අඹ යාලුවෝ

Monday, August 22, 2011

සුදුපූසි 10 - නැවත හමුවීම



සුදුපූසි 1                                       සුදුපූසි 6
සුදුපූසි 2                                       සුදුපූසි 7
සුදුපූසි 3                                       සුදුපූසි 8
සුදුපූසි 4                                       සුදුපූසි 9
සුදුපූසි 5

දැන් මම මේ කියන සිද්ද ටික සිද්ද වෙන්නෙ කලින් කියපු විදූශාගෙ කේස් එකෙන් පස්සෙ. මේ වෙද්දි අපේ පුරුපුරු විදූශා තමන්ට දුන්න සුපිරි ගේම් එක හින්දා ෆුල් අප්සෙට් එකේ හිටියෙ. කොටින්ම මේ වෙනකොට පූසාගේ අධ්‍යාපන කටයුතු පවා සැලකිය යුතු මට්ටමකින් ඩවුන් වෙලයි තිබුනේ. මොකද කොච්චර නොහිතා ඉන්න උත්සාහ කළත්, විදූශා ගැන ජම්ප් වෙන ෆ්ලවර් එකෙන් නිතරම පුරුපුරුගෙ හිත පිරෙමින් තිබුනු කාලයක් ඒක.


ඉතිං ඔය විදිහට තවත් සෙනසුරාදා දවසක් උදාවුණේ විදූශාගේ කේස් එක වෙලා සති කීපයක් ගතවුණාට පස්සේ. සෙනසුරාදා කියන්නෙ කොහොමත් ඒ ලෙවල් ළමයින්ට බිසී දවසක් නොවැ! ඉතිං අපේ පුරුපුරුටත් එදා උදේ කෙමිස්ට්‍රි ක්ලාස් එකකුයි, හවස බයෝ ක්ලාස් එකකුයි තිබුනලු. සාමාන්‍යෙයන් කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වෙලා බයෝ එක පටන් ගන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා. ඉතිං ලන්ච් එක අරගෙන ඉවරවෙලා පොඩි රස්තියාදු පාරක් දාන්නත් පුරුපුරුලා අමතක කරන්නෙ නෑ.


ඔය බයෝ ක්ලාස් එකට පූසන්ගෙන් ගියෙ පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි විතරයි. මොකද ඤාව්වායි, උපාසකයි කළේ මැත්ස්නෙ. එදා කොහොමහරි මී කතුරා ක්ලාස් ආවෙ නෑ. මේ වෙද්දි චාටර්මාලිට හනී රෝඩ් එක දැමීම පුරුද්දක් කරගත්තු මාලුකට්ටා අල්ලන එක කොහොමත් පොසිබල් වැඩක් වුණේ නෑ. ඉතිං එදා අපේ පුරුපුරු කරන්නත් හරිහමං වැඩක් හිතාගන්න බැරුව ඕහේ බයෝ ක්ලාස් එක පැත්තට ඇදුනාලු.


බයෝ ක්ලාස් එකට යද්දි තමයි හම්බවෙන්නෙ සුප්‍රසිද්ද ගම්පහ මගී පාලම. එකෙන් තමයි ස්ටේෂන් එකේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මාරු වෙන්නේ. ගම්පහ කොල්ලො කෙල්ලො ඕකට කිව්වෙ ගාඩර් එක කියලා. ඉතිං කරන්නත් වැඩක් නැති එකේ පූසා කළේ ගාඩර් එක උඩට වෙලා රේල් පාර දිහා බලාගෙන හිටපු එක. ගාඩර් එක උඩින් හැමතිස්සෙම කපල් ගොඩක් එහා මෙහා යනවා. ඒ හැමෝම වගේ ගම්පහ ක්ලාස් එන ටියුෂන් ළමයි. ඉතිං හැමදාම දැකලා පුරුදු මේ දර්ශනේ දිහා පුරුපුරු වැඩිය උනන්දුවෙන් බැලුවෙ නෑ.


ඊටපස්සෙ අපේ පූසා බයෝ ක්ලාස් එකට යන්න හදද්දි තමයි එකපාරටම දැකලා පුරුදු මූණු දෙකක් මෑන්ස්ට මීටර් වුණේ. ටිකක් හොඳට බලද්දි තමයි පුරුපුරුට මීටර් වුණේ එක මූණක අයිතිකාරි රසිකා කියලා. ඒ එක්කම පූසාට මීටර් වුණාලු රසිකා එක්ක හිටපු අනිත් කෙනාගෙ මූණත්. දෙයියනේ! සුදුපූසි...


