවන්ත දෙයක් සිද්දවෙලා තිබුනේ. ඒ තමයි චාටර්මාලි තවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා කියන ආරංචිය එයාගේ කලින් පෙම්වතාගෙ කනේ වැටිච්ච එක. අපේ ගොඩක් කට්ටියට වගේ ඉතිං මෑන්ස්ටත් තමන්ගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අගේ දැනුනේ එයා වෙන කොල්ලෙක් එක්ක යාලුවුණාට පස්සෙලු. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මෑන්ස් ආපහු චාටර්මාලිව තමන්ගේ කරගන්න ප්ලෑන් ගහන්න පටන් ගත්තේ.

ඔය දවස්වල තමයි අර “මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා“ කියන සිංදුව ආවේ. ඉතිං අර කොල්ලා (සමීර කියමුකෝ) කළේ ඔය සින්දුව ඇතුලත් කැසට් එකකුත් අරගෙන ගිහින් බස් එකේදී චාටර්මාලිව මීට් වෙච්ච එක. ඒ දවස්වල මාකට් නැතුව චාටර්මාලි විතරක් තනියම බස් එකේ යන්නේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා කලාතුරකින්. ඒත් ඒ කලාතුරකින් හම්බවෙන අවස්ථාව නියමෙට එක්ස්ප්ලොයිට් කරන්න තරම් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් සමීර දක්ෂයෙක් වුණාලු. ඉතිං මෑන්ස් කළේ චාටර්මාලිට ඇඬෙන ටෝක්ස් එකක් දීලා කැසට් එකේ තිබුන සිංදුව අහන්නයි කියපු එක.

කොහොමහරි සමීරගේ සහ චාමර වීරසිංහගේ උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට සිද්දවුණේ අපේ මාලුකට්ටාගේ අවුරුද්දකටත් වැඩි ලව් එකට පයින් ගහලා චාටර්මාලි සමීරව තෝරගත්තු එක. ඒත් තමන් ජීවිතේම කැපකරලා ආදරේ කළාට පස්සේ චාටර්මාලි එයාට බූට් එකක් තියන්න තරම් කෘෘර වෙච්ච ඩයල් එකක් එක්ක යාලුවෙච්ච එක අපේ මාලුකට්ටාට දරාගන්න පුලුවන් වුණේ නෑ. අන්තිමේදි මාකට් පුරුපුරු එක්ක කතා කරන්න ගත්තේ මාස කීපයක් තිස්සේ පලුදු වෙලා තිබුන යාලුකම ආපහු යථා තත්ත්වයට ගෙනත්.

මාකට් :- පුරුපුරු, මට සමාවෙයං මචං! මම චාටර්මාලි හින්දා අවුරුදු ගානක් මාත් එක්ක හිටපු උඹට බැන්නා. මට ඒ ගැන ලැජ්ජයි මචං.

මෙහෙම කියපු මාලුකට්ටා පුරුපුරුව බදාගෙන අඬන්න පටන් ගත්තලු. පුරුපුරුගේ විතරක් නෙවෙයි, පූසො හැමෝගෙම ඇස්වල කඳුලු. කොහොමහරි අන්තිමට හැමෝගෙම තීරණය වුණේ චාටර්මාලි කරපු අපරාධය වෙනුවෙන් එයා වන්දි ගෙවන්න ඕනෙයි කියන එක. ආදරය වෛරයට හැරෙන්න ගතවෙන්නේ නැනෝ තත්පරයයි. ඉතිං මේ වෙද්දි අපේ මාකට් හිටියෙත් චාටර්මාලි ගැන කියන්න බැරි තරම් වෛරයක් හිතේ තියාගෙන. කොහොම වුණත් මේ වෙද්දි චාටර්මාලිට කරන්න ඕනෙ මොනවාද, ඒ වගේම මේ සිද්දියෙන් පස්සේ මාලුකට්ටාව මගඅරිමින් කට්ටි පැනපු, ෆෝන් කෝල් එකකටවත් ආන්ස්වර් නොකර හිටපු චාටර්මාලිව කොටු කරගන්නෙ කොහොමද, චාටර්මාලි සමීර එක්ක හිටියොත් මොකද කරන්නේ වගේ ප්‍රශ්න වලට අපේ යාලුවො කට්ටිය උත්තර හොයාගෙන තිබුනේ නෑ.
 
මේ වෙද්දි ගතවුණේ 2006 අවුරුද්දෙ වෙසක් කාලෙ. ඒ වෙද්දි ඒ ලෙවල් විභාගෙට තව ඉතුරුවෙලා තිබුනේ මාසෙක වගේ කාලයක්. ඉතිං කට්ටිය ගම්පහ ක්ලාස් එන අන්තිම දවස් කීපය තමයි මේ වෙද්දි උදාවෙලා. ඒ හින්දා චාටර්මාලිව අල්ලගන්නවානං අල්ලගන්න පූසන්ට ඉතුරුවෙලා තිබුනෙත් තව දවස් කීපයයි. ඉතිං අන්තිමට අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු ඊළඟ සතියේ චාටර්මාලි ක්ලාස් ආවාම එයාව අල්ලගන්න. ඒ ඊළඟ සතියේ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එයි කියලා කලුකුමාරිගෙන් ලැබුන ඔත්තුවකට අනුව. කොටින්ම මේ වෙද්දි මාකටුයි, චාටර්මාලියි යාලු කරන්න මුල්වුණ කලුකුමාරිට පවා චාටර්මාලිව අල්ලගන්න බැරි සිටුවේෂන් එකකුයි තිබුනේ.

ඉතිං ඊළඟ සතියේ මොකද වුණේ කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු නේද?

Saturday, December 3, 2011

පූසන්ගෙන් රජ බොජුන්


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු පුරුපුරු බ්ලොග්අවකාශෙට ගොඩ වැදුනා. දන්නෙම නැතුව පෝස්ට් එකක් නොදා මාස දෙකකටත් වැඩියෙන් කල් ගතවෙලා. කොහොම වුණත් දැන්නං විභාග කටයුතු ඔක්කොම අහවර නිසා දිගටම ලියන්න පුලුවන් වේවි. ඒ වගේම පහුගිය දවස්වල බ්ලොග් එකේ ලිපියක් නොලිවීම ගැන කොමෙන්ට් වලින්, චැට් කරලා වගේම මැසේජ් එවලා විමසීම් කරපු හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි. පහුගිය දවස්වල අපේ පුරුපුරුට මෑන්ස්ගෙ ජීවිතේ මංගල රස්සාව හම්බවුණා. දැන් අපේ පූසා ගුරුවරයෙක්. ඒ වගේම බ්ලොග්අවකාසෙ කීප දෙනෙකුත් පූසාගෙන් ඉගෙන ගන්නවා.