අවුරුදු හයක් නොදැක හිටියත් පුරුපුරුට සුදුපූසිව අඳුරගන්න තත්පර හයක්වත් ගතවුණේ නෑ. පුරුපුරු කවදාවත් හිතුවෙ නෑ ගම්පහ ගාඩර් එක උඩදී තමන්ට සුදුපූසිව ආපහු මේ විදිහට හම්බවෙයි කියලා. ඒ තියා සුදුපූසිව ජීවිතේටම ආපහු දැකගන්න පුලුවන් වෙයි කියලාවත් පුරුපුරු කවදාවත් හිතුවේ නෑ. ඉතිං මේ බලාපොරොත්තු විරහිත හමුවීමෙන් අපේ පූසා එකතැනම ගල්ගැහුනලු.


සුදුපූසි ඉස්සර වගේම ලස්සනයි. ඉස්සරටත් වඩා සුදුයිද කොහෙද. කැපී පෙනෙන වෙනසකට සිද්දවෙලා තිබුනෙ සුදුපූසිගෙ ලස්සන ඇස් වලට උඩින් ලස්සන ස්පෙක්ස් දෙකක් ඇවිත් තිබුන එක.


දැන් පුරුපුරුට හිතාගන්න බෑ මොනවද කරන්න ඕනෙ කියලා. මෑන්ස්ට ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නත් ඕනෙ. ඒත් හිත හදාගෙන කතා කරන්නත් බෑ. මොකද මේ වෙද්දි පුරුපුරු වෙන ගෑනු ළමයෙක් එක්ක යාලු වෙලා ඒ සම්බන්දෙත් ජෝන් බාස්ට යවාගත්තු අසාර්ථක පූසෙක්. ෂුවර් එකටම සුදුපූසි ඒ ගැන දන්නෙ නැතුව ඇති. ඒත් රෙද්දක් ඇඳගෙන ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නෙ කොහොමද?


මෙහෙම කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු සුදුපූසියි රසිකායි තමන්ව දකින්න කලින් එතනින් ශේප් වෙන්න. ඇත්තටම මෑන්ස්ට පොඩි හරි බයක් තිබුනේ රසිකා තමන්ව අඳුරගනියි කියලා. මොකද අවුරුදු හයකින් තමන්ව නොදැක්ක සුදුපූසිට, තමන්ව අඳුරගන්න පුලුවන් වෙයි කියලා අපේ පූසා කොහොමටවත් හිතුවේ නෑ. කොහොමහරි එතකොට තමයි පුරුපුරුට තේරුණේ තීරණය ක්‍රියාත්මක කරන්න තමන් පරක්කු වැඩියි කියලා. මොකද ඒ වෙනකොටත් සුදුපූසියි රසිකායි මෑන්ස්ගෙ ළඟටම ඇවිල්ලා.


ඊටපස්සේ පුරුපුරුට සිද්දවුණේ මොනවත් හිතාගන්න බැරුව හිටිය තැනම නවතින්නලු. එතකොටත් සෑහෙන්න සම්භාවිතාවක් තිබුනේ ගෑනු ළමයි දෙන්නා පූසාව අඳුරගන්නෙ නැතුව මෑන්ස්ව පාස් කරලා යන වැඩේට. ඒත් හිතපු නැති විදිහට පුරුපුරු ළඟින් යද්දි සුදුපූසි මෑන්ස් හිටපු පැත්ත බැලුවලු. එතකොට තමයි පූසා කවදාවත් හිතපු නැති විදිහට සුදුපූසි එකතැනම නතර වුණේ. බැලින්නං සුදුපූසිත් පුරුපුරුව එකපාරටම අඳුරගෙන.


සුදුපූසි :- පුරුපුරු!!! ඔයා පුරුපුරු නේද? (එහෙම ඇහුවත් මේ වෙද්දි අඳුරගෙන ඉවරයි)


පුරුපුරු :- සුදුපූසි!!! ඔයාව දැකපු කල්!!! කොහොමද ඉතිං? අවුරුදු ගානකට පස්සෙනෙ ඔයාව දැක්කෙ.


සුදුපූසි :- වරදක් නෑ පුරුපුරු. මට ඔයාගෙ ඕ ලෙවල් රිසාල්ට් එහෙමත් ආරංචි වුණා. ඔයාට කොහොමද? කොහෙද ක්ලාස් යන්නෙ?

පුරුපුරු :- මම මේ උපාලිස් සර්ගෙ ක්ලාස් එකට යන ගමන්. ඔයාලා?

සුදුපූසි :- ආනේ...අපිත් මේ ඒ ක්ලාස් එකට තමයි යන්නේ. අද තමයි මුලින්ම ක්ලාස් එකට යන්නේ. ක්ලාස් එක තියෙන තැන හරියට දන්නෙත් නෑ අපි.


පුරුපුරු :- ආ..ඇත්තද? එන්න මම ඔයාලාව එක්කගෙන යන්නං.

මෙහෙම කියපු පූසා සුදුපූසිවයි, රසිකාවයි එක්කගෙන බයෝ ක්ලාස් එකට ගියාලු. ඒ යන අතරමගදි වෙලාව ලැබුන විදිහට ආගිය තොරතුරු, සැප සනීප, අධ්‍යාපනික තොරතුරු වගේ බේසික් ඉන්ෆොමේෂන් ටිකක් හුවමාරු කරගන්නත් කට්ටියට පුලුවන් වුණාලු. හොඳ වෙලාවට මේ වෙද්දි සුදුපූසි, අර පුරුපුරු පොල්ල තිබ්බ වැඩේ සම්පූර්ණයෙන්ම අමතක කරලයි තිබුනේ. ඒ වගේම හොඳ වෙලාවට සුදුපූසි විදූශාගෙ සීන් එක දන්න බවක් පෙනුනෙත් නෑ.

කොහොමහරි එදා ක්ලාස් එකේදි අපේ පූසා හිටියේ සෑහෙන්න අවුල් වෙච්ච හිතකින්. සුදුපූසිව දැක්ක මොහොතේම පුරුපුරුගෙ හිතේ යටපත් වෙලා තිබුන හැඟීම් ඔක්කොම බෝම්බයක් පිපිරුවා වගේ එළියට ආපු බවට මෑන්ස්ට කිසිම සැකයක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දි පරක්කු වැඩියි. පූසා විදූශා එක්ක යාලුවෙලා හිටපු බව දැනගත්තොත් සුදුපූසි කවදාවත් මෑන්ස් එක්ක යාලුවෙන එකක් නෑ. ඇරත් මේ වෙද්දි සුදුපූසිටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද කියලා දන්නෙත් නෑ නොවැ!

අනික මේ ක්ලාස් එකේදි සුදුපූසිට විදූශා ගැන දැනගන්න තියෙන හැකියාව සෑහෙන්න වැඩියි. මොකද විදූශා බයෝ වලට ආවෙත් මේ ක්ලාස් එකට. ඒ හින්දා පුරුපුරු මේ වෙද්දි හිටියෙ ක්ලාස් එක පෙන්නන්න බැරුව. ඉතිං සුදුපූසිට ට්‍රයි කරන වැඩේ ආපහු පටන් එක එච්චර නුවණට හුරු නැති වැඩක් විදිහට තමයි පූසාට පෙනුනෙ. ඒත් ඉතිං ලව් කරන්න ඕනෙ වුණාම කොහේද බ්‍රේක් නේද? ඉතිං එදා හවස ක්ලාස් එක ඉවරවෙලා පුරුපුරු බස්ටෑන්ඩ් එකට ගියෙ සුදුපූසියි රසිකායි එක්ක පොඩි චැට් එකක් දාගෙන.

ගම්පහ ප්‍රධාන බස්ටෑන්ඩ් එකේ පූස්ගම බසුයි, රෙදිගොඩ බසුයි නවත්තන්නේ එක ළඟ. ඉතිං පුරුපුරුට චාන්ස් එක ලැබුනාලු බස් එක ළඟට යනකංම සුදුපූසිත් එක්ක කතා කර කර යන්න. හැබැයි ඉතිං පොඩිකාලෙ වගේ නෙවෙයි, ඒ වෙද්දිනං සුදුපූසි ගොඩක් ලැජ්ජාවෙන් තමයි පුරුපුරු එක්ක කතා කළේ. ඉස්සර කතුර වගේ ක්‍රියාත්මක වෙච්ච සුදුපූසිගෙ කට මේ වෙද්දි හිතාගන්නවත් අමාරු විදිහට කොන්ට්‍රෝල්පිට තිබුනේ.


කොහොමහරි එදා ගෙදර යද්දි අපේ පුරුපුරු තීරණය කරලා ඉවරයි ආපහු සුදුපූසිට ට්‍රයි කරන්න. හැබැයි ඒ සුදුපූසිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තං විතරයි.

35 comments:

  1. "ආනේ...අපිත් මේ ඒ ක්ලාස් එකට තමයි යන්නේ" - දෙන දෙයියො හොම්බට ඇන ඇන දෙනව කියන්නේ ඕක තමයි!