කොහොමහරි ඉතිං ඔය ඔක්කොම වැඩ හින්දා පූසාට පහුගිය දොහේ බ්ලොග් කියවිල්ලට වෙලාවක් තිබුනෙ නෑ. ඒත් අතරින් පතර දැක්ක දේවල් වලින් තේරුනේ මේ දවස්වල බ්ලොග් අවකාශෙ ට්‍රෙන්ඩ් එක කෑම හදන හැටි ගැන ලියන එක කියලා. විශේෂයෙන්ම අපේ මාරයා එහෙම වැඩේට මූලිකත්වය අරගෙන මූණුපොතේ පවා අනිත් කස්ටියව ප්‍රකෝප කරන පින්තූර දාලා තිබුනා. තමන් බ්ලොග් ලෝකෙ ඉන්න හොඳම චෙෆ් කියලා මාරයා හිතාගෙන හිටියාට ඊට වඩා හොඳ කෝකියො සෙට් එකක් බ්ලොග් අවකාශෙ ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, අපේ පූසො සෙට් එක. ඉතිං අද මම ඔයාලාට කියන්න යන්නෙ පූසො එකතුවෙලා රසවත් කෑමක් හදපු කතන්දරයක්.

මේ සිද්දිය වුණේ අපේ යාලුවො සෙට් එක 13 වසරෙ ඉන්නකොට. එතකොට ඒ ලෙවල් විභාගෙ ලියන්නත් මාස කීපයයි ඉතුරුවෙලා තිබුනෙ. ඉතිං විභාගෙ හොඳට ගොඩදාගන්න කියලා හිතාගෙන අපේ පූසො කට්ටිය තීරණය කළාලු එකට එකතුවෙලා පාඩම් කරන්න. මී කතුරායි, උපාසකයි ටිකක් දුරින් හිටපු නිසා ගොඩක් වෙලාවට කට්ටිය සෙට් වුණේ එක්කො පුරුපුරුලගෙ, මාලුකට්ටාගෙ හරි ඤාව්වාගෙ හරි ගෙවල් වලට. ගොඩක් වෙලාවට ඉතිං මේ වගේ අවස්ථාවලදි සිද්දවුණේ කට්ටිය පැය බාගයක් විතර පාඩම් කරලා ඉතුරුටික කයිවාරුවෙන් හිනාවෙවී කාලය ගතකරන එකලු.

ඒ දවස්වල ඉතිං කොල්ලො කට්ටියක් එකතුවුණාම කතාබහ කරන්න කොච්චරනං දේවල් තියෙනවද නේද? ඉතිං පූසො කට්ටියත් පාඩම් කරනවට වඩා කළේ ගෑනු ළමිස්සියො ගැනයි, ගන ගැනයි කතා කර කර හිටපු එකයි, ශිහාන් ලොක්කා සුපර්ස්ටාර් තරඟයෙන් කැපිලා යන්න කියලා ප්‍රාර්ථනා කර කර හිටපු එකයි. කොහොමවුණත් ගෙවල් වල අම්මලා පාඩම් කරන කොල්ලන්ට හොඳට කන්න බොන්න දෙන්න ඕනෙ කියලා විශ්වාස කරපු හින්දා, ඒ දවස්වල පූසන්ට කිසිම අඩුපාඩුවක් නැතුව හොඳට කොටබාන්නනං චාන්ස් එක හම්බුනාලු.

ඉතිං ඔය වගේ එක දවසක පූසො කට්ටිය පාඩමට සෙට් වුණේ අපේ ඤාව්වාගෙ ගෙදර. වෙනදා වගේම එදත් කාලෙ ගතවුණත්, ඤාව්වා ටික වෙලාවකින් ඇවිත් කිව්වෙ කිසිසේත්ම සුභ ආරංචියක් නෙවෙයි. මෑන්ස් කියපු විදිහට එදා උදේ ඉස්කෝලෙ ගිය ඤාව් මාතාව ඉස්කෝලෙ මොකද්ද වැඩක් හින්දා ආපහු ගෙදර එන්න පරක්කු වෙනවලු. ඒ වෙද්දි උදේ උයලා තිබුන කෑම ටිකටත් පූසො ගේම දීලයි තිබුනේ.

හෝම් සයන්ස් ටීචර් කෙනෙක් වෙච්ච ඤාව්වාගෙ අම්මගෙ මුළුතැන්ගෙදර ඕනතරං කෑමජාති තිබුනත්, පූසො කවුරුවත් ඒවා උයන විදි දැනගෙන හිටියෙ නෑ. මොකද ඉතිං ලංකාවෙ පිරිමි පාර්ශවේ සාමාන්‍යයෙන් කුස්සියට යන්නෙ කෑම කන වෙලාවට විතරයි නොවැ! ඉතිං අපේ යාලුවන්ට ඉතුරුවෙච්ච එකම විකල්පය තමයි කඩෙන් කෑම ගෙනත් කන එක. ඔය විදිහට කට්ටිය සල්ලි එකතු කරලා කෑම ගේන්න ඤාව්වාවයි, මාලුකට්ටාවයි කඩේ යවන්න හදද්දි තමයි අපේ පුරුපුරුගෙ ඔලුවට අලුත් අයිඩියා එකක් ආවෙ.

පුරුපුරු :- අපි මචං උයන්න පුරුදු වෙන්නත් එක්ක අද දවල්ට ෆ්‍රයිඩ් රයිස් හදමුද?

උපාසක :- එළකිරි! මමත් උයන්න ආසාවෙන් හිටියෙ. ඒ වුණාට උඹ චිකන් උයන්න දන්නවද?

පුරුපුරු :- චිකන් ඕනෙ නෑ බං! එග් රයිස් එකක් හදමු. ඒක ලේසියිනේ.

කොහොමවුණත් පුරුපුරුගෙ අයිඩියා එකට සපෝට් එක දුන්නෙ උපාසක විතරයි. අනිත් පූසො තුන්දෙනා මේ වැඩේ ගැන බැලුවෙ ෆුල් සැකමුසු විදිහට.

මී කතුරා :- මේ පුරු, උඹ උයන ඒවා කාලා අපිට මොනවා වෙයිද දන්නෙ නෑ. අපි කඩෙන් කෑම ගේමු බං?

උපාසක :- උඹ නිකං හිටපංකො කෑ ගහන්නැතුව. උයන්න හිතපු වෙලේ උයන්නම ඕනෙ.

කොහොමහරි අන්තිමට තීරණය වුණේ එදා දවල්ට කන්න බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්න. ඉතිං අපේ පූසො පස්දෙනා සුභ මොහොතින් කුස්සියට ඇදුනලු වැඩේ පටන් ගන්න කියලා. කිව්වට මොකද, පූසො පස්දෙනාගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑලු ෆ්‍රයිඩ් රයිස් තියා නිකං බත් එකක්වත් උයාගන්න. පුරුපුරු දැනගෙන හිටියෙත් බත් උයද්දි වතුරට හාල් දානවා කියලා විතරයි. ඒත් පහුගිය දවසක කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මැඩම් කියපු දෙයක් නිසා පුරුපුරුට ලොකු විශ්වාසයක් තිබුනලු මේ උයන වැඩේ සාර්ථක වෙයි කියලා. මැඩම් කිව්වේ

A good chemist is always a good cook

කියලා. ඒ කියමනට අනුව පුරුපුරු හොඳ කෝකියෙක් වෙන්න ඕනෙ. මොකද මේ කාලෙ අපේ පූසා රසායන විද්‍යාව පැත්තෙන් හොඳ හැකියාවක් පෙන්නුවා. ඉතිං පුරුපුරු උපාසකත් එක්ක එකතුවෙලා කල්පනා කළාලු එග් ෆ්‍රයිඩ් රයිස් එකක තියෙන්න ඕනෙ දේවල්. මේකෙ අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ දේවල් තමයි බත් සහ බිත්තර. ඊට අමතරව එළවළු, කරපිංචා, රම්පේ වගේ දේවල් තියෙන්නත් ඕනේ. ඉතිං කට්ටිය මුලින්ම කළේ රයිස් කුකර් එකට වතුර ටිකක් වක්කරලා රම්පෙ කරපිංචා කඩාගෙන එන්න ඤාව්වාව යවපු එක.

ඊටපස්සෙ අපේ පූසන්ට ඇතිවෙච්ච ප්‍රශ්නෙ තමයි බත් එකට බිත්තර දාන්නෙ බත් ඉදුනට පස්සෙද? නැත්තං ඊට කලින්ද කියන එක. අන්තිමට කස්ටියගෙම ඒකමතික තීරණය වුණේ හාල් එක්කම බිත්තරත් රයිස් කුකර් එක ඇතුලට දාන්න ඕනෙ කියන එක. මේ වෙලාවෙ ඤාව්වලාගෙ ෆ්‍රිජ් එකේ බිත්තර හයක් තිබුනා. එක පූසාට එක බිත්තරේ ගානෙ ඕනෙ වෙන්නෙ බිත්තර පහයි. ඒත් ඉතිං එක බිත්තරයක් ඉතුරු කරලා වැඩක් නෑනෙ කියලා හිතපු මාලුකට්ටා ඔක්කොම බිත්තර ටික ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තලු. ඊටපස්සෙ පුරුපුරු කළේ බිත්තර හයම කඩලා රයිස් කුකර් එක ඇතුලට දාපු එක. රයිස් කුකර් එකට හාල් දාලා බිත්තරයි හාලුයි කලවං කළේ ඊටත් පස්සේ.

මේ අතරේ මී කතුරා කළේ කැරට්, ලීක්ස් වගේ එළවළු කපපු එක. මාලුකට්ටායි උපාසකයි කළේ කුස්සියේ තිබුන නානාප්‍රකාර කෑම ජාති ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න පුලුවන් ඒවාද කියලා චෙක් කරලා බලපු එක. ඉතිං ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ දේවල් පූසන්ගෙ ෆ්‍රයිඩ් රයිසුවට ඇඩ් වෙලා තිබුනා.

බටර්, කරපිංචා, රම්පේ, ලුණු වතුර, කරාබු නැටි, මිරිස් කුඩු, ගම්මිරිස් ටිකක්, කරඳමුංගු, හීනියට කපපු අල පෙති.

ඉතිං මේ ඔක්කොම දැම්මත් අපේ පුරුපුරුගෙ හිතට මදි. ඉතිං මෑන්ස් කළේ කුස්සියෙ ඉතුරුවෙලා තිබුන වැනිලා එසන්ස් ටිකකුයි, ලා කොළ පාට කලරින් ටිකකුයිත් මේකට දාපු එක. හැබැයි ඒ මී කතුරාගේ දැඩි විරෝධය මැද්දෙ. මී කතුරා කෑ ගැහුවේ ෆ්‍රයිඩ් රයිස් එක කාලා මෑන්ස්ට බඩේ අමාරුව හැදෙයි කියන බයට. ඉතිං මෑන්ස්ගෙ බය නැති කරන්න කුස්සියෙ තිබුන අසමෝදගම් කුප්පියෙන් ටිකක් බත් එකට දාන්නත් පුරුපුරු අමතක කළේ නෑ.

කොහොමහරි ඉතිං ගොඩක් වෙලා බත් එක ඉදෙන්න තිබ්බත්, බත් එක ඉදෙන පාටක් පේන්න තිබුනෙ නෑ. අඩුගානෙ බත්එකෙන් පොඩ්ඩක් දුම් දාන හැටියක්වත් පූසන්ට පෙනුනෙ නෑලු. ඉතිං අන්තිමට ඤාව්වා තීරණය කළාලු රයිස් කුකර් එකේ පියන ඇරලා බත් එක රත් නොවෙන්න හේතුව හොයලා බලන්න. මෙහෙම බලද්දි අපේ පූසන්ට දැකගන්න ලැබුනෙ අමුතුම දර්ශනයක්. 

බත් එකේ උඩින්ම බොහොම ශක්තිමක් බත් තට්ටුවක් බැඳිලා තිබුනා. ඒක හින්දා බත් එක අම්බානට රත් වුණත් ඇතුලෙ හිරවෙලා තිබුන දුමට එළියට එන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. ඉතිං ඤාව්වා කළේ බත් හැන්දේ මිටෙන් උඩින් තිබුන තට්ටුව හිල්වෙලා යන්න බත් එකට ඇන්න එක. එතකොටම අර ඇතුලෙ හිරවෙලා තිබුන දුම මෑන්ස්ගෙ කන ළඟින්ම එළියට විද්දෙ එක්දහස් අටසිට ගනං වල දුම් කෝච්චියක් වගේ. කොහොමහරි අන්තිමට බලද්දි බත් එකේ අඩියෙ හරිය හොඳටම රොස්වෙලා තිබුනලු.

කොච්චර රොස් වුණත් ඉතිං මහන්සියෙන් උයපු එක විසිකරන්නයැ නේද! ඉතිං පුරුපුරු කළේ බත් එක කොටස් පහකට වෙන් කරලා කට්ටියට බෙදලා දුන්න එක. ඒ එක්කම හැමෝටම බත් එක උඩින් තක්කලි පලුව ගානෙ තියලා දෙන්නත් මෑන්ස් අමතක කළේ නෑ. මොකද කෑමක් වුණාම රස වගේම ලස්සනත් තියෙන්න ඕනේ. කොහොමවුණත් මේ ෆ්‍රයිස් රයිස් එක අනාගෙන කන්න පුලුවන් තත්ත්වයෙ තිබුනෙ නෑ. මොකද මුලු බත් එකම කේක් ගෙඩියක් වගේ කෑලි කපන්න පුලුවන් තත්ත්වයෙ තමයි තිබුනේ. ඒ වගේම බත් එකෙන් බාගයක් රයිස් කුකර් එකේ පර්මනන්ට් විදිහට ඇලිලයි තිබුනේ.

කොහොමවුණත් මී කතුරා කැමතිවුණේ නෑ මේ රසවත් ආහාරය භුක්ති විඳින්න. මෑන්ස් හැදුවේ ටවුමට ගිහින් වෙනම කෑම එකක් ගේන්න. ඒත් ඉතිං අනිත් පූසන්ගෙ දැඩි ප්‍රතිරෝධය හමුවේ අන්තිමට මී කතුරාටත් සිද්ද වුණාලු ෆ්‍රයිස් රයිස් කන්න. ඒත් ටික වෙලාවකින් පූසන්ට තරු පෙනුනේ මී කතුරා අමාරුවෙන් බෙල්ල අල්ලගෙන 

කබර...යා...