    ReplyDelete
  2. මං එපිසෝඩ් දෙක තුනක් ( නෙමේ හතර පහක්ම) මග ඇරලා අන්තිම එක කියල හිතල මේක කියෙව්වේ. බැලුවම අන්තිම එපිසෝඩ් එක නෙවේනේ :D

    ReplyDelete
  3. අඩේ මේකට හින්දි ෆිල්ම්සුත් පරාදයිනේ බං.. ඇත්ත කියහං, උඹ ටිකක් අතිනුත් දාලානේද ලියන්නෙ.. ;)

    ReplyDelete
  4. ඉස්සර මාත් කෝච්චියෙන් ගම්පහ ඇවිත් ඔය ගාඩර් එකෙන් තමයි මාරු වෙන්නේ.කිව්වත් වගේ මාරම කෙල්ලෝ ගොඩක් ඉන්නේ.

    ඊලඟ කොටසත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
  5. ඔය දීල තියෙන්නෙ දෙන දෙයියො පේමන්ට් (ගාඩර්) එකටම.

    ReplyDelete
  6. හරි, දැන් වැඩේ පැහැදිලියි..පුරු පුරු ගොඩගියේ සුදුපුසී සමග තමයි, ආයි දෙකක් නැහැ....

    ඉතිරි ටිකත් දාන්ඩෝ...

    ReplyDelete
  7. මුහුදු
    මධුරංග
    ප්‍රසන්න - බොහොම ස්තුතියි යාලුවනේ හැමෝටම

    නිරෝෂන් - හික්ස්...බලමුකෝ

    බුරා - අපෝ...කිසිම දෙයක් අතින් දාලා නෑ. මේකෙ තියෙන්නෙ අමූලික ඇත්ත සහෝ

    ෂේන්යා - ඉතිං ඔයාට එතකොට කතාව තේරෙනවයැ

    ReplyDelete
  8. ඉතිං ඉතිං ඊට පස්සේ...?

    ReplyDelete
  9. එලකිරි....මාත් උබට සපොට්......ජය වේවා....

    අපේ මාමව මලේයගේ තාත්තා දන්නවලු ද........

    ReplyDelete
  10. ඒකවත් හරි ගියොත්. අලේ... අපේ පූෂා ගොඩ යන්ඩ කියලා මම ප්‍රාර්තනා කරනවා....

    ReplyDelete
  11. "ගම්පහ ප්‍රධාන බස්ටෑන්ඩ් එකේ පූස්ගම බසුයි, රෙදිගොඩ බසුයි නවත්තන්නේ එක ළඟ."

    202 සහ 207 මම හිතන්නේ. එක ලඟ කිව්වට එක ලඟ කිව්වාට එක ලඟමත් නෙවේ. හැබැයි මේ බස් නවත්තනේ වේදිකාවට(platform) පිටින්.

    ReplyDelete
  12. ගෝල්ඩ් ෆිෂ්
    පිණිබිඳු - තෑන්ක්ස් වේවා යාලුවනේ.

    රාජ් - තවම බැරිවුණා අයියේ. මේ දවස් ටිකේ ගෙදර නෙවෙයි ඉන්නේ

    ඇනෝ - :)

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මේකනම් මෙගාවෙත් මෙගා එකක් නේ....:)) කමක් නෑ. ඔහොම යං ඔහොම යං....

    ReplyDelete
  15. පුරු පුරු අයියාගෙ පරම පවිත්‍ර පූජනීය ආදරය සුදු පූසි අක්කා ආයෙ දෙකක් නෑ දැන් ඉතින් දෙන්නා ගොඩ ගිහින් ඇති.

    ReplyDelete
  16. අම්මෝ මේක අද හෙට ඉවර වෙන එකක් නෙවෙයි වගේ.කමක් නෑ කොහොම උනත් සුන්දර අවසානයක් ඇති කියලා හිතනවා

    ReplyDelete
  17. මම හිතුවේ ඉස්සෙල්ල දාපු episode එකෙන් සුදුපුසි series එක ඉවරයි කියලනේ. මේක දැන් මෙගා වෙන්න යන්නේ. පුසෝ දැන් මෙගා කොටස් 250 ඉවර කරන්න ඕනා. මහා රජාගේ අන ඔන්න.

    ReplyDelete
  18. අනේ මේකවත් හරිගිහිල්ල මේ මෙගාව අහවරයක් වෙනවනං..... :D :D

    ReplyDelete
  19. ඉතින් සෙට් උනාද?