කියලා කියද්දි. බැලින්නං මෑන්ස්ට කෑම එක අප්පිරියා වෙලා වමනෙ යන්න ඇවිත්. කොච්චර අප්පිරියා වෙලාද කියනවනං මෑන්ස්ට ගෙදරින් එළියට දුවනකංවත් කබරයා කොන්ට්‍රෝල් කරගන්න බැරිවුණාලු. 

ඕඕ......ක්ක්....

මී කතුරා එළියට දුවනගමන් කබරයා දැම්මේ හරියටම ඤාව්වාගෙ ගෙදර ඉස්සරහ දොර ගාව. කොහොමහරි ඉතිං පූසන්ගෙ අප්‍රතිහත ධෛර්යය හමුවේ පොඩි කාලයක් ඇතුලත මී කතුරාගේ කබරයා ටික අස් කරලා දාන්න කට්ටියට පුලුවන් වුණාලු. ඤාව්වාටනං වමනෙ ගිහින් තිබුනේ එදා හවස. කොහොමහරි ඉතිං පූසන්ගෙ පළවෙනි ඉවිල්ල ඔය විදිහට සාර්ථකව නිමා වුණාලු. හැබැයි අපේ ඤාව්වා කවදාවත් එදා හවස මෑන්ස්ගෙ අම්මා ගෙදර ආවාට පස්සෙ වෙච්ච දේ ගැන කතා කළේ නෑ. ඊට පස්සෙ දවසෙ ඤාව්වලාගෙ ගෙදර යද්දි අලුත් රයිස් කුකර් එකක් කුස්සියට ඇවිත් තියෙන හැටි විතරක් පූසො කට්ටිය නිරීක්ෂණය කළාලු.

ප.ලි - මෙවැනි කෑම හදන්නේ හොඳින් මේ සඳහා පුරුදුවුණ කෝකියන් විසිනි. එබැවින් මෙය නිවසේදී අත්හදා බැලීමට නොයන්න.




Saturday, September 3, 2011

සුදුපූසි 16 - දුක සැප නිති පෙරළේ


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9                         සුදුපූසි14
සුදුපූසි 5                        සුදුපූසි 10                       සුදුපූසි15

මම කලින් ලිපියෙන් කිව්වේ පූසා ඒ ලෙවල් කරපු හැටි ගැන නොවැ! ඉතිං ඒ ලෙවල් ඉවරවෙලා ෆුල් ෆන් එකේ කාලෙ ගතකරපු පූසාට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි සුදුපූසිව දැකගන්න, එයත් එක්ක කතා කරන්න චාන්ස් එකක් නැති වෙච්ච එක. ඒ කාලෙ ඉතිං දැන් වගේ ඉන්ටර්නෙට්, මූණු පොත වගේ අඩවි ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. ඒ වගේම මොබයිල් ෆෝන් පවා සීමා වෙලා තිබුනෙ සල්ලි යහමින් තිබුනු කීප දෙනෙකුට විතරයි. ඉතිං ඒ හින්දා පූසාට සිද්දවුණේ අර නවය වසරෙදි කළා වගේ සුදුපූසිගෙ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරන්න.

මේ වෙද්දි ඉතිං නවය වසරට වඩා සෑහෙන්න දැනුම් තේරුම් තිබුන හින්දා, සුදුපූසිට එයාගෙ ගෙදර අයට හොරෙන් කෝල් එකක් දෙන්න පූසාට එච්චර අමාරු වුණේ නෑ. ඒ වගේම සුදුපූසිත් අකමැති වුණේ නෑ පුරුපුරු එයාට කෝල් කරපු එකට. ඉතිං ඔය විදිහට දෙතුන් පාරක් කතා කළාට පස්සේ මේ දෙන්නා තීරණයකට ඇවිත් තිබුනා ඊළඟ මාසෙ ඉඳලා රිවිෂන් ක්ලාස් යන්න. මොකද ඒ ලෙවල් ෆුල් ෂුවර් පිට කරපු කට්ටිය ඇරෙන්න අනිත් හැමෝම, විභාගෙ ඉවර වෙච්ච ගමන් රිවිෂන් ක්ලාස් යන එක සාමාන්‍ය සිරිතක්. නැත්තං රිසාල්ට් එන කාලෙ වෙද්දි සෙකන්ඩ් ෂයි වලට ලෑස්ති වෙන්න කාලෙ මදි.

කොහොමහරි ඔය අතරේ තමයි රාගම මෙඩිකල් ෆැකල්ටියෙන් වෛද්‍ය ප්‍රදර්ශනයක් තිබ්බේ. ඉතිං පුරුපුරුට ඔය ආරංචිය ඇහිච්ච වෙලාවෙ ඉඳලා හිටියේ කැලේට හඳ පෑව්වා වගේ ෆුල් සොමියෙ. හැබැයි ඒ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන තියන දැනුමේ නිම් වළලු පුලුල් කරගන්න ලැබෙන චාන්ස් එක නිසා ඇතිවෙච්ච සතුටකින්නං නෙවෙයි, ඒ සුදුපූසිව ගෙදරින් එළියට ගන්න චාන්ස් එකක් මේ වැඩෙන් ලැබෙන හින්දා.

පුරුපුරු දැනගෙන හිටියා සුදුපූසිට මේ මෙඩිකල් එක්සිබිෂන් එක බලන්න යන්න කතා කළොත් එයා කීයටවත් නෑවිත් ඉන්නෙ නෑ කියලා. ඒ වගේම සුදුපූසිගෙ ගෙදරිනුත් ඒ වගේ වැඩ වලට අවසර නොදී ඉන්නේ නෑ. ඉතිං මේ පණිවිඩේ සුදුපූසිට කිව්වාම හිතුවා වගේම සුදුපූසිත් වැඩේට උඩින්ම කැමති වුණාලු. ඒත් ඉතිං පුරුපුරුටයි සුදුපූසිටයි කපල් එකකට වගේ තනියම යන්න බැහැ නොවැ! ඒ හින්දා පූසාට සිද්ද වුණාලු එක්සිබිෂන් එක බලන්න යන්න සෙට් එකක් ලෑස්ති කරගන්න.

ඉතිං පුරුපුරුගෙ ඉන්විටේෂන් එක පිළිඅරගෙන අන්තිමට සෙට් වෙච්ච කට්ටිය තමයි උපාසක, මාලුකට්ටා, ඤාව්වා, මී කතුරා සහ රාජු. ඒත් අවාසනාවට වගේ සෙට් එකට ගෑනු ළමයෙක් එකතු කරගන්න විදිහක්නං පූසන්ට තිබුනෙ නෑ. මොකද එලිජිබල් වෙලා හිටපු එකම ගෑනු ළමයා වෙච්ච කලුකුමාරිත් මේ දවස්වල හිටියේ පූසොත් එක්ක ටිකක් නොරොක් එකේ. ඒ හින්දා අන්තිමට සුදුපූසිට යන්න සිද්දවුණේ කොල්ලො කට්ටියත් එක්ක තනියම.

කොහොමහරි ඉතිං අපේ පුරුපුරුත් නියමිත දවසේ ෆුල් ඩීසන්ට් පිට ආවලු ගම්පහට. කලින් දවසේ කර ළඟට වවාගෙන හිටපු, සංගක්කාර කට් එක සහිත කොන්ඩෙ කපනකොටනං පූසාට ඇතිවුණේ සෑහෙන දුකක්. ඒ වගේම එදා උදේ, මෑන්ස් බොහොම දුක් මහන්සියෙන් අඟලක් විතර වවාගෙන හිටපු රැවුල කපන්නත් පුරුපුරුට සිද්ද වුණා. ඒත් ඉතිං ගස් වැද්දෙක් වගේ සුදුපූසි ඉස්සරහට යන්න බෑ නොවැ! ඒ හින්දා තමයි බොහොම දුකෙන් වුණත් පූසා තීරණය කළේ රැවුලයි කොන්ඩෙයි කපන්න.

ඉතිං ඔය විදිහට කට්ටිය ගම්පහට සෙට් වෙලා රාගම බලා පිටත් වුණේ උදේ පාන්දරමයි. ඔය අතරේ විශේෂ දෙයක් විදිහට සිද්දවුණේ මේ කණ්ඩායමට අලුත් සාමාජිකාවක් එකතු වෙච්ච එක. ඒ පූසො දන්න අඳුනන කොළඹ ඉස්කෝලෙ ගිය නංගි කෙනෙක්. විශේෂයෙන් මේ නංගි අපේ මාලුකට්ටා එක්ක තරමක හිතවත්කමක් තිබුනා. එයාගේ නම තමයි ලයිට්. ඉතිං ලයිට් ගම්පහ ඉන්නවා දැකපු මාලුකට්ටා කළේ විහිළුවට වගේ එයාටත් රාගම යන්න කතා කරපු එක. ඒත් මාලුකට්ටා හිතපු නැති විදිහට මේ යෝජනාවට ලයිට් කැමතිවුණේ එක පයින්. මම මෙතනින් එහාට මේ කතාවේ මාලුකට්ටා සහ ලයිට් ගැන ලියන්න යන්නේ නෑ. මොකද ඒ ගැන ඔයාලාට වෙනම ලිපියකින් කියවන්න පුලුවන් වෙයි.

කොහොමහරි ඉතිං ටිකදුරක් යද්දි තමයි සුදුපූසි පුරුපුරුට සුභ ආරංචියක් කිව්වේ. සුදුපූසි රාගම යන්න ගෙදරින් පර්මිෂන් ගන්නකොට එයාගෙ අම්මා කිව්වලු පුරුපුරු වගේ වැදගත් ළමයෙක් එක්ක මේ ගමන ගියාට කමක් නෑ කියලා. මේ වෙද්දි සුදුපූසිගෙ අම්මා දැනගෙන හිටියා පූසායි ඉස්සායි තමයි සුදුපූසිට හිටපු පිරිමි යාලුවො කියලා. ඉතිං කොල්ලො දෙන්නාවම පොඩිකාලෙ ඉඳන් දන්න හින්දා සුදුපූසිගෙ අම්මා අකමැති වුණේ නෑ සුදුපූසි මේ දෙන්නාව ආශ්‍රය කරනවාට.

ඉතිං අනාගත නැන්දම්මා ඉස්සරහා තමන්ගේ කාඩ් එක හොඳයි කියලා දැනගත්ත පුරුපුරුට ඇතිවුණේ සෑහෙන සතුටක්. ඒත් ඉතිං පූසාට ප්‍රශ්නෙකට තිබුනේ නැන්දා තමන්ට කැමති වුණාට දුව තමන්ට කැමති නැති එක තමයි.

ඔය විදිහට මෙඩිකල් ෆැකල්ටි එක ගාවට ගියාට පස්සේ තමයි කට්ටියට තේරුනේ හිතුව තරම් ලේසියෙන් එක්සිබිෂන් එක බලන්න ලැබෙන්නෙ නෑ කියලා. මොකද පාරෙ කිලෝමීටර් බාගෙක විතර දුරට සෙනඟ ඉන්නවා පෝලිමේ. ඉතිං අපේ යාලුවො සෙට් එකත් එකතු වුණාලු මේ පෝළිමට. කට්ටිය පෝළිමේ හිටියට මොකද, පෝළිම ඉස්සරහට යන්නේ බොහොම ඩම්බ්නෙක් ජර්නි* එකකින්ලු. ඉතිං මේ විදිහට පැය දෙක තුනක් හිටියත් ප්‍රදර්ශන භූමිය ඇතුලට යන්න අපේ යාලුවන්ට චාන්ස් එකක් ආවෙ නෑ.

පුරුපුරුනං මේ වෙච්ච දේ ගැන හිටියේ හිතේ මල් පිපිලා වගේ හැපී එකෙන්. මොකද සිද්දවුණේ මෑන්ස්ට කියලාවත් කරගන්න බැරි දෙයක්. අපේ පූසාට පුලුවන් වුණාලු කවදාවත් නැතුව පැය ගානක් තිස්සේ සුදුපූසිත් එක්ක කතා කර කර ඉන්න. කොටින්ම ඒ පැය ගානටම පූසාට පොඩ්ඩක්වත් දැනුනේ නෑ වෙලාව ගතවෙන හැටි. ඉතිං පුරුපුරු ප්‍රාර්ථනා කළේම පෝළිම දිගටම ඒ විදිහටම තිබේවා කියලලු.

අපේ පූසාගේ හැපිය ඉහවහා ගියේ හදිස්සියෙම වහින්න පටන් ගත්ත හින්දා. මොකද වැහි කාලයක් වෙලත් මේ කට්ටිය ළඟ කුඩ තිබුනේ හිටපු ගානෙන් බාගෙකට හරියන්න. අපේ කට්ටිය කවද්ද ඉතිං කුඩ පාවිච්චි කළේ? කොහොමහරි හිටපු අනිත් කට්ටිය තිබුන විදිහට කුඩ ටික ෂෙයාර් කරගනිද්දි, පුරුපුරුටයි සුදුපූසිටයි සිද්දවුණේ එකම කුඩයක් යටට යන්න. මොකද ඒ හරියේ වැස්සකට යන්න කියලා හරිහමං තැනක් තිබුනෙත් නෑ. අනික වෙන කොහේටහරි ගියොත් පෝළිමේ ඉඩ නැති වෙනවා.

ඉතිං මේ හිරිපොද මල්වැස්ස වහිද්දි පුරුපුරු බොහොම සතුටින් කුඩේ දිග ඇරලා සුදුපූසිට කිව්වලු කුඩේ යටට එන්න කියලා. සුදුපූසිත් ඉතිං ලැජ්ජාවෙන් ඇඹරිලා, වෙන කරන්න දෙයක් නැති හින්දා පුරුපුරු ඉහළපු කුඩේ යටට ආවලු. යාලුවො කට්ටියත් මේ දෙන්නාට පොඩ්ඩක් විහිළු කරන්න අමතක කළේ නෑ. කොහොමහරි තවත් වෙලා ගතවෙද්දි මේ එක්සිබිෂන් එක බලන වැඩේ කට්ටියටම එපා වෙලා තිබුනේ. ඉතිං අන්තිමට හවස් වීගෙනත් ආපු හින්දා යාලුවො සෙට් එක තීරණය කළාලු එක්සිබිෂන් එක බලන්නෙ නැතුව ගෙදර යන්න.