    ReplyDelete
  20. බලපල්ලකො පූසගෙ හැටි..එකක් ඉවර වෙච්ච ගමන් තවත් එකක් :පී
    ගම්පහ දිස්ත්‍රික්කෙ කෙල්ලන්ට ගහන්න තාම කිසිම දිස්ත්‍රික්කයක් සමත් වී නොමැති නිසා හොදයි :)

    ReplyDelete
  21. සාටර් - සිරා ගම්පාහ කෙල්ලෝ ලස්සනයි බං ඇත්තටම (ඔය කියන ගම්5 කෙල්ලෙක් දාගෙන හිටිය නිසා මාත් ඒක හොදටම දන්නවා)

    පූසෝ..... ඉක්මණට කියපං ඉතිරි ටිකත්! මොකද පරක්කු කරන්නේ!

    ReplyDelete
  22. පුරු පුරුටත් හරි ගියා එහෙනම්...කෝ අපිට පාටියක්

    ReplyDelete
  23. මම හිතන්නෙ මේකෙ අවසානෙ මම දන්නව. හික්! බලමුකො, ප්‍රේක්ෂක රසවින්දනයට බාදාවක් නොකර අවසාන කොටසෙදි ඒක දැනගත්තු විදිහ කියන්නන් ;).

    ReplyDelete
  24. ඔන්න ඊළඟ සතියේ පුරුව දකිනවලු සුදුපුසි එයාගේ පුස් කොල්ල එක්ක ක්ලාස් එනවා. :)

    ReplyDelete
  25. අම්මියෝ මෙහෙම drama ගොඩක් imported මෙගා teledrama එකකවත් නැද්ද මන්ද!

    ReplyDelete
  26. මේක නම් සුපර් මෙගා එකක්,,ඒත් ලස්සනයි උබලගේ මෙගා හැමදාම කම්මැලි නෑ

    ReplyDelete
  27. මේක මෙගාවක්ම වෙලා, දෙන්නගෙ පොඩි එකාට නම දාන තැනටම යයිද??
    එහෙම තමා යන්න ඕනෙත්!

    ReplyDelete
  28. මෙගාවක් වුණාට බං මේක හිතට වදින ලස්සන කතාව .. අපිත් ඉතින් බලාගෙන හිටියේ සුදුපූසිව පුරූට හම්බෙනකම් නේ .. දැන් බලමු ඉතිරි ටික .. හැපී එන්ඩිං එකක් නැතිවෙයි කියලා හිතෙනවා මේ කතාවට

    ReplyDelete
  29. ඉතුරු කෑල්ලත් ඉක්මනට දාන්න. එල කිරි කතාව. keep writing

    ReplyDelete
  30. සිරා මචං! මේ පැත්තේ එන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා.මොනවා වුණත් හරි ලස්සන කතාව.

    ඔන්න බලපං අන්තිමේ පරණ සීන් ආරංචි වුණ ගමන් පුසිත් උඹට සපත්තුව තියාවි.නැත්නම් මේ වෙනකොට එයාට වෙන බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නත් බැරි නෑ.

    කතාව නං මාර ලස්සනයි.හරි සෝක් එකට ලියනවා.ජය!!

    සාහිත්‍ය බ්ලොග් තරගාවලියේ හොදම වින්දනාත්මක බ්ලොග් අඩවිය සම්මානය අපේ ගඩොල්ටම හිමි වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  31. සුදුයි...... ඒක හරි
    කණ්ණාඩි දානවා.... ඒකත් හරි
    හුරුබූටියි..... ඒක හරිම හරි දැක්කම එහෙමමනේ......:D


    මම ගිය පාර හරි හරි වගේ වගේ............

    ReplyDelete
  32. හාවි - අම්මියෝ! මේ හාවිනං ෂර්ලොක් හෝම්ස්ගෙ පරම්පරාවෙද කොහෙද?

    කතන්දර මාමා - හික් හික්!! බලමුකො සහෝ මොකද වෙන්නෙ කියලා

    ReplyDelete
  33. ඇනෝ
    සඳරු
    තාරක
    ඩිලාන්
    නුවි
    ඇනෝ 2
    මුහුදු
    රෙෂාන්
    මාධව
    සාටර්
    හසී
    නවම්
    ඇනෝ 3
    තොන්සා
    හාමිනේ
    නිසූපා

    ගොඩක් ස්තුතියි යාලුවනේ ඔයාලාගේ දිරිගන්වන අදහස් වලට

    ReplyDelete
  34. යකෝ කොල්ලෙක් ඉඩියත් ට්‍රයි කොරත් මොකද...ඔය දෙන දෙයියෝ ක්ලාස් එකටම ගෙනත් දීලා තියෙන්නේ කාපන් පුරු පුරු පුතේ කියලා...බලමු ඊලග එකටත් ගිහිල්ලා

    ReplyDelete
  35. දා ගත්තොත් ගොඩ තමා..

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???