එදා කට්ටිය ආපහු රාගම ඉඳලා ගම්පහට ගියේ කෝච්චියේ. ඒ යනගමනුත් පුරුපුරුයි සුදුපූසියි බොහොම නිදහසේ කතා කර කර තමයි ගියේ. ඒ වගේම ගම්පහ ඉඳන් රෙදිගොඩ බස් එකක ගිහින් සුදුපූසිව ගෙදර ගාවින්ම බස්සවන්නත් පූසා අමතක කළේ නෑ. ඉතිං එදා අපේ පුරුපුරු ගෙදර ගියේ කවදාවත් නැති තරම් සතුටින්. සුදුපූසි වුණත් එදා හිටියේ ගොඩක් සතුටින් බව පූසාට නොතේරුණා නෙවෙයි. ඉතිං එදා දවස අවසාන වුණේ පුරුපුරුවයි සුදුපූසිවයි තවත් එකිනෙකාට ළං කරලා.

රාගම ගිහින් සති දෙකකින් තමයි අපේ යාලුවො කට්ටිය රිවිෂන් ක්ලාස් යන්න පටන් ගත්තේ. පුරුපුරුයි සුදුපූසියි ගියේ කලින් කතා කරගත්ත විදිහට එකම ක්ලාස් වලට. මේ දෙන්නා බයෝ වලට ගියේ වසන්ත සර්ගෙ ක්ලාස් එකට. ඒක තමයි ගම්පහ දැනටත් තියෙන ලොකුම බයෝ ක්ලාස් එක. ෆිසික්ස් වලට ගියේ ඒ වෙද්දි නවක ගුරුවරයෙක් වෙච්ච ජලන්ත නියසූරිය සර්ගෙ ක්ලාස් එකට. කෙමිස්ට්‍රි වලට යන්න ක්ලාස් ක්ලාස් එකක් නැතුව ඉන්නකොට සුදුපූසි තමයි පුරුපුරුට කිව්වේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකට යමු කියලා.

විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේ තිබුනේ පුරුපුරුට කොහෙත්ම හුරුපුරුදු වාතාවරණයක් නෙවෙයි. මොකද මේ වෙද්දි හිස්සැල්ල සර්ගෙ ඇරෙන්න පුරුපුරු ගිය ක්ලාස් හැම එකේම තිබුනේ බොහොම නිදහස් වටපිටාවක්. කොටින්ම සමහර ක්ලාස්වල පූසා කාලය ගතකළේ හූ කිය කියා. ඒත් විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේ තිබුනේ දරුණු නීති රීති. ක්ලාස් එකේ ළමයෙක් පොඩි වැරැද්දක් කළත් දරුණු විදිහට බැනවදින එක තමයි සර්ගෙ පුරුද්ද වුණේ. විශේෂයෙන් ක්ලාස් එක ඇතුලේ කතා බහ සම්පූර්ණයෙන් තහනම්. ඉතිං මේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේදි තමයි අපේ පුරුපුරුට විශේෂ සිද්දියකට ෆේස් කරන්න වුණේ.

මේ වෙද්දි පුරුපුරු ක්ලාස් එකට ඇවිත් ගතවෙලා තිබුනේ දවස් දෙකයි නැත්තං තුනයි. පුරුපුරු වගේම මාලුකට්ටා, ඤාව්වා, උපාසක සහ මී කතුරා ආවෙත් මේ ක්ලාස් එකටමයි. ඉතිං පූසො සෙට් එක සුපුරුදු විදිහටම වාඩිවුණේ ක්ලාස් එකේ අන්තිම පේළියේ. එදා කොහොමහරි විද්දෙ සර් ළමයින්ට හදන්න ගානක් දීලා ක්ලාස් එකෙන් එළියට ගියාලු. හැබැයි ඒ සර් පන්තියේ නැති වුණත් ළමයින්ට කෑ ගහන්න තහනම් කරලා අවවාද කළාට පස්සේ.

පූසො කියන්නේ ඉතිං එක විදිහකට ඉන්න පුලුවන් කට්ටියක් නෙවෙයි නොවැ! ඉතිං සර් පන්තියෙන් එළියට ගිය ගමන්ම කට්ටිය පටන් ගත්තලු ලෝක දේශපාලනය, තෙල් මිල වගේ හරවත් මාතෘකා ගැන කතා කරන්න. ඒකෙන් මේකෙන් වුණේ කට්ටියට සර් දීපු ගාන හදන්නත් බැරිවෙච්ච එක.

ඔය මොහොතෙම තමයි විද්දෙබතා සර් කොහෙද මුල්ලක ඉඳලා එකපාරටම මතුවුණේ. කිව්වාට විස්වාස කරන්න, මෑන්ස් කෙලින්ම පන්තියට ආවේ අන්තිම පේළිය දිහා බලාගෙනමයි. සමහරවිට ඒ අන්තිම පේළිවල ඉන්න ළමයි ගැන ගුරුවරුන්ට එච්චර පැහැදීමක් නැති හින්දා වෙන්න ඇති. කොහොමහරි සර්ව දැක්කා විතරයි, පූසො කට්ටියම තමන් කර කර හිටපු කතා නවත්තලා තමන්ගෙ ඇස් කෙමිස්ට්‍රි පොත් දිහාට යොමු කළාලු.

ඒත් තමන්ගෙ රියැක්ෂන් ටයිම් එක හිතුවාට වඩා දිගයි කියලා පූසන්ට තේරෙන්න වැඩි වෙලා ගතවුණේ නෑ. සර් ක්ලාස් එකේ ඉස්සරහම ඉඳලා තමන්ගෙ වොයිස් එක අවදිකළේ මුලු ක්ලාස් එකම දෙදරන්න.

නැගිටිනවා...ඔය අන්තිම පේළියෙ කොනේ ඉන්න බූරුවො දෙන්නා නැගිටිනවා.....

විද්දෙබතා සර්ගෙ මධුර නාදයෙන් පූසන්ගේ කන් මන්මත් වුණාලු. බැලින්නං සර්ට මීටර් වෙලා තියෙන්නේ පුරුපුරුවයි, මාලුකට්ටාවයි විතරයි.

තොපි වරෙල්ලා පන්තිය ඉස්සරහට පොතුත් අරගෙන...

පුරුපුරුට හීන් නෙවෙයි මහ දාඩිය දාන්න ගත්තේ සර්ගෙ මේ වචන ටික ඇහුවාමයි. මොකද මෑන්ස්ගෙ පොතේ තියෙන්නෙ චිත්‍ර ඇඳපුවයි, කුරුටු ගාපුවයි මිසක් ගණං හදපුවා නෙවෙයි. දැන් ඉතිං ළමයි දාස් ගානක් ඉන්න පන්තිය මැද්දේ ජීවිතේට නොවින්ද මට්ටමේ අපහාසයක් විඳින්නයි පුරුපුරුටයි මාලුකට්ටාටයි වෙන්නේ. වෙන ළමයි දහදාහක් හිටියත් පුරුපුරුට ඉවසන්න පුලුවන්, ඒත් අවාසනාවට සුදුපූසි ඉන්නෙත් මේ ක්ලාස් එකේමයි. මේ කලබලේ අස්සෙත් පූසාට මතක්වුණේ සුදුපූසිව.

අඩුමගානෙ මාලුකට්ටා කියන්නේ දේවගම යුව රජතුමා නේද කියලාවත් මේ මනුස්පයාට හිතන්න තිබුනා නොවැ!

ඉතිං ඊළඟට වෙච්ච දේ සුදුපූසි සීරීස් එකේ අන්තිම කොටසෙන් බලමු නේද යාලුවනේ.

Monday, August 22, 2011

සුදුපූසි 10 - නැවත හමුවීම



සුදුපූසි 1                                       සුදුපූසි 6
සුදුපූසි 2                                       සුදුපූසි 7
සුදුපූසි 3                                       සුදුපූසි 8
සුදුපූසි 4                                       සුදුපූසි 9
සුදුපූසි 5

දැන් මම මේ කියන සිද්ද ටික සිද්ද වෙන්නෙ කලින් කියපු විදූශාගෙ කේස් එකෙන් පස්සෙ. මේ වෙද්දි අපේ පුරුපුරු විදූශා තමන්ට දුන්න සුපිරි ගේම් එක හින්දා ෆුල් අප්සෙට් එකේ හිටියෙ. කොටින්ම මේ වෙනකොට පූසාගේ අධ්‍යාපන කටයුතු පවා සැලකිය යුතු මට්ටමකින් ඩවුන් වෙලයි තිබුනේ. මොකද කොච්චර නොහිතා ඉන්න උත්සාහ කළත්, විදූශා ගැන ජම්ප් වෙන ෆ්ලවර් එකෙන් නිතරම පුරුපුරුගෙ හිත පිරෙමින් තිබුනු කාලයක් ඒක.


ඉතිං ඔය විදිහට තවත් සෙනසුරාදා දවසක් උදාවුණේ විදූශාගේ කේස් එක වෙලා සති කීපයක් ගතවුණාට පස්සේ. සෙනසුරාදා කියන්නෙ කොහොමත් ඒ ලෙවල් ළමයින්ට බිසී දවසක් නොවැ! ඉතිං අපේ පුරුපුරුටත් එදා උදේ කෙමිස්ට්‍රි ක්ලාස් එකකුයි, හවස බයෝ ක්ලාස් එකකුයි තිබුනලු. සාමාන්‍යෙයන් කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වෙලා බයෝ එක පටන් ගන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා. ඉතිං ලන්ච් එක අරගෙන ඉවරවෙලා පොඩි රස්තියාදු පාරක් දාන්නත් පුරුපුරුලා අමතක කරන්නෙ නෑ.


ඔය බයෝ ක්ලාස් එකට පූසන්ගෙන් ගියෙ පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි විතරයි. මොකද ඤාව්වායි, උපාසකයි කළේ මැත්ස්නෙ. එදා කොහොමහරි මී කතුරා ක්ලාස් ආවෙ නෑ. මේ වෙද්දි චාටර්මාලිට හනී රෝඩ් එක දැමීම පුරුද්දක් කරගත්තු මාලුකට්ටා අල්ලන එක කොහොමත් පොසිබල් වැඩක් වුණේ නෑ. ඉතිං එදා අපේ පුරුපුරු කරන්නත් හරිහමං වැඩක් හිතාගන්න බැරුව ඕහේ බයෝ ක්ලාස් එක පැත්තට ඇදුනාලු.


බයෝ ක්ලාස් එකට යද්දි තමයි හම්බවෙන්නෙ සුප්‍රසිද්ද ගම්පහ මගී පාලම. එකෙන් තමයි ස්ටේෂන් එකේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මාරු වෙන්නේ. ගම්පහ කොල්ලො කෙල්ලො ඕකට කිව්වෙ ගාඩර් එක කියලා. ඉතිං කරන්නත් වැඩක් නැති එකේ පූසා කළේ ගාඩර් එක උඩට වෙලා රේල් පාර දිහා බලාගෙන හිටපු එක. ගාඩර් එක උඩින් හැමතිස්සෙම කපල් ගොඩක් එහා මෙහා යනවා. ඒ හැමෝම වගේ ගම්පහ ක්ලාස් එන ටියුෂන් ළමයි. ඉතිං හැමදාම දැකලා පුරුදු මේ දර්ශනේ දිහා පුරුපුරු වැඩිය උනන්දුවෙන් බැලුවෙ නෑ.


ඊටපස්සෙ අපේ පූසා බයෝ ක්ලාස් එකට යන්න හදද්දි තමයි එකපාරටම දැකලා පුරුදු මූණු දෙකක් මෑන්ස්ට මීටර් වුණේ. ටිකක් හොඳට බලද්දි තමයි පුරුපුරුට මීටර් වුණේ එක මූණක අයිතිකාරි රසිකා කියලා. ඒ එක්කම පූසාට මීටර් වුණාලු රසිකා එක්ක හිටපු අනිත් කෙනාගෙ මූණත්. දෙයියනේ! සුදුපූසි...


අවුරුදු හයක් නොදැක හිටියත් පුරුපුරුට සුදුපූසිව අඳුරගන්න තත්පර හයක්වත් ගතවුණේ නෑ. පුරුපුරු කවදාවත් හිතුවෙ නෑ ගම්පහ ගාඩර් එක උඩදී තමන්ට සුදුපූසිව ආපහු මේ විදිහට හම්බවෙයි කියලා. ඒ තියා සුදුපූසිව ජීවිතේටම ආපහු දැකගන්න පුලුවන් වෙයි කියලාවත් පුරුපුරු කවදාවත් හිතුවේ නෑ. ඉතිං මේ බලාපොරොත්තු විරහිත හමුවීමෙන් අපේ පූසා එකතැනම ගල්ගැහුනලු.


සුදුපූසි ඉස්සර වගේම ලස්සනයි. ඉස්සරටත් වඩා සුදුයිද කොහෙද. කැපී පෙනෙන වෙනසකට සිද්දවෙලා තිබුනෙ සුදුපූසිගෙ ලස්සන ඇස් වලට උඩින් ලස්සන ස්පෙක්ස් දෙකක් ඇවිත් තිබුන එක.


දැන් පුරුපුරුට හිතාගන්න බෑ මොනවද කරන්න ඕනෙ කියලා. මෑන්ස්ට ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නත් ඕනෙ. ඒත් හිත හදාගෙන කතා කරන්නත් බෑ. මොකද මේ වෙද්දි පුරුපුරු වෙන ගෑනු ළමයෙක් එක්ක යාලු වෙලා ඒ සම්බන්දෙත් ජෝන් බාස්ට යවාගත්තු අසාර්ථක පූසෙක්. ෂුවර් එකටම සුදුපූසි ඒ ගැන දන්නෙ නැතුව ඇති. ඒත් රෙද්දක් ඇඳගෙන ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නෙ කොහොමද?


මෙහෙම කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු සුදුපූසියි රසිකායි තමන්ව දකින්න කලින් එතනින් ශේප් වෙන්න. ඇත්තටම මෑන්ස්ට පොඩි හරි බයක් තිබුනේ රසිකා තමන්ව අඳුරගනියි කියලා. මොකද අවුරුදු හයකින් තමන්ව නොදැක්ක සුදුපූසිට, තමන්ව අඳුරගන්න පුලුවන් වෙයි කියලා අපේ පූසා කොහොමටවත් හිතුවේ නෑ. කොහොමහරි එතකොට තමයි පුරුපුරුට තේරුණේ තීරණය ක්‍රියාත්මක කරන්න තමන් පරක්කු වැඩියි කියලා. මොකද ඒ වෙනකොටත් සුදුපූසියි රසිකායි මෑන්ස්ගෙ ළඟටම ඇවිල්ලා.


ඊටපස්සේ පුරුපුරුට සිද්දවුණේ මොනවත් හිතාගන්න බැරුව හිටිය තැනම නවතින්නලු. එතකොටත් සෑහෙන්න සම්භාවිතාවක් තිබුනේ ගෑනු ළමයි දෙන්නා පූසාව අඳුරගන්නෙ නැතුව මෑන්ස්ව පාස් කරලා යන වැඩේට. ඒත් හිතපු නැති විදිහට පුරුපුරු ළඟින් යද්දි සුදුපූසි මෑන්ස් හිටපු පැත්ත බැලුවලු. එතකොට තමයි පූසා කවදාවත් හිතපු නැති විදිහට සුදුපූසි එකතැනම නතර වුණේ. බැලින්නං සුදුපූසිත් පුරුපුරුව එකපාරටම අඳුරගෙන.


සුදුපූසි :- පුරුපුරු!!! ඔයා පුරුපුරු නේද? (එහෙම ඇහුවත් මේ වෙද්දි අඳුරගෙන ඉවරයි)


පුරුපුරු :- සුදුපූසි!!! ඔයාව දැකපු කල්!!! කොහොමද ඉතිං? අවුරුදු ගානකට පස්සෙනෙ ඔයාව දැක්කෙ.


සුදුපූසි :- වරදක් නෑ පුරුපුරු. මට ඔයාගෙ ඕ ලෙවල් රිසාල්ට් එහෙමත් ආරංචි වුණා. ඔයාට කොහොමද? කොහෙද ක්ලාස් යන්නෙ?

පුරුපුරු :- මම මේ උපාලිස් සර්ගෙ ක්ලාස් එකට යන ගමන්. ඔයාලා?

සුදුපූසි :- ආනේ...අපිත් මේ ඒ ක්ලාස් එකට තමයි යන්නේ. අද තමයි මුලින්ම ක්ලාස් එකට යන්නේ. ක්ලාස් එක තියෙන තැන හරියට දන්නෙත් නෑ අපි.


පුරුපුරු :- ආ..ඇත්තද? එන්න මම ඔයාලාව එක්කගෙන යන්නං.

මෙහෙම කියපු පූසා සුදුපූසිවයි, රසිකාවයි එක්කගෙන බයෝ ක්ලාස් එකට ගියාලු. ඒ යන අතරමගදි වෙලාව ලැබුන විදිහට ආගිය තොරතුරු, සැප සනීප, අධ්‍යාපනික තොරතුරු වගේ බේසික් ඉන්ෆොමේෂන් ටිකක් හුවමාරු කරගන්නත් කට්ටියට පුලුවන් වුණාලු. හොඳ වෙලාවට මේ වෙද්දි සුදුපූසි, අර පුරුපුරු පොල්ල තිබ්බ වැඩේ සම්පූර්ණයෙන්ම අමතක කරලයි තිබුනේ. ඒ වගේම හොඳ වෙලාවට සුදුපූසි විදූශාගෙ සීන් එක දන්න බවක් පෙනුනෙත් නෑ.

කොහොමහරි එදා ක්ලාස් එකේදි අපේ පූසා හිටියේ සෑහෙන්න අවුල් වෙච්ච හිතකින්. සුදුපූසිව දැක්ක මොහොතේම පුරුපුරුගෙ හිතේ යටපත් වෙලා තිබුන හැඟීම් ඔක්කොම බෝම්බයක් පිපිරුවා වගේ එළියට ආපු බවට මෑන්ස්ට කිසිම සැකයක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දි පරක්කු වැඩියි. පූසා විදූශා එක්ක යාලුවෙලා හිටපු බව දැනගත්තොත් සුදුපූසි කවදාවත් මෑන්ස් එක්ක යාලුවෙන එකක් නෑ. ඇරත් මේ වෙද්දි සුදුපූසිටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද කියලා දන්නෙත් නෑ නොවැ!

අනික මේ ක්ලාස් එකේදි සුදුපූසිට විදූශා ගැන දැනගන්න තියෙන හැකියාව සෑහෙන්න වැඩියි. මොකද විදූශා බයෝ වලට ආවෙත් මේ ක්ලාස් එකට. ඒ හින්දා පුරුපුරු මේ වෙද්දි හිටියෙ ක්ලාස් එක පෙන්නන්න බැරුව. ඉතිං සුදුපූසිට ට්‍රයි කරන වැඩේ ආපහු පටන් එක එච්චර නුවණට හුරු නැති වැඩක් විදිහට තමයි පූසාට පෙනුනෙ. ඒත් ඉතිං ලව් කරන්න ඕනෙ වුණාම කොහේද බ්‍රේක් නේද? ඉතිං එදා හවස ක්ලාස් එක ඉවරවෙලා පුරුපුරු බස්ටෑන්ඩ් එකට ගියෙ සුදුපූසියි රසිකායි එක්ක පොඩි චැට් එකක් දාගෙන.

ගම්පහ ප්‍රධාන බස්ටෑන්ඩ් එකේ පූස්ගම බසුයි, රෙදිගොඩ බසුයි නවත්තන්නේ එක ළඟ. ඉතිං පුරුපුරුට චාන්ස් එක ලැබුනාලු බස් එක ළඟට යනකංම සුදුපූසිත් එක්ක කතා කර කර යන්න. හැබැයි ඉතිං පොඩිකාලෙ වගේ නෙවෙයි, ඒ වෙද්දිනං සුදුපූසි ගොඩක් ලැජ්ජාවෙන් තමයි පුරුපුරු එක්ක කතා කළේ. ඉස්සර කතුර වගේ ක්‍රියාත්මක වෙච්ච සුදුපූසිගෙ කට මේ වෙද්දි හිතාගන්නවත් අමාරු විදිහට කොන්ට්‍රෝල්පිට තිබුනේ.


කොහොමහරි එදා ගෙදර යද්දි අපේ පුරුපුරු තීරණය කරලා ඉවරයි ආපහු සුදුපූසිට ට්‍රයි කරන්න. හැබැයි ඒ සුදුපූසිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තං විතරයි.